ශ්‍රී ලංකාවේ සිටියදී මම ඉතිහාසය හැදෑරීම ගැන බොහෝ උනන්දුවක් තිබූ සිසුවෙක් වීමි. මා බොහෝවිට පුරා විද්‍යාව සහ ඉතිහාසය පොත් වැඩිපුර කියවා ඇතැයි යන්න ඒ කාලය සමග සසඳන විට නිවැරදිය. වසර කිහිපයකට ඉහතදී පුරාණ දේවාලයක් ගැන ලියන පෙමාස් ගුණසිංහ මහතාගේ බ්ලොග් ලිපි මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක බ්ලොග් කිහිපයක් කියවීමෙන්ද මේ උනන්දුව නැවත ඇතිවිය. මගේ පිය ඇඹෙනිය ද පුරා විද්‍යාත්මක කරුණු ගැන මෙන්ම එම ස්ථාන සොයා යන සංචාර වලටද කැමැත්තක් දක්වන්නිය. ළඟදී අප කල ග්‍රීක සංචාරයද එවැන්නකි. ශ්‍රී ලංකාවේ රජවරුන් ගේ නාමාවලියක් අප නිවසේ ඒ කාලයේ තිබු අතර මෙවර මට එය නැවතත් හමු විය.
මේ උනන්දුව නිසාම ආනන්ද කුමාරස්වාමි මහතාගේ "මධ්‍යකාලින සිංහල කලා" පොත නැවත කියැවීමට ඇත්නම් මැනව යයි සිතුනි. කලකට පෙර ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳ පොත සොයමින් ගිය වෙලේ ඒ සඳහා ලංකාවේ පුස්තකාල ගානේ මා සමග රස්තියාදු වූ සබැඳීයෙකු වූ ප්‍රදීප් ජයතුංග ගෙන් ඒ ඉල්ලීම කලෙමි. මට අවශ්‍ය වුයේ ගෙදර අයටත් කියැවිය හැකි පොතේ ඉංග්‍රීසි පිටපතයි. ප්‍රදීප් ඒ ඇසිල්ලේම මට පොත සොයා එංගලන්තයට එවීය.
මටත් වඩා උනන්දුවෙන් පොත පරිහරණය කළේ අපේ කණිටු දියණියයි. පොත තබාගෙන ඒ ගැන නොකිව්වේ යයි ඇය මට චෝදනාවක් ද කළාය. මා ලංකාව ගැන ලියන බොහෝ අවස්ථාවල ඇතැමුන් කරන චෝදනාවක් නම් "රට ගියානම් ඒ රටේ වැඩක් බලාගෙන ඉඳපන්, අප ගැන ලියන්නේ නැතිව" යන්නය. සමහරු ඊටත් එහා ගොස් පරිභව කරති. එසේ වන්නේ අප කිසියම් අන්දමේ විවේචනයක් කලහොත් පමණක් නොවේ. ඇතැම් දාර්ශනිකයෙක් ද වරක් එවැනිම කතාවක් කීවේය. ලන්ඩනයේ ලියා පළ කළ තැනක් හදා ගන්නවා මිස මොන මගුලකට ඔහු ලියන ඒවා ගැන විවේචනය ලියන්නේද යන්නට ඔහු කනස්සල්ල පළ කර තිබුණි. ෂෙහාන් කරුණාතිලක එසේ කළත් ඔහුටද විවේචන එල්ල වී තිබේ. ඒ අර අයගෙන්ම විය හැකිය.
මගේ දුවණියට මේ පොත ගැන උනන්දු වන්නට හේතුවක් නැත. ඇයට අවශ්‍ය තරම් මේ රටේ ලිවිය, කියවිය හැකි අතර ඇයට ඇත්තේ ජර්මන් ශ්‍රී ලංකා මිශ්‍ර ජන්මයකි. ඇයට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා ව්‍යක්ත ලෙස කතා කළ හැකිය. නමුත්ඇ යට අප යන අනිකුත් රටවල් සේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කුතුහලයක් සහ හැදෑරීමට ආශාවක් තිබේ. මා ශ්‍රී ලංකාවේ ඉපදීම හෝ මගේ ශ්‍රී ලංකා මිතුරන් සිටීම හෝ මා සිංහලෙන් කතා කිරීම පමණක්ම එයට හේතුව නොවේ. ඇය ආකර්ෂණය වී ඇත්තේ අතිශයින්ම පොහොසත් වූ අතීතයක් පැවතීම සහ ඒ ගැන අපමණ සාක්ෂි සහිත වූ පොහොසත් කලාවක්, සංස්කෘතියක් හා නටබුන් පැවතීමය.
ඒ අතරේදී ආනන්ද කුමාරස්වාමි මහතාගේ නම ඇති මාවතේ නම වෙනස් කර වෙනත් නමක් දමා ඇති බව මම ඒ දිනවල ඇයට පැවසුවෙමි. ඇය ඒ පිළිබඳව විමසු අවස්ථාවේ මා කිවේ ඔහු සමහරවිට මිශ්‍ර ජන්මයක් ඇත්තෙකු මෙන්ම දෙමළ වීම නිසාම එසේ කරන්නට ඉඩක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ කිසියම් අන්දමක ජාතික පුනරුදයක් වෙනුවට වඩා ජාතිවාදී පුනරුදයක් ඇතිවී තිබේ යයිද මම ඇයට පැවසුවෙමි. අප දෙදෙනාම ඒ ගැන කණගාටු වූයේ ඉතිහාසය වෙනස් කර ලීවද නැවත ඉස්මතු වෙන්නට අවස්ථා ඕනෑ තරම් මතුවේ යයි සිත් සනසා ගනිමිනි.
ඒ සනසා ගැනීම සනාථ කරවමින් මට "ප්‍රේමානිශංස" ඇස ගැටුනේ ලංකාදීප මාධ්‍යවේදිනියක වන පද්මිණි මාතරගේ සොඳුරු මිතුරිය සමග මරදානේ සරසවි පොත් හළට ගොඩවූ අවස්ථාවේදීය. එම ග්‍රන්ථයට ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු බව දැන සිටියද පොතේ අන්තර්ගතය දැන නොසිටියෙමි. පොතේ පිටු කිහිපයක් පෙරළද්දී "කලාභවන දරා සිටි "ආනන්ද කුමාරස්වාමි මාවත " - නෙලුම් පොකුණ මාවත " ලෙස වෙනස්කරන විට ලංකා භුමි තලය කම්පා වී දැයි මට සිතුනි. " කලභවනත්, රාජකීය ආසියාතික සමිතියත් දෙවුරින් දරා සිටි ආනන්ද කුමාරස්වාමි මාවත එක රැයෙන් නෙළුම් පොකුණ මාවත විය." යන වැකි පෙළ මගේ නෙත ගැටුණි. මම පොත මිලදී ගතිමි.
ඉන්පසු පුරා දෙතුන් දිනක්ම නිරූ සහ සයුරු සමගින් ඔවුන්ගේ ගමනට එක් වූයෙමි. ඒ ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. සමහර පොත් කියවද්දී අපට අපේ ජිවිත වල අත්දැකීම් ද මතකයට නැගේ. ඕවෙල් ගේ 1984, බ්‍රොන්ටේ ගේ වදරින් හයිට්ස්, බුල්ගකොව් ගේ මාස්ටර් සහ මර්ගරිටා වැනි කියැවීමේදී ද එය එසේම විය.
මම මගේ මව ඉන්දියාවේ වන්දනාවක රැගෙන ගියේ 2004 දීය. ඇය දෙවරක්ම ලන්ඩනයට පැමිණියද ඇගේ මතකයේ රැඳී ඇත්තේ හා ඇය මට පින් දෙන්නේ ඉන්දියාවට රැගෙන ගිය ගමනය. අමාරුකම් තිබුනද ගමන එතරම් විසිතුරුය. මම ඉන්දියානු සංචාරයේ සුන්දර පැත්ත ගැන මම නොලීවෙමි. මට දැන් හදිසියේ මන්දාකිණි ගංගාවට සමාන්තරව කෙදර්නාත් පෙදෙසේ යාමට ආශාවක් පහළවී තිබේ. හිමාචල් ප්‍රදේශයට ගොස් ධර්මශාලා වේ සතියක් දෙකක් නැවතී දලයි ලාමා තුමන් බැහැ දැකීමටද සිත් වී තිබේ.
"අපි තිබ්බතයට යමුද , ලාසා නගරයට" මම බිරිඳගෙන් ඇසුවෙමි. "නැහැ අපි නේපාලයට යමු ලබන අවුරුද්දේ. තිබ්බතයට අපි දෙන්නටම යන්න බැහැ. ඔයා දන්නවානේ මට කොහොමත් හුස්ම ගන්න අමාරුයි". ඈ පිළිතුරු දුන්නාය. "ඔයා ඔය කියවන පොතේ ඒ ගැන තියෙනවද? සමාවෙන්න ඒ ගමන් කරන්න වෙන්නේ නැහැ ". මම හිස වැනුවෙමි. ඒ ගැන කියවා සැනසීම මිස කරන්නට දෙයක් නැත. පොතේ ජීවත් වෙන නිරූ එහි ගියේ ඔක්සිජන් බෑගයක් ද සමගය.
මම බොහෝ සිහළ වදන් උගත්තේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ ලිපි කියැවීමෙනි. එතුමා ලියූ සැළ ලිහිණි සංදේශය ගැන කළ විචාරයක මෙසේ ලියා තිබේ.
"මෙනයින් මේ වර්ණනය ස්වභාව ධර්මයේ පවත්නා රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවායේ එකමුතුව අපට සිහි ගන්වා අපගේ වින්දනය තියුණු කරයි; අපගේ පංචේන්ද්‍රියන් සියුම් කොට ස්වභාවධර්මයෙන් ඒවාට ලැබිය හැකි වින්දනය පෘථුල ද ගැඹුරු ද කරයි. මෙලෙස අපගේ වින්දන ශක්තිය පෘථුල හා ගැඹුරු කිරීම සාහිත්‍යයේ එක අරමුණකි. " (උපුටා ගැනීම මගේය).
ප්‍රේමානිශංස පොත කියැවීමෙන් පසු මට දැනුනේ ද එවැන්නකි. පොතේ ඇත්තේ සංචාර හෝ ස්වභාව ධර්මයා ගේ සුන්දර බව ගැන පමණක් යයි වරදවා වටහා නොගත යුතුය. සිංහලේ රජ බ්‍රිතාන්‍යයන්ට පාවා දුන් වංශවත් කුල පරපුරක, පසු කාලීනව ලංකා ඉතිහාසයට වශීව පොත් ලියූ මිශ්‍ර සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය දෙමළ වංශවතෙකු ගේ මිණිපිරියක හා තවත් එවැනිම බ්‍රිතාන්‍යයන්ට සමීප ව රේන්ද බලපත්‍ර ගෙන අරක්කු විකුණා පොහොසත් වූ ධනවත් පවුලක පුතෙකු අතර ප්‍රේමණීය කතාවක් අතරට ගොනු කෙරුණු සංචාරයක කතාවක්ද මන්දාකිණි ගඟ කෙදර්නාත් පාරට සමාන්තරව යන්නාක් මෙන් සමාන්තරව දිවෙයි.
මට පොතාන ගුහාවට මෙන්ම නොඇසූ ඉබ්බන්කටුව සුසාන භූමියට යාමට වරෙක සිතෙයි. ඒ අතරේ මුවට සිනහවක් නැගෙන්නේ අපි දුමක් ගහනවා හෝ මලක් අදිනවා යයි කියන ක්‍රියාකාර කම කතුවරයා සුන්දර ලෙස "මල් කෙමියක් " විඳින බවට හඳුන්වා දෙද්දීය.
"කෙවින් පැමිණ මා සමීපයේ වාඩිවෙමින් මලිකෙමිය මවෙත පිරි නැමීය. විවර වී ඇති චිත්ත මාවත දිගේ ගමන් කිරීමට එය කදිම යානයකි. " (පි. 232)
කෙවින් නමැති සමලිංගික පුරුෂයා කෙරෙහි සයුරු ගේ දැක්ම වෙනස් වූයේ නිරූ ගේ විවෘත භාවයද සමගිනි. "කෙවින්ලා අයත් සමාජභාවය පිලිබඳ මසිත වූ සම්ප්‍රදායික විචිකිච්චාව යලි නොඑන්නටම අතුරුදන්ව ගොසිනි"
මගේ තිබුණු එවැනි විචිකිච්චාවක් අතුරුදහන් වුයේ මගේ ජර්මානු බිරිඳගේ යහළුවන් දෙදෙදෙනෙකු දස වසකට පමණ ඉහතදී රාත්‍රී භෝජනයකට පැමිණි වෙලේය. එය සම්පුර්ණයෙන්ම පහව ගියේ ලන්ඩනයේදී ජීවත්වීම නිසා වුවත් ඒ ගැන නිදහසේ කතා කරන්නට හැකි වන්නේ නිදි ගේ පංච තන්ත්‍රය ලියන නිමල් දිසානායක නිසා යයි සිතේ.
අපූර්ව වූ ප්‍රේමය පිළිබඳ අන්දරය නිරූ හා සයුරු ගේ පරම්පරාවන් අතර ගැටුම ත් සයුරු ගේ පියාගේ විරෝධයත් කුල ප්‍රශ්නත් හමුවේ වියැකී යන්නේ නැත. එය ජීවය ලබන්නේ ඒ ප්‍රතිවිරෝධයන් තුළමය.
"මේ සොඳුරු අඳුරත්, අතීතයේ සිට ගල එන තලතෙල් පිළිස්සෙන සුවඳත්, නිරූ ගේ මුත්තාවරුන් ගයන වේද ගීතිකා හඬත්, මට මෙන්ම නිරූටත් දැනෙන්නට, ඇසෙන්නට ඇති. ඒ සියල්ලෙන් මුසපත් වූ අපි අකස්මිකව එකට ළං වූයෙමු." (පි. 177)
කිලිනොච්චි යන ගමනේදී නිරූ මෙසේ කියයි.
"බුද්ධාගම නම් ලංකාවේ දී ගොඩ යන එකක් නෑ හලෝ " චෛත්‍යය දුටු විගසම කීවාය. මවෙත නැති විඩාවක් නිරූ ගේ මුහුණේ සටහන් ව ඇත." (පි 145.) ඉදිරියට එන නායකයෙකු මිනිසුන්ට රැකියා අවස්ථා හදනවා වෙනුවට චෛත්‍ය දහසක් හදන්නට පොරොන්දු වෙන කාලයක සිටින අපට ඒ වදන් නිවැරදි බව හැඟේ.
පොතේ මුල හරියේ දළඳා මාළිගාවට ගිය යුවළට මෙසේ සිතෙයි. "යාපනේ ලයිබ්‍රරියට ගිනි තියපු එක සිංහලයන්ටත්, ලංකාවේ දේශපාලකයන්ටත් වෙච්ච අගෞරවයක් කියල හිතුව නම් මේවා මිට වඩා ආරක්ෂා කරගන්න පාලකයෝ හිතයි. " යනුවෙන් සයුරු කියද්දී,
"කාලිංග මාඝ කාලේ වෙහෙර විහාර වැනසීමට දෙවෙනි නෑ මේ වැඩේ" බෝම්බයෙන් දෙදරා ගිය බිත්තියේ (දළඳා මාළිගාවේ) නටබුන් දැක නිරූ අකම්පාල වූවාය. " (පි. 116)
අප විසින් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ මේ අවබෝධයයි. ලංකාවේ පොදු ජනතාව අතර නැත්තේද මේ අවබෝධයයි. කතුවරයා සූක්ෂම ලෙස ජාතික ප්‍රශ්නයේ කොනක්ද , කුල මල නිසා සමාජයේ ඇති පීඩනය ද පොතට රිංගවා සාකච්චා කරන්නේ එය නොදැනෙන එහෙත් සිතට කාවදින ලෙසටය.
එසේම මට හැම පරිච්ඡේදයකම මුල කතුවරයා එබ්බවූ භගවද් ගීතා වේ වදන්ද සිතන්නට යමක් ඉතිරි කරන්නේ යයි සිතේ. භගවද් ගීතාව කිහිප වරක් අතට ගෙන මදක් කියවා එහි ඇති පුරුෂෝත්තම වාදී, බ්‍රාහ්මික වදන් වලට උරණව පසෙක තැබූ අයෙකු ලෙස මේ ලියා ඇති දේ මට විස්මය දන්වයි. (ඒවා කතුවරයාගේ නොවේ).
"තද සුළඟ විසින් යාත්‍රාවක් දිය මත පා කරන්නාක් මෙන්, නිදැල්ලේ සැරිසරන හැඟුම් විසින් බුද්ධිය ඉවතට රැගෙන යයි. - භගවද් ගීතා 2.67" (පි. 269). එය නැවත කියවිය යුතුය.
නිරූ පශ්චාත් නූතනවාදී (post modernist) පිළිඹිබුවක් බවත් සයුරු පශ්චාත් යටත් විජිතවාදී බවත් (post colonialist) ප්‍රමේයගත කළහොත් ගයත්‍රී ස්පිවැක් ඩෙරීඩා ගේ විසන්යෝජනයේ අවශ්‍ය පමණ පශ්චාත් යටත්විජිත වාදය අඩංගු නොවීම සීමාවක් යයි ලියූ බව මට මතක් විය. කුලහීන කාන්තාවන් ගේ පීඩනය සූරාකෑම පිලිබඳ මද අවධානය ගැන ඇය ලියා ඇත. නිරූ කුලහීන කාන්තාවක් නොවන බව සැබෑ මුත් ඇය දෙමළ සම්භවයක වීම සයුරුගේ පියා තුල ඇගේ වංශවත් කම අභිබවා යයි. කතුවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ දර්ශනවාදී තල දෙක ස්පර්ශ කර ඇති බව මට සිතේ. නමුත් ඒ ගැන සංවාදය අපට වෙනත් දිනකට කල් තැබිය හැකිය.
ප්‍රේමානිශංසය අවසන් වන්නේ මේ පරම්පරා ගැටුමේ හා වංශවත් දෙමල සිංහල පවුල් දෙකකට සම්බන්ධ යුවලකගේ දරුවා ගේ ඉරණම සමගිනි. මම ඔබට එය නොකියමි. මා පොත කියවා ලැබූ ආහ්ලාදය, ප්‍රීතිය මෙන්ම ශෝකයද ඔබත් විඳිය යුතු යයි සිතමි. කියවා ලබන දැනුමක් වේ නම් එය ඔබටද , කියවන්නාට හිමි විය යුතුය. මගේ සංචාරයන්ගෙන් මා ලබන්නේද එවැනි දැනුමකි. එවැනි චිත්ත ප්‍රතියකි. ඒ චිත්ත ප්‍රීතියම මට පොතක් කියවීමෙන් ද ලැබිය හැකිය.
ඒ ගැන කතුවරයාට ස්තුති වන්ත වෙමි.
පොතෙහි දෙමළ පරිවර්තනයක් ඉදිරියේදී පළවන බව දැන ගතිමි. එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ද කෙරෙන්නේ නම් මැනවිය.
ප්‍රේමානිශංස සරසවි ප්‍රකාශනයකි. චන්ද්‍රරත්න බණ්ඩාරයන් ගේ කෘතියකි. ඔබට ලැබෙන්නේ මිලට එහා ගිය තෘප්තියකි.
~~~ අජිත් ධර්මකීර්ති
මට පැසසුමකි ඔබ කර ඇති තතු කීම
ReplyDeleteඒ සමඟින්ම බ්ලොගයට මඟ පෙන්වීම
ගත යුතු පොත් ලැයිස්තුව තව තර වීම
වුණේ නිසයි අද blog එක කියවීම
කියවන්න හොඳ පොතක්
Deleteනිදි ලොක්කගෙ පොත් ලැයිස්තුවේ ඒ පොත තියෙනව කියන්නෙ... ඒ පොත කියවන්න මටත් ඇහැක් වෙනව කියන එක තමා. 😂
Deleteඅනුන්ගේ පානෙන් එළිය බැලීමත් හොඳ වැඩක් . කොහොම හරි බලනවනේ 😀
Deletehttps://www.sundaytimes.lk/131006/sunday-times-2/germans-fascination-for-the-land-of-legends-64763.html
ReplyDeletehttp://dlib.pdn.ac.lk/bitstream/1/3646/1/S.Kiribamune.pdf
https://migrantknowledge.org/2020/04/18/circulation-of-buddhist-knowledge-between-germany-and-british-ceylon/
https://roar.media/english/life/history/nazi-scientists-who-wanted-to-find-the-origins-aryan-race-came-to-sri-lanka
මේකේ අන්තිමට තියෙන ලින්ක් එක ගැන තමා ඉදිරියට ලියන්න හිතන් ඉන්නේ. නිකන් පේන දැක්ක වගේ දාල තියෙන්නේ
Deleteපේන දේවල් තමා ඉතිං මාත් දකින්නෙ
Deleteමේ හෙක්ල් ලංකාවට ඇවිල්ල ගස් වල සත්තු ගැන හොයල තියනවා. අපේ අක්කගේ හස්බන්ඩ් ගේ තාත්තා තමයි පෙන්වල තියෙන්නේ ගොඩක් තැන්. එයා හෙකල් වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න හිටියේ එයාට දීල තිබ්බ බඩු එකතු කරලා. කරන්න කලින් මැරුණා. https://en.wikipedia.org/wiki/Ernst_Haeckel
Deletehttps://www.goodreads.com/book/show/35856984-zoo-search-in-ceylon
Deletehttp://www.biolib.de/haeckel/ceylon_e/index.html
Deleteඕකේ 11 චැප්ටර් එකේ අබේවීර කියල වැලිගම ආරච්චි කෙනෙක් ඉන්නවනේ. එයා අපේ මස්සිනාගේ තාත්ත ගේ මුත්ත හරි කවුරුහරි. එයත් අබේවීර
Deleteයාපනය ලන්දේසි පුස්තකාලය ගිනිතැබීම පොලිසිය විසින් කල දෙයක්.
ReplyDeleteයාපනය සංවර්ධන සභා චන්දයට ආරක්ෂාව සැපයීමට ගිය පොලිස් භායන් දෙදෙනෙක් දෙමළ ජාතිවාදී සංවිධානයකින් මරා දැමීමම එකට එක කිරීමට කල දෙයක්.
ඒ වගේම ඒක දෙමළ ජාතිවාදීන් ඇති තරම් මාකට් කර තියෙනවා. තවත් ඒ ගැන කියවීමෙන් පලක් නෑ. ඒ වෙනුවට දෙමළ ජාතිවාදීන් කල අපරාධ මාකට් කිරීමයි වඩා ඵලදායක.
මමත් එය කර තියෙනවා.
ලංකාවට එන සංචාරකයන් සමහර විට යාපනය සංචාරය කර වීඩියෝ කරන විට දෙමළු එයට කොමෙන්ටු දමා “යාපනයේ අපි මාර ආගන්තුක සත්කාරයක් දන්න. මාර හොඳ ජාතියක්“ කියලා තමන් ගැන වර්ණනා කරලා කරගන්නවා.
මම ඒ වෙලාවට දෙමළු නාසිවාදීන්ට සමාන කරලා කොමෙන්ටු දානවා. ඒ වගේම දෙමළ ජාතිවාදීන් මරා දැමූ සිංහලයන්ගේ මලමිනීවර පින්තූරවල ලිංකුද එයට එක් කරනවා. එතකොට දෙමෙල්ලු තමන් ගැන කරගන්න වර්ණණා නතර කරගන්නවා.
එය තමා කලයුතු. සිංහලයෝ පුරුදුවෙලා තියෙන්නේ මම ඔයාට පුක දෙන්නම් ඔයත් මට පුක දෙන්න. ක්‍රමයට ඒක හරියන්නේ නෑ.
මට ඕවා අදාළ නැහැ. පුස්තකය ගිනි තැබීම වැරදියි මොන මළ යකා කලත්. ඒක ගිනි තිබ්බේ ගාමිණී දිසානායක එකක් ගිය සිරිල් මැතිව් ගේ යූ ඇන් පී ගුන්ඩො කියන එකයි මම දැම්මේ. මී හරක් රැලක්. රනිල් ගේ පුස්තකාලේ ගිනි තිබ්බ එකත් වැරදියි. ඒකට ජේවීපී පෙරටුගාමී මල්ලිලා ඇවිත් කා ගහනවා බටලන්දක් ගැන කියල. බටලන්ද අදාල නැහැ ඒකට . පුස්තකාලේ ගිනි තිඅබ්බ් එක වැරදියි. ඉස්සර මුලිම් වරුත් ඇවිත් පුස්තකාල ගිනි ටිඅබ්බ. ඕව ඔක්කොම වැරදියි.
Deleteසිංහල පොතක් දෙමළ බසට පරිවර්තනය කිරීම හොඳ දෙයක් කියලා මම හිතන්නේ නෑ.
ReplyDeleteදෙමළ භාෂාව පාවිච්චි වෙන්නේ මිනිස්සු භේද කරලා තියාගන්න.
ඒකත් හරියට හලාල් සහතිකය වගේ දෙයක්.
ඇත්තටම දෙමළු කියන මිනිස්සු වර්ග(බහු වචනයක්) බිහිවුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලේ. දෙමළුන්ගේ ඉතිහාසය වසර 250කට වඩා නෑ.
කලාකාරයා ඇතුළුව හැම සිංහලයගේම යුතුකම වන්නේ දෙමළ මිනිස්සුන්ට සිංහල ලියන්න කියවන්න පොළඹවන්න. ලේඛකයෙක් කල යුත්තේ දෙමළුන් ආකර්ෂණය වන පොතක් ලියලා. එහි තෝරාගත් කොටස් දෙමළට පෙරලා ජනමාධ්‍යයක් ඔස්සේ දෙමළ කතාකරන අයට හඳන්වාදීමයි.
සිංහල කියන්නේ සාක්ෂරතාව ලබන්න ලේසි භාෂාවක්. සිංහල කතාව පුළුවන් සාමාන්‍ය බුද්ධියක් තියෙන වැඩිහිටියෙක්ට මාස කීපයක් ඇතුලත ලිවීමේ හැකියාව ලබන්න පුළුවන්.
(මම සාක්ෂරතාව ලැබුවේ තනියම 1 වසරට එනකොටත් මට සිංහල ලියන්න පුළුවන්)
ලේඛණයටත් වඩා ගීතය, සිනමාව, ටෙලි නාට්‍ය,සූප ශ්‍රාස්ත්‍ර, විලාසිතා වගේ දේ වලින් මේ වැඩේ කරන්න පුළුවන්. කලයුත්තේ සිංහල ගීත රසවිඳන.ටෙලිනාට්‍ය බලන දෙළු පිරිසක් හදා ගැනීම මිස. දෙමළුන් වෙනුවෙන් පරිවර්තන කරදීම නෙමෙයි. එයින් වෙන්නේ ප්‍රශ්ණ වැඩිවීමයි.
හොඳ උදාහරණයක් තමයි අනෝමාස් කිචන් යූ ටියුබ නාලිකාව. ඒක දෙමළ අයත් බලනවා.
දෙමළු හෝ සිංහලලු කියල මිනිස් ජාති දෙකක් නැහැ. හෙළ කියල එක ජාතියක් විතරයි ඉන්නේ භාෂා දෙකක් කතා කරන
Deleteහෙල කියන්නේ සිංහල කියන වචනයම කෙටි කරලා හදපු එකක්.
Deleteරිතාන්‍යයන් ඉන්දියාව යටත්කරගත්තට පස්සේ හින්දි හැර අනෙක් භාෂා කතාකරන මිනිස්සු ඔවුන්ගේ භාෂාවල නම් වලින් නම්කලා.
ඒ් නිසා තමයි දෙමළ,කණ්නඩ, තෙලිඟු වගේ භාෂාවල නම්වලින් හඳුන්වන ජනවර්ග හැදුනේ.
ලංකාවෙදි නම් ඉංග්‍රීසි ආණ්ඩුව මුලදී මුස්ලිම් මිනිස්සුන්ට හැඳින්නුවේ ඉස්ලාම් ආගම අදහන දෙමළ ජාතිකයෝ කියලා. මුස්ලිම් වරු වෙනම වර්ගයක් කියලා පිලිගත්තේ පස්සේ. ඒ් නිසා තමයි. මුස්ලිම් සහ මැලේ කියලා වර්ග දෙකක් ඉන්නේ.
ඒ් වගේම ලංකාවේ අදත් දෙමළ කියලා තනි ජනවර්ගයක් නෑ. අඩුම ගානේ වර්ග තුනක්වත් තියෙනවා.
ඇත්තටම දෙමළ කියලා තියෙන්නේ භාෂාව විතරයි. දෙමළ කතාකරන ක්‍රිස්තියානි කාරයොයි සිංහල මිනිස්සුයි ඒකවගේ. දෙමළ කතා කරන හින්දු අය ඉන්දියාවේ ඉන්න හින්දු ආගම අදහන අනිත් අය වගේමයි.
ඒ වගේම සිංහල භාෂාවට ඒ නම ලැබුනෙත් රටේ නමින් මිසක් සිංහල කියලා මිනිස් ගෝත්‍රයක නමකින් නෙමෙයි. සිංහල කතාකරන අයවුනත් මාලදිවයිනේ ස්ථිරව පදිංචි වුනාම ඔවුන්ට සිංහලයෝ කිව්වේ නෑ.
භාෂාවේ නමින් මිනිස්සු නම්කිරීම බයිබලයේ අදහසක් විය හැකියි.
රසවත් ලිපියක් වගේ. නිවිහැනහිල්ලේ කියවන්න ඕනි
ReplyDeleteමොන තරම් ගොබ්බ අදහස් ද තමන්ට තියෙන්නේ කියලා කමෙන්ට් එකෙන් පේනවා.😀
Deleteඇයි ඒ කුමාර ? ඒ ප්‍රතිචාරයේ වැරැද්දක් තියෙනවද?
Deleteකොමෙන්ට් මොඩරේට් කරනවද? කෝ මගේ කොමෙන්ට් එක?
ReplyDeleteඔව්. අර පිස්සෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිත් වසුරු හලලා යනවනේ. මොනව කරන්නද
Deleteහොඳ වැදගත් ප්‍රතිචාර පළ කරන ඇනෝ ලා ගැන නෙමේ කියන්නේ. ඇරියස් කවර් කරන්න එන අය ගැන
Deleteපොත ගැන විස්තර දැන ගත්තම බැලුවා ළඟ පාත පුස්තකාල වල තියෙනවද කියලා. එකක තිබුන නිසා හෝල්ඩ් කරලා ගත්තා. එක පාරක් නෙවෙයි දෙපාරක් කියෙව්වා. ඇත්තටම හොඳ පොතක්. කරුනු හොයලා,ඒවා ගලපලා රසවත්ව ලියන්න සෑහෙන කාලයක් ගිහින් තියෙනවා.
ReplyDeleteඔව්. කතුතුමා ඒ ගැන ලියල තියෙනවා. ඒ ගත්ත කාලයට වටින් විධිහට ලියල තියනවා
Delete🤗👌
ReplyDelete+++++++++
Deleteමට නිකමට හිතුන එක දාන්නේ කිසිම දෙයක් හොයල බලල නෙමේ. වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.
ReplyDeleteමිනිස්සුන් දැක්ක දෙයක් තමයි වෙනස් වීම කියන්නේ. පොඩියට හිටපු ළමයි ලොකු වෙනවා ගස් වැවෙනවා වගේ වෙනස් වීම් ගැන මිනිස්සු හිත හිත ඉන්න ඇති. එතකොට මිනිස්සුන්ට ඕනේ වෙන්න ඇති මේ වෙනස්වීම් කොච්චර වුනාද කියල මැනගන්න. එතකොට මිනිස්සු ඉරේ වෙනස්වීම් වලින් වෙනස් වීම මැනගන්න ඇති. මෙහෙම ඉන්නකොට හැමවෙලේම ඉර නැති වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. එතකොට වෙනත් දෙයක වෙනස්වීමක් මත අර වගේ වෙනස් වීම් මැනගන්න ඇති.
හරියට අර කෙහෙල් ගහක් කපල වැවෙන දිග මැන්න වගේ ඒවා. ඒත් ඒකෙත් ප්‍රයෝගික ගැටළු මතු වෙන්න ඇති.
එතකොට වෙනස්වීමක් වෙන්න නම් සිද්දියක් වෙන්න ඕනේ කියල මිනිස්සුන්ට හිතෙන්න ඇති. හැබැයි දැන් ඉර බහින වෙනස් වීම වගේ ඒව වෙන්න හේතු වෙන සිද්දිය ඒ කලේ මිනිස්සු දැනගෙන ඉන්න නැතුව ඇති. එතකොට මිනිස්සු මනසින් හදාගත්ත සිද්දිය තමයි කාලය ගතවෙනවා කියන එක
එහෙම වෙන්න පුළුවන් නේද කාලය ගතවීම කියන සංකල්පය එන්න ඇත්තේ.
ඔයාල දන්න ඒවා කියන්න. මේක පට්ට හිතලුවක්
කාලය හෙවත් ටයිම් කියන සාපේක්ෂ දෙයක් නේ. ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ,. ඒක අපි ඉන්න රාමුව අනුව තීරණය වෙන දෙයක් විතරයි. ඉතින් ඇත්තටම කාලය කියන්න අපි වයසට යන එක මනින්න අපිම හදාගත්ත මිනුමක් විතරයි.
Deleteහරිම ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteස්තූතියි අනුරුද්ධ
Deleteමේකයි සීන් එක.
ReplyDeleteමගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.
කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද
ඇස් වහ කටවහ යන්න කියලයි මම දන්නේ
Deleteඇමරිකාව සහ ඉන්දියාව එකතු කළවිට...
ReplyDeleteමෙම රටවල් දෙකේ ශ්‍රී ලංකාව පාලනය කිරීමේ බලය...
චීනයට වඩා බෙහෙවින් වැඩිය...
ඇමරිකාව සහ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති තෝරා අවසන්ය...
ඉන්දියාව සහ ඇමරිකාව අන්තරයට සල්ලි පොම්ප කරමින් සිටිති. මාතර අරගලය වෙනුවෙන් පළමුව පාරට බැස්ස මම අන්තරය විසින් අරගලයට... පෝස්ටර්...දැවැන්ත බැනර් කෑම බීම කූඩාරම් සඳහා මුදල් වීසිකරන අන්දම දැක මවිත වුණෙමි. ඔබ කැමති වුණත් අකැමැති වුණත්...මේ අවස්ථාවේ පොලිසියට මුහුණ දෙමින් Water Cannon, කඳුළුගෑස් පහර කමින් පොලිස් කාරයන්ගෙන් ගුටිකා ගෙන...පාරට බැස අරගලයක් කිරීමේ ශක්තිය ඇත්තේ අන්තරයේ කොල්ලන්ට පමනි. උන් පාරට බැස සම්පූර්ණ ශක්තිය යොදා අරගලයක් කළ හොත්...
සාක්කුවේ මුදල් නොමැතිව අධික උද්ධමනය නිසා...ආර්ථික අහේනියෙන් බඩගින්නේ රජය සමග වෛරයෙන් සිටින... ලංකාවේ බහුතර සාමාන්‍ය ජනතාව වහාම ඔවුන් සමග පාරට එනු ඇත. රටේ ඇති ඩොලර් සියල්ලම මංකොල්ලකෑ රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටුහෙන්චයියන් සිරබත් කනවා දැකීමේ බලවත් ආශාවක් මෙය ලියන මමත් ඇතුළු සාමාන්‍ය ජනතාවට තිබේ. පලිගැනීමේ චේතනාවෙන් හෝ එය කළ හැකි එකම පුද්ගලයා සරත් ෆොන්සේකා පමණි. හමුදා පාලනයකට මම කිසිසේත් කැමති නැති නමුත්...
රාජපක්ෂ නඩයට තමන්ට අන්දපු ජම්පරේ ඇන්දවීමට බලවත් අධිෂ්ඨානයකින් අන්තරය සමග එකතුවී ක්‍රියාකරන ෆොන්සේකාට සහාය දීමට...
යුද්ධයට සම්බන්ධ වී සිටි හමුදා නිලධාරියකු ලෙස මම කැමතිය.
#Screenshot ගසා තබා ගන්න ...
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදිශිෂ්‍ය ජනරාල් සරත් ෆොන්සේකාය.
රුවන් එම් ජයතුංග
මම ඉතින් ඕක ලීවේ ෆොන්සේකා ගැන
Deletehttps://kolambagamaya.blogspot.com/2022/07/blog-post_14.html
Deleteමිනිහෙක් මික්ස් වෙනවා කියන්නෙ තනි සංස්තික මිනිහෙක්ට වඩා ගොඩක් ලස්සන දෙයක්
ReplyDeleteහිට්ලර් ලා විරුද්ධ වුනෙත් ඒකට
Deleteඅජිත් මහත්මයා,
ReplyDeleteඔබ දන්නා හදුනන යුක්රේන න්‍යෂ්ටික බලාගාර ඉංජිනේරුවෙක් සිටිනවද?
හිටියා. දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ . ඇයි
Deleteචර්නිබෝල් හී රූපගත කිරීමක් සදහා උදව් ලබා ගැනීමට
Deleteඒකට බලාගාර ඉංජිනේරුවෙක් ඕනේ නැහැ. ඒක දැන් ටුවරිස්ට් සයිට් එකක් නිසා ඕන කෙනෙකුට ගිය හැකි. හැබැයි දැන් යුද්දේ නිසා දන්නේ නැහැ යන්න දෙනවද කියල. මගේ යාළුවෙක් ඉන්නව ඕනේ නම් අහල බලන්නම්. ඔයාට ගෙවන්න වෙනවා ඩොලර් 200 විතර ඒ හරියට යන්න විතරක්.
Deleteඊයෙත් ආවා , අදත් ආවා .. කියවල බලල ආයේ එන්නම් .. හෙහ් හෙහ්
ReplyDeleteදියතලාවේ කොල්ලෝ
Deleteඒකත් එහාමද. තැන්කියු එහෙනම්
Delete