Sunday 11 August 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 4 - ලී වැට

කතාවේ කලින් කොටස් තුන  මෙතන 



ගිය වතාවේ මෙහෙම ලීව මතකනේ - බ්‍රයන්ට ඕනේ අපි ලව්වා ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. ඉතින් ඔෆිස් එකේදී සුද්දෝ කට්ටිය මට කීව, ඒ කතාව ඇත්ත කියල  .  ගේ ගන්නකොට දෙන ඉඩමේ සහ නිවසේ අයිතිය දෙන ලියකියවිලි වල ඇති බලන්න කියල.  මම ඇවිත් බැලුව,  හරි කතාව .  දකුණු පැත්තේ බ්‍රයන් සමග තියන වැට මම අලුත් වැඩියා කරන්න ඕනේ .  බ්‍රයන් එයාගේ දකුණු පැත්තේ එක .  ඒකෙන් හැමෝගෙම වැටවල් අලුත්වැඩියා වෙලා තියෙන්නේ.  අසල්වැසියෙක් අලුත්වැඩියාව  කරන්නේ නැතිනම් නිත්‍යානුකුලව පැමිණිලි කරන්න පුළුවන් නගර කවුන්සිල් එකට.  මේවට එංගලන්තයේ කියන්නේ බයිලෝ Byelaws කියල .  (බයියන්ගේ ලෝ වගේ තමා ටිකක් .  ලෝකල් නිසා) . එංගලන්තෙට අලුතින් එන අය හෝ කුලියට ඉන්න අය මේවා නොදන්නා නිසා ගෙවතු හොඳින් තියා ගන්නේ නැහැ.  එනිසා අසල්වැසියෙක් පැමිණිලි කලොත් උන් ජාතිවාදී, වර්ණවාදී  අරව මේවා කියල ඉතින් බනිනව.  

මම එංගලන්තෙට ආපු මුල්ම කාලේ (රුසියාවේ ඉගෙන ගන්න කොට )  එක දවසක කෙන්සින්ටන් වල ඔය චොකලට්  සිගරැට්  විකුණන පොඩි පෙට්ටි  කඩේකින් චොක්ලට් එකක් ගන්න ගියා .  ඉන්දියන් කාරයෙක් තමා වෙළෙඳම් කලේ .  මම චොකලට් එකට  සල්ලි දීල ඉල්ලුවහම එයා වික්කේ නැහැ. මට අවුල් නිසා මම එතනින් යන්න හැදුවම වෙළෙන්දා  ආයේ මට කතා කළා . උඹ ළඟ දී ද මෙහෙට ආවේ කියල ඇහුව.  මම ඔව් කිව්වා. කොහෙන්ද කිව්වහම , ශ්‍රී ලංකාවෙන් කිව්වා . මිනිහ මට හොඳ පාඩමක් කියා දුන්න.
"මෙහෙමයි මේ රටේ මොනවා හරි ඉල්ලන කොට අපේ රටේ වගේ කෑ ගහන්න ඕනේ නැහැ .  ප්ලීස් කියන වචනය කීවහම ඇති .  දුන්නහම තෑන්ක් යූ කියපන්. " 
මම කීවා, 
"මම නිකන් ඉල්ලුවේ නැහැනේ . උඹෙන් සල්ලි දීලනේ ඉල්ලුවේ" කියල.  එතකොට එයාම  කිව්වා
 "නැහැ. උඹ සල්ලි දුන්නත් ප්ලීස් කියල තැන්ක් යූ" කියන්න ඕනේ. ඒක හොඳ සිරිතක් මේ මිනිස්සුන්ගේ  කියල.  ඒකහොඳ  අවවාදයක්.  දැන් ඉන්න කම්පැනි එකේ අපේ කන්ට්‍රැක්ට් ගත්ත  ඉන්දියන් කම්පැනි වලින් අයිටී කට්ටිය  කතා කරන  කොට ප්ලීස් කියල කියන්නේ නැහැ .  එතකොට ඒක නිකන් අණ දීමක් වගේ කියල තේරෙනවා.  මම ඕක වරක් මට වැඩේ භාර දුන්න ටීම් ලීඩර් කෙනෙකුට මෙන්ෂන් කලහම ඒකි ගත් කටටම කිව්වා "සවුත් ආසියානු පැත්තේ ප්ලීස් වචනය හෙම වැඩිය භාවිතා වෙන්නේ නැහැ .  මටත් මළ පනිනවා . නමුත් ඒ එහෙ හැටි.  ගණන් ගන්න එපා කියල ." 
 ජර්මනියේත් මොකක් හරි ඉල්ලන කොට හෙම බිට (bítte) හෙවත් ප්ලීස් කියන කෑල්ල කියනවා .  එහෙම කීවේ නැත්නම් ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයත් වෙනස්.  මොකකට හරි ස්තුති කලහම යූ වෙල්කම් හෝ බිට ෂෝන් කියල කියන්න ඕනේ .      

අපේ ඔෆිස් එක පිටි පස්සේ තමා බී ඇන්ඩ් කිව් (B & Q) කියන ගොඩනැගිලි අලුත්වැඩියා වට වගේම වෙන ඕනෑම අලුත්වැඩියාවකට අවශ්‍ය අටවන භාණ්ඩ ගන්න පුළුවන් DIY  (do it yourself හෙවත්  අටවන) කඩේ තියෙන්නේ.  මම එතැනින් පැනෙල්  හතරක් ගත්ත වටේ හතරක් තමා කැඩිලා තිබ්බේ. බ්‍රයන් අයිරිෂ් කාරයන්ට බනින එකත් සාධාරණයි.  උන් ගේ වික්කේ මේවා හදන්නේ නැතිව.  අපි බැලුවෙත් නැහැ.  අයිරිෂ් කාරයට පෙනුනේ බ්‍රයන් ගේ ජාතිවාදී කම විතරයි . 


පැනෙල් හයි කරලා තියෙන්නේ සිමෙන්ති කණු දෙකක් මැද. ඔය ෆොටෝ වල තියෙන්නේ පැනෙල්  අපේ ගෙවත්තේ දෙපැත්තේ . 



 මගේ පැත්තේ ඒවා (සුදු මල් තියෙන )   ආයේ දාන්න ඕනේ .  අල්ලපු පැත්තේ එකා ගණන් ගන්නෙත් නැහැ. කුලියට ඉන්න බ්‍රසීල කට්ටියක් .  
 පරණ එක අරන් අලුත් එක දාන එක ලෙහෙසි වැඩක්.  මම පැනෙල් දාන්න යන කොටම බ්‍රයන් කඩන් පැන්න. 

"හා හා ඕවට තීන්ත ගාන්න ඕනේ මිනිහෝ .  නැත්නම් වැස්සට  දියබත් වෙලා කැඩිලා යනවා." 

"මල මගුලක් නේ මේක. මට කලින් කියන්න එපැයි දැන් ආපහු යන්න ඕනේ තීන්ත ගන්න" මමත් කඩන් පැන්න.

එතකොට බ්‍රයන් කියනව "වරෙන් යන්න ගැරේජ් එකට. මගේ ළඟ ඉතුරු තීන්ත වගයක් තියෙනව. ඒක ගාමු. උඹ පස්සෙ ගෙනල්ල දීපන් මට ඕනේ වෙලාවට. ඔෆිස් එක ළඟ නේ කඩේ තියෙන්නේ" කියල. අපි ගේ ඉස්සරහ පැත්තට ගියා. ගැරේජ් එකේ දොර ඉස්සරහ තියෙන්නේ .

ඔන්න ඔය වෙලේ බ්‍රයන්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් එනවා අපේ දිහාවට. බ්‍රයන් මට හඳුනල දුන්නා මේ මගේ ගර්ල්ෆ්‍රන්ඩ් පවුලින්. අවුරුදු හැට පහක හැත්තෑවක විතර ලංකාවේ විදිහට කියනවනම් ආච්චි කෙනෙක්. ඒවුනාට ඇත්තටම එයා ලස්සනයි. ලස්සනට ඩෙනිමක් ඇඳලා එනකොට මට තේරුනා එයා කකුලක් ඇද ඇද එන්නේ කියලා. පුංචි කාලේ පෝලියෝ හැදිලා ඒ කකුල ඇද වෙලා තියෙන්නේ. බ්‍රයන් ටෝක දාල තියෙන්නේ ජීපී හෙවත් දොස්තර ගේ ඔෆිස් එකේ ඉන්න කොට . බ්‍රයන් යන තැනක හැමෝටම කතා කරනවා හැබැයි. මේ බ්‍රයන් ගේ හතරවෙනි හෝ පස්වෙනි කාන්තාව. ඉනෙස් හිටියා එළියේ. පෞලින් ඉනෙස්ට කියනවා

"අනේ මටත් ඒෂියන් කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඕන කමක් තිබ්බා. අපේ ඔෆිස් එකේ හිටිය. හරි ගියේ නෑනේ" කියල. එහෙම කියල ඇවිත් මගේ වම් අතේ උඩ හරියෙන් මිරිකුවා. බ්‍රයන් කාරයා හැක හැක ගාලා හිනාවෙනවා.

"උඹ පරිස්සම් වෙයන් ඕකි ගෙන්" කියල. පෞලින් දැන් බොරු තරහක් අරගෙන . මම ඇහුව ඉතින් ඉන්දියන් කොල්ලට මොකද වුනේ කියල .

"අපොයි ඌ ඉන්දියාවට ගිහිල්ලා කසාදයක් කරන ආවනේ. උගේ අම්ම කීවලු."

" මම කිව්වා ඒවානම් එහෙම තමයි. මෙහෙ ඉන්න අය එහෙ ගිහින් බැඳලා එනවා . අපේ ටැමිල් අයත් එහෙමයි කියල ."

එතකොට තමයි බ්‍රයන් කීවේ "මේ අජිත් ලංකාවේ කොල්ලෙක්. ලංකාවේ උන් හොඳයි." කියලා. එහෙම කීවේ ඇයි කියල මට තේරුනේ නම් නැහැ.


 ගොඩක් වයසයි කියලා අපිට හිතුනට එංගලන්තෙ මේ වගේ කපල් හුඟක් ඉන්නවා. සැමියා හෝ බිරිඳ මියගිහිල්ල නං තව කවුරුහරි කෙනෙක් එක්ක යාළු වෙනව. ඇවිදින්න යන්න, පික්නික් එකක් යන්න, සෙනසුරාදා ඉරිදට බියර් බොන්න පබ් එකට යන්න වගේ වගේ දේවල් එකට කරනවා . එහෙම ජිවිතේට සහකාරියක් හෝ සහකරුවෙක් එකතු කර ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේ දෙන්න තියන් ඉන්න නිදහස. බ්‍රයන්ට ලොකු ගෙදරක් තිබ්බට පෞලින් ඇවිත් ඉන්නේ දවස් දෙකයි . පෞලින් එයාගේ ගෙදර දුවත් එක්ක ඉන්නේ . නැත්නම් අර මටත් වැඩිය වයස දුව උයන් කන්නෙවත් නැතිලු .


තීන්ත අරන් එලියට එනකොට තව කෙනෙක් එකතු උනා. මයිකල් කියන්නේ බ්‍රයන්ගේ ලොජර් . වැඩිය අපිත් එක්ක මුලදී කතාවට ආවේ නෑ. ඒ වෙලාවේ එලියට ඇවිල්ල අපිට වැට ගහන්න උදව් කරන්න. මම පස්සේ දැනගත්ත විදියට මයිකල් කියන්නේ සිවිල් ඉංජිනේරුවෙක් . බ්‍රයන් තනියම තමයි එයාගේ ගේ අලුත්වැඩියා කරන්න පටන් අරන් තියෙන්නේ . මුලදී අපේ ගේ වගේ කාමර තුනේ එකක් . දකුණු පැත්තේ ඉඳන් ගරාජයක් හදල ඒක උඩ තව කාමරයක් හදල කුස්සිය පිටි පස්සට අරගෙන කාමර හතරක ලොකු ගෙයක් කරලා. වහලත් උඩ වෙනස් කරලා, මොකද දික් කරන්න ඕනේ කාමර වෙනස් කරනකොට . එතකොට මයිකල් තමයි structural engineering කෑල්ල කියලා දීලා තියෙන්නේ. බාල්ක හරියට දාන්නේ කොහෙටද වගේ දේ.මොකද නැත්නම් වහළවල් කඩා වැටෙන්න පුළුවන් . ඔය ගෙවල් හදන වැඩේට විරසක වෙලා තමයි බ්‍රයන් ගේ දෙවෙනි බිරිඳ අත හැරලා ගිහින් තියෙන්නේ. නිමක් නැති ගෙවල් හැදිල්ලක් කියල.

වැඩ ඔක්කොම කලාට පස්සේ මයිකල් කාමරයක් කුලියට අරගෙන නතර වෙලා. එයත් දික්කසාද වෙච්ච කෙනෙක්. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කෙනෙක් ඉන්නව ටිකක් ඈත ඉල්ෆොර්ඩ් පැත්තේ . මට එතකොට වයස තිස් ගණනක්නේ. මයික් ට පනස් ස් ගානක් වගේ. බ්‍රයන් තමයි වැඩිමලා.


 අන්තිමට උනේ සුද්දො දෙන්නා එකතුවෙලාවේ මගේ පැනල් ටිකට තීන්ත ගාලා දුන්නෙ එක. උන්ට තේරුණා.මම ජීවිතේට හරියට තීන්ත ගාපු කෙනෙක් නෙවෙයි කියලා. බ්‍රයන් කියල දුන්නා මුලින් බේස් කෝට් එකක් ගාලා  දෙවැනි පාර ආයේ හරියට ගාන්න ඕන කියල. එතකොට තමයි පැනල්  වැස්සට තෙමුනට මුකුත් වෙන්නෙ නැත්තේ. පින්සල හරියට අල්ලන හැටි හෙමත් කියල දුන්න . වැඩේ කියන්නේ ඉනෙස් තීන්ත ගාන්න දන්නවා හොඳට. එයාලගේ දෙමාපියන් ගේ ගමේ ගෙයක් තියනවා නිවාඩුවට ඉන්න. ඒකෙ පවුලේ කට්ටිය එකතු වෙලා කැඩුණු තැන් පිළිසකර කරලා තීන්ත ගාන නිසා එයත් ඉගෙන ගෙන. මම රුසියාවේ ඉන්න කොට තේරුන දෙයක් තමයි රුසියානුන්ට උනත් මේ DIY වැඩ හොඳට පුළුවන් කියන එක .


  පැනෙල් ටික හයි කරහම ඇත්තටම ලස්සනයි.  අපි කට්ටියටම තේ හදලා දුන්න.  ඉනෙස් හදපු  ඇපල් ස්ට්රුඩල් කියන ජර්මන් අතුරුපස එක්ක . කොළ පාට ඇපල් පොඩියට කපල සෝස්පැන් එකකට දාල වතුර, කුරුඳු , වැනිලා වගේ දේ සහ සීනි දාල තම්බනවා. හොඳ ජෑම් වගේ දෙයක් හැදෙනවා . ඊට පස්සේ අපි ඔය පේස්ට්‍රි හෙම හදන පිටි වලින් හදපු පිටත ෂිට් තියෙන්නේ . ඒවා ඇතුලට දාල කිචන් ෆොයිල් වලින් වහල බේක් කරනවා. ඔය මැක්ඩොනල්ඩ් එකේ ඇපල් පයි කියල විකුනන්නෙත් ඒ වගේ එකක්. ඉනෙස්ගෙන් තමයි මම ඒ අතුරුපස එක ගැන ඉස්සෙල්ලම දැන ගත්තේ. උඩට අයිසින් සීනි දාල කස්ටඩ් හරි අයිස් ක්‍රීම් උඩට දාගත්ත්තම හරිම රසයි.


පැනල් දැම්මට පස්සේ අපි කට්ටිය එකිනෙකාට වඩා හිතවත් වුනා කියලයි මට තේරුනේ .


අපේ අහල පහල අයනම් බ්‍රයන් එක්ක වැඩි ඇයි හොඳයියක් නැහැ. ස්කොට්ලන්ත කපල් එකක් ඉන්නවා අපට ගෙවල් හයකට එහායින් . තවම ඉන්නවා දැන් අවුරුදු 25 ට වැඩියි මේ චතුරශ්‍රයේ . එයාලා ඉනෙස් එක්ක කියල තියෙනවා

"බ්‍රයන් නාහෙට නාහන එකෙක්. අනිත් අයට උගන්නන්නමයි එන්නෙ. අපට පුදුමයි ඔයාල බ්‍රයන් එක්ක ඔළුව ගහගෙන ඉන්න ඉන්න එක නම්" කියල . ඉනෙස් කියල තියනව අජිත් බ්‍රයන් එක්ක යාලුයි . දෙන්න තකට තක කියල .

ස්කොට්ලන්ත දෙන්න දැන් වුනත් පාරේදී හම්බ වෙලා කතා කලාට එතනින් එහාට සම්බන්ධයක් නැහැ. අපිත් දැන් මේ චතුරශ්‍රයට විත් අවුරුදු 25 වෙන්න ළඟයි.


අජිත් ධර්ම - 11/08/2024


63 comments:

  1. අජිත් මහත්මයා, ඔය ලඟපාත තියෙන පරණ පාන් වුනත් තද බඩගින්නකදි නරකම නෑ. 😜😂😂😂

    ReplyDelete
    Replies
    1. කුසගිනි හැදුනත් ඉඳුල් නොකව්
      තණකොළ නුබුදිති සිංහ පැටව් 😀

      Delete
    2. ඇනෝතුමෝ මම මේ ඒ කාලෙට සපෙක්ෂව ලීවේ හරිද . නැතිව මේ age discrimination එකක් නැහැ . අපිත් දැන් වයසයිනේ 😀

      Delete
  2. "structural sengineering" typo??
    අද කතාවත් නියමයි. දිගත් නෑ, කොටත් නෑ. පින්තූරත් හොඳයි, ස්ටොක් B & Q එක ඇරෙන්න. ඒ වෙනුවට මෙහෙම එකක් දැම්මා නං වටිනවා.
    B & Q

    ReplyDelete
    Replies
    1. ඔය ටික කෙටුවේ බකුසු තුමා ටිප් එක දුන්න වොයිස් ටයිපින් එකෙන්නේ . ඔන්න හැදුව . ෆොටෝ එකත් වෙනස් කළා . අපි කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් වලට මනාපයි නොවැ . ඔය අටවන ජනපති , ජෙප්පෝ මල්ලිලා වගේ නෙමේ

      Delete

    2. Danke. අනේ මන්දා ඒත් නිදියා නං ඔහේ ගැන කිව්වෙ මෙහෙම: 😋🤣🤣

      උසී උසී

      Delete
    3. අන්න ගිහින් දාල ආව කොමෙන්ට් එක 😁

      Delete
    4. බස්සා මහත්තයෝ- ඉස්සර හිටි අජිත් නෙවෙයි දැන් ඉන්නේ... ඉවසිල්ල වැඩි, වඩාත් පරිණත කෙනෙක්.
      හැබැයි, ඇත්තම නොකිය බැහැනේ. මම ටිකාාාාාාාාාක් විතර බයෙන් හිටියෙ- අජිත් මහත්තයා මගේ comment එකට ඔරොප්පු වෙයිද කියලත්.... ඔය යස අගේට උත්තරත් දීලා තිබ්බේ..

      Delete
    5. අජිත් මහත්තයෝ, ඊයේ හවස සිරිබිරිස්, Pra Jay, නමී තුන්දෙනත් එක්ක ඉතාම පුංචි සුහද හමුවක් පැවැත්වුනා අපේ ගෙදරදී. එතකොටත් අපි කතාවුනා දැන් ලියවෙන posts ගැන. එතැනදී Pra Jay කිව්වා ඉනෙස් හා ඔයාගේ දූලා දෙන්නා ඉතාම මිත්‍රශීලී අයයි කියලා.

      Delete
    6. //ඉස්සර අජිත් නෙවෙයි ...දැන් ඉන්නේ පරිණත කෙනෙක්//
      ඔව්, වොව් මම මේ කම්පනා කොලේ, ඉවානයගෙ මස් කෑවමද පරිණත වුනේ කියලයි.🤔

      Delete
    7. ඉවානයා යහතින් ඉන්නවාය . උගේ මස් මම කෑවේ නැතිවෙමු . නිදි ඔන්න ඔය වෙලාවට තම මගේ යක්ෂයා ආරුඪ වෙන්නේ . මම ඉස්සරත් passionately පිළිතුරු දෙන තැන තියනවා . අදත් තියනවා . කීටෝ එකට මට කලබල වෙන්න දෙයක් නැහැනේ . ඒක තම තමන් කල යුතු දෙයක් . ඒ වුනාට පෙනී පෙනී තියෙද්දී අසාධාරණ කතා කිවොත් ඉතින් පොඩ්ඩක් ෆයර් වෙනවා තමා . හේ හේ

      Delete
    8. ෆයර් වුණත් මොකෝ, හිනහත් වෙලානේ- එහෙම හොඳා!

      Delete
    9. මම එහෙම ෆයර් වෙලා ලියන්නේ ඔය අසාධාරණ කතා වලට විතරයි නිදි . ඒක ඉතින් හැටි .

      Delete
    10. //ඉවානයා යහතින්.... උගේ මස් මම කෑවේ නැතිවෙමු//

      හහ්, අපි නොදන්න මොණරතැන්න

      Delete
    11. මුවන්පැලැස්ස

      Delete
    12. yes, I am fully in agreement with Nidi, Ajith has mellowed and is lot less fiery now lol Time to get the little blue pill from your GP old chap lol

      Delete
    13. Dear, If youo are from a fairer sex, I would have proved that I don't need the blue pill yet. But you may never know what comes. If such a time comes, I would have used Ginseng first. 😀

      Delete
    14. Easy tiger, Why discriminate between genders lol thanks for the ginseng tip

      Delete
    15. oOk, let me give you some more tips. Most Eastern European women (mainly Russian) would tell you to eat Smetana an hour before ******, at the very least. It's a yogurt-like food. While English speakers might describe it as similar to double cream or sour cream, it's actually different. You can now buy it at Tesco supermarkets or any Polish shop. If you can't find Smetana, try kefir instead. Another tip is to eat lightly salted, chili-seasoned, medium or medium-rare lean beef steak, before you know what.

      Delete
  3. // "මේ අජිත් ලංකාවේ කොල්ලෙක්. ලංකාවේ උන් හොඳයි." කියලා. එහෙම කීවේ ඇයි කියල මට තේරුනේ නම් නැහැ//

    උත්තරේ මෙතන

    //But the Muslim man at the beginning shows the real problem, that Muslims in the UK and Europe at large do not integrate and identify more with their Muslim identity than that of the European nation state that they live in, which causes parallel societies to be be formed and sectarian tension. He discusses “our children” as Muslims and “their children” as British children. These are not British people, they are Muslims living in Britain//

    ReplyDelete
    Replies
    1. මේකට මම මුකුත් නොකිය හිටියේ පැත්තක් ගන්න බැරි නිසා . ඉස්සරහට තව පොඩි විස්තරයක් තියනව . එතකොට තේරෙයි . මම සියාමා පොතේ ඒ කතාවේ ටිකක් කීව .

      Delete
    2. ඔව් එහෙම පැත්තක් නොගෙන ඉන්න එක තමයි හොඳ, පාඨකයාටම තීරණයක් ගන්න තියලා . මෙහෙම තමන්ගෙ අත්දැකීම් ලිව්වාම, දෙපැත්තෙම කතාව ලියැවෙනවා. මේ කතාවෙ වටා දිවෙන සුළු ( ඒත් වැදගත්) විස්තර මම රස විඳින්නෙ ඒකයි.

      Delete
    3. බොහොම ස්තූතියි

      Delete
  4. පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ තේරුම් ගැනීමේදී අනෙක් අයට ඇහුම්කං නොදී තමන්ගේම අත්දැකීම් මත යැපීම නිවැරදියි වගේ පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ සත්‍යයක් තියනවා . හැමෝම තම තමන්ගේ ලෝක දැක්මෙන් නේ අනුන්ව දකින්නේ . මම හැම වෙලේම මගේ තීරණයක් තමයි ගන්නේ .

      Delete
  5. අජිත්, ඇත්තමයි. මට මේ post එක කියවද්දී දැනුණේ ආයෙම සැරයක් එංගලන්තේ ඉන්නවා වගේ.
    තව එකක්, ඔයාගේ අඩවියේ අකුරු මට නං පුංචියි. ඉතිං මම කරන්නේ ලිපිය copy කරගෙන අකුරු ලොකු කරලා කියවන එක!

    ReplyDelete
    Replies
    1. ඒ මොන ඇන්නෑවක්ද ආයිබෝං?😮
      කීබෝඩ් එකේ Ctrl කී එක ඔබාගෙන මීයගෙ රෝදෙ කැරකුවාම, අකුරු ඉබේම ලොකු වෙන වග ඔහෙට කවුරුවත් කිව්වෙ නැද්ද? කෝ මේ නමියා...

      Delete
    2. තෑන්ක් යු නිදි තුමා . බසු තුමා නිදි තුමාට පූටරේ වැඩ කැල්ලක් කියා දීම ගැන ස්තූතියි . අන්න නිදි එහෙම කරන්න . මම ලොකු ෆොන්ට් දාන්නම් කෝකටත්

      Delete
    3. බස්සා මහත්තයෝ 'රොම්බ තැන්ක්ස්!'
      තමුන්නැහේ කියා දුන්නු ගුරුකම හරි නේන්නං.

      අනේ, අහිංසක නමියා මොනව කරන්නද- ආව වෙලාවක් ඇත්තන් නමීම අහනවා මොනවත් කරලා දෙන්න හෙම තියෙනවද කියල. වැඩේ කියන්නේ මිනිහ කියලා දෙන්නේ හැටට හැටේ. වොයිස් ටයිපින් ඉගැන්නුවා, එයා ගියාට පස්සේ මට කොටහක් මතක නෑ.

      ගිය සතියේ foto එකක් copy කරගන්න හැටි කිව්වා PrtScr SysRq කී එක පාවිච්චි කරලා. ඒක හරි ගියා. වැඩේ කියන්නේ පහුගිය කාලෙටම ඒ කී එක පාවිච්චි වුණේ ගිය සතියේ.

      Delete
    4. අජිත් මහත්තයෝ, මගේ වෙනුවෙන් නං අකුරු ලොකු කරන්න ඕනි නෑ දැන්!

      Delete
    5. හරි එහෙනං . වොයිස් ටයිපින් වලට ගූගල් ඩොක්ස් ගිහින් ටූල්ස් වලට යන්න . ඒකෙ පහල තියෙන්නේ

      Delete
    6. හොඳමයි සර්ලා!

      අලුත් post එකක් ලියනකොටම තමයි වොයිස් ටයිපිං පටන් ගන්න ඕනි. නැත්නම් ලියා තිබෙන ශෛලිය වෙනස් වෙයි.

      Delete
  6. ඔය රටේ ලෑලි ලාබ ඇති නේද

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව කොහාටද කියල මම මේ කල්පනා කොලේ

      Delete
  7. ලංකාවෙ කඩේකදි මට ප්ලීස් හැමතිස්සෙම නොකියවුනාට තෑන්ක් යූ නම් කියවෙනවා.

    ඉන්ගලන්තෙ ගියොත් "You alright?" ටත් මොනව හරි කියන්න එපෑ. :D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපි කතා කරන විධිහ වෙනස් . හෙමින් කතා කරන කොට . මට මේක දෙන්න වගේ කියන කොට වෙනසක් තියනවා මට මේක දීපන් කියනවට වඩා . ඉංග්‍රීසි භාෂාවේ ඒ "දියුණු" ලක්ෂණය නැහැ . මුකුත් නොකිය බුම්මගෙන බදු ගන්න කොට ඉතින් සුපර්මාකට් වල තමා . කිසිම් ඉන්ට ඇක්ෂන් එකක් නැහැනේ . බදු ගත්ත . සෙල්ෆ් චෙක් අවුට් එකට ගියාය් එච්චරයි

      Delete
    2. ඔය "You alright?" ගැන නියමෙට ලිව්වෙ ඉවානයා "Dream Cafe" එකේ:😋

      //නන්නාඳුනන විජාතික මිනිසුන් අතරින් ඇවිද යද්දී අතරින් පතර හමුවන සමහරුන්, ඔබට කොහොමදැයි අසමින්, පිලිතුරක් ලැබීමට පෙර පසුකර යද්දී මම ග්‍රැන්විල් පාර දිගේ පැමිණ වින්ඩ්සර් ඇවනියු වෙතට පැමිණියෙමි//

      Delete
    3. හරි හරි සර් ඉවානයා අපට වඩා හොඳට ලියනවා තමා , ඒත් කෝ ඉතින් හාවා හඳ දකිනවා වගේනේ

      Delete
    4. ඔන්න, ඔන්න ඉතින් වැරදි කොනෙන් අල්ල ගත්තා. ඇයි හත්වලාමේ එකට සූකර මජ්ජව වළඳන බඩී උන්නාන්සෙ නේද? හරි හරි සර්, ඔගෙත් හොඳට ලියනවා.🙏👌💐😋

      Delete
    5. 😀 නිදිව අවුසන්න ගියාට රිටන් එක

      Delete
    6. අපොයි අපොයි මහත්තුරුනේ, මට ඇවිස්සෙන්න වෙලාවක් නෑ. ඊළඟ post එක ලියමින් ඉන්නේ..

      Delete
    7. සති දෙක්කට් එකක් දානවද නැත්ද කියල කල්පනා කරන මම

      Delete
    8. එහෙම ඕනෙ නෑ. සතියකට එකක් දැම්මාම හොඳටම ඇති.🤔

      Delete
  8. කොට එකා කට්ටයා කියන්නෙ නිකං නෙවී.
    අන්තිමට වැටත් ගස්සගෙන තීන්තත් ගාවගෙන බ්‍රයන් මෑන් ටත් ඇණේ ගහන් ලාස්සනට බැලන්ස් කරගෙන.

    අන්නේමයි ඉන්ටෝන 🙈🙈

    ReplyDelete
    Replies
    1. කොට එක කට්ටයා කියල තමන්ටම අපහාස කර ගන්නේ මොටද ? තට්ටය කට්ටයා නෙමෙයිද 😀

      Delete
    2. ඇණ ගැහුවේ නැහැ අනේ . ස්ලයිඩින් පැනෙල් නේ

      Delete
    3. තට්ටයෝ සියල්ල කට්ටයෝයැ 😁😁😁

      Delete
  9. ආ.. තවේකක්. මමත් උස එකෙක් නෙවී. මතක ඇති නේ 🤭

    ReplyDelete
    Replies
    1. අපහාස කරල දැන් රැලට වැටෙන්න එනවා . හුහ් 😀

      Delete
    2. 🙈🙈🙈🙈
      සේප් වෙන්නත් එපැයි 🤭🤭

      Delete
  10. එතකොට ගෙදර පිටිපස්සේ වැට නඩත්තු කිරීම අයිති කාටද

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු සිපිපියා. මොකෝ සිපිපියො පහුගිය කාලෙම සද්දෙ වහල හිටියෙ? කොටහලු වුනාවත්ද? 😜😂

      Delete
    2. T මාර්ක් එකක් තියෙනවා ටයිටල් ඩීඩ් එකේ . එක මගේ පැත්තට නම් මම තමා නඩත්තු කරන්න ඕනේ . සාමාන්‍යයෙන් හැමෝම වැටට අල්ලලා ෂෙඩ් එකක් හදන නිසා ප්‍රශං පැන නගිනවා අඩුයි . මගේ එක මම ගහල තියෙන්නේ .

      Delete
  11. ඕස්ට්‍රේලියාවේ සම්ප්‍රදාය අනුව හැම වැටක්ම දෙපැත්තේ ඉඩම්වල අයිතිකරුවන් ගේ සම සම වගකීම

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔබතුමා වැනි සමකාමී අය ඒකට අකමැතිද? 😜😂😂😂

      Delete
    2. සම වගකීම තියෙන තැනුත් තියෙනවා . අපේ deed වෙනස්

      Delete
  12. මමත් ඔය ප්ලීස් කෑල්ලට කමති නෑ.. අපේ උන් ඕක පාවිච්චි කරන්නෙම නිකන් තග දාන ලෙවල් එකකින්.. ඕක මට හිතෙන් හටියට එන්න ඕනා ටිකක් යටහහත් පහත් ස්වරයකින් වගේ, එහෙම නැත්නම් එතන පොඩි අණදීමේ ස්වරයක් එනවා. කරුණාකරලා කියන එකත් එහෙමම් තමා..

    "අන්තිමට උනේ සුද්දො දෙන්නා එකතුවෙලාවේ මගේ පැනල් ටිකට තීන්ත ගාලා දුන්නෙ එක"

    ඒ කියන්නෙ ඔයා ටොම් සෝයර් වගේ ඇපල් කකා බලන් හිටියා...:-)

    ReplyDelete
    Replies
    1. ප්ලීස් කෑල්ලේ කැමැති අකමැති දේට වඩා කීවොත් වැඩේ කෙරෙනවා ලෙහෙසියෙන්ම . මට ප්ලීස් නොකිව්වොත් මම නම් මඩවල තමා උත්තර දෙන්නේ. ලංකාවේ ඒක තග ලෙවල් එකෙන් කියනව කියා දැනන් හිටියේ නැහැ .
      නැහැ . මම බලන් හිටියේ නැහැ . මාත් වැඩේ කළා . නැත්නම් ඉගෙන ගන්නේ කොහොමද .

      Delete
  13. අජිත්, ඔබ ප්‍රමුඛ මේ බ්ලොග් එක බලන ජාජබ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට/මාලිමාවට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න සියලුම අයගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඕන.

    ලංකාවෙ ඉතිහාසෙ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියනවා මෙච්චර කල් ලංකාවෙ පාලනය කරපු පාදඩ රනිල් වික්‍රමසිංහ කියන මිනීමරු ලේ පිපාසිත සොම්බි මහල්ලාව වහාම බලයෙන් පහ කර ඔහු ඇතුලු රාජපක්ෂ දූෂිත හොර පවුල ප්‍රේමදාස දූෂිත හොර පවුල ඇතුලු උන්ගේ පක්‍ෂ කල්ලි කණ්ඩායම්වල දූෂිත හොර කල්ලියෙ නොවන ඉතාම පිරිසිදු සෑම අතින්ම සැබවින්ම පාරිශුද්ධ ජනතාවාදී සැබෑ නායකයෙක්ව පළමු වතාවට ජනාධිපති කරවන්න.
    අපිට හැප්පෙන්න තියෙන්නෙ රුපියල් බිලියන නෙවෙයි ට්‍රිලියන ගණන් සල්ලි වියදම් කරල කරන කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ ස්පොන්සර්ඩ් ඇඩ් දාල ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවට මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. දූෂිත කල්ලියෙ අපේක්ෂකයන්ගෙ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් ලයික් දානවා. මේව කරන්න රුපියල් බිලියන් මිලියන් ගණන් සල්ලි වියදම් කරල ඒවාට විශේෂිත ප්‍රචාරක ඒජන්සිවලට කොන්ත්‍රාත්තු දීල තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ සොම්බි මහල්ලා, රාජපක්ෂ දූෂිත පවුල සහ ප්‍රේමදාස සමගි මඩ බලවේගය විසින්මයි.
    මීට අමතරව බොහෝ ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා.

    අපිට තියෙන්නෙ ලංකාවට ඇත්තටම ආදරේ මාලිමාවට හිතවත්කම තියෙන ඇත්ත මිනිස්සුන්ගෙ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයෙ හැමෝම උපරිම විදියට කැපවීමෙන් නිදිවරා හරි මහන්සි වෙලා රට දිනවන මාලිමා කැම්පේන් එකට සපෝට් කරන්න.

    🧭 මාලිමාවට සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්,කමෙන්ට් ,ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්.

    🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්.
    🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න.

    තව දවස් කීපයයි තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ සොම්බි ඩ්‍රැකියුලාගේ නායකත්වය යටතේ රාජපක්ෂ ප්‍රේමදාස ඒකාබද්ධ ලේ පිපාසිත දූෂිත හොර තක්කඩි ජාවාරම්කරුවන්ට උන්ගේ පැලැන්තියේ කල්ලියේ දේශපාලකයන්ගෙ දූෂිත සල්ලිවලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා.
    #AKD #NPPSRILANKA #රටඅනුරට

    ReplyDelete
    Replies
    1. we are not so mad to support NPP , dont waste your time here

      Delete
    2. මම කැමතියි ලංකාව කියන රට දිනනවට

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .