Thursday 19 May 2016

විපතට පත් ජනතාවට උදව්වක් කරමුද? ඉවාන් පව්ලුෂා ගැන ආරංචියක් නැත.

අපේ සහෘද බ්ලොග්කරුවකු වන ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්)  කිසිම ආරංචියක් නැති බව දැනගන්නට තිබේ, බස්සි ද දුරකතනයෙන් අමතන ලද නමුත් පිළිතුරක් නොමැති බව ලියා ඇත. කවුරුන් හෝ විස්තරයක් දන්නවාද?
වර්ෂාව මෙන්  ජල ගැලීම් ද වැඩි වී ඇති අතර බොහෝ අය විපතට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවට සුපුරුදු ලෙස බොහෝ අය විපතට පත් ජනතාවට   උදව් කිරීමට ඉදිරිපත් වී සිටිනු  නොයෙකුත් වෙබ් අඩවි වලින් දුටුවෙමි.  නාවික හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදාවන් ද පොලිසියද විපතට පත් ජනතාව බේරා ගැනීමේ සහ සහන සැලසීමේ සිටිනු දුටුවෙමි. හමුදාවන්ගේ ඒ මානුෂික කටයුත්ත කෘතඥතා පුර්වකව අගය කරමු. බ්ලොග් කරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන නලින් දිල්රුක්ෂ මහතාද ආහාර  පාන බෙදා හැරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටි.

බ්ලොග් ලියන රසිකයා ගුණවර්ධන මල්ලිද අරනායක ප්‍රදේශයේ ජනතාවට උදව් කිරීමට හැකිදැයි සොයා බලන ලෙස අද මගෙන් ඉල්ලා සිටියේය. මේ නිසා ඔහුගේ පෝස්ටුව  මෙහි පලකරමි. ලන්ඩනයේ  සිටින යහළුවන් ගෙන්ද විමසා බලමි. කිසියම් සහයෝගයක් දිය හැකි නම් මේ අවස්ථාවේ  එය කරමු.

මුදල් ආධාර එකතු කළහොත් ලංකාවේ සිටින ඇතැම් මනෝ විකාර කාරයන් ගෙන්  චෝදනා එල්ල විය හැකි නිසා රසික ද්‍රව්‍යමය ආධාර පමණක් දැනට බලා පොරොත්තු වේ.

ලන්ඩනයේ සිට ද්‍රව්‍යමය ආධාර යැවීම අපහසු නිසා මුදල් වලින් ආධාරයක් කිරීම පමණක් කළ හැකිය.

රසිකගේ පෝස්ටුව:

අසරණ අපේම මිනිසුන්ට සහයක් වීම...😍
පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?
මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.
එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?
අප ඒ අපේම ජනයාට උපකාර කිරීමට තීරනය කලෙමු....ඒ සදහා අප වියලි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔව්නට ලබා දීමට කටයුතු කරමින් සිටී.....කුරුණෑගල අවට ඔබට ඒ සඳරා ඔබටද දායක විය හැක....ඔබත් දායක වීමට කැමති නම් අපගේ පත දුරකථන අංක වලට අමතන්න...
076 807 96 99
037 397 72 15
[නොදන්නා අයවලුන්ට දැනුවත් වීමට මෙය ශෙයාකර සහයෝගය දැක්වීමට කටයුතු කරන්නේන් නම් ස්තූතිවන්ත වෙමි..]

සංඛ රණධිර  විතාන ගෙන් 

ගංවතුර හා නායයෑම් සහ අපේ දායකත්වය

SANKHA RANADHEERA VITHANA·THURSDAY, 19 MAY 2016
ලංකාව තුළ ඇතිව තිබෙන ගංවතුර සහ නායයාම් ආශ්‍රිත හදිසි තත්ත්වය තුළ ලංකාවේ සමාජ මාධ්‍ය (ෆේස්බුක්) හි හැසිරීම ප්‍රශංශනීයය. සුපුරුදු නොදියුණු, පසුගාමී කතාබස් අල්පයක් පැවතියා වුවත් සමස්තයක් ලෙස ෆේස්බුක් තුළින් සාධනීය මෙන්ම, වඩාත් සක්‍රීය දායකත්වයක් මේ වනවිටත් ලබාදෙමින් සිටී.

බොහෝ පිරිස් සහ සංවිධාන මේ වන විටත් බඩුභාණ්ඩ එකතුකිරීමේ කර්තව්‍යයන්වල නිරතවෙමින් සිටී. ඒ පිරිස් මගින් රජයේ අසවිධානාත්මක තත්ත්වය අභිබවා හදිසි තත්ත්වයෙන් එතෙරවීමට දායකත්වය ලබාදෙමින් සිටී.

කෑගල්ලේ වෙසෙන මගේ පුද්ගලික මිතුරෙකුට අනුව, අරනායක සහ බුලත්කොහුපිටිය තුළ පවතින තත්ත්වය තුළදී එතරම් ශ්‍රම අඩුපාඩුවක් නොමැත. විශේෂයෙන් රජයේ හමුදාවන් ඒ වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී. එසේම එදිනෙදා කෑමබීමද ප්‍රදේශවාසීන් විසින් සපයමින් සිටිති. කෑගල්ල ප්‍රදේශයට ආධාර රැගෙන යන අයවළුන් විසින් විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු බඩු භාණ්ඩ නම් වියළි ආහාර, සනීපාරක්ෂක උපකරණ, බෙහෙත්, කුඩා ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් වූ භාණඩ වැනි දෑය. මගේ මිතුරා අදාළ ප්‍රදේශය තුළ ස්වේඡ්ඡා සේවය තුළ නිරතව සිටින අතර ඔහුගේ විශ්වාසවන්ත භාවය පිළිබදව මට වගකිවහැක. අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඔහුව සම්බන්ධ කරගැනීමට 0716244202 (ඉන්දික) තුළින් සිදුකළ හැක.

අවධාරනය - කැමරා බහුල සමාජයක සියළුදෙනාහටම මාධ්‍ය කාර්යභාරයක් ඇත. එහෙත් ඡායාරූප ගැනීමේදී මූලික මාධ්‍ය සදාචාරයන්වත් පිළිපැදීමට සිහිතබා ගන්න. විශේෂයෙන් මළසිරුරු සම්බන්ධයෙන් වන ඡායාරූප සමාජජාල තුළ සංසරණය නොවන්නේ නම් වඩාත් හොදය. මියගොස් ඇත්තේ අපවැනිම ගෞරවයකින් ජීවත් වූ අපේම සහෝදර සහෝදරියන්ය.

මේ හිමාශි කරුණාරත්න ගෙන්.

අරණායක මිනිස්සු සිය ගණනකගේ,
ප්‍රාණ වායුව මහ පොළොව යට මිහිදන් වුණා ..
ඒ විතරක්ද කොළඹ අවිස්සාවේල්ල තව හුඟාක් පැතිවල
අහිංසක මිණිසුන්ගේ පුංචි දරු පැටවු
ඇගට ඇදගන්න රෙදී කෑල්ලක් නැතුව හීතලේ හැහෙනවා
සමහර විට හීතලක් දැනෙන්නේ නැතුව ඇති
උන්ගේ සිත් වල කැකෑරෙන වේදනාව හීතල වසං කරලත් ඇති.
පුංචි රෙදි කෑල්ලක් , ඇදුමක් පැලදුමක් , බිස්කට් පැකට් එකක්
සිද්දාලේප කුප්පියක් පැනඩෝල් පෙත්තක්
තව මොන තරම් දේවල් මේ අහිංසක මිනිසුන්ට උවමනා වෙලා ඇත්ද?
ආදරණිය මිනිසුනි.....!!
අපි එකතු වෙලා මේ අහිංසකයන්ගේ නැතිවුන ජීවිත ගන්න බැරි උනත්
මේ මොහොතේ සිදු විය යුතු යුතුකම ඉටු කරමුද
දේශපානය අරමුණු , වර්ග වාද , ගෝත්‍රවාද ගැන හිතන්න කලින්
මිනිස්සු විදිහට අපට දෙයක් කරන්න තියෙනවා
ඔයාලට පුළුවන්නම් හෙට හා අනිද්දා දවස් දෙකේ
මේ අය වෙනුවෙන් පුංචිම දෙයක් හරි අරන් එන්න
* කොළඹ - අංක 56,දාබරේ මාවත,කොළඹ 5
* කැළණිය - ගුරුකුල විද්‍යාලය අසල විහාරය
*කිරිබත්ගොඩ සහ දළුගම - ඔටෝ ලර්න් රියදුරු පාසල කියන ලිපින වල ඔයාලගේ ආදරය ඒ හද ගැහෙන මිනිස්සුන්ට එකතු කරන් යන්න අපේ කට්ටිය බලා ගෙන ඉන්නවා.
ඒ අයව සම්භන්ධ කරගන්න ඔනි නම් දුරකථන අංක තුනක්ම තියෙනවා
ෂේන් - 071 933 6444
රන්දික - 0775685930
Kasun - 077 2345168
ආදරණිය මිතුරනි,
ඔයාලාගේ පුංචිම පුංචි පැනඩෝල් පෙත්තත්
ඒඅයට ලොකු සවියක් වේවි



51 comments:

  1. මම හෙට ලංකාවට යනවා.. බලමු පුළුවන් විදියට මොනවා හරි කරන්න..

    ReplyDelete
  2. Rasika spoke to me also. I'm on my way home.. we are also living in danger clssified zone for potential landslides. Hope to join with you guys soon.
    Still worrying about my friend Ivan and family.

    ReplyDelete
    Replies
    1. මමත් බලන්නේ ඉවාන් ට මොකද කියල.

      Delete
    2. ට්‍රයි කරනවා හොයා ගන්න

      Delete
    3. ඔක්කොටම කලින් ගෙදර ගිහින් එහේ තත්වේ විසදලා වරෙන්.

      Delete
  3. මම මේ ගැන උඹට ඊමේලක් එව්වා.

    ReplyDelete
  4. මම ඉන්නේ අරනායකට පැයකින් එකහමාරකින් යන්න පුලුවන් දුරක.. අද ආධාර ගමෙන් එකතු කරළා යන්න ලෑස්ති වෙලා. ඒත් වැස්ස එක්ක මොකුත් කරන්න අමාරුයි..

    අපි පුලුවන් උපරිමයින් උදව් කරමු...
    ඉවාන්ට කසුන් කෝල් කළා කියුව.. ඒ ඊයේ හෝ පෙරේදා.. ඒවෙලාවේ මීටින් එකක කියුව වගේ කියල මතක..

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක් නංගි . මාත් බලන්නම්.

      Delete
  5. කොහොමද ඉවාන්ව හයා ගන්නේ එයාගේ පොන් එක වැඩ නැත්නම් යාලුවෙක් වත් දන්නේ නැද්ද ? එයා මුහුණු පොතේ ඉන්නවද ? ඉන්නවනම් අනිවා එයාගේ හොද යාළුවොත් ඇති ඒ කෙනෙක්ගේ profile එකට ගිහිල්ලා කොම්මෙන්ට් කරා නම් හරි ඉවාන් ඉන්නවද මොකද උනේ තොරතුරක් දෙන්න බැරිද කියලා

    ReplyDelete
    Replies
    1. මෙසේජ් එකක් යැව්වා. මම හෙට කෝල් කරන්නම්. දැන් රෑනේ.

      Delete
  6. බොහොම ස්තූතියි අජිත් අයිය......මේ වැඩේට. දුමී බ්ලොග් එකේ දුමින්ද අයියත් එකතු වෙලා ඉන්නෙ...එයා තමා ඔය පෝස්ටුවෙන් සැලකිය යුතු තරමක් සටහන් කරල දුන්නෙ...නැවත වතාවක් සියලුම දෙනාට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මගේ උදව්වක් දෙන්නම්. ඔයාගේ එකවුන්ට් විස්තරයක් එවන්න.

      Delete
  7. ඉවාන්ගේ ෆෝන් එක නැති වෙලාද දන්නේ නෑ සද්දයක් නැත්තේ. වෙන විදිහක් නැති වෙයිද පණීවිඩයක් යවා ගන්න.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන ඉන්නවලු උඩ තට්ටුවක හිර වෙලා

      Delete
  8. ගොඩක් පැති වල විදුලිය කපල නිසා ඉවාන්ට ෆෝන් එක චාර්ජ් කර ගන්න බැරුව ඉන්නවා ඇති කියල තමයි මම හිතන්නේ...
    මමත් ගත්තා, ෆෝන් එක වැඩ නැහැ...

    ///මුදල් ආධාර එකතු කළහොත් ලංකාවේ සිටින ඇතැම් මනෝ විකාර කාරයන් ගෙන් චෝදනා එල්ල විය හැකි නිසා රසික ද්‍රව්‍යමය ආධාර පමණක් දැනට බලා පොරොත්තු වේ.///
    මේ ගොන් පාට් වලට සැලෙන්නේ මොකටද...
    මේක අජිත් අයියටත් අදාළයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්ක. සැලෙන්නේ නැත. රසික මල්ලි කීවේ එහෙමයි.

      Delete
    2. සැලෙන්නේ නැත...ස්තූතුයි ලොකු පුතා...

      Delete
  9. මමත් කැලණිය ප්‍රදේශයේ ඉන්න නිසා ගොඩ දෙනක් මටත් කතා කරලා විස්තර ඇහුවා. ස්තූතියි හැමෝටම....

    අපි ඉන්න හරිය විතරයි මේ වෙනකොට කැලණිය පැත්තෙන් ගං වතුරට යට නොවි තියෙන්නේ. ගොඩක් තැන් වල විදුලිය විසන්දි කරලා තියෙන නිසා ෆොන් චාජ් කරගැනීමේ අපහසුතා තියෙන නිසයි සම්බන්ද කරගන්න දුෂ්කර ගොඩ දෙනෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි කරදරයක් නැත්නම්.

      Delete
  10. ඉවානයා කන්ටැක්ට් කරන්න නම්බර් එක මා ලගත් නැහැ. හොයලා බලන්න. මේ පැත්තේ මිනිස්සුන්ට පන්සලේ හාමුදුරුවෝ, ගමේ උන්, අපි මැදිහත් වෙලා ලොකු වැඩසටහනක් කළා. නැවත පදිංචිය දක්වාම කරන්න වෙයි.

    පොදු වැඩ තියේ නම් කියන්න. ගේමක් ගහමු
    tosamindika@gmail.com

    ReplyDelete
    Replies
    1. කට්ටිය කතා කරයිනේ. මොනවා හරි කට්ටිය සංවිධානය කරනවා නම් දන්වන්නම්.

      Delete
  11. ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන්


    ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔවුහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
    මෙවැනි වංචා වලට හසු නොවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
    ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිසාපති කාර්යාලය මගින් අවතැන් වුවනට ආධාර දීමේ හොඳම ක්‍රමය බව රජය පවසය.

    කවුද දන්නේ මොනවාද වෙන්නේ කියලා ........පීනන්න දන්නේ නැති මාලුවොත් ඉන්නවලුනේ

    ReplyDelete
    Replies
    1. ආධාර ලබා ගන්නා ය ගැනත් පරිස්සමින්. අර යාන් හෑල්ලේ ගංවතුර ලිපිය කියෙව්වා නම් තේරෙයි.

      Delete
  12. අරණායක ප්‍රදේශයේ ජනයාට උවමනා කරල තියෙන්නෙ සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ කාන්තා යට ඇදුම් පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්ඩ..

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා එකවුන්ට් එකක විස්තර එවන්න. කමියට සල්ලි යවන්න බැහැ. කමියා බිසී. මම රුපියල් 10000 විතර දාන්නම් . එවලින් අරගන්න. ඔයාට දවස් තුනකින් තමා මුදල් ලැබෙන්නේ.

      Delete
    2. දැන් මොකක්ද කරන්නේ මල්ලි? ෆේස්බුක් එකට මෙසේජ් එකක් එවන්න.

      Delete
  13. ප්‍රාජේ, චූලා සහ මම අද අංගොඩ පැත්තෙනුත්, ( මුල්ලේරියාවෙන් එපිටට යන්න අමාරුයි ), ඊට පසුව වැල්ලම්පිටිය පැත්තෙනුත් (වැල්ලම්පිටිය හංදියෙන් අංගොඩ පැත්ත වතුරෙන් යට වෙලා ) ඉවාන් ගේ ගෙදරට යන්න උත්සාහ කලා. වතුර මට්ටම හමුදා සහ පොලිස් අණ වැනි දෑ අපගේ අරමුණ ඉටුකරගැනීමට හරස් උනා..
    මා සතු ඉවාන් ගේ පෞද්ගලික දුරකථන අංක සියල්ලම විසන්ධි කර ඇති බවයි ඇමතූ විට කියන්නේ...
    ඉවාන්ගේ ලඟම පවුල් සාමාජිකයින් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් පවා සාර්ථක උනේ නැහැ...
    ඔහු සහ ඔහුගේ පවුල් සාමාජිකයින් කොහේ හෝ යහතින් ඇතැයි සිතීම පමනයි මට ඉතිරි වෙලා තියෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. ඉවාන් තම නිවසේ උඩු මහලේ සිටිනා බව මේ දැන් ප්‍රාජේ විසින් මා හට දැනුම් දුන්නා...ඔහු වාසනා ව මොබිටෙල් දුරකථනයකින් සම්බන්ධ කරගෙන මේ බැව් දැන්වූ බව කමියා විසින් ප්‍රාජේට දන්වා තිබුනා..
      කිසියම් කෙනෙකු හට හැකිනම් නාවික හමුදා බෝට්ටු සේවයක් ඒ ආසන්නයේ ක්‍රියාත්මක නිසා ඔහුගේ ගෙදර (උසක පිහිට ඇත ) වෙත වතුර වියලි ආහාර වැනිදෑ ලබා දියහැකියි...නමුත් ඔහු එවැනි ඉල්ලීමක් නම් කර නැහැ...

      Delete
    2. බොහොම ස්තූතියි චෙෆාකි. සැනසුම් සුසුම්. හුඟක් බයවෙලා මාත් හිටියේ. මොනවා හරි උදව්වක් කරන්න මට නම් අමාරුයි. ඔයාල මටත් තම බලාපොරොත්තු තියන් වෙන්නේ. බස්සිත් මේ දැන් මෙලක් දාල තිබ්බ.

      Delete
    3. Just got to Navy HQ rescue monitoring room ....gave Iwan's location..they promised me to send a boat crew...will wait for the good news..
      kammala on his way to wellampitiya to meet the boat crew...

      Delete
    4. You ROCk guys. Well done. What I can say bloggers heart.

      Delete
    5. වෙල් ඩන් ශෙෆා!!!!!! ආපු ගමන් ඔලුව පිහිදලා බ්‍රැන්ඩි ශොට් එකක් දීපන්...සීතලේ ඇත්තේ :D

      Delete
    6. යන්තන් ඇති!!!...

      Delete
    7. Iwan has finally contacted me sindu ano and bassi in the morning...he is ok..once the water level goes down we need help to clean his house...

      Delete
  14. Breaking News - ඉවාන් උඩ තට්ටුවෙ නිරුප්‍රදිතව ඉන්නවලු - KM

    ReplyDelete
  15. කළණෙ කතා කළා.. ඉවාන් තව පිරිසක් එක්ක ගෙදර උඩ තට්ටුවෙ ඉන්න බව දැනගන්න ලැබී තියෙනවා. ඒ හරියට එන්න අමාරුයිලු. පාර කෙළවරම වගේලු ගේ තියෙන්නේ.. අවදානම නිසා පවර් ඕෆ් කරල ... ඒ නිසා ෆෝන් චාර්ජ් කරන්න විදියක් නැතිලු... හොඳින් ඉන්නවා...

    ReplyDelete
  16. මේ වගේම හැමෝම කරදරයක් නොවී උන්නනම් මොකෝ...ඒත් කීදෙනෙක් පස් යට හැංඟිල ගිහින්ද. පුලුවන් උදව්වක් කරමු අපි.

    ReplyDelete
  17. ඉවාන් අය්ය සහ ඒ අවට හිරවෙලා ඉන්න අයව ඉක්මනින් බේරගනියි කියල හිතනව.අවතැන් වෙච්ච අනෙක් අය වෙනුවෙන් හැකි පමණින් උදව් කරනව.

    ReplyDelete
    Replies
    1. ඉවාන් කථා කලා කියල තමයි ආරංචිය.

      Delete
  18. What papen he we must serch. This is sad too. Any way garment do good work to save people flu trubal area. We prey not there any problem to our frend.

    ReplyDelete
  19. මේ පොස්ටුවට එන්න ලැබුණේ දැන් ඉවාන් සිටින බව දැනගන්ට ලැබීම සතුටක්. ශක්ති ප්‍රමාණයෙන් විවිධ පෙදෙස්වලට ආධාර දායකත්වයන් දීමට යසිත පුතණුවන් මගින් අවශ්‍ පියවර දැනටමත් ගෙන තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක්. ස්තූතියි

      Delete
  20. අජිත් අද ෙගදර නැවතුනා. හිටිෙය් ෙකාෙළාන්නාෙව්.ඉවාන් පව්ලුෂාෙග් ලිපිනය ෙහා් ෙමාබයිල් ඒක ෙදන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆිලික්ස්. දන්නා කෙනෙක් ඉන්නවා නම් දානවාද? ඉවාන් ගේ නිවසේ ලිපිනය බස්සි දාල තිබුන FB එකේ. හොයල දෙන්නම්. හැබැයි දැන් හරි කියලයි ආරංචිය.

      Delete
  21. හැකි විදිහට උදව් දුන්නා. වෙනත් විශේෂ දෙයක් තියෙයිනම් කියන්න.

    මං හිතුව හරි. ඉවානය කොටු වෙලා ඉන්නේ. ලොකු කරදරයක් නොවීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .