Tuesday 13 June 2023

ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -1- (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)

පළමු වෙළුම 


මගේ දෙවියන් වහන්සේට ස්තූති වේවා: මම ඔබ සියල්ලන්ටම වඩා භාෂාවන්ගෙන් කතා කරමි; නමුත් දේවස්ථානයේදී මා වඩාත් කැමති වදන් පහක් කියන්නට මගේම දැනුමින්,මගේ හඬින් ඔබලාට ඉගැන්විය හැකිනම් නොදන්න බසෙක වචන දස දහසකට වඩා.


1 කොරින්තියන්, 14:18-19


1. 

උඳුවප් මස 1985 , බොස්ටන් නගරයේදී 

ඒවා මනුක්‍යාන් 

මට හැම වෙලේම දැඩි ශීතලක් දැනුනි.  ගිම්හාන කාලයේ  මුහුදු වෙරළේදී, දැඩි හිරු රශ්මිය මධ්‍යයේ, මගේ පිට කොන්ද පැත්තෙන් ශීතලක්  දැනේ. සමහර විට එසේ වන්නේ මා ඉපදුණේ දැඩි ශීත සමයක, මහා කැළයක් මැද නිසාත්, මා  මගේ ජීවිතයේ  මුල් මාස කිහිපයම ගත කළේ  මවගේ ශීත සමයට අඳින විශාල  ලෝගුව තුල හිරවී සිටි නිසාත් විය හැකිය. මා ජීවත් වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත. එනිසා කිසිවෙකු හෝ ජීවිතය ත්‍යාගයක් යයි පවසති නම් ඒ මටය. නමුත් ම නොදන්නා කාරණය වන්නේ මට ඒ ත්‍යාගය සැබැවින්ම ඇවැසි වූවාද යන්නය. 

බොහෝ අයට තමන් පිළිබඳ  මතකය ඇරඹෙන්නේ ඉතා ළඳරු අවදියේ සිටය.  මගේ මතකය අවදි වන්නේ වසර දෙකක දැරියකව කතෝලික අනාථ නිවසක සිටි කාලයේදීය. 

 මට ඉතා වැදගත් දෙයක්ව තුබූයේ, මටත් මගේ දෙමව්පියන්ටත් සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. ඒ කිසි දෙයක් මගේ මතකයේ නැත. සමහර සිද්ධීන් අරබයා ම දැනුවත් වූයේ මගේ වැඩි මහලු සහෝදරයා වන විතෙක් ගෙනි.. නමුත් ඔහුද ඒ කාලයේ කුඩා දරුවෙක් විය. මට පිරිනැමුණු ඔහුගේ මතකයන් තුලින් ඒ කාලය පිලිබඳ නිවැරදි සිතුවමක් ගොඩ නගන්නට මට හැකි වුනේ නැත. ඔහු රෝහලේ වැතිරී සිටිද්දී එක්සයිස් පොතක මතක් වුනු හැමදෙයක්ම ලියා තැබුවේ මා වෙනුවෙනි. ඒ දිනවල අපේ මව ජීවත්ව සිටින්නී යයි අප දැන නොසිටියෙමු. මගේ සහෝදරයා රුධිරය විෂවී මිය ගියේ අපේ මව කම්කරු  සිර කඳවුරෙන් නිදහස ලැබීමට කලිනි.  

මගේ හැඳුනුම්පත් වල සඳහන් වනුයේ මා ඉපදුන නගරය  එම්ස්ක් ලේනිනි. නමුත් ඇත්ත වශයෙන්ම  මා පිළිසිඳ ගෙන තිබෙන්නේ එම නගරයේදීය.  එම්ස්ක් නගරයේ තිබූ  යුදෙව්වන්ගේ ගෙටෝවෙන්  මගේ මව, 1942 අගෝස්තු මස පලා යනවිටත් ඇය මාස හයක ගර්භණියක් ව සිටියාය. ඇය පල ගියේ  මගේ සය හැවිරිදි  සහෝදරයා විතෙක් ද  රැගෙනය. ඒ අනුව මා ඉපදුනේ  එම්ස්ක් නගරයෙන් කිලෝමීටර සිය ගණනක් ඈත යාමට අසීරු තද වන ගහණයකය. එහි  එම්ස්ක් ගෙටෝවෙන් පැනගිය යුදෙව්වන් පිරුණු රහසිගත යුදෙව් කොලණියක් විය. ඒ කොළණිය 1944 අගෝස්තු  මාසයේ බෙලොරුසියාව  ජර්මන් ග්‍රහණයෙන් මුදවා ගන්න කල්ම එතනම පැවතුණි. කොලනිය   ජර්මන්  ආක්‍රමණිකයන් ට විරුද්ධව සටන් කළ ගරිල්ලා භට කණ්ඩායමක් වශයෙන් නම්කර  තිබුනත් ඇත්ත වශයෙන්ම එතැන හිටියේ නාසින්ට යටත්  ප්‍රදේශයක රහසේ ජීවත්වීමට උත්සාහ කල යුදෙව්වන් තුන්සීයක් පමණකි.    කඳවුරේ සිටි  පිරිමින්ගේ ප්‍රබලතම අධිෂ්ඨානය වූයේ ජර්මන්  වරුන් සමග කරන සටනකට වඩා  තමාගේ ආයුධ වලින් එතැන සිටි මහල්ලන්, ගැහැණුන්  සහ ළමයින් ටික ආරක්ෂා කර ගැනීමටය.

  මගේ මව අවුරුදු ගණනාවකට පසු මට පැවසූ පරිදි, පැන නොයා ගෙටෝ  එකේ නැවතී සිටි මගේ පියා එහිදී මිය ගොස් තිබෙන්නේ ඔවුන් ගේ පැන යාමෙන් දින කිහිපයකට පසුය. ගෙටෝහි  ඉතිරිව සිටි සියලු වැසියන්ට ජර්මන් වරුන් වෙඩි තබා මරා දමනු ලැබිය. මව මට පැවසුවේ මගේ පිය අප සමග පැනයන්නට  අකමැති වූ බවයි. ඔහුගේ අදහස වුනේ පැන ගියොත් කලබලවන  ජර්මානුවන් වඩාත් තදින් පලි ගැනීමට ඉඩ ඇති බවයි. ඒ නො ඇසූ බඩ  ගැබ්බරවී සිටි මගේ මව විතෙක් ද රැගෙන පලා ගියාය.  ගෙටෝවේ සිටි අටසියයක් යුදෙව්වන්ගෙන් පල ගොස් දිවි බෙර ගත්තේ තුන්සීයක් පමණකි.   

එම්ස්ක්හි පදිංචිව සිටි යුදෙව්වන්  සහ අවට ගම්වල සිටි යුදෙව්වන් ජර්මන් සොල්දාදුවන් විසින් ගෙටෝව වෙත ගාල් කලහා. මගේ මව එම  ප්‍රදේශයේ ජිවත්වූ අයෙකු නොවේ. නමුත් ඇයට එහි රැඳී සිටීමට හේතුවක් තිබුනි. ඇය ල්වෝව් නගරයේ සිට පැමිණ තිබුනේ කේජිබි ඒජන්තයෙකු ලෙසය. ඇය අති වාමාංශික තද කොමියුනිස්ට්වාදිනියකි. විතෙක්  ඉපදී  තිබුනේ 1936  ල්වොව්  හි සිර කඳවුරක දී පක්ෂයේ සහෝදරයෙක් සමග ඇගේ තිබුණු  සම්බන්ධයකිනි. මා ඉපදුනේ ඇය ගෙටෝවේදී හඳුනාගත් වෙනත් පුරුෂයකුට දාවය. මගේ ජීවිත  කාලය තුල මගේ මව තරම් මාතෘ පදවියට අතිශයින් නුසුදුසු කාන්තාවක් මට හමුවී නැත.  මා ඇත්තෙන්ම සිතනුයේ මගේ සහෝදරයාත් , මමත්  උපදින්නට  ඇත්තේ වෙනත් සුදුසු උපත්පාලන  ක්‍රමයක් නොතිබුණු නිසා හෝ  ගබ්සා කිරීමට ක්‍රමයක් නොතිබූ නිසා කියාය. මගේ යෞවන වියේදී මම ඇයට තදින්  ද්වේශ කළෙමි. පසු කාලයකදී මමට  ඇය සැලකුවේ මගෙන් දුරස්ව ජිවත්වන අමුතු ජාතියේ  පුදුම සහගත සත්වයෙක්  ලෙසය. අද වනතුරුත් මට ඇය සමග එක වහලක් යට  තැනක රැඳී සිටීමට නොහැකිය. දෙවියන්ට ස්තුතී වන්නට එවැනි අවස්ථා කොහොමත් දුර්ලභය.

මම ඇගෙන් අතීතය ගැන අසන වාරයක් පාසා හිසකෙස් කෙලින් කරගෙන ඈ තරහින් කෑ ගැසුවාය. ඇය හැමදාමත් දුටුවේ ම නිර්දේශපාලනික සුළු ධනේශ්වර තැනැත්තියක්  ලෙසය.  ඇය සැබැවින්ම එතැනදී නිවැරදිය. මට දරුවකු ලැබුණු පසු මා නිතැතින්ම දැන සිටියේ, ගැහැණියකගේ ජීවිතය එම දරුවා වෙනුවෙන් වෙන් වන බවය. නමුත් ඒ මගේ මව නම් නොවේ. ඇය මනස විකල්වන තරමේ භක්තිවන්ත කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවකි.

මසකට කලින් මට එස්තර් ගන්ට්මන් හඳුනාගන්නට ලැබුණි.  ඇය ඉතා ප්‍රියමනාප, චාම් වයස්ගත ගැහැණියක වූ ඇය ඉතා සුදු සමකින් යුත් පැසුණු හිසකේ  නිල් පැහැ කරගත් එකියක් විය.  ඇය කරීන් ගේ යෙහෙළියකි. ඔවුන් දෙදෙනා රැකියාව කළේ පුණ්‍යායතනයකය. කරීන් මට ඇය ගැන බොහෝ කලක සිට කියා තිබුණු නමුත් මට ඇය හඳුනා ගැනීමට උනන්දුවක් තිබුනේ නැත. නත්තලට ටික දිනකට කලින් කරින් ඇගේ පනස්වන උපන්දිනයට පැවැත්වූ සාදයේදී මම හදිසියේ එස්තර් දෙස  දැඩි උනන්දුවකින් බැලුවෙමි. මම අඩක් පමණ දන්නා එහි සිටියවුන් අතරේ ඇය කැපී පෙනුණේ කලක සිට දන්නා හඳුනන්නියක ලෙසිනි. එම සාදය සාමාන්‍ය  ඇමරිකානු සාදයකට වඩා හදවතට සමීප වූ අවංක එකක් ලෙස මට හැඟුනි. පෝලන්ත ජාතිකයන් විශාල ප්‍රමාණයක්ද, රුසියානුන් කිහිප දෙනෙක්ද යුගොස්ලාව් දෙදෙනෙක්ද එහි විය. ස්ලවේනියානු භාෂාවේ හඬ මට සුන්දර ලෙස ඇසුනේ අතරින් පතර වූ පෝලන්ත හඬවල් මැද්දේය. 

මට රුසියානු සහ පෝලන්ත යන භාෂා දෙකින්ම කතා කල හැකිවුවත් මා  ඉංග්‍රීසි බස කතා කලේ පෝලන්ත ඌරුවකිනි. අප එතරම් වැදගැම්මකට නැති වචන දෙක තුනක් කතා කරද්දීම  එස්තර් ඒ බව නිරීක්ෂණය කළාය.

   "ඔබ පෝලන්තයෙන්ද" ඇය  ඇසුවාය. මට එම ප්‍රශ්නය සැම විටම දැඩි කරදරකාරී එකක් විය.  එයට ඉක්මන් පිළිතුරක් දීම අපහසු වූයේ ත්  වෙහෙසකාරී ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වූයේත්  මගේ මව  පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී  ඉපදුනත් , නොදත් අයෙකුට දාව මා උපත ලද්දේ බෙලොරුසියාවේ වීමත්, ළමා කාලය රුසියාවේ දී ගත කර පෝලන්තයට  පැමිණියේ 1954 දී වීමත්, නැවත ඉගෙනීම සඳහා රුසියාවට ගොස් , එතැනින්  නැගෙනහිර ජ්රමනියට පැමිණ ඉනික්බිතිව අවසන් වූයේ ඇමෙරිකාවෙන් බැවිනි.        

එනමුදු කිසියම් හේතුවකට මෙවර මා  කිසිවෙක්ට කිසිදා නොකියූ දෙයක් කීවෙමි.

- මම උපන්නේ එම්ස්ක් වල, හරියටම කියනවා නම් චෝර්නයි පුශා වල. 

- මහළු ගැහැණිය හුස්මක් ඉහළට ගෙන "මොන අවුරුද්දේද " කියා ඇසුවාය.

- 1942, මම කීවෙමි. මම කිසි දිනෙක මගේ සඟවා නැත. එයට හේතුව වූයේ මා  කොහොමත් වඩා තරුණ ලෙස   පෙනීමත් කිසිවෙක් මගේ වයස හතලිස් තුනක් යයි නොසිතීමත්ය.  

ඇය යන්තමට මා වැළඳගත් විට ඇගේ නිල් පැහැ ගන්වන ලද කෙස් තීරුව සමහ හිස වෙව්ලූ බව මට දැනුනි.

"මගේ දෙවියනේ, මගේ දෙවියනේ, ඒ කියන්නේ උඹ ජීවත්වෙනවා. අර පිස්සු ගෑණි උඹව වැදුවේ අගලක. මගේ සැමියා තමයි උත්පත්තියට උදව් කළේ. ඊට පස්සේ, මට හරියටම මතක නැහැ, මාසෙකට පස්සේ වගේ ඈ ළමයි අරගෙන අතුරුදහන් වුනා කොහෙටද. හැමෝම ඇයට ඉන්න කීවට ඈ කිසිවෙකුට ඇහුම් කන් දුන්නේ නැහැ. හැමෝම විශ්වාස කලේ ඔයාලව පාරේදී හරි ඊලඟ ගම්මානයේදී හරි අල්ල ගනීවි කියල. දෙවියන්ට ස්තූති වේවා, උඹ ජිවත් වුනා!"

අපි කොරිඩෝරයට පිවිසුනෙමු. එතැන් සිට අප දෙදෙනාට වෙන්වන්නට නොහැකි වුනි.  අප දෙදෙනා හිම කබායන් ගන්නට එය යද්දී විසුළු සහගත වූයේ කබායන් දෙකම  එක වගේ වීමෙනි.  ඒ කබා යුගලම ඉතා මහත, සත්ව ලෝම වලින් සෑදු අමෙරිකාවේ පිලි ගැනීමකට ලක්නොවූ ඒවාය. මා පසුව දැන  ගත්තේ එස්තර් ද මා  මෙන්ම ශීතලෙන් පීඩා විඳින බවයි.

අපි ඇගේ නිවසට වාහනය පැදවූයෙමු. ඇය ජිවත් වුනේ බොස්ටන් නගර මධ්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩල මාවතේ ම සිටි  වාසස්ථානයට මිනිත්තු දහයක දුරකිනි.  අපි ගමනේ යන විටත් , මා  රථය  පදවමින් ද ඇය මා අසල හිඳ   සිටියදීත් මට අමුතුම හැඟීමක් දැනුනි. මුළු දිවිය පුරාම මා සිහින මැවූයේ මට වඩා වැඩි මහලු, නුවණැති මට දැනුම් තේරුම් කියා දිය හැකි,මට කීකරු විය හැකි , මට අසා සිටිය හැකි අයෙක් වුවත් එවැන්නෙක් මුණ නොගැසිනි. අනාථ නිවාසයේ තද විනය පාලනයක් තිබුණු  නමුත් ම පැතුවේ එවැන්නක් නොවේ.මගේ  මුළු ජීවිතය පුරාවට   මම ජ්‍යෙෂ්ඨයෙකු සේ හැසිරුනෙමි. මගේ මව, ස්වාමිපුරුෂයා හෝ යහළුවන් මේරුණු අය වූයේ නැත. මේ වැඩිමහල් ගැහැණිය තුල තිබු කිසියම් අමුතු අන්දමක බැඳීමක් තුල ඇය කියන සියල්ලට කලින්ම මට එකඟ විය හැකිව තිබුණි. 

අපි ඇගේ ගෙතුලට ගියෙමු. ඇය විදුලි පහන් දැල්වූවාය. පොත් රාක්කය කොරිඩෝරය දිගේ නිවසේ පිටුපස දක්වාම විහිද ගොස්ය. මා එදෙස විස්මයෙන් බලන බව ඈ දුටුවාය. 

"මේ මගේ සැමියා ගේ පුස්තකාලය. එයට භාෂා පහකින් කියවන්න පුළුවන්. කලාවන් පිලිබඳ පොත් හුඟක් තිබෙනවා. මට මේවා තියල යන්න සුදුසු කෙනෙක් හොයා ගන්න ඕනේ " 

එස්තර් ධනවත්  වැන්දඹුවක් බවත් ඇයට දරුවන් නැති බවත්, අතිශය තනිකමින් පෙලෙන බවත්  කැරින් කීවා මතකය. එස්තර් ගේ පවුලේ සියලුම දෙනා දෙවන ලෝක යුධ සමයේදී මිය ගොස් ඇත.   

එස්තර් මට කි දේ මෙයයි: ඇය මගේ මව පළමු වරට දුටුවේ  එම්ස්ක් හි ගෙටෝවේ දී ජර්මනුන් අවශේෂ ගම් හා ප්‍රදේශ වලින් යුදෙව්වන් එළවද්දීය. ඒ තාක් කල් ගෙටෝවේ හිටියේ නගර වැසියන් පමණකි. නගරවැසියන් ගෙටෝවට පැමිණ තිබුනේ ස්ව කැමැත්තෙනි. ඊට හේතුව ඔවුන් ගෙටෝවට පැමිණීමට දින කිහිපයකට පෙරතුව යුදෙව්වන් විශාල ප්‍රමාණයක් නගරයේදී ඝාතනය කර තිබුණි. යුදෙව්වන් නගරයේ කතෝලික සහ ඔර්තොඩොක්ස් පල්ලි අතර මැද චතුරශ්‍රයට ගාල් කර නගරවාසීන් විසින්ම වෙඩිතබා එක්දහස් පන්සියක් පමණය ඝාතනය කර ඇත. දිවි බේරා ගත් වුන් ගෙටෝවට ගාල් වී ඇත.

එය සාමාන්‍ය ගෙටෝවක් ලෙස හැඳින්විය නොහැක්කේ එවැන්නක හැදෙන්නේ දිස්ත්‍රික්කයක හෝ  කිහිපයක වැඩවසම් යුගයේ සිට යුදෙව්වන්  ජීවත්වීම නිසාවෙනි. එම්ස්ක් හි සිදුවුයේ මීට පටහැනි ලෙස මිනිසුන් තම නිවෙස් අතහැර කිසියම් රජ කුමරෙකුට අයත්ව තිබු අඩක් විනාශ වුනු පරණ බළකොටුවකට විතැන් වීමෙනි. ඔවුහු එය වටා කම්බි ගසා මුරකරුවන් රැඳවූහ. මුලදී කවුරුන් කාගෙන් ආරක්ෂාකාරී වන්නේද  යන්න අපැහැදිලි විය.  පොලිස් භටයන් ලෙස කටයුතු කලේ දේශීය බෙලරුසියානුවන්ය.යුදෙව්වන් මුර කිරීම තමනට අයත් නොවන පහත් කාරියක් ලෙස ජර්මනුන් සැළකූහ.බෙලොරුසියානුන් සමග ගනුදෙනුව තනිකරම අල්ලස් මත යැපිනි. සියලුම දේට ඔවුන් අල්ලස් මුදල් ලබාගත් අතර ඔවුන් ලවා ආයුධ වුවද ලබාගැනීමට හැකියාවක් තිබුණි.

 "ඔබේ මව පළාතේ කෙනෙක් නෙමෙයි." එස්තර් කීවාය.

"ඇය රූමත් කාන්තාවක්, හැබැයි හරි කෙලින් කතා කරන, තියුණු ගැහැනියක්. ඇයට පුංචි පුතෙක් හිටිය. මට මතකයි ඇගේ වාසගම. කොවච් නේද?  "

මම ඉමහත් අසීරුවෙන් හැකිළුනෙමි. මම ඒ වාසගමට ද්වේෂ කලෙමි. මගේ මවට වෙනත් වාසගමක් තිබූ බව මම හොඳින් දනිමි. එම වාසගම පක්ෂය විසින් ලබා දුන් නමට සාදාගත් හොර හැඳුනුම්පත් වල සඳහන්  එකකි.  ඇය ජිවිතයෙන් භාගයක්ම ගත කලේ එම වැරදි නමිනි. මට තිබු විවාහ වීමේ හදිසියට එක හේතුවක් වුයේද එම නමින් නිදහස් වීමට තිබූ දැඩි කැමැත්තය. හැමෝම තිගැස්සුනේ පෝලන්තයේ යුදෙව් ගැහැනියක් ජර්මානුවෙක් කසාද බැඳීමය.  ඇත්තටම, එරික් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (නැගෙනහිර ජර්මනියේ) කොමියුනිස්ට් වාදියෙක් වූවා පමණක් නොව එම හේතුව නිසාම රුසියාවේ උගෙනුම ලැබීමටද ඔහුට හැකි විය. අප මුණ ගැසුනේද එලෙසය.

මා එස්තර් දෙස බැලුවේ ළඳරුවෙක් රසකැවිල්ලකට ආශාක්ත වූ ලෙසිනි. එවැනි ගැහැණියක්, මෘදු සහ නිහඬ, යුරෝපියානු සුලලිත බව සමග සිල්ක් සාය , ඉතාලියානු පාවහන් , කිසිදු බොරු සාටෝපයක් නැති, බොළඳ ඇමෙරිකානු  ජේත්තුව නොපෙන්වන ඇය , මවකට, නැන්දණියකට, මිත්තණියකට මොන තරම් සුදුසුද? ඇය මට ඇමතුවේද මගේ දයාබර දරුවා කියාය.

ඇය විස්තර කිරීම ඇරඹුවේ මගේ කිසිදු අනුබලයකින් තොරවය. ගෙටෝව තුල පාලනය සඳහා ප්‍රබල සංවිධානයක් එය තුලම ගොඩ නගා තිබුණි.ප්‍රබල ස්වයංපාලන ක්‍රමයක් සහ තමන්ගේම ප්‍රධාන විධායක නිලධරයෙකුද එහි විය. ඉතා ප්‍රසිද්ධ හා උගත් බොහෝ අය කියන පරිදි ඉතා සාධාරණ රබි වරයෙකු වූ  රබී ෂර්මන් මේ බලවතා විය..පෝලන්ත යුදෙව්  වෛද්‍යවරුන් වූ  එස්තර් සහ ඇගේ සැමියා මේ ප්‍රදේශයට  පැමිණ තිබුනේ යුද්ධයට වසර කිහිපයකට කලින්ය. එස්තර් දන්ත වෛද්‍යවරියක වූ අතර ඇගේ සැමියා ඉසාක් ගන්ට්මන් ශල්‍ය වෛද්‍යවරයෙකු විය.   ඇය ෆ්‍රෑන්ක්ෆට් නගරයේ දන්ත වේද විදුහලින් උපාධිය ලබාගෙන තිබුණි. ඔවුන් නිදහස් චින්තකයන් නොවූ සාමාන්‍ය  යුදෙව්වන් වූ අතර සබාත් දිනයේ (සෙනසුරාදා) ඉටිපන්දමක් දැල්වුවද එලෙසම වගේ සෙනසුරාදාවක සංගීත හෝ නැතය සන්ධ්‍යාවකට අසල  නගරයකට පැකිලීමකින් තොරව ගියහ. එම පෙදෙසේ ජීවත්වූ යුදෙව්වෝ ඔවුන්ට පිටස්තරයන් සේ සැලකුවද දත් වෙදකම් සඳහා ඔවුන් වෙත ගියහ. හිට්ලර් ගේ ජර්මනිය පෝලන්තය ඈඳාගත් වහාම ඉසාක් සිය බිරියට පැවසුවේ සියල්ල අවසන් වන බවත්  කෙසේ හෝ එතැනින් ලෝකයේ කොතැනකට හෝ පැන යා යුතු බවත්ය. ඔහු පලස්තීනයට යාමට පවා සූදානමින් සිටියේය. ඔවුන් කරන්න කුමක්ද යයි සිතමින් සිටියදීම ජර්මන් ආක්‍රමණිකයන් යටතේ ගෙටෝවේ කොටුවීමට සිදුවුණි.

අප ඉඳගෙන සිටියේ, මදක් පැරණි වුවද  හොඳ රසවන්ත බවකින්  යුරෝපියානු විලාසිතාවට බඩු භාණ්ඩ සැකසුනු අනගි තට්ටු නිවසක විසිත්ත කාමරය තුලය.  අයිතිකාරියගේ සංස්කෘතික ජීවිතය මට වඩා බොහෝ උසස් මට්ටමක බව මට ඒ වනවිටත්  වැටහී තිබුනේ එසේ වූයේ කලාතුරකින් බැවිනි.   කැටයම් මිස ලාභ පින්තූර එල්ලා නොතිබූ එය පොහොසත් නිවසක් විය.  සම්පුරණ  භාණ්ඩ කට්ටල නොවූවද සෑම ලී බඩුවක්ම කොටසින් කොටස පරිස්සමින් එකතු කර පිරිද්දන ලද බවක් පැහැදිලි විය.  නූස් පෙට්ටගමක් උඩ කිසියම් ජිවිතයේ වෘක්ෂය වැනි මෙක්සිකානු පිඟන් බඩුවක් විය.  

එස්තර් හිඳගෙන සිටියේ ගැඹුරට ගිය හාන්සි පුටුවක කෙල්ලක මෙන් එක කකුලක් උඩට ගෙන ඇඟ යටින් සඟවා වා ගෙන, ඇගේ  නයි හැවෙන් සාදන ලද  සපත්තු කුට්ටම   එතැනම ගලවා දමාය. මෙවැනි විස්තර මගේ සිතේ හොඳින් ඇඳී තිබේ. මගේ මවට මා සුළු ධනේශ්වර එකියකයි කීවේ නිකම්ම නොවේ.  අනාථ නිවාසය, කුඩා කල නිවස, මගේ  කොන්ද හරහා එන ශීතල විසින් අමතක නොකරවයි.   මගේ මව අපේ අන්ත දුගී භාවය  සැළකුවේ සාමාන්‍යයක් ලෙසටය. ස්ටාලින් ගේ සිර කඳවුරු ඇයට සුව පහසු නිවසක් සේ දැනුනා විය යුතුය. මම අනාථයෙකු ලෙස මගේ දුගී බවින් මිදී පලා යද්දී මට ලැබෙන හැම කෝප්පයක්ම, තුවායක්ම, මේස් කුට්ටමක්ම සිප ගැනීමේ සූදානමින් සිටියෙමි.අප බර්ලිනයේ, ප්‍රේන්ට්සුලර් බර්ග් හි  එකට ජිවත් වීමට පටන් ගත් මුල් වසරේ එරික් අමතර  රැකියාවකුත් කලේ මට ඇඳුම් ආයිත්තම්, උයන පිහන භාණ්ඩ සහ අනිකුත් දේ මිලදී ගැනීමට ඉඩ සැලසීමටය. එය මට අතීතය අමතක කරවීමට ඉවහල් වන බව ඔහු දැන සිටියේය. එම පිස්සුව පසු කලෙක හොඳ වුනත් , මා  දැන් සිටින ඇමෙරිකාවේදී පවා මගේ විනෝදාංශය වූයේ සේල් ඇති සාප්පු වල, ලාභ හා භාවිතා කල බඩු විකුණන ගැරේජ් වල හා  භාවිතා කළ බඩු විකුණන ෆ්ලී  මාකට් වල ඇවිදීමය. ග්‍රීෂා, මගේ වත්මන් සැමියා එය සැහැල්ලුවට ගණන් ගත්තේ ඔහු පැමිණියේද රුසියාවෙන් බැවිනි. ඔහුද  හැදුනේ වැඩුනේ  මෙවැනි දේවලට, භාණ්ඩ වලට  ආශාවෙන් දිවයන මිනිසුන් අතරය. ඇමෙරිකාවේ උපත ලත් මගේ පුත් ඇලෙක්ස් ගේ විනෝදාංශයද දේවල් මිලදී ගැනීමය.  අප හොඳ භාණ්ඩ ලෝලීන් බව එස්තර් නිහඬව වටහා ගත්තාය.

        "ගෙටෝව ඉතාමත්ම නරක තත්වයේ තිබුනේ. හැබයි ඉතින් ඊටත්  වඩා අජූව ඒවා දැකල තිබුනේ නැති නිසා. අපි එතකොට දැනගෙන හිටියේ නැහැ අමානුෂික වධ කඳවුරු ගැනවත් දස දහස් ගණනින් මිනිසුන් මුළු යුරෝපය පුරා  මරාදමමින් සිටින බව වත්". මේ දෑ පවසන ගමන්ම ඈ සිනාසුමුත් ඇගේ චර්යාවේ කිසියම් වෙනසක් එනම් කිසියම් නොඇලීමක්, ශෝකයක් සේම හඳුනාගත නොහෙන යමක් විය. ඒ නුවණැතිකම යයි මම අනුමාන කළෙමි. ඔව්, අප කතා කළේ පෝලන්ත බසින් බැවින් එය මට සහනයක් විය.

"අප කොපමණ කල් ගෙටෝවේ හිටියද? " මම ඇසුවෙමි.

"අවුරුද්දකට අඩුවෙන්. හතලිස් එකේ සරත් සමයේ. අපි එහෙන් ගියේ එක්දාස් නවසිය හතලිස් දෙකේ අගෝස්තු 11. පස්සේ තවත් අවුරුදු දෙකක්  චෝර්නයි පුශේ වල සටන්කාමී කණ්ඩායමක. නිදහස ලැබෙන තුරුම අගල් ඇතුලේ තමා ජිවිතේ ගෙවුනේ. පවුල් සටන්කාමී කණ්ඩායමක කඳවුරක්. අන්තිම වෙනකොට තුන්සීයකින් ඉතිරි වුනේ එකසිය විස්සක් පමණයි. ළමයි හය දෙනෙක් අපේ කණ්ඩායමේ හිටිය. ළමයි දෙන්නෙක් කැලේ ඉපදුනා. උඹ සහ තව පිරිමි දරුවෙක්. එයා මැරුණා"

       "චෝර්නොයි පුශි වලින් මගේ මව ගියේ ඇයි  "මා  එම පැනය ඇසුවේ මගේ මව ඒ පිළිබඳව මට පිළිතුරක් සපයා දී තිබුන වුවත් මගේ මව බොහෝවිට අසත්‍යයම පැවසූ බැවිනි. ඇය ඇත්ත නොකීවාටත් වඩා මට ඇය විශ්වාස කිරීම ඉතා අපහසු වූ බැවිනි. මට අවශ්‍ය වුයේ එස්තර් කුමක් කියන්නේදැයි දැන ගැනීමටය. ඒ ඇය සාමාන්‍ය කාන්තාවක් වූ බැවිනි.

"අපි හුඟක් උත්සහ කළා ඇය වළක්වන්න. මට හොන්දට මතකයි ඉසාක් හුඟක්ම අමනාපෙන් හිටිය එයා ළමයින්ගේ ජිවිත අනතුරේ දමමින් අනාථනිවාසය හැරයමින්  කරන්න යන අසාධාරණය ගැන.  එයා උත්තරයක් වත් දුන්නේ නැහැ.  ඇය ගෙටෝව ඇතුලෙදි කතා කල එකම තැනැත්තා විදුලි කාර්මිකයෙකු වූ නෞම් බෞහ් විතරයි." 

මගේ පියාගේ වාසගම මා දැන ගත්තේ ඒ අවස්ථාවේය. මගේ මව එය කිසිදාක පැවසුවේ නැත. ඇය සාමාන්‍ය ගැහැනියක වූවා නම් මගේ නම විය යුතුව තිබුනේ ඒවා බෞහ් ය. කොපමන සිත් ගන්නා  සුළුද.  

 "එයා  ගැන මට විස්තර කරන්න " මම එස්තර් ගෙන් අයැදීමි.

"මම එයා ගැන වැඩිපුර දන්නේ නැහැ.  හැබැයි එයා සුදුසුකම් ලත් ඉංජිනේරුවෙක් නම් නොවේ"  ඇය කිසිදු චලනයකින්  තොරව කොන්ද කෙලින් කරගෙන හිඳගෙන සිටියේ වංශාධිපතිනියක ලෙසිනි. කිසිදු යුදෙව් අභිනයකින් තොරවය.

 "ඉසාක් මට කියල තියනවා යුද්ධයට කලින්, මේ බෞහ් ව රෝහලට එන්න කිව්වය  කියල මොකද්ද කැඩුණු යන්තරක් හදන්න. ගෙටෝවේ එයට ඉසාක් වගේම  හොඳ තැනක් තිබුන.   සමහර යුදෙව්වන්ට නගරයේ රැකියා තිබුන, ඔවුන්ට අවසර තිබුන නිසා. ඉසාක් රෝහලේ ලෙඩුන් බලද්දී , බෞහ් නගරයේ රැකියාව කළා. "  

"ගෙටෝවේ ඔබේ මවයි නෞම් නුයි ජිවත් වුනේ එකට. වම් පැත්තේ මොකක් හරි කාමරේක. මේ බලකොටුව බාගෙට බාගයක්  විනාශ වෙලා තිබුන නිසා එතනට එලෙව්වට පස්සේ අපි බලකොටුව  අලුත්වැඩියා කරන්න කටයුතු කලා. මුල්කාලයේදී ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට  අවශ්‍ය ද්‍රව්‍ය පවා මිලදී ගත්ත. යූදේන්රාත් (යුදෙව්වන් ගෙන් සැදුම් ලත් කමිටුවක්. විශේෂයෙන් ජර්මනුන් ආක්‍රමණය කරන ලද පෙදෙස්වල) කමිටුවෙන් තමයි මෙහෙයෙව්වේ. ඔක්කොම් අවසන් වුනේ ඉතා දරුණු ලෙස. යුදෙන්රත් එක දිගින් දිගටම වගේ බෙලරුසියානු පොලිසියට මුදල් ගෙව්වා. උන්ගේ හිටියා මහා එපා කරපු කපටියෙක් පොලිසියේ ස්ථානාධිපති විධිහට. මට උගේ නම මතක නැහැ. ඌ අපට පොරොන්දු වුනා "ක්‍රියාන්විත " වලින් - තේරුණා නේද මම කියන්නේ මොකක් ගැනද කියල - ගෙටෝවේ ඉන්න අපට මුකුත් වෙන්නේ නැහැ කියල ඌට අල්ලස් දෙනකම්. ඒ වෙනකොටත් අහල පහල ගම්වල යුදෙව්වන් විනාශ කරලා ඉවරයි කියල අපි දැනගෙන හිටියේ. යූදේන්රාත් එක වෙලාව එනකන් ඇඟිලි ගැන ගැන උන්නේ, අර වාචාලය අපට කිසි උදව්වක් කරන්නෙත් නැහැ කරන්නත් බැහැ කියල අපි දැනං උන්න. ඌ අපෙන් සල්ලි හෙව්වා විතරයි. හැබැයි ඒ වෙනකොට කාගේ අතේවත් සල්ලි තිබුනේ නැහැ. ගෑණු තමන් ස්වර්ණාභරණ හැටියට අන්තිමටම  ඉතුරු කරගෙන හිටි මඟුල් මුද්ද පවා දුන්න. මගේ මුද්දත් මම දුන්න. මම හැම විස්තරයක්ම දැනන් හිටියේ නැහැ ඒ වෙලාවේ, දැන් ඉතින් ඒකෙන් ඇති වැඩකුත් නැහැ."

"සමහර  අය ඇත්තටම හිතන් හිටිය පැවැත්ම මුදලට ගන්න පුළුවන් කියල. එනිසාම තමයි බේරිලා පැනලා යන්න යෝජනා කරපු වෙලේ ඒ ගැන ප්‍රජා සභාවක් කැඳෙව්වාම කට්ටිය දෙකට බෙදුනේ. භාගයක් පැනල යන්නත් ඉතිරි භාගේ ඊට විරුද්ධවත්. විරුද්ධව හිටි අය විශ්වාස කළේ පැනල යන්න තැත් කළාට පස්සේ ඉතිරිව ඉන්න අය භයානක පීඩාවකට පත්වෙයි කියල. හැබැයි දේවල් නිකම් පිඩාවක ට පත් කිරීමෙන් එහාට ගිහිල්ලයි තිබුනේ, තේරුනාද. පලායාම සංවිධානය කළ අය අතරේ සම්පුර්ණයෙන් කැපවුණු  නියම සටන්කාමීන් හිටිය.  ඔවුන්ට අවශ්‍ය වුනේ මුහුණට මුහුණලා සටනක්. ඔවුන්ට නගරයෙන් සහයෝගය තිබුනා වගේම සනවී සටන් කරන ගරිල්ලන් ගේ සහයෝගයත් තිබුන. අපි ඒක දැනගෙන හිටියේ නැහැ ඒ වෙලේ. ඇත්තටම කියනවනම්, හැමදේම සංවිධානය කලේ ඩිටර් කියලා තරුණ  ජූවෙක්. ඔහු ගෙස්ටාපෝ (හිට්ලර් ගේ රහස් පොලිසිය) එකේ පරිවර්තකයෙකු හැටියට වැඩ කළා.  මොන විධිහකින් හරි තමන් ජූවෙක් බව ඔහු දක්ෂ ලෙස සඟවා ගෙන හිටියේ. ඔහුව පස්සේ  අත් අඩංගුවට ගත්තත් පලා  යන්න සමත් වුනා. "

එක්වරක, යුද්ධය අවසන් වෙන්න ඔන්න  මෙන්න කියල තිබෙද්දී ඔහු චෝර්නයේ පුශේ වල අපේ කඳවුරට ආව. එයා රුසියානු ගරිල්ලා කණ්ඩායමක සටන් කරමින් හිටිද්දී එළදෙනක් සමග අප වෙත එවා තිබුන. එක්කෝ ගරිල්ලන් එළදෙන මිලයට අරන් තිබුන, නැත්නම් බලෙන්ම අරන් තිබුන. එයාල අපේ මස් වෙළෙන්දෙකු ලෙස කටයුතු කළ තරුණයෙකුට කීව එළදෙන මරල එයාලට සොසේජස් හදල දෙන්න කියල.  ඩිටර් එළදෙන එක්ක ආවහම අපේ මිනිස්සු ඔහුව හඳුනා ගෙන ප්‍රීතියට පත් වුනා. කවුරුහරි සමගොන් (කසිප්පු වැනි බීමක් ) ගෙනාව. ඔහු ගස් කොටයක් උඩ වාඩි වෙලා ක්‍රිස්තුස් ගැන කථා කරන්න පටන් ගත්ත. මිනිස්සු එකිනෙකා දිහා බලන්න ගත්ත.   ක්‍රිස්තු ගැන කතා කරන එක වගේ තවත් මෝඩකමක් ගැන හිතා ගන්නවත් බැහැ ඒ වගේ වෙලාවක. මට හිතුන ඔහුට පොඩ්ඩක් වෙන්න පිස්සු කියල. විශ්වාස කරන්න පුලුවන්නම්, ඒ  වනවිටත් ඔහුව බැප්ටයිස් කරලා, එයා ළඟ සුරුවම් වගයකුත් තිබුන. හුඟක් අමාරුවුනා විශ්වාස කරන්න මේ අර පලායාම සංවිධානය කරපු කෙනා කියලවත්. එතකොට 1945 මුල් කාලේ, නිදහස ලබල අපි හැමෝම ඔහුත් සමග පෝලන්තයට පළමු දුම්රියෙන්ම ගියා. මට කවුරු හරි කිව්වා ඔහු යුද්ධයෙන් පස්සේ කතෝලික පිය තුමෙක් වුනාය කියල. "

 "එදා ඒ දෛවෝපගත දිනයේ පලායාමට කලින් රාත්‍රිය වාදය  කොච්චර තියුණු වුනාද  කීවොත් එකිනෙකාට ගුටිබැට  දෙන්න පවා ගත්ත. අවුරුදු අසූවක් විතර වන නුවණැති මිනිහෙකු වූ  රබී ශිර්මන් තමයි රණ්ඩුව නැවැත්වුවේ. ඔහුට පුරස්ථි පිළිකාවක් තිබුන නිසා ඒ බලකොටුව තුලදීම ශල්‍ය කර්මය කලේ ඉසාක්. මොන ශල්‍යකර්මද එතන, කැතීටරයක් දැම්ම එක විතරයි කළේ.  රබී පුටුවකට නැග්ග ගමන් හැමෝම නිහඬ වුනා. ඔහු කීව ඔහු කොහෙවත් යන්නේ නැහැ, මෙතනම ඉන්නවා. යන්න ශක්තියක් නැති අය  හිටපු දෙන්. ශක්තිය තියෙන අය පලා ගියදෙන්.  ඉසාක් කිව්වා අපි යනවා කියල. ඒ වගේම අපි ගියා. උඹේ අම්ම  පුතත් එක්ක ගියා, නෞම් හිටිය. එතකොට කවුරුත් දන්නේ නැහැ එයා බඩ ගැබ්බරයි කියල. ඉසාක් දැනගෙන හිටිය, මොකද එයා ආව ගබ්සාවක් කරගන්න  ටික දිනකට කලින්. ඉසාක් එය ප්‍රතික්ෂේප කළා දවස් පැනල නිසා. 

එස්තර් ඇගේ හිස තීරණය නිවැරදි බවක් පවසන්නට මෙන් සෙලවූවාය.    

"ඉතිං බලන්නකෝ, එයා හරි තමා, කොපමන හොඳ දැරිවියක්ද ඉපදුනේ. ඒ මදිවට ජිවත් වුනා. එස්තර් සිටියේ දැඩි විඩාවකින් පෙළෙමින් බව දුටු මම නැවත හමුවීමට ගිවිස ගනිමින් නික්ම ගියෙමි. මම අමුතුම හැඟීමකින් පෙළෙමින් සිටියෙමි. මට මගේ පියාගේ ජිවිතයේ සෑම සිදුවීමක්ම  ගැන දැනගැනීමට මහත්සේ අවශ්‍යව තිබුණු මුත් මා දැන් එයට බිය වීමි. එක අතකට දැඩි  දැන  ගැනීමේ ආශාවත්, අනිත් අතට  දැන ගැනීමට ඇති බියත් එකට පැන නැගුණි. මම හැම විටම අතීතයේ ගැලවෙමින් සිටි මුත් ග්‍රීෂා මුණ ගැසීමෙන් පසු එය නැතිව ගියේය. ඒවා නම්  ඒ පෝලන්තයේ සගොර්ස්ක් ළමා  නිවාසයේ සිටි කුඩා දැරිය , පසුව සෝවියට් අනාථ නිවාසයේ හැදී වැඩුණු ඇය තව දුරටත් මා යැයි නොසිතුණි.  මට එය පෙනුනේ අතීතයේ දුටු සිනමා පටයක කොටසක් මෙනි.  නමුත් දැන් මට ඒ සියල්ල දැන ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.  මට තවමත් සිතේ මවා ගැන්මට අපහසුව ඇත්තේ  තරුණ කාන්තාවක් , දරුවන් දෙදෙනෙකුගේ මවක් ඔවුන් අනාථ නිවාසයකට භාර දුන්නේ කෙසේද යන්නය. මා නොදන්නා තවත් දෙයක් තිබෙන බව මට හැඟේ.

~ මතු සම්බන්ධයි 

ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි.

- පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

14/06/2023 

Sunday 4 June 2023

ලක්ෂ පහ පැන්නීම



මේ බ්ලොගය පටන් අරගෙන ලියපු මුල්ම ලිපිය තමා "අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?" කියන දේශපාලන ලිපිය.  ඒ ලිපිය පල  කලේ  2013 ජනවාරි නම වැනිදා. දැන් 2023 මැයි 26 කියන්නේ බ්ලොගය පටන් අරගෙන අවුරුදු දහයකුත් මාස පහක් විතර. ඔන්න ඉතින් මේ අවුරුද්දේ බ්ලොගයට ආපු සංඛ්‍යාව ලක්ෂ පහක් පැන්නුව.  මම හිතන් හිටියේ ඔය සංඛ්‍යාවට ආවහම ලියන එක නවත්වන්න. හැබැයි එක අතකට හිතුන එහෙම කරන එකෙත් තේරුමක් නැහැ කියල. හොඳ නරක දෙකම සිද්ධ වුනා මේ බ්ලොග් ලියද්දි. නමුත් හොඳ පැත්ත  නරකට වඩා වැඩියි කියල හිතෙන්නේ.

හොඳ පැත්ත බැලුවොත් ලිපි 592 ක් ලියල තියනවා. ඒ අනුසාරයෙන් පොත්  තුනක් පල කළා. "පොල් කට්ටෙන් එපිටට", "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" තමයි ඒ. 

ඒ පොත් එලි දක්වනකොට  බ්ලොග් ලෝකයේ බොහොම දෙනෙක් ආව. "පොල් කට්ටෙන් එපිටට" එකට උදව් කලේ චූලානන්ද සමරනායක සහෘදය. ඒකට සුමිත් කලණසිරි යාපා, ඉවාන් සංවිධානය පැත්තෙන් උදව් කළා.  මාතලන්, මහේෂ්, දුලිප්, කටුස්සා, බස්සි, ඔමායා, කසුන්, සුදීක, බෝධිනී, නුවර කුමාරි,  රසික, බිබිසිඑකේ  චමින්ද,   සහ මගේ පරණ යාලුවෝ උපුල්, හේමාලි, ඒ වගේම දීප්ති ආදී නම් කී නොකී පැමිණි සියල්ලන්ටම  ස්තූතියි අදටත්. ත්‍රිකෝණ ය ශාලාව  ලබා දුන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය, චුලා හඳුන්වා දුන්නට පස්සේ.  





බ්ලොග් සම්මාන  උළෙලවල තුනක් පවත්වන්න හැකි වුනා නොයෙකුත් හැල හැප්පීම් මැද.  හුඟක් අය කියනවා බ්ලොග් සම්මාන නිසා  බ්ලොග් ලෝකේ නැති වුනා කියල. නමුත් ඒක  පටන් ගත්තෙම  බ්ලොග් ලෝකේ මධ්‍යකාලින බ්ලොග්   කාරයෝ හා ආදී කල්පික බ්ලොග් කාරයෝ අතර ගිය මාරාන්තික වලිය නිසා හුඟක් අය බ්ලොග් ලිවිම නැවැත්තුව කාලෙක කියන එක හැමෝටම අමතකයි. ඒ කාලේ වෙන කොට  බ්ලොග් ඇදන්  ගියේ මාතලන්, කතන්දර කාරයා (රසික), බස්සි, බෝධිනී  හා තව  කිහිප දෙනෙක් පමණයි. ඒ 2015 විතර. 

සම්මාන උළෙල වල් තුනම  හොඳට වුනා  කියන එකයි මගේ අදහස. ඒකට නොයෙකුත් චෝදනා ආපු එකත් ප්‍රශ්න තිබුණු එකත්  ඇත්ත. අතපසුවීම් වුනා. අපට ලංකාවේ තත්වයන්ට අනුව ක්‍රියා කරන අන්දම ගැන පුහුණුවක් නොතිබීම සහ සමහර වෙලාවට හැම දෙනාවම  විශ්වාස කිරීමත්  ප්‍රශ්න ඇති කළා. නමුත් අද වුනත් ඒ සම්මාන උළෙලවල් පැවැත්වීම ගැන පසු තැවීමක් නැහැ. සමහරු චෝදනා කරන පරිදි සම්මාන උළෙල කිසි ලෙසකින් වත්  පක්ෂග්‍රාහී වුනේ නැහැ. ඒ චෝදනාව කෙරුවේ හෝ කරන්න පරණ ජවිපෙ සපෝටර් කෙනෙකු හා බයි සහෝදරයෙකු පමණයි කියල පසුව දැන ගන්න ලැබුණ. ඉයන්, සුමිත්, දිමුතු (කටුස්සා) , මාධව , ප්‍රසන්න ඇතුළු බොහොමයකගේ උදව් ලැබුණ.

සියමා පොත පල කරන කොටත් ඒ බ්ලොග් සහෝදරත්වයම නැවත හිටියා උදව් කරන්න.තරංගනී රෙශිකා ,  ප්‍රගීත් අනුරාධ, දිලිනි කාරියකරවන, නන්දන වීර රත්න, දීප්ති ගුණරත්න,  නිපුන ප්‍රනාන්දු   ඇතුලු කට්ටියක්ම ආව, කතාපවත්වන්න , සින්දු කියන්න වගේම. සහභාගිත්වයට රන්දිකා ළමයි තුන්දෙනත් එක්ක ආව, සුමිත්, ප්‍රා බෝධිනී යුවල, ධම්මික, පද්මිණි, ඉයන්  ඇතුළු නම් නොලියවුණු සියල්ලමට ස්තූතියි.







තුන්වැනි පොත සඳහාත් මේ බ්ලොග් සහෝදරත්වය ඒ වගේම සහයෝගයක් දුන්න.  ඒ අතරේම් සුනිල් විජේසිරිවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර, රාමනායක සමග රුසියානු මධ්‍යස්ථානයත් අමතක කරන්න බැහැ.  


මේ කෑල්ල පස්සේ එකතු වෙන එකක්. මෙන්ඩා අපිත් එක්ක ආව එක බ්ලොග් සම්මාන උළෙලක් ඉවර වෙලා. මගේ පන්ති සගයකු වන RK විතානගේ සහ මල්ලිත් හිටිය. මොන හේතුවකට හරි කොත්තු කාල ඉවර වෙලා එනකොට වෑන් එක ස්ටාර්ට් වුනේ නැහැ. මෙන්ඩයි අපියි තල්ලු කළා.  ඔහොම පොඩි පොඩි කෑලිත් තිබ්බ.

බ්ලොග් යාළුවෙකු වන සුදීක හෙවත් දිල්රුක් හොඳ යාළුවෙක්. දේශපාලන වශයෙන් අපි දෙන්න අහසයි පොළොවයි වගේ. ඒ වුනාට සුදික අගය කරනවා අපි කරපු දේවල්. 

ලන්ඩන් පොත් එලි දැක්වීම් ගැන ලියන්න අමතක වුනා. විජිත ගුණරත්න ස්වීඩන් ඉඳන් ආව. සරෝජ් පතිරණ, අරුණ පෙරේරා, සුදත්, සේනක, වරුණ, මහින්ද , දුෂාන්ත සහ විපුලි, බුද්ධික සහ ප්‍රියන්වදා, කුමාර, මායා, නුවන්, ආශා , නිල්  සහ    මගේ පවුලේ අය  සහභාගී වුනා පොත් එලි දැක්වීම් වලට. නන්දන වීරරත්න ලංකාවේ සහ එංගලන්තයේ දෙකටම සහභාගී වෙච්චි කෙනෙක්.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ එකටත් සෑහෙන ප්‍රමානයක් සහභාගී වුන අතුල රත්නායක, සුබෝධ, සරෝජ්, මාකස්  ප්‍රියන්ත , ආශා සුරියබණ්ඩාර , විපුලි , අයුමිනි වික්‍රමරත්න  සහ පවුල ඒ අයගේ සහයෝගයටත් ස්තුතියි. 



ඒ දවස් වල පැරා, මාතලන්, එකොනමැට්ට , රාමචන්ද්‍ර මේ ලක්ෂ පහේ  සීමාව ඉතා පහසුවෙන් ඉක්මවල ලක්ෂ දහාය පන්නද්දී තමන්ගේම  වෙබ් අඩවි වලටසහ  ෆේස්බුක් එකට ගියා. ඉතින් එහෙම  දැවැන්තයෝ නොවන නිසා අවුරුදු දහයකට පස්සේ මේ ගාන ආපු එකත් ලොකු දෙයක්. 

මේ නිසා බ්ලොග් එකට ආපු සියලුම පාඨක යහළුවන්ට, හොඳ කියන්න ආපු ඇනෝ ලට, බනින්න  ආපු ඇනෝ ලාට සියල්ලන්ටම ස්තූතියි. හොඳ සංවාද හැදුනු තැන් බොහොමයක්ම තිබ්බ. නොතිබ්බ තැනුත් තිබ්බ.  හදා ගත්ත.

නරක දෙකට වුනානම් වුනේ ළමයි දෙන්නගේ ඉගෙනීම ගැන හෙම බලන එක මිස් වුනා බ්ලොග් සම්මාන කරපු කාලේ. ලිවීමට ඇබ්බැහි වුනා. සමහර අභූත චෝදනා ආව. 

ඉතින් නවත්වනවද බ්ලොග් එක- මේක ටිකක් හිතන්න ඕනේ කාරණයක් ෆේස්බුක් එකේ ලියල පබ්ලික් දාන්න මම කැමති  නැහැ. මොකද මතභේදයට තුඩු වන දේවල් බ්‍රිතාන්‍ය නීතියට අනුව ලියන එක ටිකක් අමාරුයි. එහෙම එකක් බැරි වෙලාවත් වැටිලා  කාගේ හරි හිතට අමාරු වුනා කියල පැමිණිල්ලක් ආවොත් රස්සාව දමල ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා ෆේස්බුක් එකේ මම ලියන ඒවා හුඟක් දාන්නේ යාළුවන්ට  විතරයි.නැත්නම් සිංහලෙන් කියවන අයට විතරයි. ඒ නිසා බ්ලොග් එක තියා  ගන්න වෙනව.

හැබැයි මට පොඩි writer's block එකකුත් ඇවිල්ල තියෙන්නේ. රුසියාව , යුක්‍රේන යුද්ධය ගැන ලියන්න බැහැ . එක පැත්තක් හරි කියල නම් ලිව්ව හැකි බය නැතිව. මධ්‍යස්තව ලීවොත් ඒ යුද්ධේ  දෙපැත්තට ඉන්න දෙපැත්තම  තරහ වෙනවා. රුසියාවේ පැත්තට ලියන එක භයානකයි මොන බාසාවෙන් වුනත් මේ යන විධිහට.  රජ පවුල ගැන විවේචනාත්මකව ලීවොත් සමහර ලිබරල් කියලා පෙනී ඉන්න අයට තරහ යනව. උන්ට තියෙන රාජාණ්ඩු වාදී මානසික ව්‍යාධිය මට නැති නිසා.  සෝවියට් දේශයේ ඉගෙන ගත්ත නිසා ඒ  කඳවුර  ගැන විවේචනාත්මක ව ලියන්න බැහැලු. එංගලන්තේ ජිවත් වන නිසා මේ රට ගැන  විවේචනාත්මක ව ලියන්න බැහැලු. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඒ ලෙවල් වනකන් ලබපු නිසා  විවේචනාත්මක ව ලියන්න බැහැලු. අනික පිටරට  ඉඳන් උපදෙස් දෙන්නත් ලියන්නත් බැහැලු. ඒ නිසා මේ බ්ලොග් එකේ ලියන දේවල් සීමා කරලා මොන මාතෘකා යටතේද ලියන්න කියල පාඨක ප්‍රජාව ගෙන්ම තමා අහන්න වෙන්නේ.

අනික ජිවිතේ ගැන ලියන්නත් කම්මැලියි. ඉදිරිය ගැන කිසිම ඇම්බිෂන් එකක් නැහැ. මේ  ඉන්න  විධිහට කූල් එකේ ඉඳලා  මැරිලා යන්නයි ඕනේ. මැරෙන එක වුනත් පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්නේ අම්මා තවම ඉන්න නිසා. දුවල දෙන්න හුඟක් ස්වාධීනව හදල තියෙන්නේ. උන් දෙන්නට මං නැතිව ජීවත් වෙන්න පුළුවන්. බිරින්දෑට වුනත්  අවුලක් නැහැ. මේකෙන් කියන්නේ නැහැ  අපි අතරේ ආදරයේ අඩුවක් තියෙනවා කියල. ඒවා හොඳට ලැබෙනවා. නමුත් මේ යන්නේ ජිවිතේ කියන එකේ බෝනස් දවස් ටික කියල හිතෙන  නිසා අලුතින් කරන්න ඕනේ කියල හිතපු  දේවල් ඔක්කොම නවත්වල තියෙන්නේ. ඒ වෙනුවට සංචාරය, පොත් කියවීම, පුළුවන් තරම් නෙට්ෆ්ලික්ස් චිත්‍රපට බැලීම තමා වැඩිපුරම කරන්නේ. 

අළුතින් අදහසක් ආවොත් අටපට්ටමට,  සොරි බ්ලොග් එකට ලියන්නම්. 

කාව හරි ගැන ලියන්න මතක වුනානම් සමාවෙන්න. 
එතකන් පොඩි තිතක් තියමු නේද?

 




Friday 26 May 2023

දියුණු වෙන්න ඕනෑ නම් හලපන් පරණ ආගම


මේ  මගේ බ්ලොග් එකට ඇනොනිමස් පාඨකයෙක්  දාපු ප්‍රතිචාරයකට මම දුන් පිළිතුර ටිකක් මොඩිෆයි කරලා ගත්ත. 

මේක මැදහත් සිතින් කියවන්න. මොකද දැන් වෙන දේ මොකද්ද , සිදුහත් කුමාරයාගේ සීන් එක මොකදද කියල කියෙව්වම තේරෙයි.

 මගේ බ්ලොග් ලිපි සෑහෙන දුරට කියවල තිබ්බ නම් ඕන කෙනෙකුට  තේරෙන්න ඕනේ මම සිංහල බෞද්ධ ජාතිවාදියෙක් නොවන බව. කොටින්ම මම සිංහල බෞද්ධයෙක් නෙමේ. මම ඒ යෙදුමටත් කැමති නැහැ. බෞද්ධයෙකුට සිංහල, දෙමල, තායි ආදී වෙන්න බැහැ කියන එකයි මගේ අදහස. ලංකාවේ උතුරේ දෙමළ බෞද්ධයෝ ඕන තරම් හිටිය.  බෞද්ධ කියන්නේ බෞද්ධාගම පිළිපදින හෝ බුදුන් සරණ ගියේ කෙනකු පමණයි.  මම බුදුන් සරණ ගිය නිරාගමිකයෙක්.  හරි  දැන් ඒක පැත්තකට දැම්මොත් ඔය අන්තවාදී අන්‍යාගමික කියල හංවඩු ගහන කට්ටිය දිහා බලමු.  ඕක එන්නේ මෙන්න මෙහෙම.

 දකුණු කොරියාවේ ඉතිහාසය රැගෙන බලන්න. කොරියන් යුද්ධය ඉවර වුනාට පස්සේ ඒ රට පට්ට දුප්පත්. ඇමෙරිකන් ආධාර එව්වට එතරම් වැඩක් වුනේ නැහැ. කිම් ඉල්  සුන් ගේ උතුරු කොරියාව ඊට වඩා ටිකක් වෙන්න බලවත්  ඒ කාලේ.  පස්සේ අමෙරිකාවෙන් යැව්වලු විද්වතුන් කට්ටියක් හේතුව හොයන්න. ඔවුන් හොයා ගත්ත හේතුව මොකක්ද දන්නවද? 
ක්‍රිපූ  372 ඉඳන් පැවත එන බුද්ධාගම, ඒ වගේම පැරණි  කොන්ෆියුසියස් ආගම, හා ඇමෙරිකාවට ගැති නැති වතිකානයෙන් පාලනය වන කතෝලික ආගම - මේ තුන තමා රටේ දියුණුවට බාධා කරන්නේ. ඒ කියන්නේ ඒ ඒ ආගම්  හා දර්ශනයන් තුල  උගන්වන්නේ අල්පේච්ච ජීවිතයක් ගත කරන හැටි, මරණින් මතු දෙව් සැප ලබන හැටි,   ලාභ ගැනීමට වඩා  අසල්වැසියාට උදව් කිරීම හා ප්‍රේම කිරීම වඩා වැදගත් වන හැටි වගේදේ කියල. ඇත්තටම ලංකාවේ විතරක් නෙමේ ඔර්තොදොක්ස් ක්‍රිස්තියානිය තියන ග්‍රීසිය  වැනි රවල මොනස්ටික් හෙවත් තපස්  ජිවිත තියෙනවා. කැලෑ වලට වෙලා තපස් රකින ජිවිත.   ඉතාලිය වගේ රටවලත් එහෙමයි.   අමෙරිකාව දෙවන ලෝක යුද්ධෙන් පස්සේ  මාෂල් ප්ලෑන් එක යටතේ ජර්මනියට සහ ජපානයට උදව් කලා. ඔවුන් වටහා ගත්ත  ජර්මන් කාරයන්ගේ ඔය අනම් මනම් දේවල් නැහැ මේ ආත්මේ ජොලියේ ඉඳල මැරෙන්න උන්ට ඕනේ. ඒ නිසා උන්,  උන්ටයි, උන්ගේ ළමයින්ට අනාගතයේ හොඳට  ඉන්න රටක් හැදුව කියල,  අර හිට්ලරයා යුද්දෙට ගිහින්  විනාශ කරලා දාපු රට තුලින්.  ඒ වගේම ජපානේ දැක්මත් වෙනසකට භාජනය වුනා . ඒක වර්තමාන ජීවිතය අගය කරන එකක් වුනා. පරණ දේවල් වලට මරාගෙන මැරෙන සමුරායි ක්‍රමය හෙම වෙනස් වුනා. නැති වෙලාම ගියා.  උන් දියුණු වුනා.ඕව සැලකිල්ලට අරගෙන අලුත් ක්‍රිස්තියානි ආගම් සමූහයක් ඉම්පෝට් කරලා  හඳුන්වා දුන්න කොරියාවට . ජෙරෙමි ප්‍රනාන්දු වගේ කට්ටිය, ඊට අමතරව හුලංදාවේ හාමුදුරුවෝ වගේ බෞද්ධ කියල නමින් ඉන්න ව්‍යාපාරිකයෝ සෙට් එක ඊට  කලින් හැදුනේ ජපානේ. ජපානේ  හාමුදුරු  ගොල්ලට කසාද  බඳින්නත් පුළුවන්. මගෙමෙව්නා උන්දැගේ තලිබාන් සෙට් එකත් මේකට ගැලපෙනවා. බිල්ඩින් හදන හැදිල්ලට.   
හොඳට බලන්න , ජෙරෙමි විතරක් නෙමේ හුලන්දාවේ   උමන්දා බුදු වරයා උපන් දින සාද  දාන හැටි. මෑන් පෙන්වනවා නේද සතුටෙන් භෞතික දේවල් වලින් සැප අරන් ජිවත් වෙන හැටි. ව්‍යාපාර කරන හැටි.  බුදු හාමුදුරුවෝ වුනත් ජාතක කතා වල ඕව ඕන තරම් කියල තියනව. 

ඉතින් ඇමෙරිකන් විද්වත්තු මේ ජර්මන්, ජපන්  සිස්ටම්  එක වැඩි දියුණු කරලා අඳුන්වල දුන්න දකුණු කොරියාවටත්. ප්‍රතිපලය  වුනේ   බෞද්ධාගම අදහන කට්ටිය 15% පමණ අඩු වීම. ආගමක් නැති එවුන්, ඒ කියන්නේ මේ මන් වගේ නිරාගමික සෙට්  එක 50% ට වැඩියි. හොයල  බලන්න.   අනිත් සම්ප්‍රදායික ආගම් වලටත් ඒක වුනා. කොරියාවේ ඔය නිකන් පල්ලි ගීතිකා වලට  නටන ක්‍රිස්තියානිය සහ නාමික ආමිස පූජා බුද්දාගම පැතිරුනා.   කොරියන් මිනිස්සු ජීවිතය දිහා බලන විධිහ වෙනස් කළා. උන් හැදුව උන්ට එදිනෙදා හොඳට ජිවත් වෙන්න පට්ට රටක්. දැන් අපේ එවුනුත් යනව එහෙ වැඩ කරන්න. එක්කෝ ඔයාල ජෙරෙමියා සරණ යන්න. නැත්නම් උමන්දා බුදුන් ගේ සරණ යන්න. ලෞකික ජීවිතය සැපවත් කර ගන්න. නැත්නම් අල්පේච්ච වෙලා අනම්  මනම් නොකියා, තියෙන දෙයක් තම්බගෙන කාල  ඔය ඉන්න විධිහට ඉන්න.  තේරුනා නේද/ 

අර නංගිට කියන්න තියෙන්නේ ඉතින්,   යකෝ සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිද්ද එකටයි, අග්ගෝ හමස්මි කියල බාසාව දාපු එකටයි,  කන්‍යාවන්ව දෙයියෝ ඇවිල්ල ගැබ්බර කරන එකටයි අපි හිනා වුනේ දෙකේ පන්තියේ ඉඳන් කියල. 

අජිත් ධර්මකීර්ති - 27/05/2023 


//Modern Asia is an example of concentration of the rapidly developed countries with the help of human intelligence. South Korea, Singapore, Malaysia and Japan are among such countries. South Korea showed the intense economic growth and has taken stable niche in a global technology market. This paper is about my analysis of the religious life of the South Korean people as it plays a universal role in the social life. Particularly, analysis focus on the power weakening of Buddhism and declining trend of Buddhist population in modern South Korea. The statistical analysis revealed that the number of Korean Buddhist people is expected to decrease by 4.8% between 2010 and 2050 years; however, China displays stable tendency for the same indexes (1). The following paragraphs investigate the angles of the mentioned propensity in South Korea and draw the parallels with the origins of Korean Buddhism if applicable.//

Project coordinator

U.S. Department of State

 - Present2 years 7 months

Sri Lanka

An interactive English Language program for underprivileged kids in Grade 7 and 8 in four different districts . I work as the part time Project Coordinator
Duties : Coordinating the recruitment process. Liason with regional teachers. Coordinating the Monthly webinar. Translation, Documentation and Virtual assistance.



Saturday 20 May 2023

ලංකාවේ ලිබරාටි බයියන් , රබයියන්, සබයියන්, ජබයියන් සහ පෙබයියන් - මුන් ඔක්කොම බයියෝ මල්ලි


ලංකාවේ සමහර ලිබරල් කියල පෙන්නගෙන ඉන්න එවුන් ගැන කලකිරීමටත් වඩා මට දැන් ඇත්තේ  දැඩි සැකයකි. 
 
මේ ලිබරාටි උන්ගන් සමහරු "අනේ ජෙරී අයියා /මල්ලි වැරදි දෙයක් කීවේ නැහැනේ" කියාගෙන ජාම  බේරා දීමට හදැති. සමහර විට  ඔවුන්ගේ  වෙබ් අඩවි පවා දුවන්නේ ඒ සල්ලි වලින්  වීමේ සම්භාවිතාව නිසා විය හැක. . මේ ලිබරාටිලාගෙන් සමහරු කාන්තාවන්ට ගේ රැකියා ආදියේ දී සමතැන් දීම  පිළිබඳවද දරන්නේ අමුතු ප්‍රතිගාමී අදහස් ය. මේ ඉන්නේ ලිබරාටි  බයියන්ය. 

රාජපක්ෂ බයියන් දැන් රනිල් නිසා රබයියන් වී ඇත. රබයියන් ආණ්ඩුවේ ඕනෑම තීරණයකට එකඟය. බදු ගැහැව්වද කමක් නැත. රබයියන් රනිලේ ගේ ප්‍රගතිශීලි තීරණ වලට මෙන්ම  මර්දන කාරී නීති වලටද එකඟය. 
  
 ජවිපෙ ලේබල් ගහගෙන  සිටින ජබයියන් සිටිති.  ජෙරෙමියාහ්  කේස් එකේදී බොදු බලේ සහ සිංහල ජාතිවාදය පෙන්වා ජෙරී අයියා බේරීමට පෝස්ට් දමති. බොදු බලේ , ඩෑන් ලා සහ මෙකී  නොකී ජාතිවාදී සංවිධාන, ඕනෑම ආගමික අන්තවාදී සංවිධානයන්   , ආගමික බොරු දෙසන්නන්, ඔය සියල්ලන්ටම එක සේ විරුද්ධ විය යුතු බවට ජබයියන්ට තේරෙන්නේ  නැත.

ලඟදි යහළුවෙකු දැමූ පෝස්ට් එකක කියැවුනේ මුන් හැමෝටම අධික බදු ගැසිය යුතු බවය. ඒ අදහසට මම සම්පුර්ණයෙන්ම එකගය. ජෙරී අයියා , හුලන්වේදා අයියා , උඩු මෙව්නාවේ අයියා  ඇතුළු සියල්ලන් ගෙන්ම  බදු ගැසිය යුතුය.

මුස්ලිම් හෝ වෙනත් සුළු ජාතික යන් ගේ අතින්, ඔවුන්ගේ ලිඩර්ස් ලා අතින්  වැරැද්දක් කරන්නේ නම් එය නොදැක්කා  සිටින බයියන්ද සිටිති. පෙබයියන් බොහෝ විට තමන් වඩා ප්‍රගතිශීලි බවත් කුමාර් අයියා ඒ කාලේ  යුද්ධයට පක්ෂ වුනාට අපි දැන් යුද්ධයට විරුද්ධ බවත් පෙන්වමින් පෙරටුගාමී පෝස්ට් දමති. එසේම සමහර  හාමුදුරු ගොල්ලන්ගේ   වැරදි පමණක්  පෝස්ට් කලාට අනිත් දේවල් නොදැක්කා සේ සිටිති. එසේ  සිටින අයට කියන්නේ පෙබයියන් කියාය.

අන්තිමට බලාගෙන ගියහම මුන් ඔක්කොම බබයියන්ය.  





අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.


එංගලන්තයේ කම්පැනි හවුස් වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට ලබා ගත හැක. 

පහත සඳහන් විස්තරය විකිපෙඩියා වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට ලබා ගත හැක.
Uebert Angel (born Uebert Mudzanire;[4] 6 September 1978) is a controversial British-Zimbabwean Businessman who has been implicated in fraud, money laundering and racketeering after undercover journalists filmed him arranging to smuggle gold and cash using his diplomatic passport.[5] His name appears on a US Department of Justice list along with 9,612 other people who paid for fake degrees.[6][7] He is an evangelical preacher and the founder of Spirit Embassy, a Pentecostal ministry in the United Kingdom.

He is also the Presidential Envoy and Ambassador At Large for the country of Zimbabwe to Europe and the Americas.[8][9] He is commonly referred to as Prophet Angel[10] and also formerly known as Uebert Angel Mudzanire.[11][12][13][14]The church was founded in 2007 as "Spirit Embassy" and in October 2015 it rebranded its name to "Good News Church", retaining "Spirit Embassy" as a term for Angel's overall ministry.[15][16]






Wednesday 17 May 2023

ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි

ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි *******************************************************
ජෙරෙමි මල්ලි
ජෙරෙමි මල්ලි හෙවත් පාස්ටර් ජෙරෙමි ගැන හුඟක් කතා වෙන නිසා වෙබ් සයිට් එකට ගිහින්  බැලුව. සාමාන්‍යයෙන් ජෙරෙමිලා බුද්ධාගම, ක්‍රිස්තියානිය  ගැන කියන කතා හෝ  හුලන්දාව, උඩුමෙව්නාව  ආදියේ කට්ටිය කියන කතා මම වැඩිය ගණන් ගන්නේ නැහැ. මොකද ඔහොම  එක පාරටම උඩට නැගලා  එන, මාර ලස්සනට  තර්ක කරන, හොඳ  ගොඩ නැගිලි,  වගා ගොවිපළ  ආදිය තියෙනවා කියන්නේම  ලක්ෂ 50 හේ ගොඩ නැගිල්ලට ලක්ෂ 100 දාල 50 ක් පුණ්‍යාධාර හැටියට සුද්ධ කරලා දෙන තැන් කියල හිතෙන  නිසා.   

හරි දැන් කියන්න ගිය කතාව. ජෙරෙමි මහත්මයා ගේ වෙබ් අඩවියේ තියෙනවා එතුමාණන් වහන්සේ එංගලන්තේ ආගමික විශ්ව විද්‍යාලයක  චාන්සලර් හෙවත් කුලපති කෙනෙක් කියල. " He is the Chancellor of Osborne University of Theology, UK, appointed by his Spiritual Father, Prophet Uebert Angel." ගිහින් බැලුවා. 

එහෙම විශ්ව විද්‍යාලයක් තියනවද කියල. තියෙනවා නේන්නම් වෙබ් එකේ හෙවත් වර්චුවල් අවකාශයේ. ඒකේ  නිර්මාතෘ ඌබට් අයියා හෙවත් පපට් සොරි සමාවෙන්න ප්‍රොපට් ඌබට් ඒන්ජල්. අනාවැකි කියන හෙවත් වක්තෘ  ඌබට් ඒන්ජල්. එයා ඉන්නේ සිම්බාබ්වේ කියන රටේ. පට්ට දූෂිත පාලනයක් තියන අප්‍රිකාවේ රටක්.  බලමු මේ කවුද  කියල.  ඌබට් අයියා ලෙහෙසි පහසු පොරක් නෙමේ. මේ එයා  ගැන ලියල තියෙන එක,  ඒ වෙබ් එකේ. 
"Citizen and resident of the UK, Angel went on to attend Salford University in Greater Manchester. He received two degrees in Finance, achieving student of the year on campus. 

He is the author of eight books, including best-seller “Prayer Banks”. His most recent book, “Good News”, and top sellers “Supernatural Power of the Believer” and “Gods Medicine.”" මෙයා ඇවිල්ල සිරාවට පොරක් .  ඩිග්රි දෙකක්ම තියෙනවා.  මයින්ද රාජපක්ෂ මාතියත් ෆොටෝ එකක්  අරන් තියෙනවා එයා එක්ක. එයාට ඉතින් කැමරාවක් පෙන්නුවා කියන්නේ ඕනෑ ෆොටෝ එකකට ඔලුව දානවනේ.  දැන් මේ වෙබ් එකේ තියෙනවා ජෙරෙමි මහතා  ඒ විශ්ව විද්‍යාලේ කුලපති කියල. 
ඒ වුනාට  ඒකෙ තියෙන ගොඩ නැගිල්ල නම් වෙන විශ්ව විද්‍යාලයක එකක් වගේ පෙනෙන්නේ. 
මේ තියෙන්නේ පින්තුරෙ.

නියම විශ්ව විද්‍යාලයක් නේ. හැබැයි ඔය ගොඩ නැගිල්ල  තියෙන්නේ එංගලන්තයේ   ලිවර්පූල්  වල කියල තමයි ගුගලයා කියන්නේ.  මේ තියෙන්නේ ඇත්ත පින්තුරේ. 
ඒක උස්සල තියෙන්නේ මේ වෙබ් අඩවියෙන්.ෆොටෝෂොප් කරලා  තමන්ගේ විශ්ව විද්‍යාලයේ නම දාල වග පේනවා . මේ විශ්ව විද්‍යාලයේ, ගොඩ නැගිල්ලක් නැහැ. තැනක් නැහැ. තව හෙව්වා.(මේවගේ ඒවා ගොඩක් ලංකාවේ ලියාපදිංචි වී තිබෙනවා. එංගලන්තයට සම්බන්ධයි කියල. ඒක නිත්‍යානුකුල වෙන්න පුළුවන් ලංකාවට)  OSBORN INST. OF THEOLOGY LTD   Company number 10300131 කියල කම්පැනි එකක් ලියා පදිංචි කරල තියෙනවා එංගලන්තේ.පවුම් 100 කට. ඒක මෙහෙ පුළුවන් කරන්න. මිනිත්තු පහයි යන්නේ.   කම්පැනි එක ලියා පදිංචි කරලා තියෙන්නේ ඌබට් අයියගේ බිරිඳ ගේ නමින්. මිසිස් බෙවර්ලි ඒන්ජල්. ඔය උඩ ම පින්තුරේ ජෙරෙමි යි එයාගේ බිරිඳයි එක්ක ඉන්නේ එයා.  
වැඩේ මේකයි. මේ කම්පැනි එක තහනම් කරල තියෙන්නේ 2018 දී . මේ තියෙන්නේ විස්තර.

මේ තියෙන්නේ කම්පැනි හවුස් එකෙන් යවපු ලියුම. මේ මහත්තයා නැති  විශ්ව විද්‍යාලයක කුලපතිද එතකොට?

ගරු සිම්බාබ්වේ තානාපති අනාගත වක්තෘ  ඌබට් අයියා ලෙහෙසි පහසු කෙනෙක්  නෙමේ. විකිපෙඩියා එකේ තියෙන විධිහට ඌබට්ටා මහතා පට්ට පොරක්. මුදල් විශුද්ධි  කරණයට සහ හොරෙන් රත්රන් පැන්නීමට අහු වෙලා තියනවා මිනිහගේ තානාපති ගමන් පලපත්‍රය   භාවිතාකරලා. ඒ මදිවට  ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව කියනවා එයාගේ උපාධි බොරු  ඒවා කියල.  මේවානම් තනිකර ඇමෙරිකන් කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. අනික කවුද විකිපෙඩිය එකේ තියෙන ඒවා විශ්වාස කරන්නේ. බොරුවට මිනිසුන්ට පද හදනවා වෙන්න පුළුවන් ඉතින්. 😂

Uebert Angel (born Uebert Mudzanire;[4] 6 September 1978) is a controversial British-Zimbabwean Businessman who has been implicated in fraud, money laundering and racketeering after undercover journalists filmed him arranging to smuggle gold and cash using his diplomatic passport.[5] His name appears on a US Department of Justice list along with 9,612 other people who paid for fake degrees.[6][7] He is an evangelical preacher and the founder of Spirit Embassy, a Pentecostal ministry in the United Kingdom.

He is also the Presidential Envoy and Ambassador At Large for the country of Zimbabwe to Europe and the Americas.[8][9] He is commonly referred to as Prophet Angel[10] and also formerly known as Uebert Angel Mudzanire.[11][12][13][14]The church was founded in 2007 as "Spirit Embassy" and in October 2015 it rebranded its name to "Good News Church", retaining "Spirit Embassy" as a term for Angel's overall ministry.[15][16]

මේක ලිව්වේ අජිත් ධර්මකීර්ති නොවේ. කවුරුහරි ඇනෝ කාරයෙක් හැක් කරලා මේකට දාලා ඇත.

වෙබ් අඩවි:

Sunday 7 May 2023

ඉඩම් හිමි වැවිලිකාර අම්මණ්ඩි ගේ කතාව


එක අම්මණ්ඩි කෙනෙක් හිටිය අපේ පළාත් වල ඇලිස් කියල.  හුඟක් මිනිස්සු අත්තටාම බොහොම කැමති වුනා මෙය රැහේ නායිකාව වගේ ඉන්න එකට. හැම දෙනාම කීවේ ඇලිස් අම්මණ්ඩි  හරිම  නිහතමානී කියල.  ඇයට ඉඩකඩම් අති විශාල ප්‍රමාණයක් තිබුණ. ඒ වගේම පළාතේ යාන වාහන, ලොකු ගොඩ නැගිලි, කර්මාන්ත ශාලා පවා එයාට අයිතියි. හැබැයි එයාට ඒවා අයිති වුනේ එයාගේ තාත්ත ගෙන්. එයා හම්බ  කරපුව නෙමේ. ඒ මදිවට එයා බදුත් ගැහුවා පළාතේ මිනිසුන් ගෙන්. එයාගේ වතුවල , කම්හල් වල වැඩ කරාට විතරක් නෙමේ. එයාලව බලා ගන්නවටත් එක්ක.  

 ඇත්තටම කියනවා නම් එයට උරුම වෙච්ච ධන නිධාන එයාගේ තාත්ත ගෙත් නෙමයි. තාත්තට හිටිය සහෝදරයෙක්.  සහෝදරයාට තමා ඇත්තටම අයිතිය තිබ්බේ. මිනිහගේ නම එඩී උන්නැහේ වගේ මගේ මතකේ. එඩිලම හැටහුටාමාරක් ඒ පවුලේ  හිටියනේ.  මිනිහට පළාතේ මිනිස්සු කීවේ අටවන එඩී කියල. (අටවන ජනපති සමග පටලා නොගන්න)  ඔය එඩි ටත් ඒවා අයිති වුනේ නිකම්ම නොවේ. පවුලේ පරම්පරාව දන්නා බබා සිංඤෝ කියන විධිහට (බබා සිංඤෝ  ට ගමේ කොල්ලෝ කුරුට්ටෝ විහිළුවට කිවේ බීබීසී කියල) විට්ටෝරියා මැණිකේ කියල පරම්පරා දෙක තුනකට කලින් හිටිය තැනැත්ති ලු වැඩියෙන්ම ධනය ගොඩ ගැහුවේ. ඉඩම් බලෙන් අල්ල ගත්තේ. කොටින්ම  උන්ගේ ඉඩම් ගාවින් බෝට්ටුවක් , නැවක්  ගියත් ගහල අල්ල ගන්න මාෆියාවක් හිටියලු. ඒවල වස්තුත් විට්ටෝරියා මැණිකේ අම්මණ්ඩි ගේ පෙට්ටගමටම ලු ගියේ. 

හැබැයි එඩී කියන්නේ පවුලේ චාරිත්‍ර වාරිත්‍ර සත පහකට ගණන් ගත්තේ නැති එකෙක් නිසා කෝමාරිකා ජනපදෙන් රොඩී කෙල්ලක් සහේට ගත්ත. පවුලේ එවුන්ට  මේකට මළ පැනල ඌව රටෙනුත් එලෙව්ව. අනේ ඉතින් එඩි අර ජනපදේම රොඩී කෙල්ලගේ තුරුලේ මැරුණා.  එඩි ට පවුලේ  වස්තුවයි රැහේ නායක කමයි ලැබෙන නිසා අනිත් උන් අපේ ඇලිස් ගේ තාත්ත ජෝර්ජි පොර්ජි ට ස්පෙයාර් වීල් කියලත් ඒ කාලේ කීවයි කියල අපේ බබා සිංඤෝ කියනව. .ඒ කීවේ අමතරයා කියන එක.  හැබැයි එඩියට වෙච්ච වැඩේ නිසා ඇලිස් ගේ තාත්ත රැහේ නායකයා වුනා නිකම්ම් වගේ . හැබැයි යි මිනිහත්  කලින්ම අනිත් ලෝකෙට ගමනක් ගිය නිසා අපේ ඇලිස් අම්මණ්ඩි තමා රැහේ නායිකාව වුනේ. ඒ මනුස්සය ඒ කාලේ හරි හැඩකාර කෙල්ල.

පොඩි වයසින් නායිකාව වුනාට ඇලිස් බැඳලා හිටියේ සද්දන්ත පවුලක කොල්ලේ වෙච්චි  පිළිපන්හාමි.  මේ දෙන්නට ළමයි හතර දෙනක් ඉන්නවා. ලොකුම එකා ඊළඟට රැහේ නායක කම ගන්න බලාගෙන ඉන්න චාලි. දෙවෙනියා උන්දරේ, දුව ආනා හාමිනේ. එඩී ගේ නම තියෙන පොඩි එඩි තමා හතරවෙනිය. පොඩි එඩිගේ මොළේ නම්  එච්චරම නැහැලු. හැම විභාගේම ෆේල්. සල්ලි ඕන තරම් තියෙන එකේ ඒක වැදගත් නැහැ ඉතින්.   ඒ නිසා  බන්දල දුන්නේ ටිකක්  මොලේ ඇති සොෆි නෝනා කියල නංගි කෙනෙකුට. ඒක කලෙත් ඇලිස් මහා අම්මණ්ඩි. 

ඇලිස් ට හිසරදේ උනේ ලොකු කොල්ල චාලියි,  කෙල්ල අනා හාමිනෙයි, දෙවෙනි පුතා  උන්දරේ කොල්ලයි තමා. උන්දරය එලියට ගියහම අහල පහල ජිවත් වෙන පොඩි කෙළි පැටික්කියෝ ගේ ඇතුළට ගන්න  වෙනවාලු ඒ කාලෙත්   උන්නැහැට මේ දවස් වල නඩුවකුත් තියනවද කොහෙද උමාරිකාවේ පිංචි  කෙල්ලක් අනාථ කොරන්ට ගිහිල්ල. 

චාලියා ඊට එහා. උන්දැට බැඳපු ගෑණු පෙන්නන්න බැහැ. උන්දැ ඒකට නිදහසට  කියන්නේ එයාගේ  අම්මණ්ඩි හරියට ආදරේ කලේ නැති නිසා කියාලු. බදා ගත්තේ වත් නැතිලු ආදරෙන්. එයාව හරියට බදා ගන්නේ බැඳපු  ඇන්ටිලා විතරළු. අම්මණ්ඩි ට වෙන වැඩක් නැතිය මේ ලොකු කොල්ලව බලා ගන්න  අර ඉඩ කඩම් බලන අතරේ නේද? ඒ මදිවට අහල පහල පළාත්  වල ලොකු ලොකු නායකයෝ ඉඳන්  එනව අම්මණ්ඩි බලල යන්න.  ඉතින් චාලි කලේ කමිලියා නෝනේ කියල අහල වත්තක හිටි හමුදාවේ එකෙක් ගේ බිරිඳ කමීලියා නෝනේව,  ඌ හමුදාවේ වැඩට රට ගොහින් ඉන්න අස්සේ දැලේ දා ගැනීම. හැමෝම  කියන්නේ  දහ අට සන්නියම නටල හිටපු කමීලියා නෝනේ චාලිව පටල ගත්ත කියල.

ඔහොම තියෙද්දී අම්මණ්ඩියි පිළිපන් හාමියි චාලිට බන්දල දුන්නේ ඉටි කිරිස් පැටික්කියක්. පුංචි ළමයින්ට උගන්න උගන්න  හිටි කන්‍යාවියක්. මොකද පුරාණ පුස්තක වල ලියල තියෙනවලු දික්කසාද ගැහැණු හෙම රැහට ගන්න බැරිය කන්‍යාවියක් මිසක්ක කියල. ඒ ආපු පැටික්කිගේ නම  දියන්නා නෝනා. හොඳ පරණ වැදගත් පවුලක හැදුන  උනාට මේ ලස්සන පැටික්කි ලෝකේ ගැන මෙලෝ අලබෝලයක් දැන ගෙන හිටි එකියක් නෙමෙයි. චාලිය පරණ පුරුදු චාරිත්තර අත ඇරියේ නැහැ. ඒ අතරේ චාලි ගේ මල්ලි උන්දරයටත් මගුලක් සෙට් කරලා දුන්න සේරා හාමිනේ කියල. ඔය අතරේ තමා අම්මණ්ඩි ගේ පවුලට ජිවත් වෙන්න බදු ගෙවන්න  බැහැ කියල පළාතේ වැසියෝ සටනක් පටන් ගත්තේ. ඒකෙ කොටසක් හැටියට චාලි ගේ අවලමේ යන කතා,  උන්දරේ මල්ලි ගේ දඩයම් චාරිකා ගැන,  දුව අනා හාමිනේ හස්බන්ඩ් ල මාරු කරන ඒවා පොත් වල , පත්තර වල, රේඩියෝ එකේ , රූප පෙට්ටියේ  වැටෙන්න ගත්ත. සේරා හාමිනේ උමෙරිකාවෙන් එක්ක ආපු හාදයෙක් එක්ක  සෙට් වුනා. අර මගුලයි මේ  මගුලයි ඔක්කොම කැඩුන.

චාලිය කමිලියා නෝනා අල්ලන් ඉන්න එක දියන්නා නෝනට තේරුනා. හැබයි  උන් දෙන්නට  දැන් පුතාල දෙන්නෙකුත් ඉන්නව. ලොක්ක විලිසොන්. පොඩි එකා හැරිසොන්. විලිසොන් , හැරිසෝන් දියන්නා එක්ක තමා හැම තැනම ගියේ. මොකද ඉතින් අර වන්සක්කාර චාලිට වෙන වැඩනේ. අම්මණ්ඩිටත් දැන් මළ පැනල ඉන්නේ. ඇයි වැඩේ වෙළඳම්  බලන්නයි,ගෙවල් දොරවල් වලව් ගිනි අරන් ඒවා බලන්නයි, මේ ලොකු වෙච්ච පුත්තුන්ගේ වැඩ බලන්නයි ඔක්කොම උන්දැ නොව කරන්නේ. වැඩේ අමාරු වෙච්ච් ගමන් පිළිපන් උන්නැහ තුවක්කුවත් අරන් කඳු පැත්තට යනවා ගෝන්නු  තැරි  ගහන්න. 

ඕන් ඉතින් දියන්නා කෙල්ලත් රිටන් එක දෙන්න ගත්ත චාලිට. ඉස්සෙල්ලම අස්සයෝ බලන කඩවසම්  ඉලන්දාරියෙක් එක්ක. හුඟක් පළාතේ මිනිස්සු කීවේ හැරිසොන් උගේ පුතා මිසක් චාලි ගේ නෙවේ  කියල. ඒ වුනාට  බබා සිංඤෝ නම් දැනන් හිටිය ඉලන්දාරියා එක්ක රෝන්දේ යන්න කලින් හැරිසොන් හම්බ වුනේ කියල. වැඩේ වණ වෙන්න ගත්තේ මේකේ කෙළවරක් නැති වුණාමල පෝලිමේ එන්න ගත්ත ඉලන්දාරි. කෙලි පැටික්කිත් කොච්චර වුනත් සෑහෙන ජනප්‍රියයි. මොන වැරැද්ද තිබ්බත් මිනිස්සු කැමති එයාට. චාලි , කමිලියා නෝනේ  විතරක් නීම් අර මහා ගෙදර උන්ටත් ඒක ඇල්ලුවේ නැහැ.   අන්තිමේ අම්මණ්ඩි කට්ටියව දික්කසාද කරලා දැම්මෙව්වා. ලොකු පුතා, පොඩි පුතා, දුව ඔක්කොම  පෝලිමේ. මෝඩ එඩී විතරක් මෝඩ හින්දම ද කොහෙද ශේප් එකේ හිටිය. 
 
කෙලි පැටික්කි ගේ රෝන්දේ යන වැඩේ වර්චස් උනේ වෙන ආගමක එකෙක් එක්ක යන්න පටන් ගත්තට පස්සේ. යෝනක කුලේ වෙළෙන්දෙක් ගේ ඩොදියන් කියල චූන් පාන් කොල්ලෙක් එක්ක සෙට්  වුනානේ මේකි.  අනාගතේ රැහේ පාලනේ බාර  ගන්න ඉන්න චාලි ගේ  හිටපු බිරිඳ  වුනත් මේ ගෑනි අනාගත රැහේ නායකයෙකු ගේ අම්ම කෙනෙක් නොව. මොනව කරන්නද, චාලි ඉහල පෙලේ කට්ටියක් එක්ක මොනවා ඇටෙව්වා ද දන්නේ නැහැ, කන්ද උඩරට  පැත්තේ  ගිය වෙලාවක, ඔය දෙමෝදර ද කොහෙද  ගුහාවක් අස්සෙන් යනකොට දියන්නා ගේ කාරෙක හැප්පිලා. ගෑනි යි අර ඩොදියන් නුයි එතනමලු. ඒක හොයන්න ගියොත් පැරිස්සියා කියන පොලිස් කාරයත් මෙලෝ මගුලක් හෙව්වේ නැහැලු මොනවාද උනේ කියන්නවත්. 

මේ වැඩේ වෙනකොට හැරිසොන් කොලූ ට යන්තං දහයයි. විලිසොන් අයිය තමයි එයත්කො පොඩි වුනත්ල්ල ව බලා ගත්තේ . ළමයි බලන්න  ඈත පළාතකින් ගෙනාපු ටිගි නෝනා ත් කොල්ලෝ දෙන්න බලා ගත්ත. ඔය අස්සේ චාලි බය නැතිව කමිලියා නෝනේ එක්ක ගමන් යන්න ගත්ත. මිනිස්සුන් අම්මණ්ඩි ට කියන්න ගත්ත චාලිව  උන්ට එපා කියල කෙලින්ම විලිසොන් මුණුපුරා ට රැහේ නායක කම දෙන්න කියල. විලිසොන් කොලුවත් වැඩේ ලස්සනට බාර  ගත්තේ කතිනා කියල කෙල්ලක් බැඳගෙන. හැබැයි ඒ වෙනකොට අර කන්‍යාවියක් බඳින කතාව හිමින්ම  අයින් කරලා තිබ්බේ. විලිසොන් යන්තන් බේරුනා. නැතිනම්  කතිනා බඳිනවා  බොරු.

 හැරිසොන් නම් කෙලින්ම යකා වුනා. චාලිට, ටිගි නෝනා ට තියා  විලිසොන් අයියට වත් ආම්බන් කරන්න බැරිවුනා. අම්ම නැති වෙච්ච එකේ වාඩුව ගත්තෙම අහල පහල කොල්ලෝ කෙල්ලෝ එක්ක නටන්න ගිහින්. අඩව් කීපයක්ම ඇල්ලුවා.  හැබැයි ඕකෙ  වාසිය ගත්තේ අපේ කමිලියා නෝනා. චාලි  ඒ වෙනකොට ලිඳ ළඟ ඕපා දුප සංගමේ,  බබා සිංඤෝ ගේ බිබී සී කට්ටිය, අහල පහල වතුවල ලවුඩ්ස්පිකර් විතරක් නෙමේ මේල් ගෙනියන අයියල ටිකත්, රේඩියෝ රූප පෙට්ටි ටිකත්  සෙට් කරගෙන.  චාලි යි කමිලියා නෝනයි රැහේ නායක කමට කොච්චර සුදුසුද  කියල අම්මණ්ඩි ටයි පිලිපන්ටයි විතරක් නෙමේ පුරෝහිතයෝ වගේ  ඉන්න එවුන්ටත් කියල දෙන්න  ලස්සනට බෝලේ බැස්සුවා. ඒ තාරේ හීන් සීරුවේ දික්කසාද නෝනලා බඳින්න බැරිය කියල තිබ්බ නීතියත් හිමිට වෙනස් කර ගත්ත. මේක අවුරුදු ගානක් හෙමිහිට හිමිහිට අරන් ගිය ප්ලෑනක් කියල හරියට  බලා හිටිය එකෙකුට දෙන්නෙකුට තේරුනා. ඒ උනාට උනුත්  සද්ද නැතිව  හිටිය. 

හැබැයි විලිසොන් ට කොහොම වෙතත් හැරිසොන් ට වැඩේ ඇල්ලුවේ නැහැ, ඌ කැරලි ගහන්න ගත්ත, අර කොහේදෝ රටක ගාමිණී කියල රජෙක් ගේ සාලි කියල පුතෙක් සැඩොල් කෙල්ලක් එක්ක ගියා වගේ අපේ එකත් සැඩොල් කෙල්ලක් හොයා ගත්ත කියහන්කෝ මේඝනා කියල.  අම්මණ්ඩි අම්මත් නැති හැරිසොන් මුණුපුරාට ඇත්තටම ආදරෙයි. ගෑණි ඒ නිසා ඕන වලියකින් කොල්ලව බේරුවා. උගේ තාත්ත චාලි ට වැඩිය කොල්ල බලා ගත්තේ ආච්චියි පිළිපන් සීයයි. ඉතින් විලිසොන් කොල්ලට වගේම ලොකුවට මගුලක් තියල හැරිසොන් ට සැඩොල් කෙල්ල  මේඝනා බන්දල දුන්න. 

 ඒ වුනාට වැඩේ නිකන් ඔට්ටේලියා පළාතේ අබෝරි කාරයන්ගේ බුමැරන්ගේ වගේ කැරකිලා ආව කියහන්කෝ. සැඩොල් කෙල්ලක් වුනාට ඒකිට හැරිසොන් ට වැඩිය සල්ලි තියනව. අර අම්මණ්ඩි ගේ මහා වලව්වේ කකුල් හෝදන එවුඑවුන් ටයි, පුටු අල්ලන එවුන්ටයි , සට්ටඹි රාල ළාටයි ඔළුව නමන්න මේකි කැමති වුනේම  නැහැනේ. ඔන්න  ලිඳ ළඟ සංගමේ  වැඩේ පටන් ගත්ත. දැන් විලිසොන් කොලුවා, එයාගේ ගෑනි කතිනාගේ පටන්  ඒ පවුලත් හැරිසොන් ට විරුද්ධව පවුලේ උන්ගේ පැත්ත ගත්ත. පවුලේ හැරිසොන් ට පස්සේ පේලි වල හිටපු නෑදෑයෝ රොත්තත් අම්මණ්ඩි ගේ සල්ලි වලින් ජිවත් වුනාට උන් කැමති වුනේ නැහැ සැඩොල් කෙල්ලට ඔලුව නමන්න. වැඩේ දෙල් වේගෙන ඇවිල්ල  කුණු කොස් වුනා. විලිසොන් කෙල්ලව අරගෙන මුදෙන් එහා පැත්තේ කෝමාරිකා ජනපදේට  පැන්න. පිළිපන් හාමි කලින්ම ගියා අනිත් ලෝකෙට. මහ අම්මණ්ඩි ටත් කර ගන්න දෙයක් නැතිව ගියා. උන්දැත් නොඑන ගමන් ගියා.

ඕන් ඊයේ පෙරේද චාලි මහ අම්මණ්ඩි දාල ගිය මහා පුටුව භාර ගත්ත. හැරිසොන් කොල්ලත් තාත්ත පුටුවට පනිනවා බලන්න ආව . මොකද ඒක  ලෙහෙසි  පහසු වැඩක් නෙමේ. තට්ටු හතකකින් විතර පනින්න ඕනේ මිලියන් විස්සක්   විතර පළාතේ මිනිස්සු බලන් ඉන්දැද්දී. ඒ මදිවට රූප පෙට්ටි වලිනුත් ගොඩක් අය බලනවලු. 
හැරිසොන් කොලුවත්  පලවෙනි පේලියේ ඉන්න ඉපදුනු එකා  වුනත් තුන්වෙනි පේලියට දාල තිබිල හිටියලු ඔන්න මහා ගෙදර ගාව තියන පන්සලේ ලොකු සාලාවේ දාපු පුටු පේලියේ.   

මට හිතුනේ අම්මප ඌට මොනවා හිතුනද කියල උගේ අම්ම වෙනුවට කුඩම්ම පුටුවේ වාඩි  වෙනකොට තාත්ත ලඟින්.

ඔන්න ඔහොමයි කතාව  ඉවර වුනේ, මම මේ ටීවී  එකේ සෝප් ඔපෙරා එකක් බැලුව. ඒකෙ කතාව කීවේ.  වෙන මුකුත් හිතන්න එපා ඉතින්.

සියලු නම්ගම් මනඃකල්පිතය 
(අපහාසයට නොව උපහාසයට පමණි) 

- අජිත් ධර්මකීර්ති -07/05/2023