කලාව කන්නද යැයි ඇසුවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජේ ආර් ජයවර්ධනය. ඔහු එසේ පැවසුවේ කලා මාධ්‍යයෙන් අධ්‍යනය කරන සිසුන් වැඩි නිසාද එසේ නොමැති නම් සරච්චන්ද්‍ර මහතාට ඔහුගේ මැරයන් කළ ප්‍රහාරයෙන් පසුවද යන්න මට මතක නැත. ජේ අර ජයවර්ධන ඇත්තටම කලාව ගැන නොදැන සිටියේද? කිසියම් කලා කෘතියක්, චිත්‍රයක් , ගීතයක් රස විඳීමට නම් ඒ ගැන උගත යුතුද? ගීතයක්, චිත්‍රයක පසුබිම් කතාවක් ඇත්නම් එහි අගය වැඩි වේද? විචාරයක් කිරීමට නම් කලින් කලා කෘති හැදෑරිය යුතුද? මේ අදහස් පැන නගින්නේ "සුන්දරත්වයන් පසු කලාව" කෘතිය පරිශීලනය කරද්දීය.
මම මුලින්ම චිත්‍ර ප්‍රදර්ශනයක් බැලීමට ගියේ මගේ සහෝදරියක් සමග විනී හෙට්ටිගොඩ මහතා ගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයටය. ඔහු විසින් අත්සන් කල කාටූන් චිත්ර ඇඳි පොතද මිලයට ගත්තෙමු. ඉන්පසු සෝවියට් දේශයේදී බොහෝ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ගියෙමි. පළමු අවුරුද්දේ බරෝදින් නැමැති පෙදෙසේ නැපෝලියන් පරාජය කල සටන දැක්වෙන කෞතුකාගාරයකට රුසියානු ගුරුතුමිය අප රැගෙන ගියාය. ඇය විස්තර කර දුන් නිසා ඒ චිත්‍රවල ඉතිහාසය දැන ගත්තෙමු. ඉන්පසු ලෙනින්ග්‍රාද් නගරයේ මෙන්ම මොස්කව් වල බොහෝ කෞතුකාගාර වල චිත්‍ර ප්‍රදර්ශන මෙන්ම පල්ලිවල චිත්‍රද නැරඹීමට ගියෙමි. චිත්‍ර ප්‍රදර්ශනයකට යාමේදී හෝ පොතක් කියැවීමේදී ඔපෙරාවක් නාට්‍යයක් බැලීමට යද්දී ඒ පිලිබඳව කිසියම් තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමට උත්සුක වීමි.
මා රැකියාව කල ආයතනයේ ඇලන් ෆිස්ක් නමැති මහතෙකු අපේ මෘදුකාංග සඳහා තාක්ෂණික උපදෙස් පොත් (මැනුවල්) ලිවීමේ රැකියාවේ යෙදුනි. බීබීසි හා වෙනත් මාධ්‍ය වල සේවය කල ජනමාධ්‍යය වේදියෙකු වූ රොබට් ෆිස්ක් ගේ සහෝදරයා ඔහුය. මේ දෙදෙනාම ගත් කතුවරුය. ඇලන් ෆිස්ක් ඉතාලියේ පුනරුද සමයේ නිර්මාණය වූ චිත්‍රයක් පිළිබඳව "මල්සරා සහ නිහඬ දෙවඟන" (Cupid and the silent goddess) නමින්, ලියූ පොතක් මට කියවීමට දුන්නේය. ෆ්ලොරන්ස් නගරයේ මෙදිචි ආදිපාදවරයා 1544 දී ඇග්නොලෝ බ්‍රොන්ට්සිනෝ නැමැති කලාකරුවාට "වීනස් සමග කියුපිඩ්" පිලිබඳ උපමා සිතුවමක් (Allegory) නිර්මාණය කිරීමට අණ කළේය. මේ පොතේ ඒ ගැනය.
ඇලන් ෆිස්ක් ලියූ මේ පොතින් මා උගත් දේවල් බොහෝය. ඒ වකවානුවේ ඇතැම් කලාකරුවන්ට ිත්‍ර කලාව ඉගෙනීමට පැමිණිස උදව් කරුවන් සිටියහ. ඔවුන් පොහෝ විට තරුණ පිරිමි දරුවන් විය. මාස්ටර් ළඟ නැවතී චිත්‍ර කලාව ඉගෙන ගන්නා ඔවුන්ට තම මාස්ටර් වෙනුවෙන් බොහෝ දේ කරන්නට සිදුවිණි. අත් උදව් දීමට අමතරව කෑම බීම උයා දීමද, බදු ගෙන ඒමට කඩ පිලට යාමද මෙන්ම රාත්‍රියට බිරිඳක වීමටද පිරිමි ළමුන් වන ඔවුන්ට සිදු වුනි. මෙසේ සිතුවමට පාදක වුනු මූලික කතාවට අමතරව අතුරු කතාවක්ද මේ පොතේ ලියැවෙයි. එදාසිට මම තව දුරටත් චිත්‍රයක් දෙස සැහැල්ලුවෙන් නොබලමි.
මේරි ඇක්ටන් විසින් සිතුවමක් හඳුනා ගන්නේ කෙසේද යන්න ගැන "Learning to look at paintings " නමින් පොතක් ලියා තිබේ. දීප්ති කුමාර ගුණරත්න "සුන්දරත්වයට පසු කලාව" පොතේ gaze යන වදන විපරම් කරද්දී ඇය භාවිතා කරන්නේ looking යන වචනයයි. සිතුවමක් බලන්නට ඉගෙන ගනිද්දී සෞන්දර්ය හා කලාත්මක පැත්ත ගැන සිතීම ඒ ගැන විචක්ෂණශීලිව බැලීම තරම් වැදගත් බව ඇය කියයි. ඇයට අනුව කලා කෘති පිලිබඳ ඉතිහාසය ඉගෙන ගැනීම බොහෝ සෙයින් වෙනස් වී ඇත්තේ විචාරාත්මක න්‍යාය (critical theory) විවිධ මතවාදයන්ට ඉඩ දීම නිසාය. ඒ මතවාදයන් අතර මාක්ස්වාදය, මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, විසංයෝජනය මෙන්ම ස්ත්‍රීවාදයද වෙයි.
කලා විචාරක ක්ලෙමන්ට් ග්‍රීන්බර්ග් පවසන්නේ වියුක්ත කළා කෘතියක් දෙස විධිමත්ව බැලීම (formalist looking ) හරහා අපට දෘෂ්‍ය වස්තූන් කෙරෙහි ගැඹුරු රසඥතාවයක් ඇති කරගන්නට උගන්වයි, යනුවෙනි. මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බසින් අමුර්ත කලාව (abstract art) හෙවත් වියුක්ත කලාව 'දැකීමට' අප පුහුණු කරන අතර , අපේ ඇසට , සංයුක්ත කලාව අගය කිරීමට ඉඩ සලසයි.
ප්‍රසන්න විතානයන් ගේ "අනන්ත රාත්‍රිය" ගැන විචාරයක් ලියන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙසේ පවසයි.
"ඕනෑම කලා කෘතියක් යථාර්ථයෙන්ම නිරූපණය කරතැයි කියනු ලැබේ. එය එසේ කරන්නේ සුවිශේෂය නිරූපණය කිරීම මගිනි. සුවිශේෂය තුළින් හා සුවිශේෂය හරහා සාමාන්‍යය නිරූපණය වෙයි.
මේ විනා කලාකරුවාට යථාර්ථයන් නිරූපණය කිරීමට ෙනත් ක්‍රමයක් තිබේද?
කලාව සාමාන්‍යය නිරූපණය නොකරයි නම් අධ්‍යාත්මයන් අතරින් පාලම් බඳින්නේ, අන්තර් සන්නිවේදනාත් වන්නේ කෙසේ ද? කලාව ගැන මා කියන දේ ඔබට තේරෙන්නේත් කෙසේද?
කලාව යථාර්ථය නිරූපණය කිරීම මගින් අපගේම ඇතුළු හතට ආලෝක ධාරා විහිදුවයි.
කලා කෘතියක් සැඳුම් ලබන්නේ අපගේම බාහිර ආධ්‍යාත්මික මූලද්‍රව්‍ය වලිනි. එය විශ්ලේෂණය කළ කල්හි අපට දිස්වන්නේ අපම මුහුණ පා සිටින ගොරතර තතුය. කලාව හරහා අපි ඒවායෙහි පරප්‍රාප්ත වෙමු. ඒ අප්‍රිය වූ අමනාප වූ වෛරී වූ තතු පෙරළා දැමීම සඳහා, වඩා සුසංවාදී, සුපුෂ්පිත ජීවිතයක් පැතීමද ලැබීමද සඳහා අප එසේ ලබන ඥානික හා භාවික ඥානය පූර්ව කොන්දේසි වෙයි." (උපුටාගැනීම මගෙනි)
සිතුවමක් අඳින , නිමවන විධික්‍රම බොහොමයක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය කළ හැකිය. කලාකරුවා මුලින්ම කෘතිය සංවිධානය කරමින් එය තුලට ගන්නේ මොනවාද ඉවත් කරන්නේ මොනවාද යන්න නිර්ණය කරයි. මෙය composition ලෙස හැඳින්වේ. දහ හත්වන සියවසේදී එනම් බැරොක් සමයේදී අවකාශය (හා පරිසරය) නිරුපණය කිරීම වැදගත් විය. මේ චිත්‍ර පල්ලි වල ඉහල සීලිම් වල, බිත්ති වල , මාළිගාවල අදත් දැකිය හැකිය. බෙනිනි, බෝරෝමිනි, පියේට්‍රෝ දා කොටෝනා, රෝමයේ කරවාගියෝ වන සිත්තරුන් බැරොක් අනුගමනය ශිල්පින් ලෙස මෙහිදී නම් කල හැකිය. එල් ග්‍රේරෝ ගේ "ඔර්ගස් කවුන්ට් වරයා ගේ භූමදානය" නම් චිත්‍රයද බැරොක් ශෛලියේ එකකි. මෙහිදී සැබවින්ම සිදු කලේ යථාර්තය පිළිබඳ මායාවක් නිර්මාණය කිරීමය.
දහ අටවන සියවස වන විට පැබ්ලෝ පිකාසෝ ත්‍රිමාණ ව්‍යුහයන් චිත්‍ර වලට රැගෙන ආවේය. මෙය හැඳින්වුණේ cubism නමිනි. ඔහු මනුෂ්‍ය රූපය පිළිබඳව හොඳින් හදාරා විවිධ තල මත ඒවා නිරූපණය කළේය. එහිදී එම රූප මනුෂ්‍ය ව්‍යුහයේ ඒකාග්‍රතාවයට හානියක් සිදු කලේ නැත. මයිකල් ඇන්ජෙලෝ ගේ "ජෝනා වක්තෘවරයා" නම් චිත්‍රය ත්‍රිමාණ මානයන් හොඳින් පැහැදිලි කර පෙන්වයි. මෙහිදී වස්තුවේ දිග වෙනස් කරමින් නරඹන්නා ඉදිරියට පැමිණෙන අතර සමහර වස්තුන් නරඹන්නා ගෙන්ඉ වත්ව යයි. ත්‍රිමාණ මානයන් සාදන්නේ ඒ මගිනි.
"දක්ෂ චිත්‍ර ශිල්පියකු යනු ‘ත්‍රිමාණ ලෝකය’ උත්කර්ෂණය නොකොට පැතලි පෘෂ්ඨයකට රැගෙන එන්නාය. චින්තනයේ අමු ස්වරූපය යනු, වචනයි. එවිට, චිත්‍රය යනු, ත්‍රිමාණ ලෝකය සහ වචනය අතර මැද පවතින අවකාශයයි. චිත්‍රයක් නරඹන කෙනෙකු එය අවබෝධ කරගන්නවා යනු මෙම පැතලි යථාර්ථය වචනවලට පෙරලීමයි. පැබ්ලෝ පිකාසෝ වැනි චිත්‍ර ශිල්පියකු ට තමා අවට පවතින ත්‍රිමාණ ජ්‍යාමිතික වස්තුන් ද්විමාන පැතලි පෘෂ්ඨයකට අවශෝෂණය කරන ලදි. එයට චිත්‍ර කලා ඉතිහාසය තුළ ලැබුණු නම වූයේ ඝනික වාදයයි. (cubism) පිකාසෝට අනුව ත්‍රිමාණ ලෝකය නිශේධනය කළ යුත්තේ යථාර්ථය ත්‍රිමාණ නිසාත් එය පලා යෑමක් නිසාත්ය. ත්‍රිමාණ වස්තූන් පැහැදිලි පෘෂ්ඨයක් මතට ඌණනය කරන විටදී, වර්ණයට වඩා රේඛාව සහ ආකෘතිය අධිනිශ්චය වෙයි. පොළොක්ට බලපෑවේ මෙම පැතලි ඝනික වාදයයි."- (සුන්දරත්වයට පසු කලාව -පිටුව 201)
"විසිවන සියවසේ යථාර්ථවාදයේ ස්වරූප බොහොමයකි. හයිපර් - හෙවති අධිතාත්විකවාදය (Hyper-realism), සර් හෙවත් අතාත්විකවාදය (surrealism), ඡායා-යථාර්තවාදය (Photo-realism), සමාජ යථාර්ථවාදය (Social-realism) හා මායාවී යථාර්ථවාදය (magical-realism) මේ අතරින් කිහිපයකි. මේ සියවස අගභාගයේ සිට තාත්විකවාදී නැඹුරුව වඩා උනන්දුවට මෙන්ම සාකච්චාවට බඳුන්වී තිබේ."
වර්තමානයට එනවිට, ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශන කරන චන්ද්‍රගුප්ත තේනුවරගේ බැරලිස්ම් අපට සම්මුඛ වෙයි. බටහිරදී තේනුවරගේ බැරලිස්ම් අපට ආඩම්බර විය හැකි පරිදි චිත්‍රකලාවේ නවතම ශෛලියකි.
දීප්ති ගුණරත්න, "සුන්දරත්වයෙන් පසු කලාව " ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.
"චන්ද්‍රගුප්ත තේනුවරගේ බැරල්වාදය (1997) තුළදී ලංකාවේ දෘශ්‍ය කලා ඓතිහාසයේ මංසන්ධියක් සලකුණු වෙයි. මාෂල් ඩුෂම් ගේ පිරිනිමියක් (readymade) මෙන් තේනුවරගේ බැරල් ද දෛනික ජීවිතයේ හමුවන විවෘත වස්තුවකි. බැරලයක් මීට පෙර චිත්‍ර ශිල්පියකු ප්‍රදර්ශනයකට රැගෙන විත් නැති නිසා ලංකා චිත්‍ර ඉතිහාසය තුළ කලාගාරයක 1997 වනතුරු එවැන්නක් තැන්පත් කර නැත. චිත්‍ර කලා නිර්ණායකවලට අනුව ගැලරියක කලින් පෙන්වා නැති දෙයක් පෙන්වූ විට එය අලුත් දෙයක් බවට පත්වෙයි. ලංකාවේ චිත්‍ර කලා විචාරකයන් බැරල්වාදය පිළිබඳ පළ කරන්නේ විචාරයක් නොව විස්තරයකි. ඔවුන්ට අනුව බැරැල්වාදය මගින් ප්‍රකාශ වන්නේ පොදු අවකාශයන් බිලීටරීකරණය වීමයි. එම නිසා එය මහජනයාට සුලභ දර්ශනයකි."
ශ්‍රී ලංකාවේ දී තේනුවර ගේ ජයග්‍රහණ සැළකෙන්නේ නැති තරම්ය යන්න මගේ අදහසයි. ඔහු සහ තවත් අය ලක්වන චෝදනාවක් නම් රනිල් වික්‍රමසිංහ වැනි අය ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට පැමිණීමය. රනිල් සහ මෛත්‍රී ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය බැලීමට පැමිණීම විවේචනයට බඳුන් වුයේ බොහෝ විට රනිල් සහ සාහිත්‍ය කලාව කන්නද යයි ඇසූ දේශපාලන නායකයාට අතර ඇති ඥාති සම්බන්ධය නිසා විය යුතුය. එසේම ජනතාවට එරෙහිව බැරල් යෙදවීමේ ප්‍රයෝගික අත්දැකීම් රනිල්ට ඇති නිසාද විය හැකිය.මාර්ටින් හෛඩගර් නාසි පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටියද ප්‍රංශ හමුදාව ඔහු නිදහස් කල බවත් ඔහුගේ දර්ශනවාදය පිළිබඳ හැදෑරීම් අදටත් භාවිතා වෙන බවත් අමතක කල නොහැකිය.
දීප්ති කුමාර ගුණරත්න , සුන්දරත්වයෙන් පසු කලාවෙහි (පි.203) කියන්නේ මෙසේය.
"‘සෞන්දර්යීය’ ඉන්ද්‍රියගෝචර ලෝකයෙන් කලාවට සහ සංස්කෘතියට ඒ නයින් දේශපාලනයට ඇතුළුවනවා යනු මිනිසාගේ අතාර්කික පැවැත්ම ව්‍යුහගත වන අඩවියක් ලෙස කලාව සහ දේශපාලනය අභිෂේක වීම.යි බෙන්ජමින්ට අනුව සුසමාදර්ශී විතැන්වීමකිි. නූතන මිනිසාට පැරණි මිනිසාට එරෙහිව උභය ජීවී පැවැත්මක් ඇති අතර එය ඉන්ද්‍රිය ගෝචර ඥාණයට විසඳිය නොහැකි ගැටලුවකි. නූතන කලාවට දාර්ශනික අදහසක් අවශ්‍ය වන්නේ මේ නිසාය."
ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ ග්‍රන්ථයේ කතුවරයා ඉහත කී රනිල් වික්‍රමසිංහට රෙදි නැතිව කඩේ යන්නකු ලෙස ඇති පිළි ගැනීමයි. මට අනුර කුමාර දිසානායක සහභාගී වුනු ලන්ඩන් සමුළුවේ කිසියම් තෝරාගත් ප්‍රකාශයක් කල අයෙකු හමුවිය. ඔහු ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය සඳහා වූ ස්ථානයක ඉහළ තනතුරක් හෙබවූ අයෙකු ලෙස හඳුන්වා ගත්තේය. අවාසනාවකට ලන්ඩනයේ ජීවත්වූ හා වන නිසා මම ඔහුව දන්නේ නැත. ඔහු කීවේ දීප්ති යනු ආත්මයක් නැති අපතයෙකු බවත් දීප්ති කල දෙයක් නැති බවත් රනිල්ගේ කුණු සෝදන තැනැත්තෙකු පමණක් බවත්ය. සමහරුන්ට අනුව එය එසේද විය හැකිය. මා දන්නා පරිදි දීප්ති සිතන්නේ ශ්‍රී ලංකාව ධනවාදය යටතේ දියුණු විය යුතු බවත් ලාංකිකයාගේ මිනිස් චර්යාවන් වෙනස් විය යුතු බවටත්ය.
මේ තැනැත්තා ඉන්පසු හෙළිදරව් කලේ අමුතුම දෙයකි. ඔහු 2010 ජනාධිපතිවරණයේදී සහය දුන්නේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බවය. ෆොන්සේකා යනු මිනි මරුවෙකු මෙන්ම රාජ්‍ය බලය ලැබීමට නුසුදුසු අයෙකු ලෙස ඔහුගේ ජනතාව සිතන බැවින් ඒ පියවර ගත් බව ඔහු තව දුරටත් පැවසිය. එසේනම් මහින්ද රාජපක්ෂ ගැන ඔහු සිතුවේ කෙසේද? ෆොන්සේකා ගේ නායකයා වූයේ රාජපක්ෂ නොවේද? ඔහු දැන් සහය දීමට සිතන්නේ අනුර කුමාර දිසානායකටය. 2010 මැතිවරණයේදී අනුර ඇතුළු ජවිපෙ සහය දුන්නේ ෆොන්සේකා ටය.
මා කීවේ දීප්ති සමහර විට රනිල් විසින් රාජපක්ෂ බේරා ගැනීම නොව ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වලක්වාලු අයෙකු ලෙස උදව් කරනවා විය හැකි බවය. නමුත් අපට අමතක කළ නොහැකි කාරණය නම් රනිල් රාජපක්ෂලා බේරා ගත් බවය. ඒ අතින් ඒ අනුව ඔහු හා දීප්ති අතර වෙනස කුමක්දැයි මම ඇසුවෙමි.
මට ඇත්තටම වැදගත් දීප්ති සංස්කරණය කළ හිස්ටිරියා ව, ලියූ පොත් වන කලාව සහ විසංයෝජනය , ඇසිඩ් වැස්ස විනෝදය ආදී දේ මිස ඔහු රැකියාවට කරන දේ නොවේ. මම ආචාර්ය දයාන් ගේ පියා වන මර්වින් සිල්වාගේ ලංකා ගාඩියන් සඟරාව කොල්ලා කාලයේ මිලදී ගෙන කියවූ අයෙකි. ලන්ඩන් සඟරාවේ කොපිද මා ළඟ තිබේ. මේවා ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන දර්ශනය වෙනස් කල ඒවාය.
මගේ පොතක් එලි දක්වන වෙලේ මා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට ආරාධනා කළෙමි. නමුත් දීප්ති එන්නේ නම් ඔහු සහභාගී නොවන බව පැවසීය. මම දීප්තිට ඒ බව පැවසීමි. මා දීප්තිට කීවේ සුනිල් විජේසිරිවර්ධන සෝවියට් දේශයේ උගත් අයෙකු වශයෙන් මට මේ අවස්ථාවේදී ඔහුව වඩා වැදගත් බවයි. දීප්ති එය පිළි ගත්තේය. ඔහු විසින් පෙර කලෙක කළ විවේචනයක් නිසා එම තත්වය උද්ගතව ඇති බව ඔහු කීය.
දීප්ති සමග අජිත් පැරකුම් මෙන්ම චන්ද්‍රගුප්ත තේනුවරටද ඒ කාලේ ප්‍රශ්න තිබුණි. දැන් ඒවා සමනය වී ඇත්දැයි මම නොදනිමි. ඒ බවක් පෙනී යයි. මිනිසා යනු දේශපාලන සත්වයෙකි.
සමහරවිට පහත ඡේදයෙන් පසු නැවතත් තේනුවර දීප්ති සමග කතා කරයිද යන ප්‍රශ්නය මගේ පෘථග්ජන සිතට නැගේ.
“එමෙන්ම කාන්ට් සිය තෙවන විචාරයේදී (Critique of judgement) සොබා දහම පිළිබඳ කුතුහලයට තුඩුදෙන උදාහරණයක් දක්වයි. ඔහු ප්‍රංශ ගැමියකුගේ මහන්තත්වයෙන් යුතු ප්‍රකාශයක් අතිශයෝක්තියට නඟන ලදී. ගැමියා මෙසේ ප්‍රකාශ කරයි. අතෘප්තියෙන් කුල්මත් වූ බුර්ෂුවා සංචාරකයෙක් හැර වෙන ඕනෑම කෙනෙක් හිමෙන් වැසී ගිය කඳු පද්ධතියක් නිසා මෝහයට පත් වන්නේ නම් ඒකා මෝඩයෙක්. බැ රල්වාදයට එන විටදී තේනුවර විසින් කරන්නේ ත්‍රිමාණ ලෝකයක පැවති ඉන්ද්‍රීය ගෝචර අත්දැකීම් අත්හිටවීම නොව එම අත්දැකීම උත්කර්ෂයට නැංවීමයි. එම නිසා තේනුවරද රටේ ජහමනයකු පරිදිම බැරල් දකින්නේ ත්‍රිමාණ ලෝකයක් තුළදීය. ගැටලුව වන්නේ ඝනිකවාදයේ දී සහ ක්‍රියාකාරී චිත්‍රවලදී මෙන් තම සංවේදනය පැතැලි කැන්වසයකට ගෙන ඒමයි. තේනුවර ඉන්ද්‍රියගෝචරත්වයට නැතහොත් සංවේදනයට ප්‍රමුඛ තැන දෙන අතර සංකල්පීයතාවයට දෙවැනි තැන ලබාදෙයි. එය චිත්‍ර කලාව සංකල්පවලින් ජ්‍යාමිතියට ගොදුරු කිරීමකි.” (පිටුව 206)
මහාචාර්ය සුචරිත ගම්ලත් කලාව ගැන මෙසේ සඳහන් කරයි.
"කලාව යනු සමාජයේ දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යුහයේ කොටසකි. ඒ නිසා කලාවත් දර්ශනවාදයේ දේශපාලනය ආගම යනාදී උපරි ව්‍යුහයේ අනික් කොටසුත් අතර අන්තර් සම්බන්ධය පවතී. කලාකරුවෝ වනාහී සමාජ සම්බන්ධතාවලට උඩින් එක්ටැම් ගෙවල වසන්නා වූ සුප්‍රසිද්ධ වූ සුවිශේෂ සත්ව විශේෂයක් නොවෙති්. ඔවුන් ජිවත් වන්නේ සමාජ සම්බන්ධතා තුළය. එහෙයින් සමාජයේ පවතින දෘෂ්ටිවාද ඔවුන්ගේ අධ්‍යාත්මයන් විනිවිද යයි. අනතුරුව ඒවා ඔවුන්ගේ කලා කෘතිවලට ඇතුළු වෙයි." (සති සිතුමිණි 3. පිටුව 55)
"වෑන් ගෝ ගේ “තරු පිරි අහස’ වැනි චිත්‍රයක ඔහු මතු කරන්නේ, වර්ණ නොව කොබෝල්ට්, සින්ක් වන ලෝහ වර්ගයන් ය. මෙය, අර්ථය වෙනුවට හැඟවුම්කාරකය භාතික කරන යථකි. (දීප්ති කුමාර ගුණරතන)
පහත ඇත්තේ මගේ දෙටු දියණිය ශනායා විසින් වයස දහයේදී පමණ නැවත ඇඳි එම චිත්‍රය මය. ඇයට වැන් ගෝ ගේ තරු සියල්ල පෙනුනේ සූර්යයන් ලෙසය. එහි වැරැද්දක්ද නැත.
එසේම සැල්වදෝර් ඩාලි ගේ චිත්‍රද දීප්තිගේ පොත කියවා විමසන්නට උත්සාහ කරන්න.
ලෙනින් ගේ උද්දීපනය -1931
සිහිනය - ඩාලි
1931
දීප්ති කුමාර ගුණරත්න ගේ පොතේ මිල රුපියල් හාර දහස් පන්සීයක් පමණ වේ. මම එය මිලදී ගත්තා මිස නිකන් දුන් පොතක් නොවේ. එය කොෆී ටේබල් වර්ගයේ පොතකි. කෝපි කෝප්පයක් හෝ තේ කෝප්පයක් මිලදී ගන්නා ගමන් වරින් වර ගොස් කියවන්නට, නරඹන්නට හොඳ පොතකි කොෆි ටේබල් පොත් ගැන හොඳ ලිපියක් නිදි ගේ පංචතන්ත්‍රය බ්ලොග් අඩවියේ ලියා තිබේ. එයට මෙතැනින් යා හැකිය.
- අජිත් ධර්මකීර්ති 21/07/2024
මූලාශ්‍ර:
Learning to Look at paintings - Mary Acton
සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත්
Dali - Robert Descharnes, Gilles Neret
(මහාචාර්ය ගම්ලත් ගේ සති සිතුමිණි 1 සහ 2 තිබෙන අයෙකු ගෙන් ඒවා මිලදී ගැනීමට මම කැමතිය.)
ප.ලි. මෙම ලිපියේ ඇතැම් කොටස් ලිවීමට මූකලන් යායේ මහා බසු තුමා සඳහන් කල ස්පිච් ටු ටෙක්ස්ට් භාවිතා කළෙමි. ඒගැන ඔහුට මගේ ස්තූතිය හිමිවේ.
ඉස්සෙල්ලාම මේ වගේ බරසාර ලිපියක්, ස්පිච් ටු ටෙක්ස්ට් ක්‍රමයට ලිව්වාට මගේ සුභ පැතුම්. මම කොහොමත් චිත්‍ර ගැන උනන්දුයි, ඒත් මට ඔය සම්භාව්‍ය විචාර භාෂාව නං දිරව ගන්න අමාරුයි. ඒනිසා මම ඒවා ගැන දැන ගන්න යන්නෙ මේ තැන් වලට:
ReplyDeleteArt Deco
Great Art Explained
කියන්න හදපු දේ හරියට තේරුනාද මන්දා?🤔
Deleteමම සිම්පල් බස්සෙක්. මට බරසාර, සම්භාව්‍ය විචාර තේරුම් ගන්න තරම් මොලයක් නෑ. ඒ නිසා මට පිකාසෝගෙ ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට්, වැන් ගෝ ගේ චිත්‍ර රස විඳින්න බෑ. ඒත් මම ඉතාලි රෙනෙයිසොන් චිත්‍ර වලට පට්ට මනාප නිසා, ඒවා සරලව කියල දෙන තැන් වලට තමයි යන්නෙ.
මේක සම්භාව්‍ය විචාරයක් නෙමේ. පොත කියවල මගේ අදහස ලියපු එකක්. පෞද්ගලික සටහන් දමන්නේ නැහැනේ සම්භාව්‍ය විචාර වලට. ඉතාලි චිත්‍ර ව්ලාට මමත් කැමතියි. ඒවායේ පිටුපස තිබෙන කතන්දර නිසා. අනික ඔයට මොලයක් නැහැ කියන එක බොරු කතාවක්.ඔයාට තියෙන්නේ කම්මැලි කමක් විතරයි . මමත් දීප්තිගේ සහ අනිත් අයගේ ලිපි කියවලම තම වචන තේරුම් ගත්තේ. තවමත් විදර්ශන කන්නන්ගර ලියන ඒවා අමාරුයි තේරුම් ගන්න වෙලාවකට. සිංහල ප්‍රශ්නේ නිසා.
Deleteමම කැමති ඉතාලි gay twinks ලට සහ shemales ලට. ඔබතුමන්ලත් එයාලට කැමතිද?
Deleteඉතාලියේ ඔය සීන් එක පුනරුදය කාලේ ඉඳලම තදට තිබ්බ කියල මම හිතන්නේ. අර ෆිස්ක් ගේ පොත කියවන්න
Deleteස්තුතියි අජිත් මහත්මයා
Deleteමමත් බස්සා වගේ තමා .. චිත්‍ර වලට පට්ට ආසයි.. හැබැයි සම්භාව්‍ය පාට් එකට එච්චර ආස නෑ
Deleteමෙතැන කලාව කියල කියන්නේ චිත්‍ර, සංගීතය, පොත් , නාට්‍ය ඔක්කොටම. සම්භාව්‍ය පාට් කියල වෙනම හිතන්න අවශ්‍යත් නැහැ
Deleteහරිම වැදගත් ලිපියක්...තරු පිරි අහස බලන් ඉන්න ආස හිතෙන චිත්‍රයක්. දුවගෙ එකත් ලස්සනයි ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.
ReplyDeleteස්තූතියි ශානිකා
Deleteමේ ශානිකා නෙමේ වත්සලා නංගි නේද
Deleteමේක කියවන්න ඉන්නේ මම ඊට කලින් කලාව සහ විසංයෝජනය කියවල හිටියනම් හොදයි කියල හිතෙනව
ReplyDeleteමං ළඟ මේ පොත තියනවද කියල මතක නැහැ. හිස්ටිරියාව , විනෝදය , ඇසිඩ් වැස්ස හෙම තියනවා. මේ පොත කියවන්න ඒක අවශ්‍යම නැහැ. නමුත් කියවල තියෙනවනම් හොඳයි මම හිතන්නේ
Deleteමං මියුසික් නොතේරෙන සහ රස විඳීම අවම දුර්ලභ ගණයේ ආබාධිතයෙක් නිසා පේන්ටින්, ලයින් ඩ්‍රෝවින් වගේ දේවල් වඩාත් රස විඳිනවා.
ReplyDeleteපේන්ටින් ගැන මගේ රස විඳීම පරණ තාලෙ. සීනරීස්, එපික් පේන්ටින්ස් (යුද්ධ සීන්ස් වගේ ) සහ සත්තු/ගස් වගේ දේවල් තමයි.
මට පේන්ට් කරන්න බැරි නිසා ඉඳල හිටල ලයින් ඩ්‍රෝවින්ස් කරනව. හැමදාම පේන්ටින් ඉගනගන්න ඕනෙයි කිව්වට සහ ඊස්ල් එකක් ගත්තට කවදාවත් පටන් ගත්තෙ නම් නෑ. :- D
//ලයින් ඩ්‍රෝවින්ස් කරනව//
Deleteඅපිට ඒව බලන්න අකැපද අපෙ හාංදුරුවනේ?☹️
ඊස්ල් එකක් කියන්නෙ මොකක්ද?
සොරි "ඊසල්" විය යුතුයි. (ඕක තමයි මං ඉස්සර සිංහලෙන් ලියන්න බය වුනේ . කොහෙද ඉතිං ............ :- )
Deletehttps://store.abovegroundartsupplies.com/departments/easels-%7CH1.html
//අපිට ඒව බලන්න අකැපද//
Deleteලිස්සන නොක්ටර්නල් ඒවියන්ස්ලට ඩිජිටල් අඳින්න පුලුවන් වුනාට මට බෑනෙ.
ඔන්න මගෙන් ඊසල්
DeleteWow ! You really have the talent to be a caricaturist ! (Not a joke). I have seen many books (mainly, memoirs ) with similar sketches !
DeleteYour ones must be even better if you do on real paper with pencil.
අපේ ගෙදර ඊසල් එකක් තියෙනවා ශනායා සහ ඉනෙස් භාවිතා කරන . ප්‍රා දැක්කද , //පේන්ටින් ගැන මගේ රස විඳීම පරණ තාලෙ. සීනරීස්, එපික් පේන්ටින්ස් (යුද්ධ සීන්ස් වගේ ) සහ සත්තු/ගස් වගේ දේවල් තමයි.// මුලදී රුසියාවේ කාලේ එහම මමත් එහමයි. පස්සේ ඩාලි, පිකාසෝ ගේ ඒවා ඉගෙන ගන්න කොට ෆන් එක වැඩියි. දැන් මමයි පොඩි දුවයි එක්ක ගැලරි එකට යන්න ඉනෙස් වත් කැමති නෑ . එච්චරට වෙලාව ගන්නවා කියල බලන්න
Deleteබසුතුමා ඒක මරු නේ
Deleteඅපි මොන ආර්ටිස්ලද, සෑර්? මවුසාගෙන් පට්ට කාටුන් ඇඳපු බොලොග්කාරයෙක් උන්නා. උන්දැත් දියවෙලා ගියා. ☹️
Deleteඅද කාටුන් - 17
ඉඳලා හිටලා කොටා ගත්තට නිදියයි, ගමයයි, තට්ටයයි තමා දැන් මේක ඇදගෙන යන්නෙ.👌💐🙏
සංසාරේ හැටි ඔහොම තමයි
ඕක අර බුද්ධි ගේ නේද , එයාගේ පුතා එකක් පොත් ලීවේ. ඒ පොත් දෙකකටද කොහෙද සල්ලි යැව්වා. හම්බ වුනේ නැහැ
Deleteතවමත් ගොඩක් දේ ඇත මට දැනගන්න
ReplyDeleteමොළෙත් තියේ ඉඩ ඒවා දා ගන්න
මොකද වෙන්නෙ තිබ්බත් දේ නාල්ලන
කියවන්නෙමි- මේ වැනි ලිපි රුචි වඩන
අජිත් මහත්තයෝ, ගොඩක් ස්තුතියි මගේ blog අඩවියටත් ප්‍රචාරයක් දුන්නට!
ප්‍රචාරයක් දෙන්නම නෙමේ නිදි එහෙම දැම්මේ. උචිත බව නිසා. මේ පොතත් මම හිතන්නේ එහෙම පොතක් කියල.
Deleteදේශපාලනෙට මගෙ ඇති අකමැත්ත
Deleteකම්මැලික මගේ තිබෙනා බව ඇත්ත
මිනිසා සතෙකි දෙස්පලු ,එය සත්ත
ඇවැසිය එහෙත් උකහා ගත යුත්ත
දේශපාලනය අප කැමති වුවත් නැතත් අපේ ජිවිත හරහා යන කිනිස්සක් මෙනි. හදවත් හරහා ගියොත් මැරේ . නැතිනම් තුවාලය සහිතව් ජිවත් වේ.
Deleteඅජිත් මහත්මයා, අන්න අටවන ජනා පිනාට ශ්‍රේෂ්ඨාධිකරණය දීල දුං වීසි වෙන්න.😂😂😂
ReplyDeleteපොරට දැන් හිතෙනවා ඇති , අර ඒ කාලේ වගේ ජනා කෝල් එක දෙනකන් තින්දුව නවත්වාගෙන ඉන්න විධිහට තියන් හිටියනං හොඳා කියල
Deleteඅජිත්, මේ යකා එදා ඉඳන්ම අති උද්දච්ච අති පණ්ඩිතයෙක්. හිතන් ඉන්නෙ මං තරං ගැට කාරයෙක් ලොවෙත් නෑ කියල. අන්තිමට පක්ෂෙ විනාශ කරල පස්සෙ දොරෙන් ගිහින් පිං ජනාධිපති වුනා.මේ පාර මේ යකාට ඇපත් නෑ. 😂😂😂
Deleteඅජිත් ධර්මකීර්ති බ්‍රෝ,
ReplyDeleteඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් වෙඩික්කරුවා සොයා ගැනීමට වහාම ක්‍රියාත්මක වූ සී.අයි.ඒ. ඒජන්තයා වෙඩිල්ල ආ ගොඩනැගිල්ල දෙසට දිව ගියා.
තරප්පු පෙළ නැග ඉහළම මාළයේ තලක්කට්ටුවට නැගි ඒජන්තයා සිය නවීන ගිනි අවිය ඉදිරියට මානා විවෘත අවකාශයට පීනුවා.
කොට තාප්පයේ කෙළවරට වී හිට ගෙන සිටි ස්නයිපරයාගේ පිට දුටු ඒජන්තයා “ෆ්‍රීස්! සී.අයි.ඒ. යූ ආර් අන්ඩ අරෙස්ට්” කියමින් සෙමින් ළං වුණා.
එකිනෙහිම ස්නයිපරයා උස බිල්ඩිමේ කොට තාප්පය උඩට නැග්ගා. අපැහැදිලි කිසිවක් මුරගාමින් ඔහු ගොඩනැගිල්ලෙන් බිමට පේන්නේ සී.අයි.ඒ. ඒජන්තයාට ළං වෙන්නට ඉඩ නොතබමින්.
“නෝ…” කියමින් ඉදිරියට දිව ගිය ඒජන්තයා තාප්පයෙන් එබී බැලුවා. වැටී සිටි ස්නයිපරයාගේ හිසින් ගලන ලේ පාර ඔහුට පෙනුනා. බිමට බැසීමට හැරෙනවාත් සමගම තාප්පය උඩ මාලිමාවක් බරට තබා තිබූ කඩදාසි කෑල්ලක් ඒජන්තයාගේ නෙත ගැටුනා.
සුළඟට වැනෙමින් තිබූ එම කඩදාසිය සෙමින් අතට ගෙන කියවූ ඒජන්තයාගේ දෙපා පණ නැතිව ගියා.
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය”
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (2022) -
කියා එහි පැන්සලකින් ලියා තිබුණා. 😁
සීරියස්ලි
Deleteමමත් පුනරුද සමයේ කලාවට හරි ආසයි .. ආර්ට් ගැලරි වල රස්තියාදු ගහන එකත් කැමති වැඩක් .. නමුත් ඔය ආර්ට් ගැන ලියවෙන සම්භාව්‍ය දේවල් කියවන්න කැමති නැහැ .. බර වැඩියි .. ගොඩක් වෙලාවට හිතෙන්නේ තේරුමක් නැති මල විකාර කියල .. චිත්‍ර කියන්නේ ඕනේ කෙනෙකුට කැමති විදියට රසවිඳින්න පුළුවන් දෙයක් කියලයි මම හිතන්නේ
ReplyDeleteචිත්‍ර ඕන කෙනෙකුට රස විඳින්න පුළුවන් ඒකෙ අවුලක් නැහැ. ඔය මම උඩ ලියල තියෙන්නේ පුනරුදය කලාවේ එක චිත්‍රයක් ගැන ලියපු පොතක් ගැන. අරගෙන කියවන්න. වෙනම ලෝකයක් මැවෙයි. https://www.alanfisk.com/
Deleteසමහරු සින්දුවේ අතීත කතාව හොයනවා නේද? සමහරු ඒවා කියවනවා. ඒවාට කැමතියි. සමහරු ආස සින්දුව අහන්න විතරයි. ලෝකය විවිධයි විෂමයි. මම සම්භාව්‍ය දෙයක් ලීවද කියන්න මම දන්නේ නැහැ. නමුත් හුඟක් විචාර කියවන කෙනෙක්. මම නොදන්නා දෙයක් කවුරු හරි කියල දෙනවට කැමති කෙනෙක්. ඒත් ඉතින් ඒ මම.