Saturday 14 May 2016

අවසානයේ දී කහසල්ලි සරදයා ද බ්ලොග් ලියන්නට ආවේය......................

සී ඩබ් ඩබ් කන්නන්ගර 
බ්ලොග් ලියන්නට අළුතින්ම  පැමිණි "කහසල්ලි" ලියන සරදට තමන් එසේ පැමිණියේ නෙළුම් යාය විසින් ඇති කළ "පිබිදීම" බව පිලි ගන්නට දිව පැටලෙන  බව පෙනේ. ඒ වෙනුවට බොහෝ වාමාංශික  "සහෝදරවරු"  පුරුද්දට (habitually) කරන්නාක්  මෙන් "විවේචනයක්" ඉදිරිපත් කරයි.

ඔහුගේ පළමු විවේචනය දේශපාලකයන් ට බ්ලොග් සම්මාන දීමට ආරාධනා කිරීම ගැනයි. කරු පරණවිතාන සම්බන්ධ කර ගැනීම ගැන "නොකී කතා"ද දෝෂාරෝපණය කල අතර ඒ ගැන පිළිතරු දී ඇති නිසා නැවත  ලියන්නට නොයමි.

සරද මෙහිදී අමුතු කතාවක්  කියයි. ඔහුගේ අන්වීක්ෂ පරීක්ෂාවෙන් පසු ඔහුට පෙනෙන්නේ අප කරු ජයසුරිය ගෙන්වන්නේ පිරිසුදු ජාතිවාදී නොවන දේශපාලකයෙකු නිසා බවයි. හැබැයි අප කොහේවත් එසේ කියා නැති බව ද ඔහු පිළිගනී.  මට නම් පෙනෙන්නේ සරද වැන්නවුන් අනිත් පාර්ශවයේ ලිපි නොකියවා අනුමාන කර ලියන බවයි. ඉන්පසු ඔහු කියන්නේ "හුදෙකලා හොඳ මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ තීරණාත්මකව කල හැකි දෙයක් නැත" යන්නය.   දැන් අපි මේ කතාව මදක් විශ්ලේෂණය කර බලමු.

දීප්ති  කුමාර ගුණරත්න වරක් සඳහන් කල පරිදි අපේ යුගයේ  දේශපාලන විපරිත භාවය කුමක් ද කියා හදුනා ගැනීම වැදගත්ය. මම මේ ගැන බොහෝ දුරට කල්පනා කලෙමි. මට සිතෙන්නේ මෙසේය.

පේරාදෙණි ගිය කිසියම් බ්ලොග් කරුවෙකු කි පරිදි රාජකීය විදුහලෙන් එන නවකයන්ට නවක වද දෙන සීනියර් උත්තමයන් හඳුන්වන්නේ "කුණු කන්නන්ගරෙන් " එන එවුන් කියාය.  කුණු කන්නගරේට යන එවුන් ගෙන් භාගයක්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වී රාජකීය විදුහලට එන බවද  ඔවුන් හොඳින්ම දනී.  නමුත් අර ඉරිසියාව එලෙසමය. කන්නගර කියන්නේ කවුද?

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලංකාවේ බ්‍රිතන්‍ය පාලනයට  එරෙහිව නැගුනු නිදහස් ව්‍යාපාරයේ සිටි පුද්ගලයෙකි.  ඔහු ගැන සරදට අනතර්ජාලයේ කියවා ගත හැකිය. ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිය. එස් ඒ වික්‍රමසිංහ ආදීන් ගේ සහයද ඇතිව නිදහස් අධ්‍යාපනය ඇති කලේ ඔහුය. ආදී කාලීන එජාපයේ ඩි ඇස් සේනානායක විරුද්ධ වෙද්දී  ජේ ආර්, ඩඩ්ලි, (ඔව් ජේ ආර්) , ඔලිවර් ගුණතිලක, ඇන් ඇම් පෙරේරා, මලලසේකර ආදීන්ගේ සහයෙන් ඔහු අධ්‍යාපන පනත  සම්මත කර ගත්තේය.  සරද  වැනි අය උගත් බණ්ඩාරවෙල මැදි මහා විදුහල වැනි මධ්‍ය මහා විද්‍යාල රාජකීය විදුහලේ ඌරුවට ඇති කලේත් ඔහුය. පේරාදෙණිය ද ඇතුලත් ලංකා විශ්ව විද්‍යාලය පිහිටෙව්වේද පිරිවෙන් අධ්‍යාපනයට තැනක් දුන්නේද ඔහුගේ අවුරුදු දහසයක අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලය තුලය.

අසුව දශකයේ අග භාගයේ පෞද්ගලික වෛද්‍ය විදුහල පිහිටුවද්දී එයට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ජනතාව පෙළ ගැස්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික පක්ෂයන්ය.  "කුණු කන්නන්ගරය " කියා පේරාදෙණි ගියවුන් අපහාස  කරන්නේ ද තමන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට තම පක්ෂයේම නායකයන්ගේ විරුද්ධතා මැද  කටයුතු කල යුඇන්පී කාරයෙකුටය. විපරීත භාවය ඇත්තේ මෙතනය. නිදහස අධ්‍යාපනයට අද විරුද්ධ වන්නේ යුඇන්පී සහ සමහර ශ්‍රීලංකා කාරයන්ය.

සාමාන්‍යයෙන් වාමාන්ශිකයන් අනිත් අයගේ ලිපි කියවන්නේ නැත. (දීප්ති වැනි කීප දෙනෙකු හැර )  තමන්ගේ ලිපි හෝ තමන්ට අනුබද්ධිත වෙබ් අඩවියක පත්තරයක මිස අනිකුත් දේවල් නොකියවිමේ සිරිතක් ඔවුන් තුල පවතී.  එනිසා කරු ජයසුරියට 2015 ප්‍රථම සම්මාන උළෙලට ආරාධනා කළේ ඇයිද යන්නේ මෙහි ලියා ඇති  බව කියමි.
සරද මෙතන කියවන්න.  යාපනයේදී අනවසර වැලි ගොඩ දැමීමක් කිරීම ගැන ලියු සමාජ ජාල ක්‍රියාකරුවෙකු මරා දමා තිබුණි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් ශ්‍රී ලංකාවේ නැති නිසා ඒ ගැන තොරතුරු දැන ගන්නට ක්‍රමයක් නැත.

මේ ලිපියේ තිබෙන්නේ  අප ඔහුට ආරාධනා කළ හේතුවයි. අපි 2015 නෙළුම් යාය උළෙලේදී කරු ජයසුරිය  මහතාට තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීමේ පනත සම්මත කිරීමට ඔහු ගෙනයන සටන ගැන  විස්තර කිරීමට ඉල්ලීමක් කළෙමු.  කරු ජයසුරිය මහතා දෙවරක්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ  පනත ඉදිරියට  ගෙන ආවත් එය  දෙවරක්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණි. බ්‍රිතාන්‍යයේ  සමහර මන්ත්‍රීවරු  මේ Freedom of Information Act  පනතට බියය. සමහර  රජයේ ආයතන ද බිවෙති. පසුගිය අවුරුද්දේ පමණක් 30,000 පමණ දෙන තොරතුරු පනතට අදාලව රජයේ ආයතන හා මන්තිවරුන් ගේ විස්තර ඉල්ලා තිබුණි .  මේ  පනත ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවක් මගින් වසර 2000 දී පමණය.

රාජ්‍ය දුෂණ අවම රටක් වන ස්වීඩනයේ මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 1766 සිට පවතී. එක්සත් ජනපදයේ ලින්ඩන්  ජොන්සන් එය අනුමත කලේ 1966 දීය.

ලංකාවේ දේශපාලකයන්  මේ පනත  ගැන බියවීම  අහන්නත් දෙයක්ද?  2016 මාර්තු 24 දා කරු ජයසූරිය මහතා  කථානායක ධුරය හොබවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය සම්මත කෙරුනි.  ඔහු වෙනුවෙන් පනත සභාවට ඉදිරිපත් කලේ ජන මාධ්‍ය අමාත්‍ය
ගයන්ත කරුණාතිලකය.  නෙළුම් යාය උළෙලේට පැමිණි කරු ජයසුරිය මහතා පනත පැය 72ට කලින් සම්මත වූ බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේය.
2016 නෙළුම් යාය සම්මාන උළෙලේ  නිමේශයක් 

 මෙවර  නෙළුම් යාය  සම්මාන දෙන අතරතුර කථානායක තුමා පනත  සම්මත වීම ගැන මගේ අදහස විමසීය.  "ජනතාව  මේ ගැන වැඩිය දන්නේ නැහැ නේද " යන්න  ඔහුගේ ප්‍රශ්නය විය.  මම ඒ මහතාට පැවසුවේ, මේ පනත  මගින් ඔහු ඉතිහාසයට එක්වන බවයි. ජනතාවට පනතේ  වටිනාකම වැටහෙන්නේ පසුව බවයි.

ශ්‍රී ලංකාවේ පවතින විපරිත ඩීල් දේශපාලනය අනුව තවත්  අවුරුද දහයකින් පමණ සමහර විට ලංකාවේ බලයට පත් වන්නේ එක්කෝ දහම් සිරිසේනය. නැත්නම් නාමල් රාජපක්ෂය. නැත්නම් සජිත්  ප්‍රේමදාසය. දහම් හෝ සජිත් ජවිපෙ අනුර කුමාර හෝ වෙනයම් නායකයකු සමග ඩීල් දමනු ඇත. පෙසපේ ගුණරත්නම් නාමල් හෝ තවත් අයෙකු සමග ඩීල් දමනු ඇත. ඉන්පසු උනුත් එකයි මුනුත් එකයි කියා ආණ්ඩුවට එක්  නොවනු ඇත.  අර පත්ව එන නායකයාට සහය ගැනීමට සිටිනා  මන්ත්‍රීවරු මෙන්ම  රජයේ නිලධාරින් බේරා  ගැනීමට නම් උන් පිලිබඳ සත්‍ය තොරතුරු හෙළි දරව් වීම  අවාසිදායක  වනු ඇත. මාතලන් වැනි හැම කුණු මුල්ලකටම හොට දමන නසරාණි බ්ලොග් කරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් පනත ආධාරයෙන් තොරතුරු සොයනු ඇත. ඒ නායකයන් එවිට මේ පනත අවහිර කිරීමට  කටයුතු කරනු ඇත.

අන්න ඒ දිනට කරු ජයසුරිය ඉතිහාසගතවනු ඇත. ඔහුගේ මේ  පනත වෙනුවෙන්, අනාගතයේ එවන් දිනක පෙළපාලි යනු ඇත්තේ  ජවිපෙ හෝ පෙසප වැනි වාමාංශික දේශපාලන පක්ෂයක් හා එවකට තිබෙන විපක්ෂය වනු ඇත. එදිනට සරදට මාවද නෙළුම් යායද  මතක් වනු ඇත.

පරණම යුඇන්පී (formerly ceylon national congress ) කාරයෙක් ඉදිරිපත් කල නිදහස් අධ්‍යාපන පනතෙන් පිහිටවූ අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ගුණරත්නම් මහතාද සිටි ජවිපෙ බොහෝ කැපකිරීම් කළේය. සරද ද දැන් මගෙන් කරු ජයසුරිය ගැන ප්‍රශ්න කළාට අනාගතයේදී අප සමග මේ පනත  රැක ගැනීමට සටන් කරනු ඇත. මේ සරදට නොපෙනන දීප්ති වැන්නවුන්ට පෙනෙන දෙයයි.

මා දිප්තිව අදාල කර ගත්තේ  මෙවැනිම චෝදනාවක් චමීර කොස්වත්ත විසින් දීප්තිට විරුද්ධව  එල්ල කල හෙයිනි. දීප්ති යුඇන්පී එකට වැඩ කරන බවත්  සමහර විට රජයට පවා එක්විය හැකි බවත් ඔහු කිවේය.

ඉන්පසු සරද විසින් "පිරිසිදු කරූ පවා මේ රජයේ දැති රෝදයක්" බව කියමින් ලොකු කතාවක් කියයි. එය අවසන් වන්නේ මෙසේය. "අවසාන විග්‍රහයේදී රාජ්‍ය හිටගන්නේ දැනුමට අනික් පැත්තේ."

සරද අඩුම ගනනේ මගේ කතාව  හෝ කියෙව්වා නම්.  මෙන්න මේ කොටස "පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් මේ සම්මාන උළෙල කරන්නෙමු.  එසේම අප කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. " මගේ පිළි ගැනීමේ කතාවේදී  මා ඒ බව කෙලින්ම කියා සිටියෙමි.

රාජ්‍යය සිට ගන්නේ දැනුමට අනිත් පැත්තේ විය හැකිය. එහෙත්  අපේ අදහස දැනුම ලබන ජනතාව  රැවටිය නොහැකි බවත් ඒ නිසා බ්ලොග් හා අනෙකුත් සියලුම මාධ්‍යයන් භාවිතා කර අප ජනතාවට  දැනුම ගෙන යන බවත්ය.  රජයක් එයට විරුද්ධ වන අවස්ථාවක අප සිට ගන්නේ රජයට විරුද්ධ පැත්තේය. එතැනදී එය මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න  අපට අදාල නැත. අප නිවැරදි බව බ්ලොග් ලියන්නට මෙන්ම කියවන්නට එකතුවන ජනකායෙන් පෙනේ.  දැන් සරද ද ඒ අතර සිටීම අපේ සතුටට කරුණකි.

කරුණාරත්න පරණවිතාන යටතේ සිටින නිලධාරීන් නෙලුම් යායට කුඩම්මාගේ සැලකිලි දැක්වීම හා ඔවුන් ගෝඨා ගේ මිනිසුන් බව අර්ථ දැක්වීම සරදගේ කියවීමක් පමණකි.  මේ තියෙන්නේ හයිබ්‍රිඩ් ආණ්ඩුවකි.  ලංකා දේශපාලන  ඉතිහාසයේ ප්‍රථම වතාවට, අලුතින් පැමිණි ආණ්ඩුවේ  දේශපාලකයන් විසින් පරණ ආණ්ඩුවේ රැකියා කරන නිලධාරීන් එළවා කරන  දේශපාලන පලි  ගැනීම් කිරීමට  ඉඩක් නැති විය. අමරබන්දු  ගැන ලියු අරුණ පෙරේරා ගෙන් ඇසුවා  නම් ඔහු මේ අතීත දේශපාලන පලිගැනීම් ගැන හා ඉන් සිදුවුන ජිවිත විනාශ සරදට කියනු ඇත.  නිලධාරීන් ගුරුවරුන්ට කරන හිංසා  ගැන මනොෂ් හා හෙන්රි වැනි බ්ලොග් කරුවන් ලියූ  දේ සරද කියෙව්වා ද?  අප විරුද්ධ මේ නිලධාරිවාදයට මිස ගෝඨා කතාවකට  නොවේ.

බොහෝවිට ගෝඨාභය තමන්ගේ නම මේ නිලධාරීන් භාවිතා කරන බව දන්නේ හෝ ඒවා අනුමැත කරන්නේ වත් නැතිවිය හැකිය. ඔහු කතා කරන්නේ පවා ඊට වඩා බරපතල දේවල් ගැනය. අප පෙන්වා දුන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන රජයේ ආයතනයක් ගැනය. එවන් ආයතනයක නිලධාරීන් ගැන ප්‍රශ්න කිරීමට ජනතාව ගෙන් කොටසකට අයිතියක් ඇත. අප කළේද එයයි. නැතිව රජය සමග ගැටී අප සසල වූවා යයි කීම සරද ගේ හිතළුවක් පමණි.

විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධවද එය එසේමය සරද. ජනතාවගේ  බදු මුදලින් පවත්වා ගෙන යන නිදහස් විශ්ව විද්‍යාල වල උගන්නා  සිසුන් ගේ නවකවද  හෝ වෙනයම්ම කටයුතු ගැන විමසීමට මොන උප සංස්කෘති තිබුනද, එම රටේ ජනතාවට  අයිතියක් තිබේ.  මුලින් නවක වදය කර ජනතාව  එයට එරෙහි වූ පසු රජය නීතිය අතට ගත්තේය. රජය නවකවදය මුවාවෙන්  සිසුන් මර්දනය කරනවා කීම දැන් විහිළුවකි. රජය කලේ රැල්ල යන පැත්තට අමුඩය ගැසීම පමණි. විශ්ව විද්‍යාල සිසුන්ට තිබුනේ අපත් මේ නවක වදයට විරුද්ධයි. මේ සිසුන් නිදහස් කරන්න. අපි ඔවුනට නවක ශිෂ්‍යාව ගෙන් සමාව ඉල්විමට පවසන්නෙමු කියා වැඩේ ගොඩින් බේරා ගැනීමට ය.  ඔවුන්ට අවශ්‍ය එය නොව සිසුන් අතරේ වීරයන් වීමය. දැන් පෙළපාලි යාමට තවත්  නිමිත්තක් හදිසියේ ලැබී තිබේ. මෙන්න මගෙන් අත්පුඩි.

 රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇත්තේ අපට නම් නොවේ. රජය යනු කුමක් දැයි අප හොඳින් හදාරා ඇති බැවිනි.

පරණවිතාන ගේ උදව් ගැන කිවේ ඔහු නෙළුම් යායට  බලපෑමක් නොකළ  බව පැහැදිලි කිරීමටය.  සරද තනිකරම රාජ්‍යයේ සහභාගිත්වය ප්‍රශ්න  කරන්නේ ඔහු පවතින රජයට විරුද්ධ පක්ෂයක අයෙක් නිසා වීම පමණකි. නොකී කතා විරුද්ධ වන්නේද ඒ අනුවය. නමුත් එසේ නොමැති බව වටහා ගත්  මොහොතේදීම නොකී කතා නොහොත් හෙන්රි වර්ණකුලසුරිය මහතා වේදිකාවට අවතීරණ වීමට පැකිලුනේ නැත . ඒ තීරණය ගැන ඔහුට ස්තූතිවන්ත වෙමි.

සමහර විට අප පුබුදු ජයගොඩ මහතා ටත්  ආරාධනා කළා නම්  සරද මෙසේ නොලියන්නට ඉඩ තිබේ.  එසේම සමහර විට වාමාංශික රජයක් යටතේ එහි ඇමතිවරයෙකුට කතා කලා නම් ද ඔහු විරුද්ධ නොවනු ඇත.  මෙය පුහු යුඇන්පී විරෝධයක් පමණි. අපට එවැන්නක් නැත.


සිංහල  බ්ලොග් ඉතිහාසය අවුරුදු දහයකට එහා දිවෙන්නෙකි. ඒ අතරතුර  බොහෝ සින්ඩි බිහිවිය.  ඈත කාලයක එක පේලියට බ්ලොග් ලිපින ඇති වෙබ් පිටුවකින් බ්ලොග් කියෙව්වා මතකය.ඒ ලංකා බ්ලොග් කියවනය හෝ වෙන එකක්ද යන්න මට මතක නැත.

මේ බ්ලොග් ලෝකය ට වෙනත් විධිහකට ඉදිරිපත් වන්නට  අදහසක් ඇති වුනේ ඇයිද යන්න හා එයට ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය අංශය එක් වුයේ කෙලෙසද යන්නත් දහ දොළොස් පාරක්  ලියා ඇති නිසා  ඒවා නැවත  ලියන්නේ නැත. සරදට අවශ්‍ය නම්  මගේ බ්ලොගයේ ඒවා කියවා  ගත හැකිය.

ඒ කිසි  තැනක නොලියු දෙයක් දැන් ලියමි.

මින් වසර දෙකකට පමණ පෙර නෙලුම් යාය සම්මාන උළෙලක්  පටන් ගැනීමට පෙර ඒ සඳහා සාකච්චාවට මගේ නිවසට පැමිණීමට මා ඇරියුම් කළේ හතර දෙනකුටය. අගෝරාවේ සිටින දැන් කහ සල්ලි බ්ලොගය පටන් ගත් සරද සමරසිංහ, සංඛ රණධිර විතාන, අරූගෙ අඩවිය ලියන අරුණ පෙරේරා හා ලංකානිව්ස්වෙබ් හි එවකට ප්‍රධාන කර්තෘ චන්දිම විතනාරච්චිටය.  මුලින් කි දෙදෙනා සරද්ද හා සංඛ කිසියම් හේතුවක් දක්වා නොපැමිණියහ. බ්ලොග් සම්බන්ධව ඔවුන්ගේ තිබුනේ මේවා වැඩක් නැති දේ  වැනි හැඟීමක් බව මට සිතුනි.  සංඛ කිවේ ඔහු බූන්දියට ලියන බවයි. එසේ නැතහොත් ප්‍රතිචාර දමන බවයි.  බුන්දියට දමන ප්‍රතිචාර වලින් වැඩක් නැත්තේ කිසිවකු ඒවාට පිළිතුරු  සපයන්නේ වත් සංවාදයට එන්නේ වත් නැති හෙයිනි. සරද ගේ ලිපි කිහිපයක්ම බුන්දියෙන් මට හමුවී තිබේ. මා දන්නා පරිදි බූන්දියේ පල වෙන්නේ කිසියම් "ප්‍රගතිශීලි" ලේබලයක ට වැටුණු ඒවා පමණි. එයිනුත් රුවන් ජයතුංග හැර අනිත් ලේඛකයන් කිසියම් කණ්ඩායමකට අයත් විය යුතුය යන හැඟීමක් මට තිබේ. මා වැරදි වෙන්නට පුළුවන. ඔවුන්ගේ වෙබ් අඩවියට යොමුව නෙළුම් යායේ තිබේ.

සාකච්චාවට පැමිණි දෙදෙනා ගෙන් අරූ එයට මුලදී කැමති වුනත් බෝතලයක සහයෝගයකින් පසු සියල්ල අවුල් වන බව මට පැහැදිලි විය. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කිසියම් ලිපියක්  ලිවූ පසු මට හදිසියේ  මට ලැබුණු ඊමේලයක් ගැන සාකච්චාවේදී සඳහන් කලෙමි. සිංහල බ්ලොග් පවා අවශ්‍ය නම් කිසියම් ආයතනයක  හෝ කණ්ඩායමක නිරීක්ෂණයකට ලක් කල හැකි බවටත් ඒවා සම්පුර්ණයෙන් ම නිදහස් යයි  සිතීම මිත්‍යාවක් බවටත් ඇතිවූ කතා බහේදී අරූ ද සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. මා  ඔහුට කිවේ සත්‍යයකි.

නමුත් ඉන් අවුරුද්දකට පසු දෙල්කඳ හන්දිය නමින් ලංකානිව්ස්වෙබ් අඩවියට කොලමක් ලිවීමට නම් අරූ එකඟ විය. ඒ අනුව පෙනී ගියේ මෙතන  තිබුනේ වෙනත් ප්‍රශ්නයක් බවයි.  මා ප්‍රදීප් ජයතුංග නමැති සුප්‍රසිද්ධ බ්ලොග් ප්‍රතිචාර දමන්නා සමග අරූ හමුවීමට ගිය විට ඔහු එය කිවේ මෙලෙසය. "උඹ නිකන් ගරිල්ලා කාරයෙක් වගේ නේ මෙතනට කඩා වැදුනේ. එක පාරටම ඇවිත් මෙතන එක එක දේවල් කරන්න  ආවා. නිදහස්ව තිබබ් අවකාශය නැති කලා. " යනුවෙනි. මා ඔහුට මුලින්ම ආරාධනා කල බව අමතක විද? නෙළුම් යාය මුල්ම සංස්කාරක පදවිය  ඔහුට දීමට යෝජනා කල බව ඔහුට අමතක වීද?

මා  අදත් කියන්නේ කාගේවත් නිදහස් අවකාශයක් අප බදු නොගත් බවයි. ලියන අයට මොනවා ලියන්නදැයි අප කියන්නේ නැත. දැන් නැවත අරූ ද එක්තරා ප්‍රමාණයකට බ්ලොග් නිර්දේශ කිරීමට නැවත  එකඟ වී තිබේ.

සරද ගේ අනිත් අදහස  නම් මදක් විහිළු සහගතය. බ්ලොග් ලිවීමෙන් විප්ලව කල නොහැකි බවයි. බ්ලොග් වලින් විප්ලව කරන්නට අප කවදාවත්, මම පෞද්ගලිකවත් පොරොන්දු වී නොමැත.

හැබැයි විප්ලව කරන්නට යන පක්ෂ වලට නම්, වෙබ් අඩවි, පත්තර , පුවත්පත් ගණනාවක් තිබේ. ඒ පක්ෂ වලට අදාල අය බ්ලොග්ද කරති. ඔබ ඒ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවාද? ඔවුන් විමුක්තිය දෙන්නට යන්නේ තමන්ගේ  වෙබ් අඩවි හා පත්තර කියවන
සුළුතර පාඨක සංඛ්‍යාවකට පමණක් වන නිසා හා  වඩා  පළල්  අවකාශයක වැඩ කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව මා  දැක ඇති නිසා  ඔවුන්ගේ  විප්ලව ගැන මගේ විශ්වාසයක් ද නැත.

බ්ලොග් වලින් හා නෙළුම් යායෙන් කරන්නට යන්නේ ජනතාවට  දැනුම ලබාදීම, කලාව සහ සාහිත්‍ය පිලිබඳ සංවාදයන් දියුණු කිරීම  හා ඒවා කරන අය ඇගයීම පමණකි.

මට අද තවත්   සතුටුදායක  ආරංචියක් ලැබුණි. කේම්බ්‍රිජ් සරසවියේ Narratology පිලිබඳ පර්යේෂණ නිබන්ධනයක් ලියන ආචාර්යවරියක්  නෙළුම් යාය  සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංවාද පිලිබඳ පරිච්ඡේදයක්  ඇගේ නිබන්ධනයට ඇතුලත් කර ඇති බවයි. ඉදිරියේදී ඒ ගැන ලියමි.

සරද ලා දැන් බ්ලොග් අවකාශයට එන්නේ දෙවන බ්ලොග් සම්මාන උළෙලෙන් දැනුනු දැඩි ඌශ්ණය නිසාය.  සාදරයෙන් පිළිගනිමු.


71 comments:

  1. සරද මගේ පංති සගයා පාසලේ. හොඳට ලියන්න පුළුවන්.. හරි සතුටුයි බ්ලොග් ලියන්න ආපහු ආව එක ගැන..

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගනිමු.
    යේස් එකෙන්ම සාදරයෙන් පිළිගනිමු.

    ReplyDelete
  3. ආයි ඔය මගුල ගැන ලියන හින්දා අහන්නේ ඔය ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් බජට් එක කෝ?

    මුදල් කොහෙන්ද/කාගෙන්ද ලැබුනේ කොමද ඒවා වියහිය දම් උනේ

    අවශ්‍යමදේ ලියන්නේ නැතිව බයිලා ලියලා වැඩක් තියනවද ධර්මේ තුමෝ ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමෝ. මම සාමාන්‍යයෙන් ඇනෝලට විරුද්ධයි. එකට හේතුව ඇනොල කියන්න troll වරු කියන හැඟීම. ඔය අන්තර්ජාල troll ලා විසින් මා සිටින පැත්තේ සියදිවි නසා ගැනීම් කිහිපයකටම වග කිව්වා. ඒ නිසා මා අයත් ස්වේච්චා සංවිධාන නිතිය වෙනස් කිරීමේ බහුජන ව්‍යාපාර වල ඉන්නවා. නියම නමින් ඇවිත් සැබෑ මිනිසුන් සේ කතා කරන්න. මොකද troll ල කරන හානිය නිසා අන්තර ජාලය භාවිතා කරන මිනිසුන් ට වන හානිය නිසා.
      දැන් ඔබතුමා පවා වෙන වැඩක් නැතුව මම යන හැමතැනම පස්සෙන් ඇවිත් මේක අහනවා. ඔබ trollek. මගේ ඔය නෙලුම් යාය ගැන ලිපි පෙළ කියෙව්වා නම් මුදල් වියදම් පිලිබඳ විස්තර ලංකානිව්ස්වෙබ් උපකර්තෘ ගෙන් අහන්න කියල ලියල ඇති. කියක් හරි වැඩිපුර හම්බ වුණා නම් මම ඒකත් දාන්නේ අපේ සමාජ සත්කාර වැඩ වලට. එහෙම ඉතුරු ගනනක් මේ ලඟදි පාසලකට යන්ත්‍රයක් අරන් දෙන්න වැය කලා . ඒවා ඉලිබඳ විස්තර ඔය බ්ලොග් අවකාශේ හොයා ගත්ත හැකි. මුදල් කොහෙන්ද කාගෙන්ද හම්බ වුනේ කියන්න මම බැඳිලත් නැහැ. මට ලැබුනෙත් නැහැ. වියදම් කළේ මම නෙමේ. මම වියදම්කලේ මගේ ටිකට් එකටයි, හිටිය හෝටලෙටයි විතරයි. වාඩියේ පාටියට වියදම් කලේ මමයි ඉයන්ගේ අඩවියේ ඉයනුයි. වෙන කිසි ආදායමක් වියදමක් මම දන්නේ නැත. මගෙන් අහන්නටත් එපාය. තව කොච්චර ඇහුවත් ඔච්චරය. ටටා බායි.

      Delete
    2. මුදල් වියදම් පිලිබඳ විස්තර ලංකානිව්ස්වෙබ් උපකර්තෘ ගෙන් අහන්න //////
      ඔබ කියන්නේ ලංකා නිවුස් වෙබ් එකේ අනුග්‍රහය සමග නෙලුම්යාය මගින් දීපු ගේමක් එ කියන්නේ වක්‍රව NGO මුදල් හරහා දේශපාලකයින්ව කරලියට ගෙන්වා ෂෝ දැමීම. නරකම නැහැ එකත් .....සංවිධානය/විධායක ඔබයි නමුත් දන්නේ ටිකයි .....මාර ලොල් ...." බ්ලොග් 1000 ලියපු මන්පොර" දීපුවා දන්නේම නෑ..... ඔය දෙන දේ ලංකා නිවුස්වෙබ් සම්මාන කියලාම දෙන්නකෝ ඔයාගේ ස්වාධීන නෙලුම් යාය කියන එක නැතව එතකොට ඔයාට අවුලක් නැහැනේ ඔයා නිකම් බලල් අතක් නොවී ලංකා නිවුස් වෙබ් එකේ ......එතකොට සැප කනෙනෙ පනේ කියලා ඉන්න පුවන්නේ

      Delete
    3. //ඔබ කියන්නේ ලංකා නිවුස් වෙබ් එකේ අනුග්‍රහය සමග නෙලුම්යාය මගින් දීපු ගේමක් එ කියන්නේ වක්‍රව NGO මුදල් හරහා දේශපාලකයින්ව කරලියට ගෙන්වා ෂෝ දැමීම. // ඇයි ගොබ්බ මහත්තයෝ මේ හැම තැනම කියල තියෙනවනේ ලංකානිව්ස්වෙබ් සහයෝගය ගැන. කියවලා එනවා මේවා.
      https://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_3.html
      මේ මොකක්ද ලියල තියෙන්නේ:
      නෙලුම් යාය
      නෙලුම් යායේ මුලදී පල කලේ සුනිලා අබේසේකරගේ හා තවත් දෙතුන් දෙනෙකුගේ ලිපි කවි සංකල්පනා පමණයි. බ්ලොග් වලට ඇවිත් බලන්නේ අහම්බෙන්. එහෙම නැත්නම් අපි ලින්ක්-යොමුව යවන යහළුවන් පමණයි.නමුත් බ්ලොග් කියවගෙන යද්දී අපට වැටහුනා නෙළුම් යායේ පල කරන බ්ලොග් ලිපි වලට සැහෙන ප්‍රතිචාරයක් ලැබෙන බව. ඉතින් අපි පටන් ගත්ත තවත් බ්ලොග් පල කරන්න. නමුත් බ්ලොග් වල නිර්මාණාත්මක ලිපි , කෙටි කතා , කවි ආදිය පලවෙන ප්‍රමාණයට බ්ලොග් 3ක ඉඩ ප්‍රමාණයක් මදි වුණා. දැන් 15ක් දානවා. ඒත් අපට අවකාශය මදි.
      ඉතා සතුටුයි කියන්න අද සිට වඩා ඉඩ ප්‍රමාණයකට යනවා. www.nelumyaya.com තමයි ඒ.

      https://kolambagamaya.blogspot.co.uk/2015/01/2014.html
      https://kolambagamaya.blogspot.co.uk/2015/03/blog-post_30.html

      දැන් ඔහේ කියන ඔය NGO එක මොකක්ද? සාක්කි ඇතිව කියන්න බලන්න.
      මම ත්තටම NGO

      Delete
    4. ලංකානිව්ස්වෙබ් එකේ තමා නෙළුම් යාය විශේෂාංගය තිබ්බේ. ඕව අපි හංගල තියනවද කොහේ හරි. 2015 පලවෙනි සම්මාන උළෙලේදී තමා වෙබ් අඩවිය විවෘත කලේ කරු ජයසූරියට කියල. පනත් ගැන කියනන් අව වෙලේ. අනික NGO එකක් තියනවා නම් මටත් කියන්න. එහම එකක් උදව් කරනවා නම් ඔය රජයේ ශාලාව ගණන් ඕනෙත් නැහැ. ලංකානිව්ස්වෙබ් සම්මාන කියල දෙන්නේ මොකටද ? අපි නෙළුම් යාය කියල හදා ගත්තම. ගොන් කතානේ ඔයා කියන්නේ. මම සල්ලි ගැන හොයන්නේ නැහැ මොකද ඒක මට අදාල නැති නිසා. හැමෝම හැමදේම කරන්නේ නැහැනේ. දැන් මේ දෙවෙනි අවුරුද්දේ මම බැලුවේ හොඳ කට්ටියක් සෙට් වෙලා ඉන්නවා. ඒ ගොල්ලෝ මේක කරයි කියල. ස්වාධින උළෙලක් ලෙස. පලවෙනි අවුරුද්දේ බැරිවුනා. හැබැයි ඔහෙලා මේ කරන ගොන් කතා නිසා මට දැන් හිතෙනවා තුන්වෙනි අවුරුද්දෙත් ඇවිත් මේක කරන්න. ස්තූතියි ගට දුන්නට.

      Delete
    5. තවත් එකක් මගේ අදහසක් තිබ්බ එනගලන්තේ ඉංග්‍රීසි බ්ලොග් සම්මාන උළෙලක් කරන්න. නමුත් වෙන කට්ටියක් ඒ අදහස් අරගෙන එයාල කරනවා. කරනන් දෙයක් නැහැ. නමුත් මේ රටවල් වල වෙළඳ සමාගම් තමා දැන්වීම හෙම දීලා ආධාර කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඕව ප්‍රශ්න වෙන්නේ ලංකාවේ ඉන්න අමුතු රැලකට විතරයි. මටත් ඕනේ ලංකාවේ එහෙම වෙනවා දකින්න. ඊට පස්සේ අපි නැති වුනත් ඒක කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පරමාර්ථය.

      Delete
  4. අයියෝ අජිත්...

    සෝද සෝද මඩේ දමන ඔයි සම්මාන උලෙල ගැන දැන් ඇති නේද....??

    මේක නිකන් ඇම්ඩා ගේ කතා වස්තුව වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් ලියන්න ඕනේ නැහැ සරසා. සරද ලිඔයල තිබ්බ දැක්ක හැම මගේ පිළිතුරු ලිවීමේ අයිතිය පාවිච්චි කලා විතරයි.

      Delete
  5. නෙලුම් යාය යනු අගය කල යුතු දේ බොහොමයක් හා අඩුපාඩුද සහිත බ්ලොග්කරුවන්ට සම්මාන දෙන ( සමහරවිට සමාජ සේවයටත් ගෑවෙන ) ක්‍රියාවලියක් පමණයි කියලයි මට හිතෙන්නෙ. එහි හොඳ හා නරක විවේචනය නරක දෙයක් නෙමෙයි. ඒත් නෙලුම් යාය නිලවශයෙන් ඇති one and only උපරිමයක් නෙමෙයි. මහන්සිවෙන්න කැමතිනම් ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුට සම්මාන දෙන්න පුලුවන්.නොදුන්නා හෝ දුන්නා කියල ලොකු වෙනසක් වෙනවද කියල කියන්න තරම් බ්ලොග්කාරයෙක් නොවන මට දැනුමක් නෑ. ලැබුන අය සතුටුවෙනවා දැකල තියනව. නොලැබුන අය දුක්වෙනවාත් ඇති. දෙන අය මහන්සිවෙනවා දැකලා තියනවා.
    ඊට වඩා සීරියස් යමක් මෙතන තියනවාද?

    ReplyDelete
  6. බ්ලොග් සම්මන උළෙල ගැන මාද වරක් ලීවා මතකය....එහිදීල ඉලිප්පුන කාරනය නම් දේශපාලකයන් සම්බන්ධ වීමය...මා හා අම්බලන්ගොඩ අතර සංවාදයක්දපැවතුනි...ඒ ලිපිය නෙලුම් යායේ පවුනි.....දේශ පාලකයා සුදු නැත....ඒත් ඔහුගේ තැනින් තැන සුදු ඇත......ඔවුන් පත්කරන්නේ අපිම බැවින් ඔවුන් මගින් රාජ්‍ය අනුග්‍රහලබා ගැනිම්ම වරදක් නොවන බව දැන්මාගේ විශ්වාසයයි.....

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ එන නොයෙක් හේතු තියනවා. තමන් වාමාංශික අහවල් නම් දක්ෂිණාංශික අය ගෙන්වීම වැරදිය. තමන් දක්ෂිණාංශික අහවල් නම් වාමාංශික අය ගෙන්වීම වැරදිය. ඔතන ඇත්තේ එපමණකි.

      Delete
    2. රසිකගේ පෝස්ටුව ගැන අපිත් කට්ටියට කිව්වා. එතැනත් හොද පොයින්ට්ස් ගොඩක් තිබුණා. රසික කියන දේ හරි.... ඒත් ඇයි අපිට බැරි බ්ලොග් ගැන උනන්දු හෝ සම්බන්ධවෙන්න කැමති දේශපාලකයන් පක්ෂ බේදයකින් තොරව ගේන්නට......... ඒක මැද මාවතටත් හොදයි. අනික තමා ආණ්ඩුව මොකක් ආවත් පැවැත්මට සමස්ථ බ්ලොග්කරණයේ පැවැත්මට බාධාවකුත් නෙමෙයි......

      Delete
    3. කිසිම අවුලක් නැහැ ගේමු. අපි එන්න එපා කියල නැහැ.

      Delete
  7. සරද අලියා අත ගාපු අන්ධයෝ ඔක්කෝම නියෝජනය කරනවා... නගන තර්ක සියල්ලම පුස්... අනික මේ සිල්ලර කේස් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඇග්‍රිමන්ට් ගානට පොර අරගෙන තියෙන්නේ.. එයැයිට උත්තර හැටියට මෙහෙම එකක් ලියපු එක හොඳයි හිටං...

    ReplyDelete
    Replies
    1. ඔන්න තේරුණ එකෙක් හිටිය. දැන් අපි දෙන්නම් බැණුම් අහමු.

      Delete
  8. My congadulation to blog price giving. And more thins to tell short here. Left political things good but campes rag mantal status no good. This rag mantal works accept left political people I see always. That too bad. Indipendent educasion must there all country students. Campes students know it value and they must no insult other scolership education capmpes silect students.

    ReplyDelete
    Replies
    1. ජයවේවා!ඔබේ බ්ලොග කියවන්න යන්න තාම බැරිවුණා.

      Delete
    2. බ්ලොගේ කියවනං එන්නම්.

      Delete
  9. //මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කිසියම් ලිපියක් ලිවූ පසු මට හදිසියේ මට ලැබුණු ඊමේලයක් ගැන සාකච්චාවේදී සඳහන් කලෙමි.// ප්‍රශ්නයක් නැත්නම් මේ ගැන වැඩි යමක් දැනගන්න කැමතියි. මට හිතෙන්නේ වෙනත් බ්ලොග් ලියන්නන්ටත් වැදගත් කරුණක් විය හැකි බවයි.

    ReplyDelete
    Replies
    1. ටිකක් කල්පනා කරලා බලල ලියන්නම්.

      Delete
  10. බොහෝ බ්ලොග් අඩවිකරුවන්ගේ දේශපාලන දැනුම හරිම පැහැදිලිය. ඔවුන්ගේ දර්ශනයද පැහැදිලියි.

    නෙලුම්යායට දේශපාලුවන් ගෙන්වා අපිරිසිදුවීමද ඉහත කී දර්ශනය නිසාම සිදු වූ දුක්ඛදායක නිදසුනකි.

    කරු පිරිසිදුයි, පරණයා හරිම හොඳයි. කෑම පාර්සල් 200ක්ම දුන්නා. ගයන්ත අහිංසකයි. තව තව ගොඩයි.

    දර්ශනයෙන් දුප්පත් බ්ලොග් කාරයන්ට මේ අය සමග ෆොටෝ එකක් ගැනීමත් මාර සිවිල් පිළිගැනීමක්. කරු නැතුව පුබුදු හරි, බාහු හරි, ටිල්වින් හරි ගෙගේන්වන්නේ නැත්තේ උන්ගෙන් අර මාර සිවිල් පිළිගැනීම ගන්න බැහැ. එහෙම වුනොත් නෙලුම්යාය ගැන කවුරුවත් කතා කරන එකක් නැහැ. පිට රටවල ජීවත් වන බ්ලොග් කාරයන්ට මෙන්ම මෙරට බොහෝ බ්ලොග් කාරයන්ට පොරවල් වෙන්න බැහැ. (එසේ නොවන අය කමා කරත්වා !)

    හැබැයි කරු, පරණයා වැනි අය නිසා නෙලුම් යාය 'යට සාය ' වූ බව මගේ අදහසයි. සමාවන්න මේ මට හිතෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඔබ දර්ශනය අතින් මාර පොරකි. කරු පිරිසුදියි කියා කියා ඇත්තේ සරදය. මේ ලිපිය කියෙව්වද? ඇත්තටම කියෙව්වද? ඔය තේරෙන හැටිද? පරණයා මුලින්ම පිටියට එළඹියේ 2015 ශාලාවක් හදිසියේ සොයාගත නොහැකි වුන විටය. ඔය උඩ තැන තැන දමා ඇති ලින්ක් ගිහින් බලන්න. කරු ආ හේතුව කියා ඇති නිසා තව කියා වැඩක් නැත. පුබුදු, බාහු , ටිල්වින් එනවනම් සාදරයෙන් පිලි ගන්නෙමු. ඔබට ගොඩක් රිදී ඇති බව නම් පෙනේ. යට සාය දැනට හොඳය. ඔබට එවනන්ක් වත් නැත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ තියෙන්නේ අපේ යහළුවා වන ඉවාන් පව්ලුෂා හා මා අතර ශාලාව ලබා ගැනීමට ගිය කතාබහයි. මින් පහැදිලි විය යුත්තේ මා ශාලාවක් හොයමින් සිටි බවයි. ඉවාන් ඉතා බිසි වීම නිසා ඔහුට එය කල නොහැකි විය. ඔහු ඉතා නිහතමානිව ඒ ගැන සමාවද ඉල්ලා සිටියේය.
      ඒ මොහොතේ විජය කුමාරතුංග ශ්‍රීලනිප බේරන්නට පැමිණි ලෙසට, ගාමිණී මාලිනී ව දුෂ්ඨයා ගෙන් බෙර ගන්නට පැමිණෙන ලෙසට , වීරයෙකු මෙන් සම්මාන උළෙල බේරා ගන්නට පැමිණියේ පරණේ ය. ඔහු එදා මේක මාධ්‍ය වැඩක් නේද කියා ශාලාව ලබා නොදුන්නා නම් වැඩේ වෙන්නේ නැත.
      මේ තියෙන්නේ මේල් සංවාදයයි. 2015 ජනවාරි 16
      Ajith Dharma <************gmail.com>
      16/01/2015

      to ඉවාන්
      If you can tell us a suitable hall we can send you the money to book it. If it is possible.
      Thanks


      ඉවාන් පවුලූශා <**********@gmail.com>
      19/01/2015

      to me
      sorry for the delay in replying, I can visit few halls and let you know the prices. there are halls in Public library(where the Thilaka sitha book launched), another one in western province fine arts niche (in-front of planetarium), in foundation institute, and any other private place if you wish.

      Delete
  11. ලොකු සිත් රිදීමක් සිදුවෙලා වගෙයි.හැම තැනකම වගේ වරදවා වටහාගැනීම්,නැට්ට පාගා ගැනීම් ආදිය බ්ලොග් ලෝකෙටත් පොදු ධර්මතාවක් වෙලා අයියේ.. ඒ නිසා වැඩිය හිතන්නෙපා.ඕනෑම කටයුත්තකදී මල් පොකුරු මෙන්ම ගල් මුල්ද නිසැක නිසා දිරියෙන් තවත් ඉදිරියට යමු..

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ. කිසිම සිත් රිදීමක් නැත. බ්ලොග් ලිපියකට පිළිතුරක් ලිව්වා පමණය. මේවා මිට වැඩිය ගණන් ගත්තොත් ජිවත් වීමටත් අමාරු වනු ඇත.

      Delete
    2. 3. සොඳුරු සැඳෑවක -(සඳුමල් බ්ලොග් අඩවිය)
      - මනොෂ් සඳරුවන්

      මනෝෂ් ඔඅබට හයිකු කෙටි කවි තෙවන සම්මානය ලැබුණා . ඒක සුමිත් ගාව කොල්ලුපිටියේ තියෙන්නේ ගන්නේ නැත්ද?

      Delete
  12. සැහෙන අතිත , වර්ථමාන සහ අනාගත කරුණු දැන ගත්තෙමි. කිසියම් දෙයක් කිරිම දහසක් හේතු සොයා නොකිරිමට වඩා වටින්නෙය කියන දේ මන් විශ්වාස කරනවා..ලොකේ කොහෙත් කොතනත් පුද්ගල මතවාද සැම විටම ගමනක දිශානතිය වෙනස් කලා.. කරනව ඉදිරියටත් කරනු ඇත. නමුත් වඩා වැඩගත් වන්නේ ඉදිරියට යාමයි. ඒ මගෙ අදහස.

    ReplyDelete
    Replies
    1. අජියා තම පෝස්ටුව පටන්ගන්නේම ඔලුව අතගා විවේචනාත්මක ටොක්කක්ද අනිමිනි. එය සරදට අනින ටොක්කක්ද, බ්ලොග්ස් අලුතෙන් ලියන අනිත් අයටත් හැඟෙන සේ ලිව්වාද යන්න මම නොදනිමි. මට පෞද්ගලිකව සරද හෝ ඔහුගේ දේශපාලන මතවාදයන් හා බැඳුනු පෞද්ගලික ගනුදෙනුවක් නැත. පිබිදුනේ නෙළුම් මලෙන්ද, කෙහෙල් මලෙන්ද නැත්නම් වෙන මොන මලකින්ද කියා කීමට යැයි කීමම බාහිර අතපෙවීමක් සේ මට පෙනේ. නෙලුම් යායේ අයට අතට හසුනොවෙන සහ නොකියවන තවත් අති විශාල සිංහල බ්ලොග් සංඛ්යාවක් මේ අවකාශයේ ඇති බව මම සිතමි. පිබිදුනේ අහවල් මලෙන් යැයි කීමට කිසිවෙක් බැඳි නැත. එසේ පිබිදෙනවා නම් ඉතා වැදගත් වන්නේ ලියන ඔබට වඩා කියවන අපටය. බ්ලොග්ස් ලියන්නෝ නොයෙකුත් ආකාරයෙන් සහ නොයෙකුත් උවමනා වෙනුවෙන් බ්ලොග්ස් ලිවීමට පෙලඹේ. එසේ ලියනා අය පිබිදුනේ මොන මලකින්ද යැයි කීම තීරනය කරන්නේ හෝ නොකරන්නේ තම කැමැත්තට මිස අජිත්ගේ උවමනාවට නොවිය යුතු බව මගේ අදහසයි.

      දැන් මා හා සම්බන්ධව කීමට ඇති දේ.....

      ////මින් වසර දෙකකට පමණ පෙර නෙලුම් යාය සම්මාන උළෙලක් පටන් ගැනීමට පෙර ඒ සඳහා සාකච්චාවට මගේ නිවසට පැමිණීමට මා ඇරියුම් කළේ හතර දෙනකුටය. අගෝරාවේ සිටින දැන් කහ සල්ලි බ්ලොගය පටන් ගත් සරද සමරසිංහ, සංඛ රණධිර විතාන, අරූගෙ අඩවිය ලියන අරුණ පෙරේරා හා ලංකානිව්ස්වෙබ් හි එවකට ප්‍රධාන කර්තෘ චන්දිම විතනාරච්චිටය./////////

      මේ කතාව ඇත්තය. නමුත් මෙය නෙලුම්යාය සම්මාන උත්සවයක් ගැන කතාකිරීමට කල සාකච්ඡාවක් යැයි කීම නිවැරදි නොවේ. ලංකා නිව්ස් වෙබ් අඩවියේ බ්ලොග්ස් පලකිරීම සඳහා, ඒ ගැන ටිකක් කතා කිරීමට එහි කතෘද පැමිනෙන නිසා ටිකක් සෙට් වී කතාකිරීමක් බව මම තේරුම් ගතිමි.සම්මාන ගැන කතාකිරීමට ඒ වනවිට නෙලුම්යායක් ගොඩ නැගී නොතිබුනු බව මගේ මතකයයි.නෙලුම්යාය හැදෙන්නේ සහ සම්මාන කතිකාවක් එන්නේ ඉන් බොහො කලකට පසුවය..එම නිසා ඒ නිවැරදි කිරීම සිදුවිය යුතුවේ.

      නිව්ස් වෙබ් එක මා ලියු ලිපි පලකිරීමට පටන් ගත්තේ ඔය අවධියේය. ඉන් පලමුවෙන්ම පලවූයේ අමරබංධු රූපසිංහයන් ගැන මා ලියු ලිපියක්ය. ඒවා තෝරාගත්තේ චන්දිමද, අජිත්ද යන්න මම නොදනිමි. මන්ද අජිත් ඒවන විටත් නිව්ස් වෙබ් එකට සම්බන්දවී සිටි නිසාය. අමරබන්දු පිලිබඳ ගෞරවයක් සහ කැමැත්තක් තිබු වෙබ් කතෘ චන්දිම දිගටම ලියන්න යැයි මට ඒ කාලයේදීම කියා තිබුනි. අනිකුත් බ්ලොග්ස් ලිපි 'නෙලුම්යාය යටතේ' පලවන්නේ ඉන් පසුවය. අද බොහෝ ජනප්‍රිය බ්ලොග්ස් එදා තෝරා බේරා අජිත් වෙත යැවීමටත් මම උනන්දු වුනෙමි.

      Delete
    2. //නෙලුම් යායේ අයට අතට හසුනොවෙන සහ නොකියවන තවත් අති විශාල සිංහල බ්ලොග් සංඛ්යාවක් මේ අවකාශයේ ඇති බව මම සිතමි// සහතික ඇත්තය. හැබැයි එහෙනම් ඒ කාලයේම සරදට බ්ලොග් ලියන්නට තිබුණි. සත්‍ය කතාව කණ්ඩායම් කල්ලි හැර වෙන කවුරුත් එය ගණන් ගත්තේ නැත.

      Delete
    3. නිම්නය සමහරවිට ලිව්වාම හිතත් සැහැල්ලු වෙනවනේ නේද.

      Delete
    4. ඔව්. අජිත්.. ඇනොල විතරක් නෙමෙ ගොඩක් වෙලාවට කොහෙ බැලුවත් හොඳ අතට හරව ගන්න පුලුවන් පහසුකම් වැරදියට භාවිතා කරන්නන් නිසා හොඳ අරමුණුත් නොමඟ යන්න බලනවා. මං හිතන්නෙ මේ ලොකෙ මිනිස්සු ඉන්නෙ වර්ග දෙකයි. ධනාත්මක අය සහ සෘනාත්මක අය..

      Delete
    5. බ්ලොග් බිහිවන්නේ සහ පවතින්නේ නෙලුම්යාය නිසා නොව නෙලුම්යායක් බිහිවන්නේ සහ පවතින්නේ බ්ලොග් නිසා බව මගේ අදහසයි.

      මම මුලින්ම බ්ලොග් කියවුයේ 2010 වැනි කාලයේ. පසුව එය අතහැර දමන්න වුණා මෑතක් වෙනකම්. එකල මම කියවපු හැමදාම වගේ ලියපු දැවැන්තයෝ වුනේ ටැබූ කතන්දර සයිබර් යාය අතීතයෙන් ගඟ ගලාබසී බ්ලොග් ගඩොල් වගේ අය. අරූ කිවා යයි කියන ලෙසම එකලට සාපේක්ෂව බ්ලොග් අවකාශයේ යම් නිදහස අඩුවීමක් තිබේද කියන එක මටත් හිතෙනවා. නමුත් ඒක හුදෙක් සාක්ෂි නැති සිතිවිල්ලක් විතරයි.

      එසේ වුවත් බ්ලොග් කරුවන් පුද්ගලිකව හදුනා ගැනීමට ඔවුන් සංවිධානය කිරීමට ඔවුන් දිරිමත් කිරීමට සහ අගය කිරීමට නෙලුම්යායෙන් අර්ථකාරී මෙහෙයක් වී ඇතයි මම සිතනවා.

      Delete
    6. කෙන්කියුෂා නෙළුම් යාය බිහි වුයේ බ්ලොග් නිසා බව ඇත්තය. බ්ලොග් නැත්නම් එය නැත. බ්ලොග් පවතින්නේ නෙළුම් යාය නිසා නොවේ. එවනන්ක් මා කොහෙවත් කියා නැත. පසුගියදා අවසන් වූ දෙවන උල්ලෙලේදී බ්ලොග් ගැන හොඳ කතාබහක් ඇතිවිය. එය ප්‍රතික්ෂේප කරන්නේ කුහක කමකට යයි මම සිතමි. සරද බ්ලොගක් පටන්ගත්තේද මේ ඇවිල යන සංවාද නිසා යයි සිතමි. මා පෙන්වා දුන්නේ එයයි. අනික සරද මගේ යහළුවෙකි. එසේ නොවේ කියා කියනවා නම් දන්නා අඳුනන අයෙකි. ඔහුට මම මේ ලෙස කලින්ද කියා තිබේ. ඔහු ලිවීමට අමුත්තෙකු නොවේ. බ්ලොගය පටන් ගත් පසු නෙළුම් යායේ වැරදි පෙනීම ගැන මා ඔහුට පිළිතුරක් දුන්නා පමණි. මාද 2010 ටත් පෙර සිටම බ්ලොග් කියවන අයෙකි.

      Delete
  13. පලමුවෙන්ම කිව යුත්තේ මා කිසිම කංඩායමක, සංවිධානයක හෝ පක්ෂයක සාමාජිකයෙකු නොවන බවය. පුස්තකාලයේ පමනක් සාමාජිකයෙකුවෙන මම කාලයක සිට කිසිම සංවිධානයක හෝ පක්ෂයක සාමාජිකයකු නොවී සිටින්නේ අපේ උදවිය ප්‍රශ්න කිරීම හා විචාරයන්ට ඇති අකැමත්තත්, මුල්පුටු හොබවනා බොහෝ අයගේ අධිපතිවාදය හරහා එන බැක් ස්ටැබින්ග් රස මැනවින් වටහා ගෙන ඇති බැවින්ය. එය මේ කතාවට අදාල නොවූවත්,සඳහන් කිරීම වටී යැයි සිතුවෙමි.

    කහ සල්ලිගේ හෙවත් සරදගේ පෝස්ට් එකක් ගැන පෝස්ට් එකක් ලියන අජිත් මා හා සම්බන්ධ කතාවක් මෙතනට ඈඳා ගත්තේ කුමන අරමුනකින්ද යන්න පැහැදිලි නැත. සරදගේ පෝස්ටුවට පිලිතුරක් ලෙස එය ගලපන්නේ කෙසේද කියා මම තවමත් හිතමි. කෙසේ නමුත් මා හා සම්බන්ධවත් ලියවී ඇතිනිසා යම්කිසි පැහැදිලිකිරීමක් හා නිවැරදි කිරීමක් කිරීමට සිදුවේ. පෞද්ගලිකව කෙරෙන සාකච්ඡා හෝ එවන් සිදුවීම බ්ලොග්ස් තුලින් කතා කිරීම බ්ලොග්ස් පාඨකයාට සත පහකින් වත් ප්‍රයෝජනයක් නැතිවුවත්, බෙඩ් රූම් එකේ කෙරෙන දේවල් ඉස්තෝප්පුවට ගෙනවිත් තිබෙන නිසා මා හටද ඉස්තෝප්පුවට ගොඩවෙන්නට සිදුවේ. මට අදාල කොටස පැහැදිලි කරන්නට තව විනාඩියක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. විනාඩියට වැඩිය දෙන්නම්.

      Delete
  14. මේ ලිපිය සරද ගේ බ්ලොගය හඳුන්වා දීමක් සේ සළකමි.

    අර නිමේෂ ෆොටෝවේ දෙන්නා ගේ බොඩි ලැන්ග්වේජ් ගැන විශේෂඥ විශ්ලේෂණයක් දිය හැකි කෙනෙකු ඉන්නවා ද?

    ReplyDelete
    Replies
    1. රසික ව තම්බන්නට අමාරුය.

      Delete
    2. එහෙම වෙන්නෙ සරස කියන බ්ලොගය හොය යන්නට පෙළබෙන තරන් කිසිත් නොසොය දුවන්න් වාලෙ දුවන පාඨකයන්ට. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි...

      Delete
  15. ////සිංහල බ්ලොග් පවා අවශ්‍ය නම් කිසියම් ආයතනයක හෝ කණ්ඩායමක නිරීක්ෂණයකට ලක් කල හැකි බවටත් ඒවා සම්පුර්ණයෙන් ම නිදහස් යයි සිතීම මිත්‍යාවක් බවටත් ඇතිවූ කතා බහේදී අරූ ද සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. මා ඔහුට කිවේ සත්‍යයකි.//////

    මම මේ ක්‍රියාදාමයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කලේ එදා නොව ඉන් පසුවය. එදා නෙලුම්යායේ පලකරන ලිපි තෝරා ගැනීම සම්බන්ධව කතාබහ කලාසේම බ්ලොග්ස් ලියන්නාගේ ස්වාධීනත්වය සහ ලිපි තෝරාගැනීමේදි බයස් නොවී සිටිය යුතු යන්න ගැන මම කියා සිටියෙමි. මොන නිර්‍රක්ශනයන් සිදුවූවාත් බ්ලොග්ස් යනු ස්වාධීන අදහස් ප්‍රකාශකිරීමේ නිදහස් කලාවක් නිසා, වෙබ් අඩවිවලට අවශ්‍ය ලෙස තෝර ගැනීම් සහ කොටුකර ගැනීම් නොවිය යුතු බවත් මගෙ අදහස් විය. වෙබ්ස් පවත්වාගෙන යන්නේ එහි කතෘලාට උවමනා අයුරින් වුවත් බ්ලොග්ස් එසේ නොවන සහ නොවිය යුතු බවත් මගේ තර්කය විය. බ්ලොග් කරුවන් ලවා නිව්ස් ලබාගෙන මුදල් ගෙවීමේ ක්‍රමයක්ද සාකච්ඡා වුන මුත් මා එයටද එතරම් ප්‍රියක් නොදැක් වූයේ මුදල් ඉදිරියේ සියල්ල විනාශවීයාමේ ප්‍රවනතාවයන් මා අත්විඳ ඇති බැවිනි. මේ සියල්ල අවසානයේ කිසිවකටත් සම්බන්ධ නොවී සිටීමට මම තීරනය කෙරුවෙමි.

    ///නමුත් ඉන් අවුරුද්දකට පසු දෙල්කඳ හන්දිය නමින් ලංකානිව්ස්වෙබ් අඩවියට කොලමක් ලිවීමට නම් අරූ එකඟ විය.//////

    හරියටම හරි. මම ඒ සඳහා එකඟවූයේ චන්දිම හා ඇතිවූ සුහද කතා බහක් අතරතුරදීය. ඒ වෙනුවෙන් කිසිම මුදල් ගනුදෙනුවක් හෝ කොන්දෙසි කිසිවක් නොවීය. මට හිතුන වෙලාවක, මට උවමනාදේ ලිවීම හැර වෙන කිසියම් අරමුනක් නොවීය.ඒ අවසතාවේදි මට නැවතත් ලිවීමට උනන්දුවක් ඇතිකලේ චන්දිමය. මම මුදලට ලියන්නෙක් හෝ ලිවීම ආදායමක් කරගත්තකු නොවේ. හුදෙක් විනෝදය සඳහා අකුරු කිරීමක් පමනි. රාජකාරි අධික වීම නිසා කොටස් කිහිපයක් ලියා මම එය අතහැර දැමුවෙමි. කොන්දේසි නොතිබු නිසා චන්දිම ඒ පිලිබඳ මාගෙන් විමසීමක් කලෙත් නැත. මා ඔහුට ඒ බව දැන්වූවේවත් නැත.

    ///මා ප්‍රදීප් ජයතුංග නමැති සුප්‍රසිද්ධ බ්ලොග් ප්‍රතිචාර දමන්නා සමග අරූ හමුවීමට ගිය විට ඔහු එය කිවේ මෙලෙසය. "උඹ නිකන් ගරිල්ලා කාරයෙක් වගේ නේ මෙතනට කඩා වැදුනේ. එක පාරටම ඇවිත් මෙතන එක එක දේවල් කරන්න ආවා. නිදහස්ව තිබබ් අවකාශය නැති කලා. " යනුවෙනි. මා ඔහුට මුලින්ම ආරාධනා කල බව අමතක විද? නෙළුම් යාය මුල්ම සංස්කාරක පදවිය ඔහුට දීමට යෝජනා කල බව ඔහුට අමතක වීද?//////

    මම අදටත් හිතන්නේ නිව්ස්වෙබ් එකේ බ්ලොග්ස් පලවීම, නෙලුම්යාය හැදීම, සම්මාන උත්සවය යන සියල්ලක්කම එකවර පහලවු සිතිවිල්ලක් එකවරම කඩාපාත්කිරීමක් ලෙසය. මටනම් එය ගරිල්ලා ප්‍රහාරයක් බඳුවිය. ඒ මගේ පෞද්ගලික සිතුවිල්ලයි. නිදහස් අවකාශය බදු ගැනීමට කිසිවෙකුට බැරිබව කුඩා ලමයෙක් පවා දන්නා කරුනක් වුවත්, ඒ නිදහස තුල සිදුවූ බොහෝ දේ පිලිබඳ 2009 සිට බ්ලොග් කියවන්නෙක්වූ මට බොහෝ අත්ද්කීම් ඇත. මම නෙලුම්යායට චෝදනා කරනවා නොව මා දන්නා දේ ලියා සිටිනවා පමනි.

    සංස්කාරක පදවිය කතාව මට මතකය. ඉන් බොහෝ කලකට පසුවත් උඹ පෞද්ගලිකව එය නැවතත් පැවසීය. එදා මෙන්ම ඉන් පසුවත් මට පුරුදු භාශාවෙන්ම එය කාරුනිකව ප්‍රතික්ශේප කල බව අජිත් උඹට මතක ඇතැයි සිතමි. දොන් නම් දොන්ය දොන් සිමන් දෙකක් බැරි බව මගේ ප්‍රතිපත්තියය.

    ////දැන් නැවත අරූ ද එක්තරා ප්‍රමාණයකට බ්ලොග් නිර්දේශ කිරීමට නැවත එකඟ වී තිබේ/////

    මිතුරු කතාබහකදි ඇතිවූ එකඟතාවයක් මත එය එසේ කිරීමට මා කැමතිවූයේ හදපත්ලෙන්මය. නෙලුම්යායේ විනිශ්චය මන්ඩලය කවුද යන්න මම නොදනිමි. කවුරුන්වූවත් මේ තරම් බ්ලොග්ස් ප්‍රමානයක් කියවා ඉවරකිරීමට නම් කිසිසේත් නොහැකිය. එම නිසා ඔවුන්ගේ ඇස නොගැටෙනා යැයි මා උපකල්පනය කරනා සමහරක් බ්ලොග්ස් ඔවුන් වෙත යොමුකරවීම පිනිසම මම නිර්දේශ ඉදිරිපත් කිරීමට යම්කිසි එකඟතාවයකට පැමිනියේ උඹ සමගය. උඹ නෙලුම්යායද වෙන යායක්ද යන්න මට අදාල නොවන්නේ, මෙය පෞද්ගලික මිත්‍රත්වය මත කෙරෙන ගනුදෙනුවක් නිසා පමනක් බැවින්ය.

    පෞද්ගලික සාකච්ඡා හෝ වචන හුවමාරු බ්ලොග්ස් තුලට ගෙන ඒම කාටවත් වැදගත් නොවේ. මට නම් බ්ලොග්ස් යනු හුදෙක් විනෝදාංශයක් පමනි. 28වෙනිදා රෑට සෙට්වෙමු!!!!!

    ReplyDelete
    Replies
    1. අරුණ බොහොම ස්තූතියි. මට අවශ්‍ය ටික උඹ ලියා තිබේ.

      Delete
    2. //"නිදහස් අවකාශය බදු ගැනීමට කිසිවෙකුට බැරිබව කුඩා ලමයෙක් පවා දන්නා කරුනක් වුවත්"// එහෙනං ඒ නිදහස් අවකාශය නෙලුම් යායටත් බදු ගැනීමට බැරිය . ඒ නිසා කිසිවෙකුත් කලබල විය යුතු නැත . ලියන්නෝ නෙලුම් යාය නිසා හිත් කලම්බවා ගන්නේ නැතුව , මෙපමණ කලක් ලිව්වා වගේ ලියන ලෙස මතක් කරමි,

      Delete
    3. මම අදටත් හිතන්නේ නිව්ස්වෙබ් එකේ බ්ලොග්ස් පලවීම, නෙලුම්යාය හැදීම, සම්මාන උත්සවය යන සියල්ලක්කම එකවර පහලවු සිතිවිල්ලක් එකවරම කඩාපාත්කිරීමක් ලෙසය. .........

      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      ලංකා වෙබ්සයිට් එක අප්ඩෙට් වෙවී රන් කරගන්න කරපු දෙයක් බව දැන්නම් පැහැදිලිව පෙනෙනවා

      පොඩි එවුන්ට මේවා තේරෙන්නේ නෑ සම්මාන ලෝලියක් දීලා ලස්සනට අන්ඳගෙන යනවා.
      දැන් මේකත් ලංකා ඊනිවුස් එක ගානටම වැටිලා ඉවරයි නිකම්ම නිකම් මඩ වෙබ්සයිට් එකක් විතරයි. මංගලට බැක් කරන්න සාදාගත්එකක් කියලා පැහැදිලියි
      ධර්මෙලත් ,ප්‍රසිද්දියට අනුන්ගේ කොස් ඇට බාමින් කළු ගල උඩම වසුරනවා

      Delete
    4. //මංගලට බැක් කරන්න // අනේ මචෝ දන්නා දෙයක් කතා කරපන් බන්. මම මේ අදහස මුලින්ම කිව්වේ ලංකා වීව්ස් එකට. ඔය දන්නා දෙතුන් දෙනෙකුගෙන් අහල බලන්න. මොකද මම ලංකා විව්ස් එකේ සිංහල නිව්ස් ඉංග්‍රීසියට පරිවර්තන කරලා දුන් නිසා. මම හිතුවේ ඒක ටිකක් අපක්ෂා පාති වෙබ් අඩවියක් කියල. නමුත් එය මෙහෙයවන පක්ෂයේ උදවිය ඒ වගේ අදහස් වලට තැනක් දෙන්නේ නැහැ.
      ඊට පස්සේ කිව්වේ ලංකානිව්ස්වෙබ් එකට. බ්ලොග් දාන නිසා (විශේෂයෙන්ම මාතලන්ගේ සහ වැඩි ප්‍රසිද්ධියක් නැති බ්ලොග් කරුවන්ගේ ලිපි දානවා කියල ) ලංකානිව්ස්වෙබ් අඩවිය නිකම්ම මඩ වෙබ් සයිට් එකක් වෙලා කියල එවකට ප්‍රධාන කර්තෘ චන්දිම ට බැන්නේ කව්ද කියල මම දන්නවා. චන්දිම බ්ලොග් දාන එක නවත්වන්න තුන් හතර පාරක් හැදුව. ඔය බැනුම් නිසා. ලංකා නිව්ස්වෙබ් එක ඇතුලෙත් කීප දෙනෙක් ඉන්නවා විරුද්ධ. දැනටත් එහෙමයි.
      නමුත් දෙවෙනි උළෙලේ සාර්ථකත්වය නිසා ඒ අයත් කට පියා ගෙන ඉන්නේ. ඒ අයත් දැන් හොඳ කියනවා. ඕක තමයි ඇත්ත.

      Delete
    5. අනික මංගල සමරවීරට බැක් කරන්න අර ලංකා ඊනිව්ස් එකේ සඳරුවන් මහතායි තුසිත හල්ලොලුව මහතායි ඉන්නේ. නෙළුම් යායක් මොකටද එයාට ?

      Delete
  16. මා නොදැන සිටි බොහෝම කරුණු දැන ගත්තා...අවුරුදු දෙකක් බ්ලොග් ලියමන කෙරුනත් බ්ලොග් ලෝකයේ සැරිසරන්න බැරි වුනා. අනෙකාටත් තමා ලෙසම සිතීමේ, කතා කිරීමේ සහ ලිවීමේ අයිතිය ඇතැයි සිතිය යුතුයි. මේ අවකාශේ මෙසේ විය යුතුයැයි නිර්නායක සැපයීම සිදු කළ යුතු නැතැයි මට සිතේ. විවිධත්වය අගය කළ යුතුයි. සම්මාන උළෙල වලින් දිරිමත් කිරීමක් සිදුකරන බව පිළිගත් සත්‍යයක්. රාජ්‍ය සම්මාන/ ගොඩගේ හෝ විදර්ශන මේ සම්මාන වලට වුනත් ගත් කතුවරයා විසින් හෝ ප්‍රකාශක විසින් අයදුම් කළ යුතුයි. සම්මාන කැමැත්තෝ ඒවා ලබා ගන්නවා ඇති. ඒත් මට හිතෙන්නේ නෙළුම් යාය සම්මාන දීම වෙනස්. ඒ කියවන පිරිස විසින් නිර්දේශ කරන ලද බ්ලොග් ලිපි තෝරා ගන්නා නිසාය. මේ සියල්ලෙන් වෙන්නේ සිංහල බ්ලොග් කියන දේ ප්‍රචලිත වීම ය.

    ReplyDelete
    Replies
    1. එච්චරයි අනිත් කොන. මේ දේශපාලකයන්ට අපි කඩේ යන කතා ඔක්කොම නිසරු දේවල්. මේ දෙවෙනි සැරේ කරු ට සහය නොදක්වන බ්ලොග්කරුවන් පවා සිටියා . ඊළඟ වර ප්‍රතිපාදන ඇත්නම් රජයේ තැනක් නොගෙන කරන්නත් පුළුවන්. ඉදිරිය බලමු.

      Delete
  17. හැක් බුදුන්ටත් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කොට මිත්යාදුෂ්ටිකයන්ට ඔහොමම හිතෙන්න ඇති නේ අජිත් අයියා. :D

    ReplyDelete
    Replies
    1. මාර කතාව. ඇත්තටම බැලුවම බුදුන් වහන්සේ ටත් රාජ්‍ය අනුග්‍රහ ලැබුන නේන්නම්.

      Delete
  18. සැරද සරද!

    සරද සැරද?

    ReplyDelete
    Replies
    1. සරද සැරය
      - මේක හයිකුවක්ද

      Delete
  19. එකෙන්ම කුහකයෝ තමා ඔය වගේ කතා කියන්නේ
    නොසැලී ඉදිරියට යමු අජිත් අයියේ

    ReplyDelete
    Replies
    1. එසේය මල්ලි . ස්තුතියි.

      Delete
  20. කහ සල්ලිට දැමු ක්මෙන්ටුවම මෙතනත් දමමි , ඔය අයට කියන්නට තියෙන්නේ " කොරහේ කිඹුලන් දැකීමත් පරිකල්පනයේ එක අවස්ථාවකි " දිගටම ලියන්න කියාය .

    අජිත් - නෙලුම් යාය සාර්ථක වේ ඇති බවට තව උදාහරණ ඔබට අවශ්‍ය නැතියි කියා සිතමි

    ReplyDelete
    Replies
    1. නෙලුම් කොරහේ
      කිඹුල් පැටියන්
      මිනී නොකයි
      අපිවම කයි

      Delete
    2. මාත් ඒක තමා හිතන්නේ. ලබන අවුරුද්දෙත් එන්න වෙයි වගේ.

      Delete
  21. හිංගල බොග් වරිගෙ ඉවරයි මේ අජියලැත්තො හංද. කරුවරිගෙයා, කරුපරණවරිගෙයා ආවත් හරි ඒක ‍‍සෙත්තපෝච්චි!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ශිංගල බ්ලොග් කොරණය හබක් කොරල දැම්මනේ මුං.

      Delete
  22. අජිත් අයියා සරදගේ පෝස්ටුව ධනාත්මකව ගත යුතුයි. මේ සංවාදය හැදෙන්නට දීම නෙලුම්යායටයි වැදගත්. ඇත්තට ම අපිට අපේ අඩුපාඩු පේන්නැති තරම්. ඒත් විවේචන වලට අපි විවෘත වෙන තරමට අපිට වරදින්න තියෙන තැන් හදාගැනීම පහසුයි. මේ සංවාදයන් අපිම පාවිච්චි කිරීමයි වැදගත්. මේ සංවාදය හැදෙන්න මෙච්චර කල් ගිය එකයි අවුල. සාමාන්‍යෙයන් සති දෙකකින් විතර පස්සේ හැදුනානං තවත් හොදයි......

    ReplyDelete
    Replies
    1. කුරුටු මල්ලි (මොන මල්ලිද අකියල කල්පනා කලේ ). සම්පුර්ණයෙන්ම ධනාත්මකව ගත්තේ. ඒ වුනාට විවේචන වලට පිළිතුරු දීමේ අයිතිය තියනවානේ මේ නිදහස් බ්ලොග් අවකාශයේ? නැද්ද? විවෙව්හන අපි නෙළුම් යායේ පවා දාල තියෙන්නේ? තමන්ටම එන විවේචන පළ කරන න එහෙම වෙබ් අඩවියක් ගැන කියන්නකෝ? මම ඕන වෙලාවක ලැහැස්තියි කරන්න.

      Delete
  23. නිදහස් අවකාශයක් නීති රීති වලින් කොටු කරන්න බැහැ.බ්ලොග් සම්මාන උළෙලට දේශපාලකයින්ගේ සභාගිත්වයේ මම නම් වරදක් දකින්නේ නැහැ.නමුත් සභාගිත්වය තවත් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් දේශපාලකයෝ විශ්වාස කරන්න බැරි ජාතියක් නිසා.කොහොම වෙතත් මේ විවේචන,සංවාද ඔස්සේ "සිංහල බ්ලොග්"වල ප්‍රගමනයට එය හේතුවක් වේනම් එපමණයි.

    ReplyDelete
  24. ගමයා.... ඔබ දකින්න කැමති ඔබට සුන්දර දෑ නම් සහ..ඔබ කැමති අපිත් එය සුන්දරයි කියා කියනවා නම් ඉවසීම ප්‍රගුන කරන්ට

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ඉවසීම තියෙනවා වසන්ත. ස්තූතියි. ඔබ හැම දේම සුන්දරයි කියා කිව යුතු නැත. මට තේරුම් ගන්නට බැරි විවේචනයකට විවේචනයකින් පිළිතුරු දීම වරදක් වන්නේ කෙසේද කියායි? එය සමනය දෙයක් නොවේද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .