උදයේ සිට දිගින් දිගටම නද දුන් මගේ දුරකතනයෙන් පැවසුනේ බොහෝ අයට
නමුත් ඔවුහු පැමිණියෝය. ලන්ඩනයේ පොතක් එලි දැක්වීම සඳහා, කියවීමට ලැදි අය තිස් ගණනක් සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. අවුරුදු සැණකෙළි වලට හා පන්සල් වල දාන වලට මිස මිනිසුන් පොත් එළි දැක්වීමක් සඳහා යන්නේ නැති බවට වූ මිත්‍යාව බොරු කරමින් ඔවුහු පැමිණියහ.
පොල් ගෙඩියක් නැකතට දෙපලු කර දෙවන එළි දැක්වීමේ උළෙල ආරම්භ කෙරුවෙමි. නැකතට පසු පොල්කට්ටෙන් එපිටට මුලින්ම පැමිණියේ සරෝජ් පතිරණය. ඔහුගේ "ද්‍රෝහියාගේ දියණිය" පොත හඳුන්වා දීම සඳහා මා අප කියවූ රුසියානු හා සෝවියට් සාහිත්‍යය යුග වලට බෙදුවෙමි.
රුසියානු විප්ලවයට පෙර යුගයේ ලියෝ ටෝල්ස්ටෝයි (ඇනා කරෙනිනා), ගොගොල් (මළ මිනිස්සු) , තුර්ගේනිව්, දොස්තයෙව්ස්කි, පුෂ්කින් ආදී දැවැන්තයන්ගේ නිර්මාණ මුලිකත්වය ගති. විප්ලවය අවධියේ හා ඉන්පසු අවධියේ ඒ තැන ගත්තේ මැක්සිම් ගෝර්කි (අම්මා), මයකෝව්ස්කි, නිකොලායි ඔස්ත්රෝව්ස්කි (වානේ පන්නරය ලැබූ හැටි) ආදීන් ගේ විප්ලවීය නිර්මාණයන්ය. සමාජවාදී යථාර්ථවාදය යන අදහසේ නිර්මාතෘ ද ගොර්කිය. පසු කාලින සෝවියට් සාහිත්‍යය ගොඩ නැගුනේ මේ සමාජවාදී යථාර්ථවාදය (socialist realism) පදනම්වය. මා මේ ගැන මේ බ්ලොගයේ කිහිප විටක්ම සඳහන් කර ඇත.
දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් අළලා ලියවුනු ලෝක පුජිත නිර්මාණ ඉන්පසු බිහි විනි. මිහයිල් ෂෝලහොව් (පෙරළු නැවුම් පස, දොන් නදිය නිසලව ගලා බසී) , යුරි බොන්දර්යේව් (සැබෑ මිනිසෙකුගේ කතාවක්) සිහිපත් කළෙමි.
හැත්තෑව දශකයෙන් පසු කාලයේ සෝවියට් රජයට පක්ෂව මෙන්ම කොමියුනිස්ට්වාදී සර්ව සම්පුර්න සමාජයක් පිහිටුවා ඇති බවට උදම් අනන වාර්තා වැනි සාහිත්‍ය නිර්මාණ බිහිවුණි.
ද්‍රෝහියෙකු ලෙස පසුව හැඳින්වුන මිහයිල් සොශේන්කෝ මෙන්ම මාස්ටර් සහ මර්ගරීටා ලියු මිහයිල් බුල්ගකොව්ද, සොල්ශේනිට්සින් සහ පැස්ටර්නක් ද මේ වාර්තාකාරි සෝවියට් සාහිත්‍යට එදිරිව විවේචනාත්මකව ලියු අයයි. එහිදී සමිස්දාත් යන රුසියානු වදනේ භාවිතාව වැදගත්ය. රාජ්‍යයට විපක්ෂව රහසේ කරන නිර්මාණ මෙසේ හැඳින්විණි. මේ නිර්මාණ සෝවියට් සමාජවාදී යථාර්ථවාදය යටතේ ලියවුනු පක්ෂය හා රජය අලංකාර කරන ලද වාර්තා වෙනුවට "සැබෑ යථාර්ථයේ නියෝජනයක් " සහිත නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.
"ද්‍රෝහියා ගේ දියණිය" පොතේ විස්තර කරන්නේ මේ කාල පරිච්චේදයයි. එහිදී මේ පොතේ කියවීම තුල ඇත්තේ සෝවියට් සමාජයේදී ද්‍රෝහියෙකු කරන ලද පියෙකුගේ දියණියක වන අන්නා සැබවින්ම මුහුණ දෙන්නේ කුමන පීඩනයකටද යන්නයි.
ඇය මුහුණ දෙන්නේ මිනිසුන් ගේ නරක සම්බන්ධතාවයන් හා කුහක කම් වලටද නැත්නම් සෝවියට් සමාජයේ සමාජවාදී දුර්වලතාවයන් හා නිලධාරිවාදයටද? ඇමෙරිකා එක්සත් ජනපදයේදී ඇයට සිදුවුයේ කුමක්ද? එහිදී ඇය වංචාවක ට ලක්වුයේ ඇයි?
ඉන්පසු එළඹුණු සංවාදයේදී නන්දන වීරරත්න, අරුණ පෙරේරා මෙන්ම ආශා සුරියබණ්ඩාර ද අදහස් දැක්වුහ.
ඉන්පසු මවිසින් ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් සභාවට හඳුන්වා දීමේ දී බ්‍රෙෂ්ට්
ගේ "එපික් තියෙටර්" පිලිබඳ කෙටි හැඳින්වීමක් කලෙමි. එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට, නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක් ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය. විජිත ගුණරත්නයන්ගේ අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය. මේ ගැන රැස්වූ සභාවේ තියුණු සංවාදයක් ඇතිවූ අතර විපුලි පලිහක්කාර, නන්දන, සුදත්, ආශා හා ධරණී ගමගේද අදහස් දැක්වූහ. මෙහිදී ඉස්මතු කළ එක් අදහසක් වුයේ හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති ආදීන්ගේ සෞන්දර්යාත්මක නාට්‍ය කලාව ශ්‍රී ලංකාවට වඩා ගැලපෙන බවකි. සෞන්දර්යවේදීන් හා බ්‍රෙෂ්ට් වාදීන් අතර ගුරුකුලයන් නිර්මාණය කෙරෙන තරමේ අදහස් ප්‍රමාණයක් හුවමාරු වුනි.
විජිත ගුණරත්න විසින් කල ප්‍රධාන දේශනයේ දී ඔහු පැහැදිලි කලේ ජර්මනියේ බැවේරියාවේ උපන් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය කලා සම්ප්‍රදායයි. ඊට හේතුව "පොල්කට්ටෙන් එපිටට" පොත පිලිබඳ ඔහුගේ විග්‍රහයේදී බ්‍රෙෂ්ට් ගේ Verfremdungseffekt හෙවත් පරාත්වරෝපණය (රුසියානු භාෂාවෙන් ප්‍රි-අස්ත්‍රානේනිය) යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිලි කරමින් ඔහු දැක්වූ අදහසයි. මෙහි ඉංග්‍රීසි වදන "alienation effect" හෝ "estrangement effect" යන්නය. එපික් තියෙටර් පිලිබඳ අදහස ක්‍රියාත්මක කිරීමේදී උපයෝගී කරගන්නා ක්‍රමය (technique) වැඩි දියුණු කරන ලද්දේ මේ අදහසිනි. අර්වින් පිස්කටර්, ව්ලදිමීර් මයකොව්ස්කි හා ව්සේවෝලඩ් මෙයර්හෝල්ඩ් විසින් මුලින්ම යොදා ගත්තේද මේ ක්‍රමයයි.
මුල මැද සහ අගක් මෙන්ම වෘත්තාන්තයක් ද නැති බ්‍රෙෂ්ට් නාට්‍ය කලාවේ එපික් තියෙටර් සම්ප්‍රදාය මෙන් "පොල්කට්ටෙන් එපිටට " පොතේද මුලක් අගක් හා මැදක් නැති බව විජිත ගුණරත්න පැවසීය. ඕනෑම තැනකින් ලිපියක් තෝරා කියවා ඒ දෙස, කතුවරයා ගෙන් වියුක්තව, විවේචනාත්මක ඇසකින් බලන්න යයි ඔහු තව දුරත් පැවසිය.
"පොල්කට්ටෙන් එපිටට " කියවීමේදී බොහෝ විට ඇත්තේ කතුවරයාගේ අත්දැකීම් ඇසුරෙන් කිසියම් සංසිද්ධියක් ගැන විස්තරයකි. එහිදී ඔබ කතුවරයා පිලිබඳ බැඳීමක් ඇති නොකර ගත යුතුය. ඔබට ඇත්තේ ඒ පිලිබඳ විවේචනාත්මකව බැලීම හා හේතුවාදී ලෙස විග්‍රහ කිරීමය.
මේ ආකාරයේ නාට්‍යයක පිළිඹිබු වන්නේ යථාර්ථයේ නියෝජනයක් මිස යථාර්තය නොවේ. පොතේ අදහස් ද යථාර්ථයේ නියෝජනයක් පමණි. එහි අවසන් පරිච්චේදයේ පියා ගැන විවරණය හුදෙක් සංවේදී ලෙස බැලීමට වඩා කිසියම් සුළු සිද්ධියකින් ඔබේ ජීවිතය වෙනස් වූවාදැයි බැලීම වටී. ඔබ එවැනි සිද්ධියක පාත්‍ර වර්ගයාගෙන් අයෙක් වූයේ ඇයි දැයි සිතුවේද?
කතුවර චූලානන්ද සමරනායක මහතා ඒ (පියා ගැන) ලිපිය තෝරා ගැනීමේදී සිහිපත් කල සිද්ධියක් විය. ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ අපිරිසිදු වැසිකිළියක දම්වැලකින් බැඳ සිටිය අයුරුත් ඉන්පසු එම වැසිකිලියටම "අත් අඩංගුවට ගන්නා ලද පොත් " ද භටයන් විසින් "ගාල් " කල අයුරුත් මට පැවසීය. වැසිකිලියේ දම්වැලින් බැඳ සිටියදී ඔහු ඒ සියලු පොත් කියවූ අතර "මේ පොත් කියවන්නා " දෙස සානුකම්පිතව බලන හා එයට වක්‍රාකාරයෙන් උදව් දෙන භට පිරිස පිළිබඳවද ඔහු දැනුවත් විය. ඔහුගේ ජීවිතය වෙනස් වීම සඳහා අඩිතාලම දැමුනේ එතැනින්ද? එය වෙනස් ආකාරයකින් විග්‍රහ කිරීමට අපට හැකිද?
එසේම කියුබාව සමාජවාදීද යන්න හෝ මාක්ස් ඇත්තටම ආගම අබිං කීවා ද යන්න ඔබම විමසිය යුතුය. පුටින් හා එර්ඩොගන් එකම කාසියක දෙපැත්ත බව ඔබට වැටහේද? විජේවීර හා ප්‍රභාකරන් එකම කාසියක දෙපැත්තද? මහින්ද හා රනිල් එකම කාසියක දෙපැත්තද? මේ දෙයාකාරයට අනිත් ප්‍රතිවිරෝධය නැතුව පැවතිය හැකිද? රුසියානු යුධ බලය නැතුව නැටෝවට පැවතිය හැකිද?
මෙහිදී බ්‍රෙෂ්ට් විසින් ඉදිරිපත් කල වේදිකාවේ රංගන ක්‍රියාවකට අදාළ "නිර්මාණාත්මක ක්‍රියාවක් නිපදවී ඇත්තේ තවත් එවැනිම ක්‍රියාවකට ප්‍රතිවිරෝධයක් පෑමේ ආශාව (desire) නිසාය " යන්න පොතෙහි භාවිතා විනිද යන්න සොයා ගැනීම කියවන්නාට භාරය.
පොත් එලි දැක්වීම අවසන් වුයේ වළා පටල චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් හා සියල්ලෝම එක්ව මිදී යුෂ (wine) පානය කරමින් ගී ගැයිමෙනි. මුලින්ම ගැයුනේ සෞන්දර්යවාදී හා ජනප්‍රිය නාට්‍ය කලාවේ පසිඳු ගීත වන "ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ "
සමිස්දාත්: මමම ලියමි, මමම ව්‍යාකරණ නිවැරදි කරමි, මමම වාරණය කරමි, මමම බෙදා හරිමි. මමම ඒ වෙනුවෙන් සිරයේ ලගිමි. - ව්ලදිමීර් බුකොව්ස්කි
ව්ලදිමීර් බුකොව්ස්කි යනු සෝවියට් රජය විසින් සිර ගෙට යැවූ නිදහස් මතධාරියෙකි.
"Samizdat: I write it myself, edit it myself, censor it myself, publish it myself, distribute it myself, and spend jail time for it myself "- Vladimir Bukovsky
ඡායාරුප -බුද්ධික සුදර්ශන
/* මුහුරත් උළෙල */
ReplyDeleteමං හිතන්නේ ඔබ අදහස් කළේ පොත එළිදැක්වීමේ උළෙල කියන එකයි නේද?
අර විජිතගේ චිත්‍රපටිය තිබ්බ නිසා එහෙම ලිව්වේ. විජිතට හරියට ඒ චිත්‍රපටිය එලි දක්වන්න ලැබුනේ නැහැ නේ.
Deleteමා කුඩා කල සරසවිය පුවත් පතෙන් ඉගෙන ගත් කරුණක් තමයි මුහුරත් උළෙලක් කියන්නේ යම් කිසි කලා කෘතියක් නිපදවන්නට පෙර ඒ හා සම්බන්ධ අය සියළු දෙනා එකතුව තබන උත්සවයක් කියායි. නිකං මුල් ගල තැබීමක් වගේ එකක්.
Deleteචිත්‍රපටය නිපදවූ පසු තියෙන්නේ මංගල දර්ශනයයි.
ඒ වැරැද්ද නිවැරදි කළා. ස්තූතියි රසික.
Deleteබලාගෙන ගියාම එංගලන්තේ මෙහේට වඩා හොඳට ගිහිල්ලනේ.... මට නම් ඒක හීනයක් වගේ... පට්ට නිදි මතේ උන්නේ...
ReplyDeleteමට වෙලාවක් තිබුනේ නැහැ ලංකාවේ එක සංවිධානය කරන්න හෝ කතාවක් ලියාගෙන යන්න වත්.
Deleteමෙහෙ එකේ අන්තිමට මිදී යුෂ බෙදපු නැති එක ගැන බලවත් විරෝදය..
Deleteඇයි අප්පේ අර ඉයන් තුමාගෙන් ලැබිච්ච වැටේ හැට නමය දීල ගියේ.
Deleteකලා කටයුත්තක් ගැන විස්තර කියෙව්වම මානසික සුවයක් ලැබෙනවා. මෙවන් යහපත් කටයුතු විදේශයකදී සාර්ථක කරගැනීම පහසු නෑ.
ReplyDeleteඒත් අජිත් එය මැනැවින් ඉටු කොට ඇති බව පේනවා. සුබපැතුම්.
ප.ලි.: ඔතැන නවක, සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ නුවන් ජයතිලකයි, මායා නවගත්තේගමයි ඉන්නවා නේද. චිත්‍රපටය අරන් ඇවිත් තවම ඔහේද ?
ස්තූතියි නොකී කතා. නුවන් සහ මායා ඉන්නේ මෙහෙ මම දන්නා විධිහට. චිත්‍රපටිය මුල් වටයේදී බලන්න බැරි වුණා. මේ මාසයේ යනවා.
Deleteරුසියන් ෙපාත් කියවන්න ගොඩක් කැමති.. ද්‍රෝහියාගේ දියනිය කිියවලා බලන්න කැමති...
ReplyDeleteසරෝජ් ගෙන් අහන්නම් කොහෙද විකුනන්නේ කියල.
Deleteඑක හොඳයි.. අහලා කියන්න...
Deleteමොකද ෆොටෝ බාග?
ReplyDeleteකෝ කතා කරපු අය?
කෝ අර අරූ?
අරුගේ පිටි පස්ස තමා තියෙන්නේ ඔය. ෆොටෝ නැහැ මම ගත්තේ නැහැ. ගත්ත අය තවම දුන්නේ නැහැ.
Deleteකොන්ඩේ කළුම කළු බුවා තමයි ඌ....
Deleteඔන්න දැම්මා එකක්.
Deleteනොයෙකුත් අදහස්, මති මතාන්දර තුල ගෙවී ගිය සැන්දෑවක්....හොඳ වැඩක්. තවමත් බොහෝ අය ඒ ගැන රස කරමින් ඉන්නවා.
ReplyDeleteඒ කවුද අරූ ?
Deleteරසවත් කතිකාවතක් වීඇති හැඩයි...
ReplyDeleteඑසේ වී ඇතැයි සිතමි.
Deleteඑළකිරි.. :)
ReplyDeleteඔබගේ උත්සහය සාර්ථකයි කියලා මට හිතෙන්නේ. සතුටුයි.
ReplyDeleteස්තූතියි
Deleteලන්ඩන් පොල්.
ReplyDeleteමං හිතන්නේ මැලේසියා හරි තායිලන්ඩ් හරි
Deleteමිස්ටර් පෙරේරා කලාත්මක හීනයක් දකිනව වගේ කෑන් එකත් අතේ තියන්
ReplyDeleteපොල් වතුර බං....පොල් වතුර..
Deleteමාත් ඉස්සෙල්ල හිතුවේ එහෙමයි.
Deleteඅරුණත් ඉන්නෙ.පොල් ගෙඩිය බිඳින්නෙ නං ඔහොම නෙවෙයි බිම තියලයි.ඔහොම පොල් බිඳින්නෙ ගෙවල්වල අම්මලා.
ReplyDeleteකවද බිඳපු පොල්ද ?
Deleteගොඩක් සාර්ථක උත්සවයක්..!! බොහොම කණගාටුයි එන්න නොලැබීම ගැන අජිත් අය්යා. කමක් නැහැ. ඉඩ ලැබුන වෙලාවක "රශියන් ස්ටෑන්ඩර්ඩ්" බෝතලයක් වත් ගහල සමරමු. (අමද්‍යප කෙනෙක්නම් නන් අල්කොහොලික් බඩ්ස් බියර් එකක්වත් බොමු.)
ReplyDeleteවැඩේ සාර්ථකව කර ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි. එදා ලංකාවේ තියෙන වෙලෙත් මම කොළඹින් පිට හිටිය හන්දා එන්න බැරි උනා. ඒ චාන්ස් එක මිස් උන එක ගැන දුකයි.
ReplyDeleteසතුටුයි අයියෙ. විස්තරය අනුව නම් වැඩේ ඉතාම සාර්ථකයි. රුසියන් සාහිත්‍යය ගැන මෙතරම් කතා බහ වුණ සමාගමක ඉන්න නොලැබීම කණගාටුවක්...
ReplyDeleteතවම ද්‍රෝහියාගේ දියණිය කියවල නැහැ. පොල් කට්ටෙන් එපිටට ලියන්න හිතන් ඉන්නවා. අවසන් ලිපි කිහිපය කියවන්නත් තියෙනවා.