ජෙහාන්: සර් එන්න කීවේ
සර්: බලනවකො අයිසේ නාකි උන්දෑ ආයේ එන්න හදනවනේ, නැගිට ගන්නත් පණ නැහැ. අනික එයාලු මට මේවා ඔක්කොම දුන්නේ. එයා දුන්න මගුලක් නැහැ . මේවා ඔක්කොම අපි අරගලේ කරලා හම්බ වෙච්ච දේ නේ.
ජෙහාන්: ඒකනේ සර් මම නොදන්නවය. දැන් අපේ වෘත්තීය සමිති අන්කල් ටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. මාධ්‍ය මල්ලිටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. ඔක්කොම ගොඩනේ සර්.
සර්: ඒ උනාට නාකි උන්දැ මොකක් හරි ට්‍රයි කරනවා. මිනිහත් මම වගේම නේ. අත අරින්නෙම නැහැනේ අයිසේ .
ජෙහාන්: ඒකනම් ඇත්ත සර්. සර් බය වෙන්න එපා. මගේ ක්‍රමේට වැඩේ ගෙනියන්න. අර සති දෙක තුනකට කලින් එවපු සෙට් එකට පොලිස් කුඹියෝ ලව්වා හොඳට සබ්බුව දුන්න නේ සර්. මාධ්‍ය වලට හොඳ වොයිස් කට් ටිකකුත් වැටුන. සර් ඒ වැඩේ හොඳට ගෙනියන්න.ලොකු පොලිස් කුඹියට කියන්න නිත්‍යානුකුලව ඇදගෙන යන්න කියල. නීතියට අනුව තමා ඕනේ ඔක්කොම.ගහන්න ඕනෙත් දැනුම් දීල හරිද?
සර්: හරි හරි අයිසේ ඒ අය වැඩේ කලානේ . ඒත් නාකියා හිතන්නේ මම ඒ පැත්තේ කියලනේ. පොර ට ආයේ මම මේක දෙයි කියල හිතන් ඉන්නේ. මලය නම් මුලදීම තේරුම් ගත්ත. මේ උන්දැ අහන්නෙම නැහැනේ. ඌටම හරියන ගොබ්බ සෙට් එකකුත් ඉන්නවනේ.
ජෙහාන්: සර් මම තව කට්ටියකුත් එවනවා ඉස්සරහට. මේක තව ටිකක් වැඩි කරමු, අපි ඉස්සර වගේම අරගලේට තව කට්ටියක් රිංගවමු . ඒ අය වැඩේ කරයි. සර් පොලිසියෙන් හොඳට නෙලන්න. කහ සිවුරු, ළමයි, ෆාදර් ල කියල බලන්න එපා. නීතිඥයෝ නම් ටිකක් ඉවසන්න කියන්න සර්. ඒ අය අවුස්සා ගන්න එපා. අපට පාඩුයි.
සර්: හරි අයිසේ, ඒත් මට අල්ලන්නේ නැහැ යන විධිහ. මුන් දැන් ව්‍යවස්ථා සංශෝධනේ ටත් බැහැයි කියන්න යන්නේ.
ජෙහාන්: සර් තව වැඩ තියනවා. මම අර සල්ලි දාන කෑල්ල ත් සෙට් කරලා හදාගෙන ආවනේ. එයා ගානට හැමෝම එක්ක ෆොටෝ හෙම ගහගෙන තියෙන්නේ. පොලිසියෙන් අල්ලපු ගමන් මම නම් ලිස්ට් එකකුත් එලියට දාන්නම් සර්. එතනත් බුකියට, පත්තර වලට වෙන කතා කරන්න දෙයක් නැතිව යනවා. තව ඒ වගේ දෙතුන් දෙනෙක් එලියට දාන්නම් සර් ඉස්සරහට. අරගලේට අපේ කට්ටිය දාල තව අංශක දෙක තුනකින් ඌෂ්නේ වැඩි කරන්නම් සර්. නැතිව බෑ . නාකි උන්දැ හොඳටම බය වෙයි. සර් අර පැත්තට සලකන්න හරිද? ඒ ගොල්ලෝ හොඳින් තියා ගන්න සර්.
සර්: මොකද අයිසේ සලකන්නේ නැත්තේ., ඒ අයව ඇතුලට ගත්තද ? ගත්ත ගමන් එළියේ. ණය දෙනවා. මිඩියා වල කතා දෙනවා. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන්.
ජෙහාන්: හරි හරි සර්, මම දන්නවනේ. තව පොඩි දෙයක් තියනවා සර්. අර ඩඹානේ ඇත්තෝ සර්, තව ටිකක් ඔහේම හිටපු දෙන්.
සර් : අයිසේ ඒ මනුස්සය මුකුත් කරල නැහැනේ. මේ තමුසෙලා කියන නිසා තියන් හිටියට. පෙළපාලි වල ඉස්සරහ යන එක වරදක් නෙමේනේ අයිසේ. උසාවියට දාපු ගමන් එලියට දායි.
ජෙහාන්: මේකනේ සර් , ඒ වුනාට උන් අරගලේ සීරියස් කරන එවුන්නේ සර්. සර් මොනවහරි කරලා තව මාසයක් දෙකක් ඇදන් යන්න. . ඊට පස්සේ මම වෙන ගේමක් දෙන්නම්කො සර්. අනික් එක සර් ඔය කැඳවුම් කාරයෝ එලියට ආවම මීඩියා කෑලි එක්ක සෙට් වෙනවා. බැඳ ගන්නවා. ඊට පස්සේ උන් ටෙලියේ පොර ටෝක් දෙනවා. අලුතින් බඩගාන කෙල්ලෝ කොල්ලෝ ටික අඹර ගන්නවා. අනිත් අයට පාඩුනේ සර්.
සර්: හරි හරි , මම මොකක් හරි කරන්නම්. ගිහින් එනවා. මතකනේ අර වැඩ එකින් එක දානවා හරිද?
ජෙහාන්: හරි හරි සර්. යන්නම්.
**********මතු සම්බන්ධයක් නැත
-අජිත්
(උපහාසයට ලියන ලද්දකි. සීරියස් නොගන්න. සීරියස් නම් අහක බලාගෙන පහලට යන්න.)
මේක දාන්ඩ ම ඔ්නෙ පෝස්ට් එකක්. කියවන්ඩත් ඔ්නෙ ම පෝස්ට් එකක්.
ReplyDeleteස්තූතියි කවුන්ට්
Deleteසරෝජ්ගේ නිවසට බුද්ධි නිලධාරීන් යැව්වේ අජිත් ධර්මකීර්තිගේ උවමනාවටද? ඇයි අජිත් ඔබ මෙලෙස එවැනි අභීත මාධ්‍යවේදීන්ගෙන් පළිගන්නේ?
ReplyDeleteසරෝජ් ට මුකුත් වෙලා නැහැ බං . අර ඉන්නේ හොඳට. මම ඊයෙත් කතා කළා. වැඩිය මේ දවස් වල එළියේ දකින්න නැත්තේ වෙන හේතුවක් නිසා. "හිමි නැති පෙමකට .... ". එහෙමත් නැත්නම් "මල් මුතුවල් පිනිපොද .." ඔය ඕන සින්දුවක් හරියනවා. හේ හේ
Deleteපළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් වීම සහ අජිත් ධර්මකීර්ති (ඊනියා) නිවාඩුවට ලංකාවට පැමිණීම අතර කිසිදු ආකාරයක සබදතාවයක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටි.
ReplyDeleteඅඩේ පොර නිදහස් ද ? පොර ඉතින් වැරැද්දක් කරලමත් නැහැනේ. සල්ලි යන්න කලින් නැවැත්තුව කියලා නේද කියන්නේ
Deleteවිමල් වීරවංශ බීමතින් ගීත ගායනා කරනා වීඩියෝ මාධ්‍යට එලිකරේ ධර්මකීර්ති නේද? විමල් තර්ජනයක් නිසා ඔහුව මතට හුරුකොට විනාශ කරන්නද අජිත් ධර්මකීර්තිලා මේ හදන්නේ?
ReplyDeleteඔය වැඩක් නැති තව එකෙක්. ජාතිවාදී නරුමයෙක්
Deleteඑකින් එක දාන්නැතුව ඔක්කොම වැඩ එකපාරක දැම්මනං වැඩේ ක්ලෝස්
ReplyDeleteඑතකොට කොහොමද කරන්නේ .අවුරුදු දෙකහමාරක් අදින්නත් එපාය
Deleteඅනේ ගොයියනේ ජොලියට ටෙලි නරඹාලා
ReplyDeleteආතල් ගන්නව මිසක - අවුස්සා අස්සෙ හංගලා ඇත්තෙ මක්ක කියලා
මොකට හොයන්නද- හොයල බලන්නද අම්ම්ම්ම්මේ
බලා ඉන්නෙ කෙළවෙනකල් අපටම
නෑනෙ මොළේ!
මගුල් ගෙදර කාර් හැටයි
Deleteකේක් ගෙඩිය නව රියනයි
විස්කි මහත් ජල ගැල්මයි
රටට ණයයි අප්පොච්චියේ
උපහාසයක් නෙවෙයි,
ReplyDeleteමේක තමයි අද ලංකාවේ වෙන්නේ....
ඕව ලියල හිරේ යන්න බෑ . මම නම් දන්නේ නැහැ
Deleteකොටින් ම කියනව නම් ආර්ථිකය මෙහෙම දුවන්න බැහැ. මේක IMF කල්ලිය අපට දීපු දඬුවමක්. IMF එකෙන් අවුරුදු 4 තුළ ඩොලර් බිලියන 2.9ක් අරගෙන අපි මොන වෙඩිමක් කරන්නද? අවුරුද්දකට ම එන්නෙ මිලියන 700ක් විතර. අපේ වාර්ෂික ආනයන වියදම ඩොලර් බිලියන 20ක් විතර. ඊටත් එහා යනවා සාමාන්‍ය තත්වය යටතේ. ඉන්ධන බිල විතරක් බිලියන 3කට කිට්ටු වෙනවා. 2021 දි අපි අමාරුවෙන් වෙළඳ අපනයන ආදායම ඩො. බි 12.5ක් කරගත්තා. ඒ නිසා තමයි අපි අදත් ජීවත් වෙන්නෙ. ඒත් දැඩි ආනයන සීමා නිසා අමුද්‍රව්‍ය ගෙන්නා ගැනීමේ ප්‍රශ්න එක්ක මේ ආදායම මේ වසරේ අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපනයන කර්මාන්තවල වියදම් අංශය සැලකියයුතු ලෙස තෙරපුකමකට ලක් වෙලා. එය නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරනවා.
ReplyDeleteමේ සේරම ප්‍රශ්න අපේ රටේ ව්‍යුහාත්මක ප්‍රශ්න වුනේ එකම විසඳුම IMF කරගත්ත දවසෙ ඉඳල. ණය පැහැර හැරීම නම් මෙරට ඉතිහාසයේ ගත් අදූරදර්ශී ම තීන්දුව ඊට බලපෑවා. මේක පිටුපස විශාල කුමණ්ත්‍රණයක් තිබුණ බව අපට හිතන්න සාධක තියෙනව. ණය ගෙවන ක්‍රම හදල තියෙද්දි කැබිනට්ටුවටවත් නොකියා මේ මූල්‍ය තීන්දුව ගත්තා.
ඉහත තීරණය නිසා අපට දැන් අනිත් කිසිදු රටකින් හදිසියකට ණයක් ගන්න බැරි වෙලා තියෙනව. බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4 ඇරෙන්න එක ඩොලරයක් ලංකාවට ආවද? ඔහු ලෝක බැංකුවෙන් ගෑස්වලට, ත්‍රිපෝෂවලට, අඩු ආදායම්ලාභීන්ට ගත්ත ඩොලර් මිලියන 340 හැර එක සතයක් ආවාද?
අද දේශීය වශයෙන් මුදල් වියදම් කිරීම හැකි තරම් සීමා කරල තියෙන්නෙ. බැංකු පොලී අනුපාත හිතාගන්න බැරි තරම් ඉහළයි. ව්‍යාරිකයින්, ව්‍යවසාකයින් ණය ගන්නෙ නැ. ණය නොගෙන වියදම් නොකර ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ.
අනිත් පැත්තෙන් බදු පිට බදු වැටෙනවා. මධ්‍යම පන්තියට මේක දරාගන්න ඉතාම දුෂ්කරයි. බදු ප්‍රතිශතය වැඩි කරගන්න ඕන. ඒත් ඒක කරන්න ඕන ව්‍යාපාරිකයින්ට, පුරවැසියන්ට අත දිග හැර වියදම් කරන්න පුළුවන් පරිසරයක් හදල. එතකොට රටේ මුදල් සංසරණය වැඩි වෙනවා. ද්‍රවශීලතාව නඩත්තු වෙනවා. දැන් වෙලා තියෙන්නෙ, කාපු බත් ටික බටයක් දාලා ආපහු කටින්ම ඇදල ගන්නව වගේ වැඩක්. එතකොට වෙන්නෙ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නැතුව ඇඟ කෙසඟ වෙනවා. දුබල වෙනවා. වර්ධනය නවතිනවා.
ජනාධිපතිතුමා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. නිලධාරීන් ගන්න තීරණ වගකීම්විරහිත වෙන්න පුළුවන්. ඔවුන් කාටවත් වග කියන්නෙ නැහැ. විශේෂයෙන් ම මහබැංකුව හා මුදල් අමාත්‍යාංශයට මේ ලොජික් එක තේරෙන්නෙ නැ, හෝ ඒ අය වැඩ කරන්නෙ අසාර්ථක IMF උපදෙස් මත.
හැකිනම්, අවුරුදු 4ක තුළ කොටස් වශයෙන් දෙන ඔය IMF ඩොලර් බිලියන 2.9 සොච්චම් කැරට් අලය පැත්තකට දාලා, ණය ගෙවීම් පැහැර හැරීමේ තීන්දුව වෙනස් කරල, හිතවත් රටවල් ටිකක් එක්ක එකතු වෙලා bridging finance හොයා ගන්න පුළුවන් නම් අපට මේ මර උගුලෙන් ගැලවෙන්න පුළුවන්.
ඒකත් එක විධිහක්. IMF ණය කියන්නේ කෝකටත් තෛලය නෙමේ තමයි
Deleteශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ReplyDeleteරට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (Senior Partner Ernst & Young), නියෝජ්‍ය උප සභාපති කිෂාන් බාලේන්ද්‍ර (Chairman of John Keells Holdings), අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සරත් ගනේගොඩ (Executive Director at Hayleys), සහ ලේකම් මංජුල ද සිල්වා (CEO of The Ceylon Chamber of Commerce) යන මහත්වරු එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් මා සමඟ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර, ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය ශාන්ත ජයරත්න යන අය සහභාගි වූහ.
..
දෝහි අජිත් ධර්මකීර්තිට උණ ගැනෙන නිවුස්.
අනේ හොඳයි. බලය ලබා ගන්න බය වුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්
Deleteඅප මරා දමා ඔබ ලබන බලය කුමක්ද ධර්මකීර්ති?
ReplyDeleteමේ දවස් වල මදුරුවෝ නම් මරනවා. ඒසී වැඩ කරන්නෙත් නැහැ. ලයිට් කපල. මේ මදුරුවෙක් නම් සමා වෙන් ඉතින්
Deleteඅජිත් ධර්මකීර්ති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධූරයට පත් කිරීමට සමගාමීව, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශක ලෙස පත් කර ඇත.
ReplyDeleteජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග හමුවකින් පසු එරික් සොල්හයිම් මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
😃
Deleteඅජිත් ධර්මකීර්ති යනු කොළඹ රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජූනියස් සිසුවෙකි.
ReplyDeleteඅජිත් ධර්මකීර්ති සහ ජනාධිපති අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධතාවය දශක ගණනාවක් ආපස්සට දිවයයි.
විශේෂඥ දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි සහ ධර්මකීර්ති සමකාලීනව පාසල් සිසුවන් වෙති.
ධර්ම කීර්ති ට රුසියානු ශිෂ්‍යත්වයක් ලබා දී භීෂණ සමයේ ඔහුට රටින් පිට කෙරෙහි වික්‍රමසිංහ ඇමතිවරයාගේ උවමනාවටය.
ගොවියා ධීවරයා කම්කරුවාගේ බදු මුදලින් සෝවියට් රුසියාවේ අධ්‍යාපනය ලැබූ ධර්මකීර්ති සිදුකළේ සුප්පිය න්‍යෂ්ටික තාක්ෂණය හොරකම් කොට බටහිරට විකිණීමය.
ලන්ඩනයට වී ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් වන ධර්මකීර්ති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ දකුණු අත බඳුය.
ධර්මකීර්ති විසින් මෙය වන විට සිදුකළ ඇති දෑ අතර කුමාර කරු ආරච්චිගේ රැකියාව අහිමි කොට ඔවුහු ආසිරි රෝහල් පලවා හැරීම ප්‍රධාන ය.
භීෂණ සමයේ කලබල සංවිධානයේ ප්‍රධානියා ලෙස ධර්මකීර්ති සේවය කොට ඇත. රුවන් ෆර්ඩිනැන්ඩස් සහ මංගල සමරවීර අතර ඇති සබඳතාවය ට වඩා වැඩි යමක් රනිල් සහ අජිත් අතර ඇත.
මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගැන ඔවුන්ට දසවද දී ඔවුන්ව ධර්ම චක්‍රයෙන් යවා ඔවුන්ගේ කන්වලට පරාල ඇණ ගසා ඔවුන්ගේ ගුද මාර්ගයට කටුකම්බි ඇතුළත් කොට වද දෙමින් ඒවා නරඹමින් අජිත් ධර්මකීර්ති නැමැති නරුමයන් ප්‍රීති වෙමින් සිටී.
මිනීමරු අන්ත දක්ෂිණාංශික අජිත් ධර්මකීර්ති උඹට පුළුවන් අපිව මරා දමන්ඩ විතරයි එහෙත් අපගේ අරගලය සදාතනිකයි එය දිනනවමයි.උඹ නරුමයා රනිල් වික්‍රමසිංහ සමඟ ඒකත් පුළුවන් නං වදදී මරා දාපියව්.
මදුරුවෝ මරනවට වඩා ලේසියෙන් අජිත් ධර්මකීර්ති ඔබට මිනී මරන්න පුළුවන් බව අප දන්නවා උඹ එවැනි මිනීමරුවෙක් නරුමයෙක් ලේ පිපාසිත එක්.
මේ පරණ බැදුම්කර සරසා සෙට් එකනම් ආයේ බැහැල ඉන්නේ මේ කියන දේවල කිසි තේරුමක් නැහැ. සරසා හෙවත් කළු ආරච්චි මහත්මයාට මම කියල තියෙන්නේ ඔය ළමා අපචාර චෝදනා මම නෙමේ ගෙනාවේ. ඕක ප්‍රා ඇහුව,. මාතලන් දෙතුන් පාරක් ඇහුව. මම එහෙම එකක් දන්නේ වත් නැහැ . අර අරලගංවිල බ්ලොග් ලියපු ජවිපෙ හිතවාදී දොස්තර මහත්මය කීව විධිහට කළු ආරච්චි මහත්මය රිසර්ච් එකකට අවශ්‍ය සත්තු මරල තියනවා පේරාදෙණියේ.මම හේතු දන්නේ නැහැ. ඒ කට්ටිය තරහලු. එතකොට එයාගේ බිරිඳ නඩුවක් ඕස්ට්‍රේලියාවේ දාල තියනව. තව කවුද කුලපති කෙනෙකුත් තරහලු. එයා එක්ක තරහ නැතිව හිටියේ මම විතරයි. බ්ලොග් සම්මාන ප්‍රශ්න මම එච්චර ගණන් ගත්ත ඒවා නෙමේ. ඉතින් මේවට කාලය නාස්ති කරන එක මහා මෝඩ වැඩක්. බැදුම්කර කතා වලට තරහ ගිය ආණ්ඩුවේ කවුරුහරි කළා වෙන්නත් පුළුවන්. ඒ දවස් වල ඒකට විවේචන සරසා ලීව නිසා.
Deleteඅනිත් කෙහෙල්මල් නම් උඹලගේ හිතළු. රනිල්ට උඹලට වඳින්න වීම ගැන තියෙන හිතේ අමාරුව අපට තේරෙනවා. ඒත් ඉතින් ඇණ ගත්තේ උඹලගේ වීරයා ගෝතාමනේ. අපි මොනවා කරන්නද ඒවට. . මේ ආයිත් බොරු විකාර ලියාගෙන අවොත් මම බ්ලොග් එක බ්ලොක් කරනවා කමෙන්ට් වලට. නිදහස් අදහස් වලට ඉඩ දෙන්නයි මෙපමණ වත් ඉවසුවේ.
අනික ඉතා ප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙක් මට කිවේ සරසා කවුද ගැහැණු ළමයෙකුට හිංසාවක් කරන්න ගිහින් ආසිරි එකෙන් එන්න එපා කීව කියල. මම ඕවල ඇත්ත නැත්ත හොයන්න ගියේ නැහැ. මට අදාල නැති නිසා. පරණ බොරු වැල් ආයි ලියන්නේ බය වෙලාද
Deleteඅප අරගල කරා තමයි ධර්මකීර්ති. අප අරගල කෙරේ රට වෙනුවෙන්. අප්‍රේල් අරගල කරේ අපේ දරුවන් වෙනුවෙන්.
ReplyDeleteඅප කුසගින්නට බත් කටක් කෑමට අරගල කරේ. අපව අත්අඩංගුවට ගෙන දසවද දෙන්නේ ඇයි අජිත් ධර්මකීර්ති ඔබගේ රනිල් හාමු.
අප වෙනුවෙන් කතා කළ සරෝජා වද දෙන්නේ ඇයි ඔහුගේ නිවෙසට රහස් පොලිසියෙන් බුද්ධි අංශයෙන් යවා ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුව බිය කරන්නේ ඇයි.
අජිත් ධර්මකීර්ති මහත්මයා ඔබ මෙන්ම අපටත් අපගේ දරුවන්ටත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ අයිතිය ඇත.
ඔබ එය විහිළුවකට ගන්නේ ඇයි අපගේ කඳුළු ලේ දාඩිය නුඹට සතුටක්ද.
අරගල කළ අපගේ මාපටගිලි ලේස්ප ටියකින් ගැට ගසා අපව බාල්කයේ එල්ලා එස්ලෝන් බට වලින් පහර දෙමින් අපගේ ඉලඇට කඩන විට ඔබට ලැබෙන්නේ කවර ප්‍රීතියක් ද.
අපට මිහිතුරු කටු යකඩ ඇණ ගිල්ල ව මෙන් අපගේ දෑස් වලට පරාල ඇණ බස්සවමින් අපගේ බෙලි කපමින් සතුටුවෙන අජිත් ධර්මකීර්ති මාරයා ඔබ පසුපස.
මමත් අරගලවල තමයි හිටියේ. ලන්ඩන් වලත්. හැබැයි කට්ටියක් දරුණු පාවා දීමක් කළා නේද? ඔය ලිපිය හරියට කියෙව්වොත් තේරෙයි. පස්සේ ඇවිල්ල කාපු සෙට් එක.
Deleteඅජිත් ධර්මකීර්ති මහතාට අවැසි අදහස් පමණක් පල වෙන බැවින් මෙම බ්ලොග් අඩවියෙ මින්පසු කොමෙන්ට් දමා පලක් නැත.
ReplyDeleteසාධාරණ විවේචනයන් දරා ගත නොහැකි මෙවැනි ලඳ බොළඳ බාලයන් සමග සිදුකරන සාකච්ජා සදහා වෙන් කරන කාලයත් අපතේ යෑමකි.
අජිත් ධර්මකීර්ති මහතා වැන්නවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඔහුගේ අදහස් වලට සමපාත වන අදහස් පමණක් බ්ලොග් අඩවියේ පළ වනවා දැකීම ය.
ඔබගේ බ්ලොග් අඩවිය නිසා ඔබට කැමති තීරණයක් ගත හැක.
මින් පසු අප මෙම බ්ලොග් අඩවියේ අදහස් පළ කිරීමක් සිදුකරන්නේ නොමැත. ස්තුතියි.
සාධාරණ විවේචන නම් කමක් නැහැ. පට්ට බොරුනේ ලියන්නේ. තේරුමක් නැති මෝඩ කතා එක්ක. බොරු ලියන්නේ නැතිව ඕන වෙන ඕන මගුලක් ලිවට කමක් නැහැ. සරසා (ඩොක්ටර් කළු ආරච්චි) ඇතුළු බැදුම්කරේට පහරදුන් අයට දැන් වහ කන්න වෙලා තියෙන එක ගැන මටත් දුකයි. නමුත් ඒවා දේශපාලිනිකයි . මෙතැන තමුන්ගේ බොරු වලට එයාවත් ඇන්දා ගන්න එක කොහෙත්ම වැරදියි.
Delete+++++++++++++++++++++++
ReplyDelete============++++++++++++
Deleteබලාගෙන ඉමු ජෙහාන් මොනවා කරයිද කියලා. අර 'ඇක්සිඩන්ට්' එකකින් නැතිවෙච්ච රගර් ක්‍රීඩකයව එහෙමත් ආපහු ගේන්න පුලුවන්නෙ.
ReplyDeleteමානල් ඕනෑවට වැඩිය ගියොත් ඒවත් එලියට එයි වගේ නේද
Deleteරනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.
ReplyDeleteරනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.
රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.
රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.
රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.
සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.
ඇනෝ රනිල් ගැන යමක් මම මෙතන ලියල තිබෙනවා. ඒ ඓතිහාසික කාර්යභාරයට රනිල් ගියොත් එයා ඉතිහාසයටත් යයි. රට ගොඩ යයි. https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_21.html
Deleteඅජිත් මාමෙ, මේ වගේ අර්ථික තත්වෙක ඉදලා ගොඩ ආපු රටවල් නැද්ද ලෝකෙ🤔
ReplyDeleteඕන තරම් තියනවා . 1945 ජර්මනිය, ජපානය
Deleteඒවාට ලඟින් වත් තියන්න බැහැ මේකෙ ඉන්න ජහමනයයි උන්ටම හරියන නායකයොයි. හැමදේම වෙන්නෙ හොඳට කියලා හිත හදාගන්න තමයි වෙන්නෙ😶
Deleteඅජිත් ධර්ම මහත්මයා සහය දක්වපු ජෙනරාල් ෆොන්සේකා මහතා මෙහෙම කියනවා.
ReplyDelete'ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි.
පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.
ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය'
අජිත් මහත්මයා මොකද කරන්නේ එතකොට. පෙරටුගාමී පක්ෂය ජෙනරාල් එක්ක එකතු වෙලා දියත් කරන සන්නද්ධ අරගලයට සහය දක්වනවද?
මම සන්නද්ධ අරගල වලට විරුද්ධයි. ගෙවල් පුස්තකාල ගිනි තියනවට විරුද්ධයි. එදත් එහෙමයි. අදත් එහමයි. කවුරුත් තව කවුරුවත් මරල, මැරීගෙන විමුක්ති ව්‍යාපාර වල අන්තිමට ජයග්‍රාහකයෝ නැහැ
Deletehttps://www.youtube.com/watch?v=Dpn7TuZHdNM
ReplyDeleteමගේ අම්මෝ , වෙල්කම් බැක් බසු. හොඳ විස්තරයක් තියෙයි කියල හිතනවා අතුරුදහන් වුනු කාලය ගැන. නිවී හැනහිල්ලේ බලල විස්තරයක් කියන්නම්.
Deleteලලංකාව ගැන බ්ලීක් පික්චර් එකක් නේද දෙන්නේ
Deleteලෝක සප්ලයි චේන් එකට කෙලවිලා. දැන් ලෝක කෘෂිකර්මයට කෙලෝ ගෙන යනවා. වසංගත ආවා, යුද්දෙ ආවා, ත්‍රිකෝණයේ ඉතුරු එක දුර්භික්ෂය.
Deleteඇස් පනාපිට පේනදේ, ප්‍රතික්ෂේප කරන රටක එහෙම නොවෙයි කියල හිතෙනවද?
එහෙම වෙයිකියල හිතෙන නිසා තමා ලියන්නේ
Deleteඅජිත් මහත්තයෝ අරගෙන ආවට දානේ
ReplyDeleteපිං දෙන්නං නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් නුඹ වාගේ
මොනවා නැති උනත් කමක් නැහැ සංසාරේ
https://kolambagamaya.blogspot.com/2015/02/blog-post_66.html
Deleteසංවේදී කවියක් ඇනෝ
Deleteමෙච්චර හොද පොස්ට් එකක් ලියලා තියනකොට කොහමද එහම අහක බලාගෙන යන්නේ .....
ReplyDeleteඑල ද බ්‍රා
කාලෙකින්
Deleteඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....
ReplyDelete1917 වසරේ ඔක්තෝබරය උදා වන දින වන විට එතෙක් රුසියාවෙහි ආර්ථික සහ රදල සමාජය බිද වැටී ගොවීන් සාමාන්‍යය ජනතාව රාජ්‍යය සේවකයන් පමණක් නොව සන්නද්ධ හමුදාවන් පවා බෝල්ශෙවික් වරුනට සහය දෙමින් රුසියාවෙහි ප්‍රධාන ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන බහුතරයක බලය ලබා ගෙන තිබූ අතර එහි අවසන් මර්මස්ථානය වූ winter palace (හේමන්ත මාලිගයේ ) බලය අල්ලා ගැනීමට ලෙනින් තීරණය කරන්නේ ඔක්තෝබර් මස 25 වනදාය... ඔහු ඒ වනවිට සිය පෞද්ගලික ආරක්ෂාවද පසෙකලා පෙට්‍රොගෑඩ් හි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරා පැමිණ අණ දීම් කටයුතු ආරම්භ කල අතර ඔක්තෝබර් 25 වනදා සවස වන විට හේමන්ත මාලිගය හැරෙන්නට අනෙක් සියලුම පාහේ ස්ථානයන්හි බලය විප්ලව වාදීන් සන්නද්ධ බලයෙන් අල්ලාගෙන තිබින...
එවකට සාර් ආන්ඩුවෙහි අග්‍රාමාත්‍ය වරයා සහ ඇමති මඩුල්ල රැදී සිටි හේමන්ත මාලිගය අත්පත් කරගෙන සෝවියට් රුසියාව ලොව පලමු සමාජවාදී රාජ්‍යය බවට පත් කිරීමට යහසුලුව බලාසිටි ජනතාවන්ට සහ හමුදවන්ට කාමර දහස් ගනනකින් හෙබි මේ මහා මාලිගයට කඩා වැදීමට ඔක්තෝබර් 25 රාත්‍රියෙහි අණ දෙන්නේ අන් කිසිවෙකු නොව ඒ වන විට ත්‍රේව් නදියේ නැංගුරම් ලා සිටි විප්ලවයේ නෞකාව ලෙසින් හැදින්වෙන "අවුරෝරා නෞකාව" විසිනි.. සැලසුම් කරගත් පරිදිම එදින රාත්‍රියෙහි මහා කාලතුවක්කු හඬින් සංඥාව ලබා දුන් අවුරෝරා නෞකාව සමාජවාදී ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියාව බිහිකිරීමෙහි සටනේ විප්ලවීය ජීව වෙඩිමුරය තබා විශිෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරා ගෙන ගොස් අදට වසර සියගනනක් ඉක්මවූ පසු ආසියාවෙහි එක් කුඩා රටක කෝච්චියක් හෙට දිනයේ අවුරෝරා නෞකාවට යාවජීව වන තරමේ විප්ලවීය වෙනසක් මෙරට ඇති කරනු ඇතැයි ඝන සීත රාත්‍රියක වුව ලියුම්කරුට පුදුමාලංකාර හැගීමක් දැනෙමින් පවතී..
එනම් වසන්ත මුදළිගේ නැමැති සිසු නායකයා අත්තඩංගුවට ගෙන අනීතික ලෙස රදවා ඇති තංගල්ල කරා හෙට උදෑසන 6.30 ඇදෙනා මෙම විප්ලවීය දුම්රිය ශ්‍රීලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම විප්ලවීය බරකට වාරුවෙමින් අවුරෝරාට නොදැවෙනි යාවජීව ගුණයක් සමගින් තංගල්ලට ඇදෙයි..එසේම වසන්ත මුදලිගේ සහෝදරයා හැරුනකොට සමස්ථ විප්ලවීය පක්ෂයේම ආරක්ෂාවෙහි බරපැන සමගින් එහි ගමන් ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන් ලියුම් කරුට විරාජ මාන වන්නේ එදා එනම් 1917 වසරේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ පෙට්‍රොගෑඩ් කරා තම ජීවිතාපේක්ෂාවද පසෙක තබා ගිය v i ලෙනින් ඇතුලු බෝල්ශෙවික් පරමාදර්ශයන් ලෙසය...
සහුද්‍ර සහෝදරවරුණි
ඔක්තෝබර් විප්ලවයට වසර එකසිය හයක් සම්පුර්ණ වීමට තවත් දින කිහිපයක් පමණක් ඇති මේ මොහොතේ හෙට දින එදා සුප්‍රකට විප්ලවීය සෝවියට් අවුරෝරා නෞකාව මෙන්ම මෙදා තංගල්ල කරා ඇදෙනා රුහුණු කුමාරී සීග්‍ර ග්‍රාමී දුම්රිය ආසියාවෙහි වගාලිදක වැටී ජීවය අයදින ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවයේ කතාව රැගෙන නොයන්නේ යැයි අනුමාන කලනොහැක්කේ කාටද.....
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට ජය වේවා
සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.
විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.
හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.
උදේ නැගිටිනකොටත් මෙච්චර හොඳට මතක තිබ්බද
Deleteජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇති වෙනස් කම්..
ReplyDelete* නම් දෙක වෙනස් ය..
ජනතා විමුක්ති පෙරමුණ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
* නායකයන්ගේ නම්ද වෙනස් ය
ජනතා විමුක්ති පරමුනේ නායකයා කුමාර වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ශයේ නායකයා කුමාර් වේ .
* ජනතා විමුක්ති පෙරමුණේ අනෙකාට අයියා කිව හැක.
පෙරටුගාමී පක්ශයේ එසේ කිව හොත් ඌයියා වනු ඇත.
*ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලස්සනය.. රැවුල් මනාවට මට්ටම් කරයි. පිළිවෙලට ඇඳ පලදියි..දකින විට ප්‍රියමනාපය.
ඉංග්‍රීසි කතාබස් කරයි..රැකියාද කරයි..පක්ශයෙන් නඩත්තු වන්නේ ස්වල්පයකි.. ඇන්ඩ්‍රොයිඩ් ඇපල් ජංගම දුරකථන භාවිතා කරයි.. බාටා පලදින්නේ නැත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අපිළිවෙලය..රැවුල් මට්ටම් නොකරයි.මුහුණ දුර්වර්ණය.. අපිළිවෙල ඇඳුම් අදී. අප්‍රියය..සිංහල පමණක් දනී.රැකියා නොකරයි.කුටු කුටු ගා බටන් පෝන් වලින් තොරතුරු sms කරයි.. BATA නිළ පාවහන් සමාගමයි..
* ජනතා විමුක්ති පෙරමුණෙේ සාමාජිකාවන් ලස්සනය..කොන්ඩය කැරළි කැරළි ඇත..රූපලාවණ්‍ය කරයි.. පියයුරු සහ පසුපස අලංකාරයි.. හඬ සියුම් ..ඉංග්‍රීසි කතාකරයි..මිත්‍ර ශීලීයි..ප්‍රියමනාපයි..විලාසිතා කරයි.සමාජ මාධ්‍යය භාවිතා කරයි..
අඩි උස සෙලෙප්පු දමයි..ඩෙනිම් අඳියි..සුවදයි
පෙරටුගාමී පක්ශයෙේ සාමාජිකාවන් අවපැහැය.කොනඩය පීරන්නේ නැත.රූපලාවණ්‍ය තහනම් ය..ශරීරය පැතලු වේ.. හඬ ස්ලෝගන් ය.. සුද්ධ සිංහල සහ සිංහල දනී. බිම බලාගෙන ගමන් කරයි.විලාසිතා තහනම් වේ..බාටා පමණි.ලුංගි හෝ බොටම් පමණි..ගදයි
ජනතා විමුක්ති පෙරමුණේ ආදරය විවාහය සමාජගතය..
පෙරටුගාමී පක්ශයේ පක්ශය තුල පමණි.
ආදරය තහනම් ය...
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විනෝදසවාරි යයි.. කදු නගියි.
පෙරටුගාමී පක්ශයේ ඒවා තහනම් ය...
Jvp - සාමාජිකයන් අනෙකා දෙස සාමයෙන් බලයි..මිත්‍ර ශීලියී.. කෑවාද බීවාද අසයි..සිංදු කියයි..නටයි..
පෙරටුගාමී -සාමාජිකයන් අනෙකා දෙස සැකයෙන් බලයි. කෝප වෙන සුලුයි.. කන්න තියෙනවාද අසයි..ශ්ලෝක ගයානා කරයි.නර්තනය තහනම් ය..
Jvp - සිකරට් මත් පැන් බීම තමගේ කැමැත්තයි
පෙරටුගාමී - සැගවී පානය කල යුතුයි. තහනම් දෑය..
Jvp - තෙල බෙදයි
පෙරටුගාමී -ගිල්ලවයි..
Jvp- කාල් මාක්ස්ව හදාරයි,නිගමනය කරයි,පරීක්ෂණ කරයි
පෙරටුගාමී -කාල්මාක්ස්ට අදරෙයි..ආදරෙයි..ආදරෙයි..
Jvp - සිනහවෙයි මුහුණු දීප්තිමත් ය..
පෙරටුගාමී -සිනහව තහනම් මුහුණු අඳුරුය
Jvp - ප්‍රසිද්ධියේ කතාබස් කරයි
පෙරටුගාමී -සැගව කුටු කුටු ගායි
Jvp -එක් මොහොතකදි ගෙන්විය හැකි සාමාජික බලඇණිය 3%
පෙරටුගාමී පක්ශය .00006%
Jvp -දේශපාලනය කරයි
පෙරටුගාමී - දේශපාලනය බලයි
Jvp - සාමාජිකයන් උසය
පෙරටුගාමී සාමාජිකයන් කොටය..
Jvp -සමාජවාදී ප්‍රිය වචනයෙන් කතාකරයි
පෙරටුගාමී -සමාජවාදී කුණුහර්ප කියයි..
Jvp ගීතයක්...- අරගලයේ රාවේ ආකාශේ පාවේ ඇසුනද ඇසුනද ඇසුනාද
පෙරටුගාමී ගීතයක්... - උල්ලයි උල්ලයි ඌ ඌ උල්ලයි උල්ලයි ඌ ඌ
Jvp - විහිලු තහලු වැටහෙයි
පෙරටුගාමී -නොවැටහෙයි...
😉 පිස්සු පීකුදු
Deleteමං සාමාන්‍යයෙන් පොඩි ළමයි ගැන විශේෂ වූ ආදරයකින් පෙළෙන කෙනෙක් නෙමෙයි. මට ළමයින්ව පේන්නෙත් පොඩි මිනිස්සු වගේ. ඉතින් අර පොඩි එකෙක් දැක්කම අනා... කියල එන හැගීම මට එන්නෙ නෑ.
ReplyDeleteඒත් ඊයෙ මගේ කොන්ඩෙ කපන ගමන් ඒ බාබර් කියපු කතාව මට ළතෙත් හැගීමක් ඇති කළා. ඒ තාත්තාගෙ සහ දුවගෙ ප්‍රේමය ගැන.
බාබර් මේ කතාව මට කියන්න හේතුව මං රැවුලෙ කපන්න කියපු කට් එකක් හින්ද. 'ඔහොම රැවුල කපලා යද්දි මගේ දුව මට කියනවා, ඕක කපන්න තාත්තෙ.. ඉස්කෝලෙ ළමයි තාත්තාට හිනාවෙනවා.. මං ආස නෑ මගේ තාත්තට කවුරුවත් හිනාවෙනවට...'
මේ බාබර්ගෙ අවුරුදු හතක පොඩි කෙල්ල මගේ වගේ රැවුල කැපුවම විරෝදය පළකරන ආදරනීය විදිහ. එතන ඉඳන් මගේ රැවුල් කොන්ඩ කැපීම ඉවර වෙනකල්ම මට එයාගේ දුව ගැන කතා කිව්වා. සාමාන්‍යයෙන් මං තාත්තලා අම්මලා තමන්ගෙ දුවලා පුතාලා ගැන කියන කතන්දරයි, දුවලා පුතාලා තමන්ගේ තාත්තලා අම්මලා ගැන කියන කතන්දරයි අහන්න උනන්දුවක් නෑ. ඒවා ස්වභාවයෙන්ම භාවාතිශයයි. ඒත් මෙතනදි මට විකල්පයක් තිබුනෙ නෑ. මගේ බෙල්ල යට උගේ දැලි පිහිය. අනෙක ඒ කතාවෙ මට අමුතු විෂුවල් මැවුනා.
නුගේගොඩ කොන්ඩෙ කපන මේ බාබර්ගෙ ගම පොලොන්නරුව. ඉතින් ගමේ ගියදාට තමයි එයාට දුවත් එක්ක ගත කරන්න ලැබෙන්නෙ. එතකල්ම දුව ළග නැති දුක එයාගෙ හිතේ හොල්මන් කරනවා. අම්මටත් වඩා දුව තමන්ට ආදරෙයි කියලා හිතන එක තමයි මේ තාත්තාගෙ සතුට.
'දුව කියනවා අම්මටයි තාත්තටයි දෙන්නටම එකවගේ ආදරෙයි කියල. ඒත් වයිෆුත් දන්නවා කෙල්ල වැඩියෙන්ම ආදරේ මට තමයි කියල..'
මේ දුවගෙ පෙනුමත් තාත්තා වගේමලු. පංතියෙ ටීචර් පවා කියනවලු තාත්තා වගේමයි දුව කියල. තමන්ගේ කැත පිරිමි රූපෙම දුවෙකුට ආවමත් තාත්තෙකුට තියෙන සතුට මං ඊයෙ කණ්ණාඩියෙන් දැක්කා.
මේ බාබර් වැඩේ කරන ගමන් මට කියන කතාව.
'ඉස්සර ඉඳන් මට ඕන වුනේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න. පොඩි කාලෙ ඉඳන්ම ඒ ගැන පොත්පත්, ලිපි මං එකතු කරලා තියෙනවා. දැන් ඉතින් ඕවා වැඩක් නෑනෙ. ඒ හින්ද මං ළගදි ගෙදර ගිය වෙලාවක ඒවා ගිනි තියන්න ගියා..
'තාත්තේ ඇයි මේවා ගිනි තියන්නෙ.. කියල කෙල්ල ඇහුවා..
තාත්තා තාරකා විද්‍යාඥයෙක් වෙන්නනෙ හිටියෙ. තාත්තාට බැරි වුනානෙ. ඉතිං මේවා දැන් වැඩක් නෑ.. කියල මං කිව්වා.
'කෝ දෙන්න බලන්න. මටත් කියවලා බලන්න ඕනි.. කියල කෙල්ල ඒ පොත් තොගේ ඇදගෙන සාලෙ මැද ඉඳගත්තා. පෙරල පෙරල එක එක ප්‍රශ්න අහනවා ඉතිං.. ඇයි තාත්තෙ අගහරු රතු පාට? පෘතුවිය කොයිතරං වයසද? වගේ එලෝ කෝටියක් ප්‍රස්න.
'ඔයාට ඕන නෑනෙ ඔය පන්ඩිතකං. අර ඉස්කෝලෙ වැඩ ටික කරන්න.. අම්මා කෑ ගහනවා. එයාට තේරුමක් නෑ ඔය දේවල් ගැන. එයාට පේන්නෙ මේ ළමයා ඕන නැති දේවල්වලට වද දෙනවා කියලනෙ..
'තාත්තෙ ඔයාට වෙන්න බැරි වුනාට මං කවදා හරි තාරකා විද්‍යාඥයෙක් වෙන්නං.. මේ ටික මට තියන්න. ගිනි තියන්න එපා..''
'
මේ කෙල්ල බාබර් තාත්තාට කියල. මේකෙන් මේ තාත්තා ඉන්නෙ පුදුම තරමෙ සතුටකින්. උද්දාමයකින්. දුවත් පවුලත් පුළුවන් තරම් ඉක්මනට කොළඹ අරන් එන්න මිනිහට ඕන. දුව තමන් ළග ඉන්නවා නම් මේ අමතර දැනුම තමන්ට දෙන්න පුළුවන් කියල එයා හිතනවා. එයයි දුවයි එකම හීනයක් බෙදාගන්නවා. ඒ තමයි තාරකා විද්‍යාව. මේ හීනෙන් අම්මවත් පිටමං කරලයි තියෙන්නෙ.
මේ විදිහට අම්මලා තාත්තලා තමන්ගේ දරුවො ඇතුලෙන් එක එක හීන දකිනවා. ඒ හීන හරි ලස්සනයි. පස්සෙ කාලෙක මේ හීනම දරුවට ලොකු බරක් වෙන්නත් පුළුවන්. ඒත් නන්නාඳුනන මිනිහෙකුගේ රැවුලක් කපන අතරෙ තමන්ගෙ තාරකා විද්‍යාවට උනන්දු දුව ගැන කල්පනා කරන තාත්තෙක් කියන්නෙ ලස්සන හැගීමක්.
ඒක හොඳයි
Deleteදැන් මේක කියපු ගමන් එලෝමෙලෝ නැතුව අයියාමලෝ සෙට් එක බැන බැන කමෙන්ට් දාන එක ස්වභාවිකයි. හැබැයි නිකමට කල්පනා කළාම රනිල් ලොක්කා සෑහෙන ගොඩදැමිල්ලක් ගොඩදාලා තියෙනවා කියලා මට හිතෙනවා. පෙට්‍රල් ගෑස් පෝලිම් නැති එක තමයි ලොකුම දේ. රට එකතැන කඩාවැටෙන්නයි තිබුනෙ. හදුන්නෙත්තිලා පවා කතා කලේ හිනාවෙවී පෝලිම් වල ඉන්න යුගයක් ගැන මිස පෝලිම් ඉවර කිරිල්ලක් ගැන නෙමෙයි. විදුලිය කපන එකත් සෑහෙන දුරට පාලනය වුනා. ආපහු ගෑස් පෙට්‍රල් මිළත් ටික ටික අඩුවෙනවා. සංචාරක කර්මාන්තෙ මිනිස්සු සීසන් එකට උනන්දුවෙන් ලෑස්ති වෙනවා. මොනවා වුනත් රට ආපහු රෝද කරකැවෙන මට්ටමට ගත්තා. අනිත් පැත්තෙන් විපක්ෂයට එකට විරෝධයක්වත් කරගන්න බැරි තත්වෙට දුර්වල වුනා. මිනිස්සු පාරට බහින්න ලෑස්ති නෑ. දෙසැම්බර් පුළුවන් විදිහට උත්සව සමය සමරන්න ලෑස්ති වෙනවා. ඉරිසියා හිතක් නැති මට නං තනි මිනිහෙක් හොරු රොත්තක් එක්ක මේ ගහන ඉණිම විශිෂ්ටයි නොකියා බෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් උන් චන්දයක් ඉල්ල ඉල්ල කෑමොර දෙනවා මිස මොනවද රටට කරන්නෙ කියන එකයි.
ReplyDeleteගම්වල ටික ටික ආයෙත් පොහොට්ටුව පැත්තට යනවා. රනිල් ලොක්ක මොනවහරි ඒකට කරනවැයි
Delete