Wednesday 4 May 2016

පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු

ඒ දිනය ඉතාමත්ම මතකයේ රැඳුනු දවසක් වූවා යැයි කිව හැකියි. නෙළුම් යාය උළෙලට එන ගමන්ම පොතේ වැඩෙත් කරලම යන්න අජිත්" කියල කිව්වේ ආදරණිය චූලානන්ද සමරනායකයන්ය . මේ ගැන මම කලින් ලිපියකද  සඳහන් කළෙමි.  ඔහු,  නිශාන්ත පරණගම මල්ලි හා  එකතුව,  මා නෙළුම් යාය උළෙලේ සංවිධාන වැඩ කටයුතු අතරේ සිරවී සිටිද්දී පොතේ ලිපි තෝරා  පොත  මුද්‍රණය කිරීම ආදිය  සංවිධානය කළේය. ධර්මසිරි බණ්ඩාරනායක නමැති සිනමා කලාවේ ප්‍රබලම පෙරටුගාමියෙකු ගේ සහයෝගය ලබා දී පොත එළි දැක්වීම සඳහා  ස්ථානයක් සොයා ඒ කටයුතු කළේද චූලාමය.

මට තිබුණු වෙලාවේ මදකම දැනගෙනදෝ එදා දවස ගැන සහෘදයන්ට දැනුම්දෙමින් බ්ලොග් ලිපියක් ලීවේ කල්‍යාණ මිත්‍රයා  සුමිත් කලනසිරිය.  මේ පොඩි පහේ උත්සවය මෙහෙයවන්නට  ඉදිරිපත් වුනේ අපේ ආදරණිය මිත්‍ර ඉවාන්  පව්ලුෂා හෙවත් ප්‍රගීත් අනුරාධයි. සැබවින්ම එම කාර්යය ඔහු මැනවින් ඉටු කළේය.
ප්‍රගීත් අනුරාධ 

මේ සියල්ල වීඩියෝගත කළේ බිබිසියේ චමී මල්ලි නමින් අපි හඳුන්වන චමී දිසානායකය.  වීඩියෝව මෙතනින් බලා  ගත හැක.  උත්සවයේ සියළුම ඡායාරූපයන් දක්ෂ ලෙස කැමරාවට හසුකර ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව මල්ලිය. හඳුනා අවුරුද්දක් වත් ගත නොවුණු  බ්ලොග් සහෘදයන් බොහෝ දෙනෙක් එතනට පැමිණ සිටීම මා දිරි ගන්වන්නක්ම විය. ඔබලා සැමගේ නම් මෙහි සඳහන් නොකලත් ඔබලාට මම හදවතින්ම ස්තූති කරන බව ඔබලා දන්නවා ඇතැයි සිතමි.
සුමිත් කලණසිරි 

මුලින්ම හැඳින්වීම කළේ සුමිත් කලනසිරියි.   ගමේ සිට කොළඹ පැමිණි අජිත් ගම තවම හිතේ තබාගෙන ජිවත් වන බව කොළඹ ගමයා කියන නම භාවිතා කිරීමෙන්ම පැහැදිලි වෙනවා යයි  ඔහු පැවසීය. මට සිතෙන්නේ මට එයට එකඟ  විය හැකි බවයි. කුඹුක්කන් ඔයේ දියබුං ගසමින් නෑ හැටි,  කමතක "සම්බෝලේ" සෙල්ලම් කරපු හැටි කවදාවත් අමතක වන දේවල් නොවේ.  සම්බෝලේ සෙල්ලම් කරනවාට  කියන තවත් නමක් නම් පොල්කටු කැඩීමයි.  පොල් කටු ටික එක උඩ  එක තබා බෝලෙන් ගසා  කැඩීමෙන් පසු සියල්ලෝම  දිව යති.  තරඟයෙන් ඉවත් කිරීමට බෝලෙන් ඇඟට ගහන පාර ඉතා සැරය. සම්බෝලේ දෙනවා කියන්නේ මෙයටය. කොළඹ  ළමයි මේ සෙල්ලම හැඳින්වුයේ ටින් කැඩීම ලෙසය. කොළඹ වඩා  ලෙහෙසියෙන් සොයාගැනීමට හැකි හිස්  ටින් වන නිසා විය හැක.  දවා ලීමට ඇඟට ගහන පාරට කීවේ  සබ්බුව දීම වැන්නකි.
චූලානන්ද සමරනායක 

ප්‍රධාන දේශනය කළේ. චුලානන්ද සමරනායකයන් විසිනි.  ඔහු මුළු පොතම කියවා ඇති බව මට වැටහුනේ පහේ පන්තියේ කතාව  මෙන්ම සෝවියට් දේශය ගැන ලියු අදහස් හා අත්දැකීම් ගැන ඔහු කළ අගය කිරීමෙනි.

පොල් කට්ටෙන් එපිටට පොත පිලිබඳ මුල්ම විවේචනය පැමිණියේ මගේ වැඩිමහලු සොහොයුරිය ගෙනි. ඈ  පැවසුවේ ඉන්දියාවේ දී මියගිය දෙදෙනා ගැන මා  සානුකම්පිතව ලියා නැති බවයි. මගේ අදහස වූයේ එතන තනිකරම තිබුනේ තරාතිරම් වාදයක් නිසා ඒ ගැන ලිවීමේදී සිදුවූ මරණය ගැන අනුකම්පාව අදාළ  නොවන බවයි. ඇගේ දෙවැනි නිරීක්ෂණය මා රාජකීය විදුහලට යාමට  අකමැති වූ  බව දෙතැනක කියා ඇති බවත් එදා මම එතරම් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැති බවත්ය. මා රාජකීය විදුහලට අකැමති වූයේ නැති අතර විරුද්ධ වූයේ සිටි  පාසැලෙන් අස්  කර ගැනීම ගැනය. ඇත්ත වශයෙන්ම මා රාජකීය විදුහලට ආදරය කරමි. එය මා ඉගෙන ගත් විදුහලයි. මා ලියන්නේ විදුහල ගැන නොව එහි සිටි අය (ගුරුවරු ආදීන්) ගැන  හා ඔවුන් මගේ ජිවිතයට බල පෑ අන්දම ගැනය.
දීප්ති කුමාර ගුණරත්න 

මගේ කොළඹ ගමයා බ්ලොගය පටන් ගැනීමේදී ඒ සඳහා  මුල් හේතුවක් වූයේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ ප්‍රතිචාරයකි. මගේ නමින්ම පැමිණ බ්ලොග් ලිවීමට මා සිතුවේ එවිටය. මා බොහෝ කලක සිට මගේ පාසැල් මිතුරකු වන අමර හඳුන්වා දුන් X  -   කණ්ඩායමේ ලිපි කියවූ අයෙක්මි. බොහෝ විට දීප්ති කුමාර ගුණරත්නගේ ලිපි හා පොත් දර්ශනවාදය හා මාක්ස්වාදය  පිලිබඳ පසු කාලීනව මගේ අදහස් වලට එල්ල කලේ දැඩි බලපෑමකි.  ඒ නිසාම ඔහුට පෙරවදන ලියන්නටද ආරාධනය කලෙමි. එහි ඇති විවේචනාත්මක අදහස් මට පිළිගත හැකිය. ඔහු සඳහන් කළ ඇතැම් ලිපි පොත දිග වැඩි වෙන නිසා ඉවත් කර තිබේ. එක ලිපියක් මෙහි තිබේ.
මාහට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ අවුරුදු 28 කට පමණ පසු මා මුලින්ම රුසියන් භාෂාව අධ්‍යනය කල මොස්කව් හි මාදි (මාර්ග හා සිවිල් ඉංජිනේරු)  විශ්ව විද්‍යාලයේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවෙකු හා ආදරණිය මිතුරෙකු ගේ පැමිණීමය. ඔහු මට බොහෝ කලාත්මක චිත්‍රපටි ගැන විස්තර කළේය. මොස්කව් වල හිම වලින් පිරි මාවත් ඔස්සේ එම චිත්‍රපටි ගැන සාකච්චා කරමින් ගමන් කල සුන්දර ඉතිහාසයක් අප අතර තිබේ.   පොතේ ජපන් ජාතික සිසුවකු ගැන වූ ලිපියේ ජපනා ගේ නම මට මතක් කර දුන්නේ ද ඔහුය. කසාක්ස්ථානයේ සිවිල් ඉංජිනේරුවකු ලෙස සේවය නිම කර ලංකාවට  හදිසියේ පැමිණ සිටි ඔහුගේ සහභාගිත්වය  හා ඔහුට පොතක් ප්‍රධානය කිරීමට හැකි වීම මහත් ප්‍රීතියට හේතුවක් වුනි. 
හේමාලි සෙනෙවිරත්න 

මා සෝවියට් දේශයේ  මොස්කව් හි විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සිටි අවධියේ ජේෂ්ඨ ශිෂ්‍යාවක් හා හොඳම මිතුරියක් වූ හේමාලි සෙනෙවිරත්න (පෙර - කරුණානායක )  ගේ පැමිණීමද දැඩි සේ අගය කරමි. ශ්‍රී  ලංකාවේ ක්‍රමයට ආහාර ඉතා රසට අහර පිසින්නට මෙන්ම හොඳින්  ඉගෙනීම කරන්න ටද එකසේ දක්ෂ වූ නිහතමානී ජ්‍යෙෂ්ඨ සිසුවියක වූ   ඇය දැන්  ලංකා විදුලිබල මණ්ඩලයේ සෞඛ්‍ය  හා ආරක්ෂාව පිලිබඳ  සාමාන්‍යාධිකාරී වරියයි. මා  එදා දුටු නිහතමානී ගතියෙන්ම යුතු ඇගේ පැමිණීමද ඉමහත් සතුටට කරුණකි. 

ධර්මසිරි බණ්ඩාරනායක නමැති විශිෂ්ඨ සිනමාවේදියා හා කලාකරුවාණන්  ගැන හඳුන්වන්නට අවශ්‍ය නැත. හංස විලක් සිට තුන්වෙනි යාමයෙනුත් එපිටට කල ඔහුගේ විශිෂ්ඨ නිර්මාණ නිසාම ඔහුගේ නම සිතේ කෙටී  තිබේ.ත්‍රිකෝණය සංස්කෘතික මධ්‍යස්ථානයේ  ස්ථානය මේ උළෙල සඳහා නොමිලේ  ලබා දුන්නේද ඔහුය. පොතක් එළි දක්වන්නට පැමිණි මට ඔහුගේ මේ කාරුණික භාවය ඉමහත් පිටිවහලක් විනි.

මගේ පොතේ කොකාකෝලා , ස්ප්‍රයිට් වැනි බිම වර්ග වලට  වඩා සෝවියට් සංගමය වැනි රටවල තිබු පලතුරු යුෂ පානය දැන් බටහිර රටවල වඩා ජනප්‍රිය බව කීවෙමි.  එනමුදු වඩා  ලෙහෙසි යයි පවසා එදින සභාවෙන් පසු පානය සඳහා සැපයීමට මට අවවාද ලැබුනේ  එවැනි (කොකාකෝලා වැනි ) බිම වර්ග සපයන ලෙසය. මා ගත් දොඩම් යුෂ කාර්ටන් එක කිසිවෙක් බී තිබුනේ නැත.

ඔබ සියල්ලන්ගේම උදව් වලටත් එදා සහභාගිවීමටත් මගේ හෘදයංගම ස්තුතිය නැවත  පල කරමි.

"පොල්කට්ටෙන් එපිටට " පොත් ඇමේසන් වෙතින් එංගලන්තයේදී මිලට ගත හැක.

එසේම සරසවි, ගොඩගේ ආදී පොත් හල වල  විකිනීමට තිබේ. සුමිත් කලනසිරි මහතා හා චුලානන්ද සමරනායක මහතා  ගෙන්ද විමසිය හැකිය. 


මගේ මිත්‍ර  සරෝජ් පතිරණ සමග ඔහු ලියූ ද්‍රෝහියාගේ දියණිය " පොතත්  මගේ "පොල්කට්ටෙන් එපිටට " පොතත් ලන්ඩනයේ අපේ සහෘදයන්ට හඳුන්වා දීමට සැරසෙමි. 

මේ එහි විස්තරයයි.

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.

සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "

විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්   

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට 


විජිත ගුණරත්නයන්  ගේ   "වලා  පටල " 

සංවාදය හා චිත්‍රපටිය 


මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 



WHEATSHEAF HALL
Main Avenue
Enfield
EN1 1DS
එදා උත්සවයට පැමිණි සහෘදයන්ගේ ඡායාරුප කිහිපයක් මෙහි පල කරමි. 
ඉතිරිය මගේ ෆේස්බුක් පිටුවේ ඇත.
චූලා , දුලිප්, ප්‍රගීත් 

දීප්ති 
හේමාලි සහ මගේ මව 


චූලානන්ද සමරනායක  , ධර්මසිරි බණ්ඩාරනායක  සහ මාතලන්, කසුන් 

ප්‍රදීප්, සංජය , බෝධිනී 

ප්‍රදීප් , මාතලන් 

හේමාලි , පසන් , යශෝධා , ඔමා 

ඔමා, යශෝධා, බෝධිනී 

කටුස්සා , කසුන් , දුලීප් 

රසික 


ධර්මසිරි බණ්ඩාරනායක , හේමාලි 

සම්පත් සුදුසිංහ, ඔමා සහ රසික 


දුලිප්, සින්දු ඇනෝ , කසුන් 

බස්සී, බස්සා හා ඔසී 

උපුල් ෆෙර්ණන්ඩෝ, රසිකගේ කාඩ් නයා 

රන්දිකා හා උපුල් , ජයම්පති බුලත්සිංහල 

සුදීක , උපුල් නිශාන්ත , ජයම්පති 



ෆේස්බුක් පින්තුර පිටුවට මෙතැනින්  යන්න 

75 comments:

  1. කොළඹ එවුන්ට හිස් ටින් කියලා ආපහු කොළඹ එනවා එහෙම නෙමේ හරිද මල්ලි.

    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි.(MG's cover)

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ඒ හරුපෙ තේරුම? ධනුශ්ක ගේ සින්දුව නම් හොඳයි.

      Delete
    2. හෙහ් හෙහ්

      Delete
    3. /////කොළඹ වඩා ලෙහෙසියෙන් සොයාගැනීමට හැකි හිස් ටින් වන නිසා විය හැක. ///////////

      විහිලුවට බන් ලිව්වේ.

      Delete
    4. ආ හරි මට ඒක අමතක වුණා එහෙම ලිව්වා කියල. දැන් නේ තේරුනේ සබැඳියාව.

      Delete
    5. කොලමබ වැඩිපුර තියෙනෙන් හිස් ටින් බං. වැඩ කරලා කරලා සාරය ගිහිල්ල.

      Delete
  2. මං ඉස්සෙල්ලම බ්ලොග් එකක් කියලා කියෙව්වේ කොලඹ ගමයා බ්ලොග් එකයි.. මේ නනම ඇහෙනකොට මට හිතුනේ අර උඩ තිබුනු කාරනේම තමා..

    සුභ පැතුම්... තවත් ලියන්න හැකිවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි නංගි. මට හරිම සතුටුයි මගේ බ්ලොග් එක මුලින්ම කියෙව්ව කිව්වහම.

      Delete
  3. සෑහෙන කටටක් කාලයි එදා ඔය උත්සවේට ආවේ. මං එනකොට වැඩ ඉවරවෙලා කට්ටිය යන්න යනවා. බෝධිනී රණ්මැණික් සිටි බවක් දුටුවේ නෑ.

    ඒ එක්කම දොඩම් යුෂ පෙනෙන්නට නොතිබුණු බව ද කිව යුතුයි. දැක්කා නම් මං බොනවා. ටීපෝව උඩ තිබුණේ "පියෝ බෙවරෙජස්" පමණයි!

    ReplyDelete
    Replies
    1. කට්ටක් කාල ආපු එකට ගොඩක් ස්තූතියි. දොඩම් යුෂ අයින් කරලා තිබිල මම අරන් ගියා.

      Delete
  4. ඔය බෝලෙන් ගහන සෙල්ලම අපි කළේ පොල්කටු හෝ ටින් හෝ කිසිම දෙයක් නැතුවයි.

    දෙපිලකට බෙදිලා බෝලේ පාස් කරමින් විරුද්ධ පිළේ උන්ට බැෂ්ටිය/සම්බුව/සම්බෝලේ දෙනවා. බාස්කට් බෝල් /නෙට් බෝල්වල වගේ ඟැදින් පැනලා බෝලේ උදුරා ගත්තාම අනිත් පිළේ වාරේ එනවා.

    කොළඹ ගමයා පොල්කට්ටක්, අරූ හිස් ටින් එකක්. මං නිකමෙක්!!!

    ReplyDelete
    Replies
    1. නැහැ එහෙම වෙනම ගේම් එකක් තිබෙනවා. ඒක දැනුත් පේ ළමයි සෙල්ලම් කරනවා. සම්බෝලේ කියන්නේ අර ගේම තමයි.
      කොළඹ ගමයා පොල්කට්ටක්, අරූ හිස් ටින් එකක්. රසික සුපර් ඔසියෙක්.

      Delete
  5. Replies
    1. спасибо. чтно бы паитный на тнваию уровню нада напихать монога книг.

      Delete
  6. හරි ආසාවෙන් කියෙව්ව සතුටුයි අජිත් අයියෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැවා, අර ට්‍රිප් එක අමතක කරන්න එපා. අපි එනවා.

      Delete
  7. අර ඕමයි බස්සියි දෙන්නම කනවා විතරයි නේ , හැක හැක

    ReplyDelete
    Replies
    1. මම නම් ඕකට මුකුත් කියන්න ගියේ නැහැ. කෑම ඉතුරු වෙච්ච නිසා.

      Delete
  8. උඹ ඇත්තටම කෙටි කාළයක් තුල බ්ලොග් උඩු යටිකුරු කළ පොරක් අජිත්...

    ගල් හෝ ගාලා එන්නේ ඒක නිසයි... උඹේ පොත මම ගත්තෙ නෑ... හේතුව ගොඩක් දේ අමතක උනත් උඹේ ළිපි මට හොඳට මතකයි... ඒ උඹේ ලිවිල්ලේ තියෙන දක්ෂතාවය. එකම වැරැද්ද... උඹේ ලිපිවල ළිවීමේ පිලිගත් සම්ප්‍රදායන් නැති වීම... හැබයි ඒක මට කිසි අවුලක් නම් නෙමෙයි... මම හිතනවා චූලත් මේ ගැන උඹට කියන්න ඇති කියලා..

    ජය වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ඔස්තාර් කෙනෙක් ගෙන් නියත විවරණයක් ලැබීම. එහෙම උනානම් හොඳයි.
      පොත අර කොල්ලුපිටියේ "සුමිත් කලනසිරි" මධ්‍යස්ථානයෙන් නිකන් බෙදා හරිනවා කියල ආරංචියක් ලැබුණ. ගියා නම් හරි. ජයසිරි අලවත්ත හෙම කිව්වා කතා කරන භාෂාවෙන් ලියන භාෂාවට එන්න කියල. උඹේ විවේචනය් සාදරයෙන් පිලි ගන්නවා. උඹ පිළිගත්ත සම්ප්‍රදාය කියන එකෙන් අදහස් කලේ මොකක්ද? ජයසිරි කිව්ව එකමද?

      Delete
    2. චේද ළොකු වැඩියි.... දෙබස් වල යොදන්න ඕන ඉස්ටෑන්ඩඩ් කෑලී නෑ... ඒ වගේ පොඩි කේස් ටිකක් විතරයි තියෙන්නේ වෙන අවුලක් නම් මට නෑ.... කියන භාෂාවෙන් ලිව්වාම මිනිස්සුන්ගේ හදවතට වදිනවා... ආච්චි කියපු කතන්දර අදටත් මතක ඒක නේ..

      Delete
    3. චේද වැඩේ හදා ගන්නම්. ඕක රවියත් කිව්වා. //දෙබස් වල යොදන්න ඕන ඉස්ටෑන්ඩඩ් කෑලී නෑ// මොනවාද බං ඒ බස් ස්ටෑන්ඩ් වල දාල යන ඉතුරු කෑලිද?

      Delete
    4. eg: "I Love you...", bethe if the letters are in Italic

      Delete
    5. එහෙම කියහන්. ඔන්න දැන් තේරුණා.

      Delete
    6. උඹ ඇත්තටම කෙටි කාළයක් තුල බ්ලොග් උඩු යටිකුරු කළ පොරක් අජිත්...ගල් හෝ ගාලා එන්නේ ඒක නිසයි......,

      පාසල්සමකාලින වූ මට 2014 දී මටම කියලා සම්මානයක් ලබා දීම .....

      බජට් නැති ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මකකර පෙන්වීම .....

      කොලේ වහලා ආණ්ඩුවේ පාන්ඩු වැඩේ කීරීම..

      රජයෙන් මුදලින් පිනට ලබාගේන එයට දත නියවීම .....

      පොඩි එවුන්ට සම්මාන ලබාදී රටපාලුවන්ට පොර මන් වීම .......

      Delete
    7. //පාසල්සමකාලින වූ මට 2014 දී මටම කියලා සම්මානයක් ලබා දීම .....
      // ඔහුට සම්මාන දීමේදී ඔහු පාසලේ සිටිනවා තියා දැකලවත් නැත.
      //බජට් නැති ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මකකර පෙන්වීම .....// බජට් පෙන්වන්නට මා බැඳී නැති අතර මුදල් ලබා ගත අය අවශ්‍ය නම් ඒවා කරනු ඇත. කොටිනම් ඇනොලට බජට් පෙන්වන්නට අපි බැඳී නැත.

      Delete
    8. කොලේ වහලා ආණ්ඩුවේ පාන්ඩු වැඩේ කීරීම..
      -- ඕන එකක් හිතා ගනින්. අනිත් එවුන් මොනවා කලත් මම කරන්නේ මොකක්ද යන්න මා දන්නා දෙයකි.

      රජයෙන් මුදලින් පිනට ලබාගේන එයට දත නියවීම ....
      - රජයේ මුදල්? ඇයි ඒවා රජයට දුන්නේ කවුද? රජය කියන්නේ මොකක්ද? ඒකෙ වැඩ කරන එවුන්ගේද? ඔය වගේ මෝඩ කතා නිසා තමා රජයේ දේවල් හැටියට දේශපාලකයෝ ඒවා අනිසි ලෙස පාවිච්චි කරන කොට මිනිස්සු සද්ද නැතිව ඉන්නේ. ඔහෙලා වගේ එවුන් නිසා.

      Delete
    9. මෙ නෙලුම් යාය සම්මාන උළෙල තියන්නේ තමන්ලා රජයට බදු ගෙවන නිසා රජයේ මුදලින් කන්න බොන්න අවස්තාවක් ලබා ගන්න අවස්තාවක් උදාකර ගන්න එකටද අපුරුයි !!!! ලොක්කා

      Delete
    10. දැන් රජය කියන්නේ කවද? රජයේ මුදල් කියන්නේ මොනවාද? රජයකට මුදල් ලැබෙන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ මන්ත්රිලා ට අඩු ගාණට කන් දෙන්නේ මොන මුදලින්ද?

      Delete
    11. කෙටියන් ඔබ කියන්නේ මේ මහජන මුදල් උන්/මුන් කන නිසා අපි පොඩ්ඩක් උලා කෑවට අවුලක් නැහැයි කියලද
      ඔය කන්න බොන්න දුන් රජයේ කට්ටිය මුදල 3න් 4 ගුණයකින් වැඩිකරලා බජට් පෙන්නලා මහජන මුදල් හොර කෑවොත්/කනවා නම් [වෙන්න බැරිවෙන්න බැහැනේ ]ඔයාල කියයි එකට මට /අපිට කරන්න දෙයක් නැහැ කියලා පුද්ගලික දෙයකට රජයේ මුදල් බාවිතය සාධාරනද

      එහෙම නම් මහින්ද අරලියගහ මන්දිරේ මහජන මුදලින් දන්සල් දන්සල් දුන්නයි කියලා කියන්න බැහැ.

      Delete
    12. ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැනේ රජය කියන්නේ මොකක්ද කියල? රජයකට මුදල් ලැබෙන්නේ කෙසේද කියල? මුලින්ම එකක පැහැදිලි කරන්නම් . ඔය උඩ පොල්කට්ටෙන් එපිටට ලෝන්ච් එකේ ශාලාව නිකන් ලැබුනේ. ඒක රජයේ නෙමෙයි.එතන දුන්න කෑම බිම මගේ වියදමින් දුන්නේ. ඔය අහන්නේ නෙලුම් යායේ මාධ්‍ය නියෝජ්‍ය ඇමති මාධ්‍ය කටයුත්තක් ලෙස සලකලා දුන්න ශාලාව හා - හරියටම කියනවා නම් කෙහෙල් ගෙඩිය, කට්ලට් එක රෝල් එක හා මැෂින් එකෙන් දුන්න තේ එක ගැන නම්...............................නෙළුම යාය සම්මාන උළෙලේ මගේ පුද්ගලික වැඩක් නෙමෙයි. ඒක එකතු වෙලා සයිබර් මාධ්‍ය වැඩක් හැටියට කරන්නේ. ඒකයි මෙච්චර උත්සහ අරගෙන හැම පැත්තෙන්ම බ්ලොග් කරුවෝ එකතු කරන්නේ. රජයට පක්ෂ අය විතරක් නෙමේ. අපට එහෙම වැඩක් නැහැ. සම්මාන නිර්දේශ බ්ලොග් බැලුවොත් ඔයාට පෙනෙයි එහෙම නැහැ කියල. දෙවෙනි කොටසට මෙහෙං කියන්නම්.

      Delete
    13. //කෙහෙල් ගෙඩිය, කට්ලට් එක රෝල් එක හා මැෂින් එකෙන් දුන්න තේ එක // මේක ගාන කියාද? එතැන බ්ලොග් කරුවෝ ඇතුළු පිරිස 200-250 හිටිය. ඉන් සමහර අය බදු ගෙවන ව්‍යාපාර හිමි අය, ඒක මම හොඳින් දන්නවා. මමත් ඇතුළු කීප දෙනෙක්ම පිටරට ඉන්න ලංකාවට මාස් පතා මුදල් එවන අය. බදු ගෙවන රජයේ සේවකයෝත් හිටිය. ඔවුන්ගේ මාධ්‍ය කටයුත්තකදී ඉහතකී කෑම අංග තුන ඔවුන්ට ලැබීම සාධාරණයි. රජය හදන්නේ මහා ජනටහ්ව තමන්ට සේවය කර ගන්න. රජයේ මුදල් කියන්නේ මහා ජනතාවගේ මුදල්. ඒ නිසා ඔබට අයිතියක් තියනවා අපෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න. මගේ පිළිතුර අපිත් ඔබෙන් කොටසක් නිසා මේ සංග්‍රහය අපි ගෙවා අප ලබා ගත දෙයක්. රජයේ සේවකයන් සිටිය යුත්තේ ඒ මහජනතාවට සේවය කරන්න. නියෝජ්‍ය ඇමති පරණවිතාන මහතා ඒක වටහා ගත් කෙනෙක් කියල මම හිතනවා. කොන්දේසි විරහිත බලපෑම් ඔකර ඒ දේ කලේ ඒ නිසයි.

      Delete
    14. //ඔය කන්න බොන්න දුන් රජයේ කට්ටිය මුදල 3න් 4 ගුණයකින් වැඩිකරලා බජට් පෙන්නලා මහජන මුදල් හොර කෑවොත්/කනවා නම් [වෙන්න බැරිවෙන්න බැහැනේ ]ඔයාල කියයි එකට මට /// මෙහෙම කලොත් අනිවාර්යයෙන්ම ඒක වැරදියි. එතන ඉන්නය එහෙම කරනවා නම් ඔවුන්ට දඬුවම් දිය යුතියි.

      Delete
    15. //එහෙම නම් මහින්ද අරලියගහ මන්දිරේ මහජන මුදලින් දන්සල් දන්සල් දුන්නයි කියලා කියන්න බැහැ.// මම දන්නේ නැහැ මම එහම කොතන හරි කිව්වද කියල? හැබැයි එහෙම දන්සල් දෙන්න මහින්ද අමහත්තය කොපමණ බදු ගෙවල තියනවද? අයි එහෙම දුන්නේ? බ්ලොග් උත්සවයක්, පොත් උත්සවයක් තිබ්බද? කාටවත් සම්මාන දුන්නද? අරලිය ගහ මන්දිරේ හරි රජයේ වැඩක් , සාහිත්‍ය උත්සවයක් තියල එන කට්ටියට කන්න දුන්න නම් ඒක වැරදියි කියල මට කියන්න බැහැ. නමුත් බත් දන්සල් දුන්නේ මහින්ද මහතාට චන්දය ලබා ගැනීම සඳහා නම් - එතකොට ඒක ඔබ කියනවා වගේ පුද්ගලික වැඩක් නේද ?

      Delete
  9. සුබ පැතුම් කොළඹ ගමයෝ. නිර්මාණි කිව්ව වගේ, ඔබේ බ්ලොග් එක මගෙ දෙවැනි කියවීම. බස්සිගෙ බ්ලොගෙ තමයි ෆේස්බුක් ගරහා මුලින්ම දැක්කෙ සහ කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ ...ආවට බොහොම ස්තූතියි. දෙවැනි කියවීම එච්ච් එක ආඩම්බරයක්. මම නිර්මාණි සහ ඔයාගේ බලාපොරොත්තු සුන් නොකළාය කියා හිතනවා.

      Delete
  10. අජිත් අයියාට පොඩි විවේකයක් ලැබිල වගේ , කොහොම වුනත් ඒ පොත එලි දැක්වීම හරිම ආදරණිය හැන්දෑවක් වුනා, මොකෝ උත්සවය බොහොම සරල වීම නිසා. ආපහු වෙලාවක මෙහෙම එකක් කරමු

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට හොද එකෙක් ගමු සභාව යකා නටවන්න.. හැක්

      Delete
    2. තවම නැහැ. අර නෙලුම් යාය දිනප සෙට් එක වෙබ් අඩවියේ දාල නැහැ. ගොඩක් බ්ලොග් කරුවන්ගේ ලිපින එවල තියෙනවා. බ්ලොග්පවර් එකට දාන්න . ඒක කරලත් නැහැ. නමුත් මේක දැන් ලීවේ නැත්නම් අදාල කාලය පහුවෙනව.
      දේශකයා ආවනම් යක්කු නටවන්න තිබුන. :)

      Delete
  11. අහලක පහලක හිටියනම් ඔය වැඩේටත් එන්න තිබ්බා.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔයා නොයන වැඩක් තියනවද? හැම පොත් ලෝන්ච් එකකම මුණ තියෙන එක ෆොටෝ එකක් හරි ෆේස් බුක් එකේ තියෙනවා.

      Delete
  12. සම්මාන උත්සවේට වගේම කට්ටිය එකතුවෙලා. බොහොම සතුටුයි

    ReplyDelete
  13. අජිත් අයියා දන්නවද, දිනේෂ්ගෙ කෙටිකතා පොත එළිදැක්වීමෙදි අනුරසිරි හෙට්ටිගේ මහත්මයා කල දේශණයෙදි කොළඹ ගමයා පොත ඔහු ගොඩක් අගය කලා. එතැනදි කියවුනා මෑත කාලයේ ලියැවුනු බොහොමයක් තීරු ලිපි සංග්‍රහ වලට සාපේක්ෂව බලනකොට කොළඹ ගමයා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව.

    ReplyDelete
    Replies
    1. මට ආරංචි වුණා. මම ස්තුති කරලා ෆේස්බුක් මැසේජ් එකක් නම් යැව්වා. එහෙම හොඳක් ඇහුවමයි.

      Delete
  14. සුබ පැතුම් අජිත්! වැඩේ හොඳට ගිහින් වගේ. අඩේ මම හිතන් හිටියේ සින්දු ඇනෝ වෑසක ඩයල් එකක් කියලනේ. කොල්ලවත් දැක්ක එක සතුටුයි. ජය වේවා! දිගටම ලියන්න හැකිවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය. අපි ඔක්කොම හිතන් හිටියේ එහෙමනේ සින්දු ගැන. ඔය දනන් සින්දු ප්‍රමාණය නිසා. ඔය කොන්ඩේ අලුතින් අල්ලලා ඩයි ගා ලද කොහෙද.

      Delete
  15. කොළඹ ගමයා වඩාත් සුදුසු විවාද සදහායි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔය අනොලෝලලා ට ලියන ඒවා ගණන් ගන්න එපා. ස්තුතියි දේශක මහතා.

      Delete
  16. බොහොම සාර්ථකව වැඩකටයුතු ටික කෙරිලා තියන බව පින්තූරවලින් හොඳින්ම පෙනෙනවා. මගේ සුබපැතුම් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ඉවාන් මලයා වැඩේ ගොඩ දාල දුන්න.

      Delete
    2. ස්තූතියි සුභ පැතුමට.

      Delete
  17. පොත එළිදැක්වීමට එන්න නොහැකි වුනත් "පොල්කට්ටෙන් එපිටට" පොතේ දේශීය නියෝජිතගෙන් පොතක් නොමිලේම ලැබුනා.එත් තවමත් කියවන්න තරම් නිස්කාසුවක් ලැබුනේ නැහැ.පොත කියවා අදහසක් කියන්නම් අජිත් අයියේ.

    පවුම් පහක් දෙන්න විදියක් නැති නිසා මැයි 28 වනදා වැඩේට ලන්ඩන් එන්න වෙන්නේ නැහැ.හැබැයි හදවතින්ම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න

    ReplyDelete
    Replies
    1. ඔය දේශීය නියෝජිතයාට නඩු දාන්න ඉන්නේ. මම කිවෙනිකන් දෙන්න නෙමේ . තේකක් එක්ක දෙන්න.
      පවුම පහ ආධාරයක් විතරයි. දෙන්න අනිවාර්ය නැහැ.

      Delete
  18. ඔන්න බොහොම කාලෙකින් පොත් සාප්පුවකට යන්න නිමිත්තක් යෙදුනා, යතා කාලේ pdf එකක් ඒවි කියා බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. pdf වැඩේ තව පොඩ්ඩක් තිබෙනවා.

      Delete
    2. පොතට ලැබී ඇති රේටිං අනුව මං ගන්න යන පොත මුලින් කියවන්නේ වයිෆ්ගේ ස්ටාෆ් එක නිසා මට කියවන්න වෙන්නේ pdf එකක්ම තමයි.

      Delete
    3. අප්පේ එහෙමත් එකක්ද. එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවානම් පොත් කීපයක්ම එවන්නම්කො. pdf එක භාගෙට රෙඩි.

      Delete
  19. ජයවේවා අජිත් අයියා........... නොපැමිණීමට හේතුව අජිත් අයියා දන්නවා...... කතා කරලා තිබුණාට අද තමයි සින්දුවාව මේ රූප වලින් දැක්කේ...... පොල්කට්ට තාම කියවන්න ලැබුන්නෑ.....

    ReplyDelete
    Replies
    1. ලිපිනය එවලා තැපැල් ගාස්තු ගෙවනවනම් පොත් එවන්නම්. පොත දෙන්නේ නිකන්. තැපැල් ගාස්තු දෙන්න වෙන්නේ යවන එක්කෙනාට.

      Delete
    2. සරසවි ආදී පොත් හල්වල විකිනීමට තිබේ.

      Delete
  20. මොනව කියන්නද නේ.. කියන්න තිබ්බ ඔක්කම කිව්ව කොට..
    හෙහ් හෙහ්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ මොනවාද කියල කල්පනා කලේ? අර බුකි මැසේන්ජරේ කොමෙන්ට් ටික. හරි එහෙනම්. ස්තූතියි.

      Delete
  21. එන්න ලැබුණේ නැති එකට කණගාටුයි.. මගේ සුබ පැතුම්!

    පොත ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ///පොත ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?////

      සිතු 29වෙනිදා ලන්ඩන් එන්න :D

      Delete
    2. ලන්ඩන් ඉන්නවනම් එන්න. amazon එකේ තිබෙනවා. නැත්නම් මට ලිපිනය එවන්න එකක් එවන්නම්. ලංකාවෙන්. ලංකාවේදී තැපැල් ගාස්තුව විතරක් ගෙවන්න වෙයි. දන්නේ නැහැ කියාද කියල. එව්වට පස්සේ ගෙවනං යවන කෙනාට. සරසවි, ගොඩගේ සහ කොල්ලුපිටියේ "කලනසිරි" එකේ තිබෙන බව ආරන්චියි.

      https://www.amazon.co.uk/Polkatten-Epitata-Ajith-Dharmakeerthi/dp/9551558707/ref=sr_1_1?ie=UTF8&qid=1462462407&sr=8-1&keywords=polkatten+epitata

      Delete
    3. Kalanasiri eke thawa thiyenawa. Sithu ta mama ekak dennam. :)

      Delete
  22. සුභ පැතුම් වැඩේට!

    පොතක් එලි දක්වන එක බ්ලොගක් ලියනවට වඩා සතුටක් දෙන ක්‍රියාවක් වෙන්න ඇති කියල හිතෙනව.

    අනික පොත් වලදි අජිත් ට නලින් ද සිල්ව නොවැහෙන නිසා ප්‍රථිරූප හානිත් අඩුයිනෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම බ්ලොග් වලට වඩා කැමතියි. එක , පොත ගැහුවේ මම කොච්චර කීවත් මගේ සමහර යාලුවෝ වත් පවුලේ අයවත් බ්ලොග බලන්නේ නැති නිසා. දෙක, පොත තවම මාධ්‍යයක් හැටියට භාවිතයේ තියෙන නිසා, තුන - ISBN නොම්මරයක් ගණන් වෙන විධිහක් නැති නිසා. ඊබුක් එකකට ගන්න මම දන්නේ නැහැ. ටිකක් කරදරයි මෙහෙ. පොත ගැහුවට පස්සේ දැන් කීප දෙනෙක්ම බ්ලොග් බලනවා.
      //අනික පොත් වලදි අජිත් ට නලින් ද සිල්ව නොවැහෙන නිසා ප්‍රථිරූප හානිත් අඩුයිනෙ.// මේකෙ තේරුම?

      Delete
    2. නලින්ද සිල්වා මහතාට ම ගරු කරනවා ගණිත මහාචාර්ය කෙනෙකු විධිහට. නමුත් නාථ කතාවේදී නම් නැහැ. ඒක විවේචනය කලාම මගේ ප්‍රතිරූපය හානි වෙනවා නම් ඒකට කමක් නැහැ.

      Delete
  23. "පොල්කට්ටෙන් එපිටට" කියවන්න ඕනේ.කොළඹ ගමයා නියමයි.

    ReplyDelete
  24. සුබ පැතුම්.

    ReplyDelete
  25. අපේ සුභ පැතුම් .. අපේ නියෝජනයක් ( ඔසී බ්ලොගර්ස් ) විදිහට රසික ඉඳලා නේ...

    ReplyDelete
    Replies
    1. එකනේ. ඔසී කෙනෙකුත් හිටිය. ස්තූතියි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .