Sunday, 8 May 2016

මොස්කව් නවක වදය 1

නවක වදය පිලිබඳ ලොකු සංවාදයක් යන මේ දිනවල මොස්කව් නුවර දී විඳි "නවක වදය " ගැනද යමක් ලියන්නට සිතුනි. අසූ හතර වසරේ අගෝස්තු මස මොස්කව් ගිය අපට නැවතීමට ලැබුනේ උනිවෙර්ට්ස්කයා එනම් විශ්ව විද්‍යාල හෝටලය නමැති විශාල  හෝටල් සංකීර්ණයේය. එය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට අයත් එකකි. එතැනදී අපව හොඳින් පිලි ගත්තේ ඒ සඳහා යොදවා සිටි තරුණ කොම්සොමෝල් සාමාජිකයන් සමූහයකි. එහි දින දෙකක් පමණ සිටි පසු මට  මාදි හෙවත් මොස්කව්  මහා මාර්ග සංවර්ධනය පිලිබඳ (සිවිල් ඉංජිනේරු)  ආයතනයට යාමට සිදුවිය.

එහි නවාතැනේ ඉන්දියන් කාරයන් දෙදෙනෙකු සමග මුල් කාමරය ලැබුණු අතර ඇඳ රෙදි ආදිය සලසාගෙන ජ්‍යෙෂ්ඨ සිසුන් ද හමු වුනෙමු.  නවක වදයේ  පළමු කොටස ලැබුනේ වැසිකිලි යාමේදී ය. ඒ වැසිකිලි වල දොරවල් නැත.  ඒ මදිවාට අහවල් දේවලින් පිරිද තිබුණි. වතුර ගැසීමේ පුරුද්දක් එහි නැති නිසා දම්වැල ඇද්දා ට හරියට වතුර වැඩ කරන්නේ නැත.

මේ වැසිකිලි ප්‍රංශ ක්‍රමයේ ඒවාය. නොයෙකුත් රටවලින් පැමිණි සිසුන් මේවා භාවිතා කරන්නේ නොයෙක් විධිහට  නිසා එය  ප්‍රශ්නයකි. ඉතින් වැඩේ තද කරගෙන නැවත අර හෝටලයටම ගොස් පැමිණියෙමි. එයට පැයක  පමණ දුරක් උමන් දුම්රියෙන් යා යුතු විය. තවමත් ලංකාවේ සිසුන් සිටි නිසා දින දෙකක් එසේ කලෙමි. ඉන්පසු කලේ අසල පිහිටි අනිත් ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ නවාතැනට යාමය. එහි වැසිකිළි  වල දොරවල් තිබුණි. දින දෙක තුනක් එසේ  කලත් පන්ති යන්නට පටන් ගත්  විට හා රාත්‍රියට එසේ කල නොහැකි විය. ක්‍රමයෙන් ශීත සෘතුවද පැමිණේ.

ඉන්පසු මා තට්ටු පහේම ඇවිද හොඳ වැසිකිලියක් සෙවීමයි.  එසේ තෙවෙනි තට්ටුවේ සිටියදී මට හමු වුනේ දොර අසලම එකකි. අනිත් තැන්  පිරිලාය. මගේ කරුමයට වැඩේ අවසන් කල එකෙක් දොර හැර ගෙනම පිටව ගියේය. දොර නැවත  වැසුනේ නැත.  අපේ අවුරුද්දේ ම උගන්නා  පියකරු මැඩගස්කර් කෙල්ලන් රංචුවක් එතනින් ගියේ එවිටය. උන් මදෙස බලා  කටවල් අතින් වසාගෙන මහා කිචි කිචියක් නගමින් ඇදුනෝය. ඔලුව බිත්තියේ ගසා ගන්නට සිතුනේ එවිටය. දින දෙක තුනක්ම උන් සිටින පන්තිය අසලින් නොගියෙමි.

ඉහත කී තත්වය ඇති හොස්ටල් එකකට තිබුනේ අප සිටි එක පමණි. අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර හොඳ ඒවාය.

මේවාට  පසුව පුරුදු වුනෙමි. සමහර දවසට නාන කාමරය කැඩිලා නාගන්නට විධිහක් නැත. එවිට අප බොහෝ විට මුහුණ සෝදන්නට  ඇති කාමර වලට ගොස් නෑවෙමු. ඒවායේ සින්ක් 5ක් පමණ තිබේ.මෙහිදී දොරවල් කඩා ඇති නිසා සාමන්‍යයෙන් පෙරවන ඝන රෙද්දක් ගෙන දොර හැටියට එහි ඇති ළීයක  දමා වසා  දැමීම සිසුන් පුරුද්දකට කරති.  සිසුවියන් ස්නානය කරන්නේ නම් එක අයෙකු එළියේ රැක සිටීම පුරුද්දකි.  එක තට්ටුවකට වැසිකිලි පද්ධති දෙකක්ද මෙවැනි සින්ක් සහිත කාමර දෙකක්ද පොදු කුස්සියක්ද තිබේ.  දවසක් බොහෝ රෑ වී (12.00 ට පමණ) කෑම කා පිඟාන  සෝදන්නට කුස්සියට ගියෙමි. එහි සින්ක් වල භාජන පිරි තිබු නිසා අසල ඇති මුහුණ සෝදන කාමරයට ගියෙමි.  කවුදෝ  නාමින්  සිටි අතර එළියේ  කවුරුත් නැති නිසා සිටින්නේ පිරිමියෙකු යයි සිතා  ඇතුලට ගියෙමි. අහෝ එහි සිටියේ මෝහිනීය.

පලමු වසරේ ජ්‍යෙෂ්ඨ පලස්තීන (අරාබි) සිසුවියක එහි නහමින් සිටියාය. දිගට ඇදුනු කළු කොණ්ඩයක් ඇති ඇය රැයේ කවුරුත් නොඑවී යයි සිතා නෑමට පැමිණ ඇත. ඒ මදිවාට  ඇය වම් කකුල  සින්ක් එකක් උඩ තබාගෙන අතුල්ලමින් සිටියේ මුළු ඉදිරිපසම නිරාවරණය වන අයුරුනි.  පියවි සිහිය එළඹුණු පසු මා ඇයට "සිංහලෙන් සොරි " කීවෙමි. ඉන්පසු ඉංග්‍රීසියෙන් එක්ස්කියුස් මි පාරක්ද දමා අන්තිමට යන්තම් ඉස්විනිත්යේ මින්යා (සමාවෙන්න මට) යයි රුසියානු භාෂාවෙන් කියා ගතිමි.  ඇය කිසි ගණනක්  නැතිව ම දෙස බලා සිනාසී "නිචිවෝ" (ගණන් ගන්න එපා) යයි කීවාය.  කුස්සියට ගොස් අත  පමණක් යන්තම්  සෝදා ගෙන හති හලාගෙන  කාමරයට දිව්වෙමි. කාමරයේ සිටි ජ්‍යෙෂ්ඨයා ඇසුවේ "මොකද යකෝ තෝ මෝහිනී දුටුවාද " කියාය. " අර හ.. හ..ඇබ්බි කවුරුත්  එළියේ මුරේට නැතුව අමු නිර්වස්තරෙන් නා ,,,,," හති හලාගෙන කියන්නට ලැබුනේ එපමණකි. බාගෙට බත් කකා  සිටි කාමරේ  උන් දෙන්නා පිඟන් සෝදන්නට දිව ගියෝය.


අපේ හොස්ටල් වල උතුරු කොරියාවෙන් පැමිණි සිසුන්ද සිටියහ. ඔවුන්  සියල්ලෝම ඇන්දේ එකම ඇඳුමකි. එනම් සුදු කමිසය, අළු පැහැති   ටයි එක, අළු  පැහැති  කබාය, අළු  පැහැති  කලිසමය (suit ). ඔවුන් සියල්ලෝම එකම ජාතියේ අළු පැහැති  ශීත කබායක් ඇන්දහ. ගැහැණු ළමුන් සිටියේ නැති අතර ඔවුන් එවන්නේ රුසියානුන් පමණක් සිටින විද්‍යාල වලට පමණක් බවත්  අඳින්නේ එකම විධිහේ සායක් හා බ්ලවුසයක් බවත් දැන ගතිමි.  එය ඔවුන්ගේ රජයෙන් නියම කරන ලද ඇඳුම බවත් වෙනත් ඇඳුම් ඇඳීම තහනම් බවත් පසුව අනාවරණය කර  ගතිමි. අනිත් පිටරට සිසුන් සියල්ලෝම  නොයෙකුත් ජාතියේ ඇඳුම් ඇන්ද  අතර  දුප්පත් මට නම් තිබුනේ කොටුවෙන් මසා  ගෙන ගිය කලිසම් කිහිපයක් හා එක සූට් එකක්  පමණි. සෝවියට් නංගිලා හා මල්ලිලා පිට රැටියන් ගෙන් මිලදී ගත් පට්ට ගැසූ ඩෙනිම් ඇඳ සිටියහ.     

51 comments:

  1. විනිත්සා නගරයේ අපට රැග් එක ලෙස ජේෂ්ඨයන් අගනා ඩිනර් එකක් දුන්නෝය​. එය සොඳුරු මතකයකි. බලහත්කාරකම් , කුනුහරප තිබුනේ නැත​. කක්කුස්සි ප්‍රශ්නය මොස්කව් වල තදින් තිබුනේ සමහර සිසුන් වැසිකිලි ජරා කිරීම නිසාය​. නමුත් වෙනත් නගර වල මේ ප්‍රශ්නය තිබ්බේ අඩුවෙනි. ඒ මන් ද යත් තම තම මහලේ තම තම වැසිකිලි වෙන් කිරගැනීම නිසාය​. මම 4 වන වසරේ සිටියදී ලංකාවේ පානදුර ප්‍රදේශයේ සිසුවියක් නාන කාමරේ මල පහ කොට තිබුනි. මේ පහත් ක්‍රියාවට රුසියානු / විදේශීය සිසු සිසුවියන් විරෝධය පල කලහ​. එදින ලංකාවේ ගරුත්වය බිංදුවට ගියේය​.

    ReplyDelete
  2. එකල රුසියාව මෙතරම්ම බන්කොලත්ද

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඒකමයි.. අසූ ගණංවල රුසියාව කිව්වම අපිනම් හිතාගෙන හිටියෙ තව්තිසාවට හූවක දුර කියල...හෙහ්,හෙහ්,

      Delete
    2. ඉහත කී තත්වය ඇති හොස්ටල් එකකට තිබුනේ අප සිටි එක පමණි. අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර හොඳ ඒවාය. ලුමුම්බවේ මේ තත්වය නැත. මොස්කව් රාජ්‍ය විශ්විද්‍යාලයේ භීතික විද්‍යාව, ආර්ථික කලා ආදී පීඨ වල හතර දෙනෙකුට වෙනම කාමර දෙකක් හා පෞද්ගලික වැසිකිලි හා නාන කාමර දී තිබුනි. අපේ කරුමයට මේ විද්‍යාලය මොස්කව් වල පරණම එකකි. මුදල්ද අඩු එකකි. මේ ගැන ඊළඟ ලිපියේ ලියමි.

      Delete
    3. අපටත් ඉහළ වසර වල අක්කලා උයලා කන්න දුන්නා... ඒ වෙනුවට වසර අවසානේ නිව් ඉයර් පාටි එක සැලසුම් කිරීම සහ උයන එක නවකයින්ට බාර වුනේ... නවක වදය කියලා දෙයක් තිබුනේ නෑ...

      Delete
    4. වෙනත් කාල , වෙනත් සිරිත්.

      Delete
  3. /* පලමු වසරේ ජ්‍යෙෂ්ඨ පලස්තීන (අරාබි) සිසුවියක */

    මේ කියන්නේ හෝඩියේ (K) වසරකුත් තිබුණා කියන එක නේද?

    ReplyDelete
    Replies
    1. අපේ වසර 0. A/L විෂයන් නැවත රුසියානු භාෂාවෙන් ඉගෙන ගැනීම.

      Delete
  4. How the Big-Little Program works at the University of Maryland, School of Pharmacy, USA. නවක වදය: American Style.

    පළමු දිනයේ ප්‍රථම දේශනයට පසුව දෙවන වසරේ සිසුන් (Big) සියල්ලෝම දේශන ශාලාවට පැමිණ ඉඩ ඇති පරිදි කොහේ හෝ ඉඳ ගනිති. ශිෂ්‍ය සන්ගමයේ නායකයා වේදිකාවට ගොස් නවකයන් පිළිගෙන එක් නවකයෙකුගේ (Little) නමක් හඬ ගසා ඒ සමගම දෙවන වසරේ සිසුවෙකුගේ/සිසුවියෙකුගේ නමක්ද හඬ ගසයි. එවිට ඒ දෙදෙනාට පිටතට යා හැකිය. දෙවන වසරේ සිසුන් මේ අවස්ථාවට එන්නේ ඔවුන් පළමු වසරේ තබා ගත් සටහන්, පරණ ප්‍රශ්න පත්‍ර ආදියද සමගය. මෙය බොහෝ විට සාමාන්‍ය තරමක පෙට්ටියකි. එහි, ඊට පෙර වසර වල සටහන්ද (තෙවන, සිව්වන වසර වල ශිෂ්‍යන්ගේ) ඇතුලත්ය. එය නවකාට බාරදෙන Big, Little සමග පිළියෙළ කොට ඇති යම් ආහාරයක්ද (Pizaa was the favorite) සමග කොහේ හෝ ඉඳ ගෙන නවකයාට පාටමලාව පිළිබඳව කියයි. මෙය බොහෝ විට විවිද ගුරුවරුන් සමග හැසිරිය යුතු ආකාරය, විභාග, වට පිටාව, අවට ඇති අවන් හල් ඇතුළු බොහෝ දේ පිලිබඳවය. එකිනෙකාගේ email සහ දුරකථන අංකද මෙහිදී හුවමාරු වන අතර, මේ සබදතාවය Big විශ්ව විද්‍යාලයෙන් අවසන් වන තුරුම පවතී. Little දෙවන වසරට යනවිට big තෙවන වසරේ සටහන් ලබාදෙයි. මේ වන විට දෙවන වසරේ සිටින Little, Big කෙනෙකු බවට පත්වී අලුතින් පැමිණුන නවකයාට (new Little) තමාගේ සටහන් සමග තමාට ලැබුන සියලුම දේ ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. අපේ දුවලාගේ විදුහලේද මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

      Delete
    2. ප්‍රභාත් මම කොළඹයගෙ පෝස්ට් එකFB එකේ ෂෙයා කරලා ඔයාගෙ කමෙන්ට් එකත් කමෙන්ට් එකක් හැටියට ඇලෙව්වා ඒක ඒතරම් වටින නිසා. ඒක ප්‍රභාත්ගෙ එකක් බව සඳහන් කලා.

      Delete
  5. ඒකත් මරු රැග් එකක් තමයි

    ReplyDelete
    Replies
    1. අපි රැග කළුද සුදුද කියලවත් දන්නවැයි නැද්ද බන්?

      Delete
  6. සමාජවාදයේ යහපත් පැත්ත වෙන්නේ එක්කෙනෙක් ගේ අත්දැකීම අනෙක් හැමෝගේම අත්දැකීමම වීම නේද? ඇයි ගිනිපෙට්ටියට කක්කා පිරෙව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හා හා . නැහැ ඒවා කළේ නැහැ.

      Delete
  7. කොළඹ ගමයාට අමානුශික ලිංගික හිංසනයක් සිදු කල ඒ ඇබ්බියට විරුද්ධව සිදුවූයේ කුමක්ද? දශක ගණනක් ගතවීත් අදටත් අමතක කරගත නොහැකි වන තරමටම මනසට බලපෑම් කිරීමට තරම් තිරිසන් වූ ක්‍රියාකාරකම් හෙලා දැකිය යුතුයි.බුර්කාවෙන් වසා සිටීම නිසා ඇති ලිංගික පීඩනය,කුහක කම,ඊර්ශාව,ඇන්ඩ්‍රොමීඩා තාරකා පොකුර,හිපපොටේමස් ත්‍රස්තවාදය ට එරෙහිව උගත් බුද්ධිමත් සදා සුදෝ සුදු සර්ව සම්පූර්ණ සමාජයේ ජීවත් වන අප වහ වහා පෙල ගැසෙමු..!!

    ReplyDelete
    Replies
    1. පලස්තීන අයවත් අනිත් සිසුවියන් වත් බුර්ක ඇඳ සිටියේ නැහැ. ඔවුන් හුඟක් නිදහස් ලෙසින් සිටියේ. ජිවිතේ පළමු වතාවට දැක්කේ එහෙම කෙනෙක් එහෙම. ඉතින් අමතක වෙන්නේ කොහොමද?

      Delete
  8. මෙන්න නියම රැග් එක.

    ReplyDelete
    Replies
    1. ටොයිලට් හොයන දුවන එක.

      Delete
  9. දන්න හැම බාසාවෙන්ම සොරි කියල (විනාඩියක්වත් යන්න ඇතිනෙ ) ෆුල් ස්කෑන් එක කරගත්ත?

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙම කලේ.

      Delete
    2. / ඉන්පසු ඉංග්‍රීසියෙන් එක්ස්කියුස් මි පාරක්ද දමා අන්තිමට යන්තම් ඉස්විනිත්යේ මින්යා (සමාවෙන්න මට) යයි රුසියානු භාෂාවෙන් කියා ගතිමි.  ඇය කිසි ගණනක්  නැතිව ම දෙස බලා සිනාසී "නිචිවෝ" (ගණන් ගන්න එපා) යයි කීවාය. /

      එතැන් සිට කතාව.....

      "නැහැ ඒ වුනාට මට මේක හිතට වදයක්…" මම ඒ අසලම වූ වොෂ් බේසින් එක උඩ වාඩි වුනෙමි. "මට කියන්න අරාබි බාසාවෙන් සමාවෙන්න කියල කියන්නෙ කොහොමද කියල"

      "අසීෆ් ………" ඇය පැවසුවාය..

      "හා..එහෙමද? එහෙනං අසීෆ්…" මම පැවසූයෙමි. "එතකොට හුඟාක් සමාවෙන්න කියල කොහොමද කියන්නෙ?" මම පසුපස වූ බිත්තියට හේත්තුවී හරිබරි ගැසුනෙමි.

      "මම හිතන්නෙ ඔයාට මේ වෙලාවෙ දැනගන්ට ඕනවෙන්නෙ හොඳටම කණගාටුයි කියල අරාබි බාසාවෙන් කියන විදිහ නෙවෙයි…" ඇය කකුල පහලට ගෙන වතුර කෝප්පයක් සිරුරට වත්කරගත්තාය.

      "එහෙනං?"

      "දත් දොස්තර ගාවට ගිහිල්ල, මගෙ ඉස්සරහ දත් දෙකක් ගැලවුනා ඩොක්ටර්, ඒ දෙක දාගන්ට කීයල විතර යයිද? කියල රෂියන් වලින් අහන විදිහ"

      Delete
    3. රවියා නුඹේ අතිශයින් සුපතළ නිර්මාණාත්මක හැකියාවට හිස නමා ආචාර කලෙමි. හොඳ වෙලාවට එහෙම වුනේ නැත.

      Delete
    4. රවීගේ පට්ට කමෙන්ට් එකක්.

      Delete
    5. රවීගේ පට්ට කමෙන්ට් එකක් 2

      Delete
    6. රවීගෙ කමෙන්ට් එක සුපිරි!

      Delete
  10. හෆොයි මොනව වුණත් අර නිර්වස්තර සින් කෝන් එක ගැන නං ෆුල් චිත්තරයක් හිතේ මැවුණ ඈ
    මට පේනව පේනව වගේ අජිත් අයිය දුවං ඇවිත් කට ඇරගෙන බලං ඉන්නව
    අතේ තියෙන පිගාන බිම වැටෙන සද්දෙට තමා ඇහැරෙන්නෙ ඔන්න වස නෝන්ඩියලු
    ඉතිං ලැජ්ජාව කටිං හපාගෙන පණ එපෝ කියල දුවනවලු
    හැක් හැක්
    ඒක නේ වුනේ...
    හිහි

    ටොයිලට් හොයන එක තරං වදයක් ඇත්තටම නෑ හයියෝ සමහර ටවුන් වලට ගිහිං හදිසියක් වුන වෙලාවට එහෙම අබ සරණං

    ReplyDelete
  11. මේ.........ප්‍රථම වසන්තයයි.

    ReplyDelete
  12. පට්ට...................

    මට මැවිලා පේනවා අජිත් අයියා ටොයිලට් එකක් හොය හොය ඇවිදිනවා....... ඇඹරි ඇඹරිනේ යන්නේ..... ඇයි සෙට් වෙලානේ තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. හපෝයි මතක් කරන්න එපා

      Delete
  13. අජිත්...උඹේ පරන ලිපිවලට වඩා කියවන්න පහසු ස්ටයිල් එකක්. ඡේද වෙන්වෙලා , මොකක්ද මොකක්ද වෙලා. මාතාගේ කමෙන්ට් එකකට හරියට රෙස්පොන්ඩ් කරලා වගේ.

    උඹ බොහොම තරුනකාලේ රටින් පිටවෙලා තියෙන්නේ. අරාබි කකුල් නියම කකුල්.

    ReplyDelete
    Replies
    1. පලයන් බන් බොරු නොකිය. ඔය මාතා මගේ ලිපි කියවන්නේ නැහැ. නැත්නම් බලහන් මේකේ ඡේද වෙන කරල තියන අපුරුව.
      https://kolambagamaya.blogspot.co.uk/2016/04/blog-post_58.html
      අරාබි කකුල් නම් ඒ දැක්කමයි. මම රටින් පිට වුනේ නං අවු 18 පොඩි කොල්ල කාලෙනේ.

      Delete
  14. මම නම් ඔය නවක වදේට කැමති නෑ

    ReplyDelete
    Replies
    1. මොන වදයක් වත් නැත්නම් හොඳයි.

      Delete
  15. කැම්පස් රැග් මොන රැග්ද...හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග් දැක්කම.
    අනෙක ඉතිං කැම්පස් වල වුණත් ළමයි දෙන රැග් මොනාද කියල හිතෙනව පාලකයො දෙන රැග් බැලුවම. කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්‍යවරු නැතිව..ශිෂ්‍යයෙක් විදිහට වගේම විශ්වවිද්‍යාල වල වැඩ කරද්දිත් හොඳට රැග් දැකල තියෙනවා. රැග් එක ගැන කතා කිරීම අවුරුද්දකට වතාවක් මෝස්තරේට කරන දෙයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් නොකී මේකනේ ප්‍රශ්නේ /කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්‍යවරු නැතිව.// තව රැග් මොකටද?
      //හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග්// මේවා සම්පුර්ණයෙන්ම වැරදිය. කතා කල යුත්තේ මේ හැම රැගක්ම නැවතිමටය. එංගලන්තය වැනි රටවල හමුදාවල තිබෙන රැග් වලට දඬුවම් දෙනු ලැබේ. නමුත් රැගට ලක්වෙන හැමෝම ඒ බව කියන්නේද නැත.

      Delete
  16. රවී කලින් ඇවිත් කියන්න ඕන ඔක්කෝම කියලා නේ....

    මම ගියා නම් අහනවා පිට අතුල්ලන්න එහෙම ඕනද කියලා....

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියේ නැහැනේ රසියන් වලින් අහන විදිහ

      Delete
  17. එකත් අපුරු නවකවදයක් තමයි

    ReplyDelete
  18. ශාරීරික හිරිහැර, කුණුහරප හැර, අඩු වැඩි වශයෙන් ඔව්ව ටිකක්වත් වින්දේ නැත්නම් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙන්න කොයි දේත් නරකක් නැහැ.

      Delete
  19. අත විතරක් හේදුවේ කිම්ද?

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔය මොනා ගැනද කල්පනා කරන්නේ. මම කිව්වේ බත් කාපු අත ගැන.

      Delete
  20. ඕකනේ සමහරු කියන්නේ නවක වධයේ සුන්දර පැත්තක් තියෙනවා කියල . පෝස්ට් දෙකම කියෙව්වා අද

    ReplyDelete
  21. මේ පෝස්ට් එක මීට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට යා යුතු එකකි.

    ReplyDelete
    Replies
    1. හපොයි මේ ටික හොඳයි. පරණ ඉගෙන ගත්තු වුන් දැක්කොත් හෙම බොරු කීව කියල අහුවෙනවනේ මල්ලියේ.

      Delete
  22. කවදාවත් අමතක නොවන නවක වදයක් නොවැ හම්බ වෙලා තියෙන්නෙ!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .