Tuesday 7 March 2023

උපන් දින සුබ පැතුම

ඔබේ ජිවිතයේ ඉතාම වැදගත් දින දෙකින් එකක් වන්නේ ඔබේ උපන් දිනය වන අතර අනික ඔබ උපන්නේ ඇයිද යන්න වටහා ගත් දිනය බව මාර්ක් ට්වේන් කියාඇත.  
කාල් මාක්ස් කියා ඇත්තේ උපන් දින සුභ පැතීම ධනවාදී දෙයක් කියාය. සමහරවිට  එසේ කියන්නට ඇත්තේ බොහෝ අය දුක් විඳිද්දී සුළුතරයක් විශාල මුදලක් වියදම් කර සාද දමන නිසා විය හැක. 
නමුත් උපන්දින සුභ පැතුමක් කරන්නට වියදමක් යන්නේ නැත.


මම බොහෝ  තිස්සේ පවුලේ අයට, ඥාතීන් ට  මෙන්ම දන්නා  හඳුනන  අයට උපන් දිනට සුභ පැතුමක් කරමි.  මොස්කව් හි උගන්නා කාලයේ  පන්තියේ හිටි  ලූදා නම් ශිෂ්‍යාව හැමෝටම සුභ පැතු අතරම හැකි සෑම විටම මුදල් එකතු කර කේක් එකක්  මිලදී රැගෙන විදේශ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක නම්  නේවාසිකාගාරයේ ඔවුන්ගේ කාමරයට අප සියල්ල සමග ගොස් සුභ පතන්නීය. එවැනි  එක සුහද උපන්දින  හමුවකදී ඉරාන ජාතික ශිෂ්‍යාවක වූ ෆරීඩා ට තිබු ප්‍රශ්නයක් ගැන අප දැන  ගතිමු. ඇගේ  ප්‍රශ්නය ට විසඳුමක් ලබන තුරු පන්තියේ උන් ඈ  සමග සිටියහ.  මගේ බිරිඳ ගේ මව සහ පියාද බොහොමයක් ඥාතීන් ගේ හා මිතුරු මිතුරියන් ගේ නම් ගොනුවක් තබාගෙන උපන්දිනයට දුරකථන ඇමතුමක් දෙති. ෆේස්බුක් එන්නට කලින් මටද එවැනි නාම ලේඛනයක්  තිබුණි. ඒ ගූගල් හා මයික්‍රොසොෆ්ට් කැලැන්ඩරය හරහාය. පසුව මේ පුරුද්ද ෆේස්බුක් එකට මාරුවිනි.    

ඒ කාලයේ දවසක මම මදක්  හඳුනන මිතුරෙකුට උපන් දින සුභ පැතුමක් මේලයක් හරහා යැවීමි.  දිනකට පමණ පසු ඔහු ඒ ගැන ස්තුතී කර මගේ මොබයිල් නොම්මරය අසා මේලයක් එවීය.ඉනුත් දෙදිනකට පසු ඔහු මට කතා  කළේය. 
 "අජිත් ඔයා මට පහුගිය වසර කීපයේම මට උපන්දින සුභ පැතුම් එව්වනේ. මම තෑන්ක් යූ කියල නෝට් එක්ක එව්වා විතරයි"
එයට කමක් නැති බව කීවෙමි. හැමෝටම වැඩ රාජකාරි තිබේ. 

 ඔහු පැවසුවේ ඒ දිනයේ ඔහුට සුභ පැතූ එකම කෙනා මා බවය. ඔහුට ප්‍රශ්න රාශියක්  ඇති බවත් සියදිවි නසා ගන්නට පවා සිතෙන බවත් මට පැවසුවේය. ඒ ඇසූ වහාම ඔහුට  මා හමුවී කතා කරන ලෙස දන්වා  එවේලේම හමුවන්නට වෙලාවක් හා පබ් එකක නමක්ද කීවෙමි. සියදිවි නසා ගැනීම් ගැන මිනිසුන් විහිළු කරන්නේ නැතැයි මට සිතුනි.

පබ් එකේ දී ඔහු පැමිණියේ පැය භාගයක් පමණ පරක්කු වීය, ඔහු පරක්කු වීමේ හේතුව  ගැන මොනවදෝ කිවේය. මම බියර් දෙකක් මිලදී ගතිමි.  තමන්ගේ ජිවිතයේ ප්‍රශ්න රාශියක් ඔහු  මා හට කියා පෑවේය. ඔහු ගේ බිරිඳ දරුවන් සමග ඔහු හැර ගොස් ඇත. ඇත්තට ම ඔවුන් සිටි නිවසේ ඇය ජිවත් වී  ඔහුව එලියට දමා ඇත.  ඇය එසේ කලේ ඔහුට රැකියාව අහිමි වීමෙන් පසුව යයි කී  ඔහු, බිරිඳට දෝෂාරෝපණය කළේ ඈ නිසා  රැකියාව අහිමි වූ බව පවසමිනි..ඔහු ජීවත් වන්නේ කවුන්සිල් එකෙන් සහනාධාර  කුලිය ගෙවන කාමරයකය. රැකියා විරහිතයන්ට ලැබෙන සහනාධාරයෙන් ඔහු යන්තමින් ජීවත් වෙයි.

ඔහුත් සමග දෙවන බියර් වීදුරුව හිස් කරන විට වඩා විස්තර එලියට එන්නට විය. ඔහුට රැකියාව නැති වී ඇත්තේ දෙතුන් වරක්ම  ප්‍රමාද වී  සේවා දායකයන් හමුවීමට යෑමෙනි.  ඔහු නරකට වැඩ කරන අයෙක් නොවේ. ඔහු තමන් කළ  රැකියාව පිලිබඳ ප්‍රාමාණික දක්ෂයෙකි. එහෙත් පමාවී වැඩට ඒම හෝ පමාවී සේවා දායකයන් හමුවීමට යාම පිළිබඳව ඔහුට කාර්යාලයෙන් අනතුරු හඟවා තිබුනේ වරක් දෙවරක් නොවේ.  ඔහු බිරිඳට වරද පටවන්නේ දරුවන් පාසැලට ගොස් ඇරලීම ඔහුට පවරා  ඇය කලින් රැකියාවට යන නිසාය. උඹට ටිකක් කලින් ළමයි ගිහින් දාල වැඩට ගියානම් මොකද වෙන්නේ කියා අසන්නට සිතූ මුත් මම එය නොඇසුවේ ඔහු සිටින තත්වය සලකාය. 

ඔහුට දරුවන් බැලීමට ලැබෙන්නේ සතියකට වරක් යයි ඔහු මැසිවිලි නැගීය. දරුවන්ට දැන් සුළු පියෙකු ද සිටි. බිරිඳ පෙම්වතෙකු සොයාගෙන ඇත. බිරිඳට පෙම්වතා කලින් සිටම ඉන්නට ඇතැයි ඔහු  සැක කරයි. මේ සියල්ලම නිසා වේදනාවට පත්වුණු ඔහු දිවි තොර කර ගන්නට තීරණය කර ඇත.   මගේ උපන් දින සුභ පැතුම නිසා මා  හමුවී කතා කරන්නට තීරණය කර ඇත. තමන් ගැන කිසිවෙකු සිතා ඇතැයි යන සිතුවිල්ල ඔහු තුල තතදින් ඉස්මතුව ඇත ඇත. මට නොකියා නික්ම යාම නුසුදුසු යයි ඔහු සිතා ඇති බවකි.
 
ඔහු මට ඇත්තක් පවසනවාද බොරුවක් ගොතනවා ද යන්න මට සිතා  ගත නොහැකි වුනි.
 
මම ඔහුට ෆුල් මොන්ටි  චිත්‍රපටයේ කතාව කීවෙමි. එහි ඇත්තේ රැකියා විරහිත වුනු පියෙකු තම පුතා බැලීමට යාමට ගන්නා උත්සාහයයි,. දික්කසාද බිරිඳ පුතා බැලීමට ඉඩ නොදෙන්නේ පියාගේ  රැකියා විරහිත කම නිසා මෙන්ම කිහිප වරක්ම පොරොන්දුවී ළමයා බැලීමට නොපැමිණ මග හැරීම නිසාය. ඔහු මග හරින්නේ ළමයාට යමක්ය අරන්  වත්කමක් නොමැති වූ හෙයිනි.  ඔහු ඒ කාලයේ ටැබුවක් වූ පිරිමින් (චිපන්ඩෙල්ස්  වැනි) කිහිපදෙනෙක්  විසින්  ගැහැණු උදෙසා  ක්‍රම ක්‍රමයෙන් සංගීතයට අනුව ඇඳුම් උනන ස්ට්‍රිප් ෂෝ එකක් සංවිධානය කරයි. පොලිසිය පසුපස එලවීම් සිනා උසුළු විසුළු මැද නිකුත් රැකියා විරහිත යහළුවන් සමග ඔහු එය කරන අතර හිටපු බිරිඳ  පවා එය නැරඹීමට පැමිණේ. අවසානයේ ඔහුට  තම පැතුම ඉටු  කර ගනිමින් පුතා කැටුව දවසක් විනෝදයෙන් ගත කිරීමට ඉඩ ලැබේ.

යහළුවාට රැකියාවක් නැතිකම ප්‍රශ්නයක් නිසා ඒ ගැන උනන්දුවන බව කීවෙමි. ඔහු ප්‍රමාද වෙන නිසා ඒ බවක් නොතකන තැනක්ම සෙවිය යුතුය. අනතුරුව මට යහළුවෙකු හරහා ඕනෑම වෙලාවක පැමිණ රැකියාව කිරීමට හැකි සර්විස් ස්ටේෂන් රැකියාවක් සොයා ගත හැකිවිය. උදේ කාලය අතර තුර ඕනෑම වෙලාවක පැමිණ බිල්පත් සැකසීම ඔහුගේ කාර්යයය විය.  ඔහු එය සතුටින් කළ අතර එම අවුරුද්ද පුරා මම ඔහු කිහිප වරක්ම මුණ ගැසුනෙමි. එතනම රැකියාව කල පෝලන්ත තරුණියක්  වන ඇග්නේෂ්කා සමග ඔහු සම්බන්ධයක් ද අරඹා තිබුණි. දරුවන් බැලීමට පමණක් නොව සමහර සති  අන්ත වල බිරිඳම  කතා කර දරුවන් ඔහුට භාර දී තිබුණි. ඒ කාලයේ මම ඔහුගේ එක්තරා ගතියක්ද නිරීක්ෂණය කළෙමි. ඔහුට කිසියම්  දෙයක්කි රීමට ඇති උදාසීන බවයි. පෝලන්ත තරුණිය ඔහුව නිවාඩු රැගෙන යයි. වෙනත් ගමන් , උත්සව ආදිය ට වුවද ඇය කීවේ නැත්නම් නිවසට  වී සිටීම ඔහුගේ සිරිතයි.  ඔහුගේ බිරිඳ සමග සිටියදී කිසිම බිල් පතක් ගෙවීමට ඔහු උන්නදු නොවූ අතර බිරිඳ ඒ සියල්ලම කලාය. පෝලන්ත තරුණිය වුවද ඔහුගෙන් මුදල් ගෙන ඒ සියල්ල ඉටු කලාය.

ක්‍රම ක්‍රමයෙන්  ඔහු හා මා අතර හමුවීම් අඩුවූයේ අප දෙදෙනාටම වෙනත් වැඩ තිබු බැවින් යයි සිතමි. ඉන්පසු ෆේස්බුක් ගිණුමක් පටන් ගත්  නිසා මම මගේ ගූගල් හා MSN ගෘප් ද නවතා දැමුවෙමි. මට තව දුරටත් උපන්දින සඳහා එන නෝටිස් ගූගල් මේලයෙන් ලැබුනේ නැත. 

අවුරුදු ගණනකට පසු කෝවිඩ් කාලය ද අවසන් ව පැවති මුල්කා ලයේ අපේ කම්පැනියේ  අය  සමග නත්තල් සන්ධ්‍යාවකට සහභාගී වුනෙමි. මෙවැනි සමහර සාද  ප්‍රදේශයේ කම්පැනි කිහිපයක් එකතු කොට ඉවෙන්ට් සංවිධාන කරන කම්පැනි විසින් මෙහෙයවන  ඒවාය. මට අර යහළුවා ගේ පෝලන්ත පෙම්වතිය  ඇග්නේෂ්කා ද එහිදී හමුවිණි. මා දුටු වහාම ඇගේ මුහුණ කඩා වැටුණි. මම ඇගෙන් දෙදෙනාගේම විස්තර විමසුවෙමි, ඇය මාත් සමග එම ශාලාවෙන් එලියට ගොස් මධ්‍යසාර සහ අනිකුත්බී ම දෙන ස්ථානය අසල  හිඳ ගත්තේ ලොකු විස්තරයක් කීමටය. ඇගේ නෙත් කඳුළින් බරව තිබුණි. 

"එයාට ඔයාට කතා කරන්න ඕනෑ කම තිබුන. නමුත් ඔයා කාලෙකින් උපන් දින සුභ පැතුමක් වත් එව්වේ නැහැ කියලා කීව."
 මම ෆේස්බුක් ගිණුම ගැන පවසමින්  නිදහසට කරුණු කීවෙමි. මගේ ෆේස්බුක් ගිණුමේ ඔහු සිටියේ නැත. කෙසේ වෙතත් ඈ  පැවසුවේ, මට කතා කිරීමට ඔහු පසුබට වූයේ  ඒ නිසාම නොවන බවය.  බොහෝ කලකින් කතා නොකළ නිසා නැවත  කතා කරන්නේ කෙසේද යන්න ගැන ඔහුට අපහසු බවක් දැනී තිබුණි.  මම ඒ ගැන කවදාවත්ඔ නොතකන බව ඇයට පැවසුවෙමි. යහළුවෙකු නම්හු අවුරුදු  ගණනකට පසු වුවද කතා කළ හැකි විය යුතුය. 
ඇය කී පරිදි ඔහු  නැවතත් තද විශාදයකට පත්ව ඇත. එහි මුලික හේතුව වී තිබුනේ දරුවන්ය.  ඔහුගේ බිරිඳ දරු දෙදෙනා රැගෙන නව සැමියා ගේ රටට ගොස්ය. ඔහු ඔවුන් රටින්ය න දවසේ ගුවන් තොටුපලේදීදරු දෙදෙනා වැළඳ ගෙන ඬා වැලපී ඇත. දරුවන්ද වැලපී ඇතත්, එවෙලේ  කෝපයට පත් බිරිඳ දරුවන් උදුරා ගෙන යාමට තැත් කරද්දී ඇගේ නව සැමියා එය වළකා ඇත. එසේම ඔහුට ඕනෑම අවස්ථාවක එම රටට පැමිණ දරුවන් බැලීමටද එසේම ඔවුන් නැවත  ලන්ඩන් පැමිණිය හොත් දරුවන් සමග ඔහු හමුවට පැමිනෙණ බවට පොරොන්දුවකද දී ඇත . ඔහු සැබවින්ම මහත්මයෙකි,

පෝලන්ත තරුණියගේ කතාවෙන් මට වැටහුනේ ඒ දුකට එහා ගිය දෙයක් එතන තිබී ඇති බවය. ඔහු රැකියාව කළද සතුටින් සිටියද සමහරගති සහ පුරුදු අත හැර නැත. බිරිඳ  දරුවන් සමග නව  සැමියාගේ රටට යෑමට අවසර ඉල්ලා පවුල් උසාවියේ සාමාන්‍ය නඩුවක් පවරා ඇත. එය ඉතා සාමාන්‍ය, විරසක  දෙදෙනෙකුට නීතිඥයන් ඇතිව හෝ නැතිව විසඳා ගත හැකි දෙයකි. ඔහු උසාවියේ කිසිම ලියුමක් විවෘත කර නැත.එයට මා කලින් කී  ඔහුගේ උදාසීන භාවයද හේතුවක් වන්නට ඇත. දරුවන් බැලීමට ගිය දින වලද බිරිඳ දරුවන්  නිවසින් පිටතට එව්වා විනා ඒ බවක් ඔහුට කියා  නැත.   ඇග්නේෂ්කා සිතන්නේ ඔහුට ඒ බව කියා ඇතත් ඔහු එය අමතක කරන්නට ඇති බවය. දරුවන් ඔවුන් පිටරට යන බව ඔහුට පවසා තිබුනද ඔවුන් නිවාඩුවට යාමක් යයි සිතා  ඔහු ඒ ගැන  වද වී නොමැත. 

 දරුවන් ගේ නික්ම යාමෙන් ඉතා ශෝකයට පත්ව ඔහු කාලය ගත කර ඈත්තේ රැකියාවට යාමද අතපසු කරමිනි.
අවසානයේ සිදුව ඇත්තේ ඇග්නෙෂ්කා ඔහු හැර යාමයි. ඊට සති දෙක තුනකට පසුව ඔහුගේ උපන් දිනය යෙදී  තිබුණි. ඇග්නේෂ්කා එදා ඔහුට කතා කර පවසා ඇත්තේ  ඇයට වැඩක් යෙදී ඇති බැවින් පසුව ඔහු හමුවට එන බවකි. එහිදී තම දරුවන් උපන් දිනයේ දවසේ වත් කතා නොකළ බව ඇග්නේෂ්කාට පවසා ඇත. ඇය ඔහු අස්වසා ඇත්තේ දරුවන් මව සමග  කොහේ හෝ යන්නට ඇතියි කියාය. 

ඔහු තමන්ගේ දිවි තොර කරගෙන ගෙන් ඇත්තේ එදා රැයේදීය.

සමහර කරුණු කාරණා සිදුවන පිළිවෙල අනුව යමක් සිද්ධවීම වළකන්නට අපට නොහැකිය. එනමුදු ඔහු කතා නොකලද ඔහුට ඉඳහිට හෝ  කතා කරන්නට තිබුනා යයි යම්ප සු තැවීමක් දැනුදු මට තිබේ.   දැනුදු මම යහළුවෙකුගේ  උපන්දිනයක්  දුටුවොත් සුභ පැතීමක් කරමි. එක් අයෙකුට හෝ එය වැදගත් විය හැකිය. 

- අජිත් ධර්මකීර්ති 07/03.2023 

  


85 comments:

  1. ඔබ කර තිබෙන දෙය යහපත් දෙයකි අජිත්
    එනමුත් 'හිතවතා අලසය' කියමි මමත්
    උත්සහවන්තයෝ ලෝකේ එමට සිටිත්
    වැටුණත් නැඟිට ගන්නට ඒගොල්ලො සමත්!

    ReplyDelete
    Replies
    1. මම එහෙම කියලා හිත හදාගන්නවද දන්නේ නැහැ. එනිසා මේ වාක්‍යය එකතු කළා //එනමුදු ඔහු කතා නොකලද ඔහුටඉඳහිට හෝ කතා කරන්නට තිබුනා යයි පසු තැවීමක් දැනුදු මට තිබේ.//

      Delete
  2. OMG , sad story. May his soul RIP

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Sorry. I think it was bit in-appropriate for me to say thanks to the comment here. I agree with you.

      Delete
  3. Jagath Pathirana7 March 2023 at 03:03

    සමහර විට අජිත්ගේ සුබ පැතුම අසුබ පැතුමක් වෙන්න ඇති. අජිත් කියන්නේ සර්ව අශුබවාදියෙක් නිසා. ඒ නිසා හොදම දේ තමයි අනික් අයගේ උපන් දින දවස් වලට අජිත් ඒ අයව මුලිච්චි නොවීම.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ජගත්ට සුභ පතන්න එන්නේ නැත්තේ

      Delete
  4. සමහර මිනිස්සු ගේ පුරුදු ෆෝමැට් කරලවත් හදන්න බෑ ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒක තමයි. ඒ වගේ තැනකදී මොකද කරන්නේ කියල මට හිතා ගන්න ටිකක් අමාරුයි. සුභ පැතුමක් වගේ පොඩි දෙයක් එයාගේ හිතට වැදුන එකත් ටිකක් පුදුමයි. එයාගේ උදාසීන ගතිය නිසා යාළුවොත් නැති වෙන්න ඇති කියල හිතනවා. අර සයිකල් එක රිපීට් වුනේ ඒ කියන්නේ වයිෆ් වගේම පෝලන්ත කෙල්ලත් අත ඇරලා ගියේ ඇයි කියල මට හිතුන. අග්නේෂ්ක කතා කරපු විධිහට ඒ කෙල්ල ඔහුට තවම ආදරෙයි හෝ කිසියම් අනුකම්පාවක් ඔහු කෙරේ තිබ්බ. ඒකි අන්තිමට ලන්ඩන් වලිනුත් ගියා ආපහු පෝලන්තයට

      Delete
  5. සමහර මිනිස්සු ගේ පුරුදු ෆෝමැට් කරලවත් හදන්න බෑ ...

    ReplyDelete
  6. අජිත් ඔබේ සටහන කෙටිකතාවක් වගේ ආසාවෙන් කියෙව්වා . වෙලා තියෙන දේට කණගාටුයි . ඇත්තටම කවුරු හරි සිය දිවි හානි කරගන්න ඕන කියල කිව්වොත් කවුරු වුණත් කඩිනමින් ඒ කෙනාගේ ආරක්ෂාව ගැන පියවර ගන්නම ඕන . ඒ මොහොත පමා කිරීමයි වටින්නෙ . ඒ වගේම ඔබ කරලා තිබුණා වගේ ඔහු හෝ ඇය වැදගත් කෙනෙක් කියන එක ඒත්තු ගන්වන එක මිසක් හරි වැරදි කියන එක ඒ වෙලාවෙ නොකල යුතු දෙයක් . ඒ ගැන මා දන්නා ළගම සිදුවීමක් තියෙනවා.සමහර විට දවසක එය කථාවකට ගොනු වේවි . ඔබේ උපන් දින සුබපැතුම් ගැන කියනවා නම් එයත් හරිම සුවිශේෂී අත්දැකීමක් . අළුත් තාක්ෂණය හින්ද සුබ පැතුම් විධික්‍රම වෙනස් වුණත් තාමත් වෙනස් නොවන බලගතු බලයක් උපන් දින සුබ පැතුම් පත් වලට තියෙනවා . වෙළද හේතුවක් මුල් වුණත් අවුරුදු 15 ක් තිස්සේ මටම සුවිශේෂී උපන් දින කාඩ් එකක් එවන ජීවිත රක්ෂණ නියෝජිතයාගේ කාඩ් එක මග බලන් ඉන්නෙ ඒ හින්ද වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. /වෙළද හේතුවක් මුල් වුණත් අවුරුදු 15 ක් තිස්සේ මටම සුවිශේෂී උපන් දින කාඩ් එකක් එවන ජීවිත රක්ෂණ නියෝජිතයාගේ කාඩ් එක මග බලන් ඉන්නෙ ඒ හින්ද වෙන්න ඕන.// මටත් කාලයක් එහෙම ආව . දැන්නම් නැහැ . ඉස්සර දිනපොත් ලැබෙනවා වගේ. උපන් දින සුභ පැතුමක් විශේෂ දෙයක් නෙමේ කියල හිතුනත් සමහර අයට ඒක වැදගත්. මම හරි වැරදි කියන්න ගියේ නහ. දැන් උනත් ඔහුව විවේචනය කරන්න මම කැමති නැහැ. වුන දේ වුනා. මට දෙවෙනි පාරටත් වලක්වා ගන්න තිබ්බ කියල හිතෙන එක තමා ටිකක් අමාරු. කතා කලානම්. නමුත් මම හිතන්නේ දුක කියන එක බලපාන විධි වෙනස්. ළමයෙක් ළඟ නැති වුනහම අමාරුයි කියන එක මගේ පියා නිසාම දන්නවා

      Delete
  7. අජිත් කරලා තියෙන්නෙ හොඳ දෙයක්.

    ඔය වගේ කරන්න බැරි වුනු දෙයක් ගැන හිත රිදෙන කොට, මම නම් දැන් හදා ගෙන තියෙන strategy එකක් තමයි ඒ පුද්ගලයාට දැන් ඉන්න තැනක එහෙම වෙන්න එපා කියලා හිතන එක-may there be happiness/better circumstances for that person වගේ. මම දන්නෙ නෑ ඒක තර්කානුකූලව, ආගමානුකූලව කොච්චර හරිද වැරදිද කියලා, නමුත් හිතට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොඳ ස්ට්‍රැටජි එකක්. ඒ වගේ වෙලාවක සුභ ගමන් කියන්නත් අමාරුයි. මම මැරුණට පස්සේ යන තැනක් තියනවද නැත්ද කියනා විචිකිච්චාවකින් ඉන්න කෙනෙක් නිසා ඒක හිතෙන්නේ නැහැ. ඉයන් ලීවා වගේ RIP කියල කියන්න පුළුවන්. මේක වෙලා ගොඩක් කල්. කවද හරි දවසක ලියන්න හිතන් හිටිය දෙයක්. මම හුඟක් වෙලාවට කරන්නේ ලියන එක. ලියන එක එක්තරා විධිහක තෙරපි එකක් මට.

      Delete
    2. lotusගෙ ඒක මරු පොයින්ට් එකක්.

      Delete
  8. ඒක කියවලා කම්පනයක් දැනුණා. සමහර වෙලාවට අපි නොහිතන විදිහේ සලකුණක් තව කෙනෙක්ගේ ජීවිතයේ ඉතුරු කරන්න ඉඩ තියෙනවා නේද? මිතුරා depression වලින් පෙළුණු ලකුණු තියෙනවා මුල ඉඳන්ම නේද? ඒවාට පිලියමක් කරන්න හිත දෙන්නේ නැත්තෙත් ඔහොම යන්නම තමයි සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. කැනඩාවේ ඉන්න මිතුරු වෛද්‍යවරයෙක් මේ ප්‍රතිචාරය දාල තිබුන ෆේස්බුක් එකේ ලිපිය සම්බන්ධව. Sunny Nawagaththegama:-
      yes may be like bipolar. The problem with these conditions is you don’t want to get medical treatment or continue treatment due to the stigma attached to them .

      Delete
    2. epression වලින් පෙළුණු ලකුණු තියෙනවා මුල ඉඳන්ම නේද?- මට මුලදී ඒක හිතුනේ නැහැ. සාමාන්‍ය චර්යාවන් හැටියට දැක්කේ. දැන් දන්නා දේවල් එදා දන්නේ නැහැ නේ. //ඒවාට පිලියමක් කරන්න හිත දෙන්නේ නැත්තෙත් ඔහොම යන්නම තමයි සමහර වෙලාවට.// වෙන්න ඇති. මම ඒ වගේ දේ අහල තියනවා. මිනිස්සු "යන්න " බලාගෙන ඉන්න නිසා කිසියම් විධිහකින් හැසිරෙනවා කියල.

      Delete
  9. කනගාටුදායක කතාවක්. මට හිතුනේ, අජිත්ට ඔයිට වඩා දෙයක් කරන්න ඉඩ නොතිවුණ බවයි. දිගටම ඔහුව ෆලෝ කරන්න, කතාකරල හිත හදන්න වගේ දේවල් ස්ථීර විසඳුම් නෙමෙයි. මේක බෙහෙත් ගතයුතු රෝගී තත්ත්වයක් කියල හිතුනා. පෝලන්ත තරුණිය දාලා ගියේ බැරිම තැන වෙන්න ඇති. ඒත් බිරිඳගේ සහ දරුවන්ගේ හැසිරීම නම් ඉන්සෙන්සිටිව් වගේ.

    ස්තූතියි කතාව ලිව්වට. මේ මියගිය යාලුව/ බිරිඳ ලංකාවෙ අයද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දිගටම ෆලෝ කලේ නැත්තේ මෑන් හොඳින් ඉන්නවා කියල හිතන් හිටි නිසා. අර උඩ මලී ට කීව වගේ depression වගේ දේවල් ගැන මට දැනුම ආවේ පස්සේ. පෝලන්ත කෙල්ල ගෙන් මම හේතුව ඇහුවේ නැහැ. පෞද්ගලිකයි නේ. දරුවන් ගැන නම් කියන්න අමාරුයි. මෙහෙ අම්මල දික්කසාද වුනහම දරුවන්ව manipulate කරනවා ගොඩක්. මම දැකල තියනව ඒක නම්. වයිෆ් ට ටිකක් සෙන්සිටිව් වෙන්න තිබ්බ කියල හිතෙනවා මටත්. නමුත් එයාගේ පැත්ත දන්නේ නැහැනේ. එක පාරක් බාබෙකිව් එකකට අපේ ගෙදර ඇවිත් තියනව. හැබැයි එයා තමා ගෙයි දේවල් ඔක්කොම බැලුවේ කියන එක දන්නවා. එපා වෙන්න ඇති. . උදාහරණයක් වශයෙන් අපේ ගදර මම තමා බිල් ඔක්කොම වෙලාවට හොයල බලල ගෙවන්නේ. අනිත් දේවල් හොයල බලන්නේ. බිරිඳ කරන්නේ ළමයින් ගේ වැඩ ගැන බලනඑක සහ කෑම බිම මිලදී ගැනීම් වගේ දේ. යාලුවට එහෙම බෙදාගෙන කිරීමේ අවබෝධයක් තිබ්බේ නැහැ කියල මට දැන් හිතෙනවා. ඒ අය ලංකාවේ නෙමේ.

      Delete
  10. හ්ම්. අජිත් ලොක්කගෙ හොඳ පුරුද්දක් එහෙනම් මේක කියෝල දැන ගත්ත... ♥️🙏
    සියදිවි නහගන්න යනවා කියල දැන ගත්ත ගමන් ඔහු හමුවුන එක ඉතා හොඳයි. පහුව ඉතීම් බැලුවොත්... හැමදාම කෙනෙක් ගැන ඇහැ ගහගෙන ඉන්න බෑ නේ කියල ඔය දිහා බලන්ට පුලුහං. දන්න හා පුළුවන් වෙලාවේ උදව් කරානේ.

    ReplyDelete
    Replies
    1. සෑහෙන කලෙක ඉඳන් තියෙන පුරුද්දක්. සමහර කාලෙට සමහර අයව අපට අමතක වෙනවා. ඒක අපේ වැරැද්දටත් වඩා අපි හැමෝගෙම ජිවිත වල තියෙන කලබල කාරී කම කියලයි හිතෙන්නේ. දැන් මම ටික ටික අඩු අක්රගෙන යනව වැඩ ගොඩ. නිකන් ඉන්න වෙලාවල් වැඩි කරගෙන යන්නේ

      Delete
  11. අජිත් මොකෝ මේ අපේ comments remove කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අදාල නැති නිසා

      Delete
    2. දැන් තේරුණා නේද ජහපලානෙට කඩේ ගිහින් බ්ලොග් සම්මාන අටමගලයක් හදල බ්ලොග් විනාශ කරපු එකේ ප්‍රතිපල. ඇරියස්කාරයො ගානක් අජිත් හදාගත්ත. උන් දැක්ක තැන දෙනව පාර.

      Delete
    3. 1. ඇල බොනෝ , මේකනේ මචන්. පළමුවෙනි කියපු එක - යහපාලනේට කඩේ ගියේ නැහැ. එක ආව කාලය සමපාත නිසා හැමෝම එහෙම හිතුවට. ඒක අපි හැමදාම කීව දෙයක්. දුන්න සම්මාන දිහා බැලුවනම් තේරෙනවා යහපාලනෙට කඩේ යනව වගේ පෙනුන මාතලන් ට සම්මාන දුන්න නිසා ඒ කතාව ඇති වුන බව. මාතලන් ගේ කතාව ඒ කාලේ තිබ්බ බලවත් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සැරයි. එහෙම ලියන්න යම් කොන්දක් තියෙන්න ඕනේ. සම්මානය දුන්නේ ඒකට මිසක් යහපාලනෙට කඩේ ගිය නිසා නොවෙයි.
      2. බ්ලොග් විනාශය - අර මේ දවස් වල බ්ලොග් උළෙලක් පවත්වන සෙට් දෙකක් හැදිලා තියෙනව නේද ? පළමුවෙන සෙට් එකේ තමයි අභීත මහත්මයා ඇතුළු කට්ටිය ඉන්නේ. දෙවෙනි සෙට් එකේ බ්ලොග් සම්මානේ එන්න කලින් හිටපු ජුනියර් සෙට් එක. පළමු කට්ටිය (කපිල වගේ ප්‍රසිද්ධ නම් පවා ඉන්නවා) buzz සම්මාන අරව මේව අවුරුදු උත්සව දාල සම්මාන දුන්නේ තමන්ගේ කට්ටියට කියල චෝදනා ඕන තරම් තියනව. ඒ පළමු කට්ටිය නොසැහෙන්න පහර දුන්න දෙවන කට්ටියට. (දැන් ඔය මධ්‍යකාලින එකමුතුව කියන්නේ). ඒකෙන් ගොඩක් බ්ලොග් අඩවි වැහිලා ගියා . බ්ලොග් නතර වුනා. ඔය මාතලන්, බෝධිනී වගේ දෙතුන් දෙනෙක් තමා දිගටම අරන් ගියේ. බ්ලොග් සම්මාන ගෙනාවේ ඒක නංවන්න. ඒක නිසා බ්ලොග් කරණය උඩට ආව. මම දන්න අලුත් බ්ලොග් හැදුනා. එකොනෝ, සුරංග, රොහාන් මල්ලි වගේ ගොඩක් ආව.
      ඔය මට පහර දෙන කට්ටිය එහෙම කරන්නේ මම හූඇන්පී කියල හිතාගෙන. පරණ යබයි සෙට් එකක කිහිප දෙනෙක්. දැන් වැලේ වැල් නැතිව ඉන්න. හැබැයි ඒ ගොල්ලෝ ගෙනාපු ගෝට ට වැඩිය යහපාලනේ 1% විතර හොඳයි. .අනික එක ඇරියස් එකක් තියෙනේ එක්කෙනෙක් ඉන්නව. ඔය මම කොමෙන්ට් එහෙකට වැඩිය හිතන්නේ නැතිව ලියපු එකක් නිසා ලොකු වයිරයක් හදාගෙන. මම මේ ටික ලීවේත් ඉතිහාසය නොදන්නා අය මෙතන ඉන්න නිසා.
      වැඩේ මේකයි ඇනෝ , අර නිදි කිව්ව වගේ ඔහේ මාවම ඔලුවේ තියාගෙන නේ මේ වසර ගානම ඉඳල තියෙන්නේ. මම සම්මාන කිරිල්ල නතර කරලත් අවුරුදු 5 කටත් වැඩියි 😀

      Delete
    4. හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත -https://kolambagamaya.blogspot.com/2017/08/blog-post_16.html

      Delete
    5. ආ මම මේ නොදාපු ප්‍රතිචාරය අදාල නැහැ කීවේ , මම තවමත් ආදරයෙන් සලකන මතකයකට කැත නිගරුවක් කරපු නිසා. බ්ලොග් වලට අදාල නැති දෙයක්.

      Delete
    6. මම නං හිතන්නෙ අජිත් ඔය බ්ලොග් සම්මාන උලෙල නිසා "බ්ලොග් මහන්තත්තකම" කියන රෝගය බ්ලොග්කාරයන්ට බෝවුනා.
      ඒ අතරෙ සාරසල මහින්ද ආයි ගේන project එකේ හිටියෙ. මහින්ද විරෝධී බ්ලොග්කාරයන්ට එක දිගට ගැහුවා. ඒ අතරින් ඇනෝල වුන මයුරවිලයි කුදලාගමයි සුවිශේෂයි.
      රසිකට අජිත්ට අසභ්‍ය නම් පටබැන්ද, පුද්ගලික ජීවිතේට නිල බලල ගහල නාලකව ඉවර කළා, විචාරකව නැති කළා, අජිත් පැරකුම්ව විනාශ කළා, ඉයන්ට කුලවාදී අපහාස කිරීම් කළා. බ්ලොග්කාරයන්ව කෙටෙව්වා.

      Delete
    7. මේව සියල්ල පිටිපස්සෙ හිටිය master brain එක මයුරවිල. මම විශ්වාස කරන විදියට මයුරවිල කියන්නෙ අති දක්ෂ නීතිඥයෙක් වගේම කළමනාකරණය ඉගෙනගත්ත අති දක්ෂ කළමනාකරුවෙක්. මම සැකකරන විදියට දැන් මිනිහ වැදගත් රාජ්‍ය ආයතන කිහිපයක් භාරව කටයුතු කරන ප්‍රධානියෙක්.

      Delete
    8. ඒ තර්කයේ ඇත්තක් තියෙන්න පුළුවන්. සම්මාන ලැබුණු සමහර බ්ලොග් අය ලිවිම නතර කළා ,writer's block වගේ එකක් ආව සමහරක් අයට. මම මහින්ද ගේ පාලනයට විරුද්ධයි. ඒක මම හංගන්නේ නැහැ. නමුත් යහපාලනෙට සපෝර්ට් කළා කියන කත්වත් ඔය රනිල්ට සපෝර්ට් වගේම කතාවක් තමයි. දේශපාලන විග්‍රහ කිරීම් සමහර අයට තේරෙන්නේ නැතිකම. // පුද්ගලික ජීවිතේට නිල බලල ගහල නාලකව ඉවර කළා, විචාරකව නැති කළා, අජිත් පැරකුම්ව විනාශ කළා, ඉයන්ට කුලවාදී අපහාස කිරීම් කළා// මෙහෙම දේවල් වුනාද , ඇත්තටම දැනන් හිටියේ නැහැ. පැරා ගියේ වෙන වෙබ් අඩවියක් හදා ගෙන නේ

      Delete
  12. පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. පොඩි දේවල් තමා ජිවිත වෙනස් කරන්නේ, හදන්නේ , නැති කරන්නේ . නැත්ද

      Delete
    2. සහතික ඇත්ත ! මගෙ ලඟත් තියනව පොඩි දේවල් තුනක්. ඒ තුනෙන් ජීවිත ගානක් වෙනස් කරන්න පුලුවන් වුනා.

      Delete
    3. ළමයි හදන්න ගියාද, නොමනා සම්බන්ධකම් පටන් ගත්තද හේ හේ

      Delete
    4. හාපෝ ඒව මෙතන ලියන්න බෑ.

      Delete
  13. අර තමුසෙ ලිව්වි නවකතා වල links ටික දෙනවකො. ඇනෝ එන අපි ගැන අහිතක් හිතන්න එපා. ඇනෝ ගහල අපි ආතල් ගන්නවා. ඔය ඒ comments වල කටකැඩිච්ච් කතා දාන්නෙ අවුස්සල ආතල් ගන්න. විචාරකගෙන් තරම් රසයක් අපි වෙන කාගෙන්වත් අරන්නෑ.මිනිහ ඉන්න කාලෙ බ්ලොග් ලොව ඌරුජුවා නෙ. ඒත් මිනිහ මැරුණට පස්සෙ අපි මල ගෙදරත් ගියා.

    ReplyDelete
    Replies
    1. තමුසෙලා ඉතින් විචාරකව නොමරා මැරුව කියල තමයි ආරංචිය. අන්තිමට හාට් ඇටෑක් එකක් ආවේත් ඒක නිසා වෙන්න ඇති. සාමාන්‍යයෙන් අපරාධය කරපු ස්ථානයට මිනීමරුවෝ යනවනේ. පුදුමයක් නැහැ ඉතීම්. පොත් නම් සල්ලි වලට ගන්න වෙන්නේ. ලින්ක්ස් නැහැ. කොපි කරන නිසා අයින් කළා

      Delete
    2. Links නැත්නම් කමක් නෑ. පොත් තියෙන තැන් කියනව. සල්ලි වලට ගන්නම්. දිගටම ලියනව.
      විචාරකයි අපියි අතර "ආරවුල" තමුසෙට තේරුම් ගන්න පුලුවන් පියසේන නිශ්ශංක ගෙ ඔයබොඩ ගෙදර පොතේ එන උංග්ප්පුරාල ගෙ කතාවෙන්. පොත හැලපයා ලඟ තියෙනවා.

      Delete
    3. මොකෝ තමුන්නැහෙලට ප්‍රකාශන සමාගමක් අයිතිද

      Delete
    4. තරහ අවසර. අම්මෝ නැහැ. හුඟක් ප්‍රකාශකයො මැරුණම යන්නෙ අපායෙ යටම තට්ටුවට. උන් ප්‍රකාශ(ප)කයො. හිතල බලනව උන් ලේඛකයට දෙන්නෙ 10% යි. පොත් දහයයි. පොත් 5000ක් ගහල ගැහුවෙ 3000යි කියනව. තව නොයෙක් 🐕 වැඩ කරනව. හිතල බලනව ඕව හරි වැඩද කියල ?

      Delete
    5. පණ්ඩිතකම් නැතුව අර පොත කියවනව. ඒක 1900 ගනන් වල ගම ගැන ඇත්ත ලියපු පොතක්.

      Delete
    6. ප්‍රකාශකයන් සම්බන්ධ කතාව ඇත්ත. අපි දැන්වත් මහත්වරුන් වගේ කතා කරමු. ඩ්‍රකී වගේ කෙනෙක් පොත් පිඩිඑෆ් කරලා දායි කියල බලාපොරොත්තු වෙමු

      Delete
    7. ඔන්න අපේ පැත්තෙනුත් සුදු කොඩි ! අජිත් මහත්මයා යුරෝපයේ පොත් ප්‍රකාශකයන්ගේ තත්වය කෙසේද ?

      Delete
    8. ඒක යෝජනාවක්. කමෙන්ට් බ්ලොක් කරල තියෙද්දිත් එනවට සහයෝගයක් දෙන්න එපැයි. යුරෝපේ පොතක් ලියන්න එපැයි ඒක දැනගන්න.
      සාමන්‍යයෙන් 10% දෙනවා. පොත් අහන්නේ නැතිව පළ කරන්නේ නැහැ ලංකාවේ වගේ. කරනවා. ලංකාවේ නම් කෙලින්ම බැහැ කියනවනේ ගිවිසුමක් දෙන්න
      Traditionally the royalty is a percentage of the recommended retail price (RRP). A typical royalty is 10% of the RRP on hardbacks and 7.5% on paperbacks: so, on a £16.99 hardback the author would receive around £1.70 for each copy sold and on an £8.99 paperback they would receive 67p.

      Delete
    9. P - 1
      අන්න එහෙම එමු. ඒත් අපි අතර තාම සාම ගිවිසුමක් නෑ. 🤣🤣🤣.
      ප්‍රකාශකයකු විසින් ලොකු වියදමක් type setting, colour separations, plate making, printing, binding and distribution වලට දරණ එක ඇත්ත.

      Delete
  14. සෑහෙන මට්ටමක කම්පනයක් ඇතිඋන කතාවක්. මම සාමන්‍යයෙන් උපන්දින සුභ පැතුම් කරන්නේ නෑ ඒක මගේ අලසකමක් හෝ ඒ ගැන උනන්දුවක් නැති කම. මන් මුහුණුපොතෙනුත් උපන් දිනය අයින් කරලා තියෙන්නෙ. ඒ නිසා විශ් කරන්නෙ දන්න අයම විතරයි.පහුලේ අයත් වර්ථමානේ අවට මුණ ගැහෙන අයත් ඇරුණම. තවමත් පාසල් කාලයේ ගැහැණූ මිතුරියන් කිහිප දෙනෙක් කතා කොට සුභ පතනවා.ඇත්තටම යම්කිසි සතුටක් මට වුනත් ඒ වෙලාවට ඇති වෙනවා. ඇත්තටම අපි කරන පුංචි දෙයක් තව කෙනෙක්ට විශාල දෙයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මට උපන් දිනේ කියන එක එපමණ වැදගත් නැති වුනත් අවුරුද නිවාඩු කාලේ දවසක් නිසා හැමෝම සුභ පතනවා ඒ කාලේ ඉඳන්ම. මෙතන සුභ පැතීමටත් වඩා මම අවධාරණය කලේ මේක // ඇත්තටම අපි කරන පුංචි දෙයක් තව කෙනෙක්ට විශාල දෙයක් වෙන්න පුළුවන්.//

      Delete
  15. P - 2
    නමුත් ලේකඛයාගේ බුද්ධිමය මහන්සිය මුලු project investment එකෙන් 10 %කට සහ නොමිලේ දෙන පොත් දහයකට තක්සේරු කිරීම ශුක්‍රාණු වැඩක්.

    ReplyDelete
    Replies
    1. එක හරි. දැන් කරන්නේ ඊට වැඩිය වැරදි දෙයක් නේ. ලේඛකයා ගෙවන්න ඕන පොත ගහන්න , පොතට මුහුරත් උලෙල්ලට වියදම් කරන්නේ ඕනේ. මුද්‍රණ අකුරුවලට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඒත් 10%. ලංකාවේ.

      Delete
    2. මේක දීර්ඝව පැහැදිලි කරන්න අජිත් මහත්මයා. - සාධාරණ ඇනෝවරු

      Delete
    3. සමහර ප්‍රකාශකයෝ මුදල් ගන්නේ නැතිව ගහනව. නමුත් සමහරු මුදල් ගන්නවා කර්තෘ ගෙන්. පොත විකෙනෙන කොට තමා ඒ සල්ලි ලැබෙන්නෙත්. අනිත් අය 10% ක් හෝ පොත් 100 දෙනවා. සමහර වෙලාවට ලීවෙ ගූගල් වලින් නම් කතුවරයම පොත මුද්‍රණ කරන අකුරු වලින් හදල දෙන්න ඕනේ. ශෝධුපත් බලවනං ඕනේ තමන්ම ගෙවල. ඒ වගේ අසාධාරණ ගොඩයි. ඊට අමතරව කිසිම ගිවිසුමක් දෙන්නෙත් නැහැ. යුරෝපයේ නම් ගිවිසුම් දීලා කරන්නේ.

      Delete
  16. P - 3
    අපි කියන්නෙ 10% ය 25% ක් වත් වෙන්න ඕනැ කියල. ඒ වගේම අපි කියන්නෙ print කරන හැම පොතකටම අනන්‍ය barcode එකක් සහ QR code එකක් තියෙන්න ඕනැ කියල.

    ReplyDelete
    Replies
    1. මේ ගැන අජිත් මහත්මයාගෙ අදහස කුමක්ද ?

      Delete
    2. ලේඛකයන්ට ඕක ඩිමාන්ඩ් කරන්න බැහැ . හේතුව පොත් බෙදා හරින්න විකුනන්න ක්‍රමයක් නැති කම. යුරෝපයේ පොත් දාහට වඩා ගහන නිසා පොඩි හොඳක් තියනවා. ලේකහකයෝ එකතුවෙලා තමන් පබ්ලිෂ් කරලා තමන් විකුණගන්න සංගමයක් හදා ගන්න ඕනේ

      Delete
  17. හ්ම් අර ඇනෝලත් එක්ක කරපු සංවාදයෙන්, බ්ලොග් සහ සම්මාන ගැන නොදන්න කරුණු සෑහෙන්න දැණගත්තා.

    මෙන්න පෝලන්ත පෙම්වතියක් ගැන කතාවක්:
    https://www.youtube.com/watch?v=faAeEkThXTQ

    ReplyDelete
    Replies
    1. ඒක amuthui. පෙම්වතිය ගැන කියනවට වඩා කක්කුට්ට ගේ ගමන් ගැන කිව්වා වගේ. පෝලන්ත පෙම්වතියො දෙකක් නැහැ කියන දේ කරනවා. තමුසේ මම කියන විධිහට ඉන්නේ නැත්නම් මම යනව කියල කිවොත් යනවම තමයි. යාලු වුනා නම් බඳින්න ඕනේ සීන් එකක් තියනව. වැඩි හරියක් කතෝලික නිසා.

      Delete
    2. මේ ඕයි අජිත් (මෙහෙම කියන්නෙ fun එකට. අපහාසෙට නෙමෙයි. තමුසෙත් අපිට එහෙම කතා කරනව) අර ඉස්සර ලංකාවෙන් රුසියාවට ඉගෙනගන්න ගිය පිරිමි ලමයි දෙන්නෙක්ට රුසියාවෙ පිරිමියෙක් ගෙදර sauna එකේදි enjoy කරන්න wife එව්ව කියල තමුසෙ ලිව්ව කතාව ඇත්තක්ද ?

      Delete
    3. ඒක ඇත්ත ඕයි. මේකේ තියනව කතාව. https://kolambagamaya.blogspot.com/2018/03/1.html

      Delete
    4. උන් දෙන්නගේ කසාදෙ තවම තියනව.

      Delete
    5. බොහොම ස්තුතියි !

      Delete
    6. ලූදා යනුවෙන් ඔබ හඳුන්වනුයේ ලුද්මිලා වියයුතුය. අප මතකය නිවැරදිනම් ලූදා යනු තරමක් කැරලිගැසුනු රන්වන් පැහැ කෙස්වැටියකින් සහ පිරුණු රවුම් මුහුණකින් යුතු සුන්දර තරුණිය වියයුතුය (එකල්හි). ඇය ගිටාර් වාදනයේ අති සමතියකි.
      - බ්ලොග්වලින් ෆන් ගන්නා ඇනෝවරු

      Delete
    7. එයා තමා. එයා ගැන ලියන්න ඕනේ කියලත් හිතුන

      Delete
    8. ලියන්න

      Delete
    9. //එයා තමා. එයා ගැන ලියන්න ඕනේ කියලත් හිතුන//
      ආන්න ජංසන්, ලියමුකො. පරණ පෝස්ට් එකක, තිබුනා එයා ගිටාර් එකක් අරගෙන සිංදු කියන පිංතූරයක්. ඒකෙ හැටියට ලස්සන රුසියන් තරුණියක්.

      Delete
    10. මේකනේ බසු ලියන්න පුළුවන්. ඊට පස්සේ කවුරුහරි ඕක උස්සනවා. මටත් මේ වගේම අත්දැකීමක් තිබ්බ කියල ලියල ඒ කතාවම ඔර්වෙලියන් මැකියාවෙලියන් කරලා ගෘප් වල දාල කැරකෙව්වම මම අවුල් වෙන එක විතරයි වෙන්නේ. නැත්නම් ඊටත් දුර යයි. අර මතකයන චකබ්ලාස්

      Delete
    11. මට මතකයි, කාලයක් එලකිරියෙ හිටිය ශුද්ධෝදන කස්ටියක්, බ්ලොග් වලින් කතා උස්සපු. බුරාල පරිවර්තනය කරපු "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" පොත අච්චු ගහලම වික්කා. හොරුන්ව නවත්තන්න බෑ. ඒත්, ඒ නිසා අපට කියවන්න ලැබෙන අවස්තාව අහිමි වෙන එකටයි කණගාටුව.

      ඵල ඇති ගහට තමයි, වවුලො වහන්නෙ. මේ අපි ඉන්නවා, උස්සලා බුකියෙ දාපල්ලකො, අපේ කතාත්. මොන?

      Delete
    12. බුරාගෙ සීන් එක මම දන්නවා. හරිම කණගාටුදායකයි. මේකයි අනිත් ලියන ඒවා උස්සල වෙනස් කළාට කමක් නැහැ. සමහර මතකයන් එහෙම දේවල් නෙමේ. මම දැන් මේ ලියපු කතාවත් කෙටි කතාවක් විධිහට ලියන්න. නමුත් පස්සේ හිතුන මගේ නම දාලම ලියන්න. මමනේ දන්නේ ඇත්තට වෙච්ච දේ. අනිත් අය කර න්නේ ලංකාවේ ගොසිප් පත්තර වගේ ලුණු ඇඹුල දාල ලියන එක.

      Delete
  18. ආවා ආවා IMF 17 ආවා

    ReplyDelete
    Replies
    1. ඔබතුමන් ලාට ජය වේවා

      Delete
  19. අජිත් අයියා පෝස්ට් එකෙන් පිට දෙයක් තියෙනවා ඔබෙන් අහන්න, මේ නිව්ස් එක දැක්කේ නැද්ද?

    //ශ්‍රී ලංකා රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් තවත් ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්ථික විද්‍යාඥයකු ලෙස පත් කර ඇති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවේදී පැවසුවේ.

    එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනක් පමණවනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

    එම මුදලෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර, බිත්තර, කුකුල්, ගව සහ එළු මස්, තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුං, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.//

    අයිඑම්එෆ් බේල්අවුට් ප්‍රෝග්‍රෑම් එකට යන බව මුදල් ඇමති සහ ජනාධිපති රනිල් මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් නිල වශයෙන් කියල තියෙනවා. ඒකත් එක්ක දාල තියෙන කොන්දේසි මොනවද කියල තාම ප්‍රසිද්ධ කරල නැහැ නේද?

    මේ යටතේ ඉතාමත් දැඩි ඇප කොන්දේසි තියෙන බව පැහැදිලියි. මේව රනිල්ට හෝ නන්දලාල්ට විතරක් පුද්ගලිකව බලපාන ඒව විතරක් නොවන නිසා මිලියන 23 ජනතාවගේ ජීවිතේ ඒවා මත පදනම්වන නිසා ඒව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගෙ වගකීමයි. නමුත් ඔවුන්ට කිසිම වගවීමක් නැති නිසා ඒව ප්‍රසිද්ධ කරන එකක් නැහැ. බැරිම තැන කරන්න වුණත් ඒකත් පුළුවන් තරම් පමා කරයි. බොහෝ දුරට රහසක් තමයි.

    අඩුම තරමින් මේ වගේ එකගතාවයකට එන්න කලින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත වෙන්න ඔ්න. නමුත් එහෙම එකක් වෙලා නැහැ. හුදෙක් කාමර කුමණ්ත්‍රණ හරහා වෙච්ච බවක් පේන්නෙ. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනව කිව්වට ප්‍රායෝගිකව ගත්තහම එහෙම එකක් තියෙන බවක් පේන්න නෑ. ඒගොල්ල නිකං පුටු රත් කර කර ඉන්නවා.

    මොකද ඉදිරියට අඩුම තරමින් අවම අවුරුදු 4ක් පහක් වත් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය පමණක් නොව සෑහෙන දුරකට ආර්ථික ප්‍රතිපත්තියත් තීන්දු කරන බලයයි මේකත් එක්ක අයිඑම්එෆ් එකට යන්නෙ. නමුත් ඒකට කිසිදු මහජන නියෝජිතයකුට අදහසක් දක්වන්න හෝ තින්දු ගැනීමෙදි දායක වෙන්න හැකියාවක් නෑ.

    තොරතුරු දැන ගැනීමෙ පනත කියල මෙලෝ රසක් නැති ප්‍රෝඩාවක් තිබ්බට ඒකෙන් මේවගේ ඒව කිසිම දෙයක් ජනතාවට දැඩිව බලපෑමක් ඇති කිසිම දෙයක් ගැන හොයල බලන්න අවශ්‍ය නීතී ආවරණය වෙන්නෙ නැහැ. කපටි රනිල් ඒව ගානට ආවරණය කරල තියෙනවා නේද?

    අයිඑම්එෆ් එකත් මුල්‍ය විනිවිදභාවය ගැන ආදිය නිතර බොරුවට මයික් ඉස්සරහා කතා කරත් ඒගොල්ලන්ටත් මේක ප්‍රසිද්ධ කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ මං හිතන්නෙ. කොලේ වහලා ගහලා තනිකරම රැවටිල්ලක් කරනවා නේද? ඒ ආයතනයට විරුද්ධව අපට කටයුතු කරන්නබැරිද?

    මහ බැංකුව 'තවත්' ස්වාධීන කරන්න කියන අයිඑම්එෆ් කොන්දේසිය ප්‍රශ්නකාරී වෙන්නෙ මේ වගේ පසුබිමක.

    මොකද දැනටත් තියෙන්නෙ කිසිම විදිහකින් වගවීමක් නැති තත්වයක්. නන්දලාල් වීරසිංහ ඔහුගෙ ටර්ම් එකෙන් පස්සෙ රිටයර් වෙලා ඔසී යයි. රනිලුත් රිටයර් වෙයි කවද හරි. නමුත් ඔවුන්ගෙ තීන්දුවල (ඇත්තටම ඔවුන්ගෙ තීන්දුත් නොවේ මේව. ඔවුන් ඔ්වර් පේඩ් මාධ්‍ය ප්‍රකාශකයන් පමණයි නේ අයි එම් එෆ් එකෙන් තීරණය කරපු ඒවායේ) ප්‍රතිවිපාක දශක ගාණක් තිස්සෙ විදින්ඩ සිදු වෙනවා මිලියන 23 වන සමස්ත ජනතාවටම.

    අවාසනාවකට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන සජබ, මාලිමාව හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය වැනි විපක්ෂයෙ පක්ෂත් මේ කාරණයෙදි නිහඩයි. තරමක් දුරට හරි කතා කරන්නේ මෝඩයෝ කියලා සැලකෙන මංගොන්පිලයා සහ බූරුවංස වගේ ගෝතයින් විතරයි නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. First, an ambitious revenue-based fiscal consolidation, which is accompanied by stronger social safety nets, fiscal institutional reforms, and cost recovery-based energy pricing to ensure the state's ability to support all its essential expenditures.

      Second, restoration of public debt sustainability including through a debt restructuring to ensure stable financing of the Government's operations.

      Third, a multi-pronged strategy to restore price stability and rebuild reserves under great exchange rate flexibility in order to alleviate the burden of inflation, particularly on the poor. And to foster an environment of investment and growth, and to ensure Sri Lanka's ability to purchase essential goods from abroad.

      Fourth, policies to safeguard financial sector stability, to ensure that the financial sector can play its key role in supporting economic growth.

      And fifth, structural reforms to address corruption vulnerabilities and enhanced growth. Commendably, Sri Lanka has already started implementing these challenging policy actions. It is now essential to continue to reform momentum under strong ownership by the authorities and the Sri Lankan people more broadly.

      Delete
    2. https://www.imf.org/en/News/Articles/2023/03/21/tr032123-transcript-of-sri-lanka-press-briefing

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. උදාහරණ: cost recovery-based energy pricing to ensure the state's ability to support all its essential expenditures. - CEB එක ප්‍රතිව්‍යුහගත කිරීම, හව්ටැහැ කොටස් 5 කට කඩා කොටස් 3-4ක් පෞද්ගලික කොම්පැනි වලට භාර දීම

      Delete
  20. ඕයි අජිත් කට්ටියක් කල්‍යාණය මේ දවස්වල ලියන කතාවෙ 9 වෙනි episode එකේ comments වලදි විචාරකගෙ රෙදි ගලවල. අපිව අල්ලගන්න එපා. Kalahitha blogpost වලට ගිහින් බලනව. බලන් ගියාම විචාරක මැරිලත් ඇරියස් ඉවර නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ඕයි මේක ලියල තියෙන්න කවුද කියල දන්නෙත් නැහැ. අනික මම මේ මගේ පාඩුවේ මොකක් හරි ලියාගෙන ඉන්නවා විතරයි. ඕවට පැටලෙන්න කැමති නැහැ . life is good as it is

      Delete
    2. ඕයි අජිත්, ඔය වැඩේට අපි සම්බන්ධ නෑ. නමුත් විචාරක බොරු කයිවාරුකාරයෙක් බවට වන අපේ ස්ථාවරයෙ වෙනසකුත් නෑ.

      Delete
    3. මේ ලෝකය හැර ගිය අයෙකු ගැන කතා කරලා හෝ අපහාස කිරීමේ ඇති වැඩක් තියෙනවද කාටවත්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .