මේ කෙටි සටහන ලියන්නට සිතුනේ රන්දිල් ගේ මේ ලිපිය කියවීමෙන් පස්සේ. බෝධිනී විසින් ඇයට එවූ ලිපියක පරිවර්තනයක්. කියෙව්වට පස්සේ මම ප්‍රතිචාරයකුත් දැම්මා.
මට සිටින්නේ දියණියන් දෙදෙනෙක්. මම උන් දෙන්නට මේ ලෝකේ තියෙනේ හැම දේටම වඩා ආදරෙයි. මගේ බිරිඳත් එහෙමයි.
අපේ වැඩිමහළු දියණිය වසරක පමණ කාලේ (දෙවෙනි දියණිය ලැබී නැහැ) අපේ ඉන්දීය සම්භවයක් ඇති යාලුවෙකුගේ නිවසක සාදයකට ගියා. ඔහුගේ බිරිඳ ප්‍රංශ යුවතියක්. ඇයත් මගේ බිරිඳත් යෙහෙලියන්. එදා ඒ ගෙදර හිටියේ ඉන්දියාවෙන් සංචාරයකට පැමිණ සිටි ඉන්දීය පවුලක්. ඉන්දියන් කාරයා මගෙන් ඇහුව,
"මෙච්චරද " කියල. ඒ කියන්නේ දුව විතරද කියල. මම ඔව් කිව්වා. ඒ ගමන මූ දුව හිටිය ප්‍රෑම් එකට එබිලා බැලුව මූනා ඇඹුල් කරගෙන. මූට ඉන්නේ පුතාල දෙන්නයි දුවයි.
"ආ ලස්සනයි නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හොඳ කසාදෙකට දෙන්න පුළුවන්." මට මල පැන්නා. යාළුවෙකුගේ ගෙදර අමුත්තෙක් වශයෙන් ඉන්න නිසා මූට බනින්නත් බැහැ.
මම කිව්වා "අපි දරුවා හැදුවේ කසාද බඳින්න දෙන්නම නොවේ. ඉන්දියන් කොල්ලෝ ඔච්චර ඉන්දෙද්දී අජටකාශයට යවන්න තේරුණ අර කල්පනා චව්ලා වගේ වෙන්න. මැරුණත් කමක් නැහැ . ගෑණුන්ට ගරහන ඉන්දියන් කොල්ලෙක් බඳින්නේ නැතුවට කමක් නැහැ."
පොර හීන් සීරුවේ සාදයේ පැත්තකට ගියා.
අපෙන්, හුඟක් වෙලාවට මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි - ළමයි දෙන්නම ගෑණු ලමයිද? ඔව් කිව්වම එක්කෝ "ආඃ" ගාල සුසුමක් අරිනවා - එහෙම නැත්නම් "අපරාදේ කෙල්ලෝම දෙන්නෙක් නේද" කියල.
හුඟක් වෙලාවට මම උත්තර දෙන්නේ මෙහෙම.
(කියන කෙනා ලංකාවේ නම් - හුඟක් වෙලාවට එහෙමයි)
"කෙල්ලෝම දෙන්නෙක් තමා. උන් දෙන්නම මට හරි ආදරෙයි. කොන්දේසි නැති එහෙම ආදරයක් ලබන්න මම කොච්චර වාසනා වන්තද කියල හැම වෙලේම හිතෙනවා."
ඊට පස්සේ කතාව යන්නේ මෙහෙම.
"ඔය ගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ. එංගලන්තෙනේ ඉන්නේ. කෙල්ලන් කියලා වෙනසක් නැහැනේ ඔය රටේ. රස්සා කියලද කොල්ලෙක් හොයා ගන්න කියලද ? ඔක්කොම ලේසියි. අනික දෑවැදි දෙන්න කියලද?"
මම කියනවා එතකොට.
"අපි ලංකාවේ හිටියයි කියලත් ඕක වෙනස් වෙන්නේ නැහැ. මම කවදාවත් දෑවැදි දෙන්න යන්නේ නැහැ. අනික ඔයාල හිතනවට වඩා දැන් ලංකාවේ කොල්ලෝ දියුණුයි. උන් ඔච්චර පසුගාමී නැහැ කියල මට හිතෙන්නේ. අනික ලංකාවේ කෙල්ලොත් ඔයිට වඩා ඉදිරියෙන් ඉන්නේ. නව පරම්පරාව. උන් කොල්ලෝ කන්න දෙනකන් ඉන්නේ නැහැ. තමන් හම්බ කරගෙන ජිවත් වෙන කෙල්ලෝ මට ලංකාවේ ඕන තරම් හමුවෙලා තියෙනවා. අනික අරාබි ගිහිල්ල හරි පවුලට ගෙයක් හදන්නේ, මිනිහට බොන්න සල්ලි දෙන්නේ පවා ගැහැනුණේ. ඉතින් ලංකාවේ ගෑණියෙක් ඉන්න එක මිනිහෙකුට නම් වාසනාවක්. "
ඊට පස්සේ කතාව නවතිනවා.
සුද්දෝ ඒ කියන්නේ ජර්මන් කාරයෝ, ඉංග්‍රීසි මිනිස්සු මේ වගේ කතා කවදාවත් කියල නැහැ. කෙල්ලෙක් ලැබෙන එක ඉන්දියාවේ වගේ බරක් නොවෙන නිසා වෙන්න ඇති.
වරක් එක් කාන්තාවකගේ පුංචි පුතා සමග මම පාපන්දු සෙල්ලම් කලා. ඇය ටිකකින් කියනව.
"පුතෙක් නැති එක ගැන දුකයි නේද ?" කියල. මම ඇහුවා,
"නැහැ. ඇයි එහෙම අහන්නේ " කියල.
"නැහැ ඔයා මගේ පුතා එක්ක ආදරෙන් සෙල්ලම් කරනවනේ. මගේ හස්බන්ඩ් ට නම් ඕවට වෙලාවක් නැහැ " මට හිතා ගන්න බැරි වුණා මොකක් කියන්නද කියල. ඇගේ සැමියා ලාංකිකයෙක්.
මම කිව්වා මම ෆුට් බෝල් ගහන්න කැමතියි කියල.
ඉන්පස්සේ දවසක ඇය අපේ උත්සවයකට පැමිණි අවස්ථාවක දුටුවා මම දියණියන් දෙදෙනා සහ තවත් ළමයි සමග ක්‍රිකට් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන්න පුතෙක්ම ඕනේ නැති බව ඇයට තේරෙන්න ඇති. මොකද මට ඇහුනා සැමියාට බනිනවා." ළමයත් අරගෙන යනවකෝ පොඩ්ඩක් සෙල්ලම් කරන්න අතනට" කියල.
මට හුඟක් දුක හිතුනේ මගේ පොඩි දුව මිට වසර දෙකකට කලින් කියපු කතාවකට . ඇයට අවුරුදු 9යි එතකොට. අපි පිරිමි පූස් පැටියෙක් බේරා ගත්ත වයස සතියක දෙකක. වෙන කට්ටියක් අතරමං කරලා ගිය. පූසා මට හරිම ආදරෙයි. ඌව බේරා ගත්ත නිසා හරි, උගේ මව මම කියල හිතපු නිසා හරි වෙන්න ඇති. මම එලියට ගියත් ඌ මගේ පස්සේ.
දුව කියනවා "තාත්තට දැන් හිතට සතුටු ඇති නේද "
"ඇයි පුතේ "
"ඇයි දැන් පූස් පුතා ඉන්න වනේ "
"ඒ කිව්වේ "
"අම්ම කිව්වා ඔයා හරි කණගාටුවෙන් ඉන්නේ පුතෙක් නැති නිසා. හැමෝම අහනව කියල ඔයාගෙන් ඒ ගැන. දැන් හරිනේ. අපි දුවල දෙන්නයි . පූස් පුතයි. "
මම පොඩි එකාව බදා ගත්තා. මම උන්ට කතා කරන්නේ පුතේ කියල. ඒක මගේ දෙමාපියෝ මට එහෙම කතා කරපු නිසා වෙන්න ඇති. මම කිව්වා මම සිංහලෙන් පුතේ කියල කතා කරන්නේ ඒක පුරුදු වෙලා නිසා කියල. මම නෑදෑ ළමයින්ට කතා කරන්නෙත් එහෙම වෙනසක් නැතුව. දුව හෝ පුතා වුනත් මම පුතේ කියලයි කියන්නේ.
මම කිව්වා එයාට "මම කවදාවත් කියල නැහැ ඔයාල දෙන්න වෙනුවට පුතෙක් හොඳයි කියල. පුතෙක් නැති වුනා කියල දුක් වෙලත් නැහැ. උඹල දෙන්නට මම මේ ලෝකේ තියෙන මොනම දේටත් වඩා ආදරෙයි. අම්ම එහෙම කියන්න ඇත්තේ අනිත් අය අහන ප්‍රශ්න නිසා වෙන්න ඇති කියල".
හැබැයි එදා රෑ නම් ගෙදර ලොකු වාදයක් ගියා බිරිඳ එක්ක. එදා නම් පැහැදිලිවම මම එයාට කිව්වා.
"ඔය එක එක මිනිස්සු කියන ඒවා අහන්න එපා. මම ඔයාට කවදාවත් කියල තියනවද පුතෙක් නැති එක ප්‍රශ්නයක් හෝ දුකක් වගේ දෙයක්. නැහැනේ. ළමයින්ට මිට පස්සේ ඔහොම දේවල් කීම තහනම්."
වරදවා වටහා ගන්න නම් එපා. මම පුතාලට ආදරෙයි. දෙගොල්ලටම. කිසි වෙනසක් නැහැ. නමුත් මට මගේ දුවල දෙන්න සම්පතක්. මම කවදාවත් කණගාටු වෙලා නැහැ දූලා දෙන්නෙක් ලැබීම ගැන.
එක පාරක් උන් දෙන්නට වයස 4, 6 යි කාලේ අපි හිටපු හෝටලේ ඉඳන් උදේ හෝටන් තැන්නේ ලෝකාන්තයට ගියා බලන්න. කිලෝ මීටර 8කට වැඩි දුරක් පයින්ම නේ යන්න ඕනේ. අව්වට හෙම ළමයි මහන්සි වෙලා අඬයි , දෙන්න පොඩියි කියල හෝටලෙන් කෙනෙක් ආව අපිත් එක්ක උදව්වට. දෙන්නම දවල් මධ්‍යහ්නයේදීත් ඇවිදගෙනම ආව . කිසිම මොහොතක වඩා ගන්න කීවේ නැහැ. අර මහත්මයටත් පුදුමයි. පොර ළමයි දෙන්න හෝටලේට ආපහු ආවට පස්සේ වඩා ගත්ත. පොඩි දෙන්න පයින්ම ආව කියල. දැනුත් උන් දෙන්න කඳු නගින්න, හැතැප්ම පහ දහය එක දිගට ඇවිදින්න හපන්නු.
දෙන්න අවුරුදු හතර පහේ ඉඳන් තනියම බෙදල දෙන කෑම එක කනවා. පස්සෙන් දුවන් ගිහින් කවන්න ඕනේ නැහැ. කවදාවත් කෑම වෙලාව කරදරයක් කරගෙන නැහැ. මගේ මල්ලිගේ පුතාට අවුරුදු නමයයි. ඒ නංගි කැව්වේ නැත්නම් කන්නේ නැහැ. අක්කගේ ලොකු පුතා අවුරුදු 14 වෙනකනුත් මගේ අම්ම (කිරි අම්මා) කැව්වා. හැබැයි අක්කගේ දුවට කැව්වේ නැති එක ගැන නම් මම බැන්න. අම්මා කියනවා කෙල්ලන්ට මොකටද කවන්නේ. බෙදාගෙන කන්න දැන ගන්න එපයි කියල. එදා නම් අම්මාට මම ටිකක් තදින් කතා කළා. දුව පුතා කියල වෙනසක් කරන්න එපා . ඒ ආදි කාලේ . කවදාවත් මෙහෙම කරන්න නම් එපා. ඒ දුවලට කොච්චර දුක හිතෙනවා ඇත්ද? මම එදා ඒ දුවගේ මුහුණින් දැක්කා ඒක.
පුංචි කාලේ මම පොඩි උන් ට නින්දට යන්න කිව්වා "නිල් අහස් තලේ අගේ " කියන් ගීතය, දෙන්නටම අදටත් ඒ පද ටික මතකයි.
මට මගේ කෙල්ලෝ දෙන්න රත්තරන්.