Tuesday 27 August 2024

විදේශීය ඇසින් ශ්‍රී ලංකාව - ලී ක්වාන් යූ


මේ ලිපිය පළවී තිබුනේ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්   ලියන ලද සති සිතුමිණි පොතේය.  විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව යන මැයෙන් පරිවර්තිත මෙය  වර්තමානයට ඇති  වැදගත්කම සලකා පල කරමි. පොත මුද්‍රණය කර ඇත්තේ සරසවි ප්‍රකාශකයන්ය. ලී ක්වාන් යූ කියන සැම දෙයටම මමද එකඟ නොවෙමි . ඔහු බොහෝ දුරට ඒකාධිපති 
පාලකයෙක් විය .  නමුත් ඔහු ගේ මේ අදහස් වටනේය. අවි බලයෙන් ජාතික ප්‍රශ්නය විස්නාදිය නොහැකි යයි ඔහු පවසා තිබේ .   ශ්‍රී ලංකාව  "ත්‍රස්තවාදී ප්‍රශ්නය" විසඳන ලදී . ඒ සඳහා ශ්‍රී ලංකාවට බොහෝ සේ ණය වන්නට සිදුවිය. ජාතික ප්‍රශ්නය විසඳා ඇතිද කියා කිව නොහැකිය .     



 විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව 
**********************************************************

සති අන්තයේදී සුවිසල් පොතක් කියවන්ට ලැබිණ. එය  ඉතා රුචි වඩවයි. ස්වයං ලිඛිත  චරිතාපදානයෙකි.  කතුවරයා සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ මහතාය.  පල කර තිබෙන්නේ දෙදාහක් වර්ෂයේය.


එහි  ශ්‍රී ලංකාව ගැන  තිබෙන කොටස  පහත දක්වමි.


“මා පළමු වරට ශ්‍රී ලංකාවට ගියේ 1956 දීය. ඒ  ලන්ඩනයට යන අතර මගය. මා  නතර වූයේ ගාලු මුවදොර හෝටලයේය.  බ්‍රිතාන්‍ය  යුගයෙන් පැවත එන ඔවුන්ගේ ප්‍රමුඛ හෝටලයයි. එය  මුහුදට මුහුණ ලා පිහිටා ඇත.  මම කොළඹ නගරය වටා ඇවිද්දෙමි. රජයේ ගොඩනැගිලි සිත් කාවාදී. ඒ බොහෝ ගොඩනැගිලිවල සෙල් මුවා මුහුනත්ය. ඒවාට  යුද්ධයෙන් හානි පැමිණ නැත. මවුන්ට් බැටන් සාමී තම අග්නිදිග ආසියා ආඥා ස්ථානය මහනුවර පිහිටුවාගෙන සිටි හෙයින් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවට වඩා සම්පත්ද යටිතල පහසුකම් ද ලැබී තිබිණ.


ඒ අවුරුද්දේම අලුතින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිවරණයෙන් ජය ලැබ ආගමැති ධුරයට පත්විය. 


සිංහලය  රාජ්‍ය භාෂාව බවට ද බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කිරීමට ඔහු පිළිණ දී තිබිණ.  ඔහු දුඹුරු පැහැති සමෙන් යුත් හොඳ මහත්මයෙක් විය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලත් ඔහු උපතින් ක්‍රිස්තියානියෙකි. ජාතිවාදියෙකු වීමට අදිටන් කළ ඔහු බුද්ධාගමට හැරී සිංහල භාෂාව සඳහා උද්ඝෝෂණය කරන වීරයකු බවට පත්ව සිටියේය. ශ්‍රී  ලංකාව බිඳ වැටීමේ ආරම්භය එය විය.


ඒ කාලයේ සිංගප්පූරුවේ අගමැතිලිම් යූ හෝක් f රාත්‍රී බොහෝජනය සඳහා මට ආරාධනා කළේ ය.  ඒ එහිදී බණ්ඩාරනායක හමුවීමටය.  සුපිළිසන්ව හැඳ පැළඳ සිටි රමණීය බසින් බිණූ සුරු බුහුටි කුඩා කය ඇති බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වඩාත් ජාතිවාදී සමාජයක් බවට පත්කිරීම සඳහා ලත් මැතිවරණ ජන වරමින් උද්දාමයට පත්ව සිටියේය. ඒ වරම  ඉංග්‍රීසි උගත් බමුණු කුලයට දැක්වූ ප්‍රතිචාරයක් විය.  මේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය බලයට උරුමය ලැබ බ්‍රිතාන්‍යයන් අනුව හැඩ ගැසී සිටියේය. ඔවුන්ගේ ජීවන ක්‍රමය ද ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසීි තිබිණ. බණ්ඩාරනායකට පෙර අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල සැමදා උදයේ අසුන් අරා සංචාරය කළේය.


දැන් සිංහලය රාජ්‍ය භාෂාව වී පැවතියෙන් යාපනයේ දෙමළ ජනයාට හා අන්‍ය සුළු ජාතීන්ට අවාසියක් සිදුවී තිබීම නිසා හෝ ජාතික ආගම ලෙස බුද්ධාගම උසස් තත්ත්වයට පත්වීමෙන් හටගත් හින්දු දෙමළ ජනයාගේ ද මුස්ලිම් මුවර් ජනයාගේද ඕලන්දක්කාරයන්ගෙන් ගෙන් පැවත එන ක්‍රිස්තියානි  ලන්සින් ගේද අපහසුතාවය නිසා හෝ බණ්ඩාරනායකට හිත් හමාරුවක් ඇති වී තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු ඔක්ස්ෆඩ්  ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය දරා තිබිණ. ඔහු කතා කළේ තමා  තවමත් ඔක්ස්ෆඩ් විවාද සංගමයේ සිටින කලක මෙනි. එයින් තුන් වසරකට පසු බෞද්ධ භික්‍ෂුවක විසින් ඔහු ඝාතනය කරන විට මම පුදුමයට පත් නොවීමි. බුද්ධාගම රාජ්‍ය  ආගම කිරීමෙහිලා රටේ ප්‍රගතියේ ඉබි ගමනින් අතෘප්තියට පත් භික්ෂුවක එය කිරීම උත්ප්‍රාසයකැයි මම සිතුවෙමි.


ඊට පසුව පැවැත් වූ මැතිවරණයේදී ඔහුගේ වැන්දඹු සිරිමාවෝ බණ්ඩාරනායකානුකම්ප ඡන්දයෙන් අගමැති ධුරයට පත්වූවාය. එතරම් ජීව ශක්තතාවයෙන් අඩු නමුදු  ඇය බොහෝ තද සිත් ඇති නායිකාවක බව ඔප්පු විය.එක්දාස් නමසිය හැත්තෑ වේ ලංකාවේදි මට හමුවන විට ඇය නොබැඳි දෘෂ්ටිවාදය ඇදහූ අධිෂ්ඨානශීලී ස්ත්‍රියක් වූවාය. දකුණු වියට්නාමයෙන් ලාඕසයෙන් හා කාම්බෝජයෙන් ඇමෙරිකානු හමුදාව ඉවත් කිරීම ද ඉන්දියානු සාගරය මහ බලගැටුම්වලින් නිදහස් න්‍යෂ්ටික අවිහළ  කලාපයක් කිරීමද ශ්‍රී ලංකාවට අභිමත විය.


තරුණයකු වශයෙන් මම මගේ ඊට වෙනස් විදේශ ප්‍රතිපත්ටි  අරමුණු ඉවසිලිවන්තව පහදාලීමි. කාම්බෝජයට ලාවෝසයට හා තායිලන්තයට තර්ජනයක් වෙමින් වියට්නාමය කොමිනිස්ට්වරුන් අතට පත් වුවහොත් සිංගප්පූරුවට එය අති දරුණු තර්ජනයක් වනු ඇත. ත්‍රස්තවාදය මැලේසියාවට පැතිරෙනු ඇත. සිංගප්පූරුවට බරපතල ප්‍රතිවිපාක ගෙන දීමට නියමිත හෙයින් අපට මේ උදාර දෘෂ්ටිවාදයට දායක විය නොහැකිය. මේ කලාපයේ අනික් මහා බලවතුන් වූ චීනය හා ජපානය යථාකාලයෙහි තම නාවුක  බලය ව්‍යාප්ත කරනු ඇත. එහෙයින් පංච මහා බල ආරක්ෂක ගිවිසුම සමග ඉදිරියට යෑම අවශ්‍ය බව සිංගප්පූරුවට පෙනී ගියේය.


තම බෑනා වූ ෆේලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයා විය.  දීප්තිමත් වුවත් කැඹුරක් නැති, තම භූගෝලීය හා ඓතිහාසික වාසනාව නිසා ලංකාවට ආරක්ෂාව නමැති ආශීර්වාදය ලැබී ඇතැයි ඇදහූ ඔහු  ඒ නිසා එය ආරක්ෂාවට වියදම් කරන්නේ තම අයවැයෙන් දෙකයි දශම පහක් පමණකැයි කීය. 1980 ගණන්වලදී යාපනයේ දෙමළ කැරැල්ල කුඩු කිරීම සඳහා රටේ අයැවැයෙන්  භාගයකටත් වඩා වියදම් කෙරුණු වට ඔහු කුමක් කීවේදැ යි මම නොදනිමි.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ආදර්ශ පොදු පොදු  රාජ්‍ය මණ්ඩලීය රට විය. එය නිදහස සඳහා සැළකිළිවන්තව සූදානම් කොට තිබිණ. යුද්ධයෙන් පසු එය මිලියන දහයකට බොහෝ අඩු ජනගහනයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ රටක් විය. එහි සාපේක්ෂ වශයෙන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් පැවතිණ. එහි ඉංග්‍රීසියෙන් උගන්වන කොළඹ හා මහනුවර විශ්ව විද්‍යාල දෙකකි. බෙහෙවින්ම දේශීය පරිපාලන සේවාවකි. 1930 ගණන්වලදී පළාත් පාලන මැතිවරණවලින් ඇරඹුණු නියෝජිත ආණ්ඩු පාලනයේ අත්දැකීම ය.එක්දාස්  නමසිය හතලිස් අටේ දී නිදහස ලබන විට එය නිදහස කරා ආනුක්‍රමික විකාශනයේ සම්භාව්‍ය ආකෘතිය විය.


අහෝ! ඒ සියල්ල වැඩ කර නැත. අවුරුදු ගණනක් තිස්සේ ආ ගිය ගමන්වලදී මා දුටුවේ බලාපොරොත්තු තැබිය හැකි රටක් නාස්තිවී යන සැටිය. එකාට එක චන්දයයි යන  මූලික ප්‍රශ්නයක් විසඳුයේ නැත. ඉංග්‍රීසිය හැර පියා සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අවාසියට ගොදුරු වූ මිලියන දෙකක් වූ යාපනයේ දෙමළුන් නිතරම ඡන්ද බලයෙන් වැඩලීමට මිලියන අටක් වූ සිංහල බහුතරයට ඕනෑම විටක හැකි විය. පෙර රාජ්‍යාගමක් නොවීය. සිංහලයෝ බුද්ධාගම ජාතික ආගම බවට පත් කර ගත්හ.


1966 දී ලන්ඩනයේ සිට පෙරළා යන ගමන් මම අගමැති ඩඩ්ලි සේනානායක හමුවීමට කොළඹට ගියෙමි.. ඔහු මුදු මොළොක්, එන සැටියක් පිළිගන්නා,  ඉරණමට ඉදිරියේ සිටින වැඩිහිටි මිනිසෙක් විය. එකල පැවති කොළඹ රාජකීය ගොල්ෆ් පිටියෙහි අනවසර පැල්පත් ද එළුවන් හා හරකුන් ද ගැන  ඔහු සමාව අයැදියේය.  ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ නිසා එය  නො වැළැක්විය හැකි යැයි ඔහු කීවේය. නගර මධ්‍යයෙහි මේ හරිතබර විවර ඉඩ තබා ගැනීම යුක්ති යුක්ත කිරීමට ඔහුට බැරි විය. ඔහු මා ඔවුන්ගේ සුන්දර කඳුකර නගරය වන නුවරඑළියට දුම්රියෙන් යැවීය. නිදහසින් පසු සිදුව තිබුණු දෑ ගැන එය ඉතාමත් හොඳම  පාඩම විය. දුම්රියේ බොජුන් රියේ ආහාර විෂ සහිත විය. කුකුළු මස් දූෂණය  වී ගඳ ගසයි. වහාම විවේකාගාරයට ගිය මට කෑ සියල්ල වමනය  ගියේය. මේ නිසා මම බේරුණෙමි.


නුවරඑළියේ දී මා නතර වී සිටියේ පෙර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන්ගේ කඳු නිවාසයේය. එය ජරාවාස වී තිබිණ. ඉංග්‍රීසි වන සරණක් මෙන් දිස් වූ  උයන අතීතයෙහි සෙව්වන්දි  මලින් පුරවා (තවමත් ඒවා ටිකක් තිබිණ) හොඳින් නඩත්තු කරන්න ඇත. මුහුදු මට්ටමෙන් අඩි 5000ක් පමණ උසින් පිහිටි එය පියකරු සිහිලස දනවයි. පෙර කළ සුන්දරව පැවති එම  පිහිටියෙහි මම ගෝල්ෆ් කෙළියෙමි. කොළඹ පිටිය මෙන්ම එයද පැල්පත්, එළුවන් හා ගවයන් විසින් ආක්‍රමණය කොට තිබිණ.


රාත්‍රී ආහාර මේසේදී ධනවත් හා දුක්බර පෙනුමක් සහිත වැඩිහිටි සිංහලයෙක් මැතිවරණ පවත්නා  හෙයින් සිදුවී තිබුණු දේ අනිවාර්ය බව පහදා දුන්නේය. සිංහලයන්ට අධිපති වර්ගය වීමට වුවමනා විය. තේ හා පොල් වගාවල කළමනාකාර තනතුරු බ්‍රිතාන්‍යයන්ගෙන්ද ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි තනතුරු  දෙමළුන්ගෙන්ද තමන්ටම ලබා ගැනීමට සිංහලයන්ට වුවමනා විය. මේ ආදිය නිසා ඔවුන්ට සිංහලය රාජ්‍ය භාෂාව  කිරීමේ ශෝකාන්තය හරහා ගමන් කිරීමට සිදු විය. ඔවුන්ට මේ හේතු කොට බරපතල පාඩු විඳින්නට සිදුවිය. සියල්ලම සිංහලට හා දෙමළට  පරිවර්තන කරන්නට සිදුවිය. එය හිමින් සිදු වන,  කවරදාවත් ඉවර කළ නොහැකි දෙයක්ය. බහුතරයට සිංහලෙන්ද යාපනයේ  දෙමළුන්ට දෙමළෙන් ද ලන්සින්ට ඉංග්‍රීසියෙන්ද වශයෙන් භාෂා තුනකින් ඉගැන්වීමට විශ්ව විද්‍යාල වලට සිදුවිය. මහනුවර විශ්ව විද්‍යාලයේදී වෙනස් භාෂා තුනකින් උගත් ඉංජිනේරුවන් එක් පාලමක් ඉදිකිරීමට සහභාගී වන්නේ කෙසේදැයි මම උපකුලපති ගෙන්  ඇසීමි. බර්ගර්ජාතිකයෙකු ඔහු කේම්බ්‍රිජ්  විශ්වවිද්‍යාල කරපටියක් පැළඳ සිටියේය. ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බව මම එයින් හඳුනාගතිමි. “මහතාණනි,  එය ඇමැතිවරුන් පිළිතුරු දිය යුතු දේශපාලන ප්‍රශ්නයක්” ඔහු කීය. පොත්පත් ගැන මම විමසීමි. මූලික පාඨ ග්‍රන්ථ සිංහලයට හා දෙමළුවට පරිවර්තන කොට ඇති බවත් ඒවා මුද්‍රණය වන විට නිතරම මුල් පොත් වල නව සංස්කරණ තුන හතරක් පළ වී හමාර බවත් කියමින් ඔහු පිළිතුරු දුන්නේය. 


 තේ වාතු  යායවල් ශෝකජනක තත්ත්වයක විය. බ්‍රිතාන්‍යවතු අධිකාරීවරුන් වෙනුවට පත්කොට සිටි දේශීයයෝ බ්‍රිතාන්‍යයන් තරම් හොඳ නොවූහ. තද විනයක්  නොවූ හෙයින් තේ දළු නෙලන්නියෝ දළු පමණක් නොව තේ වලට හොඳ නැති මෝරපු කොළද නෙළූහ. පොල් වතු වලටද නරක කාලයක් ලබා තිබිණ. ඒ සියල්ල රට පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සඳහා මිනිසුන්ට ගෙවන්නට සිදුවූ වන්දිය යයි  ඒ තලතුනා සිංහලයා කීය. 1978 දී ඔස්ට්‍රේලියාවේ පැවති සමුළුවක දී අලුතින් තේරී පත් වූ අගමැති ජූනියර් රිචඩ්ජයවර්ධන හමුවන තෙක්ම මා අවුරුදු ගණනකින් ලංකාවට ගොස් තිබුණේ නැත. 1972 දී අගමැති සිරිමා  බණ්ඩාරනායක රටේ සිලෝන් යන නම ශ්‍රී ලංකා යයි වෙනස්කොට එය  ජනරජයක් බවට පත්කොට තිබිණ. මේ වෙනසින්  රටේ ධනය නම් වැඩි නොවීය. එහි තේ තාමත් විකුණනු ලබන්නේ “සිලෝන් ටී”  යනුවෙනි.


සොලමන් ඩයස් මණ්ඩාරනායක  මෙන්ම කිතුනුවකුව උපන් ජයවර්ධන ද ජනතාව සමග අනන්‍ය වීම සඳහා ජාතිවාදය වැළඳ ගත්තෙකි. වර්ෂ සත්තෑවක්  වන තම ජීවිත කාලයේ දී ඔහු දේශපාලනය තුළ නැගී ද බැස ද තිබිණ. වැඩිහරියක් බැස තිබිණ.  පහත දැමුණු  ඉලක්ක පිළිගැනීම මගින් ඔහු ප්‍රඥාවන්ත වී සිටියේය. ඔහුට ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට හේතු වූ සමාජවාදී ප්‍රතිපත්ති වලින් බැහැරවීමට වුවමනා විය. සිඩ්නි නුවරදී මා හමුවිමෙන් පසු ඔහු සිංගප්පුරුවට  ආවේය. ඒ ලංකාව දියුණු කිරීමට අප සහභාගි කරවා ගැනීම පිණිස යයි ඔහු කීවේය. ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය මගේ සිත් ගත්තේය. එහෙයින් 1978 දී මම ලංකාවට ගොස් ඒමට කැමති වීමි. යාපනයේ  දෙමළ ජනයාට ස්වෛරීත්වය දෙමැයි ඔහු කීය.  දෙමළ ජනය  කෙරෙහි සිංහලයන් පවත්වන පරමාධිපත්‍යය ඉවත් කිරීමට ඔහුට නොහැකි  බව මට වටහා ගත නොහැකි විය. මේ පරමාධිපත්‍යය 1983 දී සිවිල් යුද්ධය  අවුලවා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්  පිළිබඳ බලාපොරොත්තු පරම්පරා ගණනාවකට නොවේ නම් බොහෝ වර්ෂ   ගණනාවකට වනසා දැම්මේය.


ඔහු තුළ ඇතැම් දුබලතා විය ඔහුට ගුවන් සේවයක් අරඹන්නට උවමනා විය. එය ප්‍රග තියේ සංකේතයක් හෙයිනි. සිංගප්පූරු ගුවන් සේවය හොඳ ශ්‍රී ලාංකික කපිතාන් වරයකු සේවයේ යොදවා තිබිණ. මා ඔහු මුදා හරිත් ඇයි ජයවර්ධන විමසීය. සත්තකින්ම මට එය කළ හැකිය. එහත් ගුවන් සේවා පයිලට්වරයෙක් ගුවන් සේවාවක් පාලනය කිරීමට කෙසේ නම් සමත් වේදැයි මම ඇසීමි. ඔහුට සිංගප්පූරු ගුවන් සේවයේ උදව් අවශ්‍ය විය. අපි උදව් කළෙමු.  මම ඔහුට මෙසේ අවවාද කළෙමි. ගුවන් සේවයක් පිහිටවීම ඔබගේ ප්‍රමුඛතාවය නොවිය යුතුය. ගුවනත්  කිරීම සඳහා කුසලතා පූර්ණ හා හොඳ පරිපාලකයන් බොහෝ දෙනෙකුගේ සේවය අවශ්‍ය වේ. මේ මොහොතේ ඔබට එවැන්නන් අවශ්‍ය වන්නේ වාරි කර්මාන්තය,  කෘෂිකර්මය,  නිවාස සැපයුම,  කර්මාන්ත සංවර්ධනය හා වෙනත් බොහෝ ව්‍යාපෘති සඳහාය. ගුවන් සේවයක් යනු  බොරු අලංකරණයකි. සංවර්ධනය වන ශ්‍රී ලංකාවට එහි දැවැන්ත වටිනාකමක් නැත.


එහෙත් ඔහු තරයේම ඉල්ලා සිටියේය. එහායින් අපි සය මසකින් එය ගුවනත් කිරීමට උදව් කළෙමු; මාස දෙකේ සිට තුන තෙක් කාල පරිච්ඡේද්‍ය සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ  සේවකයන් අසූ දෙනෙකුන් මුදාහළෙමු; ලොව පුරා සිටින අපේ වෙළඳ නියෝජිතයන මගින් උදව් කළෙමු.විදේශ වල කාර්යාල පිහිටුවා දුනිමු; පුහුණු මධ්‍යස්ථාන  සංවර්ධනය කර දුනිමු. මේ ආදී නොයෙක් දෑ කර දුනිමු. එහෙත් මනා සිහි බුද්ධියෙන් යුතු මුඳුන්  කළමනාකරණයක් නොවීය. මේ නව ගුවන් සේවයේ සභාපති බවට පත් වූ  යට කී පයිලට් තැන අපගේ උපදෙස් නොතකා පාවිච්චි කළ පරණ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට තීරණය කළ කල්හි තවදුරටත් උපකාර නොකිරීමට තීරණය කළෙමු .තම ධාරිතාව පස් ගුණයකින් ව්‍යාප්ත කිරීම, සෘණාත්මක මුදල් ගලනය,  පුහුණු සේවක මණ්ඩල ඌනතාව, විශ්වාසය තැබිය නොහැකි ගුවන් ගමන්, අඩුකම යන මේ ගැටලු වලට මුහුණපා සිටි මේ ගුවන් සේවය අසාර්ථක වීමටම නියමිත විය.  එසේම එය අසාර්ථක විය.


ශ්‍රී ලංකා පාලකයන් තම රට සිංගප්පූරුව අනුව සකසා ගනිම්හ යි  කියනු ඇසීම අපට බොරු වර්ණාවක් විය. සිංගප්පූරු ආකාරයේ ප්‍රදේශ බලපත්‍ර ක්‍රමයක් සකසම්හ යි ඔවුහු කීහ. කොළඹ නගරයට එන වාහන අඩු කිරීමට. එහත් එය කෙරුනේ නැත. එක්දාස් නමසිය අසූ දෙකේ දී ඔවුහු  අපේ ක්‍රමය අනුව නිවාස සැපයීම් ක්‍රමයක් ඇරඹූහ. එහත්  ඊට ඇති තරම් මුදල් නොයොදවන ලදී. සිංගප්පූරුවට වඩා යන්තම් කුඩා  නිදහස් වෙළද කලාපයක් පිහිටවූහ. දෙමළ කොටින් නොවුහූ නම් එය වැඩ කරන්ට ඉඩ තිබිණි. ඔවුන්ගේ ත්‍රස්තවාදී උපක්‍රමවලින් බියපත් වූ ආයෝජකයෝ ගියහා; නො ආහ.


ජයවර්ධන කළ ලොකුම වරද නම් වියළි කලාපයේ සකස් කළ ඉඩම් බෙදා දුන් ආකාරයයි. විදේශ ආධාර ලැබ ඔහු වැව් පදනම් කොට ගත් කඳුවල තෙත් පෙදෙසින් ගෙන ආ ජලය රැඳවිය හැකි පැරණි ජල සම්පාදන ක්‍රමයක් යළි පණ  ගැන්වීය. අවාසනාවට ඔහු එසේ සකස් කළ ඉඩම් සිංහලයන්ට දුන්නේය.  ඓතිහාසිකව  මේ වියළි කලාපයේ ගොවියන්ව සිටි දෙමළුන්ට නොදුන්නේය. අත්හැර දමන ලැබ මිරිකී ගිය ඔවූහු දෙමළ කොටි ව්‍යාපාරය ශක්තිමත් කළහ. ජයවර්ධනගේ පෞද්ගලික ලේකම් තනතුර දැරූ දෙමළ ජාතිකයා ජයවර්ධන කළ දේ තීරණාත්මක වැරැද්දක් බව මට කීවේය. ඉන්පසු වූ ඇති වූ සිවිල්  යුද්ධය පනස් දහසක් මරා දැමීය. ඊටත් වඩා හදිසි අනතුරු ඇති කළේය. බොහෝ නායකයන් ඝාතනය කළේය. පසළොස් වසකටද වඩා ගත වී ඇත. එය අඩුවන බවක් දක්නට නැත.



වෙහෙස පත් වූවකු ලෙස ජයවර්ධන 1988 දී විශ්‍රාම ගියේය. ඔහුට කිසිම විසඳුමක් නොවීය. ඔහුගේ අනු ප්‍රාප්තික රණසිංහ ප්‍රේමදාස  සිංහලෝත්තමවාදියෙක් විය. ඉන්දීය හමුදා පිටත් කිරීමට ඔහුට උවමනා විය.එය බුද්ධිමත් නොවිය. ඔවුහු ශ්‍රී ලංකාව සඳහා ජුගුප්සාජනක කටයුත්තක් කර දෙමින් සිටියෝය. ඉන්දියානු හමුදා පිටත්ව ගිය කල්හි ඔහු වඩාත් නරක තත්ත්වයකට පත් විය. ඔහු  දෙමළ කොටින් සමඟ සාකච්ඡා කිරීමට තැත් කළේය. එය අසාර්ථක විය. ඔහු ඔවුන්ට ප්‍රමාණවත් ඉඩක් දීමට කැමති නොවීය. ජනාධිපති වීමෙන් පසුව ඔහු කීප වරක් සිංගප්පූරුවේදී හමුවීමි. යුද්ධයා අවි බලයෙන් නැවැත්විය නොහැකි බව ඔහුට ඔප්පු කිරීමට මම තැත් කළෙමි. යාපනයේ දෙමළුන්ටත් අවශ්‍ය ලෝකයාටත් යහපත් වන්නේ දේශපාලන විසඳුමකි. . එවිට දෙමළ නිදහස් ව්‍යාපාරයේ මධ්‍යස්ථ ව්‍යවස්ථාවාදී න් කොටසට එය ප්‍රතික්‍ෂේප කල නොහැකිය. ඔහුගේ අරමුණ විය යුත්තේ මැතිවරණ මගින් තමන්ව පාලනය කර ගැනීමට දෙමළුන්ට නිදහස දීම මගින් ත්‍රරස්තවාදීන්ට මහජන සහයෝගය අහිමි කිරීම යයි මම තර්ක කළෙමි. තමාට ඔවුන් වනසාලිය හැකි යැයි ඔහු විශ්වාස කළේය. 1991 හා 1992 ඔහු දෙමළුන්ට එරෙහි ප්‍රධාන සටන් සඳහා ශ්‍රී ලංකා හමුදාව යැවීය.ඔවුහු  සාර්ථක නොවූහා. 1993 මැයි දින  පෙළපාලියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීදි පෙළපාළියක් මගින් ඔහුට කිට්ටු කළේය. ඔහු හා තවත් බොහෝ දෙනා මියගියහ.


ඔහුගේ අනු ප්‍රාප්තික චන්ද්‍රිකා කුමාරතුංග සාකච්ඡාව හා යුද්ධය යන දෙකම කළාය. ඇය  යාපන අර්ධද්වීපය යළි අල්ල ගත් නමුත් දෙමළ  කොටින් නොවැනසුවාය.  සටන් කෙරීගෙන යයි. ඉංග්‍රීසි භාෂාවට “Serendipity සෙරෙන්ඩිපිටි - ස්වර්ණදීපිකත්වය” යන පදය ගෙන  දුන් “Serendip සෙරෙන්ඩිප් - ස්වර්ණදීපය” යන පැරැණි නමින් යුතු රට දැන් යුද්ධයේ,  දුක් විඳීමේ,  ශෝකයේ හා බලාපොරොත්තු රහිත බවේ  සංකේතයක් වී තිබීම ශෝක ජනකය.


ලී ක්වාන් යූ මහතා කියන සැම දෙයටම  මම එකඟ නොවෙමි. එහෙත් ඔහු කියන දැයින් එකක් පැහැදිලිය. කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.


-පින්තූරය විකිපීඩියා අඩවියෙනි .
- ලිපිය පි . 59-66 - සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත් - සරසවි ප්‍රකාශකයෝ 2013 

//කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.// ඒ සඳහා ප්‍රගතිශීලි ධනවාදයක් තිබිය යුතුය .

104 comments:

  1. හොඳ පෝස්ට් එකක් අජිත්, ලී ක්වාන් යූ කියන්නේ සර්වඥ නෙවෙයි, ඔහු කියන දේවල් තාර බර ඇරලා ගන්න ඕන නේද? සිංගප්පූරුව සාර්ථක වීමට ලංකාවට වඩා එක්සත් ජනපදයේ දැවැන්ත සහයෝගීතාව දැඩිව බලපාලා තියෙනවා, ඒ වගේම ලංකාවට නැති බොහෝ වාසි ඔවුන්ට විසි වන සියවස මැද සහ අගභාගයේදී ලැබුණා, ලංකාවේ යුද්ධය නිසාත් රටට ඩොලර් බිලියන 200කට අධික opportunity cost එකක් වුණා කියල කියනවනේ

    නමුත් ලංකාවේ ඔය දිනන්න බෑ කියල හැමෝම කියපු යුද්ධය ජය ගැනීමට හැකීවීමත් පුදුමාකාර දෙයක්, ඒ වගේම ඒ යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවපු ප්‍රධානම තුන් දෙනා මරා නන්දේ සහ ෆොනී යන තිදෙනාම රටේ ගෞරවනීය යුධ වීරයෝ නොවී ඉතාම කෙටි කලකින් කුජීත ලෙස රටේම ජනතාවගේ ගර්හාවට ලක්වීමත් ඊටත් වැඩිය පුදුමාකාර දෙයක්, වෙන රටවල යුධ විරුවෝ සියවස් ගණනාවක්ම සමරද්දී ලංකාවේ වෙච්ච දේ පුදුමාකාර නැද්ද?

    අනික අජිත් මේ සැරේ ජනපතිවරණයේදී කුජීත වීමට නියමිත ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගැන නම් මටත් ඇත්තටම තියෙන්නේ බරපතල කණගාටුවක්.

    සජිත් ප්‍රේමදාස ෆොන්සේකාගෙ ප්‍රශ්නය කළමනාකරණය කරන්න අසමත් වීම හරිම අවාසනාවන්ත දෙයක්. හැබැයි ඔහු වගෙ කේලම් මත තීරණ ගන්න අතිශය අපරිනත ළදරු නායකයකුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ තමයි. ඒත් අපරාදේ...ඔහු සජබෙට හොඳ assets එකක් වෙන්න තිබුන චරිතයක්.

    තව පැත්තකින් බලද්දී ලංකාවේ උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය මෙහෙයවන්න හැකියාව තිබුණු එකම හමුදාපති සරත් ෆොන්සේකා කියලා කියන්නත් බෑ.

    සිව්වන ඊළාම් අවසන් සටන ආරම්භ වුනේ මාවිල් ආරුවලින් පටන්ගෙන නැගෙනහිර මුදාගැනීම එක්ක. එතකොට ෆොන්සේකා හිටියෙ රෝහල්ගතව. වැඩබලන හමුදාපති වුනේ නන්ද මල්ලවආරච්චි. ප්‍රදේශය භාර ආඥාපති වුනේ පරාක්‍රම පන්නිපිටිය. (පසුව ඔහුට ෆොන්සේකාගේ උදහසට ලක්වෙලා රටත් හැරයන්න වුනා) මුලින්ම ප්‍රධාන පෙලේ LTTE නායකයෙක් හැටියට ඝාතනය වුනේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්. ඒක කලේ ගුවන් හමුදාවෙන් එම රජය දූෂණ චෝදනා ලබමින් ගෙනා මිල අධික මිග් 27 වලින් ගහලා.

    අනෙක් හමුදා නායකයින්ට වඩා ෆොන්සේකාගේ තිබුන ප්‍රධාන වෙනස අනිත් අයට වඩා සෑහෙන දැඩි බව විතරයි, ඒ නිසාම බොහෝ අපක්ෂපාතීව අදහස් ප්‍රකාශ කරන ලංකාවේ බහුතර හමුදා නිලධාරීන්ට අනුව නාකි මයිනා මහින්දයි උගේ මලයා නන්දසේන ගෝඨාභයයි නොහිටියා නම්, ෆොන්සේකා කියලා කෙනෙක් ලංකාවේ මිනිස්සු දන්නෙත් නෑ එයාලා වගේ හමුදාවෙ අය පමණක් දැනගෙන හිටියට. පෙන්ශන් යන්න දවස් 12ක් තියෙද්දි service extension දීලා හමුදාපති කරේ ගෝඨාභයගෙ රෙකම්න්ඩ් එකට මහින්ද විසින්. එදා ලොකුම කැප කිරීම කරේ තවත් කාළයක් හමුදාපති ධූරයේ ඉන්න තිබුණු ජෙනරල් කෝට්ටෙගොඩ ගෝඨාභයගෙ ඉල්ලීමට එම තනතුරෙන් ඉවත්වෙලා විශ්‍රාම යෑම. යුද්ධෙ ඇතිවුණයින් පස්සෙ හිටපු හමුදාපතිවරු අනිත් හැම කෙනාටම වඩා ෆොන්සේකට අසීමිතිකව නිදහස හා බලය ලබා දුන්නා වැඩේ කරගෙන යන්න. අන්න ඒ බළයෙන් ෆොන්සේකා වැඩේ කරගෙන ගියා එයාගෙ වැඩත් කර ගන්න ගමන්.

    එහෙමබලයක් හැදුවේ යුධ හමුදාපතිට පමණක් නෙමෙයි. නාවික හමුදාපති කරන්නාගොඩටත්, ගුවන් හමුදාපති රොශාන් ගුණතිලකටත් ඒ පහසුකමම ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවම හරියාකාරව කෝඩිනේට් කෙරෙව්වෙ ගෝඨා කියලයි හමුදාවේ බහුතර මතය. ඒකෙ ප්‍රථිපලය තමයි නාවික හමුදාව සමග ගුවන් හමුදාව කොටින්ගෙ අවි නැව් 11ක් විනාශ කරන්නෙත් තමිල් චෙල්වම්ට ගුවන් ප්‍රහාර එල්ල වෙන්නෙත්. ඔය කෝඩිනේශන් එක නිසා විශේශයෙන්ම හමුදාවෙ කොල්ලොන්ගෙ මොරාල් වැඩි වුණා ලෙසටම. එතන්දි ෆොන්සේකා ඔහුගේ රෝල් එක කරා.

    හැබැයි අවසානයේදී මේ සියල්ල අමතක කරපු ෆොන්සේකා විහිලුවක් වුණේ ඒ විශාල පිරිසකගේ දායකත්වයෙන් යුද්ධෙ ඉවර කරපු ක්‍රෙඩිට් එක තනිකර ඔහුගෙ නමට විතරක් ලියාගන්න ගිහින් ජනපති පුටුවට කෑදර වෙලා එවකට විපක්ෂයේ සටකපට උපක්‍රම වලට ලාබෙට අහුවෙලා නාස් ලණුවක් දාගෙන ෆෙඩ්‍රිකා ජෑන්ස්ට හමුදාව ගැන බොරුත් කියලා උන්ව යුධ අපරාධකාරයො හැටියට ජාත්‍යන්තරය තුළ හංවඩුගහන්න අවශ්‍ය වූ අනවශ්‍ය කතා මුදා හරිමින්.

    ඒ වුණත් එහෙව් එස්එෆ් අද දිට්ඨ ධම්මවේදනීය කර්මයට මූණ දෙනවා කියලා මිනිස්සු ඔහුට බනින එක නම් ඉතාම වැරදියි, ඒ වුණත් බ්ලාස්ට් එක වුණු කාර් එකත් අරගෙන ටවුන් ගානෙ ගිහින් දහ දෙනෙක් විතර ඉන්න මීටින් වල පීචංවෙන්නේත් ඔහු විහින් මයි නේද? අනේ මන්ද හරිම පුදුමාකාර දේවල් මේවත් හිතලා බලනකොට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිග කොමෙන්ට් වලට . මට දැන් දීර්ඝ පිළිතුරක් දෙන්න වෙලාවක් නැහැ . පොසි පොයින්ට් දෙක තුනක් //මයිනා මහින්දයි උගේ මලයා නන්දසේන ගෝඨාභයයි නොහිටියා නම්, ෆොන්සේකා කියලා කෙනෙක් ලංකාවේ මිනිස්සු දන්නෙත් නෑ එයාලා වගේ හමුදාවෙ අය පමණක් දැනගෙන හිටියට. // ඒක සාවද්‍ය කතාවක් . මම පිටරට ඉන්දෙද්දී පවා ෆොන්සේකා ගැන දැනන් හිටිය . යාපනය බෙර ගත්තේ ෆොන්සේකා . නමුත් චන්ද්‍රික කැමති වුනේ නැහැ හමුදාපති කම දෙන්න නාහෙට අහන්නේ නැති නිසා . //ඒ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවම හරියාකාරව කෝඩිනේට් කෙරෙව්වෙ ගෝඨා කියලයි හමුදාවේ බහුතර මතය. ඒකෙ ප්‍රථිපලය තමයි නාවික හමුදාව සමග ගුවන් හමුදාව කොටින්ගෙ අවි නැව් 11ක් විනාශ කරන්නෙත් තමිල් චෙල්වම්ට ගුවන් ප්‍රහාර එල්ල වෙන්නෙත්.// බොරු කතවක් . ඩියෙගෝ ගාෂියා වල ඇමෙරිකන් සික්ස්ත් ෆ්ලිට් එකයි , ඉන්දියාවයි කොඩිනෙට් දුන්නේ කොටි නැව් වලට ගහන්න . මහින්ද අගේ ජාතිවාදී උමතුකමයි . ජෙප්පොයි හෙළ උරුමයයි ඒක කියන්නේ නැතිව වෙන බොරුවක් මවා පාන්න ගත්ත ලජ්ජා නිසා . කොහොමත් ඩයස්පෝරා එක නිශ ඇමෙරිකාව , ඉන්දියාව ප්‍රසිද්ධියේ උදව් කලේ නැහැ

      Delete
    2. /මුලින්ම ප්‍රධාන පෙලේ LTTE නායකයෙක් හැටියට ඝාතනය වුනේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්. ඒක කලේ ගුවන් හමුදාවෙන් එම රජය දූෂණ චෝදනා ලබමින් ගෙනා මිල අධික මිග් 27 වලින් ගහලා.// මගේ යාළුවෙක් ටික දවසකට කලින් අපූරු කතවක් කීව . ඇනෝ තුමා දන්නවා ඇතිනේ උදයංග මම යන්තම් දන්නවා රුසියාවේ හිටි නිසා කියල . මේ යාලුව එයා හිටි සිටි එකේමයි. ලඟින් දන්නේ . එයා අහනවා -මචං උදයන්ගයි ගෝඨා යි දැන් තරහ මොකද දන්නවද . අරූ ගෝඨා ට හම්බවෙච්ච මුළු ගානම කියල නැහැ . ඒකෙනුත් ගහල .

      Delete
    3. උදාහරණයක් වශයෙන් මිග් 27 ඩිල් එකෙන් මිලියන් 8 ලාභ කියමු . අරයාට හතරයි , මෙයට හතරයි ,. මෙයාගේ හතරෙන් තව පොඩි ඇච්චෝ බච්චන්ටත් දෙන්න ඕනේ ඒ අතරේ අරය තව දෙකක් හොරෙන් තියාගෙන . එයට ශුද්ධ ලාභෙ 6. මේ නිකන් උදාහරණයකට කීවේ . යාළුවගේ ගේ තමා උදාහරණයත් . ඔයාගේ තර්කය සුප්‍රසිද්ධ ගාමිණී දිසානායක තර්කය වගේ . මහවැලියෙන් ගැහුවට කමක් නැහැ . අපි අවුරුදු හයෙන් හැරෙව්වනේ

      Delete
    4. අජිත් අයියේ ඔය උඩ ඇනෝ ෆොන්සේකා ගැන කියන කතාව ඇත්ත නේද? යාපනය අර්ධද්වීපය බේරාගැනීම කියලා ඔයා කියන්නේ 1987 වඩමරච්චි මෙහෙයුම ද නැත්නම් 1996 රිවිරැස මෙහෙයුම ගැන ද?

      වඩමරච්චි මෙහෙයුම ක්‍රියාත්මක කළේ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න වගේ අය ෆොන්සේක සහ ගොටා කණිෂ්ඨ මේජර්වරු විතරයි

      1996 රිවිරැස මෙහෙයුම හමුදාපති සමග ක්‍රියාත්මක කළේ ජානක පෙරේරා, නීල් ඩයස් සහ පීඒ ආරියතිලක වගේ බ්‍රිගේඩියර්ලා, ෆොන්සේකා නෙවෙයි

      2000 යාපනයට එල්ල වු තර්ජනය අලිමංකඩ කඳවුරට ආ ප්‍රහාරයයි, එය ටෙරාලගේ තුන්වන නොනවතින රැල්ල මෙහෙයුමයි, එය නැවැත්වීමට ෆොන්සේකා ක්‍රියාත්මක වුණා නමුත් ඒක මෙහයූවේ ඔහුයි කියන කතාව ඔහු පමණයි කියන්නේ එය සාවද්‍ය ප්‍රකාශයක්

      200 වසරේ එම අලිමංකඩ කඳවුරට එල්ල වූ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රි. පර්සි ප්‍රාන්චි, භාතිය ජයතිලක, නීල් අක්මීමන නිහාල් ජයකොඩි ආදී කර්නල්වරු විශාල මෙහෙයක් සිදුකලා. නමුත් ඔවුන් ෆොන්සේකා වගේ හොරණෑවක් නොවූ නිසා බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති.

      ෆොන්සේකා ජනප්‍රිය වුණේ රාජපක්ෂ රෙජීමය ඔහුව 2006 පමණ සිට මාධ්‍ය හරහා එවකට විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසට විවේචනය කිරීමට නයිටීඑන් ඇතුලු මාධ්‍ය හරහා යොදාගැනීම නිසයි.

      2000 අලිමංකඩ නොනවතින රැල්ල පාලනය කිරීම ගැන ජනතාව අතර ප්‍රචලිත වුණේ ඕවරෝල් ඔපරේෂන් කමාන්ඩර් වූ බ්‍රිගේඩියර් ජානක පෙරේරා මිසක් කවුරුත් නොදැන සිටි ෆොන්සේකා නෙවෙයි.

      Delete
  2. @ Ajit Dharma

    ලී ක්වාන් යූ කියන විදියට ලංකාවට විනාශය වී තිබෙන්නේ ජාතිවාදී වර්ගවාදී පටු දේශපාලනය නිසා. නමුත් සැබෑම ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණ සහ ගැඹුරු එකක්

    ලංකාවට පුළුල් ලෙස සිතිය හැකි ලෝකය ගැන රට ගැන හරිහමන් දැක්මක් සහිත දක්ෂ නායකයින්වත් එබඳු පුරවැසියන්වත් උගතුන් බුද්ධිමතුන් ඉතාම අඩුයි.

    ලංකාවේ උගත්කම තියෙන අය පවා ඉතාම පටු විදිහට රැලිවලට ගහගෙන යන අයයි, නායකයන් වගේම අනුගාමිකයනුත් එසේමයි

    ලෝකය හරිම විස්මයජනක ලෙස වෙනස් වුණත් අජිත්, ලෝකයේ වෙනස් නොවන එකම දෙය ලංකාවේ පවතින මේ මෝඩ පටු දැක්ම සහිත රැලිවලට පහසුවෙන් හසුවන බොරු පුහු උගතුන් සහ නායකයින් බවයි. විචාරාත්මකව ගැඹුරින් අවබෝධ කරගෙන සිටින පිරිස ඉතාම අඩුයි

    ලංකාවේ දේශපාලනය සහ මගේ නිරීක්ෂණ ඇසුරින් මේ ගැන ලිපි සීරීස් එකක් උනත් ලියන්න පුළුවන්.

    මගේ මතකය මා ලංකාවේ විසි එක් වියැති තෙවන වසර උපාධි අපේක්ෂක සරසවි සිසුවකුව සිට කර්මාන්ත පුහුණුව ලබන 2004 පමණ ඈතකට ගියොත් මේ වකවානුවේ ලංකාවේ තිබුනේ රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවක්. ඒ වනවිට ලංකාවේ ප්‍රධානතම අර්බූදය වී තිබුනේ උතුරේ කොටි ත්‍රස්තවාදයයි. (මේ ගැන දැන් සිස්ටම් චේන්ජ් කරන්න දඟලන 2000 න් පසු පරම්පරාවට නිසි වැටහීමක් ඇති කර ගැනීම දුෂ්කර යැයි සිතමි.)
    රනිල් වික්‍රමසිංහ ඒ වන විට ප්‍රභාරකන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කර තිබූ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට නිල පිළිගැනීමක් ලැබී තිබුණු අතර ඔවුහු පොලිසි, උසාවි ආදිය ඇති කරමින් රටේ භූමියෙන් විශාල ප්‍රදේශයක් පාලනය කළහ. අනෙක් පසින් විපක්ෂය වූයේ ජනාධිපතිගෙ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ශ්‍රිලනිපයයි. ඇයත් 1994 සිට වෙහෙසුනේ උතුරට ෆෙඩරල් පාලනයක් ලබා දීමටයි. මේ අනුව එකල රටේ ප්‍රධාන පක්ෂ දෙකම බෙදුම්වාදී අදහස් වලට අනුව බලය බෙදීමට කැමති වී පවා රටේ දෙකොණ විලක්කුවක් වී තිබූ සමයකි.

    2004 අප්‍රේල් මස ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවතිණි. එකල මම ලංකාවේ කර්මාන්ත පුහුණුව ලබන පෞද්ගලික ආයතනයක සේවය කළෙමි. ඒ නිසා අප ආයතනයේ දොඩමළු කතා අතර වැඩි වශයෙන්ම මාතෘකාවට ගැනුනේ දේශපාලනයයි.

    එජාපය සහ ශ්‍රිලනිපය දෙකම බෙදුම්වාදයට වී තිබූ එකල රනිල් ගේ බෙදුම්වාදී වැඩ පිළිවෙලට එරෙහිව වැඩිම විරෝධතාවක් දැක් වූයේ ජවිපෙ යි. මේ නිසා පාර්ලිමේන්තුවට හැකි තරම් ජවිපෙ අපේක්ෂකයන් තෝරා පත් කළ යුතු බව (ජවිපෙ 2004 මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රිලනිප සමඟ සන්ධානගතවයි) එවකට ඒකීය රටක් සහ තරමක සමාජවාදී අදහස් තිබු විසි එක් වියැති මගේ මතය වුණි. මේ නිසා ඔවුනට අනුව මා දාර ජෙප්පෙක් විය.

    ඒ අතර මගේ හොඳ මිතුරකු වූ මට වඩා තරමක් ජ්‍යෙෂ්‍ඨ ඉංජිනේරුවකු දැරුවේ දැඩි ජවිපෙ විරෝධි ස්ථාවරයකි. නමුත් ඔහු දැඩිව බෙදුම්වාදයට විරුද්ධ වූ අතර දැඩි බෞද්ධයකු ද විය. ඔහු ජවිපෙට එරෙහිව එල්ල කළ ප්‍රධාන තර්කය වූයේ ජවිපෙ බෞද්ධ විරෝධී වීමයි. ඔහුගේ විකල්පය වූයේ ජවිපෙට වඩා බෞද්ධ ස්ථාවරයක සිටි ජාතික හෙළ උරුමයයි. 2004 මැතිවරණයට හෙළ උරුමයෙන් භික්ෂූන් ඉදිරිපත් කර තිබීමද ඔහුගේ දැඩි ආශ්වාදයට හේතු විය.

    Cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd

      ලංකාවේ උතුරේ ත්‍රස්තවාදය මූලික කරගත් බෙදුම්වාදය දැඩිව ක්‍රියාත්මක වුණ එම සමයේ එය පාලනය කිරීමට අසමත්ව තිබූ රනිල්ගේ දුර්වල පාලනය වහාම නතර කළ යුතු බවත් ඊට ඒ අවස්ථාවේ සුදුසුම විකල්පය වූයේ එවකට පොදු පෙරමුණ වූ ශ්‍රිලනිප මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවීම බවත්, නමුත් චන්ද්‍රිකාට බෙදුම්වාදයට එරෙහිව නොයන ආකාරයෙන් පාර්ලිමේන්තුව ජවිපෙ මන්ත්‍රිවරුන්ගෙන් පිරවීම සුදුසු බවත් එවකට අපරිණත ලාබාල ආවේගශීලි සරසවි සිසුවකු වූ මගේ අදහස විය.

      හෙළ උරුමයට විශාල මැතිවරණ ජයක් ලැබිය නොහැකි නිසා තීරණාත්මක සාධකය වූ රනිල් පරාජය කිරීමට එය ප්‍රමාණවත් නොවේය යන අදහස මම තර්ක කළෙමි. මගේ මිත්‍රයාට රනිල් පරාජය කිරීම තීරණාත්මක දෙයක් ලෙස පෙනුනේ නැත. ජවිපෙ 87-89 භික්ෂූන් ඝාතණය කළ බවත්, ඔවුන් මිථ්‍යා දෘෂ්ටික මාක්ස්වාදීන් බවත් ඔහු පුන පුනාම කිවේය.

      2004 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති වී ජවිපෙට පාර්ලිමේන්තු ආසන 42ක් ලැබිණි. නව රජය හමුදාව යොදවා උතුරේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය පාලනය කිරීමට කටයුතු කළ නිසා එවකට බලගතුව පැවති බෙදුම්වාදයට ඊළඟ පියවර වලට යා නොහැකි විය.

      2004 අග මා ඒ ආයතන පුහුණුව නිමවා සරසවියේ අවසන් වසරට එක් වූ නිසා යට කී ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සගයා සමඟ දේශපාලනය කතා කිරීමට අවකාශයක් නොවීය. 2005 චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලයක් ඇති කිරීමට යාම නිසා ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් විය. 2005 දී හෙළ උරුමය සහ ජවිපෙ දෙකම මහින්ද රාජපක්ෂට සහාය දුන් අතර 2009 දී නන්දිකඩාල්වලින් උතුරේ ත්‍රස්තවාදය මත පදනම්ව පැවති බෙදුම්වාදය තීරණාත්මකව පරාජය විය.

      දැන් වසර විස්සකින් කතාව "ෆාස්ට් ෆෝවඩ්" කරමු.

      වසර 20කට පසු මා ඒ ඉහත කී උග්‍ර ලෙස සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සගයා ලංකාවේ මාලිමා ටීෂර්ටයක් පැළඳ ජාතික ජන බලවේගයට කැන්වසින් යනු ෆේස්බුක් එකේ පළ කර තිබෙනු දුටුවෙමි.

      මට මීට සමාන තවත් අත්දැකීමක් තියෙනවා.. මීට වසර පහකට පමණ පෙර ලංකාවට ගිය මොහොතක ඉතාම උග්‍ර මුස්ලිම් විරෝධී වූ මිතුරන් කිහිපදෙනෙකු එදවස මා සමග ප්‍රචණ්ඩ ලෙස වාද කරමින් වෛරී සහගත ලෙස මුස්ලිම් විරෝධය පලකලා.. මා ඔවුන්ගේ පැවති ඒ සහෝදර මුස්ලිම්වරුන්ට එරෙහි වෛරය ක්‍රෝධය හුඹස් බියක් බවත් බොරුවට මවපු එකක් බවත් කී විට මා රනිල්වාදි යුඑන්පී කාරයෙක් ලෙස හංවඩු ගැහුවා.

      ඉතාම විස්මයජනක ලෙස කෙටි කලකින්ම අද ඔවුන් මාලිමාවේ ප්‍රබල හිතවාදීන් වී බයියන්ගේ උග්‍ර ජාතිවාදය ගැන බරසාර ලෙස කරුණු දක්වනවා 😀 මේවාට හිනාවෙන්න වෙනමම තැන් හැදෙන්න ඕන.

      තව ඉතාම ඉක්මනින්ම, විශේෂයෙන්ම ලංකාවේ ජනාධිපතිවරණය ඉවර වූ වහාම ඔවුන් මාලිමාව හැරදමා එහි ප්‍රධානතම විවේචකයන් වනු නොඅනුමානයි, මෙබඳු ජනතාවක් සිටින රටක අනාගතය කෙබඳුද යන්න පිළිබඳව අජිත් දරන අදහස කෙබඳුද?

      Delete
    2. /රනිල් වික්‍රමසිංහ ඒ වන විට ප්‍රභාරකන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කර තිබූ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට නිල පිළිගැනීමක් ලැබී තිබුණු අතර ඔවුහු පොලිසි, උසාවි ආදිය ඇති කරමින් රටේ භූමියෙන් විශාල ප්‍රදේශයක් පාලනය කළහ. අනෙක් පසින් විපක්ෂය වූයේ ජනාධිපතිගෙ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ශ්‍රිලනිපයයි. ඇයත් 1994 සිට වෙහෙසුනේ උතුරට ෆෙඩරල් පාලනයක් ලබා දීමටයි. මේ අනුව එකල රටේ ප්‍රධාන පක්ෂ දෙකම බෙදුම්වාදී අදහස් වලට අනුව බලය බෙදීමට කැමති වී පවා රටේ දෙකොණ විලක්කුවක් වී තිබූ සමයකි.// රනිල් 2005 දී දිනුවානම් ලංකාවට මේක වෙන්නේ නැහැ . සෝමවංශ අමරසිංහ කියන අමන ජාතිවාදියා , පාඨලී කියන ගොබ්බ ජාතිවාදිය , විරවංශ කියන අමනම ජාතිවාදියා එක්ව රට විනාශ කලේ. රනිල් කරුන්ව කලා ඒක ගානට ගේම් කරන්න හිටියේ . චන්දිකා වුනත් කීයටවත් රට බෙදන්නේ නැහැ . ඕව මෝඩ පාහර ජාතිවාදීන් ගේ අමන කතා විතරයි . දෙමල මිනිස්සු සිංහලයෝ එක්ක ජිවත්ව් එන්න කැමතියි ගෞරවයක් ඇතිව . ඕක නොතේරුන අමන මොට්ට හැත්ත . සොරි ඇනෝ . ඔය ප්‍රශ්නයේ දී නම් මම රනිල්ගේ , චන්දිකා ගේ පැත්තේ හා ලී කවන් යු ගේ පැත්ත , ලි කියන විධිහට මෝඩ අමන ජේ ආර් හා , මෝඩ ප්‍රේමදාස දෙන්නත් ඕක කෑව

      Delete
    3. බයියෝ වෙනස් වීම හොඳයිනේ . එක ලෙවල් එකක් උඩට ඇවිත් . මටත් ලඟදි ජවිපෙ ඉතිහාසය ගැන එහෙම බයියෙක් හෙන ලෙක්චර් එකක් දුන්න . මාත් ඉතිං අහගෙන හිටිය .

      Delete
  3. Jagath Pathirana27 August 2024 at 20:36

    රනිල් වික්‍රමසිංහ මැතිඳු යාපන සරසවි ගුරුවරු සමඟ කල සාකච්ඡාවක වීඩියෝවක් බැලීමි.
    එහිදී එක ඊලාම් ග්‍රෝත්‍රික පල්කඩ වේසියක්, ඉංග්‍රිසි බැරි නිසා යාපන සරසවියේ සිසුන් කිහිපදෙනෙක්ම සියදිවි නසාගත් බව කිවාය.
    එවිට රනිල් මැති කේසර සිංහයෙකු සේ කඩ්ඩ වනා ඒ දෙමළ වේසිට කන්දෙකේ ඇඟිලි ගසා ගැනීමට උත්තර දුන්නේය. දෙමළි දෙකේ දෙකේ පොල්ලකින් පුක්ෂණය කලාක් මෙන් අමාරුවෙන් වාඩිවිය.
    මෙම සිද්ධීය දැකීමෙත් තුටුවූ මම එවෙලේම රනිලාට චන්දය දීමට තීරණය කලෙමි.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි බැරිව දිවි නසා ගත එක ඇත්ත . මිනිසුන්ට අපහාස නොකර කතා කරහන් බං. අතින් පයින් යනවය

      Delete
  4. මම සිංගප්පූරුවෙ අවුරුදු ගණනාවක් හිටපු කෙනෙක්, සිංගප්පූරුවෙ පුරවැසිභාවය ගත්ත කෙනෙක්. සිංගප්පූරු ආණ්ඩුව ඇත්තටම හොඳයි, ජාතිවාදය නැතිව, හැමෝටම එකවගේ සලකන ප්‍රතිපත්තියක ඉන්නෙ. ඒ වුණාට එහෙ ඉන්න බහුතරය චීන මිනිස්සු හරිම ජාතිවාදියි, මම හිතන්නෙ ලංකාවෙ බහුතරයක් එහෙම ජාතිවාදී නෑ, ලංකාවෙ දේසපාලුවො තමයි ජතිවාදී. සිංගප්පූරුවෙ චීන මිනිස්සු, අනිත් ජාතිකයන්, හැම වෙලාවෙම පහතටදාලා තමයි සලකන්නෙ. තමන්ගෙ රටේ සුළුතරය වෙච්ච මැලේ සහ ඉන්දියානු දෙමල මිනිස්සු මේ නිසා දැඩි පීඩනයෙන් ඉන්නෙ. මේ නිසා ඔවුන් බහුතරයක්, උසස් අධ්‍යාපනය කරලා, ඉහල තනතුරු දැරීමේ විශාල අඩුවක් තියෙනවා. බහුතර චීන්නු, තමන්ගෙ ආධිපත්‍ය පතුරුවන නිසා, අනිත් ජාතීන්ට ඉහල යන්න තියෙන අවස්තා අඩුයි. සිංගප්පූරුවත් ගොඩක්ම යැපෙන්නෙ විදේශ ශ්‍රමිකයන්ගෙන්, ඒ ශ්‍රමිකයන්ට ඇත්තටම නූතන වහල්ලු විධියට තමයි සලකන්නෙ. රටේ අවම වැටුපක් නෑ, ඕනෙම වෙලාවක විදේශිකයෙක් ගෙනල්ලා ඔවුන්ව සූරාකන්න පුලුවන්. මේ නිසා ඒ රටේ චීන්නු ගොඩක් ව්‍යාපාර කරනවා, ඒවට අඩු පඩියට කම්කරුවො ගෙනල්ලා, ඔවුන්ව සූරා කනවා. මේ නිසා විශාල දේශීය ධනවතුන් පිරිසක් ඉන්නවා. මේ කම්කරුවන්ට නවාතැන් දෙන්නෙ, වෙනම හදලා තියෙන ඩෝමෙට්‍රීස්වල. මේවා නගරයෙන් ඈත පිහිටවපු, එක කාමරයක තට්ටු ඇඳන් 10ක් දාලා 20ක් එකට දාපු තැන්. මම මේවලට ගිහින් තියෙනවා, ඇත්තටම ඒ මිනිස්සු පව්. රට ලස්සන වුණාට, ඊට යටින් තියෙන්නෙ මේවගේ අසුන්දර දේවල්. සිංගප්පූරුවෙ PR එකක් citizen එකක් ගන්න හරිම අමාරුයි, හැබැයි ගත්තට පස්සෙ ඇත්තටම හොඳයි. මම කාලෙකට ඉස්සෙල්ලා ඔසීවලට මයිග්‍රෙට් කලා, එහෙම ආවාම පස්සෙ තමයි තේරෙන්නෙ, මේ වගේ රටවල මිනිස්සු සූරා කන්න බැරිබව. ඇත්තටම සංවර්ධිත රටක් කියන්නෙ භෞතික විතරක් දියුණුව නෙවෙයි කියන එක. ඒ අතින් ඔසී සුද්දො පුදුම පොලයිට් මිනිස්සු, අපි ඒ කාලෙ ඔසී ක්‍රිකටර්ස්ලා ගැන විශේෂයෙන් ඩැරල් හෙයා ශේන් වෝන් ගැන හිතන් හිටියෙ ඉතාම කැත මිනිස්සු විධියට, ඒ නිසා අපි හිතුවෙ ඔසියො කියන්නෙ ජරා මිනිස්සු කියලා. ඇත්තටම එහෙම නෑ, ඔසියො 95%කට වඩා හොඳ පොලයිට් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ බලන විදියේ වැරැද්දක්.
      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් රටවල මිනිස්සු තුල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ස්වභාවික දෙයක් කියලා මතයක් තියෙනවා. උදාහරණයක් විදියට ලංකාවේ දෙමලුන්ට වාහන අංක තහඩුවේ සිංහල අකුරක් තිබීම ප්‍රශ්නයක් ඒත් ඉංග්‍රීසි අකුරු 5ක් තිබීමේ ගැටලුවක් නෑ.

      ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ ආැංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් එය දැනෙන්නේ නෑ. ඒක් සිංගප්පූරුවේ චීන්නුන්ගේ ජාතිවාදය දැනෙනවා.

      Delete
    2. ස්තූතියි රොබට් සහ විසුල දෙන්නටම . රොබට් පොද්ද්දක් හිතනන්කො ඔතන දෙමල අය මුලින් හිටියේ කියල . චීන්නු නොවී . දෙමල රාජ්‍ය භාෂාව කරලා කෙලිනව ඕකට . දෙමල ජාතිවාදියා සිංහල ජාතිවාදිය වගේම තමයි

      Delete
    3. අජිත් අයියේ මේ කාවින්ද කියන කතාව ඇත්ත නේද? ඔසී රටේ සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කමක් තියන ලංකාවේ උන්ට මොන ප්‍රන්තේ උනත් හවස් 9.00 පස්සේ කන්ට්‍රි පබ් එකකට ගිහිල්ලා සෙට් වෙලා බැලුවොත් කොහොමද ඔසියෝ ලංකාව වගේ රටවල අයට කතා කරන්නේ කියලා.... ෆකින් ඔසම් බාසාවෙන් දෙයි ඉයර් ප්ලග් හොයා ගෙන කනේ ගහගන්න

      අඩුම තරමේ ඔසී ලෝකල් පබ් එකකටව ගිහින් තියනවනම් රාත්‍රී 9.00 පස්සේ අඩුම ගානේ කළු ඔසී අපට Returned and Services League [RSL] ක්ලබ් එකකට යනවද යන්න බෑ ගියා නම් දන්නවා නියම ඔසී ජන සමාජය මොකක්ද කියලා මේක ඔසී පොමි , යැංකි ජර්මන් ආර්යන් , ඇන්ග්ලෝ සෙක්සොසන් ජනසමාජ කියලා වෙනසක් නෑ

      ඔස්ට්‍රේලියාව වගේම එංගලන්තයේත් හැමදෙයකටම දැඩිව බලපෑම් කරමින් ඉතාම බලවත්ව පවතින සුදු අධිපතිත්වය සහ සෝ කෝල්ඩ් "බටහිර" සංස්කෘතිය කියන එකේ ආධිපත්‍යය අපට එකපාරටම නොතේරෙන්නේ අප ඒකට හුරුවෙන්න බලාගෙන ආපු නිසාත් සියවස් ගණනාවක යටත් විජිත පාලන බලපෑම මත පදනම්ව ලංකාවේ අප සුදු ආධිපත්‍යය වන්දනා කරන තරමට මානසික දීන බවක් තියෙන නිසා නේ

      මම එංගලන්තය ගැන එච්චර දන්නේ නැතත් මේ ඔසී වල නම් තත්ත්වය එහෙම තමයි

      On paper, Australia is a multi-cultural country, but either it's not easy to be a Black Australians. They treat migrants as external people. Your profession, they do not know what you 're doing or Where you are. they see us as Asian Indians. They do not care about us. They do not like to overtake them, anyway hospitals, offices,or in a factory they have been crippled in a beautiful legal context like discrimination, cultural beliefs, equality, but in the outside society (eg in a pub, roads ,markets ) most of them don,t care. much you are always second class.

      Delete
    4. ජනක මම ලියාගෙන යනව සීරිස් එකක් . ඒක කියවන්නකෝ . මගේ හිටපු දක්ෂිණාංශික රේසිස්ට් නේබර් ගැන . https://kolambagamaya.blogspot.com/2024/06/blog-post.html

      Delete
    5. චීන උන් ජාතිවාදියි . ඒක හරි . මම චීනෙට ගිය ෆ්ලයිට් එකේ චීන කෙල්ලෙක් මට කීව කළු අප්‍රිකානුව ගාව වාඩි වෙන්න බැහැ මට සීට් එක මාරු කරන්න කියල . මම බැහැ කිව . ඒ ගමන් චීන්නු දෙන්නෙක් ඇවිත් කීව . මන් උන් දෙන්නව එලව ගත්ත . ඊට පස්සේ උන් ශේප් උනා මා එක්ක . කළු කොල්ල ස්ටුඩන්ට් කෙනෙක් චීනේ. හැබැයි උන් අපි එක්ක හොඳයි වගේ මට හිතුනේ

      Delete
    6. ජනක අපේ අය කොහොමද ඓන්නේ මින්ගල් වෙනවද නැත්නම් ඔහේ ගෙදර බතක් උයාගෙන කාලා අවුරුදු උළෙලක් තියල සිංහල සංවිධාන රැස්වීම් තියාගෙන ඉන්නවද? උන්ට හිතෙනවා ඇති ලංකාවේ අය ජාතිවාදී කියල . ලංකාවේ අය, චීන්නු , ඉන්දියන්ස් ල කොරියන් හෙම ගෙටෝ හදාගෙන නේද ඉන්නේ

      Delete
    7. @ජනක, මම හිතන්නෙ ජනක කෙලින්ම ලංකාවෙන් ඔසී ආපු කෙනෙක් වෙන්න ඕනෙ. ලංකාවෙ සිංහල බෞද්ධ බහුතරයට අයිතිවෙලා ඉඳලා, අනික් ජාතිකයන්, අනික් ආගමිකයන් පල්ලෙහාටදාලා,සමහර වෙලාවට තලා පෙලලා, ඔසීවලට ආපුවම, තමන් නිකනම් second class citizen කෙනෙක් කියලා තේරෙන එක සාධාරණයි. මොකද ඔසී කියන්නෙ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය තියෙන රටක් කියල ඔහුම පිලි ගන්නවා. මම මෙතන කතා කරන්නෙ රටවල් දෙකක අත්දැකීම්, සිංගප්පූරුවෙ මට සලකපු විධියයි, ඔසීවල සලකන විධියයි. එතකොට මට වඩා සාධාරණව දැනෙන්නෙ ඔස්ට්‍රේලියාව. නමුත් මේක මම ඉපදුන රටවත්, මගේ සංස්කෘතියවත් නෙවෙයි තියෙන්නෙ. මට country pubs වලට ගිහින් ඔසියො අපිට සලකන්නෙ කැත විධියට කියල හොයන්න ඕනෙ නෑ. මම ඉන්න නගරෙ, වැඩ කරන තැන, ළමයිගෙ ඉස්කෝල, ආශ්‍රය කරන වටේ පිටේ මිනිස්සු මාව පල්ලෙහාට දාන්නෙ නැත්නම්, සාධාරණ අවස්ථා තියෙනවානම්, එච්චරයි. අනික ලංකාවෙ තියෙන high class/ low class ප්‍රශ්න, ඉගෙන ගත්ත ඉස්කෝලෙ බලන ඒවා, තාත්ත අම්මගෙ දේශපාලනේ, තමන්ගෙ ජාතිය හා ආගම වගේ මිනිස්සු බෙදන සිය ගානක් දේවල් එක්ක බලද්දි, ඔසීවල තියෙන්නෙ සුදු ජාතික ඔසියො සහ අපි වගේ පිටින් ආපු migrants කියන සාධක දෙක විතරයි. මම වැඩ කරන තැන මට ඉහලත්, පහලත් ඉන්නෙ සුදු ජාතික ඔසියො, මම උන්ව manage කරන එක උන්ට ප්‍රශ්නයක් නෑ, මාව උන් manage කරන එක මට ප්‍රශ්නයක් නෑ. මම second class citizen වුණාට මටනම් ප්‍රශ්නයක් නෑ, මොකද මම ලංකාවෙත් first class citizen කෙනෙක් නෙවෙයි.

      Delete
    8. මමත් එකඟයි ඒ කතාවට තරමක් දුරට . කුලභේද ඔක්කොම තියන රටකඔසිවල සුද්දෝ මෙපමණ කල් කොහොමද මුල් අයිතිකාරයන්ට සැලකුවේ . දැන් තමයි ටිකක් හරි හොඳ . ඒකෙන් අදහස් වෙන්නේ නැහැ උන් නරකම කියල .
      අබොරීජින් වරුන් ගේ කතාවක්

      Delete
    9. වැඩේ කියන්නේ අද මට ඔසී වල කම්පැනි එකක ඔඩිට් කරන්න උනා . ඒකෙ අයිටී ඇනලිස්ට් මගෙන් අහනව උඹලට ඉන්දියාවේත් කම්පැනි තියෙනවද කියල . මම කීව දන්නේ නැහැ , අපේ බබ්‍රාන්ච් මැලේසියාවේ ලංකාවේ තියනව කියල ඕස්ට්‍රේලියා වගේම . එයා හිතුවේ මම ඉන්දියන් කියල . හැබැයි ඒකෙ අවුලක් නැහැ මට නම් . අපි කොහොමත් එක වගේ තමා. වැරැද්ද හැදුවම හරි .

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. නන්දන වීරරත්න - ඇලැහැමාවතේ අපි ගිය මුල්ම ගෙදරදී අපේ වයසෙම කාන්තාවක් හාමුදුරුවනේ ඇයි ආවේ කියලා ඇහැව්වා. ඒ මොහොතේ මගේ ඇගේ හිරිගඩු පිවුණා. මං ඇහුවා ඇයි නිකංම නිකං ගිහියන්ට හාමුදුරුවනේ කියන්න කියල. එතකොට අපි උසස් කුලවල අයට දෙයියෝ, හාමුදුරුවනේ කියලයි කතා කරන්න ඕනෙ. එහෙම කතා නොකොළොත් නිළමෙලා අපිට කටට ගහනවා. දැන් තොපිට නම්බු දීල කතා කරන්නවත් බෑ කියලා. මම එතනදීම දැනගත්ත ඇලැහැමාවතේ අපේ ඥාතින්ට තියෙන කුල අසාධාරණයේ තරම.

      Nandana’s Substack is a reader-supported publication. To receive new posts and support my work, consider becoming a free or paid subscriber.


      Upgrade to paid

      දවස් තුනක්ම අපි කුලවාදයේ නටඹුන් සොයන්න ඇලැහැමාවතට ගියා. එතනදී අපිට බැණ අඩගහපු සුන්දර ගාඩි යුවතියන් තිදෙනා කී කතාව මට තාම මතකයි. දැන් අපිට රොඩියො කියලා පාත් කරල සලකන්නේ මේ අහල පහල ගං වල උදවිය විතරයි. මේව පත්තර වල දැම්මම මුළු රටේම උදවිය අපි පාත් කරල සලකාවි. අපිට පාරේ බැහැල යන්න බැරි වේවි කියලයි ඒ අය කිව්වේ. කුලවාදය සිංහලයන්ගේ රහසිගත සංස්කෘතියක් නිසා එහෙම නොවෙයි කියල මට කියන්න බෑ.

      පසුව ඇලැහැමාවතේ උපසේන මල්ලී අන්තිම දවසෙ කඳුළු වලින් ඇස පුරෝගෙන බැහැපත් හඩින් කරපු ඉල්ලීමක් අනුවයි මා මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.

      රාජසිංහ වල්ලියාගේ ධර්මදාස ගේ රස්සාව කුලී වැඩ කන්දේ ගෙදර ආණ්ඩුවේ විදුලිය දුන්නේ නෑ. ඒ අපි අඩු කුලේ නිසයි. ගමේ කුලවන්තයෝ අපිට විදුලිය දීම නැවැත්තුවෙ. ඔවුන්ගේ බහට විදුලි බල මණ්ඩලෙත්, මන්ත්‍රීවරුත් යටත් වුණා. ඔය එක සිද්ධියක් විතරයි. බලන්න මේ ගමට එන පාර. අපට එන්න තියෙන්නෙ නිරයක් විතරයි. පාරක් ඉල්ලව. දැන් අවුරුදු 20-30 කාලයක ඉඳන් දෙන්නේ නෑ. ඔය ඉඩම් අයිත දුල්ලෑවෙ මහ වලව්වට. ඕව බලා කියා ගන්නෙ බඹරපනේ ආරච්චි මහත්තයාගේ දරුවො. ඒ නිළමෙල රොඩින්ට යන්න පාරක් ඕන නෑ කියල අර උඩින් තිබුණ පාර වැහැව්ව. ඇවිදින්න බැරි මැන්චෝ නංගිට තෑගි ලැබුණු රොද පුටුව පොලොවෙන් ගෙනියන්න අපිට පාරක් නෑ.

      හිතේ සංතෝසයක් තියෙන දවසට ඩෝලයක් බෙරයක් ගහල විනෝද වෙන්න දෙන්නේ නෑ. රොඩින්ට මොන බජව්ද කියල ගෙවල් වලට ගල් ගහනව. අපේ කීප දෙනෙක්ම රස්සාවට කරන්නෙ ඉස්පිරිතාල වල මළමිනි කැපීම. බොන්න නැතුව ඒ රස්සාව කරන්න බෑ. හැන්දෑවේ බීල එනව දැක්කොත් නිළමෙල ගහනවා.

      මේ අක්කර දෙකේ බිමේ පවල් 20 ක් ඉන්නව. දුල්ලෑවෙ මහ වලව්වෙ ඇත්තො මේ බිං කඩ අපිට දුන්නෙ. ඒකෙනුත් කෑල්ලක් කුලවන්තයො අල්ලගෙන සමාගම් ගොඩ නැගිල්ලක් හැදුව. අපි මේ ඔක්කොම වැරදි දරාගෙන ඉන්න ඕනෙ. අඩු කුලේ නිසා ඔව්වට විරුද්ද වැඩ කරනන් බෑ. මන්ත්‍රීවරු ආණ්ඩුවේ නිලධාරින් ඕවට යටයි. කුලේ නිසා විදුලිය නුදුන්නොත් අපිට විතරක් නෙමෙයි. අර කුඹල් වැඩ කරන උදවිය ඉන්න දුනුකේපොත ගමටත් විදුලිය දෙන්න, ගමේ කුලවන්තයෝ ඉඩ දුන්නේ නෑ. පංසල් අපිට සලකන හැටි අපේ උපාසකම්මලගෙන්ම අහන්න.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. @ජනක, මම රොබට් කියන කාරනයත් එක්ක එකඟ වෙනව, පෞද්ගලික පදනමින්. අපි හැමෝගෙම විප්‍රවාසී අත්දැකීම් සමාන වෙන්නෙ නැහැනෙ. මම 2009 ඉඳන් ඔසි වල. ජොබ් කරන තැන් වල, පබ්වල, RSL එකේ හැම තැනම මම ඔසියො එක්ක ආස්සරේ කරල තියෙනව. කිසිම දාක මට සෙකන්ඩ් ක්ලාස් සැලකීමක් හම්බුවෙලා නෑ. ඒත් ඉතින් ඒක මගේ පුදගල අත්දැකීම්. වෙන කෙනෙකුට සෙකන්ඩ් ක්ලාස් හෝ එහෙම දැනෙන අත්දැකීම් ලැබෙන්න තියෙන අවස්තා ඕනෙ තරම් ඇති. කොයි රටෙත් අප්සෙට් ජොකියො ඉන්නව. එහෙම කියල ඔක්කොම ඔසියො එකම ගොඩකට දාල කතා කරන එක එච්චර සාදාරන නැහැ මම හිතන්නේ.

      Delete
    14. මට මතකයි අපේ කම්පැනි එකේ ලස්සන ඔසී කෙල්ලෙක් වැඩ කළා කාලයක් . අපේ කෑම වලට ආස හිතිලා මම අරන් යන බත් එකෙන් හැමදාම කනවා . ජාතිවාදීන් හැම රටේම ඉන්නව . අර පෝලින් ජොන්සන් කියල ගෑනියෙක් හිටිය නේද .

      Delete
    15. ඔස්ට්‍රේලියාවේ මහ ජාතියේ භාෂාව ඉංග්‍රීසි. සිංගප්පූරුවේ මහ ජාතියේ භාෂාව චීන. සිංගප්පූරු චීනෙක් තමන්ට ඉංග්‍රීසියෙන් කතා කරනවට කැමති වෙයිද?
      චින්නුන්ගේ ජාතිවාදය කියවන්න කලින් චීන ඉගෙනගෙන ඉන්න.

      Delete
    16. මචං විසුල, අවුරුදු ගානක් සිංගප්පූරුවෙ හිටිය මම චීන භාෂාව ඉගෙන ගත්තා. අනික එහෙ භාවිතා කරන්නෙ ඉංග්‍රීසි, ඉස්කෝලවල උගන්වන්නෙ ඉංග්‍රීසියෙන් පමණයි, චීන කියන භාෂාව විෂයක් හැටියට ඉගෙන ගන්න පුළුවන්, හැබැයි චීනෙන් ඉගෙන ගන්න බෑ. ආණ්ඩුවෙ වැඩ කෙරන්නෙ, බිස්නස් රන් කරන්නෙ ඉංග්‍රීසියෙන් විතරයි. අනික ඉංග්‍රීසි උච්චාරණයත් ඒ රටට ආවේණික එකක්, මම අවුරුදු ගානක් හිටපු නිසා මගේ ඉංග්‍රීසි උච්චාරනය ඒ විධියටම හැදුනා, කොටින්ම මම ඒ රටේ නොවන එකෙක් කියලා කිසිම විධියකින් හොයන්න බෑ. ඒ රටේ මැලේ සහ දෙමල ජාතිකයන් ඉන්න නිසා, චීන ජාතිකයන් හිතන්නෙ මම එක්කො මැලේ, නැත්නම් දෙමළ කියලා. මැලේ කෙනෙක් එක්ක හිටියොත් ඔහු හිතන්නෙ මම දෙමළ කියල, මොකද මම මැලේ කතා කරන්නෙ නැති නිසා. දෙමළ කෙනෙක් එක්ක හිටියොත් විතරමයි මම කොහෙ එකෙක්ද කියන ප්‍රශ්නෙ එන්නෙ. එතකොට මම කියන්නෙ සිලෝනීස් කියලා, මොකද එහෙ ලංකාවෙන් සුද්දගෙ කාලෙ ආපු සුළු පිරිසක් ඉන්නවා, ඔවුන් හඳුන්වන්නෙ සිලෝනීස් කියලා. ඒ නිසා එතන තියෙන්නෙ භාෂා ප්‍රශ්නයක් නෙවෙයි, භාෂා ප්‍රශ්න තියෙන්නෙ ලංකාවෙ. එතන තියෙන්නෙ තනිකරම හමේ පාට සහ මොන රටෙන් ආවාද කියන ප්‍රශ්නෙ. අඩුම ගානෙ චීනෙන් ආපු චීන ජාතිකයන්ටත් ලැබෙන්නෙ අඩු සැලිකිලි, මොකද උන් චීනෙන් ආපු උන්ට කතා කරන්නෙ China man කියලා. කොහොමහරි ඔසී ඇවිල්ල ටික කාලෙකින් මගෙ සිංගප්පූරු උච්චාරණෙන් අයින්වෙලා, ඔසී උන්ගෙ උච්චාරණේ අනුකරණය කරන්න වුණා.

      Delete
    17. උඩ එක දාද්දි ලොග් වෙන්න අමතක වුණා..

      Delete
    18. @ Ajith

      නමුත් පොදු ප්‍රවාහනය ගත්තම ලංකාවේ වගේ රට පුරාම විහිදී ගිය දියුණු බස් සේවයක් මේ දියුණු රටේවත් නෑ, ලංකාවේ බස් වල සැප පහසුව ටිකක් අඩු වුණත්, ඒ වගේම රෑට බස් නැති එක ,වෙලාවට බස් නැති එක වගේ දේවල් මොනවා උනත්,ලංකාවේ ඕන ඇඩ්‍රස් එකකට බස් වලින් යන්න පුළුවන් .ඒ උනාට මේ ඔස්ට්‍රේලියාවේ මට බස් එකක් ගන්න 3 km වගේ පයින් යන්ම ඕනි.ස්ටේෂන් එකට 5 Km යන්න ඕනි,රටේ බහුතරයක් කරන්නෙ ස්ටේෂන් එකේ කාර් එක දාල කෝච්චියේ යන එක,සාගර වගේ කාර් පාක් හැම ස්ටේෂන් එකේම,ඒ කියන්නෙ පුද්ගලික වාහන පොදු ප්‍රවහනයේ කොටසක් වෙලා.ඒ වගේම සමහර ජොබ් වලට own transport කියන එක නැත්නම් no job විශේෂයෙන් industry zone වල,off peak එකේ බස් වල 10 ට අඩු සෙනග,ඔය පාඩුව සහ මොකී නොකී සහන සේවා වලට ආණ්ඩුව ගෙවනවා,ඔය සැප බස් වල පොල් පටවන්න බෑ සහ ඩ්‍රැයිවර් සම්මත ගානෙන් එහා එක්කෙනෙක් ගන්නෙ නෑ.එක පලාතක් එක කොම්පැණියක් නිසා රේස් නෑ,කොන්දොස්තර නෑ,ෆ්ලැට් රේට්.බස්,කෝච්චි ,පාරු ඔක්කොම එක ටිකට් එකයි,සල්ලි එකටතු කරන්නෙ ආන්ඩුව,මාටිය නෑ,operator වෙනස් කිරීමේ සම්පූර්ණ අයිතිය ආණ්ඩුවේ .සමහර පලාත් වල ආන්ඩුව බස්,කෝච්චි දුවනවා,CBD එකේ හැම වැදගත් තැනක් ආවරණය වෙන හැටියට ස්ටේෂන් තියෙනවා ,ඊට අමතරව LRT ,CBD එකට කාර් වගේම බස් එන්නෙත් අඩුවෙන්.පොදු ප්‍රවහනය කොච්චර දියුණු උනත් ට්‍රැෆික් එක තියෙනවා ,නමුත් විනය නිසා ෆ්ලෝ එක තියාගෙන යනවා.කිහිප දෙනෙක් යන ගමනක් පොදු ප්‍රවහනයෙ යනවට වඩා කාර් එකේ යන එක ලාබයි, සමහර විට තනිව දිනපතා රැකියාවට යන එක උනත්,හැබැයි ඕක යන දුර අනුව වෙනස් flat rate ටිකට් නිසා.මට රස්සාවට යන්න පොදු ප්‍රවහනය පාවිච්චි කලොත් විනාඩි 20 පයින් යෑම සහ සම්පූර්ණ කාලය පැය 1 විනාඩි 45 වගේ,කාර් එකයි ,කෝච්චියයි ගත්තොත් පැය 1 විනාඩි 10 .පොදු ප්‍රවහනය දියුණු උනා කියල පුද්ගලික වාහන නම් අඩු වෙලා නෑ,මිලියන 20 ට වඩා වාහන පාරෙ.හැබැයි මේ කියන්නෙ පොදු ප්‍රවහනය දියුණු කරල වැඩක් නෑ කියන් එක නෙවෙයි ,පොදු ප්‍රවහනය දියුණු රටක ප්‍රායෝගික තත්වය .දියුණු පොදු ප්‍රවහනය නිසා තමා අපි උනත් සැපට කෝච්චියේ ,හෑල්ලක් බල බල ,කොමන්ට් එකක් කොටාගෙන වෙලාවට වැඩට යන්නෙ .

      ඔස්ට්‍රේලියාවේ Melbourne වල නං public transport උපරිමේටම පාවිච්චි වෙනව city එකේ වැඩට යන අය, හැබැයි හැම පාරකම bus නෑ, 80% කට වගේ family වල husband and wife දෙන්නටම වාහන 2 තියනව, ලමයි 18ට වැඩි නං උන්ටත් වාහනයක් තියනව… station එක ලඟනං job එක තියෙන්නෙ car eka station park එකේ නවත්තලා වැඩට ගිහින් ආයෙ එනව. City එකටනං කොහොමත් trains and trams. ඒත් ඒවගේ ලංකාවෙ railway station වල parking නෑ…. තව ලංකාවේ දුම්රිය සේවයේ ගොඩක් අඩුපාඩු හදන්න තියනව….

      Delete
    19. රට පුරං විහිදෙන දියුණු බස් සේවයක් ලංකාවේ නම් නැහැ . කොට්ට පොල් පටවපු ප්‍රයිවෙට් බස් යනවා . මගේ මල්ලි ඉන්නේ හොරණ හා ඉන්ග්රිටිය අතර . රෑ නමයි ගානක අන්තිම බස් එක මිස් වුනොත් අනාතයි . මල්ලි එන්න ඕනේ අරන් යන්න . මේ කොළඹ ළඟ වෙලා . තව එහාට ඔයිට් එහා . නික වෙරටිය පැත්තේ බස් එකක් එන්නේ දවසකට එකයි . සමහර තැන්වල ඒත් නැහැ . සඳුන් කතා අක්රන්නේ මම දන්නේ නැති ලංකාවක් ගැන . ඔස්ට්‍රේලියාව සෑහෙන්න ලොකු රටක් . කොච්චර ලොකුඩ් කියනවනම් ෆ්ලයිට් එකේ පැය හතරක් යනකොට යුරෝපේ රටවල් 3ක් පහු වෙලා . ඕස්ට්‍රේලියාවේ එකම ප්‍රන්තේ . මම ඕස්ට්‍රේලියා ගිහින් නැහැ . මේ යාලුවෝ කියු කතා වලින් දන්නේ . . අනික සෙනග වැඩිපුර නැත්නම් ඒ තැන්වලට බස් දාන්නේ නැහැ . එහෙම තැන වලට කාර් එකක් ඕනේ . මම ලන්ඩන් වල ඉන්නේ . පොදු ප්‍රවහනයෙවරදක් නැහැ . ගේ ඉන්දල් මීටර් 300කින් බස් හෝල්ට් එක . නමුත් අපි දෙන්නටම කාර් දෙකක් තියෙනවා . ඒක අපට ලෙහෙසි නිසා .

      Delete
  5. වෙනසක් කරන්නට නං රටවැසි ජනතාව
    පෙරමුණ ගත යුතුයි - නයුවෙක් එඩිතරව
    දැක්මක් තිබේ නං ඔහු සතු නිවැරදිව
    මෙහෙයවිය හැකිය රට- වෙත ජය කනුව!

    ReplyDelete
    Replies
    1. නිදි රටේ පාලකයෝ එන්නේ මිනිස්සුන්ගේ හැටියට . කවුරු මොනවා කීවත් , ජනතාවට වෙනසක් අවශ්‍ය නම් ඒක වෙයි

      Delete
  6. ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!
    ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
    මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.
    ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ මෙරට වේලාවේ මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.
    R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.
    මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.
    මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.
    එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,
    R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන
    * නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.
    * Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.
    * පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර තිබේ.
    * රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 35ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.
    * මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.
    * පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.
    * අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.
    * Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.
    * Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.
    * Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.
    * Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 200ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.
    * Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.
    * හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර තිබේ.
    * MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.
    * ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබැ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

    ReplyDelete
    Replies
    1. * චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.
      * Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.
      * සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 3%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.
      R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන
      * Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 1කි.
      * Uganda Airlines හි ගුවන් යානා 6න් 2ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 800ක ආයෝජනයකි.
      * එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 420කි.
      * සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 60කි.
      * දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 220කි.
      * Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 20ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
      * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
      * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
      * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
      * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
      * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
      * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
      * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
      * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
      * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
      * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
      * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
      * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
      * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
      * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
      * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
      * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
      * History Supreme රුවල් නෞකාව
      * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
      * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

      Delete
    2. * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
      * එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29%ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.
      * ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් මිලියන 302ක් පමණ වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.
      * කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත)
      * සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.
      * Walk & Talk (PVT) Limited නම් රුපියන් මිලියන 200ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.
      * රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී
      * John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් රුපියල් බිලියන 12ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් රු. බිලියන 10ක් පමණ ආයෝජනය කර ඇත
      * ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත) . ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.
      * යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා මඩමක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇත.
      * ලොව තුන්වල විශාලම La Belle ගණිකා මඩම, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.
      * Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.
      * Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
      *Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
      * සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.
      * නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 70ක කොටස් මිළදී ගෙන ඇත.
      * නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය තෑගි කොට ඇත.
      * Landrover, Jeep, Aston Martin, Bugatti යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාලසීමාවේ මිලට ගෙන තිබේ.
      * Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.
      * Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.
      * Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.
      එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.
      මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR)
      – ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර එහි සියලූම වගකීම දරයි –

      මේ මුදල් සියල්ලම NPP රජයක් යටතේ වසරක් තුල අනිවාර්යයෙන්ම ලංකාවට නැවත ගෙනැවිත් ඉතාම ඉක්මනින්ම ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදීමට සුදානම්.

      Delete
    3. ඕව ඔප්පු කරන්නත් පුලුවන්ද

      Delete
    4. මොකා ජනාධිපති උනත් කමක් නෑ. ඔන්න ඔය ඇනෝව අල්ලස් කොමිසමේ සභාපති කරපල්ලා....

      Delete
    5. සම්පුර්ණයෙන් එකඟයි . සල්ලි ටිකක හරි හොයා ගන්නේ නැතා

      Delete
  7. Hi Ajith

    What do you think about Sri Lankan LKY, the current president Ranil Wick? In my opinion RW is not a good salesman anyway... he's an utter failure in whatever he lays his hands on... whenever he sees the IMF crew, he becomes their loyal and lowly servant...so nobody sees a bargain in his merchandise... he shivers at competition...

    See this video FYI

    https://www.facebook.com/share/v/455CLHSzf6W3YBhB/?mibextid=oFDknk

    ලංකාවේ මෙවර මැතිවරණය තුල පෙනෙන විදිහට ලොකුම block vote එක වන ගියවර 6.9 million වලින් විශාලම පංගුව වූ බොහෝ පොහොට්ටු අයගෙන් සෑහෙන පිරිසක් සජිත් විරෝධීයි, ඒ අය රනිල්ට හෝ නාමල්ට පළමු මනාපය දුන්නත් මෙවර වෙනසකට හෝ අඩුම තරමින් දෙවෙනි මනාපේ අනුරට දිය හැකියි.

    මට නං හිතෙන්නෙ සටන තියෙන්නෙ රනිල්ගේම ප්ලෑන් A එක සහ සහ ප්ලෑන් B (මාලිමාව-අනුර) එක කියන දෙක අතරයි...

    රනිල්ට තියෙන ලොකුම අවාසිය තමයි ඔහුට හිතවත් ලිබරල්වාදීන් සහ එජාප පාක්ෂිකයාට අප්‍රසන්න වූ පොහොට්ටුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ
    දේශපාලන චරිත කිහිපයක් රනිල්ට ඉතාම දැඩිලෙස ළං වෙලා ඉන්න එක...

    මේ පාර රනිල් දින්නොත් 2024 සැප්තැම්බර් 22 රනිල් ජනාධිපති...

    ඒ වගේම මේ පාර රනිල් පැරදුණොත් ආපහු 2025 දෙසැම්බර් මාසෙ රනිල් ජනාධිපති...

    විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පහුගිය දවසක එහෙම කතාවක් කිවුවා... බොහෝ වෙලාවට ඒක ඇත්ත වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. රනිල් ෂුවර් නැහැ . නමුත් අනුර දිනන්න ලොකු සම්භාවීතාවක් තියෙන්නේ

      Delete
  8. අජිත් කනකසුන්දරම්ගේ "දෙරටක කතාන්දරය" පොතෙන් ශ්‍රී ලාංකිකයෙකු සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව දකින හැටි කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පොතේ ඉංගිසි වර්ෂන් එක එකමද ?

      Delete
    2. https://thuppahis.com/2018/07/26/ajit-kanagasundrams-tale-of-lanka-and-singapore/

      Delete
  9. අජිත් අයියේ අරෙහේ බංගලිදේශයේ තාම අරගල ෆන් එක යනවා. ෆැක්ටරිත් ගිනි තියන මට්ටමට ගිහිල්ල වගේ තියෙන්නෙ. මේ විදියට කර්මාන්තශාලා ටාගට් කරහම වෙන්නෙ ආයෝජකයො කොහොමත් යනවා. අලුත් අය එන්නෙත් නැහැ. බංගලිදේශයෙ ආර්ථික අර්බුදය තවත් උග්‍ර වෙනවා. නමුත් ඉතිං බංගලි අරගල බුද්ධිමතුන්ට අනුව නම් එහෙම කල්ලි ගැහිල ගිනි තියන ඒව මරණ ඒව හොද වැඩ.

    ඒ අතින් ලංකාවේ උන් ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාට මල් තියලා වඳින්න ඕන නේද? ලංකාවේ මොනව උනත් අරගලයේ නියම මොහොතේදී රනිල් ජනාධිපති වෙලා ආවට පස්සෙ තවදුරටත් දිගටම අනවශ්‍ය විදියට මැර ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරපු ඔය වගේ තකතීරු කඩාකප්පල්කාරී එවුන්ට තේරෙන බාසාවෙන් දුප් කියල ගහල පැන්නුවනෙ. ලාල් සහෝලනං බලං හිටියෙ අන්තිම බංකරේ කියල පාර්ලිමේන්තුවත් වටලල ෆන් එක දිගටම පවත්වාගෙන යන්නයි. නමුත් ඒක අසාර්ථක වීම හොඳට ගියා නේද?

    ReplyDelete
    Replies
    1. අර රත්තරන් හෙම ලං කර ගත්තට පස්සේ අවුල් නැත්ද 😀

      Delete
  10. මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්ද අජිත්?

    මේක මට වට්ස් ඇප් මැසේජ් කීපයක්ම ආවා සහ ගෲප් වලත් ශෙයාර් වෙනවා

    //NPP ටී ශර්ට් විශාල ප්‍රමානයක් රහසිගතව මුද්‍රණය කරල ඒව මැරයන්ට අන්දවල රට පුරා කල කෝලහල අපරාද කරවල හන්දි ගානෙ ටයර් පුච්චල කඩවල් කඩල ලොකු භීෂණයක් නිර්මාණය කරන්න රනිල් වික්‍රමසිංහ කියන දූෂිත සොම්බි මහල්ලා ප්‍රමුඛ හොරු කල්ලිය සූදානම් වෙනව මේ මැසේජ් එක පුලුවන් හැම තැනම ශෙයාකරපල්ල, ඉස්සර 88-89 කාලේත් UNP එකෙන් මවපු වගේ භීෂණය වගේ එකක් ආයෙත් මවන්න හදන්නෙ///

    මේක ඇත්ත වෙන්න පුළුවන්ද? මට නම් හිතෙන්නේ නෑ ඒ වගේ ලාබ වැඩක් කරයි කියල ජනාධිපති රනිල් වගේ කෙනෙක්. පරාජය වුණොත් ඔහු 2019 අගමැතිකම අතහැර ගිය ආකාරයට ඉවත් වෙයි කියලයි මට හිතෙන්නේ. ඔබේ අදහස මොකක්ද මේක පිළිබඳව?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ . මාත් දැක්ක . ජවිපෙ අයම ගහන්න ඕනෑවට එහෙම කලොත්

      Delete
  11. සිංගප්පූරුව සාර්ථක වු නිසා ඔය යකා පොර ටෝක් දුන්නට බැරිවෙලාවත් සිංගප්පූරුව අසාර්ථක වුණා නම් ඕවා විහිළු බවට පත් වෙනවා, හරිම සරලයි, අනෙක ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයන් විසින්, ලංකාව විනාශ කරපු රෝයල් තර්ස්ටන් බුවාලා එලවලා තව රෝයල් හෝ තෝමියන් පොරක් ගේන එක වෙනුවට කොළඹ අපිත් මේ සැරේ වෙනසකට අලුතෙන් ඉංග්‍රීසියත් බැරි නමුත් බ්රෑන්ඩඩ් ඇඳගෙන රඟන කොටම කොට ගංකබර් ටයිප් එකේ තඹුත්තේගමියන් බුවෙක් පත් කර ගැනීමට තීරණය කරලා ඉවරයි අජිත්, මොකද ඉන්න උන්ගෙන් හොඳම ඔප්ෂන් එක ඒකා විතරයිනේ කොච්චර බොරුවට මවාපාන කපටියෙක් වුණත්

    2019 වගේම තමා මේසැරෙත්, පහුගිය 2019 සජිත් අමු මැටි මෝඩයා නිසා ඌට සාපේක්ෂව ගෝඨා වඩා හොඳ එකා නිසා මිනිස්සු බහුතරය ඌ​ට දුන්නා. දැනුත් සජියා අමු ගොනා නිසාත් අනිත් උන් හොරු නිසාත් අනුර මෝලාට මීට කලින් බලය ලැබුන්නැති එකෙක් නිසාත් අරුන්ව පන්නංන අනුරට දෙනවා. හරි සරලයි. අපිත් ඌටත් දීලම උගෙනුත් ඇරගෙන පස්සේ ඌටත් බැන බැන ඉඳීවි. ඕක සාමාන්‍ය චක්‍රය නේ ලංකාවේ?

    ReplyDelete
    Replies
    1. ඕක කියවන්න ඕනේ සිංගප්පුරුවේ සාර්ථක කමට වඩා එයා මොනවාද කියල තියෙන්නේ කියල . මම සිංගප්පුරුව ලොකුවට සාර්ථකයි කියල සලකන්නේ නැහැ . ඊට වැඩ හොන්ඩ අරට්වාල් තියනව . නමුත් පොර වැරදි නැහැ සමහර තැන්වල . එයාගේ නිරීක්ෂණ

      Delete
  12. ආවෙමි, කියැවීමි.

    ReplyDelete
    Replies
    1. මැකේ බසු මෑන් ට ආයෙත් ස්තුති කරන්න ඕනේ තැනක් . අර ක්‍රමේ චෙච්ක් කරන්න මම මේ ලිපිය හොඳයි කියල තෝරා ගත්ත . මෙපමණ කොමෙන්ට් එයි කියල හිතුවේ නැහැ . වැඩේ සාර්ථකයි කියන්නේ පැය තුනයි ගියේ ලිපියටම . මම මේ කල්පනා කලේ අපේ පොත් ලියන සෝ කෝල්ඩ් කලාකාරයෝ කොපමණ කුහකද කියල . මුන් ඒවා දැනගෙන භාවිතා කර කර කියන්නේ නැහැනේ . මන් එකෙක් ගෙන් ඇහුවත් එක්ක . 😀

      Delete
    2. මේකේ හෝ මෙතන කියල වෙනස් වෙන්න ඕනේ

      Delete
  13. ලී කුවාන් යූ ගෙ හැම තියරියක්ම ලංකාවට හරි යන්නෙ නෑ සහ ලංකාව සිංගප්පූරුවක් කරන්න හදන එකම මෝඩ කමක්..

    ReplyDelete
    Replies
    1. සෙන්නෝ , ලිපිය කියෙව්වද ? // ලංකාව සිංගප්පූරුවක් කරන්න හදන එකම මෝඩ කමක්..// එහෙම කතාවක් නෙමේ ලිපියේ කියන්නේ . අපේ දේශපාලකයෝ නේ ඒක කිව්වේ . අනික ලි ක්වාන් යූ තියරි ඉදිරිපත් කරපු කතාවක් මම දන්නේ නැහැ . එයාගේ නිරීක්ෂණ ටික කියවන්න . එච්චරයි . ඔය ජේ ආර් ශ්‍රී ලන්කන් එයාර් ලයින් හදන්න ගිය එක . මහින්ද මිහින් එයාර් දාපු එක . එමිරේට්ස් එකෙන් ගත්ත එක. ලනක්වේ දේශපාලකයෝ කරපු වැඩ . තමන්ගේ අහංකාර උන්මාදයට . ඕව තමා ප්‍රශ්න . සිංගප්පුරුව කියන්නේ නගරයක් නේ . ලංකාවේ කොළඹ ඕනේ නම් සිංගප්පුරුවේ වගේ කාරන්න් තිබ්බ . මහින්ද ගේ පෝට් සිටි එක හොඳ ආරම්භයක් එතන හැබැයි .

      Delete
    2. ලිපිය කියෙව්වා.. මගේ කමෙන්ට් එක ලිපිය ගැනම නෙමේ. හුඟක් අය ලී කුවාන් යූ රෝල් මොඩල් එක කරන් එයාගෙ ක්‍රමය ගෙඩිය පිටින් මෙහෙ අටවන්න දගලනවනෙ. ලංකාව සිංගප්පුරුවක් කරන්න දගලනවනෙ.. මම ඒක හරි යන්නෑ කියලා කිව්වෙ.. ඔව් සිංගප්පූරුවෙ අනුගමනය කරපු හැම දේම ලංකාවට හරි යන්නෑ. ලංකාවෙ තියනවා සිංගප්පූරුවෙ නැති ලංකාවට ආවේනික ප්‍රශ්ණ.. උදාහරණයක් හැටියට අලි මිනිස් ගැටුම.. ඕවට ඉතිං ලංකාව සිංගප්පූරුවක් කළාට විසදුම් හොයන්න බෑනෙ.. සිංගප්පූරුවෙන් අපි ගන්න ඕනා ප්‍රධානම දේ දූෂණය නැති කරපු ක්‍රමය.. ඒක බලෙන් හරි මෙහෙට ඔබා ගත්තනම් අනික් ඒවා නිකන්ම අපේ ක්‍රමේට ක්‍රමිකව විසඳෙයි..

      Delete
    3. අදහසට එකඟයි . ලී කියන්නෙත් ඒකම තමයි . තමන්ගේ රටට අවශ්‍ය විධිහට කරන්න කියල . ජේ ආර් ට එපා කීවෙත් ඒකයි මම හිතන්නේ . ජේ ආර් ට ලී ට වගේම ඒකාධිපති බලයක් ලැබුන . නමුත් හරියට භාවිතා කලේ නැහැනේ ඒක. ඉන්දියාවත් හරහට හිටිය තමා. නමුත් ජේ ආර් ට විතරක් වරද පටවන්න් බැහැ . බණ්ඩාරනායක ගේ පටන් ඔක්කොම . සිංගප්පුරුව නගරයක් නේ . කොළඹ ඒ වගේ දියුණු කරන්න් තිබ්බ . ලන්ඩන් වගේ . ලන්ඩන් සිටි නිදහස් රටක් වශයෙන් නේ වැඩ කරන්නේ . අපේ දෙෂප්ලක මනස දියුණු නැහැ . බයයි බලය බෙදන්න

      Delete
    4. @සෙන්නා, අජිත්
      +++++++++++++👌

      Delete
  14. අජිත් මහත්මයා, සිංගප්පූරුවෙදි shemales ල හොයන අයට හොඳම තැන Orchard Plaza. මම නං සිංගප්පූරු ගියොත් shemales ල කිහිපදෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා. එංගලන්තයේ තත්වය කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ ඇනෝ තුමා. සාමකාමී අය නම් පිකඩිලී , සෝහෝ වල බාර් තියනව .

      Delete
    2. සාමකාමී කියල ඔබතුමා ලියල තියෙන්නෙ සමකාමී කියන එක නේද? කොහොම උනත් තොරතුරු වලට ස්තුතියි .

      Delete
  15. What LKY has written about Malaysia? In Malaysia all (including Tamils & Chinese) have to learn Bhasha Malaysia.

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුව මැලේසියාව යටතේ මුලින් තිබුනේ . ලී ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව උන් සිංගප්පුරුව එලෙව්ව ෆෙඩරේෂන් එකෙන් .

      Delete
  16. ඇනෝ කෙනෙක් විදියට මේ කොමෙන්ට් එක දානවාට සමා වන්න. අනික අජිත් අයියාට මැදහත් සිතින් යමක් බලන්න හැකි යැයි සිතන නිසා පමණක් මේ කොමෙන්ටුව දමමි. අජිත් අයියා ටිකක් සුද්දන්ට පක්ෂපාතී කියලා හිතෙන් නැද්ද? පොඩ්ඩක් කොතලාවල ටයිප් වගේ. මොනා කලත් සුද්දො හරි අපි වැරදියි වගේ සීන් එකක ඉන්නවා කියලායි අජිත් අයියා ලියන සමහර දේවල් කියෙව්වාම හිතෙන්නේ.

    හොද සුද්දොත් ඉන්නවා. ජාතිවාදි සුද්දොත් ඉන්නවා. අජිත් අයියා කියන විදියට අපි පිටරට වලට ගිහින් අපේ සංස්කෘතිය අනුගමනය කරන්න යන එක වැරදියි නම් අපි උන්ගේ රටේ සංස්කෘතියට අනුව බාර් එකකට ගියාම සද්දේ දාන එකත් වැරදියි. උඩින් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් එහෙම උනා කියලා දාලා තියෙන නිසා සහා ඒකට ඔබතුමා දාපු කොමෙන්ට්ස් ටික දැකලයි මේ කොම්න්ට් එක දැම්මේ. ඔබ තුමාගේ බ්ලොග් එක සෑහෙන්න කාලයක් කියවමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ. මල්ලි.ඔයා දන්නවනේ මගේ පිරිඳ ජර්මන් කියලා එයාට සුද්දියක් කියලා අපහාස කරපු නෑදෑයෝ ත් හිටියා. එයා අතින් තමයි බත් කන්නේ. එක පාරක් ඉඳිආප්ප කනකොට අපේ කොල්ලෝ දෙන්නෙක් අහන්නෙ නැතිව ෆොටෝ ගැහුවා. ඇයි ඒ කියලා ඇහුවම සුද්දී අතින් කනවනේ කිව්වා . මේ මගේ බිරිඳ මගෙන් හෝ එයාගෙන් අහලා ෆොටෝ ගහන්න කියලා කීව ම මට බනින්න ආව ජාතිවාදී කියල . ඕක ලංකාවේදී නිතරම වෙනවා හෝටලේකට බාර් එකකට ගියොත් . අහන්නේ නැතිව එයාලගේ ෆොටෝ ගන්නව .
      මම කොහෙත්ම කියල නැහැ අපේ සංස්කෘතිය අනුගමනය කරන්න එපා කියල කියල තියෙන්නේ අලුත් අවුරුදු ෂෝ අරවා මේවා කරලා තමන්ගේ සෙට් එක විතරක් ඉන්න එක කරන්න එපා කියල . අපේ අය එහෙමයි . ඊට පස්සේ බනිනවා සුද්දෝ ජාතිවාදී කියල. ඒක මෙහේ බංගලි යෝ පකිස්තාන්කාරයෝ අතරේ නිතර දැකලා තියෙනවා. සුද්දෝ වැඩියෙන්ම වලියන්නේ ඒගොල්ලෝ එක්ක. ඒකට හේතුව දෙගොල්ල එකිනෙකා අඳුර ගන්නේ නැතිකම. තව ප්‍රශ්නත් තියෙනවා, පොඩි ගැහැණු ළමයි යාලු කර ගන්න එක එහෙම. දැන් අපේ පාරේ බාර් එකක ඉංග්‍රීසි කොඩිය ගහලා තියනව. මට ඒකට යන්න බැහැ.. ඒ කියන්නේ ඒකේ ලියලම තියෙනවා අඳුරන රේගියුලර්ස් කට්ටියට විතරයි කියල. ඒ කියන්නේ ඒකේ ඇතුළේ කෙනෙක් දන්නවනම් විතරයි යන්න පුළුවන්. එහෙම තැන් තියෙනවා. ඉතින් අපි ඒවට යන්නේ නෑ. පබ් තියනවනේ. ඔය මගේ ගුගල් අකවුන්ට් එකේ පින්තුර තියෙන්නේ..දැන් හොඳ සුද්දෝ ජාතිවාදී සුද්දෝ දෙගොල්ලම ඉන්නවා තම. . ඒවගෙ තමයි ලංකාවේ ලංකාවේ ඔය රොබට් කියනව වගේම කොච්චර ගෙනහෙලිකම් කරනවද දුප්පත් උනහම එහෙම නැත්තං කුල ප්‍රශ්නෙකට, එහෙම නැත්නං දේශපාලනය එදිරිවාදී කමට. ඒවගේ තමා .අපේ අසල්වැසියා ගැන ලියන්නෙත් මම මුලදී හිතුවේ මහා එපා කරපු එකෙක් කියලා. ජාතිවාදී වර්නවාදී කතාමයි කිව්වේ. හැබැයි හැම මිනිහෙක්ගෙම මොකක් හරි හොඳක් තියෙනවා. මම හිතන්නේ එහෙම. සුද්දන්ගේ වෙනස උන්ට සුදු හම තියෙන එක විතරයි. මම සෝවියට් දේශයේ හිටපු නිසා වෙන්න ඕනේ මට සුදු හම කියල වෙනසක් දැනිල නැහැ.

      Delete
  17. ලින්ක්ස් ටිකට තෑන්ක්ස්. මට පේන්නේ රනිල්ගේ තමා හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ හින්දා මං රනිල්ට තමා ඡන්දේ දෙන්නේ.

    අනික ඕකේ ලින්ක් දාන්න කලින් අපේක්ශකයෝ තුන්දෙනෙකුටම නිග්‍රහ වෙන විදියට තමා හඳුන්වා දීලා තියෙන්නේ. නරකද අනුර කුමාරටත් මේ වගේ හැඳින්වීමක් දුන්නොත්. "ඇස් ලොකු කරලා, කට උල් කරලා, අමාරුවෙන් තෙපරබාලා පච එළියට දාන, ලැබුනු ඇමැති කම් වලින් රටට වැඩක් නොකරපු සහා ඒ කාලේ ඇමැති පට්ටමින් හොරා කාපු අනුර සහෝදරයා" වගේ එකක්...

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක් . ඕක ලංකාවේ හැටියක් . තමන්ගේ එකාට ඇර අනිත් අයට නිග්‍රහ කරන එක . ගණන් ගන්න එපා .

      Delete
  18. මොකාට දුන්නත් අපි නං ගොබ්බ ගස් පොන්න නාකි රනිලට නං දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රජතන්තරවාදී මැතිවරණයක් නිසා ඔයාට ඕන කෙනෙකුට චන්දෙ දෙන්න හෝ නොදී ඉන්න පුළුවන් .

      Delete
  19. සඡිත් සහ අනුර දේශපාලන චීත්තයි. ඕප දුප සහ විවේචනය පමණයි. නායකත්වයේ ලක්ෂණ කිසිවක් තම හැසිරමෙන් භාවිතයෙන් පෙන්නුම් නොකරයි.

    මෙවර මගේ මනාපය මාලිමාවට, ඒ ඇයි? මාලිමාවේ ඉතාමත් සමබර කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා...

    - IMF එපා කියපු අනුර කුමාර ඉන්නවා, IMF නැතිව බෑ කියන අනුර කුමාරත් ඉන්නවා.

    - තක්කඩියාගේ අවසන් තිප්පොල ආගමයි කියන අනුර කුමාරත් ඉන්නවා. මහනායක හාමුදුරුවන්ව බැහැ දකින්න යන අනුර කුමාරත් ඉන්නවා.

    - ගණිකා නිවාස ඕනේ කියන හරිනිත් ඉන්නවා. ගණිකා නිවාස නැතිව බෑ කියන ලාල්කාන්තත් ඒක ඇතුලේ ඉන්නවා.

    - මත් උවදුරෙන් තරුණයෝ බේරාගන්න ඕනේ කියන සුනිල් හඳුන්නෙත්තිත් ඉන්නවා, ඇට නැතිව ගංජා ගහමු කියන ලාල්කාන්තත් ඉන්නවා.

    - ඉන්ටනෙට් එක හොක් ගාලා යාවි කියලා සුනිලත් ඉන්නවා, ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඕනේ කියන චතුරංගත් ඉන්නවා.

    - ධනවතුන්ගෙන් අධික බදු ලෙස රජයට මුදල් අරන් බහුතර ජනතාවට බෙදන එක කජ්ජක්ද කියල අහන අනුර කුමාරත් ඉන්නවා, ධනවතුන්ගෙන් යැපෙන, ධනවතුන්ගේ Prado පදින අනුර කුමාරත් ඒකේ ඉන්නවා.

    - ශ්‍රී මහා බෝධීය කපන්න ඕනේ කියන නලීන් හේවගේත් ඒක යට අඩියක් ගහන්න ආස ඩබ් ජයසිරිත් ඉන්නවා, ශ්‍රී මහ බෝධීය වදින්න යන විජිත හේරතුත් ඉන්නවා.

    - පාර්ලිමේන්තුවට ග#ල අල්ල ගන්න තිබ්බේ කියන ලාල් කාන්තත් ඉන්නවා, අපි කරන්නේ ප්‍රජාත්නත්‍රවාදී දේශපාලනයක් කියන නලින්ද ජයතිස්සත් ඉන්නවා.

    - 13 එපා කියපු ටිල්වින් සහෝදරයත් , 13ටත් වඩා බලයක් උතුරට දෙන්න ඕනේ කියන හරිනිත් ඒක ඇතුලේ ඉන්නවා.

    - සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඕනේ පරිසරයක් හදන්න ඕනේ කියන හරිනිත් ඉන්නවා, සාමන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජන කරවන වසන්තලා නාමල් කරුණාරත්නලාත් ඉන්නවා.

    - දේශපාලනය කරන නාකි#යෝ ම#න්න ඕනේ කියන ඇටිකිචි නිලි කෙල්ලොත් ඉන්නවා, නළුවා වගේ කොණ්ඩෙ ඩයි කරලා ඉන්න හද්දා නාකි ටිල්වින්ලත් ඉන්නවා.

    - නව බලශක්තීන් හඳුන්වාදෙන්න ඕනේ කියන විද්‍යාඥයොත් ඉන්නවා, විදුලි බලාගාර හදනකොට ඊට විරුද්ධව මහා කෝලාහල කරපු සමන්ත විද්‍යාරත්නලත් ඉන්නවා.

    - ඉන්දියාවට මිල්කෝ එක විකුණනවට විරුද්ධ උනු සමන්තලා නමල්ලාත් ඉන්නවා, අමූල් එක බලන්න ගිහින් ඒ වර්ජන ඔක්කොම නවත්වපු අනුර කුමාරත් ඉන්නවා.

    - පාස්කු ප්‍රහාරය පසුපස හිටපු උන් අල්ලනවා කියන අනුර කුමාරයත් ඉන්නවා, පාස්කු ග#පු පුත්තු දෙන්නගේ තාත්තා ඊබ්‍රාහීම් නානත් ජවිපෙ ජාජබ ජාතික ලැයිස්තුවේ ඉන්නවා.

    - එක එකාට ජැක් ග#න දේශපාලනේ නවත්වන්න ඕනේ කියන අනුරත් ඉන්නවා, පක්ෂේ පිටින්ම හත් අට වතාවක් සියලු ආන්ඩු වලට ජැක් ග#න්න අත්සන් කරපු ටිල්විනුත් ඉන්නවා.

    - අපි දිනුවොත් මාධ්‍ය නිදහසට හෝ ව්‍යාපාර කරන අයගේ නියපොත්තකටවත් හානියක් කරන් නෑ කියන අනුරත් ඉන්නවා, බලයට ආපු ගමන් තමන්ව විවේචනය කරන ටීවී චැනල් වලටයි, "නෝට් කරන් ඉන්න" බිස්නස්කාරයොන්ටයි ශොට් එක දෙනවා කියන ලාලුත් ඉන්නවා.

    - අධ්‍යාපනය ගොඩනගන්න ඕනේ කියන හරිනිත් ඉන්නවා, ඉස්කෝල වහලා වර්ජනය කරවන මහින්ද ජයසිංහත් ඉන්නවා.

    - ලංකාවට ඩොලර් එවන්න එපා කියපු හඳුනත් ඉන්නවා, පිටරට අයගේ ඩොලර් වලින් රට ගොඩනගනවා කියන අනුරත් ඉන්නවා.

    - එපා කිව්ව වසන්තත් ඉන්නවා, එපා කියන හදුනත් ඉන්නවා ඕනේ කියලා කියන ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුව එකත් ඉන්නවා...
    මේක පුදුම කණ්ඩායමක් අනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් හරි . මටත් පුදුමයි ඒ සෙට් එක ගැන නම් .

      Delete
  20. හ්ම් ....මෙතන හොඳ සාකච්චා ටිකක් යනවා. මම වැඩි හරියක් කමෙන්ට් කියෙව්වා, අර සිංගා-ඔසී ගැන අදහස් දක්වල තියෙන කමෙන්ට් වගේ එව්වා. දේශපාලනික ලිපියක් නිසයි ලිස්සලා ගියේ. ඒත් ලිපියට මෙච්චර කමෙන්ට් ලැබීමත්, අර්ථවත් සාකච්චාවක් පැත්තට හැරීම ගැනත් සතුටුයි. 👌💐🙏😁

    ReplyDelete
  21. අජිත් සහ බස්සා

    ඔයගොල්ලෝ දන්නවද හර්ෂණ සූරියප්පෙරුමව?

    හර්ෂණ සූරියප්පෙරුම කියලා කියන්නේ මාලිමාවේ ආර්ථික කමිටුවේ ප්‍රධානතම කෙනෙක්, Ceylon Chamber Of Commerce විසින් සංවිධානය කරපු රටේ ආර්ථිකය සම්බන්ධ විවාදයේදී සජබයේ හර්ෂ ද සිල්වා ඔහුගෙන් අහනව "ඔබලා මහ බැංකුව ස්වාධීන කිරීමේ රනිල් වික්‍රමසිංහ රජය ගෙනාපු පණත ට විරුද්ධව පර්ලිමෙන්තුවේදී චන්දය පාවිච්චි කෙරුව නිසා ඔබල බලයට පැමිණියහොත් මහා බැංකුව ස්වාධීන කිරිමෙ පනත අහෝසි කරනවද අහනවා"

    මේ සරළ කෙලින් ප්‍රශ්නයට ඔහු දෙන ඉතා විහිලු සහ ගත පිළිතුරට සවන් දෙන්න..ඔහු මේ සම්බ්න්ධ මුලික දැනුමක් වත් නැති කෙනෙක් නැති බව පෙන්වනවා ... ඇත්තටම් ඔහුගේ සමහර පිළිතුරු වලට Audience එකේ සිටින ආර්ථිකය සම්බන්ධ ව දැනුමක් තියෙන Experts ලා, Foreign Delegates ලා, ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් අවඥා සහගත ලෙස හිනා වෙනවා පේනවා...

    විහිලු සහගත දේ නම් ඔහු අවසානයේ කියනවා භාණ්ඩාගාරය (Treasury) ස්වාධීන (නිර්දේශපලනිකරණය) කරනවා කියනවා, එය ඇත්තටම කිව්වා නම් ඔහු හට රටක මහා බැංකුවේ වගකීම් සහ රටක භාණ්ඩාගාරයක වගකීම් ගැන කිසිඳු වැටහීමක් නැති බව පෙන්වනවා, සරලවම කිව්වොත් මාලිමාව කියන්නේ මෙවැනි රාජ්‍ය පාලන මූලික මූලධර්ම ගැන සරල දේවල් වත් දන්නේ නැති අත්දැකීම් නොමැති සිද්ධාන්ත දැනුම පමනක් ඇති ඔවුන්ගේ Fields වලත් Fail වුන පුද්ගලයන්ගේ Cult එකක් විතරයි කියලයි පේන්න තියෙන්නේ

    මේ වගේ විෂය දැනුම අත්දැකීම තියෙන අය ඉස්සරහ සිනහවට භාජනය වන මාලිමාවේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන්ගේ මෝඩ කතා අහලා ඔවුන් පස්සේ යන මෝඩයන් ගැන මට නම් ඇත්තේ පිළිකුලක්.

    මේක බලන්න;

    https://www.facebook.com/share/p/zu43NYa7bWPNb8Ej/?mibextid=oFDknk

    ඔය CCC සංවාදයට දේශපාලන පක්ෂ වලින් ආපු එකෙක්වත් හරියට උත්තර දුන්නේ නෑ, සජබ හර්ෂ ද සිල්වාගෙන් ඇහුවම, ඔහු හිටපු යහපාලන රජය සමයේ ගෙවන්න සැලසුමක් නැතුව ඔහේ අරගත්ත ඩොලර් බිලියන USD 12.5 billion අයිඑස්එබී ණය කන්දරාව ගැනීමට හේතු පැහැදිලි කරන්න කියලා ඒක ගැන ඌට ඒකට කටඋත්තර නෑ මිනිහා වෙන වැල් බයිලා ගහලා අදාල නැති වෙන බහුබූත දොඩවලා මග ඇරියා, ආයේ මිනිහගෙන්ම එතනදී දුමින්ද හුලන්ගමුව අහනවා සජිත් කියන විදියට සහනාධාර ලෙස විශාල ලෙස බෙදන්න මුදල් රජයට කොහෙන්ද කියලා, ඒකටත් අහපු එකට උත්තර නොදී වඳුරු කුණුහරුප කියවලා ගොන් හිවලා කියනවා ඌ දැකලා තියෙනවාලු මිනිස්සු කිරි පිටි ගන්න සල්ලි නැතුව, කිරි පිටි මේස හැන්ද බැගින් කන් හැන්ද බැගින් කඩෙන් ණයට ගන්නවා කියලා ( ඌට පේන විකාර හීන ද කොහේද, 😅🤣😂) ඒත් අර අහපු ප්‍රශ්නයට වැඩිවන රජයේ වියදම කවර් කරගන්න රජය අමතර ආදායම වැඩිකිරීම කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඒකට මුදල් ලබාගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නේට ඌට කිසිම උත්තරයක් නෑ, ඔය වගේ මෙලෝ හසරක් නොතේරෙන අමු ගොබ්බ මී වෘෂභ ගෝතකරුම වලට රටේ බලය ලැබුණාම හොඳට තියෙයි නේද? ලංකාවට හොඳම එකෙන් කෙළවෙන ලයින් එකක් තියෙන්නේ ඉස්සරහට?

    ReplyDelete
    Replies
    1. ඔය කියපු සාකච්ඡා වල යූ ටියුබ් ලින්ක්ස් ටීක මෙතන දාන්න පුළුවන්ද? මොකද මං හිතන් හිටියේ හර්ශණ හොද දැනුමක් තියෙන කෙනෙක් විදියට.

      අජිත් අයියාගේ බ්ලොග් ලියපු අවුරුදු එකොළහටම මෙහෙම ප්‍රතිචාර ගොඩක් ලිපියකට වැටුනාමද මන්දා. ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී. (ෆාමසියේ ගැනීමට ඇති එක නොවේ)

      Delete
    2. Ano , there are other articles with more comments. I will post one . Unfortunately I am travelling in Uzbekistan. Can’t post much.

      Delete
    3. It’s me Ajith btw .

      Delete
    4. ඇනෝ තුමෝ මෙන්න මගේ වැඩි කොමෙන්ට් වැටුණු ලිපි . කොමෙන්ට් 146 , 143 වගේ . නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්

      Delete
    5. https://kolambagamaya.blogspot.com/2017/04/blog-post.html
      සහ
      https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_21.html

      Delete
    6. //ඳුරු කුණුහරුප කියවලා ගොන් හිවලා කියනවා ඌ දැකලා තියෙනවාලු මිනිස්සු කිරි පිටි ගන්න සල්ලි නැතුව, කිරි පිටි මේස හැන්ද බැගින් කන් හැන්ද බැගින් කඩෙන් ණයට ගන්නවා කියලා// තරහ වෙන්න එපා ඇනෝ තුමා . මාත් දැකල තියෙනවා . හැන්දෙන් පිටි මැනලා පොලිතින් කොළ වලට දාල දෙනවසිල්ලර කඩේක . එක ගැහැණු කෙනකුට මම සල්ලි දීලා කිරි ටින් අක අරන් දුන්න . වැඩිය ඈත නෙමේ හොරණ කඩේක . ඔබ තුමා කඩ දෙක තුනකට ගිහින් බලන්න . දොස්තරලා අන්ටිබයෝටික්ස් පැකට් එක නිර්දේශ කරපුවහම පෙතිදෙකක් ගන්න අය ඉන්නව . සල්ලි නැති නිසා . ෆාමසියේ අයටත් කරන්න දෙයක් නැති කමට අහිංසක මිනිස්සු නිසා දෙනවා . ඇහින් දැක්ක අපේ ලංකාවේ ඔෆිස් එක ගාව ජා ඇල . තැන කියන්නම් ගිහින් ෆාමසි කාරයා ගෙන් අහල බලන්න . නැත්නම් බලාගෙන ඉන පැයක් විතර .

      Delete
    7. මේක ලියල දැම්ම විතරයි අන්න අරහේ මිල්කෝ එකෙන් පිටි අඩු කරලා . ඒකෙත් හැටි .

      Delete
  22. @ Ajith Dharma

    Have you seen the economic policies debate among the presidential election in SL 2024? The below link is for the economic policies for tomorrow debate organized by Ceylon chamber of commerce;

    https://www.youtube.com/live/NzCZDZgJ1OA?si=JCzAKJAo83jjA8V0

    Watch this debate, the policies of main candidates of presidential election 2024 and could you please elaborate and explain this in detail in another post?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . ඔබතුමා කරන්න . මට දැනුමක් නැහැ එපමණ . නැත්නම් එකොන් ට වත් කීවනම් හරි .

      Delete
  23. // වෙනස් භාෂා තුනකින් උගත් ඉංජිනේරුවන් එක් පාලමක් ඉදිකිරීමට සහභාගී ව// මෙවන් අසිරිමත් ජාටිය ජයෙන් උදාරයි... කියල කීවෙ ඕකට තමා 🤭

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටික කියවන්න පහුව එන්නං හිටං

      Delete
    2. ඔන්ට දැන් කියෙව්ව බසූ 🙂

      Delete
    3. භාෂා දැනුම හැමෝටම තිබිය යුතුයි කියන එක තමා මගේ අදහස

      Delete
  24. ඉස්සර කාලෙ බ්ලොග් එකක ගාණට වගේ කමෙන්ට් තියනවනෙ !

    ReplyDelete
  25. අජිත්, එංගලන්තය එක්ක බලනකොට මොනවගේ තැනකද තියෙන්නේ ආර්ථික සහ මානව සංවර්ධනය පැත්තෙන් සිංගප්පූරුව දිහා බලන කොට?

    මෙහේ මැලේසියාව නම් තාමත් දියුනුවෙමින් පවතින රටක් මම දන්න විදිහට සහ වෙනත් දියුනු රටවල් එක්ක සන්සන්දනය කරනකොට (ආසන්නම රට තමයි සිංගප්පූරුව) මම දැන් අවුරුදු එකහමාරක් මෙහෙ මගේ වාහනය drive කරනවා. ලංකාවේ හිටපු දවස්වල uber driver කෙනෙක් විදිහටත් මම driving කරල තියනවා.

    මෙහෙ වැරදි කරන අය නැතුවම නෙමෙයි. නමුත් හොදින් මහත්මා ගුණයකින් සහ විනීත රියදුරන් මෙහෙ වැඩියි වගේ ලන්කාවට වඩා කියල හිතෙනවා. එවගේම නාහෙට අහන්නෙ නැති අයත් නැතුව නෙමෙයි නමුත් අඩුයි. ඒක නිසා බහුතරයක් මාර්ග නීති අනුගමනය කරන බව පේනවා.

    නීතියක් තිබ්බත් නැතත් බහුතරයක් මිනිසුන් ඒක අනුගමනය කරනොට ඉබේම අර වැරදි කරන සුලුතරයටත් ලැජ්ජාවක් සහ බයක් එනව ඒ වගේ වැරදි කරන්න කියල හිතෙනවා වගේම දෙපාරක් හිතනව ඇති.

    ත්‍රීවීල් නැති එකටනම් මාරම නිදහසක් ඔලුවට. ඒකට හේතුව ලන්කාවෙනම් කොහෙන් දායිද කියල හිතාගන්න බෑනෙ. හැබැයි ඉතින් බයිසිකල් නම් යන්නෙ හැටට හැටේ.(ලන්කාවට වඩා නම් මාරම වේගෙන් යනවා විශේෂයෙන්ම delivery riders ල. )

    ඒවගේම වාහන වල conditions මාරම හොදයි පාරවලුත් හොද නිසා (මම මේ කියන්නෙ KL ඇතුලේ පිටට වැඩිය ගිහින් නෑ හැබයි ගියත් highway එකේනම් අවුලක් නෑ.)

    මට හිතෙන්නෙනම් මෙහෙත් ලංකාව වගේම තමයි ඒත් ආකල්පමය අතින් සංවර්ධනය වෙලා ලංකාවට වඩා යන්තම් එක අඩියක් ඉස්සරහින් ඉන්නෙ කියල. අන්න ඒ තැනට එන්න පුලුවන් නම් අපිටත් developing country එකක් කරන වැඩපිළිවෙළක් හරි පටන් ගන්න බැරිනෑ අපේ සුන්දර ලංකාවත්.

    ඇත්තටම ලංකාවේ බිමේ නෙමෙයි අවුල තියෙන්නෙ ඕකේ ජීවත් වන බහුතරයකගේ ආකල්ප වල කියල මටනම් හිතෙන්නෙ. ඔය ලී කියනවා වගේ ලංකාවේ දේශපාලනයේ තියෙන ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී භේද වගේම මේ දවස්වල තියෙන උග්‍ර පක්‍ෂ භේද, යූඑන්පී ශ්රී ලංකා පොහොට්ටුව මාලිමාවට වගේ ඒවත් රටට මහත් විනාශයක් සිදු කරනවා කාටත් නොපෙනෙන විදියකට, මේක ලංකාවේ මේ දවස්වල සැරටම තියෙනවා කියලා පේනවා කට්ටියක් මාලිමාවට සහ අනෙක් අය මාලිමාවට නොවන කියන දැඩි අන්තවාදී පක්‍ෂ බෙදීම හරියට ගිය මැතිවරණය කාලේ සිංහල බෞද්ධ සහ සිංහල බෞද්ධ නොවන කියන දැඩි වර්ගවාදී බෙදීම වගේම තමයි. ඔහොම බෙදිලා නම් රට යන්නේ තවත් විනාශයකට, බහුතර ජනතාව පක්‍ෂ පාට භේදයෙන් තොරව ශ්‍රී ලාංකික කියන හැඟීම ඇතුව එකට එකතු වුණොත් රටට යහපතක් කරන්න ඉඩ ලැබෙයි. නැත්නං වැඩක් වෙන්නේ නෑ තවත් එක් කුලල් කා ගැනීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකඟයි. මම ගිය රටවල් වලින් හොඳම ඩ්‍රයිවින් සහ විනීතම රියදුරන් ඉන්නේ මෙහෙ (එංගලන්තයේ ) . සිංගප්පුරුවේ නීති තද නිසා හොඳයි කියල හිතෙන්නේ . ලංකාව දියුණු වෙමින් පවතින රටක්ද තවම නැත්නම් සෙකන්ඩ් වල්ඩ් රටක්ද

      Delete
  26. අජිත් අයියේ ඔයා හිතන විදියට ඇත්තටම 1917 සිදුවුණ ඔක්තෝබරයේ බොල්ෂෙවික් ව්‍යාපාරයේ රුසියානු විප්ලවය ඇත්තටම විප්ලවයක්ද, පොදු ජනතාවට ජයග්‍රහණයක් ලැබුණාද? නැත්නම් කබලෙන් ලිපට වැටුනාද?

    ඒකෙන් ජනතාව කබලෙන් ලිපට වැටෙන්නට හේතු වුණේ මොකද? ඇත්තටම රුසියාව මේ අප දකින භෞතික දියුණුව ලබන්නෙ විප්ලවයෙන් පස්සෙ නේද..?
    ඒ 1917 මෙන්ෂෙවික්ලා සාර් ඇබ්ඩිකේට් කලාට පස්සේ ක්‍රෙන්ස්කි බලයට ආවනේ (ඩූමා එකට නේද). එයාට හොඳ නිදහස් වෙළදපොල ක්‍රමය අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම පිණිස හොඳ දැක්මක් තිබුණ කෙනෙක් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. නමුත් ලෙනින් ප්‍රමුඛ බහුතරය (බොල්⁣ෂෙවික්ලා) දිගටම රට පුරාම ලොකුවට කලබල කරලා එක එක සීන් දාලා එයාගේ කකුලෙන් ඇදලා තියෙනවා එයාගේ පාලනයට රට පුරා ප්‍රශ්න ඇති කර කර. ඊට පෙර ඇබ්ඩිකේට් කරපු සාර් උනත් හොඳ reforms කරගෙන ආවා, ලෝක යුද්දේ ආපු නිසා තමයි ඒවට කෙල උනේ.

    ඊට පස්සෙත් ඔච්චර හරියක් කරලා ලෙනින් බලයට ආවා කියලා හොඳක්උනේ නැහැනේ, සිවිල් යුද්ධයක් ඇති උනා, සාර්ගේ පුංචි ලමයි එක්ක මුලු පවුලම අමානුෂික ලෙස මැරුවා, මිනිස්සු මිලියන ගානක් හාමතේ මැරුණා. අන්තිමට කොහෙවත් හිටපු මිනීමරු මංකොල්ලකාරයෙක් උන ස්තාලින් රජ උනා, ඇත්තටම බොල්ෂෙවික විප්ලවයේ මහමොළකරු වූ බුද්ධිමය පදනම ගෙනියපු ලියෝන් ට්‍රොට්ස්කි රෙනුත් පැනලා ගියා (අන්තිමට ස්තාලීන් මෙක්සිකෝවට කුලී ඝාතකයෙක් යවලා පොරෝ පාරක් දීලා ඔලුව දෙබෑ කරලා මැරුවා).

    ලෙනින් තමන්ගේ සමාජවාදී communist හීනය දකින්න, ඒක කොහෙමෙහරි හැබෑ කරගන්න ඕනි කියන දෘඪ අධිෂ්ඨානයේ තදින්ම එල්බගෙන හිටිය නිසා තමයි ඔය විනාශය උනේ කියලා මම හිතන්නේ. රාජ්‍ය පාලකයෙක් අනිවාර්යයෙන්ම නම්‍යශීලී වෙන්න ඕනි නේද? ඔය කතාවෙන් මම ගන්න දේ තමයි ඒක. නමුත් ලී ක්වාන් යූ කියලා කියන්නෙත් දැඩි ලෙස ඒකාධිපති පාලනයක් ගෙන ගිය කෲරතර පවුල්වාදියෙක්, ඔහුගෙන් පසුව පුතාට විධායක අගමැතිකම ලැබුණේත් ඒක නිසානේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔක්තෝබර් මාසේ විප්ලවයක් වුනේ නැහැ . නොවැම්බර් මාසේ වුනේ බලය පැහැර ගැනීමක් වෙලාව බලල . ඒක ගැන මේ ලිපියේ ලියල තියෙනවා .
      ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය
      -මිනිස්සු මිලියන ගානක් හාමතේ මැරුණා - මේක බොහෝ දුරට වුනේ ස්ටාලින් ගේ කාලේ . ලෙනින් ගෙන් විනාශයක් වුනා කියල විශ්වාස නොකරන කෙනෙක් නිශ ඇමට අන්තිම කොටසට unbias පිළිතුරක් දෙන්න මරුයි .

      Delete
  27. ඔබ විසින් පරිවර්තනය කරනු ලබන සොල්සිනට්සින් රචිත *පිළිකා කෝර්පුසය* පොතේ පරිවර්තන කටයුතු අවසාන නැතිද ?

    ReplyDelete
    Replies
    1. කණගාටුදායකයි . තවම නැහැ . ඒත් බොහෝ අය දැන සිටි , මම නොදැන සිටි අලුත් ක්‍රමයක් දැන ගන්න ලැබුන නිසා සහ භාවිතය පටන් ගත් නිසා ඉක්මනින් කරන්න පුළුවන් වේවි කියල විශ්වාසයක් හැදිලා තියෙන්නේ

      Delete
  28. අජිත් මහත්මයා, තාම gay and shemale sex කළේ නෑ නේද? වෙනසකටත් එක්ක කරලා බලමු. ඒ සැප අරන් තියෙන යාලුවෙක්ගෙන් අහන්න සැප කොහොමද කියලා. 👍👍👍❤❤❤

    ReplyDelete
    Replies
    1. සැප කියන එක සාපේක්ෂයි

      Delete
    2. එකඟයි අජිත් මහත්මයා . මේ සැපත් අරන් බලමු.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .