මේ දිනවල ග්‍රීසියේ ඇතන්ස් නුවර ඉන්නේ. ඇතිනා දෙවඟනගේ දෙවොල බලන්න ගියා. හරිම ලස්සනයි. පොලොව තනිකරම මාබල් වලින් හදල තියෙන්නේ. මේක තියෙන්නේ අක්‍රොපොලිස් කියන කොටසේ. ඒ කියන්නේ නගර ආණ්ඩුව කියන තේරුම. ලංකාවේ මෙගාපොලිසිය එක්ක පටල ගන්න එපා.
ඇතිනා සහ පොසයිදොන් කියන සාගරයට අධිපති දෙවියා අතර ඇතිවෙලා තියෙනවා තරඟයක්. මේ නගරය භාර දෙන්න දෙදෙනාගෙන් සුදුසු කෙනා තෝරා ගන්න. පොසයිදොන් එයාගේ යෂ්ටියෙන් බිමට ගහල ලුණු වතුර අරගෙන. නගරකට ලුණු වතුරෙන් වැඩක් නැහැ. ඊට පස්සේ අස්සයෙක් මවල. අස්සයෙක් ගෙන් වැඩකුත් නැහැ කියල නගර වැසියෝ තීරණය කරලා. නුවණට සහ යුධයට අධිපති ඇතිනා ඔලිව් ගහක් මවල බොන වතුර පාරක් එක්ක. ඔලිව් කන්න පුළුවන්, කොළ වලින් ඔටුන්නක් හදන්න පුළුවන් , පොහොර වලට ගන්න, ඒ වගේම දර අවශ්‍යයි උයන්න පිහන්න සහ පත්තු කරලා උණුසුම තියාගන්න. නගරයේ ආර්ථිකයට හොඳ නිසා එයාල ඇතිනා ට නගරය රැකීම සහ නගරයේ ඉෂ්ට දේවතාවිය හැටියට පත් කරනවා. නගරයේ නම ඇතැන්ස් වුනේ එහෙම .උඩ පින්තූරය ඇතිනා වෙනුවෙන් හැදූ දෙවොල.
යෂ්ටිය බිමට ගහපු තැනලු මේ මම හිටගෙන ඉන්නේ.
යට තියෙන්නේ දියෝනිසියස් ගේ නාට්‍ය වේදිකාව සහ එළිමහන් රඟ මඩල.
පාතිනොන් දෙවොලේ බිම තනිකරම මාබල් වලින් හදල තියෙන්නේ. පසු කලෙක ක්‍රිස්තියානි ආක්‍රමණය නිසා ක්‍රිස්තියානි පල්ලියක් බවටත් ඔටෝමන් තුර්කි ආක්‍රමණය නිසා මුස්ලිම් පල්ලියක් බවටත් පත් වෙලා තියෙනවා.
මෙහි මාබල් වලින් හදපු දේවතාවියන් ගේ ප්‍රතිමා තුනක් ඇතුළු ප්‍රතිමා 57 එල්ගින් නමැති බ්‍රිතාන්‍ය වංශාධිපතියා තුර්කි වරුන්ගෙන් මිලයට අරගෙන දීල තියෙනවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට. ග්‍රීසිය තවම ඒවා ඉල්ලලා විරෝධය පළ කරනවා.
අගෝරා කියන්නේ ජනතාව එක් රැස් වෙන තැනකට. දර්ශනවාදී සාකච්චා, මැතිවරණ, ව්‍යාපාරික ගනුදෙනු, ක්‍රීඩා තරඟ , හමුදා සංදර්ශන සහ පුහුණු වීම් , නාට්‍ය සංදර්ශන මේ හැම දෙයක්ම වුනු තැනක්. කොටින්ම ඇතැන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදය සහ සංස්කෘතිය සුරැකුණු ස්ථානය.
අගෝරා එක ඇතුලේ තියෙන දේවල් රාශිය අතරින් සමහරක් තමා මේ. ඇටලොස් (පෙරගමොන් වල රජු ඇටලොස් II ) ස්ටෝආ එක ඇතුලේ කඩ සාප්පු තිබිල තියෙනවා. ක්‍රි.පූ දෙවන සියවසේ. දැන් එතැන කෞතුකාගාරයක්. දකුණු පැත්තෙන් පැන්ටයිනොස් නමින් හඳුන්වන පුස්තකාලය, නිම්ප් නමින් හඳුන්වන දේවතාවියන් සඳහා දේවාලයක් නිම්ප්ෆයන් හදල තියනව, පුස්තකාලය ඇතුලේ ඉඳ ගන්න කාමර තිබිල තියෙනවා. මින්ට් එක කියන්නේ භාවිතයට කාසි හදපු තැන.
රෝමන් අගෝරාවේ කොටසක්
ඕඩියන් කියන තැන , නාට්‍ය සහ සංගීත සංදර්ශන පැවැත්වුණු තැනක්
නගර පාර්ලිමේන්තුව තිබු ස්ථානය
ස්ටෝආ කියන තැන මේ තියෙන්න.
මේ ඉන්නේ කොන්ෆියුසියස් සහ සොක්‍රටීස්. දෙන්නම එකම කාලයක ජිවත් වුනත් මුණ ගැහිලා නැහැ. වූ වෙයිෂන් කියන චීන කලාකරුව තමයි මේ දෙක හදල තියෙන්නේ. මේ කාලවල් දෙකක් සංස්කෘතීන් දෙකක් හිටි දර්ශනවාදීන් දෙදෙනාගේ සිතිවිලි ක්‍රියාදාමය සහ දේශන කොතරම් සමපාත ද හෝ එකිනෙකට වෙනස් ද කිල හිතල බලන්න.
එතකොට බෙමා කියල කියන්නේ කථිකයන්ට නිදහසේ ජනතාව අමතන්න හදපු තැනක්.
ඊට අමතරව තියනවා වටරවුමක් වහලයක් එක්ක. මැද කථිකාසනයක් තිබෙනවා. ඇතැන්ස් වල ගෝත්‍රයන් දොළහේ නියෝජිතයෝ මෙතන රැස් වෙලා නගරය සම්බන්ධ තීරණ අරන් තිබෙනවා.
නගරයේ නිදහස සඳහා සටන් කල වීරයන් ගේ ප්‍රතිමා අසලම දැන්වීම් පුවරු තබිලා තියෙනවා නගරයේ නීති රීති , ගන්න නව තීරණ දැනුම් දෙන්න.
නගරය තුල ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පැවතිලා තිබෙනවා, මේවා ඔක්කොම නැතිවෙලා තියෙන්නේ කොහොමද? ක්‍රිස්තියානි ආගම ආවට පස්සේ, සියුස් සහ දෙවිවරුන්ගේ ආගම පගන් ආගමක් කියල තහනම් කරනවා, දර්ශනවාදී සාකච්චා නවත්වල ග්‍රීක ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය ජනගත කරනවා. මේ ආගම ම තමා රුසියාවේ හා උක්රයිනයේ තියෙන්නෙත්. ක්‍රි ව. 1400 ගණන් වල ග්‍රීසිය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ට යටත් වෙනවා. අවුරුදු 400 ක් ඔවුන් යටතේ ඉන්න කොට ග්‍රීක පල්ලි මුස්ලිම් පල්ලිබවට පරිණාමය වෙනවා.
ඔටෝමන් අධිරාජ්‍යයයේ පාලනයඅවසන් වෙනවා 1821 දී නිදහස සඳහා වූ යුද්ධය අවසන් වුනාට පස්සේ, පළමු හෙලනික් සමුහාණ්ඩුව පිහිටුවනවා 1822. මේ රටේ මිනිසුන්ට ආදී කාලයේ ඉඳල කියන්නේ හෙලනික් වරු නැත්නම් හෙළයෝ කියල. නමුත් මේ නිදහස සඳහා යුද්ධයේදී ග්‍රීක් වරු මුස්ලිම් වැසියන් නිරපරාදේ මරා දමා තිබුන. නමුත් මේ මරා දැමීම් දෙපාර්ශවයෙන් ම සිදුව ඇතැයි කියලත් කියනව.
හෙලනික් සමුහාණ්ඩුව පසුව බිඳ වැටෙනවා. බටහිර රටවල් එනම් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඔටෝ නැමති ජර්මන් ලුඩ්විග් රාජ වංශයේ කුමරෙකු රජු වශයෙන් පිහිටුවල තියෙනවා. ඔහුගේ බිසව අමාලියා. මේ දෙන්නට ළමයි නැහැ. වැඩිය ජනප්‍රියත් නැහැ. ඔවුන්ගෙන් පස්සේ ඩෙන්මාර්කයේ රජෙක් ගෙන්වලා ග්‍රීසියේ පිහිටුවල තිබෙනවා. ඒ රජපවුලේ කුමාරයෙක් වන ෆිලිප් තමා වර්තමාන බ්‍රිතාන්‍ය රැජිනගේ මියගිය සැමියා.
ඔහොම වෙන රටකින් රජවරු ගෙන්වලා ඇන ගත්ත රටවල් හරියට තියෙනවා.
වර්තමාන ග්‍රීසිය නැවතත් සමුහාණ්ඩුවක්.
ග්‍රීක ඉතිහාසය ඉගෙන ගෙන තිබුනට හරියට දැනෙන්නේ මේව බලන කොට.
ලෝකෙට ගොඩක් දේවල් දුන් තැනකිය මේ
ReplyDeleteFilm, Novel ගොඩකින් දැක ඇත මහිමේ
ඉහළට ගියොත් පහළට එන බව දහමේ
කියවෙයි, ඔප්පු වෙයි පුවතින් මේ ටවුමේ
මට නම් පේන්නේ මළ මගුල් ආගම් ආවහම කෙලවුනා කියල.
Deleteමේ ඡායාරූප වලින් පෙනෙන එකක් තමයි පැරණි දේවල් ඒ ආකාරයෙන්ම සංරක්ෂණය කරතිබීම. මෙහෙ කරන්නේ ඒවා අළුත්වැඩියා කරලා නැවත ගොඩනගන එක.
ReplyDeleteඑහෙම කරපු තැන් තියෙනවා.
Deleteමරුනෙ.
ReplyDelete++++++++++++++++++++
Delete//නමුත් මේ නිදහස සඳහා යුද්ධයේදී ග්‍රීක් වරු මුස්ලිම් වැසියන් නිරපරාදේ මරා දමා තිබුන. නමුත් මේ මරා දැමීම් දෙපාර්ශවයෙන් ම සිදුව ඇතැයි කියලත් කියනව. //
ReplyDeleteඔයාට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාවක්. ඔයාට ජාතිකත්වය වහකදුරු වගේ. ඔයා පඬි නැට්ටෙක්.
ග්‍රීක් ජාතිකයෝ එහෙම මුස්ලිම්වරු මරා දැමීම හා රටෙන් පිටුවහල් කිරීම නොකලා නම් ඒ රටත් ලංකාව වගේ බහු වාර්ගික ගූ හැලියක් වෙනවා.
ඒ වගේම මුස්ලිම් වරුන්ට දක්වන කරුණාව නාසි වාදීන්ට දක්වන්න බැරි.
මම අදහස් කරන්නේ සාම කාමී විදියට නාසි වාදී අදහස් පල කරන අය මර්ධනය කරන එකත් අපරාධයක්.
83දී වුනායැයි කියන කළු ජූලිය කියන සුළු කෝලාහලය ගැනත් මට කියන්න තියෙන්නේ සිංහලයෝ ඒක හරියට කලේ නෑ. එතනදි දෙමළු අහින්සක නෑ. උන් පට්ට ජාතිවාදීයි. එතනදි සිංහලයාගේ වෛරය සාධාරණයි.
ඔයා ජාතිවාදී නැට්ටෙක්. කොමියුනිස්ට්වරු ජාතිවාදී නොවේනම් මම එකෙන්ම සපෝර්ට්. නමුත් ජවිපෙ ජාතිවාදී පක්ෂයක් ඉස්සර. ග්‍රීක් වරුන්ව මැරුව මුස්ලිම් වරු. සමහර විට පලි ගත්තේ එනිසා වෙන්න පුළුවන්. නමුත් ළමයි සහ ගැහැණු මැරීම මොන ජාතිය කලත් වැරදියි. දෙමල මිනිස්සු ජාතිවාදී වුනාට සිංහලයන්ව මැරුවේ නැහැ. එතනයි වැරැද්ද. ඒක වුනේ පස්සේ. සිංහලයෝ දෙමල මිනිස්සු මැරුවට පස්සේ. ජාතිකත්වය සහ ජාතිවාදය එකක් නෙමේ දෙකක්.
Deleteමම සාමාන්‍යයෙන් යුද්ධ (2 ලෝක යුද්ධය හා ඊට ඉස්සර,ඒවා ) ගැන කියවන්න කැමතියි. කැමතිම එකක් Peloponnesian යුද්ධය. ඒකෙ දේශපාලනය, වෙනස්වීම්, සංකීර්ණබව සහ දිගු කාලය fascinating
ReplyDeleteඒවා රසවත් විස්තර. ග්‍රීසිය ගැන ලියල නිම කරන්න අමාරුයි
Delete🤗👌👌👌
ReplyDelete++++++++++++++
Deleteඔබේ චාරිකා සටහන් ආසාවෙන් කියෙව්වා. මේ තරම් ඉක්මනට ලියාවි කියල හිතුවෙ නැහැ. ගමන අතරේම ලියලා තිබුණත් කරුණු රැසක්ම ඇතුලත් හොද විස්තරයක්. ඉදිරි වසරක යන්නට ආසාවෙන් ඉන්නා රටක්.තවත් විස්තර බලාගෙන ඉන්නවා.
ReplyDeleteවෙලාව මදි ඇත්තටම ලියන්න. මම හිතන්නේ ගිහින් ඇවිත් ඉතුරු ටික ලියන්න කියල. විස්තර ඇතිව.
Deleteග්‍රීසියත්, සයිප්‍රසය හෝ බෝල්කන් කලාපය වැනි ගූ හැලියක් වීම වැලැක්වීම සඳහා ප්‍රාණගාත අකුසලය කර තමන්ගේ නිවන් ගමන තාවකාලිකව අඩාල කරගත් පුරාණ ග්‍රීක විරුවන් බෝධි සත්වයන් හා සමකල හැකියි.
ReplyDeleteසයිප්‍රසය තවමත් ඒ වගේ තමා. ජගත් ග්‍රීක නිදහස් සටනට මම විරුද්ධ නැහැ. සයිප්‍රසය දෙකඩ වෙලා තියෙන්නේ තුර්කිය හමුදාව එවපු නිසා. එදා ජේ ආර් ට ගිවිසුම් ගහන්න වුනේ ලංකාවේ බෙදීම වලක්වාගන්න . මොන සටනේදී වුනත් ගැහැනුන් මහල්ලන් ළමයින් නිරපරාදේ මරා දමනවාට මම විරුද්ධයි. සුද්දද ලංකාවේ හමුදාවද, අමෙර්කන් කාරයෝද, බුරුමේද, එල් ටි ටි එකද කියන එක අදාල නැහැ. කවුරු කරත් වැරදියි. තුර්කි වරු ගොඩක් අපරාධ කළා තමයි.
Deleteඅනික ආගම් යුද්ධෙකුත් තිබුනනේ.
Deleteපළවෙනි වෙඩිල්ල
ReplyDeleteමානුෂික මෙහෙයුමේ අවසාන වකවානුවෙදි ආරක්ෂක හමුදාවෝ පරන්තන් හංදියේ ඉදලා මුලතිව් පාර දිගේ ඉදිරියට ඇදෙන්න ගත්තා .පරන්තන් හංදියේ ඉතිරි උනේ එකම එක බල්ලයි.. ඌත් බුරන්නෙ නැතුව බය බිරාන්ත වෙලා නට්ට පස්සේ ගහන් දුවන එක ජාතික රූපවාහිනියෙත් ගිහින් තිබුනා..සතියෙන් සතියට විනාඩි පහක් කතාකරන්න දෙන ඇමතුමේදි අපේ අම්මා ඒක හරි ආඩම්බරයෙන් කියන කොට මම මගේ ජීවිතේ පලවෙනි වෙඩිල්ල රට ජාතිය වෙනුවෙන් දෙමළෙක්ට තියලා තිබුනා..
පරන්තන් පහුකලාම අහුවෙනවා ධර්මපුරම් කියලා ගමක්.මේජර් බැස්ටියන් සර් ඒක ධර්ම පුරය කලා.. අන්න ඒ ධර්මපුරයෙදි තමයි පුහුණුවෙදි මට ග්‍රීස් වල ඔතලා චීනෙන් ගෙනැවිත් දීපු අවි අංක 6785289 කියන චීන ප්‍රහාරක රයිපලයෙන් පලමු වරට මනුස්සයෙක්ව මම මැරුවේ.. ඒ කතාව දිග හැරුනේ මෙහෙමයි.
ආනන්දවාසම් කියන ගම්මානය මැදින් අපි සතුරා ලුහු බදින කොට අපේ වෙඩි බලය එක්ක උඩින් වැටෙන ආටිලරි බෝම්බ එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බැරිවෙච්ච කොටි පුලු පුලුවන් විදියට ජීවිතේ බේරගන්න පුදුකුඩු ඉරිප්පු පැත්තට පසුබැස්සා..
ඔය අතරෙදි එක්තරා තැනක පසුපස වෙලකට මායිම් වෙන්න පලාගියපු ත්‍රස්තවාදීන් කීපදෙනෙක් කොටු උනා.. ඒ අයට කොහෙත්ම එතනින් වෙලට පනින්න ක්‍රමයක් තිබුනේ නෑ..එහෙම පැනලා දිව්වනම් වෙල හරහා විවෘත භූමියක දුවනකොට අනිවාර්යයෙන්ම අකාරුණික විදියට පතුරම් වල පෙනේර වෙන්න ඒ අයට සිද්ධ වෙන බව එයාලා දැනගෙන ඉන්න ඇති..
ඒ නිසා ජීවිතේ ඉතිරි අවසාන බලාපොරොත්තුවද මන්දා... උන් නැවතිලා, හඹාගෙන එන සියගනනක සේනාවක් එක්ක සටන් කරන්න සූදානම් උනා.. එතන ඕනනම් එකොලහක් ඉන්න ඇති.. "සෙලවෙන සියල්ලට වෙඩි " එහෙම ඕඩර් ලබපු හමුදාව ඔවුන් එක්ක ලෙහෙසි සටනකට සූදානම් උනා..
මම කවර් උනේ හරියටම තල් වැටක කොනකට.. විසාල ඉඩමක් තිබුනු පුපුරලා වැටුන සිමෙන්ති අසූව දශකයේ ගෙදරක් දෙපසක අපි අපි සටන් වැදුනා.. ලාන්ස් කෝප්‍රල් වාසල ක්‍රියාත්මක කරපු gpmg වෙඩි බලයෙන් හාත්පසම දුහුවිල්ලක් වෙලා ගියා ..
ඒ වෙනකම් ඔලුව පහත් කරන් හිටපු උන් තැන තැනින් සටන අහවර නෑ කියන්න වගේ පහර දුන්නා.. උන්ගේ එකෙක්ට අපේ පහක් හයක් හිටපු සටනක භයානකම මොහොත එලඹුනා.. මම ටී පනස් හය තල් වැටෙන් ඉලක්ක කරලා එක මනුස්සයෙක්ට පතුරමක් නිදහස් කලා.. හරියටම ඒක වැදුනේ මිනිහගේ බෙල්ලට වෙන්න ඕන.. මිනිහා එතන අල්ලගෙන දනගහලා වැටුනා..ඒතෙක්කම කෝප්‍රල් " බඩි මූ "කිව්වා..
අපි එතනට යනකොටත් උන් ඔක්කොම මැරිලා.. එකෙක් විතරක් පණ බේරගෙන වෙල දිගේ දුවනකොට ඩෝං ගාලා ඇහුන සද්දෙන් මගෙ ඇසුත් වැහුනා.. ඒක තිබ්බේ මගේ වම්පැත්තෙම කොල්ලෙක්.. ඇස් අරින කොට වෙල් නියරෙන් උඩට දුවපු එකාගේ කකුල් දෙක විතරක් ඉස්සිලා තිබ්බා..
එක එකා සර්ච් කරපල්ලා කියන කොට මම වෙඩිතිබ්බ එකාලගට මම දිව්වා..මට ඕන උනේ ඇත්තටම වෙඩිල්ල වැඳුන තැන බලන්න.. "ඒ මනුස්සයා මැරිලා නෑ.".දෙයියනේ මගේ පපුව ගැහෙන්න ගත්තා.. මහ උන්ගෙන් ගුටි කන්න වෙයිද... මට මුකුත් හිතාගන්න බැරි උනා..
වෙව්ලාපු කටින් මම ඌට "ඇස් වහපන් හුත්තෝ"කියලා කිව්වා.. ඒත් ඌ ඇස් වැහුවේ නෑ..මගේ දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.. ඒවා හරි පැහැදිලි ඇස්. කලු දෙමලුන්ගේ ඇස් හරි පැහැදිලියි..ඌ මගේම වයසේ විතර කොල්ලෙක්.. රැවුල මගෙ වගේම ලාවට වැවෙන එකෙක්.උඩ රැවුලක් රන් පාටට ලාවට වැවිලා තිබ්බා..උගේ ඇස් එක කෙලින් තියෙන අතරේ හුස්මත් අමාරුවෙන් ගත්තා..උගේ තුවක්කුව අපට වඩා වෙනස් ..ඒක stf එකක්.. මම ඒ දිහා බැලුවා.. ඒත් ඌ ඒක දිහා බැලුවේ නෑ..ඒ කොල්ලා ආයුධ අත ඇරලා තිබ්බා..
මිනිහා තවමත් මම දිහා බලාගෙන..අපිට ඉලක්ක පත වලට ජීව පතුරම් වලින් වෙඩි තියන්න ඉගැන්නුවට ඒවා වැදුන මනුස්සයෙක් මොකද මුලින්ම කරන්නේ කියලා උගන්නලා තිබුනේ නෑ.. ඇත්තටම වෙඩි කාපු මනුස්සයෙක්ගේ අවසාන බැල්ම වෙඩි තියපු මනුස්සයා දිහාට එල්ල වීම හරිම කේදවාචකයක් ..
අනිත් එක, ඒ මනුස්සයගේ ජීවිත කාලේ අවසානම බැල්ම වැටිලා ඊට පස්සේ ඒ මතකය එක්ක ජීවත්වෙන වෙඩික්කරුවෙක්ගේ ජීවිතය ..මට හිතෙන්නෙම ඒ මොහොතෙදි දෙන්නම මැරිලා යනවා.. කෙනෙක් ශාරීරිකව..අනෙකා මානසිකව.. හැම දෙයක් ගැනම නිකම් දකිනවට වඩා හිතලා ඉස්සර ඉදන් ට්‍රැක් චේන් පන්න ගන්න මට දකුණේ ඉදන් තුවක්කුවක් කරේ තියන් ඇවිත් ජීවිතේට මට වරදක් නොකරපු එකෙක්ට වෙඩි තියලා මරලා දාපු එක මහ පුංචි සිදුවීමක් උනේ නෑ...
ඒ මනුස්සයගේ බෙල්ලෙන් ගලාගෙනගියපු ලේ රතුපාටට වැලිපොඟවගෙන එතනම රවුමට තිබුනා..තව දුරටත් ඒ ආයාසයෙන් ගන්න හුස්ම මගේ පපුවටම වැදෙනවා වගේ මට දැනුනා .
වැඩිවෙලා යන්න මද්දෙන් මම සිතුවිලි නිමග්නයෙන් අවදි උනා.එකපාරටම මගේ පස්සෙන්" හුත්තෝ ඌට මෙන්න පණ තියෙනවා කිව්වේ ප්‍රයිවෙට් කුමාර... මම හ්ම්ම්ම්.. කිව්වා.. "හ්ම්ම්..නෙමේ යකෝ තියපිය තියපිය" මට වඩා අවුරුදු දහයක් හමුදාවේ කාපුබීපු කුමාර මගේ ඔලුවට ඇගිල්ලෙන් ඇන්නා.. මේ වෙනකොටත් මමහිතන්න කාලය ගොඩක් වැයකරලා තිබුනා.. හමුදාවේ ඒකට කිව්වේ "ටියුබ්ලයිට්" කියලා.. ටියුබ්ලයිට් වලට ලැබෙන ගුටි මම දැකලා තිබුනා.. ඒ බයටම මම තුවක්කුව අර මනුස්සයගේ ඔලුවට ඉලක්ක කලා..ඒ බැල්ම එහෙමමයි... ආයෙමත් කුමාර මගේ ඔලුවට ඇන්නා...මම ඒ මනුස්සයා දිහා අයෙම බැලුවා.. ඒ ඇස් මොන මොනවදෝ කතාකලා..ඉන් පස්සේ ආයාසයෙන් ඒ මනුස්සයා ඇස් වහගත්ත බය පෙනුනා..මට ආයෙම ඒ ඇස් කතාකරනවා මැවුනා.. කියන්න ඇත්තේ "ඔයා තියන්න කියලා වෙන්න ඇති...
Deleteමම ටිගර් එක තදකලා.... මහ හඬක් එක්ක මගේ අතින් ජීවිතේ පලවෙනි මිනිහා මැරුණා... ඔලුව වම් පැත්තට හැරිලා පොලව එක මොහොතින් රැල්වලල්ලක් වගේ මිනිහගේ ඔලුව වටේට ලේ විසිරුනා...
බය උනාද උඹ.... මගේ උරහිසට තට්ටුවක් දාලා කුමාර ඇහුවා..
නෑ මම බය උනේ නෑ...මම මිනිහට ඇහෙන්න කිව්වා..
"සුපිරි සොලොක් ඈ" මට එහෙම කියලා මිනිහා ඉස්සරහට ගියා...
"ඒත් මම ආයේ මුන්ව මරන්නෙ නෑ"
මම කාටවත් නෑහෙන්න හෙමීට මිමිනුවා..
නිමි.
මට සමාවෙන්න.. යුද්ධය අවසන් වෙනකල්ම මට රට වෙනුවෙන් ඒ මනුස්සය ඇරෙන්න තව මනුස්සයෙක්ව මරන්න බැරි උනා...
ස්තූතියි
Deleteරෝමය සහ ග්‍රීසිය ඉස්සර ඉඳල යන්න හීන දැකපු තැන් ... හොඳ ට්‍රිප් එකක් යන්න බැරි උනා අවුරුදු 4කින් විතර
ReplyDeleteවෙනිස් හෙම ගියා. ලංකාවේ හුඟක් අය ඉන්න නිසා මොනවත් ලීවද කියල මතක නැහැ. ග්‍රීසිය නම් මරු . ඉගෙන ගත්ත, කියවපු දේවල් ඇහින් දකින එක මාරයි
Deleteතියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..
ReplyDeleteමේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..
ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..
මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...
දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..
ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...
මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...
වයිෆ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් එකක් හරි බොන්න . ඉබේම නැවතෙයි
Deleteරාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති
ReplyDeleteමොන රාජපක්ෂද
Delete"පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර" සහ "රාජ්‍යය විසින් සපයන සේවා" කියන්නෙ එකක් නෙමෙයි දෙකක්.
ReplyDeleteරජය (government) ව්‍යාපාර කරන්න ඕන නෑ. රජය කරන්න ඕන වැඩි වැඩියෙන් ව්‍යාපාර හැදෙන තැනට පහසුකම් සැලසීම සහ ඒ ව්‍යාපාරවලින් පාරිභෝගිකයන් සූරාකන්න ඉඩ නොතබා නියාමනය (regulation). නමුත් කරුමෙකට වගෙ ලංකාවෙ රජය තාමත් ව්‍යාපාර කරනවා. කරන ගමන් පාඩු ලබනවා. ඒකට ප්‍රධානතම හේතුව, රාජ්‍ය ආයතන "රැකියා දන්සල්" ලෙස පවත්වාගෙන යාම. බොහෝ වාමාංශික වෘත්තීය සමිතිවල ආස්ථානය වෙන්නෙ මේ රැකියා දන්සල් දිගින් දිගට ම පවත්වාගෙන යා යුතු බව. ඒක කොහෙත් ම කළ යුතු නෑ.
හැබැයි ඒ වගේ ම අනෙක් අතට, පාඩු ලබන සෑම රාජ්‍ය ආයතනයක් ම පෞද්ගලීකරණය කරන්න ඕන කියන එකත් මීට නොදෙවෙනි අන්තගාමී අදහසක්. මොකද සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ.
අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට ම පාඩු ලබන වැඩක්. ඔවුන් හිතන විදියට ලංගම සේරම නවත්තල දාල ප්‍රවාහනය පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි හිතමු එහෙම දුන්න කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඊට පස්සෙ මේ රටේ බස් දුවන්නෙ ලාභ ලබන රූට්වල විතරයි. කොළඹට කිලෝමීටර් 15කට මෙහා තියෙන ගෝනමඩිත්ත කියන ගමට දවසකට බස් හයකට වඩා දුවන්නෙ නෑ. උදේට දෙකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඔච්චරයි. ඇයි, ඊට වඩා දුවන එක පාඩුයි. ලංගම නැත්නම් දවල්ට ගමනක් ගිහිල්ල හමාරයි.
අන්න ඒ ගැප් එක පුරවන්න තමයි රාජ්‍ය ව්‍යවසාය මැදිහත් වෙන්න ඕන. ඒ නිසා ම තමයි ලංගම වගේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවට හෝ ඉතා සුළු ලාභයක් ලැබුවට කමක් නෑ කියල මම කියන්නෙ.
හැබැයි පත්තරවල මේක යන්නෙ වෙන විදියකට. පත්තර ඇතුළු මාධ්‍ය වාර්තා කරන්නෙ "ලංගම ගිය වසරේ අච්චරක් පාඩු ලැබුවා / මෙච්චරක් ලාභ ලැබුවා" කියලයි. ඔය මාධ්‍ය ම කවදාවත් කියනව ද "යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන මෙච්‍චරක් පාඩු ලැබුවා" කියල? නෑ. ඇයි? අපි හැමෝ ම දන්නව රජය හමුදාවක් නඩත්තු කරන්නෙ ලාභ ලබන අරමුණින් නෙමෙයි කියල.
අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනයට එනකොට අපට මේක අමතක වෙනව. ඒකයි ප්‍රශ්නෙ.
හැබැයි!
ඇත්තට ම අද වෙනකොට සිපෙට්කෝ සහ ලංගම වැනි රාජ්‍ය ආයතන පාඩු ලබන්නෙ ඔය සුබසාධනය නිසා නම් නෙමෙයි: දරාගන්ඩ බැරි අනවශ්‍ය සහ අතිරික්ත සේවකයන් නිසා. මම අන්තිම වතාවට සොයල බලපු ආකාරයට, එක ලංගම බස් රියකට සේවකයන් 17 දෙනෙක් ඉන්නව. ඉතිං පාඩු ලබන එක අහන්නත් දෙයක් ද?
අනෙක් අතට;
හැම රාජ්‍ය ආයතනයක් ම පාඩු ලැබිය යුතු නෑ. උදා. රූපවාහිනිය, ITN එක, ගුවන් විදුලිය වගේ ආයතනවලට හොඳට ලාභ ලබන්න පුළුවන්. ඇත්තට ම විය යුත්තෙත් ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරවලින් පුළුවන් තරමක් ආදායම් උපයලා, ඒකෙන් අර ලාභ නොලබන ආයතන නඩත්තු කරගන්න අවශ්‍ය පිරිවැය සපයන එක. ඒත් මදි නම් ජනතාවගෙ බදු මුදලින් පියෙව්වට කමක් නෑ. හැබැයි ජනතා බදු මුදල්වල මුඛ්‍ය පරමාර්ථය විය යුත්තෙ, ලාභය පිණිස නොව සේවය පිණිස පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල හිඟය පියවීම මිස, රැකියා දන්සල්වලට ඩොනේෂන් දීම නෙමෙයි.
මේකට බ්ලොග් ලිපියක් ලියන්න හිතන් ඉන්නවා
Deleteනිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල
ReplyDeleteපේරාදෙණිය හා කොළඹ එක ම විශ්වවිද්‍යාලයක් ලෙස 1969 වන තුරූ පැවතුණා. ඒ අවුරුද්දේ කොළඹ වෙන ම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණා කොළඹ විශ්වවිද්‍යාලය නමින්. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙස පැවතුණා. කොළඹ වෛද්‍ය පීඨයෙන් එයට දැඩි විරුද්ධතාවක් පැන නැගුණා. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර ව පිළිගත් උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය බැවින් විශේෂයෙන් ම එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ වෛද්‍ය ආයතනවල (විද්‍යාලවල) පරීක්‍ෂණවලට පෙනී සිටීමේ දී ඔවුන්ට පාඩුවක් වන බවයි. ඔවුන්ද ලංකා විශ්වවිද්‍යාල නම ඉල්ලා සිටියා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නම ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ ලෙස වෙනස් කෙරුණා.
මේ අපේ ජාත්‍යන්තර පිළිගැනීම් බොරුවේ තවත් උදාහරණයක් පමණයි. අපට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ගැනීමට. මෙහි ජාත්‍යන්තර කියන්නේ බටහිර රටවල් කිහිපයකට පමණයි. අපට අවශ්‍ය බටහිර රටවල් අපේ උපාධි පිළිගන්නවා කියන්න. එදා නම වෙනුවෙන් ලොකු අරගලයක් කළත් අද කෙළඹ විශ්වවිිද්‍යාලයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව වෙනත් විශ්වවිද්‍යාලවලට ද වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ඊනියා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙනවා වෙන්න ඕන. අද ලංකා විශ්වවිද්‍යාලය කියා එකක් නැහැ. අපට උපාධි ලැබුණු විශ්වවිද්‍යාලය මිහිපිටින් තුරන් වෙලා. ඒක ඊනියා මහපොළොවේ යථාර්ථය වෙන්න ඇති.
මා කොළඹට පැමිණි පළමු වසරේ දී එනම් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේදි පේරාදෙණියේ චෛත්‍යය පුද පූජා සඳහා විවෘත කෙරුණා. ඒ පිංකමට සහභාගි වීමට මා ද පේරාදෙණි ගියා. චෛත්‍යය පිහිටා තිබුණේ ගලහ පාරේ අරුණාශලම් ශාලාව හා ශාස්ත්‍ර පීඨය අතර දොළෙන් දොළුව පැත්තට වෙන්න. එය චෛත්‍යයකට අනගි බිම් කඩක්. එයට අමතර ව විශ්වවිිද්‍යාල භූමියේ හින්දු කෝවිලක් හා ක්‍රිස්තියානි පල්ලියක් තිබුණා. මගේ දැනුම අනුව ක්‍රිස්තියානි පල්ලිය කලක සිට තිබුණා. එය පිහිටියේ රාමනාදන් ශාලාව අසල.
වැඩිකල් යෑමට පෙර චෛත්‍යය තිබූ තැනින් ඉවත් කෙරුණා. එයට හේතුව කුමක් ද කියා මට හරියට ම කියන්න බැහැ. කොහොම නමුත් අද ගලහ පාරේ යන අයට චෛත්‍යය පෙනෙන්නේ නැහැ. ඒත් මුස්ලිම් පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලිය පේනවා. ගලහ පාරේයන අයකුට බලන්න ඇම්බැක්කේ කැටයම් නම් විදුලි පහන් කණුවල තියෙනවා. ඒත් චෛත්‍යයට කණුව තියලා.චෛත්‍යයට කණු තියන්න කලින් විශ්වවිද්‍යාලය මට කණුව තිබ්බා.
මා කැලණියේ ඉන්න විට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵල රුකක් කැලණියේ රෝපණය කිරීමට අවස්ථාව ලැබුණා. එයට සකලවිධ අනුකාරකයන් විරුද්ධ වුණා. විශ්වවිද්‍යාලය නිරාගමික තැනක් කිවුවා. ඒ සියලු විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියේ නිමැවුණු දැනුම් පද්ධතීන් ව තිබියදී. අප අර අනුකාරකයන්ගේ විරුද්ධතාව තුට්ටුවකට මායිම් කෙළේ නැහැ. බෝධීන් වහන්සේ සුදුසු ම ස්ථානයේ රෝපණය කළා.
මේ සමග ඇති ඡායාරූපය කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පල්ලියේ. එය පිහිටා ඇත්තේ කාටවත් නොපෙනෙන තැනක නො වෙයි. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන චතුරස්‍රයේ. කිසිවකු එයට විරුද්ධ වන්නේ නැහැ. විශ්වවිද්‍යාලය නිරාගමික කියන්නෙත් නැහැ. එමෙන් ම වෙනත් ආගමික සිද්ධස්ථාන ඇත්තෙත් නැහැ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන එන අයට එය ක්‍රිස්තියානි බව පේන්න තියෙනවා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ගියත් ක්‍රිස්තියානි සංස්කෘතිය ඕනෑම අයකුට දැනෙනවා.
සසෙක්ස් විශ්වවිද්‍යාලයේත් ක්‍රිස්තියානි පල්ලියක් තිබුණා. වෙනත් ආගමික සිද්ධස්ථාන තිබුණේ නැහැ. මේ ලිපි පෙළේ පසුගිය දා සඳහන් කළා යුරෝපයේ ක්‍රිස්තියානි රටවල් විසිහයෙන් විසිහතරක ම හින්දු ආගම පිළිගැනෙන්නේ නැහැ කියා. බුදුදහම ගැන කතා කරල වැඩක් නැහැ. බැරිවෙලාවත් යුරෝපයේ මහානායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්නවා ද?
කිසිවකු කියන්න බැරි නැහැ පේරාදෙණිය මෙන් නොව ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ස්ටැන්ෆර්ඩ් ආදී විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල කියා. එහෙත් රජයේ විශ්වවිද්‍යාලවලත් තත්වය එහෙමමයි. සසෙක්ස් විශ්වවිද්‍යාලය රජයේ විශ්වවිද්‍යාලයක්. පේරාදෙණිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රජයේ විශ්වවිද්‍යාලයක්. ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා, අනෙක් ආගම් ද රකිනවා කියා. එංගලන්තය ක්‍රිස්තියානි රටක්. එහි ක්‍රිස්තියානි ආගම මෙන් ම ක්‍රිස්තියානි සංස්කෘතිය ද රැකෙනවා. වෙනත් සංස්කෘතියක් රකින්නේ නැහැ. ලංකාවේ කොහොම වෙතත් පේරාදෙණියේ බුදුදහමට ප්‍රමුඛස්ථානයක් නැහැ.
Deleteලංකාව අනුකාරකයන්ගේ හා නිවටයන්ගේ පාරාදීසය. අද අධ්‍යාපනයෙන් ඊනියා උගතුන් නිවටයන් කෙරිලා. විශ්වවිිද්‍යාලවල ක්‍රිස්තියානි දැනුම උගන්වමින් ඊනියා බුද්ධිමතුන් තමන් නිරාගමිකයන් යැයි බෙරිහන් දෙනවා. අප කැමති ක්‍රිස්තියානි රටවල් අපේ මධ්‍යස්ථභාවය හා තවත් මෝඩකම් අගයනු ඇසීමට. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදීන් යන්නකුට එය මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරි විශ්වවිද්‍යාලයක් නැත්නම් එවැනි රටක විශ්වවිද්‍යාලයක් කියල හිතෙන්න පුළුවන්. අප හරි උගතුන් බුද්ධිමතුන් මධ්‍යස්ථ මතධාරීන් කියා බටහිරයකු කියනවා නම් අපට ඊට වඩා දෙයක් නැහැ. මා නම් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි.
කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නෙගෙන්න විජිත හේරත්ට නාරාහේන්පිට බිල්ඩින් තියෙන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම මුකුත් තියෙන්න බෑ. එවුන් හිඟන්නෝ.
ReplyDeleteකවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න අනුර දිසානායකට ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් යන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලා පයින් යන්න ඕන. එවුන් හිඟන්නෝ.
කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න ජවිපෙ නායකයින්ට එයාලගේ දරුවෝ පිටරට විශ්වවිද්‍යාලවලට යවල උගන්වන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම බෑ. එවුන් හිඟන්නෝ.
දෙපාරක් මේ රටේ ජනාධිපති වෙච්චි අගමැතිකම් මැති ඇමැතිකම් දරපු මහින්ද රාජපක්ෂගේ දරුවන්ට කිසිවක් ලැබෙන්න විදිහක් නෑ. එහෙම ලැබෙනවා නම් ඒවා හොරා කාපුවා. නැත්නම් අල්ලස්.
හැබැයි හඳුන්නෙත්ති ටිල්වින් වගේ අය කියන විදිහට එයාලා අඳින පළඳින සියල්ල ජයශාන්ත සහෝදරයලා දෙන්නේ. ඒවා හොරකම්, අල්ලස් නෙමෙයි. පරිත්‍යාග.
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ කියන විදිහට ජවිපෙ නායකයෝ හැමෝගේ ම ගෙවල්වල ටයිල් ධම්මික පෙරේරාගේ ලංකා ටයිල්ස්. පැලවත්ත මහ ගෙදර බරපැනත් ධම්මිකගෙන් කියල කියනවා.
විජිත හේරත් කියන විදිහට එයාගේ බිරිඳ සමග දැවැද්දට ලැබුණු දේපළ තමයි නාරාහේන්පිට කඩපෙළ. හැබැයි මහින්දගේ පුතාලට එහෙම දෑවැද්දි ලැබෙන්නත් බෑ.
විජිත හේරත්ලා ගෑනු එක්ක දෑවැදි ගත්තට මහින්දගේ පුතාලට ඒවා බෑ. ජවිපෙ නායකයෝ රස්සාවක් නොකර හොඳට කාලා ඇඳලා පවුල් නඩත්තු කළාට මහින්දගේ පුතාලට එහෙම බෑ.
මේ කුහක ජවිපෙ දෙබිඩි අදහස් ප්‍රශ්න කරන්න එහි අනුගාමිකයින්ට කවදාවත් බෑ. එහෙම කළ එකා ද්‍රෝහියෙක්.
ජවිපෙ සාමාජිකයන්ගෙන් සල්ලි ගන්නවා කියල රාජපක්ෂලා නිවැරදි වෙන්නේ නැහැ. ජවිපෙ හොරකම් කරලා තියනව කියල කියන්න පුලුවන්ද
Delete