මීට කලකට පෙර "දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල් " කියා ලිපියක් මේ බ්ලොගයේ ලියුවෙමි. ඉහත මාතෘකාවේ යොමුව (link) ඇතුලත් කර ඇත. මෙය ත්‍රිමාණ වෙබ් අඩවියේද පළවුණි.
මා විසින් පල කරන ලද "සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස්" පරිවර්තනය බොහෝ අයට නොතේරුණු බවක් පැවසූ අතර මේ ලිපිය ලියන්නේ ඉතිරි කොටසේ පරිවර්තනයට ප්‍රවේශයක් ලෙසයි. මේ ලිපිය හැකි තරම් විවේචනය කරන්න. වැදගත් එයයි.
මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මහා මැතිවරණය අදයි . මගේ මතකයට නැඟෙන්නේ දක්ෂිණාංශික කොන්සර්වටිව් පක්ෂයේ ජෝන් මේජර් ගේ අවසන් මැතිවරණයි.ජෝන් මේජර් ජය ගත්තේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ වාමාංශික කණ්ඩායම නියෝජනය කල නීල් කිනොක් පරදවමිනි. ඉන් පසු එළඹෙන මැතිවරණයට කලින් කම්කරු පක්ෂයේ නායක ජෝන් ස්මිත් මියගිය විට පක්ෂ නායකත්වයට පත් වුයේ "සමාජවාදය" වෙනුවට "මැද මාවත " යෝජනා කල ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෙයාර් නොහොත් ටෝනි බ්ලෙයාර් ය. ඔහු 1997 දී අති විශාල චන්ද ප්‍රමාණයකින් ජෝන් මේජර් ගේ කොන්සර්වටිව් පක්ෂය පරදවා ජය ගත්තේය. වාමාංශික පක්ෂයක් වූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ "වාමාංශයේ දක්ෂිණාංශය" නියෝජනය කළේ බ්ලෙයාර් ගේ කණ්ඩායමයි. මුලින්ම ඔහු කලේ "නව කම්කරු පක්ෂය " නමින් නම වෙනස් කිරීමයි. මින් පසු ඔහු කිවේ සමාජවාදය නොව ඔහු ගෙන එන්නේ -සමාජ වාදිත්වය "social-ism" බවයි. එය
ඔහු යහ පාලනය, එක්සත් බව, සෑම පුරවවැසියෙකුගේම සමාන වටිනාකම, සැමටම සමාන අවස්ථා යනුවෙන් අර්ථ දැක්විය. ඔහුගේ විරුද්ධ වාදීන් කිවේ ඔහු අව්‍යාජ සමාජවාදය අතහැර ධනවාදයට පිය නගන බවයි. ටෝනි බ්ලෙයාර් විසින් කම්කරු පක්ෂයේ වාමවාදී ප්‍රවණතාවය සහසුද්දයෙන්ම පරාජය කරන ලදී.
ඉන්පසු ඔහු විසින් දස අවුරුද්දක් බ්‍රිතාන්‍ය පාලනය කල අතර ඔහුගේ "වමේ" නව කම්කරු පක්ෂය තැචර් ටත් වඩා දක්ෂිණාංශික විය. කම්කරු පක්ෂයේ නායකයන්ට වඩා ඔහුට ප්‍රසංශා කලේ තැචර් ය. හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් සමග සුහදත්වයෙන් සිටි ඔහු යුද සහකරුවෙකු වුයේ දක්ෂිණාංශික ජෝජ් බුෂ් ටය.
බුෂ් සමග "ත්රස්තවාදයට " එරෙහි යුද්ධයේ පෙර ගමන් කරුවකු මෙන්ම ඉරාකයට එරෙහි යුද්ධයේ සහයෙකු වූ ඔහු බ්‍රිතානයේ වමේ දක්ෂිණාංශික කණ්ඩායම කොන්සර්වටිව් පක්ෂයේ දක්ෂිණාංශයටත් එහා තැනක ස්ථාපිත කළේය. එහි ප්‍රථිපලය වුයේ ඔහු දෙවතාවක්ම කොන්සර්වටිව් පාක්ෂිකයන්ගේ, මධ්‍යස්ථ චන්ද දායකයන්ගේ හා කම්කරු පක්ෂයේ දක්ෂිණාංශයේ චන්ද පහසුවෙන් ලබා දෙවරක් අගමැති වීමයි.
අති වාම වාදී ජාත්‍යන්තර මාක්සිස්ට් නැඹුරුව හා වෙනත් ට්‍රොස්ට්කිවාදී පක්ෂ ඔහුට එරෙහි වූ අතර, ඔහුගෙන් පසු පත් වූ ගෝර්ඩන් බ්‍රවුන් පක්ෂය නැවත මැද මාවතකට ගන්නට අසාර්ථක ප්රයත්නයක නිරත විය. එහිදී කොන්සර්වටිව් පක්ෂයේ මධ්‍යස්ත කණ්ඩායම (දක්ෂිනාංශයේ වම) ජය ගත්තත් ආසන මදි වීම නිසා වඩා වමේ සිටි ලිබරල් ප්රජාතන්ත්රවාදී (ලිබරල් ඩිමොක්රටික්) පක්ෂය සමග අත්වැල් බැඳ ගති. මේ අනුව වාමාංශික කම්කරු පක්ෂයේ දක්ෂිනාංශයට වඩා කොන්සර්වටිව් ලිබරල් සන්ධානය වාමාංශික හුරුවක් ගති. ඩේවිඩ් මිලිබෑන්ඩ් පරදවා කම්කරු පක්ෂයේ බලය ගත් ඔහුගේ සොහොයුරු එඩ් මිලිබෑන්ඩ් කම්කරු පක්ෂයේ වාමාංශය නියෝජනය කරයි. මේ නිසා ඔහුගේ නායකත්වය කැමරන්-ක්ලෙග් සන්ධානයට වඩා වාමාංශයට බරය. මේ හේතුව නිසා අති වාමවාදී පක්ෂ වලට සහය දෙන අය කොන්සර්වටිව් ආණ්ඩුව පරදවන්නට උපක්රමික ලෙස කම්කරු පක්ෂයට චන්දය භාවිතා කිරීමේ ප්‍රවණතාවක් ඇත.
ශ්‍රී ලංකාවේ වමට බර ධනවාදී පක්ෂයක්ව තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුව වාමාංශික ස්වභාවයක් ගත්තේ කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ නිසා පමණක්ම නොව සමාජවාදී චීනයට හා සෝවියට් රුසියාවට මෙන්ම නොබැඳි සමුළුවට හිතකර විදේශ ප්රතිපත්තියක්ද තිබු නිසාය. එම රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ ජවිපෙයට සීඅයිඒ චෝදනා එල්ල වුයේත් මේ නිසයි. අති වාමවාදී ස්වරූපයක් ගත් ජවිපෙ කැරැල්ල දක්ෂිණාංශයට සේවය කිරීමක් සේ දක්නට ලැබුණු අතර එයට විරුද්ධව පැවතුන සිරිමාගේ වාමාංශික රජයට සහය දුන් විදේශ රාජ්‍ය අතර සෝවියට් දේශය, චීනය මෙන්ම බ්‍රිතාන්‍යයද විය.
1977 න් පසු ජයගත් ජේ ආර් ගේ රජය අති දක්ෂිණාංශික එකක් වූ අතර ශ්‍රීලනිප හා පරණ වමේ සන්ධානය මධ්‍යස්ථ තත්වයටත් විජේවීරගේ ජවිපෙය වඩා වමටත්, අනිකුත් කුඩා ට්‍රොට්ස්කිවාදී හා ස්ටැලින්වාදී පක්ෂ අති වාම වාදී ගොන්නටත් වශයෙන් බෙදිය හැකි විය.
දෙමළ විමුක්ති අරගලය පටන් ගැන්මේදී එය බොහෝ විට වමට බර විය. රාජිනි තිරානගමගේ කාලය දක්වා එය වාමාංශික නැඹුරුවක් ගත් බව පෙනිණි. මුලදී එසේ වුවත් ප්රභාකරන් හා කොටි සංවිධානය අතට පත් වූ දෙමළ අරගලය ජාතිවාදී මෙන්ම දක්ෂිණාංශික නැඹුරුවක් පෙන්නුම් කළේය. රාජිනි මෙන්ම පද්මනාභ ආදීන් මරා දැමීමෙන් පටන් ගෙන, වාමාංශික නැඹුරුවක් තිබු දෙමල සටන්කාමී කණ්ඩායම් කොටි සංවිධානය
විසින් සම්පුර්ණයෙන්ම සමුලඝාතනය කිරීමෙන් පසු එය වඩාත් තහවුරු විය.
ජනවාරි 8 දා පැරදුන මහින්ද රාජපක්ෂ රජය අතිශයින් දක්ෂිණාංශයට බර වුවකි. ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය කොන්සර්වටිව් පක්ෂයටත් එහා දක්ෂිනාංශයට රැගෙන ගිය ලෙස, මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයේ දක්ෂිනාංශය නියෝජනය කරමින් එය එතනට තල්ලු කලේ ජෝර්ජ් බුෂ් ගේ "ත්‍රස්ත විරෝධී" සන්ධානයටද සහයෝගී දෙමිනි. වඩා ලිබරල් චන්ද්‍රිකා පාර්ශ්වය හෙවත් ශ්‍රීලනිප වම පසෙකට තල්ලු විනි. (චන්ද්‍රිකා පාලනයේ අසාර්ථක භාවය ආදිය මෙහි සාකච්චා නොකරමි . එය මෙතනට අදාල නැත). ශ්රීලනිපය සමග එක්වූ පරණ වමේ පක්ෂ ද දක්ෂිනාංශයට තල්ලු වුනු අතර ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂිනාංශය නියෝජනය කරමින් විමල් විරවංශ, සෝමවංශ කණ්ඩායම මහින්ද රජයට සහයෝගය දුනි. ඉන්දියාවේ, එක්සත් ජනපදයේ, චීනයේ හා රුසියාවේ උදව්වෙන් දක්ෂිණාංශික දෙමල විමුක්ති අරගලය දක්ෂිනාංශයට බරවූ සන්ධානයක් විසින් මිලිටරිමය මැදිහත්වීමකින් පරාජය කරන ලදී. (දක්ෂිණාංශික , අතිශයින් කොමියුනිස්ට් විරෝධී රිපබ්ලිකන් පාක්ෂික ඇමෙරිකන් ජනාධිපති රිචර්ඩ් නික්සන් ප්‍රථම වරට චීනයට ගොස් චීනයට ඇමෙරිකන් වෙළඳපොල විවෘත කර දීමට අඩිතාලම දැමු අතර රිපබ්ලිකන් දක්ෂිණාංශික ඇමෙරිකාව සැමවිටම ඒකාධිපති ස්වරුපයක් ගත් පාලනයන්ට සහයෝගය දුනි.)
ඔබාමා නියෝජනය කරන්නේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයට විරුද්ධ වමයි. (මේ වම මාක්ස්වාදි වමට සම්බන්ධ නොකරන්න) ඔහු ට කොන්සර්වටිව් පක්ෂයේ වම හා ජර්මනියේත් ප්‍රංශ සමාජවාදී ජනාධිපති සමගත් ලෝක දේශපාලනය තුල ව්‍යාජ වමක් ගොඩ නගා ගත හැකි විය.
ඔහුගේ වම රිපබ්ලිකන් දක්ෂිනාංශයට හා ලංකාවේ මහින්ද දක්ෂිනාංශයට මෙන්ම සිප්‍රස් ගේ ග්‍රීක මාක්ස්වාදී වමටද විරුද්ධය.
මගේ මුල් ලිපියේ ඇති අති දක්ෂිණාංශික චැප්මන් ගේ "තේ පක්ෂය" (tea party) ඔබාමාගේ රාජ්‍ය මැදිහත් වීමට විරුද්ධව රාජ්‍යය අහෝසි කිරීමට කතා කරයි.
ලෝකයේම වම දකුණ මාරුවී ඇත.
ජවිපෙ වාමාංශය මෙහිදී කුමාර්, ලසිත් , වරුණ, ඕපාත (ලාල්කාන්ත හැර) කණ්ඩායම වූ අතර ශ්‍රීලනිප දක්ෂිණාංශික රජයේ යුද ජයෙන් අනතුරුව ඔවුන් ජවිපෙන් වෙන් වුනි. දක්ෂිණාංශික එජාපයේ වාමාංශික නැඹුරුව මෙහිදී රනිල් වික්‍රමසිංහ (බටලන්ද බැගේජය සහිතව ) මෙහෙයවූ අතර එජාප දක්ෂිණාංශය ජොන්ස්ටන්, එස් බි, ලොකුගේ ආදීන් හරහා රාජපක්ෂගේ ශිලනිප දක්ෂිනාංශයට එක් විය. වාමවාදී සුළු පක්ෂ වලට හා එජාපයට එක වේදිකාවට එක්විය හැකි පරිදි සෝභිත හිමි , නිර්මාල් ආදීන්ගේ වාමාංශික නැමියාවක් ඇති සමාජ ව්‍යාපාරයන් බිහි වුන අතර වික්‍රමබාහු ආදීන් ටද මෙයට එක්විය හැකි විය. ශ්‍රීලනිපයේ වාමාංශික කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප ලිබරල් කණ්ඩායමේ චන්ද්‍රිකා හරහා දක්ෂිණාංශික එජාපයේ වාමාංශික කණ්ඩායම සමග සම්බන්ධ වී වාමාංශික නැඹුරුවක් ඇති සමාජ ව්‍යාපාරයන් (සෝභිත හිමි ආදීන්) ගේ උදව්වෙන් ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ ) දක්ෂිණාංශික සන්ධානය පරදවා බලයට පැමිණ ඇත. පරණ වමෙක් වූ චම්පිකගේ දක්ෂිණාංශික හෙල උරුමයේ වාමාංශික කණ්ඩායම ඔවුන්ට එක් වුනු අතර, හෙළ උරුමයේ සුළුතර "දක්ෂිණාංශය" ශ්‍රී ලනිප පැරදුන දක්ෂිණාංශයට එක් විය. නිදහස් දේශපාලනයට දැඩි ලෙස බාධා කල ශ්‍රීලනිප -එජාප (මහින්ද ප්රමුඛ ) දක්ෂිණාංශය පැරදවීමේදී, අති වාමවාදී ස්ථාවරයක් ගත් ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම (පෙසප) හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ කිහිපයක් මෙහිදී දක්ෂිනාංශයට සේවය කරන බවක් පෙන්නුම් කරන ලදී. 1971 ජවිපෙට එල්ල කෙරුණු සීඅයිඒ චෝදනාව කල්පනා කරන්න. වාමවාදී රජයකට එරෙහිව කරන අතිවාමවාදී කැරැල්ල එයට චන්දය දුන් බහුතර ජනතාවට පෙනෙන්නේ දක්ෂිණාංශයට සේවය කිරීමක් ලෙස වන අතර ගම්වලදී කැරලිකරුවන් පොලිසි වලට පාවා දීමට එයත් හේතුවක් විනි.
මාක්ස්වාදී යයි තමන් කියා ගන්නා විරවංශ හා වමෙක් යයි තමන් සිතන වාසු තවමත් ශ්‍රීලනිප දකුණට එක් වී සිටින අතර ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ) දක්ෂිණාංශය ට විරුද්ධ නොවුන විරවංශ නැවතත් අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය ගෙන හැර දක්වයි. ලෙනින් විරුද්ධ වුයේ අධිරාජ්‍යවාදය විසින් ගෙනයන ධනපති ක්‍රමයට වන අතර චීනය හා රුසියාව අනුගමනය කරන්නේ එයම බව වීරවංශට වැටහීමක් නැත. (වැටහීමක් ඇත්නම් එය සඟවයි.) රුසියාවට හා චීනයට පක්ෂවී ඇමෙරිකාවට විරුද්ධ වීම ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධයයි. රුසියාවට හා චීනයට ඔවුන් පක්ෂ, දෙමල අරගලයට විරුද්ධ යුදයේදී ලංකා රජයට සහය දුන් නිසාය කියන ඔවුන් ඉන්දියාව හා එක්සත් ජනපදය තීරණාත්මක ලෙස යුද්ධයට රහසේ සහය දුන් බව සඟවයි. (කොටි නැව් විනාශ කිරීමට දුන් ඔත්තු වල සිට). රාජපක්ෂ ජයග්රහණයෙන් පසු එම රජයට එකතු වීමට බලා සිටි සෝමවංශට එය කල නොහැකි වූ අතර, මෛත්‍රී බලයට ආ පසු ජවිපෙ යු ඇන්පී රජයකට නොයන නිසා එහි ඇමති පදවියක් වත් සෝමවංශට නැත. ජවිපෙන් ඉවත් වීම හා ඔහුගේ උපවාසය "අනේ මා දිහාත් බලන්න" යන්නක් මිස න්‍යායිකව විවේචනය කලයුතු කාරණයක් නොවේ.
1917 පෙබරවාරි හිදී ලෙනින් කෙරෙන්ස්කි කණ්ඩායම බලය ලබා ගනිද්දී නිහඬ වුයේත්, මාස ගණනකට පසුව "දැන් කාලය එළඹ ඇත " යැයි කීවේ ඇයිද යන්න මෙහිදී කල්පනා කල යුතුය. මේ ලිපිය බලන්න. ඇලෙක්සිස් සිප්‍රස් මහජන චන්දයෙන් බලයට පත් වීමේදී උපාය මාර්ගිකව අනුගමනය කලේ ලෙනින් ගේ ක්‍රමවේදය බවට යෝජනා කරමි.
මෙය කියවිමෙන් පසු කැමති නම් සිරසා පරිවර්තන නැවත කියවන්න.
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3
ප.ලි - මෙම ලිපියේ ඇත්තේ මගේ පුද්ගලික අදහස් පමණි.