නවක වදය පිලිබඳ ලොකු සංවාදයක් යන මේ දිනවල මොස්කව් නුවර දී විඳි "නවක වදය " ගැනද යමක් ලියන්නට සිතුනි. අසූ හතර වසරේ අගෝස්තු මස මොස්කව් ගිය අපට නැවතීමට ලැබුනේ උනිවෙර්ට්ස්කයා එනම් විශ්ව විද්‍යාල හෝටලය නමැති විශාල හෝටල් සංකීර්ණයේය. එය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට අයත් එකකි. එතැනදී අපව හොඳින් පිලි ගත්තේ ඒ සඳහා යොදවා සිටි තරුණ කොම්සොමෝල් සාමාජිකයන් සමූහයකි. එහි දින දෙකක් පමණ සිටි පසු මට මාදි හෙවත් මොස්කව් මහා මාර්ග සංවර්ධනය පිලිබඳ (සිවිල් ඉංජිනේරු) ආයතනයට යාමට සිදුවිය.
එහි නවාතැනේ ඉන්දියන් කාරයන් දෙදෙනෙකු සමග මුල් කාමරය ලැබුණු අතර ඇඳ රෙදි ආදිය සලසාගෙන ජ්‍යෙෂ්ඨ සිසුන් ද හමු වුනෙමු. නවක වදයේ පළමු කොටස ලැබුනේ වැසිකිලි යාමේදී ය. ඒ වැසිකිලි වල දොරවල් නැත. ඒ මදිවාට අහවල් දේවලින් පිරිද තිබුණි. වතුර ගැසීමේ පුරුද්දක් එහි නැති නිසා දම්වැල ඇද්දා ට හරියට වතුර වැඩ කරන්නේ නැත.
මේ වැසිකිලි ප්‍රංශ ක්‍රමයේ ඒවාය. නොයෙකුත් රටවලින් පැමිණි සිසුන් මේවා භාවිතා කරන්නේ නොයෙක් විධිහට නිසා එය ප්‍රශ්නයකි. ඉතින් වැඩේ තද කරගෙන නැවත අර හෝටලයටම ගොස් පැමිණියෙමි. එයට පැයක පමණ දුරක් උමන් දුම්රියෙන් යා යුතු විය. තවමත් ලංකාවේ සිසුන් සිටි නිසා දින දෙකක් එසේ කලෙමි. ඉන්පසු කලේ අසල පිහිටි අනිත් ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ නවාතැනට යාමය. එහි වැසිකිළි වල දොරවල් තිබුණි. දින දෙක තුනක් එසේ කලත් පන්ති යන්නට පටන් ගත් විට හා රාත්‍රියට එසේ කල නොහැකි විය. ක්‍රමයෙන් ශීත සෘතුවද පැමිණේ.
ඉන්පසු මා තට්ටු පහේම ඇවිද හොඳ වැසිකිලියක් සෙවීමයි. එසේ තෙවෙනි තට්ටුවේ සිටියදී මට හමු වුනේ දොර අසලම එකකි. අනිත් තැන් පිරිලාය. මගේ කරුමයට වැඩේ අවසන් කල එකෙක් දොර හැර ගෙනම පිටව ගියේය. දොර නැවත වැසුනේ නැත. අපේ අවුරුද්දේ ම උගන්නා පියකරු මැඩගස්කර් කෙල්ලන් රංචුවක් එතනින් ගියේ එවිටය. උන් මදෙස බලා කටවල් අතින් වසාගෙන මහා කිචි කිචියක් නගමින් ඇදුනෝය. ඔලුව බිත්තියේ ගසා ගන්නට සිතුනේ එවිටය. දින දෙක තුනක්ම උන් සිටින පන්තිය අසලින් නොගියෙමි.
ඉහත කී තත්වය ඇති හොස්ටල් එකකට තිබුනේ අප සිටි එක පමණි. අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර හොඳ ඒවාය.
මේවාට පසුව පුරුදු වුනෙමි. සමහර දවසට නාන කාමරය කැඩිලා නාගන්නට විධිහක් නැත. එවිට අප බොහෝ විට මුහුණ සෝදන්නට ඇති කාමර වලට ගොස් නෑවෙමු. ඒවායේ සින්ක් 5ක් පමණ තිබේ.මෙහිදී දොරවල් කඩා ඇති නිසා සාමන්‍යයෙන් පෙරවන ඝන රෙද්දක් ගෙන දොර හැටියට එහි ඇති ළීයක දමා වසා දැමීම සිසුන් පුරුද්දකට කරති. සිසුවියන් ස්නානය කරන්නේ නම් එක අයෙකු එළියේ රැක සිටීම පුරුද්දකි. එක තට්ටුවකට වැසිකිලි පද්ධති දෙකක්ද මෙවැනි සින්ක් සහිත කාමර දෙකක්ද පොදු කුස්සියක්ද තිබේ. දවසක් බොහෝ රෑ වී (12.00 ට පමණ) කෑම කා පිඟාන සෝදන්නට කුස්සියට ගියෙමි. එහි සින්ක් වල භාජන පිරි තිබු නිසා අසල ඇති මුහුණ සෝදන කාමරයට ගියෙමි. කවුදෝ නාමින් සිටි අතර එළියේ කවුරුත් නැති නිසා සිටින්නේ පිරිමියෙකු යයි සිතා ඇතුලට ගියෙමි. අහෝ එහි සිටියේ මෝහිනීය.
පලමු වසරේ ජ්‍යෙෂ්ඨ පලස්තීන (අරාබි) සිසුවියක එහි නහමින් සිටියාය. දිගට ඇදුනු කළු කොණ්ඩයක් ඇති ඇය රැයේ කවුරුත් නොඑවී යයි සිතා නෑමට පැමිණ ඇත. ඒ මදිවාට ඇය වම් කකුල සින්ක් එකක් උඩ තබාගෙන අතුල්ලමින් සිටියේ මුළු ඉදිරිපසම නිරාවරණය වන අයුරුනි. පියවි සිහිය එළඹුණු පසු මා ඇයට "සිංහලෙන් සොරි " කීවෙමි. ඉන්පසු ඉංග්‍රීසියෙන් එක්ස්කියුස් මි පාරක්ද දමා අන්තිමට යන්තම් ඉස්විනිත්යේ මින්යා (සමාවෙන්න මට) යයි රුසියානු භාෂාවෙන් කියා ගතිමි. ඇය කිසි ගණනක් නැතිව ම දෙස බලා සිනාසී "නිචිවෝ" (ගණන් ගන්න එපා) යයි කීවාය. කුස්සියට ගොස් අත පමණක් යන්තම් සෝදා ගෙන හති හලාගෙන කාමරයට දිව්වෙමි. කාමරයේ සිටි ජ්‍යෙෂ්ඨයා ඇසුවේ "මොකද යකෝ තෝ මෝහිනී දුටුවාද " කියාය. " අර හ.. හ..ඇබ්බි කවුරුත් එළියේ මුරේට නැතුව අමු නිර්වස්තරෙන් නා ,,,,," හති හලාගෙන කියන්නට ලැබුනේ එපමණකි. බාගෙට බත් කකා සිටි කාමරේ උන් දෙන්නා පිඟන් සෝදන්නට දිව ගියෝය.
අපේ හොස්ටල් වල උතුරු කොරියාවෙන් පැමිණි සිසුන්ද සිටියහ. ඔවුන් සියල්ලෝම ඇන්දේ එකම ඇඳුමකි. එනම් සුදු කමිසය, අළු පැහැති ටයි එක, අළු පැහැති කබාය, අළු පැහැති කලිසමය (suit ). ඔවුන් සියල්ලෝම එකම ජාතියේ අළු පැහැති ශීත කබායක් ඇන්දහ. ගැහැණු ළමුන් සිටියේ නැති අතර ඔවුන් එවන්නේ රුසියානුන් පමණක් සිටින විද්‍යාල වලට පමණක් බවත් අඳින්නේ එකම විධිහේ සායක් හා බ්ලවුසයක් බවත් දැන ගතිමි. එය ඔවුන්ගේ රජයෙන් නියම කරන ලද ඇඳුම බවත් වෙනත් ඇඳුම් ඇඳීම තහනම් බවත් පසුව අනාවරණය කර ගතිමි. අනිත් පිටරට සිසුන් සියල්ලෝම නොයෙකුත් ජාතියේ ඇඳුම් ඇන්ද අතර දුප්පත් මට නම් තිබුනේ කොටුවෙන් මසා ගෙන ගිය කලිසම් කිහිපයක් හා එක සූට් එකක් පමණි. සෝවියට් නංගිලා හා මල්ලිලා පිට රැටියන් ගෙන් මිලදී ගත් පට්ට ගැසූ ඩෙනිම් ඇඳ සිටියහ.