Tuesday 9 July 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 2 - අළුත් රස්සාව



පළමුවන කොටස -අපේ අසල්වැසියා බ්‍රයන් - 1

පළමු කොටසින් මම අලුත් රැකියාවට යන බව කීවනේ DPS එකේ. ඊට කලින් කතාවක් මතක් වුනා. ඉනෙස් ඩෙල්ටා එයාලයින්  එකෙන් අයින් වෙලා වෙන රස්සාවකට ඇප්ලයි කළා. එයාටත් ඕන වුනා තොරතුරු තාක්ෂනය ( IT) පැත්තටම එන්න. ඒ දවස් වල තිබ්බ  සීගේට් කියන කොම්පැනි එක මතකද? අපි කම්පියුටර් වලට දාන හාඩ් ඩිස්ක්  හැදුව එක කම්පැනි එකක් තමා සීගේට් කියන්නේ.  මේ සමාගම තවම තියනවා. සීගේට් වලින් ඒ කාලේ ක්‍රිස්ටල් රිපොර්ට්ස් කියල මෘදුකාංගයකුත් වික්ක. ඒකෙන් කලේ දත්ත විශ්ලේෂණය (data analysis) කරන්න  උදව් කරන එක රිපෝට් මගින්.  රිපෝට් වලට දත්ත ගන්න මුලාශ්‍ර හෙවත් ඩේටාබේස් කිහිප ජාතියක් තිබ්බ. ඩිබේස් (dBase) කියන්නේ එකක්. මම ඕක දන්නා නිසා ඉනෙස් ට පොඩි ලෙසන් ටිකක් දුන්න. ජර්මන් කතා කරන ටෙක්සපෝර්ට්  (technical support - තාක්ෂණ සහය ) ජොබ්  එකකට- . එයාට රස්සාව ලැබුන. ඉතින් එයා කිව්වා මටත් ඒ ජොබ් එකටම ඇප්ලයි කරන්න. වේකන්සි ගොඩක් තියනව කියල. මම දැම්මා. ආවේ නැහැ.  

ඊට කලිනුත් රස්සා විස්සකට තිහකට දාලත් ආවේ නැති නිසා මම කීව සුදු අයගේ වර්ගවාදය  හෝ ජාතිවාදය නිසා තමා මට රස්සා ලැබෙන්නේ නැත්තේ කියල. ඔයාගේ කොණ්ඩේ රන්වන්, නිල ඇස් , සුදුයි , ලස්සනයි මම වගේ ද කියල.  ඉනෙස් ඔය කතාවට  විරුද්ද වුනා. ඉතින් මම කලේ මගේ සීවී CV  (ඕගොල්ල බයෝ ඩේටා කියන එකට) එකට එයාගේ නම දාල යැව්වා. හැරෙන තැපෑලෙන් ඉන්ටවිව් එන්න කියල ආව සීගේට් එකෙන් . (දැන්නම් සීගේට් වගේ කම්පැනි එකකට ඒ  වගේ දේ කරන්න බැහැ. නඩු යන්න පුළුවන්.)  

අපි ඔය  කතාව කීව අපේ කාර් රක්ෂණ නියෝජිතයාට. ඒ කාලේ දැන් වගේ ඔන්ලයින් ගිහින් රක්ෂණ දාන්න බැහැ  ලෙහෙසියෙන්. නියෝජිතයා ගෙදර ඇවිත් ෆෝම් පුරවල අපෙන් සල්ලි අරන් දාල දෙනවා. ඒකට  එයාට කොමිෂන් එකක් ලැබෙනවා. ඒ රස්සාව නම්  දැන් නැහැ. මිනිහ අයිරිෂ් ජාතිකයෙක්. එයා කිව්වා උඹේ නම පතරංග දිග වැඩි එකක්. පිස්සුද ඔහොම දාන්න. එංගලන්තේ ඔය විධිහට නම් දාන්නේ නැහැ කියලා. 

ඔන්න මම සීවී එකේ නම වෙනස් කළා. අජිත් ධර්ම කියල. ඔය දැන් තියෙන නම ආවේ එහෙම. (ඔන්න දැන් ටිපර් පාක් කරන්න එපා අපේ ඕස්ටේලියාවේ එහෙම නැහැ. අපේ දිග නමින් අපි වැඩ අකරන්නේ වගේ කියල. එහෙට ලකුණු ක්‍රමේට යනකොට ජොබ් හොයාගෙන ඔය අවුල එන්නේ නැහැ. අනික අනූවේ අග අපි දෙන්නම ඕස්ට්‍රේලියා වීසා දැම්ම ලකුණු ක්‍රමේට. දෙන්නටම් ආව. ඉනෙස් ගේ අම්මල කීව ආයේ යුරෝපෙට එන එකක් නැහැ. දුර වැඩි කියල. වැඩේ අත ඇරිය)

නම වෙනස් කලාට පස්සේ නම් ඔන්න  ඉන්ටවිව් හෝ ගාල එන්න ගත්ත. මට මතකයි ඉන් එකක මට මෘදුකාංග ටෙස්ට් එකක් දුන්න. C කියන භාෂාව වගේ මතක. මම 90% ස්කෝ කළා ඒකෙ. නමුත් ඉන්ටවීව් කරන එකා කීව දෙවෙනි ඉන්ටවිව් එකත් අදම තියනව. එයාට ෂුවර් නැහැ මම කතා කරන විධිහ කියල්ල. ඇක්සෙන්ට් එක වැඩියි. ඊළඟට ඉන්ටවිව් කරපු එවුන් තරුණ සුද්දෝ දෙන්නෙක්. මම කතා කරන කරන  තාලෙට උන් හිනා වුනා. මට හෙන ලැජ්ජයි. ඒ වගේම මල පැනලා. ජොබ ලැබුනේ නැහැ.

දැන්  ඇත්තටම ඒ වගේ දේවල් කරන්න දෙන්නේ නැහැ. ඒ අතින් සෑහෙන්න හොඳයි.  මගේ ලියපු ලෝ පැකේජ් එක ඉමිග්‍රේෂන් (ආගමන විගමන ෆෝම් දාපු) විකිණෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම වැටිලා ඉන්දෙද්දී තමා DPS එකේ  ඉන්ටවිව් එක ආවේ. ඒකෙ  ඔෆිස් එක එතකොට තිබුනේ සවුත්ගේට් කියන පැත්තේ. ලොකු තට්ටු තුනක ගෙයක් වගේ එකක්. යටම තට්ටුවේ තමා ඩේටබේස් තියෙන සර්වර් තිබුනේ.  ස්කොට් රිඩ්ලි තමා ඒකෙ ඔපරේෂන්ස්  ඩිරෙක්ටර්. එයා තමා මාව ඉන්ටවිව් කළේ සහ මම ලියපු ඉමිග්‍රේෂන් සිස්ටම්  එක ගැන ඇහුවේ. ඊට පස්සේ ප්‍රශ්න දෙක තුනක් අහල මිනිහට සැටිස් . එයා කීව මම නෙමේ කම්පැනි එකේ අයිතිකාරයා. ඔස්මන් කියල කෙනෙක්. ඉන්න මම එයාට කියල එන්නම් කියල. පැය භාගෙකට විතර පස්සේ ඔස්මන් ඇවිත් කාමරේට ඔලුව දාල කම්පැනි එක ගැන විස්තරයක් කියල ගියා. එයා ආවේ මාව බලල යන්න කියල මට තේරුනා.  මට රස්සාව එදාම හම්බ වුනා. ස්කොට් මට කීව  එයාල අලුත් ඔෆිස් එකකට යනව කට්ටිය වැඩි නිසා. ඒක එන්ෆිල්ඩ් වල තියෙන්නේ. මම තමා එහෙ ඉස්සෙල්ලම පටන් ගන්න අළුතෙන්  කියල. 

ඔස්මන් හෙවත් කම්පැනි  එකේ අයිතිකරු එයාගේ නංගි ජාන්  එක්ක තමා ඒක කලේ. නංගිට වෙනම නීතිඥ සමාගමක් තිබුන. එයා ඔස්මන්ගේ පරිගණක මෘදුකාංග ටෙස්ට් කලේ තමන්ගේම නීතිඥ සමාගමේ. මගේ එක හරියට අර රන්ජිත් ගේ කම්පනියේ ටෙස්ට් කළා  වගේ. මේගොල්ල එංගලන්තයේ ඉපදුනු තුර්කි සම්භවයක් තියෙන කට්ටියක්. සයිප්‍රසයේ තුර්කි කොටසින් තමා ඇවිත් තියෙන්නේ එයාලගේ දෙමව්පියෝ. (එහෙ වර්ගවාදී යුද්ධයක් තිබ්බ ඒ කාලේ ) 
ඔස්මන් වෙන මෘදුකාංග ඉංජිනේරුවෙක් භාගෙට  C ++ සහ කෝඩ් බේස් වලින් ලියපු සිස්ටම් එකක්  තමා  සල්ලි වලට අරගෙන වැඩි දියුණු කරල කම්පැනි එක දාල තියෙන්නේ. මාව දැම්මේ ඩිවොලොමන්ට් කියන ටීම් එකට.  C ++  ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හිටිය බැක්එන්ඩ් ප්‍රෝග්‍රෑම් එකට මාක් පෙරී කියල. තවමත් ඉන්නව අලුත් කම්පැනි එකේ.  අපි තමා වර්ක්ෆ්ලොව් (workflow) හෙවත් කේස් මැනේජ්මන්ට් කරන විධිහ හදන්න ඕනේ සහ ටෙම්ප්ලේට් ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ.  මාව එතෙන්ට දැම්මේ මම ඉමිග්‍රේෂන් සිස්ටම් එකක් හදපු නිසා සහ නීතිඥ සමාගමක වැඩ කරපු නිසා  කියල මට තේරුනා. ටීම් එකේ  එංගලන්තේ ඉපදුනු ඉන්දීය සීක් සම්භවයක් තිබෙන  අර්ජුන් සහ ඉංග්‍රීසින් දෙන්නෙක් හිටිය නයිජල් සහ සයිමන් කියල.  නයිජල් මාත් එක්ක දැන් ඉන්න කම්පැනි එකේ තවම වැඩ. මම වැඩ පටන් ගත්තේ 1999 ජුලි 15.  හෙට අනිද්දට අවුරුදු විසි පහ පිරෙනවා. 
 
මට ප්‍රශ්න ආවේ ටෙක්නිකල් සපෝර්ට් හෙවත් ටෙලිෆෝන් කෝල් අරගෙන මෘදුකාංග වල ප්‍රශ්න වලට උත්තර දෙන ටීම් එකේ ඉන්දියන් කොල්ලෙක් ගෙන් සහ ඉංජිනියරින් ටීම් එකේ පකිස්තාන්දෙන්නෙක් ගෙන්. තව ඉංග්‍රීසි කාරයෙක් හිටිය ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ. එයත් වලි ඇද්ද. ඉන්දියන් , පකිස්තාන් එවුන් ඇද්දේ මාව කෙලින්ම අර ටීම්  දෙව් එකට ගත්ත නිසා කියල මම පස්සේ  දැන ගත්ත. මොකද  එතැන හිටිය නයිජල් සහ සයිමන් මුලින් හිටියේ ඉන්ජිනියරින් ටීම් එකේ. ඒකට තමා ඉස්සෙල්ලම ගන්නේ. කම්පියුටර් උස්සගෙන නිතිඥ සමාගම් වලට ස්කොට් එක්ක ගිහින් ඒවා දාන්න ඕනේ. නෙට්වර්ක් හදන්න ඕනේ.  නිතරම එළියේ වැඩ. එතනින් ප්‍රොමෝෂන් ලැබෙනවා ටෙක්නිකල් සපෝර්ට් ටීම් එකට. කෝල් වලට ආන්සර් කරන්න හෙම.  ඔෆිස් එක ඇතුලේ. එතැනින් ප්‍රමෝෂන් ලැබිල තමා  නයිජල් හා සයිමන් මං ඉන්න ටීම් එකේ හිටියේ. මට වගේම IT  ඩිග්රි එකක් තිබ්බ අර්ජුන් කෙලින්ම ඇවිත් තියෙන්නේ දෙව් ටීම් එකට. අර්ජුන් තමා පර්සනල් ඉන්ජරි කියන සිස්ටම්  එක  බලන් ගමන් ඩේට ඇනලයිස් වලට ක්‍රිස්ටල් රිපෝර්ට් කලේ. 

මුළු කම්පනියේම  හිටියේ විස්සක් වගේ. තව කිහිප දෙනෙක් මැන්චෙස්ටර් පැත්තේ කමිෂන් බේස් වැඩ කළා. සිස්ටම් එක විකුනන්න. ඉතින් එයාල මාව ගත්ත තව හේතුවක් කම්පෙටිෂන් එක මග හරින්න කියල මට තේරුනේ  පස්සේ  කාලෙක. එකවුන්ට් සිස්ටම්  එකක්  තනියම  හදපු කෙනෙක් ටත් මෙයාල ජොබ් එක දුන්නට පස්සේ. දැන් මම ඉන්න කම්පැනි එක ඇක්සෙස්. ඒක විසින්  අපිත් එක්කම DPS කම්පැනි එක කෝවිඩ් කාලේ සල්ලි වලට ගත්ත.ලංකාවේ ඉන්න ටීම් එකත් එක්කම. හැබැයි ඒකෙන් තරඟකාරීත්වය  නැති වෙනවා.

මම එනකොට ඩිවෝස් හෙවත් දික්කසාද ගැන එක ඇප් එකයි තිබුනේ. මට තේරුනා ඒක  මදි කියල. ඉතින් නීති පොත් අරගෙන කියවල (අපරාදේ කියන්න බැහැ , මගේ බොස් වන ස්කොට් උදව් කළා) ඒක වැඩි දියුණු කළා. මම ඩිවෝස් ඇප් එකේ නම විවාහ හෙවත් මැට්‍රිමෝනියල් කියල වෙනස් කලා. ඔස්මන් කැමති වුනා ඒ නමට. එයා අකමැති නොවී කරන්න බැහැනේ. ඒකට  මම ළමයි ගේ භාරකාරත්වයට (foster care and adoption) තියෙන කෙයා පැකේජ්, එතකොට ගෘහ  හිංසා කිරීම (domestic violence)  වගේ කෑලි ගොඩක් එකතු කරා.  කෙනෙක් මැරුණහම එයාගේ වත්කම් බෙදල දෙන එකට කියන්නේ ප්‍රොබේට් කියල. ඒ සිස්ටම් එක තනිකරම අංජබජල්  කරලා ලියල තිබ්බේ වේල්ස් කියන පළාතේ ගොවියෙක් මැරුණොත් කොහොමද  කරන්නේ කියල බලල. ගැලපෙන්නේ නැහැ ලන්ඩන් වලට. පස්සේ ස්කොට් මට ප්‍රොබේට් නීති  පොත් අරන් දුන්න. ඒව කියවල  ඒකත් හැදුව. ඒ ඇප් දෙකම තවමත් අපේ කම්පැනි එකෙන්වි කුණනවා.ප්‍රොබේට්  පොත් ටික එන්ෆිල්ඩ් ඔෆිස් එක  ගිය අවුරුද්දේ  වැහුවම මම මතක් වෙන්න ගෙදර අරන් ආව.

මේවා ඉතින් පැරැණි මතක.මම  එන්ෆිල්ඩ් වලට, නැගෙනහිර ලන්ඩනයේ ලේටන් වල අපේ ෆ්ලැට් එක තිබුන තැන ඉඳන් කාර් එකේ එනවා. ඉනෙස් ගේ ඔෆිස් එක බටහිර ලන්ඩනයේ හැන්ගර් ලේන් වල තිබුනේ. එය  උමන් දුම්රිය (මෙට්‍රෝ) එකේ වැඩට ගියේ.  ලන්ඩන් වල වට රවුම් මාර්ග දෙකක්  තියනවා. එකක් ඇතුලේ (inner එක) A 406-205 කියන එක.  ඒක හයි වේ එකක්, ලේන් හතරක් තියන. ලන්ඩනයේ පිට රවුම් මාර්ගය   M 25 කියන්නේ මෝටර් වේ එක. එන්ෆිල්ඩ් තියෙන්නේ  M25 එක ගාව . රේඩියල් පාරක් තියනව A 10 කියල කේම්බ්‍රිජ් නගරයට යන. ඇතුලේ වටරවුම් පාරේ A 406 එකෙන් ඇවිත් A 10 එකට දාලා තමා මම උඩහට එන්නේ ලන්ඩන් ඇතුලේ ඉඳන්. විනාඩි 45 යනව ගමනට. ඉනෙස් ට පැයක්  යනව A 406 භාගයක් දුර ගියහම තියෙන ඔෆිස් එකට යන්න.

ඉතින් අපි කල්පනා කරා මැද හරියෙන් ගෙයක් ගන්න. අපි එන්ෆිල්ඩ් වල ගෙවල් හොයන්න ගත්ත.  එක පාරක් අපට බැංකුවෙන්ලැ බුණු ණයේ ගානටම වගේ කාමර පහක ලොකු ගෙයක් බැලුව. එළියේ මාළු පොකුනකුත් තියනව. මම එක පයින් කැමති වුනා . ඉනෙස් බැහැ කිව්වා. මට බැහැ ඔය ලොකු ගෙවල් නඩත්තු කරන්න, හෝදන්න, මෝප් කරන්න. පොඩි ගෙයක් ඕනේ. පොඩි බංගලාවක් වුනත් කමක් නැහැ කියල. බංගලා බැලුවට මට ඇල්ලුවේ නැහැ. ඉනෙස් ලොකු ගෙවල් වලට කැමති නැහැ. අර අමං කීව A10 මාර්ගයේ දකුණු පැත්තේ තැනක කාමර තුනේ ගෙයක්  තිබ්බ. පහල තට්ටුවේ රිසිප්ෂන් දෙකයි, කුස්සියයි. උද බාත් රූම් එක සහ කාමර තුන. අයිරිෂ් කපල් එක්ක ළමයි දෙන්නෙක් එක්ක හිටියේ. අපි ඇහුවා ඇයි විකුණන්නේ කියල එයාල කාමර හතරක ලොකු වත්තක් එක්ක ගෙයක් අරන් යනව (දකුණු ) අයර්ලන්තේ. ලන්ඩන් වල ගෙවල් කොහොමත් ගණන් වැඩී පොඩි ගෙයක් වුනත්. ඒ මුදලින් වෙන ඈත තැන්වල ලොකු ගෙවල් ගත හැකියි. පස්සේ තමා දැන ගත්තේ (මේක කිවේ සයිමන්) මේ A10 මගේ දකුණු පැත්තේ තමා සුදු ජාතික ඉංග්‍රීසි උන් හෙම වැඩිපුර ඉන්නේ සහ වඩා පොෂ් පැත්ත කියල. අපි ගේ ගත්තේ තුර්කි ජාතිකයෝ සහ සයිප්‍රස් ග්‍රීක් ජාතිකයෝ වැඩිපුර ඉන්න පොෂ් අඩු පැත්තේ කියල කවද කාපු ටකරන්ද)

මේ ගේ මගේ ඔෆිස් එකට කිලෝ මීටර් දෙකක් තරම් දුරින් තියෙන්නේ.  විනාඩි පහේ ගමන. ගේ ඉස්සරහ පොඩි  තණ පිට්ටනියක් තියනව. ඉනෙස් කුස්සිය බලල කීව ආ ජර්මන් කුස්සියක්. එයා ගෙට කැමතියි කියල. ළමයි හම්බ වුනොත් ඉස්සරහ තණ පිට්ටනියේ සෙල්ලම් කරන්නත් පුළුවන් කියල එතකන් මම ළමයෙක් ගැන තුන් හිතකින් වත් හිතල තිබුනේ නැහැ. ගැහැණු හිතන දුර.  ඉතින් වෙන දේවල් හෙව්වේ නැහැ ගත්ත. 

ගෙට මුහුණ ලා හිට ගත්තම වම් පැත්තේ ඉංග්‍රීසි ආච්චි කෙනෙක් හිටියේ  . වයස  අසූවක් විතර ඇති. තනියම. එයාගේ අවුරුදු හැටක  විතර වයස දුවයි බෑනායි  ඇවිත්, අඩුම කුඩුම අමල් දුමල් ගෙනත් දීල බලල යනවා. ඔය ලංකාවේ අදහසක් තියනවනේ මේ රටවල මව් පියන් තනියම දාල යනව. වැඩිහිටි නිවාස  වලට දානවා වගේ කතා. ඇත්තටම කිවොත් මෙහෙ වැඩිහිටියෝ නිදහසේ තනියම ඉන්න කැමතියි. ළමයින්ට කරදර කරන්න කැමැති නැහැ වගේම තමන්ගේ නිදහසත් අගය කරනවා. 

එතකොට දකුණු පැත්තේ හිටියේ අවුරුදු හැත්තෑවක විතර වයසක් ඉංග්‍රීසි ජාතිකයෙක්. පොර අපිට වැඩිය කැමති නැහැ කියල හිතුනේ ආපු දවසේ  ඔරවාගෙන බලන් හිටි නිසා. එතකොට තමයි අපි අර අයිරිෂ් අයගෙන් ඇහුවේ අසල්වැසියෝ කොහොමද කියල. උන් කියනව ඔය බ්‍රයන් හරිම නරකයි. අපිට ත්‍රස්තවාදීන් කියල කියන්නේ. අපට එපා වෙලා හිටියේ කියල. උතුරු අයර්ලන්තේ කතෝලිකයෝ  අයිආර්ඒ සංවිධානෙට සපෝර්ට් කියල සුද්දෝ හිතනවා. රෙපරමාදු උන් එංගලන්තෙට සපෝර්ට්.  අයර්ලන්ත යුද්ධේ එතකොටත් යනවා.  දැන් ඉතින් මොනව කරනනද ? ගේ අරන් ඉවරයි නේ. 

අපි බඩු අදින කොට බ්‍රයන් එළියේ හිටියේ.  මමයි ඉනෙසුයි  කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියල බ්‍රයන්ට තේරුනා. මම තනියම එළියට එනකොට මෑන් ඇවිත් අතට අත දුන්න.

"අයි ඈම් බ්‍රයන්.බ්‍රයන් ට්‍රෙන්ඩ්." ( මම බ්‍රයන්. බ්‍රයන් ට්‍රෙන්ඩ්. )

මම කිව්වා . "අයි ඈම් අජිත් -අජිත් බොන්ඩ්" (මම අජිත්. අජිත් බොන්ඩ්)

ජේම්ස් බොන්ඩ් ෆිල්ම් බලපු අය දන්නවා ජෝක් එක. කොහොමත් මගේ  දිග නම කියල පොරව අවුල් කරන්න මම කැමති වුනේ නැහැ. 
බ්‍රයන් ට පොඩි හිනාවක් ගියා. අපි අතරේ අයිස් කුට්ටිය බිඳුන කියල මට තේරුනා.

පොර කියනවා "උඹේ පෙම්වතිය ලස්සන පොඩි කෙල්ලක් නේ" කියල. මම කීව තෑන්ක් යූ කියල. ඉනෙස් එලියට ආවහම මූ එයාටත් කියපි. 

"කොහොමද මෙයා ඔයා  වගේ ලස්සන කෙල්ලක් යාළු වුනේ" කියල ඉනෙස් ගෙන්  ඇහුව. 
ඉනෙස් කීව  "අපොයි මම පළවෙනියා නෙමේ " කියල. 
බ්‍රයන් ට ආයෙත් හිනා ගියා. 
බ්‍රයන් අහනව "ඔයා ඉංග්‍රීසි නෙමේ නේද. ඇක්සෙන්ට් එක ජර්මන් වගේ "
ඉනෙස් කිව්වා. "ඕව මම ජර්මන්."
බ්‍රයන් ඒ පාරනම්  ලොකු හිනාවක් ගියා. 
"හප්පේ , ඇති යන්තන්. මම හිතුවේ නැගෙනහිර යුරෝපෙන් හොරෙන් ආව කියල " මූ කියපි.

මට එවෙලේ හිතුන මූ නම් හෙන දක්ෂිණාංශික අමාරු කාරයෙක් කියල. 

"මගේ පරම්පරාවේ ජර්මන් අය ඉන්නව." බ්‍රයන් කීව.

මම කිව්වා "ඔව් ඉතින් උඹල ආවේ නෝර්මන් - සැක්සන්  වරුන් ගෙන් නේ කියල " 
ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිය පටන් ගත්තේ ජර්මනියේ සැක්සන්  ප්‍රදේශයේ සිට සංක්‍රමණය වුනු සැක්සන් වරුන්  සහ ප්‍රංශයේ නෝර්මන් වරුන් ගේ එකතුවකින්. පස්සේ කෝන්වෝල් සුද්දෝ, රෝමන් සහ වයිකින් උනුත් එකතු වුනා.  

බ්‍රයන් මගේ කතාවට  එකඟ වුනා විතරක් නෙමේ. මොනවහරි උදව්වක් ඕනේ නම් කියන්න කියල ගේ ඇතුලට ගියා.

පහු කාලෙක අන්ත දක්ෂිණාංශික , ටෝරි පක්ෂයට  ඡන්දේ දෙන, අන්ත වර්ණවාදී , සුදු වර්ගවාදී කියල මම දැන ගත්තු බ්‍රයන් ට්‍රෙන්ඩ් අපව පිලි ගත්තේ එහෙමයි.

- ~~~~~~~~~~~~~~මතු  සම්බන්ධයි 

(බස්සා නමැති බ්ලොග් නොලියන බ්ලොග් කරුවෙකුගේ දැඩි කරදරය මත ලියා නිම කරණ ලද බව කරුණාවෙන් සලකන්නැ. එනිසා වැරදි තිබ්බොත් පසුව හදමි. )

   කවදාහරි දවසක ඔයාලා ගැනත් ලියන බව දැනගෙන ආශ්‍රය කරන්න 

 

49 comments:

  1. බල කෙරිලා ලිව්වට මේ post එක
    තැන්කියු අජිත් රසවත් මේ ලියපු ටික
    'මිදුණු උරහිසෙ'ද තිබ්බේ කචල් එක
    දැන් හරි නේද- ලියතැකි නෙව දෙවෙනි එක

    ReplyDelete
    Replies
    1. තවම හරි නෑ කොල්ලෝ උරහිස නම්
      ස්ටෙරොයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ දොස්තරනම්
      බීලා නියුරෝෆෙන් සමගම ගාල සිද්ධලේපේ
      හැමිනෙනවා මමත් මේ බ්ලොග් ගල් ලෝකේ

      Delete
    2. හේනෙ පැලේ පැල්-කවියක් කියවෙනවා
      ගමරාළත් දැන් කවි සබයට එනවා
      මූකලානෙ බසු තඩියෙක් මොර දෙනවා
      එළිවෙන ජාමෙ තව තව වේවිද මොනවා

      Delete
    3. කබලෙන් ලිපට වැටිලා ඉන්නා අපට
      සිද්ද වෙන්නෙ පැන ගන්නයි ඉන් පිටට
      හිතෙනව පාන්-කඩයක්වත් දා ගන්ට
      කාටද කියන්නේ විවුර්තයට එන්ට?

      Delete
    4. අපි කවි සබයේ හිටියේ ඒ කාලේ ඉඳන්
      බස්සා පොඩි පැටියෙක්ය මවගේ තුරුලේ ඉඳන්
      පාන් කඩ දමා රාත්තල අඩුකරලා දියන්
      නිදි උඹ ගොඩ යනවා සත්තමයි ඉතින්

      Delete
  2. හුරේ! අසනීපයි කිව්ව නිසා, මම හිතුවෙ නෑ ලියයි කියලා. සුවපත් වේවා! වැඩි වැඩියෙන් පෝක් ලැබේවා! නොදැණ කරදර කලාට මගේ කණගාටුව.🙏👌💐
    තාම කියෙව්වෙ නෑ. කියවලා, කමෙන්ට් බලලා සාකච්චාවට ආයෙ එන්නං. මොබයිල්වලට "සිංහල වොයිස් ටයිපින්" තියනවා. සමහරු බ්ලොග් පෝස්ට් පිටින් එහෙම ලියලත් තියනවා. වැරදි ටිකයි හදන්න වෙන්නෙ. අතේ අමාරුවක් නං, වෙලාව තියේ නං ඒක අත්හදා බැලුවෑකි.

    ReplyDelete
    Replies
    1. එහෙන් මෙහෙන් ටිකක් කියෙව්වා. මම හිතුව හරි, මේක එහෙම පිටින්ම නිධානයක්. 👌🙏 ස්තූතියි

      Delete
    2. බොහොම ස්තූතියි , නිධනය ටික ටික තමයි එලියට එන්නේ . අර සිංහල වොයිස් ටය්පින්ග් ගැන සිරියස්ලි හිතෙනවා මේ.

      Delete
    3. ගූගල් Docs වල සිංහල වොයිස් ටයිපින් තියනව කියල චොකලට් නෝන කිව්වා. පැතුමායි, එයයි දෙන්නම පාවිච්චි කරල තියනව කියලත් කිව්වා. questionable third-party apps මොබයිල් එකේ ඉන්ස්ටොල් කරනවට වඩා, එහෙම එකක් පාවිච්චි කරන එක හොඳයි කියලයි මගේ අදහස. ගූගල් Docs වල සිංහල වොයිස් ටයිපින් කරලා, ඒක බ්ලොගර්ට පෝට් කරවලා, සුළු වැරදි එඩිට් කලාම වැඩේ ගොඩ දැම්මෑකි.

      කොහොමත් ඉස්සෙල්ල ලෙඩේ හොඳ කරගෙන ඉන්න. ඔබතුමාගෙ උරහිස ඔබට වඩා අපිට වටිනවා.😋 ඕව්, වොව් තව,තව පෝස්ට් ලියව ගන්න තමයි.🤣

      Delete
    4. හේ හේ බොහොම ඉස්තුතියි ඔබ තුමාට

      Delete
    5. https://www.youtube.com/watch?v=vxdd7R9QHus
      https://www.youtube.com/watch?v=sLt9BTQLJiw

      Delete
    6. ගූගල් Docs වල සිංහල වොයිස් ටයිපින් තියනව- මම ගියානේ ගූගල් Docs වලට . හොයා ගන්න බැහැ මයික්‍රොෆෝන් අයිකොන් එකක්

      Delete
    7. සොරි, යුටියුබ් වීඩියෝ එක බැලුව. ස්තූතියි

      Delete
  3. ලෝකය පුරා මිනිසුන් ගොඩනැගෙන්න ගන්න වෙහෙස ගැන හිතෙනවා කියවන කොට. රසවත් විදියට ලියවිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , අපොයි මමයි සුදු හාමිනෙයි (බස්සා ගෙන් උපුටා ගත් වචනයකි) මුලදී ඩබල් රූම් එකක් රෙන්ට් කරගෙන හිටියේ. ඒ අතින් සෑහෙන ඉස්සරහින් මෙතන

      Delete
  4. Jagath Pathirana10 July 2024 at 01:40

    සිංහල නමක ආකෘතිය මේ ආකාරයි.
    [වාසගම]+ගේ (දොන්/දෝන) [මුල්නම] [දෙවෙනි නම] [අමතර වාසගම]

    “ගේ“ කෑල්ලට පෙර වචන කිහිපයක් තිබිය හැක එවිට අවසාන වචනය අගට “ගේ“ යොදන්න නැතිනම් තනි වචනයක් විදියට ලිවිය හැක කියවීමේදි සුදුසු පරිදි වචන වෙන්කල යුතුය
    (දොන්/දෝන) කෑල්ල අනිවාර්ය නැත පිරිමියෙක් නම් දොන් ලෙසත් ගැහැනියක් නම් දෝන යොදන්න (දෝනා) නොවෙයි.

    [මුල්නම] සඳහා නවීන පන්නයේ නමකුත්
    [දෙවෙනි නම] සඳහා පරම්පරාවකට කලින් නමකුත් යොදන්න.
    (උදාහරණ: මාලිනී සෙනෙහෙලතා)

    [අමතර වාසගම] මෙය අනිවාර්යය නැත. මේ සඳහා මුල් මුල් වාසගම කෙටිකර යෙදිය හැක. නැතිනම් පෙරේරා, සිල්වා, ෆොන්සේකා, ප්‍රනාන්දු, බණ්ඩාර වැනි වචනයක් යෙදිය හැක.
    අමතර වාසගමක් නැතිවම සිටීම සිංහල කම වැඩියෙන් ප්‍රදර්ශනය කලහැක.

    සිංහලයා නිර්මාණය වී ඇත්තේ,  උඩරට, පහතරට, කරාව, ලන්සි නම් ප්‍රධාන සිව් හෙල ගෝත්‍ර එක්වීමෙනි. මෙම සම්පූර්ණ ආකෘතියම පාවිච්චි කරන්නේ එයින් කරාව ගෝත්‍රයේ අයගෙන් පැවතෙන්නන්ය.

    මොන රටේ හිටියත් මෙම සිංහල ආකෘතියේ නම් පාවිච්චි කරන්න උනන්දු වන්න.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana10 July 2024 at 01:44

      මා අයිති පහතරට හෙල ගෝත්‍රය තුල මෙම ආකෘතියද ඉඳහිට හමුවෙයි.
      [වාසගම]+ගේ [මුල්නම] [සිඤ්ඤෝ/නෝනා] (අමතර වාසගම)

      Delete
    2. මමත් ලංකාවෙ ඉඳන් ඔස්ට්‍රේලියාවට විප්‍රවාසී උන කෙනෙක්. අජිත්ගෙ වියමන බොහොම හොඳින් අනුනාද වෙනව කියල දැනුන මගේ අත්දැකීම් එක්ක. දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනව මේ ශානරයේ ලිපිත්.
      'පහු කාලෙක අන්ත දක්ෂිණාංශික , ටෝරි පක්ෂයට ඡන්දේ දෙන, අන්ත වර්ණවාදී , සුදු වර්ගවාදී කියල මම දැන ගත්තු බ්‍රයන් ට්‍රෙන්ඩ් අපව පිලි ගත්තේ එහෙමයි.' එක පාරම කණෙන් ඇදල පොලොවෙ ගැහුවා වගේ නෙ

      Delete
    3. එහෙමයි පතිරණ සෑර්

      Delete
    4. @කෞශල්‍ය - ඔස්ට්‍රේලියාව ගැන අත්දැකීම් නැහැ. අපේ කතන්දර කාරයා නේ ඒවා ලිව්වේ. පොඩ්ඩක් පර්ශ්විකයි. ඔස්ස්ට්‍රේලියාව වැරදි නැති රටක් එහෙ ඉන්න අයට අනුව. සංක්‍රමනිකයෝ නේ ඔක්කොම. ආදිවාසී අයගෙන් තමා අහන්න ඕනේ.
      //'පහු කාලෙක අන්ත දක්ෂිණාංශික , ටෝරි පක්ෂයට ඡන්දේ දෙන, අන්ත වර්ණවාදී , සුදු වර්ගවාදී කියල මම දැන ගත්තු බ්‍රයන් ට්‍රෙන්ඩ් අපව පිලි ගත්තේ එහෙමයි.' එක පාරම කණෙන් ඇදල පොලොවෙ ගැහුවා වගේ නෙ// එහෙමද. සොරි. මට මුලදී දැනුන එක හෙවත් මගේ prejudice එක . මේ කතාව ඉවර වෙනකොට බලන්නකෝ

      Delete
    5. කොහෙත් ඉතින් ඉන්නේ ඇට මස් වලින් හැදිච්ච මිනිස්සුනේ අජිත්. ඉතින් ඔය කොයි පාට මිනිස්සුත් මෙහෙ ඉන්නවා. ඔය පෝලින් හැන්සන් නෝනා එහෙම ඉන්නේ.
      ඔව් ආදිවාසී අයගෙන් තමයි අහන්න ඕනෙ.. (හැබැයි හොඳ ආදිවාසී කුනුහරුපයක් අහ ගන්න පුලුවන්)
      මම කණෙන් ඇදල පොලොවෙ ගැහුව වගේ කිව්වෙ අන්ත දක්ශිනාංශිකයෙක් වෙච්ච බ්‍රයන් ඔය ගොල්ලව පිලිගත්ත හැටි කියවල. මට මුලින්ම හිතුනෙ මිනිහ ඒ තරං අප්සෙට් ජොකියෙක් නෙවෙයි වගේ.

      Delete
  5. කොයි රටේ වුනත් එක ජාතියෙ මිනිස්සු කල්ලි ගැහෙනවා. එතකොට " මේසෙ යටින්" යම් පමණක ජාතිවාදයක් ක්‍රියාත්මක වෙනවා. අරාබි ලෝකයේ මේක එලිපිටම, රාජ්‍ය අනුග්‍රහය ඇතිව නීතීප්‍රකාරව ක්‍රියාත්මක වෙනවා. බටහිර ලෝකයේ මේ තත්ත්වයට නීතීයෙ සහයක් ලැබෙන්නෙ නෑ.

    අජිත්ගේ "සම්මුඛ සාකච්චා" ජාතිවාද චෝදනාවෙදි, 50-50% සුදු හමට සැලකීමත්, නමේ අවුලත් තියෙන බව පේනවා. පෘතුග්‍රීසීන් විසින් අපට දුන්න "සිංහල" නමේ ආකෘතිය රකිනවද, නැත්නම් රෝමෙට ගියා නං රෝම වැසියෙක් වගේ ජීවත්වෙනවද කියන එක, මතභේදයට තුඩුදෙන කාරණයක්.🤔

    ReplyDelete
    Replies
    1. මේක මීට කලින් ලියවෙන්න තිබුන මසුරං වටින කතාවක්. දැනටම තුන් පාරක් කියෙව්වා. මෙයිට සමාන අත්දැකීම් අඩු-වැඩි වශයෙන් අපි වැඩි දෙනෙක් ලබල තියනවා. මේ කෙනෙහිලිකම් ඉවසගෙන, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන උන්නාට මගේ ආචාරය. ඒ ජීවන ගමනේදී ඔරුවට කොහොල්ලෑව මෙන් සපෝට් එකට හිටිය සුදු හාමිනේටත් මගේ ආචාරය.👌💐🙏

      Delete
    2. //රෝමෙට ගියා නං රෝම වැසියෙක් වගේ ජීවත්වෙනවද // මම තෝරා ගත්තේ මේක හැම වෙලේම. සුදු හාමිනේ හැම දෙයක් දිහාම රේෂනල් බලන්නේ. එයා හිටියේ නැත්නම් මිනී දෙකක් විතර මරලා. හේ හේ මේ කතාව අවසානය බස්සව ඔලුවෙන් හිටුවනවා. ඔට්ටුයි

      Delete
    3. Jagath Pathirana12 July 2024 at 02:17

      ධර්මකීර්ත් කියලා ලිව්වට සිංහලෙන් ඕක කියවන්නේ ධර්ම-කීර්ති කියලා ලතින් අකුරුවලින් නම ලියද්දී Dharmma-keerthi කියලා ලිව්වනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Dharma කියා ලිව්වොත් කියවෙන්නේ ධාර්මා කියලා.

      Delete
    4. ඔය ඕන විධිහකට ගත්ත දෙන්

      Delete
  6. ඇති යන්තන් දාලා. මෙයාගෙත් දැන් හරි ගනන්. අඬන්න ඕනේ කිරි එරෙන්න....
    ලබන සතියේ අනිත් කෑල්ලත් දාන්න ඈ.....

    ReplyDelete
    Replies
    1. හා ඈ (අනේ අපිනන් ගණන් නෑ . අනිත් දේවලුත් ලියන්න ඕනේ නේ)

      Delete
  7. Replies
    1. මේ වට බැඳලා තියෙන්නේ තරහට

      Delete
    2. ++++++++++++++++++++++++

      Delete
    3. තරහ වැඩි වෙලා වගේ

      Delete
  8. මං හිතුවේ වර්ගවාදය යුරෝපයේ නෑ කියල, ඒ කාලේ එහෙත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. තියනව. බ්‍රිතාන්‍යයේ ගොඩක් අඩුයි. එම කතාව 1998-1999 ඉඳන් යන්නේ. ළඟ වගේ පෙනුනට වුරුදු 25 කලින්. අනික කතාව ඉවර වෙනකොට ඔයාට සමහර දේවල් වෙනස්ව තේරෙයි. හොර බොරු නැතිව ඔක්කොම ලියන්න ඉන්නේ

      Delete
  9. පුතේ ඉංග්‍රිසි (Nation)ජාතියක් නෑ. තියෙන්නේ ඉංග්‍රිසි වාර්ගිකත්වයක්(Ethnicity).
    එක්සත් රාජධානි ජාතිය තියෙන්නේ.

    ජර්මන් ජාතිය කියලා එකක් තියෙනවා. ඒ වගේම වාර්ගික ජර්මානුවෝත් (Ethnic German)ඉන්නවා. ඔබේ බිරිඳත් වාර්ගික ජර්මානුවෙක්. සිංහලෙන් ලියද්දී ඔය වචන පටලවා ගැනීම සුලබයි.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ජාතිය කියන්නේ එංගලන්තයේ උපන් අය වශයෙන් දැන් හඳුන්වන්නේ . අපේ දුවල ඒ නිසා ඉංග්‍රීසි හැටියට සැලකෙන්නේ මෙහෙ . ජර්මන් කියල කියන්නේ අම්ම හා තාත්ත ජර්මන් වෙන්න ඕනේ. ඒ නිසා අපේ දුවල උත්පත්තියෙන් ජර්මන්

      Delete
  10. පොඩි කෑල්ලක් එකතු කළා අසාධාරණයක් නොවෙන්න.
    පහු කාලෙක අන්ත දක්ෂිණාංශික , ටෝරි පක්ෂයට ඡන්දේ දෙන, අන්ත වර්ණවාදී , සුදු වර්ගවාදී කියල මම දැන ගත්තු බ්‍රයන් ට්‍රෙන්ඩ් අපව පිලි ගත්තේ එහෙමයි. (මේ මට බ්‍රයන් 1999 අග භාගයේදී පෙනුණු ආකාරය බව කරුණාවෙන් සළකන්න.)

    ReplyDelete
    Replies
    1. Don't let the cat out of the bag අපෙ ලොකු හාංදුරුවනේ. 🤣😋😁🙏
      දීපු ඉඟිවලින් මට ඕක කලින්ම හිතුනා. ඔය බ්‍රයන් වගේ කෙලින්ම පෙනුමට නරකයි කියල හිතෙන අය බොහෝ විට හොඳ මිනිස්සු. පරිස්සං වෙන්න ඕනෙ උඩින් හිනාවෙලා යටින් සබන් නැතුවම අරින ඉන්දියන්, පකිස්තාන් අයියලගෙන් තමා. ඒවඃ මේ සුතඃ!😋

      Delete
    2. නොදා ඉන්නත් තිබුන තමයි

      Delete
  11. බ්‍රයන් ගැන ලොකුවට ලියල වෙන මොනවදෝ මන්ද පොඩියට ලියල.
    (ඇත්තට ඔය පඳුරු තැලිල්ල හින්ද.තමා පෝස්ට් එකක් රසවත් වෙන්නෙ.

    බ්‍රයන් මතුපිටින් හාඩ් ඇතුලින් සොෆ්ට් ඩයල් එකක් ද.

    මේම ලියද්දි මරු. කියවං යන්න කම්මැලි නෑ. ☺️☺️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇස්සයිස් මහත්තයා

      Delete
  12. අජිත් මම ජොබ් එක පටන් ගත්තේ 2004 ජුලි 15.. අජිත්ට හරියටම අවුරුදු 5කට පස්සේ .. හෙහ් හෙහ් ..

    අවුරුදු 20කුත් ගිහින්

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි මෙහම බ්ලොග් වලින් හමුවෙන එකත් විශ්වයේ ලියල තිබිල තියනවා. 😀

      Delete
  13. අජිත් මහත්මයා, මොකෝ මේ දවස්වල සද්දයක් නැත්තෙ? මෙහෙ ජනාධිපතිවරණයෙදි අටවන ජනා පිනා කුජීත වෙලා ඇපත් නැතුව හොම්බෙන් යන එකට දුක හිතිලවත්ද?

    ReplyDelete
    Replies
    1. ඇසල නිකිණි බිනර -
      ජනා පිනා ගෙදර
      😂😂😂😂😂😂

      Delete
    2. මම මේ ලියන්නේ බ්ලොග් , මොකද්ද ප්‍රශ්නේ

      Delete
    3. නෑ නෑ ප්‍රශ්නයක් නෑ . අනිවාර්යයෙන්ම අටවන ජනා පිනා කුල්ල කුජීත වෙලා ඇප රාජසන්තක කරන් හොම්බෙන් යන්නෙ මේ පාර. 😂😂😂

      Delete
    4. අනේ කොච්චර දෙයක්ද , ඊට පස්සේ ඔයලට හොඳ කාලයක් එයි

      Delete
    5. මෙන්න මේක සාකච්චාවක් යනවා https://lankanian.blogspot.com/2024/07/blog-post.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .