Monday 12 September 2022

රැජින වැළලීම

මේ වගේ ලිපි සහ පෝස්ට් කිහිපයක්ම කියෙව්වා. ලංකාවෙන් අරන් ගිය මැණික් වල සිට අබෝරිජින් වරු මරපු ඒවා ගැන රැජිණගේ මරණය වෙනුවෙන් ලියපු. රෙඩ්ලි සිල්වා දිගින් දිගටම කියනවා මම ෆේස්බුක් වෝල් එකේ ලියපු දේ රැජින ගැන කඳුළු හෙලීමක් කියල. (පහත බලන්න) මිත්තනයක් හැටියට රජ පවුල රැක ගන්න මැරෙන්න දවස් දෙකක් තබා මේ අබල දුබල ගැහැණිය නැගිටලා බ්‍රිතාන්‍ය අගමැතිනිය පිලි ගත්ත හැටි තමා මම ලීවේ.ඒක දැකල මට දුක හිතුනේ තවත් මිත්තණියක් නිසා කියන එක වාමාංශික රෙඩ්ලි ටතේරෙන්නේ නැහැ. එයාගේ ලන්ඩන් නායකයා කියල හිතන් ඉන්න ජෙරෙමි කෝබින් පවා මරණය ගැන කණගාටුව දක්වල නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒකට සහකම්පනය empathy කියල කියන්නේ. වාමාංශික අයෙක් කියන්නේ හැඟීම් නැත්තෙක් වෙන්න බැහැනේ. (පොල්පොට් ඇරුනහම) අනිත් මිනිසුන් වෙනුවන් අරගල කරනවා නම්. නමුත් ඇත්තට ගත්තොත් මරණයෙන් සහ ගිනි තැබීමෙන් සතුටු වෙන මිනිසුන්ට සහකම්පනය තිබෙනවද?
ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් දරුවන් අරන් ගිහින් හදන්න කියල වධ හිංසා කලේ කතෝලික පල්ලිය. ඔවුන් මේ ලඟකදී සමාව ඉල්ලුව. කළ වැරදි මකන්න බැහැ තමයි. ඔස්ට්‍රේලියාව ලංකාව වැනි රටවලට වැඩිම රැකියා දෙන රටක්. . මම හිතනවා ඇබොරිජින් වරු ගැන ඒ රටේ රජය කාලෙකට කලින් සමාව ඉල්ලුව. රසල් දන්නවද දන්නේ නැහැ රැජින අබෝරිජන් නායකයන් ලන්ඩන් ගෙනත් පිලි ගත්ත වග සහ සමාව ඉල්ලපු බව.

ඊට අමතරව රැජින තැචර් ගේ කාලේ දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට සහය දීමට විරුද්ධව  තැචර් සමග වාද කල බවත් නෙල්සන් මැන්ඩෙලා සඳහන් කර තිබෙනවා. මැන්ඩෙලා සහ එලිසබෙත් රැජින හොන්ඩ යාළුවෝ. උබලගේ ආණ්ඩුව තමා වර්ණභේද වාදය ගෙනාවේ අපව යයත් කරගෙන කියල මැන්ඩෙලා රැජින ගෙන් ගේම ඉල්ලුවේ නැහැ. මොකද මැන්ඩෙලා දැනගෙන හිටිය ඒව කලේ රැජිනගේ නමින් හෝ වෙන කවුරුවත් කියල.  මට මතකයි එංගලන්තයේ උපදින අයට ජාතිකත්වය නොදීමට ගත්ත  තැචර් ගේ තීරණයටත් රැජින විරුද්ධ වුනා. 

පෞද්ගලිකව ගත්තොත් කෝබින් වගේම මමත් සමුහාණ්ඩු වාදියෙක්. ඒ කියන්නේ රාජාණ්ඩු ක්‍රමයට විරුද්ධයි. ඒක පහුගිය කාලය පුරාම තිබ්බ එකක්. ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යය යන අදහස මත පදනම්ව. හැබැයි මේ කට්ටියක් ඉන්නව ඒ අයට මේවා මතක් වෙන්න කවුරුහරි මැරෙන්නම ඕනේ.

දැන් ඉංග්‍රීසින් ඌව වෙල්ලස්ස ට කරපු විනාශය නොදන්න කෙනෙක් නැහැනේ. ලංකාවේ කිහිප දෙනෙක් කාලයක් පුරා උත්සාහ කරල අත් හැරලා තියෙනව ඉංග්‍රීසි රජයෙන් ඒ පිළිබඳව වන්දි ඉල්ලන එක. වන්දි ඉල්ලන්න ඕනේ රජ පවුලෙන් නෙමේ. බ්‍රිතාන්‍ය රජයෙන් එංගලන්තයේ 1649 දී ඔලිවර් ක්‍රොම්වෙල් විසින් පළමුවැනි චාල්ස් මරල දැම්මට පස්සේ රජ පදවිය නාම මාත්‍රික එකක්. පවුලේ සල්ලි වලින් දේශපාලකයෝ මෙහෙයවන තැන් තිබ්බත් වංශාධිපතියන් සහ පාර්ලිමේන්තුව තමා රට පාලනය කලේ.

ශ්‍රී ලංකාව වැනි රටවල් කරන්න ඕනේ ග්‍රීසියේ වගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම. ආක්‍රමණය කරපු රටවල් වලින් වන්දි ඉල්ලන්න ඕනේ සාක්ෂි ඉදිරිපත් කරමින්. ඌව වෙල්ලස්ස විතරක් නෙමේ, රැජිනලට දීල ශේප් කරගන්න අරන් ගිය මුතු මැණික් වෙනුවෙනුත් වන්දි ඉල්ලන්න ඕනේ. ඕලන්ද සහ පෘතුගීසි ආක්‍රමණ වලින් වුන හානියටත් වන්දි ඉල්ලන්න ඕනේ. මේවට නඩු දාන්නත් පුළුවන්.

මේ මුතු මැණික් ආපහු දෙන්න කියල ඉල්ලලා වැඩක් නැහැ. මොකද එක එක පුතාණෝ ලා පියාණෝ ලා ඇවිල්ල ගෙදර ගෙනියයි, කඩු හන්ගයි. දන්නවනේ පුස්කොල පොත්එ වලට වෙන දේ. නිසා මුදල් වන්දි වශයෙන් ඉල්ලන එක හොඳයි.
හැබැයි ඉතින් හම්බවෙන්න සල්ලි රාජ්‍ය ඇමතිලට, මන්ත්රිලට වාහන ගන්නයි, ගෙවල් හදන්නයි වියදම් කරන්න හොඳ නැහැ. ඒවා සෞඛ්‍ය සේවයට ,කෞතුකාගාර කරන්න , සංචාරක ව්‍යාපාරයට, අතීත උරුමය රැක ගන්න යොදන්න පුළුවන්.

ඒත් ඉතින් මේ තියෙන රජයවල් යටතේ මේවා වෙයිද කියන්න දන්නේ නැහැ, ඔන්නොහෙ අනුරකුමාර දිසානායක එනකම්ම ඉමු. එතකොට ලැබෙන සල්ලි අඩුම ගානේ බෙදා හරින්න හරි පුළුවන් වෙයි මිනිසුන්ට. ඉතුරු මුදලක් වෙතොත් හඳුන්නෙත්ති ඩොක්ට්‍රින් එක යටතේ කමිස කිහිපයක් අරන් දෙන්නත් පුළුවන්.

රසල් බණ්ඩාරවත්ත ඉන්න ස්වීඩනයේ රජ පවුලක් තිබෙනවා. ඒ ගොල්ලන්ටත් යටත් විජිත තිබ්බ. ඒ රජ පවුලත් අහෝසි කරන්න ව්‍යාපාරයක් පටන් ගත්ත නම් හරි මේ එක්කම. කොටින්ම කියනවනම් මුළු යුරෝපෙම රජ පවුල් ටික අයින් කරල දැම්මා නම් ඉවරයි. මිනිසුන්ට ඊට පස්සේ තේරෙයි ඊළගට අයින් කරන්න තව සෑහෙන කොටසක් ඉන්නව කියල.

මැරුණ රැජින ඒ ගොල්ල වළලයි. බුද්ධාගමේ හැටියට නිවන් සුව පතන්න පුළුවන්. නැත්නම් රෙස්ට් ඉන් පීස් කියමු. ඒකට කියන්නේ සහකම්පනය.

//"අපෙන් කොල්ලකා හැඩවුණ රාජකීය පුස් තේජස."🙂
බ්රිතාන්යය කිරීටය යනු අපවැනි රටවල ලේ කඳුළු දහදිය වලින් පෙඟුනු අපවිත්ර මෙවලමකි. තම අධිරාජ්යය දුගී දුප්පත් අසරණ මිනිසුන් සිටින ඈත පෙරදිගට දිගේලි කරන ලද්දේ තුවක්කුවේ බලයෙනි. බ්රිතාන්යයේ සිට සැතපුම් දහස් ගණනක් ඈත ජීවත්වූ ජනී ජනයා මරා දමමින් රටවල් යටත් කරගත් රජපවුල එවන් රටවල තිබූ අමිල වටිණාකම් වලට හිමිකම් කියන දියමන්ති මුතු මැණික් රාජකීය ආභරණ වලට ඔබා ගත්තේය. බ්රිතාන්ය රාජකීය ඔටුන්නේ ඇති සියළුම මැණික් රැගෙන ආවේ ලංකාවෙනි. එහි ඇති The Koh-i-Noor නැමති පවුම් මිලියන 500 කට වඩා වටිණා කැරට් 105.6 ක බරින් යුතු දියමන්තිය පමණක් ඉංදියාවෙන් රැගෙන ආවේය. Black Prince Ruby නමින් තක්සේරු කළ නොහැකි තරම් වටිණා ලාංකික පොලොවෙන් බිහිවූ රතුකැටය අදත් කිසිදු හැඩතලයකට භාජනය නොකර රැජිනගේ ඔටුන්නේ ඇත. එය බරින් කැරට් 170 කි. ලාංකාවෙන් කොල්ලකෑ මෙම රතු මැණික 2016 දී බ්රිතාන්යය පවුම් මිලියන 10 ක වටිණාකමක් ලෝක ප්රකට ක්රිස්ටීන් වෙන්දේසි සමාගම ලබාදුන්නේය. මෙම මැණික් අතරින් තවත් සුවිශේෂී මැණිකක් වන්නේ කැරට් 105 ක බරින් යුත් Chrysoberyl cat's eye (කණක වෛරෝඩියයි. ) මෙම ලාංකිය මැණික් වලින් සැරසූ ඔටුන්න VII එඩ්වඩ් V ජෝර්ජ් VIII එඩ්වඩ් මෙන්ම දෙවන එළිසබෙත් රැජිනද අඛණ්ඩව භාවිතා කර ඇත.
මෙම ඔටුන්නට අමතරව වික්ටෝරියා රැජින විසින් ලංකාවෙන් කොල්ලකා රැගෙන ආ සුවිශාල වටිණාකමකට හිමිකම් කියන රතුගල් වලින් නිමැවූ ගෙලපළඳනාවක් භාවිතා කළේය. එය නමින් The Timur Ruby ය. මෙම මැණික් ගල්වල බර කැරට් 361 කි. එය එළිසබෙත් රැජිනගේ රාජකීය ආභරණ අතර අදටද දැකිය හැක.
මෙතරම් තේජසක් බ්රිතාන්ය රජපවුලට ලබාගැනීමට ඔස්ට්රේලියාවෙ නම් ඇබෝජියන්වරු දහස් ගණනින් මරා දැමීය. කිවුලේගෙදර පුරන්අප්පු වැනි සටන්කාමීන් මේ ආක්රමණික කොල්ලකරුවන්ට යටත් නොවී සටන් වැදුනේ අපේ උරුමය තව දුරටත් කොල්ලකනවාට එරෙහිවය. ඌව වෙල්ලස්සේ පමණක් බ්රිතාන්ය රජපවුලේ අණසකින් ලාංකිකයින් ලක්ෂයකට අධික පිරිසක් කපාකොටා වෙඩිතබා පනපිටින් පුළුස්සා ඝාතනය කළ බව ලක් ඉතිහාසයේ ලියවී ඇත. බ්රිතාන්ය කිරීටයේ පට්ටන්තරය තවත් බොහෝ අමනකම් මත ලියැවී ඇත. ඉංදියාවේ ලක්ෂ 20 ක් මරණයට පත්කළ සාගතයද කෘතිමව නිර්මාණය කළ මිලේච්ඡ ක්රියාදාමයකි.


මා ෆේස්බුක් හි ලිවු දේ
ඔබට අවුරුදු 96 ක් වන මිත්තණියක් සිටී යයි සිතන්න. ඔබ ඇයට තේ හෝ කෝපි ගෙන දෙනු ඇත. ඇගේ අතින් අල්ලාගෙන ඇවිදිනු ඇත. බෙහෙත් දෙනු ඇත. රැක බලාගනු ඇත. අතට පයට වැඩ කාරයන් සිටියත් ඔබම කෑම බිම ගෙනත් දෙනු ඇත. ඇය බොහෝ විට ලෙඩ ඇඳේ වැතිර සිටිනු ඇත. ඉඳහිට ජනේලයක් අසල වාඩිවී ඉවත බලාගෙන සිටිනු ඇත. නැත්නම් රුපවාහිනිය නරඹනු ඇත. ඔබ ඇයට කිසිවකු හමුවී යමක් කිරීමට නොයවනු ඇත. නමුත් ඒ වෙනුවට, මේ අසනීපයෙන් පෙළෙන, දුබල, ලේ ගමනය හරි හැටි නැති සිහින් දෑත් අඳුරු වුනු මේ මිත්තණිය පවුලේ අනාගතය ගැන සිතා අතට අත දීමට නැගිට්ටාය. මට හද සසල කළ කණගාටුව දැනුනු මොහොත එයයි. ඒ ඇය මිය යාමට ප්‍රථමවය.



48 comments:

  1. අනේ පව් නේද අප්පච්චි

    ReplyDelete
  2. ඉතිහාසය දෙස බැලූ විට පෙනීයන්නේ සතුරු පාර්ශවයේ නිරායුධ අහිංසක පුරවැසියන් මරාදැමීම හා ස්ත්‍රී දූෂණය යුද්ධයේම කොටසක් ව පැවති බවයි. ලංකාවේ මෑත ඉතිහාසයේ වීදිය බණ්ඩාර වැනි රණකාමියෙකුගේ යුද උපක්‍රම ද මීට වෙනස් නොවේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. විදියේ බණ්ඩාර එහම අක්රලා තියනවද? එහම කෙරුවට සාක්ෂි තියේද? පෘතුගීසින් එහෙම කරලා තියනව නේද? දෙවන ලෝක යුධේදී දරුණුවට ජර්මන් හමුදාව සහ ජයග්‍රාහී සෝවියට් හමුදා වලින්. ශ්‍රී ලංකා යුද්ධයේදීත් වුනා කියල කියනව.

      Delete
  3. ඉතිහාසයේ වෙනස් කාලවල වෙනස් අදහස්, වැලියුස් තිබුනෙ, දැන් ඒවාගෙන් ඒ කාලෙ විනිශ්චය කරන්න බෑ. උදාහරණයක් වහල් සේවය. දැනට අවු 150-200කට ඉස්සර ලංකාවෙ කෙනෙක්ගෙන් ඇහුවොත් අප්‍රිකානුවන් වහල් සේවයට ගැනීම කොහොමද කියල හුඟදෙනෙක් කමක්නෑ කියයි. ඒ කාලෙ හිතපු විදිහ. දැන් ඒක අපරාධයක් අපි හැමෝමටම.

    තව එකක් බ්‍රිතාන්‍යයන් වහල් වෙලඳාම කලා එක කාලයක් , හැබැයි පස්සෙ කාලෙක අත්ලාන්තික් වහල් වෙලදාම් ප්‍රවාහනය නවත්වන්න ලොකුම දායකත්වය දුන්නෙ රෝයල් නේවි එක. කාලය අනුව අදහස් වෙනස්, ඒවා හැම කාලයටම ආරෝපණය කරල ජජ් කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. තව උදාහරණ ;-
      ලමා ශ්‍රමය (ලමා ගෘහස්ථ සේවකයින් ලංකාවෙ හුඟාක් හිටිය දැනට අවු 30-40කට කලිනුත්. අවු 100-120කට විතර ඉස්සර ඉන්ගලන්තෙ ගල් අඟුරු පතල්, චිම්නි පිරිසිදුකරුවන්, ඊටත් ඉස්සර නැව්වල කුඹගස් නගින්න, වෙඩිබේත් ගබඩාවල්වල )
      මරණ දඬුවම, වද දීම,වැඩවසම් ක්‍රමය, කුලය මත රැකියා, ගැහැණුන්ට අඩු අයිතිවාසිකම්, මත්ද්‍රව්‍ය නීතිවිරෝධී නොවීම (ඒක තාමත් වෙනස්වන සුළුයි ), දඩයම්, සර්කස්, කුකුල්පොර, බලුපොර,
      ඔය ඔක්කොම ඉස්සර අගයන්වලට අනුව වැරදි නොවේ හෝ සමහර ඒවා හොඳයි කියල සැලකුන ඒවා. දැන් වැරදියි. ඒවා පොත්වල කියවන සමහර අයට තරහත් යනවා :-D

      ඔය බටහිරින් ඇවිත් අප්‍රිකානු හා නැගෙනහිර රටවල් අල්ලගෙන (සමහර විදිහට සූරා කෑම හා තවත් විදිහකට දියුණුකිරීම ) ඔහොම නොවී නැගෙනහිර රටවල් වෙනත් ඒවා අල්ලගත්තනම් මොකද වෙන්නෙ?
      ලංකාව ගිහින් කෙන්යාව අල්ලගත්තනම් 1500 ගණන්වල විතර කොහොම කරයිද?
      ඒ කාලේ විදිහට අතිමහත් බහුතරය පිලිගත්ත විදිහට තමයි වුනේ. ඒකට වර්ථමානයේ ඉඳන් දැන් කාලෙ වැලියුස් ආරෝපණය කරගෙන තරහවෙන්නෙ මොකටද කියල මට නම් තේරෙන්නෙ නෑ.
      වර්ථමානයට දැන් තියන ප්‍රශ්න හොඳටම ඇති.

      හියු නෙවිල්ගෙ රිසර්ච් කියවපු අය දන්නව පුස්කොලපොත් ගෙන ගියාට අමතරව කොයිතරම් ලාංකික සංස්කෘතිය ගැන රිසර්ච් පේපර්ස් ලියවුනාද කියල. අපි තාමත් පාවිච්චි කරන ඒවා. තව ෆිලිප්ස්ගෙ මැමල්ස්, හෙන්රිගෙ බර්ඩ්ස් වලට සමාන කරන්න පුලුවන් ඒවා ලියවිලා නෑ. ඒ ප්ලාන්ටර්ස්ලා !
      උඩරට තේ වවපු එක හොඳයි. ඒත් කැලෑ කැපුවා වැඩියි. හැබැයි ඒකාලෙට අනුව හොඳයි. දැන් තේරෙනවා නරකයි කියල.

      අජිත් දන්නවනෙ මගෙ ප්‍රියතම විෂය ඉතිහාසය කියල. ඒකෙන් මන් ඉගනගත්තෙ එක කාලයක් ගැන ඉගනගන්නකොට ඒ කාලයේ සියලුම දේ අදාල කරගෙන තමයි ඒක් දෙයක් ගැන විශ්ලේෂණය කරන්න පුලුවන් කියන එක.

      ඒක නෙමෙයි , ඉන්ටරෙස්ටින් විකල්ප ඉතිහාස පොත් තියනව
      හිට්ලර් දිනුවනම්, දකුණ ඇමරිකන් සිවිල් යුද්ධය දිනුවනම්, සුදු හමුදාව රතු හමුදාව පැරැද්දුව නම්, සෝවියට් දේශය සීතල යුද්ධය දිනුවනම් වගේ ඒවා. එකක් තියනවා කලු සහ අරාබි ජාතිකයින් වහල් හිමියන් හා යුරෝපයෙන් අල්ලන් ආපු සුදු ජාතිකයින් වහල්ලු වෙන.
      https://en.wikipedia.org/wiki/Lion%27s_Blood

      * ආයිත් දිග කමෙන්ට් එකක් තව මාස 6කින් විතර ලියන්නම්

      Delete
    2. //උඩරට තේ වවපු එක හොඳයි. ඒත් කැලෑ කැපුවා වැඩියි.
      හැම දෙයක්ම ආර්ථික සාධක වලට ලඝු කිරීම කෂි කබල් මාක්ස්වාදී ක්‍රියාවක් (නලීන් ද සිල්වා)

      කැලේ කැපුවත් කමක් නෑ දෙමෙල්ලු ගෙනාව එකයි වැරැද්ද.

      Delete
    3. ප්‍රදීප් එකඟයි. ග්‍රීසියේ අම්බානක සුද්දට බනිනවා එල්ගින් මාබල් අරන් ගියා කියල. නමුත් ග්‍රීක් පුර වස්තු හොයාගෙන , නගර හොයාගෙන ලියල තියෙන්නේ සුද්දෝ.

      Delete
    4. ජගත් කතාවත් එක පැත්තකින් හරි. සුද්දෝ එතන කලේ වහල්ලු ගෙන ඒමක්. නමුත් අපට ඒ අයව එළවන්න් බහ, ඒක අසාධාරණයි

      Delete
    5. PraJay සහ Jagath Pathirana,
      ගජබාහු රජ්ජුරුවො එයාගේ (සුළු) සහෝදරයා වුනු නීලමහා යෝදයත් එක්ක ඉන්දියාවෙන් වහල්ලු තිස්දාහක් ගෙනාපු කතාවක් තියෙනවනේ.
      ඒවා අපේ හෙළ යක්ඛ පැටවුන්ට තාමත් බොහොම අගෙයි !!

      Delete
    6. ගජබා රජ්ජුරුවන්ගේ කාලේ සිංහල ජාතිය තිබුනා.
      ඒ ගෙනාපු අයත් සිංහලජාතියේ කොටසක් වුනා. වතු දෙමළා විතරක් නෙමෙයි බිරිතානි කාලය තුල මෙරටට සංක්‍රමණය වුන අනෙක් දෙමළු වුනත් සිංහල ජාතියට මිශ්‍ර වුනේ නෑ. ඒක ආර්ථික, පරිසර ප්‍රශ්න වලට වඩා ලොකු ප්‍රශ්ණයක්.

      ඒ වගේම අතිතයේ දෙමළ කියලා ජන වර්ගයක් තිබුනෙත් නෑ. දෙමළා කියන එකා බිරිතානියන්ගේ නිර්මිතයක්. බිරිතානීන් ඉන්දියාව යටත් කරගත්තට පස්සේ එහි මිනිසුන් හින්දි හැර අනෙක් භාෂාවල නමින් වර්ග කලා දෙමළ තෙලිඟු කන්නඩ යනාදී ජන වර්ග හැදුනේ ඒ විදියටයි.

      Delete
  4. //ලංකාවෙන් අරන් ගිය මැණික් වල සිට අබෝරිජින් වරු මරපු ඒවා ගැන රැජිණගේ මරණය වෙනුවෙන් ලියපු.//
    මෙන්න මෙතනයි වැරැද්ද තියෙන්නේ. හැම දෙයක්ම ආර්ථික සාධක වලට ලඝු කිරීම කෂි කබල් මාක්ස්වාදී ක්‍රියාවක් (නලීන් ද සිල්වා)

    සුද්දා කල ලොකුම අපරාධය සිංහල ජාතිය වඳ කිරීමයි.
    අද සිංහල ජාතියක් නෑ. අද තියෙන්නේ සිංහල ජන වර්ගයක්.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකිකයන් කියල කීව නම් හරිනේ

      Delete
    2. ඔව් ඔව්.
      අද සිංහල ජාතියක් නෑ. අද නලින් ද සිල්වත් නෑ.
      ඉන්නේ ඇමරිකා ඔරුමිත්තනාඩුවේ සකරබරග උන්නැහේගේ ඔපීසිය ඉස්සරහ සරණාගතයෙක් වගේ ඉන්න මනුස්සයෙක් නේ. එහෙම නේද Jagath Pathirana.

      Delete
    3. නලින් ද සිල්වා මහත්තයගේ පෞද්ගලික ජීවිතය අදාල නෑ.
      මගේ මතය තමයි සිංහලයෙක්ට ස්ථිර පදිංචියට නුසුදුසුම රට ඇමරිකා ඔරුමිත්තනාඩුව බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ජර්මානු සම්භවයක් තියෙන අයත් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් කරගත්තා නම් සිංහලයෝ ගැන කවර කතාද?
      සමහරවිට හිට්ලර් දිනුව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අය ජර්මානුවන් බවට පත්වෙයි.

      Delete
  5. මුදල් වන්දි වසයෙන් හම්බුණත් වෙන්නෙ බහිරවයෝ ගිලින එක නෙව... ඒ නිසා හම්බු නොවෙන එකම හොඳා. ඒ සල්ලි ඒ රටවල් තිව්නොත් ඒ ජහමනයට හරි වැඩක් වෙන්නෙ නැතා

    ReplyDelete
    Replies
    1. ලංකාවට සල්ලි දෙන්න ඕනේ කොන්දේසි එක්ක, නැතුව කරන්න අමාරුයි

      Delete
  6. මිහායෙල් ගොර්බචොව් සහෝදරයාගේ අභාවය වෙනුවෙන් වදනකින් කණගාටු නොවුණු අජිත් ධර්මකීර්ති එංගලන්තේ රැජින වෙනුවෙන් විස්සෝප වීම හදුනා ගන්නේ කෙසේද?

    ලෝකයේ පැවැත්ම සාමය වෙනුවෙන් සිය පැවැත්ම අත්හරින්න කටයුතු කල මිහායෙල් ගොර්බචොව් සහෝදරයාගේ පාලන සමයේ සෝවියට් රුසියාවට වී එහි පිහිටෙන් අධ්‍යාපනය ලැබූ ධර්මකීර්ති, අන් රටවල් යුධ බලයෙන් යටත් කොට ඒවායේ සාරය උරාගත් එංගලන්තේ රජ පවුලට කඩේ යයි

    ReplyDelete
    Replies
    1. රැජින වෙනුවෙන් අමුතු විස්සෝප වීමක් නැහැ. මම රාජාණ්ඩු වාදියෙකුත් නෙමේ. නමුත් මේ සමහර ජවිපෙ සහෝලා ලියන ඒවා රැජින ගැන නිකන් විකාර වගේ. අදාල නැති දේ හරියට කරකවල තමන්ගේ දේශපාලන ඇජෙන්ඩ වලට

      Delete
    2. උඩම ලියල තියෙනව අමං රාජාණ්ඩු වාදියෙක් නෙමේ කියල. ගොර්බචොව් ට මම කැමති නැහැ. තැචර් ට සහ රීගන් ට රැවටුනා

      Delete
  7. කාලෙන් කාලෙට සාරධර්ම වෙනස් වෙනව ඉතිං. කොහොම නමුත්, මිත්තණියක් දේශපාලන අරමුණකින් අතට'ත දීමට නැගිටීමත් අර හා සමාන උපේක්ෂාවෙන් දැකිය හැකියි කෙනෙකුට.

    වාද කිරීමෙන් ඇති පලක් නෑ කියා හිතෙනවා. සමහරවිට මේ ලංකාද්දීපයේ මේ දවස්වල වෙන දේවල් දැකලා ම වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. මම ඒකෙ වරද පටවන්නේ බ්‍රිතාන්‍ය රජයට සහ එයාගේ ළමයින්ට . අමානුෂික හැටියට තමා මට පෙනුනේ

      Delete
  8. බලයයි මුලට එන්නේ ලැබුනම නිලය
    එය රැක ගැනුම කොයි කාගෙත් අරමුණය
    නාම මාත්‍රික බලයෙත් ඇති බලය
    පෙන්නුව හැටි රැජින කාටත් පාඩම්ය!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත , සොෆ්ට් පවර්

      Delete
  9. සිංහල ජාතිය වඳවෙලාලු, එතකොට මෙතන සිංහල නම් තියෙන අය සිංහල භාශාවෙන් කමෙන්ට් කරලා තියෙන්නෙ කොහොමද. අජිත්ගෙ බ්ලොග් එක hauntedද? හපොයි!!

    අධිරාජ්‍යය නිසා අපිට අරම වුනා, මෙහෙම වුනා කියලා 'අපි පව්' රෝල් එක ප්ලේ කරන රටවල අය තාමත් කවුරු හරි තමන්ට සර් හරි, මැඩම් හරි කියලා කතාකලොත් ඒක තමන්ට ලැබෙන ලොකුම ගෞරවයක් කියලා හිතන අය. ඒ රටේ ඔටුන්න හිමි කුමාරයා තමන්ගෙ මිත්තනියගෙ අභාවය වෙනුවෙන් ශෝකය පලකරන්න ආපු අය ලඟටම ගිහින් ඔවුන් එක තමන්ගෙ සෝකය බෙදාගනිද්දි, වැඩිහිටියන්, පොඩි ලමයින් හැමෝම ඔහුට විලියම් කියලා ඔහුගෙ පලමු නමින්ම කතාකරද්දි, මේ රටවල අය තාම රට හදන්න ආපු දියසෙන් කුමාරයා කියලා හිතාගෙන අහින්සක නයි පැටවෙකුටවත් නිදහසේ ඉන්න නොදෙන අය.

    ReplyDelete
    Replies
    1. සුද්දා කල ලොකුම අපරාධය සිංහල ජාතිය වඳ කිරීමයි.
      අද සිංහල ජාතියක් නෑ. අද තියෙන්නේ සිංහල ජන වර්ගයක්.

      Delete
    2. මම හිතන්නේ ලෝටස් රෂියන් ට්‍රොල්ස් ලා ඇවිත් සිංහලෙන් කොමෙන්ට් කරනවද කොහෙද? දෙවන කොටස සමග එකඟයි ඇත්තෙන්ම. පසඟ පිහිටුවා වැඳ වැටෙන රටක සුද්ද එහෙම දණ ගහන්නෙත් නැහැ

      Delete
  10. පාසල නිසා කපා දෑමූ ක්‍රීඩකයා
    ➖➖➖➖➖➖➖➖➖➖➖

    By - ප්‍රියන්ත හේවගේ

    දැන් අපි හැමෝම කතාවෙන කොළුවා... අයි.පී.එල්. ගිහින් පෆෝම් කරන්න ගත්තට පස්සෙ වෙන කරගන්න දෙයක් නැති කමට පූල් එකට ගත්තු භානුක. ස්කින් ෆෝල්ඩ් ටෙස්ට්ගැන වද වුනු,කිලෝමීටර් දෙකේ ටයිමින් ගැන වද වුනු දහසක් ඇද හොයපු පරිපාලනයට කනේ පාරක් දීපු භානුක.

    ඉස්කෝලෙ කාලෙදිම ඉතාම ලාබාල ක්‍රීඩකයෙක් විදියට නැශනල් ස්කොඩ් එකට භානුක සිලෙක්ට් වෙයි කියන බලාපොරොත්තුව රාජකීය විද්‍යාලය හා සම්බන්ධ හැමෝටම තිබුණා. ඌ ඒ තරමටම ස්කූල් ක්‍රිකට් වලදි පෆෝම් කරපු බව ඒ හැමෝම දන්නවා. පත්තර කෑලි වල, ක්‍රීඩා පිටු වල, සෝශල් මීඩියා පේජ් වල ඉස්කෝලෙ නම කියවෙන තැන් වල ඒ පෆෝම් කෙරිල්ල ගැන අහන්න දකින්න තිබුණා.
    තමන්ගෙ ඉස්කෝලෙ එකෙක් එහෙම පෆෝම් කරන බව කොහෙ දැක්කත් පොඩ්ඩක් හයිලයිට් වෙලා ආපහු බලන කියවන දකින පුරුද්ද හැමෝටම තියන නිසා. ලංකාවෙ ක්‍රීඩාවට විතරක් නෙවෙයි, ඕනෑම කම්පෙටිශන් එකකදි ඉරිසියාව, කුහකකම, හීනමානය කියන කාරණාව ඉස්මතු වෙන එක සිරිතක්.

    96 වර්ල්ඩ් කප් එක දිනුවට පස්සෙ ආනන්ද සහ නාලන්ද ඉස්කෝල වල ක්‍රිකට් ගැහුව නං නැශනල් ස්කොඩ් එකට එන එක සහ පොඩි පුෂ් එකක් හම්බවෙන එක ගැන පොඩ්ඩක් විචාරශීලීව බලන හැමෝටම තේරෙනව. අනිත් උන්ට චාන්ස් හම්බවෙන්නෙ නෑ.
    රෝයල් කොහොමත් අරහං ඒ උන්දැලාට. ඈතින් එන උන් ඕකේ. රෝයල් බෑ හැබැයි. ඈත ඉස්කෝල වලින් ආව එවුන් සිලෙක්ෂන් වල සහ අදාල තැන් වල ඉත්දි රෝයල් උන්ට කෝමත් නෝ චාන්ස්. ඒක මහ පුදුම කරුමයක් විදියට බලපෑවා භානුකට. ඌට චාන්ස් දුන්නෙම නෑ. දුන්නත් නොදී බැරිකමට. ෆේල් වෙන හැටි බලාගෙන අදාල නොවෙන පොසිෂන් එකක ගහන්න.

    අවුරුදු විස්සෙන් විසි එකෙන් ටීම් එකට එන්න ඕනා එකෙක් වයසටගියාම උගෙ ස්කින් ෆෝල්ඩ් ටෙස්ට් කරලා දුවන වෙලාව බලලා එතනත් කපන්න බැලුවෙ මුන්. ලංකාවෙ ක්‍රිකට් වලදි හැමදාම උනේ මූණත් එක්ක තරහට නහය කපාගත්තු එක. ඒකට සෝශල් මීඩියා වල බකපණ්ඩිත ගොබ්බයොත් වගකියන්න ඕනා. ක්‍රිකට් ගැන අබමල් රේණුවක් නොදන්න ගොබ්බ හැත්ත කුසල් මෙන්ඩිස්ට කලෙත් ඔය දේ.
    96 දිනපු එවුන් බහුතරය කැමති නෑ ආයෙ ලංකාවට වර්ල්ඩ් කප් එකක් එනවට. අර්ජුන ඒකෙ ප්‍රධානියෙක්. මුරලිදරන් මොනතරම් හොඳ ප්ලේය උනත් ඌ වෙනුවෙන් රටම හිටගත්තත් ඌ කැමති නෑ ලංකාවෙ ක්‍රිකට් උඩට එනවට. ඒ කුහකකම ඉරිසියාව ඒ පරම්පරාවෙ උපරිමයට තිබ්බා.
    මහේල සහ සංගක්කාර තනිකරම බිස්නස් එකක් කලේ. ලංකාවෙ ක්‍රිකට් පහුගිය කාලෙ වැටෙන්න ප්‍රධාන හේතුව උන් දෙන්නා. මැනේජර්ලා තියාගෙන ඩීල් ගහගෙන දෙවනි පෙළක් නොහැදෙන්න ගහපු ගේම් ගැන අපි අහල තියනවා. සංගා අනික් උන්ට මාර පොරක් උනාට මට නම් පුද්ගලිකව දිරවන්නෙම නැති එකෙක්. උගෙ කුහකකම මට මූණෙන් පේනව. මගෙ අවුලක් වෙන්නැති.

    ඔය කුමක් හෝ වේවා සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනා. මේ කොල්ලට මෙහෙම වෙන්න හේතුව ඌ රෝයල් වීම. ඌ පරණ උන්ට වඩා පෆෝම් කරයි කියන බය. ආනන්ද නාලන්ද උන්ට රෝයල් එකෙක් ප්ලේ කරනව පේන්ඩ බෑ. ඈතින් ආව එකාලට කෝමත් බෑ. කුමක් හෝ වේවා, අන්තිමේ මේ ටීම් එකේ රෝයල් උන් දෙන්නෙක් ගහනව.
    එකෙක් 2010 කැපා භානුක.

    අනිකා 2014 කැපා චාමික.
    ඉස්කෝලෙ මතු කරලා මේ ගැන කිව්වෙ ඉස්කෝලෙ අභිමානය කියවන්නම නෙමේ. විශේෂයෙන් භානුකට උගේ හොඳම කාලේ පෆෝම් කරන්න සහ ලංකාව ක්‍රිකට් වල උඩින් ඔසවා තබන්න තිබ්බ චාන්ස් එක නැති කලේම ඔය ඉරිසියාව සහ හීනමානය වීම.
    .

    ReplyDelete
  11. වැඩිය පරණ කතා ඕනේ නෑ. Andrewගේ බාල අපචාර නඩුව සමතයකට පත්කරගන්න සල්ලි දුන්නේ මෙයා තමා. කෙටියෙන් කිව්වොත් ළමා ස්ත්‍රී දුෂකයෙක් ආරක්ෂා කළා

    https://time.com/6149123/prince-andrew-settlement-virginia-giuffre-royal-finances/

    ReplyDelete
    Replies
    1. උනහපුලුවට වුනත් තමන්ගේ ළමය ලොකුයි ලුනේ. මගේ බදු සල්ලි දෙන්නේ නැතිව රෝයල් පවුල හිටියට මටනම් අවුලක් නැහැ.

      Delete
    2. අන්දෘව නම් හිරේ යන්න ඕනේ එකෙක්

      Delete
  12. රැජින නෙමෙයි, අජිත් ධර්ම වැළලී ඇතිබව අපට පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ හාරනවා උඩට එන්න

      Delete
  13. නිරව් යුධ සමයේ අජිත් කීර්ති කලේ සෝවියට් රුසියාවට පින්සිදුවන්නට මුලික විදුලි ඉංජිනේරු උපාධිය ලබා ගැනීමය. මුලික විදුලි ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ගමන් ඔහු කලේ සෝවියට් න්‍යෂ්ඨික තාක්ෂනය හොරකම් කොට බටහිරට විකිනිමය.
    දැන් මොහු කරන්නේ මොකක්ද?

    ජනපති රනිල් ලංඩනයට ලබන 18 වෙනිදා පැමිණි විට අජිත් ධර්මකීර්ති ලන්ඩනයට ගොසින් ජනපති රනිල් හමුනොවේද? මොහුගේ මීලග අරමුණ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. නියමයි මචන් , තව මොනවා හරි ලියපං

      Delete
    2. අජිත්ගේ රෙදි ගැලවෙන නිසා ලියන්නේ නැත්තේ. චන්දිමටත් කෝල් කර කර බැලන්ස් කර ගන්න නේද ලෑස්ති.

      Delete
    3. චන්දිම කියන්නේ කවුද

      Delete
  14. අපි කැමති වුණත් නැති වුණත් එලිසබෙත් රැජිණ 1972 දක්වා ලංකාවේ රාජ්‍ය නායිකාව. ඒ නිසා ඒ ගැන උනන්දුවක් ඇතිවෙන එක සාධාරණයි. අනික එංගලන්තයේ රජු හෝ රැජිණ නාම මාත්‍රික නායිකාවක් පමණයි. එංගලන්ත දේශපාලකයින් කල නොකල දේවලට ඇයට දොස්පවරන අය බොහෝ විට එසේ කරන්නේ එම ක්‍රමය නොදන්නා කම නිසා හෝ දේශප්‍රේමී බවක් පෙන්වීමට.

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමය සහ වාමාංශික අධිනිශ්චිත භාවය. ලංකාවේ පැරණි වම්න්ශිකයන්ට නොපෙනන කරණය තමා දෙමල අනාථයන්ගේ පටන් අනිත් රිෆියුජි ස් ලා රැජින ගැන දුක්වෙන බව. අපි රාජාණ්ඩුවට කැමති වුනත් එකතරා අවතාවක පට ඉවසන්න සිද්ධ වෙනවා ඒ ජනතාව නිසා

      Delete
  15. විදුලි බිල වැඩි වී ඇත්තේ විහාරස්ථානවලට විතරක් නෙමෙයි, හින්දු, මුස්ලිම් හා කතෝලික ආගමික ස්ථානවලටත් එය එසේයි. ආර්ථික අර්බුදයේ බර මුළු රට විසින් ම එක්ව දරාගත යුතු අවස්ථාවක් මේක. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ, ඉන් ගොඩ එන්න තායිලන්තය වැනි රටවල විහාරස්ථාන ඒවාහි තිබූ රත්තරන් ආදිය එරට මහබැංකුවට පරිත්‍යාග කළා. පන්සල් තමා අර්බුදය විසඳගන්න සමාජයට නායකත්වය දුන්නෙ. ලංකාවේ භික්ෂූන් වහන්සේත් ඊට වඩා ධෛර්යවන්ත පිරිසක්.

    ඒත් මෙරට සිංහල බෞද්ධත්වයට එරෙහිව, අරගලය සමග එක්ව සිටි ඕ. සෝභිත වැනි අය දැන් මේකෙන් දේශපාලනය කරන්න හදනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා ගිය පසු, ඕමල්පේ සෝභිත හිමි එහි සිටි පාදිලිවරුන් සමග එක්ව ප්‍රකාශ කළේ ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන් කියල. එහෙම කෙනා තමා අද පන්ස⁣ලේ ලයිට් බිල වැඩි වීම ගැන ප්‍රලාප කියවන්නෙ.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
    Replies
    1. එයාට එයාගේ බිල් ගෙවන්න කියමු

      Delete
  16. මේ අජිත් ධර්මකීර්ති කියන්නේ මාත් එක්ක ඉස්කෝලෙ එක පන්තියේ ඉගෙනගත් අයෙක්. පන්තියේ ඉස්සරහම පේළියේ තමයි හිටියේ. පන්තියේ අනික් ළමයි මෙයාට වඩා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයන් වීම ගැන ඒ කාලේ ඉඳලම ඉරිසියාවෙන් තමයි අජිත් හිටියේ.

    මෙයා මිටියි කළුයි. අනික් ළමයි ඔක්කොම උසයි සුදුයි. ඉස්කෝලෙ කිසිම විෂය බාහිර ක්‍රියාකාරකමක් කළේ නැහැ මෙයා. ගල් බිල්ලා වගේ තමයි හිටියේ. මෙයාට තාම තියෙන්නේ ඒ තරහව. නැතුව මෙයාට සමාජය කිසිම වරදක් කරලා නැහැ. සමාජීය ප්‍රකාශ සමග මතවාදීයව හැප්පෙන්න බැහැ. අජිත් ධර්මකීර්ති වගේ අයට පාසලේ අනෙකුත් සිසුන් ලබාගත් වෘත්තීය සාර්ථකත්වය කිසිදාක ලබාගන්න බැහැ. පෞරුෂයක් නැහැ. තැනකට ගියාම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ හීනමානය තමයි ඔය. මෙයාගෙ දේශපාලනයේ සීමාව ඕක තමයි. පුද්ගලබද්ධ ඇරියර්ස් විතරයි. ධර්මය අපට මග වේවා!

    ReplyDelete
    Replies
    1. Mr. Ajithge School eke Student kenek Social Media wala dala thibbe meka.

      Delete
    2. 😁 //සමාජීය ප්‍රකාශ සමග මතවාදීයව හැප්පෙන්න බැහැ// දැන් මේ මොකක්ද කරන්නේ බං

      Delete
  17. https://www.theguardian.com/commentisfree/2022/sep/14/dont-ask-me-to-give-the-queen-a-minutes-silence-ask-me-for-my-truth-about-british-colonialism?fbclid=IwAR2zd_jNbPGfVGQdatnQheVA1yHuRwMzM_ZnSknnicDkb_bexnCNYwg7_Dg

    ReplyDelete
  18. මේ උඹ චර්නොබිල් ගැන ලියපු කතාව සම්පූර්ණ කළාද ? Link දාපන්.

    ReplyDelete
    Replies
    1. රුසියානු යුක්‍රේන් යුද්දේ නිසා ඒකෙ අග කොටස ලියන්න බැහැ . වරදවා වටහා ගන්න ඉඩ තියෙනවා හැමෝම

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .