Friday, 21 March 2025

මැයි මාර විකාරයේ ඉන්නේ හීන දකින්නෙක් ද පීපින් ටොම් ද


අපේ ප්‍රසිද්ධ හිටපු බ්ලොග්කරුවෙක් හෙම ෆේස්බුක් එකේ විකාර සහගත කතාවක් ලියල තිබුන නිසා මේ පාර  ලංකාවේ ඉන්දෙද්දී 'මැයි  මාර ප්‍රසංගය ' කියන පොත  ගත්ත සරසවි එකෙන් .  මුද්‍රණ වාර දාහතරක් ම ප්‍රකාශ වුනු ස්වර්ණ පුස්තක සම්මානයේ මුල් කෘති පහට තේරිලා තියනවා කියන්නේ ඉතින් පට්ටම පට්ට පොතක් කියල හිතුනා.  බලනකොට පොඩි පොතක්. පිටු 108 යි , රුපියල් හත්සියයි .  ලන්ඩන් එන අතරවාරයේ ෆ්ලයිට් එකේදිම කියවල ඉවර කළා .  

දෙයියන්ට  ඔප්පු වෙච්චාවේ  (ඉන්නවනං බුවාලා)   , ලංකාවට වෙලා තියෙන සන්තෑසිය ට එක හේතුවක්  මෙන්න මේ  වගේ පොත් සහ කලා  කෘති වලින්  ඉදිරිපත් කරන ආලය /ආදරය පිලිබඳ දෘෂ්ටිවාදය කියාල  හිතුන .  දැන් සිනමාවටත් අරගෙන කියල ආරන්චියි .  මම  මේ කල්පනා කරේ මොන  කතාව ද  සිනමාවට නගන්න  කියල. හොරෙන් බලන එකද නෙල්ලි උයන එකද?

ආදී කාලයේ ඩබ්ලිව් ඒ සිල්වා ගේ ලක්ෂ්මි වගේ කතා .  ඊට පස්සේ වික්‍රමසිංහ ගේ විරාගය , ගම්  පෙරලිය වගේ පොත් ,  ජයලත් ගේ ගොළු හදවත වගේම බ්‍රොන්ටේ ල ගේ වදරින් හයිට්ස් , එතකොට ජේන් අයර් , ටෝල්ස්ටෝයි ගේ ඇනා  කරේනිනා  වගේ පොත් කියවපු අපට සීයට  පනහේ ලව් එකක් තියන කතාවක් ශ්‍රේෂ්ඨයි කියල ස්වර්ණ  පුස්තක විනිශ්චයකාර සෙට් එක කියනවා .  ඒ ගොල්ලගෙ හිස් ගෙඩි ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්න   හිතෙන්නේ නැත්ද 

කතාව කියවනකොට ඉස්සෙල්ලම මතක් වුනේ වර්ණපාල මෙතඩ් එක .  අර පේරා වලද කොහෙද විශ්ව විද්‍යාල සිසුවෙක් හිත ගත්ත සිසුවියක් යාලු කර ගන්න දැම්ම උප්පරවැට්ටිය .  හැංගිලා ඉඳන් කියනවලු "ආ වර්ණපාල කොහොමද? " අන්න වර්ණපාල ගේ කෙල්ල යනවා. වර්ණපාල හරිම වාසනාවන්තයි " කෙල්ලත් අන්තිමට හොයල බලල කවුද මේ  වර්ණපාල කියල. අන්තිමට කෙල්ල  යාලු වුනාලු .  ඇත්ත කතාවක් ලු .  හැබැයි ඒ වර්ණපාල ට ගටක් තිබ්බ එහෙම කරලා  හරි කෙල්ල යාළු කර ගන්න .  මැයි මාර විකාරයේ සමිධ කියන්නේ එහෙම ගටක් වත් නැති  සීයට  පනහේ  ක ආදරවන්තයෙක් .  ආදරවන්තයෙක් නෙමේ මේක එක්තරා විධිහක මානසික ලෙඩක් නෙමෙයිද?

සමිධුකියන චරිතය අර කිසිත් නොදන්නා ගැහැණු ළමයා දිහා බලල නිකන් ඉන්නේ නැහැනේ .  එයාට  ආදරය කරනවා .   සීයට  පනහේ ආදරේ .  අවුලක් නැහැ .  අවුල තියෙන්නේ හැමදාම නොකිය එයා දිහා බලන් ඉන්න එකත් නොවේ ,  හැංගිලා බලන් ඉන්න එක .  පීපින්  ටොම් කියන්ඔනේ න්න ඔයවගේ කට්ටියට .  එක වෙලාවක පියාගේ සොහොන ගාව  ඉඳන් බලන් ඉන්නවා .  තව වෙලාවක තව තැනක .  කෙල්ල මැයි  මාර  මල් වලට ආසයිද  කියල බලන්න මල් ඔක්කොම කඩන් ඇවිල්ල , ගහේ  කඩදාසි මල් එල්ලනවා .   අර කෙල්ලට මාර මානසික වධයක්  දෙන්නේ .   එසේ මෙසේ මානසික ව්‍යාධියක් නෙමේ තිබිල තියෙන්නේ .  ඒ වුනාට පොතේ කතුවරයාට ඒ වැඩේ හෙන ශ්රුන්ගරාත්මක ආදර  සංධ්වනියක් .   එයාට  පේන්නේ  නැහැ මෙතන අවුල .  
අර unrequited  love  කියල එකක් තියෙනවා තමයි .  අනිත් කෙනා දන්නේ නැතිව වුනත් හදවතින් ආදරේ කරන .  ඒකෙ  අවුලක් නැහැ තමුන්  ස්ටෝකර් කෙනෙක් හෙවත් පස්සෙන් යන්නෙක් හෝ හොරෙන් බලන්නෙක් නොවී .  

දැන් ගැහැණු කෙනෙක්ට කවුරුහරි එයාලා  දිහා බලන් හිටියොත් තේරෙනවා , හැඟෙනවා නේද?  සමහර විට අපිටත් එහෙම දැනෙන වෙලාවල් තියනවා කවුරු හරි බලන් ඉන්නවනම් .   නමුත් කාන්තාවන්ට ඒක  වැඩියි .  අර ගැහැණු ළමයා කොපමණ  බයෙන්ද  අර ඔෆිස් එකට එන ගමන එන්නේ ඇත්තේ .  අදත්  අර යකා උලමා වගේ බලාගෙන ඇති කියල හිත හිත බයෙන් ගැහි ගැහී .  ඒ මනුස්සයාට මල් ගහක් දිහා , ගඟක්, දොළක්,  ගහක් කොළක්  දිහා බලන් ඉන්න විධිහක් නැහැ නිදහසේ .  සොහොන් පිට්ටනියේ හැංගිලා පවා බලන් ඉඳල කියන්නේ ඉතින් .  හොඳ වෙලාවට ඔෆිස් එක වැහුවේ .  එයා නතර වුනා වුනාමයි ආයි  මේ මානසික ව්‍යාධි කාරයෝ දෙන්න ඉන්න පැත්ත පළාතේ ඇවිත් නැහැ .  ජිවිතේ බේරුනා කියල හිතන්න ඇති .  

ගැහැණු කෙනෙකුට එහෙම තේරෙන බව කතුවරයා 94 වෙනි පිටුවේ සඳහන් කරනවා .  හිතුනේ නැත්ද එක පාරක් දෙපාරක් බලන කොට , හැංගිලා ඉඳන් බලන කොට එයාලට තේරෙන බවත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම කෙල්ල ඉදිරිපිටට ගිහින් අහන්න ඕනේ බවත් .  තුන් සැරයකට  වඩා ඒක  ඉදිරියට ගියොත් එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් .  මේ මිනිහා අහන් ගටක් නැති කෙනෙක් කියල හිතයි .  එහෙම නැත්නම් මනෝ කාරයෙක් කියල හිතයි .  ඕන තරම් ඒ වගේ කතා අහල තියෙනවා .  යෙහෙලියන්ම කියල .  

අර මතකද විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත්ත පෙම්වතියට සබඳතාවයෙන් අයින් වුනා කියල පිහියෙන් ඇන්න  පරණ පෙම්වතා .  අන්න මේ වගේ අය . මොකද අයින් වුනහම වුනත් තමා ගේ පනහේ  ආදරේ හොඳටම ඇති කියල හිතන කට්ටිය. තව අර බස් එක ගන්න එනකොට බෙල්ල කපල මරපු හිටපු පෙම්වතිය .  මේ ලිපිය ලියන අතරේම ඊයේ තව මිනී  මැරුමක් වෙලා .  පෙම්වතිය පොඩි කෙල්ලෙක් .  වයස විසි එකද කොහෙද , පාසැල්  කාලේ  අවුරුදු පහක ප්‍රේම සම්බන්ධයක් ලු .  ඒ කියන්නේ අවුරුද 16 දී. අම්මා  කීව  නිසා ටිකක් ඉඳල බලමු කියපු ටිකට .  ඒ කියන්නේ ඒ ආදරෙත් වැඩියෙන්ම ඒක  පාර්ශ්වීය .  ඒ කෙල්ලත් ඊයේ පිහියෙන් ඇනල . මේ ඒක  පාර්ශවිය  ආදරය උස්සල ප්‍රේමනීය කරන එක විපාකේ  තමයි ඔය . 

අර වෛද්‍යවරියට හදි  කල කෙනා මොන වගේද දන්නේ නැහැ .  පන්සලක හිටියනම් මොනවට මුහුණ දුන්නද දන්නේ නැහැ .  හමුදාවේ හිටිය එක නිසා ඇතිවුණු මානසික ප්‍රශ්නත් තියෙන්න ඇති .  ඒක  පාර්ශ්විකව ආදරයක් ඔහොම අයට  තියෙන්න ඉඩ කඩ වැඩියි . 

ගාමන්ට් යන තරුණිය ට හැදී කරලා ඝාතනය කළ  වෛද්‍යවරයටත් ඔය ප්‍රශ්නෙම තියෙන්න ඇති .  ආදරය කරන කෙනෙකුට කියන්න බැරි කම .  ඒ නිසාම අරවගේ අපරාධ කරන්න යොමු වෙන්න ඇත .  

ඒ මදිවට සමහරු කියනවලු කොටට  ඇඳගෙන යන්න ඇති ඒ වෛද්‍යවරිය .   බැඳලා නැත්තේ ඇයි  වගේ කතා .  ඒ වගේ ලියන උන්ටත් තියෙන්නේ මානසික ව්‍යාධි .  අවංකවම  කියනවනම් ලංකාවේ  මනෝ චිකිත්සක වරු අඩු ඇති .  ලංකාවේ පුවත්පත් වල පවා මේ ඒක  පාර්ශ්වීය සබඳතා, දෙන්නම එකතුවෙලා අරන් ගිය සබඳතා වගේ සලකල ලියන්නේ .  කාන්තාවෝ ඒකට  කැමති වුනාද නැත්ද කියන එක අදාල නැහැ පත්තරවලටත් .  
 
අර හදපු මල් ගහේ එල්ලපු වෙලාවේ සමිධ හොරෙන් බලන් ඉඳල "මං  පහුවද උදේම ගිගිල්ල සොහොන ළඟ බලාගෙන හිටියා .  එයා ආවා. එයා දැක්ක ගහේ  මල පිපිලා තියෙනවා .එයාගේ මූණේ  ඇති වෙච්ච් සතුට ...."කෙල්ලගේ මුහුණ කොහොම වෙතත් අර වගේ මානසික ප්‍රශ්නයක් තිබෙන කෙනෙකුට තමන්ගේ පැත්තට බයස් ව තමයි හිතෙන්නේ . 

 අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තිබුන හෝ තියෙන්නේ ඇති පාසැල්  යන කාලේ . අටේ නමයේ පන්තියේ ඉඳන් උසස් පෙළ වෙනකන් .  ඒ තිබුණු සංස්කෘතික සමාජය තුල . ඒකෙ  අවුලක් නැහැ .  ටියුෂන් යන කාලේ  කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එක ,  පස්සෙන් යන එක තියෙන්න ඇති හැමෝටම වගේ.    දැන්නම් කාමර වලටත් යනවා ඇති .  ප්‍රශ්නේ ඒක  නෙමේ .  වැඩිහිටියෙක් ඒක  කරන එක .  ඊට පස්සේ ඒක  උතුම් ප්‍රේමයක් කියල ටැග්  කරල පොතකුත් ලියල. අවුලක්  නේ .  මයිකල් ජැක්සන් පොඩි කොල්ල  කාලේ  හෝ ගැටවර වියේ (ටීනේජර් ), පිරිමි ළමයෙක් එක්ක කාමරේ නිදා ගන්න එක ප්‍රශ්නයක් නෙමේ .  නමුත් වැඩිහිටිකයෙක්  වශයෙන්  පොඩි පිරිමි ළමයෙක් (අනුන්ගේ ළමයෙක් )  එක්ක නිදා ගන්න එක ප්‍රශ්නයක් .   

කතුවරයාට තිබ්බේ දේවල් දෙකයි කරන්න .  හොඳ යහළුවෙක් වශයෙන්  විකාර කරන්න නොදී අර මනුස්සයාව  ඇදන්  ගිහින් කෙල්ලව මුලිච්චි කරවලා කෙළින්ම  කියන්න ඒ ලස්සන තරුණියට .  එහෙම නැත්නම් ,  එයා  එන්නේ නැතිනම් මනෝ වෛද්‍යවරයෙකුට ගිහින් පෙන්වන්න .  ඒ මනුස්සයා සුවපත් වුනානම් සතුටෙන් වෙන කසාදයක් කරගෙන හෝ නොගෙන ජිවත් වෙයි ඉතිරි කාලය .  එච්චරයි නේ අවශ්‍ය .  

කොළඹ ගමයා - 21//03/2025




15 comments:

  1. අපිට මානසික අසනීප ගැන තියන අවභෝධය නම් හරිම අඩුයි. මම ගොඩක් වීඩියෝ දකිනවා වයසක මිනිස්සු අනිත් අයට බනිනවා කුණු හරුපෙන් පලු යන්න. ගෙදර ඉස්සරහ වාහනයක් නැවැත්තුවා, එහෙම නැත්නම් මොනවා හරි නමක් කිව්වා කියල, නැත්න්ම අසල්වැසියන් එක්ක මොකක් හරි රණ්ඩුවක් හදාගෙන රෙදි උස්සල පෙන්න ඒවා වගේ. වීඩියෝ වල හෙඩිම දාන්නේ 'පට්ට වේX' වගේ. මට නම් ඒවා දකිනකොට බොහොම දුකක් දැනෙනවා වීඩියෝ වල ඉන්න අය ගැන වගේම ඒවා වීඩියෝ කරලා දාන අය ගැනත්, ඒවාට කොමෙන්ට් දාන අය ගැනත්. ඇත්තටම ඒ විදිහට හැසිරෙන්නේ මානසික අබාධ නිසා.

    අනිත් වැඩියෙන්ම පිඩනයට පත්වෙන්නේ ළමයි. දෙමවුපියනට ඕනේ විදිහට ඉගෙන ගන්න, කියන විදිහට ඉන්න බැරි උනහම පුදුමාකාර දුකක් විඳින්නේ. අපි ගොඩක් අය ඕටිසම් ස්පෙක්ට්‍රම් එකේ කොහේ හරි ඉන්නවා. ඇන්සයටි, ඩිප්රේෂන් කියන්නේ පිස්සු නෙමෙයි. ඒවාට ප්‍රතිකාර තියනවා. ඒත් ඒ ගැන ගොඩක් දෙනා දැනුවත් නැහැ

    - පාරදිගේ - paaradige-ontheway.blogspot.com (මොකක් හරි හේතුවකට මගේ අකවුන්ට් එකෙන් කොමෙන්ට් කරන්න බැහැ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට . ඇත්තටම ඒක තමයි ප්‍රශ්නය . ඔබත් එකක් එකඟයි . මානසිකව වැටුණු අය ගොඩක් ලංකාවේ ඉන්නවා . හරි ප්‍රතිකාරයක් තිය ඒව ගැන අවබෝධයක් වත් නැති . මම දන්නා එක්තර ප්‍රවීන ජන මාධ්‍යවේදියෙක් හා ග්‍රන්ථ රචකයෙක් මට වරක් කිව්වා ඔටිසම් තියෙන උන් මරා දාන්න ඕනේ . ලෝකෙට කරදරයක් කියල . මම බොහොම ඉවසිලිවන්තව ඒ මොකක්ද කියල කීවට පස්සේ එයාම සමාව ඉල්ලුව විතරක් නෙමේ . ඊයේ පෙරේද දවසක කිව එයාගේ ළමයටත් තියනවද දන්නේ නැහැ කියල . ඒ වගේ යටත් අනවබෝධය තියනවනම් ඉතින් කවර කතාද

      Delete
    2. කමෙන්ට් කරන කොට එනවා ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් . මුලම තියෙන්නේ ඇනොනිමස් එක . ක්ලික් කෙරුවහම නම එයි . ඊලඟ චොයිස් එක ලෙස

      Delete
  2. මට ඒ කතාව කියවනකොට හිතුනේ ඕකේ අනිත්පැත්ත . ඉස්සර අපි ඔය විදියට ශේප් එකේ බලන් ඉඳල , හිතින් විතරක් පෙම් කරන්නම් දුරින් ඉඳ ඔබ දෙස බලන්නම් ආකාරයට හිත හදාගෙන පාඩුවේ හිටපු ඒවා සීයක් විතර මතක් වෙනවා .

    දැන් කාලේ නැත්තේ ඒ ඉවසීම කියල හිතෙන්නේ නැද්ද ? අපිට දකින දකින එක ලබා ගන්න ඕනේ උනා ද ? මම හිතන්නේ අපිට එහෙම දැනෙන උවමනාව පාලනය කරගෙන ඉන්න පුළුවන් කම තිබ්බා ඒ පොතෙන් කියන්න හදන්නේ මෙහෙමත් පුලුවන් , මේ විදියේත් අමුතු ආතල් එකක් තියෙනවා කියන පණිවිඩය දෙන එක කියලයි මම හිතන්නේ .

    මට නම් ආස හිතුනු පොතක් ,

    ඔච්චර පිස්සු කෙලියේ නැති උනත් , කෙල්ලෝ වෙනුවෙන් ඔය වගේ වැඩ කරලා , එකෙන් සතුටු වෙලා , අදටත් ඒවා ගැන අහිතක් නැතුව කතා කරන යාලුවෝ මට නම් ඉන්නවා .

    කොටින්ම තව ටිකක් නාකි උනාම මටත් ලියන්න ඔය වගේ කතා තියෙනවා ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. පැතුම් මේක ලීව එක හොඳයි . ලිපිය අප්ඩේට් කරන්න ඕනේ මේක දාල . අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තිබුන හෝ තියෙන්නේ ඇති පාසැල් යන කාලේ . අටේ නමයේ පන්තියේ ඉඳන් උසස් පෙළ වෙනකන් . ඒ තිබුණු සංස්කෘතික සමාජය තුල . එකෙ අවුලක් නැහැ . ටියුෂන් යන කාලේ කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන් එක , පස්සෙන් යන එක තියෙන්න ඇති . දැන්නම් කාමර වලටත් යනවා ඇති . ප්‍රශ්නේ ඒක නෙමේ . වැඩිහිටියෙක් ඒක කරන එක . ඊට පස්සේ ඒක උතුම් ප්‍රේමයක් කියල ටැග් කරල පොතකුත් ලියල. අවුලේ නේ . මයිකල් ජැක්සන් පොඩි කොල්ල කාලේ හෝ ගැටවර වියේ (ටීනේජර් ), පිරිමි ළමයෙක් එක්ක කාමරේ නිදා ගන්න එක ප්‍රශ්නයක් නෙමේ . නමුත් වැඩිහිටික් වශයෙන් පොඩි පිරිමි ළමයෙක් (අනුන්ගේ ළමයෙක් ) එක්ක නිදා ගන්න එක ප්‍රශ්නයක් .

      Delete
  3. ඉහිම් ඉහිම් මේක කියවලා මගේ හදවත සුණුවිසුණු උනා අප්පා.මං ඒ ප්‍රේමෙට කයියකුත් ලිව්ව පොත කියවල ඉවර උන ගමන්ම.හැබැයි ඉතින් පොඩ්ඩක් නැවතිල්ලේ හිතුවම මේ කියලා තියෙන,සමහර දේවල් ඇත්තත් තමා.ඒ උනාට ඉතින් පොත කියවලානම් මං රසයක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. පොතේ භාෂාවේ හෙම අවුලක් නැහැ . ලියන්න පුළුවන් කෙනෙක් නිසා ආලවට්ටම් දාල ලියල් තියනව . දැන් ඔය ප්‍රේමයට කයියක් ලියන්නේ කොහොමද එක පාර්ශ්විකව හිතන් හිටපු ආදරයක් වගේ එහෙකට . ඔයා දිහා කවුරුහරි මාස ගානක් තිස්සේ යන එනතන් හොරෙන් බල බල ඉන්නවනම් ඔයා කැමතිද? කසාද බඳින්න කලින් . දැන්නම් ගානක් නැතිව ඇති හබි ඉන්නවනේ ආරක්ෂාවට කියල . එහෙම නැත්නම් . ඔයා බය වෙන්නේ නැත්ද ? බාර ගන්නවද ආදරයක් කියල .

      Delete


    2. බලන් ඉන්නවා කියල නොදැන ඉන්නකං අවුලක් නෑ.දැනගත්තම අවුල් තමා ඉතින්.
      https://kavisandalla.blogspot.com/2024/07/blog-post.html?m=1
      කයිය තමා මේක

      Delete
    3. මම කමෙන්ට් එකක් දාල තිබ්බ . කවිය ලස්සනයි , ඔයයි රවියි දෙන්නම කියල තිබ්බ නිසාම පොත ගත්තේ . ඉවානුත් හොඳයි වගේ කතාවක් කීවද කොහෙද . මගේ අදහස තමා ඉතින් ඔය . /ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී

      ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී

      මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී

      අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී// මේක බොරුවක් නේ ඉතින් . එය ආදරයක් අරන් ආවේ නැහැ . තමන්ගේ ඔෆිස් එකට ගියා මිසක් . ඒ සුන්දර වටාපිටාව වින්ද ගෙන

      Delete
  4. ඇත්තටම අජිත් මහත්මයා , සමිධ අර ගැටවරය ගෙදරට ගෙන්න ගන්නකොට මම හිතුවෙ සමරිසි ප්‍රේමයක් පටන්ගන්න යන්නෙ කියලා. මගෙ විශ්වාසය නම් කතාව සමරිසි ප්‍රේම මාවතක අරන් ගියානම් හොඳයි කියන එක. ඔබතුමා මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. කතාව රැඩිකල් කරන්න තිබ්බ ඒ විධිහට . හැබැයි එතකොට ස්වර්ණ පුස්තක සම්මානේ ලැබෙන එකක් නැහැ 😀

      Delete
  5. මොකෝ කමෙන්ට් මොඩරේට් කරලා?

    ReplyDelete
    Replies
    1. අවුරුදු කීයකින්ද මේ පැත්තේ ආවේ . දැන් ගොඩක් කල්. අනවශ්‍ය කමෙන්ට් වැටෙන නිසා

      Delete
  6. Replies
    1. අම්මට සිරි . නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බසු තැන ඇවිත් නේද ? මම හිතුවේ අර සෝවියට් කෑම වලියෙන් පස්සේ මේ පැත්ත දිහා බලන එකක් නැති වෙයි කියල . 😀 හ්ම්ම් කියන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති හ්ම්ම්ම්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .