Monday 29 July 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 3 - අළුත් නිවසට



කතාවේ කලින් කොටස් දෙක මෙතන 

අපි ලේටන්  වල ඉඳන් අලුත් නිවසට බඩු ඇද්දේ  වෑන් එකක් කුලියට අරගෙන. ඉතුරු බඩු  ටික ෆෝඩ් ෆියෙස්ටා එකේ. පොඩි කාර් එක වුනාට බඩු ගොඩක් ඒකෙ පටවන්න පුළුවන්. ඇල්බටා තරිඳුවා ගේ ඔයිල් පැල්ලම් පොත  ගැන මම ලියද්දි ඒ කාරෙක ගැන ලීවා මෙතන.  මට දැන් පේනවා බ්‍රයන් නලියනවා කාරෙක ගැන මොකද්ද කියන්න.

"උඹ පරණ කාර් වලට කැමතිද" 
"එහෙම එකක් නැහැ. අපට අතේ වැඩිය සල්ලි නැති නිසාත් මේක අඩුවට ලැබුන නිසා ගත්ත එකක. රන් කරන්න ලාභයි ." මම  කිව්වා.
"ජර්මනියේ හදන ඕන කාර් එකක් හොඳයි." බ්‍රයන් නිකන් යාලු කමට වගේ කීවේ ඒකනම්.  බ්‍රයන් ට තිබ්බේ  ක්ලැසික් Mazda කාර්  එකක්. මට ඒකෙ  හෙඩ්  ලයිට් වහල දල ස්ටාර්ට් කරන කොට ඇරෙන එක නම් නෝටිස් වුනා ටක් ගාල. 

අපි ඇවිත් තුන්වෙනි දවසේ වගේ මම වැඩ ඇරිලා ගෙදර එනවා.  ගේ ඉස්සරහ පොලිස් කාර් දෙකක්. මම බැලුව බ්‍රයන් කාරයට කවුරුහරි පිහියෙන් ඇනල වත්ද කියල. නැහැ මෑන් එළියේ හිනා වෙවී කතා කර කර ඉන්නව.

මට ලියන්න අමතක වුනා කලින් ලිපි දෙකේම. අපට ගේ වික්ක අයිරිෂ් යුවල කියල තිබ්බ බ්‍රයන් පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් කියල. ඉතින් මම හිතුව පරණ  සෙට් එක වෙන්න  ඇති කියල.

මම කාර් එක පාක්  කරලා හිනාවක්  දාගෙන ගෙට  යන්න හදන කොට බ්‍රයන් කතා කළා.
"අජිත් මේ මගේ දුව ජැකී"  . බ්‍රයන්ට වැඩිය උස, අඩි හයක විතර පොලිස් කෙල්ල අත ඔසවලා හෙලෝ කියන්න සංඥාවක් කළා. ඊට පස්සේ බ්‍රයන් අනිත් පොලිස් කාරයා  පෙන්නල කීව,
  
"මේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් බැරී. මගේ දුව බ්‍රිටිෂ් ට්‍රාන්ස්පෝර්ට් පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මාව බලන්න එනවා සතියකට සැරයක් වගේ"

"කොච්චර හොඳද" කියල මම ගෙට ගියා. මොකද උන්  දෙන්න අතට අත දෙන්න ආවේ නැහැ, සාමාන්‍ය  සුද්දෝ කරන විධිහට. නිකම් විමසුම් බැල්මක් දාගෙන හිටිය විතරයි.

ඉනෙස් ආවහම මම කතාව කීව. අපට නිකන් පාට් එක්ක දාන්න පොලිස්  දුවව ගෙනාවද කියන අදහසත් හිතට ආව . ඉනෙස් කීව එයාගේ දුව තාත්ත බලන්න එන එක සාමාන්‍ය දෙයක් නේ කියල. ඉනෙස් ගේ රීසනින් හුඟක් වෙලාවට හොඳයි ඒ වගේ.  
ඊට පස්සෙම දවසේ බ්‍රයන් ගාඩ්න් එක පැත්තෙන් හම්බ වුනා. අපි දෙගොල්ලගෙ ගේ පිටිපස්සේ ගාඩ්න් දෙක  වෙන්වෙන්නේ කොට ලී පැනෙල් ගහපු වැටකින්.  බ්‍රයන්  ගේ ගාඩ්න් එක ලොකුයි. මොකද ඒක කාමර  හතරේ පළල්  ගෙයක්. අපේ ගේ කාමර තුනේ ගෙයක්. බ්‍රයන් ගේ කෙලවරේ එකක් නිසා තව ඉඩ තිබ්බ. එයා ඒකට ඉදිරි දොර ගාව ඉඳන් ගේ පිටි පස්සට වෙනකන් ගරාජ් එකක් හදල තිබ්බ. හැබැයි ඒකට කාරෙක දාන්නේ නැහැ. මිනිහගේ වඩු වැඩ ආම්පන්න, ප්‍රෙෂර් වොෂර් , තව අඩුම කුඩුම වගයක් තමා තිබුනේ. බ්‍රයන්ට ඕනේ ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. 

මම වැඩ කරන ඩිපිඑස් මෘදුකාංග ආයතනයේ වැඩත් හොඳින් ගලාගෙන යනව, ගිහින් අවුරුද්දකට හමාරකට පස්සේ මම මගේ කම්පැනි එක වහල දැම්ම. මොකද එංගලන්ත නීතියට අනුව වසරකට සැරයක් ආදායම් වියදම් යවන්න ඕනේ කම්පැනි හවුස් එකට. ඒ වෙනකොට ඒ බිස්නස් එක නිවාඩු වෙලාවේ  හෝ සෙනසුරාදා, ඉරිදා  කරන එකත් මම අත ඇරිය. හිටිය ක්ලයන්ට්ස් ලාටත් වෙන අතක් බලා ගන්න කියල. ස්කොට් මට උදේට පරක්කු වෙලා එන්න ඉඩ දීල තිබ්බේ. flexible ටයිම් කියල. ඔෆිස් එකේ ඉඳන් ගෙට එන  A 10 පාරේ දකුණු පැත්තේ ලොකු තණ පිට්ටනියක්  තියනවා ෆුට්බෝල් ස්ටේඩියම් එකක් එක්ක.  වැඩ කරන සෙට් එක ඔතනට ෆුට්බෝල් ගහන්න යනවා සතියකට දින දෙක තුනක්. . මමත් කැමතිම ගේමක් නිසා මමත් එකතු වුනා. එතන ඉඳන් ගෙදෙට්ට පයින් එන්න පුළුවන්. ඒ දවස් වල ෆුට්බෝල් ගහපු කම්පැනි එකේ උන්  ගෙන් පොඩි රොබට් හෙවත් රොබට් කුක් තවමත් දැන් ඉන්න කම්පැනි එකේ වැඩ කරනවා. ඉතින් එතන ෆුට්බෝල් ගහල ඒ ළඟම  තියෙන පබ් එකේ බියර්  එකක් දෙකක් බිල  කට්ටිය ගෙවල් බලා යන්නේ. බියර් වලට හුඟක් වෙලාවට කම්පැනි එකෙන් ගෙව්වා. ඒ කාලේ හැම  සිකුරාදාම හවසට බියර් (හෝ වෙනත බීමක් උනත් ගන්න  පුළුවන්)  බොන්න යනවා කම්පැනි එක ගානේ.  පොඩි බොසා  ස්කොට් (ඔපෙරේෂන් ඩිරෙක්ටර) සහ ලොකු බොසා ඔස්මනුත් ඉඳල හිටලා එනව. හවසට ගෙදර ආවම  මම නිදහස්. සෙනසුරාදා ඉරිදා අපි දෙන්න ඇවිදින්න කොහේ හරි යනවා. මේ නිසා මට හිතුන තමන්ගේ බිස්නස් එකක් කරනවට වඩා මේක ආතල් කියල ජිවිතේට. ඉනෙස් ගේ අදහස වුනෙත් ඒකයි.

 ස්කොට් මට එන්ජියරින් පූල් එකේ තිබ්බ කම්පැනි කාරෙකක් අඩු ගානට ගන්න කීව, මොකද කම්පැනි එකට අලුත් ඒවා ගන්න නිසා. සාමාන්‍යයෙන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් කාර් විකුණන කම්පැනි එකකින් ඇවිත් අරන් යනව. මේක ෆෝර්ඩ් එස්කෝට් එකක්.. මම ඒක  අරගෙන ආවහම බ්‍රයන් බලන් ඉන්නවා ගේ ඉස්සරහ.

"උඹලට දැන් කාර් දෙකක් තියනවනේ. උඹට පයින් යන්න පුළුවන් නේද "
මම කිව්වා 
"මම දාඩිය දාගෙන යන්න කැමති නැහැ ඔෆිස් එකට. මේක ලෙහෙසියි. විනාඩි පහයි. මට අට වෙනකන් බුදිය ගත්ත හැකි. " කියල. 
ටිකක් නම් මනම් කතා කරල  බ්‍රයන් කියනව - "මම උඹල දෙන්නට කැමතියි. උඹල අපේ බදු සල්ලි වලින් ජිවත් වෙන උන් නෙමේ. තමන් මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවල ජිවත් වෙන උන්ට මම කැමතියි " 
 
  මම හිතුව මෙයා  මේ සංක්‍රමණික විධිහට ඇවිත් දේශපාලන අනාථ භාවය ඉල්ලන අය ගැන කියන්නේ කියල. ඒ නිසා මම  කිව්වා, "බ්‍රයන් සමහර වෙලාවට අනාථයෝ විධිහට එන අයට මුලදී අමාරු නිසා රජය උදව් කරන්නනේ".
 කියල පොරව තරහ කරගෙනත් බැහැනේ.
බ්‍රයන් කියනවා. "නැහැ මම ඒ ගැන නෙමේ කිව්වේ. අපේ සමහර එවුන් (ඉංග්‍රීසි හෝ බ්‍රිතාන්‍ය ජාතික) උපන්දා  ඉඳන්න්  රස්සා නොකර ආණ්ඩුවෙන් කකා ඉන්නවනේ. ඒකට මම අකමැතියි. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ දුවට  අවුරදු හදහඅටේ ඉඳන්  ආණ්ඩුවෙන් ගෙවනවා. රස්සාවකට යන්නෙත් නැහැ. මහතයි, අරකයි මේකයි, හයියෙන්  ඇවිදින්න බැහැ වගේ  මගුල් කියල සල්ලි ගන්නවා ආණ්ඩුවෙන්. අපේ ගොබ්බ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ.  රස්සාවක් නම්, ඕකි  මම දන්නා කාලෙක  ඉඳන් කරන්නේ නැහැ"

"හැමෝම රස්සා කල  යුතු බව නම් මමත් පිලි ගන්නවා බ්‍රයන්. එංගලන්තේ ඔය විධිහට සහනාධාර  දෙන්න පටන් ගත්තේ සෝවියට් දේශය නිසා. මෙහෙ දුප්පත් මිනිස්සුත් කැරලි ගහයි කියල"
 
"අපොයි ඒ ඒකාධිපති රාජ්ජේ  ඉවර වෙච්චි  එක හොඳයි. අපි උන්ට වැඩේ දුන්න."
කියල බ්‍රයන් මහා හඬින් හිනා වුනා.

මටත් පොඩ්ඩක් තදවුනා කියපු කතාවට. සෝවියට් බයස් නේ මම. නමුත් මම පෙන්නුවෙ නැහැ . 
බ්‍රයන්, කොමියුනිස්ට් වාදයේදී හැමෝම වැඩ කරන්නේ තමන්ගේ හැකියාවට අනුව, අවශ්‍ය තරමට. නමුත් හැමෝම රැකියා කරනවා. නොකර ඉන්න බැහැ. සෝවියට් දේශයේත් ඒක එහෙමයි."
 බ්‍රයන් මං දිහා බැලුවේ ටිකක් විමතියෙන්. මම රුසියාවේ හිටිය කියල මෙයාට තවම කියල නැහැ. එහෙම කියල මම මාරු වුනා ගේ ඇතුලට.

ඉනේස්ට කීව බ්‍රයන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල. බ්‍රයන් ගේ වයස හැත්තෑවක් විතර ඇති ඒ වෙනකොට. ඉතින් අර විධිහට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කීවහම පොඩ්ඩක් විතර හිනා ගියා මට. වැරදියි තමා. දැන් දන්නවා හීනවීම අනවශ්‍යයි කියල. 

මම ලීවනේ අනිත් පැත්තේ ගෙදර වයස අසූවක විතර අච්චියෙක් ඉන්නේ කියා. එයාගේ හැට වියැති දුව හා බෑනා එනව එයාව බලන්න හැමදාම වගේ. ඇවිත් ගාඩ්න් එකේ වැඩ කරලා මල්වලට වතුර දාල වල් පැල උදුරලා හෙම යන්නේ. තමන්ගේ පුංචි ගාඩ්න් මල් වවල හෙම ලස්සනට තියා ගන්න එක යුරෝපීය  මිනිසුන්ගේ හොඳ සිරිතක්. ඒ වගේම  පොඩි පර්චස් දෙකේ වගේ ඉඩම් කෑලි ආණ්ඩුවෙන් අරගෙන ග්‍රීෂ්ම කාලෙට එළවලු වවන එකත් මේ අය කරනවා. ඒවාට අලොට්මන්ට්  කියල කියන්නේ. ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඒ වගේ  ඉඩම් හරි අඩුයි  දැන්නම්.  මෙහෙ ඉන්න ඒ වගේ වග කරන  කරන අපේ යාලුවෝ  ඉන්නව. අපේ යෙහෙළියක් වන ටෙක්ලා  ඒක හොඳටම කරන කෙනෙක්. අපටත් හොඳ එළවලු  හම්බ වෙනවා  එයාගෙන් සමහර වෙලාවට.  සුජිත්  සහ ඩිලානි  කියල යුවලක් ඉන්නව ඒ වගේ ගෙදර තරමක් ලොකු ගාඩ්න් එකක් තියෙන නිසා ඒකෙ  එළවලු වවල  යාළුවන්ටත් දෙනවා.   අපේ පුංචි ගෙවත්තෙත් ඉනෙස් තක්කාලි, සුහිනි , බෙරි වර්ග (මාදං වගේ) දාල තියනව. 

මේ ආච්චි දුවල ගාවට යන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. මේ දදුවයි බෑනයි දෙන්න   ඉනෙස්ට ඕපාදුප කියනව. ඉතින් ඉනෙස් මට ඇවිත් ඕපාදුප ටික කියනව.

බ්‍රයන් ට්‍රැෆික් පොලිස් කාරයෙක්. කසාද ගැහැණු දෙන්නයි. දෙන්නම නීතියෙන් දික්කසාද වෙලා. දුවල දෙන්නයි. දෙන්නම මුල් බිරිඳ ගෙන්. ජැකී හෙවත් ලොකු දුව වීතරයි තාත්ත බලන්න එන්නේ . දෙවෙනි  දුව එන්නේ නැහැ. එතකොට බ්‍රයන් එයාගේ  අල්ලපු ගෙදර හිටිය ගැහැණු කෙනා එක්කත් සම්බන්ධයක් තිබිල තියෙනවා. ඒ ගැහැණු කෙනා ඒ සම්බන්ධය නිසා හෝ වෙනත් හේතුවක් නිසා අධික ලෙස මත්පැන් පානය කරලා තියනවා  ජිවිතේ නැතිවෙලා තියෙන්නෙත් ඒකෙන්මයි . එතකොට ඒ ගෙදර ඉංග්‍රීසි ජාතික මනුස්සය එයාගේ පුතා ඩේවිඩ් එක්ක ඉන්නේ. ඇක්සිඩන්ට් වෙලා කකුලකුත් තුවාල වෙලා  තියෙන්නේ.

හැබැයි බ්‍රයන් ඒ මනුස්සයට උදව් කරනවා මම දැකල තියනවා. මට හිතෙන්න ගත්තේ ඇත්තටම මේ මිනිස්සු බ්‍රයන්ට අකමැති, බ්‍රයන් මුණට හැමදේම කියන නිසා කියල. මමත් එහෙමයි නේ. මට හිතුන හැබැයි ඒක  අවංකයි නේද කියල. එතකොට අපි දන්නවා අපි ඉන්නේ කා  සමගද , වැඩ කරන්නේ කා එක්කද කියල. මූණට හොඳට හිනාවෙලා ඊට පසේ පිහියෙන් අනින වැඩ කරන අය අප අතර ඕන තරම් ඉන්නවනේ. මේ යකා  සුදු ජාතිවාදියෙක් වෙන්න පුළුවන්. දක්ෂිණාංශිකයෙක් වෙනත් පුළුවන්. නමුත් ඒ බව සඟවන්නේ නැහැ. එක්තරා  විධිහකට ඩිල් කරන්න ලෙහෙසියි.

ඊළඟ සතියට යමු. බ්ලොග් ලිපි ෂෝට් කරන්නත්  එපැයි, අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව.

අජිත් 29/07/2024



54 comments:

  1. මම නම් කිසිම අලුත් සම්බන්ධයක් හදාගත්තේ නැහැ .. මේ රටට ඇවිල්ල දැන් අවුරුදු 3ක් වෙන්නත් එනවා .. හරි කම්මැලි වැඩක් මට .. ළඟදී මාරු කරපු ගෙදරට අල්ලපු ගෙදර ඉන්න වයසක සුදු ජෝඩුව අත වනාගෙන යනවා .. මම තාම එක දවසක්වත් වත් කතා කරලා නැහැ ..

    කලින් ගෙදර ළඟ හිටපු ඉන්දියන් ඩයල් එක එක්ක කතා කලේ ඒ ගෙදරින් එන්න මාසෙකට විතර කලින් දෙපාරක් විතර .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. //ළඟදී මාරු කරපු ගෙදරට අල්ලපු ගෙදර ඉන්න වයසක සුදු ජෝඩුව අත වනාගෙන යනවා .. මම තාම එක දවසක්වත් වත් කතා කරලා නැහැ ..// ඒක හරි නැහැනේ පැතුම්. එක්කෝ අත වනන්න නැත්නම් ගුඩ් මෝනින් වත් කියන්න. තමන්ට එහෙම සම්බන්ධ අවශ්‍ය නැත්නම් ඉතින් නැතුවට කමක් නැහැ. මමත් එහෙම කතා කරන්නේ නැහැ. අපේ ගෙදරට ගෙවල් දෙකකට එහායින් ඇල්බේනියන් පවුලක් ඉන්නව. ගෑනි සහ ළමය මට කතා කරත් මිනිහාමුඩුමය වගේ ඉන්නේ. අවුරුදු 12 ඉන්නව කතා කරලා නැහැ. පස්සේ ආරංචි වුනා මිනිහ හිටපු රහස් ඔත්තු කාරයෙක් ඒ රටේ. හොරෙන් පැනපු විධිහ අවුල් ඇති

      Delete
  2. අජිත් මහත්මයාලගෙ මහ එංගලන්තෙ ගෙදරට අර මෙහෙ කුමතේරිස් මුදලාලිගෙ හාමිනේගෙ ගෙදරට ආව වගේ නයෙක් ඇවිත් නැද්ද? 😜😂😂😂

    ReplyDelete
    Replies
    1. මේ මේ ඔය අපි කියන කට කැඩිච්ච කතා ගනං ගන්න එපා අජිත් මහත්මයා. ඕක තමා මහත්තයො අපේ එකම විනෝදෙ. 😜😂😂😂. ලිපිය හොඳයි 👍. දිගටම ලියන්න.

      Delete
    2. මෙහෙ නයි පෙට් ෂොප් නේ තියෙන්නේ. පැනල යනවා අඩුයි. නයෙක් දැම්ම දැක්කොත් වහාම කියන්න.

      Delete
  3. //බ්ලොග් ලිපි ෂෝට් කරන්නත් එපැයි, අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව//

    කොහෙද එහෙම තියෙන්නෙ? මේ වගේ කම්මැලි කමක් නොඑන, කුතුහලය දනවන කතා සඳහා, බ්ලොග් ෂෝට් නොගැලපෙන බවයි මගේ නම් අදහස.🤔

    අද ලිපියත් මසුරං. මට මේ කතා මාලාවේ වැදගත්ම කොටස , ඔය පරිසරයේ එදිනෙදා ජන ජීවිතය ගැන විස්තර කෙරෙන කොටසයි. ප්‍රධාන කතාවට, මේ කොටස් උත්ප්‍රේරකයක් වෙනවා. කියවන අපට, කතාව සහ පරිසරය ගැන සම්පූර්ණ "මානසික චිත්‍රයක්" මවා ගන්න මේ කොටස් සෑහෙන උදව්වක් වෙනවා. එතකොට මට කතාවේ ආගන්තුක බවක් දැනෙන්නෙ නෑ.

    නිදිගේ ලන්ඩන් කතා මාලාවෙත්, ලව්පූෂ්ගේ "ඩ්‍රීම් කැෆේ" කතාවෙත් මේ ගුණාංඅය මම දැක්කා.ඒත් ඒ බානට, එවැනි කතා නැවතත් ලියන ලෙස කෙරුණු ආරාධනය, බීරී අලින්ට කෙරුණු වීනා වාදනයක් වගේ වුනා.☹️😋

    ReplyDelete
    Replies
    1. ඔය බීරි අලි දෙන්නට වීණා නෙමෙයි හොඳ ඩ්‍රම් වාදනයක් කළා නම් හරි. නැහැ ඉතින් ලියන්න ගියොත් තව දිගට ලියැවෙන නිසා නැවැත්තුවේ. අදහසක් තියනවා මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරන්නත් - බ්‍රයන්ගේ කතාව - කාරෙක, බ්‍රයන් ගේ කතාව - වැට වගේ

      Delete
    2. බෑ බෑ, මේ මහත්තුරුන් එක්ක බෑ දෙයියනේ... මං හිතුවේ අලුත්ම දේවල් ඉස්සෙල්ල ලියලා ඉන්නයි. ඒ වගේම අපේ සමන්ති නංගිව ටිකක් අවනත- මෝදු කරගෙන ඉන්නයි. එයා කිව්වනේ එයයි- බිමලුයි ගැන එච්චර විස්තර නොලියා ඉන්න කියලා.
      ඒත් ඒ posts ළඟ එනවා.

      ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ- එංගලන්තේ මිනිසුන්ගේ විදිහ ගැන - වැඩ ගැන අපූරුවට ලියනවට.

      මගෙන් නං අජිත්, ඔය blog ෂෝට්ස් ලියවෙන එකක් නෑ, කියවන්න නං ආස වුණත්.

      Delete
    3. @අජිත්
      නම එහෙම වෙනස් කලාට කමක් නෑ, අර මුලම තියෙන ලින්ක් දානවා නං.

      @නිදි
      සමන්ති නංගි ගැන නොලියා හිටියට කමක් නෑ, එයා අකමැති නං. එයාව අත් හැරියත් ලියන්න කප්පරක් දේ ඇති. රටේ දිගටම හිටි නිසා අජිත්ට වැදගත් කියල නොහිතෙන, ඒත් ආගන්තුකයෙක් වශයෙන් නිදිට ලන්ඩන් පෙනුන විදිහ තමයි වැදගත් වෙන්නෙ.🙏

      Delete
    4. ප්‍රශ්නයක් තියෙ නං විසඳුමකුත් තියෙනවා නෙව බස්සා මහත්තයෝ. ඔයා දුන්නේ ලොකු තල්ලුවක්. ස්තුතියි.

      Delete
  4. //දුවයි බෑනයි දෙන්න ඉනෙස්ට ඕපාදුප කියනව. ඉතින් ඉනෙස් මට ඇවිත් ඕපාදුප ටික කියනව//

    මහිතේ මේක අපේ ජාන වල තියෙන දෙයක් වෙන්න ඇති, මගෙත් පුදුම ආසාවක් තියෙන්නෙ ඕපාදුප වලට. ඒත් ඒව අහල අනුන්ව පහත් කරල හිනාවෙන එක නම් , මම හිතා මතාම නොකර ඉන්නවා. අර ඇලට්මන්ට් වැඩේ නියමයි. අපට කොයින්ද පූසෝ මූදු මාළු?☹️

    ReplyDelete
    Replies
    1. allotments are given as a typical UK urban home doesnt have a significant land area. But for us in Sri Lanka most have larger gardens but the inclination to do any growing isnt really there I think

      Delete
    2. ඕක යුරෝපේ හැම තැනම වෙනත් විධි වලට තියෙන්නේ. රුසියාවේ දාචා හෙවත් ග්‍රීෂ්ම නිවස්නය, ඉනෙස් ගේ දෙමාපියන්ටත් නගරයේ ගේට අමතරව ගමේ තව බංගලාවක් වගේ එකක් තියනව ඒකෙ නම් මල් පලතුරු විතරයි.//අපට කොයින්ද පූසෝ මූදු මාළු// ඉතින් ගාඩ්න් එකක් තියෙන ගෙයක් ගන්නෝ. කැනඩාවේ ලාභයි නේ ගෙවල්. :@ඇනෝ ඔව් . ඒක හරි. ලංකාවේ ලොකු ගෙවතු තියෙනවා සමහරුන්ට ඔහේ කැලැව විතරයි.

      Delete
  5. //එතන ෆුට්බෝල් ගහල ඒ ළඟම තියෙන පබ් එකේ බියර් එකක් දෙකක් බිල.....//

    අහා! මමත් බොහොම ආසාවෙන් හිටි දෙයක් තමයි, ඔය බටහිර පබ් කල්චර් එක. නුගේගොඩ බෝ ගහ ලඟ කඩල කාරයගෙන් කඩල මුලක් අරං, අස්සක තිබ්බ නම අමතක පබ් එකකට රිංගලා, ලාබම බිත්තර ඔම්ලට් එක සහ ස්ටවුට් එක්ක දේශපාලනය,සාහිත්‍යය සාකච්චා කරපු අතීතයක් මටත් තිබුනා. එත් මගේ උපන් ගෙයි කුලෑටි ගතිය නිසාදෝ, මෙහෙදි ඒක හරි ගියේම නෑ.

    //අල්ලපු ගෙදර හිටිය ගැහැණු කෙනා එක්කත් සම්බන්ධයක් තිබිල තියෙනවා.ඒ ගෙදර ඉංග්‍රීසි ජාතික මනුස්සය එයාගේ පුතා ඩේවිඩ් එක්ක ඉන්නේ. ඇක්සිඩන්ට් වෙලා කකුලකුත් තුවාල වෙලා.හැබැයි බ්‍රයන් ඒ මනුස්සයට උදව් කරනවා මම දැකල තියනවා.//

    හෑ!..... මේකා මොන ජාතියෙ සතෙක්ද ගම මහත්තයො?😮😯🤔

    ReplyDelete
    Replies
    1. මෙහෙදී කියන්නේ කොහෙද? මටත් හරියටම හරි යන්නේ ඒකට ගැලපෙන යාළුවෙක් හිටියොත් විතරයි. ඒක වැදගත්. ඒකා ට අපේ බිරින්දෑ කීවේ කැසනොවා වගේ වෙන්නැති කියල තරුණ කාලේ .

      Delete
    2. ඉන්ගලන්තයේ ගමක පබ් එකකට තනියම ගිහින් ඒ පබ් එකේ හරි ඒ පලාතේ හරි බෲ එකක පයින්ට් එකක් බොන ගමන් ඒකට එන මිනිස්සු සහ බල්ලොන්ගෙ හැසිරීම රූඩ් නොවන විදිහට බලමින් (බල්ලොත් එක්කනම් කතා/පෙට් කරනවා ඕනර්ගෙන් අහලා) එන්ජෝයි කරන එකට තමයි මම පිටරට හෝ ලංකාවෙ ආසම බොන විදිහ. (ඒත් අවුරුදු බර ගාණකට එක පාරයිනෙ යන්න ලැබෙන්නෙ. ඒනිසා මං ආස දෙවනි එක කරනව. ගෙදර ඩ්‍රින්ක් එකක් හෝ උපරිම දෙකක් හිමින් බොන ගමන් මූවි එකක්, මැච් එකක් බැලීම හෝ පොතක් කියවීම ). දැන් අකමැතිම බීම තමයි පාර්ටිවල බීම. නොකර බැරිනම් හෝ කාලෙකින් හම්බ නොවුන යාලුවෙක් හමු වීමට හැර පුලුවන් තරම් පාර්ටි වලින් වැලකෙනවා

      Delete
    3. මමයි ඔය දේ කරනන් තමයි වඩාත් කැමති. නමුත් පාටි වලට ඉන්වයිට් කලහම බැහැයි කියන්නත් බැහැනේ

      Delete
    4. නරිමොටා, ඔය කියන්නෙ නුගේගොඩ ඩොමීනියන් එක ගැන නේද?

      Delete
    5. @Ano

      ආන්න ජංසං, ඩොමීනියන් එක තමයි. තාම ඒක තියනවද? වටේම හිටිය පදික වේදිකා වෙළෙන්ඳො, හවසට දෙකක් නමා ගන්න ආවෙත් ඒකට. ෆෑන් වගයක් තිබ්බා ජෙට් ඇන්ජින් වගේ, ඒ නිසා අවට කච-කචය එච්චර බාදාවක් වුනේ නෑ.

      Delete
    6. @ Pra Jay

      //බල්ලොත් එක්කනම් කතා, මිනිස්සු සහ බල්ලොන්ගෙ හැසිරීම බැලීම//

      ඔහේ නං සත්තු ගැන හොඳට ස්ටඩි කරල තියෙන පාටයි.🤣😋

      //ඉන්ගලන්තයේ ගමක පබ් එකකට තනියම ගිහින් ඒ පබ් එකේ හරි ඒ පලාතේ හරි බෲ එකක පයින්ට් එකක් බොන ගමන් //

      https://youtu.be/VoB2tCC16ps?t=362

      Delete
    7. අපි සාමන්‍යයෙන් ඉරිදට ඇවිදින්න යනකොට පබ් ලන්ච් එකකට යනවා

      Delete
  6. මොන දේ වුණත් කියන්න තියෙන දේ පොල්ලෙං ගහන්නැහෙ කියන උං ඉන්නව නේද. උංගෙ හිත්වල මොනවත් නෑ. මොකද නොකිය ඉන්න දෙයක් නෑනෙ. ඉතිං කුඩු කේඩුකමුත් හරි අඩුයි.

    හැබැයි සමාජයට දිරවන්නෑ. මොකද හුඟක් වෙලාවට ඇත්ත මිනිසුන්ට දිරවනව අඩුයි

    බ්‍රයන් ආතල් පොරක් වගේ

    ReplyDelete
    Replies
    1. අන්නෙකයි . හැබැයි යාලුවෝ අඩුයි. මේ පේන්නේ නැත්ද

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. "ඊළඟ සතියට යමු. බ්ලොග් ලිපි ෂෝට් කරන්නත් එපැයි, අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව."

    අපේ පැත්තෙ මනුස්සයෙක් ට්‍රෙන්ඩ් එකට උඩුගම් බලා පීනන්න ගිහින් හති වැටිලා මලා...

    ඔය කෙලින් පතබාල අරින එක ලංකාවෙ අපිට දිරවන්නෑ..අපි සිංදු, කවි, කතන්දර වුනත් උපමා, උපමේය, ව්‍යංගාර්ත දාලා ඇදේට රස විඳින ජාතියක්...බ්‍රයන් කාරයා හොඳ වෙලාවට එංගලන්තෙ හිටියෙ.. මෙහෙ හිටියනම් මිනිහට ආස්සරේට මනුස්සයෙක් නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් ටිකක් බ්‍රයන් වගේනේ. යාලුවෝ නැති වෙනවා ටික කාලයක් ගියහ,ම ඔයාල ටිකත් තව කොච්චර කල් අල්ල හිටීද දන්නේ නැහැ 😁

      Delete
    2. මැද මාවත තමා හොඳම..🙂

      Delete
    3. මට එහෙම ටිකක් අමාරුයි 😀

      Delete
    4. what happened to your JVP set of friends bro?

      Delete
    5. who are they? I have UNP freinds, Pohottuwa friends, peratugami Friends, Malimava Friends - JVP - No idea

      Delete
  9. https://economatta.blogspot.com/2024/08/blog-post_21.html

    මේ ගැන (බංගලි කොයිබටද?) ගැන ලිපියක් ලියමුද? මේ ගැන ඔබේ විශ්ලේෂණය වටිනවා.👌🙏

    ReplyDelete
    Replies
    1. හිසක් නැති සටනක්

      Delete
    2. Jagath Pathirana8 August 2024 at 01:57

      ඉස්ලාමය ජාතිවාදයට විරුද්ධයි.
      මේ අරගලයෙන් පසු ජාතිවාදය නැතිවෙලා සැබැ ඉස්ලාමීය බංගලිදේශයක් හැදෙයි.

      Delete
    3. අවුලක් නෑ. ඉකනො ඒ ගැන නියම ලිපියක් ලිව්වා.
      https://economatta.blogspot.com/2024/08/blog-post_7.html

      @Jagath
      //මේ අරගලයෙන් පසු ජාතිවාදය නැතිවෙලා සැබැ ඉස්ලාමීය බංගලිදේශයක් හැදෙයි//
      හුටා! ඉරානෙ වගේ එකක් හැදුනොත් බඩුම තමයි.

      බහු ජාතික/ආගමික/ගෝත්‍ර තියෙන රටකට, එකාධිපති ක්‍රමය සාර්ථකව, ආර්ථික සමුර්ධිය ගේනවා කියල මතයක් තියනවා. උදා: සිංගප්පූරුව, ටීටෝ යටතේ චෙකොස්ලෝවැකියාච. ඒත් "ජාතිවාදය නැති සැබැ ඉස්ලාමීය බංගලිදේශය" ??? අනේ මන්දා?😮🤔

      Delete
    4. //හිසක් නැති සටනක්//
      අරගලයකට හිසක්/නායකත්වයක් තියෙන්නෙ ඕනෙ එක මහිතේ "සමාජවාදී" (ලෙනින්, මාවෝ, කිම්-ඉල්-සුං, කැස්ත්‍රෝ )ආකල්පයක්. මේ ක්‍රමයේ හොඳට වඩා තියෙන්නෙ නරකයි. අවසාන ප්‍රතිඵලය, දේවත්වයෙන් අදහන "සදාකාලික" ඒකාධිපතියෙක් බිහිවීමයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙ විරුද්ධ පැත්තයි.

      ඒත් ප්‍රංශ විප්ලවයටත් හිසක් තිබ්බෙ නෑ නේද? ගෝල්ෆේස් අරගලය ගත්තත්, මූලික අරමුණ ඉටු වුනා. රනිල්, ජනා-පිනා වුනේ ඒ වගකීම ගන්න වෙන කිසිම කෙනෙක් කැමති වුනේ නැති නිසයි. බංගලි අරගලයෙත් අවසානය, මැතිවරණයක් නිසා පරණ ජොකියො ආයෙත් ආවත්, පරණ සෙල්ලම ආයෙ කලොත් සබ්බුව ලැබෙයි කියල බයක් වත් තියෙයි නේද?

      Delete
    5. ටීටෝ යටතේ චෙකොස්ලෝවැකියාච -නැහැ යුගෝස්ලාවියාව

      Delete
    6. https://kolambagamaya.blogspot.com/2014/12/blog-post.html

      Delete
    7. අරගලයකට හිසක්/නායකත්වයක් තියෙන්නෙ ඕනෙ එක මහිතේ "සමාජවාදී" (ලෙනින්, මාවෝ, කිම්-ඉල්-සුං, කැස්ත්‍රෝ )ආකල්පයක්. වැරදි කතාවක් . ඉතිහාසය කියවනං සහෝදරයා . ලෙනින් ගේ අරගලයේ ලෙනින් විතරක් නෙමේ නායකයා . පට්ට වැරදියි . ශිෂ්‍ය සංවිධාන සහ පක්ෂය . කිමා සහ මාවෝ අරගල කලේ නැහැ . උන් කලේ යුද්ධ . ප්‍රංශ විප්ලවයට හිසක් තිබ්බ . නැවත - හදාරන්න සහෝදරයා , ස්පාටකස් ගේ හිටන් අරගලවලට හිසක් තිබ්බ . හිටන් නෙමේ
      https://www.worldhistory.org/collection/178/17-key-figures-of-the-french-revolution/

      Delete
    8. බයබෝයි අපේ හාංදුන්නේ. වැරදුනා තමයි. අවුස්සලා කතාවට ඇදලා ගන්නයි එහෙම කිව්වෙ.😋

      දෙපැත්තෙන් ඉන්දියන්, පකිස් බූවල්ලො දෙන්නා බලාගෙන ඉන්නවා.
      ඒත් හැමෝම හිතපු විදිහට හමුදාව බලය ඇල්ලුවෙ නෑ. සම්ප්‍රධායිකව, අරටුවටම කිඳා බැහැපු දූෂිත දේශපාලන ව්‍යුහයක් තියෙන බංගලිදේස ශිෂයයො අපට කරන්න බැරි වෙච්ච දේ කරයිද?

      Delete
    9. https://www.reddit.com/r/pics/comments/1enzx4w/sheikh_hasina_comforting_the_daughter_of_ilias/

      Delete
    10. I called Pizza hut to order a pizza...
      CALLER: Is this Pizza Hut?
      GOOGLE: No sir, it's Google Pizza.
      CALLER: I must have dialed a wrong number, sorry.
      GOOGLE: No sir, Google bought Pizza Hut last month.
      CALLER: OK. I would like to order a pizza.
      GOOGLE: Do you want your usual, sir?
      CALLER: My usual? You know me?
      GOOGLE: According to our caller ID data sheet, the last 12 times you called you ordered an extra-large pizza with three cheeses, sausage, pepperoni, mushrooms and meatballs on a thick crust.
      CALLER: Super! That’s what I’ll have.
      GOOGLE: May I suggest that this time you order a pizza with ricotta, arugula, sun-dried tomatoes and olives on a whole wheat gluten-free thin crust?
      CALLER: What? I don’t want a vegetarian pizza!
      GOOGLE: Your cholesterol is not good, sir.
      CALLER: How do you know that?
      GOOGLE: Well, we cross-referenced your home phone number with your medical records. We have the result of your blood tests for the last 7 years.
      CALLER: Okay, but I do not want your rotten vegetarian pizza! I already take medication for my cholesterol.
      GOOGLE: Excuse me sir, but you have not taken your medication regularly. According to our database, you purchased only a box of 30 cholesterol tablets once at Lloyds Pharmacy, 4 months ago.
      CALLER: I bought more from another Pharmacy.
      GOOGLE: That doesn’t show on your credit card statement.
      CALLER: I paid in cash.
      GOOGLE: But you did not withdraw enough cash according to your bank statement.
      CALLER: I have other sources of cash.
      GOOGLE: That doesn’t show on your latest tax returns unless you bought them using an undeclared income source, which is against the law!
      CALLER: WHAT THE !!!
      GOOGLE: I'm sorry sir, we use such information only with the sole intention of helping you.
      CALLER: Enough already! I'm sick to death of Google, Facebook, Twitter, and all the others. I'm going to an island without the internet, TV, where there is no phone service and no one to watch me or spy on me.
      GOOGLE: I understand sir, but you need to renew your passport first. It expired 6 weeks ago...

      Delete
    11. Ilias Ali මැරුවේ හසිනා කියල ඔප්පු වෙලා තියනවද ? දැන් වෙන කතවක් යනවා නේද බංගලා අරගලය මෙහෙයව්වේ ඇමෙරිකාව කියල , චීනය එලවන්න

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අජිත් මහත්මයා, සැප්තැම්බර් 22 ඉඳලනං බංගලිදේශ නායකය කරන්න ලංකාවෙන් දෙන්න පුලුවන් රජ ගහේ බඩුවක්. මිනිහ හොඳම පිං (කරන) පියෙක්. 😜😂😂😂

    ReplyDelete
    Replies
    1. පිනා සැප්තැම්බර් 22ට එලිවෙනකොට කුල්ල කුජීත වෙලා හොම්බෙන් යන්නෙ 😂😂😂

      Delete
  12. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එතනට ගියා . හොඳ බ්ලොගයක් . කමෙන්ට් දාන්න බැහැ ඊමේල් එක රෙජිස්ටර් කරන්නේ නැතිව

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .