Sunday, 17 November 2024

අහවල් ස්වයංනිර්ණනේ සහ උස්බෙක් විසඳුම

ටශ්කෙන්ට් හි තිමුර් ප්‍රතිමාව 


දෙමසකට ඉහතදී අප උස්බෙකිස්තානයේ සංචාරයක යෙදුනෙමු .  එම සංචාරය පිළිබඳ  ව ලිවීමට බොහෝ දේ ඇතත් මෙය වර්තමාන ශ්‍රී ලාංකික   දේශපාලන සන්දර්භයේදී වැදගත් යයි සිතමි .  මම ,  අපේ සංචාරක මාර්ගෝපදේශක ලෙස සිටි උස්බෙක් ජාතිකයා සහ වෑන්  රථයේ රියැදුරු  වන කොරියන් ජාතිකයා සමග කෝපි  එකක් බොමින්  සංවාදයේ යෙදුනෙමු .  උස්බෙක් ජාතිකයා කී  දෙයක් මගේ අවධානයට යොමු වුනි . "අපට හරියටම ස්වයන් නිර්ණන  අයිතිය ලැබුනේ 1991 දී .  සෝවියට් සංගමයෙන් වෙන් වුනාට පස්සේ.  අපේ නිදහස් දිනය 1991 සැප්තැම්බර් එක ට යෙදෙන්නේ ඒ නිසා. " සෝවියට් සංගමය බිඳ වැටුනේ එදාය .  උස්බෙකිස්ථානයයේ නිදහස් දිනයද එදාය .  

මෙහිදී රුසියන් නමක් ඇති කොරියන් රියදුරු කීවේ "මෙයාලට  නිදහස ලැබුන .  එතකොට අපිට මොකද වුනේ?  අපි කැමති සෝවියට් දේශයේ ඉන්න. හැමෝම එක තත්වයේ එතකොට. අපි දැන් අතරමං ". කොරියානුවා ඉපදුනේ ටශ්කෙන්ට් වල සෝවියට් උස්බෙක් සමුහාණ්ඩුව තුලය .  ඔහුගේ සීයා ස්ටාලින් විසින් ඒ පැත්තේ පදිංචි කරණ ලද සුළු ජාතීන්ගෙන් පැවත එයි. ඔහුගේ කැමැත්ත පරණ සෝවියට් දේශයටය . කොරියන් වරු ගෙන්නුවේ මේ පළාත්වල වැසියන්ට සහල් නිෂ්පාදනය (කුඹුරු කිරීම )  කියා දීමටය. 
කොරියානු (සෝවියට් )  රියදුරු මහතා
සෝවියට් දේශයේ උපන් කොරියානු රියදුරු මහතා 


ටිමුර්ලේන් යනු ටටාර් මොන්ගොලියන් යුධ සෙනෙවියකි .  ඔහු ඉපදුනේ වත්මන් උස්බෙකිස්තානයේ ට්‍රාන්සොකිසියනා නම් පෙදෙසේ 1320 ගණන් වලය .  ඔහු ඇෆ්ඝනිස්ථානයේ සිට දකුණු රුසියාව, කොකේසස් පෙදෙස් ,  මධ්‍යම ආසියාව, ඊජිප්තුව , සිරියාව හා ඉන්දියාවේ කොටසක් ද සමග මහා අධිරාජ්‍යයක් ගොඩ නැගුවේය.  ඔහුගේ ප්‍රතිමාව ටශ්කෙන්ට් වල තිබේ (ඉහටැහැ රූපය). පසු කලෙක අති බලවත්  ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය බිහිවූයේ ඔහුගෙනි.එක්දාස්  හත්සිය සහ අටසිය ගණන් වල ,  රුසියානු අධිරාජයා වන පළමුවන පීටර් මෙන්ම මහා කැතරින් අධිරාජනිය ද ඔටෝමන් වරු සමග සටන් කර මේ  මධ්‍යම ආසියානු ප්‍රදේශ යටත් කර ගත්හ. 1771දී  ක්‍රිමියාව මහා කැතරින් අධිරාජනිය විසින් අල්ල ගන්නා ලදී. 

සෝවියට් දේශය පිහිටුවීමේදී මේ අති විශාල තුර්ක්මෙන්වරුන්ගේ ප්‍රදේශය අනාගත තර්ජනයක් බව ලෙනින් සහ ට්‍රොට්ස්කි වටහා ගත්හ .  ඒ වන විටත් සෝවියට් රතු හමුදා ඒ පෙදෙස් වල සටන් කරමින් යටත් කර ගනිමින් තිබුණි. ස්‌ථාන යනු සංස්කෘත වචනයකි .  හින්දුස්ථාන් යනු හින්දුන්ගේ දේශය හෝ පෙදෙසයි .  මේ අනුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය උස්බෙක් වරුන් ගේ පෙදෙස උස්බෙකිස්තාන් ලෙසත් ,  කිර්ගිස් පෙදෙස කිර්ගිස්තාන් ,  ලෙසත් අසේරි වරුන් ගේ පෙදෙස අසර්බයිජාන් ලෙසත් ,  තුර්ක්මෙන් වරුන්ගේ පෙදෙස්  තුර්ක්මෙනිස්තාන් ලෙසත් කසාක් වරුන්ගේ පෙදෙස් කසාක්ස්තාන් ලෙසත්, තජික් වරුන් ගේ පෙදෙස තජිකිස්තාන් ලෙසත්  නම් කර ඔවුන්ගේ භාෂා හා ජිවත්වූ පෙදෙස් මත රටවල් පහක් නිර්මාණය කලහ. කසාක්ස්නයේ අනවශ්‍ය ලෙස භුමි ප්‍රමාණයක් කුඩා  ජන සමුහයකට ලැබුණි .  ඒ සඳහා ඒ ඒ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හිමි බවද සඳහන් කළහ .  නව ස්වයං නිර්ණය හා තමන්ගේ ම රටක් ලත් ඒ පෙදෙස් වල නොමැඩික් ජනතාව ඉතා උද්දාමයට පත් වූහ. නමුත් ඔවුන් සෝවියට් සංගමය තුල අනිවාර්යයෙන්ම සිටිය යුතුය.  රූබලය ඔවුන්ගේ මුදල් ඒකකය විය.  රුසියානු හෝඩිය ඔවුන්ගේ ද හෝඩිය විය . කොටින්ම ලෙනින් කලේ බලවත් රජයක් ඇති වීම වලක්වා මේ ජනතාව බෙදා වෙන් කිරීමයි. භාෂාව,  ආගම ආදිය පිටුවහල් කරගෙන බෙදා වෙන් කර පාලනය කිරීම අධිරාජ්‍යවාදීන් ගේ ද උපක්‍රමයක් විය. එය ඉන්දියානු උප මහාද්වීපයේ අප හොඳින් දනිමු .     

ෆින්ලන්තයට නිදහස ලැබුනේ ෆින්ලන්ත  රතු හමුදා පරාජය  වීම නිසාය .  පෝලන්තය රඳවා ගැනීමට ළඳරු සෝවියට් රාජ්‍යයට නොහැකි විය .  
  
සෝවියට් දේශය යනුවෙන් අප නිතර සඳහන්  කලද එහි නියම නම සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයය.( යුනියන් ඔෆ් සෝවියට් සොෂලිස්ට් රිපබ්ලික්ස්). ස්වයං නිර්ණය ලත් රටවල් පහලවක එකතුවක් වුවද පාලනය මධ්‍යගත එකක් විය. එහි ආර්ථික ක්‍රමය සමාජවාදී එක් වූ අතර පාලනය කලේ ඒ ඒ සමුහාණ්ඩු වල කොමියුනිස්ට් පක්ෂ මගිනි . 

එසේම හංගේරියාව සහ චෙකොස්ලොවැකියාව සෝවියට් ආර්ථික පද්ධතියෙන් මිදීමට ගත් උත්සාහයන් හමුදා මැදිහත්වීම් මගින් පරාජය කරන ලදී. 

අප දැන් යුරෝපා සංගමය විමසා බලමු ,  එය සෝවියට් සංගමයට වෙනස්ව එහි බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල් සිය කැමැත්තෙන් එක්වී පිහිටුවා ගත් එකක් විය. අවසන් වරට  ස්වයන් නිර්ණය ප්‍රකාශයට පත් කල රට වූයේ චෙකොස්ලොවැකියාවය ,.  එය චෙක් සහ ස්ලොවැක් රටවල් දෙක ලෙස බෙදී වෙන් වූයේ භාෂා මත වුවත්  ඒ භාෂා දෙකම ස්ලැවික් මූලයක් සහිත සමාන ඒවාය. චෙක් වරු රෝමානු අධිරාජ්‍යයට  යටත්ව සිටි අතර ස්ලෝවක් වරු හංගේරියානු අධිරාජ්‍යය ට යටත්ව සිටියහ .  මේ රටවල් යුරෝපා සංගමයේ සිටින බැවින් දේශ සීමා නැත .  භාවිතය යුරෝ නිසා  ඇත්තේ එකම මුදල් ක්‍රමයකි .  යුරෝපා සංගමය තුල ඇති නිදහස්  ලිබරල්  ආර්ථිකය ඒ රටවල ද  එසේමය. කොටින්ම ස්වයන් නිර්ණය ලබා  ඇත්තේ එක පාලන ක්‍රමයක් තුලය . 

උදාහරණයක් වශයෙන් ස්ලෝවක් වරුන්ට ඉන් ඉවත්වී රුසියානු කොමෙන්වෙල්ත් එකට එකතු වන්නට ඕනෑ යයි සිතන්න .  ඔබ හිතන්නේ ඊට ඉඩක් ලැබේ කියාද? හොඳ හැටි ගුටි කන්නට සිදු වේවි . 
උස්බෙකිස්ථානය සහ අසල  මධ්‍යම ආසියානු රටවල් ලිහිල් ලෙස කොමන්වෙල්ත් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටේට් නමැති සංගමයකට  බැඳී සිටිති . 

 යුගෝස්ලාවියාව බිඳී විසිර ගිය අතර එය රටවල් පහක් ලෙස වෙන් වුනද  බොස්නියා හර්සගොවිනා වෙනුවෙන් සර්බියන් වරු ජාතිවාදී යුද්ධයක් දියත් කළහ .  නේටෝව සර්බියාවට බෝම්බ දමා බොස්නියා වේ ස්වයං නිර්ණන අයිතිය තහවුරු කර දුන්හ .  සර්බියානු ජාතිවාදයට එරෙහිව  හා බොස්නියාවට එරෙහි සමුල ඝාතක යුද්දයට විරුද්ධව  එය කල නිසා නිසා බොහෝ රටවල් වලින් එම බලහත්කාරකමට විරුද්ධත්වයක් ඇති නොවීය.  නමුත් කොසෝවා රාජ්‍යය ඇල්බේනියන් බහුතරයට ලබා දීමේදී නේටෝව මේ උපක්‍රමය ම   භාවිතා කළේය.  සර්බියානු රාජ්‍යය වඩාත් දුර්වල විය.  එය දැන් යුරෝපා සංගමයට එක්  වීමට බලාපොරොත්තුවෙන් සිටි . 

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තය වෙන්වීමට චන්දයක් පැවත්වූ  අතර එය පරාජය විය ,  වෙනත් රටවල ස්වයං නිර්ණය සඳහා උද්ඝෝෂණ කරන බ්‍රිතාන්‍ය ,  ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල් ක්විබෙක් ප්‍රශ්නයේදී ගත්තේ කැනඩා වේ පැත්තයි . 
ස්පාඤ්ඤයේ බාස්ක්  නම් බෙදුම් වාදීන්ට යුරෝපා සංගමයේ සහය නොලැබේ .  ඔවුන්ගේ සහය කොසෝවා වලට ලැබුණි . 

පලස්තීනය ඉල්ලන්නේ ස්වයං  නිර්ණයක් නොව තමන්ගේ රටේ කොටසක නිදහසේ ජිවත් වීමටය .  ඒ ප්‍රශ්නයේ විසඳුම පේන  තෙක් මානයක නැත . 


මේ පාඩම්  සියල්ල සිතට ගත් රුසියාව ජෝර්ජියාවේ අභහාසියා පෙදෙස ආක්‍රමණය කර බලෙන්  ස්වයන් නිර්ණයක් ලබා දුන්නේය .  ඒ ජෝර්ජියාව යුරෝපා සංගමයට හා නේටෝ වට  එකතු වීම වැළැක්වීමටය .  රුසියාව මේ විධි ක්‍රමයම  මොල්දෝවා වලට එරෙහිව භාවිතා කර ට්‍රාන්ස් ද්නිස්තර් නම් කුඩා රාජ්‍යයක් පිහිටුවිය . 

උක්රයිනය නෙටෝවට එකතු වීම වැළැක්වීමට රුසියාව පටන් ගත් විශේෂ යුධ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වන අතර දනියෙත්ස්ක් සහ ලුහාන්ස්ක් පෙදෙස් වලට ස්වයං නිර්ණන අයිතිය ලබා දී ඇත්තේ රුසියානු රජයේ ආරක්ෂාවට යටත්වය . 

"දෙමල ඊලම් අරගලයට විසඳුම කුමක්ද? " පොතේ රෝහණ විජේවීර මෙසේ ලියා තිබේ .     
"සමාජවාදී රාජ්‍යයන් තුල ජාතික වෙන්වීමේ ව්‍යාපාරයන් පැන නැගී නැද්ද ?  සෝවියට් උක්රයිනය  සෝවියට් සංගමයෙන් වෙන් කර ගැනීම සඳහා ප්‍රතිගාමී ව්‍යාපාරයන් යළිත් එක්දාස් නමසිය තිස් ගණන්වලදී රාඩා සංගමය නමින් පැන නැගිණි. එය  අධිරාජ්‍යවාදයේ බළල් අන්ඩක් විය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී ‍මේ ව්‍යාපාරයේ ඉතිරි කොටස් ආක්‍රමණකාරී ජර්මන් නාසි හමුදාව සමග සහයෝගයෙන් ක්‍රියා කළහ.  සෝවියට්  සංගමය එක්දාස් නමසිය තිස් ගණන්වලදී ඉතා නිවැරදිව එය මර්ධනය කරනු ලැබීය. එසේ  නොවුණි නම් දෙවැනි ලෝක මහා යුද්ධයේදී ඔවුන් විසින් සෝවියට්  ජනතාවට විශාල හානි කළ හැකිව තිබිණි. යුගෝස්ලාවියාවේ ක්‍රෝෂියානු ජාතික ව්‍යාපාරය ද මර්දනය එලෙසින්ම කරනු ලැබීය." පිටුව 139. 

උක්රයිනයේ පිහිටි චෙර්නෝබලයේ පිපිරිම සෝවියට් සංගමයේ කඩා වැටීම ඉක්මන් කරන ලදී . රුසියාව සහ  ජර්මනිය අතර නව තෙල් නල මාර්ගය 2022 දී පුපුරුව හරින ලදී . 
  
අද සිදුවන්නේ ද මෙයමය.  එක්කෝ රුසියානු  ක්‍රමයට  අනුගත වීම හෝ නිදහස් රටක් වශයෙන් වෙනත් ක්‍රමයකට අනුගත වීමට යුක්රේනයට බල කෙරී ඇත. නිදහස තීරණය වනු ඇත්තේ ඒ අනුවය .  රට බෙදෙනු ඇත   
මේ අනුව වැටහෙන්නේ කුමක්ද ?  ස්වයන් නිර්ණන අයිතිය මොන දේශපාලන ආර්ථික ක්‍රමයකට  වුවත් භාවිතා කරන්නේ තමන්ට අනුමත පරිදි රටවල් බෙදා වෙන් කිරීමට සහ ඒවා දුර්වල කිරීමට බවයි .     

මේ ලිපියේ මුලික අරමුණ දැන් පැහැදිලි වන්නේ නම් හොඳය .  පසුගියදා පැවති  මහා මැතිවරණයේදී මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක්  දෙවන තැනට පත්වුණු ජාතික තලයේ දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය ඉතිරි  දිස්ත්‍රික්ක විසි එකම දිනා තිබේ .  මෙයට යාපනය සහ වන්නි දිස්ත්‍රික්කයද  ඇතුළත්ය. කඳුකරයේ ශ්‍රී ලාංකික දෙමල ජනතාව  තොණ්ඩමන් සාධකය බිඳ දමා තිබේ .  වරක් තොණ්ඩමන්  දිළිඳු වතු කම්කරු ළඳුන්ට  තමන්ගේ කෙස්වලු මහා පාරේ ඇතිරවන්නට සලස්වා  ඔහු ඒවා පාගමින්  උත්සවයකට පැමිණ තිබේ. එවැනි තත්වයක ජීවත්  වු  ජනතාවක් ඒ රදළ බැමි බිඳ දමා තිබේ .   ඔවුන්ගේ අභිලාෂය මලයනාඩුවක් නොව සියලු ජනතාව සමග තමන්ට හිමි අධ්‍යපනික ,  රැකියා හා ජිවත් වීමේ අයිතිය දිනා ගැනීමයි .  

දැන් දැන්ම යුස්ෆුල් ඉඩියට් ලා ඒ ගැන ඝෝෂා කරන්නට පටන් ගෙන තිබේ . යුස්ෆුල් ඉඩියට් හෙවත් අත්‍යවශ්‍ය මෝඩයන් යනු සෝවියට් සහ බටහිර රහස් ඔත්තු සේවා ක්‍රියාත්මක කරන උපක්‍රමයකි .  දැන  හෝ නොදැන දේශපාලන ව්‍යාපාර ,  රටවල් හෝ පුද්ගලයන්  තමන්ගේ අරමුණ සඳහා  සූක්ෂම ලෙස යෙදවීම මෙනයින් හැඟවේ. බොහෝ විට ඒ අය ඒ ගැන දැනුවත් නැත.

  ජාතික තලයේ පක්ෂයකට ජනතාව චන්දය දෙන්නේ ස්වයං නිර්ණයක්  තීරණය කිරීමට නොවේ .  යාපනයේ දක්ෂ ගොවියාට තමන්ගේ අස්වැන්න  විකුණා ගත හැකි විශාලම වෙළඳපල ඇත්තේ දකුණේය .  යාපනේ කම්කරුවාට හෝ මධ්‍යම පන්තියට රැකියා අවස්ථා ඇතිවන්නේ දකුණ සමග සම්බන්ධතා තර කර ගත්  විටය .  මාලිමාවේ ජයග්‍රහණය පසුපස ඇත්තේ  උතුරු නැගෙනහිර ජනයාගේ එම  බලාපොරොත්තුව මිස අනිකක් නොවේ.  

ඒ වෙනුවට රාජ්‍යය දුර්වල කිරීමට ස්වයං නිර්ණ බිල්ලා  ඉදිරිපත් කිරීමට සැරසෙන බලවත් රාජ්‍යයන් සහ ඒවායේ බලල්  අත් ලෙස දැන හෝ නොදැන දේශපාලන ව්‍යාපර ඉදිරිපත් විය හැකිය .   ශ්‍රී  ලංකාවේ නව රජය ඉදිරි ක්‍රියා මාර්ග සැකසිය යුත්තේ ඉතා  පරිස්සම් සහගතවය .  

මේ ගැන කලින් ලියූ  ලිපිය : 

65 comments:

  1. හොඳ ලිපියක් අජිත් මහත්මයා. කයිවාරුවත්තේ මුහන්දිරම් වුනු නාකි සොම්බියාගෙ ජාතීන් අතර සමගිය ඇතිකරන්න පුලුවන් සහ සියලු ජාතීන් විශ්වාස කරන්නෙ ඌව විතරයි කියන කයිවාරුව උගෙ රෙද්ද පල්ලෙන් බේරුනා. 😂😂😂

    ReplyDelete
    Replies
    1. රටේ හිටි නායකයන් ගැන ඔබේ ගරු සැලකීම් ගැන ප්‍රශ්න තිබුනත් , පල කල අදහසේ හරය සමග එකඟයි .

      Delete
    2. ස්තුතියි අජිත් මහත්මයා. ඇත්තටම අපිටනං නාකි සොම්බියා කවදත් කයිවාරුවත්තේ මුහන්දිරම් කෙනෙක්ම තමයි. 😂😂😂

      Delete
  2. අජිත් මහත්තයෝ, මා හිතෙන්නේ 'මිදුණු උරහිස්' රෝගී තත්වයන් තවමත් ඔයාව පෙලනවා විය යුතුයි. ඒ නිසා හෝ වොයිස් ටයිපිං කරනවාත් වගෙයි. හැබැයි, එහෙම කළත් ලියු දේවල් publish කරන්නට කලින් වතාවක් දෙකක් හරි කියවල බලන්නත් වෙලාව දුන්නොත් අගෙයි. එතකොට මෙහෙම වැරදි සිද්ද වෙන එකක් නැහැ.
    //වරක් තොණ්ඩමන් දිළිඳු වතු කම්කරු ළඳුන්ට තමන්ගේ කෙස්වලු මහා පාරේ ඇතිරවන්නට සලස්වා ඔහු ඒ මාටින් උත්සවයකට පැමිණ තිබේ .//

    ReplyDelete
    Replies
    1. ඔව් , සුමන දෙකක් නිවාඩු . පොඩි ලෙනොවා ලැප් එක උකුලේ තියන් ටයිප් කරන්නේ . වොයිස් ටයිපින් අරගෙන මෙතනට දාන එක ලෙහෙසි නැහැ . ස්තුතියි පෙන්වලා දුන්නට

      Delete
    2. ස්තුතියි අජිත්. ඉක්මනින් සුවපත් වේවා!

      Delete
  3. Replies
    1. මේක පරණ කතාවක් . පිළිතුරක් දීල තියනවා කලින් බ්ලොග් එකක . චන්දය නොදැ සිටින පිරිස වැඩි වීමෙන් දිනපු කෙනාගේ ජයග්‍රහණය අවලංගු වෙන්නේ නැහැ . බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක . චන්දය නොදැ සිටීමෙන් තමන්ගේ චන්දය තම විසින්ම අවලංගු කරගෙන තියෙනේ . මම කලින් ලීවා මාග්‍රට් තැචර් ට දෙවෙනි සැරේ සීයට තිස් ගානක චන්ද ප්‍රමාණයක් තිබ්බේ . අනික අති විශාල ප්‍රමානයක් පිටරට ඉන්න අයගේ චන්දත් දෙන්න විධිහක් නැහැ

      Delete
  4. ඇත්තටම අජිත් යුරෝපීය රටවල හොඳ නායකයෝ බිහිවෙන්නට හේතුව මොකක්ද? ලංකාව වගේ රටවල මැදමුලන වල පය ගොඩ පය නාකි මයිනා වගේ රට කාපු ගස් බල්ලන් සහ බදුපිට බදු ගසා ජනතාවගේ ලේ පිපාසිත විකුණනසිංහ සොම්බි මහල්ලා බ්රෝකර් ඩ්රැකීයුලා වගේ කාලකණ්නිම අපතයෝ ලංකාව වගේ රටවල මෙතෙක් නායකයන් විදියට පත් වුණේ ඇයි?

    ඒ වගේම වර්තමාන ජනතාවාදී ජාතික ජන බලවේගයේ අතිබහුතර රජයට ලංකාව ඉදිරි වසර පහළොවක විස්සක පමණ කාලය තුල ලෝකයේ ඉතාම සංවර්ධිත දියුණු රටක් බවට පත්කරන්න පුළුවන් වේවි, මම හිතන්නේ දැන් ආයේ මැතිවරණ මගුල් තියෙන්නත් ඕන නෑ කියලා, මේ ජනවරම අනුව ව්‍යවස්ථාව වෙනස් කර දිගටම පාර්ලිමේන්තුව තව වසර දහයකට විතර දිගුකරගෙන දිගුකාලීන ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ රුසියාවේ සෝවියට් සංගමය තුල ස්ටාලින් ඒ දවස්වල කළා වගේ, ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් එච්චරම හරියන්නේ නෑ නේද? හරියන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ජනතා හිතවාදී සොඳුරු ආඥාදායකයකුගේ දිගුකාලීන ස්ථාවර පාලනයක්, ජනතාව අතිබහුතර ලෙස එය අනුමත කරලා ඉවරයි. ඒ නිසා එයයි ක්‍රියාත්මක කරන්න ඕනේ දැන්.

    ReplyDelete
    Replies
    1. නායකයෝ තෝරා ගත්තේ ජනතාවම නේද ? ස්ටාලින් ක්‍රමය නම් කොහේටවත් ගේන්න හොඳ නැහැ ඇනෝ . අතිශය දරුණුයි . ඔය තියන බලය ඇති වැඩ කරන්න

      Delete
  5. දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ගැටලුව මොකක්දැයි නැවත ඇසීම

    දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රධාන ගැටලුව වෙන මොකක්වත් නෙමෙයි දේශපාලන බලය පිළිබඳ ගැටලුව. යටත් විජිත සමය තුළ ඉදිකළ මාර්ග පද්ධතිය හා කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ නිර්මාණය වුණ සිලෝන් ඒකීය රාජ්‍යය 1948 නිදහසෙන් පසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයට යටත් ශ්‍රී ලංකාව බවට පත් වීමෙන් පසු රාජ්‍ය ආධිපත්‍යයෙන් මුළුමනින්ම පිටමං කරන ලද ප්‍රජාව තමයි දෙමළ කතාකරන ජනයා.

    සිංහල මිනිසුන් මොන ස්වරූපයෙන් ඇවිත් ශ්‍රී ලංකාව ඔවුන්ට ගිල්ලවන්න හැදුවත් ඒක ඔවුන් දායක වෙලා නිර්මාණය කරපු රාජ්‍යයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒක භාරගන්නෙ නැහැ. දැන් තියෙන කොළඹ කේන්ද්‍රීය සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය යටතෙ නම් ඔවුන් ඒක කිසි සේත්ම භාරගන්නෙ නැහැ. ඒකට තමයි දෙමළ ජාතිකවාදය කියන්නෙ. සිංහල ජාතිකවාදය නිර්මාණය වෙන්නෙ ඒකට පරස්පරව. දෙමළ ජාතිකවාදය නැතිනම් සිංහල ජාතිකවාදයකුත් නැහැ. සිංහල ජාතිකවාදය නැතිනම් දෙමළ ජාතිකවාදයකුත් නැහැ.

    ඔය ගැටලුවට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ස්ථිර විසඳුමක් නැහැ. මර්දනය එක විසඳුමක්. බලය බෙදාගැනීම තව විසඳුමක්. ඔය කොයික කළත්, දෙමළ ජනයා ශ්‍රී ලංකාවට එකතු වෙන්නෙ නැහැ. ඒක වෙනම ප්‍රාන්තයක්. ඒක නිසා තමයි, ඡන්දෙ තියලා ප්‍රතිඵල එනකල් එහේ ඡන්දෙ ඉල්ලුවේ කවුද කියන එකවත් දකුණේ ජනමාධ්‍යවල පළවුණේ නැත්තෙ. අපිත් ඒක පිළිගන්න නිසා තමයි ඒක හෙව්වෙවත් නැත්තෙ.

    ස්ථිර විසඳුම සමාජවාදය තරම් ෆැන්ටසියක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඉක්මවා යන දකුණු ආසියාතික වගේ රාජ්‍ය සංගමයක් ඇතුළෙ තමයි ඔය ගැටලුවට ස්ථිර විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. අඩු ගානෙ ඒක තමයි විසඳුම විදියට පෙන්නන්න හරි වෙන්නෙ. ඒක වෙනුවෙන් වැඩ කරන ගමන් තමයි මර්දනය හරි කරන්න වෙන්නෙ.

    ඔය ශ්‍රී ලංකාව කියන රාජ්‍යය සිංහල බෞද්ධ ගොවිගම පිරිමි මූලික රාජ්‍යය. ඒක ඇතුළෙ ගැහැණුන්ට, සෙසු කුලවලට, ආගම්වලටවත් සමානාත්මතාව නිර්මාණය කරගන්නට බැරි වෙලා තියෙන්නෙ. ඒකට නම් කමක් නැහැ ඒ අය ඒ ආධිපත්‍යය පිළිගන්න නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ දෙමළ අය පිළි නොගන්න එක. උන්ට මේක කොච්චර බලෙන් ඔබන්න හැදුවත් උන් පිළිගන්නෙ නැතිනම් කරන්න දෙයක් නැහැ. ඒ පිළි නොගැනීම පිළිගන්න වෙනවා.

    විසඳුම් හොයන්න වෙන්නෙ ශ්‍රී ලංකාව ඇතුළෙ නෙමෙයි. ශ්‍රී ලංකාව ඉක්මවා ගිය දේශපාලන ප්‍රජාවක් ඇතුළෙ. ඒක ඇතුළෙ දෙමළ, මුස්ලිම්, කඳුරට දෙමළ අනන්‍යතාවන්ට අවස්ථා තියෙන්නට ඕනැ. මං නම් ඒකට කියන්නෙ ලංකාව කියලා. දෙමළෙන් ඉලංකෛ කියනවා. ඉංග්‍රීසියෙන් සිලෝන්. ඒ රාජ්‍යය පවතින්නට ඕනැ අර මං කලින් කිව්ව විදියෙ පුළුල් සංදර්භයක් තුළ.

    අන්න ඒක නිසා තමයි අපි ලෝකය, ඉන්දියාව, රනිල් වික්‍රමසිංහ වගේ සාධක එක්ක වැඩ කරන්නෙ. ඒක විප්ලවීය වෙන්නෙ ඒ ඔස්සේ තමයි සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යන්නට පුළුවන් වෙන්නෙ. ආර්ථික අර්බුදයයි, ජනවාර්ගික ප්‍රශ්නයයි විසඳගන්නෙ නැතුව ලංකාවෙ සමාජයට ඉදිරියට යන්නට බැහැ. විප්ලවයට හැම තිස්සෙම රතු කොඩි අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ වැරදි ගොඩක් තියනවා . දෙමල ප්‍රදේශ ස්වයං නිර්ණය ගත්ත ගමන් ඔවුන් ඉන්දියානු ෆෙඩරේෂණය ට එකතු වෙන එක තමයි කරන්නේ . මේ ලිපියේ නොකිය කියන්නේ ඒක . ඉන්දියානු ෆෙදරේෂණයක් නොව සමාන බලයකින් යුත් ආර්ථික සංගමයක් , තරමක දේශපාලන බලයක් සහිතව පිහිටුවා ඒ තුල ජන වාර්ගික ප්‍රාන්ත වලට සෑහෙන බලයක් දීම තමා හොඳ . යුරෝපා සංගමය හා සෝවියට් සංගමය වගේම ඇමෙරිකානු ප්‍රාන්ත ක්‍රියාත්මක වෙන්නෙත් එහෙම . සමාජවාදය පිළිතුරක් නෙමෙයි . සමානාත්මතාවය හා අවස්ථා එක සේ ලබා දීම පිළිතුරක් . ඒවා කරන්න සමාජවාදය අවශ්‍ය නැහැ

      Delete
    2. අජිත් පැරකුම් මහත්තයාට නාකිවෙලා හින්දා දැන් ටිකක් මොලේ පෑදිලා තියෙනවා. ඉස්සර නම් ඔය මිනිහා තනිකර සිංහල කොටියා.

      අජිත් පැරකුම් කියන සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය කියන කතාව එයාගේ එකක් නෙමෙයි. කවුරුහරි දෙමළ උගතෙක්ගේ කතාවක්.

      අජිත් පැරකුම් ඔය කතාව කියන විස්තර කරන විදියට, එය අසත්‍යකරණය (Falsifiability) කල නොහැකි මතයක්.

      හමුදාවේ ඉහලම තනතුරු කරාව කුලයට ලැබීම.
      කාන්තාවක් ප්‍රථම අගමැති වීම.
      සිංහල සංගීතය තුල කතෝලික කලාකරුවන් බහුල වීම.
      දෙමළ බස කතාකරන බහුතරයක් සිංහල බහුතරයක් සිටින ප්‍රෙද්ශ වලම සිටීම. වගේ දේ වලින් පෙනෙන්නේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය තරම් ප්‍රගතිශීලී ක්‍රමයක් ලංකාව තුල තවත් නැති බවයි

      Delete
    3. සිංහල බෞද්ධ ගොවිගම - ලංකාවේ බහුතරයක් ඔය මගුලේ වුනේ කොහොමද ? ඕක දාර බොරුවක් සහ විකෘතියක් . ගොවිතැන් කරන ඕන කෙනෙක් ගොවියෝ එච්චරයි

      Delete
    4. මම පැරකුම් මහත්තයාගේ ප්‍රජා එකේ ලිපිත් කියවනවා. මේ දාලා තියෙන කොමෙන්ට් එක ලිපියක් වගේ ඒකෙත් පල කරලා තියෙනවා.

      මටත් ආපු ප්‍රධාණ ප්‍රශ්නේ සිංහල බෞද්ධ ගොවිගම කියන එක බහුතරේ උනේ කොහොමද කියන එක. මන් හිතන්නේ පැරකුම් මහත්තයා ඔහොම කියන්නේ ලංකාවේ ජනාධිපතිවරු ඔක්කොම වගේ සිංහල ගොවිගම නිසා වෙන්න ඇති. අන්තිමට අනුර කුමාරත් සිංහල ගොවිගමම තමා. මන් හිතන්නේ ප්‍රේමදාස විතරයි ඔය කුලකයට අයිති නොවුනේ.

      හැබැයි ප්‍රේමදාස ඇර එකෙක්වත් බෞද්ධනම් නෙමෙයි. ඔක්කොම ඇංග්ලිකන් බෞතිස්ම උනු අය හෝ එම පරම්පරා වල. අනුර කුමාර නිරාගමික.

      Delete
    5. නන්දන වීරරත්න මට දවසක් ඔය කතාව කීව . ඕන රටක ඉහලම කුලයේ ඉඳන් පහලට පිරමිඩයක් වගේ එන්නේ . ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලය මුළු ඉන්දීය ජනගහනයෙන් 4.3%. පහලම කුල තමා වැඩිපුරම ඉන්නේ . ලංකේ ගොවිගම බහුතරයක් නිසා ඒක පහලම කුලය වෙන්න ඕනේ . ඉතින් බහුතරයට නේ බලය ලැබෙන්නේ කොහොමත්

      Delete
  6. ඉතාමත් හොඳ ලිපියක්. අනගි විච්චේදනයක්. අර කිව්වා වගේ අපටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ක්විබෙක් කෑල්ලත් දැම්ම උඩට වෙන්න . අමතක වුනා . බස්සා ගේ කොමෙන්ට් එක දැක්කම මතක් වුනා

      Delete
  7. https://engelsbergideas.com/essays/why-finns-joined-the-fight/

    ReplyDelete
    Replies
    1. ෆින්ලන්තය නේටෝ ගිය එක ඒ ගොල්ලගෙ හිතට හොඳයි . ලෙනින් ට 1919-20 ගහන්න තිබ්බ දිගටම . ඊට වැඩිය රට හදන එක හොඳයි කියල හිතෙන්න ඇති , ක්‍රිමියාව රුසියානු අධිරාජ්ජ්යට අයත්ව තිබ්බේ . ෆින්ලන්ඩ් නුත් එහෙමයි . ඒ නිසා සාධාරණ බයක් ඇති වෙන්න ඇති

      Delete
  8. මහ විසාල සිද්ධි මාලාවක් සරලව විස්තර කරලා තියෙනවා. හරය දැනගන්න ලැබුන එකම ලොකු දෙයක්. ස්තුතියි අජිත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමුදු , සමහර සිද්ධීන් වඩා විස්තර ඇතුව කරන්න පුළුවන් . නමුත් එතකොට කියවන්න හිතෙන්නේ නැහැ , ඔබ මේ ක්‍රමයට කැමති වීම සතුටක්

      Delete
  9. මාළිමාවේ ජයග්‍රහණය පිටුපස ඇත්තේ සමස්ථ ජහමනයා මෙතුවක් පත්කල නායකයින්ගෙන් හෙම්බත්ව හිටි නිසාත්, අලුත් වෙනසක් පැතුව නිසාත් කියලයි මයෙ හැඟීම. ඒ අතරට ඔය උතුරැ - නැගෙනහිර ජනතාවත් අයිති.
    ඇත්තටම ඔවුන්ට අර පෝස්ටුවේ කියා තියෙන තම වෙළඳපොල කොතැනද තියෙන්නෙ කියාවත්, තමන් කළක සිට මිරිකෙන්නෙ හෝ එයින් ගැලවෙන්නෙ කුමනාකාරයේ දේශපාලන ක්‍රමයකින්ද කියාවත් ඔවුනට වැටහීමක් නෑ නේද. ඒ තියා අපටවත් ඒ ගැන හරි වැටහීමක් තිබේද. සහ අප එල්බගෙන සිටින දෘෂඨිවාද පසෙකලා ඒ ගැන විවෘතව සලකා නැතිය කියා තමා මටනං හිතෙන්නෙ.
    (අදහසක් පමණි)

    ReplyDelete
    Replies
    1. මම හිතනවා නමියා ඔබ වැරදියි කියාලා . ඔබ ඉපදීවත් නැති 1982 ජනාධිපතිවරණයේ දී හෙක්ටර් කොබ්බැකඩුව යාපනයේ යම් අසන - කෝපායි හෙම දිනුව . පොන්නම්බලම් එක ඇවිත් හෙක්ටර් දෙක ආවේ . ජේ ආර් ගේ විවෘත ආර්ථිකය දකුණට හොඳ වුනත් යාපනේ වැටුන . ඉන්දියානු බොම්බයි ළුණු සහ රතු මිරිස් ආව නිසා . යාපනේ ජනතාවට දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියෙන බවයි මගේ වැටහීම

      Delete
  10. විජේ. දමිළ ජනකාන්ත නළු විජේත් වෙනම පාලනයක් දමිළ ජනතාවට ලංකාවෙහි හිමිවිය යුතු බව... මෑතකදී තම මැතිවරණ වේදිකාවේ කියල තිව්න. දැක්කද නිව්ස් එක.

    කාලෙක ඉඳල තමිල්නාඩු මැතිවරණ වේදිකාවේ ඡන්ද බලාගෙන කරන ප්‍රකාශනං තමා. ඒත් ඉතිම් අනේද මන්ද

    ReplyDelete
    Replies
    1. ඔය යක්කු ඒ දවස් වලත් කලේ ඔඅකනේ . තමිල්නාඩු වලත් බෙදුම් වාදී ව්‍යාපාරයක් තියනවා වැඩිය උඩට එන්නේ නැහැ . හින්දු ආගමින් බැඳලා දාල තියන් නිසා . නමුත් ඔවුන් උත්සාහ කරනවා . ලංකාව බෙදුවොත් තමිල්නාඩුව බෙදා ගන්න ලෙහෙසි බව ඔවුන් දන්නවා .

      Delete
    2. ඉන්දියාවට ලංකාව දුර්වල මධ්‍යම රජයක් සහ ශක්තිමත් ෆෙඩරල් පළාත් සභා සහිත සන්ධීය රාජ්‍යයක් කිරීමට දැඩි අවශ්‍යතාවයක් පවතින බව පේනවා

      ඒකට හේතුව ශක්තිමත් තනි රජයකට වඩා දුර්වල මධ්‍යම රජයක් ඇති වුණොත් ඔවුනගේ පාලනයේ තබාගැනීමට සහ ත්‍රිකුණාමලය වැනි නාවුක යුධ උපායමාර්ගික වැදගත් ස්ථාන තම අණසකට යටත් කරගැනීමට සහ මධ්‍යම රජය ඉන්දීය විරෝධයක් දැක්වුවද පලාත් සභාවට ඉන්දීය හිතවාදී රජයක් පිහිටුවීම මගින් අවශ්‍ය බලපෑම කිරීමට හැකි නීසා විය යුතුයි එහෙම නේද?

      Delete
    3. ඉතින් ඕක තමා මම මේ නොකිය කියන්නේ . ස්වයං නිර්ණය කියන එක එන්නෙම රාජ්‍ය දුර්වල කරන්න . එක්කෝ සාක් එක තව බලවත් කරන්න ඕනේ ආර්ථික නිදහස පැත්තෙන් . නැත්නම් තව බලය බෙදන්න වෙනවා . ඒකෙ අවුලක් නැහැ . ඉන්දියාවට අවශ්‍ය තරමට නොයා ජාම බේරා ගන්න පුලුවන්නම් හොඳයි . සුළු ජාතීන්ට සාධාරණත්වයෙන් සැලකුවොත් ඉන්දියාවට කතා කරන්න දෙයක් නැහැනේ .

      Delete
    4. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාවේ සමාජය තුල උප්පැන්න සහතික හරහා ලොකු වෙනස්කම් දෙකක් සිදුවුනා.
      1. හින්දි හැර අනෙක් භාෂා වල නම් වලින් ගෝත්‍ර නම් කිරීම.
      2. මුස්ලිම්/ ක්‍රිස්තියානි/ ශීක් හැර අනෙක් සියල්ලන්ම හින්දු ලෙස නම් කිරීම.
      ඉස්සර ඉන්දියාවේ හින්දු හැටියට සැලකුවේ උසස් කුලවල අය විතරයි. දාලිත් වරු ඇදහුවේ ලංකාවේ සමන්, පත්තිනි, දැඩිමුන්ඩ, කතරගම, දෙවොල් වැනි ඊට අනුරූප හින්දු නොවන දෙවිවරු පිරිසක්. ඒ විදියට බැලුවාම සිංහල මිනිස්සු කියන්නෙත් දාලිත්වරු තමයි. ඉන්දියාවේ දාලිත් දේශපාලනය කරන අයගේ දේශන අහලා බලන්න.

      ඔය විදියට තමයි තමිල් කියලා මිනිසෙක් හැදුනේ.
      චෙල්වනායගම් කියන ක්‍රිස්තියානි දෙමලා ඊස්‍රායලය බිහිවීමෙන් උත්තේජනය වුන කෙනෙක්.
      ඔහුට අවශ්‍ය වුනා ලංකාවෙන් තුනෙන් එකක භූමියක් අල්ලාගෙන එයට තමිල්නාඩුවෙන් පිට මුලු ලෝකයේම සිටින දෙමළ කතා කරන මිනිස්සු ගෙනැල්ලා පදිංචි කරවලා දෙමළ රාජ්‍යයක් හදාගන්න.
      දෙමළ බෙදුම්වාදයේ ආරම්භය එහෙමයි.
      ඒත් පසුව එල්ටීටීඊ යුගයේදී, උතුරු නැගෙන හිර පලාත්වල දෙමළ කතා කරන මුස්ලිම් නොවන පිරිස එකතුකරගෙන වෙනම රාජ්‍යයක් හදා ගැනීම දක්වා ඊලාම් අරමුණ වෙනස් වුනා.
      ඒත් ඔවුන් පාවිච්චි කලෙත් චෙල්වනායගම්ගේ සිතියම මයි.
      ඒ සිතියමේ තියෙන ඊලාම් රාජ්‍යය නම් ලබාගන්න බෑ.

      මේ වනවිට මට පෙනෙන්නේ ඊලාම් වාදියෝ නැගෙනහිර අතහැරලා කියලයි.
      හොඳ බුද්ධි අංශයක් තියෙනවා නම් යාපනය සහ කිලිනොච්චිය බෙදන්නත් පුලුවන්.
      දෙමළ භාෂාවේ තියෙන ගුණයක් තමයි දෙමළ භාෂාව හරහා ලංකාව තුල මිනිස්සු එක්කරන්න බෑ.
      දෙමළ භාෂාව හරහා තමිල්නාඩුවට මිනිස්සු එක් කරන්න පුලුවන්.
      සිංහල භාෂාව හරහා ලංකාව කේන්ද්‍ර කරගෙන මිනිස්සු එක්කරන්න පුලුවන්.

      Delete
    5. මම උඩ ප්‍රතිචාරයේ ඕකම දැන් ලීවා මේක කියවන්නේ නැතිව . සිංහල ගොවිගම අඩුම කුලය වෙන්න ඕනේ . ඒක තමා වැඩිම . අර පෙමස් ගුණසිංහ මහත්මයා ලියන උග්ගල් නුවර දේවාලේ ඉන්න හින්දි කපුවෝ මට කීව ඒ ගොල්ලෝ ගොවිගම කුලයට වඩා උසස් බ්‍රාහ්මණ කුලයේ කියා. ඒක කොහොමද වුනේ කියන්න මම දන්නේ නැහැ . යාපන සමාජයේ කුලවාදය වැඩියි . ඉතින් ඒ අය සිංහල අයෙකුට ඡන්දේ දීම පිළිගත හැකියි .වෙල්ලාලයන්ට නොදී

      Delete
    6. ඇයි සළාගම වංශිකයෝ කියන්නේ ඒගොල්ලෝ සළාගම බ්‍රාහ්මණ නිසා එයාලා ගොවිගමට වඩා උසස් කියලානේ.

      ඔය ගොවියෝ රජ වෙන්න හදන්නේ ඇයි කියලා රසිකොලොජි එකේ ලිපියක් දාලා තිබ්බා. එදා හෙළදිව පොතෙන් තමා වැඩේ කාලා තියෙන්නේ.

      Delete
    7. එදා හෙළදිව එකේ කතාව ඇත්ත වෙන්න පුළුවන් , අශෝක රජ එව්වා ශිල්පින් 64න් පැවත එබ අය කෝ

      Delete
  11. ඔබතුමාට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්. [අරුණි ශපීරෝ©]

    // ජාතික තලයේ පක්ෂයකට ජනතාව චන්දය දෙන්නේ ස්වයං නිර්ණයක් තීරණය කිරීමට නොවේ . යාපනයේ දක්ෂ ගොවියාට තමන්ගේ අස්වැන්න විකුණා ගත හැකි විශාලම වෙළඳපල ඇත්තේ දකුණේය . යාපනේ කම්කරුවාට හෝ මධ්‍යම පන්තියට රැකියා අවස්ථා ඇතිවන්නේ දකුණ සමග සම්බන්ධතා තර කර ගත් විටය . මාලිමාවේ ජයග්‍රහණය පසුපස ඇත්තේ උතුරු නැගෙනහිර ජනයාගේ එම බලාපොරොත්තුව මිස අනිකක් නොවේ. //

    දෙමළාගේ හැදියාව මේකයි කියලා ඔයා කොහොමද කියන්නේ.
    මම වාමාංශික පක්ෂවලට චන්දෙ නොදෙන හේතුව මේකයි. උන් තමන්ට ලැබෙන ජන වරම තමත්ට කැමති විදියට අර්ථ දක්වා ගන්නවා. ඊට පස්සේ ඒ අර්ථ දැක්වීම ඇත්තටම තමන්ම විශ්වාස කරනවා.
    දකුනේ දේශපාලකයෝ එහෙම ඇත්ටම මේකයි ජන මතය කියලා තමන්ගේ මතය තමන්ටම ඒත්තු ගන්වගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අරුණි ශපීරෝ එහෙම කීවද ? කොමියුනිස්ට් වෙන්න බැහැ මම එංගලන්තේ අවුරුදු 30 විතර දැන් . අරුණි ඔය ලිබටේරියන් ප්‍රොජෙක්ට් එකේ ඉන්න නිසා හැමෝවම පේන්නේ ඒවගේ . ඔයා චන්දෙ නුදුන්නට බයියෝ 69 ලක්ශේ දුන්නනේ . ඔයාගේ චන්දෙන් වැඩක් නෑ. දෙමළා චන්දෙ දුන්නේ මේ ආණ්ඩුව එක්ක එකට ඉන්න . නිෂ්පාදන ආර්ථිකය කීව ගමන් ගොවිකම නංවයි කියල හිතන්න ඇති . ඒ නැතත් ඔයාලට වෙන උත්තරයක් නැහැ . ඔයාලගේ කුණු ජාතිවාදය පරාදයි . ගොම්මන් පිලය එක්ක ඔහොමම බ්ලාස් වෙන්න

      Delete
    2. අජිත්, අරුණි ශපිරෝ කියන්නෙ තමන්ට වඩා දන්න කෙනෙක් නෑ කියල හිතං ඉන්න හීනමානික අති උද්ධච්ච පිස්සු මලහෝන්තුවක්නෙ. අර දමිත කේතකයත් ඒ වගේම තමයි.

      Delete
    3. @Anonymous21 November 2024 at 03:08, තමුන්නැහැගෙ කටේ මසුරං දාන්න ඕනැ 🔥👍❤

      Delete
    4. @ Anonymous21 November 2024 at 03:08
      අරුණි ශපිරෝ ආන්ටි සමරිසි නේද? මට ඔය කතාව කිව්වෙ අරුණි ආන්ටිගෙ කැම්පස් බැච් මේට් කෙනෙක් වුනු අපේ එහා ගෙදර ආන්ටි.

      Delete
    5. @Anonymous23 November 2024 at 04:36
      අරුණි ආන්ටි ??? 😂😂😂 ආන්ටි නෙමෙයි බං ආච්චි. 😂😂😂

      Delete
    6. \අරුණිට මොකෝ මේ වටවෙලා ගහන්නේ . සහෝදර බ්ලොගර් කෙනෙක් නේ .

      Delete
    7. අනේ මන්ද අජිත් මේක බ්ලොග් කාලෙ ඇරියස් එකක් වත්ද? 😂😂😂

      Delete
    8. මම නම් දන්නේ නැහැ ඇනෝ . ඒ බ්ලොග් එක තව ම තියෙනවද

      Delete
    9. අරුණි ශපිරෝ කැම්පස් යන කාලේ රැග් එකට මුවා වෙලා තව ගෑනු ලමයෙකුට ලිංගික අඩම්තේට්ටම් කෙරුවා කියලා ටික කාලෙකට කලින් ලිපියක් පල වුනා. ලිපිය ලියලා තිබ්බේ ඒ කාලේ ප්‍රාදේශීය ලේඛම් වරියක් වශයෙන් කටයුතු කල තැනැත්තියක්. පසුකාලීනව ඇය විවාහ වනවිට ශපිරෝගේ අඩම්තේට්ටම් නිසා ඇයට විශාද තත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවත් වසර කීපයක් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්නට වුනු බවත් ඒ ලිපියේ පලවෙලා තිබුනා.

      ලිපියේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ලිපිය පලවෙලා දවස් කීපෙකින්ම අරුණි ශපිරෝ බ්ලොග් ලෝකෙන් මිසින්.

      Delete
    10. ඇනෝ තුමෝ , මේක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ . අරුණි මෙතනට ඇවිත් තමන්ව ඩිෆෙන්ඩ් කරන්නේ නැති නිසා අපි එයාව විවේචනය කරන එක හරි නැහැ කියල මම හිතන්නේ . මම ඒ බ්ලොග් එකට ගිහින් තියනවා. ඇමෙරිකාවේ ඉන්න ගොඩක් අයට තියන 'ඔලුව වැඩි ' ප්‍රශ්නය ඒ බ්ලොග් එකේ තිබ්බ , ඇමෙරිකාවේ ඉන්න උදිත මීගහ තැන්න සමග එයා වට වෙලා අජිත් පැරකුම් ට ගැහුවා මට මතකයි . හැබැයි දැන් අජිත් ඒ පැත්තේ . අපූරුයි නේද . මේ ඒක ගැන පීචන් ඇමෙරිකන් ලා කියල 2014 ලියපු බ්ලොග් පෝස්ට් එකක් . https://kolambagamaya.blogspot.com/2014/05/1_19.html

      Delete
    11. ඕවා ඔහොම තමා අජිත් අයියා. කලකදි රහ කලකදී වහලු. කලකදි වහ කලකදි රහලු. කලින් පාර මහ මැතිවරණෙන් පොහොට්ටුවට 2/3. ජේවීපෙට ආසන තුනයි. මේ පාර ජේවීපෙට 2/3යි. පොහොට්ටුවට ආසන 3යි.

      Delete
  12. අම්බිකා සැමුවෙල් ගැන නම් යම් පැහැදීමක් මට තියෙනවා.
    1. අට තම නම විදියට අම්බිකා කියන චවනය පාවිච්චි කරනවා. අම්බිගා කියලා යොදනවා නම් එයින් ඇඟවෙන්නේ ඇය දෙමළ භාෂාව ග්‍රෝත්‍රික සංකේතයක් විදියට යොදන බවයි.
    ඒ වගේ ඇය වතු දෙමලුන්ට සිංහල උගන්වන බවත් කිව්වා. එය ඉතා ධනාත්මක දෙයක්
    ඇය ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි දෙමලු සංස්කෘතිකව සමාන හින්දු දෙමලුන්ට වඩා සිංහලයන්ට, එය දෙවිදියකට බලපාන්න පුලුවන්
    එක පිරිසක් හින්දු දෙමලුන්ටත් වඩාවර්ගවාදී වෙනවා.
    තව පිරිසක් සිංහල සංස්කෘතියට මිශ්‍ර වෙනවා. පේන විදියට අම්බිකා දෙවන වර්ගයේ.

    ReplyDelete
    Replies
    1. අම්බිගා වතුකරයේ දෙමල ජනතාවගේ තුන්වන පරම්පරාව . ඒක නිසා එයා සිංහල බහුතරයට වඩා සමීපයි .

      Delete
    2. මං දැක්කා පරාක්‍රම මහත්තයා ලියලා තියෙනවා අම්බිගා වතුකරයේ නෙවේය කළුතරය කියලා.....

      Delete
    3. මාත් දැක්ක ඒක

      Delete
  13. @ Ajith Dharma

    What do you think about this news? Can you please elaborate it?


    //ශ්‍රී ලංකාවේ නව ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.

    කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෝන් චෙන් කැනඩා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ සංහාරය සම්බන්ධයෙන් චෝදනා විභාග කල යුතු යයි පෙත්සමක් අත්සන් කිරීමටත් ජනමත විචාරණයක් පැවැත්වීමටත්ය.

    ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ස්වයංපාලන අයිතිය ශ්‍රී ලංකා රජය දරුණු ආකාරයෙන් උල්ලංඝනය කර ඇතැයි ද එම පෙත්සමෙන් කියා සිටී.

    2009 වසරේ මැයි මාසයේදී ලංකාවේ එවකට පැවති ආණ්ඩුවේ අභිලාෂය පරිදි රජයේ හමුදා විසින් සිදු කළ ජන සංහාරක යුද්ධය හරහා දෙමළ ඊලම සම්පූර්ණයෙන්ම දමිළ වැසියන් අතිවිශාල පිරිසක් සමූල ඝාතනය කිරීමකින් අවසන් කළ බවත් එම පෙත්සමෙන් චෝදනා කරයි.

    ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකයේ සියළුම රාජ්‍යයන් එක්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ දෙමළ සංහාරයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවද ඔහු තවදුරටත් එමඟින් යෝජනා කර ඇත.//

    Will this be implemented in Sri Lanka in the next few months? What would be the consequences of this statement and possible subsequent activities of the Sri Lankan Tamil diaspora behind this? Can you please explain in detail with your experience in Europe?

    ReplyDelete
    Replies
    1. දැන් මම මේ ලියපු ලිපියේ හරය මොකක්ද . ස්වයං නිර්ණයක් ඇවිල්ල රටක් හැදෙන්න නම් හැම වෙලේම බලවත් රටක් හෝ රටවල සංගමයක් බලපානවා කියල , ඔය කැනඩාවේ තිය කොහේ ඉන්න එකෙක් මොනව කීවත් වැඩක් නැහැ ඉන්දියාවට ඕනේ නැත්නම් . ඉන්දියාවට ඕනේ වුනා නම් ඒක මෙලහට වෙලා . කාටවත් එකේ නවත් වන්න බැහැ . එහෙම එකක් නවත්වන්නැ නම් චීනයට යටත් වෙන්න ඕනේ .

      Delete
    2. මන් හිතන්නේ මෙතන අජිත්ගේ ඇප්‍රෝච් එක හරි. මැකියාවෙල්ලි එයාගේ කුමාරයා පොතේ කියලා තියෙනවා යම් ප්‍රදේශයක් යටත් කරගත් පමණින් ඒ ප්‍රදේශය රටට එකතු වෙන්නේ නෑ. ඒ වෙනුවට යටත් වුනු ප්‍රදේශයේ ජනතාව නව පාලකයාට විරුද්ධව කැරළි ගහනවා කියලා. ඒ කතාව හරි කියලා පෙන්නන්න ඕනේ තරම් සාක්ශි තියෙනවා ඉතිහාසේ පුරාවටම. ඉතාම ප්‍රභල අධිරාජ්‍යයක් වුනු ඉංග්‍රීසි අධිරාජ්‍යයට විරුද්ධව මේ පුංචි ශ්‍රී ලංකාවේ කැරළි කීයක් ඇති උනාද.

      මේකට මැකියාවෙල්ලි දෙන විසදුම තමා අලුතින් යටත් කරගත්ත ප්‍රදේශය නව අගනුවර වශයෙන් භාවිතා කිරීම. එතන මැකියාවෙල්ලිට අනුව යම් මානසික බලපෑමකුත් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් රටක අගනුවර ඉතා ඉක්මනින් සංවර්ධනය වෙන්න පටන් ගන්නවා.

      මමත් හිතන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඉතා ඉක්මනින් සංවර්ධනය කලොත් ඔය කියන ජාතිවාදීන්ට ස්වයං නිර්ණ අයිතිය පිළිබද සටන් පාඨ භාවිතා කරන්න බැරි වෙනවා. මොකද කවුරුවත් කැමති වෙන් නෑ තමන්ට ලැබෙන ආර්ථික ප්‍රථිලාභ අහිමි වෙනවාට.

      මැකියාවෙල්ලිම කියලා තියෙන විදියට මිනිස්සු තමන්ගේ පියාගේ ඝාතකයාට සමාව දුන්නත් තමන්ගේ පියාගේ වස්තුව සහ ධනය කොල්ලකෑ තැනැත්තාට සමාව දෙන් නෑ.

      Delete
    3. ඇනෝ , ඔබතුමාගේ මතයට මමත් එකඟයි , ඒ අනුව බැලුවොත් එළාර අගනුවර කරගත්තේ අනුරාධපුරය නේද ? යාපනේ නෙමෙයිනේ ? කාලිංග මාඝ ලා පොලොන්නරුව . අවසාන වාක්‍යයත් ඇත්ත . අපි කොපමණ හිතුවත් අන්තිමට වැටෙන්නේ එතනට . ස්වයං නිර්ණය ගැන කතා කරන ටික දෙනෙක් ඉතිරි වෙනවා ඕනෑම වෙලාවක . ක්විබෙක් වල තියෙන්නේ තවම

      Delete
  14. දිනක් අනුර දිසානායකට සජිත් ප්‍රේමදාස හමුවුණා. එවිට ඔහු සජිත් ප්‍රේමදාසගෙන් මෙසේ විමසා සිටියා.

    :අනුර,:සජිත් ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    සජිත් : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    අනුර : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    සජිත් දුරකථනය ගෙන හර්ෂ අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "හර්ෂ, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    හර්ෂ හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට සජිත් අනුර දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් අනුර පසුදින වසන්ත සමරසිංහ දැක "වසන්ත සහෝදරයා , කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    වසන්ත දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි අනුර දිසානායකට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු වසන්ත සමරසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම අනුර දිසානායක හමුවීමට ගිය වසන්ත තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සහෝදරයා ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් අනුර දිසානායක "පිස්සුද http, ඒ හර්ෂ " යැයි ප්‍රකාශ කර සිටියා.

    Editz Lanka

    ReplyDelete
    Replies
    1. මේ කතව මම කියෙව්වේ අනිත් පැත්තට . සජිත්ට වුනා කියල .

      Delete
  15. ඔබලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් , බ්ලොග් ලිපියක් ලියන්න බැහැ .වෙන එකක් පටන් ගත් නිසා . විදේශ ඇමති විජිත හේරත් විදේශ අමාත්‍යංශයේ ලේකම් ධූරයට අරුණි රණරාජා පත් කරලා . ඇය හිටපු යුඇන්පී අමාත්‍ය ෂෙල්ටන් රණරාජා ගේ දුව . අරුණි ඉගෙන ගත්තේ සෝවියට් දේශයේ කීව් වල මගේ හිතේ . ඒ දවස් වල තිබ්බ විදේශ සම්බන්ධතා කියල උපාධියක් . ඒක කරන්නේ විදේශ සේවයට යන්න මයි . මැති ඇමති ළමයි තමා ඒකට ආවේ , මගේ බැච් එකේ ප්‍රෙමිලා රණරාජා ආවේත් ඒකට . අරුනි ගේ අක්ක , ප්‍රෙමිලා මහමායා එකේ ඉගෙන ගත්තේ . පස්සේ ප්‍රෙමිලා මොස්කව් එම්බසි එකේ වැඩ කළා . තෙවන ලේකම් මම හිතන්නේ . දැන් හැමෝම බනිනවනෙ ඥාති සංග්‍රහය ගැන විදේශ සේවයේ . එතකොට මේ පත්වීම අවුල් නැත්ද ?

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර සම්බන්ධතා නම් මොනාද. මටත් තියෙන්නේ ඔය විශයෙන් උපාධියක්. ජීවීතේට ප්‍රයෝජනයක් අරගෙන නෑ. එම්බසියක අතුගාන්නවත් රස්සාවක් සෙට් උනේ නෑ.

      හැබැයි දේශපාලන සම්භන්ධතා තිබ්බොත් නම් එම්බසි නෙවෙයි කෙලින්ම විදේශ කටයුතු අමාත්‍යංශේ තමා රස්සාව සෙට් වෙන්නේ. එහෙම රස්සාව සෙට් වෙන කොට ජාත්‍යන්තර සම්භන්ධතා උපාධියක් තියේනම් ඒක අමතර සුදුසු කමක්.

      Delete
    2. ෂෙල්ටන් රණරාජා මහත්මයා නුවණක්කාර විධිහට දූලා දෙන්න ගොඩ දැම්ම

      Delete
    3. එහෙම බැලුවාම අජිත්ට හිතෙන් නැද්ද අරුණි රණරාජා විදේශ සේවයේ වැඩිම පලපුරුද්දක් තියෙන කෙනා වෙලා තියෙන්නේ වැරදි විදියට කියලා?

      ඒතකොට මේ ආණ්ඩුවත් තමන්ට ඕන දේ කරලා ඒක සාධාරණීකරනය කරන්න මෝඩ හේතු දක්වනවා කියලා?

      Delete
    4. එහෙම හිතුන නිසා තමා මේ ප්‍රශ්නය දැම්මේ

      Delete
  16. ප්‍රතිචාරය එක . -කීව් වලම උගත් මගේ සුමිතුරු මාධ්‍ය වේදී සරෝජ් පතිරණ කිවේ අරුණි තමා දැනට සීනියර් ම එක්කෙනා . එයා කැරියර් ඩිප්ලෝමැට් කෙනෙක් . එනිසා පත්වීම හරි කියල .

    ReplyDelete
  17. ප්‍රතිචාරය දෙක - වෙබ් අඩවියක් කරන සංස්කාරක තුමෙක් කීවේ - ෂෙල්ටන් රණරාජා හොඳ මහත්මයෙක් . සිරිමා ගේ දෝෂාභියෝගයට අත්සන් නොකළ එකම කෙනා . 83 ජේ ආර් හැසිරිච්ච් විධිහට විරෝධය පාල දෙවෙනි පාර ඉල්ලුවේ නැහැ කියල . හොයල බැලුව කතාව ඇත්ත . එතුමා හොඳ දේශපාලනඥයෙක් . විජිත පක්ෂග්‍රාහී නොවී ඒ පත්වීම කළ එක අගයන්න ඕනේ කියල ඒ සංස්කාරක කීව .(අරුණි ගේ මල්ලි සජබ සපොර්ටර් කෙනෙක් .

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මගේ කලින් ප්‍රතිචාරේට. මේ දෙවෙනි ප්‍රතිචාරය කියලා දාලා තියෙන ප්‍රතිචාරේ දැක්කාම තේරෙනවා මාලිමාවට කඩේ ගියත් අජිතුත් මේ පත් වීම අනුමත නොකරන බව.

      Delete
    2. ඔව් , මම අනුමත කරන්නේ නැහැ . මේ ගොල්ලො විදේශ සේවයේ ඥාති සංග්‍රහය දේශපාලන පත්වීම් අයින් කරනවා කීවනේ . ඉතින් ඒවා පවත්වා ගෙන යන්න උදව් කරපු අය තියන් ඉන්නේ ඇයි ?ඒක තමා මගේ ප්‍රශ්නය සහ අදහස

      Delete
    3. දෙවෙනි කාරණේ ඇනෝ තුමෝ මම මාලිමා වට කඩේ ගියේ නැහැ . අවුරුද්දකට කලින් ටිල්වින් සිල්වා එක්ක යුටියුබ් එකක් කලේ ඔවුන් බලයට එන බවට දැනුනු ඉඟිය නිසා . ඊට පස්සේ මට නිවැරදිව වාර්තා කරන්න අදහස් දක්වන්න ඕනේ වුනා ලන්ඩන් බහුතරයක් හිතන්නේ කොහොමද , ලංකාවේ මිනිස්සු හිතන්නේ කොහොමද කියල . ඊට පස්සේ ටැක්ටිකලි රනිල් ට සහ අනුරට සහයෝග්‍යා දුන්න . සජිත් ආවොත් රනිල්ගේ පදනම් සම්පුර්ණයෙන්ම ආපහු හරවන නිසා තර්කානුකුල තේරීම අනුර . එච්චරයි .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .