Thursday, 6 February 2025

විජිත හේරත් මහතා හමුවීම සහ මේ දවස් වල දැවෙන මාතෘකාව


මේ දවස් වල නීතිපති  හා ලසන්ත වික්‍රමතුංග නඩුව ගැනත් කතා වෙන නිසා මේකත් මතක් වුනා .  
මහදේවන් සතාසිවම් කියන්නේ හිටපු ක්‍රිකටර් කෙනෙක්   .  එයා බැඳලා හිටියේ හිටිය ආනන්දී සතාසිවම්. මහදේවන් ඉවෝන් කියල ඕලන්ද කෙල්ලෙක් එක්කත් යාලු වෙලා හිටිය .  මිසිස් සතාසිවම් දික්කසාදේ  ෆයිල් කරලා තිබ්බේ .  එයාව මැරුව  කවුරුහරි .  අල්ලාගත්තේ කුස්සියේ වැඩකරපු කොල්ලව .  මහා දේවන් ට alibi එකක් තිබුන .  නීතිපති නඩුව ගෙනිච්ච . ප්‍රබල වමෙකු වූ  කොල්වින් ආර් ද සිල්වා මහතා ඩිෆෙන්ස් එකට පෙනී හිටියේ .  නඩුව දිනලා දුන්න . මේක වුනේ 1951 විතර .  (මම ඉපදිලා නැහැ හොඳද .  ඕකයි ගොයම් කොලේ කතාවකුයි තාත්ත කියල තියනවා .  )   සතාසිවම් v ක්වීන්  නඩුව ගැන පොතකුත් තියනවා මම හිතන්නේ .  ඔය මගේ පළමුවෙනි සහ දෙවෙනි කමෙන්ට් වල  ලින්ක් දෙකක් තියනවා .  එකක් සතාසිවම් නඩුව .  දෙවෙනි එක එංගලන්තේ  (මෙහෙ නීතිපති දෙපාර්තමේන්තුව වගේ )  අතරමග නතරවුණු නඩු .  (collapsed  cases ). පොලිසියේ , සහ දෙපාර්තමේන්තුවේ සාක්ෂි හෙවීමේ ,  ඉදිරිපත් කිරීමේ ,  සැඟවීමේ වැරදි නිසා .  නීතිපති කෙනෙක් හෝ CPS  එක නඩු දාන්නේ  තමන්ට 90% වක් වත් ශුවර්  නම් තමයි .  ඒක  හැඟීම් වලින් ගන්න තීරණ නෙමේ . තර්ක කරලා ලොජිකලි ගන්න තීරණ . මොකද හොඳ defence attorney  කෙනෙක් මාට්ටු වුනොත් ඉතින් කේස්  එක පරාදයි . මම නීතිඥයෙක් නෙමේ .  නීති ක්‍ෂේත්‍රයේ  මෘදුකාංග පැත්තේ ඉන්න කෙනෙක් .  මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ප්‍රසිද්ධ හොඳ නීතිඥ මහත්වරු ඉන්නවා .  මම කියන්නේ බොරුවක් නම් කියන්න . සමහර වෙලාවට අපේ හැඟීම් වලට අනුව හරි දේ වුනත් නීතියට අනුව එහෙම නොවෙන්න පුළුවන් .  


47 comments:

  1. විභාගෙට හොරට ලිව්වත් මෙහේ අය
    නීතියෙ කනෙන් රිංගන්නට සමත් අය
    ඉබේ ගිනිගෙනද 'ක්‍රිෂ්' ගොඩනැඟිලි ඔය
    'නීති පෙති' ගහල- ලජ්ජා නොමැති අය

    ReplyDelete
    Replies
    1. කොන්දොස්තර කතාව අහලා තියෙනවද
      මැෂිම කැඩුවා නෙව ලෝක බැංකුවට කෙල වෙන්ට
      මෙරට හොඳ විරුවෝ ඉන්නේ ජල්බරි වලට
      ඉබේ ගිනි ගැනිලි වන්නේ උන් ගේ හොඳට

      Delete
  2. සතාසිවම් සිද්ධියේදී වැඩකාර කොල්ලට වරද පැවරුනත් ඔහුට විරුද්ධව යළි නඩු පැවරීමක් හෝ දඬුවම් දීමක් උනේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ බියුටි එක එතන . මහදේවන් බේරුනා . කොල්ලට වරද පැටෙව්වට ඌත් බේරුනා

      Delete
    2. ගේරා බෝයි4 March 2025 at 19:03

      කාලේකින් ආවේ මේ පැත්තට.

      සතාසිවම් නඩුවේ පොඩි කෑල්ලක් අජිත් අයියාට මිස් වෙලා තියෙනවා.

      නඩුවේ ප්‍රධාන සැක කාරයා උනේ සතාසිවම්. ප්‍රධාන සාක්ෂි කාරයා උනේ කුස්සියේ වැඩ කරපු කොල්ලා. කොල්ලා සාක්ෂි දුන්නා සතාසිවම් නෝනාව මරන්න ඇති කියලා හිතෙන විදියට. හැබැයි කොල්ලා සිද්ධිය ඇහින් දැකලා තිබ්බේ නෑ. හැබැයි සතාසිවම් නෝනාව මැරුවාට පස්සේ සතාසිවම් කොල්ලගේ උදව් අරන් තිබ්බා මරණේ හංගන්න කියලයි කොල්ලා සාක්ෂි දුන්නේ. දැන් කොල්ලත් වැරදියි සාක්ෂි හංගන්න හැදුවා කියලා. කොල්ලා උසාවියේ සාක්ෂි දීම ප්‍රතික්ශේප කරනවා කොල්ලා ගස් යන නිසා. නීතීපති තුමා කොල්ලාට රජයේ සමාව දීලා කොල්ලාව රජයේ සාක්ෂිකරු කරනවා. දැන් කොල්ලා වැරැද්දක් කරලා තිබ්බත් කොල්ලාට විරුද්ධව නඩු දාන්න බෑ. මොකද ඌට රජයේ සමාව ලැබිලා ඉවරයි.

      දැන් සතාසිවම්ට කෙලවීම ස්ථිරයි. හැබැයි අධිකරණය වාචික සාක්ෂි මත විතරක් නඩු තීන්දුව දෙන් නෑ. අධිකරණයට ඉදිරිපත් වෙනව අධිකරණ වෛද්‍ය වාර්ථාවක්. මේ වාර්ථාවේ විදියට සතාසිවම් මහත්මිය ඝාතනය වෙන්න ඉස්සෙල්ලා දූෂණය වෙලා තියෙනවා. කොල්ලා සාක්ෂි දුන්නු විදියට සිද්ධිය වෙලා තිබ්බේ සතාසිවම් මහත්මිය නිදාගෙන සිටි කාමරය තුල. පසුව සතාසිවම් මහත්මයා සහා කොල්ලා එකතුවෙලා මිණිය ගෙනත් තිබ්බා කුස්සියට හෝ ගරාජයට. (මට හරියටම මතක නෑ.) හැබැයි අදිකරණ වෛද්‍ය වාර්ථාවේ කියනවා මේක සිද්ධ වෙලා තියෙන්න නිදන කාමරයක නෙවෙයි කියලා.

      තව දුරටත් පරීක්ෂා කරනකොට කුස්සියේ තිබිලා ශුක්‍රාණු තරලයක පැල්ලමක් හමු වෙනවා. අධිකරණ වෛද්‍යතුමා පරීක්ෂාකලාම සතාසිවම් මහත්මියගේ ශරීරයේ තිබිලා හමු උනු ශුක්‍රානු සහ කුස්සියේ ශුක්‍රාණු වල ඩී.එන්.ඒ. සමානයි. ඒ කියන්නේ වැඩේ වෙලා තියෙන්නේ කුස්සියේදියි. ඊළඟ පරික්ශාව කරන්නේ සතාසිවම් මහත්තායගේ ඩී.එන්.ඒ.එක්ක. කලින් ඩී.එන්.ඒ සතාසිවම් මහත්තයාගේ ඩී.එන්.ඒ. එක්ක ගැලපෙන් නෑ. එහෙනම් ගෙදර හිටපු අනිත් කෙනා විදියට වැඩකාර කොල්ලාගේ ඩී.එන්.ඒ. එක්ක ගැලපුවාම ඒ ඩී.එන්.ඒ සාම්පල් දෙක සමානයි.

      දැන් වැඩේ පැහැදිලියිනේ. නඩුවෙන් සතාසිවම් මහත්තයා නිදහස් උනාම පත්තරේ හෙඩ් ලයින් ගියේ "වංගෙඩියක් මිනී මරයි" කියලා. මොකද මිනී මැරුමක් උනාට මිනීමරුවෙක් නෑ.

      Delete
    3. ස්තුතියි කතාව හරියට ලිවට

      Delete
    4. 1950 ස් ගණන් වල මොන DNA පරීක්ෂණද, ශුක්‍ර තරලයෙන් කෙනෙක් හඳුනාගැනීමේ තාක්ෂණයක් ඒ කාලේ තිබුනේ නෑ . ඇත්ත කතාව වීකිපීඩියා එකේ තියෙනවා.

      Delete
  3. AKD ට ලේසි වෙන එකක් නැහැ රාජ්‍ය නිළධාරිවාදය බිඳින්න. එකක් තාම ඔය තැන්වල ඉන්නෙ මහින්දගෙ ඇම්බැට්ටයොත් ඉන්නවා. අනික කොහොමත් ඔය නිළධාරීන්ගෙ මොටෝ එක, ආණ්ඩුවෙ දේ අවභාවිතය, අඩුවෙන්ම වැඩ සහ උපරිම
    උපරිම පහසුකම්.

    ඒක කරන්න නම් ආණ්ඩුවෙ කන්තෝරුවල "වර්ක් කල්චර්" එකේ විප්ලවයක් කරන්න වෙයි. මේක දෙපැත්ත කැපෙන ගේමක්. ආණ්ඩුව ගෙනියන්න නිළධරි සහය නැතුව බැහැ. ඒවගේම මුන් ඉන්න කං රට හදන්නත් බෑ. කරන්න හැකි දේ තමයි, හෙමීට ඉහලම තනතුරුවල ඉන්න ලොකු ඔලු ටික වෙනස් කරන එක.

    ගෝටට උනත් රටේ වෙනසක් කරන්න ඕනෙ වුනා. ගෝටට බැස්ටිය දුන්නෙත් මේ රාජ්‍ය නිළධාරිවාදයම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙයා කරන්නෙම නැත්තෙත් . විජිත හේරත් වුනත් එහෙම තමයි . අපට හැමෝම චන්දෙ දුන්න කියල හිතල හැමෝටම ඉඩ දෙනවා . නමුත් සමහරු බොට්ල් නෙක් හදනවා පට්ට විධිහට , බලන් ඉන්න අයට පෙනෙනවා . කෙළවෙන්න ගන්නේ ඔතනින් තමයි

      Delete
    2. ඒකනේ මෙයා කරන්නෙම නැත්තෙත් . විජිත හේරත් වුනත් එහෙම තමයි . අපට හැමෝම චන්දෙ දුන්න කියල හිතල හැමෝටම ඉඩ දෙනවා . නමුත් සමහරු බොට්ල් නෙක් හදනවා පට්ට විධිහට , බලන් ඉන්න අයට පෙනෙනවා . කෙළවෙන්න ගන්නේ ඔතනින් තමයි

      Delete
    3. මේක අපි හිතනවට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක්. දැඩි ක්‍රියාමාර්ග ගන්න ගියොත් ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනවා. මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අනුරගෙ "ඩිජිටල් පේමන්ට්" වගේ ඒව හොඳයි. ඒ වගේ හීන් නූලෙ ගේමක් තමයි දෙන්න ඕනෙ. ඒත් ඒ එක්කම අර ගිනිගත්ත නැවේ දත්ත ඔක්කොම "මැකුනා" වගේ ගේම් දෙන එක නවත්තන්න, යම් එකවුන්ටබිලිටි ක්‍රමවේදයකුත් ගේන්නම වෙනවා.

      අනාදිමත් කාළයක සිට ජේවීපී වෘතීය සමිති පෙනී හිටියෙත් ඔය "පුටු රත්කරන" වර්ක් කල්චර් එක වෙනුවෙන්ම තමයි. මම මතකයි "උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා දියව්" සටන් සඟයෙක් වරක් මෙහෙම කිව්වා. "අපේ එවුන් පෞද්ගලික ආයතනවල නොවිඳිනා දුක් විඳිනවා" කියලා. වී අලෙවි මණ්ඩලයේ පුබ්බොරුවොන්ට ඩඩ්ලියගෙ බිස්නස් එකත් එක්ක හැරෙන්නවත් බැරි ඒකයි

      Delete
    4. පලවෙනි කොටස සමග එකඟයි . දෙවෙනි කොටස ගැන කියන්න තියෙන්නේ ඒකත් හරි වගේ . ඒ ගොල්ලන්ට කිසියම් පුහුණුවක් දෙන්න වෙනවා ඒ මානසිකත්වයෙන් එලියට එන්න .සමාජවාදී අර්ථ ක්‍රමයම විශ්වාස කරන ගොඩ දෙනෙක් මාලිමාවේ නැහැ . ජවිපෙ සෑහෙන පිරිසක් තවම ඉන්නව .

      Delete
    5. නිලධාරී කෙස් එක කඩන්න හොඳ තැනක් ආණ්ඩුව ගත්ත ගමන්, සේවයේ ඉන්න වැඩිටික අයින් කරන්න පුළුවන් උනානං. ඒත් ඉතිං කරන්න බැරිම දේත්, ආණ්ඩුවට චන්ද නැතිවෙනම දේත් ඒක. අර බස්සා කිව්ව විදිහට ඩිජිටල් පේමන්ට් වගෙ ඩිජිටලයිස් වැඩවලින්, සහ දූරාවලි බලාත්මක/ වගකීම් සහිත කිරීම් වගෙ දේවල් එක්ක තමයි හිමීට වෙනස් කරන්න වෙන්නෙ!

      Delete
    6. නිලධාරීන් වැඩි ටික නෙමේ , ඒ අයගෙන් වැඩ ගන්න එකයි කරන්න තියෙන්නේ .

      Delete
  4. @ බස්සා සහ අජිත් ඇත්තටම මම ඇමති විජිත සහෝදරයාගේ වැඩපිළිවෙල ගැන නම් දන්නේ නෑ ඒත් ආණ්ඩුවේ නිලධාරි ගැන නම් කතා කරල වැඩක් නෑ, උන් වෙනස් වෙලා තියෙන්නේ අනිත් පැත්තට මාලිමාවේ දේශපාලන අංශයේ අය අලුත් නිසාත් අත්දැකීම් අඩු නිසාත් නිලධාරීන් රගනවා ලෙසටම, හරිම උද්දච්ච තකතීරු ආකාරයකට

    මම මේ 2025 ජනවාරිවල නිවාඩුවට ලංකාවට ගියාම මහනුවර දුම්රිය ස්ථානාධිපති ඉන්දික කියලා කෙනෙක් සම්බන්ධව අත්දැකීමක් කියනවනම් මං නුවරඑළිය මගේ හෝටලයට යන්න ගියා ජීප් එක එළවන්න කම්මැලි නිසා දඹුල්ලෙන් බස් එකක නැග්ග. නුවර ස්ටේශන් එකට කෝල් ගත්තා ගූගල් එකේ තියෙන නොම්මරේට 19 වතාවක් නුවරඑළිය නානු ඔයට කෝච්චියක් කීයටද තියෙන්නේ අහන්න රිංග්ස් යනවා කවුරුත් ෆෝන් ආන්ස්වර් නෑ. ඔන්න ලංකාවේ මහලොකු රාජ්‍ය සේවය. මං බස් එකෙන් බැහැලා මහනුවර රේල්වේ ස්ටේශන් එකට ගියා හවස 5.20 කෝච්චියක් තියෙනවා කිව්වා ඉතින් මං 1 st class ටිකට් 2 ගත්තා රුපියල් 4000/- දීලා ඒකත් දුන්නේ ගොඩක් ගනන් උස්සලා මොකද ආසන වෙන් කරන්න නෑලු. මං ඉස්සරහාම කීප දෙනෙකුට ආසන වෙන් කරන්න නෑ කිව්වා හැබැයි නැගලා බලද්දී ආසන එහෙම් පිටින්ම ඉතුරුයි රුපියල් 2000/- ටිකට් කීයක් විකුණන්න තිබ්බා ද? ඇයි මෙහෙම එන ආදායම් මේ අය හිතා මතාම වලක්වන්නේ තමන්ට ජීවත් වෙන්න වැටුප ලබාදෙන ආයතනයේ?

    මං ටිකට් අරන් ටොයිලට් එකට ගියා අම්මෝ ඒකේ ගද අපායක් වගේ. මං නිළදාරීයෙක් ගෙන් ඇහුවා ස්ටේශන් මාස්ටර් කව්ද කියලා ඉංදික කියලා කෙනෙක් ඉන්නේ අර කාමරේ කිව්වා. මට සාක්ෂි ඕන නිසා මොකද රාජ්‍ය නිළදාරීන් ගැන හොදට මං දන්නවා රාජ්‍ය සේවයට බාධා කරනවා කියලා එයාලා ගැලවෙන්නේ හැමදාම ඒ නිසා මං වීඩියෝ එක on කරන් ස්ථානාධිපති ලගට ගිහින් ඇහුවා මං 3.45 ඉදලා කෝල් කරනවා කවුරුත් ආන්ස්වර් කරන්නේ නෑ ඒ ඇයි කියලා එයා කිව්වේ ගොඩක් ඈතුලේ ලු ඒ දුරකතන තියෙන්නේ කියලා එයා විහිලු සහගත හේතු කිව්වා මාර උත්තර එව්වා.

    මං කිව්වා එහෙනම් ගූගල් එකට ආන්ස්වර් කරන්න පුළුවන් අංකයක් දාන්න කියලා. මං ටොයිලට් එකට ගියා යන්න බෑ අපායක් වගේ හරි ගදයි කියලා. විදේශීයෙකු ආවොත් ඌට එපා වෙනවා කිව්වා. ඇයි ඔයාලා මෙහෙම කරන්නේ කොච්චර ආදායමක් එන තැනක්ද මෙතන කියලා මං කිව්වා.ඊට පස්සේ ස්ථානාධිපති කියනවා මගෙන් අවසර නැතිව ඔයා කොහොමද වීඩියෝ කරන්නේ කියලා ආරක්ෂක අංශයට එන්න කියලා මට ගේමක් ඉල්ලුවා.

    මං ඉතින් ඕවට බය වෙන එකෙක් නෙවෙයි නේ අන්තිමට මගෙන් කට උත්තරයක් අර ගත්තා ආරක්ෂක අංශයේ නිළදාරීන් මගෙන් කට උත්තරය සටහන් කරන් මාව නිදහස් කරා.

    මට එයාට කියන්න ඕන වුණේ ඉංදික මහත්තයෝ මම ඔයාගෙ ගණුදෙනු කරුවෙක් විදියට මං මුදල් ගෙවා සේවය ලබා ගන්න ආවා. ඔයාගෙ ආයතයේ ප්‍රශ්නයක් ගැන ඔයාට කිව්වාම ඔයා දුන්න උත්තරය මරු.

    ඒ නිසා මේ වගේ අය ඉන්නවා නම් මොන නායකයා ආවත් වැඩක්නෑ මේ වගේ අයතන ප්‍රධානීන් හිටියාම. ටොයිලට් එකක් හරියට මැසේජ් කරවා ගන්න බැරි නිළදාරීන්.

    මහනුවර ස්ටේශන් එක කියන්නේ විදේශීකයින් බහුතරයක් එන දුම් රිය ස්ථානයක් දුම් රිය දෙපාර්තමේන්තුවට මුදල් කොච්චර නම් හම්බ වෙනවාද?

    මේ අය රජයෙන් පඩියක් අරන් දරුවන් බිරිඳ ජීවත් කරන්නේ මේකෙන්.හැබැයි ටොයිලට් ගියාම මළම අප්පිරියයි.

    ලංකාවේ රාජ්‍ය සේවය නම් සෑහෙන update විට යුතුමය.

    අජිත් මාලිමා ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අවධානයට යොමු කරන්න මේ කතාව
    මං මගේ කොන්ද පණ තියෙන ආදරණීය යාලුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ කතාව අදාළ ඉහළ නිළදාරීන් දකින කම් මේකට විරුද්ධව රජයේ නිලධාරීන්ට එරෙහිව විරෝධය පල කියලා. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරා වගේ රාජ්‍ය නිළදාරීන්ගේ ක්‍රමයත් වෙනස් ලල යුතුය.ඉංදික මහත්තයෝ ඇත්තටම ලැජ්ජයි ඔයා ගැන නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගෙන තමන්ගේ රටට සේවයක් නොකරන ඔයා ගැන හිරිකිතයි ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඇනෝ "අමුතු දොස්තර" කතාවෙ තිබ්බා, පවතින ක්‍රමයට අනුගත නූනොත් වෙන්නෙ මොකක්ද කියලා. මේක එක ස්ටේෂන් මාස්ටර් කෙනෙකුගෙ වගකීම පැහැර හැරීමට වඩා සංකීර්ණයි කියලයි මට හිතෙන්නෙ.

      හා, දැන් රට හදන්න වෙනස් වෙයල්ලා කිව්වට කෙරෙන්නෙ නෑ. කිසිම කෙනෙක් කැමති නෑ තමන්ගෙ "comfort zone" එක නැතිකරගන්න.
      වෙලාවකට හිතෙනවා ආණ්ඩුවෙ සේවකයන්ගෙ "වර්ක් කල්චර්" එක වෙනස් කරන්න යන එක ප්‍රතිඵලදායක නොවෙන්නත් ඇහැකි. දේශපාලනේ විතරක් නෙමෙයි, ආණ්ඩුවෙ සේවකයොත් වැඩිදෙනෙක් නීලකාස හොරු. අලුතෙන් එන එකත්, ටික දවසකින් ඒකටම අනුගත වෙනවා.

      සමහරවිට, රටේ තියෙන සම්පත් කලමණාකරනය කරගෙන යම් කාර්‍යක්ෂම ව්‍යාපෘති කීපයක් ආරම්භ කරලා, රටේ මිනිසුන්ගෙ ජීවන තත්ත්වය ඉහල දැමීම මීට වඩා පලදායී වෙන්නත් ඇහැකි.

      Delete
    2. මම මගේ පොඩි දරුචෝ දෙන්නයි ඉනෙස් නුයි එක්ක ඒ දවස්වල
      2004 හෝ 2006 නුවර ගියා දුම්රියෙන් . එතකොට රුපියල් 2000 ටිකට් එකක් . ඔබ්සර්වේෂන් මැදිරියේ . ලංකාවේ වොරන්ට් වලට යන කට්ටියල් හිටිය . ෆෑන් කැඩිලා , ටොයිලට් ජරාව . මටම ලැජ්ජයි . කඩුගන්නා වෙදි නැවැත්වුවා . ඉස්සරහ මොකද්ද බෝම්බ තියල කියල කෝල් එකක් ආවලු . අපට කාර් එකක් හොයාගන්න ස්ටේෂන් මාස්ටර් ගාවට ගියා . මොකද දාපු බස් තුනේ මිනිස්සු සාඩින් පටවල . මට මගේ ජර්මන් බිරිඳ ළමයි , පුෂ් චෙයාර් එකක් ඒ බස් වලට ලඟට යන්නත් අමාරුයි . අර මිනිහ සත පහකට ගණන් ගත්තේ නැහැ . ඉනෙස් ළමයින්ගේ පැම්පර්ස් මාරු කරන්න වැසිකිලියට ගිහින් එලියට ආවේ මුණ ඇද කරගෙන . ඒකෙ පැම්පර්ස් මාරු කරන්න බැහැ කිව්වා . ට්‍රේන් එකේ අනිත් ටුවරිස්ට් ලා ත්‍රිවිල් වල ගියා . අපි ත්‍රිවිල් දෙකක ගත්ත රුපියල් 4000 ට . පිලිමතලාවට ඇවිත් එතනින් කාර් එකක් ගත්ත මහනුවරට . රුපියල් හයදාහයි . මුළු ගමනට 16000. ඒ කාලේ පවුම 200ට අඩුයි . 175 වගේ . පස්සේ ආරංචි වුනා බෝම්බ කතාව බොරුවක් කියල . හැබැයි පහුගිය අවුරුද්දේ ගියා වෙලාවට ආව . වෙලාවට බැස්ස . ටොයිලට් පිරිසිදුයි සාපේක්ෂව . හැබැයි ඒ 1ස්ට් ක්ලස්ස් . මල්ලි කීව අනිත් ඒවත් නරක නැහැ කියල . ඒ කියන්නේ දියුණුවක් තියෙනවා .

      Delete
    3. බසු , ඔන්න ඔය අනුගත වීම පට්ට භයානකයි . මම අලුත් ජවිපෙ / මාලිමා සෙට් එකේ ඔන්න ඕක නම් දැක්ක .

      Delete

  5. /ඒක කරන්න නම් ආණ්ඩුවෙ කන්තෝරුවල "වර් ක් කල්චර්" එකේ විප්ලවයක් කරන්න වෙයි. මේක දෙපැත්ත කැපෙන ගේමක්. ආණ්ඩුව ගෙනියන්න නිළධරි සහය නැතුව බැහැ. ඒවගේම මුන් ඉන්න කං රට හදන්නත් බෑ./
    DGM ඔබ කියන මේ "වර් ක් කල්චර්" එක කාබාසිනියා උනේ ඉතාමත් මෑත කාලයේදී කියලයි මට සිතෙන්නේ. මාද පූර් ණ කාලීනව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සිටියා. (මැදදී වසර කිහිපයක් හැර) ඒ කාලේ අප "වර් ක් කල්චර්" කොහොම වෙතත් දිනපතා ඉටුකළයුතු වැඩ කොටස සියල්ලම කළා. අපගේ සේවය ලබාගැනීමට පැමිණෙන අය සමග කාරුණිකව කතාබස් කර අවශ්‍ය දේ ඉටු කර දුන්නා . ඇත්තටම ඔය 'work culture break down' වූයේ හරියටම කොයි කාලයේද ?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වගේ අවංක නිළධාරීන් කීපදෙනෙක් තාමත් ඔය අතරින් පතර ඇති. ඒ ගැන සඳහන් නොකරපු එක මගේ අතින් වෙච්ච වරදක්. ඒත් මට මතක කාලෙ ඉඳන් ආණ්ඩුවෙ දෙපාර්තමේන්තු සහ සංස්ථා වැඩි හරියක් එහෙමයි. ඉහල නිලධාරීන් විතරක් නෙමෙයි, පහල සුළු සේවකයනුත් එහෙමම තමයි. ගෙදරට විදුලි සම්බන්ධයක් දෙනකොට ආවා දහදෙනෙක් විතර කැබ් එකක. එක්කෙනෙක් කණුවට නැගලා විදුලිය සම්බන්ධ කලා. තව එක්කෙනෙක් ඇවිත් කිව්වා " අපේ ලොකු බාසුන්නැහේ ඉන්නව කැබ් එකේ, එයාට සලකන්න ඕනෙ" කියලා.

      Delete
    2. මුල් කාලයේ එහෙම එකක් තිබුනේ නැහැ . ප්‍රාදේශීය සභා ඇවිත් පාලනය විමධ්‍යගත කරල ඒවලට සිවිල් සේවා විභග පාස් නැති සාමාන්‍ය උපාධිධාරීන් සහ දේශපාලකයන්ගේ බට්ටන් පුරවන්න ගත්තට පස්සේ තමා ඕක කඩා වැටෙන්න පටන් ගත්තේ . මගේ තාත්තගේ පෙන්ෂන් එක මැරෙනතුරු ලැබුනේ නැහැ . තාත්ත ප්‍රාදේශීය සභාවේ පෙන්ෂන් දෙන ක්ලාර්ක් ට පවා නොදුන් නිසා . කොළඹින් හදල එවල mu නතර කරගෙන . අනිත් හැමෝටමත් එහෙමයි . මම ගිහිල්ල සත්තමක් ඇද්දට පස්සේ අම්මට ඒක ලැබුනේ .

      Delete
    3. ඔන්න පින්තුරයක් දැම්ම . පිටරට ඉන්න අයට වැදගත් වෙන කාර්යාලයක් ගැන . ඒ විතරක් නෙමෙයි බස්සා , ඔය පහල ශ්‍රේණියට ගන්න ගොඩක් ඇය දේශපාලන පත්වීම් . ඒ අය ලොකු මාෆියාවක් අරන් ගියා . මොකද ඒ අය වැඩ කලේ තමන්ගේ පොලිටිකල් මාස්ටර් ට විතරයි . එයාල දැන් අනාත නිසා තමනට හිතවත් නිලධාරීන් එක්ක පොඩි ටෙරර් කැම්පේන් එකක් ගෙනියනවා .

      Delete
    4. රජයේ නිලධාරීන් ගැන කියනකොට අර 2022 අරගල ව්‍යාපාරය සමග ගිණි තැබීමකට ලක්වූ නිවාස වලට වන්දි ගෙවීමට ඇස්තමේන්තු හදලා තියෙන්නෙත් රජයේ තක්සේරු කරන නිලධාරීන් නේද? රනිල් වික්‍රමසිංහ කරලා තියෙන්නේ ඒකට දේශපාලන අධිකාරියේ අනුමැතිය ලබාදීම, එතකොට ඒ නිලධාරීන් ඇස්තමේන්තු කරපු 2022 අරගලය කාලේ ගෙවල් ගිනි තිබ්බ ඒවාට වන්දි ගෙවීමට අනුමැතිය ලබාගැනීම රජයේ කැබිනට් අනුමැතියක් අරන් කරපු වැඩක්නේ

      අනික ඒකට ගිය මුලු වියදම එවකට ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් කලා.ඒ ගාන ඔය දැන් කියන මුලු ගානටත් වඩා වැඩියි කියල ඔප්පු කරන පෝස්ට් වගයකුත් ශෙයා වෙනව දැක්කා. (ඒ ගණන් වල ඇත්ත නැත්ත ගැනනම් දන් නෑ).හැබැයි ඒ කියන්නෙ මේ වැඩේ සවුත්තු වැඩක් වුණාට නීතියානුකූලයි. (අර බාර් ලයිසන් වැඩේ වගේ)

      දැන් කරන්න තියෙන්නෙ ඒ හිටපු දේශපාලුවෝ ලක්ෂ හත් අටසීයෙ වත්කම් උපයපු එක ගැන පූර්ණ අපක්ෂපාතීව දැඩි විමර්ශනයට භාජනය කරන එක.එහෙම් වත්කම් වලට බදු ගෙව්වද කියල හොයන එක. එහෙම හොයල වැරදිකරුවන්ට දඩුවම් දෙන එක. පුලුවන්නම් ඊටත් එහා ගිහින් රජයට වෙලා තියෙන පාඩුව පියවගන්න එක.(මොකද ඔය වන්දි ගත්ත අයගෙන් බහුතරයක්ට මන්ත්‍රී කමකට හෝ ඇමති කමකට එහා ගිය වෙනත් ආදයම් මාර්ගයක් තියෙනව කියල නීතියානුකූලව ඔප්පු කරන්න සාධක නෑ.)

      එහෙම කරන්න නීති නැත්නම් ඒ අවශය නීති සම්පාදනය කරලම ඒ කටයුතු කිරීම.(නැත්නම් අර බස් වල කෑලි ගැලෙව්ව වගේ තවත් එක් ගොන් ආතල් එකක් වෙයි මේ වැඩෙත්).ඒකට අවශය උපරිම බලයක් මිනිස්සු මේ රජයට දීල තියෙනවා.මේ රජය පත්කිරීමෙන් අපි ඇතුලු බහුතර මිනිස්සු බලාපොරොත්තු වුණේ ඒක.

      දැන් ජාතික ජන බලවේගය කාලයක් තිස්‌සේම කරපු විපක්ෂයේ භූමිකාවන් එහාට ගිහින් ආණ්ඩු බලය හිමි වගකිවයුතු රජයක් විදියට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නිසිපරිදි ගන්නයි තියෙන්නෙ. නැත්නම් ඉතින් ඕව නිකම්ම නිකන් නිව්ස් විතරක් වෙයි. ලංකාවේ උන්ට ඕන දෙයක් මතක තියෙන්නෙ පොඩ් කාලයයි කියනවනෙ.

      විපක්ෂෙ හිටපු කාලෙ වගේ සංඛ්‍යා ලේඛන පෙන්න පෙන්න ෆයිල් පෙන්න පෙන්න ගොන් ආතල් දෙන්න විතරක් ඉදලනම් මදි.නිසි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගෙන යුක්තිය සාධාරණය පසිඳලීමට ජාජබ රජයට හැකි වේවායි පැතීම තමයි දැන් මහජනතාවට ඉතුරුවෙලා තියෙන්නෙ.මොකද පරිපීඩිත ජනතාව ආණ්ඩුව ඉල්ලපු උපරිමයටත් වඩා ජනතාව ඔවුන්ට කරල දුන්න. කොටින්ම ඇඩෙන්න බලය දුන්නා. දැන් කෙඳිරි ගෑම නවත්තලා අවශ්‍ය වැඩ කරන්න ඕන. වියදම් නොකර ප්‍රතිපත්තිමය තීරණ අරගෙන කරන්න පුළුවන් දේවල් පවා ගොඩක් තියෙනවා නමුත් තාම ඒ කිසිම දෙයක් කරන්න අදහසක් NPP ආණ්ඩුවට නෑ කියලා නම් හොඳටම පේන්න තියෙන බව කණගාටුවෙන් වුවද කීමට සිදුවී ඇත.

      Delete
    5. ඔය විවේචනය් කිසියම් ප්‍රමාණයකට මටත් තියනවා . ඇවිල්ල මාස හතරෙන් කරන්න බැරි දේවල් ඉල්ලන අයත් ඉන්නවා . මම නම් කාලය දීල බලන් ඉන්න කැමතියි . පොලිසිස් ගැන දැම්මහම මේ බ්ලොගේ හොරනෑවක් වෙනවට කැමති නැහැ . නමුත් අවශ්‍ය නම් කියවන්න පුළුවන් මෙතන . https://www.npp.lk/si/policies

      Delete
  6. මාලිමා ආණ්ඩුවට කෙලවෙන්නේ කට හින්දා. මෙලෝ වැඩක් නොකර අඩුම තරමේ ඊළඟ අවුරුදු පහ ඉලක්ක කරගෙන හරි හමන් වැඩපිලිවෙලක් තාම නෑ, බොරුවට විකාර කියවන්නේ නැතුව වැඩ කරල පෙන්නපල්ලකො කියලයි විජිතලට ඔයා කියන්නඕන අජිත්. මාලිමාවේ උන්ගේ කියවිල්ල නිසා දැන් මේ අන්ඩුව අපටත් එපා වේගන එන්නේ…. අපටත් එහෙම
    නම් ඡන්දේ නොදීපු උන්ට කේන්ති යන එකත් සාධාරණයි එහෙම බලනකොට.

    ReplyDelete
    Replies
    1. වැඩ පිළිවෙල ඒ ගොල්ලෝ පබ්ලිෂ් කලානේ ඇනෝ . ඒක කරන්න බැරි සයිස් එකක් තියෙන්නේ මලිමාවට ඡන්දේ දුන්නෙත් ලංකාවේ එකම සෙට් එක නිසා . එක්කෝ එයාලට කියලා දෙන්න ඕනේ මේකයි අපිට ඕනේ . මේකයි කරන්නේ කියල . එහෙම නැත්නම් අර ප්‍රේමදාස මහත්තය වගේ නොකිය කඩා පනින්න් ඕනේ . අන්ද්රෝපොව් මෙතඩ් එක භාවිතා කලත් කමක් නැහැ මටනම් .

      Delete
    2. https://www.npp.lk/si/policies

      Delete
  7. අජිත්

    ආණ්ඩුවට ජනාධිපති අනුර, විජිත, බිමල්, නලින්ද වගේ ටික දෙනෙක් ඇරුණාම වැඩ ටික තරමකට හෝ මැනේජ් කරගන්න පුළුවන් අය නැති එක ලොකුම ප්‍රශ්නයක්. අර හාල් මිල සම්බන්ධව පැවති මාධ්‍ය හමුවක නාමල් කරුණාරත්න ඇදගෙන නානකොට මාධ්‍ය කාරයෝ මෑන්ව තවත් මඩවන්න ගත්තාම වෙලාවට එතන ලාල් කාන්ත හිටපු නිසා මාධ්‍ය කාරයින්ට හොඳට ලුණු ඇඹුල් ඇතිව දෙකක් කතාකරලා උන්ගේ කට වැහුවා, මාධ්‍ය කාරයෝ ලාල්කාන්තට මාධ්‍ය නිදහස නැතිකරපු බවකුයි උන්ට තර්ජන එල්ල කර පාලනය කරන්න හදනවා කියලයි ලාල්කාන්තට බැන්නට ඇත්තටම එහෙම කතා කරන්න වුණේ අර මෝඩයා නාපු නිසා

    පසුගිය ජනාධිපතිවරණයේදී සජබ යූඇන්පී එකට එකතුවෙලා තරඟ කලා නම්‍ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කමට පත් වෙලා සජිත්ට අගමැති කම ලැබෙන්න තිබුනා. නමුත් ගොබ්බ සජිත්ගේ සජබ ගොබ්බ පිරිස එම අවස්ථාව මග හැරිය නිසා චන්ද ගානින් 30% ගානක් අරගත්ත අනුර කුමාර මහතා ජයග්‍රහණය කලා. ඒ රැල්ල නිසා තමා පාර්ලිමේන්තු මැතිවරණයේදී අප සහාය දුන් එන්පීපී අය ටික දෙනාටත් අවස්ථාව නොලැබී කිසිම කමකට නැති යල්පැනගිය හණමිටි ජේවීපී අපතයන් රංචුවක් පාර්ලිමේන්තුවට ආවේ. මේ අපතයන් රංචුව නිසා ජනාධිපති අනුර මහතා පවා අමාරුවේ වැටී අවසානයි. කෙසේ හෝ රාජපක්ෂ කල්ලිය නැවත බලවත්වීම පාලනය කිරීම ගැන සිතා හෝ විශේෂයෙන්ම විපක්ෂයේ සිටින කොළපාට අය වත් එකතු කරන්න අවශ්‍යබවත් දැන්වත් ඔය පක්ෂ දෙක එකතුවී තරඟ කිරිම වැදගත් බවත් ඔවුන්ට කියාදෙන්න පුළුවන් නම් ලොකුදෙයක්.

    ReplyDelete
    Replies
    1. රනිල් ලක්ෂ විස්සක් ගනී කියල කවුරුත් හිතුවේ නැහැ . BTW අනුර කුමාර 42% ගත්ත . ලංකාවේ හැම වෙලේම ලොකුම පක්ෂේ වුනේ යුඑන්පි එක . හැම වෙලේම තනියම දිනුවේ . වම හැම වෙලේම දිනුවේ ශ්‍රීලනිප එක්ක සභාගයකින් . දැන් තුන්වෙනි බලවේගයක් ඇවිල්ල තියෙන්නේ . මේකට පරණ විධිහෙන් ආමන්ත්‍රණය කරලා බැහැ . මාලිමාව පරණ ජවිපෙ ආර්ථික ක්‍රමයට යන්නේ නැහැ . පරණ අය ප්‍රශ්න ඇති කරයි . ඒකෙන් වෙන්නේ ආණ්ඩුව වැටෙන එක කියල එයාල ඉක්මනින්ම තේරුම් ගනී .

      Delete
    2. අර එක මන්ත්‍රී කෙනෙක් කියනවා ජනතාවට ගස් පොතුත් කන් වේයයි . මේ ගමනේදී එහෙම වෙනවා කියල . පොර හිතන් ඉන්නේ මේක මාඕ සේතුං කළා වගේ කරන්න . චීනෙන් එතනින් එහාට ගිහින් කියලවත් තේරුමක් නැහැ

      Delete
  8. @අජිත්

    මේ දවස්වල ජනපති ආර්යාව සමග හමුදාවේ විශ්‍රාම වැටුපක් පිළිබඳව කතාවක් සමාජ මාධ්‍ය වල යනවා.

    ඒ කතාවේ හැටියට අනුර කුමාර දිසානායකගේ බිරිඳ හෙවත් ජනාධිපති බිරිඳ හෙවත් ආර්‍යාව, තම කලින් සැමියාගේ මරණය නිසා හිමිවූ විශ්‍රාම වැටුප අනුර සමග විවාහ වීමෙන් පසුවත් ලබා ගත්තා කියන චෝදනාව දැක්වෙන වීඩියෝ පටයක් කිහිප විටක්ම පෞද්ගලිකව මටත් ලැබුණා. ඒ වීඩියෝවේ සටහන් වෙන පරිදි සජබයේ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයට වැඩසටහන මෙහෙයවන්නා කියනවා ඒවා පෞද්ගලික දේවල් නේ අදින්න එපා කියලා.

    ඒ මන්ත්‍රීවරයාත් කියනවා මේවා කියන්න අදින්න එපා කියලා එයාගේ නායකයා කියලා තියෙන්නේ ඒත් මෙතැනදී ඒකගැන අහන්න වෙනවා කියලා.

    මේ දවස් වල ජවිපෙ ප්‍රමුඛ මාලිමාව බේරගන්න ෆ්රන්ට් ලයින් එකේ වැඩ දාන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර කියනවා, හේතුවක් ඇතිනේ ඒක නොකියා ඉන්න කියන්න. තමන්ගේ තරම තමයි ඒකෙන් පේන්නේ කියලා.

    මේ තෙබස තුල තියෙන සමාජ ඛේදවාචකය

    1 ජනාධිපති අනුරගේ බිරිඳ තවමත් යුධ හමුදාව රවටමින් ගන්නා විශ්‍රාම වැටුප් වංචාව ගැන මාධ්‍යවේදියා, ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ ඉහල උදවිය සියල්ලගේ තියෙන ඒකමිතිය. ඒ කියන්නේ ඒ මූල්‍ය අපරාධය සැඟවීමට ආණ්ඩුව හා විපක්ෂය දෙකම එකඟතාවයකට පැමිණ තිබීම. පොහොට්ටුවේ ඉහළ අය නම් මාලිමාවට මොනවත්ම කියන්නේ නැති තරමටම හිතවත්, බොරුවට මාධ්‍ය හමුවලදී කිණ්ඩියක් දාල ෂේප් වෙනවා

    2 මේ විවාහක දෙපළගේම නීතිගරුක බව හා රටක ජනාධිපති හා ආර්යාව වෙන්න,දෙපලටම තිබෙන මහින්ද ශිරන්ති පන්නයේ සුදුසුකම.

    3 අනුර දිසානායක අනුන්ගේ සොරකම් ගැන ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ කිල්ලෝටේ හුණු ගැන කතා කරන එක වැලක්වීමට උත්සාහ ගැනීම.

    4 මියගිය මිනිසා අයත් හමුදාව මරා දැමීමට, හමුදාවේ සාමාජිකයන්ගේ මව්වරුන්ගේ ගර්භාෂ පවා කපමින්. මේ කුසෙන්ද උඹේ ආමි පුතා වැදුවේ යයි අසපු ජවිපෙ සාමාජිකයෙක් වන අනුරගේ හෘද සාක්ෂිය.

    5 ශ්‍රී ලංකා යුධ හමුදාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන දශක තුනක් පමණ රවටමින් කරන ලද මහජන මුදල් වංචාව.

    6 ජනාධිපති වරයාගේ පෞද්ගලික නීතිගරුක භාවය ගැන බරපතල ලෙස එලි පිට පෙනෙන කරුණු මත පදනම්ව ගොඩ නැගෙන විශ්වාශ කල නොහැකි බව.

    මිත්‍රවරුනි..මෙන්න මේ පුද්ගලයෝ කරගහගෙන ගිහින් තව තව පුටුවේ තියන්න. ආණ්ඩු පත් කරලා ඇමතිවරු ගිහින් වල්කොටන , පාර උදලු ගාන විදියට හැමදාම වැඩ කරගන්න පුළුවන්. රට පාලනය කරන එක ප්‍රතිපත්ති හදන එක පැත්තක තියලා කම්කරු වැඩ ටික කරන්න ආණ්ඩු හදාගන්න එක හොඳයි නම් හැමදාම පාදඩ රාජපක්ෂලා වගේ දුෂිත ඊට සමාන පිරිසක් ඔය දාන සංදර්ශන වලින් ඔබේ අනාගතය අවසන් කරලා තිබෙන බව වටහා ගන්න.

    විපක්ෂයේ සජිත් මහත්තයෝ. ඔයාගේ පියාට දෝෂාභියෝගයක් ආවා. අපිට මතක හැටියට දුප්පත්කම නිසා රණසිංහ ළදරුවාට පාසල් යන්න බැරිවුනා වගේ චෝදනා, කුලය එක්ක අරගෙන තමයි එදා ඒවා ගෙනාවේ.තවත් කරුනුත් එක්ක. ලංකාව අදටත් දුප්පත් රටක් නිසා ඒ කරුණ ලජ්ජාවට කරුණක් නම් නෙවෙයි. ඔයා විපක්ෂ නායක කමේ ඉඳගෙන ජනාධිපතිගේ මේ වංචාව දැනගෙන වැඩිහිටියකු ලෙස කරලා තියෙන නීති විරෝධී ක්‍රියාව හොයලා සත්‍ය නම් රටට හෙළිකරලා දෝෂාභියෝගයක් වත් ගේන්න තරම් ජනතා වාදී වෙන්න බැරිනම්, ඔය තනතුරේ වරප්‍රසාද භුක්ති නොවිඳ ළමයෙකුට ඕක දීලා ගෙදර යනු. මේ තොරතුරු සමාජ මාධ්‍ය සහ වට්ස් ඇප් වලින් ලැබුණු ඒවා. මේවා ගැන ඔබත් හොයල බලන්න අජිත්. මේවායේ සත්‍යතාව ගැන හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ අපහාසයට මට සම්බන්ධ වෙන්න බැහැ . කණගාටුයි ඇනෝ තුමෝ .

      Delete
  9. https://www.unodc.org/e4j/en/organized-crime/module-9/key-issues/adversarial-vs-inquisitorial-legal-systems.html#:~:text=The%20inquisitorial%20process%20can%20be,defence%20to%20determine%20the%20facts.

    ReplyDelete
  10. The inquisitorial process can be described as an official inquiry to ascertain the truth, whereas the adversarial system uses a competitive process between prosecution and defence to determine the facts.

    ReplyDelete
  11. රජයේ නිලධාරීන් ගැන අප හිතමිත්‍ර ලාල් කාන්ත සහෝදරයා කීව මේ කතාවට එකඟ වෙන්න පුළුවන් නේද?


    Link

    "අපි කියන විදියට රජය වැඩ කරන්නේ නෑ, ආණ්ඩුව වෙනස් වුණාට තවම පරණ රජයමයි"


    //මොහොමඩ් ආසික්

    ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

    ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

    “ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.

    තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    – ලංකාදීප

    //

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඉතින් ඇත්තනේ . ආණ්ඩුව හෙවත් NPP එක කියන්නේ ඒ නිලධාරීන් අස් කරන්න බැහැ කියල ලොකු වැරැද්දක් නැත්නම් . ඒ අය එක්කම් තමා වැඩ කරන්න ඕනේ

      Delete
  12. අජිත් ඔයා මගේ කොමෙන්ට් එක දැම්මේ නැ නේද? වාරණය කරාද ජවීපේ වැඩ ගැන ලිව්ව නිසා.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මොකද්ද කමෙන්ට් එක , අර අනුර ගැන ලියපු එකත් දාල තියෙන්නේ . මුකුත් වාරණය කලේ නැහැ .

      Delete
    2. මම ස්පෑම් බැලුව බින් එකෙත් බැලුව වැරදිලා මැකුවද කියලත් . හොයා ගන්න බැහැනේ . සොරි

      Delete
    3. මම ස්පෑම් බැලුව බින් එකෙත් බැලුව වැරදිලා මැකුවද කියලත් . හොයා ගන්න බැහැනේ . සොරි

      Delete
  13. අප්පටෂිරි මේකෙ කොමෙන්ට් කරන්න සෑහෙන්න පහලට බඩගෑව, සතුටුයි 🙌
    එන්ට පහුඋනාට ශොරි.

    ඒවා සුළු වෙනස්කම් උනාට දියුණු මිනිස් සමාජයක තිබිය යුතුම දේවල්. ගොන් බයියන්ට, කජු සීයගෙ අම්බැට්ටයින්ට ඕව ඕන නෑ. උන්ට වැඳපුදාගෙන, ඉකපුරාගෙන ඉන්න තිව්නනං ඇති!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . අවුරුදු ගණන් පුරුදු වෙච්ච් දේ මාස හයෙන් වෙනස් කරන්න පුළුවන් කියල හිතන අයත් ඉන්නවනේ .

      Delete
  14. මේ නඩු, නීතිපති කේස් ගැන අහන කරන දේවලින් හිතෙන්නෙ යහපාලන කාලෙ වගෙ මේවයෙත් කිසිදෙයක් නොවෙන පාටයි වගෙ. ඉදිරියේදී හරි අර කිව් විදිහට ආවේග, මාධ්‍ය සංදර්ශන පැත්තකින් තියල නීති හා තාක්ෂණික ගැටළු ඇතිනොවෙන විදිහට මේවා කරගෙන යනවානං බැරි වෙන එකක් නෑ හොරු අල්ලන්න.

    ReplyDelete
    Replies
    1. මේක ලෙහෙසි නැහැ නමියා . සාක්ෂි වාහන අය අතරේ පොලිස් නිලධාරීන් , ඉහල තැන්වල අධිකරණ නිලධාරීන් හෙමත් ඉන්නව . ඒ ගොල්ල තවම පේ රෝල් එකේ ඉන්නේ . ආණ්ඩුව දන්නවා . හිමින් යන්නේ ඒකයි . ඒක එලියට පෙනෙන්නේ නැහැ .

      Delete
  15. අජිත්

    මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මිතුරාගේ නිවසට පැමිණි ජවිපෙ ජාතික ජන බලවේගයේ මාතලේ දේශපාලන අංශයට සම්බන්ධ ප්‍රධාන පෙලේ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.

    Link - ප්‍රවෘත්ති වලට පෙන්වූ ජවිපෙ තර්ජන වීඩියෝ එක මෙතනින්

    https://www.facebook.com/share/v/1GqcVW8KMZ/

    මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී සහ දැනට ජාතික ජන බලවේග ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිකයකු වන වන ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීරයි. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී ජාතික ජන බලවේගය මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ නමැත්තාගේ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ මිනීමරු ඝාතක කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.

    සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිමිව ඇති පුරවැසි අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.

    පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය.

    රටේ වෙනත් දේශපාලන පක්ෂ වලට එරෙහිව ජනතාව තුල දැඩිලෙස වෛරය හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, ඔවුන්ගේ පොරොන්දු සියල්ල බොරු බවට පත්වීම නිසාත් රටේ පාලනය නිසියාකාරව කිරීමට අපොහොසත්වීම නිසාත් මේවන විට ජනතාව අතර දැඩි පිළිකුලට ලක්වෙමින් පවතින අතර එයින් බේරීමට දැන් විපක්ෂයේ හිතවතුන්ට, මෙන්පොමදු මහජනතාවටද සමාජ මාධ්‍ය තුලින් ඔවුන්ගේ ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී මැරවර බලය යොදාගෙන ජනතාව මැඩලීමට කටයුතු කරමින් සිටී.

    ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!

    ReplyDelete
    Replies
    1. මේකේ සම්පුර්ණ වීඩියෝ එක දාන්න . දැන් ඔය අමල් කියන පුද්ගලයා ජවිපෙ කෙනාට බනින කොටස ඇර . මෙතැන එය තර්ජනය කරන බවක් පෙනෙන්නේ නැහැ . කතා කරනවා වගේ නේද ? අනික ඒ දෙන්න එකිනෙකා අඳුනන දෙන්නෙක් නේද ? මිට පස්සේ පක්ෂයෙන් කියයි අඳුනන අය ගාවට වුනත් ගිහින් කතා කරන්න එපා කියල . මරණ ගැන නම් කියන්න තියෙන්නේ දෙපැත්තම කළා නේද . දෙගොල්ලම හරි කියල කියන්න බැහැ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .