දෙර්ෂින්ස්කි කියන්නේ කවුද කියල හුඟක් අය දන්නේ නැතිව ඇති . ප්‍රතිවිප්ලවයෙන් ළඳරු සෝවියට් රාජ්‍ය බලය රැක ගන්න හැදුව කණ්ඩායම තමා චෙකා කියන කාර්යාංශය . පක්ෂයේ හොඳම කේඩරයන් ගෙන් සමන්විත මේකේ නායකයා හැටියට දැම්මේ ෆෙලික්ස් දෙර්ශින්ස්කිව. පෝලන්ත ජාතිකයෙක් වෙච්චි දෙර්ෂින්ස්කි තමා සෝවියට් රාජ්‍යය බේරා ගන්න චෙකා නෙට්වර්ක් එක හැදුවේ . එය ඒක හොඳටම කළා 1926 දී මැරෙන තුරු .
ඊට පස්සේ එන්කවද , කේජිබි කියල නම දෙපාරක් වෙනස් වුනෙත් ස්ටාලින් විසින් බලය රැක ගැනීමට අපහරණය කලෙත් ඒ සංවිධානයම තමා .
ටිල්වින් සහෝදරයාව මම හඳුන්වන්නේ දෙර්ෂින්ස්කි කියල . ඒකට නම් එයාට පොඩි හිනාවක් ගියා . ජවිපෙ සදාකාලික තරුණයා වන ටිල්වින් සහෝදරයා, ලොකු අයියා කියල තමයි පැලවත්තේ ඉන්න තරුණ සහෝදර සහෝදරියෝ හඳුන්වන්නේ . පක්ෂයේ වගේම දැන් රාජ්‍ය බලය හසුරුවන කණ්ඩායමත් එකට එක්කහු කරලා ශක්තිමත්ව තබාගන්න හුය තමා ටිල්වින් අයියා . ඒ වගේම පක්ෂයට සහ රජයට බාහිරින් එන තර්ජන පිළිබඳවත් ඔහු සෑහෙන අවබෝධයකින් ඉන්නේ . ඉතින් දෙර්ෂින්ස්කි කියන නම ගැලපෙනවා .
එයා නම් කියන්නේ තරුණ තරුණියෝ එක්ක නිතර කතා බහ කරමින් ඒ ජවයෙන්ම වැඩ කරන නිසා වයස ගැන හිතන්නේ නැහැ කියල . ටිල්වින් සහෝදරයගේ උපන් දිනේ යෙදිලා තියෙන්නේ පෙබරවාරි 26 දා . මට දවස හොඳට මතකයි . මගේ පියාගේ උපන්දිනය පෙබරවාරි 25 දා නිසා. නමුත් මට මුකුත්ම ගේන්න එපා කිව් නිසා කේක් එකත් ගෙදර තියල ගියා . කොහොමත් දිනයට කලින් කේක් කපන්නේ නැහැනේ . හොඳ වෙලාවට මම ලියපු 'පොල් කට්ටෙන් එපිටට ' සහ සියාමා පොත් තිබිල ඒ දෙක දුන්න . වැඩ තිබුනත් පොත් නම් කියවනවා කීව .
බොත්තම ගැනත් කතා කළා . සුළු අතපසුවීම් හදා ගන්න ඕනේ . අපි ඔක්කොම මනුෂ්‍යයෝනේ කියල එයා කීව . මට තිබුනේ වෙනත් අදහසක් . මම රාජකීය විද්‍යාලයට ගිය අළුත කොළඹ පොෂ් ගෙදරකට ගියා . ඈතින් නෑ වෙනවද කොහෙද . ගෙදර හාම්පුතයි බෑනයි ඉංග්‍රීසියෙන් කතා කලේ . රෝයල් ගිය ගමන් ඉංග්‍රීසි පුළුවන් වෙන්න නම් ඉතින් ගෙදර කතා කරන්න ඕනේ. අපි ගමෙන් ගිය එවුන්නේ . මට කැපිල්ල තේරුණා ඒ වෙලාවෙත් .
හැබැයි මට හීනමානයක් තිබුනේ නැහැ . අනුර සහෝදරයාටත් එහෙම එකක් නැහැ . අරක හදා ගත්ත එච්චරයි . අර දහම් සිරිසේන (මම කැමති බුවෙක් නෙමේ ) රෝයල් තෝමියන් මැච් එක ඉවර වෙලා රනිල් වේදිකාවේ ඉන්න කොට බලෙන් නැග්ග මතකද ? ඒකට පොෂ් සෙට් එක හිනා වුනත් එක්ක නේහ් . ඒවා එහෙමයි ලංකාවේ .
විදේශ ඇමැති විජිත හේරත් සහෝදරයා හමු වුන වෙලාවේ දාපු ප්‍රශ්නයක් දෙකක් ඇහුවා ටිල්වින් සහෝදරයා ගෙනුත් . ආධාරකරුවන් ප්‍රශ්න කරනවා නේද පරණ අයම තියන් ඉන්නවට අමාත්‍යංශ වල . සංස්ථා දෙපාර්තමේන්තු වල කියල . විජිත සහෝදරයා වගේම ටිල්වින් සහෝදරයාගේ පිළිතුර වුනෙත් අපට ජවිපෙ අය විතරක් නෙමේ ඡන්දේ දුන්නේ . යුඇන්පී, පොහොට්ටු සහ ශ්‍රීලනිප සහ පාවෙන ඡන්දත් ලැබුන . ඒ එකක් . අනික විරුද්ධව ඡන්දේ දුන්නත් , ආධාරකරුවෝ නොවුනත් සාධාරණ හේතු නැතිව , වරදක් නැතිව අස් කරන්න බැහැ කිසි කෙනෙක්ව කියල .
අනික පක්ෂයේ කෙනෙක් දැම්මොත් මොකද වෙන්න . එතනදී එය lackey කෙනෙක් හෙවත් එහෙයියෙක් විතරක් වුනොත් වැඩක් තියනවද? අපට අවශ්‍ය අවංකව , රජයේ ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් . දේශපාලන පක්ෂපාති කම් නැතිව ස්වාධීනව වැඩ කරන්න ඔවුන් ඉගෙන ගන්න ඕනේ . මම හිතනවා ඒ පිළිතුර සාධාරණ එකක් කියල .
පොල් ප්‍රශ්නේ ගැනත් කතා කළා . රජයට හොඳ අවබෝධයක් ඒ ගැන තියනවා . ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඕනේ . මොකද ඇත්ත ප්‍රශ්න රිලව් කතාවකින් වැහිලා ගිහින් . කැනඩාවේ ඉන්න හේෂාන් මල්ලිගේ ප්‍රශ්නේ ආගමන විගමන එකේ ලොකු බැක්ලොග් එකක් තියනවා කියල ද්විත්ව පුරවැසි භාවය ගන්න . රටට එක අයෙකු ගෙන් ඩොලර් 2500 විතර ලැබෙන ක්‍රමයක් වුනත් ඉතා මන්දගාමී විධිහටයි වැඩ කෙරෙන්නේ . ගිය පාර ලිපියේ ෆොටෝ එකකුත් දැම්මේ එතැන තමා. ඒ වගේ දේවල් පොඩි අවධානයක් දීල අවශ්‍ය තැනට කතා කරල දෙන්නම් කියල කීව . තව බොහෝ දේ කතා කලත් ලිපිය දිග වැඩි වෙන නිසා පස්සේ දවසක තමා ලියන්න වෙන්නේ .
ලන්ඩන් ගෘප් එකක මෙසේජ් එකක් වැටිලා තිබුන , ජනාධිපති ගේ සෝෂල් මීඩියා එකවුන්ට් දාල තියෙන එයාගේ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ගූගල් එකෙන් කෙලින්ම අරගෙන . ඒකෙ වැරදි ගොඩක් තියනවා . මම ඒක ටිල්වින් සහෝදරයට එවෙලම පෙන්නුවා . එයා ඒක කතා කරලා හදන්න කීව ඒ වෙලාවෙම . ඔය වගේ නොපෙනන අතපසුවීම් තිබෙනවා . ඒ වැරැද්ද පෙන්වා දීම අගය කල යුතු දෙයක් .
දවල් කෑම වෙලාව ලං වෙලා තිබුන . ටිල්වින් සහෝදරයට රූපවාහිනියේ සාකච්ඡාවක් තිබුන දෙකට විතර . පද්මිණී කිව්වා , අජිත් කන්න කැමති ලංකාවේ කෑම විතරයි කියල . ගමේ කෑම. මම කිව්වා යුරෝපියන් කෑම ලංකාවට ඇවිත් කන්න ඕනේ නැහැනේ කියල . ටිල්වින් අයිය කීව හොඳ තැනක් තියනවා එතනට යමු කියල . එයත් එක පාරක් ගිහින් තිබෙනවා කියල .
එයා තමයි මාර්ගෝපදේශකයා වුනේ . 'ගම්මානය ' කියල තැනක් . පැලවත්තේ කාර්යාලයේ ඉඳල මාකුඹුර කියන හරියට යන්න ඕනේ. පෝලිමේ ඉඳල කෑම ටික තෝරන් යන්න ඕනේ කැෂියර් ගාවට . සරල තැනක් . මම රතු බත් එක්ක මාළු , කරවිල , පොලොස් , කන්කුන් බැදල , බෝංචි තෙල් දාල , බැදපු මාළු සහ දෙල් ගත්ත . ටිල්වින් අයියටත් ඒ චොයිස් එකම ගත්ත . එතැන කෑම නම් සුපිරි , රයිස් ඇන්ඩ් කරි වලට කැමති අයට .
එකම ප්‍රශ්නේ එච්චර බත් ගොඩක් දෙන්නේ මොකද කියල . තනි කෙනෙක් එපමණ බත් ගොඩක් කනවද කියල මට හිතුන . අපි ගිය හතර දෙනාම බත් ඉතිරි කරලා තිබුන . ඔයිට කලින් නන්දන වීරරත්න එක්ක මොන්ගෝලියන් ෆුල් රයිස් එකක් දින දෙකකට කලින් ගත්තම. දෙන්නටම කා ගන්න බැරිව මම ඒක පහුවදත් කෑව තව කෙනෙකුටත් දීලා . මම අහලා තියනවා ජපානයේ ඉස්සර ඔහොමයි කියල . පස්සේ රජයෙන් ඒ ගැන හොයල , මිනිසුන්ට පීරිසි දෙකක ප්‍රමාණයක් කෑවම ඇති කියල තියනවා . මමත් වැඩිපුර එළවලු කාල බත් අඩුවෙන් කන කෙනෙක් . අපි ඇමෙරිකාවේ ජනතාව විවේචනය කලාට ඒ වගේ පිෂ්ට ප්‍රමාණයක් බඩට දා ගන්න අයත් ඇති .
දැන් ඉතින් කියන්න එපා මම කන බත් එක සීමා කරන්න හදානවා කියල .
අපි ටිල්වින් සහෝදරයාව පැලවත්ත කාර්යාලයෙන් බස්සල ආවා . මේ හමුවීම සංවිධානය කලාට මගේ මිතුරිය පද්මිණි මාතරගේ ට ඇත්තටම ස්තුතියි . පද්මිණි ඉස්සර වැඩ කලේ ලක්බිමේ . එයා මගේ මිතුරියක් වෙලා හිටපු විපුලි ගේ හොඳම යෙහෙලියක්. පද්මිණි තමා කම්කරු ඇමති තුමා ගේ මාධ්‍ය ලේකම් .
ස්තුතියි .
කොළඹ ගමයා -20-02-2025
මම දකින දෙයක් තමයි විවේචනය කරලා පෙන්වාදෙන්න තරම් දේවල් කොතෙකුත් තිබියදී හුඟදෙනෙක් කැමති කාටවත් ප්‍රයෝජනයක් නැති දේවල් අපහාසාත්මක ස්වරයකින් පතුරුවන්න. ලයික්ස් වැඩිකරගන්න පුළුවන් ඇති. ඒත් පලක් නෑ.
ReplyDeleteඒක ඇත්ත . මම ආපු හැම ආණ්ඩුවකම හොඳක් දකින්න උත්සාහ කරපු කෙනෙක් . ආණ්ඩුවේ හා බලයේ ඉන්න අය නිහතමානී වෙනවනම් වැරදි වෙන්ව කියල දැනගෙන ඒවා හදාගන්නවනම් ඇත්තටම අවුලක් නැහැ . මේ ආණ්ඩුවේ හුඟක් මැති ඇමතිවරු ලංවෙන්න පුළුවන් අය . ඒකෙ හින්ද හොඳ නරක දෙකම තියනවා . මම හිතන්නේ උදව් කරන්න ඕනේ වැඩේ හරියට කර ගන්න .
Deleteසංවර්ධනය වෙනුවෙන් නං විවේචන
ReplyDeleteකොච්චර හොඳද - ගැලුවත් ඉහටත් උඩින
දෙන්නං බැටේ ගණයේ නං විවේචන
සුළඟේ යනව - නෑ ගන්නේ පොරෝජන
ඇතුවත් බැරි නැතුවත් බැරි විවේචන
Deleteඉස්සෙල්ලම කියන්න ඕනෙ මම දේශපාලකයොන්ට ගරු නම් දෙන්නෙ නැහැ. ඒ අයත් රජයේ සේවකයො. ගරුත්වය කියන්නෙ උපයා ගතයුතු දෙයක්.
ReplyDeleteවිජිත හේරත් සහ ටිල්වින්ගෙ " අමාත්‍යංශ වල පරණ අයම තියන් ඉන්න" එක ගැන අදහස සාධාරණයි. හෙමීට ගමන යන එක අවුලක් නැති වුනත්, අවුල් ගැන මුකුත්ම නොකර "ආණ්ඩුවයි රජයයි කියන්නෙ දෙකක්" කිය,කියා හිටියට හරියන එකක් නම් නෑ. දැන් අවශ්‍ය බලය තියනවා, ඒ නිසා රජයේ සේවයේ මන්දගාමීත්වට, බියුරෝක්රසි එක මැඩපවත්වන්න නීතී ගෙන එන එක ඔවුන්ගේ වගකීමක්.
"අපිට හැමෝම චන්දෙ දුන්නා" වගෙ වැකි වලින් ආණ්ඩුව ජනප්‍රියතාවය අඩුවෙයි කියල හිතන නිසා, පරණ රජයේ සේවයේ සෙල්ලම එහෙමම කරගෙන යන්න ඉඩදෙන බවක් තමයි හැඟෙන්නෙ. නීතී-රීති නැතුව කිසිකෙනෙක් තමන්ම හිතලා අවංක වැඩ කරන්න පටන් ගනී කියල හිතන්න අමාරුයි.
උදාහරණයක් විදිහට ලංකාවෙ ගොබිලො පිටරට ආවම, හෝන් නොගහ වාහන එලවනවා. කුණු පාරවල් දිගේ දාන්නෙ නෑ, පාරෙ කෙල ගහන්නෙ නෑ. උන්ම ආයෙ ලංකාවට ආවම ඒ දෙකම ආයෙ කරනවා.
හිතුවොත් චුට්ටක් වෙනවා හොල්මං
Deleteඒ මදි ඒ මදි කරමු වෙනස්කම්!
බසු ඒ කතාව හරි . මේක ජනප්‍රියවාදී ආණ්ඩුවක් නිසා නිලධාරීන් තරහ කර ගන්නේ නැතිව යන ගතියක් පේනවා . එතන අවුලකුත් තියනවා . හැදුවේ නැත්නම් මිනිස්සු ඉවසන එකක් නැහැ . ජවිපෙ හිතවාදීන් නොව ස්කිල් බේස්ඩ් ජොබ් වලට ගන්න ඉහලට ඕන වුනාට යටට අවහම වෙනස්
Deleteබසු ඒ කතාව හරි . මේක ජනප්‍රියවාදී ආණ්ඩුවක් නිසා නිලධාරීන් තරහ කර ගන්නේ නැතිව යන ගතියක් පේනවා . එතන අවුලකුත් තියනවා . හැදුවේ නැත්නම් මිනිස්සු ඉවසන එකක් නැහැ . ජවිපෙ හිතවාදීන් නොව ස්කිල් බේස්ඩ් ජොබ් වලට ගන්න ඉහලට ඕන වුනාට යටට අවහම වෙනස්
Deleteනිදි ඒක හරි
Deleteසම්පුර්නයෙන්ම එකඟයි . ගරු කෑල්ල හැලුව , ඒක පුරුද්දට වගේ ලියවුනු එකක්. දැනට පොඩ්ඩක් නිලධාරීන්ට ෆ්‍රි රේන් එකක් දීල තියෙන එක ඇත්ත . ඒකෙන් වෙලා තියෙන්නේ බස්සා කිව එක තමා . CEB එකත් පරණ සෙල්ලම පටන් අරගෙන වගේනේ . ආණ්ඩුවේ අය නම් ඒ ගැන දන්නවා . ඒ අය වැඩිකල් බලන එකක් නැහැ ඒ මිනිස්ට්‍රි ගැන . නීති තියෙනවා . අර පොලිසිය හිටි හැටියේ භාවිතා කලේ තිබ්බ නිතිමනේ . අනිත් අයටත් ඒකම කරන්න පුළුවන් . විදේශ සේවයේ සමහර perks නැති කරපු එකට කට්ටිය අවුලෙන් ඉන්නේ .
ReplyDeleteඔව් රාජ්‍ය සේවය විතරක් නෙමෙයි රටම අවුල් ජාලයක්. දැන් ඔය ගොවින් වුනත් සහනාධාර ක්‍රමයට පුරුදු වෙලා. මේ ක්‍රමය වෙනස් කරන එක ලේසි වෙන එකක් නෑ.
Deleteඒත් අතරින් පතර ඉන්නවා, කුඩා වැවිලි කරුවො, කර්මාන්ත කරුවො වෙනස් විදිහට වැඩ කරන. සහනාධාර, අත-හිත දෙන්න ඕනෙ ඒ වගේ උඩු ගං බලා පීනන අයටයි. ඇත්තටම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මොනවද කරල තියෙන්නෙ? අර පොල්/තල් සංවර්ධන දෙපාර්තමේන්තු තාම තියනවද?
හෙන්චයියොන්ට පත්වීම් දීමේ ක්‍රමය නිසා නෙව රාජ්‍ය සේවය අද තියෙන තත්ත්වයට පත් වුනේ. ඒ නිසා ඒ අදහස හරි. සමාජයේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. ඒක එක දවසින් වෙන එකක් නම් නෑ. ආදර්ශයක් විදිහට ඒක ඉහලින්ම පටන් ගත්ත එකත් හරි. පක්ෂයක් වශයෙන් හොඳම විනයක්, කැපවීමක් තිබ්බ අනුගාමිකයො හිටියෙ ජෙප්පොන්ට. හැබැයි ඒ අයගෙන් වැඩක් ගන්න බව පේන්න නං නෑ.
කුඩා කර්මාන්ත , කුඩා වෙළඳම් තමයි හරි , ආර්ථිකය ගොඩ ගන්න
Deleteඔය බස්සා කියනවා වගේ මටත් හිතෙනවා රජයේ නිලධාරීන් තාමත් පරණ හාම්පුතා ලා ගෙ ක්‍රමය ම ක්‍රියාත්මක කරන්න හදනවා කියලා. විදුලි බල මණ්ඩලය නම් තනිකර මාෆියා එකක්.
ReplyDeleteඔව් , අමාත්‍යංශ වලට ගියහම ඒක තේරෙනවා . . විදුලිය වගේම පොලිසිය . ඔය පෙන්නේ නැත්ද . එලි දක්වන එක තමා කරන්න තියෙන්නේ
Deleteමෙන්න මේක ප්‍රායෝගික වැඩක් කියල හිතෙනවා.
ReplyDeleteජල බැටරිය
මේක මම දැක්ක නිව්ස් ව්කක් . කරන්න යනවා නේද
Delete++++++++++++++++++
ReplyDelete++++++++++
Deleteඅජිත් මහත්මයා , කෑම කන ගමං ටිල්වින් සහෝදරයට කිව්වෙ නැද්ද අර නමට බෙදන්න කියලා 😜😂😂😂.
ReplyDeleteමම කන කෑම එකම බෙදාගෙන ගිහින් දුන්න . එතන වේටර් ලා නැහැ කෑම ගේන්න
Deleteඅජිත්, ලෝම නැති පූසන් ඇති කරන එක ගැන බ්‍රයන්ට දොස් කියලාවත් බැනලාවත් වැඩක්නෑ. තේරුම් කරලා දෙන්නයි ඕනි. එයාගේ ඔය කැට්ස්ලා ගෘහාශ්‍රිතව හදන අය. අපේ මවුරට ලංකාවේ පූස් ලා වගේ දෙතුන් ගුනයකටත් වඩා වගේ ශරීරය ත් ලොකුයි. මෙයාලා හදන්නේ ගෙවල් ඇතුලේ. බෙහෙත් වගේම නෑවීම හැමදේම කරනවා. තව කන් ඇතුල පවා සුද්ධ කරනවා. මෙයාලට වෙනම සැලුන් පවා තියෙනවා. එයාලට වෙනම සෙල්ලම් කරන්න ක්‍රියාකාරකම් කරන්න බඩු ගෙවල් ඇතුලෙම හදලා තියනවා. සමහර විට මෙහෙම කැපුවේ නැත්නම් මේ නියපොතු හම ඇතුලට කා වැදිලා දරුනු විදිහට තුවාල එන්න උනත් පුලුවන්. ලංකාවේනම් ගස් බරු ගහලා එයාලා ඒක කර ගන්නවා. මෙහේ පුසෝ හදන්නේ දඩයමටනේ. මීයෝ අඩු කරන්න. ඒ රටවල් වල එහෙම නෑ. ලංකාවේ පුස් ප්රබේධය වෙනස්. එයාලා උපතින්ම දඩයම් කරන අය. එයාලගේ ඉස්සරහ අත් වලට වඩා පස්සෙ කකුල් උසයි මොකද ගොදුරකට පැනලා අල්ල ගන්න. තව කක්කා දාන්නේ මේ වැලි ගිඩවල් වල නෙමෙයි ඒකටම විශේශ වැලි වගේ දෙයක් තියෙනවා එයාලට කක්කා දාන්නත්. මං කිව්ව දේවල් වල වැරැද්දක් තියනවානම් දන්න එකෙනෙක් නිවැරිදි කරන්න. මේබින්න අයගේ එක එක ප්‍රබේධ තියෙනවා උදා:හිමාලයන්, රුසියන්, පර්සියන් වගේ ගොඩක්.
ReplyDeleteබ්‍රයන්ට දොස් කිව්වේ කවුද ඇනෝ . ඒ පූසො ළඟටවත් එන්නේ නැති කතාව තමා මම කිව්වේ . අනික මටනම් උන් එපමන ලස්සන නැහැ . අපේ පූසා ලංකාවේ පුසෙකුට වඩා දෙගුණයක් විශාලයි . වින්ටර් එක නිසා උන්ගේ මේද ස්තරය හා ලෝම වැඩියි කියල මම හිතන්නේ . ඔව් අපි හදපු ඔක්කොම පූසන්ට පොඩි කාලේ ඉන්දල් වැලි පිරවපු ලිටර් එකක් තිබ්බ කැක්ක දාන්න . දැන් ඉන්න පූසා ගාඩ්න් එකට යන් නිසා අවශ්‍ය නැහැ . අනික අපේ ලී පෙට්ටගමක් තියනවා . ඒක බරු ගහල ඌ නියපොතු හදා ගන්නවා .
Deletepost එක දාපු දවසෙම කියෙව්ව. comment කරන්න බැරුව ගියා!
ReplyDeleteස්තුතියි . පස්සේ හරි ආවානේ
Delete//ඒ වගේම පක්ෂයට සහ රජයට බාහිරින් එන තර්ජන පිළිබඳවත් ඔහු සෑහෙන අවබෝධයකින් ඉන්නේ// දැනුවත් උනත් ඒවාට පිළියම් යොදන බවක් පෙන්නේ නං නැත.
Delete//ටිල්වින් සහෝදරයා ගෙනුත් . ආධාරකරුවන් ප්‍රශ්න කරනවා නේද පරණ අයම තියන් ඉන්නවට අමාත්‍යංශ වල . සංස්ථා දෙපාර්තමේන්තු වල.......// ඒ අදහස මාධ්‍යය වල කියන්න හොඳයි. ඒත් සමහර සංස්ථා සභාපතිලා ඇතුළු සමහර නිලධාරීන් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. තනිකරම බත්බැලයෝ. මොකද ඔවුන් මැතිඇමතිලාගෙ ඥාති හෝ හොඳම හිතවත්තු. මේ අය වෙනත් සිස්ටම් එහෙකට මාරු වෙයි කියලා හිතන්න අමාරුයි. සහ අදාළ වර්තමාන ඇමතිට ඒ තනතුරුවල අය මාරුකිරීම, ඉවත් කිරීමේ බලය මම දන්නා තරමින් තියෙනව. එහෙම එකෙ මේව කිය කියා තවත් රජයේ වැඩපිළිවෙලට අනුගත නොවෙන නිලධාරීන් තියාගෙන ජනතා වරමට පයින් ගහනවාද කියල රජයේ අයම කල්පනා කරන්න ඕන. කරගන්න බැරි වෙලා අවසානෙට මේ හේතු ඉදිරිපත් කරන්න පුලුවන්ද නිදහසට කරුණු විදිහට!
නමි පත්වෙලා මාස හතරෙන් පහෙන් හැමෝම අස් කරන එක සහ තමන්ගේ එවුන් දාන එක නේද මේ තාක් කල් වුනේ . යුඇන්පී සිරි ලංකා පොහොට්ටු ලෙගසිය . ඊට වැඩිය හොඳ නැත්ද කෝප් කමිටු වාර්තා අරගෙන වැරදි කරන නිලධාරීන් අයින් කරන එක . මිනිසුන්ගෙන් එන පැමිණිලි විභාග කරලා අයින් කරන එක . ජනතාව අතේ මේ බලය තියනවා , ඒ ගොල්ල ඒක අර ගන්න ඕනේ . ආණ්ඩුවට 2/3 තියනවා කරපියව් කිවොත් යන්නේ ආපහු පරණ ක්‍රමයටම නේද ? යුරෝපිය හෝ දියුණු ධනවාදී රටවල වගේ දේශපාලන පක්ෂවදිත්වයෙන්න්තොර සේවාවක් හදන්න නම් ඒ විධිහට යන්න ඕනේ .
Deleteඅජිත්, ඇත්තටම ට්‍රම්ප් කියන්නේ ලෝක අණ්ඩයෙක් නේද? ඔයා දැක්ක නේද අර ලබන සිකුරාදා යුක්රේනය සමග “ඉතා විශාල” ගිවිසුමක් අත්සන් කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ටික වේලාවකට කලින් නිවේදනය කළ නිව්ස් එක. ඒ ගිවිසුම යුක්රේනයේ වටිනා ඛණිජ සම්පත් බෙදා ගැනීම සදහා. ගිවිසුමේ මූලික අරමුණු වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය නතර කිරීමත්, එක්සත් ජනපදය විසින් යුක්රේනය සදහා වියදම් කල මුදල් නැවත ලබා ගැනීමත් සහ යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමත් බවයි මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ.
ReplyDeleteයුක්රේන යුද්ධයට එක්සත් ජනපදය යුරෝපය හා එක්සත් රාජධානිය වියදම් කලේ එකට. හැබැයි ට්‍රම්ප් තනියම ඇමරිකා එක්සත් ජනපදයේ "කොටස" නැවත ලබා ගන්න යනවා දැන්. ට්‍රම්ප් බලයට පත්වෙච්ච ගමන් යුක්රේනය හලලා රුසියාව එක්ක ඒකපාර්ශ්විකව සාකච්ඡා වලට ගියා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට පොරොන්දු වෙච්ච දේවල් තාම කවුරුත්ම දන්නේ නෑ. ට්‍රම්ප් ඒ ගැන කියන්නේ පුටින් ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ නිසා අපිට සාමයකට යන්න නම් රුසියාවට යම් යම් සහන දෙන්න වේවි කියලා.
ගොඩක් දුරට රුසියාවට ලැබෙන වාසි විදියට මේ වෙනකොට රුසියාව දැනටමත් අත්පත් කරගත් කොටස් ඒ විදියටම තියාගන්න දෙන්නත් යුක්රේනය නේටෝවට බදවා නොගන්න බවට නිල වශයෙන් ද්විපාර්ශ්වික එකඟතාවක් ලෙස ලිඛිත පොරෙන්දු ගිවිසුමකුත් ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් රුසියාවට දේවි. එහෙම කරලා යුද්ධය නවත්තලා මේ අත්සන් කරන්න යන ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට ඇතුළු වෙනවා. ඇතුලු වෙලා නිකන් ඉන්නේ නෑ යුක්රේනයේ තියන ඉතාම වටිනා ලිතියම් කොබෝල්ට් ඇතුලු වටිනා ඛණිජ සම්පත් එක්සත් ජනපද සමාගම් මගින් හාරා ඒවා ලාබෙට එක්සත් ජනපද විදුලි වාහන පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර වල විවිධ කර්මාන්ත වලට යොදාගන්න එක ට්‍රම්ප්ගේ අරමුණ වියයුතුයි. එම ගිවිසුම හරහා අනාගතයේ ඇමරිකා එක්සත් ජනපදයට අති විශාල ලාභයක් ලැබෙනු ඇති බව ට්‍රම්ප් කියන අතරේ යුක්රේනය නැවත ගොඩනගන්න ඒ ගිවිසුම හරහාම මුදල් ලැබෙනු ඇති බව යුක්රේනයට කියනවා.
ලංකාවේ අනුර සහෝදරයාට යම්තාක් දුරකට සමාන වන යුක්රේනයේ කවට රජා වන සෙලෙන්ස්කි නමැති රූකඩ ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් කරන්න පෙර ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්රේනයේ අනාගත ආරක්ෂාව පිලිබදව සහතිකයක් ඉල්ලා සිටිනවා. ඒකට ට්‍රම්ප් දුන්නේ අපූරු උත්තරයක්. “ අපේ මිනිස්සු යුක්රේනයේ වැඩ කරන එකම ආරක්ෂක සහතිකයක් තමයි, අපේ මිනිස්සු එක්ක හැප්පෙන්න කවුරුත් එන්නේ නෑ”. ට්‍රම්ප් ඒ කියන්නේ ඇමරිකානුවන් යුක්රේන භූමියේ සිටින තුරු රුසියාව පහර නොදෙනු ඇති බවයි. අවසානයේ යුක්රේන රුසියානු යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. යුරෝපයත් බ්‍රිතාන්‍යත් පරාජිතයන් වේවිද? අන්තිමට යුක්රේනය රුසියාවට වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට අයිති වෙයිද? මේ ගැන මොකද ඇත්තටම හිතන්නේ?
මම හිතන්නේ සැබෑ ජයග්‍රාහකයන් රුසියාව සහ චීනයයි . යුද්ධය නවත්වන තුරු යුරෝපය ගොඩ නැගෙන්නේ නැහැ . ඇමෙරිකාවේ මිනිස්සු යුද්ධයට කැමති නැහැ .
Deleteඅජිත් සහෝදරයා,
ReplyDeleteඔය දෙර්ෂින්ස්කි සහෝදරයාට කියන්න පුළුවන්ද ලංකාවේ රට පුරාම ක්‍රියාත්මක වන ඈත ගම්මානවල පවා වේල් ගනං කන්ඩවත් නැතුව අවුරුදු 76ක් තිස්සේ රට කාපු පක්ෂවලට වහල්වෙලා තාම ගම්වල ඉන්න උංගෙන් කැත විදිහට කුණුබැනුම් අහ අහ පයිං ගිහිං වැඩකරන සහෝදර සහෝදරියන් ඉන්න බව සහෝදරයා. ඔය සහෝදරයන්ට ඒ අය වගේම අපිවත් මතක 3% හිටපුකාලේ විතරයි.එහෙම කැපකිරීම් කරන අහිංසක සොයුරන්ගෙ උත්සාහය මත ගොඩනැගූ ශක්තිමත් ආණ්ඩුවට මෑතකාලීනව පෞද්ගලික වාසි බලාගෙන, මීට ඉහතදී වෙන පක්ෂ වලට කඩේ ගිය යන එනමං නැතිව ඉඳලා පස්සෙ ඇවිත් එකතු වෙච්ච අපතයෝ රැලක් පක්ෂයේ මැද මට්ටමට NPP ලේබලය යටතේ එකතු වෙලා දැං දැං මේකෙ බඩපිනුම් ගහනවා. ඒක රටේ හැමතැනම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. ආන්න ඒක තමා දැං තියෙන ලොකුම අවුල...ඒ පක්ෂයේ පූර්ණකාලීනව සේවය කරන අයට පෞද්ගලික වාසි ඕනෑ නෑ අජිත්, ඒ අයගෙ සහ අපේ අපේක්ෂාවන් තමයි, ජාතික ජන බලවේගය මාලිමාවට ඡන්දය ප්‍රකාශ කරලා බලාපොරොත්තුව වුණේ මාලිමා රජය විසින් රට ඉදිරියට රැගෙන යාවි කියන බොහෝම අහිංසක සුන්දර බලාපොරොත්තුව.............. අද ලංකාවේ අපේ උපන් ගමේ තත්වෙ තිබුණාටත් වැඩිය නරක අතට හැරිලා....පාතාල, කුඩු වෙලදාම, කඩ කාරයන්ගෙ මාෆියාව හොදට ක්‍රියාත්මකයි. ගමතුල ජාජබ කෙරෙහි තැබූ විශ්වාසය විශාල ලෙස දෙදරලා. ......දැන් ජාජබ ඉන්නෙ විපක්ෂයේ නෙවෙයි. රටේ ගැටලු අවුරුදු ගානක් තිස්සෙ පෙන්වා දුන්නා පක්ෂය විසින්. ඒකට ජනතාව අවශ්‍ය සියලුම බලය ලබාදුන්නා...දැන් තියෙන්නෙ වැඩ කරන්න. ඔබේ මාර්ගය තියෙන්නෙ ගිරි දුර්ගයක...කරුනාකර ඒක clear කරන්න. විවේචන වලට තවත් කාලය නාස්ති කරන්න එපා.රටේ මිනිස්සු පව්. ඒ මිනිස්සු කලින් කාමසුඛල්ලිකානු සෙට් එක විසින් රැවට්ටුවා. දැන් අත්තකිලමතානු කණ්ඩායම ඒ තැන අරගෙන රඟනවා. ඔයා හොඳ ස්ථාවර පවුලක දරුවෙක්, හොඳ ඉස්කෝලෙකට ගියා, හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ, හොඳ හොඳ හැම භෞතික දෙයක්ම වගේ ලබල ඇති. ඉතිං ඇයි අරවගේ ගම්වල තමන්ගේ පෞද්ගලික වියදමෙන් පෙට්‍රල් ලීටර බාගේ ගානේ අමාරුවෙන් ගහගෙන, පඩියක්වත් හරිමහමන් ආදායමක්වත් නැතුව රට වෙනුවෙන් පක්ෂයේ මිනිස්සු දුක් විඳගෙන සේවය කරන්න ඕන කියල හිතන්නේ? ඒ මිනිස්සු බහුතරය ස්ථාවර පසුබිම් වලින් ආපු අය නෙමේ. කොළේ කාල ජීවත් වෙලා මැරිලා යන ගහේ පණුවෝ වගේ ජීවිතයක්ද මිනිස්සු ලබන්න ඕනා? මේකද රටේ මිලියන ගණනක දුප්පත් අහිංසක ජනතාවට උරුම ඉරණම අජිත්?
මේ පෝස්ට් එක ජවිපෙ සහෝදරයෙකුට වඩා පෙරටුගාමී සමාජවාදී කෙනෙක් ගේ එකක් වගෙයි . ජවිපෙ 3% විතරක් කවදාවත් අනුර කුමාරට දිනන්න බැහැ . එයාලා වැඩ කල බව ඇත්ත . ඒ වගේම අවසාන වුරුදු දෙකේ එකතු වුනු විතරක් නෙමේ NPP අයත් වැඩ කළා ඔය ජයග්‍රහණයට . ඒ නිසා ඒ අයට චෝදනා කිරීම වැරදියි . දිනුවේ ජවිපෙ 3% විතරක් නෙමේ . ගම්වල වෙනස් කම් ඇති වේවි . හැබැයි ගොඩක් ඉක්මනින්ම නෙමේ . මේක උඩ ඉඳන් පහලටම ක්‍රමානුකුලව හදන යන්න ඕනේ දෙයක් . විප්ලවයකින් බලය අල්ල ගෙන හැම දේම ජනසතු කරමින් යන ආණ්ඩුවක් නෙමෙයිනේ මේක . ඒක ඉතින් ජවිපෙ සහෝදරවරු නම් දන්නවා මම හිතන්නේ .
Deleteමීට සතියකට විතර කලින් ඉන්ට(ර්)නැෂනල් නිව්ස් වල ගියා ස්කයිප් සේවාව ලබන මැයි මාසේ ඉදලා නවත්වනවා කියලා. අද ලංකාදීපේ නිව්ස් එකක් යනවා අපරාධකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ උසාවියට ඉදිරිපත් කරන්න කියලා නියෝග කරලාලු. ලංකාවේ පසුගාමි බවට හොදම උදාහරණයක්. අඩුම ගානේ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කරන්න කිව්වානම් තව කමක් නෑ. මොකද මාර්ග ගත ක්‍රම තව තියෙන නිසා. අපි ඉතින් බලන් ඉන්නවා රට දියුණු වෙනකන්.
ReplyDelete