Saturday 29 April 2017

මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්

විචාරක තුමාගේ බ්ලොග් ලිපි කාලයක් තිස්සේ කියැවූ කෙනෙක් මම.  ඔහු බ්ලොග් ලෝකයේ සිටියේ 2011 ඉඳන්. හමුදාවේ අයගේ ලිපි කියවන්නේ මොකද කියල වරෙක කෙනෙක් මගෙන් ඇහුව. ඒ අර චෝදනා ආපු කාලෙක. පස්සේ මම විචාරක තුමාගේ බ්ලොගයයි කල්‍යාණ මිත්‍ර ගේ බ්ලොගයයි  ඔහුට හඳුන්වල දුන්න.  එක්කෙනෙක් හමුදාවේ හිටියේ . අනික් එක්කෙනා නේවි එකේ. කියවල එන්න කියල.

මේ තියෙන්නේ විච අන්තිමට වගේ ලියපු එකක්.

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි


හමුදාවේ ඉන්නෙත් උඹල අපි වගේ මිනිස්සු. හිතක් පපුවක් තියෙන. ඕන කෙනෙකුට විවේචනය කරන්න  පුළුවන්. ඒත් ඒ බූට් එක දාගන්න කම් ඒ රස්සාව ගැන තේරුම් ගන්න අමාරුයි. පඩි ගෙව්වත් උඹල අපි වගේ උන් යන්නැති රස්සාවකට හැමෝම පඩිය නිසා යනවා කියල හෑල්ලු කරන්න  එපා කියල මම ඔහුට කිව්වා. සමාජයේ නරක යැයි  සම්මත මිනිස්සු ඉන්නවා නම් එහෙම අය හමුදාවල නොවේ වෙන ඕනම  තැනක , ආයතනයක, සංස්ථාවක ඉන්න පුළුවන්.  ඒත් මුළු සමාජයක්ම එහෙම නරක කෙනක් ගෙන් හෝ දෙදෙනෙකු ගෙන් මනින්න බැහැ වගේ හමුදාවක් මනින්නත් එහෙම බැහැ.

මේ තුවක්කු ගැන ලියපු එකක්. 

මේජර් ගුණරත්න මහත්මයාගේ හමුදා ජීවිතය ගැන මම දන්නේ නැහැ. බ්ලොග්කරුවෙකු වශයෙන් තමා මා  ඔහුව හඳුනා ගත්තේ. ඔහුව මුහුණින් දැක හඳුනා ගත්තේ  2016 වසර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී. වැඩි වෙලාවක් සතුටු සාමිචියේ යෙදෙන්න  බැරි වුණා. විචා, ඔමා නංගි ගාව ඉඳගෙන හැමෝටම විහිළු කර කර හිටිය. හමුදාවේ හිටිය කෙනෙක් වගේ නෙමේ බොහොම සෞම්‍ය ගති තියෙන විදුහල්පති කෙනෙක් වගේ.  එදත් හැබැයි වෙනත් මරණයකට යන්න  ඕන වෙලා හදිසියෙන් වගේ ආවේ කිව්වා.  හරිම ආසයි  හවස එකතු වෙලා කතා කරන්න. ඒත් ළඟම  ඥාතියෙක් නිසා යන්න වෙනවා කියල නිහතමානීව ඒ ගැන සමාව ඉල්ලුව. ඒ තමයි විචා. මම කිව්වා විචා මොහොතකට හරි සහභාගී වෙන්න ආපු එක ලොකු දෙයක් කියල.

අපිට වඩාත් ඉස්මතුවෙලා පෙනුනේ,  වයසට ගියහම ජිවිතේ ගැන කළ කිරිල හදිසියේම පන්සල පැත්තේ යන කෙනක් වෙනුවට ආගම දහම අදහන ගමන්  තරුණ තරුණියන් එක්ක හරි හරියට බ්ලොග් ලියපු හැටි. වාද කරපු හැටි. සමහරකුට බ්ලොග් එකක් අරින්න, ලියන්න කියා දුන් හැටි. සංචාරයකට ගියහම හොඳ පින්තුර ටිකක් අරන් ඒ ගැන ලියපු හැටි. හමුදාව පිලිබඳ අප නොදන්නා  තොරතුරු කිවූ හැටි. හමුදාවකට ජනතාවකට වඩා සමීප වෙන්න පුළුවන් නම් විචා වගේ අයගේ ක්‍රියා මාර්ගය තමා අනුගමනය කරන්න  ඕනේ.

විචා අසනීප වෙලා කියල මුලින්ම කිවේ ප්‍රා . බලන්න ගිහිල්ලත් තිබුන. අටමා, කල්‍යාණ, රුවන් චන්දිම සහ මම තීරණය කළා මෙවර නෙලුම් යාය විශේෂ සම්මානය පිදිය යුත්තේ ඔහුට කියල. ඒ බව දන්වන්න  ඔහුට දුරකතනයෙන්  කතා කළ වෙලේ විචා බොහොම හැඟුම්බර වුණා.  මටත් ඒ හැඟීම්බර බව දැනුනා.  අජිත් මට සතුටයි දුකයි දෙකම මේ අවස්ථාවේ එනවා. මට ලියන්න  අමාරුයි දැන්. ආයි කවද  ලියන්න වෙයිද දන්නේ නැහැ. සම්මාන උළෙලට කොහොම හරි එනවා කිව්වා. මට වාහනය පදවන්න අමාරුයි. කවුරු හරි හොයා ගන්නම් කියලත් කීවා. නමුත් එදා දවසේ විචාට සෑහෙන්න අමාරුයි. ඒ නිසා ඔහුට ඒමට හැකි වූයේ නැහැ.

ප්‍රා සහ ඉවාන්  ඔහුට ගිහින් සම්මානය භාර දීල තිබ්බ. ගුණරත්න මහත්මිය කියල තිබ්බ ඒ දවස්  කිහිපයම විචා  ඒ ගැන ගොඩක් සතුටින් හිටිය කියල. "සමහර විටක දවසට පැය දහ අටක් පරිගණකය සමග ඔට්ටු වේවි ලියපු ඒවාට කවුරුහරි අගය කරාවි කියල මම ඔයාල ට කිව්වා නේද කියල.  "
ඔබට ඒ අවසන් අවස්ථාවේ හරි එහෙම  සතුටක් දෙන්න ලැබීම ගැන අපට ගොඩක් සතුටුයි.  බොහෝ බ්ලොග් කරුවන් නොයෙකුත් උපකාර ආදිය කළ  බව දැන ගන්න ලැබුන.
ඇත්තටම එක දවසක් පමණක් ළඟින් දැක  කතා කරලා අනිත් හැම වෙලේම වර්චුවල් අවකාශයේ හමුවුනත් මේ මරණය මෙපමණ   දැනෙන්නේ ඇයි කියලත් හිතුන. බ්ලොග් ලෝකයේ තවත් එක් සොඳුරු මිනිසෙකුගේ  නික්ම යාමක් නිසා.

ආදරණිය  විචාරක තුමා - ඔබට නිවන් සුව.

-
ප.ලි:

දේශකයා මේ තොරතුරු ෆේස්බුක් හි පල කර තිබුණි . (ගස් ගෙන් රැගෙන)
සංවේගයෙන් දැනුම්දීමයි.
2011 දී බ්ලොග් ලොවට පිවිස, තමා සතු දැනුම සමාජයට මුදා හැරීමට කටයුතු කළ අප කව්රුත් දන්නා අයුරින් නම්, විචාරක, විචා, විචාමාමා (මම කියන්නෙ නාකිවිසේ) මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු 2017 මැයි 01 වැනිදා සවස 3.00ට කුරුණෑගල පොදු සුසානභූමියේදි සිදු කිරීමට නියමිතය. දේහය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. සුභ ගමන් නාකිවිසේ මාමේ

අංක 100, දිද්දෙනිය වත්ත පළමු පියවර,
බෝයගනේ
වර්ඩ්ප්‍රෙස් අඩවිය හරහා බ්ලොග් වලට පිවිසි ඒ මහතා පසුව blogspot අඩවියක්ද පවත්වාගෙන යමින් එම අඩවි දෙකම යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදි. බ්ලොග් ලොව වෙතරානුවා (Veteran) මේජර් ගුණරත්න මහතාණෙනි, ඔබට සුභ ගමන්..
තොරතුරු ලබාදීම සම්බන්ධව ගස් ගබ්බා මහතාට ස්තුතියි.
රුවන් ජයතුංග මෙය ලියා  තිබේ.


ඉන්දික කොඩිතුවක්කු මෙසේ සටහනක් තබා ඇත.

විචාරක යනු විශ්‍රාම යෑමෙන් පසුව බ්ලොග් ලියන්නට එකතු වූයෙකි. එහෙත් ඔහු සිතින් තරුණව, ඔහුගේ දරුවන් වයස් වූ බහුතරය හා සමව සතුටින් සහ ජවයෙන් යුතුව අන්තර්ජාලයට සිංහලෙන් දැණුම බෙදන්නට එක්විය.
අදටත් ඊමේල් මගින් අතින් අත යැවෙන පහත සඳහන් සබැඳියේ ඇති ගිනි අවි, උණ්ඩ ඈ හමුදාමය උපකරණ, නීති සහ භාවිතය ගැන වූ අති සාරගර්භ ලිපි වල නියම රචකයා ඔහු බව දන්නේ සිංහල බ්ලොග් පාඨකයන්ම අපමණි. කලක් අසනීපව සිටි විචාරක අද සවස නික්ම ගිය බව දැනගන්නට ලැබුනි.

බෝධිනී සමරතුංග 

good bye dearest blog friend, wicharaka...සුබ ගමන් විචාරකතුමනි.... ඔහු අප සමග ලියූ බ්ලොග්කරුවෙක්. මම අනිත්කොන බ්ලොග් එක ලියද්දී වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියූ සංග්‍රාමයට පසු පොත් ගැන කියා මගේ ලිවීමට බොහෝ දිරි දුන් කෙනෙකි. ඔහු ගේ නික්ම යෑම දුකකි....අමා මහ නිවනින් සැනසීම පතන්නෙමි....

අටමා ගෙන් :

මාම කියන්ඩද මචං කියන්ඩද අයියා කියන්ඩද සර් කියන්ඩද අක්කට ඉගැන්නුවට මට ඉගැන්නුවයැ අනික ඒකිත් නැති කොට සීයා කියලවත් කියන්ඩද එහෙම නමක් අපේ යාළුකමට තිබුනෙම නැනේ නාකියෝ ස්තුතියි උඹට වෙන මොකටවත් නෙමෙයි පැන්සොන් ජීවිතේ පන්සලටයි මරණාදාර සමිතියට අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා හොයන්ඩයි වැය නොකර හවසට මං ගෙදර ආවහම කියවන්ඩ දෙයක් ලියලා තිබ්බට

පහල ලියල තියෙන ප්‍රතිචාරය ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ ඉන්දික ගෙන්.

71 comments:

  1. විචා තුමාට බ්ලොග් සම්මානයක් දීම සඳහා 100 % කින් එකඟ වීම ගැන මා අද දිනයේ සතුටු වෙමි. ජීවත්ව සිටියදී ඔහුගේ සේවය ඇගයීම ඉතා හොඳයි

    ReplyDelete
    Replies
    1. ජීවත්ව සිටියදී ඔහුගේ සේවය ඇගයීම ඉතා හොඳයි X 2

      Delete
  2. I spoke to him through phone before i left sri lanka ... he said to come and visit him when i come back... oh he left too soon :( :( :(

    ReplyDelete
    Replies
    1. පස්සට කල් දැම්මොත් ඕක තමා වෙන්නේ.

      Delete
  3. මගේ ජීවිතය සැලකුවාම මම වෙනත් අයෙකුගේ මරණය අසා දැඩි ලෙස කම්පා වූ අවස්ථා හතරක් තිබෙනවා. පළමු වැන්න තමයි රවිරාජ් මන්ත්‍රීවරයාගේ මරණය. ඔහු මගේ ලගම නෑදෑයෙක්. දෙවැනි අවස්ථාව තමයි මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ මරණය. ඊලග එක තමිල් සෙල්වම්ගේ මරණය. අන්තිම එක තමයි විචාරක මහත්මයා(මේජර් ගුණරත්න) ගේ මරණය.

    එතුමාගේ බ්ලොග් එකේ මම සෑහෙන්න ඇනෝ කොමෙන්ට් දාලා තියෙනවා. එතුමාව අවුස්සලා විනෝද වෙලත් තියෙනවා. විචාරක මහතා අසනීප උනාම පස්සේ මම එතුමාට ඊමේල් කරා. ටික දවසකට පස්සේ එතුමාගෙන් රිප්ලයි ආවේ නැහැ. ඒ රෝහල ගත කරලා හිටපු නිස. ඊට පස්සේ ඩොක්ටර් රුවන්ගේ වෙනත් බ්ලොග් අඩවි වල කොමෙන්ට් දදා ඇහැව්වා එතුමාගේ අසනීප තත්වය කොහොමද කියලා. මොකද ඇනෝවරයෙක් වන මට අනික් බ්ලොග්කරුවන් කිසිකෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ හොයලා හොයලා එතුමාගේ දුරකථන අංකය හොයාගෙන කතා කලා. මට බ්ලොග් එකක් නැහැනි. කොමෙන්ට් දානවා විතරනි. ඉතිං මං කල්පනාකරා මම කවුරු කියලද විචාරක මහතාට හදුන්වලා දෙන්නේ කියලා. මං කිව්වා මම විචාරක මහත්මයාගේ පාඨකයෙක් කියලා.

    කොහොම හරි ඊට පස්සේ මම එතුමාව බලන්න ගියා කිහිප විටක්ම. දැන් දින කිහිපයකට උඩදී දවසක හැන්දෑවක එතුමාම මට කෝල් එකකුත් දීලා තිබ්බා. ඒත් මට ආන්ස්වර් කරන්න උනේ නැහැ. ආයේ කවදාවත් ඒ කෝල් එක එන එකකුත් නැහැ. මම හරියට පසුතැවිලි වෙනවා ඒකට. විචාරක මහත්මයා වගේ කෙනෙක් ආයේ බිහි වෙන්නේ නැහැ සිංහල බ්ලොග් වලට. කලින් ඔබා මාමා ගියා. ඒ අඩුව පුරවන්න පුළුවන් කෙනෙක් ආවද? නැහැ. විචාරක මහතාගේ අඩුවත් එහෙම තමයි. මැරුණ අය ආයේ එන්නේ නැහැ. වේදනාව ඉතිරි. මට ඊයේ නින්ද ගියෙත් නැහැ හිතේ දුකට. මොකක්දෝ හිස් කමක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. Ano , Salute !! X 2 ස්තූතියි

      Delete
    2. මේ ඇනෝනිමස් පාඨකයා මට මතකයි ඔය ප්‍රශ්නය හැම තැනම අසමින් ගියා. මාත් ඊ-මේල් මිස වෙනත් විස්තරයක් දැන සිටියේ නෑ.

      කෙසේ වෙතත්, මේ කණගාටුදායක මරණ ලයිස්තුව නම් යූනීක් (අසමසම) එකක්.

      Delete
    3. Blog follow karannek widihata mama dakka deyak thamayi awasana kalaye wichata dawantha ano praharayak wadina. Sulu detath sanwedee me manushyaya eya nisa kampanayata path wuna kiyala hithanne puluwan. Ohu hadisiye rogathura weema samagada mehi sambandha yak thibiya hakiyi. Ohuge ekanga wiya nohaki anthawadee polotical ideasda thibuna. Niwan suwa wicha!

      Delete
    4. සෙල්වම්ගෙ මරණය සහ රවිරාජ්ගෙ මරණය වෙනුවෙන් දැඩි ලෙස කම්පා වූ පුද්ගලයකුගෙ හැඟීම්, එයට විරුද්ධ පැත්තෙ හිටි හමුදා නිළධාරියෙකු වන තමන්ගෙ මරණය වෙනුවෙනුත් බිඳවන්ට හැකි වීමම විචා ලද ඉහලම සම්මානයක්.

      Delete
  4. ඒ සම්මානය තමා මේ දක්වා විශිෂ්ට ම එක..

    මං අර විස්තර ගත්තෙ ගස්ලබ්ස්ගෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . අප්ඩේට් කරන්නම්.

      Delete
  5. සම්මාණ පිදීම මාතලන් අගය කරන්නේ ඒ නිසයි..

    ඔහුට වඩා ඔහුගේ බිරිඳට එම සම්මාණය බොහෝම වටිනා බවයි කතා බහෙන් තේරුනේ...

    ReplyDelete
    Replies
    1. ඇය හුඟක් සතුටු වුනේ ඔහු ඉන් සතුටු වුන නිසා බවයි මම හිතන්නේ.

      Delete
  6. Have to do things for people while they are alive.
    Posthumous things look good to the public but do nothing for the departed person.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. විචාරක තුමා හොඳ හිතක් තියෙන, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවපු කෙනෙක් කියල මට හොඳටම දැනුනෙ නෙළුම් යාය සම්මාන උළෙලෙදි. ඔහුට ලැබුණු සම්මානය ඔහු බ්ලොගය හරහා අපිට දුන් දැනුමට හොඳ කෘතගුණ සැලකීමක්.
    විචාරක තුමණි..සුබ ගමන්..

    ReplyDelete
    Replies
    1. ටෙක් මල්ලි ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  9. සුභ ගමන් ජෙෂ්ඨ සගයාණෙනි..!!!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  10. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  11. Replies
    1. වාසිත ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  12. මම මගේ බ්ලොග් එකේ ලියන කාලේ දවසක් ලිව්වා මටත් හරි යන්නෙ විචාරක වගේ නමක් හැබැයි දැනටමත් එහෙම එකෙක් ඉන්න නිසා මට ඒ නම ගන්න බැහැ කියලා. මම ඔහුව හඳුනන්නේ නැති වුණත්, ඔහුගේ තදබල පාඨකයෙක් නොවුණත්, මෙතරම් ඉක්මනින් ඔහු නික්ම යාවි කියලා හිතුවේ නෑ. මේ සටහන් කියවද්දි ලොකු කණගාටුවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ

      Delete
  13. මම ටිකක් බොළඳ කාලෙ ලංකාවෙ සිද්ධවුණ දේවල් ගැන හමුදාවට බැන්නා. හමුදාවෙ අය පේන්න බැරි ගතියක් තිබුණා.
    (හේතුව විදියට එල්ටීටීඊ කතාව පිළිගන්න බැරි අය අසූනවය අදාල කරගන්න.)
    හැබැයි ඒක වෙනස් කරල මාව පරිණත විදියට හිතන්න යොමු කරපු හමුද නිලධාරීන් ගොඩක් හිටියා.
    ඒ අතරෙ විචාරක ඉන්න බව පැහැදිළියි

    ReplyDelete
  14. Some day we will all die, but on all other days we will not!

    ReplyDelete
    Replies
    1. මම දැක්කා කොමෙන්ට් එක රසිකලොජියේ

      Delete
  15. මා උපතින්ම අබාධිත අයෙක්. ඒ නිසා ගොඩක් වෙලාවට නිවසේම කාලය ගතකල මම ලෝකය ගැන ගොඩක් දේවල් දැනගත්තේ විචාරක මහතාගේ බ්ලොග් එකෙන්. එතුමා අසනීප වෙලා ඉන්නවා කියලා දැන ගත්තම පස්සේ මම එතුමාට ඊමේල් කරා. එතුමාගේ දුරකථන අංකයත් දුන්නා. ඒත් උපතින්ම ගොළු මට කතා කරන්න බැහැනි. මම එස්එම්එස් කලා.

    මගේ පියා මම කුඩා කලම මිය ගියා. ඒ ගැන විස්තර මම විචාරකතුමාට කිව්වම එතුමා කිව්වා මගේ මියගිය පියා කොහේ හරි ඉදන් මට අවශ්‍ය දැනුම ලබා දෙන්න විචාරක මහතාව මෙහෙයවනවා වෙන්නත් පුළුවන්, ඒ නිසා එයා බ්ලොග් එක ලියනවා වෙන්නත් පුළුවන් කියලා.

    මගේ සහෝදරයා තමයි මට විචාරක මහතාගේ බ්ලොගය ගැන මුලින්ම කිව්වේ. එයාත් මෙතුමාගේ වියෝව ගැන දුකින් ඉන්නේ. මටයි සහෝදරයටයි පියෙක් වගේ තමයි විචාරක මහතා උපදස් දුන්නේ.

    මගේ සහෝදරයා මුලින්ම විචාරක මහතාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක සහ ඒකට එතුමා ලබාදුන් පිළිතුර පහලින් තියෙනවා. ඒ මගින් තමයි මමත් විචාරක මහතාව හදුනා ගත්තේ.
    .....

    AnonymousJune 9, 2015 at 1:02 PM

    මම වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයෙක්. නිවාඩු පාඩු වෙලාවට ඇවිත් මේ බ්ලොග් අඩවිය බලනවා. ආරක්ෂක අංශ ගැන දැනගෙන නොහිටි කාරනා ගොඩක් මේ බ්ලොග් අඩවිය බලලා දැනගත්තා. ඒ වගේම මෙම බ්ලොග් අඩවියේ රචකයා වන විචාරකතුමා සෑම විටම ඉතා පැහැදිලිව, ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි ලිපි සම්පාදනය කර තිබෙනවා. ඔබතුමාට ඒ හැකියාව ලැබී ඇත්තේ උසස් හමුදා පුහුණුව නිසා වෙන්නට ඕනි.

    මගේ පියා සේවය කෙරුවේ ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස. කොළොන්නාව තෙල් ටැංකි වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මගේ පියා මිය ගියා. එතකොට මම පාසලේ බාලාංශ පන්ති වල හිටියේ. මගේ පියා අද සිටියා නම් ඔබතුමා වගේම ගුවන් හමුදාවේ තොරතුරු ඔහු කියා දේවි.

    Reply
    Replies

    විචාරක - WicharakaJune 9, 2015 at 1:21 PM

    ඔබ මගේ දරුවකුගේ වයසේ ඉන්න කෙනෙක් බව පෙනෙනවා. මගෙත් එක දියණියක් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී දැන් ඉන්ටර්න් පත්වීමක් ලබා කොළඹට ආසන්න රෝහලක සේවය කරනවා. ඔබටත් වෛද්‍ය වරයකු ලෙස රටට සේවය කරන්න වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    පියාගේ වියෝව ඔබට මහත් වේදනාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය පුරාම දැනෙයි. දැන් කලයුත්තේ ඉදිරිය ගැන සිතා වැඩ කිරීමයි. ඇත්තෙන්ම ඔබ එහෙම වැඩ කිරීම නිසා තමයි අද ඔය තත්වයට ඇවිත් ඉන්නේ. පියා වෙනුවෙන් කළහැකි සෑම පින්කමක්ම ඔබ කරනු ඇතැයි සිතනවා. මා ඔබේ පියා යයි සිතන්න. කවුද දන්නේ ඔහු කොහේ හො සිට මේවා ලියන්න මාව පොළඹවනවාද කියා. කැමතිනම් ඔබේ සිතේ තියන දේවල් මට ලියන්න wmjgslsr@gmail.com

    මේ අඩවිය ඇගයීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මෙහි පළ කිරීම ගැන ඇනෝ ට ස්තූතියි

      Delete
  16. " දැනුම , මනුසත්කම දෙකම බෙදාදුන් නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. "
    අත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් ( E-Mail ගණුදෙනු කිහිපයක් නම් සිදුකරා. ) හිතට තඩින් දැනුණ වෙන්වීමක් ..

    ඔහුට නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. මමත් දිගටම කියවපු බ්ලොග් අඩවියක්.

      Delete
  17. විචා තුමාට නිවන් සුව...!!!

    ReplyDelete
  18. සුබ ගමන් විචා!!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි හැලපේ

      Delete
  19. ඔහුගේ සිසුවියක් වන, කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි සොයුරියක් මා ඇමතුවා ලංකාවෙන් පිට ඉන්නා බැවින් මට ඒමට නොහැකි බව මා දැනුම් දුන්නා. කිහිපවර කෝල් කරමින් ඔහුගේ සුව දුක් විමසන විට වාට්ටුවේදී, ඔහුගේම සිසුවියක් වන මේ සිස්ටර් මට ඇගේ දුරකථන අංකය ලබා දෙමින්, සම්මාන ප්‍රධානයට වාට්ටුවට ඒමට හැකි ලෙස අධ්‍යක්ෂක ගේ අවසරය ලබා දෙමින් උදව් කළා. ඔවුන් සියළු දෙනා සම්මානය ගැන සතුටු වී පැවසුවේ එය ඔහු බොහෝ අගය කරන සතුටු කරන දෙයක් බවය. එදින ඔහු ඉතා ප්‍රීතියෙන් පසුවූ බවත් ප්‍රා ජේ සහ ඉවාන් පවුලුශා එන්න කලින් ඩිස්චාජ් කල නිසා ගෙදර යන බවත් දැනුම් දී අප සම්බන්දීකරණය කළේ ඇයයි. ඔවුන් ඔහුට මේ සම්මානය බොහෝ වටින බව සඳහන් කළා

    ReplyDelete
    Replies
    1. ප්‍රා සහ ඉවාන් ඒ බව කිව්වා. මල් වඩමක් යවන්න බැරිවුනා. ටිකක් අප්සෙට් අද එනිසා.

      Delete
  20. නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. උදාර ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  21. විචා, ඔබට නිවන් සුව! නැවත හමුවෙමු සසරේදී කොතැනක හෝ!
    මම විචා ගේ බ්ලොග් එක නිතර බලන සහ කොමෙන්ට් කරන කෙනෙක්. විචාගේ මල්ලී, අපි ආදරේට කියන්නෙ "තට්ට ගුනේ" කියලා, මගේ යුදහමුදා සමකාලිනයෙක්, හොඳ මිත්‍රයෙක්. ඔහුත්, පුතාත්, ඔහුගේ බිරිදත් අකාලයේ අපෙන් වෙන්වුනා. විචා ගේ වෙන්වීමත් ගුණරත්න පවුලට ලොකු පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  22. "හමුදාවකට ජනතාවකට වඩා සමීප වෙන්න පුළුවන් නම් විචා වගේ අයගේ ක්‍රියා මාර්ගය තමා අනුගමනය කරන්න ඕනේ."
    විචාගේ පැවති අපූරු විශේෂත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ලිපි තුලින් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා නේද?ඔබට ස්තූතියි.

      Delete
  23. විචාරක මහතාට සුභ ගමන්, බ්ලොග් ලෝකයෙ සැකයක් මතුවෙලා තියෙනවා, රොබට් කියන්නෙ විචාරක හදපු ෆේක් ප්‍රෝෆයිලක් කියලා...

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නැහැ. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  24. සුභ ගමන් තුමනි!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇනෝ. මම ඒක අයින් කලා. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  26. ඔහු ජීවත්ව සිටියදීම සම්මානයකින් ඔහුව අගය කිරීම ගැන ඔබ ඇතුළු නෙළුම් යාය සංවිධායක මඩුල්ලට අපේ ප්‍රණාමය.


    සුබ ගමන් විචාරක මාමේ...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි තුෂානි

      Delete
  27. විචාරක ගියත් විචාරක ලිව්වා දේවල් තවත් කාලයක් යනකම් සිංහල පාඨකයන්ගේ බුද්ධිය,රසය වර්ධනය කරාවි. නෙලුම් යයා සම්මානය ලැබීමට ඔහු සුදුස්සෙක්.ස්තුතියි ඔහු ඇගයීමට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මනෝජ් බුකියට වඩා බ්ලොග් එක වැදගත් ඒකයි. සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්.

      Delete
  28. මම හිතාගෙන හිටියේ විචාරක කියන්නේ මීට වඩා තරුණ කෙනෙක් කියලා. ඔබට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. මම මුලදී හිතන් හිටියේ බොහොම දරුණු පෙනුමක් තියෙන, උඩු රැවුල කරකවපු, හැම වෙලේම බීල රතු ඇස් දෙකක් තියෙන හමුදා නිලධාරියෙක් කියල. අර සමහර ඇනෝලට බැනපු විධිහට.

      Delete
  29. සුභ ගමන් විචාරක !!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  30. විචාරක තුල තිබ්බ වැදගත්ම දෙය තමා ඔහුගෙ වයසෙදි අනික් අය තුල අඩු, ප්‍රවාහයට එක්වීමට ඇති හැකියාව. ඉඳහිට සුපුරුදු වැඩිහිටි ගති එලියට පැන්නත්, ඔහු මේ වර්චුවල් අවකාෂය එක්ක හොඳින් ගණුදෙනු කරා.

    නෙළුම්යාය සම්මාණ ගැන බුකියෙ කල අපහාස වලට මම බොහෝ විට තනිවම හරි ගේම ඉල්ලුවෙ, කාගෙ අතින් කොහොම දුන්නත් දෙයක් සුදුස්සාට ලැබීම ඉතාම වැදගත් නිසයි. නෙලුම් යාය, විචාට අන්තිම මොහොතෙ සතුටින් නික්ම යන්න දීම ගැන සම්මානයක් ඔබටත් හිමියි.

    ReplyDelete
    Replies
    1. /විචාරක තුල තිබ්බ වැදගත්ම දෙය තමා ඔහුගෙ වයසෙදි අනික් අය තුල අඩු, ප්‍රවාහයට එක්වීමට ඇති හැකියාව// අපි වගේ වයසක ඩෑල් ෆේස්බුක් , ඉන්ස්ට්‍රගරම් ඉන්නවා වගේ. :)
      //නෙළුම්යාය සම්මාණ ගැන බුකියෙ කල අපහාස වලට මම බොහෝ විට තනිවම හරි ගේම ඉල්ලුවෙ// මමත් ඒක දැක්කා . මම සහයට ආවෙ නැත්තේ ඊට වඩා දරුණු වෙන්න තිබ්බ ඇටෑක් එක. බොහොම ස්තූතියි ඉන්දික. අපක්ෂපාති කෙනෙක් ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්.

      Delete
  31. මමත් බොහෝම කැමැත්තෙන් කියෙවුවා එතුමාගේ ලිපි ඔබතුමාට නිවන්සුව

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  32. ආසාවෙන් කියවපු බ්ගොල් එකක් ඇන හිටිය. එතුමගෙ බ්ලොග් එක පොතක් වශයෙන් පළ කිරීමේ නීතිමය හැකියාවක් නැති වෙයි යුධමය කරුනු සහ ආයුධ ගැන ඇති කරුණු නිසා. නමුත් මේ බ්ලොග් එක සංරක්ෂනය කිරීමට තරම් වටින බ්ලොග් එකක්.
    අටම කිව්ව වගේ හැමදාම මම අටමගෙ බ්ලොග් එක බැලුවට පස්සෙ හාරල බලන්නෙ විචාගෙ බ්ලොග් එක.

    මොනව කරන්නද ඔබට සුභ ගමන් මහත්මයා!!!.

    ReplyDelete
    Replies
    1. සමහර විට පවුලේ අයට කියල බැලුවොත් මුලාශ්‍ර සඳහන් කර පොතක් ගහන්න පුළුවන් වෙයි. හොඳ ආදහසක්.

      Delete
  33. අවසන් මොහොතට යන්න අවස්ථාව නොලදද රෝගී අවස්ථාවේ ඔහු දකින්නට ගියෙමි. ඔබට සුබ ගමන් විචා අයියේ.

    ReplyDelete
  34. විචරක තුමා මීතොටමුල්ල කන්දට යටවෙලා නැතිවුනානම් එහෙම ආණ්ඩුවත් පෙරලෙයි මේ ලියනා බ්ලොග් වලින්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .