Wednesday 13 September 2023

යාපනේ සුරුට්ටුව



යාපනේ සුරුට්ටුව 
------------------
යාපනයට ගියෙමි මම 

ඒ ප්‍රසිද්ධ සුරුට්ටුව 

ඔතනා   හැටි බලන්නට


ඔහු සිටියේ කටේ ගසාගෙන 

හැකි හැම පැයකම ඒ සුරුට්ටුව

හන්දියේ යාපනේ කඩෙන් අරගෙන  

පස්සෙ  දවසක ගිනිදැලින්  වෙලී ගිය 


ඉරිමා  උදයේ දිවයින පත 

අතින් ගෙන, දෙකකුල් උඩ දමාගෙන 

කියවන්නේ සුරුට්ටුව හපාගෙන


 යාපනෙන් ගෙනා සුරුට්ටුව 

දැල්වූවා ලන්ඩන් ගෙවුයනේදී 

දැනුනා ඒ සුපුරුදු සුවඳ 

හිත කොනේ  නැගුනු සතුටට 

හිනාවක් ආවා මගේ මුවගට 

තේ කෝප්පයෙන්,

සිලෝන් ටී වලින් හැදූ 

උගුරක් දමා ගත්තා මුවගට 

සුරුට්ටු දුමකුත් සමගම
 
- ajith dharmakeerthi 13/09/2023

මේ අවස්ථාව සැලසුවාට යාපනයේ යෝගරාජා ප්‍රසන්න සොයුරාට ස්තූතියි   







29 comments:

  1. සිගරැට් සුරුට්ටු බීඩිත් අරහං
    අම්මෝ එව්වයෙ තියෙනා ගඳ නං
    ඔක්කාරේ ඇති කරවයි මට නං
    ඒත් තව අයට ඔව්වා මසුරං!

    ලෝකෙ හැටි තමයි, එය පොදු දහමකි
    කෙනෙකුට වස තව කෙනෙකුට රසයකි
    හැම තැනකම හැංගී ඇති දහමකි
    හොඳින් බැලුවහොත් තේරුම් ගත්තැකි!!

    ReplyDelete
    Replies
    1. පියාගේ සුවඳ මට එන්නේ
      ඒ සුරුට්ටු ගඳ තුලිනි
      දුකක් නොව මට එය සැපයකි
      ඔබ නිවැරදිය මෙහි

      Delete
  2. අසු ගනන්වල අන්තිම කාලයේදි විතර වෙනකම් අපේ කඩේට යාපනේ කලු සුරුට්ටු ආවා. බයිසිකලේ බැදපු පෙට්ටියක සුරුට්ටු දමන් කහ ගැහුනු සුදු සරමක් ඇදපු කෙනෙක් තමයි ගෙනාවේ. සුරුට්ටු වේලන්නේ නැතිවෙන්න ඒවා දමලා තිබුනේ බෝතලයක. අලුත් සුරුට්ටු දෙනකොටත් ඉතුරු පරන සුරුට්ටු ටිකත් ඒ තෙල්වල පොගවලා දෙන්නේ.. යුද්දේ වැඩිඋනාම සුරුට්ටුකාරයා ආවේ නෑ.. මේ කලු සුරුට්ටුත් එක්ක පෙට්ටි සුරුට්ටුත් තිබුනා. ඒවායේ නම තම්ෂියර් කියලා තමයි මතක.ඒවා වැනිලා සුරුට්ටු .. ආසම වැඩේ පෙට්ටි සුරුට්ටු හිස් පෙට්ටි එකතු කරන් එක එක අත්වැඩ කිරිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සන මතකයක් මචෝ

      Delete
    2. ඒ දියරයට කියන්නෙ "තේඩාව" වගේ නමක්. තෙලක්මද මන්ද?

      Delete
  3. https://www.havanahouse.co.uk/top-5-urban-legends-cigars/

    ReplyDelete
  4. Replies
    1. ප්‍රාජේ ගෙන් ඉගෙනගෙන
      ඉයනුත් වැට දමාගෙන....

      Delete
    2. ස්තූතියි වැටට සහ වැටේ මුල ගැන කීවට 😀

      Delete
  5. යාපනේ සුරුට්ටුවත් එක්ක හිත ගෙනියන්නෙ අතීතයට. මට හිතෙන්නෙ හැම පවුලකම තාත්තා හෝ සීයා එක්ක යාපනේ සුරුට්ටුවට සම්බන්ධ කම් තියනවා, මටත් එහෙමයි.

    අපූරු ලිපියක්. මගේ යාළු පිල්ලෙක් හිටියා, පිලිපීනෙ දුම්කල හොවියෙක්ගෙ පුතෙක්. ඌ කියනවා දුංකොල වෙලනකොට ඒ ගඳ ඇඟටම කා වදිනවලු. ඒ කියන විදිහට හදන අයට ඒ හැටි ආතල් රස්සාවක් නොවෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. ඔව් යාපනේ තවමත් මේ කරමාන්තය එහෙමම තියනවා . සුරුට්ටු ලාභ ඒකයි . නමුත් හොයාගන්න අමාරුයි ඒ නිසාම

      Delete
  6. යාපනේ ගිහින් අරගෙන සුරුට්ටුවක්
    බීවනේ දුමත් පිටකර මිනිත්තුවක්
    ලීවනේ මතක් කරලම පෝස්ටුවක්
    ආවනේ මමත් කවි දී සාත්තුවක්....

    සුන්දර මතක අයියේ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සුන්දර මතක එක්කරගෙන අපි ඔන්න
      සැනහෙනවා ලීවම හිත් ගොන්න
      කවියක් ලියා දුමියා එනවා ඔන්න
      හැංගි නොයිද ආවට මේ තුති ගොන්න

      - හොඳද 😀

      Delete
    2. සැරට අරුත අකුරුවලට අමුනන්නේ
      රසට එයින් කවියක් මේ ලියලන්නේ
      සතුට තමයි පිලිතුරකින් පිටවන්නේ
      ඔබට තුතී මල් ටික දෙමි පිළිගන්නේ...

      පිලිතුරු කවිය නියමයි අයියේ. අයියා කොහොමත් ලියන්න දක්ශයිනේ..

      Delete
    3. තුති මල් පිලි ගන්නා ගමන් මේ කියන්නේ
      හොඳ සැර බෝතලයක් ඊළඟ වර ගෙනෙන්නේ

      Delete
  7. හුම්.. සුරුට්ටු නෙ !

    හදන හැටිත් අහගත්තෙ නැතෙයි 😉

    ReplyDelete
    Replies
    1. වීඩියෝ කරා පොඩ්ඩක්

      Delete
  8. චතුෂ kumaara16 September 2023 at 14:14

    දෙමලාගේ සුරුට්ටුව ඉරීමට ලන්ඩනයේ සිට යාපනයට එන අජිත් ධර්මා මහත්මයා මුහුදු මහා විහාරය ගැන වදනකුත් නොදොඩන්නේ ගුවන් ටිකෙට්ස් සදහා අනුග්‍රහය ද්‍රවිඩ ඩයස්පොරාවෙන් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මුහුදු මහා විහාරය ගැන ලියන්නේ මොකටද? මට ඕනේ දේනේ මම ලියන්නේ? ආ බන් ගොබිලෝ කුණුහරපයි (මරුවා බ්ල්ග් එකේ) අනුන්ට අපහාස කිරිල්ලයි ඇර වෙන මුකුත් දන්නේ නැත්ද? රාජපක්ෂයා ගේන්න කඩේ ගිහිල්ල රටටම කෙළල ස්කොට්ලන්තෙට හැංගෙන්න ආවේ කාගේ සල්ලි වලින්ද? වයිෆ් ද දුන්නේ? 😁 අනික දෙමල එවුන් ටිකට් දෙන්න ඕනෙද බන් අපට ලංකාවේ යන්න. උඹල වගේ අපි අනුන්ව රවට්ටලා සල්ලි ගන්නවා කියල හිතුවද? දැන්වත් ඔය ස්කොට්ලන්තේ වගේ ජාතිවාදය ආගම්වාදය වාදය නැති රටකට ඇවිල්ල ඉන්න එකේ හැදියන්කෝ දැන්වත් 😁

      Delete
    2. චතුෂ kumaara17 September 2023 at 06:52

      තමාගේ දේශපාලන සමාජීය භාවිතය ගැන ප්‍රශ්නයක් පැමිණි විට අනෙකාගේ බිරිඳ පිළිබඳව කතාබහ කිරීම පෙන්නුම් කරන්නේ අජිත් ධර්මා මහතා මේ වෙන විට මුහුණ දෙන අර්බුධයේ උත්සන්න භාවයයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. Sorry, Some syntax errors, කමෙන්ට් එකේ කෙලින්ම ලියන කොට පේන්නේ නැහැ. -මේ වගේ උස්සල දාල දුන්නම ඩෑෂ් පාරවල් මයි ගහන්න හිතෙන්නේ. අපි මේක ඩෙරීඩා ගේ ක්‍රමයට විසංයෝජනය කරමු නේද? පළමු කොටස - අනිකාගේ බිරිඳ ගැන කතා කිරීම නොව - උඹ වැනි කුණුහරුප වපුරන, බොරු ලියන අයෙකු ස්කොට්ලන්තයට ගෙනවිත් මිනිහෙක් කරන්නට හදන්නඑතුමියට ස්තුතිවන්ත වෙන ගමන් මට ආරංචිය ඩයස්පොරාවෙන් ඔහෙට ඉන්ට ගෙයක් අඩු ගානට ලැබී ඇති බවයි. 😀 ඔය ඉන්නේ ඇරේ චන්ද්‍රිකා ගේ ඉන්ස්පෙක්ටර් ගාඩ් ඉන්න හරියෙම නේද්? ඒ පැත්තේ ගෙවල් ඩයස් ලට තමා අයිති

      Delete
    5. දෙවන කොටස: ඩයස්පොරාවෙන් දුන්නු ටිකට් එක - ඊයේ පෙරේද පරණ බ්ලොග් කරුවෙක් මරු කතාවක් කිව්වා. මිනිහ දැන් බුකියේ රඟන්නේ. මෙන්න මෙහමයි. - ඔය මචං උඹලට අපිට එන්ජීඕ වලින් ගන්නවා දෙමුලුන් ගෙන් අරව මේවලින් සල්ලි ගන්නවා කියල කාඩ් ගහන වුන් ඉන්නවා නේද? ඒ උන් එහෙම කියන්නේ උන් එහෙම නිසා. උන් එදා වෙලා ගෙනියන්නේ එහෙම නිසා. උන් හිතනවා අපිත් උන් වගේමයි කියල. උදාහරණයකට එයා ගත්තේ ඉන්දික කොඩිතුවක්කු - අභීත එදිරිසිංහ කතා වස්තුව. තව දෙක තුනක් කීව. ලියන්න මට ලැජ්ජයි උඹල ගැන. ඒ නිසා ලියන්නේ නැහැ. 😉 රාජපස්සලත් ඊට දෙවෙනි නැහැ. අර එලවල දැම්මම දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න උඹලගේ පරණ නායකයා කේ පී කියල එකෙක් හිරේ තියාගෙන සුද්දෙ දැම්මේ කොහොමද? ඕව අහන්නේ නැත්ද මුහුදු මහා විහාරේ ගැන අහන්න කලින්

      Delete
    6. අර්බුදය ඇත්තේ කාටද? - දැන් මම ගිය අවුරුද්දේ ග්‍රීසියේ දෙමල ඩයස්පෝරාව ට කියල එහෙ සංචාරයකට ගිය. විස්තර බලන්නකෝ. අයිස්ලන්තේ දෙමළ දයස්ලට කියල ගිය මාසේ ටේ එපිට මාසේ එහෙ ගිය. ඉදිරියේදී ලියන්න ඕනේ. මේ මාසේ ලංකාවට ගියා. ඩයස් එකෙන් සල්ලි දුන්න නිසා අනුරාධපුරේ පොළොන්නරුවේ හෙම ගිහින් ළමයින්ට පුරාවිද්‍යා ස්මාරක හෙම පෙන්නුවා. ආයි චෑන්ස් එකක් එන්නේ නැහැ නිසා. ඒ අතරේ යාපනේ ගිය පළමු පන්තියේ ටිකට් එකකින්. රුපියල් 3200. පවුම් 10යකටත් අඩුයි. යකෝ ලජ්ජා කරන්න එපා. ඒකත් ඩයස් ල දුන්න කියල. 😄 අනික මචන් අර්බුද තනා එවුන් එහෙම යනවද බං? දැන් බලහන් හරියටම අර්බුද ඇත්තේ කාටද? - යහපලානේ ටයි රනිල්ටයි බැන බැන හිටියේ මමද? දැන් උඹලට මචන් රනිල්ට වැඳගෙන ඉන්න වෙලා තියෙන නිසා උඹලගේ අර්බුදේ උත්සන්න වෙලා නැත්ද? කොච්චර උත්සන්න වෙලාද කියනවනම් ඒ දවස් වල බැන බැන හිටපු වෙස්ට් එකට ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට, ඔසී රටට, ඇමෙරිකාවට යුරෝපයට පවුල් පිටින් එන්නේ. පවුල් පිටින්. 😁

      Delete
    7. තෑන්ක් යූ කමෙන්ට් එකට. නැත්නම් මේවා ලියවෙන්නේ නැහැ. පහුගිය දවසක දෙමල ජාතිවාදියෙක් මර කතාවක් කීව මට. රවී ශංකර්. මගේ ෆේස්බුක් එකේ ඉන්නව. මම කිව කුරුන්දි විහාරයට සම්පන්දන් යන එක වැරදියි. ඒක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීලා ඒ රාජකාරිය ඉවර වෙනකල් ඉන්න ඕනේ. ඒ හරියේ පදිංචි වෙන්නේ නැතිව කියල.ඒක කිව්වා කියල මු මට බනිනවා මම අද්මිරාල් සරත් වීරසේකර ගේ ගොඩේලු. වියත් මගේලු . යකෝ ඒ තරම් අපහාසයක් ලොවෙත් තියෙනවද ? මම ඌට F-off කියල බැන්න. දැන් පොර මාත් එක්ක තරහයි. උඹල දෙගොල්ලම ටිකක් එකවගේ. මුහුදු මහා විහාරයේ හෝ වෙන තැනක පුරා විද්‍යා වටිනාකමක් තියෙනවනම් ඒවා සංරක්ෂණය කරනවට මම කවදත් පක්ෂයි. හැබැයි සිංහල බෞද්ධයන්ට නෙමේ. ඕනෑම රටක පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් ආරක්ෂා කල යුතු නිසා. ප්‍රා ජේ එක්ක ලඟදි කිරලගල ගියා . ඒ වටේම මුස්ලිම් දේශපාලනඥයෝ අල්ලාගෙන මුස්ලිම් මිනිස්සු එක්ක. ප්‍රධාන පක්ෂ ඔක්කොම බයයි. ඒවා වැරදියි. එතන සෑහෙන පුරා විද්‍යා වටිනාකමකින් යුතු දේවල් තියනව. ඒවා සංරක්ෂණය කරන්න ඕනේ..

      Delete
    8. චතුෂ Kumaara27 September 2023 at 05:39

      ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ බලය නිසා අජිත් ධර්මා මහතා ජිවිත තර්ජන සිදු කරන බව පෙනේ.

      ඉන්දීය බුද්ධි අංශ කැනඩාවේදී සික් ජාතිකයෙක් ඝාතනය කලාක් මේන් ජනාධිපති ආරක්ෂක අංශයේ සන්නද්ධ ඝාතකයන් යොදවා ස්කොට්ලන්තය තුල ඝාතනයක් සිදු කිරීම අජිත් ධර්මා මහතාට ඉතා පහසු දෙයකි.

      Delete
    9. උඹල මචන් මේවා ලියන කොට මටත් හිතෙනවා මමත් හෙන පොරක් වෙන්න ඇති කියල. 😄 😁

      Delete
  9. ඔව්, මම ප්‍රතිචාරයක් දාල තියනවා එතන ඒ කාලෙම . මේ දවස් වල කියුබන් සුරුට්ටු වගයකුත් හම්බ වෙලා තියෙන්නේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .