Friday 5 July 2024

අසාමාන්‍ය ජර්මන් ගමන

අපි මේ පහු ගියදා ජර්මනියට ගියේ මගේ නෑනා ගේ , ඉනෙස් ගේ නංගි ගේ උපන්දිනය තිබ්බ පාටියට. එයා ජිවත් වෙන්නේ කර්ස්ඩොෆ් කියන ගමේ. ඒක තියෙන්න තුරින්ගියා කියන ප්‍රාන්ත රාජ්‍යයයේ.

අපි ගිය දවසේ කවදාවත් වුනේ නැති ප්‍රශ්නයක් ආව. ලන්ඩන් ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගියහම දැන ගත්ත අපේ ෆ්ලයිට් එක කැන්සල් කරලා කියල. එයාල ඊමේල් එකක් එවල තියනව පැය දෙකකට විතර කලින්. බඩු එහෙම ලැහැස්ති කරන කලබලේට ඉනෙස් ඊමේල් බලල නැහැ/ ඒත් ඉට කලින් දවාසේ ඔන්ලයින් චෙකින් වෙලා තිබුනේ. බෝඩින් පාස් හතරත් අපිම ප්‍රින්ට් කර ගෙන තිබුනේ. ඉතින් කවුද හිතන්නේ කැන්සල් කරයි කියල.

අපි ගියා රිසර්වේෂන් ඩෙස්ක් එකට. එතන ඉන්න රයන් එයාර් සේවිකාව මූණ ඇඹුල කරගෙන හිටියේ. අප‍ට කිසිම දවසක් දෙන්න කැමති නැහැ. දවස් පහකට පස්සේ , අපේ නිවාඩුව ඉවර වෙන දවසේ ටිකට් දෙන්න හැදුව. අපි විරුද්ධ වුනා. අපේ වරදක් නොවන නිසා. අන්තිමට අපට එදා රෑ ෆ්ලයිට් එකකට ස්ටෑන්ඩ් බයි ටිකට් හතරක් දුන්න. ඒ කියන්නේ සීට් නැහැ. තිබ්බොත් යන්න පුළුවන්. අපි ප්‍රයෝරිටි සීට් හෙවත් මුලින්ම දෙන සීට් වැඩිපුර ගෙවල බුක් කරලා තිබ්බේ. මුන් ඒක ගණන් ගත්තේ වත් නැහැ.

බර්ලින් වලට යන ෆ්ලයිට් එකක් තිබිල අපි ගියා ඒකෙ යන්න. අපට යන්න ඕනේ නියුරන්බර්ග් වලට. නමුත් අපි හිතුව කොහෙට හරි ගිහින් එතන ඉඳන් දුම්රියේ යනවා කියල ඉතින් බර්ලින් ෆ්ලයිට් එකේ බෝඩින් කරන තැනට ගියහම කීව ස්ටෑන්ඩ් බයි ටිකට් දීල තියෙන්නේ නියුරන්බර්ග් වලට විතරයි කියල. මොනවා කරන්නද ආපහු එන්න බැහැ එතන ඉඳන්. මොකද ෆ්ලයිට් එකකට යන්න විතරනේ පුළුවන්. පස්සේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකෙන් වේනම් කෙනෙක් එව්වා ආපහු අපව ලෝන්ජ් එකට ගිහින් දාන්න. අන්තිමට රෑ අන්තිම ෆ්ලයිට් එක වෙනකන් හිටිය. පෝලිමේ අන්තිමට ඒකෙ සීට් හතරක් ලැබුන. රෑ එකොළහ පහුවෙලා. ඔය පින්තුරේ තියෙන්නේ බෝඩින් කරනවා කියල (බෝඩින් පාස් චෙක් එක) ඉලෙක්ට්‍රොනික් බෝර්ඩ් එකේ වැටුනට එතන කවුරුත් නැති හැටි. ඕක තමා අද එංගලන්තේ තත්වේ.


කොහොම හරි අපි නියුරන්බර්ග් යනකොට රැ දොළහ පහුවෙලා. මාමණ්ඩිය ඇවිත් හිටිය අපිව් අඑක්ක යන්න. දුවල දෙන්න කියන්න ඕපා ගේ ටැක්සි සර්විස් එක කියල. ඕපා කියන්නේ සීයාට කියන ජර්මන් වචනය. එතනින් ඉනෙස් ගේ අම්මල ඉන්න ගෙදරට ඒ කියන්නේ කෝබර්ග් නගරයට යනකොට රෑ දෙකහමාරයි.

ඉතින් පහුවද කර්ස්දොෆ් ගිහින් කැතරින් ගේ පවුලත් හමුවෙලා එතැනින් පාටි එක තියෙන දිස්බාහ් කියන පොඩි ගමට ගියා. මේ එතැන හොටෙල් එකේ මම සුරුට්ටුවක් පත්තු කරගෙන ජර්මන් බියර් එකක් රස විඳින හැටි තමා. ඇති යන්තන්. ඒ අහල පහල පරිසරය ලස්සනයි. පාටිය ඉවර වෙනකොට උදේ තුනට විතර ඇති. මෙහෙ පාටි වලට එන්න කීවම හැමෝම වගේ හොටෙල් කාමරයක් බුක් කරනවා රෑට නිදා ගන්න. කවුරුත් බීල ඩ්‍රයිව් කරන්නේ නැහැ. නොබී හිටිය නෑදෑ ළමයි දෙන්නෙක් ළඟ ළඟ හොටෙල් සහ ගෙවල් වලට කට්ටිය අරන් ගියා.










ජර්මන් කෑම වලට මම සාමාන්‍යයෙන් කැමතියි. රුසියන් කෑම වලට පුරුදු නිසා වෙන්න ඕනේ. ඔය අයිනේ තියීන ,මස් එක අමුයි. ඒක ළුණු සහ නොයෙකුත් ස්පයිසස්ස් දාල හදපු එකක්. හුඟක් අලුත් මස් එකක් එදා හදල එදාම කන්න ඕනේ. මම නම් ඒක කන්න කැමති නැති නිසා කෑවේ නැහැ.

ඉතින් අපි පහුවදා කැතරින් ගේ ගෙදර ගිහින් එනකොට පයින් ආව කිලෝමීටර් හතරක් විතර. මොකද එයාලට පෙන්වනං ඕනේ වුන සුවිශේෂී පාරක්.

මිනිස්සු දත්තවලට සාමාන්‍යයෙන් කැමතියි. ජර්මන් වරු අසාමාන්‍ය විධිහට කැමතියි. ගොඩක් තැන්වල එහෙම දත්ත තියෙන එක සාමාන්‍ය දෙයක්. මේක ජර්මනියේ බෑවුම වැඩිම මාර්ගය කියල තමා කියන්නේ. ඩීස්බාහ් වල අපි දැන් සිටින තැන. එහි බෑවුම 25% පමණ වෙනව කියල ලියල තියනවා. මේ මාර්ගය ඉවර වෙන කොටම ගමේ පහළට යන්න තියෙන පාරත් තියුණු බෑවුමක් තියන එකක්. එය ගම්මානයක ඇති එවැනි වැඩිම බෑවුමක් ඇති පාර කියලත් ලියල තියනවා. එහි බෑවුම 23% ක්ලු. ශීතකාලයේදී හිම වැටෙන නිසා මේ පාරවල් දෙකේම යන්න බැහැ සාමාන්‍ය ටයර් වලින්. යන්න ඕනේ ටයර් වලට දම්වැල් බැඳගෙන. නැත්නම් යුධ ටැංකියක තමා යන්න වෙන්නේ. ලුණුගල , පොලිසිය ඉස්සරහ සුදු වැලි පාරක් තිබ්බ. ඒකෙත් සෑහෙන බෑවුමක් තියනව මට මතකයි. එතකොට එංගලන්තයේ කොන්වොල් පැත්තේ එහෙම පාරක් තිබෙනවා. නමුත් ඒවායේ බෑවුම කොපමණද කියන්න දන්නේ නැහැ.










ඒ පැත්තේ තව පින්තූර ටිකක්.



 

මේ විදුලි කුලුන  ළඟ පොඩි ගෙයක් හදල තියෙන්නේ වැඩ කරන්න එන අයට වැස්සක් , හිම කුණාටුවක් ආවොත් හෙම නතර වෙන්නලු. 



මේකේ ඉතිරි කොටස ලබාන සතියට දාන්නම් .

05/07/2024

43 comments:

  1. මං ඉන්න හරියට සෑහෙන්න කිට්ටුයි. මං ඉන්න තැනට පැය දෙකක විතර දුර. මේ දවස් වල ටිකක් කරදරයි මට. නැත්තන් ඇවිල්ලා ඔබතුමාව හම්බ වෙන්න තිබ්බා. අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ශා , ඔබතුමා කොහෙද නියුරෙන්බර්ග් පැත්තේද එර්ෆර්ට් පැත්තේද ඉන්නේ. ඊළඟ සැරේ හම්බ වෙමු

      Delete
    2. එයෆූර්ට් පැත්තට ලඟයි. යේනා (Jena) කියලා නඟරෙක ඉන්නේ.

      Delete
    3. යේනා වල කතරින් ගේ නෑදෑයෙක් වැඩ කළා.හොඳ යුනි එකක් හෙම තියනවා. ගොඩක් පැරණි නගරයක් නේ ඉස්සර නැගෙන හිරජර්මනිය

      Delete
    4. ඔව් ඔව්. යුනි එක නිසා ගොඩක් විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහෙම මෙහේ ඉන්නවා. ලංකාවෙනුත් තුන් හතරදෙනෙක්ම මෙහේදි මට හම්බ වෙලා තියෙනවා. සමහරු උපාධි කරනවා. සමහරු නම් මාස්ටර්ස්. නඟරෙත් සෑහෙන්න හොදයි. පෞරාණිකයි කිව්වාට එක සැරේ එහෙම පේන් නෑ. ටිකක් ඇවිදිනකොට නම් පේනවා සමහර බිල්ඩින් එහෙම සෑහෙන පරණයි කියලා.

      Delete
    5. නමවෙනි ශත වර්ෂයේ ඉඳන් පැවත එන නගරයක් දෙවන ලෝක යුද්දෙදි බ්‍රිතාන්‍ය බෝම වලින් ෆ්ලැට් වුන නිසා සමහර දේ පෞරාණික නැහැ. කතරින් ගේ ඉස්සරහ ගෙදර ඉන්නව ශිලර් යුනිවර්සිටි කේ මහාචාර්ය කෙනෙක්. ඔයට තේරෙනවද ටිකක් නැගෙනහිර ජර්මන් කාලේ ගෙවල් දිහා හෙම බැලුවහම ඔය දොන් සුපුස් ල කියනව වගේ බඩගින්නේ දුප්පත් කමින් හිටපු ජාතියක් කියල. ඒ කාලේ බටහිර ජර්මනියට වඩා දුප්පත්. දරුණු පාලන ක්‍රමයක්. නමුත් කෑම බිම හෙම ලාබයි ඒ කාලේ වුනත්. සමහර අයට තවම පරණ නොස්ටල්ගියාව තියනව

      Delete
    6. ඔව් ඔව්. සමහර බිල්ඩින්ග් වල ගහලාම තියෙනවා මුලින්ම හදපු අවුරුද්දයි නැවත හදපු අවුරුද්දයි කියලා අවුරුදු දෙකම. නැවත හදපු අවුරුද්ද ගොඩක් වෙලාවට 1950න් මෙහා. ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධෙන් විනාස වෙච්ච බිල්ඩින්. මුළු යේනා නගරේ පුරාම තියෙන්නේ යේනා කැම්පස් එකේ එක එක බිල්ඩින්ග්ස් තමා. මේක තනිකරම යුනිවර්සිටි නගරයක්.

      මම පස්සේ දවසක මම ඉන්න හරියේ තියෙන පරණ බිල්ඩින් වල ෆොටෝස් ටිකක් ඔබ තුමාට එවන්නම්. සමහර කෑලි තාම ඉතුරුයි අර මධ්‍යතනික යුගයේ ගොඩනැගිලි වල.

      අපි දෙන්නාගේ සාකඡාවට සම්පූර්නෙන් අදාල නොවුනත් මේ පෝස්ට් එකට වැටිලා තියෙන එක කොමෙන්ට් එකක පැත්තටත් යමක් කියන්නම්. ඔබතුමා කියන විදියට නොස්ටෑල්ජික් ගතිය තියෙන අයත් තාම ඉන්නවා. හැබැ‍යි ගොඩක් අය දැන් ජාතිවාදි තමා. සමහර වෙලාවට දොස්තර කෙනෙක්ට පෙන්නන්න එපොයින්ට්මන්ට් එකක් ගන්න බෑ. දෙවෙනි ලෝක යුද්ධෙට කලින් තිබ්බ යුදෙව් විරෝධි ගති නව මුහුණුවරකින් ආයි මෙහේ තියෙනවා. කොටින්ම එක පාරක් මෙහේ කඩේකින් මං බනිස් ගෙඩියක් ගන්න ගියාම මට ඒක විකුණන්න බෑ කිව්වා. එච්චර හොදයි මෙහේ කස්ටිය.

      Delete
    7. මම නොස්ටල්ජියාව කීවේ පරණ නැගෙනහිර ජර්මනියට ඇති කැමත්ත. ඒක සමාජවාදී. හැබැයි උන් ජාතිවාදී නැහැ. මගේ වයිෆ් අහනව ඔයා ජර්මන් භාෂාවෙන් ද කතා කලේ කියල. ඔය ඉල්ලුව විධිහ අනුව ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. සමාවෙන්න මෙහෙම ඇහුවට. ඔයා කෙලින්ම ලංකාවෙන් ජර්මනියටද ආවේ? මම එංගලන්තයට ආපු මුල් කාලේ ප්ලීස් කියන්නේ නැහැ. අගට. එක පාරක් පොඩි කඩයක් ඉන්දියන් කාරයෙක් මම ඉල්ලපු දේ දුන්නේ නැහැ. මම කිවේ ගිව් මී ගිව් දිස් චොකලට් වගේ එකක්. පොර මට ඊට පස්සේ කීව ඉගෙන ගනින් ප්ලීස් කියන්න. ඊට පස්සේ තෑන්ක් යූ කියන්න. මේක වුනේ 1985 හෝ 87 දී. හොඳ පාඩම. ඔයා බනිස් එක ඉල්ලලා අගට බිට (ඒ කියන්නේ ප්ලීස් ) කියල කීවේ නැත්නම් නොලැබෙන්න ඉඩ තියනව, ඕක ප්‍රංශයේ උනත් එහමයි. ඒ ගොල්ල හිතන්නේ ඔයා රූඩ් කියල. අපේ භාෂාවේ ඒ වචන නැහැ. අපි ඉල්ලන විධිහ අනුව තර්ජනයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ප්ලීස් කියන්න බැගෑපත් වීමක් නෙමෙයි. ලංකාවේ සමහරු මාත් එක්ක වාද කරල් තියනව ඒක බැගෑපත් වීමක් කියල. නැහැ ඒක හොඳ ගුණාංගයක්

      Delete
    8. මේකේ දෙවෙනි කොටසට කියන්න තියෙන්නේ මම 1995 ඉඳන් ජර්මනියට යනව. බෙන්හවුසන් කියන ඉනෙස් ගේ පියාගේ ගමේ මම විතරයි දුමුරු පට කෙනෙකුට හිටියේ. පරණ නැගෙන හිර ජර්මනිය. යෙනා වලට පය එකහමාරක් විතර. එතකොට බටහිර ජර්මනියේ කොබර්ග් නගරයේ ඉනෙස් ගේ අම්මල ඉන්න ත්නත් මම විතරයි ඒ කාලේ දුඹුරු පාට එකෙකුට හිටියේ. කවදාවත් මුකුත් වෙලා නැහැ. හැබැයි අවුරුදු දෙකකට කලින් පූල් එකට ගියහම කෙල්ලෝ , ගෑනු ටික අයින් වුනා. කවදාවත් එහෙම දේ වෙලා නැහැ. හොයල බලන කොට දැන ගන්න ලැබුන අර මර්කල් මිලියන් එකක් අනාථයෝ ගත්ත නේ. සිරියන්, ඉරාක , සෝමාලි , ඇෆ්ගන් හෙන තොගයක් ආව. උන්ට යන්තම් ඇඳ ගත්ත ගැනියෙක් පේන්න බහ. ඒ වගේම පූල් වල ගොඩක් සෙක්ෂුවල් ඇබ්යුස් වෙලා. තන අල්ලන ඒවා.පස්සට ගහන ඒවා, රේප් , පිරිමි ළමයෙක් පවා කොබර්ග් වල රේප් කරලා. පොලිසියෙන් ආණ්ඩුවේ නියමයට අනුව පත්තර වලට දෙන්නේ නැහැ. ඔයිට කලින් තුර්කි ජාතිය ලක්ෂ තුනා හතරක් ජර්මනියේ ජිවත් වුනා. වෙනවා. කවදාවත් ප්‍රශ්න ඇති වෙලා නැහැ. දැන් මිනිස්සු එජ් එකේ ඉන්නේ. ඕක පිපිරෙන්න් පුළුවන්. නැගෙනහිර ජර්මනියේ ලිප්සිග් වල හෙම නාසි වාදයත් තරමක් දුරට තියනව, ජොබ් නැති නිසා. ඔය දේශපාලන අනාථයෝ ගෙන්නනවනම් කිසියම් අධ්‍යාපනයක් දෙන්න ඕනේ සමාජය ගැන. අනික නැගෙනහිර ජර්මනිය කියන්නේ ෆ්‍රී බොඩි කල්චර් එක සහ නචුරලිස්ම් තිබ්බ රටක් සෝවියට් දේශයේ තිබ්බට හොරෙන් තිබ්බේ. ජර්මනියේ, හංගේරි, ප්‍රංශය වගේ රටවල් එලි පිට. ඉතින් ඒවාට තර්ජන එනකොට ඒ මිනිස්සු කැමති නැහැ.

      Delete
    9. තුන්වෙනියට දොස්තර අපොයින්ට්මන්ට්ස් - ඒකනම් ජාතිවාදය නිසා වෙන්න බැහැ . මෙහත් එහමයි. නිදහස් සෞඛ්‍ය සේවය වැටෙන මට්ටමට තියෙන්නේ මෙහෙ. ලෙහෙසියෙන් අපටවත් ගන්න බැහැ මෙහෙ. මම යන්නේ ප්‍රයිවෙට්. කමනි ඉන්ෂුරන්ස් එකක් තියෙන නිසා. ලංකාවේ හොඳයි ඇත්තටම ඒ පැත්තෙන්. ඒකත් වෙලා තියෙන්නේ ඉමිග්රේෂන් වැඩිවීම නිසා. දොස්තරලා මදි. .

      Delete
  2. අපූරුයි අජිත් මහත්තයෝ.
    ඔයාගේ post එක කියවන අතරේ ඒක බාගෙට නවත්තලා මගේ 'ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල....' post එකට තව කමෙන්ට් එකක් ලිව්වා. ඔයා කියා තිබුණු කරුණකින් උත්තේජනය වෙලා. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා. බීල වාහන එලවිල්ල අඩුයි හැබැයි අපේ ලංකාවේ අලුවෝ - මෙහෙ ඉන්න සමහරුත්.- බීලා එලවන එක හෙන ලොකු දෙයක් කියල හිතන් ඉන්නේ. පිරිමි කම පෙන්වන්න හොම්බ රිවට් වෙන්න දෙදෙන්න බැරි නිසා සද්ද නැතිව ඉන්නව.

      Delete
  3. If this happened in Sri Lankan Air, there would be much to blame (Including politics). Even you can post it on Social Media. And you can become a social media Hero

    ReplyDelete
    Replies
    1. Sri Lankan Air also not that good. There were service issues and tickets were given to friends and family etc. But they always support do customers with free meals, accomodation etc. Ryan air did notting saying it's not their fault.

      Delete
  4. අගෙයි.
    එංගලන්තෙ ඔහොම ප්ලයිට් කැන්සල් උනාට මේ ලංකාවෙනං ඒව කවදාවත් වෙන්නැති වැඩ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද? ජැෆ්නා ෆ්ලයිට් එකද, රත්මලානෙන් යන ඒවාද

      Delete
    2. කොළම්බු ටු ගොඩකවෙල එකනං කවදාවත් කැන්සල් වෙලා නෑ මේ වෙනකල්. හැක්..

      Delete
    3. කම්පෙටිෂන් එක තියන තැන කැන්සල් වෙන්නේ නැහැ. ආන්නේකයි

      Delete
  5. ඩුබායි එයාලයින් එකේ ඔයවගේ දෙයක් මට උනා , ලංකාවෙන් ප්ලයිට් එක ඩි ලේ උන නිසා ඩුබායි වල ඉදලා යන ප්ලයිට් එක ගිහිල්ල, මම ඩුබායි එයාපෝට් එකට එනකොට, පස්සේ බොහොම අමාරුවෙන් කියල එදාම වෙන ප්ලයිට් එකක ටිකට් එකක් දුන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කියල හරි හදා ගත්ත එක ලොකු දෙයක්. අපිට ස්ටෑන්ඩ් යි දුන්නෙත් ඉනෙස් ටිකක් තදින් කතා කරපු නිසා. නැත්නම් අත අරිනවා. මොන මගුලක් වෙළද මන්ද, කස්ටමර් සර්විස් කියන එක නැති වේගන යන්නේ

      Delete
  6. I too live in UK, just wondering what brand of cigars you smoke and where to get them- I am looking for an affordable brand that I can buy locally

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොඩි ටිප් එකක් දෙන්නම්. ඔය තුර්කි සහආසියානු කඩවලින් ශේප් එකේ ඇහුවොත් යුරෝපෙන් හොරෙන් ගේන ඒවා අඩුගානට විකුනනවා. ම ඩේ ට්‍රිප් එකකට බෙල්ජියම් හරි ෆ්‍රාන්ස් හරි යන්න. වයින්, සිගාර්ස් අරගෙන එන්න

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හොඳයි. උන්න හැටියට මලා මඳැයි.😋
    තේරුම ඩිසයිෆර් කරගන්න අමාරුම නං අහන්න.😁

    ReplyDelete
    Replies
    1. හේ හේ , බ්‍රයන් ගේ කතාව කියන්නේ නැතිව අහවල එක ලීවද කියල අහන අලුත්ම විධිහ

      Delete
    2. තේරුං ගත්ත විදිහ නරකම නෑ . 😁
      කලින් ලිපියට වඩා හොඳයි, ඒත් බලන් ඉන්නෙ බ්‍රයන් ගේ කතාව එනකං. දන්නෙ නැති වුනත්, ඒ කතාව හොඳ වේවි කියල මොකක්දෝ හැඟීමක් තියනවා.

      මේකෙ පිංතූර එක්කම විස්තරේ ලියල තියෙන විදිහ හොඳයි. 👌💐

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  9. ඇත්තටම ඒක අපූරු සටහනක් අයියෙ.
    ජයවේවා

    ReplyDelete
  10. Replies
    1. ස්තූතියි අනුරුද්ධ

      Delete
  11. කෑමවල පොටෝ ටිකනම්... පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. ඒකනේ . මම ජර්මනියේ කෑම වලට කැමැතියි

      Delete
  12. අජිත් Steak tartare කාල තියනවද? හොඳයිද?

    ReplyDelete
    Replies
    1. ඒ ඕකමනේ , අර පින්තූරේ රවුමට තියෙන්නේ. අන්තිම එක මස් වටේ මැද ළුනු , Steak tartare එකේ බිත්තරයක් තියනව බැදපු

      Delete
  13. Jagath Pathirana8 July 2024 at 17:14

    වාර්ගික ජර්මනුවෝ කන කොලවර්ග මොනවද?

    ReplyDelete
    Replies
    1. තණකොළ කනවද දන්නේ නැහැ.😀 වාර්ගික නම්. ගෝව නම් ජර්මන් වරු වැඩිපුර කනවා , බ්‍රොකොලි කොළ වර්ගයක් නෙමේනේ නේද , වදිපුරා මස් කන ජාතියක්

      Delete
    2. Jagath Pathirana9 July 2024 at 02:01

      ජර්මානුවා කියන්නේ ජර්මනිය කියන රටේ රටවැසිභාවය තියෙන කෙනාට.
      වාර්ගික ජර්මානුවා කියන්නේ ඒ රටේ ඉන්න සුද්දන්ට. වාර්ගික ඇල්බේනියානුවා කියලා වචනයන් අහලා ඇති නේද?

      Delete
    3. මම අහලා නැහැ. හෙන ජාතිවාදී කතාම තමා කියන්නේ . වාර්ගික කියන්නේ ජාතිවාදී යන අදහසින් කියල මට හිතුනේ

      Delete
  14. අන්න අර බස්සා දාපු එකෙන් දැක්කේ මේක ... ලස්සන පලාතක් නේ .. මම මෙහෙ ඔහොම බෑවුම තියෙන පාරක ගියා. හයියෙන් කාර් එකේ ගියොත් අර කාටුන් වගේ උඩින් යන්න පුළුවන් තරම් පල්ලමක් එක නම් ..

    එංගලන්තේ තත්වේ හොඳ නැහැ කියල එහෙ අය මෙහෙ එනවා

    ReplyDelete
    Replies
    1. එහෙම්ම ලොකු සීන් එකක් නැහැ. මෙහෙ ගෙවල් ගණන් වැඩියි. මෙහෙ පොඩි ගෙයක් විකුණුවොත් ඒ ගානට හොඳ කාමර හතරක පහක සමහර විට පූල් එක්ක ගෙයක් ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ නවසීලන්තයේ ගත හැකියි. සුද්දෝ ඒ නිසා යනවා ඒ රටවලට. මී ගාණට ආවට පස්සේ යන්නේ නැති වෙයි. හැබැයි ඔස්ට්‍රේලියාව සාපේක්ෂව හොඳයි කියල තමා මමත් හිතන්නේ. හරියටම දන්නේ නැහැ ඉතින්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .