Monday, 9 February 2015

සිජැක් ගේ කථාවක්

මිනිසෙක් කෝපි  කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ  කියයි: "මන් විශවාස කරන විධිහට අපි   ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි  කෝප්පයක් ලබා ගන්න කැමතිද?"

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

මෙය උපුටා ගත්තේ ස්ලාවොයි සිජැක් ගේ මුහුණු පොතේ එක එකවුන්ට් එකක පල වුවකිනි.

මෙයට පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් මෙසේ ලියයි: 

පරණ සෝවියට්  විහිළු කතාවක්  මෙසේයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වදියි.

"ඔබල ළඟ මස් විකුනන්න තිබෙනවද?"

"නැහැ අපි ළඟ නැහැ "

"එහෙනම් කිරි තිබෙනවද ?"

"අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "


මා මොස්කව් නගරයේ සිටි කාලය තුලදී සෑම දවසකම වාගේ අපි හරක් මස් හෝ කුකුළු මස් සමග බත් ඉව්වෙමු. ඒවා එතරම් මිල අධික නොවුනි. එළවලු හැටියට වැඩිපුරම කෑවේ මා ලු මිරිස්, කැරට්  හෝ බිට්රුට් ය.  පෝලිමේ සිට මේවා ලබා ගත්තත් කවදාවත් මස් නොමැතිව තිබ්බේ නැත. මෙයට හේතුව අහල පහල ගොවිපලවල සියලුම නිෂ්පාදන මොස්කව් වලට එවීම නිසා යැයි බොහෝ අය කිහ. පිට පළාත්වල කෑම නැති බව බොහෝ විදේශික ශිෂ්‍යයන් මා  සමග කිහ. එය සත්‍යයක් දැයි නොදනිමි.
නමුත් බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක්  කිසිදා නොදුටිමි.

වරක් මම තව මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගියෙමු. එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැත. ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසීමු.
"කඩේ වැඩ කරන මහත ගාල්යා හරි හොඳයි. කඩේට  මස් ජාති මාළු  ඔක්කොම ආවහම  එයා  හැමෝටම පණිවිඩ එවනවා.  පස්ස දොරින් ඔක්කොම විකුනනවා. කිසි අවුලක් නැහැ. බය වෙන්න එපා අපේ ගෙවල් වල කෑම ඕන තරම්."

මේ දුෂිත සමාජවාදයයි. 


(මෙහිදී දුෂිත සමාජවාදයද ? මිනිසුන්ද ? මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ?)

- මෙහි බැරිස්ටා යනු කෝපි  කඩේ වැඩ කරන කෝපි  සාදන්නායි. කිරි වෙනුවට කෝපි ක්‍රීම් බොහෝ ආපන ශාලාවල භාවිතා වේ . 
-- මෙහි සිජැක් යනුවෙන් සි අකුර යොදා ලියා  ඇත්තේ ඕනෑ කමිනි. 

43 comments:

  1. 70-77 කාළේ සම්පේ මැනේජර් කලෙත් ඕකමනේ.. මතකද ඒ කාළේ බොම්බිලි කරවල ආවම ගමේ උන් බලු රැල වගේ දුවන හැටි.. මට නම් ඒ ඔය සමාජවාදේ එපා උනේම පාන් ගන්න පෝලිමේ ඉඳලා.. හැබයි මොස්කව් කෙසේද කියන්න දන්නේ නෑ. මෙහේ කොළඹ නම් කුණු බක්කි අවුස්සන මිනිස්සු නම් අනන්තවත් උන්නා. මට මතකයි ඉස්සර පිටකොටුවේ හෝටල්වල කුණු බක්කිය එලියට දානකම් හෝටලේ ඉස්සරහ පොරකකා හිටපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට හිඟන්නෝ කියන්න බෑ. මොකෝ ඒ කාළේ රටේම උන්නේ හිඟන්නෝ.

    ReplyDelete
    Replies
    1. ඒ තිබ්බේ සමාජවාදේ නෙමේ. සමාජවදේ. නැහැ ඒක මිශ්‍ර ආර්ථිකයක්. සෝවියට් රුසියාවේ අපි ගිය කාලේ කුණු බක්කි වලින් කන්න හිඟයක් තිබ්බේ නැහැ.

      Delete
    2. මොකක්ද ඇත්තටම මිශ්‍ර ආර්ථිකය කියන්නේ. මම හිතුවේ ඕක මිනිස්සු රවට්ටන්න හදපු තේරුමක් නැති වචනයක් කියලා. නැත්නම් හැම ආර්ථිකයක්ම මිශ්‍ර නේද?

      Delete
    3. එක විදියකින් බැලුවොත් ඔව් . නමුත් මිශ්‍ර ආර්ථිකය කියල හැඳින්වූවේ හැත්තෑ ගණන්වල ඉන්දියාව , ලංකාව, සිම්බාබ්වේ (දැනුත්) , කෙන්යා වගේ රටවල් අනුගමනය කල අර්ථ ක්‍රමය. මහා පරිමානව ව්‍යාපාර හා කර්මාන්ත ජනසතු කිරීම, සමුපකාර ක්‍රමය, සුළු වෙළඳම් හා සුළු කර්මාන්ත වලට ඉඩ දීම , ඉඩම් ජනසතු කිරීම - ඕව තමා මිශ්‍ර ආර්ථිකය යටතට ආවේ. ඊට විරුද්ධව ආවේ නිදහස් ආර්ථිකය, - ජනසතු නොකිරීම, නැවත පෞද්ගලික අංශයට ලබා දීම, පෞද්ගලික අංශය නැංවීම. - නව ලිබරල් ධනවාදය මෙහි දිගුවක්.

      Delete
    4. @ Maathalan - Priyantha Hewage 1973, 74 වගේ කාලවල මම ඇස් දෙකෙන් දැකලා තියනවා මිනිසුන් කෙසෙල් ලෙලි කනවා, මන්දපෝෂණය (marasmus and kwashiorkor) නිසා බඩවල් ඉදිමුණු ලමයි. ඒ කාලයේ නවසීලන්තයට ගිය අපේ නෑ කෙනෙක් තෑග්ගකට ගෙනාවේ kraft චීස් පෙට්ටියක්. ඒ ක්‍රෆ්ට්ස් චීස් පෙට්ටිය මුළු කොලඹටම තිබුන චීස් පෙට්ටිය වෙන්න ඇති (දේශපාලකයන් ගේ ගෙවල් වල ඇරුනම​) ඒක කෑවේ සුවඳ බල බල​. දැන් සමහර විට චීස් ශීතකරණයේ පරණ වෙලා පුස් බැඳිලා වීසි කරනවා. එතකොට අර නවසීලන්ත චීස් පෙට්ටිය මතකයට එනවා.

      Delete
    5. හැමෝටම තවම ලංකාවේ චීස් කන්න බැහැ.

      Delete
    6. චීස් කියල අඩුවට තියනව ඒ්වා චීස් නෙමයි , හැබැයි දැන් ෙගාඩ ෙදෙනක් ඒ් රහට පුරුදු ෙවලා

      Delete
    7. චීස් වර්ග තියෙන ඒවත් ගණන් නේ.

      Delete
    8. කමෙන්ට් වලින් ලිපියේ සමහර දේ තේරුම් ගන්න පුළුවන් වුණා,,

      චීස් ගැන කිවුවොත් මෙහෙ පොඩි ළමයි කන පුංචි චොක්ලට් එකක් ශේකෙල් 6යි චීස් 250g tub එකක් 5 යි,,, දාහකට ආසන්න චීස් වර්ග තියෙනවා හරිම ගණන් අඩුයි,,, කෑම බිම සදහා යන ගණන් පවුලක මූලික වියදම් නෙමේ මෙහෙ,,

      Delete
  2. මුලින්ම තියෙන කෝපි කඩේ කතාව කිය්වීවම මේ පාර ජනාධිපතිවරයා තෝරා ගැනීමට අපි භාවිතා කල තියරියත් එයමද කියලා මට හිතුනා

    ReplyDelete
    Replies
    1. කියවන් එද්දී මට හිතුන දේවම ඉවානයෝ උඹ කියලා තියෙන්නේ..

      Delete
    2. හා හා .හය්යෙන් හිනා වීම හැර වෙන කියන්න දෙයක් නැත.

      Delete
  3. එතකොට සමාජවාදය කියන්නෙ ඕම නං පැසිස්ට් වාදය ඊට හොදයි කියල හිතෙනව....
    යප්

    ReplyDelete
    Replies
    1. අපොයි සමාජවාදය කියන්නේ ඕක නෙමේ. මගේ පේජ් එකක් තිබෙනවා මේ බ්ලොග් එකේ කියවල බලන්න.

      Delete
    2. http://kolambagamaya.blogspot.co.uk/p/blog-page.html

      Delete
  4. // මේ දුෂිත සමාජවාදයයි // අපේ රටේ ගන නායකයෝ එකතු වෙලා බුද්ධ ධර්මය දූශණය කරල තියෙන විදිය දැක්කම රුසියාවෙදි සමාජවාදය දූශණය වෙලා තියෙන එකේ අරුමයක් දැනෙන්නේ නෑ.

    ReplyDelete
  5. සමාජවාදය කියන්නේ දැන් යල්පැනගිය ක්‍රමයක්

    ReplyDelete
    Replies
    1. සමාජවාදය යල් පන ගිය ක්‍රමයක් නෙමේ. ඒක ඉදිරියට එන්න තිබෙන දෙයක්. තවම කොහෙවත් ඇවිත් නැහැ. තිබ්බ ස්ටලින්වාදී අධිකාරිවාදී රාජ්‍ය වලට සමාජවාදී කියන්න බැහැ . ශ්‍රී ලංකාවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් නේ.

      Delete
    2. http://kolambagamaya.blogspot.co.uk/p/blog-page.html

      Delete
  6. එතකොට සමාජවාදය කියන්නෙ ඕම නං පැසිස්ට් වාදය ඊට හොදයි කියල හිතෙනව....
    යප් අනේ... මංදා...

    ReplyDelete
    Replies
    1. සමාජවාදය කියන්නේ ඕකට නමේ මට නම්. මේ මගේ අදහස.
      http://kolambagamaya.blogspot.co.uk/p/blog-page.html

      Delete
  7. මේකට අදාළ නොවුනත් කොපි කෝප්පේ ඇනවුම් කල විදිය දැකල මේ කතාව මතක් උනා. යුදෙව්වන් පෙන්නන්න බැරි හිට්ලර්ට යුදෙව්වන් පිළිබඳව සුභවාදී අදහසක් ඔලුවට දාන්න හිතාගෙන යුදෙව් හිතවාදී හිට්ලර්ගේ යාලුවෙක් හිට්ලර්ව එක්කගෙන මාකට් එකට ගියාලු. මාකට් එකේ ජෝගු කෝප්ප විකුණන යුදෙව් වෙළෙන්දෙක් ගාවට ගිහින් යාළුවා හිට්ලර්ට කියනවලු " ඔන්න මචං අපි මුන්ව මරන්න හැදුවට මුන්ගේ මොළේ ගැන උඹට අයිඩියා එකක් දෙන්න පොඩි වැඩක් කරන්නම්" කියල. හිට්ලර් ඉස්සරහපිටම යාළුවා වෙළෙන්දාට කතාකරලා කියනවලු "මුදලාලි , වමත් කාරයො පාවිච්චිකරන විදියේ මග් එකක් තියනවද?" කියල. "ඉන්න මහත්තය පොඩ්ඩක් බලන්න" කියාගෙන කඩේ ඇතුලට රිංගපු මුදලාලි ජයග්‍රාහී හිනාවක් එක්ක මග් එකක් අතේ තියාගෙන එලියට ආවලු "මහත්තයාගේ වෙලාව හොඳයි , එකමයි තිබුනේ" කියාගෙන. එක මිලදීගන්න ගමන් යාළුවා හිට්ලර්ට කියනවලු "බලපන් මචං , කොහොමද මුගේ මොළේ" කියල. හිට්ලර් ගත්කටටම කිව්වලු "ඕකට ඔච්චර මොලයක් ඕනෙද බං, කලින් ගෙනාපු එකක් කඩේ ඇතුලේ තියෙන්න ඇති "කියල.

    ReplyDelete
    Replies
    1. ++++++++++ බලපන් මචං , කොහොමද හිට්ලර්ගේ මොළේ :)

      Delete
    2. හහ් හා. මරු කතාව. :)

      Delete
  8. සමාජවාදය ප්‍රායෝගික නොවෙන්නෙ එය මිනිස් ස්වාභාවයත් එක්ක නොගැලපෙන නිසා.මිනිසා ස්වභාවයෙන්ම උන්නතිකාමියි.එකට වැඩ කරල සාධාරණව බෙදාගැනීමක් ප්‍රායෝගික නෑ.කළ යුත්තෙ හැකි තරම් ධනය සාධාරණව බෙදී යන ක්‍රමවේද සකස් කිරීම

    සියල්ල ආර්ථිකයට ඌණනය කිරීම නිසයි මේ පටලැවිල්ල වුනේ.ධනවාදය අහෝසි කළාට පස්සෙ සමාජය සාධාරණ වෙන්නෙ නෑ.වෙන වෙන ප්‍රතිරෝධතා මතුවෙනව.

    ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය කරන්නත් නිෂ්පාදනය අධීක්ෂනය කරන්නත් රජයක් අවශ්‍ය වෙනව.ඒ කියන්නෙ සමාජවාදයෙදි රජය තවත් ශක්තිමත් වෙනව.නමුත් සමාජවාදීන් කියන්නෙ රජය අහෝසි වෙනව කියන එක.
    මේ ගැන වාදෙකදි මට ලැබුන උත්තරේ තමා එතකොට ඔක්කොම විප්ලවකාරී කියන එක,ඒක මනෝරාජික අදහසක්.ඒ කියන්නෙ සමාජවාදය් බිහිවුනාට පස්සෙ අපරාධ නෑ, දූෂනය නෑ ඔක්කොම විප්ලවකාරියි

    අපට බැරිලු එහෙම තත්වයක් ගැන දැන්ම හිතන්න මොකද අපි ජීවත් වෙලා තියෙන්නෙ ධනවාදය තුල.අපේ මනස් හුරු වෙලා තියෙන්නෙ එහෙමලු.සමාජවාදෙදි එහෙම නෑලු.
    හැබැයි සෝවියට් දේශය අසාර්ථක වුනහම ඒ ස්ටාලින්ගෙ වැරැද්දලු

    ReplyDelete
    Replies
    1. ඔබ මුල සිටම ඉතිහාසය කියවිය යුතු බව මගේ හැඟීමයි. ලෙනින් ගේ ලිපි , ලෙනින් මොන වගේ රජයක්ද පිහිටවන්න හැදුවේ වගේ. ස්ටාලින් අවට පස්සේ ලෙනින් එක්ක හිටපු ඔක්කොම නායකයෝ මරල දැම්ම. සෝවියට් දේශය 1924න පස්සේ ගොඩ නැගුවේ ස්ටලින්ට ඕන විධිහට. ඒකෙ හොඳ ලක්ෂණ අනන්ත තිබුන. නමුත් මාක්ස්වාදයේ විධිහට ජනතාවට බලය ක්‍රමයෙන් මාරු වුනේ නැහැ. පක්ෂය බලය අත හරින්න සුදානම් වුනේ නැහැ. නිෂ්පාදනය අධික්ෂනය කරන්න රජයක් ඕනේ නැහැ. එක මිනිසුන්ට එකතු වෙලා කරන්න පුළුවන්. තනි මිනිස්සු රන් කරන කරමාන්ත ශාලා ඕන තරම් තිබෙනවා.
      ධනවාදය අහෝසි වුන පමණින් සමාජය සාධාරණ වෙන්නෙ නෑ. ඒකට වැඩ කරනන් ඕනේ. //සමාජවාදය් බිහිවුනාට පස්සෙ අපරාධ නෑ, දූෂනය නෑ ඔක්කොම විප්ලවකාරියි// මේක නම් තේරුමක් නැති කතාවක්. ධනවාදී ලක්ෂණ ඉබේ නැති වෙන්නේ නැහැ.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා,

      1. මිනිස් ස්වභාවය ගැන මාක්ස් බෙහෙවින් ලියා තිබෙනවා. මිනිසාට ආවේනික යම් යම් ස්වභාවයන් තිබෙනවා. උදා - ශ්‍රමකාමී සත්වයෙක් වීම, ලිංගිකමය සත්වයෙක් වීම ආදී. මේවා මිනිසාගේ පොදු ලක්ෂන. තවත් ලක්ෂන තිබෙනවා ඒවා ඓතිහාසික ලක්ෂන. යම් ඓතිහාසික යුගයට 'මිනිස් ස්වභාවය' කියා සිතෙන දේ වෙනත් ඓතිහාසික තත්වයක් තුල මිනිස් ස්වභාවය කියලා නොපෙනෙන්න පුලුවනි. අවුරුදු පනහකට කලින් ගම්වල වෙද මහත්වරු මුදල් අපේක්ෂාවක් නැතිව බෙහෙත් කලා තෘප්තිය වෙනුවෙන්. අද වෛද්‍යවරු චැනලින් කඩ දාගෙන ඉන්නවා. වෛද්‍යවරයාගේ 'ස්වභාවය' නොමිලේ බෙහෙත් කරන එකද? කඩ දාගන්න එකද? මේ හැසිරීම් එක් එක් සමාජ යුගයේ තර්කනයට යටත් වෙනවා.

      2. ධනවාදය අහෝසි කලාට පස්සෙ අපරාධ වැරදි නැති රොමෑන්ටික් ලෝකයක් බිහි වෙන්නෙ නැහැ. සිදුවන එකම දෙය සමාජය ඇතුලේ තිබෙන සූරාකෑමේ සම්බන්ධතා අහෝසි වෙලා වඩා නිදහස් ප්‍රජාතාන්ත්‍රික මිනිස් සම්බන්ධතා ඇතිවීම සදහා පසුබිමක් ඇතිවීම. එපමනයි. මිනිස්සු දෙවිවරු වෙන්නෙ වත් ලෝකය දෙව්ලොවක් වෙන්නෙවත් නැහැ. ඒත් මිනිසුන්ට තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීම සදහා වඩා නිදහස් පසුබිමක් නිර්මානය වේවි.

      Delete
  9. මේක ගොඩකල් ඉදන් අජිත් අයියගෙන් අහන්න හිටියේ,අපි කොහොම හරි කරලා ඔය පතන සුපිරිසිඳු සමාජවාදය බිහිකර ගත්තා කියල හිතමුකෝ.ඒත් ඒ සමාජවාදයට පැවත්මක් තියෙයිද?ලෝකයක්ම ප්‍රතික්ශේප කරන සමාජවාදය එක රටක විතරක් ඇතිකරන එක පායෝගික නෑ නේද?පූර්ණ සමාජවාදයකට පැවත්මක් තියනවද?

    ReplyDelete
  10. ඔයා මගෙන් අහන්නේ දරුණුම දරුණු ප්‍රශ්නයක්නේ. මම ඕකට පිළිතුරු දෙන්න සුදුසුද දන්නෙත් නැහැ. ලෝකයේ සමාජවාදී ව්‍යාපාර බෙදුනේ ඔය ප්‍රශ්නේ උඩ . වෙනම ලිපියක් ලියන්න ඕනේ මාතෘකාවක්. ලෙනින් තනි රටක සමාජවාදී විප්ලවය කරන්න පුළුවන් කියල පෙන්නුවා. නමුත් තනි රටක හදන්න පුළුවන් කියල හිතුවේ නැහැ. සෝවියට් දේශය තබා ගන්න ඔවුන් (ලෙනින් සහ ට්‍රොට්ස්කි ) රුසියාවට අනිත් මධ්‍යම ආසියානු රටවල් ඈඳ ගත්ත . තනි රටක සමාජවාදයක් පිහිටුවන්න පුළුවන් කියල න්‍යායක් ගෙනාවේ ස්ටාලින්. ඒ හංගේරියාවේ ජර්මනියේ විප්ලවවාදී ව්‍යාපාර වැටුනට පස්සේ. ලෝකයක්ම ප්‍රතික්ෂේප කරන්නේ - සමාජවාදී යයි කියල හිතන උතුරු කොරියානු පන්නයේ ඒකාධිපති ආණ්ඩු. නිර්ධන පන්ති ආඥාදායකත්වය කියන්නේ කිම් ඉල සුන් ගේ හෝ කස්ත්‍රෝ ගේ ආඥාදායකත්වය නොවේ. මාක්ස්ට අනුව ධනවාදය හා කර්මාන්ත දියුණු රටවල තමා සමාජවාදී සමාජ පිහිටුවන්න පුළුවන්. සමාජවාදී විප්ලව හෝ වෙනයම් විප්ලව ඕන රටක කෙරුවහැකි.

    //අපි කොහොම හරි කරලා ඔය පතන සුපිරිසිඳු සමාජවාදය බිහිකර ගත්තා කියල හිතමුකෝ// එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ.

    //පූර්ණ සමාජවාදයකට පැවත්මක් තියනවද?// ඔය කියන පුර්ණ සමාජවාදය මොකක්ද ?

    ReplyDelete
  11. බැරිස්ටා............... නියමයි උන්ගේ නමුත්... කැස්ත්‍රෝලා ගරිල්ලා යුද්ධයක් කරලා රට දිනාගන්නෙත් බැරිස්ටා කියන ඒකාධිපති පාලකයාගෙන් තමයි............... කතාවනම් පට්ටයි.... ඒත් ඉතින් හිතන්න බොහෝ දේවල් තියෙනවා නෙවැ අජිත් සහෝදරයා.............

    ReplyDelete
    Replies
    1. පාලකයා බැටිස්ටා Batista
      කෝපි කඩවල ඉන්නෙ බැරිස්ටා Barista

      Delete
    2. බැරිස්ටා කියන්නේ කාටද කියල යටම සඳහන් කරලා තිබෙනවා.

      Delete
  12. මචං, තවාරිෂ් කෙනෙක් දැකීමත් සතුටකි. ඊයේ පෙරේදා දුර ගමනක් ගිහින් අහම්බෙන් මා රුසියානු කඩයකට ගොඩ වැදුනා. කළු පාන් ගෙඩියයි, කීල්කා සැමනුයි තව අච්චාරු බෝතල් ටිකකුයි ගත්තා. ආසා වුණත්, එන්න තිබුන ගමන දුර නිසා කෙල හලලා රුසියන් කරවල අතගාලා ආවා.

    අපිට පද් එකේ, වොඩ්කා, මස් හා සිගරට් ගෙදරටම ගෙනත් දුන්නා. මස් හැර අනික් දෙවර්ගයට අපේ කට්ටිය අතර ඉල්ලුමක් නොතිබුණ නිසා, මට අවශ්‍ය පමණටත් වඩා ඇනවුම් කරන්න අවස්ථාව තිබුණා. :)

    ReplyDelete
    Replies
    1. මචන් තවරිෂ් කොහෙද ඉන්නේ ? මේ පැත්තේ (ලන්ඩන්) රුසියන් කඩ තියෙනවා. මම යන්නේ අඩුවෙන් මොකද කරන්නේ වෙන එවුන් රුමේනියන් හෙම. හොර කරනවා හරියට. කොහෙද පද් එක කලේ? මම මොස්කව් state uni/madi.

      Delete
  13. අජිත් සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේ අපි මස් මිලදී ගත්තේ කිලෝ 3-4 එක්වර​, ඇපල් මළු ගනනින්. එක වරක් (ආපු මුල් දවස් වල​) කඩයකින් බිත්තර දෙකක් මිලදී ගැනීම නිසා මාව අවුරුදු ගානක් බයිට් උණා. බිත්තර ගන්නේ 30 -40 කේස් පිටින්. නමුත් පිරිස්ත්‍රොයිකා ක්‍රියාදාමය අඩාල කරන්න සමහර නිලධාරී 1991, 1992 කාලයේ කෘතිම ආහාර හිඟයක් ඇති කරලා ගර්බචොව්ව අප්‍රසාදයට පත් කළා. මම ලියපු මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි (වි.ග්‍ර​.කේ) පොතේ මේ ගැන සවිස්තරව ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වුණා. නමුත් කඩවල කෑම තිබ්බේ නැහැ සමහර පොඩි නගරවල. නමුත් මිනිසුන්ගේ ගෙවල් වල තිබුන.

      Delete
  14. ඕනේ දේ අපි ගාව තියෙනවා,නමුත් නැහැ.
    කොහොමත් අපිත් පුරුදු ඉස්සරහා ඇරලා තියෙන ලෑලි පියන් වලින් බඩු ගන්න නෙමේ වහලා තියෙන පස්සේ දොර ඇරගෙන බඩු ගන්නනේ.

    ReplyDelete
  15. මට අජිත් අයියගෙ මේ සමාජවාදය සම්බන්ධ ලිපි වලට කමෙන්ට් කරන්න දෙයක් හිතෙන්නෙ නැහැ. මම දැන ගන්න කැමතියි අපේ රටේ ඉන්න හණමිටි අදහස් කරපින්නාගෙන ජිවත් වන බහුතර සමාජයත් එක්ක ගැළපෙන්න යොදාගන්න පුළුවන්, අජිත් අයිය යෝජනා කරන ක්‍රමය මොන වගේ එකක්ද කියල. මම ඇහුව ප්‍රශ්නේ හරිද දන්නෙ නෑ :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ මිනිසුන්ට නීතියට අනුව ජිවත් වෙන්න පුළුවන් , රස්සාවක් හොයා ගන්න දේශපාලකයෝ පස්සේ යන්න ඕන වෙන්නේ නැති , කන්න බොන්න හා විනෝද වෙන්න නය වෙන්න ඕනේ නැති විධිහක් , ළමයින්ට නොමිලේ ඉගෙන ගන්න, මිනිසුන්ට සංවාද කරන නාට්‍ය බලන සින්දු රස විදින්න වෙලාව තියෙන කලා කරුවන්මිනිසුන් වෙනුවෙන් පමණක් කඩේ යන සමාජයක්

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.