Saturday 8 October 2022

නිවාඩුවට ගමේ යන්න , නිවාඩුවට ඇවිදින්න යන්න






















මම පහු ගිය කාලේ ග්‍රීස් ගිය ගමන  ගැන ලිව්වනේ. ඒ  ලිපි පෙළ තවම ඉවර නැහැ.  ඒකට ඇනෝ ප්‍රතිචාරයක් වැටිලා තිබුන මෙහෙම.//ශ්‍රී ලංකාවේ මිනිසුන් හාමතේ මිය යද්දී මෙම පුද්ගලයා ඒ ගැන වගේ වගක්‌ නැතුව විවිද රටවල ඇවිදිමින් කමින් බොමින් ප්‍රීතිවෙයි.//  මෙයට මම එතැනදී වෙනත් පිළිතුරක් දුන්නා. මේ දිනවල  මා සිටින්නේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව  ලස්සන රටක්. ග්‍රීසියේ අප ගිය සමහර දූපත් වල බොන්න වතුර නැහැ. මිනිස්සු කුඩා ගෙවල් හදාගෙන ඉන්නේ.  ඒවායේ  උඩ වහළ  පැතලි    කොටුවක් වගේ. වැහි වතුර එකතු කර ගන්න එහම හදල තියෙන්නේ. දුපත්  දෙක තුනකම  හරි හැටි ගහක් කොලක් නැහැ. රස්නෙයි.  ඒ ඇති ප්‍රශ්න නිසාම ඔවුන් මුහුදු යාම , නැව් හැදීම මෙන්ම සංචාරකයන් තමන්ගේ රට කරා ගෙන්වීම ගැන කැප වෙලා ඉන්නේ. ඔවුන් ජිවිතේ ගෙවනවා  ප්‍රීතියෙන්.

 මට  ග්‍රීසිය වැදගත්  එහි ඉතිහාසය නිසා. මා සඳහන් කළ  එම ගිනි කන්ද පිපිරිම නිසා වැනසුණු විශිෂ්ඨ  ශිෂ්ඨාචාරය  සුදු මිනිසුන්ගේ එකක්  නොවීම නිසා මුලින් ඉස්මතු නොවුණු එම ශිෂ්ඨාචාරය ගැන ඇති කුතුහලය නිසා.
  
 මට තවම ලංකාවේ  හාමතින් මැරුණු කෙනෙක් හොයා ගන්න බැරි වුනා. රොටියක් හදා ගන්න පිටි නැති නගර , ගම්  තිබුනත් එක වේලක් කාල හරි ටීවී නාට්‍ය  බලන ජනතාවක්  ඉන්න රටක්. 
       වෙන අය පිටරටවල ඇවිදින්න යනකොට  දුකක් සිතීම  සාධාරණයි. ඒක මිනිස් ගතිය. ඒ කාලේ සෝවියට් රුසියානු  ජනතාවත් ඒ ගැන පැමිණිලි කළා මට මතකයි.   මගේ අතේ මිටේ කොහොමටත් මුදල්  නොගැවසුනු කාලෙක මම කළේ සංචාර ගැන තියෙන පොත් කියවන එක. මට මතක විධිහට මීමන ප්‍රේමතිලක මහතා ලියපු එංගලන්තයේ සංචාර ගැන පොතක් කියවූවා මතකයි. ඊට  පස්සේ රුසියානු සහ ඉංග්‍රීසි සාහිත්‍යට නැඹුරු වුනහම රටවල් ගැන වඩාත් විස්තර දැන ගත්ත.

 ඒ දවස් වල කුඩා කාලේ  බදුල්ලේ ඉඳන් කොළඹට සහ කොළඹ ඉඳන් බදුල්ලට දුම්රියෙන්  ගිය ගමන තමා රසවත්ම එක. සිරී පාදේ ගමනත් ඒ වගේම මතකයේ රැඳුනු එකක්.  ඊට අමතරව කුරුණෑගල යන එක. 

මම 17 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ ඉන්න කාලේ අපේ බාලදක්ෂ මාස්ටර් කෙනෙක් හිටිය බණ්ඩාර අයිය  කියල.එයා තමා අපි  කිහිප දෙනෙක් බඳවා ගත්තේ ඒකට.  අපි ගමන් යන්න ආස බව දැනගත්   බණ්ඩාර අයියා යෝජනා කලා බයිසිකල් ටුවර් එකක් යන්න. ප්‍රසිඩන්ට් බැජ් එකටද කොහෙද හොඳයි කියල.  වැඩි වියදමක් නැති ගමනක් කියලත් පැහැදිලි කළා. එයා අපට බයිසිකල්  පැච් දාන්න පුරුදු කළා. අපට දැන් වගේ හොඳ බයිසිකල් තිබුනේ නැහැ. මම තාත්තගේ මළකඩ කාපු පරණ බයිසිකලේ තමයි අරන් ගියේ.  අපි  හය දෙනෙක්ද කොහෙද තමා ගමනට එක් වුනේ.. ඔක්කොම අවුරුදු 15-16 සෙට් එකක්.  පොල්ගහවෙල වෙනකන් ගිහින්  එහි සිටි අපේ ඥාති වන කිරි අම්ම කෙනෙක් ගේ  ගෙදරක රෑ නතර වුනා. උන්දෑ අපට පානුත්  කන්න දුන්නාද  කොහෙද?  දැන් කාලේ අර්ධ සුඛෝපභෝගී කෑමක් ලුනේ. 
 පස්සේ කුරුණෑගල ගිහින් ඇතුගල කන්ද නැගල බැහැල ,  දවල් වෙනකොට ඒ ළඟ තිබ්බ පොඩි කන්දකටත්  නැගල ගස් හෙවනක වාඩි වුනා. බණ්ඩාර අයිය බත් පාර්සල් වගයක් ගෙනාව එයාගේ වියදමින්.  එයා අපිව හමුවෙන්න  බස් එකේ ආවේ. ඒ කෑම එක  අදටත් රහයි අර වෙහෙස මහන්සිය නිසා. ඒ ගමනේ දී වෙලාව අරගෙන  රටේ වටාපිටාව බලමින් ගිය නිසා රටේ සුන්දරත්වය හොඳින්  දුටුවා.

ඉතින් මම මේ කියන්න යන්නේ පිටරටකට දැනට  යන්න බැරිනම් ලංකාවේ ඕන තරම් සුන්දර තැන් තියෙනවා යන්න.   සල්ලි දීල හෝටල් වල නවතින්න බැරිනම් කුඩාරමක් ගහන්න ඉගෙන ගන්න. ලාභ ඒවා  තිබෙනවා..හදිසියේ   දර ලිපක් අටවලා  උයන්න ඉගෙන ගන්න, බාලදක්ෂ කණ්ඩායමේ  ඉද්දි අපි ඒවත් ඉගෙන ගත්ත.  මේ පංච තන්ත්‍රේ  බ්ලොග් එක ලියන නිමල් දිසානායකගේ ගමන් සටහනක්. තවමත් එයා ඒ ගමන් යනවා.  බස් වල යන්න සල්ලි නැත්නම් දවසකට යන්න පුළුවන් දුර ප්‍රමාණය ඇවිදින්න පුළුවන්. නවතින තැනක් හොයා ගන්න පුළුවන් යාළුවෙක්  සෙට්  වුනොත්. එහෙම දිගින් දිගටම සංචාරය කරන කොට  ධනාත්මකව හිතන  වෙනත් මිනිහෙක් ඉබේම නිර්මාණය වේවි.  

මුහුණු පොතේ රන්දිකා රණවීර සහ වාසන ලංකාවේ  කුරුල්ලෝ බලන්න සංචාර වලට ගිහින් ලස්සන  පින්තූර සමුහයක් පල කරලා තිබුණ.  

ඉතින් ඊට  පස්සේ  වාසනාවට සෝවියට් දේශයට ගිය නිසා සංචාර ගොඩක් කළා. ඒකට ඒ ශ්‍රේෂ්ඨ  රටට තවමත්  ණයගැතියි.  මමයි බිරින්දැයි යාළුවුන මුල් දවස් වල (එංගලන්තයේ) අපට කාරයක් තිබුනේ නැහැ. දුම්රියේ ඈත නගර වලට ගියා බලන්න . එකපාරක් බලකොටුවක් බලල එද්දී දුම්රිය මිස් වෙන්න ඔන්න මෙන්න. අපි දෙන්න දුවගෙන එනවා මුලදීම දුටුව රියදුරු මහත්මය,  දුම්රිය නවත්වාගෙන හිටිය අපි නගිනකම්. ඒ වගේ සුන්දර සිදුවීම් තිබ්බ.

කාරයක් ගත්තම සංචාරක වැඩේ වඩා ලෙහෙසි  වුනා. ඒත් මුදල් හිඟකම් තිබ්බ. දෙන්නම ඉගෙන ගන්නවා. මම ගෙදරට උදව කරනවා පිය අසනීපෙන් නිසා. ඒ ප්‍රශ්නත් තිබ්බ. වරක් වැව් දිස්ත්‍රික්කේ හෙවත් ලේක් දිස්ත්‍රික්කයට ගියා. රෑ  වුන නිසා හෝටලයක් නැහැ. දැන් වගේ ඔන්ලයින් බුකින් තිබ්බ කාලයක් නොවේනේ.  තියෙන ඒව ගාන වැඩියි. කාරෙකේ එදා රෑ නිදා ගත්ත. ඊට පස්සේ, පහුවදා  කරුණාවන්ත වයසක කාන්තාවකගේ කුඩා පිරිසිදු හෝටලයක  හිටිය දින දෙකක් අඩු මුදලකට. දැන් එහෙම යන්න ඕනේ නැහැ. නමුත් එතැනට එන්න කාලයක් ගියා.

අදටත් අපි ඇවිදින්න යනවා,වාර්ෂික  නිවාඩු යනව. ඒවා ගැන ලියන එකනම් මගේ කැමැත්ත. ඉනෙස් කරන්නේ ලොකු පොත අරන් පින්තුර මුද්‍රණය කරගෙන ඇල්බම්  හදන එක. පස්සේ දවසක බලන්න. එයා  පින්තූර කොම්පියුටරේ තියන් ඉන්න කැමති නැහැ.
අනික තමයි ලංකාවේ ඇවිදින්න යනකොට හමුවෙන පලතුරු ප්‍රමාණය . වෙන කිසිම  රටක නැති අමුතු  අන්දමේ පලතුරු මේ රටේ  තිබෙනවා , එළවලු  වැවෙනවා..එච්චර සශ්‍රික රටක්. ග්‍රීක දුපත් වල වැසියෝ කොපමණ අවාසනාවන්තද එහම බැලුවහම? හැබැයි උන් ලංකාවට වඩා පොහොසත්. ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම වෙන්න  ඕනේ හේතුව.

ලාවුළු අපට කන්න පුරුදු කලේ අම්ම. ඒ දවස් වල ලුණුගල පාසැල ගාව නිවසක තිබ්බ ලාවුළු මම ගෙදර අර න් එනවා. අම්ම ඒවා  උයනවා.පරිප්පු වගේ. ලාවුළු පිටි රහට කන ප්‍රණීත ගුණවත් කෑමක් . දැන් නම් ඒවා වැඩිය නැතිලු. . පැළ  මද, වෙරළු, ලොවි, නාරං , රතු කෙහෙල්, සීනි කෙහෙල්, ආනමාලු,  පේර  (පේර  ගෙඩියක් පවුමක් නැත්නම් රුපියල් හාරසීයක් ලන්ඩන් වල. ඒ නිසා මම ඇති තරම් කන්නේ පේර  මෙහෙදී) 


 ,දිවුල් හදල බොන්න පුළුවන්.  ගස්ලබු (පැපොල්)  කන්නත් පුළුවන්, බොන්නත් පුලුවන්. බෙලි, නමිනං , කාමරංගා - ඔය මම කන පළතුරු ජාති වලින් කිහිපයක්.  

හාමතේ මැරෙන්නේ නැතිව වැඩක් කරගන්න බැරි රටක්ද මේක? සංචාර කරන්න බැරි රටක්ද? 
  


67 comments:

  1. අජිත් ධර්මකීර්ති මහත්තයා ලංකාවට ඇවිත් ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ද උනා කියලා නිවුස් වෙබ් එකේ චන්දිම කියපු කතාව ඇත්ත වගේ.

    එක පාරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගුණ වයලා පොස්ට් දාන්න ගියාම මිනිස්සු බනින නිසා හිමින් සැරේ රටේ ගුණ වයලා අතෙන්ට එන්ටර් වෙන්න තමා සුදානම.

    ඊයේ වික්‍රමසිංහ ජනාධිපති හදිසියේ සහභාගී වූ රජයේ මාධ්‍ය ලේකම්වරුගේ රැස්වීමට අජිත් මහත්තයත් ගියා නේද PMD මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක එක්ක.

    අජිත් ට කවුද පඩි ගෙවන්නේ? වික්‍රමසිංහ ජනාධිපතිගේ හිත මිත්‍ර ස්වර්ණවාහිනී හිමිකරු ලයිකා මොබයිල් අධිපති සුභාෂ්කරන් නේද

    ReplyDelete
    Replies
    1. 😃 තමන් උපන් රට ගැන හොඳක් කිව්වත් ඒකත් දේශපාලනේට දාන පිස්සෝ රැළක් බං උඹල

      Delete
  2. අජිත් ධර්මකීර්ති ශ්‍රී ලංකාවට පැමිණියේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ සහ චාල්ස් රජතුමාගේ රහසිගත පණිවිඩයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත රැගෙනය.

    ශ්‍රී ලංකාවේ සිටිනා කාලය තුල අජිත්ගේ ආරක්ෂාවට ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂකයන් සහ පෙරගමන් රථ සපයා ඇත.

    ReplyDelete
  3. එක එක පැත්තෙන් බලද්දි පෙනෙනව- එක එක විදිහට දිස්නෙ දිදී
    ඒ වගේමමයි පෙනෙන්නෙ දාගෙන- නං නෙක පාටැති කන්නාඩි
    කැමැත්ත නැත්තං ඇවිදල බලන්න- ඉන්න කැමති නං ළිඳේ රැඳී
    මක්ක කරන්නද, දිවැස් තියෙනවලු කම්මැලියට ඌ සදා නිදී

    ReplyDelete
  4. අජිත් ඇයි අරගලය පාවා දුන්නේ? මුදලිගේ සහෝදරයා හිරේ දමා වධ වේදනා විදින එක ඔබට සතුටක්ද?

    ReplyDelete
    Replies
    1. මුදලිගේ සහෝදරයා පාවා දුන්න කියන එකේ තේරුම මොකක්ද? මම හිතන්නේ අරගල කරුවන් පාවා දුන්නේ රටේ මිනිස්සුමයි. යන්තන් තෙල් ටික ලැබුන ගමන් ඔක්කොම අමතකයි. ඉන්දියන් ටෙලියක් දාල දුන්නම ඉතුරු ටිකත් අමතකයි

      Delete
    2. සහතික ඇත්ත. යංතං තෙල්, ගෑස් පෝලිං නැති වුණා විතරයි ඔක්කොම හරි. ලංකාවේ ජහමනයා ආයි රාජපක්ෂ කෙනෙක් ජනාධිපති කරනවා.

      Delete
    3. අර කළුතර දිවුරුම් දීල තියෙන්නේ 😃

      Delete
  5. අජිත් ධර්මකීර්ති මහත්මයා, මේ පහත ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න?
    1) ඔබ ශ්‍රී ලංකාවට පැමිණීමේදී කිසිදු ආගමන විගමන පරීක්ෂාවක් සදහා මුහුණ නොදී වීඅයිපී පරිශ්‍රය හරහා පැමිණි බවට පැවසෙන කතාව ඇත්තද?
    2) ශ්‍රී ලංකාවේ සිටිනා කාලය තුල ඔබට ආරක්ෂාවට ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂකයන් සහ පෙරගමන් රථ සපයා ඇත්ද?
    3) ඔබව සහ ඔබ සමග ගමන් කරනා අනික් අයත්, ගමන් කරන රථවාහනත් කිසිදු අයුරකින් පරික්ෂා නොකළ යුතු අතර ඔබ සේවය කරන්නේ රජයට බව සදහන් ලියවිල්ලක් ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කර ඇත්ද?
    4) ඔබ ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ මාධ්‍ය ලේකම්වරු සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ හමුවට ගියාද?
    5) ඔබ විසින් බත්තරමුල්ල ආරක්ෂක මුලස්ථානය නිරීක්ෂණ චාරිකාවක් යාමට නියමිත ඇයි?

    ReplyDelete
    Replies
    1. 😀 කවුද බන්ස් උඹ ඔය කියන අජිත් ධර්මකීර්ති? මාත් දන්නා කෙනෙක්ද?

      Delete
    2. 😀😀😀😀😀😀😀

      Delete
  6. තට්ටයගේ බ්ලොගෙක ලියන කඩවත තට්ට මංජු මැයි 9 වෙනිදා ගංජා ජෙප්පෝ එක්ක ගෙවල් ගිනිතියලා මංකොල්ලකාලා අහුවෙලා පොලිසියෙන් අල්ලන්න ලෑස්ති වෙනකොට ඔසී පැනලා නේද? ඔන්න මුන්ගේ අරගලය. ජේවීපී එකට කඩේයන උන් ඔක්කොම හොර තක්කඩි. මුන්වගේ දෙබිඩ්ඩෝ නැහැ ආයේ.

    ReplyDelete
    Replies
    1. එයාගේ ළමයි බලන්න ඔසී ගියේ හලෝ. බොරු කටකටැහැ පතුරන්න එපා

      Delete
  7. නිවාඩුවට ගමේ නෙමෙයි කඩේ යනවා කියලා කිව්වා නං හරි.
    ආණ්ඩුවට කඩේ යනවා.

    ReplyDelete
    Replies
    1. කොහද ආණ්ඩුවට කඩේ ගිහන් තියෙන්නේ . ලංකාව ග්‍රීසියට සාපේක්ෂව සශ්‍රික රටක්, හරියට පාලනය කළා නම් කියන එක ආණ්ඩුවට කඩේ යාමක් වෙන්නේ කොහොමද බං

      Delete
  8. Comments are better than the post.

    ReplyDelete
  9. ප්‍රේමදාස ජනාධිපතිතුමාට හිටියා සිරිසේන කුරේ.

    දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉන්නවා අජිත් ධර්මකීර්ති.

    සිරිසේන කුරේ අත දරුවෙක් කිව්වහැකි ධර්මකීර්ති එක්ක බලද්දී.

    ReplyDelete
    Replies
    1. අම්මප චන්දි මෙහෙමත් පහළට වැටෙනවද ? 😁

      Delete
  10. ඔය කියන විදිහට අජිත්ට 'ජනාධිපති මාධ්‍ය අංශයේ' රස්සාවක් ලැබිලා නම්, ජනාධිපෙතිතුමා යන යන විදේශ මලගෙවල්වලටත් සහබාගි වෙන්න වෙයිනෙ. තවත් ඇවිදින්න පුලුවන්. ඒකෙත් හැටි.

    "එහෙම දිගින් දිගටම සංචාරය කරන කොට ධනාත්මකව හිතන වෙනත් මිනිහෙක් ඉබේම නිර්මාණය වේවි" සෑහෙන දෙනෙක් එහෙම හැඩ ගැහෙනවා ඇති. සමහර අයනම් ඉන්නවා ගෙදර මල් පැලයක් හිටවන්න, පැලේකට සාත්තු කරන්න වගේ දෙයක් වත් එන්ජෝයි කරන්නෙ නැති අය. හැබැයි වාහනේට නැගලා සිංදු කියාගෙන කොහෙ හරි ගිහින්, එතනත් සිංදු කියලා කැගහලා, ෆොටොස් ගන්න fb දාන්න කැමතියි. ස්වබාවික පරිසරයට සම්බන්දවෙලා සුන්දරත්වය විඳින පුරුද්ද අඩුයි.

    ReplyDelete
    Replies
    1. PMD එකේ දිනුක් තමයි වික්‍රමසිංහ ජනපති සමග විදෙස් සංචාර වලට යන්නේ.

      සමන් අතාවුදට PMD දෙන්න වික්‍රමසිංහ ජනපති කැමති උනත් සමන් අකමැති උනා ඔහුගේ තත්වේ හැටියට ගොඩක් පහල රැකියාවක් ලබා ගන්න.

      Delete
    2. ලෝටස් එහෙම ට්‍රෙන්ඩ් එකක් හදන්න් පුලුවන්නම් හොඳයි . මම මගේ සංචාර වලින් හුඟක් දේවල් ඉගෙන ගත්ත

      Delete
  11. Jagath Pathirana9 October 2022 at 19:50

    කිරිලා පෙට්රොවිච් ඉදිරි සීත කාලෙදි යුරෝපයට ගෑස් සැපයීම නතර කරන්න සූදානම් වෙනවා නේද?
    ඔයාට ගම මතක් වුනේ ඒ නිසාද?

    ReplyDelete
    Replies
    1. කවදාවත් ගම අමතක කරලා නැහැ

      Delete
  12. ඔන්න අජිත්ගේ රනිල් හාමු ඊයෙත් ගෝල්පේස් එකේ නිරායුධ විරෝධතාකරුවන් හිරේ දාලා නේද? ළමා ළපටින්ට පවා පහර දීලා.

    අජිත් (ඊනියා) නිවාඩුවට ඇවිත් ඕවා කරන්න කියලද උපදෙස් දෙන්නේ ආණ්ඩුවට?

    ReplyDelete
    Replies
    1. මට වෙන වැඩ නැත්ද බං , ඕව බොරු ගේම් , පස්සේ පැහැදිලිව ලියන්නම් , අර කුඹියෝ ආයි බලපන් තේරෙන්නේ නැත්නම්

      Delete
  13. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ අජිත්.

    තවත් ආණ්ඩුවට කඩේ යන අජිත්ව පිළිකුල්.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ගැනද කීවේ . ඒක එයාගෙන් තමා අහන්න ඕනේ

      Delete
  14. අජිත් ධර්මකීර්තිගේ මෙම රහසිගත ජීවිතය ගැන ඔබගේ බිරිද දන්නවද? පුදුමයි මේ වගේ මිනිස්සු ගැන නං. බලය වෙනුවෙන් කොයිතරම් අපරාධ කරන්න පුලුවන්ද? ඉන්පසු ඒ සියල්ලම නොදන්නවා වගේ ඉදීම.

    ReplyDelete
  15. '
    හාමතේ මැරෙන්නේ නැතිව වැඩක් කරගන්න බැරි රටක්ද මේක? සංචාර කරන්න බැරි රටක්ද? '

    අජිත් දැන් ජාතික රුපවාහිනීයෙද වැඩ? හඩ්සන් සමරසිංහලා හොදයි අජිත්ගේ රෙදි හෝදන හේදිල්ල දැක්කම. මොනවා බලාපොරොත්තුවෙන්ද තවත් ආණ්ඩුවට කඩේ යන්නේ අජිත්?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හාමතේ මිනිසසු මැරෙන්නේ නැහැ. අඩුවෙන් කනවා. ඒක හරි. අර ගැහැණු කෙනෙක් හාල් කිලෝවක් ඉල්ලනවා දැක්ක කීල්ස් එක ගාව. ඒකෙ ව්රද්දත් බහුතරයේ ම තමයි

      Delete
  16. අජිත් බාලදක්ෂ වැඩ වලදී ගැටවර පිරිමි ලමයි එක්ක සමලිංගික හැසිරීම් වල යෙදුනු සුන්දර මතක සටහන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී අජිත් ධර්මකීර්ති මහත්මයා ඉන්නේ පුටීන් ජනාධිපතිතුමා සමග එක මතයේ.

      ගෙදරට ආපු සමරිසි යුවලක් එලවපු අජිත්නේ.

      Delete
    2. එලෙව්වේ නම් නැහැ . ඒ මිනිස්සු හොඳට කාල බිලා ගියේ.

      Delete
  17. අවුරුදු 5,6ක් තිස්සේ හිට සිංහරාජේ යන්න තවම පැලෑන ගහනවා අපේ උන්දලා. ඉතීම් කොහි යන්නද ට්‍රිප්. යන හැම ගමනක්ම ට්‍රිප් එකක් කරගන්න බලනවා... දැන්නම්.

    ReplyDelete
    Replies
    1. සිංහරාජේ නම් ගි යා හොඳ වෙලාවට ළමයි එක්කම

      Delete
    2. නමියෝ, හිත විතරයි තියෙන්න ඕනි. අපි තුන් වතාවක්ම සිංහරාජේ ගියේ පාරේ බස්වල ගිහිං. රත්නපුරට- එතනින් කලවානට- එතනින් වැද්දාගලට.. ගිහිං. දැන් නං බස් වැඩියෙනුත් ඇති. අපි එහෙම ගියේ අවුරුදු 25කට විතර ඉස්සර...

      Delete
    3. ඔව් නිදිතුමෝ... අපේ සමහර අය පස්මහ බැලුම් බලනවා නෙව. මංනම් ඉතීම් යන්ට කැමති එක්කෙනෙක් නම් අඬගැහුවෙ... ඕන සංචාරයට සූදානම්😄

      Delete
  18. අජිත් ඔබේ සටහන හරි අව්‍යාජ වගේම හැගුම්බර එකක්. ඔබ වගේම මමත් මේ වනවිට ලෝකයේ විවිධ රටවලට සංචාරය කරන්න පසුබිම සකස් කරගත්තේ බොහෝ කැපවීම් කරලා බව මම දන්නවා. ඒ හින්ද කාගෙවත් ප්‍රතිචාර නිසා සැලෙන්න එපා. දිගටම ලියන්න. කාටවත් ඉරිසියා කරන්නෙ නැතුව හොද දේ ගන්නවානම් හරි. මම වගේම ඔබත් ඒ සටහන් ලියන්නෙ තවත් කාට හරි අන්තර් ජලයෙන් හරි යූ ටියුබයෙන් විස්තර බලන්න පුළුවන් විදිහටයි . ඒ ගැන කුහක විදියට හිතන්නෙ නැතුව සුබවාදී විදිහට දැක්කනම් හරි . ගොඩ දෙනෙක් කරන්නෙ නැති දේත් බැරි දේත් ගැන දුක් වෙන එක මිසක් තියෙන දෙයින් සතුටු වෙන එකවත්, ඒ තැන් වලට යන්න මහන්සි වෙන එකවත් නෙවෙයි. සාහිත්‍යය විශේෂයෙන්ම චරිත කථා දැන් නම් යූ ටියුබ් වාර් තා වැඩසටහන් තුලින් මම බොහෝ ජනප්‍රිය සහ විශිෂ්ට චරිත ඒ තැන් වලට එන්න ගත වෙහෙස ගැන අසා දැක තිබෙනවා . දිගටම ලියන්න . ඔබේ සටහන් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දයාබර අනුරුද්ධ , මේ ලියමනට බොහොම ස්තුතියි. චාරිකා සටහන් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එකත් ගෞරවයක්.

      Delete
  19. ධර්මකීර්ති කොහොමද වික්‍රමසිංහ-රාජපක්ෂ හමුදා ජුන්ටාව සමග එකට හිටගන්නේ? ලන්ඩනයේ ඇදුම් තියලද ආවේ? මෙහෙමත් නිර්ලජ්ජිත මිනිහෙක්.

    මොකටද ඔච්චර බලය වෙනුවෙන් මිනිමරන්නේ? මිනිස්සු හිරේ දාන්නේ? මොකද සදාකාලීනව ජීවත් වෙනවද?

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඇති නේද සරෝජ් 😃 සීමාවක් නැතිව ගොන් කතා කියවන්නත් අමාරුයි

      Delete
  20. අරගල කරපු වරදට හිරේ දාලා ඉන්න තරුණ තරුණියන් බලන්න යන්නේ නැද්ද අජිත්. ලාඋළු ගිල ගිල ඉන්නේ වික්‍රමසිංහ ජනපති එක්ක?

    ReplyDelete
    Replies
    1. එයත් ලාවුළු කන කෙනෙක්ද? මම පෙරටුගාමී පක්ෂයට සමබන්ධයක් නැහැනේ.

      Delete
  21. මුදලිගේ සහෝදරයගෙ ගුද මාර්ගයට කටුකම්බි දමා වද දෙන එක ඔබට සතුටක්ද අජිත් ධර්මකීර්ති මහත්මයා

    ReplyDelete
    Replies
    1. මමනම් ඕව දන්නේ නැහැ සහෝදරයා , එහෙම ඒවා වෙනවා නම් එයා පුවත්පත් වලට කියයි නේ. සහෝදරයා බලන්න ගිහිල්ල තිබ්බේ

      Delete
    2. https://mawratanews.lk/news/mudalis-younger-brother-who-visited-him-in-prison-posted-a-touching-facebook-message/

      Delete
  22. අජිත් ධර්මකීර්ති මහතා සිතාගෙන සිටින්නේ ලෝකය ඔහු වටා භ්‍රමණය විය යුතු බව ය. ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු බලය වෙනුවෙන් කෙතරම් බිහිසුණු ක්‍රියාමාර්ග ගැනීමට පවා සූදානම් බවයි. ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් බලයට පැමිණි wickramasinghe ජනාධිපතිවරයා සමග මර්දනය උපරිමයට ගෙනයන අජිත් ධර්මකීර්ති වනවිට ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.පැමිණ කරන්නේ කුමක්ද නොකරන්නේ කුමක් ද කියා සොයා බැලිය යුතුය.

    මොහුගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියා කලාපය නිසා කී දෙනෙක් දගගේ සිර දඬුවම් විඳින ද අරගලකරුවන් සිය දහස් ගණනක් මේ වෙනවිට හමුදා අත්අඩංගුවේ පවතින ඔවුන්ට දසවද ලබාදෙමින් ධර්ම චක්‍රය වේ යවා නියපොතු ගලවා දෑස් වලට ඇණ ගසා කල් වලට පරාල ඇණ ගසා ගුද මාර්ගයට එස්ලෝන් බටයක් ඇතුලත් කොට එය තුළින් කටු කම්බියක් යවා කටු කම්බිය කරකවමින් දස වධ දෙමින් විටත් අජිත් ධර්මකීර්ති මෙම සියලු දෑ නරඹමින් ප්‍රීති වෙමින් බලය ඒකාධිපති බලය ඒකාධිපති වියරුවක් වෙනුවෙන් කටයුතු කරමින් සිටී.

    ReplyDelete
    Replies
    1. ඔළුව ටිකක් බලා ගත්තොත් හොඳ නැත්ද? මේ දවස් වල ඇඩ් ආදායම අඩුද?

      Delete
  23. අජිත් ධර්මකීර්ති,

    ඔබ ඇයි සරෝජ් පතිරණ සහ නිවුස්
    වෙබ් චන්දිම සමග වෛරී?

    ReplyDelete
    Replies
    1. හරිම බයස් දෙන්නෙක් නේ . ස්වාධින අදහස් නැහැ

      Delete
  24. 'එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර හෝටල්, ආපනශාලා, බැංකු ඇතුළුව ඉහළ පැළැන්තියේ බොහෝ පිරිසක් රවටමින් ඩොලර් ලක්ෂ 2කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට සහ වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි සුප්‍රකට ඇනා ඩෙල්වේ හට ඇප ලබාදීමට එරට ආගමන විගමන බලධාරින් පසුගියදා තීරණය කර තිබේ.ඇයට එරෙහිව එල්ල වූ මෙම චෝදනා යටත් 2017 වසරේදී ඇය අත්අඩංගුවට පත්වූ අතර,

    2019දී නිව්යෝක් නුවර අධිකරණය මගින් වසර 12ක සිරදඩුවමකට ඇය යටත් කෙරිණි. මුදල් වංචාවට අමතරව පෞද්ගලික ජෙට් යානයක් සොරකම් කිරීම් චෝදනාවක්ද ඇයට එල්ල විය. එහෙත් 2021 වසරේදී ඇය පෙන්නුම් කළ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් වසර හතරක සිරදඩුවමකට පසුව ඇය නිදහස් කෙරිණි. එහිදී ඇය ඉදිරිපත් කළ වාචික ප්‍රතිඥාවද හේතුවක් විය.කෙසේ වෙතත්, 2021 වසරේදී ඇයට එරෙහිව එක්සත් ජනපද වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවක් එල්ල වූ අතර, පසුගියදා ඇය ඩොලර් 10,000ක අප මත නිදහස් වූයේ මෙම චෝදනාවකි.

    ඒ අනුව ඉදිරියේදී අය එක්සත් ජනපදයෙන් ජර්මනිය වෙත පිටුවහල් කිරීමක් සිදුවනු ඇතයි සදහන් වෙයි.

    31 හැවිරිදි වියේ පසුවන ඇනා රුසියාවේ උපන් තැනැත්තියක් වන අතර, හැදීවැඩී ඇත්තේ ජර්මනියේදීය. ඇයගේ මුල් නම ඇනා සොරොකින්ය. එහෙත් ඇය සමාජය ඉදිරියේ පෙනී සිට ඇත්තේ Ann Delvey යන නමිනි. ඇය මෙම වංචාව ආරම්භ කර ඇත්තේ තම ජර්මනියේ ඩොලර් මිලියන 60ක වත්කමක් සහිත ඉතා ඉහළ පැළැන්තියකට අයත් පවුලක සාමාජිකාවක් බව පවසමිනි. එහිදී ඇය තම නමින් පිහිටුවාගත් පදනමක් (Anna Delvey Foundation) වෙනුවෙන් මෙම මුදල් රැස් කරගෙන තිබේ.

    ReplyDelete
    Replies
    1. එහි එක් අවස්ථාවක් ලෙස ඇය 2017 වසරේදී එක්සත් ජනපදය වෙත පැමිණි ඇති අතර, සිය පදනම පිහිටුවීමට බව පවසමින් මෙලෙස නිව්යෝර්ක් නුවර ඉහළ පන්තියේ ධනවතුන් රවටමින් මුදල් ලබාගෙන ඇතැයි පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව, සිය කටයුතු වෙනුවෙන් ඇය විවිධ හෝටල්, ආපනශාලා, පෞද්ගලික ජෙට් යානා මෙහෙයුම් සිදුකරන ආයතන සහ බැංකු පවා රවටමින් ඔවුන්ගෙන් විවිධ සේවා සහ ණය ලබාගැනීම් සිදුකර තිබේ.මේ අතරින් නිව්යෝක් නුවර සිටි නැෂනල් බැංකුව මගින් ඇයට ඩොලර් ලක්ෂයක ණයක් ලබාදී ඇති අතර, අය එම මුදලින් ඩොලර් 40,000ක් මාසයක් තුළ සුබෝපෙභෝගී හෝටල් සහ ඇදුම් වෙනුවෙන් වියදම් කර තිබේ. එසේම සුප්‍රසිද්ධ Vanity Fair සගරාවේ ඡායාරූප සංස්කාරකවරිය වෙත ඇය ඩොලර් 62,000ක බිලක් ගෙවීමට නියමිතව තිබී ඇත. එහෙත් ඇය මේ සේවාවන් සදහා කිසිදු ගෙවීමක් සිදු නොකිරීමත් සමග විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා යටතේ මෙලෙස 2017 වසරේදී ඇය අත්අඩංගුවට පත්විය.

      එසේම ඇය පෞද්ගලික ජෙට් යානාවක් සොරගත් බවටද චෝදනා එල්ල විය.'

      අජිත් ධර්මකීර්තිගේ බිරිඳනේද මේ?

      Delete
    2. ඔව් ඔව් එක්ස් වයිෆ් නේ ඔය 😃

      Delete

  25. ආරක්ෂාව තර කළ යුතු අංශ තුනක් ගැන ජනාධිපති කියයි
    අජිත් ධර්මකීර්ති

    රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

    ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්ත්වයන් නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

    ReplyDelete
  26. රනිල් කියන්නෙ ආර්තිකය

    මගෙන් ගොඩක් වෙලාවට ගොඩක් උන් අහන කතාවක් තමයි රනිල් කීයක් ගෙවනවද කියන එක. ඒ කියන්නෙ රනිල් වෙනුවෙන් ලිවීමෙන් සහ කතා කිරීමෙන් මං ලබන ආර්තික ප්‍රතිලාබය. මේක බහුලව කියවෙන්නෙ අපහාසාත්මක අදහසකින්. රනිල්ගෙන් එහෙම ගෙවීමක් ලබනවා නම් ඒක අඩුකුලේ දෙයක් විදිහට.

    හැබැයි මේ ගොඩක් අය අමතක කරන හෝ වසන් කරන නැත්තං නොදන්න කාරණය තමයි රනිල්ට පක්ෂව ගොඩනැගෙන ආර්තිකයට වඩා විශාල ආර්තිකයක් රනිල්ට විරුද්ද වීම නිසා ගොඩනැගෙන බව. ඒ කියන්නෙ රනිල්ට විරුද්ද වෙනවටත් ලොකු ගෙවීමක් ලැබෙනවා. මං දන්න බොහොමයක් යූටියුබ් චැනල් ඒ අයගෙ රීච් එක හදාගෙන, ආධාර හදාගෙන ගොඩගියේ රනිල්ට විරුද්ද වීම නිසා. ඒ වගේම රනිල්ට විරුද්ද වීම කියන කාරණය මතම අලුත් දේශපාලන පක්ෂ හදාගෙන චන්දෙ ඉල්ලන්න එන පිරිසක් ඉන්නවා. ඒ අය මීට කලින් එහෙම කිසි දෙයක් කරලා ජනතාව අතරට ගිය අය නෙමෙයි. එකම සුදුසුකම වෙන්නෙ රනිල්ට විරුද්ද වීම. ඒකත් ආර්තිකයක්. හැබැයි ඒ ආර්තිකය නිර්මාණය කරන්නෙත් රනිල්ම තමයි. රනිල්ට පක්ෂ වීම වගේ නෙමෙයි විරුද්ද වෙලා ආර්තිකය හදාගන්න එකට කියන්නෙ ජනතාව වෙනුවෙන් කියල. කවුද මේ ජනතාව? මේ ජනතාවට මං වගේ අය අයිති නෑ. පොහොට්ටුවට චන්දෙ දීපු ලක්ෂ 69ක් අයිතිත් නෑ. මේ ජනතාව කියන්නෙ මේ අයට පක්ෂපාතී අය. හරියට රාජපක්ෂගෙ ජනතාව කියන්නෙ ඒ අයට පක්ෂපාතී අය වගේම තමයි.

    මේක වරදක් නෙමෙයි. කොයිම විදිහකින් වුනත් ආර්තිකය හදාගන්න එකයි වැදගත්.
    හැබැයි රනිල් වුනත් මේක තේරුම් ගන්න ඕන. රනිල්ට විරුද්ද වෙලා ගොඩනැගෙන ආර්තිකය එක්ක තරග කරන්න පුළුවන් තත්වයක් අපිටත් ලබාදෙන්න ඕන. ම‍ගේ අත්දැකීමේ හැටියට රනිල්ට පක්ෂ වීමෙන් ගොඩනැගෙන අ‍ාර්තිකය (කොමිස් ගහන සුළු පිරිසකට හැර) රනිල්ට විරුද්ද වීමෙන් ගොඩනැගෙන ආර්තිකයට වඩා කුඩා වෙලා තියෙනවා. ඒක සිදු නොවිය යුතු දෙයක්.

    ReplyDelete
  27. සරෝජ්ගේ නිවසට බුද්ධි නිලධාරීන් යැව්වේ අජිත් ධර්මකීර්තිගේ උවමනාවටද? ඇයි අජිත් ඔබ මෙලෙස එවැනි අභීත මාධ්‍යවේදීන්ගෙන් පළිගන්නේ?

    ReplyDelete
  28. පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් වීම සහ අජිත් ධර්මකීර්ති (ඊනියා) නිවාඩුවට ලංකාවට පැමිණීම අතර කිසිදු ආකාරයක සබදතාවයක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටි.

    ReplyDelete
  29. විමල් වීරවංශ බීමතින් ගීත ගායනා කරනා වීඩියෝ මාධ්‍යට එලිකරේ ධර්මකීර්ති නේද? විමල් තර්ජනයක් නිසා ඔහුව මතට හුරුකොට විනාශ කරන්නද අජිත් ධර්මකීර්තිලා මේ හදන්නේ?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .