පින්තුරය අන්තර් ජලයෙනි (ලෝක ගෝලයක් හා සමාජ අධ්‍යනය) |
හතේ පංතියයි අටේ පන්තියයි
අටේ පන්තියේ සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ ගුරුතුමිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුතුමියකි. ඇය එම විෂය පිලිබඳ අප තුල ඇල්මක් ඇති කිරීමට තරම් දක්ෂ ලෙස ඉගැන්වූවාය. ඇගේ පුත්‍රයාද අපේ පන්තියේ සිටි මුත් ඇය ඒ බවක් කිසි විටෙකත් හැඟවූයේ නැත. මා ඒ බව දැනගත්තේද පසුව වෙනත් සිසුවකුගෙනි. ඔහු ශිෂ්‍යත්වය සමත්වී රාජකීය විදුහලට පැමිණි අයෙකි.
සමාජ අධ්‍යයනයට ක්ෂේත්‍ර පොතක් සැකසිය යුතු අතර අප සැවොම වෙහෙස මහන්සිවී වී එය කළෙමු. සොයාගත් නොයෙකුත් විස්තර ලිවිම මෙන්ම පින්තූර ඇලවීමද නොයෙකුත් පාට වලින් විසිතුරු චිත්‍ර ඇඳීම් ද කළෙමු. දිනක් එක්තරා සිසුවකු ගේ ක්ෂේත්‍ර පොත ඉතා හොඳ බව කියා ගුරුතුමිය වර්ණනාවක් කළාය. මේ නිසා මාත් තවත් සිසුවකුත් එය බැලීමට ඉල්ලුවෙමි. ඔහු ක්ෂේත්‍ර පොත තමන් කිහිල්ලේ හිර කරගෙන වහා ගොස් තම බෑගයට දැම්මේය. අප අපගේ පොත් එකිනෙකා අත යවමින් බලමින් සාකච්චා කලද අර සිසුවා මෙන් තවත් කිහිප දෙනෙකු තමන්ගේ පොත් වෙනත් අයට පෙන්වීම ප්‍රතික්ෂේප කළහ. ඒ අනිත් අය තමන් ගේ දේ කොපි කරති යයි බියෙනි. ගුරුතුමියද මදක් වික්ෂිප්තව සිටි බව පෙනුනි.
මේ සිසුවා ඉගෙනීමේ දක්ෂයෙකු වූ අතර අර පසුගිය ලිපියේ සඳහන් කළ ත්‍යාග ප්‍රදානෝත්සවයේ වැඩිම විෂයයන් සංඛ්‍යාවකට ත්‍යාගද ලැබූ අයෙකි. නමුත් පන්තියේ කිසිවෙකුට කිසිදා උදව්වක් කළ අයෙක් යයි නොසිතමි. පුද්ගලාර්ථවාදය (individualism) පිලිබඳ හොඳ පාඩමක්ද ඉන් උගත්තෙමි.
නවය (1979) පන්තියේදී අර ගුරුතුමා වෙනත් විෂයක් ඉගැන්වීම සඳහා පැමිණියේය. මා පැමිණි ප්‍රදේශය දැන සිටි නිසාදෝ වැඩි අවුලක් තිබ්බේ නැත. එම විෂය සඳහා ඇති අච්චු පොත විශාල නිසා, නමය පන්තියේ සිටි අපගෙන් සමහරක් බෑග එල්ලා ගෙන පාසැල් යාම වෙනුවට සෝබනයට අතේ පොත් කිහිපයක් පමණක් රැගෙන යාමට පුරුදු වී සිටියෙමු. එම නිසා විෂයට අදාල පොත නිවසේ තබා පැමිණීම පුරුද්දක් විය.
එහෙත් එක් දිනක් මමත් තවත් පන්ති සගයකු වූ ගම්පහ සිට එන යූ කේ ත් අච්චු පොත රැගෙන නොආ වරදට හසු වුනෙමු. ගුරුතුමා කලේ අප දෙදෙනාව පන්තියෙන් එලියට දැමීමයි. වරද අපේ අතේ හෙයින් පහරක් කෑමට සුදානමින් සිටි මට එය සැනසිල්ලක් විය. අප සිටියේ ක්‍රීඩා පිට්ටනියේ ඇති විශාල සියඹලා වැනි ගසක් අසල වූ පන්තියකය. එනිසා පන්තියෙන් එළියේ සිටීම ලොකු ප්‍රශ්නයක් වූයේ නැත.එකම ප්‍රශ්නය උප විදුහල්පති (කටයා මහතා) ලඟින් ගියොත් පමණය.
වාසනාවට එදා අප පසු කර යාමට පැමිණියේ රාජකීය විදුහලේ එවකට ක්‍රිකට් නායක මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක ද වූ රන්ජන් මඩුගල්ලය. (මඩුගල්ල ගේ උපන් දිනය අප්‍රේල් 22 ය) මඩ්ඩා ලෙසින්ද හැඳින්වුනු මඩුගල්ල 1979 රාජකීය ශාන්ත තෝමස් ශත සංවත්සරයට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන නිසා මෙන්ම නිහතමානී ගතිය නිසාද ජනප්‍රියව සිටියේය.
වරක් උප විදුහල්පති විසින් අප කෑ කෝ ගැසීම නිසා පුටු උඩ සිට ගෙන සිටීමට නියම කර ඉවත්ව ගියේය. එතනින් ගිය මඩුගල්ල අපට නැවත හිඳ ගන්නට කියා විෂය වෙලාව අවසන් වනතුරු නොයෙකුත් දේ ගැන කතා කරමින් ඊළඟ ගුරුතුමා එනතුරු පන්තියේ සිටියේය. එනිසා ඔහු මගේත් වීරයකු විය.
අප දුටු මඩුගල්ල අප එළියේ සිටින්නේ ඇයි දැයි විමසිය. විෂය පොත අමතක වීම නිසා යයි දැනගත් ඔහු "පොඩ්ඩක් ඉන්න " යයි කියා අසල තිබු ශිෂ්‍ය නේවාසිකාගාරයට ගියේය. මද වෙලාවකින් පොත් දෙකකුත් රැගෙන පැමිණි ඔහු ඒවා රැගෙන පන්තිය තුලට යන ලෙස අපට දැන්වීය. ගුරුතුමා කෝප ගනිතැයි බියෙන් අප අදිමදි කරනු දුටු ඔහු දොර හැර පන්තිය තුලට හිස ඔබා ගුරුතුමා ඇමතීය. කතා කරන්නේ මඩුගල්ලය. ගුරුතුමාද මුවේ ඒ කොනේ සිට මෙහා කොන තෙක් විශාල හිනාවක් රඳවා ගෙන පැමිණ මඩුගල්ල සමග කතා කර අප දෙදෙනාට පන්තිය තුලට යන ලෙස සන් කළේය. ශිෂ්‍ය නායක කාමරයට පොත් දෙක නැවත දෙන ලෙස දන්වා මඩු ගාල්ල ගුරුතුමා සමග වචන දෙක තුනක් කථා කර නික්ම ගියේය.
කාර්ය නියමයක් හෝ කිසියම් විෂයක් උගන්වන්නේ දැයි මා දැන නොසිටි තවත් ගුරුවරයෙකුද මේ කාලයේ සිටියේය. විෂය භාර ගුරුවරයා නැති අවස්ථා වල පන්තියකට කඩා වදින මොහු කතා කලේ ඉංග්‍රීසියෙනි. "ඔබේ නම කුමක්ද -what is your name " කියා අසන විට "මගේ නම --"යනුවෙන් පටන් ගෙන මුළු නමම වාසගම් ද සහිතව කිව යුතුය. බැරි වෙලාවත් අමතක වී එක නමක් නම් දෙකක් හෝ කිවොත් හෝ මගේ නම යනුවෙන් කියා පිළිතුර පටන් නොගත්තොත් කම්මුලට දැඩි පහරක් වදී. නම හරියට කියන තෙක්ම ඒ කම්මුල් පහර දීමටද ඔහු වග බලා ගනී. අටේ පන්තියේදී පහර කෑ නිසා නමය පන්තියේදී නම හරියට පිළිවෙලට කියා ඔහුගෙන් බේරී සිටීමට හැකිවිය. නමුත් පන්තිය පළමුවෙනි පේලිය නිතරම කම්මුල් පහර කෑහ. ඒ ඔහු එන හදිසියට නම සහමුලින්ම කීම සිසුන්ට අමතක වෙන නිසා යයි සිතමි.
ඔහු ෆේස්බුක් හි සිටිනු මම හදිසියේ මෑතකදී දුටුවෙමි. ඔහුගේ පොස්ට් එකකට ප්‍රතිචාර දක්වන ඇතැම් පරණ සිසුන් එම ගුරුවරයා තමන් හදා නිවැරදි මගට ගත් බව කියනු දුටිමි. ඔහු හැදුවේ මොකක්ද යන්න මට අදටත් ප්‍රශ්නයකි.
අපොස උසස් පෙළ කරන සමයේ විදුහල්පති ගේ නෑදෑයෙකු යයි කිවූ ගණිත ගුරුවරයෙකු විය. මේ ගුරුතුමාට අපි අර "කම්මුලට ගසන මගේ නම " ගැන විස්තරය පැවසුවෙමු. ඒ ගුරුතුමා අපට කිවේ මෙවැනි කතාවකි. ඔය කියන ගුරුවරයා විශ්ව විද්‍යාලයට පැමිණියේ ඉතා ඈත ගමක සිට බවත් රාජකීය විද්‍යාලයට ඉගැන්වීමට පැමිණි ඉංග්‍රීසියෙන් කතා කිරීමට හා මේ අමුතු හැසිරීමට පෙළඹී ඇති බවත් මුල පටන් කොළඹ සිටි අයෙකු පරිද්දෙන් හැසිරෙන බවත්ය. මේ කතාවේ ඇත්තක් නොදනිමි.
මේ ගණිත ගුරුවරයා ගේද අමුතු පුරුද්දක් විය. ඔහුගේ විෂය තිබුනේ අන්තිමටය. තරුණ ගුරුවරයෙකු වූ ඔහුට පෙම්වතිය හමුවීමට කලින් යාමට අවශ්‍ය විය. මේ නිසා ඔහු දවල් 1.15 ට පමණ "ජනතාවට විමුක්තිය අවශ්‍යද? "යයි අසයි.අපි සියලු දෙනා එක හඬින් ඔව් කියන්නෙමු. ඔහු කරන්නේ ගෙන ආ පොත් දෙක තුනද කිහිලිගන්නා ගෙන ආයුබෝවන් කියා පැන යාමයි.
ඉන්පසු බාස්කට් බෝල් පිට්ටනිය පැත්තේ තාප්පෙන් රීඩ් මාවතට, පාසැල අවසන් වීමට කලින් පැන තාවකාලික විමුක්තියක් ලබා ගැනීමට ඇතැම් නිර්භීත සිසුන්ට හැකිවිය.
- මතු සම්බන්ධයි
'මඩ්ඩා'ගෙ කොහොමත් පට්ට පර්සැනලිටි එක නේ..
ReplyDeleteනවය පංතියට කියල කියුවට උසස්පෙලට යනකං ගිහින්නේ.. මම කියුවේ මේ කොටස ..හේ..හේ..
ඒකනේ ඒක එතන දාන්න හිතුන
Delete+++++
ReplyDeleteසොරි ඈ
Deleteමොන මොන ඉස්කෝලේ ඉගෙන ගත්තත් සතා සතාමයි.
ReplyDeleteමොන මොන ඉස්කෝලේ ඉගැන්නුවත් සතා සතාමයි.
අපි හැමෝම තුල සතෙකුත් ඉන්නවා කියනවනේ
Deleteසමාජ අධ්‍යයනය ක්ෂේත්‍ර සටහන් පොතට ලකුණු 20 න් 19 ක් ලැබීම මා ලද හොඳම ජයග්‍රහණයක්.
ReplyDeleteඔයත් කාටවත් පෙන්වන්නේ නැතිව හංගගෙන ගිහින් බෑග් එකේ දාගත්තද
Deleteපුද්ගලාර්ථවාදය පිරි සිසුන් පාසලේදී හොඳින් අධ්‍යාපනය කලද සමාජයට පැමිණි පසුව අසාර්ථක චරිත බවට පත් වූ බව මගේ අත්දැකීමය.
ReplyDeleteහරියටම දන්නේ නැහැ.
Deleteඅපිනම් තාප්පෙන් පැනලා විමුක්තිය හොයන්න ගියේ නෑ. පින්සිප‍්‍රල්ගේ අත්සන හොරට ගහලා ගෙට්ටුවෙන්ම එළියට ගියේ විමුක්තිය ලබාගෙනයි. (අපි එච්චරටම හොද ළමයි.)
ReplyDeleteහප්පේ එච්චර දුර ගියා නම් ගෙදර තමයි නතර වෙන්නේ
Deleteඅපිටනම් 8 පන්තියෙ සමාජ අධ්‍යනය ඉගැන්නුවෙ ගුණවර්ධන ගුරුතුමී. පන්තියෙදි වැඩිපුරම කළේ, කියවනවිට ලිවීම. සම්පූර්ණ විස්තර එක්ක අච්චු පොතක් ආණ්ඩුවෙන් නොමිලෙ දීලා තියෙද්දි, අච්චර වැල් වටාරම් නෝට්ස් මොකටද කියල අදටත් ප්‍රශ්නයක්. ටීචර් නම් ලිව්වෙ මුලකුරු එක්ක, M.A.N Gunawardhana ඉතින් අපි කිව්වෙ මෑන් ගුණවර්ධන කියල.
ReplyDeleteමේ කියන්නේ එයා නෙමේ. රොබර්ට් මට වඩා ගොඩක් වයසින් අඩුයි වගේ.
Deleteමෙ වගේ කථා හරිම රසවත්.
ReplyDeleteමේවා කියවගෙන යන කොට නිකම්ම අමතක වෙලා තිබුනු අපේ පාසැල් කාලේ කථාත් මතක් වෙනවා.
එක එක විදියේ ගුරුවරු. නිස්කාරනේ ළමයින්ට ගහපු ගුරුවරු, ඉංග්‍රීඉ අකුරක් බැරි ළමයි එක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරන ගුරුවරු අපිටත් මේ හැමෝම හිටියා. ඒ එක් එක් අයට ලස්සන නම් පටබැඳිලත් තිබුනා.
ඔය නම් හැදුන විධිහ ලිව්වත් හොඳ බ්ලොග් පොස්ට් එකක් ලියැවේවි
Deleteඉස්කෝලෙ කාලෙ තමයි හොඳම කාලේ
ReplyDeleteඉස්කෝලේ කාලේ දැන් මතක් වෙනකොට හොඳ හැඟීමක් එනවා. මගේ නම් හොඳම කාලේ සෝවියට් දේශයේ ගත කල අවුරුදු හය හමාර
Deleteඅතීතාවර්ජනය රස වින්දා...වැඩ අධික නිසා සති අන්තෙක විතරයි බ්ලොග් කියවන්න ලැබෙන්නේ...ඒ නිසා ඔබේ කලින් සටහන් මග හැරිලා...වෙලාවක් හොයාගෙන කියවන්නම්...
ReplyDeleteබොහොම ස්තූතියි පොකුරු. ඒ පැත්තේ එන්නත් බැරිවුනා. ළඟදීම බ්ලොග් සංචාරය අරඹන්න ඕනේ. සම්මාන උළෙලට කරපු මැරතන් කියවිල්ලෙන් තවම විවේක ගන්නවා. :)
Deleteමම ඉගෙන ගත්ත පාසැලෙත් ශිෂ්‍යභට කණ්ඩායමේ නායකයාට මඩුගල්ල වගේ පෞරුෂයක් තිබුණා. අපි නම් විම්ක්තිය හොයා ගත්තේ අපිමයි. කවුරුත් උදව් කලෙත් නෑ. කාගෙන්වත් ඇහුවෙත් නෑ. පිටිපස්සේ වැටෙන් හොරෙන් පැන්නා.
ReplyDeleteඒ කියන්නේ පිටි පස්සේ වැටක් තිබුන කියන එකනේ. විමුක්තියට මග. හේ හේ
Deleteසමාජ අධ්‍යයනය විෂය අපේ කාලයේ වෙනකොට ඉතිහාසය එක්ක ගැට ගහලා තිබ්බේ.ඉගැන්නුවේත් අර කම්මුලට ගහනවා කිව්වා සර් වගේ මරු මුස් සර් කෙනෙක්.හැබැයි ඒ විෂය මගේ ප්‍රියතම විෂයක්.
ReplyDeleteමට මතක නැහැ අපට ඉතිහාසය කියල විෂයක් තිබ්බද කියල. සමාජ අධ්‍යනය තමයි.
Deleteරසික සූරියආරච්චි - Rasika Suriyaarachchi22 April 2017 at 03:00
ReplyDeleteමම නං අදමයි ඇහුවේ සත්තු යන, සත්තු උගන්වන ඉස්කෝල ගැන.
මොන ඉස්කෝලෙට ද ගියේ ඇනෝ? මනු සතුන් ගිය ඉස්කෝලෙකට නොවෙයි ද?
Deleteඅර පේරාදෙණියේ සත්තුන්ට වස දීල මැරුවයි කියන හාදයා ගෙන් ඇහුව නම් කියයි.
Delete