මට ගුවන් විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා ලැබුනේ චිත්‍රපට වලට හා නාට්‍ය වලට හඬ කවන ශිල්පිනියක් වන ඉනෝකා බොතේජු මහත්මියගෙනි. ඒ ඉනෝකා බොතේජු ගේ "සඳ සංහිතාව" වැඩ සටහනට සහභාගී වන්නටය.
ඇගේ සැමියා ශාන්ත බණ්ඩාර ද රැකියාව කලේද ගුවන් විදුලි සංස්ථාවේමය.ඔහු බොහෝ ජාතක කතා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෙන්ම නාට්‍ය පිටපත් රචනයේද යෙදී සිටි.ඉනෝකා ගේ ආරාධනය මා භාර ගත්තේ ගුවන් විදුලි සංස්ථාව යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය සන්නිවේදන ඉතිහාසයේ සුවිසේෂි ස්ථානයක් සළකුණු කෙරෙනා ස්ථානයක් මෙන්ම ගුවන් විදුලි සේවයන්හි මහා ගෙදරද වීම නිසාය.
එනිසාම ඉනෝකා බොතේජු මහත්මිය ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි කරා සංචාරයක් කිරීමටද ආරාධනා කල විට එය සතුටින් භාර ගතිමි. අප මුලින්ම නැරඹුවේ ඩී එම්කො ළඹගේ මැදිරියයි. ගුවන් විදුලියේ නාට්‍ය පිටපත් පුහුණු වෙන කවාකාර මේසයක් සහිත තැනකට ගිය විට පසුගිය දවසක රුපවාහිනිය නැති කලෙක රේඩියෝව ළඟට එකතුව ඇසූ ඇසූ මොනරතැන්න, මුවන් පැලැස්ස මෙන්ම ළමා නාට්‍යද සිහිපත් විනි.
සමන් අතාවුද හෙට්ටි හඬ කැවූ ජිල්ජෝනා හා වැන්දබෝනා ගේ "ලන්දේසි දූපත" කතාව මතකද?
පාවහන් එළියේ ගලවා තබා මැදිරියකට ඇතුළුවී දහවල් ප්‍රවෘත්ති විකාශනයකට සවන් දුනිමි. විකාශනයට කලින් දැන් යන වාදනය "ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ එදා ජාතිවාදී ප්‍රකාශනයක් වූ "සිරිමක්ක දැන් ඉන්නේ දෙමලුන්ගේ පිටි පස්සේ " යන්න නම් නොවේ. ගුවන් විදුලියේ එදා අතීතයේ සිට විකාශනයන් සඳහා භාවිතා කරන ලද උපකරණ නරඹමින් යන අතරේ එහි ප්‍රධාන කොරිඩෝරයක සිට ඡායාරුපයක් ගත්තෙමි. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු, මිල්ටන් ලා දෙදෙනා, සිසිර-ඉන්ද්‍රානි, සනත්-මල්කාන්ති නන්දසිරි, නන්දා මාලිනි, ශ්‍රීමති තිලකරත්න, මාලනී බුලත්සිංහල ආදී සියල්ලෝම නිතර මෙහි ඇවිදින්නට ඇත.
මා විශ්මයට පත් කළ, කලින් අසා තිබුනද එහෙත් එහි අගය හරිහැටි නොවැටහුණු ස්ථානයකට අප එළඹුණේ ඉන් පසුවය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගීත (තැටි) සංරක්ෂනාගාරයයි. මෙය දකුණු ආසියාවේ දැනට පවතින විශාලතම එවැනි පුස්තකාලය යයි අසා ඇත්තෙමි.
"අරුම පුදුම රෝද හතර" වැඩ සටහනේ නුවන් ජූඩ් ලියනගේ මේ සංරක්ෂනාගාරයේ මිනිස් පරිගණකය වන සනත් මෙන්ඩිස් මහතා සමග ඒ ගැන විමසන අයුරු පහල ඇති යොමුවෙන් නැරඹිය හැකිය.
සනත් මෙන්ඩිස් ට ඕනෑම ගීත තැටියක් තිබෙන ස්ථානය මතකය. ඔහු මටද මා ඇසූ සැනින් ගීත තැටියක් තෝරා දුන්නේය. ගීත වාදනය කරන විශාල ටේප් එක සහිත යන්ත්‍රය වාදනය කර පෙන්වූයේ තිලකරත්න අධිකාරී මහතා ය. සංරක්ෂණාගාරය සනත් මෙන්ඩිස් ඇතුළු තවත් හතර දෙනෙකුන් සමග ඉතා හොඳින් රැක බලා ගනිමින් පවතාගෙන යන්නේ සුභාෂිණී ද සිල්වා මහත්මියයි. ඇය බොහෝ කාලයක් එහි රැකියාව කරන්නීය.
සුභාෂිනී ද සිල්වා පැවසූ පරිදි මෙහි ගීත තැටි දෙලක්ෂ පනස්දහසකට වැඩි ගණනක් සුරක්ෂිතව ඇත. ඒ අනුව තනි ගීත (එක තැටියක ගීත කිහිපයක් අඩංගු වන විට) මිලියන දෙකකට වඩා තිබිය යුතුය. මෙහි ඇත්තේ ගීත තැටි පමණක්ම නොවේ. එක්දහස් නමසිය හතලිස් ගණන් වල සිට පැවැත්වූ ගුවන් විදුලිය මගින් පටිගත කළ සෑම නිදහස් උත්සවයක්ම, පාර්ලිමේන්තුව විවෘත කිරීමක් හෝ වෙනත් රටවල් රාජ්‍ය නායකයන් ගේ පැමිණීමක් පිලිබඳ විස්තර ද මෙහි ගබඩා කර ඇත. කෙනකුට කිසියම් වසරක නිදහස් උත්සවයකදී රටේ අග්‍රාමාත්‍යවරයා කළ කතාවක් මෙහි ඇති පරිගණක මගින් සොයා ගත හැකිය. සන්නිවේදන අංශයේ රැකියා කරන්නන්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට , සන්නිවේදන මාධ්‍යයන් ගැන පර්යේෂණ කරන්නන්ටද මේ දත්ත ගබඩාවෙන් ඇති ප්‍රයෝජනය ඉමහත්ය. සුභාෂිනි ද සිල්වා මහත්මිය ඇතුළු සංරක්ෂනාගාරයේ සේවයේ නියුතු සියලුම මහත්ම මහත්මීන් ඒ ගැන ඉතා කැපවීමකින් කටයුතු කරමින් මේ සියලු හඬපට පරිගණකගත කර රැක ගැනීමේ කාර්යයේ යෙදී සිටිති. මේ ස්ථානය රක ගැනීම ජාතික වගකීමක් ලෙස සිතමි.
මේ සංරක්ෂනාගරයට ඇතුලත් විය යුත්තේ පාවහන් ගලවා තබාය. වැලි දූවිලි ආදිය ඇතුලත් වීම වැළැක්වීමටය. එසේම බොහෝ පටිගත කිරීමේ මැදිරි වලටද ඇතුළු විය යුතු වන්නේ පාවහන් ගලවා තබා ආගමික ස්ථානයකට ඇතුළු වන්නාක් මෙනි.
අප ඉන්පසු ගුවන් විදුලියේ සුභාවිත වැඩ සරල ගී වැඩ සටහනක් පටිගත කරනු නැරඹුවෙමු.
එම් එස් ප්‍රනාන්දු මහතාගේ ගීයක් වන "ඔබට තිබෙන ආදරේ මම "සරල ගී ශිල්පී පසන් කරුණාරත්න විසින් ගයනු මම යූටියුබයට ඇතුලත් කලෙමි.
(යොමුව) ඔහුගේ කටහඬ එම් එස් ප්‍රනාන්දු මහතාගේ මෙන්ම ගැඹුරු සවන පිනවන්නක් විය.
එසේම සරල ගී ශිල්පිණී සඳලි දිල්හාරා විසින් ඇන්ජලින් ගුණතිලකගේ "පෙම්වතියන්නේ" ගීතය ගයනු මේ
යොමුවෙන් නැරඹිය හැකිය. ඇගේ කටහඬ ද විස්මය දනවන සේ ඇන්ජලින් ගුණතිලකගායන ශිල්පිනියගේ මධුර කටහඬ ට බොහෝ සෙයින් සමානයයි මට හැඟිණි.
ආනන්ද සමරකෝන් මැදිරියේ දී පටිගත කෙරුණු, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට පැවැත්වුණු සංගීතාන්ජලී වැඩ සටහන නැරඹීමේ අවස්ථාවක් ද ලදිමි. එහිදී විශාරද ටි එම් ජයරත්න, වෝල්ටර් ප්‍රනාන්දු, අමිතා වැදිසිංහ, ඩිස්නි නාකන්දල ගේ ගීත ද සහ ගයාන් මිහිඳුකුල ගේ සංගීතය හා එම කණ්ඩායමේ විසිතුරු නර්තනයන්ද රස වින්දෙමි.
මේ දවස උදා කර දීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉනෝකා බොතේජු සොයුරියට සහ ලංකාදීප මාධ්‍යවේදිනී පද්මි මාතරගේ සොයුරියට ස්තුතිවන්ත වෙමි.
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට - FM 91.7/91.9 ඔස්සේ සවන් දිය හැකිය.
//මේ දවස උදා කර දීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉනෝකා බොතේජු සොයුරියට සහ ලංකාදීප මාධ්‍යවේදිනී පද්මි මාතරගේ සොයුරියට ස්තුතිවන්ත වෙමි.// හ්ම්ම්..හ්ම්ම්.. මට පොඩි කැස්සක් වගේ ආවා.. :)))
ReplyDeleteමාත් ඔතනට දෙතුන් විඩක් ගිහින් තියෙනවා. ඒත් ඇතුලේ ඔහොම අවිද්දවන්න කවුරුවත් හිටියේ නෑ.. කවුරු හරි යාලු කරගෙන ගිහින් බලන්න ඕනි.
අන්න වැඩේ. හැබැයි ඉතින් කළු, කොට, තට්ටේ කියන සුදුසුකම් ටික සපුරලා තියෙන්න ඕනේ.
Deleteමේ වතාවේ ලංකාවට එන්න කෙරුණු වියදමයි, මහන්සියයි දෙකටම හරි යන්න වටිනා අවස්තාවක් නෙව අජිත්, ඔයාට උදාවෙලා තියෙන්නේ....
ReplyDeleteඒ වියදමයි මහන්සියි වුනේ අම්මා වෙනුවෙන්. මේවා නිකම් මේ අතුරු ඵල
Deleteඅතේ තියෙන්නේ LP තැටියක් නේද.
ReplyDeleteඉස්සර ආන්ඩු මාරු උනාම අනික් පැත්තෙ වැඩ කරපු ගායක ගායිකාවන්ගේ තැටිවල ඉරි ගහපු කතන්දර අහලා තියෙනවා.
ඔව් ඔව්. මාත් ඒ කතාව නම් අහල තියනවා. නන්දා මාලිනීට වගේම ජෝතිපාල ටත් වුනා කියලා (පැති දෙක)
Deleteවටින අවස්ථාවක්.. ඔහොම බලන්න චාන්ස් එකක් ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ හොඳ හැඳුනුම් කමක් නැත්නම් නේද ?
ReplyDeleteමම ලක්හඬ රේඩියෝ වැඩසටහනකට සහබාගි වුණා මගේ පොත ලියපු දවස් වල..
ඒක කියෙව්ව. මට මේ රේඩියෝ සාකච්චාවකට එන්න කිව්වා. ලොකු හැඳුනුම් කමක් නැහැ. ඔහේ නිකන් හම්බ වෙන චාන්ස් කියල මම හිතුවේ.
DeleteSo these are not digitized? This is just a disaster waiting to happen. One fire and everything is lost.
ReplyDeleteYou are correct Ano. They have just started digitizing them. I also think they should move to a better place. This building is very very old. One of the reasons I wrote this. I did not suggest it. You know we have to let top guys to say it is their decision. he he
Deleteයකඩෝ, ඕකට ඉස්සරහා ආයතනයේ අවුරුදු ගාණක් රස්සාව කරලත්, අපිට ඔහොම චෑන්ස් එකක් වැදුනෙ නෑ නෙව?
ReplyDeleteගුවන් විදුලිය රස/ නීරස කතා නං බොහොමයක් අහන්න වාසනාව විතරයි ලැබුනෙ.
ඒ කියන්නේ රූපවාහිනියේ වැඩ කරලා. හොඳයිනේ. මට මේ අහම්බෙන් වැදුන චාන්ස් එකක්.
Delete//ජිල්ජෝනා හා වැන්දබෝනා ගේ රහස් දුපත ගැන මතකද? (නාට්‍යයේ නම මතක නැත)//
ReplyDeleteනම "ලන්දේසි දූපත". තව තිබ්බා ත්‍රාසජනක නාට්‍ය මාලාවක් එහෙම. මතක විදිහට එකක නම "හාරත ආසියා". අහල තියෙන විදිහට ඒ කාලෙ හිටපු ගුවන් විදුලි ශිල්පීන්ට BBC එකෙන් පුහුණුවක් ලැබුනලු.
කස්ටිය ලෙසටම ඒ දැනුම පාවිච්චි කලා. ආන්න කතන්දර, ඇහෙනකොට ඔලුවෙ ඉඳන් විදුලියක් කොටලා, පුටුවෙනුත් බිමට වැටෙනවා :)
බොහොම ස්තූතියි, මතක මංපෙත දිගේ අතීතයට ගෙනිච්චට.😊
ඇත්තටම. මටත් මතකයි ඒ කතාවත්. ටිකක් බයයි වගේ නේද සද්ද හෙම. ස්තුතියි මතක් කෙරුවට නම. අප්ඩේට් කරන්නම්.
Deleteඇයි වෙළෙඳ සේවයේ ගිය 'මහානාද' ඩ්රැකියුලා ගනයේ නාට්‍යය.
Deleteටේප් ඩැමේජ් වෙන්නේ ෆන්ගස්වලින්.
ReplyDeleteතැටි, CD වගේ ඒවා සීරීම හැර හානිවෙන වෙන හේතු මොනවද ?
මං ඕවා දන්නේ නැත . බස්සා ගෙන් ඇසුව මැනවි , මගේ සෝවියට් තැටි අවුරුදු 25ක් තිස්සේත් හොඳින් තිබේ.
Deleteඔව්වා සංරක්ෂණය කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. දන්නා තරමින් CD සහ vinyl දෙකම PVC වර්ග, දෙකම UV ලයිට් (ටියුබ් ලයිට්/ හිරු එලිය) වලට හෙමින් දිරනවා. වඩා තුනී සහ තට්ටු සහිත CD, සරල වුනත් දෘඩ vinyl තැටි වලට කලින් අභාවයට යනවා.
Deleteආ තව, පරාල ඇණත් vinyl තැටි වලට අගුණයි කියා අසා තිබෙන නිසා Pra Jay උතුමාණන් ඒ පුස්-තකාලෙට නොවඩිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
පලවෙනි පින්තුරේ, දකුණු පැත්තේ දුඹුරු පැහැයට හුරු සාරියක් ඇඳන් ඉන්න ලලනාව කවුද කීර්ති?
ReplyDeleteඉනෝකා බොතේජු (සඳ සංහිතාව)
Deleteදැන්නං ඔක්කොම ඩිජිටපයිස් වෙලානෙ. ඉස්සර ඉතිං ඕව තමයි රජ බඩු.
ReplyDeleteමට නම් කිව්වේ ඩිජිටයිස් කරලා ඉවර නැහැ කියල. ඩිජිටපයිස් ගැන නම් දන්නේ නැහැ.
Deleteප යන්නක් වැඩි වෙලා. හැක්..
Deleteනොදකින් , මම ගූගල් එකෙත් සර්ච් කළා. මම හිතුවේ වාශුදේව ගේ හරි ශුදේව ගේ හරි වචනයක් කියල. ප*යා වචනය එයාගේ නිර්මාණයක් නේද
Deleteමටත් ගු.වි. යේ වැඩසටහන් දෙකකට යන්ට වාසනාව ලෑබුනා, එකක් කොෆී විත් ඩැරන් සහ තවත් උදේ වැඩසටහනකට. ඒ ගිය දවසක MJR David මහත්මයා මාව ටුවර් එකක් ගෙනිච්චා.
ReplyDeleteවාසනාවයි MJR David BBC එකට වැඩ කළා නේද
Deleteඔව් ඒ මහත්මයා තමයි. දැන් ලංකාවේ වැඩ.
Delete