Tuesday 5 July 2016

සුන්දර ඉතාලිය ජාතිවාදී ද (Racist?)


අප ගිය වසරේ ඉතාලියට ගිය අවස්ථාවේ පළමු දින කිහිපය ගත කළේ රෝමයේය. ප්‍රෞඩ වතිකානය මෙන්ම  පෞරාණික කොලෝසියම ද අපගේ ඉතාමත් සිත් ගත් ස්ථානයන් විය.

 මේ කතාව සම්බන්ධ වන්නේ අප නැවතී සිටි හෝටලයටය. එය රෝමයේ ඖරෙලියා පෙදෙසේ පිහිටා  තිබු හොලිඩේ ඉන් ජාලයේ එකකි.  ග්‍රීෂ්ම උණුසුම නිසා එහි   ඇති පිහිනුම් තටාකය ද අපගේ සිත් ගති. අපි වැඩියෙන්ම කල්පනා කලේ එහි දෙන උදය ආහාරය ගැනය. එතරම් වැඩි නැති මුදලකට ඉංග්‍රීසි උදය ආහාරය (English Breakfast - බදින ලද බිත්තරය, බේකන්, සොසේජස්, බෝංචි ඇට සහ පාන් ) මහාද්වීපික උදය (continental breakfast) ආහාරය (ජෑම්, ක්‍රොසන්ට් -Croissant, සීරියල් සහ කිරි) මෙන්ම යුරෝපීය උදය ආහාරයට එන හැම් වර්ග, සැල්මන් මාළු ආදියෙන් ද සමන්විත  මෙහි උදෑසන  බුෆේ එක සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.

මගේ බැංකු කාඩ් පතින් හෝටලයට මුදල් ගෙව්වද කාමර ලියා  පදිංචිය මෙන්ම උදය ආහාරයද වෙන් කරවා (booking)  ගත්තේද බිරිඳගේ නමිනි. ඒ මගේ නම සෑහෙන වෙලාවක් අමාරුවෙන් කියවනවාට වඩා බිරිඳගේ නම දීම ලෙහෙසි හෙයිනි.

 බිරිඳ හා දරු දෙදෙනා උදයේම නැගිට ආහාර ගැනීමට ගොස්ය. ඉතින් රැය හොඳින් නිදාගත් මා  උදයේ ආහාරය ගැනීමට ලංකාවේ වේලාවෙන් ගියේ මදක් පමා වීය.  ප්‍රධාන වේටර්වරයා වැන්නෙකු හෝටලයේ භෝජනාගාරය ඉදිරිපස ඇතුළුවන තැන  සිටියේය. ඔහු සමග උදව්වට තවත් පියකරු ඉතාලියානු  වේටර්වරියක්ද  සිටියාය.

වේටර්වරයා මදක් මහළු තැනැත්තෙකු බවද නිරීක්ෂණය කළෙමි. ඔහු මගේ කාමරයේ අංකය ඇසුවේය. මම කාමරයේ අංකය කීවෙමි.  ඔහු සමග තිබූ ලැයිස්තුවක් බැලූ ඔහු වෙන්න බැහැ යයි කීවේය. මම නැවතත් මගේ කාමරයට ඇතුළුවන කාඩ් පත පෙන්වා එම අංකයම පැවසුවේය. ඔහු මදක් උස ස්වරයකින්  මෙන් "නෝ බුකින් නෝ බුකින්" යැයි කීවේය.
 මට ටිකක් වෙන්න මල පැන්න බව වටහා ගත් වේටර්වරිය  කැඩුණු ඉංග්‍රීසියෙන් ඔබේ නම නැහැ කීවාය. මම බිරිඳගේ වාසගම පැවසුවෙමි . වේටරයා මෙවර උස් හඬින්  වේටර්වරියට මොනවදෝ කියාගෙන ගියේය. ඇය මට කැඩුණු ඉංග්‍රීසියෙන් පැවසුවේ මගේ  නම එම ලයිස්තුවේ  නැති බවත් මට වැරදීමක් වී ඇති බවත්ය.

එවර නම් මට යක්ෂයා ආරූඪ වුනේය. මගේ බැංකු කාඩ් පත ඇද මම එයින් ගෙවූ බව කියා පිළිගැනීමේ කාර්යාලයට ගොස්  බලන ලෙස කී  මම ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන බවද ඉතා උස්  හඬකින් පවසා කළමනාකරුට (front office manager) කතා කරන ලෙස වෙටර්වරියට ඉතා තදින් පැවසුවෙමි.

මේ කාලගෝට්ටිය ඇසී කිහිප දෙනෙකු එබී බැලූ අතර මගේ බිරිඳ ද වහා  එලියට පැමිණියාය. ඇය වහා  "මේ මගේ සැමියා  my husband "යැයි  ඉංග්‍රීසියෙන් හා ඉතාලි භාෂාවෙන්  "මියෝ මරිටෝ"  කියමින් ලයිස්තුවේ ඇගේ නම පෙන්වූවාය.
මෙහිදී වේටර්වරිය වහ වහා ප්‍රධාන වේටර් වරයා ට  යමක් ඉතාලි භාෂාවෙන් කී  අතර මි දිස්පෙචේ වැනි යමක් කිහිප වතාවක් ද  එක්ස්කුසීමි යයි කියමින් ද  කලබලවූ
ප්‍රධානවේටර්වරයා මා භෝජනාගාරය තුලට කැඳවා ගෙන ගියේය.

සාමන්‍යයෙන් බුෆේ එකක් තමන් ගොස් කෑම බෙදා ගත යුතු වුවත් වේටර්වරයා මා අසලම රැඳී සිටිමින් කෝපි තේ  ගෙන එමින්ද ද, බැදපු බිත්තර ඇතුළු අනිකුත්  අහර ඔහුම සාදන තැන රැඳී සිටිමින් මට ගෙන එමින් දුක සැප විමසමින් ළඟම කැරකුනේය . මා සිතුවේ මට ඇතුලට යන්නට නොදීම ගැන ඔහු කණගාටු වන බවයි. එහෙත් ටිකකින් පිළිගැනීමේ කවුන්ටරයේ කළමණාකරුද එබී බැලූ අතර "සියල්ල හොඳ ද everything   ok sir " යැයි ඔහු  මගෙන් විමසීය. එය එසේ යයි මා පැවැසූ පසු මෙතෙක් ළඟ සිටි ප්‍රධාන වේටර්වරයා අතුරුදන් විය. නමුත් අප නැවති සිටි දිනයන්හි  උදයේ මට නැවත හොඳින් සලකන්නට ඔහු වග බලා ගත්තේය.

මගේ බිරිඳ නම් කීවේ මට ජර්මන් නමක් තිබිය නොහැකි යයි ඔහු සිතු බවයි. මගේ දියණියන් ගේ මතය වූයේ බිරිඳ මට වඩා උස වැඩි නිසා අප දෙදෙනා විවාහක යයි ඔහු නොසිතු බවයි. මගේ අදහස නම් ඔහු ජාතිවාදී (රැසිස්ට් )අයෙකු බවයි. ඉතාලියේ ඕනෑ තරම් මිශ්‍ර විවාහ කරගත් යුවලවල් සිටිති. මිශ්‍ර විවාහයක් කරගත් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රී ලාංකිකයෙකුද සිටි.  එසේම මේ කාලයේ උස එතරම් ප්‍රශ්නයක්ද නොවේ. එවැනි යුවලවල් ඕනෑ තරම් සිටිති.

මා  පෙන්වා දුන්නේ එම හෝටලයේ රැකියාව කරන වෙනත් කිසිම කළු හෝ ආසියානු  ජාතිකයකු  අපි නොදුටු බවයි.  පිහිනුම් තටාකය අසල බාර් එකේ මෙන්ම, පිළි ගැනීමේ කවුන්ටරයේද, භෝජනාගාර වලද සිටියේ ඉතාලියානුන් හෝ සුදු ජාතිකයන්ය.
මෙය මා ප්‍රංශයේද නිරීක්ෂණය කළ  දෙයකි. ප්‍රංශ ජාතිකයන්ද ලෙහෙසියෙන් වෙනත් රටක අයෙකුට රැකියාවක් නොදෙතැයි හැඟීමක්  මට ඇති වුනේ දෙවරක් පමණ ප්‍රංශයට ගිය පසුය.

එංගලන්තයේ එසේ නොවේ. වෙනත් ඕනෑම ජාතියක ගෙන් රැකියා ස්ථාන පිරි පවතී. බොහෝ හොටල කළමණාකරුවන්  ආසියාතිකයන්ය.

හෝටලයේදී එසේ වුවත් අප වතිකානුව අසල කුඩා කෝපි විකුණන ආපන ශාලාවකට ගිය විට ඉහල පිළිගැනීමක් ලැබුණි. අප එංගලන්තයෙන් පැමිණියත් දෙදෙනා රටවල් දෙකක යයි කියූ පසු එය අයිති ඉතාලියානු  කාන්තාව හා සැමියා අප සමග සතුටු සාමිචියේ යෙදුනහ. ජර්මනිය, ලන්ඩනය ගැන මෙන්ම ශ්‍රී ලංකාව  ගැනත් අසමින් ඔවුහු
අපට ඔවුන්ගේ ආපන ශාලාවේ ඇති ඉතාලියානු කෑම නොමිලයේ රස බලන්නට දුන්හ.  ඉහත පින්තුරයේ ඇත්තේ ඉන් එකකි. නම දන්නේ නැත. මුදල් ගත්තේ අප ගත් කෝපි දෙකට පමණි. දියණියන් ට ද රසවත් ඉතාලියානු අයිස්ක්‍රීම් නොමිලයේම දුන්හ.

මේ නිසා ඉතාලියනුන් පිලිබඳ  මගේ  අදහස තරමක් වෙනස් වුනි. නමුත් මට නවතැහැ වරක් සිතුනේ අප සංචාරකයන් නිසා ඔවුන් එසේ සැලකූ බවකි.  වෙනිසියට හා වෙරෝනාවට ගිය පසු මේ අදහස මදක් තහවුරු වුනි. ඒ ගැන ඊළඟ ලිපියෙන්  කියමි.
  

64 comments:

  1. යුරෝපයේ මධ්‍යම වයසේ මිනිස්සු තුල ජාතිවාදී හැඟීම් සමහර වෙලාවට තියනවා. නමුත් අලුත් තරුණයන් තුල ඒවා නෑ

    ReplyDelete
    Replies
    1. බ්‍රෙක්සිට් එකේදී ඉමිග්‍රන්ට් ප්‍රශ්නය අරගෙන වැඩිපුරම එලියට යන්න ඕනේ කියල චන්දෙ දුන්නේ මහලු අය.

      Delete
  2. :D


    ඊලඟ කොටසත් ඉක්මනින් දාන්නකෝ..

    ReplyDelete
  3. ගෙදර උදවියත් එක්ක උදේම ගියානම් ඔය ගැටලුව ඇතිවෙන්නේ නැහැනේ. ඒත් එහෙම වුණු එකෙනුත් යම් අත්දැකීමක් ලැබුනු බවයි මගේ හැගීම.
    නෙලුම් යායට ' අරලිය මල් පොකුරක' සුවද මුසු කළාට මගේ ස්තූතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ . ස්තූතියි.

      Delete
    2. වැඩිපුර නිදාගැනීම නිසා ලැබෙන බෝනස් අත්දැකීම්

      Delete
  4. අජිත් බොහෝ දෙනෙක් තමන්ගේ පරණ අත්දැකීම් සහ පුද්ගලික මත තමන්ගේ රැකියාවේ තීරණ වලදී යොදාගන්නවා. එය ඔවුන්ගේ සමාගමට හෝ හාම්පුතාට කරන හානියක්. මෙම කථා දෙක වෙනස වන්නේ දෙවන තැන ඔවුන් එම 'කෝපි කඩේ' අයිති කරුවන් වීම බවයි මට හිතෙන්නේ. පළමු තැන ඔහු එහි සේවකයෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සේවකයෝ හාම්පුතාලට වඩා බුර පනිනවා මමත් දැකලා තිබෙනව. එහෙම වෙන්න පුළුවන් ඉයන්.

      Delete
  5. ඒකල අත්දැකීමක් සාධාරණීකරණය කරන්න බෑ. අප 2013 දී ඉතාලියට ගිය විට රෝමයේ දී නතර වී සිටියේ ටිබෙරියා නම් හෝටලයේ යි. මගේ වාසගම හෝ හම හෝ කිසිම දෙයක් කිසි විටක ප්‍රශ්නයක් වුනේ නෑ.

    යුරෝපයේ අන් නගරවල දී තත්වය ද එසේමයි. ඔතැන වෙන්න ඇත්තේ, හොරෙන් කන අය කලින් අසුවී තිබීම නිසා සැකයක් ඇති වීමයි.

    ReplyDelete
    Replies
    1. මෙතැනදී වසගමේ ප්‍රශ්නයක් නැහැනේ. මගේ බිරිඳගේ වාසගම වන බෞමන් අපි භාවිතා කරන්නේ ලෙහෙසියට. මගේ යාළුවෙක් ඉනන්ව වික්‍රමාරච්චි කියල. ඔහුට ප්‍රශ්නයක් නැහැ. ආචි කියන එක එංගලන්තයේ හා ඉතාලියේ අයට (යුරෝපියන්ට්) උච්ච්රාය කරන්න ලෙහෙසියි. ආචිබෝල්ඩ් වැනි නම් තිබෙන නිසා. ඔවුන් කියන්නේ වික්‍රමාචි, සුරියාචි කියලනේ. ඔබ කියන දෙයත් වෙන්න පුළුවන්. ඒත් අසියනුවෙක් හොරන් කන්න ආව කියල හිතනවා කියන්නෙම් racist නෙමෙයිද?

      Delete
  6. ඉතාලියේ සෑම නගරයකම පාහේ අපට දක්නමට ලැබුණේ විවිධ දේ විකුණන්නට උත්සාහ කරමින් අසරණ ජීවිත ගෙවන බංග්ලාදේශ තරුණයින් විතරයි. මා ඉන් කීප දෙනෙකු සමග කතා කළා. ඔවුන් පැමිණ ඇත්තේ ඈත ගම්වල ගොවිඵෙළවල සේවය කිරීමට කියා වීසා අරගෙනයි.

    ෆිරැන්සියාවල දී කඩයක් කරන බංගියෙකුගෙන් මා ලංකාවේ අය ගැන ඇසූ විට ඔහු කීවේ, ලංකාවෙන් පැමණි ඔහු දන්නා ඔහු වැනි අය ඝේ ඉංගිරිසි දැණුම හොඳ නිසා ඒ අය හෝටල්වල හොඳ ජොබ් කරන බවයි.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා . ඒ ගොල්ලෝ ගැන ඊළඟට ලියන්නේ.

      Delete
    2. රසික.. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්.

      ඇත්‍ත මේකයි.බංග්ලාදේශ ජතිකයෝ ඉතාලියේ හුරුවෙලා ඉන්නේ සිංහලෙන් කියනවනම් බිස්නස් එකක් කරල කීයක් හරි සාක්කුවෙ දාගන්න.ඒක එයාල ගෙනාව කල්චර් එක .ආගමත් බලපානවා ඇති..අනික ගෙවල් වල වැඩ එයාල ප්‍රතිපත්තියක් විදියට කරන්නෙ නෑ..රෙස්ටෝරන්ට් වල් ඌරුමස් එක්ක කරන රස්සා මඟාරිනවා..ස්වභාවයෙන්ම අත පය වෙහෙස්න රැකියා මඟ ඇරලා අඩු ගානකට හරි මල් විකුනනවා.වින්ඩ්ස්ක්‍රීන් පිහිනවා ,ලයිටර් විකුනනවා කුඩ විකුනනවා පේව්මන්ට් වල ස්ටෝල් ඇරගෙන මොකක් හරි බිස්නස් එකකටයි යොමු වෙන්නේ.එතනදි කපල් ළඟට ගිහින් මල් විකුනද්දි හොඳට ඇඳලා පැළඳලා ගිහින් මල් වික්කට් ගන්නෙ නෑ.. ඒ කෙනෙක්ගෙන් මලක් ගන්න අනුකම්පාවත් යම් තරමකට බලපානවා ..ඉතින් එය ඒ රස්සාවට අනුවයි අඳින්නෙ පළඳින්නේ..පිටින් එන් ඔයාලට පේන්නෙ අසරණයි වගේ..ඒත් ඒ රඟපෑමක් විතරයි. ๬සවභාවයෙන්ම එයාල හරි කැමතියී ඔලුව කසලා මොකක් හරි කරලා අත පය නොවෙහෙසා කරන දේකට..

      ලංකාවෙ අයට ඉංග්‍රීසි පුලුවන් නිසා හොටෙල් වල ජොබ් කරනවය කියන එක නං බයිලා.මාත් හොටෙල් එකක තමයි වැඩ කරන්නෙ..ඒත් ඉතාලියෙ බහුතරය ඉන්න වෙන්නප්පුව මීගමුව මාරවිල කටුනේරිය අවටින් ආව අය කරපු රස්සාව හෝ අධ්‍යාපන මට්ටම අමතක කරල දාමු..ඒ හරිය මොකට කියනවද

      අපේ අය ඕනෙ මගුලක් කරනවා.ඒත් පාරෙ මල් විකුනන්න ලයිටර් ඇඟේ ගහන්න යන්නෙ නෑ.මහන්සිවෙලා වැඩ කරනවා.ව්‍යාපාරත් කරනවා.

      ඔය ගොවිපොලවල් වල අවුරුද්දෙ වීසා එකට එනවා කියන එකත් ඇත්තම නෙමෙයි.ඇත්ත ක්‍රමය මේකයි..ඔය ස්ටෝල් වල ඉන්කම් ටැක්ස් ගෙවන අය ඒ අයගෙ ස්ටෝල් වල වැඩට කියලා ශ්‍රමිකයින් ගෙන්නනවා මුදලට ස්පොන්සර් එකක් ආව වෙලාවට.. නැත්නම් ෆැමිලියර් වීසා නීතියට මුවාවෙලා පවුලෙ කෙනෙක් විදියට කට්ටියව ගේනවා ලංකාවෙ අපි වගේම මුදලට..නැත්නම් ටුවරිස්ට් වීසා ඇවිත් ගල් වෙලා පස්සෙ වීසා එක හදාගන්නවා පැනල්ටි එක ගෙවලා ඒ පහසුකම දෙන කාලෙට.

      මේ තිත්ත ඇත්ත.. මගෑරල යන්න හැදුවත් නොකිය යන්න හිතදෙන්නෙ නෑ.ඉතාලියේ සමාජය පිටින් දකිනවට වඩා ටිකක් වෙනස්.

      Delete
    3. ස්තුතියි පත්තර මල්ලී,
      සංචාරකයන් දැනගන්නේ කෙටි කාලයක දී දුටු ඇසූ දෙයක් පමණයි.

      Delete
    4. ඔව්..එතනදි සමහර දේවල් මගඇරෙනවනෙ ඉතාලියෙ ගැවසෙන කාලය සීමිත නිසා.දැනුවත් උනානම් සතුටුයි.

      Delete
    5. ශිකේ මේ පත්තරයයි රසිකයයි කෑවනේ ඊළඟ ලිපිය. දැන් මං මොනාද යකෝ ලියන්නේ. මේ කොමෙන්ට් දෙකම එන් ඕනේ ඒකට . ආපහු දාන එකයි ඇත්තේ. - මම දන්නා හෝටල් අයිතිකරුවෙකුගේ පුතෙකුත් ලක්ෂ ගානක් ගෙවල ඉතාලි ගියා . අච්චර තියෙන දේපල බලාගන්නේ නැතුව යන්නේ මොකටද කියල ඇහුවා. ගොවිපලක වැඩ කරන්න හම්බ වෙනවලු. තාත්ත ට ඕනෙලු පුතා තමන් හම්බ කරලා දියුණු වෙනවා බලන්න. බලාගෙන ගියහම බොරුවකට අහුවෙලද කොහෙද?

      Delete
    6. පිස්සු..දියුණු වෙන්නෙ කොහෙද ඒ වීසා රිනිව් කරන්නෙ නෑනෙ.. ඇග්‍රිමන්ට් එකේම ඒක තියනවා. වර්කින් වීසා ඇප්ලයි කරන්න අන්ඔෆීෂියලි ක්‍රම තියනවා.පාස්පෝට් මාරු කරලා හෙන චාටරයක් කන්න ඕන.කරන එකා කරන්නේ ලක්ෂ 12 ක් දීලා ඕකෙන් ඇවිල්ලා හම්බ කරලා ණය බේරලා ඉතුරුවයින් වීසා හදාගන්න එක ස්පොන්සර් එකක් අල්ලලා.හැබැයි ඕකෙන් එන්න ලේසියි.

      Delete
    7. මට කෙනෙක් කියුවා , ලක්ෂ දහතුනකට ඉතාලියට ගෙනිහින් , සියලු ලියකියවිලි හදලා , රස්සාවකුත් සෙට් කරල දෙන්නං කියල , වෙන තැනක් හොයාගන්නකං පොරගේ ගෙදර තියාගන්නං කියුවා , ගන්න සල්ලි ඌට සතපහක්වත් යන්නැ , ලියකියවිලි හදන අයට කියල තමයි කියුවේ , හොද වෙලාවට ඒ දවස් වෙනකොටත් පත්තරයව දැනගන හිටියා , එහෙම නොවුනනං මං අද මහපාරේ

      Delete
    8. අපොයි අර කොල්ල අහුවුණාද දන්නේ නැහැ. මේ පාර ගියහම ඉතාලි ගිහින් තිබුන

      Delete
    9. මටත් එකෙක් කිව්වා ඉතාලි එන්න , උගේ ගෙදර ඉන්න දෙන්නම් , ඌ වැඩ කරන හොටලේම රස්සාවකුත් දෙන්නම් , ගිටාර් ගහන්නත් උගන්නන්නම් . උගේ ගානේ ලංකාවට යන්න ටිකට එකත් අරන් දෙන්නම් කියලා , හැබැයි ඌ ලංකාවට ආවම ආපහු යන දවසේ තමා දන්නේ ආවා කියල , පත්තරයනම් එහෙම නෑ හැක

      Delete
    10. එහෙනම් අද ඉවානයත් නැත. වෙල්කම් බැක් බ්‍රෝ බොහොම සතුටුයි. අතෙන් වැඩි වැඩ දානවා නෙමේ ඕන්

      Delete
    11. සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා...
      පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා...
      සතුටු කදුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපිට ඕනා...
      හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම දිරිය වීලා...
      මුහුදු වතේ රල රැල්ලේ පොර බදලා අපි ආවා...
      නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා...
      රස්සාවට නගින උදේ බොන්ජෝර්නෝ කියලයි පිළිගන්නේ...
      කම්හල් නැග බහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ...
      තියෙන විටදී අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ...
      කඩිසරකම තිබෙන තුරා අපේ දවස කල එලිවී එන්නේ...
      හඳ කොහේදෝ ගිහිල්ලදෝ හීන්සැරේ මඟ හැරලා...
      අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා...
      කටු වට කර තිබුනත් අපි අතින් කරෙන් වස්තු අරන් එන්නේ...
      එහෙම ඇවිත් ගමේ බිමේ සේසතටම සින්-වියදම් වෙන්නේ...
      ආපු ගමන් ආයෙත් යං මිල්ලේ සොයන් අපි එනවා...
      අද යනවා හෙට එනවා එහා මෙහා ඔහේ යනවා...

      ගායනය - ජයශ්‍රී

      Delete
    12. https://www.youtube.com/watch?v=kj1KYhgdpzk

      Delete
    13. ශින්දු ඇනෝ කලකින් මේ පැත්තේ

      Delete
  7. ඒ සමගම කිව යුත්තේ, හෝටල්වල නතරවන විට බුෆේ බ්‍රෙක්ෆස්ට් ලැබෙන පැකේජයකට යෑම ඉතා නුවණැති දෙයක් බවයි. අප සංචාරය කරන විට බොහෝ විට කන්නේ වේල් දෙකක් පමණයි.

    උදේ කෑම හවස් වෙනතුරු අල්ලා සිටින නිසා, සංචාරක කටයුතු බාධාවකින් තෙරව කරගෙන යා හැකියි.

    ReplyDelete
    Replies
    1. රසික අපේ අදහසත් ඒකමයි. අපිත් උදෙඅට හොඳට කාල දවල්ට යන්තන් ශේප් වෙලා හවසට ආයිත් හොඳට කනවා කොහෙන් හරි. නැත්නම් බලන දේවල් බලන්න වෙලාවක් නැහැ.

      Delete
  8. මෝඩයෝ දිවිය ළොකෙත් ඉන්නවැයි කියනවනේ...

    නොරට ඉන්දැද්දි සම හරක්ගේ කඩ වලට ගොඩ උනාම උන් අහනවා කන්න බඩු ගන්න අතේ සල්ලි තියෙනවද කියලා.. එතකොට ඉස්සෙල්ලා හොඳින් කියලා ඊළඟ පාර ඇහුවාම ඩොලර් ඇදලා පෙන්නලා භාෂාවේ උක්ත ආක්කියාත ඔක්කොම දාලා වැදගත් විදියට කතා කරනවා..

    මෙක චෙෆාකිටත් වෙලා තිබුනා..

    ReplyDelete
    Replies
    1. චෙෆාකි ගේ කතාවේ ලින්ක් එක දාන්න බැරිද?

      Delete
    2. ඕකට නම් මටත් තද වෙනවා මාතේ.

      Delete
    3. http://chef-archiect.blogspot.com/2016/05/game-box.html?m=1

      Delete
    4. මේක එළ කතාවක් නේ. මට ඒ දවස්වල මිස් වෙලා කියවන්න. ඕවගේ එවුන් නම් හරියට ඉන්නවා. අහවල් පැත්තේ අමාරුව තියෙන එවුන්. අර ඉයන් කිව්වා වගේ අයිතිකාරයා සමහරවිට හොඳයි.
      "කැසට් ලියුම් " කරමේ ඇහුවමයි.

      Delete
  9. මා දන්න විදියට ඉතාලියානුවන් සුහදශීලියි.ඉඳහිට ඔය වගේ අයත් මුණ ගැහෙන්න පුළුවනි.

    ReplyDelete
  10. හෝටලයේ ගෙස්ට් කෙනෙක් නොවී හොරෙන් කන්න ආ අය ගැන නරක අත්දැකීම් ඔහුට තියෙන්න ඇති වෙන්න පුලුවන්ද? ඒ අය හුඟ දෙනෙක්ගේ හමේ පාට නිසා ඔහු දරුණු රේසිස්ට් කෙනෙක් නොවුනත් racial/colour stereotyping අදහසක් හිතට ඇතුලුවෙන්න ඇති නේද? එහෙම නැත්නම් එහෙ හොරෙන් කන අය වැඩි ඇති හැම ජාතියෙන්ම හැම පාටෙන්ම. එනිසා පොඩි සැකයක් ( නමේ වෙනස, පාටේ වෙනස, උසේ වෙනස ) ඇති වුනත් ඕවර් බෝර්ඩ් යනව ඇති.එහෙම නැත්නම් ඉතින් out and out racist පරණ බ්ලැක් ෂර්ට් ෆැසිස්ට් ජාතියෙ වෙන්න පුලුවන්. මං කියන්න හැදුවෙ රේසිස්ට්ම නොවුනත් ජොබ් එකෙන් stereotyping හැදුන එකෙක් වෙන්න පුලුවන් කියල. අයන් එකෙන් රොටි හදන තල තෙල් ඉන්දියන් කාරයන් නිසා ඉන්දියන් ගෙස්ට්ලව හෝටල්වල වැඩකරන අයට පෙන්නන්න බැරිවගේ

    ලංකාවෙත් සුද්දො ගැන (හා අන් ජාතීන් ගැන ) stereotyping ඕනෙ තරම් තියෙන්නෙ. විවිධ රටවල අය ආශ්‍රය කරපු අය තමයි දන්නෙ වඩා බලපාන්නෙ මිනිසුන් අතර තියන පුද්ගලික වෙනස්කම් කියල.

    ඒ කෙසේ වෙතත් ඇමරිකාවෙ වගේ වුනානම් race, colour, height වැඩේ හොඳට දාල mental anguish caused by colour and height discrimination සඳහා නඩු දාල අජිත්ට හොඳ ගාණක් ගන්න තිබුන :-D

    ReplyDelete
    Replies
    1. //ඒ කෙසේ වෙතත් ඇමරිකාවෙ වගේ වුනානම් race, colour, height වැඩේ හොඳට දාල mental anguish caused by colour and height discrimination සඳහා නඩු දාල අජිත්ට හොඳ ගාණක් ගන්න තිබුන :// මං හිතන්නේ උන් ටිකක් ඒකට භය වුණා කියල. නැත්නම් ගන්න ගන්නේ නැහැ . පස්සේ receptionist කෙල්ල එනවා නගරෙට යන බස් එක ගාවට අපි එනකම්. හිනා තමා.

      Delete
  11. අප පත්තර මල්ලී සමගයි!
    පත්තර මල්ලී ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. la vittoria a fratello giornale !

      giornale fratello è per noi
      noi siamo per il fratello giornale

      Delete
    2. පත්තර මල්ලි එළ කොල්ලෙකි.

      Delete
    3. ප්‍රා the victory of imposters ..then what?

      Delete
    4. When in Rome do as the Romans do.
      When with Sa rasa be as absurd as you can.
      - A proverb of the ancient bloggers

      Psst.. It doesn't take much effort though.
      My default mode is absurd.

      Delete
    5. ජය වේවා ……

      Forza ragazzi :D

      Delete
    6. ප්‍රා ගූගල් එකෙන් කොපි කරලද කොහෙද?

      Delete
  12. ජාතිවාදී,වර්ගවාදී මිනිස්සු ලෝකේ කොයි කොනෙත් ඉන්න පුළුවන්නේ අජිත් අයියා.

    ReplyDelete
  13. අර අන්තිමට දාලා තියන පින්තූරේ නම් මහා අසභ්‍ය එකකි.

    ගහ බැනගෙන හරි රට රටවල සංචාරය කරන්නට ලැබීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපට නොපෙනෙන දේ විචාට පෙනෙන්නේ අමුත් කණ්නාඩි දාන නිසාද? නැත්නම් හිල් වතද ?
      සංචාරය කරනවා නම් හොඳයි. අර බයිකාල් අමූර් දුම්රිය මග යන් තමා හිතන් ඉන්නේ පුලුවන්නම්.

      Delete
  14. අජිත් අයියා..හොලිඩේ ඉන් එකේදි වෙලා තියන දේටනම් කණගාටුයි.ඒත් ඒක අත්වැරදීමක් වෙන්න පුලුවන් ඉඩ වැඩියි..මේකයි පත්තර මල්ලිගෙ අදහස.

    ඔය හොලිඩේ ඉන් එකේ ස්ටාෆ් වල අවුලක් තියනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක් ෆීල්ඩ් එකේ.මොකද එයාලා කොස්ට් කටින් මගුලක් නිසා ස්ටාෆ් ගන්නෙ ගොඩක් මෑන්පවර් වලින් හොඳේ.ඔය ඉඳල තියෙන්නෙ responsabile di colazione කියන කරන කෙනායි තව වේටර් කෙනෙකුයි.එයා ප්‍රධාන වේටර්ට වඩා බ්‍රෙක්ෆස්ට් එක භාරව ඉන්න කෙනා කිව්වොත් හරි.එයාලත් එන්නෙ මෑන්පවර් වලින්..සාමාන්‍යයෙන් රූම් නම්බර් එකත් එක්ක ටැලි කරන්නෙ නෑ ගෙස්ට්ගෙ නම..ඒත් මෑන්පව්‍ර් වල උන් හරි බයයි.ඒකයි ඔට සිද්ධියට මුල.

    ඔය ලිස්ට් එක එක්ක නම් බලන්නෙ වැඩි හොඳට..පව් එක අතකින් බැලුවම.රස්සාව බේරගන්නනෙ වැඩි හොඳ කරන්නෙ.ටෝකන් එක තියනවනම් හරි කී එක තියනවනම් හරි ගෙස්ට් ලට වදදෙන එක සිරිත නෙමේ..

    ඔතන බෝඩ් වෙද්දි ගෙස්ට්ලගෙ නං සිස්ටම් එකට එන්ටර් කරන්නෙ බැක් ඔෆිස් එකෙන් හරි රෑට ඉන්න රිසෙප්ෂනිස්ට්ලා හරි.සමහරවිට එතනදි ඔයාගෙ නම මගඇරෙන්න ඇති.ඒකෙ කොපි එකක් රෙස්ටෝරන්ට් එකට ආවට ඕක ගනංගන්නෙ නෑ බල්ලෙක්කත්.ටෝටලි ගෙස්ට්ල ගාන බලලා බුෆේ දාල දානවා කාපියව් කියලා.ඕක බලන්නෙ රූම් සර්විස් කරද්දි විතරයි..

    ඔය ඔච්චර බය උනේ ඒ මනුස්සයා ඒකයි.ඔයා කම්ප්ලේන් කරානං මෑන්පවර් එකට කියනවා හෙට ඉඳන් මෙයා එපා කියලා..මං හිතන්නෙ වෙන්න ඇත්තෙ ඕක..කොහොම උනත් කම්ප්ලේන් නොකර මිනිහෙක්ගෙ රස්සාව බේරුවට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. මිනිහ ටිකක් වයස පහේ පොරක්. එතැන් හිටිය දෙන්නම වේටර් ල. බ්‍රෙක්ෆස්ට් භාර කෙනා වෙන්න පුළුවන්. මෑන්පවර් ද නැත්ද නම් දන්නේ නැහැ. හැබැයි ඒත් ඇයි ඉතාලියන් යම විතරක්. මෑන්පවර් වල ඕන ජාතියක අය ඉන්නවනේ. ලිස්ට් එකේ තිබුන නම හරි. මම දුන්නේ බිරිඳගේ නමනේ. ඒක හරි. වැඩේ ඌ විශ්වාස කලේ නැහැ මම එම කාමරේම කියල. ඔතනට එන එකෙක් එහෙම බොරු කියන්නේ නැහැ කියල තේරෙන්න එපැයි අඩුම ගානේ.

      Delete
    2. මං හොයල බැලුවා..මිනිහගෙ නම ඔත්තාවියෝ ottavio වෙන්න ඕනෙ.හරිම නීට් නේද ? පෙන්ෂන් ගියපු ආමි ඔෆිසර් කෙනෙක්.ඉතුරු ටික හිතාගන්න බොස්..(( ඕං විචා සෑර් මම නෑ )) .මට එකසැරයක් මුණ ගැහිල තියනවා මතක හැටියට.පෙන්ෂන් ගියාට පස්සෙ ඕකට ජොයින් වෙලා. වයසක මිනිස්සුනෙ ලොක්කා.
      F&B එකේ ස්ටාෆ් හැන්ඩ්ල් කරන කෙනා අතේ තමා ඒක තියෙන්නෙ.පොර රසිස්තා කෙනෙක් උනොත් ඉතිං පොඩි පොඩි අවුල් එනවා. :D නැත්තෙම නෑ.
      ඒ මේ අපිත් හොටෙල් ස්ටාෆ්නේ.මොකෝ මං සුද්දෙක්‍යැ..අපේ උන් කොච්චර හොටෙල්ස් වල වැඩද..

      දෙකට දෙක කැපුනම බිංදුවයි කියල දාගන්ඩකෝ :D

      Delete
    3. අපොයි මොකට ඕව හෙව්වද? පරණ ආමි කෙනෙක් නම් ඇරියස් එකක් ඇති ඒසියන් එවුන් එක්ක. හේ හේ.

      Delete
  15. මෙහෙමයි. ඉතාලිය ජාතිවාදීමයි කියලා කියන්න අමාරුයි. ඒත් ඔය මැදි විය හා ඒක පැනපු අය නම් ඉන්නවා පිටින් ආව අපි වගේ අය දිහා මහ අමුතු විදිහට බලන. ඒ ගොල්ලා හිතන්නේ අපි මුන්ගේ රස්සාවල් හොරකන් කරන්න අවා කියලා. එහෙම ඇරෙන්න වෙන නම් කිසිම විදිහක ගැටළුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ අය ඉතාලි එවුන්ටයි රස්සා ඉස්සෙල්ල දෙන්නේ කියල මට හිතෙනවා. හැබැයි මෙහෙ ඉන්න අයත් දැන් චන්දෙ දීල එලියට ගියේ ඒකට. රස්සා තමන්ට ඕනේ කියල. රෙද්දක් කරයි. වැඩක් කර ගන්න කෙනෙක් නැතිවෙනවා.

      Delete
  16. මගේ වාසගමට අකුරු 23 තියනවා... එක කොටසක් හලල යන්තම් 17 අඩු කර ගත්ත. ටෙලිෆෝන් එකෙන් නම කීම එපාම එපා කරපු වැඩක්... ඒ නිසා කෙටි පෘතුගීසි වාසගමක් ඇති බිරිඳට තමා බූකිං වැඩ බාරදෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ සීන් එක තමා අපෙත්.

      Delete
  17. //මගේ බිරිඳ නම් කීවේ මට ජර්මන් නමක් තිබිය නොහැකි යයි ඔහු සිතු බවයි.//
    මට මෙතන ටිකක් ටියුබ් ලයිට්??

    ReplyDelete
    Replies
    1. බිරිඳගේ නම වන baumann නමින් කාමරය සහ උදේ ආහාරය book කෙරුවෙමි.

      Delete
    2. පත්තර මල්ලිගේ නුත්තර කියවිම්න් පසු මට සිතෙන්නෙත් - මේ තක්කඩියා බෞමන් වුනේ කොහොමද කියා - ඔත්තේවියෝ සිතන්නට ඇති බවයි.

      Delete
  18. Last pic is a Cannoli

    ReplyDelete
  19. යුරෝප් සවාරියක් යන්න හෙන ආසාවක් තියෙනවා.. හැමදාම ප්ලෑන් විතරයි හෙහ් හෙහ්..
    කට්ටියම එකට ගියා නම් ඉවරනේ.. හොලිඩේ ඉන් කියන්නේ සැහෙන්න හොඳ තත්වයේ මධ්‍යම මට්ටමේ හෝටල් ජාලයක් නේද.. අපි මෙහෙ හොලිඩේ ඉන් එකේ ගිහින් හිටිය.. බට්ටි නගාගෙ උපන්දිනේට බැලුම් බෝලත් දුන්න එයාල නම්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හෝටලයේ අනිත් සර්විස් වල වරදක් කියන්න බැහැ. නගරයට ෂටල් බස් එකකුත් තිබුන.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .