Tuesday 7 May 2024

හදවතේ සියුම් වේදනාවක්


හදවතේ සියුම් වේදනාවක් 

*****************************

මෙතැනට යන හැම විටෙකම 

මගේ හද සතුටින් පිරී යයි 

එතැනින් ඉවත්ව යන විට 

හද සැනෙක රිදුමක් දෙවයි 

 ඉවත්ව යා නොහැකි බව හැඟෙයි 

බැඳීමක් ඇත හඳුනා ගත නොහෙන 

මේ පියකරු නිසසල භූමියට 

යහළුවෙකු කීවේ 

පෙර බවයකදී නුඹ දිවි ගෙවන්නට 

ඇත මෙහි කියා 

විශ්වාස නොකළද බව කතා ඔබ 

ඔහු සමහර විට නිවැරදි ද මන්දා 

මා පිය   බිරිඳ පවසයි 

සොබාවේ නිසල  පියකරු බවට 

අපේ හිත් බැඳී ඇත 

හදවතද හිතද සීතලය නිසලය

අවට උණුසුම තිස් හතට නැගුනත්

අංශක සෙන්ටිග්‍රේඩ්

වියළි කලාපයේ ශ්‍රී ලංකාවේ

- අජිත් ධර්ම 07/05/2024







 

 

26 comments:

  1. 'හද බස කවි බස ය' කීවා ලොකු කවියෙක්
    මට නං අජිත් මහතුනි එය ලොකු ඇත්තක්
    දුටුවම මෙහෙම මන පිනවන දසුන් ගොඩක්
    පුදුමද, ඔබෙන් ලියැවෙනවා කවි කුසුමක්?

    ReplyDelete
    Replies
    1. නිදි කවියක් ලිව්වා ඊයේ පෙරේදා , පල වෙන්නෙම නැහැ. යකා නැගල අත ඇරලා දැම්ම . බ්ලොගේ මට කෙලලා 😆

      Delete
    2. එහෙම?
      කලබල නැතිව හෙමිහිට අපේ තාක්ෂණය දන්නා හිතවතුන් කියන විදිහට කරලා බලන්නකෝ අජිත්- ඉවසීමෙන්. මටත් හරි හරි ජන්ජාල වෙනවා හිටි ගමන්, ඇඟිලි වෙවුලන වෙලාවට- වැරදි key එබිලා.

      Delete
    3. ඔන්න දැන් හරි. බැන්නම හරි ගියා 😀

      Delete
  2. දුරින් තිබෙන දෙය ලංවිය නොහැකි තාක් කල් දැඩිව බැඳෙයි.

    ReplyDelete
    Replies
    1. මෙතන එහෙමම දෙයක් නෙවේ. කාලෙකින් ඇවිල්ල යන තැනක් , නමුත් දුර ඉන්න කොට හිත බැඳෙන බව අහල තියනවා.

      Delete
  3. Claude Monet ඔතනට ගියා නම් චිත්‍රයක් අඳීවි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද , එහෙම චිත්‍ර තියනවා තමයි. -අජිත්

      Delete
  4. අජිත්, හැලපකඩේ බ්ලොග් එක ලිව්ව හැලපයා හෘද අබාධයක් සෑදී මිය ගොස් ඇති බව ඔහුගේ බ්ලොග් අඩවියේ කොමෙන්ටුවක් දමා තිබෙනවා. එය ඇත්තද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැත. අටමා හෝ චෙෆාකි දන්නවා ඇත

      Delete
  5. නලීන් ද සිල්වා මැරුනු බව දැනගත්තාම හදවතේ සියුම් වේදනාවක් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා - අජිත්

      Delete
  6. මගේ බ්ලොග් එකට මටම කමන්ට් කරන්න බැරි තත්වයක් තියනවා. පාස් කී ඔක්කොම දාලත් , signin වෙන්න බැහැ . අනික් බ්ලොග් වලට කමෙන්ට් කරන්නත් බැහැ . ඇනෝ විතරයි පුළුවන්, හේතුව මොකද්ද මිත්ර වරුනි කොළඹ ගමයා (අජිත්

    ReplyDelete
    Replies
    1. උඩින් කමෙන්ට් කරද්දි මටත් ඔය තත්ත්වය තිබුණා. පසුව මම browser වින්ඩෝ එක කිල් කර අලුතෙන් වින්ඩෝ එකක ඕපන් කරලා නැවතත් ලොගින් වුණා.

      මං භාවිතා කරන්නේ ගූගල් ක්‍රෝම්

      Delete
    2. මට සහ තවත් අයට, කාළෙකට ඉහත ඔහොම ප්‍රශ්ණයක් ආවා. හේතුව හරියටම දන්නෙ නෑ, ගූගල් අප්සෙට් එකක් වෙන්න ඇති කියලයි හිතෙන්නෙ.
      පස්සෙ ප්‍රශ්ණෙ ඉබේම විසඳුනා.
      මම කලේ බ්ලොග් එකට ලොග් වෙලා තව බ්ලොග් ඇඩ්මින් කෙනෙක්ව හදන එකයි, මගෙ නමින්ම ඒ ප්‍රොෆයිල් හදලා, මුල් ප්‍රොෆයිල් පිංතූරෙම දැම්මා. ප්‍රශ්ණෙ ඉබේම විසඳෙන තුරු දෙවනි එකවුන්ට් එකෙන් තමා කමෙන්ට් කලේ.

      මගේ බ්ලොග් එකේ පහලට ගිහින් බැලුවොත් පෙනේවි තාම ඒ ප්‍රොෆයිල් දෙකම තියනවා.

      Delete
    3. අර උඩින් කියල තියනවා වගේ බ්‍රව්සර් කේෂ් ප්‍රශ්ණයක් වෙන්නත් ඇහැකි. පාවිච්චි කරන බ්‍රව්සරේ කේෂ්( යූසර් ඩේටා) ක්ලියර් කරන්නෙ කොහොමද කියලා ගූගල් කරලා බලන්න.

      Delete
    4. නැහැ , මම හොයා ගත්ත. ගූගල් එක අලුතෙන් වර්ක්ස්පේස් එක්ක හදල තියනවා. ඔය අපි වැඩකරන මෘදුකාංග කම්පැනි වල වගේම. ඉතින් බ්ලොග් අයිති වෙන්නෙත් ඒකට . ඒකට හරියට ලොගින් වෙන්නේ නැතිව කමෙන්ට් කරන්න හෝ චිත්‍ර පල කරන්න බැහැ

      Delete
  7. @රසික - ඒක කළා මුලින්ම. මේ දැනුත් කළා . හරිගියේ නැහැ , බස්ස ඒ වැඩෙත් කළා //මම කලේ බ්ලොග් එකට ලොග් වෙලා තව බ්ලොග් ඇඩ්මින් කෙනෙක්ව හදන එකයි, මගෙ නමින්ම ඒ ප්‍රොෆයිල් හදලා, මුල් ප්‍රොෆයිල් පිංතූරෙම දැම්මා. ප්‍රශ්ණෙ ඉබේම විසඳෙන තුරු දෙවනි එකවුන්ට් එකෙන් තමා කමෙන්ට් කලේ.
    // එහෙම එකකුත් හැදුව. කොළඹගමයා කියල ඊමේල් එකත් එක්ක. නමුත් ඒකෙන් රිප්ලයි කරන්නත් බැහැ

    ReplyDelete
  8. මේ ජිල්මාට් එක කරදරයක් විතරයි

    ReplyDelete
  9. හොඳම පෝස්ට් එකක් අජිත් ලංකාවේ ඊලග ජනාධිපතිවරණයට ඉදිරිපත්, වෙන ඕනෑම අපේක්ෂකයෙක්

    ඉන්දියාව ක්‍රියාත්මක කරන

    🔺 ETCA ගිවිසුම ක්‍රියාත්මක වීම නතර කරන බව
    🔺 ඉන්දියාව සහ ලංකා⁣ව එකට යා කරන ඉන්ධන සහ විදුලි බල ව්‍යාපෘති නතර කිරීම

    🔺 ඉන්දියාවට පමණක් ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර අත්පත්කර ගැනීම සහ පෞද්ගලික අංශයේ පවා ඉඩම්වල අයිතිය අත්පත්,කර ගන්න ඉඩ හදා කිබෙන විදේශ ප්‍රතිපත්තිය වෙනස්,කරනවා කියලා

    ස්ථිරව සෘජුව පොරොන්දු,දෙන නායකයා ජනාධිපති කරන්න ඕන

    එය කෙලින්,නොකියා ඉන්දියාවේ සහයෝගය අරං,ජනාධිපති,වෙනවා කියා කථාවෙන් වංගු ගහන එකා ඔබ රටේ,හෙට දවස වෙනුවෙන් පරාද කර යුතුමය.

    මොකද ඉන්දියාව ලහි ලහියේ ලංකාවට දියත්කරන ව්‍යාපෘතියට යට වුන ලංකාවක්

    රනිල්,වෙනුවට

    සජිත් ප්‍රේමදාස පත් කළත්
    අනුර දිසානායක පත්කළත්
    රාජපක්ෂ පවුල පත්කළත්
    වෙන ඕනෑම කෙනෙක් පත්කළත්

    ඔය කරනවා කියන දියුණු කිරීම්,කරන්නට බැරි අපිට ඉන්දියාව බලෙන් පැටවු පළාත්සභා ක්‍රමය පවා අපිට වසර 36 පමණ ගෙවා දමා අදටත් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරගන්න බැරි ඉන්දියාවේ බලපෑම නිසානම්

    ඉන්දියාව පාළම් ගසා

    ඉන්දියාව විදුලිය ඉන්ධන නළ මගින් සපයා ගනිමින්
    ලංකාවේ බදු සහන ලබා ගනිමින්

    ඉන්දියාව ලංකාවේ ත්‍රිකුණාමලයේ ඉන්දියානු ආයෝජන කලාප හදා ඉන්දියන් අමුද්‍රව්‍ය මුල්‍ය බලය සහ රටේ රැකියාවලට ඉන්දීය සේවකයන් යොදවා නිෂ්පාදනය කර අපටම භාන්ඩ විකුණන කලාප ඇතිකරගත් රටක් වු පසු

    අපි ඉන්දියාව මත යැපෙන්නන් මිස ස්වාධීනව රටක් ලෙස නැගිටින ජාතියක්,නෙවේ. ‼️

    අපි ඒවාට පසුව යිරැද්ධ වෙන පලමු තත්පරයේ ඉන්දියාව විසින් ත්‍රිකුණාමලය සහිත උකුරු,නැගෙනහිර කළාප දෙක සහිත සිහින ඊලාම් බල කලාපය ලංකාවෙන්,බෙදා වෙන්කරන්නේය. ඔවුන් එම කලාපය වෙනම රටක්,ලෙස පිළිගන්න අතර එතැන් පටන්,අපට නැවත ඉන්දියාව යුද්ධයක් හදා දෙන්නේය.

    එබැවින් ඔබ පත්කරගන්නා නායකයා හොරු අල්ලනවාට කියනකොට හුරේ,ජයවේවා කියන්න පෙර

    ඔහු ඉන්දීය හොරුන්ට රට අහුකරන අද රනිල් හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය නතර කරනවාද යන්නට ස්ථිර උත්තරය ගන්න.‼️

    මොකද රටෙන්,හොරකම්,කරපු හොරු අල්ලනකොට ඉන්දියන්,හොරු විසින් ලංකාවම හොරකම්,කරගන්න විට ⁣එයට එරෙහි,වෙන එවුන්ට අද වගේ ඉන්දියාව සනසන්න පහර දෙන මර්ධනය කරන පාලනයක් අමුතුවෙන් හදනවාට වඩා

    එහෙමනම් රනිල්ම තබා ගන්න එක හොදයි නේද අජිත්?

    ReplyDelete
  10. ඉන්දියාව සමග එකොනිමික් ඉන්ටග්‍රේෂන් එක අපි කැමති වුනත් නැතත් වෙනවා ඇනෝ

    ReplyDelete
  11. ලංකාවේ වියලි කලාපය කියන්නේ ගැම්මක් තමයි

    ReplyDelete
    Replies
    1. ඒක හරි. වියලි සහ දුෂ්කර තමා වැස්ස නැති නිසා. ඒත් වැහි වැටිලා නිල්ල ආවහම පුදුම ලස්සනයි .(මේ කමෙන්ට් එක මොඩරේට් වෙන්න වැටිලා. මම එහෙම දාල නැතිව)

      Delete
    2. +++++++++++++++++++++++

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .