යහළුවකු විසින් එවූ ගොසිප් වෙබ් අඩවියක අමුතුම අන්දමේ පුවතක් දුටුවෙමි. ලොකු අයියලා අක්කලා පොඩි කාලේ අම්බලම් ගිය ඇඳුම් ඇඳන් කරන නාඩගමක් ගැන දුටුවෙමිය. මේ කියන්නේ යන්තම් අවුරුදු දහඅට පැන්න අද ඊයේ අම්බලම් වලින් එලියට පියමැන්න එවුන් ගැන නෙමේය. උන්ටිකට ඊයේ පෙරේදා අවුරුදු දොළහක් වත් අඩුම ගණනේ ඉඳලා එලියට ගිය අම්බලම් ඉස්කෝලේ , අම්බලම් මහා විද්‍යාලේ , අම්බලම් කොලීජිය ගැන පොඩි කැක්කුමක් සංකාවක් තියන එක මට හිතා ගත හැකිය. ඒවා සාමන්‍ය දේවල් ය.
මේ අයියලා අක්කලා එහෙම නොවේය. උන් ඇවිල්ලා අවුරදු හතලිහ පණහ පැන්න වුන්ය. අඩුම ගණනේ තිහ වත් පැන්නවුන්ය. හතළිහෙන් පස්සේ අර මිඩ්ලයිෆ් ක්‍රයිසිස් හෙවත් මැදිවියේ විප්ලවය වත් හට ගත්ත කට්ටිය දැයි මට නිකමට වගේ සිතුනෙමිය.
හැබැයි බලාගෙන ගියාම මේ වැඩේ එහෙම එසේ මෙසේ සිල්ලර හේතුවකට වෙන දෙයක් නෙමේය. මේ හැමෝම පොඩි කාලේ ඇඳපු කොට කලිසම්, සායවල් , සුදු ගවුම්, සුදු දිග උණ බම්බු කලිසම් ආයේ මහගෙන, කරේ ළමා බෑගයකුත් එල්ලා ගෙන යන්නේ තමන්ගේ නැති වෙච්ච ළමා විය හොයාගෙනය.
ළමා විය නැතිවී ඇත්තේ ලංකාවේ සෝ කෝල්ඩ් නිදහෂ් අධ්‍යාපනේ නිසාය. අන්තිම දුප්පත් දෙමහල්ලන්ගේ සිට, පහල මධ්‍යම පන්තියේ දෙමාපියෝත්, ඉහළ මධ්‍යම පන්තියත් කියා වෙනසක් නැතුව දුවා දරුවෝ ටියුෂන් හෙවත් පෞද්ගලික පන්ති යවන්නේ එකේ පන්තියේ සිටය. ඒ ඔක්කොම විෂයන්ටය. පහේ පන්තියේදී කඩයිම් විභාග සඳහා තවත් අමතර පුද්ගලික පන්තිය. ඒකෙන් මුළු රටේම පළවෙනි තැනෙ සිට තුන්වන තැන ගන්නා දරුවන්ගේ පමණක් නොව දරුවාගේ පියා, දරුවාගේ මව් , හවසට පුද්ගලික පන්ති දැමු ඉස්කෝලේ ටීචර්, ආච්චි , සීයා හා බල්ලා ගේද පින්තුර පත්තර වල පළවෙන්නේය. අහක හිටිය ප්‍රින්සිපල් ලාගේ පින්තුරද වැටෙන්නේය. ඔය කවුරුත් කළ රෙද්දක් නැත.
මේ ළමයිද තමන් ටියුෂන් (හෙවත් පෞද්ගලික අධ්‍යාපනය) පැත්ත පළාතක නොගිය බවත් හො ඳට සෙල්ලම් කළ බවත්, නිකම්ම විභාගෙට ගිය බවත් රුපවාහිනියට උජාරුවෙන් කියති. අල්ලපු ගෙදරින් ඇහුවොත් ඇත්ත කතාව හෙළිවනු ඇත. මොකද අල්ලපු ගෙදර පොඩි එකා පාස් නැත්නම් දෙමාපියන් උගේ හතර හන්දි කැඩෙන්නට පහර දී තිබෙන්නට පුළුවන් නිසාය. පහේ පන්තියේ විභාගෙන් ෆේල් වෙන එකා ගේ මානසික තත්වය කවුරුත් හොයන්නේ නැත.
ඉතින් මොන දක්ෂතාවය තිබුනත් පහ ෆේල් වුණා කියා නවතින්නේ නැත. තවත් පෞද්ගලික පන්ති දහය , එකොළහ පන්තිය වෙනකන් යා යුතුය . ඒ විභාගෙන් පසු උසස් පෙළටද පන්ති යා යුතුය. ඒ දෙකෙන් පැන ගෙන නිදහස් අධ්‍යාපනේ දෙන විස්ස විද්යාලෙකට යා ගන්නට බැරිවුනොත් අම්ම තාත්තා ඉඩම්, ගෙවල් උගස් කර ණයවෙලා යවන අහවල් පුද්ගලික ආයතනේට ගොස් සටිපිකට් , ඩිප්ලෝමා එකක් දා ගත යුතුය. මේ හැම තැනටම ප්‍රවාහනෙට යන වෙලාවත් එකතු කරලා ගණන් බැලුවාම ජිවිතේ විඳින්න උන්ට වෙලාවක් නැත. විස්ස විද්ලීයාලේ උන්ට වෙලාවක් තියනවා කියල හිතන්නටද බැරිය. ශිෂ්‍ය සංගමෙන්, ආණ්ඩුවෙන් සහ පොලිසියෙන් දෙන අසයින්මන්ට් හා විබාග අස්යින්මන්ට්ද කරලා ගොඩ ආ යුතුය.
තිබ්බ ළමා විය ඔහේ දන්නෙම නැතිව ගෙවී ගිහිල්ලාය. ඊට පස්සේ වැඩ කරලා වැඩ කරලා හති වැටිලා බලන කොට දන්නෙම නැතිව තිහ හතළිහත් පැනලාය. ඊටත් පස්සේ පොඩි එවුන්ගේ ඇඳුම් ලොකුවට මහගෙන බැක් ටු අම්බලම් කියල පරණ අම්බලමට බඩගාන්නේ පොඩි කාලේ මිස් වෙච්ච ජෑම් පාන් එකකුත් මල්ලට දා ගෙනය. මේ ගොල්ලන්ට සූප්පු විකුනන්න කවුරුත් හිටියේ නැත්ද කියල හිතුනේ බඩ ගාන ගෑවිල්ලටය.
ප්‍රශ්නේ මේක නෙමේය. තමන්ගේ ළමයින්ට දෙන්නෙත් මේ සබ්බුවමය. උන් ටිකත් තව අවුරුදු විස්ස තිහකින් ඔය නාඩගමම නටනවාය. හේතුව උන්ගේ ළමා කාලේ ගත වෙන්නෙත් පුද්ගලික නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය.
නිදහස ගත් දා සිට කන්නන්ගර මහතා වෙහෙසී ලබා දුන් නිදහස් අධ්‍යාපනෙන් අප ගත් ප්‍රයෝජන බොහෝය. බ්ලොගය ලියන්නට සිංහල ඉගෙන ගත්තේද නිදහස අධ්‍යාපනයෙන් කියා කිව හැකිය. ඒ වුනාට මට ආපහු සුදු කලිසමක් හෝ කලිසම් කොටයක් ගහගෙන පරණ ඉස්කෝලේ පැත්තේ යන්නට නම් කීයටවත් හිතෙන්නේ නැත. ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.
මේ ආපහු කලිසම් කොට ගහගෙන, බෑග් එල්ලගෙන ඉස්කෝල ගානේ දුවන්නේ තමන් ඇත්තටම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා දැයි බලන්නට විය යුතුය. මතක තියෙන්නට විධිහක් නැත.
අහෝ මේ නම් මහා ඛේදවාචකයකි. ඉරකි., තිතකි. ....
අපේ බ්ලොග් ඇත්තෝත් බැක් ටු අම්බලමට ගියා නම් සමා විය විය යුතුය. මේ මට හිතෙන හැටි පමණය.