Saturday 6 August 2022

සම්බෝල ඇන්ඩ් රෝස් පාන්


මට තෙල් තියනව ටිකක් ගණන් 
මෙහෙ කියන්නේ පෙට්රෝල් කියාල 
වැඩි පෝලිමක් නැහැ 
ඔය රුසියාවට පක්ෂ අය කියන තරම්ම 
ලන්ඩන් වල තවම අවුලක් නැහැ 

ගෑස් ගණන්, තෙලුත් ගණන් 
ඩබල් වෙලා ගෙවන ගණන් 
ඒත් අපට ජිවත් වෙන්න තරමට 
පඩියක්  තවම ගෙවනවා බන් 

ඕන කෑමක් කන්න පුළුවන් 
කේඑෆ්සි මැක් ඩොනල්ඩ් 
ජරාව නෙමේ, පෙරි පෙරී  චිකන් 
ඉතාලි ලසන්‍යා, කර්බෝනරා 
ඩබල් පෙපරෝනි ඩබල් චීස් පිස්සා 
ජපන් ටෙම්පුරා කොරියන් රාමෙන් 

ඒ උනාට ඉඳල හිටලා ලැබෙන 
රෝස් පාන් ගෙඩියයි 
සම්බෝලෙයි තරම් රස නැහැ 
මොනවත් බං වෙලාවකට 
ඒක මේ වගේ රටක 
සුපිරි කෑමක් වෙලා 

රුසියාවත් නරක නැහැ උන්ටත් 
තෙල් තියනව ගෑස් තියනව 
කන්න තියනව ඕන  දෙයක්
පෝලිම් තියෙන්නේ සුවඳ විළවුන්,
පිට රට කෑම වලට විතරයි මචං 
උන්ට උන්ගේ කෑම පුරුදුයි 
ආක්‍රමණිකය හැමදාම ශේප් 

ඔය පේන්නේ නැත්ද 
ඇමෙරිකාව, උන්ට හිතුනම 
මිසයිල එකක් යවල වෙන රටක 
එකෙකුට ගේම දෙනවා. 
උන්ගේ කෑම වල මිල බහිනවා 
ජනාගේ රේටින් උඩ යනවා 

කෙලවෙලා තියෙන්නේ 
යුක්රේනට 
එහම නැත්නම් ලංකාවට 
මැදනේ ඉන්නේ බං 

රෝස්පානුයි 
සම්බෝලයි 
කාල ඉන්න හරි 
උඹලට රටක් තියෙනවනේ බං 
අපට නැති වුනාට 
ඒත් අපට තියනව පිටරට බං 
අර නුඹලා වෙලාවකට කැමති 
අනිත් වෙලාවට අකමැති 


චීනගේ  නැවටත් එන්න කියල්ලා 
ඉන්දියන් නැවටත් එන්න කියල්ලා 
රුසියන් තෙල් අර ගන්න කියල්ලා 
බයිඩන් අන්කල් බදා ගනිල්ලා 

- අජිත් ධර්මකීර්ති 





  

37 comments:

  1. අපිට කෙලවෙලා තියෙන්නේ ධනවාදය සම්ජවාදය මාක්ස්වාදය ඒකට කරන්න ගිහින්.

    දැන් ඉතින් IMF කියනදේ අහල සියලු සහනාදාර කපලා කව්රුත් වගේ සම්පුර්ණ ධනවාදය කරනම් හරි.

    දුප්පතුන්ට කෙල උනාවේ, රුවන් ජයතුංග කියන්න වගේ දුප්පතුන්ට නිදහස් අද්‍යාපනය, මහපොළ දීලා තමයි හීනමාන JVP/FSP කාරයෝ හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය තුන එකට යන්නේ නැහැ තමයි. සම්පුර්නයෙන්ම රාජ්‍ය ධනවාදය පිහිටෙව්වොත් රටක් ගොඩ ගන්න පුළුවන්. බැරිකමක් නැහැ. හැමෝම දුප්පත් ඒත් සතුටින් ඉඳීවි. ඒත් ලංකාවේ මිනිස්සු කවදාවත් ඒකට කැමති වෙන්නේ නැහැ. බලෙන් තමා කරන්න වෙන්නේ. චීන ක්‍රමය ගැලපෙයි. ධනවාදය තනි පක්ෂයක් එක්ක.

      Delete
  2. බදා ගැනිල්ලට අපි හරි දස්සයි
    බෙදා ගන්න නං අපට අමාරුයි
    පරිප්පු පුරුදුයි, දිගටම කනවයි
    රෝස් පාන් දැන්- පෝසත් අයටයි!

    ReplyDelete
    Replies
    1. බදා ගැනිල්ල නම් බයානකයි
      සුප්පා දේවිගේ මයිල් ටික ගැලවෙයි
      පරිප්පු කාගෙන කාගෙන ගියෝතින්
      හෙටානිද්දම ළමය හම්බවෙයි

      Delete
    2. මැන්චෝසන් රාළහාමි විහිළුවක් කළේ ඕං 😄

      Delete
    3. මෙහෙ මේ දවස්වල තියෙන- කෙරෙන විහිලු එක්ක බලද්දී නං හිතෙනවා අජිත්, අපිට උන්නැහේලට කිට්ටු කරන්නවත් බෑ නේද කියලා....

      Delete
  3. සෝස්පාන්, සම්බල තරම් රස නැහැ මොනවත්....... ඔය කිව්වට දිගටම ටේස්ට් එක දැනෙයියැ. කාලෙකින් ආපහු පීශා ඕනි වෙනව

    ReplyDelete
    Replies
    1. නෑ මේ ඉඳල හිටලා කන ඒවනේ. කන ගමන් මතක් වෙච්ච ඒවා තමයි ලීවේ. එක්ස් බයියන් ව පොඩ්ඩක් අවුස්සන්න

      Delete
  4. "රෝස්පානුයි සම්බෝලයි කාල ඉන්න හරි උඹලට රටක් තියෙනවනේ බං" රටක් තිබුනොත් කන්න ඕනෙත් නෑ කියලා සමහරු හිතුවෙ හැබැයි.

    වෙනත් Asian බේකරීස් වලත් ඔය රෝස් පාන් එකට සමාන එකක් මම දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //රටක් තිබුනොත් කන්න ඕනෙත් නෑ කියලා සමහරු හිතුවෙ හැබැයි.// ඒක ඇත්ත, ඒක තමා ලිවේ. 😁 ස්පාඤඤයේ තියෙනව. ලීවා හරිද මන්ද. එහේ කිමුල බනිස් නුත් තියෙනවා. අපට පෘතුගීසින් ගෙන් ආපු කෑමක් කියල මට හිතෙන්නේ

      Delete
    2. ලෝටස් , මට හිතෙනෙන් මම පොඩ්ඩක් එතන වැරැද්දුව කියල. ඔයාටත් මෙහෙම හිතෙන්න. "අපට නැති වුනාට " කියන එක උපහාසයට ලීවේ. අපට තියනවනේ ඉන්න රට සහ උපන් රට .නමුත් ෆේස්බුක් එකෙත් සමහර අය හාට් රිඇක්ෂන් දාන නිසා අදහස විකෙඋතිවිකුති වෙලා දෝ කියල හිතෙනවා .

      Delete
    3. මේ කෑල්ල දැම්ම අලුතින්.- ඒත් අපට තියනව පිටරට බං
      අර නුඹලා වෙලාවකට කැමති
      අනිත් වෙලාවට අකමැති

      Delete
  5. ඉඳල හිටලවත්..... මෙහෙම දෙසපාලනෙන් තොර ඒවා ලියන්ට.
    fun postඑකක් ගියාම මං හිතුව..... තා දෙක තුනක් එයි කියලා

    ReplyDelete
    Replies
    1. මේක දේශපාලනෙන් තොර වුනේ කොහොමඩ් අකියල කල්පනා කරන මම 😁

      Delete
    2. මේක දේශපාලනෙන් තොර වුනේ කොහොමද කියල කල්පනා කරන මම😁

      Delete
    3. ඔය කියන්නෙ රෝස්පානුයි සම්බෝලයි ගැන වෙන්ටෑ? උන්දෑ නොදන්නවාට ඒකත් දේශපාලනයම තමයි.

      Delete
    4. ඔව්. තියෙන හැම ප්‍රශ්නෙම දෙසපාලනික වෙච්චිකොට... ලියූ කයිය විතරක් දේසපාලනික නොවී කොහොමෑ

      Delete
    5. බස්සා රෝස්පාන් සම්බෝල දේශපාලනය නැමිය දැනගෙන ඉඳල නැහැ. දැන් ඔන්න අපේ පරණ ජෙපි යාළුවෙක් කියනවා ඒ කාලේ දුක් වින්ද හැටි . මර්දනය. හොරෙන් හැංගිලා ජිවත් වෙන්නේ. තැනින් තැන යනවා අහිකුන්ඨක වගේ. එක දවසක් කෙනෙක් රෝස් පාන් ගෙනල්ල දුන්නලු. සම්බෝලයක් තලාගෙන කෑව කීව තුන් හතර දෙනෙක්. අපේ එවුන් ඔක්කොම මුණින් මූණ බලනවා. මට හිතා ගත්ත හැකි. උන් හිතන්නේ "සුපිරි ආහාරයක් නේ යකෝ මූ කාල තියෙන්නේ. " 😄

      Delete
  6. රෝස්පානුයි
    සම්බෝලයි
    YUmmm

    ReplyDelete
    Replies
    1. මේකට රිප්ලයි එක තමා යට විල තියෙන්නේ. ඊට පස්සේ බස්සා පාත් වෙලා කොහෙන්ද මන්ද.

      Delete
  7. වයි යූ ඈම් or වයි යූ ම් ම් ම්, කොහෙන්ද අපි මේ රසට ගැති වුනේ

    ReplyDelete
    Replies
    1. පාන් ගෙනාවෙ නං පෘතුගීසීන් නේද? කළුදොදොල් වගේ, අපේ කියල හිතන් ඉන්න කෑමත් පෘතුගීසී හරහා ආවා වෙන්න ඇහැකි. ගෝවෙන් ආපු ඉන්දියන් කඩකාරයො ගාව, කළුදොදොල්ම වෙනත් නමකින් තියනවා.

      පොල් සම්බෝල නං අපේ නිපැයුමක් වෙන්න ඇති.

      Delete
    2. රෝස් පාන් ස්පාඤඤ යේ තියෙනවා කියන්නේ පෘතුගීසින් ගෙන් තමා අපට එන්න ඇත්තේ. (මම පෘතුගාලයට ගිහින් නැහැ) පොල් සම්බෝල කේරල අප්පා. අපි මිරිස් භාවිතා කරන්න පටන් ගත්තේ සුද්දෝ ආවටත් පස්සේ.

      Delete
    3. පාන් කියන වචනේ අරුත “රාත්තල“
      ඔය රටේ දර පෝරනු පාං තියෙනවද?
      මෙහෙනම් දැන් රෝස් පාං හදන්නෙත් විදුලි පෝරනුවෙන්. එව්වා පදු.

      Delete
    4. මොන භාෂාවෙන්ද ? ස්පැනිෂ් භාෂාවෙන් පාන් කියන්නේ පාන් වලටම තමයි. රාත්තල් නෙමේ. මම දන්නේ නැහැ කොහොමද හදන්නේ කියලනම්. මෙහේ අර බාබෙකිව් දාන ගල් අඟුරු දාල හදනව ඇති බේකරි වල. දෙමළ අයනේ කරන්නේ.

      Delete
    5. https://en.wiktionary.org/wiki/panis

      Delete
    6. ඔය තියෙන්නේ පාන් ලිස්ට් එක

      Delete
  8. අන්තිමට පානුයි සම්බෝලයිත් ලංකාවෙ කෑමක් නෙමේ නෙහ් බලාගෙන ගියාම.....

    අනිත් භූදේශපාලනය නම් ඉතින් මැද ඉන්න එකා තැලෙනවා නෙහ් කොහොමත්. කරන්න දේකුත් නෑ.

    වෙන දෙයක් බලාගෙන , කන්න නැතත්; ඉන්න රටක් තියෙන නිසා කොහොමහරි පණකෙන්ද රැක ගන්න එකයි තියෙන්නෙ ලංකාවෙ ඈයොන්ට නම්😂

    ReplyDelete
    Replies
    1. නැහැ. ස්පාඤ්ඤ , පෘතුගීසි සහ කේරළ. අර ඉස්සර වංශේ කබල් ගාන මිනිස්සු කියනවලුනෙ කන්න නැතත් වලව්ව හරි තියෙනවනේ ඉන්න කියල. රට කියන සංකල්පය මොන වගේ විධිහට අර්ථකථනය කරන්න ඕනෙද දැන්? ලෝකය කියන්නෙත් හරි පොඩි තැනක් කොට.

      Delete
    2. ඒකත් ඇත්ත තමයි🤔

      දැන් හැමෝම පොඩි ගමක නෙහ් ඉන්නෙ,

      විශ්ව ගම්මානය:D

      ඒක ගොඩක් තාක්ෂණය සම්බන්ධ දේවල් වලින් විතරයි නෙහ්. හැබැයි විශ්ව ගම්මානෙට ඇතුලෙ නොවිච්ච දේවල් ඕනි තරම් තියෙනවනෙ.

      රට කියන එක තවම අර සම්ප්‍රදායික නිර්වචනෙටම තියෙනවා නෙහ් සාර්ව ආර්ථික කටයුතු වලදි, තව ආරක්ෂාව, ආගමනවිගමන වලදි.

      යම් කිසි භූගෝලීමය දේශසීමාවක්. අනිත් රට වලින් වෙන් කර හදුනාගන්න පුලුවන් නම් ඒකට රටක් කියන්න පුලුවන් නෙහ්.

      Delete
    3. ආර්ථික කටයුතු වලදි- නැහැනේ. බොහෝ දුරට ඩොලරයට , ලෝක ආර්ථිකයට සම්බන්ධයි. නැත්නම් ඩොලර් නැති වෙච්ච් ගමන් ඔයාල වැටෙන්නේ කොහොමද
      ආරක්ෂාව- නැහැනේ ඔය රාජපක්ෂලා කොපමණ හන්ගුවත් ඇමෙරිකාව සහ ඉන්දියව කොටි සංවිධානය සමාග යුද්දෙදි උදව් දුන්න, ඇමෙරිකන් නැව් ගෙන්න ලංකාවේ නාවික හමුදාව යනවා. පොලිසියේ උසස් අය පුහුණු කරන්නේ පාකිස්තානේ. එංගලන්තේ. හමුදාවේත් එහමයි. ලංකාවේ තරම් වෙන රටවල රහස් ඔත්තු කාරයෝ නිදහසේ ඉන්න වෙන රටක් නැහැ ලෝකේ. හරියට අර ඔස්ට්‍රියාව, හංගේරි, ස්විට්සර්ලන්තේ වගේ පළමු සහා දෙවන ලෝක යුද්ධ වල.
      ආගමනවිගමන - හොල්මන් ඔයාට . එතන තමයි රටක් ඇත්තෙම නැත්තේ - හේ හේ

      Delete
    4. මෙතනදි අදහස් කරන්නෙ රට කියන එක ස්වාධීන නෑ කියන එක නේද?

      ආර්ථිකය, ආරක්ෂාව, හැමදෙයකම ස්වාධීනත්වයක් ලංකාවට නෑ කියන එකයි, රටක් නෑ කියන එකයි දෙයක් නෙමේ ද?

      Delete
  9. Pelmeni මතක්වුනා

    ReplyDelete
  10. විස්කි බී බයිට්ටේකට පොල් සම්බෝල සමග පාන් කෑ විට කම්කරුවාට විමුක්තිය ලැබේවියැයි සිතා කටයුතු කරන අජිත් ධර්ම මහතාට කිව යුත්තේ දැන් ඇති කියාය.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .