-අයීයේ මේ මොකද වෙන්නේ දැන්
උඹ කලබල නැතුව ඉඳහන්, ඕකට කියන්නේ බටර්ෆ්ලයි එෆෙක්ට් කියල කොළඹ සිංහලෙන්
-ඒ කිව්වේ
ඒ කිව්වේ උඹට දෙන්න තියෙන්නේ පොඩි තල්ලුවක් විතරයි ඉතුරු ටික ඉබේම වැටෙනවා හරි තැනට
-අයිය කියන්නේ මේ ඔක්කොම අයිය කරනවා කියලද
නැහැ බං , දැන් බලපන් අපි වෙබ් අඩවි දෙක තුනකින් වඳ පෙති කතාව පතුරවල ඇරියා
-ඔව්
ඊට පස්සේ ඕක අල්ල ගත්ත කවුද ගොනෙක් පාන් පිටි ගුලියකට ගේම ඉල්ලුව , ඉතින් එතැන සෙට්
-හරි ඒත් තඹුත්ත විලේජ් එක අයිය නෙමෙයිනේ
ඔය ඉතින් බලපන්කො උඹට මං ගැන විශ්වාසයක් නැහැනේ , දැන් ඔය බෝතල් හදන ව්‍යාපෘතිය කාගේද
-අර ඇස් පුංචි සුදු ආසියන් කට්ටිය ගෙනේ
දැන් ඒගොල්ලෝ ඕන වෙලා තියෙන්නේ කාටද
-අර ඉල්ලා අස් වෙන්නැති අරයටනේ
දැන් එතකොට අපේ ලොකු අයිය එකපාරක් අයින් කලේ කවුද
- අර ඉල්ලා අස් වෙන්නැති අරයනේ
දැන් ලොකු අයිය විරුද්ධ කාටද
- අපිට අර ණය හුඟආක් දෙන මාඕ ඌඕ ගෙන් පැවත එන
හරි හරි ඇස් පුංචි සුදු අයිය කියපන්කො
-ඔව් ඉතින් මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද ගොවියෝ එන්නේ අයියේ. ඔය වතුර බෝතල් දෙන එක උන්ට හොඳයි නේ. වකුගඩු අමාරුවට නේද
එහෙම හොඳක් නැහැ බන්. වතුර ඒ පැතිවල නැහැනේ. දැන් බලපන් ගොනෝ බැස්සා ඉන්නේ කාත් එක්කද දැන්
-ලොකු අයිය එක්ක
ඉතින් ලොකු අයියා බැස්ස හරහා ගේම දෙනවා එතන . ඕන අරගලයකදී ඉදිරියට එන උතුම් ප්‍රතිපත්තිය මත අර වමේ කට්ටියගෙන් කට්ටියක් සපෝර්ට් එකට යනවා
-ඉතින්
ඉතින් යකෝ කවුද අසමජ්ජතියෝ ටිකක් ගල් ගහනවා පොලිසියට , පොලිසිය නෙලනවා , බුකිය උණුසුම් , වමේ කට්ටිය සාකච්චා දෙනවා, ඔක්කොම ගොඩ , ආ මට මතක් කරපන් සල්ලි යවන්න අරුන්ට , චෙක් එපාලු, වැඩිය දෙන්න ඕනේ නැහැ. ගල් විතරනේ පාවිච්චි කළේ
-අයිය කියන්නේ බොන ඒවත් එක්කටද
ඔව් බං
-අයීයේ එතකොට මේ දෙල් තෙනි වැඩෙත් අයියද
යකෝ ගොනෝ මම දැන් කිව්වේ බටර්ෆ්ලයි එෆෙක්ට් කියල, දැන් බලපන් අර අන්තවාදී සෙට් එකත් පෙළපාලි යයි. පිටරටවල පත්තර වල වැටෙයි. තව හිර වෙනවා. කොහොමත් ලොකු අයියා සතුටෙන් ඉන්නේ ඒකටත්
-ඒත් අයියේ මට හිතට අමාරුයි , අහිංසක කොල්ලෝ දෙන්නෙක් ගියානේ , අනේ අයියේ
ඒකට අපි මොනවා කරන්නද බන්. අපි කලේ කට්ටියට ඒ පැත්තට යන්න කියල මැසේජ් දෙන එක විතරනේ.ඕන කෙනෙකුට අවමංගල උත්සව වලට ගිය හැකිනේ
-අයියේ එතකොට අර ලොක්ක ගේන්න කලා වගේ වැඩක්ද මේකත්. අර කමිස ඉල්ලගෙන ඇඳන් යන සීගිරි අයියව අල්ලලා අයිය මරු ගේමක් දුන්නේ , අර ඇමෙරිකාවේ හිටපු කොට පොර මහතා නම් කියන්නේ එයා දුන් ගේම කියල
පොර එහෙම හිතාගෙන හිටපු දෙන්. කමිස දීල අල්ල ගත්ත හැටි මරු නේද, පොර අන්තිමට උගේ පක්ෂේ හිර කරලා ඒකෙ සහයෝගේත් ලොක්කට අරන් දීල, අපිව ගොඩ දැම්ම. ඒවා තමයි මල්ලි ගේම් ඈ.
-ඒත් අයියා ලොක්කව යවන්නත් ගේම දුන්නනේ
ඒ බං ඉතින් ලොක්ක අපිව අත ඇරලා අරුන් එක්ක සෙට් වුනානේ
-ඒ වුනාට ඉතින් ලොක්ක ගාන දුන්න නේද පරණ වැඩේට
ලොක්ක දන්නවා බන් මේවා බිස්නස් කියල. ඒ මනුස්සය තරහ නැහැ අපි එක්ක. ඒ මනුස්සය එක්ක එක අතකට වැඩ කරන්න ලේසියි. ඕන දෙයක් තේරෙනවා , මුන් වගේ නෙමේ
-දැන් ලොක්කව ගේනවද අයියේ ආපහු
පිස්සුද බං, දැන් අපිට අහවලා ඉන්නවනේ , ඔහොම ඉඳපන් මෙහෙම යන්න ඇරලා, මං කියන්නම් උඹට මොකද්ද කරන්න ඕනේ කියල. අඹරවන්න පුළුවන් තව ටිකක් .
- මේ දවස් වල සීතල නිසා හිටි හැටියේ ලියු ප්රබන්ධයකි. පාත්‍ර වර්ගයා ඇමෙරිකානු ජාතිකයන්ය.