'මේ ත්‍රිකුණාමලයේ හිමිදිරිය ඡායාරුපය ගත්තේ මාය'
ලංකාවේ ගත කල කාලය ගැන හොඳ කතා ටිකක් තිබුනත් ඒවා ලියන්නට වෙන්නේ පසුවය. මේ පින්තූර පළ කිරීමේ උවමනාවක් නොතිබුණද අපේ හිතවතිය ධම්මිකා චාන්දනී වැට පැන තිබූ නිසා ලිපියක්ම ලියමි. මම වැඩිය කකුළු ව්‍යංජනය බුදින පුද්ගලයෙකු නොවූවත් මගේ දියණියන් දෙදෙනා හා බිරින්දෑද එයට කැමතිය. ත්‍රීකුණාමලයේ සිටිද්දී ඒ සඳහා එක අවස්ථාවක් ලැබුණි.
යාපනයේ සිටි දින දෙක තුන තුල ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පළමු දවසේ රයිස් සහ කරි සොයා ඇවිද ගොස් නැති තැන වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකට ගොස් තෝසේ සහ දෝසයි කෑවෙමු. ඒක පට්ටය.නැවති සිටි හෝටලයේ (අප සිටි හැම තැනම මෙය මෙසේ විය ) දෙන්නේ රයිස් හෝ නූඩ්ල්ස් පමණය. මේ රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලටය.නමේ ලොජික් එක මම නොදනිමි. මට ඒවාට වැඩි කැමැත්තක් නැත. මම කන්නේ රයිස් ඇන්ඩ් කරි ය. ලංකාවට ඇවිත් ලංකාවේ කෑම මිස චීන හෝ වෙනත් රටක කෑම ගැනීමට අපේ පිරියක් නැත.
අපි රයිස් සහ කරි කෑමට කැමති බව දැන ගෙන යාපනයේ සිටිද්දී අප මිතුරු ප්‍රසන්න යෝගරාජා වෑන් රථයේ රියදුරු මහතාට අපව 'තල් සෙවණට' රැගෙන යන ලෙස උපදෙස් දුනි. තල් සෙවනේදී ඇසුනේ සුපුරුදු සින්දුවමය. 'අඥේ ඒවා ඉවරනේ. කලින් එන්න තිබුනේ. දැන් තියෙන්නේ නූඩ්ල්ස් නුයි, මියා ගොරන් විතරයි." අපි එහි යනවිට දවල් දෙකට පමණ ඇත. ඔබලාගේ කකුළු කරිය හා බත් පොඩ්ඩක් පමණක අප දෙදෙනාට සෑහෙන බව කීවෙමු. අනිත් අය නුඩ්ල්ස් කන්නට කැමතිය. වේටර් මහතා කීවේ කකුළු කරිය නම් කොහොමටවත් නැති බවත් බත් පොඩ්ඩක් දෙන්නට විධිහක් නැති බවත්ය.
ඉන්පසු ප්‍රසන්න හෝ තවත් අයෙකු අපව චුන්නාකම් තින්නයි කාබනික වගා පොළ Thinnai Organic Farmනමැති තැනට රැගෙන ගියේය. අහෝ ඛේදයකි. ක්‍රැබ් කරි තියා මොනම කරියක් වත් නැත. කාබනික වගා කතාව සංචාරකයන් ඇද ගන්නට දැමූ නමකි. අපි මෙනු එකේ තිබු පලතුරු යුෂ වර්ග ඉල්ලුවෙමු. නැත. සලාද වර්ග ඉල්ලුවෙමු. නැත. අන්තිමේදී පොඩි දුව බැදපු චිකන් කෑ අතර (ලන්ඩනයේදී මම නිතර හදන දෙයක් නිසා) මම කටේ තියන්නට බැරි මාළු සුප් එක්ක යන්තන් බීවෙමි. එහි මාළු තිබුණාද නැත්ද යන්න නොදනිමි. සොහොයුරා සහ ඔහුගේ ළමයින් ගත්තේ නාසි ගොරෙන්ය Nasi goreng. මම එය මැලේසියානු ආපන ශාලා වලින් භෝජනය කර ඇති බැවින් අපට දුන් එක කිසි සේත්ම නාසි ගොරෙන් නොවන බව දුටුවෙමි.බෙරි වුනු සුදු බත් වලට රතු පාටක් කලවන් කර බදින ලද මාළු කැබලි හා ඉස්සන් කිහිපයක් දමා හැදූ තවත් 'රයිස් ' එකකි. යාපනයේදී මලයාන් ආපන ශාලාවෙන් කෑ වෙජිටේරියන් මීල් එක නම් නියමය. අපිට ලන්ඩන් එන්නට තිබුනේ ඉරිදා උදේ පාන්දරය. සෙනසුරාදා (09) ප්‍රා ජේ , ඔහුගේ පිය බිරිඳ චුලානි ද දියණියද අප බැලීමට පැමිණියහ. ඔවුන් සමග පශු වෛද්‍ය මිතුරියක් වන අතිගරු දම්මිකා චාන්දනී මැතිතුමියද පැමිණියාය.
ඔයිට කලින් ප්‍රා ජේ මා නතර වී සිටින තැන ඔහුගේ රහස් ඔත්තු සේවයට ඇතුලත් කර ගන්නට තැත් කළද මම කවදාවත් එන්නට කියා කීවේ නැත. ඔහුට ඈත වැඩි නිසා අනුකම්පාවෙන් ය. අන්තිමේදී මොකද්දෝ පොත් තුනක් දෙන්නට කියා හේතුවක් හදා ගෙනපැමිණියේය.
ඔන්නොහේ ආගිය දේවල් බොරුවට කතා කරමින් සිටියදී දියණියට කකුළු කරිය එක වරක් පමණක් ලැබුණු බවත් ඉන්පසු සොයා ගැනීමට නොහැකි වුනු බවත් කියැවුණි. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් යන්නට යෝජනා වත් පැමිණියත් . කොළඹ යන්නට මගේ එතරම් කැමැත්තක් නැත. දුර වැඩිය. අනික ඔය වැඩි ගණන් පොෂ් තැන් වලට ගොස් ඉරා ගන්නට ලොකු අවශ්‍ය තාවයක් ද නැත. ප්‍රාජේ කීවේ පානදුර ඒ පැත්තට ළඟ නිසා ඒ පැත්තේ බලන්නටය. චුලානි ආපන ශාලාවක්ද සොයා ගත්තාය. ප්‍රා යෝජනා කලේ 'ඇයි අජිත් ඔයාගේ යාලුව ඉන්නෙත් එහෙනේ කතා කරලා අහන්න " කියාය.
යාළුවා දීප්තිය. හම්බ වෙන්න සිටි නමුත් හැකි වුනේ නැත. දීප්තිට කෝල් එකක් ගත්තෙමි. දීප්ති කීවේ "ඇයි අජිත් අපි ගිය පාර චිකන් රයිස් කෑව තැන ක්‍රැබ් තියනවනේ" කියාය. දීප්ති ගේ නිවස ආසන්නයේ නව්රෝ කියා සී ෆුඩ් ආපනශාලාවක් තිබේ. එහි චිකන් රයිස් එක නම්ර හය. එහෙනම් අපි එනවා කියා දීප්තිට කීවෙමි.
ප්‍රා ජේ ගේ විශාල ලිමොසින් රථයේ නැගී අපි පස් දෙනාම කෙසේ හෝ එතැනට ගියෙමු. යන්තන් අපේ වාසනාවට කරිය නැතත් ක්‍රැබ් තිබුණි. බිත්තර හා ගම්මිරිස් දැමූ ක්‍රැබ් සුප් එක නියමය. කෙලින්ම රෙකමන්ඩ් කරමි. ඉන්පසු ක්‍රැබ් හා වෙනත් සී ෆුඩ් සහිත ග්‍රිල් තුනක්ද ඇණවුම් කළෙමු. ඒවා ද පට්ටය. එකෙන්ම රෙකමන්ඩ් කරමි.
ඒ ඇරෙන්නට කිසිම දේශපාලන කතාවක් නොකෙරුණු බව සහතික කර කියමි. දීප්ති වෘත්තිකයන්ට බදු ගැහීම ගැන විරුද්ධ බවක් නොපෙනෙන නමුත් මම විරුද්ධය. මගේ අදහස ගහනවානම් හැමෝටම බදු ගැසිය යුතු බව ය. හැමදාම බදු බරින් පීඩා විදින වෘත්තිකයන් ගේ බදු වැඩි කිරීමට මම විරුද්ධ වන්නේ ගන්නට ලෙහෙසි තැන නිසා ආණ්ඩුව එය කරන හෙයිනි. දීප්ති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ගෙන් 60% පවර්ටි ලයින් එකෙන් යට බවත් ඔවුන් වක්‍රව බොහොමයක් බදු ගෙවන බවත්ය. (දිළිඳු කම පිලිබඳ රේඛාවට යටින්) -The poverty line is the minimum amount of money a person needs to fulfill the basic necessities of life, like shelter and food. When families are below the poverty line, they qualify for help from the government. ඒ කියන්නේ ජනතාව ගෙන් සියට හැටක් නිවස හා ආහාර හරිහැටි නොලැබී දුක් විඳින බවය. මම මේ ගිය චාරිකාවේ වැඩි පුරම දැක්කේ කන බොන එවුන්ය. ඒ අතරේ දිළිඳු අය සිටි බවද ඔවුන්ගෙන් සමහරුන්ට මුදල ආධාරද කල බවද සඳහන් කරමි. පොළොන්නරුවේ හමුවූ වයසක අම්මා කෙනෙකුට ඒ දිනවල විෂන් කෙයාර් එකෙන් ගත් උපැස් යුවලක්ද පරිත්‍යාග කළෙමු. ලංකාවේ අය සෑහෙන්න දැන් ලෝකල් චාරිකා යති. මේ ගිය අවන්හලද කටටම පිරිලාය. ඒ නිසා මේ කතාව ඇත්තද කියා අහන්න වෙන්නේ අපේ මිතුරු එකොනොමැට්ස් ගෙන්ය.
දීප්ති තමන් මේ සීයට හැට වෙනුවෙන් පෙනී සිටින බව කියයි. එතකොට මම ඇහැව්වේ ඉරාජ් ල හෙම ගෙනාවේ ඒක අහන්නද? වැඩේ ටිකක් කොන්ට්‍රොවර්ෂල් නේද?" කියාය. "ආ එයාලා ගෙනාවේ කොන්ට්‍රොවර්ෂල් වුනහම අපේ එවුන් බලන නිසා " කියා දීප්ති කින්ඩි හිනාවක් දැම්මේය. ඒකත් ඉතින් ඇත්තය. හොඳ මාකටින් නරක මාකටින් කියා දෙයක් නැත.
අපව නැවත ගම් තුලානට ගෙනත් බැස්සවීම ගැන ප්‍රා ජේ ටද ලිමොසින් එකටද ස්තුති වන්ත වෙමි.
කියවද්දී තල් හෙවණට ගිය ඒවා
ReplyDeleteහැමදාමත් එකම දේ වෙනවැයි හිතුවා
ඔන්න දොළදුකක් හෙමීට ඇති වෙනවා
කකුළු සුප් හදන රිසියක් දළු ලනවා!
අන්න හදන්න කකුළු සුප් කරිය
Deleteදන්වා එවැන්න හරියට හදන විධිහ
Hmm
ReplyDeleteබස්සාගේ නියෝජිතද
DeleteAjith Dharmakeerthi ,
ReplyDeleteඔයාගේ මේ ලියලා තියෙන දේවල් වලට මාගේ තරහා මම මෙසේ ප්‍රකාශ කරමි.
# ප්‍රා ජේ , ඔහුගේ පිය බිරිඳ චුලානි ද දියණියද ධම්මිකා චාන්දනී වද අහුලාගෙන කඩා පාත් වුනේය. #
කවුරුවත් , කාවවත් අහුලා ගත්තේ නැති බවත්, වැදගත් විදියට සාකච්ඡා කර යමු නේද කියා තීරණය කල බවත් ඔබට දන්වා සිටිමි. ජ්‍යේෂ්ඨ සොයුරෙකු, මිතුරෙකු ලෙස ඔබට ඇති ගෞරවය ට නොගැලපෙනා වචන භාවිතය ගැන, ඔබට ඇති සහෝදර බැඳීම සහ ගෞරවය මෙසේ අවතක්සේරු කිරීම ගැනමගේ බලවත් අප්‍රසාදය .
ඉරිදා යනු මගේ වෘත්තිය වෙනුවෙන් ඉතාම කාර්‍ය බහුල දවසක් බවත්, ඔබ වෙනුවෙන් වරුවක් වැඩ නොකර කැප කෙරූ බවත් ඔබ හොඳින්ම දැන ගෙනත්, "අහුලාගෙන" යන වචනය යොදා ගත් හැටි පුදුම සහගතය.
"කඩාපාත් විය". ??? නැත, ඔබව දැනුවත් කර, ඔබෙන් පාර අසාගෙන පෙර සූදානමක් සහිතව අපි ඔබව මුන ගැහීමට ආවෙමු.
# ඔයිට කලින් ප්‍රා ජේ මා නතර වී සිටින තැන ඔහුගේ රහස් ඔත්තු සේවයට ඇතුලත් කර ගන්නට තැත් කළද මම කවදාවත්එ න්නට කියා කීවේ නැත. ඔහුට ඈත වැඩි නිසා ආනුකම්පාවෙන් ය. අන්තිමේදී මොකද්දෝ පොත් තුනක් දෙන්නට කියා හේතුවක් හදා ගෙන දම්මිකා ට ද මොනවදෝ දෙන්නට තියනවා කියා දෙගොල්ලොම පැමිණියහ.#
ප්‍රා ජේ ට එසේ තව කෙනෙකු ගැන රහස් ඔත්තු සේවයක් පරිදි සෙවීමට උවමනාවක් කිසිසේත්ම නැති බව මම දනිතත්, ප්‍රා වෙනුවෙන් කතා කිරීම මට අයිති දෙයක් නොවන නිසා ඒ ගැන මුකුත් නොකියමි.
නමුත් ඔබ එසේ පැවසීම එතරම් සදාචාර සම්පන්න නොවන බව ඔබ විසින් සිතට ගත යුතුවේ.
# කොහොමත් පට්ට ගණන් තැන් වල කන්නට යන්න කැමැති දම්මිකා මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් යන්නට යෝජනා කලාය.#
මේක නම් විහිලුවක් විදියට භාර ගන්නම්.
අනික් ඒවාත් විහිලු තමයි අනේ කියලා කියාගෙන එන්න එපා දැන්.
ඔයාගැන ඔය වචන දාලා කෙනෙක් මොනවා හරි ලිව්වා නම් ඔයාට මොනවා හිතෙයි ද??
ඔයාට ලංකාවේ ජීවත් වෙන අය ගැන, ඒ අයගේ සමාජ මටටම් ගැන, වැදගත් ලෙස ජීවත් වීමගැන අවබෝධයක් නොමැති නිසා, ඔබේ ලියමන් තුල අනෙක් අය මෙසේ හෑල්ලු කොට සලකනවා විය යුතුයි යන්න මගේ හැඟීමයි.
මෙවන් කතා ලිවීම තුලින්, ඔබ ඔබවම හාස්‍යයට ලක් කර ගන්නා බව අවබෝධ කර ගන්න .
සම්පූර්ණ ඇත්තය. වහාම නිවැරදි කිරීම් කරමි. තමන්ට තමන්ව හාස්‍යට පත් කර ගත හැක්කේද තමන්ටම හිනා විය හැක්කේද එහෙමත් මිනිස්සුන්ට පමණි. මම එහෙම එකෙකි.
DeleteThis comment has been removed by the author.
Delete//ඔයාට ලංකාවේ ජීවත් වෙන අය ගැන, ඒ අයගේ සමාජ මටටම් ගැන, වැදගත් ලෙස ජීවත් වීමගැන අවබෝධයක් නොමැති නිසා, ඔබේ ලියමන් තුල අනෙක් අය මෙසේ හෑල්ලු කොට සලකනවා විය යුතුයි යන්න මගේ හැඟීමයි.// මට එහම තත්වයක්, සමාජ මට්ටමක් නැති නිසා තේරෙන්නේ නැහැ ඉතින්.
Delete🤔🤔????.
Deleteප්‍රශ්ණාත්මක කොටස් ටික ඇරුනාම, සමස්ථයක් වශයෙන් ලිපිය නරකම නෑ. කාලෙකට කලින්, අන්සතු දුනපොතේ අමිල ලියල තිබ්බා යාපනේ සංචාරයක් ගැන. අර මොකක්ද ප්‍රසිද්ධ අවහලේ (රියෝ වගේ නමක්) අයිස්ක්‍රීම් ගැන, තව කෑම ගැන හොඳ විස්තරයක්ති ඒකෙ නං තිබ්බා. අජිත්ලට එහෙම තැන් හෙවීමේ හැකියාව, ලෝකල් නොවන නිසා අහිමි වෙනව ඇති.
ReplyDeleteදීප්ති නේද? හ්ම්........
අපොයි අපිව් අරන් ගියේ යෝගරාජා කියලා යාළුවෙක්. කිසි අවුලක් නැහැ. රියෝ එකට ගියා. තියන් හය්ප් එක තරම් රහ නැහැ. පට්ට පැණි රහයි. එච්චරයි. දීප්ති ගැන හැමෝටම තියෙන අදහස තියන් හිටියම ඇති. කොන්ට්‍රොවෂල් වෙනකොට තම දයලෙක්තිකය එලියට එන්නේ කියල හිත හදා ගන්න.
Deleteඔන්න අයිස් කරීම් පින්තුරේ දැම්ම රියෝ එකේ
Deleteඅඩෝ!
ReplyDeleteදෙමළ සහෝදරයන්ට අනංමනං කියන්න එපා.
උඹලා වගේ උන් නිසා තමයි අවුරුදු 30ක් යුද්ද කරන්න සිද්ධ වුනේ.
(අපි වගේ අය හිටියනම් දවස් 30 යුද්දෙ [පැරදිලා] ඉවර වෙනවා)
මේ අඩෝ ඩෝ ඩෝ කියාගෙන එන්න එපා හරිද? වැදගත් සමාජ තත්වයක් තියෙන මිනිස්සු මෙතනට එන්නේ හරිද ඩෝ
Delete//ඒ ඇරෙන්නට කිසිම දේශපාලන කතාවක් නොකෙරුණු බව සහතික කර කියමි// හුම්... දීප්ති එක්ක නෙ. කියන හන්ද විස්සාස කරන්නම් 😥
ReplyDeleteබොරු අහල අහල ඇත්ත කියන කොටත් විස්වාස නැහැ නේන්නම්. 😀
Deleteහෙහ් හෙහ් නමියා හරියටම කියල තියනවා.🤣🙏👌
Deleteෆ්‍රයිඩ් රයිස් එච්චරටම සෙට් වෙන්නෙ නැතිද. ඕන වෙලාවක කඩේක තියෙන කෑමක් හන්දත් රසකාරකවලට හුරු දිව හන්දත්... මායි යාළුවො ටිකකුටි කාලයක් ඕවට ඇබ්බැහි වෙලා හිටිය
ReplyDeleteමට අල්ලන්නෙම නැති කෑමක් . අර චිලි පේස්ට් එකෙන් පිලික අහදෙනවා ඇරෙන්න වෙන මගුලක් වෙන්නේ නැහැ කියල හිතෙන්නේ. බඩ ගින්නට කන්න හොඳයි
Delete"වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකට ගොස් තෝසේ සහ දෝසයි කෑවෙමු". මම මේක කියවනකම් හිතුවෙ තෝසේ සහ දෝසයි කියන්නෙ එකම දේට කියලනෙ. I thought the two names are interchangeable. මදැයි!
ReplyDelete"මේ පින්තූර පළ කිරීමේ උවමනාවක් නොතිබුණද..." පින්තූර කිව්වට එක පින්තූරයයි නේද තියෙන්නෙ. මම හිතුවා කෑමවල ෆොටෝ ඇති කියලා.
ඔය මගේ දුව කන්නේ දෝසයි . එක සවුත් ඉන්ඩියන්. පේප තින් වර්ෂන් එකක්. ඉන්දියාවේ හෙම දෝසයි සෑහෙන්න ලොකුයි. කෙනෙකුට කන්න බැහැ . තොසේ කියන්නේ පොඩි රවුම් එක. මම වැඩිය කන්න කැමති ඒක. ඒකට සිලෝන් තෝසේ කියලත් කියනව. තනිකරම ලංකාවේ නිෂ්පාදනයක්. ඔන්න දැම්ම පින්තුර ආයෙත්
Deleteමෙච්චරකල් මම හිතාගෙන හිටියේ තොසේවලට දෙමලෙන් කියන්නේ දෝසෙයි කියලනේ. Lotus, අජිත් දෙන්නාටම ස්තුතියි වෙනස ගැන දැනුවත් කලාට.
Deleteකෑම ගැන ඔත්තුවට ටැන්කිව්, සින්ගපූරුවේ ඊස්ට් කෝස්ට් පාර්ක් එකේ ක්‍රැබ් වලට ගහන්න ක්‍රැබ් මිනිස්ට්‍ර් එකෙත් නෑ
ReplyDeleteමම විජේබාහු
සිංගප්පුරුවේ ක්‍රැබ් එක කාල තියනවා. ඔය කියන රෙස්ටුරන්ට් එකම නොවුනත් සවුත් ඒෂියන් සෙක්ටර් එකේ. ඒක නියමයි. මෙතැන එක හොඳයි
Deleteපස්යාලේ තියෙනවා නිහාල් කියලා හෝටලයක්.
ReplyDeleteඒකේ නානානපකාර කෑම වර්ග තියෙනවා.
ඊලඟපාර ලංකාවට එනකොට වරද්දන් නැතුව එතනටත් යන්න බලන්න.
පස්යාල හදලා තියෙන්නේ ඝෝඨාභය රජ්ජුරුවෝ.
පස්යාල පැත්තේ අපේ යාලුවෙකුත් ඉන්න නිසා ඊලඟ සැරේ ආහම අනිවාර්යයෙන්ම යන්නම්. ස්තූතියි ඔත්තුවට.
Deleteතව හෝටල් දෙකක් තියෙනවා. එකක් “ජූලියන්ස්“ ඒක ඒක නිහාල් එක ලඟම තියෙන එකක්. හොඳට ඉඩකඩ තියෙන තැනක්. මම ජීවිතේට කාපු සැරම කොත්තුව කෑවේ එතනින්.
Deleteඅනික පස්යාලේ සතොස ගොඩනැගිල්ල ලඟ තියෙන බාර් එක ලඟ තැනක්. මගේ දුර නෑයෙක්ට අයිති තැනක්.
එතන රයිස් ඇන්ඩ් කරි නම් නෑ.
කුකුල්/හරක්/ඌරු/එලු මස්, මාලු, දැල්ලෝ, කකුලුවෝ, ඉස්සෝ, පීකුදු, බිත්තර දාලා හදන කෑම වර්ග සහ බයිට් වර්ග ගොඩක් තියෙනවා.
එතන තමයි දන්න තරමින් ලාබෙටම මස් මාලු කන්න ලැබෙන්නේ.
ලංකාවෙ තියෙන්නෙ, අපට ආවේනික හොඳට ලුණු ඇඹුල් රස ඇති වෙනස්ම චයිනීස් කෑම. සිංගප්පූරුවේ චයිනීස් කෑම කාපු අය ඒක දන්නවා. ඒ නිසා ලංකාවෙ චයිනීස් කෑම කන්න මගෙ නං අකමැත්තක් නෑ. චයිනීස් ඩ්‍රැගන් එකේ සහ පාක්වීවි එකේ කෑම හොඳ බව මතකයි. ඒත් දැන් කොහොමද දන්නෙ නෑ.එක එක්කෙනාගෙ රසය සහ ප්‍රමිතිය වෙනස් නිසා මේක හැමෝටම පොදු නොවෙන්නත් පුළුවනි.
ReplyDeleteචයිනීස් කෑම ගැන පොදුවේ නෙමේ කතා කලේ. චයිනිස් ඩක් බ්ලැක් බීන් සෝස් එක්ක මගේ ප්‍රියතම කෑමක්. දැන් මේ නව්රෝ එකේ සහ අපි ඊට කලින් දවසේ ගිය පින්ක් සෝල්ට් දෙකේම රයිස් එක රහයි. මම කියන්නේ යන හැම තැනම ඒක විතරක් දෙන එක සහ ඒ හම එක්කම ක්වොලිටි නැති බව. මම ලංකාවට එන්නේ ඕක කන්න නෙමේ. ඒක හරියට ඉතාලි ගිහින් මැක්ඩොනල්ඩ් කනවා වගේ
Deleteකකුළුවා මගෙත් ෆේවරිට්..කොහෙද ඉතින් මගෙ මනුස්සය ඒකේ අනිත් පැත්ත.ඒ උනාට මං සැලෙනවද නෑනේ අහුවුන තැන කෑවා.
ReplyDeleteඅන්න එහෙමයි ඉන්න ඕනේ
Deleteඑකොන් ගේ ප්‍රතිචාරය: මම පෝස්ට් එක දැක්කා. කමෙන්ට් එකක් දමන්න වෙලාවක් ලැබුණේ නැහැ. 2019දී දරිද්‍රතා රේඛාවෙන් යට හිටියේ 19.3%ක් පමණයි. මෙය 2002දී 46.8% මට්ටමේ තිබී ක්‍රමයෙන් අඩු වෙමිනුයි තිබුණේ. 2019දී දරිද්‍රතා රේඛාවේ මට්ටම රුපියල් 6,966යි. 2022දී පෙර කිසිදා නොපැවති ඉහළ උද්ධමනය නිසා මෙය එකවර ගොඩක් උඩට ඉස්සුනා. 2022 දෙසැම්බර් වන විට රුපියල් 13,777ක්. ඒ නිසා, එම සීමාවෙන් පහළ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබිය යුතුයි. විවිධ අය මෙය 40%, 50% ආදී ලෙස පවසන නමුත් නිල ඇස්තමේන්තුවක් දැකලා නැහැ.
ReplyDeleteවක්‍ර බදු ගෙවීම පරිභෝජනයට සමානුපාතිකයි. ඒ නිසා, රුපියල් වලින් බැලුවොත් පහළ ආදායම් මට්ටම් වල අය වක්‍ර බදු ගෙවන්නේ අඩුවෙන්. නමුත් ආදායමේ ප්‍රතිශතයක් ලෙස බැලුවොත් ඔවුන් වැඩියෙන් වක්‍ර බදු ගෙවනවා. ඉහළම ඉන්න අය වක්‍ර බදු අඩුවෙන් ගෙවුවත් (ආදායමට අනුපාතිකව) සෘජු බදු ගෙවනවා. ආදායමට අනුපාතිකව බදු අඩුවෙන් ගෙවන්නේ මැදි ආදායම් මට්ටම් වල ඉන්න අය.
කකුළුවෝ මගෙත් කැමතිම කෑමක් , Jagath Pathirana thanks...පස්යාල මටත් ලගයි, නිවාඩු අවම යන්න ඕනේ...
ReplyDeleteඒ පැත්ත හොඳයි වගේ
Delete