Sunday 7 May 2023

ඉඩම් හිමි වැවිලිකාර අම්මණ්ඩි ගේ කතාව


එක අම්මණ්ඩි කෙනෙක් හිටිය අපේ පළාත් වල ඇලිස් කියල.  හුඟක් මිනිස්සු අත්තටාම බොහොම කැමති වුනා මෙය රැහේ නායිකාව වගේ ඉන්න එකට. හැම දෙනාම කීවේ ඇලිස් අම්මණ්ඩි  හරිම  නිහතමානී කියල.  ඇයට ඉඩකඩම් අති විශාල ප්‍රමාණයක් තිබුණ. ඒ වගේම පළාතේ යාන වාහන, ලොකු ගොඩ නැගිලි, කර්මාන්ත ශාලා පවා එයාට අයිතියි. හැබැයි එයාට ඒවා අයිති වුනේ එයාගේ තාත්ත ගෙන්. එයා හම්බ  කරපුව නෙමේ. ඒ මදිවට එයා බදුත් ගැහුවා පළාතේ මිනිසුන් ගෙන්. එයාගේ වතුවල , කම්හල් වල වැඩ කරාට විතරක් නෙමේ. එයාලව බලා ගන්නවටත් එක්ක.  

 ඇත්තටම කියනවා නම් එයට උරුම වෙච්ච ධන නිධාන එයාගේ තාත්ත ගෙත් නෙමයි. තාත්තට හිටිය සහෝදරයෙක්.  සහෝදරයාට තමා ඇත්තටම අයිතිය තිබ්බේ. මිනිහගේ නම එඩී උන්නැහේ වගේ මගේ මතකේ. එඩිලම හැටහුටාමාරක් ඒ පවුලේ  හිටියනේ.  මිනිහට පළාතේ මිනිස්සු කීවේ අටවන එඩී කියල. (අටවන ජනපති සමග පටලා නොගන්න)  ඔය එඩි ටත් ඒවා අයිති වුනේ නිකම්ම නොවේ. පවුලේ පරම්පරාව දන්නා බබා සිංඤෝ කියන විධිහට (බබා සිංඤෝ  ට ගමේ කොල්ලෝ කුරුට්ටෝ විහිළුවට කිවේ බීබීසී කියල) විට්ටෝරියා මැණිකේ කියල පරම්පරා දෙක තුනකට කලින් හිටිය තැනැත්ති ලු වැඩියෙන්ම ධනය ගොඩ ගැහුවේ. ඉඩම් බලෙන් අල්ල ගත්තේ. කොටින්ම  උන්ගේ ඉඩම් ගාවින් බෝට්ටුවක් , නැවක්  ගියත් ගහල අල්ල ගන්න මාෆියාවක් හිටියලු. ඒවල වස්තුත් විට්ටෝරියා මැණිකේ අම්මණ්ඩි ගේ පෙට්ටගමටම ලු ගියේ. 

හැබැයි එඩී කියන්නේ පවුලේ චාරිත්‍ර වාරිත්‍ර සත පහකට ගණන් ගත්තේ නැති එකෙක් නිසා කෝමාරිකා ජනපදෙන් රොඩී කෙල්ලක් සහේට ගත්ත. පවුලේ එවුන්ට  මේකට මළ පැනල ඌව රටෙනුත් එලෙව්ව. අනේ ඉතින් එඩි අර ජනපදේම රොඩී කෙල්ලගේ තුරුලේ මැරුණා.  එඩි ට පවුලේ  වස්තුවයි රැහේ නායක කමයි ලැබෙන නිසා අනිත් උන් අපේ ඇලිස් ගේ තාත්ත ජෝර්ජි පොර්ජි ට ස්පෙයාර් වීල් කියලත් ඒ කාලේ කීවයි කියල අපේ බබා සිංඤෝ කියනව. .ඒ කීවේ අමතරයා කියන එක.  හැබැයි එඩියට වෙච්ච වැඩේ නිසා ඇලිස් ගේ තාත්ත රැහේ නායකයා වුනා නිකම්ම් වගේ . හැබැයි යි මිනිහත්  කලින්ම අනිත් ලෝකෙට ගමනක් ගිය නිසා අපේ ඇලිස් අම්මණ්ඩි තමා රැහේ නායිකාව වුනේ. ඒ මනුස්සය ඒ කාලේ හරි හැඩකාර කෙල්ල.

පොඩි වයසින් නායිකාව වුනාට ඇලිස් බැඳලා හිටියේ සද්දන්ත පවුලක කොල්ලේ වෙච්චි  පිළිපන්හාමි.  මේ දෙන්නට ළමයි හතර දෙනක් ඉන්නවා. ලොකුම එකා ඊළඟට රැහේ නායක කම ගන්න බලාගෙන ඉන්න චාලි. දෙවෙනියා උන්දරේ, දුව ආනා හාමිනේ. එඩී ගේ නම තියෙන පොඩි එඩි තමා හතරවෙනිය. පොඩි එඩිගේ මොළේ නම්  එච්චරම නැහැලු. හැම විභාගේම ෆේල්. සල්ලි ඕන තරම් තියෙන එකේ ඒක වැදගත් නැහැ ඉතින්.   ඒ නිසා  බන්දල දුන්නේ ටිකක්  මොලේ ඇති සොෆි නෝනා කියල නංගි කෙනෙකුට. ඒක කලෙත් ඇලිස් මහා අම්මණ්ඩි. 

ඇලිස් ට හිසරදේ උනේ ලොකු කොල්ල චාලියි,  කෙල්ල අනා හාමිනෙයි, දෙවෙනි පුතා  උන්දරේ කොල්ලයි තමා. උන්දරය එලියට ගියහම අහල පහල ජිවත් වෙන පොඩි කෙළි පැටික්කියෝ ගේ ඇතුළට ගන්න  වෙනවාලු ඒ කාලෙත්   උන්නැහැට මේ දවස් වල නඩුවකුත් තියනවද කොහෙද උමාරිකාවේ පිංචි  කෙල්ලක් අනාථ කොරන්ට ගිහිල්ල. 

චාලියා ඊට එහා. උන්දැට බැඳපු ගෑණු පෙන්නන්න බැහැ. උන්දැ ඒකට නිදහසට  කියන්නේ එයාගේ  අම්මණ්ඩි හරියට ආදරේ කලේ නැති නිසා කියාලු. බදා ගත්තේ වත් නැතිලු ආදරෙන්. එයාව හරියට බදා ගන්නේ බැඳපු  ඇන්ටිලා විතරළු. අම්මණ්ඩි ට වෙන වැඩක් නැතිය මේ ලොකු කොල්ලව බලා ගන්න  අර ඉඩ කඩම් බලන අතරේ නේද? ඒ මදිවට අහල පහල පළාත්  වල ලොකු ලොකු නායකයෝ ඉඳන්  එනව අම්මණ්ඩි බලල යන්න.  ඉතින් චාලි කලේ කමිලියා නෝනේ කියල අහල වත්තක හිටි හමුදාවේ එකෙක් ගේ බිරිඳ කමීලියා නෝනේව,  ඌ හමුදාවේ වැඩට රට ගොහින් ඉන්න අස්සේ දැලේ දා ගැනීම. හැමෝම  කියන්නේ  දහ අට සන්නියම නටල හිටපු කමීලියා නෝනේ චාලිව පටල ගත්ත කියල.

ඔහොම තියෙද්දී අම්මණ්ඩියි පිළිපන් හාමියි චාලිට බන්දල දුන්නේ ඉටි කිරිස් පැටික්කියක්. පුංචි ළමයින්ට උගන්න උගන්න  හිටි කන්‍යාවියක්. මොකද පුරාණ පුස්තක වල ලියල තියෙනවලු දික්කසාද ගැහැණු හෙම රැහට ගන්න බැරිය කන්‍යාවියක් මිසක්ක කියල. ඒ ආපු පැටික්කිගේ නම  දියන්නා නෝනා. හොඳ පරණ වැදගත් පවුලක හැදුන  උනාට මේ ලස්සන පැටික්කි ලෝකේ ගැන මෙලෝ අලබෝලයක් දැන ගෙන හිටි එකියක් නෙමෙයි. චාලිය පරණ පුරුදු චාරිත්තර අත ඇරියේ නැහැ. ඒ අතරේ චාලි ගේ මල්ලි උන්දරයටත් මගුලක් සෙට් කරලා දුන්න සේරා හාමිනේ කියල. ඔය අතරේ තමා අම්මණ්ඩි ගේ පවුලට ජිවත් වෙන්න බදු ගෙවන්න  බැහැ කියල පළාතේ වැසියෝ සටනක් පටන් ගත්තේ. ඒකෙ කොටසක් හැටියට චාලි ගේ අවලමේ යන කතා,  උන්දරේ මල්ලි ගේ දඩයම් චාරිකා ගැන,  දුව අනා හාමිනේ හස්බන්ඩ් ල මාරු කරන ඒවා පොත් වල , පත්තර වල, රේඩියෝ එකේ , රූප පෙට්ටියේ  වැටෙන්න ගත්ත. සේරා හාමිනේ උමෙරිකාවෙන් එක්ක ආපු හාදයෙක් එක්ක  සෙට් වුනා. අර මගුලයි මේ  මගුලයි ඔක්කොම කැඩුන.

චාලිය කමිලියා නෝනා අල්ලන් ඉන්න එක දියන්නා නෝනට තේරුනා. හැබයි  උන් දෙන්නට  දැන් පුතාල දෙන්නෙකුත් ඉන්නව. ලොක්ක විලිසොන්. පොඩි එකා හැරිසොන්. විලිසොන් , හැරිසෝන් දියන්නා එක්ක තමා හැම තැනම ගියේ. මොකද ඉතින් අර වන්සක්කාර චාලිට වෙන වැඩනේ. අම්මණ්ඩිටත් දැන් මළ පැනල ඉන්නේ. ඇයි වැඩේ වෙළඳම්  බලන්නයි,ගෙවල් දොරවල් වලව් ගිනි අරන් ඒවා බලන්නයි, මේ ලොකු වෙච්ච පුත්තුන්ගේ වැඩ බලන්නයි ඔක්කොම උන්දැ නොව කරන්නේ. වැඩේ අමාරු වෙච්ච් ගමන් පිළිපන් උන්නැහ තුවක්කුවත් අරන් කඳු පැත්තට යනවා ගෝන්නු  තැරි  ගහන්න. 

ඕන් ඉතින් දියන්නා කෙල්ලත් රිටන් එක දෙන්න ගත්ත චාලිට. ඉස්සෙල්ලම අස්සයෝ බලන කඩවසම්  ඉලන්දාරියෙක් එක්ක. හුඟක් පළාතේ මිනිස්සු කීවේ හැරිසොන් උගේ පුතා මිසක් චාලි ගේ නෙවේ  කියල. ඒ වුනාට  බබා සිංඤෝ නම් දැනන් හිටිය ඉලන්දාරියා එක්ක රෝන්දේ යන්න කලින් හැරිසොන් හම්බ වුනේ කියල. වැඩේ වණ වෙන්න ගත්තේ මේකේ කෙළවරක් නැති වුණාමල පෝලිමේ එන්න ගත්ත ඉලන්දාරි. කෙලි පැටික්කිත් කොච්චර වුනත් සෑහෙන ජනප්‍රියයි. මොන වැරැද්ද තිබ්බත් මිනිස්සු කැමති එයාට. චාලි , කමිලියා නෝනේ  විතරක් නීම් අර මහා ගෙදර උන්ටත් ඒක ඇල්ලුවේ නැහැ.   අන්තිමේ අම්මණ්ඩි කට්ටියව දික්කසාද කරලා දැම්මෙව්වා. ලොකු පුතා, පොඩි පුතා, දුව ඔක්කොම  පෝලිමේ. මෝඩ එඩී විතරක් මෝඩ හින්දම ද කොහෙද ශේප් එකේ හිටිය. 
 
කෙලි පැටික්කි ගේ රෝන්දේ යන වැඩේ වර්චස් උනේ වෙන ආගමක එකෙක් එක්ක යන්න පටන් ගත්තට පස්සේ. යෝනක කුලේ වෙළෙන්දෙක් ගේ ඩොදියන් කියල චූන් පාන් කොල්ලෙක් එක්ක සෙට්  වුනානේ මේකි.  අනාගතේ රැහේ පාලනේ බාර  ගන්න ඉන්න චාලි ගේ  හිටපු බිරිඳ  වුනත් මේ ගෑනි අනාගත රැහේ නායකයෙකු ගේ අම්ම කෙනෙක් නොව. මොනව කරන්නද, චාලි ඉහල පෙලේ කට්ටියක් එක්ක මොනවා ඇටෙව්වා ද දන්නේ නැහැ, කන්ද උඩරට  පැත්තේ  ගිය වෙලාවක, ඔය දෙමෝදර ද කොහෙද  ගුහාවක් අස්සෙන් යනකොට දියන්නා ගේ කාරෙක හැප්පිලා. ගෑනි යි අර ඩොදියන් නුයි එතනමලු. ඒක හොයන්න ගියොත් පැරිස්සියා කියන පොලිස් කාරයත් මෙලෝ මගුලක් හෙව්වේ නැහැලු මොනවාද උනේ කියන්නවත්. 

මේ වැඩේ වෙනකොට හැරිසොන් කොලූ ට යන්තං දහයයි. විලිසොන් අයිය තමයි එයත්කො පොඩි වුනත්ල්ල ව බලා ගත්තේ . ළමයි බලන්න  ඈත පළාතකින් ගෙනාපු ටිගි නෝනා ත් කොල්ලෝ දෙන්න බලා ගත්ත. ඔය අස්සේ චාලි බය නැතිව කමිලියා නෝනේ එක්ක ගමන් යන්න ගත්ත. මිනිස්සුන් අම්මණ්ඩි ට කියන්න ගත්ත චාලිව  උන්ට එපා කියල කෙලින්ම විලිසොන් මුණුපුරා ට රැහේ නායක කම දෙන්න කියල. විලිසොන් කොලුවත් වැඩේ ලස්සනට බාර  ගත්තේ කතිනා කියල කෙල්ලක් බැඳගෙන. හැබැයි ඒ වෙනකොට අර කන්‍යාවියක් බඳින කතාව හිමින්ම  අයින් කරලා තිබ්බේ. විලිසොන් යන්තන් බේරුනා. නැතිනම්  කතිනා බඳිනවා  බොරු.

 හැරිසොන් නම් කෙලින්ම යකා වුනා. චාලිට, ටිගි නෝනා ට තියා  විලිසොන් අයියට වත් ආම්බන් කරන්න බැරිවුනා. අම්ම නැති වෙච්ච එකේ වාඩුව ගත්තෙම අහල පහල කොල්ලෝ කෙල්ලෝ එක්ක නටන්න ගිහින්. අඩව් කීපයක්ම ඇල්ලුවා.  හැබැයි ඕකෙ  වාසිය ගත්තේ අපේ කමිලියා නෝනා. චාලි  ඒ වෙනකොට ලිඳ ළඟ ඕපා දුප සංගමේ,  බබා සිංඤෝ ගේ බිබී සී කට්ටිය, අහල පහල වතුවල ලවුඩ්ස්පිකර් විතරක් නෙමේ මේල් ගෙනියන අයියල ටිකත්, රේඩියෝ රූප පෙට්ටි ටිකත්  සෙට් කරගෙන.  චාලි යි කමිලියා නෝනයි රැහේ නායක කමට කොච්චර සුදුසුද  කියල අම්මණ්ඩි ටයි පිලිපන්ටයි විතරක් නෙමේ පුරෝහිතයෝ වගේ  ඉන්න එවුන්ටත් කියල දෙන්න  ලස්සනට බෝලේ බැස්සුවා. ඒ තාරේ හීන් සීරුවේ දික්කසාද නෝනලා බඳින්න බැරිය කියල තිබ්බ නීතියත් හිමිට වෙනස් කර ගත්ත. මේක අවුරුදු ගානක් හෙමිහිට හිමිහිට අරන් ගිය ප්ලෑනක් කියල හරියට  බලා හිටිය එකෙකුට දෙන්නෙකුට තේරුනා. ඒ උනාට උනුත්  සද්ද නැතිව  හිටිය. 

හැබැයි විලිසොන් ට කොහොම වෙතත් හැරිසොන් ට වැඩේ ඇල්ලුවේ නැහැ, ඌ කැරලි ගහන්න ගත්ත, අර කොහේදෝ රටක ගාමිණී කියල රජෙක් ගේ සාලි කියල පුතෙක් සැඩොල් කෙල්ලක් එක්ක ගියා වගේ අපේ එකත් සැඩොල් කෙල්ලක් හොයා ගත්ත කියහන්කෝ මේඝනා කියල.  අම්මණ්ඩි අම්මත් නැති හැරිසොන් මුණුපුරාට ඇත්තටම ආදරෙයි. ගෑණි ඒ නිසා ඕන වලියකින් කොල්ලව බේරුවා. උගේ තාත්ත චාලි ට වැඩිය කොල්ල බලා ගත්තේ ආච්චියි පිළිපන් සීයයි. ඉතින් විලිසොන් කොල්ලට වගේම ලොකුවට මගුලක් තියල හැරිසොන් ට සැඩොල් කෙල්ල  මේඝනා බන්දල දුන්න. 

 ඒ වුනාට වැඩේ නිකන් ඔට්ටේලියා පළාතේ අබෝරි කාරයන්ගේ බුමැරන්ගේ වගේ කැරකිලා ආව කියහන්කෝ. සැඩොල් කෙල්ලක් වුනාට ඒකිට හැරිසොන් ට වැඩිය සල්ලි තියනව. අර අම්මණ්ඩි ගේ මහා වලව්වේ කකුල් හෝදන එවුඑවුන් ටයි, පුටු අල්ලන එවුන්ටයි , සට්ටඹි රාල ළාටයි ඔළුව නමන්න මේකි කැමති වුනේම  නැහැනේ. ඔන්න  ලිඳ ළඟ සංගමේ  වැඩේ පටන් ගත්ත. දැන් විලිසොන් කොලුවා, එයාගේ ගෑනි කතිනාගේ පටන්  ඒ පවුලත් හැරිසොන් ට විරුද්ධව පවුලේ උන්ගේ පැත්ත ගත්ත. පවුලේ හැරිසොන් ට පස්සේ පේලි වල හිටපු නෑදෑයෝ රොත්තත් අම්මණ්ඩි ගේ සල්ලි වලින් ජිවත් වුනාට උන් කැමති වුනේ නැහැ සැඩොල් කෙල්ලට ඔලුව නමන්න. වැඩේ දෙල් වේගෙන ඇවිල්ල  කුණු කොස් වුනා. විලිසොන් කෙල්ලව අරගෙන මුදෙන් එහා පැත්තේ කෝමාරිකා ජනපදේට  පැන්න. පිළිපන් හාමි කලින්ම ගියා අනිත් ලෝකෙට. මහ අම්මණ්ඩි ටත් කර ගන්න දෙයක් නැතිව ගියා. උන්දැත් නොඑන ගමන් ගියා.

ඕන් ඊයේ පෙරේද චාලි මහ අම්මණ්ඩි දාල ගිය මහා පුටුව භාර ගත්ත. හැරිසොන් කොල්ලත් තාත්ත පුටුවට පනිනවා බලන්න ආව . මොකද ඒක  ලෙහෙසි  පහසු වැඩක් නෙමේ. තට්ටු හතකකින් විතර පනින්න ඕනේ මිලියන් විස්සක්   විතර පළාතේ මිනිස්සු බලන් ඉන්දැද්දී. ඒ මදිවට රූප පෙට්ටි වලිනුත් ගොඩක් අය බලනවලු. 
හැරිසොන් කොලුවත්  පලවෙනි පේලියේ ඉන්න ඉපදුනු එකා  වුනත් තුන්වෙනි පේලියට දාල තිබිල හිටියලු ඔන්න මහා ගෙදර ගාව තියන පන්සලේ ලොකු සාලාවේ දාපු පුටු පේලියේ.   

මට හිතුනේ අම්මප ඌට මොනවා හිතුනද කියල උගේ අම්ම වෙනුවට කුඩම්ම පුටුවේ වාඩි  වෙනකොට තාත්ත ලඟින්.

ඔන්න ඔහොමයි කතාව  ඉවර වුනේ, මම මේ ටීවී  එකේ සෝප් ඔපෙරා එකක් බැලුව. ඒකෙ කතාව කීවේ.  වෙන මුකුත් හිතන්න එපා ඉතින්.

සියලු නම්ගම් මනඃකල්පිතය 
(අපහාසයට නොව උපහාසයට පමණි) 

- අජිත් ධර්මකීර්ති -07/05/2023


93 comments:

  1. මිනිසුන්ට අපහාස කරන්නේ ඇයි අජිත් ? ඔබ යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙනවද?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න වලට උත්තර ලියහන් බලන්න.
      1. උඹල ඇනෝ ලා වෙලාව , ඩේටා නාස්ති කරගෙන මාට අපහාස කරන්න එන්නේ, වෙන බ්ලොග් වල ඒවා දාගෙන යන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන නිසාද
      2.ඒ අපහස කරන ඒවා පල කරන අනිත් බ්ලොග් වල අයිති කාරයො ඒවා දාන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන නිසාද
      3. අපහාසය හා උපහාසය අඳුන ගන්න මොළේ ඉඩක් තියනවද?
      4. මානසික ව්‍යාධිය තියෙන එකා තුන් වෙනි පේලියේ හිටියා දැක්කේ නැත්ද?

      Delete
    2. 'Ajith Dharma.7 May 2023 at 08:40

      මේ ප්‍රශ්න වලට උත්තර ලියහන් බලන්න.'

      ඇනෝ එන්නේ අජිත් ධර්මකීර්ති විසින් අප නාමිකව පැමිණියහොත් ඩොක්ටර් කළුආරච්චිට දුන්නා වගේ සම්බුවක් අපිටත් දීමට ඇති නිසා.



      Delete
    3. අහන එකට උත්තර දීපන් බං , කළු ආරච්චි මොකටද මෙතැනට

      Delete
    4. මේ ප්‍රශ්න වලට උත්තර ලියහන් බලන්න.
      1. උඹල ඇනෝ ලා වෙලාව , ඩේටා නාස්ති කරගෙන මාට අපහාස කරන්න එන්නේ, වෙන බ්ලොග් වල ඒවා දාගෙන යන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන නිසාද
      2.ඒ අපහස කරන ඒවා පල කරන අනිත් බ්ලොග් වල අයිති කාරයො ඒවා දාන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන නිසාද
      3. අපහාසය හා උපහාසය අඳුන ගන්න මොළේ ඉඩක් තියනවද?
      4. මානසික ව්‍යාධිය තියෙන එකා තුන් වෙනි පේලියේ හිටියා දැක්කේ නැත්ද?

      පිළිතුරු.

      අජිත් ධර්මකිර්ති භාවිතා කරන අශිෂ්ඨ භෂාවෙන්ම ඔහුගේ මානසික ව්‍යාධිය පෙනේ..

      1,2 ) ඇනෝ භාවිතය ගුගල් සමගම ලබාදී ඇති දෙයකි. බ්ලොග් පිටුව බලා කොමෙන්ටුවක් පල කිරීමට වැය වන්නේ කිලෝ බයිට් සුළු ප්‍රමාණයකි.උපරිම මෙගා බයිට් තුන හතරකි. ශ්‍රී ලංකා මුදලින් රුපියලකටත් වඩා අඩු මුදලකි. අජිත් ධර්මා අන් අයට ඔහුගේ බ්ලොග් අඩවියේ පහර දී කොමෙන්ට් වාරණය කරනා නිසා එම අය ඔවුන්ගේ / මිතුරන්ගේ බ්ලොග් අඩවි වලින් ඒවාට පිළිතුරු ලබාදේ.

      3) රනිල්ගේ පිහිටෙන් සෝවියට් ඉගෙනුම ලබා බ්‍රිතානයේ සේවය කරනා ගමන් පුටින්ට කඩේ යන අයවලුන් හඳුනා ගැනීමට තරම් ඔලුවක් ඇත.

      4) නැත

      Delete
    5. 1,2) ඒ කියන්නේ උඹ පිලි ගන්නවනේ බං උඹට මානසික ව්‍යාධියක් තියනව කියල මිනිසුන්ට අපහාස කරන්න
      3. උඹට පුලුවන්ද බං ඔය අපහාසය ඔප්පු කරන්න, පූටින් ට හරි කාට හරි කඩේ යනවනම් (මම එහෙම නොකරත්) ඒක මගේ අයිතියක් නේ. අද පූටින් ගේ රටේත් , ප්‍රජාතන්ත්‍ර වාදී කියා කියා ගන්න මේ රටේත් දෙකේම මිනිසුන්ට ඇත්ත කියන්නේ නැහැනේ. මිනිසුන්ට අයිතියක් තියනව ඇත්ත දැන ගන්න. උඹල වගේ අමන වහලුන්ට ඒක තේරෙන්නේ නැති එකට මට කරන්න දෙයක් නැහැ අනික ඒ බ්ලොග් කරුවන් ගෙන් සමහරු රනිල්ට කැමති අයනේ

      Delete
    6. 4. පව් බං උඹල වගේ වහල්ලු

      Delete
    7. අජිත් ධර්මා කෝපයෙන් වෙවුලමින් පල කරනා අදහස් දකිනා අයට මානසික ව්‍යාධියක් ඇත්තේ කාටදැයි කියා පැහැදිලි වනු ඇත.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. උඹ මං දිහා බලන් ඉන්නවද බං මම කෝපයෙන් වෙව්ලනවද බලන්න. අනේ නිකන් ඉඳපන්. මම මෙච්චර වෙලා බං බොලං බාසාවෙන් කතා කලේ උඹ මගේ යාළුවෙක් නේ කියල හිතාගෙන. දැන් එහෙනං වෙනස් කරන්නං බාසාව. මම මගේ බ්ලොග් අඩවියෙන් පෞද්ගලික පහරවල් එල්ල කරන්නේ නැහැ. හැබැයි මචන් උඹලට මාව මාර ප්‍රශ්නයක් වෙලා තියෙන බවනම් පේනවා. නැත්නම් මේ වගේ එන්නේ නැහැනේ , වටේ යන්නෙත් නැහැනේ . මටනම් ඒක ආතල්. අද මේ නිවාඩු නිසා වෙලා තියෙනවා උත්තර ලියන්න.

      Delete
    10. මෙන්න පූටින් ගැන දැනගන්න. Putin's People: How the KGB Took Back Russia and Then Took on the West -Catherine Belton

      Delete
  2. මගෙ නං මොලේ කචල් වෙනවා, ඔය පවුලේ විකාර දැක්කම. හරිද මන්දා, මට හිතෙන්නෙම, බැන්නට එංගලන්ත සුද්දො, ඔය පවුල නඩත්තු කරන්නෙ කැමැත්තෙන්මයි කියලයි.
    අපිට මොකද අපි දසසිල් උපාසක
    ඉවර වෙන්නෙ සුද්දන්නේ පවුම් ටික

    ReplyDelete
    Replies
    1. එහෙමත් නැහැ. මටත් දැන් ටිකක් එපා වෙලා තියෙන්නේ. රැජින ගියාට පස්සේ. උන්ට සල්ලි තියෙනවනේ. අපේ බදු සල්ලි දෙන්න ඕනේ නැහැ https://www.theguardian.com/uk-news/2023/apr/28/public-support-monarchy-historic-low-poll-reveals

      Delete
    2. සුද්දන් ගේ පවුම් ටික කියන්නේ යකෝ අපේ පවුම් පවුම් නෙමෙයිද 😀

      Delete
    3. අපේ කවුන්සිල් වලින් පවුම් 1000 ගානේ දෙනවා ස්ට්‍රීට් පාටි ඔගනයිස් කරන්න. අපේ පැත්තේ එකෙක් වත් අරගෙනත් නැහැ. කරන්නෙත් නැහැ. ඕකයි තත්වය

      Delete
    4. There ae some parties: https://www.independent.co.uk/life-style/royal-family/coronation-big-lunch-street-parties-concert-timings-b2334281.html

      Delete
  3. රංග තේනුවර7 May 2023 at 05:05

    අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා.

    මිනිසෙකුගේ ඉරණම මිකායිල් ෂොලෝකොව් ලියපු, පෙරළු නැවුම් පස,වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුගේ කතාව සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.

    යුරෝපේ වෙළදාම නැගිටීම එක්ක රජ පවුලට සිද්ද උන පාර්ලිමේන්තුව ප්‍රමුක වෙළද සංගමේට බලය පවරන්න. මොකද පෙරදිග වෙළද හවුල වගේ ජාත්‍යන්තර වෙලදාම දියුණු වීම තුලින් ලොකු වත්කමක්, පිරිස් බලයක් වෙළද හිමියන්ට ඇති උන. ඒ බලය රජාගේ බලය ඉක්මවා යන බලයක්. ඕකත් එක්ක ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපේ ලොකු වෙනසක් කළා. අපි හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිස්සුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමේ නිදහස කියල. නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දුස්සට සුදුසු තැන ලැබීම. දක්ෂයට නිසි තැන ලැබීම.

    ඒ වෙද්දී ලෝකේ ලොකුම රට උන යුරෝපේ එක්ක කරට කර හැප්පෙන්න හිටපු රුසියාවේ එහෙම අලුත් පිබිදීමක් තිබුනේ නැහැ. එක තමි සමාජවාදය විදිහට උන් හදාගෙන මිනිස්සුගේ ඔලු වලට දැම්මේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ධනවාදය) සමාජවාදයයි ගේමට තමයි වැඩේ යන්නේ. වාහන හදන එකේ ඉදන් හදට යන එක දක්වා දෙගොල්ලගෙ තරගය තිබුනේ.

    ඔන්න ඔහොම බලෙන් තරගය පිණිස ඇති කරගත් ප්‍රති විරුද්ද බලවේගය මිනිස්සුන්ගේ ඔලුවට දාන්න සාහිත්‍යය ලොකු වැඩ කොටසක් කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
  4. This is brilliant. ++++++++++++++++++

    ReplyDelete
  5. මේ වගේ කොමෙන්ට් වහගෙන හැන්ගෙන මිනිහෙක් දැක්කමයි මම.
    පුදුම බය මිනිහෙක් සමාජයට. අනෙකාගේ අදහස ඉවසන්නම බැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ, මේ අජිත් කියන්නේ අන්මත වලට පුදුමාකාර බයක් ඇති කෙනෙක්. ඒකයි මෙහම හැඟෙන්නේ.

      Delete
    2. ඇනෝ ගොබ්බයා , ඇනෝ ගේ අයිය ගොබ්බයා
      මේ ඇනෝ වා පට්ට ගොබ්බයා 😀

      Delete
    3. හොරුන්ට, පට්ට හොරුන්ට , කොන්ද පන නැති ගොබ්බයන්ට සහ දෙපත් නයින්ට තියෙන්නේ බය නෙමේ අප්පිරියාව

      Delete
  6. වෙනසකටත් එක්ක මේ වැඩේ හොඳා. මං ඒත් හිතුව... කොටස් වසයෙන් ලියවෙන කතාවක් දෝ කියලත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , කොටස් වශයෙන් ලියන්න ගියොත් හොඳ පණ යයි , හරිසොන ගේ කතාව නම් කොටස් වශයෙන් දාන්න ඕන කම තියනව

      Delete
  7. අජිත් ධර්ම අනික් අයට මඩ ගහනව එයාගේ බ්ලොග් එකේ.
    පැරකුම්, දීප්ති ඉදං චාල්ස් කුමාරයටත් අපහාස කරන එක තමයි වැඩේ.

    හැබැයි මිනිහා කොමෙන්ට් පබ්ලිෂ් කරන්නේ මිනිහට ඕනි ඒවා විතරයි. එහෙම කරන්නේ තමුන්ගේ වැරැද්දක් තියෙන නිසා නේද?

    ඒ අතින් බලද්දී ප්‍රියන්ත හේවගේ මාතලන් වගේ අය බලන්න. එයාලට කොච්චර බලයක් තියෙනවද බ්ලොග්වල. ලක්ෂ ගානක් මාසෙකට එන මාතලන් සින්ඩියේ හිමිකරු.

    ඒත් කිසිම කොමෙන්ට් එකක් අයින් කරන්නේ නැහැ. මොඩරේට් කරන්නේ නැහැ. කොන්දක් තියෙන මිනිස්සු ඒ වාගෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං එහෙම නම් ඔය ප්‍රියන්ත හේවගේ මාතලන් ට කියහන්කෝ මේ අපි වගේ ඇත්ත නමින් බ්ලොග් එකක් කරන්න කියල. මොකද මාතලන් කියන නමට ඕන කෙනකුට බැන්න හැකි. කිව්වා හැකි. අනික මාතලන් එක්ක යාලු උඹලනේ මේ ඇවිල්ල අනිත් බ්ලොග් වලට මඩ ගහල වහන්න හදන්නේ. උඹලට ඉඩ දෙන්න හොඳ නැහැ ඒක කරන්න. නොදකින් ඇනෝ ඇවිල්ල කී බෝඩ් වීරයෝ කොන්ද ගැන කතා කරනවා. 😀

      Delete
    2. ඉතිං බං උබත් මේ බ්ලොග් එක කරන්නේ කොළබගමයා කියන නමෙන් නේද? අනික් උන්ට කියන්න කලින් උබ වෙනස් වෙයන්කෝ මුලින්

      Delete
    3. ඒ මිස්ටර් කලවැද්දස් - නම ෆොන්සෙකාකරණය කලාට කමක් නැහැනේ. ඇනෝ නේ.දැන් බන්ගෝස් ඕන කෙනෙක් බ්ලොග් අඩවි වල නම තමන් කැමති එකක් දාගන්නවා. ඒක මේ සඟරාවක නමක් වගේ නේ. තමන්ගේ නමින් කරන්න පුළුවන් චන්දිම ගෝමෙස් වගේ කිහිපයක් තියනව තමා. නමුත් බහුතරයක් එහෙම නැහැ. නමුත් තමන්ගේ ප්‍රොෆයිල් එක දාන්න පුළුවන් . නැත්නම් උත්තර දෙන්න පුළුවන් තමන්ගේ නමින්. මම වගේ. එනිසා මට වෙනස් කරන්න ඕනේ නැහැ. හැංගිලා නෙමේ කරන්නේ උඹ වගේ. ඇනෝ කරන තවත් අය ඉන්නවා. ඒ අය උඹල වගේ බ්ලොග් ත්‍රස්තවාදීන් නෙමේ. බොරු මවල බොරු හදල මිනිස්සු භේද කරලා විනාශ කරලා දාන්නේ නැතිව වැදගත් විධිහට කතා කරල යනව. එහෙම නොකරන බොලා වගේ අයට පිළිතුරු දෙන්න විධිහක් නැහැ, උඹල වගේ ට්‍රොල්ලා නිසා හැමෝටම ම කෙල වෙනවා. බ්‍රිතාන්‍යයේත් දැන් නීති වෙනස් කරනවා. අනිත් රටවලත් ඉදිරියට ඒක එනව. එකම හේතුව උඹල. අනික තමා උඹල ලොකු ටෝක් දාන්නෙම ඇනෝ ඇවිල්ල ඇයි ඇනෝ කවරේට හැංගෙන්න පුළුවන්නේ. . ඇනෝ දාන කිහිප දෙනෙක් අපි දන්නවා. මාතළනුත් මට කියල තියෙනවා. මට මේවට ඇත්තටම උත්තර දෙනන් ඕනෙත් නැහැ. ඩිලීට් කරලා දැම්මනම් ඉවරයි. ඒත් හිතේ කොතැනක හරි තියෙනවා මේත් ආතතියක වත් ඉන්න එකෙක්ද දන්නේ නැහැනේ කියන අනුකම්පාව. ඒක නිසා උත්තර දෙන්නේ. තේරුනයි . හැබැයි මට හොඳ අදහසක් ආව. කොළඹගමය භාවිතා කළේම නැහැ. ඒක පටන් ගන්න ඕනේ. අඩියොස්

      Delete
    4. ආවා ආවා මෙන්න ආවා - ඇනෝ ගමයා https://anogamaya.blogspot.com/

      Delete
    5. මේක feed එකේ අප්ඩේට් වෙන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් ටිප් එකක් දෙන්න

      Delete
    6. අජිත්ගේ පිස්සුව හොදටම වැඩිවී ඇතිබව පෙනේ.
      අදුරන කෙනෙක් ඉන්නවා නං මොහුට බෙහෙත් අරං දෙන්න. නැත්තන් මේ යන විදියට සියදිවි නසගන්නත් බැරි නැහැ.,

      Delete
    7. 😀 ආස ඇති නේ? භය වුනාද තවත් කෙළවෙයි කියල. මොකද උඹලා ට ඇනෝ එන්න පුළුවන් නම් තව අයටත් ඇනෝ ආව හැකි. ඒවල ඕන මගුලක් ලිව්ව හැකි. නම් පිටින්ම ලියමු නේද?

      Delete
    8. අභීතයි රේඛයි කියන්නේ කවුද? අඳුනන දෙන්නෙක්ද?

      Delete
  8. Jagath Pathirana7 May 2023 at 14:46

    ඒ වුනාට විලියම් කේට් නම් ආදර්ශමත් ක්‍රිස්තියානි පවුලක් වගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. විලියම් සහ කේට් යුවල සිස්ටම් එකේම කොටසක්. මට නම් මේ කිසි කෙනක් එක්ක අමනාපයක් නැහැ. කේට් ඇත්තටම ලස්සන කාන්තාවක්. උපහාසාත්මක කතාවක් ලිවම ඒක නොතේරෙනවා කියන්නේ ව්‍යාධියක් නම් තමයි. ක්‍රිස්තියානි ආගම එක්ක ප්‍රශ්නයකුත් නැහැ .

      Delete
  9. සුපිරි! මට හිතා ගන්න බැරි මේක ඇත්ත කථාවක්ද නැතිනම් මනඃකල්පිතයක්ද කියලා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ , මටත් සුවර් නෑ

      Delete
    2. බ්‍රිතාන්‍යයේ මෑත ඉතිහාසය ගැන කොපමණ දුරට දන්නවද

      Delete
  10. අජිත් කතාව ලස්සනයි. නමියා කිව්වා වගේ කොටස් කිහිපයකට තව ටිකක් තාර බර එක්ක ලියන්නයි තිබ්බෙ. අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. කොටස් කිහිපයකට ලියන්න තිබ්බ. එපමණ වැදගත් කතාවක් කියල හිතුනේ නැහැ. විහිළුවට නේ ලීවේ. කතාව වටහා ගත්ත නම් එච්චරයි වැදගත්

      Delete
  11. පන්සීය පනස් ජාතකයේ වගේ ඇති
    කතාවකි අජිත් මහතා ලියා ඇති
    රජවරු වුණත් පුහුදුන් බව තවම ඇති
    විත්තිය නං මේ පබැඳුම කියා දෙති

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නිදි , කොපමණ සල්ලි තිබ්බත්, මාළිගා තිබ්බත්, ලස්සන පෙරහැර වල තිබ්බත් , පෘතග්ජන හැමෝටම ප්‍රශ්න තියනවා. ඒවා විසඳ ගන්න විධිහයි වැදගත්.

      Delete
  12. බ්‍රිතාන්‍ය රජ පවුලේ දෙවැනියා විදියට ඉපදීම කරුමයක්. සම්ප්‍රදායට අනුව රජකම යන්නෙ වැඩිමහල්ම සහෝදරයාට හෝ සහෝදරියට. ඉන් පසු ඔහුගේ හෝ ඇයගේ දරුවන්ට. දෙවැනි සහෝදරයාට රජකම එනව නම් එන්නේ පළමුවැන්නාගේ දරුවන් පවා රජ වෙලා ඉවර වුනාට පස්සෙ. හැබැයි ඒක ප්‍රායෝගික ව වෙන්නෙ නැති දෙයක්. මිනිස්සුන්ගේ ආයුකාලය අනුව, ඒ රවුම ගිහිං ඉවර වෙනකල් කවුරුත් ඉන්නෙ නැ. චාර්ලිස් ගෙන් පස්සෙ, විලියම් රජ වෙනවා. ඉන්පස්සෙ විලියම්ගෙ දරුවන් තුන් දෙනා. ඊටත් පස්සෙ තමා හැරි. ඔටුණු රේඛාවේ පස්වැනිය. ඉතිං දෙවැනි සහෝදරය වෙනවට වඩා හොඳයි සාමාන්‍ය (ordinary) මිනිහෙක් වෙලා ඉපදෙන එක.

    මාර්ක්ස්වාදීන් වෙලා හිටිය මිචෙල් ෆූකෝ, නීට්ෂේ ව කියෙව්වට පස්සේ ප්‍රකාශයක් කළා. "මම වයස ගිහිං හිටියෙ නැත්නම් ඇමරිකාවේ පදිංචියට යනවා" කියල. ඔහු අදහස් කළේ මාර්ක්ස්වාදය විසින් තමන් ව බැඳ දමා තිබූ සියලු බැඳුම් ජර්මන් දාර්ශනික ප්‍රීඩ්රිෂ් නීට්ෂේ කියෙව්වට පස්සෙ ලිහිලා ගිහිං තමන් නිදහස් මිනිහෙක් වුනා කියන එක. ඩෙරීඩාත් හිටපු මාර්ක්ස්වාදියෙක්, පස්සෙ නීට්ෂේ සරණ ගිහිං නිදහස් වුනා. ඒ කොහොම වුනත්, යුරෝපයේ අය හිතුවෙ ඇමරිකාව නිදහසේ භූමිය (Land of Liberty) කියල. යුරෝපීයන් තම හණමිටි සාම්ප්‍රදායික බැඳුම්වලින් මිදෙන්න ඇමරිකා ගියා.

    හැරී රජපවුලෙන් මිදිල බ්‍රිතාන්‍ය අත්හැරල ඇමරිකා යන්නෙත් මේ ෆූකෝල ගිය නිදහස් ෆැන්ටසිය නිසා. ඒක ඇත්ත වශයෙන් ඔවුන්ට නිදහස්වීමක්. ඇමරිකාවේ මහලොකු පැරණි ශිෂ්ඨාචාර නැහැ. ඒ නිසා සංස්කෘතික බර අඩුයි. පලායන්නන්ට (fugitives) ගැලපෙනම රට ඇමරිකාව.

    හැරී රජ පවුලෙන් අස්වෙන්න ප්‍රධාන හේතුව ඔහුට රජකම හිමි නොවීම පිළිබඳ අපේක්ෂාභංගය මතින් ඇති වුන ගැටුම්. මේඝන් පිළිබඳ ප්‍රශ්නය මත, දෙදනා විරසක වුන බව ප්‍රසිද්ධ කරුණක්. එහි දී විලියම්, හැරීට බිම වැටෙන්න ගැහුවා කියල හැරීගේ spare කෘතියේ ලියල තිබෙනවා, හැරීගේ අපේක්ෂාභංගය මැද, විලියම් හැසිරෙන්නෙ තමන් දැනටමත් රජවෙලා ව⁣ගෙ වෙන්න පුළුවන්. මොකද චාර්ලිස් වැඩි කාලයක් ඉන්න එකක් නැ.

    මේ නිසා, හැරීට නිකම්ම නිකං කුමාරයෙක් විදියට බකිංහැම් එකේ හිටියට වැඩක් නැහැ. සංස්කෘතික බර විතරයි. ඔහුට ඇමරිකාවට ගිහිං නව අනන්‍යතාවක් හදාගන්න පුළුවන්.
    හැරී දුඹුරු හම තියෙන ඇමරිකානි නිළියක් බිරිඳ කරගන්නෙත් ඒකමයි. ඒ රජ පවුලේ වෙමින්, එහි ම ප්‍රතිපක්ෂය ද වෙමින්. ඩයනත් ඒකයි කළේ. හැබැයි ඩයනා පෞද්ගලික ව පරාද වුනා. හැරී අම්මගෙන් පාඩම් ඉගෙන ගෙන ඇමරිකාවට ගියා.

    ReplyDelete
    Replies
    1. //හැරී රජ පවුලෙන් අස්වෙන්න ප්‍රධාන හේතුව ඔහුට රජකම හිමි නොවීම පිළිබඳ අපේක්ෂාභංගය මතින් ඇති වුන ගැටුම්// මේක පට්ට බොරුවක්. හැරී මුල ඉඳන්ම දන්නවා තමන් අමතරයා කියලා. එයාට එතන අවුලක් තිබ්බේ නැහැ. අවුල තිබ්බේ කැමිලා කරපු දේවල්. විලියම් ව කොහොමත් ඊළඟ රජු හැටියට පුරුදු කරනවා. දැන් විලියම් නිසා බබඳින කෙනා කන්‍යාවියක් වෙන්න ඕනේ නැහැ කියල නීතිය වෙනස් කළා. චාල්ස් නිසා දික්කසාද ගැහැණු බැන්දට කමක් නැහැ කියල නීතිය වෙනස් කලා. ඒත් එංගලන්තේ මිනිස්සු චාල්ස් ට කැමිලට වැඩිය විලියම් ට කැමැති වෙලා හිටියේ. ඕක වෙනස් කරන්න හෙන කැම්පේන් එකක් අර දෙන්න අරන් ගියා. අනිත් අයව විශේෂයෙන් හැරිව සවුත්තු කිරීම ඒකෙ කොටසක් අවුලක් නැහැ. පොරත් හරියට හැසිරුනේ නැහැ පොඩි කාලේ . වැඩිපුරම හේතුව මවගේ හදිසිමිය යාම සහ තාත්තා කැමිලා එක්ක සිටීම. ඌ හැදුනේ නැනී එක්ක. හැබැයි රැජින සහ පිලිප් කුමාරය ඇත්තටම ආදරෙන් හිටිය. ඒ දෙන්න හොඳයි. නමුත් මෙගන් දික්කසාද ගැහැනියක් වීම, එයාගේ suit ෂෝ එකේ සමහර ස්ටීමි සීන් අල්ලල විවේචන ආව. ඒ සමහර ඒවා අසාධාරණයි. පත්තර වලින් තමයි වැඩිපුරම ගැහුවේ. ඒවා පිටිපස්සේ හිටියේ මාලිගාවේ ම එවුන්. හැරී ගේ පුතාට නීතියට අනුව ප්‍රින්ස් ටයිටල් එක ගන්න බැහැ . නමුත් එලිසබත් රැජින නිතිය වෙනස් කළා හැරීගේ ළමයින්ටත් ප්‍රින්ස් සහ ප්‍රින්සස් ටයිටල් ලැබෙන විධිහට . ඕකට විරුද්ධව හෙන වලියක් ගියා. චාල්ස්, කැමිලා, ප්‍රින්ස් මයිකල් ඔෆ් කෙන්ට් (එයාගේ බිරිඳ තමා මෙගන් හම්බ වෙන පාටියට කළු වහලෙක් ගේ රුව ගහගෙන ගියේ) හෙම . රැජින තදින් හිටිය.විලියම් සහ හැරි හරිම තදින් බැඳිලා හිටියේ සහෝදරයෝ වශයෙන්. නමුත් මෙතනදී හැරීගේ ළමයට ප්‍රින්ස් ටයිටල් එක දෙන්නැති එක සඳහා විලියම් නුත් පෙනී හිටිය. ඒකෙන් හැරී සහෝදරය කෙරෙහි බිඳුන. හැබැයි මියගිය රැජින හැරී වෙනුවෙන් තදින් පෙනී හිටිය. ඕව තමයි ඇතුලේ කතා. තව පට්ටකැත දේවල් තියනව ලියන්න . මට වෙලාවක් නැහැ . ඔය අමතරයා කපන ඒවා. ඕව දැන් වැඩක් නැහැනේ . හැරිට සාමාන්‍ය විධිහට සැලකුව නම් ඉවරයි. මම ඇත්තටම කැමතියි ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය ගේනවා නම්. නැත්නම් මේ රජුගේ බලය සම්පුර්ණයෙන්ම නැති කරලා නාමික කරන එක. .

      Delete
    2. The publisher of the Daily Mirror has apologised “unreservedly” to Prince Harry for an instance of unlawful information-gathering, at the start of a trial into alleged phone-hacking.

      In a written submission, it was alleged that Mirror Group Newspapers (MGN) had spent millions on private investigators to keep track of celebrities, and that the company had targeted Harry’s parents, the then Prince and Princess of Wales.
      https://www.independent.co.uk/life-style/royal-family/prince-harry-phone-hacking-mirror-b2336389.html

      Delete
    3. The court was told that the “systemic” use of private investigators by journalists to obtain private information unlawfully was authorised by senior editors, including Piers Morgan, at the group’s titles.

      MGN said in a written submission that it “unreservedly apologises” to the duke for one instance of unlawful information-gathering.

      Delete
  13. මෙය අජිත් ධර්මකීර්තිගේ මනෝ ව්‍යාධි උපකල්පන නවකතාවකි. හැරීසන්ගේ ප්‍රශ්නය හැරී ඉතා විවෘතව කතා කර ඇත.

    අජිත් බලය පිළිබඳ ඔබේ ගිජු බව අනෙකාට ආරෝපණය නොකරන්න.

    අනෙක් අතට අඩුම රනිල් වික්‍රමසිංහ රජ වුනාම අනෙක් වික්‍රමසිංහ සහෝදරයන්ට හරියන්නේ කොහොමද, නිරාජ් වික්‍රමසිංහ අමතකද?

    සාගල රත්නායක යුව රජ වුනේ කොහොමද කියලවත් හිතන්න ඔයාට අමතකද?

    ReplyDelete
    Replies
    1. මොන ගොබ්බයෙක්ද මේ , කොහෙවත් ඉන්න රනිලෙක් ගේනවා හැම මගුලටම 😀

      Delete
  14. https://variety.com/2023/tv/global/king-charles-coronation-harry-enfield-the-windsors-1235543792/

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය නිවේදන වලට මෙහි ඉඩ නැත.

      Delete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රජයේ නිවේදන වලට පෞද්ගලික බ්ලොග් අඩවි වල ඉඩක් දීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

      Delete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. Jagath Pathirana10 May 2023 at 05:57

    https://www.youtube.com/@thalaya_com
    හොඳ ආගමික දේශණ තියෙන තැනක්

    ReplyDelete
    Replies
    1. ඔය යකාගේ අඩවිය කියල බ්ලොගක් කරපු එක්කෙනද? අටමා එයාගේ බ්ලොග් එකේ අප්ලෝඩ් කරනවා

      Delete
  19. මොලේ අමාරුකාරයෙක්ද මේ බ්ලොග් එක කරන්නේ

    ReplyDelete
    Replies
    1. කවුද මේකද http://sardhiyel.blogspot.com/2023/05/blog-post.html

      Delete
  20. මෙම බ්ලොග් අඩවිය සදහා ගැලපෙන නාමය වන්නේ පිස්සු ගමයා යන්නය.

    ReplyDelete
    Replies
    1. පිස්සු ඇනෝ ලට හරියන්න එපැයි 😀

      Delete
  21. DNA පිලිබඳව වැරදි අදහසක් තිබුන පෝස්ට් එකක් දැකල මේ සටහන දාන්න හිතුවා. ප්‍රශ්නයක් ඇහිල තුබුන මොකක් හෝ අහඹු රැන්ඩම් හේතුවක් නිසා, මේ ලෝකේ හෝ වෙන විශ්වයක හෝ තමුන්ගෙ ජාන සැකැස්මට 100% සර්වසම සතෙක් හැදුනොත් ඒ සතා "මම"ම වෙනවද කියල. මේ ප්‍රශ්නයෙ අවුල් කීපයක් තියෙනවා. අපි පොඩ්ඩක් හිතල බලමු.

    එතැන කමෙන්ට් කරපු හැමෝටම identical twins අමතක වෙලා තිබුනා. සංසේචනය වූ යුක්තානුව දෙකට (හෝ කෑලි කීපයකට) කැඩී වෙන වෙනම වර්ධනය වීමෙන් තමයි අයිඩෙන්ටිකල් ට්වින්ල හැදෙන්නෙ. මීට අමතරව ඩිම්බ කීපයක් එකවර වෙන වෙනම සංසේචනය වී හැදෙන fraternal twins (dizygotic twins) අතරෙ එහෙම සමානකමක් නෑ. ඔවුන් හරියට එක පවුලේ සාමාන්‍ය සහෝදර/සහෝදරියන් වගේ පමණයි. ඊට වඩා අමුතු DNA සමාන කමක් නෑ. හැබැයි සර්වසම නිවුන්නු දෙන්නෙක් ගෙ DNA සර්ව සමයි.

    ඉතින් DNA සර්වසම උනාට නිවුන්නු දෙන්නෙක් කියන්නෙ වෙනස්ම පුද්ගලන් දෙන්නෙක් කියල අමුතුවෙන් කියන්න ඔනෑ නෑනෙ නේද?

    DNA වලින් කරන්නෙ ශරීරය සකස්වීම ඔකේස්ට්‍රේට් කරන එක. සත්ව ශරීරය කියන්නෙ සත්වයාගෙ අයිඩෙන්ටිටි එක තීරණය කරන එකම සාධකය නෙමේ. ඒක අමතක කරල ශරීරය ගැන විතරක් බැලුවත්, කොටින්ම මුල් යුක්තාණුව (zygote) තුළ තිබුණ DNA ඉන්ස්ට්‍රක්ෂන් වලින් පමණක් ශරීරයේ සියලුම කොටස් අවසානයේ හැදී පිහිටන ආකාරය තීරණය වෙන්නෙ නෑ. DNA හා ශරීරය සකස් වල බාහිර පරිසරය දෙකම එකතුවෙන් තමයි ශරීර කොටස් පවා අවසානයෙ පිහිටන ආකාරය තීරණ වෙන්නෙ.

    උදාහරණයක් ලෙස අයිඩෙන්ටිකල් ට්වින් කලල දෙකක්, ගුරුත්වය වෙනස ග්‍රහලෝක දෙකක, ඔක්සිජන් සාන්ද්‍රනය, ආලෝක තත්වය, ආදිය වෙනස් තත්ව යටතෙ ගැහැණු දෙන්නෙක් ගර්භාෂ තුල තැන්පත් කරල හැදෙන්න දුන්නොත් ඒ දෙන්නාගෙ ඉන්ද්‍රිය පවා එකම ලෙස සකස් වෙන එකක් නෑ. ඒ වගේම ඔනෑනම් ඔය කලලයට වෙනත් කෙමිකල් (විටමින්ස් C වගේ ඒවා) එක් එක කාල වල ඉන්ජෙක්ට් කරල ඒ වර්ධනය වන අවයව වල ප්‍රමාණය, පිහිටීම ආදිය වෙනස් කරන්න පුලුවන්.

    එකම මවගේ ගර්භාෂය තුල වැඩෙන අයිඩෙන්ටිකල් ට්වින් කලළ දෙකකත් උනත් මොලයේ සැකැස්ම එකම ආකාර වෙන්නෙ නෑ. බොහෝ දුරට සමාන උනාට. අයිඩෙන්ටිකල් ට්වින්ලගෙ ඇඟිලි සලකුනු සමාන නෑ කියල දන්නවද? එහෙම වෙන්නෙ ඒවා හැදෙන්නෙ එක් එක රැන්ඩම් හේතූන් නිසා. DNA වලින් කොටින්ම ශරීර සැකැස්ම පවා 100% තීරණය වෙන්නෙ නෑ.

    මනුස්සයෙක් "මම" ලෙස හඳුනාගන්නෙ තමුන්ගෙ බ්‍රේන් ප්‍රෝග්‍රැමින් එකනෙ. ඉතින් ඒ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙන්නෙ එකම විදිහට නෙමේ. බැරිවෙලා හරි අහම්බෙන් ඇඟිලි සලකුන පවා සමාන අයිඩෙන්ටිකල් ශරීරයක් තිබුන උනත් බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙන්නෙ වෙන වෙන ආකාර වලටනෙ අනිවාර්යයෙන්ම.

    ෆැක්ටරියෙන් එකම හාඩ්වෙයා වලින් හදන අයිඩෙන්ටිකල් ෆෝන් එක් එක් පුද්ගලයා ගාවට ගියාම, ඒ ඒ අය තමුන්ට ඔනෑ කරන දේවල් ඒකෙ ඉන්ස්ටෝල් කරල ඒක "තමුන්ගෙ" ෆෝන් එක කර ගන්නාව වගේ, හාඩ්වෙයා අයිඩෙන්ටිකල් උනාට සත්වයා අයිඩෙන්ටිකල් වෙන්නෙ නෑ.

    මම දැන් මේ පැහැදිලි කිරීම කරල තියෙන්නෙ නූතන විද්‍යාව ඇසුරෙන් කියල පැහැදිලිනෙ. වෙන වෙන දැනුම් පද්ධති වල මේවාට වෙන වෙන පැහැදිලි කිරීම් තියෙන්න පුලුවන්. ඒ වෙනත් දැනුම් පද්ධති, හා නූතන විද්‍යාව එකට දමා කලතා කැඳ හැලියක් කරන්න එපා කියල මුලින්ම ඉල්ලා සිටිනවා. මොකද ආගමික ප්‍රජාව මේකට දාන්න පුලුවන් සමහර කමෙන්ටු මට දැන්ම පේන නිසා.

    PS: යුක්තානුව (zygote) දෙකට කැඩෙනකොට නියුක්ලියස් එකේ තියෙන DNA සර්වසම විදිහට කැඩුනට, න්‍යෂ්ටියෙන් එලියේ තියෙන Mitochondrial DNA රැන්ඩම් ලෙස විසිරෙන්න පුලුවන්. ඒ හින්දා අයිඩෙන්ටිකල් ට්වින්ලගෙ somatic DNA සමාන උනාට Mitochondrial DNA වෙන්ස් වෙන්න පුලුවන්. අපි පහසුව තකා ඒ සංකීර්නකම අමතක කරමු.

    ReplyDelete
  22. Pasan Ganegama13 May 2023 at 11:26

    ඒක අපූරු ලියමනක්. චාර්ලිස් ගොයියාගේ මලයාගේ අර අපචාර කේස් පවා යටගියා නේහ්.. මොනා වුනත් ඔය චාර්ලිස්ලගේ ආරම්භය ගැන සීරිස් එකක් ලිව්වනන් වටිනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසන් මහත්මයා .//චාර්ලිස් ගොයියාගේ මලයාගේ අර අපචාර කේස් පවා යටගියා නේහ්// ඒක ඇත්ත. හොඳ අදහසක් සිරිස් එකක් ලියන එක නං. මෙහම එකක් ලිව්වා //බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා-https://kolambagamaya.blogspot.com/2022/09/blog-post_18.html

      Delete
    2. https://kolambagamaya.blogspot.com/2022/09/blog-post.html

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2023/01/blog-post_9.html

      Delete
  23. කොමෙන්ට් වහගෙන හැන්ගෙන කළු කැත කොට තට්ට පොන්නයා. තෝ පර බල්ලා අනික් උන්ට මඩ ගහලා හැංගිලා ඉන්න සක්කිලියා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වහගෙන හැන්ගෙන කළු කැත කොට තට්ට පොන්නයා. තෝ පර බල්ලා අනික් උන්ට මඩ ගහලා හැංගිලා ඉන්න සක්කිලියා. බොහොම ස්තූතියි.-දැන් අපි මේ ප්‍රතිචාරය විග්‍රහ කලොත්: මේ ප්‍රතිචාරය දකින ඕන කෙනෙකුට තේරෙනවා ඇයි කොමෙන්ට් වහන්නේ කියල. ඒක එක . දෙක - මම කළු කැත කොට , තට්ට පොන්නයෙක් වෙන්න පුළුවන්. අවුලක් නැහැ . කළු වීම මට ප්‍රශ්නයක් නෙමේ. ඔහෙලා වගේ අන්ත ජාතිවාදී උන්ට කළු වීම ප්‍රශ්නයක් වෙන්න ඇති. කළු කියන්නේ මට තවත් එක ලස්සන පාටක්. ලෝකයේ ගොඩක් දේවල් විස්තර කර ගන්න පුළුවන්. බ්ලැක් හෝල්ස් වල ඉඳන්. එනිසා කළු නැතිව අපට පවතින්න බැරි තරම්. කළු නැතිව සුදු පේන්නෙත් නැහැ.තුන - කොට කම කවදාවත් ප්‍රශ්නයක් වුනේ නැහැ, උස එවුන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. කොට කමට හිනා වෙන්නේ දුර්වල මිනිස්සු. ඔහේ වගේ. මගේ බිරිඳ මට වැඩිය උසයි. හිටිය හැම ගැහැණු ළමයෙක්ම වගේ මට වැඩිය උසයි. ප්‍රශ්නයක් වෙලා නැහැ. තට්ට කමනම් කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි. - 4. පොන්නයා - පොන්නයෙක් කියන්නේ කවුද? ට්‍රාන්ස් අයටද සංක්‍රාන්ති ලිංගිකත්වය තියෙන අයට - මිනිසුන්ගේ ලිංගික චර්යාවන් හෝ උපන් විධි මට ප්‍රශ්නයක් නෙමේ. ? එහෙමනම් උඹ මොකෙක්ද? පොන්නයා කියල කිවේ කොන්ද පණ නැති කියන තේරුමෙන් නම්, මෙතැන කොන්ද පන නැති කාටද යන්න හොඳටම තේරෙනවා නේ. මේ ප්‍රතිචාරයේ මුල මගේ නම තියනවා. ඔහේ ඇනෝ රෙද්දෙන් වැහිලා හැංගිලා. නම කියල එලියට ඇවිත් අඳුන්වලා දීලම තර්ජනේ කරන්න. ඔය් කියන ඒවා කියන්න. මම බය වෙන්නම් එතකොට. ලජ්ජා නැත්ද?
      5. මඩ ගහලා තියෙන්නේ කාටද කියන්න? අයින් කරන්නම්. හේතුවක් නැතිව මුකුත් දාල නැහැ. බ්ලොග් ලින්ක් දාලා තියෙන්නෙත් අදාල අයට.
      6. මම කිසි සේත්ම හැංගිලා නැහැ. උඩ මගේ නම . ප්‍රොෆයිල් එකේ පින්තුරේ එක්කම මගේ නම තියනව. රෙද්ද අස්සේ හැංගිලා ඉන්නේ ඔහේ. කොමෙන්ට් පල කිරීම පරක්කු නම් ඒකට හේතුව තමා, මම ඊයේ යාලුවෝ එකක් යුරෝ විෂන් බලල , හොඳට කාලා හොඳ ඩ්‍රින්ක් එකක් දාලා හිටියේ. අද තව යාලුවෝ කට්ටියක් සහ ප්‍රිය බිරිඳ සමග කිලෝමීටර් 12 ඇවිද්ද ලස්සන පළාතක. ඇවිදලා පබ් එකකින් හොඳ රෝස්ට් ඩිනර් එකක් ගත්ත.මම සමාජ ජාලා වලට එන්නේ මට ඕනේ වෙලාවට. එක එකාට ඕන වෙලාවට නෙමෙයි. තමුසේ මේ ලියපුව මට අදාලම නැහැ. ඇඟේ වදින්නේත් නැහැ. තමුසෙට තියන මානසික ව්‍යාධි අනිත් අයට පෙන්වන එක ඇරෙන්න වෙන දෙයක් මෙතන නැහැ. තමුසේ ගැන කණගාටුදායකයි. දුකයි. ගෝත්‍රිකවාදී අනුවන මනුස්සයෙක්. වෙන කියන්න දෙයක් නැහැ.

      Delete
    2. අමතක වුනා. සක්කිලි ගැන ලියන්න- ඒක තව එක ප්‍රජාවක් විතරයි බං. උඹල වගේ කුලවාදය හොයන නරින්ට අන්තිමට සක්කිලින්ගේ බ්ලොග් වලට ඇවිල්ල කොමෙන්ට් දාලා අඬන්න වුනා නේද. පව්. 😀https://praja.lk/matugama/%E0%B7%84%E0%B7%94%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2/

      Delete
    3. What is the meaning of Sakkili?
      'Sakkili' is a class among lower castes in Southern India. They are originally from the South Indian state of Andrapradesh and speak Telugu. These people are not Tamils but the Sinhalese called them Andara Demala meaning Andra Tamils.

      Delete
    4. අජිත්ම ඇනො කොමෙන්ට් දාගෙන ඔහුටම බැනගෙන නැවත ටිකකින් ප්‍රොෆයිල් එකෙන් පැමිණ ඒවාට උත්තර දෙන බව පෙනේ.

      Delete
    5. Jagath Pathirana15 May 2023 at 05:55

      බිරිතානියන් ඉන්දියාව යටත්කරගත්තට පස්සේ එහි වැසියන් භාෂාවල නමින් නම්කලා. තමිල්, තෙලිඟු, කණ්නඩ, බෙංගාලි වගේ භාෂාවල නම්වලින් හඳුන්වන ගෝත්‍ර බිහිවුනේ එහෙමයි.
      ඒ අනුව තමිල් කියන මිනිස්සු වර්ගයේ ඉතිහාසය අවුරුදු 200කට වඩා නෑ.
      මේ හේතුව නිසාම දෙමළ ජාතිකවාදීන්ට කැමති විදියට දෙමළ ඉතිහාස කතා හදන්න පුළුවන්වෙලා තියෙනවා.
      හරියට ගණිකාවකට ඕනෑම පිරිමියෙක් එක්ක රමණය කරන්න පුළුවන් වෙනවා වගේ.
      තව ලස්සන වැඩක් තමයි හින්දි භාෂාව කතාකරන අය හිටියට හින්දි කියලා ගෝත්‍රයක් ඉන්දියාවේ නෑ.
      ඊට ඉස්සර හිටියේ සිංහල, චෝල, පණ්ඩ්‍යයය, පල්ලව, කාලින්ග වගේ ජාතීන්. කුල වශයෙන් වර්ගකල මිනිසුන් පිරිසක්.

      ඒ වගේම, භාෂාව අතහැරලා සංස්කෘතිය අතින් සැලකුවොත් තෙලිඟු සහ දෙමළ කතාකරන හින්දු ආගමේ අය අතර සැලකිය යුතු වෙනසක් නෑ.

      Delete
    6. Jagath Pathirana15 May 2023 at 06:05

      ඔයාතුල තියෙන කොමියුනිස්ට් හැදියාව නිසා ඔයා දෙමළ ජාතිකවාදයට ඇදිලා යනබව පේනවා. ඔබ තමිල් කියන්නේ මොකක්ද? 1800ට කලින් තමිල් කියලා මිනිසුන් වර්ගයක් හිටියේ නැතිබව දන්නෙ නැද්ද?
      හින්දි හැර අනෙක් ඉන්දියානුවන්ව භාෂාවල නම්වලින් නම්කර භාෂාවල නම්වලින් හඳන්වන ගෝත්‍ර හැදුවේ බ්‍රිතාන්‍යයන් විසින්.
      ඒ නිසා අදත් ඉන්දියාවේ හින්දි භාෂාව මිස හින්දි කියා ගෝත්‍රයක් නෑ.
      ඒ වගේම ඊලාම්වාදියෝ තමන් දෙමළ මව්බස වුන පොදු සමාජයේ කොටසක් කියලා පිලිගන්න කැමතිත් නෑ.

      Delete
    7. Anonymous15 May 2023 at 02:36 -ලැජ්ජා හිතුනද? එතකොට මේ කොමෙන්ට් එකත් මමද දැම්මේ? අඩුම ගානේ තමන් දාන ඇනෝ කොමෙන්ට් එක පිලි ගන්නවත් ආත්ම ශක්තියක් නැති උඹල තමා අනුන්ට පොන්නයා කියන්නේ නේද? ලැජ්ජයි

      Delete
    8. @ජගත් -The earliest Tamil writing is attested in inscriptions and potsherds from the 5th century bce. Three periods have been distinguished through analyses of grammatical and lexical changes: Old Tamil (from about 450 bce to 700 ce), Middle Tamil (700–1600), and Modern Tamil (from 1600).

      Delete
    9. The Ancient Tamil country was called Tamilagam. Poompuhar, Madurai, and Kanchi were important cities in Tamilagam.

      Delete
    10. අජිත්ට Multiple identity disorder ඇති බව පෙනේ

      Delete
    11. BTW- Anonymous13 May 2023 at 17:35 මේ කොමෙන්ට් එක VPN වත් නැතිව ලංකාවේ කඳාන ප්‍රදේශයෙන් දාල තියෙන්නේ android මොබයිල් එකකින්. Kandana, Sri Lanka, Sri Lanka Telecom 112.134.132.5 . එතකොට 15 May 2023 at 02:36 Kadawatha, Sri Lanka, Sri Lanka Telecom 112.134.137.206 android ෆෝන් එකකින්. ඔයාල දෙන්නම් එක්ක්කෙනෙක් වගේ මට පේන්නේ 😀

      Delete
    12. තව විස්තර ඕනේ නම් අන්තිම කොමෙන්ට් එකේ.
      ISP: Sri Lanka Telecom Platform / Resolution: Mobile / 360x800
      IP Address: 112.134.137.206 — OS / Mobile Device: Android / Oppo A9
      Location: Sri Lanka Kadawatha, Sri Lanka Browser: Chrome for Android ඇවිත් තියෙන්නේ maathalangesindiya.blogspot.com හරහා

      Delete
    13. Anonymous15 May 2023 at 08:11 - ඇත්තද , එතකොට මේ මමම දාගන්න ඒවාද? ඔච්චරටම ලජ්ජා හිතුනද? මේ දැන් මාතලන් ගේ සින්ඩිය හරහා ඇවිත් තියෙන්නේ. Sri Lanka, Lanka Bell Limited 113.59.211.212 Session #353
      Win10, Chrome 113.0, 1280x720

      maathalangesindiya.blogspot.com/

      Delete
    14. Jagath Pathirana15 May 2023 at 09:36

      Tamilagam කියන රාජ්‍යයක් තිබුනාය කියන කතාව ඉන්දියාවේ දෙමළ ජාතිකවාදීන් හදපු කතාවක්.
      තිබුනත් ඒක චෝල,පාණ්ඩ්‍ය ආක්‍රමණ නිසා ඒකාලෙම විනාශවෙන්න ඇති.
      දෙමළ භාෂාවට ඉතිහාසයක් තියෙන්න ඇති. ඒත් ඒ භාෂාවෙ නමින් හඳුන්වන/ තමන්ම හඳුන්වාගන්න ගෝත්‍රයක් වගේ එකක් බිහිවෙලා ලොකු කාලයක් නෑ.

      සිංහල කියන්නෙ වෙනම තත්වයක් සිංහලය තමයි ශ්‍රී ලංකාවට ඉස්සර කියපු නම භාෂාවට සහ මිනිස්සුන්ට ඒ නම ලැබුනෙ රටේ නමින්. සිංහල කතාකල අය මාලදිවයිනට ගියාම මිනිස්සුන්ට තබා ඒ භාෂාවටවත් සිංහල කිව්වෙ නෑ.

      ඒ වගේම භාෂාවල නම්වලින් ගෝත්‍ර හඳන්වන ක්‍රමයක් තිබ්බනම් සිංහල කියලා මිනිහෙක් හැදෙන්න විදියක් නෑ. එහෙනම් මේ රටේ ඉන්න ඕනෑ මලයාලියෝ සහ දෙමළු

      Delete
    15. ද්විධ්‍රැව අක්‍රමිකතා ආබාධය

      https://www.lankadeepa.lk/covid19_good_habits/%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E2%80%98%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E2%80%98/234-625714

      Delete
    16. මේ ඉහත අජිත් ධර්ම විසින් IP ඇඩ්රස් සමඟ හෙළිදරව් කර ඇති කමෙන්ට්කරුවන් ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. එම කමෙන්ට් කරුවන් මරා දැමුවහොත් අජිත් ධර්ම වගකිවයුතුයි. අජිත් ධර්මා නිර්ලජ්ජිත කමට පුලුවන්නම් අදහස් දක්වන එවුන්ව රනිල් හාමුට කියලා මරලා දාපන් මිනීමරු නින්දිතය.

      මෙහි අජිත් ධර්ම සටහන් දක්වා ඇති සියලුම කමෙන්ට් සේව් කර තබාගන්න.

      මේ වනවිටත් ජනාධිපති ආරක්ෂක අංශය මොවුන් පසුපස හඹා එනවා විය හැකියි.
      ජීවිතයට හානියක් වුනොත් අජිත් ධර්මා වගකිව යුතුයි.

      Delete
    17. දැන් එතකොට මේ ඇනෝ කොමෙන්ට් මමම දානවා කියල නේද කිව්වේ? ආණ්ඩුවේ එවුන් ආණ්ඩුවටම බයද? කොන්ෆියුස් උන්ගා බුන්ගා බං 😀 ඇත්තටම උඹල පිස්සෝ රැලක් 😀

      Delete
    18. ඉහත දක්වා ඇති අදහස් මගින් ගරු අජිත් ධර්මාකීර්ති මැතිතුමාට සිත්තැවුලක් ඇති වුයේ නම් ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල කණගාටුව මෙසේ පළකර සිටිමු. කොන්දේසි විරහිතව සමාව අයැද සිටින්නෙමු.

      ස්තුතියි.

      (ප.ලි ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ දැනගැනීම පිණිසයි.)

      Delete
    19. # Anonymous16 May 2023 at 11:03

      PMD, PSD ෂොට් එක දෙන්න ඇවිත් වගේ.

      Delete
    20. අපගේ නිවෙස් වලට ආරක්ෂක අංශ එවමින් අපට හිරිහැර කරන්න එපා අජිත් ධර්ම මහත්මයා.

      ඕනෑම ආකාරයකින් ඔබගෙන් සමාව අයැදීමට අප සුදානම්

      මින් පසු මෙම බ්ලොග් අඩවියෙ ඔබ‍ට සිත් රිදුවීමක් ඇතිවන කිසිදු කොමෙන්ට් ටුවක් පල නොකිරීමටද පොරොන්දු වන්නම්.
      අපව මරන්නට එපා

      Delete
    21. 😀 මේ මම මට දාගන්න කොමෙන්ට් වෙන්න ඇති 😅 😂

      Delete
  24. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.

    අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..

    ReplyDelete
    Replies
    1. ලස්සන ලියවිල්ලක්

      Delete
  25. මොකෝ අජිත් මේ? මෙතන හෙන වලිනෙ ! 🤣🤣🤣 උසී උසී...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .