ආයුබෝවන්, අපගේ ආරාධනය පිළිගෙන අද දින මෙහි සපැමිණි ආරාධිතයන් ඇතුළු මෙහි පැමිණි ඔබ සැමගෙන් අවසරයි , නෙලුම් යාය සහෘද සමුහය වෙනුවෙන් අපි ඔබ සැවොම සාදරයෙන් පිලිගන්නවා.
සම්මාන උළෙල
පුරවැසි
ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ
දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු මානයන් හඳුන්වා දීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන
බ්ලොග් උළෙල තමා මේ.
අද දින ආරාධිතයෙකු ලෙස මෙහි පැමිණෙන යහපාලන අමාත්‍ය කරු ජයසුරිය මහතා දැන් දෙවරක්ම වගේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාව . එය දෙවරක් ප්‍රතික්ෂේප වුණා . අපි හිතනවා මේ රජය යටතේ එතුමාට මෙය සම්මත කර ඉදිරියට ගෙනයාමට හැකි වේවි කියල. තොරතුරු දැන ගැනීමේ පනත, මාධ්‍ය නිදහස සුරැකීම හා පුරවැසි මාධ්‍යකරණය යටතේ ඉතා වැදගත් වෙන පනතක්.
බ්ලොග් ගැන
අප දන්නවා ඉංග්‍රීසි බ්ලොග් නම් සැහෙන කලක සිට ජනප්‍රියයි. සමහර ඉංග්‍රීසි බ්ලෝග වලින් මිලියන ගණන් මුදල් හම්බ කරන අයත් සිටිනවා. ඒ වගේම ජනතාවට අධ්‍යාපනය ලබා දෙන්න , තම මතය නිදහසේ පල කරන්නත් මේ බ්ලොග් භාවිතා වෙනව. සිංහල බ්ලොග් පටන් ගත්තේ මන් හිතන්නේ 2004 වගේ කාලෙක. බොහොමයක් බ්ලොග් පටන් ගත්තේ රටේ පැවති දේශපාලනය විමර්ශනය කරන ඒවා හැටියට. නමුත් ඒවා වැඩිකල් දිව්වේ නැහැ. නොයෙකුත් තර්ජන ආව නිසා ගොඩක් ඒවා වැහුන. ටික දෙනෙක් වෙනත් රටවල සිට ආරූඪ නම් වලින් මේවා රැගෙන ගියා. 2010 වෙනකොට හැබැයි වැඩි දෙනෙක් සිංහල බ්ලොග් කරණයට යොමු වෙන්න පටන් ගත්ත. දැනට සිංහල බ්ලොග් 200 කට වඩා තිබෙනවා. (දේශකයාට අනුව 300කට වඩා).
විවිධ මාතෘකා යටතේ දේශපාලනය, කෙටි කතා , කවි, සංචාරක සටහන්. හමුදා කතා, නේවි කතා, විහිළු කතා, පෞද්ගලික අත්දැකීම් මේ හැම දෙයක්ම බ්ලොග් වල පලවෙනවා. නොයෙකුත් මාධ්‍ය වලින් විටින් විට කිසියම් ප්‍රසිද්ධියක් ලබා දුන්නා කියලත් අපට අදහසක් තිබෙනවා. නමුත් මේක මෙතනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සිටින සිමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සුදානමක් පෙනෙන්න
තිබුනේ නැහැ. ඉතාමත් නිර්මාණශීලි බ්ලොග් කරුවන් සිටියත් චානුක වත්තේගම, නාලක ගුණවර්ධන වැන්නන් පෞද්ගලිකව උදව් කලත් ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තුලින් ඉඩ දුන්නේ පිලි ගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. ඔවුන් ලියුවෙත් තිබෙන සම්ප්‍රදායික පුවත්පත් (වෙබ් හා වෙබ් නොවන ) හා රුපවාහිනියට වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් පමණයි. නමුත් කිසියම් ධනවතුන් ප්‍රමාණයක් මේ මාධ්‍ය මිලදී ගැනීමත් සමග ඒවායේ නිදහස අහිමි වී යාමක් දැඩි ලෙස පෙනුනා.
තර්ජන
අප දන්නවා මිට අවුරුදු කීපයකට ඉහතදී 2011 වගේ කලෙක ලෝකයේ ප්‍රබලතම සමාජ ජාලය වන facebook හරහා උතුරේ වැලි ගොඩ දැමීම් ගැන සටහනක් තියපු උතුරේ සමාජජාලා පුරවැසි මාධ්‍යකරුවෙක් එදිනම රාත්‍රියේ හිසට වෙඩි තබා ඝාතනය කල බව.
මෙතන දි අපට පෙනෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයට ලැබෙනවාට බය වෙන්නේ , තැති ගන්නේ හොරු සහ දුෂකයෝ බව. පුවත්පතක පලකරනවට වඩා ලෝකය පුරා සමාජ ජාල තුලින් ප්‍රවෘත්තිය සැනෙකින් පැතිර යනවා. හොරු සහ දුෂකයන් ඊටත් වඩා බය ඒකට.
සංවාදයකදී සමහරවිට ආගමික නායකයෙකුට අපහාස කලාය වරදවා වටහගෙන කියල තර්ජන කරන්න එන අය ඉන්නවා. මට එහෙම අවස්ථාවල් කිහිපයක් පසුගියදාත් ඇති වුණා. අපි දන්නවා යම් බ්ලොග් කරුවන්ට තර්ජන එල්ල වෙලා බ්ලොග් ලිවිම නැවැත්වූ බව පවා. මෙහිදී ක්‍රම තිබෙනවා නාඳුනන (anonymous) විධිහට ආවත් ආපු ලිපිනය හොයා ගන්න.
බොහෝ රටවල මරණ තර්ජන කර තිබෙනවානම් පොලිසියට දන්වා එම විස්තරය සමග ගුගල් හෝ අන්තර් ජාල සැපයුම් කරුට (ip provider) යැවු පසු ඔවුන් බැඳී සිටිනවා තර්ජනය කල අයගේ විස්තර සපයන්න. ඉන්පසු නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. එහෙම නීති නැත්නම් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ එය ක්‍රියාත්මක කල යුතුයි කියල.
බට්ටි
උප්පැන්න සහතිකයක් නැති හැඳුනුම්පතක් නැති සහ සමාජයේ අවමන් සහගත චරිත සහතිකයක් ඇති ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදුන යයි කියන රත්න පුරේ බට්ටි (ඩබ්ලිව් ඒ කාන්ති ) නමැති කාන්තාවට වූ අසාධාරණයේදී නීතියේ මුදුන්මල්කඩ වන ශේෂ්ඨාධිකරණය වෙත යුක්තිය පසිඳලීම සඳහා රැගෙන ගියේ පුරවැසි ජන මාධ්‍ය. එය පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සමාජ ජාල ගත කලා. දහස් ගණනක් ඉතා සුළු කාලයකදී එය නැරඹුවා. සමාජ ජාල හා පුරවැසි මාධ්‍ය වල ප්‍රබලත්වය මින් පැහැදිලි වෙනවා.
එය සංකේතවත් කරන්න බට්ටි ගැන ලියු කවියකට අපි අද සම්මානයක් දෙනවා.
නෙලුම් යාය
නෙලුම් යායේ මුලදී පල කලේ සුනිලා අබේසේකරගේ හා තවත් දෙතුන් දෙනෙකුගේ ලිපි කවි සංකල්පනා පමණයි. බ්ලොග් වලට ඇවිත් බලන්නේ අහම්බෙන්. එහෙම නැත්නම් අපි ලින්ක්-යොමුව යවන යහළුවන් පමණයි.නමුත් බ්ලොග් කියවගෙන යද්දී අපට වැටහුනා නෙළුම් යායේ පල කරන බ්ලොග් ලිපි වලට සැහෙන ප්‍රතිචාරයක් ලැබෙන බව. ඉතින් අපි පටන් ගත්ත තවත් බ්ලොග් පල කරන්න. නමුත් බ්ලොග් වල නිර්මාණාත්මක ලිපි , කෙටි කතා , කවි ආදිය පලවෙන ප්‍රමාණයට බ්ලොග් 3ක ඉඩ ප්‍රමාණයක් මදි වුණා. දැන් 15ක් දානවා. ඒත් අපට අවකාශය මදි.
ඉතා සතුටුයි කියන්න අද සිට වඩා ඉඩ ප්‍රමාණයකට යනවා.
www.nelumyaya.com තමයි ඒ.
එසේම ඉතා සතුටුයි කියන්න නෙළුම් යායේ සුපිපුණ නෙළුමක් තමා "රෑ ඉර පාන " අඩවිය. එහි බන්දුල නානායක්කාරවසම් අද මෙහි අපේ ආරාධනයෙන් පැමිණ සිටිනවා.
http://www.rairapaana.com/
පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණයටම ඉදිරියේදී සම්මාන දෙනවා.
දේශපාලන
සංවාද (කාලීන) හෝ කාලීන සංවාද
කවි / නිසඳැස්
හයිකු
කෙටි කථා
18 ප්ලස්
විද්‍යා ප්‍රබන්ධ
තාක්ෂණ
ඡායාරූප
නිවස
සම්මාන
අපි කල්පනා කලා මේ බ්ලොග් කරුවන්ට දිරි ගන්වන්න අපි සම්මානයක් පොත් වවුචර් ටිකක් වගේ මොනවා හරි දෙන්න ඕනේ. හොඳ ලිපියක් කවියක් තෝරන්න ඕනේ කියල. අපෙන් බ්ලොග් කරුවෝ කවුරුවත් ඇහුවේ නැහැ ඉල්ලුවේ නැහැ එහෙම දෙයක්. මෙතන තියෙන විශේෂත්වයත් එකයි. අපෙන් බල පෑමක් නැතුව තරඟයකට කියල ඉදිරිපත් නොකර අපි කියවන, කියවල සංවාද කරන බ්ලොග් වලට දෙන සම්මානයක් මේක.
අපිට ඇත්තටම මෙතන මොකක්ද තියෙන ලාභය. අපට තියෙන ලාභය තමා මානව සම්පත. ලාභය තමා පරිසරය. මේ දෙක තමා රැක ගන්න ඕනේ. අපි හැකිතාක් උත්සාහ කරනවා අපේ මානව සම්පත රටක මානව සම්පත දැනුවත් කරන්නේ කොහොමද කියන එක ගැන හොයන්න. අපි කරන්නේ අවකාශය හදල දෙන එක විතරයි.
අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.
සමහරවිට මරණ තර්ජන ආවොත් අවිජිත් රෝය්ට වගේ රයිෆ් බධාවී ට වගේ කරු ජයසුරිය මහත්මයට මේ දත්ත ඉදිරිපත් කිරිමේ පනත වගේම අන්තර්ජාල නියාමනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියල ඉල්ලා සිටිනවා.
මොබයිල්
මේ රටේ මොබයිල් ලක්ෂ ගාණක් තිබෙනවා. භාගෙකටත් වඩා ඉන්ටෙනෙට් පහසුකම් තිබෙනවා. ඊට අමතරව ලැප්ටොප් භාවිතය වැඩි වෙමින් යනව. facebook වගේම බ්ලොග් නුත් දැන් ජනප්‍රිය වෙනවා. බසයක දුම්රියක යන ගමන් පොඩි බ්ලොග් ලිපියක් මොබයිල් එකේ කියවල දාන්න පුළුවන්. බ්ලොග් වලින් අපට ප්‍රවෘත්ති දෙන්න පුළුවන්.
මේ ඉවාන් පව්ලුෂ "ත්‍රි වීල් " ගැන ලිපියක් ලියල තිබෙනවා. අපි දන්නේ නැහැ මේ උප සංස්කෘතිය කොපමණ නියෝජනය වෙනවද කියල. අපට ඕනේ ඔවුන් ඒවා කියවල විතරක් නෙමේ ත්‍රිවිල් බ්ලොග් නුත් පටන් ගන්න. ඔවුන්ට ඕන තරම් රසවත් කතා තියෙන්න පුළුවන්. ජුකී මැෂින් මේ රටේ කොපමණ තිබෙනවද. ඒවා ගැන බ්ලොග් ලියන්නෙක් ඉන්නවා අටම්පහුර කියල. ඒ තවත් උප සංස්කෘතියක්. මේ තමා පුරවැසි මාධ්‍යකරණය පුරවැසියන් සඳහා වෙන් වුන.
ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය
අපි කල්පනා කලා ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදයක් හදන්න නෙලුම් යාය මුලික වෙලා. (ඊට පස්සේ හැම දිස්ත්‍රික්කයටම නියෝජනයක් දාල බ්ලොග් කරුවෝ දිස්ත්‍රික් මට්ටමින් එකතු කරලා ඔක්කොටම හමුදා පුහුනුවක් දීල ආයුධ දීල කර්නල් වරු පත් කරල රට හදන්න ) --මේ විහිළුවක් කලේ පරණවිතාන මහත්මය භය වෙන්න එපා. එහෙම දේවලුත් කරනවනේ. මෙන්න අපේ ප්‍රධාන ආයුධ දෙක. කීබෝර්ඩ් එක සහනිදහස් අත් දෙකක්. විලංගු දාල නැති අත් දෙකක්.
මෙන්න අපේ කෑම්ප් එක හෙවත් පුංචි කාමරේ තියන බර අවි.
මේ බ්ලොග් කරුවන් දැනුම අරන් යයි මහා ජනතාවට. අපි මේ විප්ලවය පටන් ගමු. මේ නිදහස ඉදිරියට ගෙනියමු.
ස්තූතිය
කරුණාරත්න පරණවිතාන මහත්මයට මුලින්ම ස්තුති කරන්න ඕනේ අපට මේ තැන වෙලාව ලබා දීල අපිව දිරිමත් කලාට, මාධ්‍ය ලේකම් මධුෂංක අබේගුණවර්ධන මහතාට.
විශේෂයෙන්ම සඳහන් කලයුතු කරුණක් වන්නේ නෙලුම්යාය සංකල්පයක් හැටියට හදා වඩා පෝෂණය කර ඊට ඇවැසි අවකාශය , මුල්‍ය ශක්තිය ලබා දුන් ලංකානිව්ස්වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල ප්‍රධානි නීතිඥ චන්දීම විතාන ආරච්චිට, තාක්ෂණ පහසුකම් සපයා දුන් ප්‍රවීන පරිගණක ඉංජිනේරුවන් වන හර්ෂ ගෝමෙස් සහ රසික උඩුගමට, එතකොට අප සමග උරෙන් උර ගැටී , අපි කියන වැඩි පුරම චන්දිම කියන බයිලා ඉවසා දර ගනිමින් උදව් කරපු ලංකා ඩේලි සුභාෂ් , හිමාෂි, උපුල් හා සහ ලංකා මිරර් හි කැලුම් ශානිකා තුෂාරි ජූඩ් ප්‍රමුඛ වෙබ් මාධ්‍යවේදීන්ට.
මුදල් ත්‍යාග ලබා දීමෙන් අනුග්‍රහය දැක්වූ නෙෂන්වයිඩ් බිල්ඩින් සොසයිටි එකට, දේශනයෙන් සහභාගී වෙන නාලක ගුණවර්ධන මහතාට හා අජිත් පැරකුම් ජයසිංහට හා ඉතාමත් සන්තොෂයි කියන්න මම තමන්ගේ මතවාදයේ වී හෝ නොවී ඒ ගැන තැකීමක් නොකර මට මෙන්ම තවත් බොහෝ අයටත් නැවත බ්ලොග් ලියන්න දිරි දුන් අපේ ආරාධනයෙන් සහභාගී වෙන දීප්ති කුමාර ගුණරත්න මහතාට, විශේෂයෙන්ම
මේ සියලුම බ්ලොග් කරුවන්ට, සම්මාන ලැබූ නොලැබූ ඔබ සියල්ලන්ටම සහ සහභාගිවන ආදරණිය ඔබ සැමට ස්තුතියි.
So many of our dreams at first seems impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable ~Christopher Reeve~