Friday, 21 January 2022

දුරේක්ෂයකින් ග්‍රහලෝක හා තාරකා බැලීමට පෙර

දුරේක්ෂ අරගන්න හුඟක් අය ඒවාන්  කෙලින්ම තාරකා බලන්න උත්සාහ කරන බවත් ෆෝකස් කරල කරල බැරිම තැන අතහැර දමන බවත් දැන ගන්න ලැබුන. ඒ නිසා මෙන්න මේ පොඩි වීඩියෝව කරලා යූටියුබ් චැනල් එකට දැම්ම..
ඊට කලින් මම 2015 දී වගේ ලියුව මේ ලිපි දෙකත් බලන්න.


කැමැතිනම් මේකත් කියවන්න. 

පළමුවෙනි ලිපියේ සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙන නිසා මම නැවත  ඒවා ලියන්න යන්නේ නැහැ. මගේ දුරේක්ෂය හෙවත් ටෙලස්කෝපය සෙලෙස්ට්‍රෝන් 127 නෙක්ස්ට් ස්ටාර් කියන වර්ගයේ. ඒක වර්තක (refractor) වර්ගයේ කියල කියන්න පුළුවන් තරමක් දුරට. වඩා හොඳ අර්ථ දැක්වීම මක්සුටෝව් කැසග්‍රෙන් වර්ගයේ කියන එක. 

නම ඇවිල්ල තියෙන්නේ රුසියානු ආධුනික තාරකා විද්‍යාඥයෙකු හා අක්ෂි විශේෂඥයෙකු වන  දිමිත්‍රි දිමිත්‍රියෙවිච් මක්සුටෝව් ගේ මුල් නමින් හා ලොරෙන්ට් කැසග්‍රෙන් කියන කතෝලික දේවගැතිවරයාගේ වාසගමින්.  ලොරෙන්ට් කැසග්‍රෙන් පරාවර්තක (reflective)  ටෙලස්කෝප් එකක් හැදුව එක්දාස් හයසිය ගණන්වල.  ඒක භාවිතා කරලා 1931 දී බනාර්ඩ් ෂ්මිද්ට් තමන්ගේ ප්ලේට් එකක් Schmidt corrector plate දාල හදපු ටෙලස්කෝප් වර්ගයට කියන්නේ ශ්මිද්ට් කැසග්‍රෙන් කියල. ඒකෙන් අර ආකාශ වස්තුවෙන් එන ආලෝකයෙන් හැදෙන ප්‍රතිබිම්බය තැන දෙකක් නාභිගතවිම වළක්වනවා. (Spherical aberration )

දිමිත්‍රි මක්සුටෝව් ඉපදුනේ 1896 ඔඩෙස්සා කියන නාවික නගරයට ළඟ ගමක. ඔහුගේ මුත්තා පීටර් මක්සුටොව් නමැති කුමාරයෙක්. ඒ රදළකම සාර් දීල තියෙන්නේ යුද්ධයේ පෑව දක්ෂකම් නිසා. ඔහුගේ සීයා තමා රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ රුසියානු ඇලස්කාවේ අවසාන ආණ්ඩුකාරයා. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය ඇලස්කාව මිලදී ගත්ත අවුරුදු  99 බද්දට.  

පොඩි කාලෙම පරාවර්තක දුරේක්ෂයක් තෑගි ලැබිල තිබෙනවා දිමිත්‍රි ට. වයස වඅවුරුදු  15දී වගේ අඟල් 10 ක විශ්කම්භයක් ඇති කාචයක් එක්ක  දුරේක්ෂයක් එයාම හදල තියනවා. ඒ කාලෙම වගේ රුසියානු තාරකා සංගමයේ සාමාජිකත්වය පවා දීල තිබෙනවා. පෙට්‍රොග්‍රාඩ්  නිකොලායෙව් ඉංජිනේරු විද්‍යාලය (පසුව ලෙනින්ග්‍රාද් යුධ තාක්ෂණ විශ්ව විද්‍යාලය)   අවසන් කරලා  අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ කරන්න ගිහින් තියනවා ඔඩෙස්සා විශ්ව විද්‍යාලයට.  1930 දී මක්සුටොව් අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ ලැබ් එකක් පිහිටුවනවා ලෙනින්ග්‍රාද් වලම රාජ්‍ය දෘෂ්ටි විද්‍යා විශ්ව විද්‍යාලයේ. ස්ටාලින් පදක්කම සහ ලෙනින් පදක්කම් දෙකක්ම ලැබිලත් තිබෙනවා ඒ වැඩ වලට. 

මක්සුටොව් 1941 දී මූලික කාචය ඉදිරියේ Spherical aberration තවත් නිවැරදි කිරීමට තවත් කාචයක් තිබ්බ. මුලදී මේ ක්‍රමය භාවිතා කලේ සෝවියට් දේශයේ පමණයි. නමුත් පසුව ළඟ ආකාශ වස්තුන්  නිරික්ෂනය කරන්න හොඳයි කියල තේරුම් ගත්තම සෙලෙස්ට්‍රෝන්, මීඩ් ,ක්වෙස්ටර් වගේ කොම්පැනි මේ ක්‍රම භාවිතා කරලා දුරේක්ෂ හැදුව. මගේ ළඟ තිබෙන්නේ  ඒ වගේ එකක්. 

මක්ස්ටෝව් කැසග්‍රෙන් දුරේක්ෂ වලින් හොඳටම බලන්න පුළුවන් අභ්‍යවකාශ භාෂාවෙන් කියන විධිහට ළඟ වස්තූන් දිහා. ඒ කියන්නේ හඳ , අඟහරු , බ්‍රහස්පති, යුරේනස් වගේ ග්‍රහ වස්තු දිහා. මගේ ගේ පිටිපස්සේ කෘතීම ආලෝකයන්  බාධා කරනවා  වැඩියි. (light polution)  එහෙම තියෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා වටා යන හඳවල් හතර පහක් බලන්න පුළුවන්. ඔරායන් නෙබුලාවේ තාරකා සහ හත්දින්නත් තරු බලන්නත් අමාරුවක් නැහැ. 

ශ්මිද්ට් කැසග්‍රෙන් වර්ගය හොඳ ඈත වස්තූන් (deep sky objects)  බලන්න සහ ඒවා ඡායාරූප ගත කරන්න. 

ඉතින් මගේ වීඩියෝවේ තියෙන උපදේශය තමා මුලන්ම දවල් වෙලාවක ටෙලස්කෝප් එක අරගෙන ඈත තියෙන වස්තුවකට ෆෝකස් කරන්න. (focus) ඒක හරියට කාචයට වැදුනම ස්ටාර් ෆයින්ඩර් කියන ගැජට් එක  ඒකට පෙළ ගස්වන්න (align) . ඇල්ටට්සිමත් (alt - azimuth )  කියන මවුන්ට් එක තිබෙන  නිසා වමට දකුණට සහ ඉහලට පහලට ටෙලස්කොපය හසුරවමින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් රෑ වෙලාවක කෙලින්ම අර ස්ටාර් ෆයින්ඩර් එකඟ තාරකාව හෝ ග්‍රහ ලෝකය හොයාගෙන ටෙලස්කෝප් එක එතනට හරවන්න. 



43 comments:

  1. පෝස්ට් එක හොඳයි. ඒත් ඒ ගැජමැටික් නං, සෑහෙන ගාණක් වෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අයිටී ෆීල්ඩ් එකේ අටවන මාටිං කෙනෙකුට මේවා එච්චර ලොකු ගණන් නෙමේ

      Delete
    2. උනන්දුව නං තියනවා. ඒත් ගාණ, ඔව්වා බලලා ගන්න ආතල් එකට සාධාරණීකරණය කරන්න අමාරුයි. ඒ ගාණට, චීන සිලිකන්/යකඩ කෑලී තොගයක්ම ගත්තෑකි නිසා. ගිය සුමානෙ ලාබ 3D printer එකකටත් කෙටුව. ආං උන්දෑ තාම ඇඳ යට.

      මම අජිත්ගෙ "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි" ලිපි මාලාව කියෝගෙන යමින් ඉන්නෙ. මසුරං හතයි, කමෙන්ට් ටිකත් ඒවගේමයි.

      Delete
    3. මම වැඩියම බලන්නෙ මේ දෙන්නගෙ එව්වා:
      https://www.youtube.com/watch?v=DmnntDSXrjU
      https://www.youtube.com/watch?v=h8mwhm0PoKc

      Delete
    4. link දෙකට ස්තූතියි . නිවාඩු පාඩුවේ බලන්නම්.

      Delete
  2. අප්පා මේ දවස්වල පේන තරු හොඳටම ඇති අජිත්තුමෝ. අර බස්පා කිව්වත් වගේ ඕව සෑහෙන ගණන් නෙව. ඉස්සුවාද අර කවුතුකාගාර අස්සේ රිංගන ගමනෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් නමියො දුරේක්ෂ නැතුවම, අහසෙ තරු පෙන්නනව නේද?

      Delete
    2. කෞතුකාගාර වල මේවා නෑ නමියෝ. මේක එච්චරම පරණ එකක් නෙමේ.

      Delete
    3. අපටත් අරන්චියෝ නමියෝ. දැන් මෙහෙන් මුකුත් නැව් වල යවන්න බැහැ. ලංකාවට බදු යවන කම්පැනි හබක්. මාස හයක් තිස්සේ නැව් හිර වෙලාලු. ලංකාවේ උන්ට ගානක් වත් නැහැලු

      Delete
    4. ඒ උනාට කබ්රාල් ඊයේ කිව්වේ සල්ලි ප්‍රශ්නයක් හින්ද නෙමෙයි එහෙම තියෙන්නේ වෙන මොකක්ද ලියකියවිලි වල ප්‍රශ්නයක් හින්දා කියලයි. ආර්ථික කළමනාකරණය කෙසේ වෙතත් ආණ්ඩුව බේරාගැනීමේ කළමනාකරණයට නම් මාර සුදුසුකමක් තියෙන්නේ උන්දැට.

      Delete
    5. කබ්බral කියල ඇත්තේ උන්දගේ ගෙදර ගැන වෙන්ටෑති. අර ළමය සිහිකොරන් රන් දන් දුන් බෝසතා නෙව උන්ද. අපටත් කවදා හිරු පායාදෝ

      Delete
    6. ලංකාවට බඩු යවන්න බැහැ කියල මම හොඳටම දන්නවා. තෙල් නැවකුත් හිරවෙලා ගෙවන්නේ නැතිව. මම සාමාන්‍යයෙන් අම්මට මොනවහරි යවනවා. air freight විතරයි පුළුවන් දැන්. හාබර් එකේ ක්ලියර් කරන්නේ නැහැ. ඩොලර් නැති නිසා තමා

      Delete
    7. Jagath Pathirana22 January 2022 at 21:06

      අද ලංකාව තියෙන්නේ 1933දී ජර්මනිය තිබුන තැන.
      කමක් නෑ සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා.

      Delete
    8. අපොයි එහෙමෙ නම් වෙන්න එපා. ඊළඟට ආපු එකා දැක්කම ජර්මනියේ

      Delete
  3. තරු තරු තරු තරු - අපට පෙනෙන තරු
    දැන් නම් මරු මරු - හොඳටම මරු මරු
    හැම තැන හොරු හොරු - ලජ්ජා නැති හොරු
    උන්ගේ විසිතුරු - කීමය අසීරු

    ReplyDelete
    Replies
    1. තරු තරු අතරු පෙනිලා
      නින්ද යන්නේ නැත්ද බොලේ
      05:15
      Saturday, 22 January 2022 (GMT+5:30)
      Time in Colombo, Sri Lanka

      Delete
  4. අජිත් තුමා අර දුර දේවල් බලද්දී අර කාලයක් යන seen එකත් ලිව්වනම් තවත් හොඳා කියල මට හිතුනෙ.
    මතකද කාලෙකට කලින් විද්යාඤයෝ පිරිස් මත පලකළා අපේ දුරේක්ෂ ඈතකට ගෙනිහින් පොලොව පැත්තට යොමු කලාම ඔය සිද්ධාන්තය නිසා මිහිමත කලින් හිටි ඩයිනොසර්ල පවා දැකගන්න හැකි වෙයි කියල පාරම්බෑවා (ලීලා තීන දේ තේරෙනව නේ, හදිස්සියේ කෙටුවේ)

    ReplyDelete
    Replies
    1. //මතකද කාලෙකට කලින් විද්යාඤයෝ පිරිස් මත පලකළා අපේ දුරේක්ෂ ඈතකට ගෙනිහින් පොලොව පැත්තට යොමු කලාම ඔය සිද්ධාන්තය නිසා මිහිමත කලින් හිටි ඩයිනොසර්ල පවා දැකගන්න හැකි වෙයි කියල පාරම්බෑවා// එහෙම පුළුවන් තමා. දැන් අපට ආලෝකය එන්නේ ආලෝක වර්ෂ ගානකින් නිසා අපි දකින්නේ අදම තිබ්බ තරුව නෙමේනේ. හඳේ ඉඳන් එන ආලෝකාට්‍ය තත්පර 1.3 ක් පරක්කු වෙලා එන්නේ. පරක්කු හඳක් තමා අපට පේන්නේ. ඉර මිනිත්තු 8ක්

      Delete
    2. ඒකතමයි බොලව් පොඩිත්තක් ඒ ගැනත් සඳහනක් දැම්මනම් නෙ හොඳ කීල කිව්වෙ.
      නිදි පොස්ටුවක් දාල
      https://nidigepanchathanthare.blogspot.com/2022/01/blog-post_22.html?showComment=1642917062403#c4360881798889879906

      Delete
    3. හා බලන්නම්

      Delete
  5. මාත් ගත්තා අජිත් ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකකුත් කරා මම. එකේ ලින්ක් එකත් දැම්මා. අජිත් මොකද හිතන්නේ මේ ගැන. හදාගන්න තියෙන අඩුපාඩු මොනවද?

      මේ තියෙන්නේ වීඩියෝ එක

      -මහේෂ් වලතර(Scurvy)

      Delete
    2. ශා නියමයි. මේක නිව්ටෝනියන් රිෆ්ලෙක්ටර් එකක් නේද

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ෆොටෝ එක ගහල තියෙන්නේ බලන් පැත්ත උඩට හිටින්න. වීඩියෝ එක හොඳයි. ලින්ක් එක දැම්මට ස්තූතියි. මගේ ළඟ කලින් තිබබ් එකත් ඔය වගේම තමා. ඒකෙ focal length එක 900.

      Delete
    5. අජිත්තුමෝ කැමරා ගැන දන්නවද?

      Delete
    6. මගේ ළඟ තියෙන්නේ නිකොන් D 3100 එකයි ඒකට එන ලෙන්ස් එකයි තව 70-300mm සිග්මා ලෙන්ස් එකයි . වැඩිය දන්නේ නැහැ

      Delete
  6. මේකක භාවිතයත් සරල නැතුව ඇති නේද අජිත්. ග්‍රහලෝකාගාරේ ගිහින් මහ පුදුමයෙන් ඒ දේවල් බලා උන්නු හැටි මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ මල්ලි මචං. එච්චරම අමාරුත නැහැ. මුලින්ම අල්ල ගන්න ඕනේ focus කරන හැටි හෙම. ඊට පස්සේ ටික ටික ඒකත් එක්ක ඔට්ටු වෙන්න ඕනේ. ඉට්ස් අපස්සේ දිගින් දිගට ඉගෙන ගන්න හිතනවා.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. බුදුබව අත්වෙයි අජිත් පුතාට

    ReplyDelete
    Replies
    1. මේක කවුද ලිව්වේ කියල නම් දන්නේ නැහැ. බුදු බව පතන්නේ නම් නැහැ. ඒත් ප්‍රතිචාරයට ඉතාමත් ස්තූතියි.

      Delete
  9. ඔබතුමාගෙන් විද්‍යා ප්‍රශ්ණයක් අහන්න තියෙනවා.

    යෙහෝවා දෙවියන් වහන්සේ වැරදිලා හරි මාන තුනකට වඩා වෙනස් මාන ගණනක් තියෙන විශ්වයක් මැව්වා නම් එහි විද්‍යුත් චුම්බක විකිරණ හැදෙන්න පුළුවන්ද?

    (මේක දෛශික දෙකක් අතර කතිර ගුණිතය සම්බන්ධ ගැටළුවක්)

    ReplyDelete
    Replies
    1. මාන තුනකට වඩා තියෙනවනම් විද්‍යුත් ආරෝපණය (electrical charge ) එක නැත්නම් ඒකට කියන්නේ මැක්ස්වෙල් නොට්ස් කියලලු. ඒ ගැන මෙතැන තියනවා.
      Tracking the evolution of Maxwell knots

      Delete
    2. original article https://arxiv.org/abs/2010.02165

      Delete
    3. වර්තමාන තියරි වලට අනුව කොහොමත් මාන තුනකට වඩා තියනවා කියල අපි විශ්වාස කරනානේ. ත්‍රිමාණ අවකාශය කාලය එක්ක ගත්තම චතුර්මාණ වෙනවා. ස්ට්‍රින් තියරි එකත් එකක් ගත්තම දහයක්, M - තියරි එකත් එක්ක එකොළහක්. මගේ පිළිතුර නම් විද්‍යුත් චුම්බක විකිරණ ඔය ඕන මානයක තියෙන්න පුළුවන් කියන එක.

      Delete
  10. මම එච්චර දේවල් නම් දන්නේ නැහැ කියන්න. හැබැයි ඔබ අහන්නේ පොයින්ටින් දෛශිකය ගැන නම් ඒක වැඩ කරන හැටි මෙතැන් තියෙනවා.
    https://en.wikipedia.org/wiki/Poynting_vector
    In Poynting's original paper and in most textbooks, the Poynting vector {\displaystyle \mathbf {S} }\mathbf {S} is defined as the cross product[3][4][5]

    {\displaystyle \mathbf {S} =\mathbf {E} \times \mathbf {H} ,}{\displaystyle \mathbf {S} =\mathbf {E} \times \mathbf {H} ,}
    where bold letters represent vectors and
    E is the electric field vector;
    H is the magnetic field's auxiliary field vector or magnetizing field.
    This expression is often called the Abraham form and is the most widely used.[6] The Poynting vector is usually denoted by S or N.

    In simple terms, the Poynting vector S depicts the direction and rate of transfer of energy, that is power, due to electromagnetic fields in a region of space which may or may not be empty. More rigorously, it is the quantity that must be used to make Poynting's theorem valid. Poynting's theorem essentially says that the difference between the electromagnetic energy entering a region and the electromagnetic energy leaving a region must equal the energy converted or dissipated in that region, that is, turned into a different form of energy (often heat). So if one accepts the validity of the Poynting vector description of electromagnetic energy transfer, then Poynting's theorem is simply a statement of the conservation of energy.

    If electromagnetic energy is not gained from or lost to other forms of energy within some region (e.g., mechanical energy, or heat), then electromagnetic energy is locally conserved within that region, yielding a continuity equation as a special case of Poynting's theorem:

    {\displaystyle \nabla \cdot \mathbf {S} =-{\frac {\partial u}{\partial t}}}{\displaystyle \nabla \cdot \mathbf {S} =-{\frac {\partial u}{\partial t}}}
    where {\displaystyle u}u is the energy density of the electromagnetic field. This frequent condition holds in the following simple example in which the Poynting vector is calculated and seen to be consistent with the usual computation of power in an electric circuit.

    ReplyDelete
    Replies
    1. තවත් දුර යන්න ඕනේ නම් මේකත් කියවන්න.
      https://www.nature.com/articles/s41598-019-56761-9

      Delete
    2. මට තියෙන ප්‍රශ්නේ ආලෝක කිරණයක දිශාව ගැන.
      ද්විමාන විශ්වයක ආලෝක කිරණ හටගන්න බෑ නේද?

      මාන තුනට වැඩිනම් මොකක් වෙයිද කියලා අදහසක් නෑ.

      Delete
    3. ඔයා ඉස්සෙල්ල කතා කලේ මාන තුනකට වඩා මැව්වොත් විදුඅත් චුම්භක තරංග යයිද කියන එකනේ. එතකොට ඒක මම කිව්වේ. දැන් විදුලිය ක්‍ෂේත්‍රයට ලම්බකවනේ චුම්භක ක්ෂේත්‍රය තියෙන්නේ. එතකොට තරංගයේ දිශාව ඒ දෙකටම ලම්බකව. ඒ කියන්නේ ත්‍රිමාණ. හරිය. ෆෝටෝන නේ ආලෝක කිරන කියන්නේ. ඉතින් ඒකත් ත්‍රිමාණ. ද්විමාන තලයක ඒක වෙන්න විධිහක් නැහැ. (අනික ආලෝකය කියන්නේ ක්වන්ටා අංශු නේ)

      Delete
  11. ග්‍රහලෝකාගාරෙ ගිය දාසක වත් බලමු 😃😃😃
    මේ කාාල ඕ ගැජට්ස් හොයනව නං ඒ කෝටිම කෝටිපතියෙක් තමා 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඒ අර ඔය උද්ධමන සීන් එක නිසානේ. විල්බරෝවක් අරන් ගිහින් සීනි රාත්තලක් ගන්න කාලයක් එයිද මන්ද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .