Monday 16 February 2015

ජෝන් ගේ නීතිය, කුමාර් ගේ නීතිය, තෙවරප්පෙරුමගේ ගේ නීතිය, ශෂී ගේ නිතිය ......උපුල්ගේ සම්මානය



ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ‘නීතියේ ආධිපත්‍ය‘ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බව ලංකා නිව්ස්වෙබ් අඩවියේ  පලවී තිබේ. මරණ තර්ජන අතර නීතියේ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු ඒ මහතාට සුභ පතමි. නමුත් ‘නීතියේ ආධිපත්‍ය' සඳහා සටන ඒ මහතා ආයෝජන  මණ්ඩලයේ සභාපති ධුරය  ලැබීමෙන් පසු අත් හිටුවා ඇත්ද?
නීතිය  ගැන කතාබහක් මා  සහ තවත් කීප දෙනෙකු අතර  මා අගෝස්තුවේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගිය විටදී ඇති වුනි. මෙය පසුව අප නතරවී සිටි හෝටලයේ අයිතිකරු, කළමනාකරු සහ තවත් කීප දෙනෙකු ද සම්බන්ධ කරමින් දිග ගැසුණි. සිද්ධියට පාදක වුයේ හෝටලයේ ශාලාව කුලියට කිසියම් උත්සවයක් සඳහා ලබා ගන්නට පැමිණි සුළු දේශපාලකයෙකු නිසාය. ඔහු නීතියටද සම්බන්ධ අයෙකි. ඔහු ශාලාව ඉල්ලුවේ කුලියට නොව නිකම්ය. එහිදී අයිතිකරු පත්වූ අසරණ කම මම දුටිමි. 
නීතිය යනු ලංකාවේ පළාත්බද යුව රජවරුන්, මන්ත්‍රී ලා  , පලා  බබාලා   හා ඒ මදිවාට උන්ගේ කුක්කන් ගේ ප්‍රාදේශීය නීතිය බවත් පොලිස් නිලධාරීන් ලා බබාලාගේ දාමරික කුක්කන්ටත් සැලියුට් ගැසිය යුතු බවත් ජනතාව පවසති. 
අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීම  (ශිරාණි බණ්ඩාරනායක) වැනි  සිදුවීම් සළකා  බලන විට, ප්‍රදේශයෙන් ඔබ්බට ගොස් පළාත් අනුව සළකා බලන විටත්, මුළු රටේම තිබු පාලනය සළකා බලන විටත්, හිටපු රජතුමා හා ඔහුගේ  සොහොයුරන්ගේ නීතිය  රටේ නීතිය  බවට පත්ව තිබුණු බවක් පැහැදිලිව පෙනුණි.

යහපාලන ජනාධිපති තුමා  පත්වූ විට බොහෝ අය  මේ තත්වය වෙනස් වෙතැයි සිතුහ.  යහපාලන ජනාධිපතිතුමා මුල් කාලයේ සිටම පොරොන්දුවූ පරිදි යහපාලන අගමැතිට පාලනය බාර දී විවේක සුවයෙන් මංගල්‍ය උත්සව ආදියට  සහභාගී වෙමින් කල් ගෙවෙන සෙයක් දක්නට ලැබුණි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා ජනාධිපතිවරණයට පෙර  ලංකාවට පැමිණියේය.  ඔහුගේ හෝ ඒ පක්ෂයේ එම තීරණය ගැන මට ප්‍රශ්න ඇතත් ඔහු දේශපාලනයේ යෙදීම ගැන මට ප්‍රශ්නයක්  නැත. එය ඔහුගේ අයිතියකි. කුමාර මහත්තයා සංචාරක වීසා  එකකින්  පැමිණ ඇති නිසා ඔහුට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට හෝ රැකියාවක් කර මුදල් ලබා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැත.  පෙසපේ පවසන්නේ ඔහු මේ රටින් පිටව ගියේ මරණ තර්ජන නිසා බවත් දේශපාලනය කිරීමේ වරදට බවත්ය. එය ඇත්තකි. ඔවුන් තව දුරටත් පවසන්නේ දේශපාලන හේතුන් මත රටින් ජීවිතය බේරා  ගැනීමට ගිය අයෙකුට කොන්දේසි විරහිතව රටට ඒමටත් නැවත දේශපාලනයේ දීමටත් ඉඩ දිය යුතු බවයි.
නමුත් කවුරුන් හෝ  විසා  කාලය අවසන් වූ  පසු වීසා  දික් කර ගැනීමට නොගොස් රැඳී සිටීම අනවසරයෙන් රැඳී සිටීමකි.  එනිසා ඔහු පිටුවහල්  කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තැත්  කිරීම වරදක් නොවේ.  අනවසරයෙන් වීසා  නැතිව රැඳී සිට සම්භාහන හල්  වල වැඩ කරන විද්ශීය කාන්තාවන් හා හොරණ පැත්තේ කම්හල් වල වැඩ කරන ඉන්දීය ජාතිකයන් අල්ලා  පිටුවහල් කිරීම සිදුවේ.  මෙම නීතිය  ලංකාවේ ඉපදුන එහෙත් වෙන රටක පුරවැසියෙකු වන අයෙකුට අදාලද? දේශපාලන හෝ ආර්ථික හේතූන් මස පිටව ගිය සැමට රටේ පුරවැසි භාවය නැවත  ලබා දිය යුතු නැත්ද? එසේ නම් එය නීතිය වෙනස් කිරීමෙන් කල යුත්තකි. පවත්නා නීතිය අනුව කුමාර් මහත්තයා   සිටින්නේ  අනවසරයෙනි. එම පක්ෂයේ ප්‍රකාශකයන් කියන්නේ නිතිය නොසලකා දේශපලන ප්‍රශ්නය පමණක් සලකා බලා  ඔහුට ලංකාවේ සිටීමට ඉඩ දිය යුතු බවයි.
නමුත් මේ ප්‍රශ්නයේ පොඩි කොස්සක් තිබේ.
ශෂී විරවංශ හොර ආගමන විගමන බලපත්‍ර සාදා  ඇති දැන් ඔප්පුවී ඇත කියා පොලිසිය කියයි. ඇයට  මේ ගැන චෝදනා කරමින් කරදර කරන්නේ තමන්ගේ දේශපාලනය නිසා බව විමල් විරවංශ මහතා කියයි. නීතියට අනුව ඇය අත්  අඩංගුවට ගත යුතු වුවත් එසේ නොවීමෙන් පෙනීයන්නේ විමල්  මහතාගේ තර්කය පිළිගෙන ඇති බවද? සැමියා දේශපාලනය කල නිසා හා දැන් විරුද්ධ පැත්තේ නිසා බිරිඳ වරදක් කල විට අත් අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම අසාධාරණද?
වාස්  ගුණවර්ධන නමැති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ මැතිනියට රත්රන් වංචාවක් පිලිබඳ චෝදනාවක් කළාය. ඇගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඉල්ලා සිටියේ  තමන්ගේ දේශපාලනය නිසා තම මවට කරදර නොකරන ලෙසය. එයටද රජය සවන් දුන් බවක් පෙනේ.

දැන් මෙහිදී  නීතිය සිද්ධීන් තුනකදී තෙයාකාරයකට  ක්‍රියාත්මක වෙමින් තිබේ.
ජවිපෙ සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණි පසු ඔහු ගැන සොයා නොබලා ලංකාවේ සිටීමට ඉඩ දී තිබුණි. එකල ජවිපෙ විසින් පැවති  ආණ්ඩුවට සහයෝගය දීම  නිසා  රජය විසින් නීතිය  නිහඩ කල බවට පෙසපේ චෝදනා කරයි. එම චෝදනාවද සත්‍යයකි. ඉන් පෙනී යන්නේ එවකට පැවැති  රජයන්ද නීතිය තමන්ට අවශ්‍ය පරිදි  වෛශ්‍යා  වෘත්තියේ යොදාගත් බවයි. නමුත් ඉන් නැගෙන අනිත් කරුණ නම් ජවිපෙට එසේ සැලකූ නිසා පෙසපෙටද එසේ සැලකිය යුතු බවද? නැත්නම්නීතිය  ක්‍රියාත්මක කල යුතු බවද?
එසේ නම් සෝමවංශ අමරසිංහ ලංකාවේ සිටින්නේ අනවසරයෙන් නම් ඔහුත් නැවත ලන්ඩනයට පිටිවහල් කල යුතු වේ.

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ට තවමත් ඇප  ලැබී නැත.  ඔහු කලේ වරදක් වුවත්  ඔහු දණ  ගැස්සවූ තැනැත්තාත් (පලාත් සභා මන්ත්‍රීවරයා)  සුදනෙකු නොවේ. ඒ තැනැත්තා ඊට පෙර ඒ ආකාරයෙන්ම තග වැඩ කළ  අයෙක්  යයි කියනු ලැබේ. ඒ වරදම වෙනත් ආකාරයෙන්ම වත්තලදී සිදුවී තිබේ. එයට සම්බන්ධයයි පවසන ජෝන් අමරතුංග  ඇමතිවරයා තවමත් එම ධුරයේම  රැඳී සිටි. එයට පරීක්ෂණයක් වත් නැත. නැවතත් සිද්ධීන් දෙකකදී නීතිය  දෙයාකාරයකින් ක්‍රියාත්මක වී තිබේ. එසේම ජෝන් අමරතුංග මහතා මහජන ආරක්ෂාව පිලිබඳ ඇමැතිවරයාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට  ‘නීතියේ ආධිපත්‍ය' සුරැකීම  පිලිබඳ සම්මානයක් ලබා දීම ගැන මගේ විරුධත්වයක් නැතත් එය ඉක්මන් වැඩි යයි මට සිතේ. උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍ය' පිහිටුවීම සඳහා තවමත් සටන් කිරීමට සිදුව ඇති බවක් අපට පෙනී යන මුත් ඒ මහතා ගේ නිහඬ බව අපට ප්‍රශ්නයකි.  

මේ ගැන මගේ මිතුරකු අපුරු දෙයක් පැවසුවේය. පසුගිය කාලය මුළුල්ලේම  පොලිසිය හා අනිකුත් ආයතන කටයුතු කලේ ඉහලින් එන රජ අණ  පිලිපදිමිනි. නැත්නම් පළාත්බද යුව රජුන්ගේ හෝ ප්‍රාදේශීය පලා  බබාලගේ කැමැත්ත අනුවය. මිනිසුන් අත්අඩංගුවට පත් වුයේත් මැරුම්  කෑවේත්  සිරයට ගියෙත් ඒ අනුවය. සාධාරණ නීතියකට අනුකුලව  ස්වාධීනව වැඩ කිරීමට ඔවුන්ව නැවතත් පුහුණු කල යුතුය.
නැත්නම් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා විසින් එම ධුරයේ බලය අත හරින බවට දුන් පොරොන්දුව පසෙක ලා එම බලතල පාවිච්චි කරමින් මේ රූකඩ  රැළ මෙහෙය විය යුතුය.
දැන් සිදුවෙමින් පවතින්නේ හෝ පවතින්නට යන්නේ එයයි. 

27 comments:

  1. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

    අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

    එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

    පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

    ReplyDelete
    Replies
    1. අනගාරික ධර්මපාල තුමා හා මේ ලිපිය අතර සම්බන්ධය මොකක්ද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම නම් හිතන්නෙ ඔය සාධාරණ නීතිය ,නීතියෙ ආධිපත්‍ය, ස්වාධීන අධිකරන කියන ඒව මිත්‍යාවන් කියල. ඕව ලෝකෙ කිසි තැනක නෑ . නඩුකාරයො ඉන්නෙම නීතියට ඉහළින්.

    නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් නිරවුල් කරන සහ ධනවතුන් දුප්පතුන්ගෙන් ආරක්ෂා කරන යාන්ත්‍රණක්.කිසිදාක ප්‍රභූවරුන් දඩුවම් ලබන්නෙ නැහැ. එහෙම වෙන්නෙ ඊට වඩා ප්‍රභූ කෙනෙකුට අසාධාරණයක් වුනොත්. ප්‍රභූන්ට බන්ධනාගාර රෝහල් තියෙන්නෙ රිමාන්ඩ් එක වෙනුවට.

    දඩුවම් ලබන්නෙ මොකුත් කරකියාගන්න බැරි එකා. ප්‍රභූවරුන්ට දඩුවම් ලැබීමේ ඉතිහාසයක් නෑ. මට හිතෙන්නෙ ලෝකෙ අනෙක් රටවලත් එහෙමයි කියල.ප්‍රභූන් දඩුවම් ලබා තියෙන්නෙ විප්ලව වලින් ආන්ඩු පෙරලුනාට පස්සෙ.
    ඕනම සමාජයක ප්‍රභූන් කියන්නෙ එකිනෙකා හදුනන හිතවතුන්. නීතිය සිංහ සෙය්යාවෙන් ක්‍රියාත්මක වෙන්නෙ නිර්ප්‍රභූන්ට එරෙහිව.

    ReplyDelete
    Replies
    1. අපොයි තියනවා. එංගලන්තයේ ඇමතිවරු කි දෙනෙක් හිරේ ගියද. ජොනතන් ඇට්කින් , නීල් හැමිල්ටන් වගේ අය. ජර්මනිය හා ස්පාඥඥ යේ වගේ රටවල් වලත් ලොකු පොරවල් ඇතුලට දැම්ම. ඇමෙරිකාවේ ටිකක් ස්වාධින නැහැ. මොකද ෆ්‍රී මේසන් එක හෙම බලවත් නිසා. ලංකාවේ ඔය ප්‍රභූවරුන් බෙරණ එක නැවත වන්න ඕනේ කොහොම හරි. මිනිසුන්ට බලය දිමෙන්තම පුළුවන්.

      Delete
    2. ලංකාවේ තමයි අයියේ ඔය විදිය, මේ රටේ සියල්ලට ඉහළින් තියෙන්නේ නීතිය,, එහි ස්ථර නෑ,,, ජනාධිපතිවරු හත් දෙනෙක් හිරේ,, හිගන්නාගේ ඉදලා රටේ ප්‍රධාන පුරවැසියා දක්වා එකම නීතිය,, බලය ,මුදල් තියෙන්නේ ඊට ගොඩක් පහලින්,,

      Delete
    3. කුමාර් ගුනරත්නම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දැමීම එහෙම් පිටින්ම ටෙක්නිකල් කරුනු මත ගනු ලැබූ තීරනයකි. ඔහු 'විදේශිකයෙක්' ලෙස සලකා කටයුතු කිරීම නීතිය පිලිබද පටු අර්ථනිරූපනයක් අනුව 'හරි' විය හැක. එහෙත් ඔහු විදේශිකයෙක් නොවන බව අපි සියලු දෙනාම දනිමු. ඔහු කියන්නේ තමා ජීවිත තර්ජන නිසා දේශපාලන හේතුන් මත රටින් පිටවූ බවත්, නැවත තම රටට පැමිනීමට ඉඩ දෙන ලෙසත්, යම් හෙයකින් රටින් පිටව යද්දී ආගමන නීති කැඩීමක් වී තිබේ නම් ඒ සදහා දඩුවම් විදීමට සූදානම් බවත්ය. ස්වභාවික යුක්තිය වැනි බූර්ෂුවා සංකල්පයක් අනුව බැලුවත් මෙම තර්කයට හරයක් ඇත. එය 'නොසකලකා' ඉවත දැමීම පාර්ශවීය තීරනයකි. මෙයට කුමාර් ගුනරත්නම් නිර්ප්‍රභූ ව්‍යාපාරයක් නියෝජනය කරන පිටස්තරයෙක් වීම බලපායි.

      Delete
    4. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම ස්වභාවික යුක්තිය හෙම සලකල නියෝග දීලා තිබෙනවද කලින්? එහෙම තියෙනවනම් ඒක ඉදිරියට දාල තර්ක කෙරුවහැකි. දැන් මෙතන මගේ ලිපියේ කුමාර් වරදක් කරලා කියල පිළිගන්නේ නැහැදේශපාලනිකව. පවත්නා නීතියට අනුව ඔබ කියනවා වගේ ටෙක්නිකලි ඔහු වැරදියි. මම වුනත් විසා නැතුව ඉන්නවනම් මේ රටින් එලියට දානවා. කියුබාවේ උනත් එහෙමයි. නමුත් අපි කියන්නේ අනිත් අයට නැති නිතිය කුමාර්ට විතරක් මොකටද කියන ප්‍රශ්නේ. නිතිය එක නම් ඔක්කොටම ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ එකම විධිහට. කුමර්ටත් ඒක අදාලයි. මෙතන ගොඩක් හොරු එලිය ඉඳගෙන කුමාරව අල්ලන්නේ මොකටද?

      Delete
  4. අනෙහ්... තරු පහේ ප්‍රජාතන්නරවාදෙ...
    පුස් රතිඤ්ඤෙ වගේ නේද සීයෙ..... සූ... ගානවා...ම්හු!

    ReplyDelete
    Replies
    1. අපිට විතරයි සූ....අප්පුහාමිට සූ නෑ.

      Delete
    2. තිබ්බයි කියල වැඩකුත් නැහැ නැති කියල වැඩකුත් නැහැ ආච්චියෙ . කාටද කටුසු අප්පුහාමි කිවේ?

      Delete
    3. එකල මුස්ලිම් වෙළඳුන් ගම්මානවල ඇවිදිමින් මිනිසුන්ට ද්‍රව්‍ය විකුණමින් සිටියහ.එසේ ගම්මානයකට පැමිණි මුස්ලිම් වෙළෙන්ඳෙකු තලගොයි මසට ගිජු ඌවෙකි.ඔහු දිනක එම ගමේ විසූ අප්පුහාමි නැමත්තා සමග තලගොයි දඩයමේ ගියෝය.තලගොයකු හුඹසට රින්ගූ පසු එළියට ඇදගැනීමටනම් දඩයම් කරුවන් කරන්නේ උගේ වලිගය තුවාලකර හුණුගෑමෙනි.එවිට ඌ ග්‍රහනය බුරුල්කරයි.මේ ආකාරයට අප්පුහාමි විසින් මුදළාලිට තලගොයන් අල්ලා ලබාදුනි.එහෙත් හුඹසට රින්ගූ තලගොයා ඇදගැනීමට යොදනා උපක්‍රමය මුදලාළිට කියා දුන්නේ නැත.
      දිනක් උදෑසන වෙළඳාමේ යන විට තලගොයකු දුටු මුදලාළි තම භාන්ඩද පසෙක ලා ඌව හබායාමට වුනි.කලබල වූ තලගොයා අසල වූ තුඹසකට රින්ගූ හෙයින් මුදලාළිට අල්ලා ගැනීමට සිදුවුනේ උගේ වලිගයෙනි.නියපොතු මගින් තුඹස තදින් අල්ලාගන සිටි තලගොයාව ඇද ගැනීමට පැය ගනනක් තිස්සේ උත්සහ කලත් ඔහුට නොහැකිවුනි.තලගොයා සූ...සූ...හඬින් පිඹිමින් තුඹස බදාගන සිටියා පමණි.වෙහෙසට පත් මුදළාලි වලිගය අල්ලා ගනම මෙසේ පැවසීය.
      "අපිට තමා සූ...අප්පුහාමිට සූ නෑ..."

      Delete
    4. හා හා , එල කතාව.

      Delete
    5. යේක තමා.. ඔක්කොම ශූ අපට තම.. අප්පු ආමිලාට මොකුත් ශූ ශූ නෑ.. යේක යකාගෙ නීතිය තමා අම්මට ශිරි ලංකාවේ.. කටුශු මල්ලි බොක්කටම වදින්න එක්ශ්ප්ලේන් කොරල තීන්නේ..

      Delete
    6. ඔව්නේ කල්‍යාණ.

      Delete
  5. අහල තියන විදිහට,දැකල තියන විදිහට මේ රටේ නීතිය කියන දේ එදා ඉඳන් තිබුනේ මුදල් සහ බලයට යටවෙලා.නීති ක්‍රියාත්මකකරන්නෝ කුක්කන් වෙලා.එහෙම රටක පරම්පරා ගානක් ජීවත්වුන මිනිස්සු ආණ්ඩුමාරුවක් තුලින් නීතිය ක්‍රියාත්මක වීමක් සඳහා පෙළගැසෙයි කියලනම් හිතන්න එපා.බහුතරයකට ඕන එකම නීතිය මරණ දඩුවම ක්‍රියාත්මක කරණ එක පටන්ගන්න විතරයි.එකෙක් දෙන්නෙක් එල්ලල මැරුවහම ඔක්කොම හරියනවා කියල තමයි හිතාගන ඉන්නේ.තියන නීතී පද්ධතියේ නිසි ක්‍රියාකාරී වීමක් මගින් මීට වඩා ප්‍රථිඵල තියනවා කියන එක මිනිස්සුන්ට අමතක වෙලා.අමතකකරන්න එපා අජිත් අයියේ,පාතාල මර්ධනයට කියලා මිනිස්සුන්ව උස්සගන ගිහින් මරල දාන කොට හුරේ දැම්මෙත් මේ ජනතාවම තමා.

    ReplyDelete
    Replies
    1. සමපුර්නයෙන්ම එකඟයි මල්ලි. මගේ ප්‍රශ්නේ අපි හැමොම මේක දැනගෙනත් ඇයි මෙහෙම වෙන්නේ කියන එක. මට නම් ප්‍රශ්නයක් නැහැ. මම ඉන්න රටේ යන්තම් හරි හොඳක් තියනවා.

      Delete
  6. නිතිය කියන දේ සැමට පොදු වගේම සාධාරණ වෙන්න ඕනේ.

    කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන භාවිතාව ගැන මගේ කැමත්තක් නැතත් ඔහුට මේ රටේ දේශපාලනය කරන්න තියෙන අයිතිය සුරකින්න ඕනේ.ඔහුට විදෙස් පුරවැසියෙක් වෙන්න වුණේ ජිවිත තර්ජන නිසාවෙන් නම් දැන් ඔහුගේ ආරක්ෂාව රජය තහවුරු කල යුතුයි.

    ශෂී විරවංශ අත්අඩංගුවට ගත යුතුයි වගේම ශිරන්තිගෙන් ප්‍රශ්න කිරීමත් කරන්න ඕනේ.පවුලේ අය දේශපාලනය කිරීම තමන්ට වැරදි වලින් ගැලවෙන්න මාර්ගයක් නෙමේ.

    යහපාලන ආණ්ඩුව කරපු ලොකු වරදක් ජෝන් වගේ කෙනෙක්ට පොලිසිය භාර දීම.හරියට එක නිකන් නරියට කුකුල්ලු භාර දුන්නා වගේ විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. //නරියට කුකුල්ලු භාර දුන්නා වගේ විහිළුවක්//. ඒ වගේ තමා පෙනෙන්නේ. නිතිය සාධාරණ වෙන එක හුඟක් හොඳයි.

      Delete
  7. නීතියේ අදිපත්‍ය කියන්නේ අපේ සමාජයේ හුදු වචනයක් විතරයි නේද? නීතිය හැම දේශපාලන සම්බන්දයකටම වඩා උඩින් තියන්නේ කොහොමද.? නීතියේ ආධිපත්‍ය රෙපයාර් කරන්න ආපු උපුල් ජයසුරිය දේශපාලන පත්වීමක් ගත්තම විනිවිදභාවයට කෙල වෙනවා නේද? ශ්‍රියානි බණ්ඩාරනායකගේ සැමියාටත් දේශපාලන පත්වීමක් ලැබුනා නේද.? මේවා ගැන සමාජය හරි සීරියස් නෑ නේද.?

    යුරෝපයේ ඉන්න සිවිල් proffessionals නිලධාරීන් ගෙනල්ල අධිකරණ කොමිෂමයි ව්‍යවස්ථාදායක කොමිෂමයි හැදුවනම් නීතියේ ආධිපත්‍යයෙන් සමාජය හෙලවිලා යාවි. හැබැයි එතකොට දැනට ඉන්න බොහොමයක් නිලධාරීන් සහ දේශපාලකයන් හිර ගෙවල්වල හෝ ගෙවල්වලට යයි.

    අපි බලමු right of infomation පනත සම්මත කරන්නේ කොහොමද කියල. නිදහසේ ගැබුර කොච්චරද කියල එතකොට අපට තේරෙයි. UNDER SURVEILLANCE STATE එකට නීතිමය ආවරණයක් දා ගනීද ?

    අජිත් . මේ ගැන සංවාදයක් ස්ටාර්ට් කරොත් නරකද .?


    ReplyDelete
    Replies
    1. සරද සම්පුර්න ඇත්ත. ඔබේ අදහසට එකඟයි. සංවාදයක් පටන් ගනිමු. හැබැයි:
      //යුරෝපයේ ඉන්න සිවිල් professional නිලධාරීන් ගෙනල්ල අධිකරණ කොමිෂමයි ව්‍යවස්ථාදායක කොමිෂමයි හැදුවනම් නීතියේ ආධිපත්‍යයෙන් සමාජය හෙලවිලා යාවි. හැබැයි එතකොට දැනට ඉන්න බොහොමයක් නිලධාරීන් සහ දේශපාලකයන් හිර ගෙවල්වල හෝ ගෙවල්වලට යයි. // ඔතන තමා ප්‍රශ්නේ එන්නේ. මොකද දැනට ඉන්න පාර්ලිමේන්තුව තියාගන්නත් දුශිතයෝ ඕනේ. රට වශයෙන් ගත්තත් ඕකම තමා වෙන්නේ.

      Delete
  8. මට හිතෙන්නේ නම් තුන්වෙනි ලෝකයේ රටවල් වලට නීතියේ ආධිපත්‍යය ගැන හිතන්න කල් වැඩියි . මොකද මේ රටවල් වල පාලකයෝ බොහෝවිට නීතිය නිදහසේ ක්‍රියාත්මක වීම කියන ක්‍රියාව සිද්ධ වෙන්න දෙන්නේ නෑ. මොකද බලය ලබා ගන්නට පාලකයන්ට ජනතාව ඕන වුනාට, එක දවසකින් ලබාගන්න බලය වසර පහක් හයක් පවත්වාගන්න නොයෙක් පිරිස් වලසහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා . එහෙම අවස්ථාවල ඒ ඒ පිරිස් ඒ සහයෝගය ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි. ඒ වෙනුවෙන් පාලක පාර්ශවයෙන් වරදාන බලාපොරොත්තු වෙනවා . ඒ ඒ වරදාන ලබා දෙන්න නම් නීතියේ යම් පාලනයක් පාලකයන් අතේ තියෙන්නට වෙනවා . ඒ නිසා නීතියේ පරමාධිපත්‍යයක් ගැන හිතන්නට වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාව තුන්වන ලෝකයේ රටක් නෙමේ. එතනින් උඩට ඇවිත් හුඟක් කල්. මධ්‍යස්ථ ආදායම් රටක්. //මොකද බලය ලබා ගන්නට පාලකයන්ට ජනතාව ඕන වුනාට, එක දවසකින් ලබාගන්න බලය වසර පහක් හයක් පවත්වාගන්න නොයෙක් පිරිස් වලසහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා . එහෙම අවස්ථාවල ඒ ඒ පිරිස් ඒ සහයෝගය ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි. ඒ වෙනුවෙන් පාලක පාර්ශවයෙන් වරදාන බලාපොරොත්තු වෙනවා . ඒ ඒ වරදාන ලබා දෙන්න නම් නීතියේ යම් පාලනයක් පාලකයන් අතේ තියෙන්නට වෙනවා .// මේ කතාව ඇත්ත. නීතියේ ආධිපත්‍යය බොහෝ විට සුරකින්නේ ජනතාව. ඒකයි බ්ලොග් වලට අපි බලය දෙන්න ඕනේ. එකයි සමාජ ජාල වලට බලය දෙන්න ඕනේ. ඉන්ටනෙට් පත්තර මිනිස්සුන්ට දෙන්න ඕනේ, පහල සභාවල බලය මිනිස්සු අතට ගන්න ඕනේ.

      Delete
  9. නියමයි අයියේ, අදමයි ආවේ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි අදම ආවට. :)

      Delete
  10. මේ ලිපිය කියවන්නට ලින්ක් එකක් දිගේ දෙවරක්ම ආවත් එය අයින් කර තිබුණා.

    ඔබේ අදහස් මගේ අදහස් හා සමපාත වෙනවා.

    තෑගි ගැන කියනවා නම් - නොබෙල් සාම තෑග්ග බරක් ඔබාමාටත් ලැබුණා නේද?

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එකේ ලිපියක් පරිවර්තනය කරමින් ඉන්නේ . ඒ නිසා වෙන්න ඈති. අදහස් සමපාත වෙනවනම් කොච්චර දෙයක්ද. බරක් ඔබාමා ගේ නොබෙල් තෑග්ග ගැන මට නම් තිබෙනෙන් විශාල ප්‍රශ්නාර්ථයක්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .