ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ‘නීතියේ ආධිපත්‍ය‘ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බව ලංකා නිව්ස්වෙබ් අඩවියේ පලවී තිබේ. මරණ තර්ජන අතර නීතියේ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු ඒ මහතාට සුභ පතමි. නමුත් ‘නීතියේ ආධිපත්‍ය' සඳහා සටන ඒ මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය ලැබීමෙන් පසු අත් හිටුවා ඇත්ද?
නීතිය ගැන කතාබහක් මා සහ තවත් කීප දෙනෙකු අතර මා අගෝස්තුවේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගිය විටදී ඇති වුනි. මෙය පසුව අප නතරවී සිටි හෝටලයේ අයිතිකරු, කළමනාකරු සහ තවත් කීප දෙනෙකු ද සම්බන්ධ කරමින් දිග ගැසුණි. සිද්ධියට පාදක වුයේ හෝටලයේ ශාලාව කුලියට කිසියම් උත්සවයක් සඳහා ලබා ගන්නට පැමිණි සුළු දේශපාලකයෙකු නිසාය. ඔහු නීතියටද සම්බන්ධ අයෙකි. ඔහු ශාලාව ඉල්ලුවේ කුලියට නොව නිකම්ය. එහිදී අයිතිකරු පත්වූ අසරණ කම මම දුටිමි.
නීතිය යනු ලංකාවේ පළාත්බද යුව රජවරුන්, මන්ත්‍රී ලා , පලා බබාලා හා ඒ මදිවාට උන්ගේ කුක්කන් ගේ ප්‍රාදේශීය නීතිය බවත් පොලිස් නිලධාරීන් ලා බබාලාගේ දාමරික කුක්කන්ටත් සැලියුට් ගැසිය යුතු බවත් ජනතාව පවසති.
අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීම (ශිරාණි බණ්ඩාරනායක) වැනි සිදුවීම් සළකා බලන විට, ප්‍රදේශයෙන් ඔබ්බට ගොස් පළාත් අනුව සළකා බලන විටත්, මුළු රටේම තිබු පාලනය සළකා බලන විටත්, හිටපු රජතුමා හා ඔහුගේ සොහොයුරන්ගේ නීතිය රටේ නීතිය බවට පත්ව තිබුණු බවක් පැහැදිලිව පෙනුණි.
යහපාලන ජනාධිපති තුමා පත්වූ විට බොහෝ අය මේ තත්වය වෙනස් වෙතැයි සිතුහ. යහපාලන ජනාධිපතිතුමා මුල් කාලයේ සිටම පොරොන්දුවූ පරිදි යහපාලන අගමැතිට පාලනය බාර දී විවේක සුවයෙන් මංගල්‍ය උත්සව ආදියට සහභාගී වෙමින් කල් ගෙවෙන සෙයක් දක්නට ලැබුණි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා ජනාධිපතිවරණයට පෙර ලංකාවට පැමිණියේය. ඔහුගේ හෝ ඒ පක්ෂයේ එම තීරණය ගැන මට ප්‍රශ්න ඇතත් ඔහු දේශපාලනයේ යෙදීම ගැන මට ප්‍රශ්නයක් නැත. එය ඔහුගේ අයිතියකි. කුමාර මහත්තයා සංචාරක වීසා එකකින් පැමිණ ඇති නිසා ඔහුට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට හෝ රැකියාවක් කර මුදල් ලබා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැත. පෙසපේ පවසන්නේ ඔහු මේ රටින් පිටව ගියේ මරණ තර්ජන නිසා බවත් දේශපාලනය කිරීමේ වරදට බවත්ය. එය ඇත්තකි. ඔවුන් තව දුරටත් පවසන්නේ දේශපාලන හේතුන් මත රටින් ජීවිතය බේරා ගැනීමට ගිය අයෙකුට කොන්දේසි විරහිතව රටට ඒමටත් නැවත දේශපාලනයේ දීමටත් ඉඩ දිය යුතු බවයි.
නමුත් කවුරුන් හෝ විසා කාලය අවසන් වූ පසු වීසා දික් කර ගැනීමට නොගොස් රැඳී සිටීම අනවසරයෙන් රැඳී සිටීමකි. එනිසා ඔහු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තැත් කිරීම වරදක් නොවේ. අනවසරයෙන් වීසා නැතිව රැඳී සිට සම්භාහන හල් වල වැඩ කරන විද්ශීය කාන්තාවන් හා හොරණ පැත්තේ කම්හල් වල වැඩ කරන ඉන්දීය ජාතිකයන් අල්ලා පිටුවහල් කිරීම සිදුවේ. මෙම නීතිය ලංකාවේ ඉපදුන එහෙත් වෙන රටක පුරවැසියෙකු වන අයෙකුට අදාලද? දේශපාලන හෝ ආර්ථික හේතූන් මස පිටව ගිය සැමට රටේ පුරවැසි භාවය නැවත ලබා දිය යුතු නැත්ද? එසේ නම් එය නීතිය වෙනස් කිරීමෙන් කල යුත්තකි. පවත්නා නීතිය අනුව කුමාර් මහත්තයා සිටින්නේ අනවසරයෙනි. එම පක්ෂයේ ප්‍රකාශකයන් කියන්නේ නිතිය නොසලකා දේශපලන ප්‍රශ්නය පමණක් සලකා බලා ඔහුට ලංකාවේ සිටීමට ඉඩ දිය යුතු බවයි.
නමුත් මේ ප්‍රශ්නයේ පොඩි කොස්සක් තිබේ.
ශෂී විරවංශ හොර ආගමන විගමන බලපත්‍ර සාදා ඇති දැන් ඔප්පුවී ඇත කියා පොලිසිය කියයි. ඇයට මේ ගැන චෝදනා කරමින් කරදර කරන්නේ තමන්ගේ දේශපාලනය නිසා බව විමල් විරවංශ මහතා කියයි. නීතියට අනුව ඇය අත් අඩංගුවට ගත යුතු වුවත් එසේ නොවීමෙන් පෙනීයන්නේ විමල් මහතාගේ තර්කය පිළිගෙන ඇති බවද? සැමියා දේශපාලනය කල නිසා හා දැන් විරුද්ධ පැත්තේ නිසා බිරිඳ වරදක් කල විට අත් අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම අසාධාරණද?
වාස් ගුණවර්ධන නමැති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ මැතිනියට රත්රන් වංචාවක් පිලිබඳ චෝදනාවක් කළාය. ඇගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමන්ගේ දේශපාලනය නිසා තම මවට කරදර නොකරන ලෙසය. එයටද රජය සවන් දුන් බවක් පෙනේ.
දැන් මෙහිදී නීතිය සිද්ධීන් තුනකදී තෙයාකාරයකට ක්‍රියාත්මක වෙමින් තිබේ.
ජවිපෙ සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණි පසු ඔහු ගැන සොයා නොබලා ලංකාවේ සිටීමට ඉඩ දී තිබුණි. එකල ජවිපෙ විසින් පැවති ආණ්ඩුවට සහයෝගය දීම නිසා රජය විසින් නීතිය නිහඩ කල බවට පෙසපේ චෝදනා කරයි. එම චෝදනාවද සත්‍යයකි. ඉන් පෙනී යන්නේ එවකට පැවැති රජයන්ද නීතිය තමන්ට අවශ්‍ය පරිදි වෛශ්‍යා වෘත්තියේ යොදාගත් බවයි. නමුත් ඉන් නැගෙන අනිත් කරුණ නම් ජවිපෙට එසේ සැලකූ නිසා පෙසපෙටද එසේ සැලකිය යුතු බවද? නැත්නම්නීතිය ක්‍රියාත්මක කල යුතු බවද?
එසේ නම් සෝමවංශ අමරසිංහ ලංකාවේ සිටින්නේ අනවසරයෙන් නම් ඔහුත් නැවත ලන්ඩනයට පිටිවහල් කල යුතු වේ.
පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ට තවමත් ඇප ලැබී නැත. ඔහු කලේ වරදක් වුවත් ඔහු දණ ගැස්සවූ තැනැත්තාත් (පලාත් සභා මන්ත්‍රීවරයා) සුදනෙකු නොවේ. ඒ තැනැත්තා ඊට පෙර ඒ ආකාරයෙන්ම තග වැඩ කළ අයෙක් යයි කියනු ලැබේ. ඒ වරදම වෙනත් ආකාරයෙන්ම වත්තලදී සිදුවී තිබේ. එයට සම්බන්ධයයි පවසන ජෝන් අමරතුංග ඇමතිවරයා තවමත් එම ධුරයේම රැඳී සිටි. එයට පරීක්ෂණයක් වත් නැත. නැවතත් සිද්ධීන් දෙකකදී නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වී තිබේ. එසේම ජෝන් අමරතුංග මහතා මහජන ආරක්ෂාව පිලිබඳ ඇමැතිවරයාය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍ය' සුරැකීම පිලිබඳ සම්මානයක් ලබා දීම ගැන මගේ විරුධත්වයක් නැතත් එය ඉක්මන් වැඩි යයි මට සිතේ. උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍ය' පිහිටුවීම සඳහා තවමත් සටන් කිරීමට සිදුව ඇති බවක් අපට පෙනී යන මුත් ඒ මහතා ගේ නිහඬ බව අපට ප්‍රශ්නයකි.
මේ ගැන මගේ මිතුරකු අපුරු දෙයක් පැවසුවේය. පසුගිය කාලය මුළුල්ලේම පොලිසිය හා අනිකුත් ආයතන කටයුතු කලේ ඉහලින් එන රජ අණ පිලිපදිමිනි. නැත්නම් පළාත්බද යුව රජුන්ගේ හෝ ප්‍රාදේශීය පලා බබාලගේ කැමැත්ත අනුවය. මිනිසුන් අත්අඩංගුවට පත් වුයේත් මැරුම් කෑවේත් සිරයට ගියෙත් ඒ අනුවය. සාධාරණ නීතියකට අනුකුලව ස්වාධීනව වැඩ කිරීමට ඔවුන්ව නැවතත් පුහුණු කල යුතුය.
නැත්නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එම ධුරයේ බලය අත හරින බවට දුන් පොරොන්දුව පසෙක ලා එම බලතල පාවිච්චි කරමින් මේ රූකඩ රැළ මෙහෙය විය යුතුය.
දැන් සිදුවෙමින් පවතින්නේ හෝ පවතින්නට යන්නේ එයයි.