Tuesday 24 May 2016

නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා හෙළා දකිමු - නමුත් ඔහු මුස්ලිම් නිසා නොවේ


නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා හා අමෙරිකානු තානාපතිවරයා ඉදිරියේ නාවික හමුදා නිලධාරයෙකුට බැණ වැදී තිබේ.  මා මෙය මුලින්ම දුටුවේ බ්ලොග් කරුවෙකු වන සින්දු ඇනෝ විසින් ෆේස් බුක් හි පලකළ සටහනකිනි. මම එහිදී නසීර් මහතා ගේ ක්‍රියාවට විරෝධය පළ කලෙමි. එයට හේතුව ඔහුට නාවික හමුදා නිලධාරියා සමග ප්‍රශ්නයක් තිබුනා නම් එය විසඳිය යුතුව තිබුනේ තමන් ගේ කාර්යාලයේදී හෝ නාවික හමුදාපතිට පැමිණිලි කිරීමෙනි.  නාවික හමුදා නිලධරයා කළ වැරැද්ද කුමක්ද යැයි මම නොදනිමි. ඔහු එවෙලේ වැරදි වුවත් නොවූවත්  මෙහිදී ප්‍රධාන ඇමැතිවරයා හැසිරුණු ආකාරය ඊටත් වඩා අතිශයින්ම වැරදි සහගත බව මගේ අදහසයි.

මෙහිදී සින්දු ඇනෝ ගේ කොමෙන්ටුවේ මෙන්ම මේ ලිපිය පළවී තිබෙන වෙබ් අඩවියකද ප්‍රතිචාර දෙස  බැලීමෙන් හෙළි වන්නේ වෙනත් කතාවකි. ඒවා  තනිකරම ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත . එනම්
මුස්ලිම් ඇමතියෙක් විසින් සිංහල නාවික හමුදා දු නිලධාරියෙකුට බැනීම පිළිබඳව මහා ජාතියේ ආකල්පයෙන් බැණ වැදීමකි.
 ඒවායේ ඇත්තේ "තෝ කොහොමද යකෝ සිංහල නිලධාරියෙකුට බැන්නේ හම්බයෝ " ආකාරයේ ප්‍රතිචාරය. මේ ප්‍රතිචාර දක්වන්නන් ද වැරදිය. එහි ඇත්තේ කෙලින්ම ජාතිවාදී ස්වරුපයක් මිස නාවික හමුදාවේ ගෞරවයට හානි කිරීම  ගැන ප්‍රශ්න කිරීමක් නොවේ.

මෙහිදී මතකයට එන්නේ  විමල් විරවංශ මහතා  විසින් කළ උද්ඝෝෂණයකදී එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා  විසින් උසස් පොලිස් නිලධාරයෙකුට බැණ වැදී  එතැනින් ඉවත් වන්නට කීමයි. ආරක්ෂක ලේකම් වරයා  වශයෙන් ඒ මහතාට ඒ අයිතිය තිබුණා විය හැකිය. නමුත් ඉන්පසු විරවංශ මහතා  මෙන්ම අනිත් අයත් ඒ "සිංහල " උසස් පොලිස් නිලධාරීන්ට බැන වැදුණු අතර ගහන්නට පවා ගියහ . ඔවුන්ගේ රාජකාරි හිස්වැසුම් පවා උදුරා ගැනිණි. වෙබ් අඩවියට එය අමතකදැයි නොදනිමි.


එසේම එවකට දෙතුන් වතාවක දීම සමහර පළාත් සභා මන්ත්‍රීවරුන්  විසින් පොලිස් නිලධාරීන්ට  පහර දෙන  හා තර්ජනය කෙරෙන ප්‍රවෘත්ති දුටුවෙමි. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාද පොලිසියට බලපෑම් කල ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. අප එදා ඒවා විවේචනය කෙරුවේ නීතියට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒවා එම ආයතනයන් ට කළ තර්ජනයන්  ලෙසය.

මේ සිද්ධියේ දී ද අප විසින් කල යුතුව ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාගේ  ක්‍රියාවට විරෝධය පෑමයි. ඔහු මුස්ලිම් නිසා නොව එම ක්‍රියාව වැරදි බැවිනි.

මෙතන ඇත්තේ රණවිරු කතාවක් නොවේ. 

56 comments:

  1. අපි බලමු නාවික හමුදාපති , ආරක්ෂක ලේකම්, ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාර..ඇමරිකන් තානාපති ඉදිරියේ රජයේ නිළධාරියෙකුට අඩන්තේට්ටම් කල මහ ඇමතියා පන්නා දැමිය යුතුයි. මේවාට දඬුවම් කල යුතුයි. හෙට පලාත් සභා මන්ත්‍රී කෙනෙක් තවත් රජයේ සේවකයෙකුගේ කණ පලන්නෙත් ඔය විදිහටම තමයි. දේශපාලකයා නම් ජනතා සේවකයාට ගිය කල. අවලං දේශපාලනය.

    ReplyDelete
    Replies
    1. ගිය ආණ්ඩුව කලත් ම්කේ ආණ්ඩුව කලත් වැරදියි . අන්න අර සරසට තේරුම් කරලා දියන්.

      Delete
  2. Someme times navy man can wrong. That why ministar blame. I think ministar no wrong. Even he shaut that no wrong I think. If there wrong ministar must reyaction aganst that.

    ReplyDelete
    Replies
    1. Even if navy man is wrong Chief minister has to follow a procedure.

      Delete
  3. යහපාලනේ ට එලුවොත් රැවුල පාති!
    ඌරෝ කැකුන තලති
    හබන් කුකුලෝ මගුල් කති
    අජිත් ලා සම්මාන දෙති!

    ReplyDelete
    Replies
    1. මේකටත් සරසා සම්මාන අදිනවා.
      අනුර සේනානායක අත් අඩංගුවේ නේද සරසා

      Delete
  4. මේ මහා (ඇ)මැට්ටා දන්නේ නැහැ, මෙවැනි අවස්ථාවකදී, සන්නද්ධ හමුදා නියෝජනයක් සිදු කරන්නේ, සේනාධිනායකවරයා නියෝජනය කිරීම, පරමාධිපත්‍යයේ සංකේතයක් ලෙස දැක්වීම, ජාතික ආරක්ෂාවේ නියෝජනයක් තිබීම, යන කරුණු වෙනුවෙන් බව. ඔහුට කිසිදු බලයක් නැහැ, මෙම නිලධාරියාව ඉවත් කරන්න. එතන හිටිය ඇමරිකානු තානාපති වරයා, දෙකොනින් හිනාවෙන්න ඇති, මේ (ඇ)මැට්ටා ගේ රාජ්‍ය තාන්ත්‍රික දැනුමේ තරම ගැන.

    මේ මැට්ටා වහාම තනතුරෙන් ඉවත් කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. // සන්නද්ධ හමුදා නියෝජනයක් සිදු කරන්නේ, සේනාධිනායකවරයා නියෝජනය කිරීම,// හරියට හරි.

      Delete
    2. ඔහු සේනාධිනායකයෙක් නෙමෙයි ග්‍රාමසේවක කෙනෙක්

      Delete
    3. ඔය ඉහලින් විචාරක කියන කොමන්ට් කරන කෙනත් එහෙමනේ කතාකලේ එයාගේ කොමන්ට් වලට කොමන්ට් දාන පොඩි අයට පුකට පයින් ගහනවා , කනට ගහනවා. සපත්තුවෙන් චප්ප කරනවා. දැන් ඉතින් බයිලා කියයි .

      ඒ නාවික නිලධාරිතුමත් ඔය විචාරක වගේ තරු ගහන්න මාධ්‍ය සෝ එකකට ඔලුව දාගන්න ගියාද කියලා හරියටම දන්නේ නැහැනේ

      ලාංකීය දේශපාලනය ඉන්න අයගේ හැසිරීම ගැන පාර්ලිමේන්තුවේ හරින් ගේ වචනවලින්ම පහදිවෙලා ඉන්න වෙලාවක ඊට වඩා දෙයක් අනෙක් අයගෙන් ලැබෙන්නේ නැ

      නැගෙනහිර මහ ඇමැති තුමාටත් සම්මානයක් දෙමුද අජිත්.... ගෙට් අවුට් සම්මානේ කියලා? ඔය ස රස තුමා කිව්වාගේම

      ඔය නෙලුම් යායේ එල්වා ඇති "" අනේ අපේ ආපදා කළමනාකොරණය "" නැති පොස්ටුවට දෙමු හොඳම විශ්‍රාමිකයන්ගේ පාන්දර සිහිනය කියලා

      Delete
    4. @ ජගත් පතිරණ.

      හිතේ දුක නිවෙන්න එහෙම කියන්න. එයින් ඔබට සැනසීමක් ලැබේවා! කෙනෙකුගේ තත්වය, නම්බුව, ජන්මය, රැකියාව, ගැන සලකා, ඔහුව කොන් කිරීමේ පහත් ජන්ම ලක්ෂණ ඔබ තුළින් ඉවත්වේවා!! ඔබට කිසිවකුත් මෙලෙස පහත්කොට කතා නොකරත්වා!!! සාදු සාදු සාදු!!!

      Delete
    5. සේනධිනායකයා හොරෙක්,මිනීමරුවෙක්, වාචාලයෙක් නොවී ග්‍රාමසේවක මහත්මයෙක් වෙච්ච එක හොඳයි. නැත්නම් සේනාධිනායකයගේ පුත්තුන්ගෙන් මැරුම්කන්න වෙන්නේ රගර් ගහන කොල්ලන්ට. වමාරන් කන්න වෙන්නෙ ගොන්නුන්ට. ආච්චිටත් ඇන්දුව තාත්තලා පුත්තුනේ.

      Delete
  5. // මේකටත් සරසා සම්මාන අදිනවා. //
    යහපාලන ආන්ඩුව පවත්වාගෙන යන්න සම්මාන දීම ඉතා වැදගත් ය කියලා තියෙන්නේ කට කහනවට ‍යැ?

    //අනුර සේනානායක අත් අඩංගුවේ නේද සරසා //

    සියලු කොස්සන් අත් අඩන්ගුවට ගත්තත් ස ර ස තුමා නොසැලේ!

    නැගෙනහිර මහ ඇමැති තුමාටත් සම්මනයක් දෙමුද අජිත්.... ගෙට් අවුට් සම්මානේ කියලා?

    ReplyDelete
    Replies
    1. යහ පාලන ආණ්ඩුව සහ සම්මාන අතර සබඳ කමක් නැති බව පුන පුනා කීවත් නොඅසන සරසා ට මගේ ප්‍රණාමය. සැකයක් මන්දෝ වෙනවා අර ව්W3 එකේ මට අනිවාරතේ මඩ ගහන්නේ සරසා මද කියල. මොකද සරසා මාලින්ද මහතා සමග ඉන්න පින්තුරෙකුත් දැක්ක නිසා. නැගෙන හිර ඇමතිතුමා හොඳ බ්ලොග් ලියනවද? ලියනවා නම් ඔයා නිර්දේශ කරන්න. තේරුනොත් දෙමු.

      Delete
    2. // යහ පාලන ආණ්ඩුව සහ සම්මාන අතර සබඳ කමක් නැති බව පුන පුනා කීවත් නොඅසන සරසා ට මගේ ප්‍රණාමය.//

      කරූ ජයසූරියට කියමුද මචන්?

      // අර ව්W3 එකේ මට අනිවාරතේ මඩ ගහන්නේ සරසා මද කියල. මොකද සරසා මාලින්ද මහතා සමග ඉන්න පින්තුරෙකුත් දැක්ක නිසා //

      සර ස තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
      ඇනෝ නමින් කවදාවත් බ්ලොග් නො එතී

      මාලින්දත් ඔහෙට කෙලියද? දැනගන්නත් සන්තෝසය.... මාලින්ද අප ගේ පාසල් සහ විස්ස විජ්ජාල සගයෙකි!

      Delete
    3. ඔයත් අර ඇනෝලට එහානේ. කරු ජයසුරිය ආපු හේතුව ලියල ඇති.
      https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post_15.html
      කරු ජයසුරිය හෝ අනිත් කරු හා සම්මාන අතර සම්බන්ධතාවයක් නැහැ සරසා. ඔයාට එක පිලි ගන්නට බැරි සරසා කැමති උදවිය වැඩ කලේ එහෙම නිසා වෙන්න ඇති. තමන්ම නායක කම් වලට ඇපොයින්ට් කරගෙන තමන්ගේ මව අතින් හොඳම ක්‍රීඩකය කියල සම්මාන ගත්තේ එහෙමනේ නේද?
      අනේ මාලින්ද එහෙම කලේ නැහැ. මාලින්ද ගේ ලෙවල් එකේ ටෝක් දෙන නිසා. මම ඉස්සර කොමෙන්ට් දානවා මලන්දගේ බ්ලොගයේ. හැබැයි මගේ විහිළුවකට බැනගෙන ආව මම ඇනෝ ආවට එයා දන්නවා කව්ද කියල. මම අජිත් ධර්ම හැටියට ගියේ. එතන ඇනෝ කේස් එකක් නැහැ. මාලින්ද හා මම එක බැච් එකේය. "83".

      Delete
    4. ඔහේ වඩම්මන් ආවේ නිර්පාක්සික කරූ ජයසූරිය කෙනෙක් ද අජිත්?

      ඔයි කතාව හොඳයි ඉතින් කොන්ඩෙ බැඳපු චීන්නුන් ට කියන්න....


      Delete
    5. මං හිතන්නේ ඔයා කොන්ඩේ බැඳපු චිනේකුටත් එහා. ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ දේ දැකල දැකල මහින්ද පරම්පරාව දැකල දැන් අපි එහෙම කිව්වත් විශ්වාස නැති එක. කරු ජයසුරියගේ පක්ෂේ ට වඩා පනත අපට ඕන. සම්මානයි කරුයි අතරේ කිසිම සම්බන්ධයක් කොහෙත්ම නැහැ. ඕනේ නම් ඊළඟ සැරේට ඇතුලට ඇවිත් බලන්න. නිර්දේශ කිරීමේ අවස්ථාවකුත් දෙන්නම්. යෝජනාවක් තියනවා වෙනත්ඩ් දේශපාලනඥ යන්ටත් ආරාධනා කරන්න ඊළඟ සැරේ. නැත්නම් කවුරුත් නැතුව. අනික ඔන්නොහෙ ඕන එකක් හිතා ගන්න. අපි දන්නවනේ අපි කොහොමද කලේ කියල.

      Delete
    6. අපිත් දන්නව කොහොමද කොලේ කියලා.... යහපාලනේට කඩේ ගිය එක නේ කොලේ!

      විදින් බ්‍රැකට්ස්: දැන් නම් හිනා වෙලා පන යනවා හෆ්ෆා...
      අජියා අපි දාන සියලුම මෝඩ ජෝක් අන්තිම පර්සනල් අරගෙන පෙරලා කොමෙන්ට් කොටන කොට!

      Delete
    7. මොනාකරන්නද බං උඹට තරම් මොළේ නැහැනේ.

      Delete
    8. මහින්දටත් එහා ගිය බයියෙක් නේ අපේ සාරසා. ඒක දන්නැත්ද අජිත්.. හැක්

      Delete
  6. මෙම නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් නීති රිති කිසිවක් නොදත් පුද්ගලයෙකු බව කතාවෙන් පෙනේ. උඞගු ලෙස නාවික ඔහු නාවික නිලධාරියාට අපහාසාත්මක ලෙස බැන වදී. මෙය හෙලා දැකිය යුතුය​. මෙහිදී නාවික නිලධාරියා සිංහල වීමත් නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් මුස්ලිම් වීමත් වැදගත් නැත​. ජාතිවාදයකින් තොරව නිලධාරීවාදය දකින්න

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය නොව රජය උඩඟු බලය හෙළ දැකීමයි කල යුත්තේ. සිංහල දේශපාලකයන් නුත් ඔය විධිහටම හැසිරෙනවා.

      Delete
  7. තම්බි හැත්ත ඔහොම්මමයි..!

    ඒක කෙලින් කියන්න බැරි නිවටයො අනුපාන දාල මම හරිම මානව හිතවාදියි කියල පෙන්නන්න මොකක් හරි පටලනවා.

    ඔන්න ඒකට සිංහල මිනිහෙක්නං... දෙඥ්ඥං බැටේ..!

    ReplyDelete
    Replies
    1. සිංහල වුනත් මුස්ලිම් වුනත් වැරැද්ද වැරද්දමයි. ජාතිය මෙතනට අදාල නැත. අයි සිංහල දේශපාලකයෝ මේවා කරන්නේ නැත්ද ? මම ද නිවටයා . මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන සවුදි අරාබියේ වැඩ කරන්නේ ඇයි ? මුස්ලිම් රටවලිනුත් අන්ත දරුණු මානව හිමිකම් නොරකින රටක් නේ ඕක . මුස්ලිම් මිනිසුන් යටතේ වැඩ කරනවට වඩා ඇයි ලංකාවට යන්නේ නැත්තේ.

      Delete
  8. එක්කෝ අර පඹයට ඉංග්‍රීසි බෑ. කියන ඔක්කොටම යස් යස් කිය කිය ඉන්නේ විරිත්තගෙන.

    ReplyDelete
    Replies
    1. මටත් ටිකක් ඒක හිතුන. තමන් සේනාධිනායකයා නියෝජනය කරනවා නම් එහෙම ඉන්න පුලුවන්ද?

      Delete
  9. අර උපුල් ද කව්ද දේශපාලුවෙකු ඵොලීසියේ (FCID) අයට ගල් ගසා මරණවා කීවා නේද? ඒකට නම් නඩුවක් යනවා.

    ReplyDelete
  10. මාත් ජාතිවාදියෙක් තමයි. ඒත් මේකෙදි ජාතිවාදී රාමුවෙන් එහාට ගිහින් කියන්නෙ මේක හරිම නුසුදුසු වැඩක්. බලන් ඉමු අජිත් අයියෙ ලොකු තැන් වලින් මොනවගේ ප්‍රතිචාර තියෙයි ද කියල

    ReplyDelete
    Replies
    1. දෙන්න වෙයි ප්‍රතිචාරයක්. මොකද අනුර සේනානායකට ගැලවෙන්න පොටක්.

      Delete
    2. @ලේ පාට හීන
      ඔබ ජාති වාදියෙකු වන්නේ ඇයිද? ඔබ විසින් අනුගමනය කරන හෝ පිළිපදින දර්ශනයක් හෝ ආගමක් වෙත්ද?

      Delete
    3. තමා ජාතිවාදියෙක් කියලා ලැජ්ජාවක් නැතුව කෙළින් කියන්න පුළුවන් වාතාවරණයකයි අද සමාජය තියෙන්නේ. ඒකම ලොකු අවුලක්

      Delete
  11. මිනිස්සූ කියන්නේ ඇත්ත. සේනාධිනායකයගෙ කොන්ද පන නැති උනාම ඔහොම වෙනවා. බලමු අර හාල්පාරු ආරක්ෂක ලේඛම් මොනවද කියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. හිටපු ආරක්ෂක ලේකම් ට ජනාධිපති බැකින් තිබුනනේ.

      Delete
  12. "නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා හෙළා දකිමු - නමුත් ඔහු මුස්ලිම් නිසා නොවේ"

    මීට වඩා යමක් කියන්න නෑ. පරිපූර්ණයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් මහතාණනි.

      Delete
  13. මෙයට මූලිකම හේතුව නම් අපේ දෙශපාලනය යොදාගැනීමේ දුර්වලතාවයයි....දේශපාලකයා සර් ය....උතුමානන්ය......හැටහුට හමාරක් ගෞරව නාමයන්ය.....ඔහුට මහා බලයක් ආරෝපනය කිරීම තුලින් ඔහු නිලලත් රජෙකු බවට අපි පත්කරනු ලබයි...පොලිස් නිලදාරීන්ද ඔහුට අමතන්නේ සර් යනුවෙනි.....පොලිස් නිලදාරීන්ගේ ලොක්කන් සිවිල් පුද්ගලයන්දැයි මා නොදනී........මා මෙහි මාගේ එක් අත්දැකීමක් සදනන් කරන්නම්....මා දිනක් පොතුහැර නගරයේ සිටින විට සුදු පැහැති ඩිපෙන්ඩර් රථයක විකෘර්ති කරන ලද ජාතික කොඩියක් ප්‍රදර්ශනය වන ආකාරයට එල්ල තිබිනි..මම එවලේම පොලිස්ථානයට කතාකොට මේ බව පවසා එයට පිටුපසිනි ගියෙමි.....අපේ පොලිස් නිලදරුවෙකු එය නැවැත්වීය...ඇතුලට දැමූ ඔලුව නැවත පිටට ගත් ඔහු සැලූටයක්ද ගසා ඔහුව පිටත් කලේය...

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔඅක තමයි තත්වය. මිනිසුන් තමන් ගේ නිලයේ ගරුත්වය රැක ගත යුතුයි.

      Delete
  14. ඕකනේ අපි කියන්නේ උතුර සහ නැගෙනහිර එකතු කොරලා එක පලාතක් හදලා දෙන්න කියලා...
    එතකොට ඔයි මහ ඇමති නසීම් ට සහ අනෙකුත් මොහොමඩ් ලා ට ද්‍රවිඩ ආදිපත්ය යටතේ දෙමල පොලිස් කොස්සන් ගෙන් ටොකු සහ බැටන් පාරවල් කමින් සින්න පොඩියන් ලා ලෙස ඉන්න පුලුවනි නේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම දුන්න නම් අනිවාර්යයෙන්ම එහෙම වෙනවා. මම මෙතනදී සරසා සමග එකඟයි.

      Delete
  15. 1. මෙම කාරණයේදී පාර්ශවයන් දෙකෙහිම අඩුපාඩු ඇතිබවයි මමනම් දකින්නේ, පළාතේ පාසලක පැවැත්වෙන නාවික හමුදාව මගින් සංවිධානය කරනු ලබන උත්සවයකදී පළාතේ ප්‍රධානීයාට හෝ පළාත් අධ්‍යාපන ඇමතිවරයාට (පළාත් දේශපාලඥයකුට )ආරාධනා නොකර සිටිම මෙහි ඇති එක් අඩුපාඩුවක් ලෙස මම දකිනවා, ( අදාල ප්‍රදේශයේ ප්‍රධාන ඇමති වරයාට හෝ වෙනත් දේශපාලඥයකුට ආරාධනා නොකර බාහිර පිරිසක් විසින් තමන්ගේ බලප්‍රදේශයේ උත්සවයක් සංවිධානය කල විටකදී දේශපාලකයින් අපහසුතාවයන්ට ලක්වීමක් සිදුවනවා, මෙම තත්වය ලංකාවේ සියලුම පළාත්වල තියෙනව, දයාසිරි ප්‍රධාන ඇමති සමයේ අකිල විරාජ් කුරුණෑගල පළාත් පාසැලකට පැමිණි අවස්ථාවකදීත් මෙවැනිම තත්වයක් ඔවුන් අතර ඇතිවුනා)

    2. ප්‍රධාන ඇමතිවරයාගේ හැසිරීම පළාතේ දේශපාලන ප්‍රධානීයා ලෙස කිසිදු ආකාරයකින් අනුමත කරන්නට බැහැ, අදාල තත්වය පිලිබදව ඉහල දේශපාලන අධිකාරියට හෝ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කිරීමට හෝ මේ පිලිබදව විරෝධය දක්වා පළාත් සභාවේ යෝජනාවක් සම්මත කර ගැනීමට කටයුතු කලානම් යහපත්යැයි සිතනවා

    3. එමෙන්ම මෙම සිද්ධිය සහ තවත් මෙවැනි හුදකලා සිද්ධින් අදාල සිද්ධින් ඇතිවීමට බලපෑ හේතුන් පිලිබදව විචාරයකින් තොරව වෙනත් මතයන් සමග ජාතිවාදය සහ ආගම්වාදය වෙනුවෙන් යොදාගැනීම ඉහත කණ්ඩායම් දෙක විසින්ම කරනු ලැබු අඩුපාඩුවලට වඩා බරපතලයි. එබැවින් මෙම කොටස ප්‍රසිද්ධ කරමින් එය එක් ජාතියක් විසින් තවත් ජාතියකට කරනු ලැබු අපහාසයක් ලෙස ජනතාව අතර පරතරයක් පවත්වාගෙන යෑමට උත්සහකරනු ලබන සියලු පුද්ගලයින්ව හෙලා දැකිය යුතුයි....

    ReplyDelete
    Replies
    1. ඔබ ඉදිරිපත් කල කරන තුනටම එකඟයි. නාවික හමුදාවේ වැරැද්දක් ඇති එතන. ප්‍රධාන ඇමතිවරයාගේ හැසිරීම පළාතේ දේශපාලන ප්‍රධානීයා ලෙස කිසිදු ආකාරයකින් අනුමත කරන්නට බැහැ. ජාතිවාදී වීමෙන් තොරව අප ඒ දෙස බලා විවේචනය කල යුතුයි.

      Delete
  16. අර පොඩි එකෙක් බලාගෙන ඉන්නවා හොඳටම බය වෙලා.. අනේ ඉතිං මුංටනෙ අපි රට බාර දීලා බදුත් ගෙවලා කොරන වැඩ වෙනුවෙන් පෙනී ඉඳල ගොඩ දාලා ජීවත් කරන්නෙ..මේ යකා නියෝජනය කරන්නෙ රජය.එහෙම නෙමෙයි නං මේ වෙනකොට පියවරක් අරන් තියෙන්න ඕනෙ.නෑ කියන්නෙ මේ රජයේ ම අදහස.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි එකාගේ මුනටත් පාරක් වදිනවා. රජය ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ.

      Delete
  17. මෙහි වරද ප්‍රසිද්ධ තැනක අවිනීතව හැසිරීම හා රාජ්‍ය තාන්ත්‍රිකයාට සිදුවූ අවමානයයි. එහෙත් බුකියේ මේ ගැන කතා කරන්නේ ඔහු මුස්ලිම් වීම නිසයි. වරද කරන්නාගේ ජාතිය ආගම ආදී කිසිවක් අපට වැදගත් නැත.මේ හැසිරීම ඔහුගේ තනතුරට නොගැලපේ.ඔහුට වරදක් වූවානම් ක්‍රියාකරන පිලිවෙලක් ඇත.විරෝධය දැක්වීම පළාත් සභා මට්ටමින්ද කල හැකිව තිබුනි.
    මෙහි මම තවත් අපූරු දෙයක් දුටුවෙමි. එනම් මුස්ලිම්වරුද මෙය හෙලා දැකීමයි. මහ ඇමතිවරයාට වරද පෙන්වා දීමට අයිතියක් අතිබවත් ඔහුකලේ එය බවත් ඔහු නිවැරදි බවත් කීමට ඉදිරිපත්වන අය ඇතැයිද නොසිතමි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔහු සමහර විට තත්වය පැහැදිලි කලා නම් හරි.

      Delete
  18. මට හිතෙන්නේ හිරුලා ගේ වීඩියෝවේ මුලින් කෑල්ලක් අඩුයි වගේ කියලයි, බොහෝ වෙලාවට වීඩියෝවෙන් එළියට එන්නේ මාධ්‍යවේදියෝ අඩගහගෙන ආපු අයට ඕන කෑලි ටික විතරයි.

    විචා කියනවා හමුදා නිළධාරියා එතන දී සේනාධිනායකයාව නියෝජනය කරනවාලු, මට හිතාගන්න බැරි පාරේ යනකොටත් වාහනේ හතර වටේ සරුවපිත්ත එල්ලාගෙන යන නිළධාරියෙක් තොප්පියත් නැතුව එහෙම කරයි ද කියලා, අර ප්‍රොටකෝල් නෑ ස්ටේජ් එකෙන් බැහැපන් කියන්නේ ඒ ගැන වත්ද?

    ReplyDelete
    Replies
    1. අඩු කෑල්ල හොයා ගන්න බැරිද.

      Delete
  19. අනේ මේ.. මාව ඕවට ගාව ගන්නේ නැතුව ඉන්න බැරිද? මේ දවස් වල ඇල් වතුරත් නිවලා බොන්නේ..

    ReplyDelete
  20. මෙහි වරද ප්‍රසිද්ධ තැනක අවිනීතව හැසිරීම හා රාජ්‍ය තාන්ත්‍රිකයාට සිදුවූ අවමානයයි

    ReplyDelete
  21. මට නං හිතට දුක, පළාතේ මහ ඇමති වෙච්චි මෝඩයා තමන්ගේ අත නිකරුනේ වැදුනු අර පොඩි දරුවා ගැනවත් නොහිතන පකයෙක් වීම නිසා මිසක මුසල්මානුවෙක් වීම නෙමෙයි..

    ReplyDelete
  22. Nila adume garuthwaya keleseema pilibadawa ema niladariyaata viluddawa hamudaawa visin vinaya kriyaa maargayakata piviseema saamaanya hamudaa piliwethayi. Namuth hamudaawa desapaalanika veema thula mewani siddeen sulaba viya haka.

    ReplyDelete
  23. නාවික හමුදාව තමන්ට අයිති නැති දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා. උන් දැනගන්න ඕනේ සිවිල් ජනජීවිතෙට මැදිහත් නොවී ඉන්න. තව පාට් දාන්නත් යනවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .