දෙනෙතියක් තෝරා ගැනීම පිලිබඳ හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා මේ ලිපියත් ඉක්මනින් ලිවිමට සිතුවෙමි .
එම ලිපියට මෙතනින් යන්න.
http://kolambagamaya.blogspot.co.uk/2015/01/binoculars.html
දෙනෙතියක් මිලදී ගැනීමේදී එහි කාචයන් දෙකම හරියට එකම වස්තුවකට නාභිගත කිරීම (focusing ) හරියට වෙනවාදැයි නිරීක්ෂණය කළ යුතුයි. දුරේක්ෂයක් ගැනීමේ ක්‍රියාවලිය මිට වඩා ටිකක් සංකීර්ණයි. ඒ අප විසින් තාරකා නැරඹීමට ගන්නා කාචය සවි කල යුතු නිසා.
දුරේක්ෂ හෙවත් ටෙලස්කෝප ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. පරාවර්තක (reflectors) හා වර්තක (refractors) යනුවෙන්. වර්තක නැත්නම් refracting කෝප් එකක කාච විසින් වස්තුවේ ප්‍රතිබිම්බය සදනවා. පරාවර්තක එහෙම නැත්නම් reflecting කෝප් එකක වක්‍රාකාර දර්පණයක් කාචය වෙනුවට භාවිතා වෙනවා. එතකොට ආලෝකය එකතුවන මුල් කාචය හෝ දර්පණය මුලික කාචය (primary lens) හෝ මුලිකදර්පණය ලෙසත් (primary mirror) ඇස ළඟ තිබෙන කාචය eyepiece lens හෙවත් උපනෙත ලෙසත් හැඳින්වෙනවා.
වර්තක (refracting telescopes) දුරේක්ෂ:
1608 දී පමණ ඕලන්ද ජාතික අක්ෂි විශේෂඥයෙකු වන හෑන්ස් ලිපර්ෂේ කාච දෙකක් තුලින් බැලීමේදී ඈතින් තිබෙන වස්තුවක ප්‍රමාණය විශාලවී පෙනෙන බව සොයා ගත්තා. මෙම දැනුම යොදා ගනිමින් ගැලිලියෝ ගැලිලි සඳ බැලීම සඳහා වර්තක දුරේක්ෂයක් තැනුවා. එය ගැලිලියන් දුරේක්ෂය නමින් හඳුන්වනවා. ආලෝකය අභිසාරී වන (එකතු කරන) කාච (converging lens ) යොදා ගනිමින් 1630 දී ජොහැන්නස් කෙප්ලර් විසින් වඩා හොඳ දුරේක්ෂයක් තැනුවා. එයට කෙප්ලරියන් දුර දක්නයක් කියා කියනවා. පහත ඇත්තේ අඟල් 36ක විශ්කම්භයක් සහිත කාචයකින් යුත් ලික් නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂයයි.
|
ලික් නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය |
මේ දුරේක්ෂ වල දුර්වලකම වන්නේ ආලෝකය එකතු කරන කාචය විශාල කරන තරමට නිරීක්ෂණය කරන වස්තුව විශාල වන නිසා කාචය විශාල කල යුතු වුවත් එය කිරීමේ සිමා ඇති විමයි. එසේම විශාල කිරීම වැඩි කිරීම සඳහා නාභිගත දුර වැඩි කිරීමට සිදු වීමයි. නාභිගත දුර f (focal length) කියන්නේ කාචයේ සිට ආලෝකය එක්වන නාභියට (focal point) ඇති දුරටයි. මෙහිදී ගෝලීය අපේරණය (spherical aberration) කියා දෙයකුත් සිදු වෙනවා. එනම් ආලෝක කිරණ එක නාභියකට යොමු වෙනවා වෙනුවට නාභින් දෙකකට යොමුවී වස්තුවේ ප්‍රතිබිම්බය විකෘති වීමයි.
මේ සිදුවීම පහත රුපයෙන් දක්වා ඇත.
|
ගෝලීය අපේරණය (spherical aberration) |
මේ දුරේක්ෂ්වල වල කුඩා කාච ඇති ඒවා පවුම් සියයකට වඩා අඩුවෙන් මිලට ගත හැකි නිසා මේවා ලාභදායි බව කිව යුතුයි.
පරාවර්තක (reflecting telescope )
අයිසැක් නිව්ටන් තේරුම් ගත්තේ වක්‍ර දර්පණයක් භාවිතා කර ආලෝකය පරාවර්තනය කිරීමෙන් දුරේක්ෂයක් සැදුව හැකියි කියා. බොකු ගැසුණු (අවතල) ගෝලීය දර්පනයක් හා එය ඉදිරිපසින් ශ්මිද්ට් ප්ලේට් නම් තවත් ආලෝකය විනිවිද යා හැකි විදුරු තලයක් තැබීමෙන් ඉහත සඳහන් කල ගෝලීය අපේරණය (spherical aberration) නැති වෙනවා. මෙයට කියන්නේ ශ්මිද්ට් ටෙලස්කෝප් කියා. මෙය පහත පින්තුරයේ දක්වා ඇත.
|
ශ්මිද්ට් ප්ලේට් සමග වක්‍ර දර්පණය |
නිව්ටන් මේ මුලධර්මය භාවිතා කරමින් නිපදවූ දුරේක්ෂය නිව්ටෝනියන් යනුවෙන් (newtonian telescope ) හැඳින්වෙනවා. පහත ඇති රුපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත. නිව්ටන් කලේ තවත් පුංචි පැතලි දර්පනයක් තබා එයින් තාරකාවේ ආලෝකය තවත් උපනෙතකට (eyepiece ) යොමු කිරීමයි.
|
නිව්ටෝනියන් පරාවර්තක දුරේක්ෂය |
පහත ඇති පින්තුරයෙන් දැක්වෙන්නේ මගේ මුල්ම හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂයි. මෙය අවුරුදු අටක් විතර පරණයි. මගේ බිරිඳ උපන්දිනයට ත්‍යාගයක් ලෙස අරන් දුන් නිසා මම මිල නොදන්නා මුත් ඒ දවස් වල පවුම් 300 පමණ වුන බවත් දැන් මේ දුරේක්ෂ ඊට වඩා මිල අඩුවෙන් පවුම් සියකට පමණ ගත හැකි බවත් සඳහන් කල යුතුයි.
මෙහි පහල ඇති සිදුරට තමා උපනෙත ඇතුලත් කරන්නේ. මෙහි දෙපැත්තේ ඇති අඬු වැනි දෙක එය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයයි. ඊළඟ ලිපියේ දුරේක්ෂයක් සවි කරන ආකාරය (mount) ලියන නිසා ඒ ගැන වැඩි දුර දැන් ලියන්නේ නැහැ.
පහත ඇති පින්තුරය මෙහි මෝටරයයි.
මේ දුරේක්ෂයේ විෂ්කම්භය මිලි මිටර 114ක්.(අඟල් 4.5) සහ නාභි දුර (focal length) එක මිලි මීටර 900ක්. මෙයින් අප නිවසේ පිටු පස සිට අසල නිවෙස් වල විදුලි
ආලෝකය තිබෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා සහ එහි චන්ද්‍රයන් හතරක් පමණ නැරඹිය හැකියි. එසේම මෙහි උපනෙත් ඉවත් කර එතනට කැමරාවක් සවි කර චායාරූප ගත හැකියි. මේ දුරේක්ෂයේ දුර්වලතාවය නම් එහි විශාල බවයි. ඔසවාගෙන වෙන තැනකට යන්නට උඩ කොටස ගැලවිය යුතුයි. වාහනයක දමා ගෙන අඳුරු පෙදෙසකට යාමට ගත වන වේලාව වැඩියි. එසේම තාරකා බැලීම සඳහා එල්ලය ගැනීමේදී (align) ඒ සඳහා බොහෝ වෙලාවක් වැය කල යුතුයි. මෙහි මෝටරය වැඩ කරන්නේ ඉතා සෙමින්. නමුත් තාරකා බැලීමේදී ඒ වේගය ප්‍රමාණවත්.
මවිසින් මිලදී ගත් දෙවන දුරේක්ෂය සෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 යනුවෙන් හැඳින්වේ. මෙහි කාචයේ විෂ්කම්භය මිලිමීටර 127. (අඟල් 5) නාභි දුර (focal length) එක මිලි මීටර 1500ක්.
මෙය මක්සුතොව් කියලත් හඳුන්වනවා. මේ දුරේක්ෂයේ වැදගත්කම වන්නේ මෙහි විශාලනය (magnification) එක කලින් එකට වඩා වැඩියි. විශාලනය කියන්නේ දුරේක්ෂයේ නාභිගත දුර (focal length) එක උපනෙතේ (eyepiece ) නාභිගත දුරින් බෙදුවාම ලබන අගයයි. අපට මිලිමීටර 25ක උපනෙතක් තිබෙනවානම් මෙම දුරේක්ෂයේ විශාලනය 60ක් (1500/25) වන අතර මුල් එකේ 36ක් වනවා. (900/25). තවත් වැදගත් දෙයක් වන්නේ මෙය කුඩා සුරු බුහුටි පහසුවෙන් සවි කල හැකි එකක් වීමයි. මෙහි ඇති හෑන්ඩ් කොන්ට්‍රෝල් එකට ස්වයංක්‍රීය ලෙස දුරේක්ෂයේ එල්ලය ගත හැකියි. මෙහි ඇති කුඩා කොම්පියුටරයේ තාරකා මණ්ඩල, තාරක හා ග්‍රහලෝක 30000 ක තොරතුරු තිබෙන නිසා තාරකා සෙවීමත් පහසුයි. එසේම මෙය ලැප්ටොප් එකටත් සම්බන්ධ කල හැකියි. ලැප්ටොප් එකට සම්බන්ධ කලවිට ඒ සඳහාම තාරක හඳුනා ගැනීමට මෘදුකාංගයක් තිබෙනවා . උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි. වැරැද්දකට ඇත්තේ කාචයේ විෂ්කම්භය කලින් එකට වඩා විශාල අඟල් භාගයක් පමණයි. නමුත් විශාලනය වැඩි නිසා එය එතරම් බල පාන්නේ නැහැ. මෙහි මෝටරයේ වේගය 1-9 දක්වා අනුපාතයට වැඩි කල හැකි අතර එල්ලය බලන ෆයින්දර්ස්කෝපය (star point finderscope) ලේසර් පොයින්ටර් එකක් නිසා තාරකාවට එල්ලය ගන්න පහසුයි. මෙයට බැටරි හයක් දැමිය හැකි අතර මේන් සප්ලයි ලයින් එකටද සම්බන්ධ කළ හැකියි. බැටරි චාජර් එකකටත් සම්බන්ධ කල හැකියි.
පහත පින්තුරයේ ඇත්තේ මා එය පාවිච්චි කල අවස්ථාවක්.
මේ පින්තුරය මගේ මොබයිල් එකේ කැමරාවෙන් ගත් පින්තුරයක්. මෙහි ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැලියන් චන්ද්‍රයන් (ගැලිලියෝ පළමුවෙන් සොයා ගත් නිසා එසේ නම් කර ඇත) වන ඉයෝ, යුරෝපා , ගැනිමීඩ් හා කැලිස්ටෝයි.
ඊළඟ ලිපියෙන් දුරේක්ෂයක් තාරකා බැලීමට සවි කිරීමේදී දැන ගතයුතු කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්.
- අජිත් ධර්මකීර්ති
(Fellow of Royal Astronomical Society)
මේ මොඩල් එක amazon එකේ තියෙනවා ඩොලර් 399කට . ඒ වගේ ගානක් වියදම් කරලා , පරිගණකයෙන් පාලනය කරන්න පුළුවන් එකක් ගන්න තමයි මගේ අදහස. මේ සෙලස්ට්‍රෝන් කියන්නේ ජනප්‍රිය එකක් නේද ? මේ ආසන්නයෙන් යන ඔබ දන්නා වෙනත් මොඩල් ගැනත් පොඩ්ඩක් ලියන්න . හරියට බාවිතා කරන විදිය ගැන පෝස්ට් එකත් ඉක්මනට දාන්න.
ReplyDeleteවෙලා තිබෙන විධිහට බලමු. සෙලස්ට්‍රෝන් සැහෙන්න ජනප්‍රියයි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete//උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි.//
ReplyDeleteනොතේරුණු තැනක්. ඒ කියන්නේ උපනෙත ඉවත් කරලා ඒ වෙනුවට කැමරාව සවි කරනවා කියන එකද? එතකොට සාමාන්‍ය මට්ටමේ, ගුණාත්මක බවෙන් අඩු කැමරාවක් භාවිතා කළොත් විශාලනය අඩු වෙන්න පුළුවන්කමක් නැද්ද?
ඔව්. විශාලනය අඩුවෙන්න පුළුවන්. නාභිගත් දුර උපනෙතේ නාභිගත දුරින් බෙදනවා වගේ කාමර කාචයේ දුරින් බෙදල බැලුවහම magnification එක ගැන අදහසක් ගන්න පුළුවන්.
Deleteමං හරි ආස මාතෘකාවක්. මං කලිනුත් කීවෙ. ඒක නෙවෙයි හැකිනම් ඔබ මෙලෙස දුර දක්නයෙන් බැලූ තාරකා සහ ග්‍රහ වස්තුවල ෆොටෝ ටිකක් මේ පෝස්ට් එකටම ඇඩ් කරනවද, අපහසුයිනම් මගේ පහත ඊමේල් එකට දාන්න හැකිනම් ලොකු උදව්වක්.
ReplyDeletemasandumal@gmail.com
මම ගොඩක් අරගෙන නැහැනේ. හොඳම වැඩ මේ astrophotography ගෘප් තිබෙනවා FB එකේ. ජොයින් වෙන්න. මමත් දැන් තමා astrophotography කරන්නේ මේ අලුත් එක ගත්තට පස්සේ. ගණන් ඒවා නම් එවන්නම්.
Deleteඅමතක උනා. තවම මට අර කිව්ව බයිනො එකත් ගන්න බැරිවුනා. නොවටිනා එකකට රැවටෙයිද කියල බයයි.
ReplyDeleteමට ඕනි කීමී 3,4ක් ඈත තියෙන කුඩා වස්තුවක් උනත් හොඳින් පැහැදිලිව බලාගන්න පුලුවන් දෙනෙතියක්. ඔබට හැකිනම් එහි තිබිය යුතු බලය සහ, උචිත හොඳ බ්‍රෑන්ඩ් එකක් සඳහන් කල හැකිද?
මන් හිතන්නේ මම ලියපු එකේ හොඳ වර්ගය ගැන කිව්වා කියල. සෙලෙස්ට්‍රෝන් එක හොඳයි ගන්න වැඩියි. කැනොන් නුත් එහෙමයි. මම කැමති ලාභ ජර්මන් ඒවාට . ඔබෙර්වර්ක් මයිනර් හා බ්රෙසර් මම කැමති ඒවායි. ම ළඟ පරණ එකක් තිබෙනවා. රුපියල් 3000 4000ක් විතර වෙයි ලංකාවට එවන්න. ඔබට කැමති නම්.
Deleteඔබට කරදරයක් නැත්නම් ඇත්තෙන්ම මට එය මහඟු උපකාරයක්. ඒ වගේ ගණනකට මෙහෙන්වත් ගන්න බැහැ කොහොමත්. එහෙම හැකිනම් ඒක මට ලොකුම ලොකු උදව්වක්. ඒක එතකොට ගෙදරටම ගෙන්න ගන්න හැකිද?
Deleteගෙදරටම එවන්න නම් බැරිවෙයි. මෙවවලට ටැක්ස් කියක ගහනවද දන්නවද? මම කොහොමත් ඔබට ඊමේල් එකක් එවන්නම් පින්තුර දාල. ගන්න වෙන්නේ කොළඹින්.
Deleteටැක්ස් ගැනනම් අවබෝධයක් නෑ මටත්. ඔබ කිව්ව බයිනො වලින් එකක් මං මෙහෙන් හොයාගන්න බලන්නම්කො එහෙනම්. මට අර පිංතූරටික එවන්නකො..
Deleteටැක්ස් මන් හිතන්නේ රුපියල් 200ක් 300 වෙයි. මන් ඒක 3000 ට දදුන්නොත් ලනක්වට එනවිට 4000ට ළඟ වෙයි. කොළඹින් ඔය ඉන්න තැනට පාර්සල් කරන්න ඔයාට පාර්සල් ගාස්තු ගෙවන්න වෙයි. ඒක කීයද මම දන්නේ නැහැ. ඊමේල් එකක් එව්වා.
Deleteඅජිත් අයියගේ මේ ලිපි කියෙව්වම ආපහු හිතින් යන්නේ ඉස්කෝලේ කාලෙට .මට මාර පිස්සුවක් තිබ්බ ඔය දුරේක්ෂයක් ගන්න , එත් කොහෙද සල්ලි. හදන්න ට්‍රයි කළා .. ඔහොම් ඔහොම් කොහොම හරි ඔය තාරකා උන යනකම්ම එක එක දේවල් කර කර දුරේක්ෂ හදනවා, බලනවා ..හොයනවා
ReplyDeleteදුරේක්ෂයක් ගෙදර සිට හදන විධිහත් ඊළඟ ලිපියක දමනවා.
Deleteසමාජවාදය... තාරකා විද්‍යාව... හප්පා මෙහෙම බහුස්‍රැතයෙක්.
ReplyDelete(විහිලුවක් අනේ... ඔබ ඇසුරෙන් අප පින්කල බව දැනින.)
බොහොම ස්තුතියි නේ මධු හප්පා ලජ්ජත් හිතුන. අපොයි මම දන්න සමාජවාදය. හේ හේ
Deleteඔය අපිට හැතප්ම ලක්‍ෂ ගාණක් එහායින් තියෙන ග්‍රහා තාරකා ගැන මගේ එතරම් උනන්දුවක් හෝ විශ්වාසයක් නැහැ.හැබැයි අජිත් අයියා මම කැමතියි කට්ට කළුවර රෑක තට්ට තනියමේ අහසේ විසිරිලා තියෙන තරු දිහා බලන් ඉන්නනම් ඔය වැවක් වගේ තැනක ඉඳන්.
ReplyDeleteඅර හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂ දාලා තියන පින්තුරේ තියෙන්නේ ගැණු ළමයෙක් ඉන්න චිත්‍රයක්.එක ඇන්දෙත් (හෝ අඳින්නෙත්) අජිත් අයියාද..:)
විශ්වාසයක් නැහැ ? ඒකෙ තේරුම මොකක්ද? දැන් ඒවා එතන නැති වෙන්න පුළුවන් මොකද අපි බලන්නේ අතීතය නිසා. මත වැවක් ලනග ඉඳන් තරු බලන්න කැමතියි. අමුත් සුන්දරත්වයක්නේ එතන තියෙන්නේ.
Deleteචිත්‍රය ඇන්දේ මගේ දුව. ඒ එයාගේ පින්සල් අරව මේවා ටික. අපි දෙන්න හැම වෙලේම වලි ඔතන ඉඩට. ඒකත් එක හේතුවක් මම දෙවෙනි එක ගන්න.
//දැන් ඒවා එතන නැති වෙන්න පුළුවන් මොකද අපි බලන්නේ අතීතය නිසා.//
Deleteඒ කිව්වේ ?
දු හොඳ සිත්තරාවියක් වේවි.
අර අෂාන්ගේ බ්ලොග් එකේ මේක ගැන ලියල් තිබෙන නිසා දිගට ලියන්න නැහැ. මේ අපට තාරක වලින් එන ආලෝකය එන සැහෙන දුරක් ගෙවල. ඒ දුරට යන කාලය බැලුවහම අපට ලඟා වෙන්නේ අතීතයෙන් එන ආලෝකය.
Deleteබොහොම ස්තුතියි. දූ විනොදෙට අඳින්නේ.
වැදගත් සටහනක්!
ReplyDeleteඔය දුරේක්ෂත් එක්තරා විදිහක ඩෙකෝර් අයිටම් එකක් වෙලා තියෙන්නෙ ගොඩක් ගෙවල්වල. හරියට පියානෝ එක වගේ.
අනේ අපේ ගෙදරනම් නැහැ. ඔය ගෙයි ෆොටෝ එක දාන්න වුනේ වෙන එකක් නැහැ. මම මේක විකුනන්න දැන් ගලවල පැක් කරලා තියෙන්නේ. ඉතින් මේක ආයි හයි කරනවට වඩා පරණ තිබ්බ ෆොටෝ එකක් දැම්මේ. කොහොමත් එන අයට පෙන්වන්න කැමති නැහැ මම නම්. මොකද ළමයි එහෙට මෙහාට ඇද්දාම කාලි නැති වෙනවා.
Deleteමටත් කාලෙකට උඩදි ආසාවක් තිබුනා ටෙලස්කෝප් එකක් ගන්න.. තාත්තට එවන්න කියලත් තිබුනා වගේ මතකයි.. කොහොමින් කොහොම හරි ඒ ආසාව මග ඇරිලම ගියා..
ReplyDeleteආයි ඇති කර ගන්න ආසාව. දැන් ලොකුයිනේ. හැමෝටම හොබියක් තියෙන්න ඕනේ.
Deleteතාරකා විද්‍යාව සහ ඒ ආශ්‍රිත උපකරණ, මෘදුකාංග සම්බන්ධව මේ ලියන ලිපි පෙළ ගොඩක් ප්‍රයෝජනවත් අජිත් අයියෙ. අජිත් අයියයි, අෂාන් රවින්දුයි විතරයි මම දන්න තරමට මේ සම්බන්ධව සිංහල බ්ලොග් ලියන්නෙ. මේ සම්බන්ධව දැනුම තියෙන තව අයත් එකතු කරගෙන පාසැල් දරුවන් අතරටත් මේ දැනුම ගෙනියන්න පුළුවන් මොකක් හරි වැඩ පිළිවෙලක් හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ජය වේවා!!!
ReplyDeleteයෝජනාවක් කරන්න. මට නම් ඔළුවට එන්නේ නැහැ.
Deleteගිය සතියෙම හිටියේ මහා කැලේ මැද හේනක නිසා රැට හොදට අහස දිහා බලාගෙන හිටියා .පට්ට කියන්නේ වල්ලා පට්ට ....
ReplyDeleteඅරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැගී නැගී...
වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල් වන් වැව් යායයි
සිරිලක් දසනුදිසා එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි..
මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත් පාදයි...
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සෝමපාල රත්නායක
ඔය හේන වල වලට යන වෙලාවට කියන්නොකො අපටත් එන්න. ලස්සන සින්දුව.
Deleteif you have to buy a telescope again, what you prefer celestron nexstar 127 or celestron nexstar 130slt. (127 is Maksutov and 130slt is Newtonian) . or any other model ?
ReplyDeleteactually both are newtonian reflectors. I think Maksutov-cassegrain has a different schmidt plate. 127 is really good for a travel. 130 is slightly bigger aperture I think.
ReplyDeleteIt is what you like to do with it really I found this:
Newtonian 130SLT
Relatively cheap for same aperture
More resistant to dewing
Shorter focal ratio (typically f/6) better for wide field views
Open tube designs can let stray light into eyepiece
Makutov:
More compact design makes for easier storage, lighter mount for same aperture
Much less likely to require collimation
Longer focal ratio (typically f/15) better for planetary work
Larger sizes (over 6" / 150mm) cool slowly, can have serious tube currents :
Alo look at:
http://www.jodrellbank.manchester.ac.uk/public/im/cel130SLT.html
http://starizona.com/acb/basics/equip_telescopes_schmidtnewt.aspx
Thanks for the info, I haven't read the links you given before,
Deletein the forum (http://stargazerslounge.com/topic/126567-celestron-nexstar-127-slt-or-nexstar-130-slt/) says celestron nexstar 130slt has open tube and 127 is closed tube, B'cos and dust and daw. I preferred closed tube. is yours is closed tube type.
maksutov cassegrain (my one) closed tube from the curved lens. Both are good telescopes for beginners.
ReplyDeleteඅනෙක් ලිපියත් ඉක්මනින් ලියන්න
ReplyDeleteකුඩා අවදියේ මට දුරේක්ෂයක් ගන්න ආසාවක් තිබුණා..ඒක ඉස්කෝලෙ වැඩත් එක්ක නැතිවෙලා ගියා . තාරකා විද්‍යාව විනෝදාංශයක් විදියට කරන්න මට අදහසක් තියානව... ඔබගේ උදව් ලබාදීමට හැකිනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ReplyDeleteHOW can buy telascop in colombo pl tel me responsible place
ReplyDeleteHello all,
ReplyDeletePlease check my website below. Hope you will like it, and kindly share the link with your friends who are interested.
https://astrophotographylk.wordpress.com
සාමාන්‍යයෙන් හොදට (බ්‍රහස්පති,සෙනසුරු දක්වා වත් පැහැදිලිව දකින්න පුලුවන් ප්‍රමාණයේ)අහස නිරීක්ෂනය කරන්න පුලුවන් දුරේක්ෂයක් මිලට ගන්න තැනක් දන්නවද?කීයක් විතර වෙයිද?
ReplyDeleteලංකාවේ නම් දන්නේ නැහැ
Deleteසෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 මේකෙන් බ්‍රහස්පති ගේ චන්ද්‍රයන් බලන්න පුළුවන්. සෙනසුරු බලන්න අමාරුයි මම ඉන්න හරියේ.
aperture eka 2.4 inches තියෙන එකකින් සෙනසුරු බලන්න පුළුවන කියල තමා දන්නේ . ඉතින් ඔය උද ඇතිනේ එකින් බැලුව හැකි .
Deletehttps://www.skyandtelescope.com/astronomy-news/observing-news/see-saturn-best-in-2014/