Monday, 24 April 2017

නමයේ පන්තිය - නමය නරකද


පහේ පන්තියේදී
හතේ පන්තියයි අටේ පන්තියයි 
අටේ පන්තියෙන් නමයට 

නමයේ පන්තියේ දෙවන භාගයේ  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම්  වලට සහභාගී වුනෙමි. සිංහල  සංගමය (හෝ ඉතිහාස සංගමය)  විසින් පන්ති අතර ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න වලින් සමන්විත තරඟයක් පවත්වන ලදී. මම එය දිනුවෙමි. මට සහතිකයක් වැනි යමක් ලැබුණා දැයි මතක නැත. නමුත් ඉතිහාස පොත් කියවීමෙන් ලැබූ දැනුමට වටිනාකමක් ලැබුන බවට හැඟීමක් තිබුණි.
 රාජකීය විදුහලේ රැස්වීම් පවත්වන ශාලාවට ඇතුළු වන තැන විශාල දැන්වීම් පුවරුවක් තිබේ. බොහෝ දැන්වීම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒ අතරේ වටකුරු ලක්ෂණ සිංහල අකුරු වලින්  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම් ගැන ලියැවුණු දැන්වීම් ද දුටුවෙමි. ඒවායේ අත්සන් කර තිබුනේ සමන් ආතාවුද හෙට්ටි යන නමකිනි.

සමන් අයියලා බොහෝ දේවල් සංවිධානය කිරීමට දක්ෂයන් විය. සමන් ආතාවුද හෙට්ටිට  ඒ දිනවලත් ගුවන් විදුලිය සමග  යම් සබඳතාවක් තිබුණි.  ඒ අතර ඔවුන් පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරඟයක්ද සංවිධානය කළහ. මෙයට සහභාගී වන රාජකීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පුස්තකාලයේ ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු දීමට තිබුණි. මට වැඩිම ලකුණු තිබූ හෙයින් මම කණ්ඩායම් නායකයා වීමි. මේ කණ්ඩායමට සිටියේ මමත්, ප්‍රදීප් ජෙගනාදන් ( මහාචාර්යවරයෙකු වන  ප්‍රදීප් ජෙගනාදන් මේ දිනවල ඉන්දියාවේ ශිව් නාඩර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය ලෙස රැකියාව කරයි.), මහේෂ් ත්‍රිමාන්න සහ ඒ ටි ඩී දාබරේය.

තරඟ පැවතියේ බේරේ වැව මැද පිහිටි සිඟිති උයනේය.

ජයග්‍රාහක පාසල් කණ්ඩායමට තිළිණ සහ ශූරතා පලිහ ප්‍රදානය කිරීමට පැමිණියේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන  හේමා ප්‍රේමදාස මැතිනියයි. සමහර විට සිඟිති උයන ලැබුනේද එනිසා විය හැකිය.

සිඟිති උයන ආර් ප්‍රේමදාස මහතා විසින් ළමයින් සඳහා ක්‍රීඩා කිරීමටද හැකි උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා  තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා  වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත්  මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය. ප්‍රේමදාස මහතා  මෙයට තිත තැබුවේ එය දරු පවුල් පිටින් ගොස් විනෝද විය හැකි උයනක් බවට පත් කිරීමෙනි. යාමට තිබුනේ ලණුවෙන්  අදින ලද බෝට්ටුවකිනි.  එකල කොළඹ නගරය  (විශේෂයෙන් මැද කොළඹ) අලංකාර කිරීමට ඔහූ බොහෝ දේවල් කළේය . ජරා ජිර්ණව තිබු පාරවල් වල වටරවුම් අලංකාර කිරීම, පදික වේදිකා සෑදීම , උයන් පිරිසිදු කිරීම ආදී බොහෝ දේ සිදු කරන ලදී.

බේරේ වැවේ ගංගාරාමයේ සීමා මාලකයද මේ දිනවල නිම කරන ලද්දේ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ උත්සාහය නිසාය. මේ නිසා  ඒ අවට ප්‍රදේශය සැන්දෑ කාලයේ පන්සල් යන ජනයාගෙන් හා සවස ඇවිදීමට යන අයගෙන් පිරි තිබුණි.

සමන් ආතාවුද හෙට්ටි සහ සිංහල  සාහිත්‍ය සංගමයේ  තවත් කිහිප දෙනෙක්ම අප කණ්ඩායම සමග තරඟය පවත්වන තැනට පැමිණියහ. මුල් වට කිහිපයම අපට පහසුවෙන් දිනිය හැකි විය. අවසන් පූර්ව තරඟය තිබුනේ විශාඛා විද්‍යාලය සමගය. අපට ඔවුන් ලෙහෙසියෙන් පරදවා අවසන් වටයට යාමට හැකි විය. දේවී බාලිකාව හෝ වෙනත් විදුහලක් පරදවා ආනන්ද විදුහල් කණ්ඩායමද   අවසන් වටයට අපේ කණ්ඩායම සමග තේරුණි. ආනන්ද කණ්ඩායමේ නායකයා ගේ නම අජිත් ගුණතිලක බවද මතකය.
ආචාර්ය ජෙගනාදන් හෙවත් ජෙගා ලඟදි කිව්  කරුණක් නම් එම තරඟාවලියේ අප විසින් පැරදවූ කාන්තා විද්‍යාල කණ්ඩායමේ (Ladies college ) ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලතී ද සිටි බවය. ඔවුන්ට මේ බව හෙළි  වුනේ  විවාහයට  පසුව කළ කතා බහකදී බව ඔහු පැවැසීය.

 තරඟයේදී වට තුනකින් අපට ආනන්ද විදුහල පැරදවිය හැකි විය. ආනන්ද කණ්ඩායම අසමත් වුනු ප්‍රශ්නයකට මම පිළිතුරු දුනිමි. ඒ "අසාහි ෂිම්බුන්" යනු කුමක්ද යන්නය . ඉතියෝපියානු යුද්ධය හා එරිත්‍රියාව ගැන ප්‍රශ්නයකට ජෙගා පිළිතුරු දුන්නේය. ශූරතා පළිහ හේමා ප්‍රමදාස මහත්මිය අපට ප්‍රදානය කරන ලදී.

අප ජයග්‍රහණය කළ ප්‍රීතියට  ත්‍රිමාන්න ගේ   පියා  විසින් මුළු බේරේ  වැව පුරා බෝට්ටු සංචාරයකට මුළු කණ්ඩායම ම රැගෙන ගියේය. ඉන්පසු රාජකීය විදුහලට ගොස් එවකට එහි සිටි විදුහල්පති තුමාට ජයග්‍රහණය ගැන පවසා ශූරතා පළිහ භාර දුනිමු.
මිහිර පුවත්පත 

පසුදා  මා පාසැල අවසන් ව නිවසට එද්දී අපේ නිවෙස් අසළ යහළු යෙහෙලියන් සමූහයක් මිහිර පත්‍රයක් අතැතිව කෑ ගසමින් සිටිනු දුටිමි. ඒ අපේ ඡායාරූපයක් මිහිර පුවත්පතේ දෙවෙනි පිටුවේ පළවී තිබූ නිසාය. උස කොල්ලන් තිදෙනෙකු අතර උසින් අඩු මම ශූරතා  පළිහ ද අතැතිව සිටින ඡායාරූපයකි.  එක දිනෙන් අපේ නිවෙස් අසල මම ජනප්‍රිය වී සිටියෙමි.

ඊළඟ වසරේ ප්‍රදීප් ජෙගනාදන් ශ්‍රී ලංකා රුපවාහිනියේ පාසැල් අතර ඉංග්‍රීසියෙන් පැවැත්වුණු සාමාන්‍ය ය දැනීමේ තරඟාවලියටද සහභාගී වුනි.

මගේ මව කළකට ඉහත "තරුණි" පුවත්පතට  කොස් ඇට වලින් පිටි හදා ඉඳි ආප්ප සාදා ගන්නා ක්‍රමය ලියා  තිබුනි. ඒ කලින් තිබූ ශ්‍රීලනිප ආණ්ඩුවේ වගා  සංග්‍රාමයට සහයටය.    එම ලිපියද සමග මෙම මිහිර  පත්‍රයේ පිටුවද මා සුරක්ෂිතව  තබාගෙන සිටි මුත් ඒවා දැන් නැත.

අර පළමු ලිපියේ සඳහන්   ගුරුතුමා නැවතත් පන්ති භාර ආචාර්ය වරයා වූ මෙම පන්තිය ට තරඟ ජයග්‍රහණයෙන් පසු දිනයේ ගියවිට යහළු සිසුන් දෙදෙනෙකු හැර වෙන කිසිවෙක් මෙම ජයග්‍රහණය ගැන සුභ පැතුවේ නැති බවද මට මතකය.

නමයේ සිටියදී බාල දක්ෂයකු ලෙස නොයෙකුත් කඳවුරු හා පාඨමාලා වලට සහභාගි  වුනෙමි. ඉන් එකක් නම් බාලදක්ෂ ව්‍යාපාරය හා තරුණ  සංගමය ක් විසින් සංවිධානය කල ඡායාරූප ශිල්පය  පිළිබඳ පාඨමාලාවයි. මෙහි ප්‍රධාන දේශකයා හා සංවිධායක සමන් අමරසිංහ නම් වූ  රාජකීය විදුහලේ ගුරුවරයෙකි. ඒ දිනවල මා ළඟ තිබුනේ පෙට්ටි කැමරා (box camera) නමින් හඳුන්වන සවි කරන ලද කාචයක් හා ෂටර් ස්පීඩ් තුනක් පමණක් ඇති පොඩි කැමරාවකි. සමන් අමරසිංහ මහතා අප මිගමු වෙරළට ඡායාරූප  ගැනීමට රැගෙන ගිය අතර හෑගොඩ නිවසටද රැගෙන ගොස් හෑගොඩ මහතා ලවා දේශනයක් ද කරවීය . පාඨමාලාව අවසානයේ අපේ ෆිල්ම් රෝලවල  කළු කාමරයක සාන්ද්‍රණ  වල දමා ඩිවලොප් කළ යුතු විය. එහිදී ආලෝකයට නිරාවරණය වීමෙන් මගේ පින්තුර විනාශ විය. නමුත් ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු තිබුනේ මටය. ප්‍රයෝගික පරීක්ෂණයේදී මට වුනු අකරතැබ්බය වටහා ගත්  සමන් අමරසිංහ  මහතා මා සමත් කළේය. සමන් අමරසිංහ මහතා තවමත් රාජකීය විදුහලේ සේවය කරන ඉතා ජනප්‍රිය ගුරුතුමෙකි.

සමන් ආතාවුද හෙට්ටි සහ ඔහුගේ සංචාර ගැන කෘතියක් 

සමන් අතාවුද හෙට්ටි  අයියා නැවත  හමුවන්නේ "ලන්දේසි දූපත" ළමා නාට්‍යය හරහාය. ඔහු රඟ පෑවේ ජිල් ජෝනා ට ද වන්දබෞනා ට ද යන්න මට මතක නැත.  අවුරුදු 38 කට පසු පසුගියදා දැන  හෝ නොදැන සහෘද කිවිඳියක හරහා රූපවාහිනියේ සංවාදයක යෙදෙන්නට ස්වාධීන රුපවාහිනියේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා අපට අවස්ථාවක්  ලබා දුන්නේය.

එසේම පාසලේ සහෝදර සිසුන් කණ්ඩායමකට තම දක්ෂතා  පෙන්වා තමන් උගත් විදුහලට ආඩම්බරයක් ලබා දීමට එම තරඟාවලිය සංවිධානය කල සමන් අයියා ප්‍රමුඛ සිංහල සාහිත්‍ය සංගමයට හැකිවිය.

ඔබලාට ස්තූතියි.




43 comments:

  1. ලන්දේසි දූපත ලිව්වේ සමන් අතාවුදහෙට්ටි සහ කරුණාතිලක හඳුවල.

    ජිල්ජෝනා කටහඬ හඳුවල ගේ.
    අතාවුදහෙට්ටි රඟපෑවේ රොන්ජන් සර් නම් චරිතයයි.

    ReplyDelete
    Replies
    1. හොඳ මතකයක් රසික. ඒ දවස් වල දිගටම ඇහුවත් මට මතක තිබ්බේ නැහැ.

      Delete
  2. අජිත් ධර්මකීර්තී මහත්මයා, ඔබගේ කුඩා කල ජීවිතය ගැන කියවෙන මෙම ලිපි පෙළ මා කියවමින් පවතින්නේ. එවිට මට තේරුණ දෙය නම් ඔබ කුඩා කල මුහුණ දී ඇති අප්‍රසන්න අත්දැකීම්, අතවර නිසා වර්තමානයේ ඔබ මෙලෙස හැසිරෙනවා විය යුතුයි කියයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා මේ ගැන පැහැදිලි කරමින් විවිද ලිපි කිහිපයකුත් ලියා තිබුනා මතකයි.

    සාරසගේ බ්ලොගය අල කිරීමට එහි ගොසින් විවිද කොමෙන්ටු දැමීම, ඇතැම් බ්ලොග්කරුවන්ට පමණක් නොව ඔවුන්ගේ දියණියන් ගැන පවා අශ්ශීල අදහස් දැමීම වැනි දෑ ඔබ කරන්නේ ඒ නිසා බවයි හැගීම. අනික ඔබ පාසලට වෛරය කරන්නේ ඒ නිසයි. එසේම ඔබ ඔබට ඉදුම් හිටුම් රැකවරණය සමග අධ්‍යාපනය ලබා දුන් රුසියානු ෆෙඩරේෂණයට විරුද්ධව නේද දැන් කටයුතු කරන්නේ. ඇමරිකානු ජානාධිපතිධුරන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ රුසියාවේ ජනාධිපතිධුරන්දර තැන්පත් ව්ලැද්මීර් පුටින් මැතිතුමා මිත්‍රයි කියලත් ඔබ ඒ උදවියට විරුද්ධව අදහස් පළකර තිබුනා. ඔබ මෙසේ හැසිරෙන්නේ කුඩා කල මුහුණ දුන් හිංසාසහගත අත්දැකීම් නිසා නොවේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනික මම හිංසාව පිටි දකින කෙනෙක්. හැම විටම. කාගෙවත් බ්ලොග් අල කිරම නොව හැමෝම දිරිමත් කිරීම අප කරන්නේ. ඔබල නම් පෞද්ගලික් දේවල් ඇදගෙන කරන අශ්ශීල ක්‍රියා ඉතා පිලිකුලුයි.
      රුසියාව කියන්නේ සෝවියට් දේශය නොවේ. සෝවියට් දේශය පිළිබඳව මගේ ඇත්තේ දේශපාලන විවේචනයකි. ඔබ මගේ ලිපි සියල්ල කියව නැත.
      ඩොනල්ඩ් ට්‍රම්පච්චි දැන් තමන්ගේ රහස් ඔත්තු සේවා කියන විධිහට ගොනා සේ වැඩ කරයි. පරණ ටෝක් මුකුත් නැත. ඉවංක අද ජරම්නියේ මෙර්කල් හමුවීමට පවා පැමිණියාය.
      එසේම සරසා ගේ බ්ලොගයේ ඇනොනිමස් ලියන ඔබල රසිකගේ දියණිය ගැන ලියන අශ්ශීල දේවල් වලට දැඩි විරෝධය පළ කරමි. ඔබලා මානසික ව්‍යාධි ඇති අයයි.

      Delete
    3. //සාරසගේ බ්ලොගය අල කිරීමට එහි ගොසින් විවිද කොමෙන්ටු දැමීම, ඇතැම් බ්ලොග්කරුවන්ට පමණක් නොව ඔවුන්ගේ දියණියන් ගැන පවා අශ්ශීල අදහස් දැමීම වැනි දෑ ඔබ කරන්නේ ඒ නිසා බවයි හැගීම. // සරසා ගේ බ්ලොගයට මා යන්නේ නැත. කිසිවෙකුගේ දරුවන් ගැන මා කිසි විටෙක කිසිම දෙයක් ලියා නැත. මා සැම විටම මගේ නමින් මිස ඇනොනිමස් කොමෙන්ට් කොහෙවත් දමා නැත. සරසා ගේ බ්ලොගයේ එම කොමෙන්ට් දමන්නේ ඔබ ඇතුළු ඔවුන් ම බව මට බොහෝ අය කියා තිබේ. ඒවා මොනවාද යන්න වත් නොදනිමි. නොකියවමි. මා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව නම් සටන් වදිමි. ඔබත් සරසා ඇතුළු අයත් අනුන් කෙරෙහි ද්වේෂයෙන් ඉරිසියාවෙන් පෙලෙන මානසික ව්‍යාධි සහිත පුද්ගලයන් බව ද හඳුනා ගෙන ඇත්තෙමි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සරසා සහ ඔහුගේ ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය කරන දේ:
      1. රසික ගේ දියණියට අපහාස කර අශ්ශීල කතා ලිවිම
      2. අජිත් පැරකුම් ගේ දියණියට අපහාස කර කොමෙන්ට් කිරීම
      3.රසිකට, අජිත් පැරකුම් ට සහ මට අසභ්‍ය ලෙස අපහාස කිරීම.
      4. නාලක ගුණවර්ධනට සම ලින්ගික යයිද ඔහු ඒ හරහා රැකියා ආදිය ගත් බවද චෝදනා කිරීම. මෙය සරසා ගේ නමින්ම එවූ ඊමේල් එකක තිබේ.
      එසේම සරසා හෝ ඔහුගේ ඇනෝ පිරිස , හා මයුරවිල නමින් ලියනා තැනැත්තා නොයෙකුත් බ්ලොග් අඩවි වලට ගොස් වෙනත් බ්ලොග් කරුවන් අනුකරණය කර අපහාසාත්මක ප්‍රතිචාර දැමීම
      ඔය මොනවා කලත් බ්ලොග් නවත්වන්නට බැරිය.

      Delete
    6. හිතවත් අජිත්,

      ඉහත ඇනෝ (25 April 2017 at 03:21) ගේ අරමුණ පැහැදිලිය. එනම් ඔබ සහ සාරස අතර ඇතිවූ අර්බුදය දඩමීමා කරගෙන ඔබට රිද්දීමත් දෙදෙනා අතර විරසකය තවත් අවුළුවා කාලකණ්ණි සතුටක් ලැබීමයි. (දැන් ඔහු/ ඔවුන් මේ ඉහත ඔබේ කමෙන්ටුවද කොපි කර එහි [සාරසගේ බ්ලොගය] බහාලනු ඇති බව නිසැකය. ඔවුන්ගේ අරමුණ ඉන් ගම්‍ය වනු ඇත.)

      මා ඔබ හෝ සාරස හෝ වෙනත් කිසිවකුගේ පැත්තක් නොගන්නා සාමාන්‍ය බ්ලොග් පාඨකයෙකු ලෙස මගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කැමතියි. ඔබ කැමති නම් පමණක් මේ ගැන මෙහි අදහස් පළ කරමි. එය ඔබට වඩාත් නිවැරැදිව මේ ගැන යලිත් සිතා බැලීමටත් මෙම අනවශ්‍ය විරසකය යම පමණකින් හෝ සමහන් කරගැනීමටත් හැකිවේ නම එය මට මහත් සතුටකි.

      නමුත් ඉහත ඔබ ලියා ඇති කරුණු වලට අදාලව මගේ නිරීක්ෂණයක් පමණක් දැනට දක්වමි.

      //සරසා සහ ඔහුගේ ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය කරන දේ:
      1. රසික ගේ දියණියට අපහාස කර අශ්ශීල කතා ලිවිම
      2. අජිත් පැරකුම් ගේ දියණියට අපහාස කර කොමෙන්ට් කිරීම//

      01. ඉහත රසිකට මඩ ගැසූ තැනැත්තා මුලින්ම එම ප්‍රශ්නය නැගුවේ රසිකගේ බ්ලොගයේයි. (කෙටියෙන් කිව්වොත් රසික වික්ටර්ගේ මගුල සම්බන්ධයෙන් ලියූ විට ඇතැමුන් ඔබේ සොයුරිය දියණිය මේ දේ කළොත් යැයි ප්‍රශ්න කල විට රසික කීවේ "මගේ කෙනෙක්" යන්න ඔහුට අදාළ නැති බවයි. මෙය මීටර් කරගෙන සිටි කෙනෙක් රසික පියයුරු ගැන ලී විට මෙම ප්‍රශ්නය යලි නැගීමෙන් එම ගැටලුව උද්ගත වන්නට ඇතී.)

      නමුත් රසික දිගින් දිගටම එම ප්‍රතිචාර මකා දැමූවිට එම තැනැත්තා බ්ලොග් ගණනාවක එම ප්‍රතිචාරය දැමුවා. (මට මතක විදිහට එකොනොමැට්ටා/ ඉයන් වැනි අයගේ බ්ලොගවල පවා). නමුත් ඒවා මකා දැමීමෙන් පසු සාරස බ්ලොගයේ එය ඉතිරි වුණ බව මට මතකයි. කෙසේ නමුත් සාරසා හෝ ඇනෝ වරුන් එය අල්ලාගෙන දිගටම මඩ නොගැසීම අගය කල යුතුයි.

      02. අජිත් පැරකුම්ගේ කුඩා දියණියට සාරස හෝ ඇනෝලා චෝදනා කරනු මා දැක නැත. නමුත් අජිත් පැරකුම්ගේ බිරිඳට ඔහුගේම බ්ලොගය තුල ඇතැමුන් මීට කලකට පෙර චෝදනා කරනු දුටුවෙමි.

      ඉතින් ඔබගේ මෙම මුල් චෝදනා දෙක එතරම් නිවැරැදි නොවන බව මගේ මතයයි. නමුත් අනෙක් 3,4,5 යන කරුණු සත්‍ය බව මාද ස්ථිර කරමි. එමෙන්ම සාරසා ප්‍රොෆයිල් එකෙන් පැමිණ නැගූ ඇතැම් ප්‍රශ්නවටත් ඇතැම් ඇනෝවරු සංවරව සහ පොයින්ට් එකට ඇසූ ප්‍රශ්නවලට ඔබ (ඇතුලු අනෙක් අයත්) දුන් පැහැදිලිකිරීම් එතරම් සාර්ථක නොවූ දුබල තර්ක බවද මගේ නිරීක්ෂණයයි. මීට වඩා ප්‍රබලව එම තරක ගොඩනැගිය යුතුව තිබිනි.

      //එසේම සරසා හෝ ඔහුගේ ඇනෝ පිරිස , හා මයුරවිල නමින් ලියනා තැනැත්තා නොයෙකුත් බ්ලොග් අඩවි වලට ගොස් වෙනත් බ්ලොග් කරුවන් අනුකරණය කර අපහාසාත්මක ප්‍රතිචාර දැමීම.//

      මේවා සත්‍ය දැයි නොදනිමි. නමුත් පෙනෙන හැටියට ඔප්පු කළ නොහැකියි නේද අජිත්? ඔබ තව තවත් හතුරන් අවුස්සාගැනීම පමණයි වෙන්නේ.

      මා ඔබලාගේ සහ සාරසලාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයටවත් සම්මාන උත්සවවලට කිසිදු විරෝධයක්වත් කැමැත්තක්වත් නැත. මාගේ ඉතා කාරුණික ඉල්ලීම නම් මෙම වාද භේද අමතක කොට සමගියෙන් සිටින ලෙසයි. මෙය සාරසගේ බ්ලොගයේත් ලිවීමට කැමත් නමුත් ඇතැම් වලි-පෝශක ඇනෝවරුන් පැමිණ කුණුහරුපෙන් බනින නිසා ලිවීඑමට ටිකක් භය වෙමි. නමුත් කෙසේ හෝ ලිවිය යුතුය.

      බ්ලොග් ලොව සාමය ඇතිවේවා ! සිංහල බ්ලොග් කලාවට ජය !

      (බ්ලොග්කරුවකු නොවන බ්ලොග බලන සාමාන්‍ය පාඨකයෙක්)

      Delete
    7. හිතවත් අජිත්,

      මගේ ඉහත කමෙන්ටුවේ දෙයක් අමතක වුණා, මා එය ලීවේ ඔබට රිද්දීමට නොව මගේ අවංක අදහස් කියා පෑමට බව අවධාරණය කරමි. ඉහත අදහස් වලින් ඔබගේ සිත් රිදීමක් හෝ යම් වේදනාවක් ඔබට හෝ වෙනත් අයෙකුට සිදුවූවානම් ඉතාම කාරුණිකව සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලා සිටිමි. එමෙන්ම එය මෙම පොස්ටුවට අදාල නොවේ යැයි සිතේ නම් මකා දැමුවාට කම් නැත.

      ස්තූතියි !

      (බ්ලොග්කරුවකු නොවන බ්ලොග බලන සාමාන්‍ය පාඨකයෙක්)

      Delete
    8. ඇනෝ ඔබේ අදහස් වලට එකඟයි. මට අනවශ්‍ය චෝදනාවක් එල්ල වීම නිසා මා එයට පිළිතුරු දුන්නා. ඔවුන් මේවා සරසා ගේ බ්ලොගයේ දැමූ පසු සරසා ඒවා අනුමත කරමින් ප්‍රතිචාර දමන නිසා ඔහු මේ හා සම්බන්ධ බව සිතිය හැකියි. සරසා කරන දේශපාලන විවේචන ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැති අතර පුද්ගලික අපහාස සඳහා සද් භාවයෙන් යුතුව පිළිතුරු දුනිමි. නමුත් එසේ කිරීමෙන් පලක් නැති බව වටහා ගත් පසු එම බ්ලොගයට නොයමි. මගේ බ්ලොගය නතර නොවෙන බවත් වෙනත් බ්ලොග් වල මගේ ප්‍රතිචාර නතර නොවෙන බවටත් දැනුම් දීමක් කිරීමට සිතුවෙමි.

      Delete
    9. හිතවත් අජිත්,

      ස්තූතියි. හැකි පමණ ඉවසීමෙන් සහ උපක්‍රමශීලීව කටයුතු කළොත් මේ ප්‍රශ්න කාලයත් සමග විසඳෙයි.

      ජය ශ්‍රී !

      Delete
    10. මට නම් මෙය ප්‍රශ්නයක් නොවේ. මා හුඟක් වෙලාවට සිනාවෙන එකයි කරන්නේ ඒවාට. මා නිසා නෙළුම් යායට සම්බන්ධ වුනු බ්ලොග් කරුවන් එසේ කලේද සද් භාවයෙන් නිසා ඔවුන්බ් ගැන යම් කණගාටුවක් තිබෙනවා. ඔබට ස්තූතියි

      Delete
  3. පාසල් මතක... නමය නපුරු ගජ හෙනහුරු කියලත් කතාවක් තියනවා නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ටයිටල් එක දැම්මේ එහෙම.

      Delete
  4. රසවත් ලිපියක් !

    ReplyDelete
  5. “The authority of those who teach is often an obstacle to those who want to learn.”
    ― Marcus Tullius Cicero

    ReplyDelete
  6. ඉතින් අසාහි ෂින්බුන් කියන්නෙ මොකක් කියලද කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. ඔබත් දන්නා දෙයක් දැන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතා ප්‍රසිද්ධ නමක් නේ. අසාහි ෂිම්බුන් මම හිතන්නේ. නයන්න ලෙස මම වැරදියට ලියවිලා තියෙන්නේ. The Asahi Shimbun.

      Delete
    2. ජපානයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන පත්තරයක් නේද ? අසාහි කියල ජනප්‍රිය බියර් ජාතියකුත් තියෙනවා

      Delete
    3. ඔව්. ඒ කාලේ ප්‍රධාන පුවත්පතක්. එංගලන්තේ ටයිම්ස් වගේ ජපන් ටයිම්ස් එක කියල කිව්වේ. දැන් අනම් වෙබ් අඩවියක් වගේ තමා තියෙන්නේ. පත්තරේ ගහනවද තවම ?

      Delete
  7. සමහර ගුරුවරු ඉන්නවා... එයාලා ළමයි වෙනුවෙන්ම ඉපදුන අය කියල හිතෙන. රසවත් ලිපියක් අයියේ.
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හොඳ ගුරුතමන් තුමියන් අනන්ත ඉන්නවා. මම ගුරුවරයා ගැන හිතලම නෙමේ මේක ලිව්වේ. ඒ වගේ ප්‍රශ්න ආවට ඒවා ගණන් ගන්නේ නැතිව ඉදිරිපත්වෙනවා කියන්න

      Delete
  8. අජිත්!""" උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත් මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය. ...."""

    මෙමෙ කරුණු ඔබ කෙසේ ද වාර්තා සහගතව ඔප්පු කරන්න

    ලාංකීය ජඩමාධ්‍ය කරුවකු සෙ නොලියන්න නොදත් දේ ගැන සාධක සහිතව පෙන්වාදිය හැකිනම් පමණක් සඳහන් කරන්න .


    උදා: පිටකොටුවේ නිතර ගණිකාවන් සිටි ....නමුත්.... එය ඔබට සහතික කල නොහැක
    ඔබ හෝ ඔබේ මිතුරන් සමග පිටකොටුවේ ගණිකාවන් පහස නොලැබූ නිසා

    ReplyDelete
  9. හොඳ අතීතාවර්ජනයක් අජිත්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රයිගම්

      Delete
  10. // උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත් මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය// මෙහි ජීවත් උනේ මුනිසාමි හෝ මොහිදීන් සහ ඔහුගේ පවුල. මම හිතන්නේ ඔවුන්ට වෙන්ත ගෙයක් ලැබුන. ඔවුන්ගේ ජීවිකාව විහාර මහාදේවී (Victoria Park) එකේ Pony ගෙනයාම

    ReplyDelete
    Replies
    1. මා දන්නා විදිහට ඔවුන්ට ගෙයක් ලැබුණේ නැහැ. ඔවුන් කිසියම් ඈත පළාතකට පිටත්ව ගියා. වැඩි විස්තර නොදනිමි. එකල මෙහි ගණිකා ව්‍යාපාරයක් තිබ්බෙ නැහැ මම දන්න විදිහට. ගංජා වැනි දේනම් තිබුණ බව මතකයි.

      Delete
    2. ඇනෝ 2.25 එකටත් පිළිතුර මෙතනම් දෙන්නම්. ඔබලාගේ ප්‍රතිචාර වලට ස්තුතියි. ඇනෝ ඔබ කියනවා. //ලාංකීය ජඩමාධ්‍ය කරුවකු සෙ නොලියන්න නොදත් දේ ගැන සාධක සහිතව පෙන්වාදිය හැකිනම් පමණක් සඳහන් කරන්න .// ඔබ ඇනෝ වශයෙන් පැමිණ එසේ නොවේ කියන කොට පොඩි irony එකක් ඇති වෙනවා නේද? ඔබ අහන ප්‍රශ්නයේ වත් validity එක නැති වෙන නිසා. දැන් දෙවෙනි අනො මුනිසාමි ගැන කියන දේ භාර ගන්නේ කොහොමද? (ඒ ඔබ නොවේ නම්) මොකද නමක් ගමක් නැති කෙනෙක් කියන දෙයක් නේ? හරියට අර කොන්ස්පිරසි වෙබ් අඩවි වගේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එතකොට ඔය කොමර්ෂල් කොම්පනියේ හරියේ ජපන් ජබර පිරිලා තිබුන. එතන පාරක් තියෙනවා වෑකන්ද පැත්තට යන්න පුළුවන්. ඊට එහා පැත්තේ අර පුංචි ගෙවල් තියන පැත්තටවෙන්න තව බෝට්ටු තොටුපලක් තිබුන කොල්ලෑව එක්ක. ගැහැණු අරගෙන යන්නේ ඒවලින්. රෑට. පන්සල් ගිහින් එනකොට මොකද්ද පුජාවකට මමත් තව කිහිප දෙනෙකුත් ඇහින් දැක්කා පොලිසියෙන් අල්ලන් යනවා. ඊට පස්සේ අහොයල බැලුවම මුනිසාමි හිටිය නැතා එතැන එහෙම සීන් එකක් වෙනවා.
      මත්ද්‍රව්‍ය ගැන නම් හරියටම දන්නේ නැහැ. හැබැයි අහල තියනවා ඒවා හුවමාරු වුණා කීයල. ගංජා පැල තවානක් තිබුන කිව්වේ අපි ඔය තරඟයට ගිය වෙලේ. හැබැයි එතකොට ප්‍රේමදාස මහත්මයා ඒක සිඟිති උයන බවට පත් කරලා ඉවරයි. දැන් මොකක්ද තියෙන්නේ කියල නම් දන්නේ නැහැ.

      Delete
    5. හොඳයි තව එකක්. මේකට නම් සාක්ෂි කිසිවක් නැත. මේ දැන් යහළුවෙකු මතක් කළ දෙයක්. අර පරණ පාර්ලිමේන්තුව ගාව (දැන් කින්ස්බරි හෝටලය තියන තැන) බේරේ වැවේ බේසින් එක තියනවා නේද. එතනට දකුණු ඉන්දියාවෙන් ගේන කේරල ගංජා කල්පිටිය පුත්තලම් හරහා මුදෙන් ඇවිත් පැරණ ප්‍රදීපාගාරය හරහා දානවලු. ඊට පස්සේ එතන බෙරේ වැවෙන් බෝට්ටුවේ දුපතට ගේනවාලු . දුපතෙන් අරගෙනලු කොම්පඤඤ විදිය කොල්ලුපිටිය මරදාන පැත්තට බෙදා හරින්නේ. ප්‍රේමදාස මහතා මැද කොළඹ මන්ත්‍රී නිසා දැනගෙන ඉන්න ඇති.

      Delete
    6. දැන් ඔය මම "පහේ පන්තියේදී " කියල බ්ලොග් ලිපියක් ලියල තිබෙනවා නේද? ඔය උඩ යොමුවට යන්න. ඒකෙ කියන ලෙස මම වසරක් කොළඹ වෙන පාසලක් නැතිව උගත්තේ සෙන්ට් මයිකල් හෙවත් පොල්වත්තේ ඉස්කෝලේ. කොල්ලු පිටියේ. ඒකට යන්න 1976 ඇහින් දැකපුව. අර කොමර්ෂල් කොම්පැනිය පැත්තේ තිබ්බේ. හුණුපිටිය පාර නොවේ. අනිත් පැත්තේ. දැන් ඩුප්ලිකේෂන් පාර තියන පැත්ත. ගෝඨාභය මහතා ඒ පැත්ත පස්සේ හොඳට හැදුව නිසා ඒ බවක් පෙනෙන්න නැහැ කොහොමටවත්..

      Delete
    7. අනුන්ගේ ඇනොනිමස් වලින් වැඩක් නැහැ ප්‍රශ්නෙට උත්තරේනේද දෙන්න ඕනේ.
      අනික ඔබත් ඔබගේ හැඳුනුම්පත් උප්පැන්න සහතික අරව මේවා දීල නෙවෙයිනේ බ්ලොග් ප්‍රොෆයිල් හහැදුවේ.

      Delete
    8. ඉතින් ඔය උත්තරේ දීල තියෙන්නේ. ඔබේ මුලික අදහස වෙන දෙයක් බවයි මගේ අදහස. හරියට අර මම ඇෆ්ගන් මවෙකුට සල්ලි දුන් එකට එකොනැමට්ටා සාධක ඉල්ලුව වගේ. අතීත කාමය කියන දේවල 1976-79 කාලේ දේවල සාක්ෂි ගූගල් එකේ හොයන්න බැහැ. මම සමහර දේවල් ඇහින් දැකපුව. ඒකනේ ඔය ලියල තියෙන්නේ.

      Delete
  11. මතක දිගේ ඇවිදින සොදුරු මතක

    ReplyDelete
    Replies
    1. හ්ම් සොඳුරු මතක

      Delete
  12. බේරේ වැව ගැන ලිපියක්
    http://exploresrilanka.lk/2016/05/ripples-water-history-beira-lake/

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.