Tuesday 10 May 2016

මොස්කව් නවක වදය 2


මොස්කව් නවක වදය 1

මා මොස්කව් හි සිටි මාදි නේවාසිකාගාරයේ තත්වය ගැන කියවූ   බොහෝ අයගේ සෝවියට් දේශය ගැන කිසියම් වික්ෂෝපයක් හටගෙන තිබුණි දුටිමි. සෝවියට් දේශයේ හොඳ නේවාසිකාගාර ඇති විශ්ව විද්‍යාල තිබුණු අතර එය  තීරණය වන්නේ කුමන රජයේ ආයතන ඒවාට සම්බන්ද ද යන්න මතය.  හැම තැනම  සියල්ල එක හා සමානව තිබුනේ නැත. උදාහරණයක් ලෙස මොස්කව් ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිලිබඳ විශ්ව විද්‍යාලය ගනිමු. ඔවුන්ට තිබුනේ හෝටල් වැනි නේවාසිකාගාරය. කුස්සියක්, කාමරය හා පුද්ගලික නාන කාමරය හා වැසිකිලියක් ද , සමහර  තැන්වල හිඳගෙන කතා කිරීමට කුඩා කාමරයක් ද තිබුණි. විශ්ව විද්‍යාලයද අළුත්ය. එයට හේතුව ගැස්ප්‍රොම් හෙවත් සෝවියට් රුසියාවේ ඛනිජ තෙල් අපනයන කරන රාජ්‍ය සමාගම සමග ඔවුන්ගේ සම්බන්ධතාවයයි. එය අදත් රුසියාවේ ධනවත්ම රාජ්‍ය සමාගමයි.

සෝවියට් මිත්‍ර පදනමේ මුදල් වෙන් කෙරුණු ලුමුම්බා වේ සාමාන්‍ය තරමක හොඳ නේවාසිකාගාර තිබුණු අතර වෛද්‍ය  විද්‍යාල හා ගුවන් යානා තාක්ෂණ විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඇතැම් කොටස් ද ඉතා හොඳ විය. එයට හේතුව ඔවුන් හා සම්බන්ධ රාජ්‍ය ආයතනද මුදල් ඇති ඒවා වීමයි. අපගේ මූලික අවුරුද්ද තිබු මාදි විශ්ව විද්‍යාලය 1930 පටන් ගත්  එකක් වන අතර අපේ නේවාසිකාගාරය ඒ කාලයේ සෑදු පරණම එකක් විය. එහි අනිත් නේවාසිකාගාර හොඳ තත්වයේ ඒවා විය. මේ නේවාසිකාගාර සියල්ලේ වාසය කිරීමද  නොමිලයේ ය. මා ඉන්පසු ඉගෙන ගත් මොස්කව් විදුලි ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ තමන් ගේම තාප විදුලි බලාගාරයක් ද තිබුණි.

මා එහි ගොස් මාස කිහිපයකට පසු ශීත සෘතුව එළඹුණු අතර ඒ නවක වදය නම් ඉතා දරුණු විය.  නේවාසිකාගාරයට යන මාර්ගයේ හිම ඉවත් කර නැත්නම් යාම ඉතා දුෂ්කරය. එහිදී අපහට නොමිලයේ ලබා දුන් පල්තෝව හෙවත් විශාල හිම කබාය ඉතා බර එකක් විය. සෘණ අංශක 15 කට පමණ උෂ්ණත්වය අඩුවෙන හෙයින් මේවා ඇඳීම අත්‍යවශ්‍යය. ඇතුලටත් හොඳින් ඇඳ බර වින්ටර් බූට්ස් දාගත් පසු ඇවිදීම සමාන වන්නේ අභ්‍යවකාශගාමියෙකු ගේ අමාරුවෙන් ඇවිදීමටය.

එක් දිනක  පන්ති ගොස් ඉන්පසු අසල වෙළඳ හල් කිහිපයකින් රාත්‍රියට  ඉවීම සඳහා (ජිවිතයට කිසි දෙයක් උයා නැති මට  චිකන් කරියක් හා එළවළුවක් හදන්නට ඉගැන්වූයේ කාරුණික ජ්‍යෙෂ්ඨ සිසුන්ය. ඒ නිසා අප මාරුවෙන් මාරුවට  කෑම ඉව්වෙමු.) මස් ආදිය  රැගෙන හිම ගොඩේ ඇවිදගෙන එද්ද ඇති වූ මහන්සියට මට එහි සිටීම එපාවිය. එදා රැයේ මගේ දුක කියා මවට  කවි පෙළක් ලීවෙමි. අර එපාකරපු ජ්‍යෙෂ්ඨයන් රැල  එයද උදුරාගෙන කියෙව්වෝය. කවි පෙළ මට දැන් මතක නැත.

මා පැමිණි අවුරුද්දට කලින් සිදුවුණු සිද්ධියකදී  ලංකාවෙන් ඉගෙනීමට ආ  ගැහැණු ළමුන් සමුහයකට ජ්‍යෙෂ්ඨ අයියලා රාත්‍රී කෑමකට ආරාධනා කර තිබිණි.  ඔවුන්ට හොඳට හොඳට ඇඳගෙන එන්න යැයි ද අවවාදයක්‌ ද කර තිබිණි. භය වුනු නංගිලා ටික උත්සවයකට අඳින්නට ලංකාවෙන් ඔතා ගෙන ආ සාරි හැට්ට, ඔසරි එලියට ගෙන ඒවා ඇඳගෙන අඩි  උස සපත්තු පැළඳගෙන,    හිමේ එරී ගෙන කට කට ගගා සීතලෙන් වෙව්ලමින් අයියලා  සිටි  නවාතැනට ගොස් ඇත. උන් ටික පුදුම වී අසා ඇත්තේ "මේ මොකද " කියාය. "ඇයි යි .. අයි යයි ..යි යලා  හොඳට ඇඳගෙන එ...න්න කිව්..වේ " යි සීතලෙන් ගැහෙමින්ම නංගිලා පිළිතුරු දී තිබේ,. "නැහැ මේ අපි හොඳට ඇඳගෙන එන්න  කිව්වේ මේස් දෙකක් වත් එක්ක බූට් දාලා  , ඝන ස්වෙටරයකුයි කබායකුයි ශීත  එන්නැති වෙන්න ඇඳන් එන්න කියල. " ඇඟට නොදැනී ඔවුන්  පිළිතුරු දී ඇත.

ඊළඟ මාසයේ අග වෙන විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ සිසුන් අලුත් සිසුන් වූ මටත් මගේ රූමා ටත් රාත්‍රී කෑමට ආරාධනා කළහ.  ආනන්දියකු වන මගේ රූමා දැන් සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.   මස්, බත් සහ වොඩ්කා  වලින් සමන්විත රාත්‍රී සාදයක් ඔවුන් සංවිධානය කර තිබු අතර පියකරු රුසියන් හා ලතින් ඇමෙරිකානු යුවතියන්ද බොහෝ වූහ. සාදය සංවිධානය කල ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ  පෞද්ගලික විශ්ව විද්‍යාලයක සීඊඕ කෙනෙකි.

මේ ජෙෂ්ඨයා මා සහ රූමා බලා ගැනීමට කියා පියකරු යුවතියන්  දෙදෙනෙකුට  භාර දුනි.  "හොඳින් කාල බිල එන්ජෝයි කරපල්ලා. ඉන්න  අල්ලපු කාමරේත් තියනවා"  කී   ඔහු අප අනිත් අයටද හඳුන් වා  දුන්නේය.  ඔහුගේ කාමරයේ සින්ක් එකක්ද තිබු අතර පුද්ගලික නාන කාමර ද   විය.

ජිවිතේ පළමු වරට බිව් වොඩ්කා  දෙක තුනකින් මා හොඳටම   කරකැවි ගියේය. කට්ටියම නටන්නට පටන් ගත්හ. අර හඳුන්වා දුන රූමත් ගෑනු ළමයාද මා  සමගම නටන්නට වූවාය. ඇය  මගේ ගෙලට  අත දා ගැනීම හා මා  ඇය වටා  කරකැවීම හොඳටම වෙරිවී සිටි මට මහා වදයක් වූ නමුත් ජ්‍යෙෂ්ඨයන් රැල  හොඳ විනෝදයක් ලබනු පෙනිණි.   රුසියාවට පැමිණ මාස  කිහිපයක් නිසා ඇය කියන කිසිම දෙයක් මට තේරුනේද නැත.

කෑමත් කා තවත් බිබී සිටින  අතරේ කාමරේ මද අඳුරේ මගේ  ගෙල වටා අත යවා  ගෙන නටමින් සිටි කෙලි පැටික්කිය මගේ කණ වික්කාය. යකා ආරුඪ වුනු මම ඇයට බැන වැදී තල්ලු කලෙමි. බිය වූ ඇය  වහ වහා  අනිත් අය අතරට ගියාය. පසුව කවුරුන්දෝ සමග ඇය ගිය බවක්ද  පෙනුනි.

රෑ බොහෝ වු අපි අපේ නේවාසිකාගාරයට ඇරලීමට එලියට පැමිණි ජ්‍යෙෂ්ඨයා කෙල්ල සමග වුනේ කුමක්දැයි මගෙන් ඇසුවේය.  "උන්  පළමු අවුරුද්දේ අලුත් කෙල්ලෝ. ඔන්න උඹල දෙන්න අලුත්  හින්දමයි අඳුන්වල දුන්නේ". ඔහු කිවේය.  මම ඔහුට සිදුවූ දෙය පැහැදිලි කලෙමි.  සුද්ද සිංහලෙන් පද කිහිපයක් කී  ඔහු බඩ අල්ලා  ගෙන පෙරලි පෙරලී  සිනා සුනේය.  "කණ විකන්නේ ආදරේට යකෝ, තෝ  වගේ ගොනෙක් ".

රුසියානු කෙල්ලන් කණ විකන්නේ ආදරේට බව පළමුවරට දැන ගත්තේ ඒ නවක වදය දවසේය.  හැමෝගෙම නක්කලය හා ආචාර මැද  නැවත  පැමිණීමට  අප දෙදෙනා ටැක්සියට නැග්ගෙමු.

මගදී ටැක්සිය නවතා  වීදුරුව  පහත් කර සුදු පාට හිමේ රුසියාවේ ප්‍රථම හෝටලය දැම්මෙමි.

උදේ පාන්දර අවදි වුනේ කොහොමදැයි මතක නැත.


85 comments:

  1. හැක් හැක්......කන හපද්දි අනිත් පැත්තට හපල දාන්ඩ තිබ්බෙ අජිත් අයියෙ.....

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ඕව මතක් වෙනවයි.

      Delete
  2. නැවතත් හෙලා දකිමි... කෙනෙකු තම පුද්ගලික සාන්කාව,දුක,ශෝකය තුනී කරගනු වස් පබැඳූ කවි පන්තිය උදුරා කියවීම ඔහුගේ පුද්ගලිකත්වයට එල්ල කල මරු පහරකි.මොන තරම් තිරිසන්,ද්විත්ව ඛණ්ඩන ආචරණ,බහුරූපී,රයිබසෝමියම වැඩක්ද ඒ..? චැහ්ඃ.. ඒ වගේද අර ගැහැණු ළමයි.කාත් කවුරුවත් නැති දුරු හිම කතරේ මුලාවට පත්කර අධික ශීතලට පත්කර ඔවුන් ලැබුවේ කුමන ආකාරයේ සතුටක්ද?ස්වයංතුල්‍යවාදී,පැනයන ඇදහැලෙන වහරු,විඝටන විලයනාකාරී ක්‍රියාවක්නෙ එය.. ඒ ශීතලට නිරාවරණය වීම නිසා නිව්මෝනියාව සෑදී අදටත් දුක් විඳින ළමයි ඉන්නා බව පිලිගත් යුතුයි.. ඕ යේස් ය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මට වොඩ්කා බොන්නට පුරුදු කළ අර නසරාණි ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ පන්සිල් ගනිමින්, සිල් සමාදන් වෙමින් දැහැමෙන් සෙමෙන් ජිවත් වෙයි.
      ලබ්බා නම් දර්ශනවාදියෙක් වෙලාම තමයි. මේ වචන කොහෙං හරි හොයාගෙන.
      ද්විත්ව ඛණ්ඩන ආචරණ,බහුරූපී,රයිබසෝමියම

      Delete
    2. ස්වයංතුල්‍යවාදී,පැනයන ඇදහැලෙන වහරු,විඝටන විලයනාකාරී ක්‍රියාවක් - ඔව් ඔව් ඒක තමයි හරියටම හරි

      Delete
  3. සික් විතරක්. යකෝ කැම්පස් යන වයසෙ එකෙක් වෙලත් කන විකුවම එලවල දානවද හය වසරෙදි වගේ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ 18 වයසක්ද ළමයෝ.

      Delete
  4. කණ කියන්නේ හරිම සෙන්සිටිව් තැනක් නේ?
    අජිත්ට ඒකට රිදුනේ බීලා වැඩිවෙලා හිටි නිසා විය හැකියි!

    ReplyDelete
    Replies
    1. ඔය රිදෙන ඒවාට කැමති අයට වෙන නමක් තියනවා. ඒ ගොල්ලන්ට විතරක් නවක වදය දුන්න නම් හරි. බිල වැඩි වුනහම කන් රිදෙනවා කියල දන්නේ නැහැනේ මම. අරූ ගෙන් අහන්න ඕනේ.

      Delete
    2. බීලා වැඩිවුනාම කන් රිදෙන්නේ පහුවදා උදේට ගෑනිගෙන් බැණුම් අහලා....

      Delete
    3. මම හිතුවේ කණට ගහලා කියලා.... :D

      Delete
  5. අජිත් අයියා කවි පෙළ මතක නැහැ කියලා ඇග බේරාගත්තා නේද?????????? හිටුකෝ ඊළග පාර ස්ටේජ් එකේ කවියක් කියවනවා........ ඇජෙන්ඩා එකට නොදා තිබුණත් ඉවානයාට කියලා එන්න කිව්වා ම නෑවිත් ඉන්නයෑ...........

    ReplyDelete
    Replies
    1. අනේ ඒ වගේ වැඩ කරන්න යන් එපා. මම අහිංසකයි.

      Delete
  6. // කෙලි පැටික්කිය මගේ කණ වික්කාය. //

    රූබල් කීයකටද ලොක්කා ඔහෙ ගෙ කන වික්කේ?



    ReplyDelete
    Replies
    1. කෙල්ල සල්ලි එපා කිව්වා. මගේ කන ලස්සනයිලු.

      Delete
  7. සද්ද නැතුව හිටියට අපි මෙව්ව මිස් කොරන්නෙ නෑ... අජී අයියෙ, බිරිඳ බ්ලොග් කියෝනවද? නෑ නේ? ඔන්නොහෙ කන හැපුවට පස්සේ වෙච්ච ඇත්තම සිද්දිය කියල දාන්න...

    ReplyDelete
    Replies
    1. සිංහල ජර්මන් වලට ට්‍රාන්ස්ලේට් කරල කියවන්න වෙන්නෙ.

      Delete
    2. අපි නම් අහුවෙයි ඕවට

      Delete
    3. අරු කිව්වොත් මිසක්...........

      Delete
    4. එහෙම බැලුවම අජිඅයියට ඒ අතින් මාර නිදහසක් තියෙන්නෙ..

      Delete
  8. රුසියන් නවක වදේ මරු නේ.. අර රුසියන් පෙම්වතියක් ගැන එක සැරයක් ලිව්වා නේද.. හෙහ් හෙහ්.. ඒක ගැනත් වැඩි විස්තර ලියමුකෝ.. කලින් පෝස්ට් එකත් කියෙව්වා.. ගෙදර ඉන්ටර්නෙට් අවුලක් හින්ද කමෙන්ට් දාන්න බැරි වුණා..






    ReplyDelete
    Replies
    1. මම එහම එකක් ලිව්වේ නැත. කෙටි නව කතාවක් ලියාගෙන යන්නෙමි. එහි පත්රවර්ගයා මවාගත් අයය.

      Delete
  9. රුසියානු කෙල්ලන් විතරක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. Then who other girls ear bite other countrys?

      Delete
    2. මොකක් කිව්වා ප්‍රා ? @Ano are you from Bangladesh ?

      Delete
  10. කණට ලැබුනු එක කටට දාගන්න වරම් නැහැ කියලා කියන්නේ ඕවට තමයි.

    ReplyDelete
    Replies
    1. අරූ හිටියනම් කටට දා ගනීද?

      Delete
    2. චිකේ චිකේ මම ඕවට නැහැනේ.....

      Delete
  11. පුරස්නේ කියන්නේ අපේ උන්දැට කියලාවත් මගේ කන පාගන්න බැරි එක නොවැ. හැපුවොත් උන්දැගේ බොරු දත් සැට් එක ගැලවෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකට නම් මොනවා කියන්නද මන්ද? දත් සත එක ගලවල් ට්‍රයි කරන්න කියන්න.

      Delete
  12. Oh you drop good chanse that day. Thats fool you take angry when girl bite your ear. If that thing not hapen and you not take angy you find your lover in one day. You take nagry is you unlucky that time.

    ReplyDelete
    Replies
    1. Oh no. I am from Sri Lanka. I vote president Mithri past year too. That very interest Russian girls ear bite love saying. So what happen your love and ear bite lover girl after that time?

      Delete
  13. බලන කොට ලංකාවේ විතරක් නොවේ ජරා බල්ලෝ ඉන්නේ හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ කා ගැනද ?

      Delete
  14. හැක්, පස්සෙන් පහුවට මතක් කරන්න පුළුවන් සුන්දර මතක, කොහොම හරි අජිත් අයියා සුද්දියකට කියල කනත් හප්පවාගෙන ඈ. හැක් උන් ආදරේ පෙන්නනේ කන කාලද? :o

    ReplyDelete
  15. කණ විකුවා කියල ඕක හයියෙන්ම හපන්න නැතිවැති නෙව ගැලවිලා යන්නම
    හයියෝ සැලරී........................
    දැං ඉතිං මකේ
    ඒ හකුර ගැන මක්ක කියන්නද හෙහ හෙහ්

    ReplyDelete
  16. කලින් එකත් කියවලාම ආවා.. අපූරුයි..

    තමන්ගේ හැගීමක් ලියපු කවියකට ඒ සලකපු විදිහ හරි නෑ.. හරි අමානුශිකයි..

    තවත් ලියන්නකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අපොයි ඒවා විහිළුවට කරන වැඩනේ.

      Delete
  17. //මට වොඩ්කා බොන්නට පුරුදු කළ අර නසරාණි ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ පන්සිල් ගනිමින්, සිල් සමාදන් වෙමින් දැහැමෙන් සෙමෙන් ජිවත් වෙයි.//
    අජිත් අයියට තාම ඕව නවත්තලා සිල් ගන්න හිතුණෙ නෑ..?

    ReplyDelete
    Replies
    1. මොනවා නවත්වන්නද මම කටේ තියන්නේ නැහැ. ඔය අරූ ඉන්නව නේද සිල් අරගෙනත් බොනවා.

      Delete
    2. මම සිල් ගන්නේ පබ් එකේනෙ බං. ගිලන්පසටත් දෙන්නේ බියර්.

      Delete
  18. මේ නවකවදයක්යෑ,මේ නවක සැපතක් නේ.....

    ReplyDelete
  19. අජිත් මටත් අත්දැකීම් ලියන්න හිතෙනවා...... හ්ම්....... නැහැ කමක් නැහැ පරිවර්ථන විතරක් කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ අත්දැකීම් වලින් 0.001 කි. ඉතුරු ඒවා ලියන්නට අදහසක් මටත් නැත.

      Delete
    2. ෆෙලික්ස් කොහෙද හිටියේ?

      Delete
    3. මම හිටියේ ලුමුම්බාවේ. 1987 සිට

      Delete
    4. Felix the cat...පරිවර්තන කරන ගමන් අත්දැකීම්, කකුල්දැකීම්, ලියන්න.

      Delete
    5. මම හිටිය කාලෙමනේ.

      Delete
    6. අරුණ, ඔයා මගේ සිල් බිඳින්න යන්නේ.

      ඔව් අජිත් ඔයා හිටිය කාලේමයි. ඒ කාලේ ඔයාට කොන්ඩේ හොඳට තිබුනනේ.

      Delete
    7. මම ලුමුම්බා එකේ දන්නා අය ටික දෙනයි හිටියේ නම්. හ්ම්
      කොණ්ඩේ ගැන මතක් කරන්න එපා. හොරු අරන් ගියා වගේ හේ හේ.

      Delete
    8. මෙනවා හොරු අරන් ගියත් අපි ලද විශ්ව අධ්‍යාපනය කාටත් ගන්න බෑ.

      Delete
  20. මෙහෙ කැම්පස් එකක නම් සාරි ඇදන් ගිය උන්ගෙ ඇදුම් ගලවනවා සීතලේම හිටු කියලා.. :)

    සික් අජියා.. කන විකපු වෙලාවේ බොට තිබ්බේ තන් දෙකම විකන්න..

    සොරි “කන්“ !!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් කියන්න හොඳ නැහැනේ.

      Delete
  21. ඒ කාලෙ මයික් ටයිසන් කණ කාලා තිබුනෙත් නැතුව උඹ ඔච්චර බය වුනේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. කන නතුඅව ගෙදර යන්න බැහැ කියල.

      Delete
  22. මුන්නැහැ අර ලමිස්සිව තල්ලු කොලා කියනවනං ඉස්කේ අමූලික් අසත්තක් බොරූහේ.

    කරුණාකරල සත්‍ය නොකිව්වොත් ගූගල් ට්‍රාන්ස්ලේටරේ හරහා අපිටත් ජරමං පුලුවන් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. මෙන්න ශ්‍රන්ගය දැන් බ්ලැක් මේල් කරන්නත් එනවා.

      Delete
    2. කෝ යාන් හෑල්ල ??

      Delete
  23. අපූරු අතීතාවර්ජනයක්...ඇත්ත හිම වැටෙන කාලෙට එලියට යන්න ඇඳුම් අඳින එකම ඇති ජිවිතේ එපා වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එලියට යන් හිතෙන්නේ නැහැ ඇත්තටම.

      Delete
  24. hak hak ඔන්න අද තමයි දෙකම කීයෙව්වේ, අම්මප හලෝ අර කන විකන සීන් එක කලින් වෙලා අර අරාබි කෙල්ල නාන සීන එක පස්සේ වුනනාම් එහෙම පැනපු ගමන් අරාබි කෙල්ලගේ කන් තන් ඔක්කොම හපන්න තිබ්බනේද? . හම්මේ ඉතිං ඈ

    ReplyDelete
    Replies
    1. ඉවාන් අපි ඕව කරන්නේ නැත. ඔය කියන දේ කොලා නම් හෙම ඩිග්රි ගනිල්ලා පැත්තක තියල මාව ගෙදරටම පටවාවි.

      Delete
  25. මම හිතන්නේ මයික් ටයිසොන් ඔය කෙල්ලගේ නෑ කෙනෙක් වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ . කෙල්ල වැඩිය උස මහත නැහැ.

      Delete
  26. වොඩ්කා නම් මරු , කණ හපන එක තමා අවුල...

    ReplyDelete
    Replies
    1. අවුල් වුනාට පසු ....

      Delete
  27. maru mathaka. issella eke ravige comment ekath maru.

    Ian

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. තවම සංචාරයේ වගේ

      Delete
  28. හොඳ වෙලාවට කණ හැපුවෙ.. ආදරේට වෙන කොහෙ හරි හැපුවනම් එහෙම..! (නෑ මං කිව්වෙ අත හැපුවනම් එහෙම...) හැක්.. හැක්!!

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ මුඛ්‍ය අදහස රුසියන් කෙල්ලෝ ගැන කතා කරන එක නෙමේ.

      Delete
  29. ආදරයට වෙන වෙන තැන් හපන රුසියන් කෙල්ලෝත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ මුඛ්‍ය අදහස රුසියන් කෙල්ලෝ ගැන කතා කරන එකම නෙමේ.

      Delete
  30. පිට රටක අලුතෙන් ජීවිතය පටන් ගන්නා පළමු දවසේ ඉඳන් ඒ ජිවිතයට හැඩ ගැසෙන තුරු එදිනෙදා ජීවිතය නවක වදයක් කියල තමයි මට හිතෙන්නෙ. ඔබ සටහන් කරලා තිබුනා වගේ අධික ශීතල කාල වලට ශීතලෙන් බේරෙන්න ඇඳුම් ටික පිළිවෙලකට ඇඳගන්න හිතනකොටත් ඔළුවට වදයක්. ඒ වදේ සෑම ශිත කාලයකදීම නැවත නැවත අලුත් වන වදයක්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. එලියට යන්නේ නැතුව ඉන්න හිතෙනවා ඇඳුම් ඇඳගන්න කරදරේට.

      Delete
  31. සමාවන්න කියෙව්වෙ පමාවෙලා. කිව්වා වගේ ලුමුම්බා එකේ නිවාස පහසුකම් ඉතා ඉහල මට්ටමක තිබුන. ගැහැණු පිරිමි වෙනම හොස්ටල් තිබුනේ. අජිත්ලගේ විදිහට තිබුන නම් හොඳයි කියල හිතෙනවා.

    කතාව නවක වදයගැනනේ . ඇත්තමට moscow වලදී නවකයින් ගියහම නවක වදය ලැබෙන්නේ පරණ අයට. නවකයන්ට කෑම ඉවීම, කඩේ එක්ක යාම. ගෙද‍ර මතක් වෙන අයව සැනසීම, කෙල්ල දාල අපු උන් මූඩ් ගහල ඉන්න එකට බේත් දීම. මේ තත්වයේ ඉන්න පොරවල් වලට රැග් කලා නම් හත් වෙනි තට්ටුවෙන් තමයි පනින්නේ.

    හැබැයි එක රැග් එකක් ලැබෙනවා ඒ ක්ලිනික් එකේදී. එතෙන්දි යන්නේ අලුත් අය තනියම. දොස්තරලා කීප දෙනෙක් ලඟට යන්න වෙනවා ගිය හැම තන්මදී ඇඳුම් සේරම ගලෝනව . හුඟක් අය ජංගිය ඇරෙන්න ඇඳුම් ටික සේරම ගලෝනව.. නර්ස් කියනවා එකත් ගලවන්න කියල. ඒක තමා ලොකුම රැග් එක. එකෙන් බේරෙන්න සමහරු ඊලංග දොස්තර ලඟට යනකොට ජංගිය අදින්නෙ නැතුව අනිත් ඇඳුම ටික ඇඳන් යනව. එතෙන්දි සමහරවිට කියනව ජංගිය ඇරෙන්න ඔක්කොම ඇදුම් ගලවන්න කියල. ඒක තමයි මාර රැග් එක.
    නැත්නම් පරණ උන් හැම අවුරුද්දෙම අලුත් උන්ගෙන් රැගකන එක තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ හොස්ටල් වල ගැහැණු පිරිමි එකට හිටියේ. හරිම ෂෝක්.
      ඔය ඇඳුම් ගලවන වැඩේ නම් හැම අවුරුද්දෙම උණා පොලික්ලිනික් එකේ.
      නිමල් සිරිපාල වැනි ලුමුම්බා ආදී සිසුවෙක් පැමිණීම ගැන ඉතා සතුටුයි.

      Delete
  32. ලස්සන කතාවක්... හොඳ බ්ලොග් එකක්..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .