සාමාන්‍යයෙන් මම ඉතිහාස පොත් කියවන්න සෑහෙන්න කැමැතියිපුංචි කාලේ ඉඳලම.
ඒ දවස් වල මතකද දන්නේ නැහැ විදියේ බණ්ඩාර කියල චිත්‍ර කතා පොතක් තිබුන. (සඳ කුමරිය, පරංගි හටන වගේ ඒවත් එක්කම) මම හරි ආස කතා වක්. හැබැයි විදියේ බණ්ඩාරට වඩා මම කැමති වෙලා හිටියේ සිතාවක රාජසිංහ රජතුමාට. ඒ දහම් පාසල් යන කාලේ, අනගාරික ධර්මපාල තුමාගේ පොත් කියවන කාලේ, පෘතුගීසින් ඇතුළු විජාතික බලවේග වලට එරෙහි කාලේ. දැන්නම් එරෙහිවන බලවේග මොනවද කියලවත් හිතා ගන්න බැරි තරම් සංකීර්ණයි. දැන් විජාතික බලවේග කිව්වහම හිතට එන්නේ එතනෝල් විජාතික බලවේගය, හෙරොයින් විජාතික බලවේගය, චීන මහින්ද ණය විජාතික බලවේගය, ඉන්දියන් චන්ද්‍රිකා විජාතික බලවේගය, ඇමෙරිකන් රනිල් විජාතික බලවේගය, අතුරලියේ විජාතික බලවේගය, ඕස්ට්‍රේලියන් ගුණරත්නම් විජාතික බලවේගය, ටිල්වින් චීන බලවේගය වගේ. මේ යන රුපවාහිනී කතා වල හැටියට, හරි සමහර පත්තර වල කියන හැටියට අතුරලිය තියෙන්නේ ලංකාවේද කියලත් ෂුවර් නැහැ දැන්නම්.
ඉතින් අපි ඉතිහාසයට පොඩ්ඩක් හැරිලා බැලුවොත් ලංකාවේ රජවරුන් හරිම අමුතු ජාතියක් තමා. හත් වන විජයබාහු රජතුමා පුත් කුමාරයන් තුන්දෙනාව මරන්න හැදුව. ඔවුන් බේරිලා පස්සේ පිය රජුට එරෙහිව කැරලි ගැහුවා. හත්වන විජයබාහුව මැරුව කියන්නේ විදේශිකයකු ලවා (විජයබා කොල්ලය) . කුමරුන් තිදෙනා රාජ්‍යය 3ට බෙදා ගත්ත. හත්වන බුවෙනකබාහු කෝට්ටේ රාජධානියත්, මායාදුන්නේ (1501-1581) සීතාවක රාජධානියත් , මහා රයිගම් බණ්ඩාර රයිගම් රාජධානියත් වශයෙන්. උදාහරණයක් වශයෙන් කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමා ගමුකො. එයාගේ ආරක්ෂාව භාර කරලා තිබ්බේ පෘතුගීසින්ට. මොකද ඒ රජා තමන්ගේ මල්ලි රජා වන මායදුන්නේට භයයි. මායාදුන්නේ තමා විජයබා කොල්ලයේ හෙවත් කැරැල්ලේ මහා මොළකරු . මායා දුන්නේට කොහොමටත් ඕනෑකම තිබ්බේ බුවනකෙබාහුවත් යටත් කරගෙන මුළු ලංකාවේම රජු වෙන්න. බුවෙනකබාහුව මැරුවේ මාලිගාවේ සඳලුතලේ ඉන්දෙද්දී පෘතුගිසි තුවක්කුකරුවකු විසින්. පස්සේ ඔහුගේ පුතා දොන් ජුවන් ධර්මපාල පෘතුගිසි රැකවරණ යටතේ තමා රාජ්‍යය කලේ දෙවියන් කෙරෙහි විශ්වාසය තබමින්.
එතකොට කන්ද උඩරට රජ කලේ ජයවීර රජු. යාපනයේ හා වන්නිය ස්වයං පාලන ඒකක දෙකක් තිබ්බ. යාපනයේ රජු කෝට්ටේ රාජධානියට බදු ගෙවූ අතර වන්නියේ රජු කන්ද උඩරටට ගෙව්වා. නැගෙනහිර දිස්ත්‍රික්කය පාලනය කලේ කන්ද උඩරටින්. දැන් ඇත්තටම මේ රජ ගොල්ල එකතු වෙලා රාජ සමුහාණ්ඩුවක් හදල අර ලිච්චවි රජුන් වගේ රට පාලනය කලා නම් මොකද? යාපනයටත් බදු ගෙවන්න කියල ස්වයං පාලනයක් තබාගෙන. කට්ටියටම එකතු වෙලා පෘතුගීසින්ට දුවන්න දෙන්න තිබුන. නමුත් උනේ වෙන දෙයක්. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් ගෙන් උදව් අරගත්ත සීතාවක රජුට විරුද්ධව. සීතාවක රජු හැම වෙලේම යුද්ධ කලා කන්ද උඩරටයි කෝට්ටෙයි එක්ක.
මායාදුන්නේ රජුගේ පුතා ටිකිරි බණ්ඩාර (වයස අවුරුදු 12 දී) , විදිය බණ්ඩාර මෙහෙයවූ කෝට්ටේ හමුදාවට පහරදී යටත් කලා අලුත්නුවරදී . (අලකේශ්වර යුද්ධය) මායාදුන්නේ මියගියාට පසුව ටිකිරි බණ්ඩාර පලමුවන රාජසිංහ නමින් රජවුණා. ඔහු තම පියරජු මැරුවා කියා කියන නමුත් එයට සාක්ෂි නැහැ. ලංකාව එක්සේසත් කරන්නටත් පෘතුගීසින්ට විරුද්ධවත් සටන් කළ සීතාවක රාජසිංහ රජතුමා වඩා ප්‍රසිද්ධ මුල්ලේරියවේ කළ සටන සහ කොළඹ කොටුව වැටලීම පිලිබඳ. "කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා වුනා " කියල සින්දු කෑල්ලකුත් තියෙන්නේ. පසුව පෘතුගීසින් යවපු කොන්නප්පු බණ්ඩාර උඩරට කලබල ඇති කරපු නිසා සීතාවකට පසු බැස්ස රාජසිංහ වික්‍රමසිංහ මුදලිට දෝෂාරෝපණය කරලා තිබෙනවා. කොහොමහරි අසනීප ව සිටි මෙම හොඳ සෙනෙවියා කවුරුන් හරි වසදීම නිසා මැරුන.
මෙන්න මේ වෙලාවේ තමා සොලී රටේ ඉඳන් අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන සන්නසියා තව හතර දෙනෙකු සමග ලංකාවට ගොඩ බැස්සේ. මේ යුද සටනේ දක්ෂයෙක් කියන සොලී ජාතික සන්‍නාසියාට මාන්නප්පෙරුම මොහොට්ටි කියන තනතුර ලබා දෙන රාජසිංහ රජතුමා තමන්ගේ අන්තඃපුර යුවතියකුත් (රාජහෙට්ටිගේ දෝනියන්දෑ ) බාර දෙනවා. මේ අරිට්ට කීවෙන්ඩු තම රජතුමාගේ සිත දින ගන්නවා ඊට පස්සේ. මේ කාලේදී තම රජතුමා බුද්ධාගම අත්හැරලා හින්දු දෙවිවරු අදහන්න පටන් ගන්නේ. මෙහෙම කරන්නේ අරිට්ට කීවෙන්ඩු නිසා කියලයි කියන්නේ. බාර හාර, බලි යාග එහෙමත් කලාලු.
රාජසිංහ රජු කන්ද උඩරට රාජධානිය අල්ලන්න ගියත් කොනප්පු බණ්ඩාරට පැරදෙනවා. ඉන්පසු පෙතන්ගොඩට පසු බැස විවේක ගන්නකොට කටුවක් ඇණිල ඔත්පලව මිය යනවා. අර කවියකුත් තියෙන්නේ.
"රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
ඉන්න සිටි සැවොම මතුලාය
රාජසිංහ දෙවි නා මෙත් මැකුණාය "
පස්සේ ආපු අරිට්ට කීවෙන්ඩු ලොකු වුන එකත් ඔහුගේ කීම පිට බහුතරයේ ආගම අත හැරීමත් නිසා රාජසිංහ රජු තමන්ගේම නිලධාරීන් හා නෑදෑයින් අතරේ වෛරයට ලක්වූ නිසාත් තමා "ඉන්න සිටි සැවොම මතුලාය " කියා කියන්නේ මේ කවියේ.රජු මැරුනේ 1514 කියන සක වර්ෂයේ කියල රාජාවලියේ සඳහන් වෙන්නේ.
අරිට්ට කීවෙන්ඩු කියන්නෙත් මාර චරිතයක්. රාජසිංහ මැරුනහම දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි හමුදාවක් යවනවා සීතාවකට. අරිට්ට කීවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම මොහොට්ටි මීගමුවේදී මේ පෘතුගීසි සේනාව පරදවනව. සීතාවක මිනිස්සු සන්නාසිය කියා ගරහන නිසාය කියා පසුව දොන් ජුවන් ධර්මපාලට එකතු වෙනවා මේ මාන්නපෙරුම මොහොට්ටියා හෙවත් අරිට්ට කීවෙන්ඩු පෙරුමාල්. නමුත් ඇත්ත හේතුව නම් වඩා බලය ඇති තැනට පනිනවා පෙරුමාලයා. පසුව ජයවීර බණ්ඩාර නමින් ඔහු ධර්මපාලට සේවය කරනවා. ජයවීර බණ්ඩාර පෘතුගීසීන්ගේ උදව්වෙන් ගුරුබෑවිල සටනේදී සීතාවක හමුදා පරාජය කරලා සිතාවක අල්ල ගන්නවා ධර්මපාල වෙනුවෙන්. රාජ්‍යය දෙන්න කුමාරයෙක් නැතුව මැරෙන ධර්මපාල නිසා පහතරට රාජ්‍යය පෘතුගාල රජුට අයිති වෙනවා.
මේ අතරේ දෙවනගල තෙරුන්නනස්සේ ප්‍රමුඛ වෙලා කොන්නප්පු බණ්ඩාර පළවන විමලධර්මසූරිය නමින් රජකමට පත්කරනවා. ඔහුට පසු උඩරට රජවුනු දෙවන රාජසිංහ පස්සේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා.
රස්පුටින් රුසියානු සාර් රජ පවුලට හේත්තු වෙලා එක එක මන්ත්‍ර ගුරුකම් වලින් රැජින අල්ලාගෙන , පවුලේ කුමාරිකාවන් හා අනිත් සේවිකාවන් වසඟයට ගෙන කාමභෝගී ජිවිතයක් ගත කරනවා. මිනිස්සු දුක් විඳිද්දී උන්ට පෙනුනේ සාර් පවුල පාලනය කරන්නේ මන්ත්‍රකාරයෙක් කියලා. අර පළමුවන ආලවන්ත දාස ගෙයි බාබු මහත්තැන් ගෙයි පයුරු පාසානය වත් අඩුම ගානේ ඒ කාලේ පාරේ යන්න එපා කියලවත් සේනා පියා රතුපුටින්ස් කිව්වද? ඉතින් අමනදාස කීවෙන්ඩුලා රතුවපූටින්ස් ලා හැමකාලේම පහලවෙනවා මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා තිරුපති දේශවලට යවල තමන්ගේ මඩිය තර කරගන්න. දන්න බුද්ධාගම අදහගෙන ඉන්නේ නැතුව අපේ මිනිස්සු දෙය්යෝ අදහන්න ගියාම කෙළවෙන්නේ කාටද කියල දන්නේ වැඩේ වුනාට පස්සේ.
මුලාශ්‍ර: රාජාවලිය - ගුණසේකර බ .
විකිපෙඩියා http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka
- අජිත් ධර්මකීර්ති