කිනෝ ප්‍රාව්දා යනු කුමක්දැයි බොහෝ අය නොදන්නවා විය හැක. එහෙත් ඩොකියුමෙන්ටරි සිනෙමා හෝ වාර්තා චිත්‍රපට කිවහොත් ඒ කුමක්දැයි දන්නවා නිසැකය. බොහෝවිට මෙවැනි වාර්තා චිත්‍රපට බොහෝ දෙනා නොබලන නීරස චිත්‍රපට වර්ගයක් ලෙස හඳුනා ගනු ඇත.
කිනෝ යනුවෙන් රුසියානු භෂාවෙන් සිනමාව යන අරුත දෙයි. ප්‍රාව්දා යනු "සත්‍යය" ය. එනම් "සත්‍ය සිනමාවයි."
සෑම සිනමා කෘතියක් ගැනම සඳහනක් ඇති IMDB වෙබ් අඩවියේ කිනෝ ප්‍රාව්දා 1 ගැන මෙවැනි සඳහනක් තිබේ.
"මේ වනාහී ජීගා වෙර්තෝව් ගේ නිව්ස්රීල් සිනමා ගොන්නකි. (මුළු ගණන 23 කි) එලිසවෙතා ස්විලොවා හා මිහයිල් කෞෆ්මන් ගේ සහය අධ්‍යක්ෂණයෙන් 1920 මුල් ගණන්වල රුසියානු ජිවිතය පිලිබඳ වාර්තා චිත්‍රපට සමූහයක් වන මේවා නිපදවූයේ ජනතාවට සත්‍යය පැවසීමටය." සත්‍ය සිනමාව නමින් හැඳින්වූයේ එබැවිනි. ලෝකයේ මුල්ම වාර්තා චිත්‍රපට හෙවත් documentary films ගණයට වැටෙන්නේ මේවාය. මෙහි අංක දහසය සෙර්ගේයි අයිෂන්ටයින් නමැති ශ්‍රේෂ්ඨ සෝවියට් සිනමාකරුගේ "ග්ලුමොවා ගේ දිනපොත" චිත්‍රපටයයි. වෙර්ටෝව් "ප්‍රොලෙට්කුල්ත් හි වසන්තයේ මද සිනා" නමින් ඔහුගේ සත්‍ය සිනමාවක් හෙවත් වාර්තා චිත්‍රපටයක් ද මෙහි ඇතුලත් කළේය. මට මතක විධිහට ප්‍රොලෙට්කුල්ත් යනු ප්‍රොලිතාර්ස්කයා කුල්තුරා හෙවත් නිර්ධන පන්ති සංස්කෘතිය යන්නෙන් බිඳී ආවකි. ඩොකියුමෙන්ටරි නමින් මේ ශානරය හැඳින්වෙන්නේ 1926 වැනි කාලයක සිටය.
මේ ගැන තව දුරටත් ලිවිය හැකි මුත් මා ලියන්නට යන්නේ වෙනත් වාර්තා චිත්‍රපටයක් ගැනය. ඒ ජූඩ් රත්නම් ගේ "පාරාදීසයේ අමනුෂ්‍යයන් -demons in paradise " වාර්තා චිත්‍රපටය ගැනයි. ජූඩ් රත්නම් ඔහුගේ සිනමා වාර්තාව මගින් "සත්‍යය" පවසන්නට තැත් කරයි. ඔහු සත්‍යය දකින්නේ ඔහුගේ ඇසිනි. මා කිනෝ ප්‍රාව්දා ගැන කීවේ එබැවිනි. බටහිර ඇසින් සෝවියට් දේශය දෙස බලා පවසන සත්‍යය සෝවියට් ඇසින් බලා පවසන සත්‍යයට වෙනස් වීම මේ සත්‍යයේ සිනමාව නිර්මාණය වීමට හේතුවක් වන්නට ඇත.
මුලින්ම ජූඩ් පවසන්නට යත්න දරන සත්‍යය කුමක්දැයි විමසා බලමු.
ජන වාර්ගික අරගලය උත්සන්න වූ 1983න් ඔහුගේ "කථාව" ඇරඹෙයි. ජූඩ් ගේ මාමා ජිවත් වන්නේ කැනඩාවේ ය. ඔහු කැනඩාවේ සිට ලංකාවට පැමිණෙන්නේ රාජපක්ෂ රජය විසින් ජන වාර්ගික යුද්ධය අවසන් කළ පසුය. මේ යුද්ධය කෙසේ හෝ අවසන් කළේ නැත්නම් ජූඩ් ගේ මාමා ලංකාවට එන්නේ නැති බවට ඉඟියක් මුලින්ම ලැබේ.
1983 කළු ජූලියේදී මාමා ගේ පවුල ජාතිවාදී භ්‍රෂ්ඨයන් ගෙන බේරාගෙන තිබෙන්නේ විජය නම් සිංහල වඩු මහතෙකුගේ පවුලකි. ඔවුන් මේ දෙමළ පවුල සඟවා තබාගෙන ඔවුන් මරන්නට ආ ජාතිවාදීන් එළවන්නේ තමන්ගේ දිවි පරදුවට තබාය . ඉතින් රත්නම් ගේ මේ දෙමළ මාමා තම පවුල බේරා ගත් ඒ සිංහල පවුල හමුවී හැඟීම් බරව කඳුලක් සලයි. (එම අවස්ථාව මේ කොටසින් නැරඹිය හැකිය). එම පවුල බේරාගත් පවුලේ වැඩිමහල් සිංහල කාන්තාව ඔහුට "පුතේ" කියා අමතයි. "අපි උඹලව බේරා ගත්ත පුතේ. පුතා ආව අපි බලන්න" ඇය ඉතා හැඟීම්බරව පවසයි. නෙතට කඳුළු උනන මේ දර්ශන පෙළ වාර්තා සිනමාවකට වඩා සුදුසු ආත්ම කථනයක් ලෙසටය.
ඉතින් සිංහලයන් කොපමණ දේපල ගිනි තිබ්බත්, යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළත්, 1958 තරම් ඈත කාලයක සිට 1983 දක්වා දෙමළුන්ට සබ්බුව දුන්නත්, අන්තිමේදී එක තැනකට ගාල් කර බෝම්බ වරුසා වස්සවා දණ ගස්වා අභයදානය ඉල්වන්නට සැලැස්වුවත් හොඳ සිංහලයන්ද සිටින බව රත්නම්, තමන්ගේ මාමා හා ඔහුගේ පවුල බේරාගත් සිංහල පවුල පෙන්වා පහදා දෙයි. එතැනදී නම් මගේ දෑස ද තෙත් වුනි. සිංහලයන් විසින් '83 දී දෙමළ ජාතිකයන් බේරා ගන්නා අන්දම ජාත්‍යන්තරයට ගියේ නැත. එනිසා එවැනි සිංහල පිරිසකට ජූඩ් රත්නම් සාධාරණයක් ඉෂ්ට කරයි.
මේ ජූඩ් ගේ මාමා ඒ කාලයේ සමාජවාදී ඊලාමයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ සංවිධානයකට අයත් කෙනෙකි. මේ අනුව ඔවුන්ට සතුරන් දෙවර්ගයක් විය. එකක් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයි. අනික ශ්‍රී ලංකා හමුදාවයි. ඔවුනට මේ දෙගොල්ලන්ගෙන්ම සැඟවී සිටීමට සිදු වුනි. අවසානයේදී විරුද්ධවාදීන් මරාගෙන මරාගෙන යන දෙමළ විමුක්ති කොටින් එක දිනෙක ටෙලෝ සංවිධානයේ අටසියයක් පමණ සාමාජිකයන් මරා දමයි. මට මතක විධිහට මෙය සිදු වන්නේ 1986 දී පමණය. ඉන්පසු සමාජවාදී ඊලාමයක් සඳහා සටන් කරන ලද දෙමළ සංවිධාන යාපන භූමියෙන් අතුගා දැමීමට කොටි සංවිධානය සමත්වෙයි. මින් පසුව උතුරු නැගෙනහිර ජන වාර්ගික යුද්ධය ශ්‍රී ලංකා හමුදාවන්ට හා පසුව ඉන්දියානු හමුදාවටත් විරුද්ධව පවත්වා ගෙන යන්නේ ජාතිවාදී කොටි සංවිධානයයි.
ශ්‍රී ලංකා හා ඉන්දියානු හමුදාවන්ට අමතරව දෙමළ සංවිධාන එකිනෙකා මරාගත් බව ඒ දිනවල අපි සැවොම දැන සිටියෙමු. නමුත් ඒ ගැන නිර්භයව කතා කලේ සිංහලයන් දෙතුන් දෙනෙකු හා රාජිනි තිරාණගම ආදීන් පවත්වා ගෙන ගිය JTHR (මානව අයිතීන් පිලිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්) වෙබ් අඩවිය සහ ඩී බී එස් ජෙයරාජ් පමණි. බහුතර දෙමල ඩයස්පෝරාව මෙන්ම දෙමළ ජනයාද සිටියේ නිහඬවය. බහුතර සිංහල පාලනයෙන් "නිදහස" ඉල්ලා සටන් වැදුණු සටන්කාමීන් එකිනෙකා මරා ගැනීමේ ඛේදවාචකය නොඇසූ කන්ව සිටි දෙමළ ජනතාව ඒ ගැන තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු යයි ජූඩ් තම සිනමා ප්‍රකාශනය මගින් අවධාරණය කරයි.
මේ දිනවල දකුණේ සිදුවූයේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා භිෂණයක් දියත් කිරීමය. එහිදී මුලින්ම පහර දෙන ලද්දේ සමාජවාදී දෙමළ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කළ ස්වාධින ශිෂ්‍ය සංගමය හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ වලටය. සමාජවාදී ඊලමකට පක්ෂව කතා කළ දයා පතිරණ ඝාතනයෙන් පසු ජවිපෙ මරණ දණ්ඩනය දුන්නේ පරණ වමේ ක්‍රියාකාරින්ටය. මේ කාලය වනවිට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයද ඉතා දරුණු විය. ඒ දේ.ජ.ව්‍යාපාරය යුඇන්පී නායකයන් හා හමුදා නිලධාරීන් මරන්නට පටන් ගත් තැන සිටය.
මෙහිදී ඇතිවූ අතිශයින්ම කණගාටුදායක සිද්ධිය වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ප්‍රා නම් සංවිධානයකට බැරවී රජය සමග එක දකුණේ තරුණයින් මර්දනයට සහය වීමය. පැරණි වමේ පක්ෂ වල නායකයින්ට මේ කාලයේදී ජවිපෙන් එවන ලද ඝාතකයින්ට විරුද්ධව ආයුධ සන්නද්ධ ආරක්ෂාව දුන්නේ කොටි සංවිධානයේ මරණ තර්ජනයෙන් මිදී කොළඹට පැනවිත් සිටි වාමාංශික දෙමළ තරුණයින් බව ඒ දිනවල පැතිරුණු ආරංචියකි. ජවිපෙ කියන්නේ මාක්ස්, ලෙනින් ගේ කටවුට් මැයි දිනවල කර තියාගෙන ගිය ලංකාවේ සමාජවාදය උදෙසා කැපවුණු දේශපාලන පක්ෂයකි. ඔවුන් දකුණේ යුඇන්පී නායකයන් මෙන්ම වමේ නායකයන්ද ඝාතනය කල අතර ඔවුන්ට විරුද්ධව පැරණි වමට සහය දුන්නේ යාපනයෙන් පලා ආ සමාජවාදී ත්‍රස්ත සංවිධානයන්ය. මේ හරුපය තේරුම් ගැනීමට ඔබට හැකිද? ජූඩ් රත්නම් ගේ සිනමා කෘතියේ මෙන්න මේ සංකීර්ණ අවස්ථා සූක්ෂමව මග හැර යන බවක් පෙනී යයි.
ප්‍රභාකරන් කොටි සංවිධානය උතුරේත් හා විජේවීර හා ජවිපෙ දකුණේත් කටයුතු කලේ එකම ලෙස බව කියන විට ඊට විරුද්ධව සරම කැස පට ගසාගෙන එන අය සිටින බව මම දනිමි. නමුත් වාර්තාගත ඉතිහාසය වෙනස් කළ නොහැකි දෙයකි.
ජූඩ් රත්නම්, කොටි සංවිධානයට විරුද්ධව සටන් කළ තම මාමා ගැන වාර්තා චිත්‍රපටයක් කරන්නේ මේ සන්දර්භය යටතේය. ඔහු ඉහත කී සිද්ධීන් මෙන්ම කොටි සංවිධානය හෝ ජවිපෙ ඇතිවීමට හේතු සාධක සුක්ෂම ලෙස බැහැර කරයි. ඒ වෙනුවට ජූඩ් රත්නම් ගන්නේද අර මොකක්දෝ අසිපතක් ගැන ලියු තමිලිනී ගත් මගමය. පිලිකා සෑදී කොළඹ අතරමන් වූ තමිලිනිට පිහිට වුයේ "කරුණාබර හදවත්" ඇති සිංහලයන්ය. එහි වරදක් නැත. තමිලිනී ලා එල්ටීටීඊ එකේ සිටි කාලයේ තලා පෙළන ලද දෙමළ ජනතාවද , සංවිධානයේ පරාජය නිසා විපතට පත් වූවන්ද තමිලිනී දෙස ඇහැක් හැර බැලුවේ නැත? කොහොම බලන්නද? තමිලිනී වැනි අයට සටන් කිරීමට සල්ලි එකතු කර යවමින් තමන්ගේ දරුවන් බටහිර විශ්ව විද්‍යාලවලට යවා ලොකු මහත් කර කසාද බැඳ දී විවේක සුවයෙන් තමන්ගේ නිවෙස් වල ගත කරන ඩයස්පෝරාවද ඇහැක් ඇර බැලුවේ නැත. අන්තිමට තමන් සටන් කළේ කුමකටද යන්න තමිලිනී ටද අමතකවී ගියේය. තම ජිවිතයේ අවසන් දින කිහිපයේ සැලකූ සිංහලුන් පසසා ඇය අවසන් ගමන් ගියාය. එනිසා ලිබරල් සිංහලුන්ට මෙන්ම දැඩි ජාතිවාදී සිංහලයන්ටද, සමාජවාදී යයි කියමින් ජාතිවාදී ලෙස යුද්ධයට සහය දුන් ජවිපෙ ටද තමිලිනී ගේ කතාව තමන් ගත් මග සාධාරණීකරණය කිරීමට ලැබුණු අත්වැලකි.
ජූඩ් රත්නම් ගේ චිත්‍රපටිය ලස්සනය. ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් කොහොමත් ලස්සනය. ජූඩ් ගේ දුම්රියේ ගමන, යාපන දුම්රිය තුල දෙමළ ජනයාට එරෙහිව සිදුවූ දාමරික කම් වල සිහි ගැන්වීමක සිට සිට දුම්රිය මාර්ග විනාශ කිරීමට කොටි සංවිධානය බලහත්කාරයෙන් මිනිසුන් යොදවා ගන්නා අන්දම විස්තර කිරීමක් දක්වා ප්‍රේක්ෂකයා රැගෙන යයි. ජූඩ් ගේ මාමා කොටින්ගෙන් මිදී පලා එන දින කොටි මාර්ග බාධකයක නතර කෙරේ. එහිදී ගැමියෙකු ලෙස වෙස් වලා සිටින ඔහුව රේල්පාරේ යකඩ කඳන් පුංචි කියතකින් කැපීමට කොටි විසින් යෙදවීම නාසි වධ කඳවුරක වැඩ කරන යුදෙව් සිරකරුවන් සිහි ගන්වයි.
මේ කතාවේ එක තැනක යුවලක් තමන් ගේ ඇඳුම් වෙනස් කර සිංහලයන් මෙන් හැඳගෙන පාරේ යයි. එසේ කරන්නේ "ආරක්ෂාවටය". මට නම් සිතෙන්නේ එම ජවනිකා යුරෝපීය ප්‍රේක්ෂකයන් සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි. 1983 ජුලි හා අනිකුත් කලබල සමයන් හිදී එසේ වෙස්වළාගෙන යාම සාධාරණ වුවත් එවැනි තත්වයක් දැන් නැත. ජූඩ් එතැනදී සාකච්ඡා කරන්නේ වර්තමාන තත්වයද?
දකුණේ බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක ගැන විවේචනාත්මකව කතා කරති. එම කැරලි ශ්‍රී ලංකාවේ දියුණුව වසර ගණනක් පස්සට ඇද දමා ආර්ථිකයට දැඩි පහරක් එල්ල කළ බව සත්‍යයකි. එසේම එම ත්‍රස්තවාදීන් හෝ විමුක්තිකාමින් (ඔබ සිටින දේශපාලන පැත්ත අනුව) දරුණු ලෙස මිනිසුන් ඝාතනය කරන ලද බව ද සත්‍යයකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමටද එලෙස පවතින ක්‍රමයට විරුද්ධව තරුණයින් අවි අතට ගැනීමටද ආර්ථික හා දේශපාලනමය හේතු තිබේ. ජවිපෙට පමණක් දෝෂාරෝපණය කරමින් ලෙහෙසියෙන් ගැලවී යාමට කෙනෙකුට නොහැකිය.
දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය ගැන කතාවද එසේමය. ඔවුන් ඉබේ ප්‍රාදුර්භුත වූයේ නැත. ඔවුන් ජාතිවාදී ලෙස මුලිම් ජනතාව යාපනයෙන් එලවා දැමුවේ සිංහලයන් එලෙසම එලවිමෙන් පසුවය. බටහිර මාධ්‍ය වලට ඒවා හසුවූයේ නැත. ඔවුන් මායිම් ගම්මාන වල සිංහල වැසියන් කැති ගා මරා දැමූහ. වැඩිහිටියන් දරුවන් කියා වෙනසක් තිබුනේ නැත. ඉවක් බවක් නැතිව කොළඹ ආදී නගරවලට සියදිවි නසා ගැනීමේ බෝම්බ කරුවන් එවූහ. මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයන් පමණක් නොවේ. අහිංසක සිවිල් ජනතාව මරුමුව දුටුවේ දුසිම් ගණනනි.
හැබැයි 1958 සිට පටන්ගත් දෙමළ සිංහල කෝලාහල වලදී එලෙසම දෙමළුන් මරා දමන ලදී. ඔවුන්ගේ දේපල ගිනි තබන ලදී. සෙන්චෝලේ හි ළමා නිවාසයකට දැමුණු බෝම්බ වලින් දරුවන් පනහක් පමණ මිය ගොස් තිබුණි. එසේම යුද්ධය අවදියේ දෙමළුන් මැරුනේ දුසිම් ගණනින්ය. මෙහිදී දෙමළ කොටි සංවිධානයට පමණක් චෝදනා කරමින් කෙනෙකුට ලෙහෙසියන් ගැලවී යාමට නොහැකිය.
එසේම 1983 ජූලි කලබල දඩ මීමා කර ගනිමින් දෙමල සංවිධාන වලට උදව් කරන්නට ඉන්දියාවට හැකිවිය. උමා මහේෂ්වරන් හා වේලුපිල්ලේ ප්‍රභාකරන් මදුරාසියේ දී එකිනෙකාට වෙඩි තබා ගනිද්දී මේ පිලිබඳ විස්තර එකළ පුවත්පත් වල ඇති තරම් වාර්තා විය. එවකට ඉන්දීය රජය, ජේ ආර් ගේ රජයේ ඇමෙරිකාවට සමීප විදේශ ප්‍රතිපත්තිය නොඉවසූ අතර ශ්‍රී ලංකාවට දඬුවම් කළේ දෙමළ විමුක්ති සංවිධාන වලට උදව් දීමෙනි.
ජූඩ් රත්නම් ගේ වාර්තා චිත්‍රපටයෙන් අවධාරණය වන්නේ කොටි සංවිධානයේ බිහිසුණු කම හා ඔවුන් දෙමළ ජනතාව මර්දනකාරී ලෙස හැසිරවූ ආකාරයයි. දෙමළ ජනතාව රාජ්‍ය හමුදා හා ද්‍රවිඩ සටන්කාමීන් ට මැදිව දෙපසින්ම අතවර විඳි බව සත්‍යයකි. නමුත් සිංහල බහුතරයේ ජාතිවාදී වියරුව විසින් දූෂණය කරන ලද දෙමළ ජනතාවගේ ගරුත්වය හා අභිමානය වෙනුවෙන් ඔවුන් කොටි සංවිධානයේ ක්‍රියා නිහඬව ඉවසූ බවද සත්‍යයකි. සමහරවිට දෙමළ ජාතිය බහුතරය වී සිංහලයන් සුළුතරය වූවා නම් දෙමළුන් සිංහලුන් ට වෙනස්ව හැසිරේ යි සිතිය නොහැකිය.
මේ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිවැරදිව නොදත් අයෙක්, ජාතික ප්‍රශ්නය ගැන නොදත් අයෙක් ජූඩ් රත්නම් ගේ චිත්‍රපටය නරඹා මුලාවීමකට ගොදුරු වීම නොවැලැක්විය හැකිය. මේ වාර්තා චිත්‍රපටය සිනමාත්මක ලෙස විශිෂ්ඨ වුවත් එය ඉතිහාසමය වශයෙන් සාධාරණයක් ඉටු කරන්නේ නැත.
එනිසා මේ චිත්‍රපටයට, ශ්‍රී ලාංකික ජන ඝාතක යුද්ධයේ ඉන්දියානු භූමිකාව ආවරණය කළ එකක් නිසා එයට ඉන්දියානු මාධ්‍ය වලින් හොඳ විචාරයක් ලැබෙනු නිසැකය. ඉන්දියාව දෝෂාරෝපණයක් ලැබීමෙන් මුදවා ගෙන තිබේ. එසේම ඝෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාද දක්ෂ ලෙස යොදා ගත හැකිය. අර තරම් රුදුරු කොටි සංවිධානයක් සත්‍ය වශයෙන්ම පරාජය කළෝ ඔවුහුය. වෙන කවුරුත් නොවේ.
ඒ ඇරෙන්නට ජූඩ් රත්නම් ඔබ ඔබේ පැත්තෙන් ජනවාර්ගික යුද්ධය ගැන කළ මේ චිත්‍රපටය ඇත්තෙන්ම ඒක පාක්ෂික විවරණයකි. ඔබේ ඊළඟ චිත්‍රපටයෙන් ඔබ ඉතිහාසයට සාධාරණයක් කරනු ඇතැයි බලා පොරොත්තු වෙමි.
යූටියුබ් වීඩියෝ:
සිංහල පවුල හමුවන අවස්ථාව
මුලාශ්‍ර: A Guide to Intra-state Wars: An Examination of Civil, Regional, and ...
By Jeffrey S. Dixon, Meredith Reid Sarkees
කිනෝ ප්‍රාව්දා:
කිනෝ යනුවෙන් රුසියානු භෂාවෙන් සිනමාව යන අරුත දෙයි. ප්‍රාව්දා යනු "සත්‍යය" ය. එනම් "සත්‍ය සිනමාවයි."
කිනෝ ප්‍රාව්දා |

දුම්රියේ දී