තාත්තා
අම්මා
සෝවියට් දේශය බිඳ වැටෙන්න ලං වෙලා එතකොට. ශිෂ්‍යත්වයක් නැති වුනත් (පලවෙනි උපාධියෙන් ශිෂ්‍යත්වය ඉවරයි). මොස්කව් විදුලි බල හා බලශක්තිය පිලිබඳ විෂ විද්‍යාලයේ ජල විදුලි බලය පිලිබඳ දෙපාර්තමේන්තුව "විකල්ප විදුලි බලය" පිළිබඳ තේමාව යටතේ මට PhD එක කරන්න හදල දුන්න. මම තාත්තට ඒක කිව්වම හොඳටම සතුටු වෙලා එහෙනම් පී එච් ඩී එක ඉවර කරලම එන්න කියල කිව්වා. ඒ ගොල්ලන්ට පරිගණකයක් දෙන්න ඕනේ නිසා ලන්ඩන් ආවා වැඩ කරලා කියක් හරි හොයාගෙන යනව කියල හිතා ගෙන.
ඒ එනකොට එක්තරා දුෂිත සෝවියට් නිලධාරියෙක් මට යමක් දුන්න ගෙනියන්න ලන්ඩන් වලට. මට ඒකට බැහැයි කියන්න බැරි අසරණ තත්වයක් තුල මම ඒක අරන් ආව. පොරගේ නම නවුමොව්. නවුමොව් තමා මම හිටිය නේවාසිකාගාරේ කාමර දෙන්නේ. සල්ලි දීල දීලා ඒත් මදි ඌට. නවුමොව් මට දුන්නේ කපපු සෝවියට් දියමන්ති වගයක් කෑලි ගාන ගණන් කරලා. ලන්ඩන් වල විකුණලා ඩොලර් අරන් එන්න කියල. මට කරන්න අමාරු වැඩ ඕව. ගැනුම් මිනුම්. ඔයිට කලිනුත් සාෂා කියල යුදෙව්වෙක් එක්ක ඇනගෙන තියනව ඕවා කරන්න ගිහින්.
ඔය අතරේ පෙරදිග ලන්ඩන් වල මුස්ලිම් බන්ගලියෝ සුද්දෝ එක්කයි පොලිස් කාරයෝ එක්කයි ජාතිවාදී වලියක්. ලිවර්පුල් ස්ටේෂන් එක පැත්තේ හිටි යාළුවෙක් වන ජානක ලක්මාල් හම්බවෙන්න යනකොට මාව පොලිසියෙන් ඇල්ලුවා. අර වලිය නිසා උන් හිතුවේ මම බන්ගල්ලෙක් කියල. එහෙම ඇල්ලුව එකම වතාව මේ අවුරුදු ගානටම. අල්ලලා චෙක් කරන වෙලාවේ පොලිස් කාරයා මගේ ළඟ තිබ්බ බඩු ටික ගත්ත. ඒවා අදිනකොට සමහර ඒවා බිමට වැටුන. අර දියමන්ති කෑලි ඔතාගෙන හිටි පැකට් එකත් වැටෙන්න ඇති මම දැක්කේ නැහැ. . මගේ ළඟ පාස්පෝර්ට් තියා මුකුත් නැහැ ඒ වෙලේ . පොලිස් කාරෙකේ මාව අරන් ගියා පොලිසියට.
එතනින් සාජන් කාරයා මාව යැව්වා නතර වෙලා හිටි ශාෆ්ට්ස්බරි කියන හොටෙල් එක තියෙන තැනට. වීසා ඔක්කොම චෙක් කරලා හරියට තියනවා කියල මගේ බඩුත් ආපහු දීලා සැලියුට් එකකුත් ගහල "සොරි ටු ඩිස්ටර්බ් යූ" කියල යන්න ගියා. ටිකක් හවස් වෙලයි දැක්කේ අර නවුමොව් දුන්න දියමන්ති කෑලි භාගෙකටත් වැඩිය පොලිස් කාරෙකේ හරි එළියේ හරි වැටෙන්න ඇති කියල. ආපහු ලඟම තියන පොලිසියට ගියා. පොලිස් කාරයගේ නමවත් පොලිසියවත් දන්නේ නැහැ. මම ඒක හරියට බැලුවෙත් නැහැ. උන් පොලිසි කීපයකට කතා කලා. මේක නිකන් පාරේ නවත්වල කරපු චෙක් කිරිල්ලක් නිසා කවුරුත් මුකුත් සටහනක් දාල නැහැ කීව. බොරු වෙන්නත් පුළුවන්. හම්බවුනොත් දෙන්නම් කිව. පොලිස් කාරය සමහරවිට එන්නත් ඇති පස්සේ. නමුත් මම ඒ නැවතිලා හිටි තැන හිටියේ තාවකාලිකව.
මම නවුමොව් ට පණිවිඩේ යැව්වාම විශ්වාස කලේ නැහැ. මම බොරුවක් කියන්නේ කියල ලොකු මුදලක් ඉල්ලුව. මගේ මල්ලි හිටියේ මොස්කව් වල. මට මල්ලිට ඉගෙන ගන්න රුසියානු වීස ගහගන්න සල්ලි යවන්නත් තිබ්බ. මල්ලිට සල්ලි යවන්න උදව් කලේ රාමනායක. දැන් රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන විධායක. නවුමොව් ඉල්ලන ගාන කොහොමටවත් දෙන්න බැහැ. කොහොම හරි මගේ PhD කිරිල්ලත් ඉවර වෙලා ලන්ඩනයේ නැවතුනා . සුළු සිද්ධියකින් ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනව.
ඊට පස්සේ අමාරුවෙන් සල්ලි ටිකක් හදා ගෙන MSc එකක් පටන් ගත්ත එංගලන්තේ. තාත්ත එතකොට අසනීප වෙලා. හොඳ වෙලාවට මම රස්සාව කලේ හෝටලේක. පාඩම් කරන්න වුනත් පුළුවන් බිසි නැත්නම්. බෙහෙත් වලට, හොස්පිටල් වලට සල්ලි යැව්වෙත් මම. තාත්තට අමාරු වෙනකොට මල්ලිලා අක්කල වුනත් කිව්වේ නැහැ. මන් අමාරුවෙන් ඔක්කොම කරනකොට එන්න කියන්නේ කොහොමද කියල හිතන්න ඇති. තාත්තා ඇහුවෙත් නැහැ PhD කරන්න ගිය මිනිහ වෙන රටක නැවතිලා MSc එකක් ආයේ කරන්නේ මොකද කියල. නමුත් හිටියේ හිතේ අමාරුවෙන්. MSc එකේ ප්‍රොජෙක්ට් එක දෙන කාලෙ වෙනකොට තාත්තට හොඳටම අමාරුයි. අන්තිම සතියේ පොඩි අක්ක බලන් ඉන්න බැරි තැන අඬ අඬ කිව්වා ඔයා නම් දැන් එන්නම ඕනේ කියල. . ඒත් හිතුවේ මේක ඉවර කරලම යනවා. නමුත් උපාධි ( thesis එක) තේමාව defense කරන්න දවස් දෙකක් තියා තාත්තා අවසන් හුස්ම හෙලලා තිබුන.
මම අවුරුදු නමය දහය කාලෙත් හරියට කියවනවා. ඕල්කොට් , පරම විඥාර්ථේ ගැන එහෙම කියවල ලොකු ඕනෑකමක් තිබ්බේ බෞද්ධ විදුහලකට යන්න ඒ ගොල්ල පිහිටවපු. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ලැබුනේ ආනන්දේ. ඒ දවස්වල ආනන්දේ පූල් එකක් හදන්න සල්ලි එකතු කරනවා. ඒකටත් ගෙවල ආනන්දෙට රෙජිස්ටර් වුණා තාත්තා එක්ක ගිහින්. බොහොම කැමැත්තෙන් ගියා දවස් දෙකක්. ඊට පස්සේ රෝයල් එකේ විභාගෙන් පාස් වෙලා ආවා. ඒක ටිකක් පරක්කු වෙලා ආවේ. තාත්තා මාව අස් කරගෙන ගිහින් රෝයල් එකට දැම්ම. මම හෙන වලි ගෙදර. ඕල්කොට් ගේ ඉස්කෝලෙන් අස් කලේ ඇයි කියල. පස්සේ තමා අම්ම කිව්වේ එක්තරා නෑදෑයෝ කට්ටියක් තාත්තාට කෝචෝක් එකක් දාල තියනවා කියල. අක්ක විශාඛා ගිය එකට ඒ ගොල්ලට අප්සෙට් ගහල. පුතාවත් රෝයල් දානවා කියල තාත්තා කිව්වා කියල හිනා වෙලා නෝන්ඩියට . තාත්තා ඒක කරලා තියෙන්නේ ඒ ගොල්ලන්ට පේන්නද මන්ද . හැබැයි මම අකමැති දෙයක් තාත්තා කරපු අන්තිම වතාව ඒක. ආයේ කවදාවත් ඇඟිලි ගැහුවේ නැහැ මන් කරන දේකට. මට අදත් ඔය ඉස්කෝල භේද පෙන්නන්න බැහැ.
ඒලෙවල් ඉවර වෙලා රිසල්ට්ස් එනකොට මොකක්ද ලක් එකක් තිබ්බ. අර්නස්ට් ඇන්ඩ් යන්ග් එකේ audit exam එක දාගෙන trainee පෝස්ට් එකක් ලැබුන. ඒකට ගියේ නැහැ, කොළඹ විශ්ව විද්යාලයට ආව නිසා physical Science යන්න. ඒකට ගියේ නැහැ මොකද ඊට පස්සේ NDT ආවා. ඊට පස්සේ උඩින් ලකුණු ලැබිච්ච එවුන් ඇවිත් නැහැ කියල මොරටුවත් ආවා. පුදුම වැඩක්. ඒ අස්සේ සෝවියට් යන්න දාල තිබ්බේ අක්කයි මායි දෙන්නම. තිබ්බ සමාජවාදී උණට. අන්තිමට ඒකත් ආව. කොහොම ආවද මන්ද? පස්සේ කඹ ඇදල ඇදල සෝවියට් යන්න තීරණය කෙරුව. යන දවසේ කාමරේට ගියාම දැක්කේ තාත්තා අඬනවා. දැඩි හිතක් ඇති තාත්ත අඬනවා කවදාවත් දැකපු නැති දෙයක්. තාත්තා මම යනවට කැමති නැහැ කියල දැන ගත්තේ එදා යන දවසේ. තාත්ත පස්සේ අම්මට කියල තිබ්බ එයා ආපහු එන්නේ නැහැ. එක දරුවෙක් නැති වුනා කියල. අම්මා කියල තිබ්බා පිස්සුද කොල්ල ඉවර කරලා එනව කියලා.
//මට ලියන්න අමතක වෙච්ච දේවල් දෙකක් කෙනෙක් මතක් කරා. එකක් තමා 87-88 කලබල කාලෙ තාත්තයි අම්මයි මගේ පොත් ගොඩ චෙක් කරලා. මන් හැම සෝවියට් පොත් ප්‍රදර්ශනේටම ගිහින් එකතු කරපු පොත් ගොඩක් තිබ්බ. අම්මා, වානේ පන්නරය ලැබු හැටි, අපනාසියේව් ගේ භෞතිකවාදය පොත් හෙම. මන් හිටියේ නැතුව උනත් අක්ක නිසාද කොහෙද තාත්ත ඒවා විසික් කරලා. මොන හේතුවකටද මන්ද එච්චර භය වුනේ. හැබැයි චේ ගේ පින්තුරෙයි විජේවීරගේ පින්තුරෙයි, විජේවීරගේ පොත් පින්චකුයි යි ගිනි තියල. ඊට පස්සේ කියල තියනවා රුසියාවට ගිය නිසා කොල්ල බේරුනා කියල.
දෙවැනි එක තමා අසනීප වෙලා රෝහල් ගානේ ගිය කාළේ. කන්සල්ටන්ට් ල අල්ලන්න ප්‍රයිවේට් යන්න ඕනේ. කාගෙන්වත් නෑදෑයෙකුගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ. පැන්ෂන් එක හැදුවට ප්‍රාදේශීය සභාවේ ක්ලාර්ක් කට්ටේකුට පගාව දුන්නේ නැත්නම් එවන්නේ නැත්ද මොකක්ද එකක්. ඉතින් සල්ලි යැව්වේ මම නිසා තාත්ත අම්මට කියල පුතා එංගලන්තේ ඉන්න නිසා හොඳට ගියා නැත්නම් පැන්ෂන් එකත් නැතුව බෙහෙත් වලට කවුද වියදම් කරන්නේ කියල. මේ දෙක ලිව්වේ මට මේක මතක් කර දුන් එක්කෙනෙ කිව්වා මටම වරද පටව ගන්න එපා. තාත්තා මුකුත් කිව්වේ නැහැ පුතාගේ හොඳ මිසක් කියල. //
"මහලුව බැරි වුනහම ඔබ හට ඇවිදින්න - අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න" කියන සින්දුව මම කැමතිම සින්දුවක්. නමුත් කරන්න බැරි වුනෙත් ඒක.
පලවෙනි පඩියෙන් සම්ප්‍රදායිකව පියෙකුට අරන් දෙන කමිසයක් අරන් දෙන්න බැරි වුනාට, තාත්ත එක්ක හවස් යාමෙක ඉස්සර වගේ තාත්ත සුරුට්ටුවකුත් ගහගෙන දිවයින බලද්දී , දේශපාලනේ ගැන වාද කරන්න, ලෙඩ වෙන වෙලාවේ ලඟින් ඉන්න, අන්තිම මොහොතේ අතින් අල්ලන් ඉන්න, බෙහෙත් පෙත්ත නෙමේ වතුර ටිකක් හරි දෙන්න , ඒ මොකුත් බැරි වුණා.
අන්තිමට ගියේ මරණයට විතරයි. දෙන උස්සගෙන යන්න. කනත්තට ගිහින් චිතකය දැවිල අන්තිම ගිනි පුලිඟුවත් යනකන් මල්ලියි මායි හිටිය තාත්තා දාල එන්න බැරුව උදේ පාන්දර වෙනකන්. මට එතකොට ඔක්කොම එපා වෙලා, අපහු යන්නත් ඕන කමක් නැහැ වගේ. හත් දවසේ දානෙට බිරිඳ ආවා. අම්මට හඬාගෙනම කියවුන "අනේ තාත්ත කිව්වනේ පුතේ. සුදු දෝණියන්දව බලන්න හිටියේ නැහැ නේද කියල".
අපි හිතන්නෙත් නැති මොකක් හරි සුළු දෙයක් නිසා, හිතන්නෙත් නැතුව උදව් කරන්න කියල භාර ගන්න දෙයක් නිසා අන්තිමට අපේ මුළු ජිවිතම වෙනස් වෙනවා. දුවල දෙන්න දිහා බලන හැම වෙලේම හිතෙන්නේ තාත්ත මුන් දෙන්නට කොච්චර ආදරේ වෙයිද කියල? ඒ සිද්ධිය නොවුන නම් ඔයා මෙච්චර ආදරේ කරන ළමයි දෙන්නෙක් ඉඳීද කියල බිරිඳ අහනවා වෙලාවකට.
අද තාත්තගේ උපන් දිනේ.
තාත්තාට නිවන් සුව.
(ප.ලි. - කවුරුත් කියන්න කලින් - මිනිසුන්ට හුඟක් අමාරු දේවල් වෙනවා සුනාමියේ සිට 71, 89 හා 2009 කාලයේ වුන දේවල් දක්වා. මම ඒ ගැන හුඟක් අවබෝධයෙන් ඉන්නේ. මෙතැන ඇත්තේ පෞද්ගලික මතකයක් හා වේදනාවක් ගැන ලිවීමක් පමණයි. )
මං මගේ බ්ලොග් ලිපිය ලියන්න ලාස්තිවෙලා නිකමට g+ බැලුවම තාත්තා කියලා දැක්කා,, මාව එහෙම්ම නතර වුණා, තාත්තා කියන්නේ මගේ ජීවිතෙත් මහ විශාල දැවැන්තයෙක්, ඒ ගැන මාත් ලිපියක් ලියා තියෙනවා.. ඔබේ ලිපිය එක හුස්මට කියෝගෙන ගියා... ජිවිතේ කියන්නේ අහම්බෙන් වෙන දේවල් වල මුළු එකතුවට කියන නමද කියලත් හිතෙනවා ,,, ආපහු හැරිලා බලද්දී පසුගියාව පුරාම තියෙන්නේ අනපේක්ෂිත සිදුවීම්,,, අනාගතය ගැන අපි කොච්චර ප්ලෑන් කලත් ඉස්සරහට වෙන්නෙත් අරකමයි.. ඔබේ ආදර පියාට නිවන් සුව පතනවා සතුටින් ඉන්න අයියේ
ReplyDeleteඔයාගේ ලිපියත් බලන්න ඕනේ. දැක්කේ නැහැ. කියමන //ජිවිතේ කියන්නේ අහම්බෙන් වෙන දේවල් වල මුළු එකතුවට කියන නමද කියලත් හිතෙනවා// හරිම දාර්ශනිකයි. ඔබේ සංවේදී වදන් වලට ස්තුතියි නංගියේ.
Deleteමගේ බ්ලොග් එකේ වම් පැත්තේ ඇති මගේ සුදු තාත්තා කියලා ලිපියක්, ඒකෙ මගේ තාත්තා ගැන තියෙනවා., ඔය නිකමට පෝස්ට් එක කියෝගෙන එද්දී දැනිච්ච දෙයක් අයියේ කියලා දැම්මේ,,,
Deleteමන් ඒක කියවල පොස්ට් එකකුත් දාල තියනවා. කාලෙකට කලින්. දුක හිතෙන කතාවක් නංගි . තාත්ත අම්ම අසනීප වෙලාවට ගිහින් බලල එන්න.
Deleteඔමා ඔයාගේ කතාව පෞද්ගලික එක්ක උනත් ටිකක් අනුවේදනීයයි වගේම ගණන් දෙයක් තියෙනවා අනිත් අයට. පබ්ලිෂ් කරන්නද LNW සයිට් එකේ.
Deleteසයිට් එක ගැන නම් මං දන්නේ නෑ අයියේ,, ඕනේ දෙයක් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. කාටහෝ ප්‍රයෝජනයක් වෙනවා නම් එච්චරයි
Delete//මිනිසුන්ට හුඟක් අමාරු දේවල් වෙනවා සුනාමියේ සිට 71, 89 හා 2009 කාලයේ වුන දේවල් දක්වා. මම ඒ ගැන හුඟක් අවබෝධයෙන් ඉන්නේ// උඹේ කලින් සටහනෙනුත් එය තේරෙනවා. එතරම් ශෝචනීය අතීතයකට හිමිකම් කියන ලංකාවේ බොහෝ දෙනාට, මිනිසුන්ගේ දුක් වේදනාවන් තේරුම් ගන්න බැරි වීම මට සමහරවිට පුදුමයි. ජනවාරියේ තිබුන Auschwitz-Birkeanau camp මුදා ගැනීමේ 70 වන සංවත්සරයේ, ඒ මහලු මිනිසුන් වසර 70 කට පසු තවමත් අඬනවා වුවත්, අපේ වගේ අනෙකාගේ ලේ බලන්න ඕනේ කියා ඉල්ලනවා මා දුටුවේ නැහැ බං.
ReplyDeleteශෝචනීය වුවත් මා කැමති සටහනක්!
ස්තුතියි මචන්. මන් හිතනවා (මේ කතාව ලංකාවේ ඉන්න යාලුවන්ට කියන දෙයක් නෙමේ.) සමහර වෙලාවට අපි පිටරටවල ගිහිල්ල ඇවිදලා දැකල නිසා වෙනස් වෙලා කියල. අපි බලන්නේ box එකෙන් පිට ඉඳන්නෙ. සමහරවිට ජිවිතේ ම ලංකාවේ හිටියනම් මාත් එහෙම වෙන්න ඉඩ තියනවා. මොකද දකින්නේ හැම වෙලේම එක පැත්තයි. අක්කලා කියපු දෙයක් තමයි මම හිටියනම් 88 කාලෙම ගිහිල්ල කියල.
Deleteඅපි ඔවුන්ට ණයයි. ඔවුන්ට ඒ ණය ගෙවන්න අපිට ඉඩ ලැබෙන්නෑ බොහෝ විට. අපි ඒ ණය ගෙවන්නෙ අපේ දරුවන්ට.
ReplyDeleteඔබටත් මටත් දයාබර වූ ඒ පියවරුන්ට නිවන් සුව ලැබේවා!!!
ස්තුතියි මධූ. ඒක ඇත්ත.
Deleteකියන්න දෙයක් හිතාගන්න බැරිව ගොළුවුණා අපූරුවට අකුරු කරල තියෙන සංවේදී ලියමනක්...
ReplyDeleteසමහර වෙලාවට අපෙ අතින් කොයි තරං දේ මගඇරෙනවද සමහර විට අපිට ඒක සුළු දෙයක් කියල දැනෙන ඒත් සමහරක් වෙලාවට අනික් අයට ඒක මහමෙරවගේ ලොකුයි...
අනේ මංද....
ඔව්. මන් අපේ මලයට ළමයිනට හැම වෙලේම කියන්නෙත් සුළු හොඳක් හරි කාගේ හරි කියන්න. අම්මට සලකන්න කියල.
Deleteස්තුතියි. ලිව්වම ටිකක් හිතට හරියනවනේ.
Deleteජීවිතයේ යම් කාලයකදී අපිට අම්ම තාත්තව ඇත ඇරෙනවා , එත් ඒ ගැන පස්සේ අපි පසුතැවෙනවා . අනේ මංදා? මේකද ජීවිතේ එතකොට
ReplyDeleteඔඅබට එහෙම නොවේවා කියල පතනවා. අපිට අම්ම තාත්තව හෙම මග හැරෙන්නේ අපි හුඟක් ස්වාධින වුණාම කියලත් හිතෙනවා. නමුත් ඒකම තමා වෙන්න ඕනෙත්. ස්වාධින එන එක. මට බැලන්ස් කර ගන්න බැරිවුනා එක තැනක. කරනන් දෙයක් නැහැ.
Deleteමම උඹේ මගේ එකේ දාපු කොමෙන්ට් එක දැක්කම ෂොක් උනා.. මොක්ද දුකට හේතුව කියලා.. උඹ බෞද්ධයෙක් නිසා දුක නැති කර ගැනීමේ මාර්ගය හොඳට දන්නවා ඇති.. මට පුදුම ජීවීතේ අනිත්‍යයයි කියලා හැමදාම අහන අපි, ප්‍රියයන්ගේ වෙන්වීම දරා ගන්න අමාරු ඇයි කියන කාරණය. මම හිතන්නේ ඒක ආගමෙන්ම එන බ්‍රේන් වොෂ් කිරීමක් උඹට තියෙන්නේ පසුතැවීමක්..
ReplyDeleteඒත් ජීවීතේ කියන්නේ අපි පතනා සියල්ල ඉටු වෙන්නෙ නැතුව කෝල් කරපු ගමන් යන්න ඕන තැනක්.. ඒ නිසා හිත හදා ගන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ.. පැමිනි ලෙසම පිටවිය යුතුය.. ජීවීතය එයයි.. ඉතා සරළව..
මටත් පොඩි කුමාරිහාමියි, අපූර්විගෙයි ළිපි දෙකම මතක් උනා..
දුක නැති කිරීමේ මාර්ග දන්නවා බන්. ඒත් ඒ අනිත් වෙලාවට විතරයි. උපන් දිනේ දවසට නැති වෙච්ච් දවසට ඒක ෂොක් එක වගේ එනවා. ආගම නෙමේ මෙම මළවුන් ගෙන්වන්නත් ගියා. එකත් ලියන්න ඕනේ. //ඒත් ජීවීතේ කියන්නේ අපි පතනා සියල්ල ඉටු වෙන්නෙ නැතුව කෝල් කරපු ගමන් යන්න ඕන තැනක්// ඔව් මේක තමා ඇත්ත.
Deleteසුළු සිදුවීමකින් වෙන වෙනස හරිම පුදුමාකාරයි.
ReplyDeleteසංවේදී ලිපියක්. දෙතුන් පාරක් කියෙව්වා. සාමාන්‍යයෙන් මම කිසිම ලිපියක් එහෙම කියවන්නෙ නෑ. දැනෙන්න තව හේතුවක් වුනේ අපේ මහප්ප කෙනෙකුගෙ හත්දවසෙ දානෙ ඉවර වෙලා ආවෙ ඊයෙ රෑ නිසා. එතනත් පියවරු ගැන කතා වුනා.
තාත්තාට නිවන් සුව.
මං ඔය ගැන මිට කලින් (මේ ලිපිය ලියන්න කලින්) කිව්වේ බිරිඳට ඇරෙන්න තව එක්කෙනෙකුට. එයාගේ ධර්මයට අනුව එයා කිව්වේ කලින් ප්ලෑන් වෙලා තියෙන්නේ එහෙම වෙන්න කියල. මම ඉතින් ඕව පිළිගන්නේ නැති නිසා එතන සහනයක් නැහැ.
Deleteස්තුතියි.
සමහර දේවල් තියෙනවා අපි හිතලා කියද්දිම එ්කෙ ප්‍රතිපලය මේතයි කියලා කියනවා දෙමව්පියන්.
ReplyDeleteඔව් මල්ලි ඒක ඇත්ත. ඒක එනේව දෙමව්පියන් වශයෙන්. අපේ දුව මාත් එක්ක වාද කරනවා වෙලාවක. මම එයට සමහර වෙලාවට කියන ඔයාට පස්සේ තේරෙයි. මටත් එහෙමයි වුනේ කියල.
Deleteසමහර දේවල් තියෙනවා අපි හිතලා කියද්දිම එ්කෙ ප්‍රතිපලය මේතයි කියලා කියනවා දෙමව්පියන්.
ReplyDeleteකියවගෙන යද්දි උගුරේ හිරවෙවී තිබිච්ච දේ ඇස් දෙකෙන්ම එලියට ආවා....තාත්තාට කෝල් එකක් දැම්මේ නෑ නේදැයි කියලත් මතක් උනා....
ReplyDeleteඅජිත්ගේ පියාට නිවන්සුව...
ස්තුතියි චෙෆ්. හින්ගක් සංවේදී වුනාට. තාත්තට කෝල් එකක් දෙන්න.
Deleteඒ දෙමාපියන්ගේ හැටි........... අපිට වඩා අඩි ගානක් ඔවුන් ඉදිරියෙන් තමයි.. ඒත් ඒක අපිට තේරෙන්නේ නැහැ.................
ReplyDeleteඅපිත් දැන් දෙමාපියොනෙ. ඒත් මට හිතෙනවා අපි වගේ නොවී , ළමයි තරුණ කාලේ කලින් හම්බවුන නිසාද මන්ද ඔවුන්ට දැනුම් තේරුම් වැඩිය කියල එකම වයස් පරාසයේ වුනත්. අනික ඔවුන් වින්ද දුක් වැඩියි.
Deleteමට මතක තියෙන දවසෙ ඉඳන් අද වෙනකම්ම මුල්ම වතාවට පහුගිය සති දෙහෙකට උඩදි තාත්තා අසනීප උනා.. ඒ වෙනකොට අවුරුදු 76ක් උනත් මං හිතාගෙන හිටියේ තාත්තා මං මැරෙනකොටත් ජීවත්ව ඉඳියි කියල.. ඒත් එදා පළවෙනි පාරට මට මගේ තාත්තා මට කලිං මැරෙයි කියල හිතුණා.. ඒක ලොකු ඒ වගේම බර හැඟීමක්..
ReplyDeleteපහුගිය දවස්වල මං දන්න පොඩ්ඩෙක් ඒලෙවල් ඉවර කරලා පෙරුම් පුරා ගෙන හිටියා රශියා ගිහින් මෙඩෙක් වෙන්න. උගේ තාත්තත් නුවර පැත්තෙ ඩොකෙක්.. කොල්ල එයාපෝට් එකට ඇරලවල එද්දි පපුවෙ අමාරුවක් හැදිල තාත්ත නැතිඋනා.. ගෙදර උන් කොල්ලට අවුරුද්දක් යනකම් කිව්වේ නෑ ගිය ගමන අප්සෙට් කර ගනී කියලා..
මේ ලිපිය කියවන්න කලින් හිටපු මං නෙවෙයි දැන් මේ ඉන්නේ. පිය පුතු බැඳීම හරිම සංකීර්ණයි.. මට මගේ තාත්තවත් පුතාවත් මාරුවෙන් මාරුවට මැවි මැවී පේනවා..
මගේ යාලුවෙක්ටත් එහෙමයි. අම්ම නැති වුන කියල ගෙදරින් කිව්වේ නැහැ. අවුරුදු ගාණක් යනකන්. පොර ගෙදරත් එක්ක තරහ වෙලත් හිටිය කාලයක් ඒක නිසාම. තමන්ට පුතෙක් දුවෙක් ඉන්න කොට වඩාත් මේ හැඟීම එනවා. තාත්ත අමං ගාව පුළුවන් තරම් ඉන්න පුළුවන් වෙලාවට.
Deleteඑක සුළු සිද්ධියකින් ජීවිතේ සහමුලින්ම වෙනස් වෙනවා.ඒක ඇත්ත.
ReplyDeleteඅපේ තාත්තා නැතිවුනේ මම ඉස්කෝලෙ යද්දි.අපි රස්සාවට යනවා පිටරට යනවා දකින්න තාත්තා ජීවත්වෙලා හිටියෙ නෑ.හිටියනං කොච්චර එකක්ද කියල දැන් හිතෙනවා.
ඒක ඇත්ත . ඉස්කෝලේ යද්දී පියෙක් නැති වෙනවා කියන්නේ හරිම දුකයි. මොකද පියෙක්ගේ ආරක්ෂාව ආදරය මග පෙන්වීම වැඩියෙන්ම ඕනේ කාලේ. ඔබේ තාත්තට නිවන් සුව.
Delete"තාත්තා" කියන අකුරු තුන මගේ ජිවිතේත් ලොකු වටිනාකමක් තියෙන වචනයක්. තාත්තාලා අපි වෙනුවෙන් කොයි තරම් දේවල් කරනවාද ?ඒ දේවල් වල ණය අපිට කිසිමදාක ගෙවලා ඉවර කරන්න බැරි වේවි.
ReplyDeleteමේ තියෙන්නේ මගේ තාත්තා ගැන මම ලියපු ලියුමක්.
http://manogeloka.blogspot.com/2013_09_01_archive.html
සංවේදී කතාවක් මනෝජ්. හරිම සුන්දර තාත්තා කෙනෙක්. අර බීම කතාව. මට අපේ තාත්තවත් මතක් වුණා ආයේ.
Deleteඅපේ තාත්තගේ මරණය මට බලපාපු කතාව මම ලිව්වනේ .. අදටත් හැමදේකදිම තාත්ත හිටියනම් කියල හිතෙනවා ... අජිත් ගේ කතාව කියෙව්වම දුක හිතුනා ... ප්ලෑන් කරන කිසි දෙයක් ඒ විදියට වෙන්නේ නෑනේ ...
ReplyDeleteඔව් මන් හිතන්නේ මම ඒක කියෙව්වා.ඉවාන් හෙම උත්තරයක් දාල තිබුන මතකයි. කොච්චර ප්ලෑන් කළත් ඔච්චර තමයි කියල හිතෙනවා නේද වෙලාවකට.
Deletewell said buddy!!!
ReplyDeletefor the young readers - try not to miss your parents much as possible.
I don't expect nothing from my children. But I go and see my mother at every opportunity.
Delete//මට ලියන්න අමතක වෙච්ච දේවල් දෙකක් කෙනෙක් මතක් කරා. එකක් තමා 87-88 කලබල කාලෙ තාත්තයි අම්මයි මගේ පොත් ගොඩ චෙක් කරලා. මන් හැම සෝවියට් පොත් ප්‍රදර්ශනේටම ගිහින් එකතු කරපු පොත් ගොඩක් තිබ්බ. අම්මා, වානේ පන්නරය ලැබු හැටි, අපනාසියේව් ගේ භෞතිකවාදය පොත් හෙම. මන් හිටියේ නැතුව උනත් අක්ක නිසාද කොහෙද තාත්ත ඒවා විසික් කරලා. මොන හේතුවකටද මන්ද එච්චර භය වුනේ. හැබැයි චේ ගේ පින්තුරෙයි විජේවීරගේ පින්තුරෙයි, විජේවීරගේ පොත් පින්චකුයි යි ගිනි තියල. ඊට පස්සේ කියල තියනවා රුසියාවට ගිය නිසා කොල්ල බේරුනා කියල.
ReplyDeleteදෙවැනි එක තමා අසනීප වෙලා රෝහල් ගානේ ගිය කාළේ. කන්සල්ටන්ට් ල අල්ලන්න ප්‍රයිවේට් යන්න ඕනේ. කාගෙන්වත් නෑදෑයෙකුගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ. පැන්ෂන් එක හැදුවට ප්‍රාදේශීය සභාවේ ක්ලාර්ක් කට්ටේකුට පගාව දුන්නේ නැත්නම් එවන්නේ නැත්ද මොකක්ද එකක්. ඉතින් සල්ලි යැව්වේ මම නිසා තාත්ත අම්මට කියල පුතා එංගලන්තේ ඉන්න නිසා හොඳට ගියා නැත්නම් පැන්ෂන් එකත් නැතුව බෙහෙත් වලට කවුද වියදම් කරන්නේ කියල. මේ දෙක ලිව්වේ මට මේක මතක් කර දුන් එක්කෙනෙ කිව්වා මටම වරද පටව ගන්න එපා. තාත්තා මුකුත් කිව්වේ නැහැ පුතාගේ හොඳ මිසක් කියල. //
ඔබගේ පියතුමා ගැන දුකයි.
ReplyDeleteඒ වගේම සත්‍යය; ප්‍රබන්දවලට වැඩිය විශ්මිතයි කියල මං අහල තියෙනව
එය ස්ඵුට කෙරෙනව ඔබට සිදුවී ඇති දේවලින්
ස්තුතියි. මේකෙම තව අමාරු හරියක් තියනවා. ලියනවද කියල හිතා ගන්න බැහැ.
Deleteඔබගේ තාත්ත හොඳ තැනක ඉපදිලා ඇති. දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති තාත්තලාට ඔබගේ කතාව උපහාරයක්ම වේවා...
ReplyDeleteස්තුතියි සජ්ජා.
Delete//අපේ දුව මාත් එක්ක වාද කරනවා වෙලාවක. මම එයට සමහර වෙලාවට කියන ඔයාට පස්සේ තේරෙයි. මටත් එහෙමයි වුනේ කියල.//
ReplyDeleteසම්පූර්ණ ලිපියටත් වඩා මම හුගක් කලබල උනේ මේ කමෙන්ටුව දැකල.මමත් මේ දවස් වල අප්පච්චි එක්කල පොඩි වාදයකට පැටලිලා හිත රිදවාගෙන ඉන්න නිසා.ඒත් අප්පච්චි හරි හෝ නැතා මම එයාගෙන් අද සමාව ගන්නව. මොකද කවදාවත් ලොකු දුක්බර පසුතැවීමක් ජිවිතේට එකතු කරගන්න නරකයි කියල අද මට තේරුණා . කවදත් වගේ අදත් කියන්න තියෙන්නෙ බොහොම ස්තුතියි අජිත් සහෝ (ඒක තේරුම් ගන්න උදව් කලාට ) කියල තමයි.ඔය තියෙන්නෙ සැබෑ ජිවිත අත්දැකීමක් නිසා මම හදවතින්ම කොමෙන්ටුවට එකඟයි.
ස්තුතියි දිලා. පසු තැවීමක් එකතු කර ගන්න එකේ තේරුමක් නැහැ. මම දේශපාලනේ ගැන කතා කරද්දී වුනත් "confrontational " කියන එක අඩු කර ගන්න බලන්නේ. තාත්තා පස්සේ මං ගියාට කැමති වෙච්ච බව හෙම මගේ අක්කා මතක් කරලා දුන්න. සමහරවිට අපේ මානයෙන් ඒගොල්ල වැරදි වෙන්න පුළුවන්. නමුත් හිතේ තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ. එක අම්මයි එක තාත්තයි ඕන කෙනෙකුට.
Deleteහැමෝම අම්මටයි තාත්තටයි හෙන ආදරෙයි , මට අනිත් මිනිස්සුන්ට වගේ එහෙමට ලොකු හැගීමක් ඇති වෙන්නේ නැත්තේ ඇයි කියල මට සමහර වෙලාවට හිතෙනව , සමහරවිට මගේ පවුකාර කමක් වෙන්න ඇති.
ReplyDeleteපවුකාරකමක් කියල එකක් නැහැ. නැතිවෙනකොට අගය වැඩියි මම හිතන්නේ. මගේ අම්ම තාත්තා හුඟක් ලිහිල්ව හිටිය මන් හිතන්නේ. ආදරය ඇලීම අඩු කරගන්න තරමට වේදනාවත් අඩුයි කියනවනේ නැති වෙනකොට ඒ දේ.
Deleteමළවුන් කතාකරවීම් ගැනත් ලියන්න. ඒ ගැන මැදහත්ව විද්‍යාත්මක විශ්ලේශනයක් කරන එක වටිනවා.භෞතික ලෝකයට එපිටින් විද්‍යාවට සොයාගත නොහැකිවූ යම් දෙයක් තිබෙනවා වෙන්න බැරිද
ReplyDeleteඒක ලියන්නත් ඕනේ. වෙලාව තමා ප්‍රශ්නයකට තියෙන්නේ දැන්.
Deleteහරිමදවසක මේක කියවන්න අහු වුණේ . අපේ තාත්ත නැති වෙලත් අදට අවුරුදු හතක් වුණා . ඔබට වගේම මටත් යන්න ලැබුණේ අවසන් කටයුතු වලට පැය කිහිපයක් තියා . මමත් ආසාවෙන් තියන් හිටි සෝවියට් දේශය සඟරා ටිකයි මම ඇඳපු ලෙනින්ගේ මුණයි ඔක්කොම පිච්චුවේ අම්මා. " ඔයා පොඩි ළමයෙක් වුනාට අය්යයි අක්කයි නරක වයස " කියල.
ReplyDeleteඔබේ තාත්තට නිවන් සුව. බලාගෙන යනකොට හැමෝටම සමාන අත්දැකීම් වගේ නේද. පිට රටවල ඉන්න නිසාද? මේ වෙන හැටිද?
Delete🥺🥺🥺🥺
ReplyDelete