මම දිගින් දිගටම කොරෝනා වයිරසය පැතිරීම ගැන දත්ත ඇසුරින් විශ්ලේෂණය කලද මා නොබැලූ පැත්තක් ගැන නොයෙක් ප්‍රතිචාර බ්ලොගයට ලැබුණි. ඒවායින් ප්‍රතිචාර දෙකක් මෙහි පල කරමි.
ප්‍රතිචාරය 1- //මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. නන්දසේන ජනාධිපතිතුමා අපිව හාමතේ මරන්නවත්ද සර් යන්නේ. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ.//
මගේ පිළිතුර:
මහත්මයා , මම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව, හා අලුත් පියාපත් යන සංවිධාන දෙකටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර පියාපත් එකටත් කැමති මේ නිසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත්, තෙවරප්පෙරුම මන්ත්රීවරයාත් ආධාර බෙදනවලු. අනිත් දේශපාලන පක්ෂත් තම තමන් ගේ තරුණ පෙරමුණු හරහා එක්වී වැඩකළ යුතුයි. මෙය හැම මිනිහෙකුගේම ප්‍රශ්නයක්, ජාතික ආපදාවක්. පොහොට්ටුවේ සහ එජාපයේ තරුණ පෙරමුණු නැත්ද?
මේ එක විධිහක් උදව් කරන්න.
අනික තමා ආණ්ඩුවෙන් හැමෝටම සහනාධාර මුදලක් දෙන එක (දැන් දෙනව කියල කියනව)
ඊළඟ එක අර නන්දන විරරතන සහෝ ලිව්ව විධිහට සමූපකාර ක්‍රමයක් හරහා ආධාර බෙදන එක. යටත් විජිතආණ්ඩුව මැලේරියා වසංගත කාලයේ කරපු එක. හමුදාව ඒවාට යොදවන එක . මානුෂීය හමුදාව කියලනේ කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නේ.
මම පෞද්ගලිකවම නම් සපෝර්ට් ලොක් ඩවුන් කරනවට , ඇඳිරි නීතියට නෙමේ. මෙය පැතිරීම පාලනය කරගෙනම වැඩට යන්න දීම.
සමහර ආහාර කඩ හැර තැබීම.
ගොවිතැන් වගේ මිනිසුන් ගැවසෙන්න අවශ්‍ය නනැති රැකියා වලට ඉඩ දීම. (මිනිසුන් එක් රැස් නොවන තැන් වල )
මෙවැනි යෝජනා ටිකක් හදල හැමෝම සමාජ ජාල වල ප්‍රචලිත කරලා බල කරන්න බැරිද
ප්‍රතිචාරය 2-
24 වෙනිදා සිට අපට දිගටම ඇඳිරි නීතිය. මහරගම පමුණුව පාරට මෙතෙක් කිසිම බලකායක සැපයුම් රියක් ආවේ නැත. පරිප්පු දෙසීයට, පොල්තෙල් බෝතලය 400/ට ගන්නටය වෙලා තියෙන්නේ. ඒකටත් ඇඳිරි නීතිය නොතකා යන්න වෙයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ නොම්මර හමුවී අපේ ගැටලුව කියන්නට ගිය විට වුනු දේ එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ fb එකට කමෙන්ට් එකක් විදිහට දැම්මේ වෙන කල යුතු දෙයක් නැතිම තැනයි. (ඒ පෝස්ටුවේය ඒකකය පැය 24ම් වැඩය කියලා අංකත් දමා තිබුනේ, මාර්තු 30 රාත්‍රී 10.47 ට)
මේකය මා යැව්වේ.
‘Nimal Diaanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’
තවම උත්තර නැත.
තුන්වෙනි ප්රශ්නය: වැඩිහිටි ජනතාව තම ගමට හෝ වෙනත් තමන්ට ආරක්ෂාකාරී තැන්වලට ගොසිනි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගන්නට ඒ තැන්වල සිට එන්නට බැරිය. ඒ නිසා නිවසේ කවුරුන් හෝ එවූ විට තැපැල් කාර්යාල මුදල් නොදෙති. ඔවුන් කියන්නේ මුලින් ප්‍රාදේශීය කාර්යාලයට යන ලෙසය. එයින් ලියුමක් රැගෙන ඉන් ADO හෝ මොකක්දෝ එකකට කියා එතැන ලේකම් ගෙන් ලියුමට අවසරය රැගෙන පැමිණිය යුතුය. ඉන්පසු තැපැල් කාර්යාලය මුදල් දෙනු ඇත. වංචා කිරීම වැළැක්වීමට මෙය කරන්නේ යයි සිතාමු. රියදුරු බලපත්‍රය හා විශාමික තැනැත්තාගේ වෙනත් උපන් දින සහතිකය වැනි දෙයක් තබාගෙන මුදල් දෙන්නට බැරිද?
කොපමන අප බ්‍රිතාන්‍යට බැන්නත් ඔවුන් ඒ සහනාධාර ගෙවීම පිළිවෙලකට කරති. විශාමික මුදල් ගෙවන්නේ බැංකුවටය, ඉන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකිය. තැපැල් කාර්යාලයෙන්ද එවන් අයෙකු අදාල අයගේ ලිපියක් හා හැඳුනුම් පතක් රැගෙන්පැමිණ ගත හැකිය. ඉහත කී අතේ මුදල් නැති මේ මිනිසුන් ජිවත් වන්නේ කොහොමද?
ලොක්ඩවුන් කිරීම මේ අවස්ථාවේ හොඳ යයි කියන්නේ මේ නිසාය. හමුදාව හා පොලිසිය යොදවා රෝගය පැතිරීම වැඩි ස්ථාන පමණක් වසා තැබිය හැකිය. එසේ නැත්නම් මෙසේ අසරණ වී සිටින මින්සුන්ට උපකාර කිරීමට වෙනත් ක්‍රම වේදයක් සැලසිය යුතුය.
පරික්ෂා කර කොරෝනා වැළඳී සුව වූ හෝ නැති අයට පොලිස් සහතිකයක් නිකුත් කල නැවත රැකියාකිරීමට ඉඩ සැලසිය යුතුය.
නිවෙස් වල සිට ස්වයං රැකියා කරන අයට ඒ සඳහා අවකාශය සහ සහයෝගය දිය යුතුය.
රටේ විපක්ෂ නායකය සැඟවී සිටින්නේ කොහේද ? මේ ඔහුගේ කාර්යභාරයයි. මොන දේශපාලන පක්ෂයක හෝ වේවා මේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන රජයට දැනුම් දී සාකච්ඡා කිරීම ඔහුගේ යුතුකමක් පමණක් නොව රාජකාරියයි.
හකීම් ගැන - මම ඔහුගේ ප්‍රකාශය සලකන්නේ හෙලිකොප්ටරයෙන් පිරිත් පැන් වතුර ඉහීම , කුරුසය රැගෙන පියාසර කිරීම ආදිය ගනනටමය. හකීම් ට තිබුනේ දේශපාලන ලකුණු රැස් කිරීම වෙනුවට විපක්ෂ නායකවරයා හරහා ඒ ගැන රජය සමග හීන් සීරුවේ සාකච්ඡා කරන්නටය. ගින්නට හුළං ගැසීම නොවේ. ඉදිරියේදී පාංශ කූලය දීම පිළිබඳවද ප්‍රශ්න ඇතිවිය හැකිය. විපක්ෂ නායක කෝ?
-කොළඹ ගමයා
වෙනත් කොරෝනා ලිපි :
.