Wednesday 14 September 2022

ග්‍රීක රජයේ සේවක අතිරික්තය හා ශ්‍රී ලංකාව?

වසර 2015 දී පමණ මම සිරිසා සංවිධානය ගැන පළවූ සම්මුඛ සාකච්ඡාවක්  පරිවර්තනය කලෙමි. එය පරිවර්තනය කිරීමට මට යොමු කළේ දීප්තිය.  (දීප්ති කුමාර ගුණරත්න  ) - ඒ ලිපි පෙළෙහි අවසන් ලිපිය මෙයයි. සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5 නමුත් මම සම්පූර්ණ සකච්ඡාවම  පරිවර්තනය නොකලෙමි. අවසන් කොටස ගැන හිතේ ඇතිවුණු විචිකිච්චාව නිසාය. ඒ සිරිසා යුරෝපා සංගමයෙන් ග්‍රීසියේ  ඉවතට යෑම හෝ අතිරික්ත සේවකයන්  ඉවත් කිරීම ආදිය නොවෙන දේ බවටත්  සිරිසා සංයුතියේ විවිධ දේශපාලන පක්ෂ වල කකුලෙන් ඇදීමක් වේයැයිත්  සිතු නිසාය. දීප්ති ඒ කොටස නොකිරීම ගැන  ගැන මගෙන් ඇසුවේද නැත.  


පින්තූරයේ සිටින්නේ ආර්ථික විද්‍යාව හදාරා ගණකාධිකාරිවරයෙකු ලෙස වැඩ කරන නිකොස් ය. ඔහු දක්ෂිණාංශික නව ප්‍රජාතන්තවාදී (new demoracy)  පක්ෂයට සහය දක්වන්නෙකි. ඔහුගේ ප්‍රියම්බිකාව අනස්තාසියා සිරිසා සංවිධානයට සහය දක්වන්නියකි. ඇය ද ආර්ථික විද්‍යාව හැදෑරුවත් රැකියාව කරන්නේ ග්‍රීක සෞඛ්‍ය සේවයේය. (උගත් දෙයට අනුකුලව රැකියා නොමැති බවට ඇය චෝදනාවක් ද කළාය.)  දක්ෂිණාංශික නව ග්‍රීක රජයට සහය දක්වන නිකෝස් ට යනුස් වරෆාකිස් හොඳ  ආර්ථික විද්‍යාව මහාචාර්යවරයෙකු වන අතර අසාර්ථක දේශපාලනඥයෙකි. ඔහු සිතන්නේ ග්‍රීක රජයේ අතිරික්ත සේවක සංඛ්‍යාව අඩු කළ යුතු බවය.  අනස්තසියා  ඇලෙක්සිස් සිප්‍රස් ට කැමති අතර සිරිසා ඊළඟ  මහා මැතිවරණයෙන් බලයට ඒ යැයි සිතන්නීය. සිරිසා පක්ෂ සභාගය  සංක්‍රමණිකයන්ට මානුෂිය ලෙස සැලකීම,   රැකියා ඇති කිරීම සහ සහනාධාර   දුප්පතුන්ට ලබා දීම ආදී කරුණු නිසා ඇය ඔවුන්ට සහය දක්වන බව පැවසුවාය.

මේ දිනවල විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදියේ අතිරික්ත සේවකයන් ගැන බොහෝ අයද වත්මන් ශ්‍රී ලංකා රජයද  කතා කරති. අතිරික්තයක් ඇත්තේ ඒවායේ පමණක්ද? 

සිද්ධිය 1: මහින්ද තුමා දෙවන වර රජවී තිස්සමහාරාම පාරවල් යෝධ සංවර්ධනයකට ලක්කළ පසු අපි ඒ පැත්තේ ගියෙමු. තිස්සමහාරාමයේ දී මට යම් මුදල් ප්‍රමාණයක්  අවශ්‍ය විය. සාමාන්‍යයෙන් මම බාක්ලේස් ඩෙබිට් කාඩ් පතින්  මුදල් අදින මුත් අතේ පවුම් තිබු නිසා ඒ අසල ලංකා බැංකුවේ ශාඛාවට (මතක විධිහට)  ගියෙමි.  දහවලක් වූ ඒ වෙලේ උෂ්ණය ඉතා අධික විය.  මම බැංකුව තුලට ගොස් මුදල් මාරු කිරීමට ගියේ මිනිත්තු කිහිපයකින් සල්ලි මාරු කරගෙන ආපසු යාමටය. මගේ නිගමනය සම්පුර්ණයෙන්ම වැරදි විය. මාව මේසයෙන් මේසයට යැවු බැංකු නිලධාරීහු  (එය පාසලක පන්ති කාමරයකට ටිකක් විශාල ශාලාවක්ය). අහවල් පොතේ , අර පොතේ මේ පොතේ ලියමින්, විදේශ ගමන් බලපත්‍රයේ  ෆොටෝ කොපි ගනිමින් යකා නැටූහ.  එක පොතක ලේඛන කෙරවූ පසු පියන් මහතා  එය රැගෙන අනික් මේසයට යයි.  එක අයෙකු පමණක් තැනම නැගිට අනික් මෙසයට් එය භාර දුන්නේය. 
පවුම් සුළු ගණනක් මාරු කිරීමට පස් දෙනෙකු වැඩක්  බෙදාගෙන කරන මේ විගඩම කුමක්දැයි සිතනා තර මගේ බිරිඳ ඉනෙස් බැංකුවට පැමිණියාය. මගේ  සහෝදරයා වෑන් රථයේ එන්ජිම නවතාගෙන බලා සිටින නිසා රථය තුල ඉතා උණුසුම් වී තිබුණි. ඇයට එය උසුලාගත නොහැකි වීම නිසා බැංකුවට පැමිණ ඇත්තේ මොනවා වෙන්නේ දැයි බැලීමටය. මා ඇය සමග කතා කරනු දුටු මුල් ලිපිකරු, " ආ එයාගේද සල්ලි, මම මේක මහත්තයට පෙන්වන්නම්  " යැයි මට පවසා මගේ ගමන් බලපත්‍රයද, ෆෝරම ද රැගෙන රැගෙන දකුණු පැත්තේ  කාමරයකට ගියේය. කාමරයේ හිටියේ ලොකුම ලොකු මැනේජර් කෙනක් වෙන්නට ඇත. ලොකුම ලොකු මැනේජර් එලියට පැමිණ අප දෙදෙනා දෙස  බලා හිස වනා ඇතුලට ගියේය.  මාරු කරන ලද මුදල් ලැබුනේ ඉන් පසුවය.

රාජපක්ෂවරුන් උන්ඩියල් ක්‍රමය නිර්මාණය කළේ කේපී හරහා එල්ටිටිඊ සල්ලි ඇදීමට යයි ඇතැම් අය කියති. නැත්නම් ආධාර වලින් ගසා කන ඩොලර් තම ගිණුම් වලට දා ගැනීමට යයි කියති. ඒ මොන හේතුව වුවත් උන්ඩියල් ක්‍රමයට අපට මුදල් ඉතා ඉක්මණින් මාරු කර ගත හැකි විය. බැංකු අස්සේ බඩ ගා මුන්ගේ ඔළුකම් හා නිලධාරිවාදය අත් විඳින්නට අවශ්‍ය නැත. වැල්ලවත්තේ දැන් සීල් තබා වසා  ඇති තැනක ඒ සඳහා ගතවූයේ   මිනිත්තු කිහිපයකි.

සිද්ධිය 2: පහුගිය දිනවල ග්‍රීසියේ සංචාරයක යෙදුනෙමු. ඇතැන්ස් නුවරදී  මම මුදල් මාරු නොකළ බැවින් යුරෝ සීයක් පමණ අතේ තිබුනොත් මැනවයි සිතා පවුම් සීයක් මාරු කිරීමට ගියේ බැංකුවකින් ක්‍රියාත්මක වන මුදල් මාරු කරන තැනකටය. එහි සිටියේ එක කාන්තාවක වුනත් ඇය මුලින්ම දුරකථන උපදෙස් ගත්තාය. ඉන්පසු ගමන් බලපත්‍රය රැගෙන ෆෝරම පුරවන්නට ගත්තාය. මගේ නම, ලිපිනය ආදිය ලියාගෙන මගේ පියාගේ නමද විමසුවාය. මේ වෙලාවේ හොඳටම  තරහ ගිය මම මුදල් ආපසු ඉල්ලුවෙමි. ඉනෙස් ද ඇතුලට පැමිණ මුදල රැගෙන ආපසු යමු යැයි කීවේ අමනාපයෙනි.  එහිදී සමාව ඉල්ලු කාන්තාව ඇයට ඒ සියල්ල කළ යුතු බව පවසා  පිරවූ ෆෝරමය ෆැක්ස් කලාය . අනුමැතිය ලැබුණු පසු මට ලැබිය යුතු  යුරෝ 116 වෙනුවට ලැබුනේ යුරෝ 89කි. ඒ කියන්නේ මාරු කල යුතු නියම රේට් එකට නොව ඉතා අඩු රේට් එකකි.   එතැන කිසිවකු නොඑන වේලෙන  තැනක් බව මම  නිරීක්ෂණය කළෙමි. එසේම  කෙලින්ම ඩෙබිට් කාඩ් පතින් ගෙවීම ග්‍රීසියේදී වඩා ලාභදායක  බවද වටහා ගතිමි.


සිද්ධිය 3: ඇක්‍රෝපොලිස් හි  අගෝරාව බැලීමට  ගිය ගමනේදී ග්‍රීක ස්ටොආ (Stoa) තුල පිහිට ඇති කෞතුකාගාරයේ කුඩා කියෝස්ක් එකට ගියෙමි. එහි එම  කෞතුකාගාරය හා වෙනත් කෞතුකාගාර ගැනද , අගෝරාව ගැනද , වෙනත් නටබුන් සහිත ස්ථාන ගැනද පොත් සහ සිහිවටන විකිනීමට  තිබුණි.  එතැන වැඩ කිරීමට එක් අයෙකු සිටියොත් ඇතිය. නමුත් ඒ වෙනුවට උපාධිධාරීන් තිදෙනෙකු ඒ කුඩා කඩයේ වැඩ කළහ. අපට අවශ්‍ය පොත නොතිබුණු අතර තිබුනේ ගණන් සඳහන් කළ ඩිස්ප්ලේ කොපියකි (පොත කියවා  බැලීමට ඇති කොපිය) . අප එය මුදලට ඉල්ලුවේ ඔවුන්ට තවත් එකක් ගෙන්වා ගත හැකි බැවිනි. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ. එක අයෙකු අප ගත්  පොත් දෙක එකතු කර පොතක ලියූ අතර  තව අයෙකු කාඩ් වලට බිල් දෙන යන්ත්‍රය ඇල්ලුවේය. තව අයෙක් පිටු පසින් සිටගෙන මේ සියල්ල අධීක්ෂණය කරමින් උපදෙස් දුන්නේය. අපි දෙදෙනා සිනා වෙමින් පොත් දෙක මිලදීගෙන එතනින් පිටව ආවෙමු.


මෙවැනි සිද්ධීන් බොහොමයක් ලංකාව හා ග්‍රීසිය අලලා ලිවිය හැකිය. කෙටියෙන් කියන්නේ නම් අතිරික්ත සේවකයන් ග්‍රීසියේ සිවිල් සේවයේ  සිටින්නේ එරට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් නිසය. නව ප්‍රජාතන්ත්‍රවාදී හා පැසොක් යනු එම පක්ෂ දෙකයි. (පැසොක් තරමක් දුරට  ශ්‍රීලනිප, එක්සත් සමාජවාදී  පෙරමුණ සභාගය  හා සමානය) පැසොක් දැනට දුබල වී ඒ තැනට  සිරිසා පැමිණ  තිබේ.  ඉහත පක්ෂ දෙකම ඡන්ද ලබා ගැනීම සඳහා රජයේ පාලන ආයතන ආධාරකරුවන්ගෙන් පිරවීය. ප්‍රශ්නය වන්නේ සිරිසා ට සම්බන්ධ වෘත්තීය සමිති වල මේ අතිරේක සේවකයන් ද සාමාජිකයන් වීමය. එනිස සිරිසා නායක ඇලෙක්සිස් ට්සිප්‍රස් ඔවුන් රැකියා වලින් එළවීමට අකැමත්ත දක්වයි. නමුත් හිටපු මුදල් ඇමැති යානිස්  වරෆාකිස් මේ ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙලට කැමැතිය. යුරෝපා මධ්‍යම බැංකුව (ECB), යුරෝපා සංගමය, සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඔහු සාකච්ඡා කර ග්‍රීසිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති මාලාවක් සැදුවේය. නමුත් ජනමත විචාරණයේදී එය පරාජයට පත්වී යානිස් ට ඉල්ලා  අස් වන්නට සිදුවුණි. සිරිසා මැතිවරණයෙන් පරාජයට පත්විය. අද ග්‍රීසියේ ඇත්තේ දක්ෂිණාංශික රජයකි.    


  
අප ක්‍රීටයේ සිටියදී හවස ආහාර ගත් කුඩා අවන්හලේ අයිතිකරු ලන්ඩන් වල සිටි ආර්ථික උපාධිධරයෙකි. ජෝර්ජියොස් සේර්වකිස් ගේ ආපන ශාලාව ගැන මගේ ඉංගිරිස් බ්ලොගයේ ලියා ඇත. එම ලිපියම ෆේස්බුක් වෝල් එකේද පල කර ඇත. ඔහුත් මා අදහස් හුවමාරු කරගත් හේරක්ලියොන් නගරයේ ප්‍රසිද්ධ මාකට් එකේ සාප්පු  හිමි සුළු වෙළඳන් කිහිප දෙනෙකුම යනිස් වරෆාකිස් ට කැමතිය. .   එසේනම් ඔහුගේ යෝජනා පැරදුනේ ඇයි? ඒ අය කියන්නේ  ට්සිප්‍රස් යුරෝපා සංගමයෙන් ඉවත්වීම පොරොන්දු දී එසේ නොකළ බවය. සිරිසාවේ සහයෝගය හිමි බොහෝ අයගේ රැකියා අහිමි වීමත් බදු ප්‍රශ්නයත් ඔවුන්ට වැදගත්ය. විශාල ව්‍යාපාරිකයන් ගෙන් අය වියයුතු  බදුත් ගෙවා නැත්නම් සුළු වෙළඳුන් වන තමන් බදු ගෙවිමද අනවශ්‍ය බව ඔවුන්ගේ තර්කයයි.  රටේම පෙරලියක් ඇතිකිරීම මිස කොටස් වශයෙන්කරන  පෙරළියකට කවුරුත් කැමති නැත.





ග්‍රීසිය වනාහි සෙනසුරාදා දහවලට කඩසාප්පු  වසා විවේකයක් ගෙන හවසට පැමිණ ඒවා විවෘත  කරන වෙළෙඳුන් සිටින සහ සිකුරාදා දහවල් වනවිට කන්තෝරුවේ බොසා  සමග සියල්ලෝම එලියට බසින රටකි. 



ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මම දන්නේ නැත. බොහෝ දුරට ඔවුන් අන්තර්ජාතික  මූල්‍ය අරමුදලේ චෝදනාවන්ට මෙන්ම ඔවුන්ගෙන් ණය ගැනීමටද විරුද්ධ බව සිතමි. හිතවතෙකුට අනුව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තර්කය , ඇමතිවරුන් සංඛ්‍යාව අඩු කිරීම හා  දේශපාලකයන් ගෙන් ඇති බර අඩුකිරීම රැකියා කප්පාදුවකට කලින් කළ යුතු බවය. ඒ අදහසට මටද  එකඟ විය හැකිය. 

ශ්‍රී ලංකාවේ ජනතාවට තෙල් සහ විදුලිය පිළිබඳ ප්‍රශ්නයක්,  එනම් ඒවායේ හිඟයක් සහ විදුලි කප්පාදුවක් ඇති නිසා එම ආයතන වල අතිරේක සේවක සංඛ්‍යාවන් ගේ සිට අතිකාල හා වෙනත් දීමනා පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ආයතන දෙකක් පමණක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුලය. ඒ හැම තැනකම ප්‍රතිසංස්කරණය කරන්නට යාම ඕනෑම රජයකට සියතින් ගෙල සිඳ ගැනීමකි. කිසිවකුත් තමන්ගේ රැකියාව අහිමි වෙනවාට කැමති නැත.

එනිසා රජය විසින් දේශපාලකයන් ගේ දීමනා හා අනිකුත් වරප්‍රසාද කප්පාදුවෙන් සියල්ල පටන් ගත යුතුව ඇත. පළාත් සභා වැනි වැඩක් නොකෙරෙන සුදු අලින් ගෙන් එක්කෝ වැඩක් ගත  යුතුය. නැත්නම් ඒවා දේශපාලනඥයන් සමගම වසා දැමිය යුතුය.  එවිට අනිකුත් රජයේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට ඇති ජනතා විරෝධය අඩු වනු ඇත. 

පෞද්ගලිකරණය කිරීම හැම ලෙඩටම තෛලය නොවේ. ජර්මනියේ හා ප්‍රංශයේ දුම්රිය සේවයන් භාග රාජ්‍ය ආයතන වෙති. ඒවා යුරෝපයේ හොඳම දුම්රිය සේවාවන් ය. නමුත් අවශ්‍ය තැන්වල දී පෞද්ගලික අංශයට ඇතැම් සේවාවන් භාර දීමෙන් හොඳ ප්‍රතිපල අත් විය හැකිය. දේශපාලනඥයන් ගෙන්  පටන් ගෙන සාමාන්‍ය වැසියා දක්වා වන අනවශ්‍ය රැකියා හා වරප්‍රසාද ඉවත් කිරීමද සුළු ව්‍යාපාර දියුණු කිරීමද සීමිත පෞද්ගලීකරණ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමේ වැරැද්දක් තිබේද? 

මේ යොමුවල  වැදගත් ලියවිලි දෙකක් ඇත.




34 comments:

  1. මොන ඇන්නෑව සිදු වූවත් රටදැයට
    සිටිති මහා හමුදාවක් ගලවන්ට
    උන් දස්සයි වඩාමත් ගැලවී යන්ට
    ග්‍රීස් යක්කු මොක්කුද - මුන් ඇත මුලට

    ReplyDelete
    Replies
    1. ඕකුන් මුළුමනින් එළවා දමලා
      රට ගොඩ නගනු හැම එක්සත් විලා
      ඉන්නට බැරිම නම් පාස්පෝර්ට් එක හදලා
      පැනලා යනු රජුගේ රටක් හොයා

      Delete
  2. සාමාන්‍යයෙන් ඔය කියන රජයේ බැංකුවෙන් සමස්තයක් ලෙස හොඳ සේවාවක් දෙනවා. ඔය ශාඛාව කොහොමද දන්නෙ නෑ. සමහර විට ඔයා මාරු කරන්න ගිය සල්ලි ප්‍රමාණය එක්ක KYC එකක් පුරවන්න තරම් ප්‍රමාණයක් වුනාද දන්නෙත් නෑ. එහෙම වුනොත් පුද්ගලික බැංකුවක වුනත් යම් වෙලාවක් යනවා. ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි ඇයි මේ ෆයිල් එකක් අතනින් මෙතනට අරන් යන එකට සේවකයෙක් කියලා. ඒත් ඇත්තටම ඔය පියන් කියන කෙනා කරන්නෙ ඕක විතරක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මේක තංගල්ල කියල මල්ලි කිව්වා. වෙනස් කරන්න ඕනේ තැන. පවුම් 100 හෝ 150 මට මතක විධිහට. පොඩි මුදල් ප්‍රමාණයක් නේ. පියන්ලා නම් අවශ්‍යම නැහැ

      Delete
    2. KYC යන සීමාව මට මතක නෑ. ඒ වුනාට ඒ සීමාව මහ බැංකුවෙන් එව්වාම රජයේ පුද්ගලික කියලා නෑ, බැංකු වලට කරන්න වෙනවා. ඔතන මට පේන විදිහට A class නිලධාරී අත්සන් ගන්නයි එහා මෙහා ගිහින් තියෙන්නේ. අනෙක ඔය පියන් කියන තනතුරට සමහර ශාඛා වල වව්චර් බන්ඩ්ල් හදන එක,ලිපි ද්‍රව්‍ය සම්බන්ධ වැඩ,ඔය ණය අය කරගන්න ණය ගැතියන් හොයන්න යන වැඩ වගේ එක එක වැඩ වල කොන් එකතු වෙලා තියෙනවා. අර අපිට පේන ෆයිල් එහා මෙහා අරන් යන එකම නෙවෙයි පියන්ගේ වැඩේ.

      Delete
    3. # Anonymous15 September 2022 at 09:30

      මල්ලි ලංකා බැංකුවේ පියන් කෙනෙක්ද?

      Delete
    4. //වව්චර් බන්ඩ්ල් හදන එක,ලිපි ද්‍රව්‍ය සම්බන්ධ වැඩ,ඔය ණය අය කරගන්න ණය ගැතියන් හොයන්න යන වැඩ වගේ එක එක වැඩ වල කොන් එකතු වෙලා තියෙනවා. අර අපිට පේන ෆයිල් එහා මෙහා අරන් යන එකම නෙවෙයි පියන්ගේ වැඩේ.// එහෙම නම් ඒ තනතුර වෙනස් කරන එක හොඳයි. උදාහරණයක් අවශයෙන් ෆොටෝ කොපි කරන්න වෙනම කෙනෙක් ඉන්න ආයතන මම දැකල තියනවා.ලන්ඩන් වල ඒ තත්වය දැන් නැහැ . මම දැක්කේ නම් කතා කරලා ෆයිල් ගෙනියන් එකයි, තේ හදන එකයි. අනික මැනේජර් එලියට ඇවිත් මුන බලන්නේ මොන මගුලටද?

      Delete
    5. ග්‍රීසියේ වැසියන් බලන් යනකොට මහ කම්මැලියොනෙ. එය ලඟම තියෙන ඉතාලියේ නම් නම් ගිය නිෂ්පාදන තියනවා. ඒත් ග්‍රීසියේ ඔලිව් තෙල් විතරයි ද මන්දා.

      Delete
    6. එහෙමත් නැහැ. රස්නේ වැඩි නිසා දවල්ට වහල තියෙන එකේ වැරැද්දක් නැහැ. මිනිස්සු බඩු ගන්න එන්නෙත් නැත්නම් නිකන් විදුලි බිල් ගෙවන්නේ මොකටද? පොඩ්ඩක් නිදා ගෙන ඉඳල විවේක අරගෙන ආපහු රෑ වෙනකන් වැඩ කරනවා.

      Delete
    7. සංචාරක කර්මාන්තයෙන් තමයි රට වැඩිපුරම ගෙනියන්නේ

      Delete
  3. http://encyclopedia.uia.org/en/problem/bureaucracy-organizational-disease

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , මම සෝවියට් දේශයේත් හිටි නිසා හොඳටම තේරෙනවා

      Delete
  4. මං අජිත් ගේ බ්ලොග් එකේ පළ වූ සිරිසා ලිපි නං කියෙව්වේ නැහැ නමුත් මේ කතාව නං අග සිට මුලට කියෙව්වා.

    🤓
    ඇති යන්තං නේද?

    ReplyDelete
    Replies
    1. රසික කියවන ජාතියේ ලිපියක් ලිව්වා නෙහ් 😆

      Delete
    2. සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ

      ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.

      ජල සැපැයුම අඩපණ වී ඇත්තේ, ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී ඇති බැවිනි. අඩපණ වූ ජල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බව නගර බලධාරීහු පවසති.

      (රොයිටර්)

      -ඔසී රටේ මලපවාහන පද්දතියේ සේවයේ නිරුතු මහත්තුරු කෝ වතුර. වතුර නැතුව රාශි නංගි කොහොමද පුසීව වත් හෝදගන්නේ?

      Delete
  5. //යුරෝ සීයක් පමණ අතේ තිබුනොත් මැනවයි සිතා පවුම් සීයක් මාරු කිරීමට ගියේ බැංකුවකින් ක්‍රියාත්මක වන මුදල් මාරු කරන තැනකටය.//

    ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එක දමලා ATM එකකින් සල්ලි ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මගේ මෝඩ කමට තමා එතනට ගියේ. ඩෙබිට් කාඩ් එකෙන් ගත්ත එකෙන් වඩා හොඳ රේට් එකක් ලැබුන. මේ පළමු දවසේ. ඊට පස්සේ දිගටම ගෙව්වේ එක්කෝ කාඩ් එකෙන් , නැත්නම් සල්ලි ගත්ත ATM එකෙන්. නමුත් අතනට ගියේ නැත්නම් ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගිය එකට කැමතියි පාඩු වුනත්.

      Delete
    2. ඔන්න මම රිසිට් එක දැම්මා

      Delete
  6. කීර්ති,

    සමාජවාදී කියන රටවල් ඔක්කොම ජිනීවා වලදි අන්ත දක්ෂිණාංශික ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙ මර්දනයට සහයෝගය පළ කරලා තියෙනවා. ලිබරල් ධනවාදී කියලා වම්මු විසින් පතුරු ගහන රටවල් ආණ්ඩුවෙ මර්දනයට විරුද්ධ වෙලා තියෙනවා. ලංකාවේ වම්මු කියන උන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ බලන් ඉන්නවා.

    ඔබ ඉන්නේ කොතැනද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන සමාජවාදී රටවල් මොනවාද? චීනය කොහොමත් ලංකාවේ මොන ආණ්ඩුව තිබ්බත් සහයෝගය දෙනවා තමන්ගේ ආයෝජන තිබෙන නිසා. ලංකාවේ වම්මුන්ට තියෙන ප්‍රශ්න තමා ඔය ග්‍රීසිය ආධාරයෙන් අහල තියෙන්නේ. IMF එකට හා පෞද්ගලිකකරණයට විරුද්ධ වීම තේරුම් ගන්න පුළුවන් ප්‍රතිපත්ති අනුව. නමුත් රාජ්‍ය යන්ත්‍රය ඒ ආකාරයෙන් පවත්වා ගෙන යන්න බැහැ . අනුර කුමාර කියන විධිහේ කාර්යක්ෂම පාලනයක් පවත්වා ගෙන යන්න ඔය කියන තරම් ලෙහෙසියෙන් බැහැ .

      Delete
    2. https://www.youtube.com/watch?v=AuVyGWtidnY

      Delete
  7. අජිත්, ඔබගේ පසුගිය ලිපි කිපයම කියෙව්වා. යම් යම් කාරණා ගැන යමක් ලියන්න හිතුනත් එක පසුවට තියනවා. අජිත් පුලුවන් නම් ලියන්න දැනට යුරොපාකරයේ තිබෙන ගැස් ප්‍රශ්නය හා රුසියාවේ එයට තිබෙන සම්බන්දතාවය.

    ReplyDelete
    Replies
    1. රුසියාව ගැන ලියන්නේ නැහැ කියල හිතන් ඉන්නේ. එකක් බොහොමයක් කට්ටිය වරදවා වටහා ගන්නවා ලිපි. මම හුඟක් වෙලාවට ලියන්න හදන්නේ අපක්ශාපතිව. නමුත් අප ඉන්න බටහිර සමග යුධනොනිල යුධ ප්‍රකාශ කරල තියෙන තත්වයක් උඩ මධ්‍යස්ථව ලිවහම් හුඟක් අය හිතන්නේ පුටීන් ගේ පැත්තේ කියල.

      Delete
  8. හෙට පාන්දර කටුනායක සිට හීත්‍රෝ දක්වා දිවෙන ගුවන්නැවේ ගරු කටයුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් ගමන් කිරීමට නියමිතය. ගමනේ අරමුණ මහා රැජිනගේ අවමංගල සභාව සදහා සහභාගී වීමය.

    ජනපති තුමන්ගේ එම ගමනේ කාල සටහනේ පැය 1.5 ක් හිස්ව පවතී.

    එම කාලය අජිත් ධර්මකීර්ති සමග රහසිගත සාකච්ඡාවක්ද?..

    ReplyDelete
    Replies
    1. අනේ පුලුවන්නම් හදල දියන්කෝ. රාජ්‍ය ඇමති කමක් ගන්න බැරි වෙයිද?

      Delete
  9. දුබ්රොව්ස්කි, කිරිලා පෙට්රොවිච් ව පරද්දයිද?

    ReplyDelete
  10. ජගත්/ අජිත්

    ලංකාවේ සිංහල බෞද්ධයන් ගේ සැබෑ අනන්‍යතාව හෙළිදරව් වී ඇති ප්‍රවෘත්තියක් ගෙනාවා ඒ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකාරිත්වයක් දරා මේ වන විට ව්‍යාපාරික කටයුතුවලින් ඈත්ව වෙහෙර විහාර ඉදි කරමින් පොදු කටයුතුවලට සම්බන්ධව සිටින ව්‍යාපාරික කාන්තාවකගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 24කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ දානපතිනියගේ දරුවන් විදෙස්ගතව සිටින බවත් ඔවුන් නීතීඥවරුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් ධන අතරේ තමන්ගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන එම දානපතිනිය විසින් වෙහෙර විහාර ඉදි කිරීමට ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා දෙන මුදල් චෙක්පත්වල වටිනාකම් සඳහා වැඩි ගණන් යොදා මේ වංචාව කර ඇත්තේ ඇය සමීපයේම සිටින්නන් පිරිසක් බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    උදාහරණයක් විදියට එක සිදුවීමකදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වංචා සහගතව සිය බැංකු ගිණුම්වලට බැර කර ගත් මේ ධානපතිනියගේ ගිණුම් කටයුතු සොයා බැලූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරිය අභයපුර පදිංචිකාරියක් වන එම තැනැත්තිය වයස අවුරුදු 68ක් වන තැනැත්තියකි. ඇය මෙරට නමගිය සමාගමක ගිණුම් අංශයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම සැකකාරිය අතුරුගිරියේ පිහිටි විහාරස්ථානයක දහම් පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන්නියකි. එම විහාරස්ථානයට උපකාර කිරීමට දානපතිනිය පැමිණි අවස්ථාවක දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැඟී ඇති බවද කියයි. එම හිතවත්කම මත ධානපතිනිය සිය ගිණුම් කටයුතු කිරීමට ඇයට පවරා තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වෙහෙර විහාර සඳහා ආධාර ඇය විසින් ලබා දෙන්නේ චෙක්පත් මඟිනි. එහිදී ඇය හිස් චෙක්පත්වලට අත්සන් තබා ගිණුම් කටයුතු කළ තැනැත්තියට අවශ්‍ය මුදල් සටහන් කර වෙහෙර විහාරස්ථානවලට යවන ලෙස දැනුම්දී තිබී ඇත. ඇය එසේ චෙක්පත්වලට අත්සන තබා ඇත්තේද ගිණුම් කටයුතු කළ තැනැත්තිය කෙරෙහි විශ්වාසය තබාය. එහෙත් ඇය විසින් එම විශ්වාසය බිඳ හිස් චෙක්වලට වැඩි වටිනාකම් දමාගෙන සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සෙසු මුදල් වංචා කළ පුද්ගලයන්ද හඳුනා ගනිමින් ඒ අය අත්අඩංගුවට ගැනීමට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන පවත්වමින් ඇති බව ලංකාවේ මාධ්‍ය හරහා වාර්තා වී තියෙනවා මේ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. සිහල බෞද්ධ මුර දේවතාවෙක් වන ජගත් දන්නවා ඇති සීන් එක

      Delete
    2. අඩෝ ඇන්න පොනෝ, තොට තියෙන්නේ දූපත්වාදී හීනමානය.
      තොපි වගේ උන් ඒකීය පුද්ගල සිංහලයෙක්ගේ වැරැද්දක් දැක්කාම ඒක සිංහල ජාතියේම වරදක් හැටියට දකිනවා.
      ඒ අතරම දෙමලෙක්ගේ ඒකීය පුද්ගල හොඳක් දැක්කාම ඒක ඒක ඒ ජන වර්ගයේම හොඳක් කියලා දකිනවා.
      ඒ වගේම විමල් වීරවංශ දෙයක් කිව්වාම කිසි හෙවිල්ලක් නැතුව එයට විරුද්ධ වෙනවා.
      ඒ අතරම චානක්‍ය රාසමානිකම් ඒ වගේම පොර ටෝකක් දුන්නාම ඌට කියලා පුකේ ඇගන්න පොරකනවා.

      තොපිට සාපවේවා! ආමෙන්!

      Delete
  11. අන්ත දක්ෂිණාංශික විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිඅමග මේ මොහොතේ ලන්ඩනයේ සුවිශේෂී හෝටලයක රහසිගත හමුවකි.

    ජනපති රනිල්, වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩීනෑන්ඩස්, ලංකා නිවුස් වෙබ් චන්දිම සහ අජිත් ධර්මකීර්තිය.

    මොවුන් සිංගල් මෝල්ට් විස්කි බොමින් රාත්‍රී වන තෙක් කතා බහ කරන්නේ කුමක්ද?

    මර්ධනය අලුත් වටයකින් ආරම්භ කිරීමද?

    ReplyDelete
    Replies
    1. සරෝජ් පතිරණ ගෙන් ඇහුවානම් කියයි

      Delete
  12. අන්ත දක්ෂිණාංශික ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ලන්ඩනයට වී විස්කි බොමින් අලුත් වටයකින් අරගලකරුවන් මර්ධනයට කැසකවන අජිත් ධර්මකීර්තිගේ කොළඹ ගමයා බ්ලොග් අඩවිය මාතලන්ගේ සින්ඩිය , අඹ ගහ යට සින්ඩිය ඇතුළු සින්ඩි වලින් ඉවත් කරමින් දක්වන සහයට අපගේ ආචාරය.

    -අරගල ක්‍රියාකරුවෝ සංවිධානය-

    ReplyDelete
    Replies
    1. https://kolambagamaya.blogspot.com/2022/05/blog-post.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .